එහෙනං පොරොන්දුවක් ඉෂ්ට සිද්ධ
කරන්නයි ලැහැස්ති වෙන්නේ. |
හිනා වෙන එක සැහැල්ලු වෙන්න හොඳම ක්‍රමයක්ලු.
සිනාව හිත වගේම ලේත් පිරිසුදු කරනවය කියන්නේ.
හැබැයි, ‘සිනාසී තර වෙනු’ කියන කතාව නං අදට වලංගු නැහැ වගේ. දැන් කාලේ මහත-දෙහෙත
අයව රූමත් අය විදිහට නෙවෙයිනේ දකින්නේ. මං වගේ මිට්ටන්ට වුණත් No place! අඩි 5 1/2
කටවත් වැඩිය උස වෙන්න ඕනි, slim වෙන්නෝනි... සුදු වෙන්න ඕනි.
පිස්සුද මන්දා, මට නම් හිතෙන්නේ ‘ලස්සන තියෙන්නේ බලන කෙනාගේ ඇස් දෙකේ’ කියලමයි.
ඉස්සර නං ‘ඇඟ මහත් වෙන්න මොටද බෙහෙත් බොන්නේ
- කෝ හිනා වෙන්න හිනා වෙන්න එතකොට තර වෙයිනේ’ කියලා බොහොම විනෝදබර- නැටවෙන අපූරු
සිංදුවකුත් තිබ්බා.
මක් කිව්වා? අහල නෑ.... ඔන්න එහෙනං මේං මේ වචන උඩින් click කරලා සිංදුව අහලා ඉන්නකෝ, කැමති නං.
ංආ නෝනා මහත්තුරුනේ, එහෙනං පොරොන්දුවක් ඉෂ්ට
සිද්ධ කරන්නයි ලැහැස්ති වෙන්නේ. ඉස්සෙල්ලා මේ කතාව කියවලා ඉඳිමුකො, විස්තරේ
කියන්න.
1. තාත්තාට අපලයි!
සල්ලි හම්බ කරන්නම නැහි-නැහී
හිටපු සේතං මුදලාලි කසාද බැන්දේ ඉහ-නිකට පැහෙන්න ගත්තම. ඒත් මුදලාලිගේ වාසනාවට
හම්බ වුණේ සිරිදේවි වගේ ළමිස්සියෙක්. ඒ ළමිස්සී මුදලාලිව බැන්දේ මුදලාලිගේ වස්තු
කන්දරාවට තණ්හාවෙන්ය කියලා රට්ටු කිව්වට මුදලාලි ඒවා කනකටවත් ගත්තේ නෑ.
ඔහොම යද්දී ඔන්න මුදලාලිගේ
නෝනාට පුතෙක් උපන්නා, කුළුඳුලේම. මුදලාලිගේ ඉහේ මලක් පිපුණු ගාණයි!
කීය ගියත්
ඒ මනුස්සයා ලවාම බේබිගෙ උපන් වෙලාව බලවගමු! |
මුදලාලිත් කැමති වුණා. දෙන්නා
ගමනටයි ලැහැස්තිය. එතකොටම මුදලාලි නෝනා දිග බඩු ලැයිස්තුවකුත් අරගෙන දුවන් ආවා.
“ඔයාලා වැඩිය පරක්කු වෙන්නෙ
නෑනෙ.... මේවත් අරං එන්න එන ගමන්...”
‘හොඳයි!’ කියලා ආවට මොකද,
හඳහන් බලන තැන දිග පෝලිමක්.
“පේනව නේද මුදලාලි. ගොඩ දුර
ඉඳලා මේ සමහරු එන්නෙ... මනුස්සයගෙ වැඩ කිරි ගහට ඇන්නා වගෙ නිසා!” ඩ්‍රයිවර්
සිරිපාල මුදලාලිට කිව්වා.
“ඒ වුණාට සිරිපාල, මේ පෝලිමේ
ඉඳලා එනකොට නෝන මහත්තයට ගේන්න කියපු බඩු ගෙනියන්න පරක්කු වෙයිනෙ.” මුදලාලි
විස්සෝපයෙන් කිව්වා.
“මුදලාලි මහත්තයා නැවතිලා වැඩේ
කර ගන්න. මං ඔය බඩු ටික ගෙනිහින් දීලා ආපහු එන්නං....” සිරිපාලගේ යෝජනාවට සේතං
මුදලාලිත් කැමති වුණා. සිරිපාල ගියා.
පෝලිමේ ඉඳලා සේතං මුදලාලිගේ
වාරෙත් ආවයි කියමුකෝ. හඳහන් බලන කෙනා ඇඳලා, ලියලා, ගැණල- ගැණලා කියාපු දෙයින් සේතං
මුදලාලිගේ හිත චාං-චඃ වෙලා ගියා.
“මේ උපන් වෙලාවේ හැටියට පියාට
අපලයි.. හොඳටෝම අපලයි!”
“ඈ ගුරුන්නාන්සේ, තව පොඩ්ඩක්
බලනවද තරහ නැතිව...” සේතං මුදලාලි මුහුණ නරක් කර ගෙන යෝජනා කළා.
මේ මොහොත
වෙනකොට මේ ළමයාගේ පියා ජීවතුන් අතර ඉන්නවා නං, මම මගේ කන
කපලා බල්ලට දානවා. |
මුදලාලිට ඊටත් එහා කේන්තියි. කේන්තිය පිටම මුදලාලි සිරිපාල ආපහු එනතුරුවත් නොඉඳ
ටැක්සියකින් ගෙදර ගියා.
ඒ යනකොටයි දැක්කේ, මුදලාලිගෙ ගේ
දොරකඩදීම කාර් එක හැප්පිලා. ඩ්‍රයිවර්
සිරිපාල එතැනම මැරිලා.
2. දුර හා ළඟ
ගැහැනුන් එතරම් ‘දුරට’ විශ්වාස
කළ නොහැකි යැයි පිරිමි කියති.
පිරිමින් එතරම් ‘ළඟට’ විශ්වාස
කළ නොහැකි යැයි ගැහැනු කියති.
මීට කලිනුත් ‘නිදිගෙ පංච තන්තරේ’ පෙරළන ඇත්තෝ
නං දන්නවා ‘රතු පාටින් තියෙන කොටස් ටික’ -හිනා තවත් හිනා- පොතෙන් උපුටා ගත්තු ඒවා
බව. ඒ දැනුම් දීම අලුතින් මෙහාට එන පාඨක භවතුන් වෙනුවෙනුයි!
3. රිදී ජුබිලි තෑග්ග
ඒ ඔවුන්ගේ විවාහයේ රිදී
ජුබිලියයි.
“අදට අපි බැඳලා අවුරුදු
විසිපහයි. ඔයාට මොනවද ඕනේ?” සැමියා බිරිඳට කිව්වේය.
“ආනේ.... ඔයාට ඒක හොඳට මතකයි
නේද? ම්... ම්....” හොඳින් කල්පනා කළ බිරිඳ මෙසේ කීවාය. “... ඔයා අද මාව කොහාට හරි
එක්කං යන්න!”
“හරි. ඔයාව කොහාටද එක්ක යන්න
ඕනේ?”
“ම්... ම්...මං මෙච්චර කාලෙකට
නොගිය දිහාවකට...” බිරිඳ කීවේ තොඳොල් වෙමිනි.
“එහෙනං ඩාලිං, යමු අපේ
කුස්සියට!”
පිස්සුද
යකෝ! අපේ තාත්තා සිරිපාල. සීයගෙ නම නං මාටින් තමයි. උන්දෑ ගැරේජ් එකක්... |
අටවන මාටින් පරම්පරාව
“ඒයි! උඹලගෙ සීයාගේ නම මොකක්ද බං?”
“අපේ සීයට තමයි අටවන මාටින් කියන්නේ!”
“අම්මට සිරි, උඹල රාජකීය පරම්පරාවක්නෙ අඩෝ!
අපිට කිව්වෙවත් නෑ. එතකොට උඹේ තාත්තා නවවන මාටින්... නේහ්”
“පිස්සුද යකෝ! අපේ තාත්තා සිරිපාල. සීයගෙ නම
නං මාටින් තමයි. උන්දෑ ගැරේජ් එකක් කරන්නේ. හදන්න එන වාහන සේරම අටවලා යවන හින්දයි
‘අටවන මාටින්’ කියන්නේ!”
යාන්ස්; හිනා කතන්දර ලියනකොට තියෙන හොඳේ
තමයි, තමන් දන්නා එහෙම කතන්දර ලියල එවන්නට කියවන රසික ජනතාවටත් හිතෙන එක.
‘හිනා වෙන්න හිනා’ posts මාලාවේ comments අතරේ එහෙම ලියලා එවපු
කතන්දර කොච්චරයිද? මේ පෝස්ටුවලටත් එහෙම ‘පෙරාපු රත්තරං’ වගේ ‘යාන්ස්’ ලියා එවනවා
නේද?
පෙරන කියද්දී මතක් වුණේ, මේ ලැයිස්තු කතාව:
අට ආකාර පෙරන්නෝ
1. තුන් වරක් පෙරන්නා: තෙවරප්පෙරුම
2. අල දමා පෙරන්නා: අලහප්පෙරුම
3. ආඩම්බරයෙන් පෙරන්නා: මාන්නප්පෙරුම
4. මෝඩ විදිහට පෙරන්නා: පොන්නප්පෙරුම
සුමනසිරි පිටිසරබද ගොවිපොළකට
ගොඩ වැදුණේය. |
6. ඩියුටිය විදිහට පෙරන්නා: කාරියප්පෙරුම
7. ඉල ඇදෙන්න පෙරන්නා: ඉලේපෙරුම
8. අව්වේ පෙරන්නා: සූරියප්පෙරුම
ම් ම් ම්..... අද කියාපු දේ හෙට වෙනකොට මතක
නැති කරලා, කටේ නරි වාදම් දොඩමින් රෙද්ද පල්ලෙන් 'පෙරා ගන්න' වාචාලයන්ට කියන නමකුත්
තියෙනවද කියලයි මං මේ කල්පනා කළේ, මෙතැනටම එකතු කරන්න.... එහෙම අය හිටියට එයාලට වෙනම නමක් නෑ නේද?
ඔන්න ආයෙමත් පොතට.
4. පුදුමයි නේන්නං!
ඉහළම පෙළේ කෘෂිකර්ම උපාධියක්
ලැබූ සුමනසිරිට කෘෂිකර්ම අමාත්‍යංශයේ උපදේශක තනතුරක් ලැබිණි. ඇමැතිතුමා සමඟ ක්ෂේත්‍ර
චාරිකාවක නිරත වෙමින් සිටියදී සුමනසිරි පිටිසරබද ගොවිපොළකට ගොඩ වැදුණේය. එහි
සිටියේ මහලු ගොවියෙකි.
“අයියෝ, සීයගෙ ගොවිපොළේ ඔක්කොම
තියෙන්නේ හණමිටි කාලේ වැඩනෙ. එහෙම බෑ. එහෙම බෑ. නූතන ක්‍රම අනුගමනය කරන්න ඕනෑ.
දැන්... මේ ගහෙන් සීයට පුළුවන්ද අලිපේර ගෙඩි දහයක්වත් ගන්න?”
“බැහැනෙ මහත්තයෝ!”
“ඕකනෙ මම කිව්වේ.... හොඳ
රසායනික පෝරක් දැම්මොත් නම් මේ ගහෙන් අලිපේර ගෙඩි සිය ගාණක් කඩා ගන්න පුළුවන්
වෙයි!” සුමනසිරි ආඩම්බරයෙන් කීවේය. “එතකොට සීයටම පුදුම හිතෙයි!”
කට
ඇරියොත් මෙතැනම බාවනවා! |
5. මොනවා කළත් ඉවසගෙන ඉන්න
‘අති භයානක මිනීමරුවෙකු හා
මංකොල්ලකාරයෙකු වෙන චණ්ඩි සුදා අද සන්ධ්‍යාවේ සිර ගෙදරින් පැනගිය බව වාර්තා වෙයි.’
ප්‍රවෘත්ති නිවේදිකාව ඒ කොටස
කියද්දීමයි ජනේලේ ඇරුණේ. කිත්සිරියි දමයන්තියි ජනේලය දිහාවට හැරුණේ රූපවාහිනී ප්‍රවෘත්ති
බැලිල්ල පැත්තක තියලා. ජනේලේ ඇරිලා, ජනෙල් රාමුව මැද්දෙන් පෙනුණේ චණ්ඩි සුදාගෙ
මරුමුස් මූණ.
“කට ඇරියොත් මෙතැනම බාවනවා!”
පිස්තෝලයක් මානාගෙන චණ්ඩි සුදා
ජනේලයෙන් ගෙට පැන්නා. කිත්සිරිගෙයි දමයන්තිගෙයි උගුර-කට වේළිලා. කෑ ගහන්න ඕනෑ
වුණත් සද්දෙ පිට වෙන්නෙ නෑ!
තවමත් හිර ගෙදරට ඇඳගෙන හිටිය
ජම්පරය පිටින්ම ඉන්න චණ්ඩි සුදා වටපිට බැලුවා. “ගෙදර තව කවුද ඉන්නේ?”
“කවුරු..ව..ත්... නෑ..”
කිත්සිරි හෙමීට කිව්වා.
“බොහොම හොඳයි!”
ඊට පස්සේ චණ්ඩි සුදා අතට
අහුවෙච්ච සාරියක්, බෙඩ් ෂීට් එකක් වගේ දේවල්වල උදව්වෙන් කිත්සිරිව පුටුවකට තියලා
බැන්දා... දමයන්තිටත් ඒකම කළා.
“මට යකෙක් කන්න බඩගිනියි!”
“අපේ කුස්සියේ කෑම තියෙනවා!”
දමයන්ති කිව්වා.
අපි
දෙන්නා වෙනුවෙන් ඔයා ඒ ඕනෑම දෙයක් ඉවසාගෙන ඉන්න... හොඳේ! |
“මං හොඳට හොඳයි.. තේරුණාද. මීක් කියලා හරි සද්දයක් ඇහුණොත් උඹල දෙන්නටම ඩිෂුම්!
ඩිෂුම්!!” චණ්ඩි සුදා වෙඩි තියන හැටිත් රඟපාලා පෙන්නුවා.
ජෝඩුවම ඔළු වනලා තේරුණු බව පෙන්නුවා.
කුස්සියට ගිය චණ්ඩි සුදා කෑම
පිඟානත් අරන් ඇවිත් කිත්සිරිලාව පේන මානෙන් වාඩි වෙලා කෑවා.
ඊට පස්සේ දමයන්ති ළඟට ගිහින් එයාගේ මූණටම මූණ ළං කළා. කිත්සිරිට පෙනුණේ යාන්තමට දමයන්තිව ඉම්බා වගෙයි. ඊළඟට චණ්ඩි සුදා
ආපහු ගේ ඇතුළට ගියා.
“කොහෙද අර යකා ගියේ?” කිත්සිරි
හෙමිහිට ඇහුවා.
“නාන කාමරේට...” දමයන්ති කෙඳිරුවා.
“දම්මි, ඔයා මොකුත් හිතන්න
එපා.
ඌ මහ මිනීමරුවෙක්නේ. අවුරුදු ගාණක් හිරේම ඉඳලා දැන් ඔයාව දැක්කම ඒකට මදන විසේ ගහලා
වගේ. මං දැක්කා..., ඌ ඔයාගේ මූණත් ඉම්බනෙ.
ඌ දැන් නාන කාමරේට ගිහින් ඇවිත් ෂුවර් එකටම ඔයාව දූෂණය කරයි.
අනේ ඩාලිං... අපි දෙන්නා වෙනුවෙන් ඔයා ඒ ඕනෑම දෙයක් ඉවසාගෙන ඉන්න ... හොඳේ!” කිත්සිරි
බොහොම යාප්පුවෙන් වගේ කිව්වා.
“ඌ මාව ඉම්බ එකක් නෑ.” දමයන්ති
කිව්වා.
“හිරේදිවත් ඔයා වගේ සුදු
කොල්ලෙක්ව හම්බ වුණේ නෑ කියලා, ඌ ඇහුවා වැස්ලින් කුප්පිය කොහෙද තියෙන්නේ කියල. ඒක
ගේන්නයි ඌ නාන කාමරේට ගියේ....
ඔන්න, අපි දෙන්නම වෙනුවෙන් ඔයාට තමයි ඌ මොනව කළත් ඉවසගෙන ඉන්න වෙන්නේ.”
සසර
කතරින් එතෙර වෙන්න පුළුවන් නං මේ සයුරෙන් එතෙර වෙන එක.... |
“එක්දාස් නවසිය හැත්තෑවේ
ඉපදිච්ච කෙනෙකුට දැන් වයස කීයද?”
“උපන්නෙ පිරිමියෙක් නං හතළිස්
දෙකයි. ගෑනියෙක් නං තිහක් විතර... නිළියෙක්
නං විස්සසට කිට්ටුයි!”
7. විකිණෙන තරම
අලුතෙන් කවි පොතක් මුද්‍රණය
කරවූ කවියාට ඔහුගේ මිතුරෙකු මුණ ගැසිණි.
“දාපං මචං අත! මෙන්න මගේ සුබ
පැතුම්. මං දැක්කා හැම පත්තරේකම වගේ දාලා තිබුණා, උඹ කවි පොතක් ගැහුවා කියලා.
ඉතිං.... ඉතිං. දැන් කොච්චර විකිණිලාද මචං?” මිතුරා ඇසුවේය.
“තවම නං විකිණුණේ කරේ තිබිච්ච
චේන් එකයි, අත් ඔරලෝසුවයි විතරයි... ළඟදීම අතේ තියෙන මුද්දත් විකිණෙයි!”කවියා
කීවේය.
8. තමන්ගෙ රැහේ එකා
ත්‍රාසජනක විනෝද චාරිකාවකට
එක්වූ ඔව්හු මෝටර් බෝට්ටුවක නැඟී දියඹට ගියහ. අවාසනාවක තරම!
හදිසියේම බෝට්ටුවේ එන්ජිම ක්‍රියා විරහිත විය.
“දැන් මොකද කරන්නෙ?” වෛද්‍යවරයෙකු
වූ පළමුවැන්නා අනෙක් දෙදෙනාගෙන් විමසුවේය.
“අපි හබල් ගගහ යමු. සසර කතරින්
එතෙර වෙන්න පුළුවන් නං මේ සයුරෙන් එතෙර වෙන එක මහ වැඩක්යැ.” පූජකවරයෙකු වූ
දෙවැන්නා ප්‍රශ්නය විසඳුවේය.
“හරි! එක්කෙනා විනාඩි දහය ගණනේ
හබල් ගාමු. මාරුවෙන් මාරුවට.” තුන්වෙනියා වූ නීතීඥයා එසේ කියා හබල අතට ගත්තේය.
තිදෙනා මාරුවෙන් මාරුවට හබල්
ගසමින් යද්දී වෛද්‍යවරයා අතින් හබල ගිළිහී එය මුහුදට වැටිණි.
‘හරි ජංජාලේ!’ හබල ඈතට පාවී යද්දී වෛද්‍යවරයා කබාය උනා තබා, මුහුදට පැනීමට සැරසුණේ
හබල අල්ලා ගැනීමටය.
එවිටම මුහුදෙන් මතු වූයේ මිනී කන මෝරුන් රංචුවකි.
“මුන්ගෙන් මට විතරක් නෙවෙයි,
ඔය ගොල්ලන්ටත් තුවාල වෙන්න පුළුවන්! පේනවනෙ.. එහෙම වෙලාවක දොස්තර කෙනෙකුගේ සේවය
අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසයි මම මුහුදට නොපනින්නේ....” නිදහසට කරුණු කියූ වෛද්‍යවරයා
බෝට්ටුවේ මැදින් වාඩි වුණේය.
“අපොයි ඔව්! සමහර විට
මාරාන්තික තුවාල වෙන්න වුණත් ඉඩ තියෙනවා.....අවාසනාවකට හරි එහෙම දෙයක් වුණොත්
ඉතිං, අන්තිම මොහොතේ හිත සැනසෙන වචනයක් කියන්න- පව් සමා කරවන්න මගේ උදව්වත් ඕනෑ
වෙනවනේ... ඉතිං, මාත් මුහුදට පැනල කොහොමද?” පූජකවරයාත් ආචාරශීලීව කීවේය.
එහෙම
කියන්නේ ‘ළිං මැඩි’ මගේ
නිරීක්ෂණය අනුවය. |
“පේනවනෙ! සත්තු සාමාන්‍යයෙන්
තමන්ගෙම රැහේ එකෙකුට කරදරයක් කරන්නේ නෑ කියලා.” නීතීඥයා මිතුරන් දෙදෙනාට කීවේය.
ඒ තියරිය වලංගු නොවෙන සත්ත්ව කොට්ඨාශයක්ද
ඉන්නවා වගෙය. ලෝකයේ උපහාස කතන්දර වැඩියෙන්ම නිර්මාණයවී තියෙන්නේ ඒ සතුන් පදනම් කර
ගනිමිනි. එහෙම කියන්නේ ‘ළිං මැඩි’ මගේ නිරීක්ෂණය අනුවය. එය වැරදි වීමටද ඉඩ තිබේ.
හැබැයි, මේ කතාවත් ඒ සත්ත්ව කොටස පාදක කර
ගත්, කලින්-කලට මතුව එන නිර්මාණයකි.
හොඳ වැඩේ!
සඳුදා දවසක පාන්දරින්, සැලූන් එක අරිනකොටම
කොණ්ඩේ කපා ගන්න ආවා මනුස්සයෙක්. බාබර් එයාගේ කොණ්ඩය කපන අතරේ කියවුණා, ඒ මනුස්සයා
මස් කඩයක වැඩ කරන කෙනෙකු බව. කොණ්ඩේ කපලා ඉවර වෙලා, බාබර් එයාගෙන් සල්ලි ගත්තෙ නෑ.
“ඔයාත් කොච්චර සේවයක්ද මේ ටවුමේ අයට කරන්නේ. මට සල්ලි එපා.... මේක ඔබේ සේවය අගය
කිරීමක්!”
ඊළඟ දවසේ සැලූන් එක විවෘත කරන්නත් කලින් අර
මනුස්සයා දොර ළඟට වෙලා බලා හිටියා. නිකම්ම නෙවෙයි, අපූරු මස් ගාතයකුත් අරගෙන.
මෙන්න
බොලේ, ඊට පහුවදා උදේ අර මනුස්සයා සැලූන් එකට එනවා කේක්, පාන්, බනිස්
තොගයක්.... |
සුමාන දෙක තුනකට පස්සේ සඳුදා පාන්දරක කොණ්ඩේ
කපා ගන්න ආවා තව එක්කෙනෙක්.
“සුබ උදෑසනක්! මම තීරණය කරලයි තියෙන්නේ ඉඳහිට සඳුදා දවසක උදෙන්ම එන කස්ටමර්ට ෆ්‍රී
හෙයාර් cut එකක් දෙන්න, සමාජයට මගෙන් දෙන සේවයක් හැටියට... අද ඔබ තමා ඒ
වාසනාවන්තයා.”
බාබර් එහෙම කියලා අර මනුස්සයාගෙනුත් සල්ලි නොගෙන, කොණ්ඩේ කැපුවා!
මෙන්න බොලේ, ඊට පහුවදා උදේ අර මනුස්සයා
සැලූන් එකට එනවා කේක්, පාන්, බනිස් මල්ලක පුරවාගෙන. “මෙන්න මචං මගෙන්. මං බක්කරේ
කෙනෙක්. ඔයා වගේ හොඳ වැඩ කරන අයව තව-තවත් උනන්දු කරවන්න ඕනි! ඒකටයි මේ! මාත් ඔයාව
ආදර්ශෙට ගන්නවා.”
තුන්වෙනි වතාවෙත් බාබර් උන්නැහේ තමන්ගේ ‘සමාජ
සත්කාරය’ කළා, සඳුදා උදේක.
ඒ අඟහරුවාදා පාන්දර බාබර් උන්නැහේ සැලූන් එක
අරින්න එනකොට, එතැන සෙනඟ පොදි කනවා. ඒ මැද්දේ ඉන්නවා, කලින් දවසේ ‘ෆ්‍රී සර්විස්’
එක ලබපු කෙනාත්. බාබර්ව දැකපු ගමන් මනුස්සයා හිනා වෙලා ඉස්සරහට ආවා.
ජය වේවා!
ජය වේවා!! අපේ.... |
ඉතිං, ඔයාලට කෙරුණු මගේ සත්කාරයත්, අදට ඇති වගේ....
හැබැයි, අද නං මම නවතින්නේ බ්ලොගය කියවන හිතාදර ඔයාලට ප්‍රශ්නයකුත් ඉතිරි කරලා. තිත් තියෙන තැනට යොදන්නට සුදුසුම ‘තුමා’ කවුද?
https://www.nytimes.com/1977/10/23/archives/when-fat-was-in-fashion-abundant-flesh-was-a-thing-of-beauty-to.html
ReplyDeletehttps://www.inuth.com/lifestyle/beauty/this-african-country-thinks-fat-is-beautiful-and-the-reason-will-freak-you-out/
මාත් අහල තියනවා ඔය කතාව . ඇමරිකාවේ කළු ජාතිකයන් ගෙන් වැඩි හරියක් මහතා මොකද
Deleteස්තුතියි Pra Jay මහත්තයො links වලට.
Deleteකාලෙන් කාලෙට, දේශෙන් දේශයට රුචි අරුචිකම් වෙනස් වෙන හැටි!
අජිත් මහත්තයට උත්තර දෙන්න ඕනි ඒ ගැන ප්‍රාමාණික දැනුමැතියෙක්...
https://www.thenational.scot/news/18822766.petition-end-public-subsidising-mps-food-nears-million-signatures/
ReplyDeletehttps://www.independent.co.uk/life-style/fashion/features/because-he-s-worth-it-why-hair-matters-so-much-politicians-9045057.html
වැට අටවන මාටින්.😷🤔😂🤣
Deleteඔහොම යනකොට පටබැඳි නම් කොච්චර විතර තියෙයිද එක-එක්කෙනාට, නරිමොටා උන්නැහේ?
Deleteනරිමොටා බස්සව ගිලලද, මේ දවස්වල බස්සා පෝස්ට්ස් දාන්නෙ නැත්තෙ.
Deleteනෑ, නෑ, තාම ගිල්ලෙ නෑ. ලියන්න හිතට කිසිම පිරියක් නෑ. අනුන්ගෙ පාස්ට් කියවන්න, කොමෙන්ට් කොටන්න විතරමයි හිතෙන්නෙ.
Deleteහිටවන මාටින්- තැන්පත් ජයසේන මැතිතුමා තාම ආයෙ ආවෙ නැත්තෙ මොකද?🤔
Deleteඅපේ කොළඹ ගමරාළගෙ රොටි කඩේ පැත්තෙ ගියොත් රොටියක් කොටාබාන්න ඇහැකි.😊
ප්‍රින්ස් හෙක්ටර් ඉන්නව
DeleteAtawana martin is the best
ReplyDeleteස්තුතියි! ඒක දේශීය කතාවක් වෙන්නැති. වෙන බාසාවකට දාන්නත් බැහැනෙ..
Deleteසැපතිල්ලා කතාව, අටවන් මාටින් මරු . අර චන්ඩි සුදා කතාව නම් ඉංග්‍රීසි එකක් කලින් කියවල තියනවා
ReplyDeleteඔව් අජිත් මහත්තයෝ...
Deleteදැන් අහුවෙනවා මේ කතා ගොඩක ඉංග්‍රීසි ඒවා. ඒත් හිනා තවත් හිනා පොත ලිව්වේ 2011, ගැහුවේ 2012. ඒවා මට ඇහිලා තිබුණේ ඊටත් කලින්.
එතකොට පෙනෙන්නේ ජාලය පරිහරණය කරන උදවිය මේ කතා අපේ උදවියට සිංහලෙන් කියා දීලා තියෙන විත්තියක් නේද?
අටවන මාටින් කතාව තමයි මටත් හොඳම එක.
ReplyDelete//‘සිනාසී තර වෙනු’// කියන එක දැක්කාම මතක් උනේ පැසිෆික් දූපත් වල (එහි සිට පැමිණ ඔස්ට්‍රේලියාවේ ඉන්නා) තරබාරු මිනිසුන්. ඔවුන් නම් සිනාසීම කෙසේ වෙතත් කාලා කාලාම තරවෙලා ඉන්න බවයි පේන්නේ.
සෑම් මහත්තයෝ, ඉස්සර හිටි ආසියාතික නිළියන් දිහා බලද්දී වුණත් පෙනෙන්නේ මාංශ කල්‍යාණය තිබුණු අයට තැනක් තිබුණු බව නේද?
Deleteඇත්තටම ආහාර රටාවලුයි, ගන්න විදිහයි දෙකත් මේවාට බලපානවානේ.
මට මතකයි ජපානයේ සුමෝ ක්‍රීඩකයන්ගේ ඇඟ හදා ගන්නේ නිරන්තර කෑම හා ඒ එක්කම නිදා ගැනීමෙන්ය කියන පුවතක් ගැනත්..
ඉස්සර විතරක් නෙවෙයි නේ ද? දැනුත් බලන්ටකො උතුරු ඉන්දියානු නිළියොයි දකුණු ඉන්දියානු නිළියොයි අතර වෙනස. බොලිවුඩ් නිළියො හූනු පැටවු වගේ. කොලිවුඩ් නිළියො තමා ටිකක් අතට පයට අහුවෙන ගානටවත් ඉන්නෙ. නරඹන්නන්ගෙ රුචිකත්වය තමා නේ ද?
Delete... භින්න රුචික මෙලොවේ!
Deleteඅටවන මාටින් අලුත් එකක්.
ReplyDeleteසැපතිිල්ලාවයි ඩැයිවර කතාවයි හිරකාරයගෙ වෙනස් විදිහකට අහල තියේ. 😃😃
මරු ලියන විදිහ ඕං...
ඉඩක් තියෙන වෙලාවක ඇව්ත් යන්න අපේ අහත්.
https://awanhala.blogspot.com/2021/09/01.html?m=1
මාත් ගියා එහේ. නියමයි. ඔහොම යං
Deleteමහේෂ්, ඔයා මෙතැන දීලා තියෙන link එකට ගියාම පෙන්වන විදිහ ටිකක් අඳුරුයි. ඒත් අවන්හල අඩවියේ 'නිවහන' යටතේ මේ ලිපියම බලනකොට නම් ඒ අඳුරු ගතිය නෑ...
Deleteටිකක් බලන්නකො මොකද කියලා.
ම් ම් ... ඔයාගෙත් ලියන රටාව මරුනෙ!
ඔව් මටත් එහෙම වුනා. පේජ් එක සම්පූර්ණයෙන් ලෝඩ් වෙන්නෙ නෑ. ලෝඩ් වෙන්න සෑහෙන වෙලාවක් යනවා. එහෙට මෙහෙට කොට, කොට ඉන්න කොට හරියනවා. මොනවා හරි ඇඩ් කරපු, තර්ඩ් පාටි විජට් එකක අවිලක් වෙන්නෙ පුළුවනි. බුරා වගේ කෙනෙක්ගෙන් තමා උපදෙස් ගන්න වෙන්නෙ.
Deleteමූ මෙතන දාලා තියෙන්නෙ මොබයිල් වර්ෂන් එකේ ලින්ක් එක නෙව. ඒකයි වෙනස් ෆෝමැට් එකක් පෙන්නන්නෙ. ඔය අගින් තියෙන ?m=1 කෑල්ල අයින් කරලා බලාන්ට.
Deleteඅප්පට හුඩු, කිරිගහට කෙල මෝලෙන් ඇන්නා වගේ හරි නෙව? ඔය වැඩේ වෙන ලින්ක් වලත් වෙලා තියෙනව, අවුලක් නෑ , උන්දලෑ ආච්චිලාට කිඹුහුං නං යන්න ඇති.
Deleteහැබෑටම කිරිගහයි, කෙල මෝලයි කියන්නෙ මොනවද?
කිරි ගහට කියන්නේ බොහොම වෙලාවට කොස් ගහකට නේද? සුබ වැඩක් පටන් ගන්නා නැකතට කිරි ගහකට කැත්තකින් පහරක් ගහනවා. ඒ කිරි වැගිරීම කිරි ඉතිරීමක් සංකේතවත් කරන්නේ.
Deleteසමහර පලාතක කැති පහර වෙනුවට මෝල් ගස් පාරක් දුන්නාලු. ගහේ පොත්ත තුවාල වුණාම කිරි එනවනේ. ඔය මෝල් ගහට දීපු විශේෂණයක් වෙන්නැති 'කෙළ' වචනේ. එහෙමත් නැතිනං, 'කර ගහ' කිව්වා වගේ හදිස්සියට 'කෙළ මොළෙන්!' කියවිලා උපන් දෙයක් වෙන්නත් ඇති.
මම ලැපෙං ලියල පබ්ලිෂ් කලාට කමෙන්ට් කරන්නෙ මොබයිල් එකෙන්. මටත් අමතක වුණා ඒක. සොරි හොඳේ.. 🙏🙏🙏
Deleteආවට ඉස්තූතියි ❤️
කිරි ගහක් කිව්වම කොස් ගහ ඇර කිරි වෑහෙන වෙනස් ගහක් වුණත් ගන්නව. අරලිය ගහ වගේ...
කෙළ මෝල නං දන්නෑ..
@DGM,
Deleteකිරිගහට ඇන්නා වගේ හරි කියන්නෙ බොලං, කිරි තියෙන ගස්, ඒ කියන්නෙ කොස් ගස්, අරලිය ගස් වගේ එවුවට ඇන්නොතින් එවුවයින් කිරි එන එක බුදු සුවර් නිසා.
කෙලමෝලෙන් අනින්නෙ කිරිගස්වලට නෙවෙයි, දොරකඩ ගස් වලට. ඒ අනින්නෙත් කිරි එන්න නෙවෙයි, දොරකට ගහ උඩ දපලා ඉන්න බස්සො බකමූණෝ බිමට වට්ටව ගන්න.
මහේෂ්, බුරටිනෝ දෙන්නාටම ස්තුතියි!
Deleteඅටවන මාටින්ට ජයවේවා! ආයෙ එන්නං
ReplyDeleteජය වේවා!
Deleteඅටවන මාටින්ට නෙවෙයි, ආයෙත් එන බස්සා මහත්තයාට.
ඔය වගේම මරදානෙ ස්ටේසමේ තියෙනව අටවන වේදිකාව. යන්ඩ නරකයි පැත්ත පළාතෙ.
Deleteඔව්වොව්! යන්ඩ නං එපා.
Deleteමම කැමති 'තුමා'ගෙ කතාවට. තමන්ට ලැබෙන ඉතාම පොඩි වාසියකට උනත් තමන්ගෙම පන්තියෙම අය පීඩාවට පත් කරන තුමාලගෙ හෙංචයියන් ගැන හොඳට පෙන්නන නිසා. ඒ වගේම තුමාලා එකතුවෙලා මිනිස්සුන්ව පීඩාවට පත්වෙන දේ කරලා ඒවා 'සමාජ සත්කාර' විදිහට පෙන්නීමේ නිසඟ හැකියාව.
ReplyDeleteකමෙන්ට්ස් බැටලියන් එක කොහෙ ගිහින්ද (මටත් ඉතින් ඕපදූප හොයන්නෙ නැතුව ඉන්න බෑ).
Lotus දැක්කද වැලිගම කනත්තක විවෘත කිරීමේ ඵලකයකට පොලිටික්කන් රොත්ත බුරුත්තකගේ (පොලිටික්කෝ 51 දෙනෙකුගේ) නම් දාලා තිබ්බ පුවත.
Deletehttps://www.lankahotnews.net/2021/09/weligama-cemetery.html
.. මේවා තමයි රජ හිනා!
Deleteඕකෙම වඩා පොෂ් version එක නේද ලෝකෙ ඉහලම විශ්වවිද්‍යාලයක, ඉහලම සම්මණ්ත්‍රණයක ප්‍රධාන දේශනය කරන්න ආරාධනා ලැබිලා කියලා රටවැසියන්ට කියලා පිරිවර සහිතව ගිහිල්ලා සාමාන්‍ය සම්මන්ත්‍රණයක දේශනයක් කරලා එන එක.
Deletexජ්ජ නැතිකම සේරටම වඩා ලොකුයිනේ Lotus !
Delete