පළමු රාත්‍රියේදී ජැක් වෙන්ඩිට
තියෙන ආදරේ තරම පෙන්වන්න සූදානම් වුණා. |
එහෙමයි,
පහුගිය
post එක නතර කළේ. ඉතිං ඊළඟට.... පොතේ තියෙන්නෙ
මේ පච්චයේ කතන්දරෙයි!
9. ටැටූ එකේ කතාව
ජැක්, වෙන්ඩි දෙන්නා ටික
කාලයක් ආදරේ කළා, හොඳටම. අන්තිමේදී කසාදත් බැඳලා දිගම-දිග මධු සමයකට පිටත් වුණා.
පළමු රාත්‍රියේදී ජැක් වෙන්ඩිට
තියෙන ආදරේ තරම පෙන්වන්න සූදානම් වුණා. මිනිහා නිදන කාමරේ ලයිට් සේරම දාලා
තියෙද්දී ඇඳුම් සේරම ගැලෙව්වා. ගලවලා නිරුවතින් වෙන්ඩි ඉදිරියේ හිට ගත්තා.
“ඔයාට මේක පේනවද?” ජැක් තමන්ගේ ‘පිරිමි ඇඟ’ වෙන්ඩිට පෙන්නුවා.
වෙන්ඩිගෙ මුහුණෙ තිබුණෙ ප්‍රශ්නයක්.
“හොඳට බලන්න!” ජැක් කිව්වා!
හැබෑමයි, ජැක්ගේ පුරුෂ ලිංගයේ
අකුරු දෙකක් පේනවා. ‘W Y’ වෙන්ඩිට හිනාවක් ගියා.
“දැක්කද?” ජැක් ඇහුවා. “එයාට kiss එකක් දීලා බලන්න.” ජැක් කිව්වා.
වෙන්ඩි එහෙම කළා විතරයි. මෙන්න බොලේ ජැක්ගේ පුරුෂ ලිංගය ප්‍රාණවත් වුණා. දැනුයි
වෙන්ඩිට පෙනුණේ, වෙන්ඩිගෙ නම ජැක්ගෙ පුරුෂ ලිංගය මත කොටලා. ‘WendY!’
එයාලට
ආරංචි වුණා වෙරළක තියෙන ‘නිරුවත්
කඳවුර’ක් ගැන.
ඒවාට යන අයත්, ඒවායේ ඉන්න අයත් සේරම ඉන්න ඕනි අමු හෙළුවෙන්. |
ඊට දවස් කිහිපෙකට පස්සේ මේ නව
යුවළ හිටියේ ජැමෙයිකාවේ. එහෙදී එයාලට ආරංචි වුණා වෙරළක තියෙන ‘නිරුවත් කඳවුර’ක්
ගැන. ඒවාට යන අයත්, ඒවායේ ඉන්න අයත් සේරම ඉන්න ඕනි අමු හෙළුවෙන්.
මේ ජෝඩුවත් ඒකට ගියා, උපන් ඇඳුමෙන්.
හොඳ හැටියට විනෝද වෙන අතරේ,
ජැක් ගියා බොන්න මොකුත් අර ගන්න බාර් එකට. එතැන ඉන්න වේටර් කෙනෙකුගෙ පුරුෂ ලිංගයෙත්
WY අකුරු දෙකේ පච්චයක් තියෙන හැටි ජැක් දැක්කා. දැකලා ජොලියක් හිතුණු පාර, ජැක් අර
හාදයා ළඟට කිට්ටු කරලා මෙහෙම ඇහුවා.
“හායි! ඔයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ගේ නමත් වෙන්ඩිද?”
ඒ හාදයා පුදුමෙන් වගේ ජැක්
දිහා බැලුවා.
“මේ!” ජැක් තමන්ගේ අප්‍රාණික
පුරුෂ ලිංගය පෙන්නුවා. ඒකෙ උඩ WY අකුරු දෙක පේනවා. “මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ගේ නම
වෙන්ඩි. මම එයාගේ නම මෙතැන පච්ච කොටවා ගත්තා.... මෙයා නැඟිට්ටම මුළු නමම පේනවා.
ඔයාගෙත් WY අකුරු දෙක දැක්කම මට හිතුණේ ඔයාගෙ කෙල්ලගේ නමත් වෙන්ඩි කියලයි.”
“ඕ අයි සී. මට තවම ගර්ල් ෆ්‍රෙන්ඩ්
කෙනෙක් නෑ.” වේටර් හාදයා කිව්වා. “මේ බාර් එක අපේ.... නියුඩ් කෑම්ප් එකට එන අයව
පිළිගන්නයි මේ පච්චය කොටවා ගත්තේ.” එයා තේරුම් කළා.
“වචනෙකින්?”
“වචනෙකින් නෙවෙයි, මෙයා
නැඟිට්ටම මුළු සෙන්ටෙන්ස් එකම පේනවා. දැන් මුල අග අකුරු දෙක විතරක් පෙනුණට.”
මට නං
හිතෙන්නේ මේ මිනිස්සු කියන ජාතිය මහා තකතිරුවෝ ටිකක්! |
“යා! Welcome to Jamaica –
Have a nice day” හාදයා කිව්වා.
‘හිනා තවත් හිනා - 1’ post එකේදී තමුන්නාන්සේලාට කියන්න බැරි වුණානේ, මේ පොත පළ
කෙරුණේ 2012 අවුරුද්දෙදියි. ඒ නිසා මේ කතන්දරත් ටිකාක් විතර පරණයි වගේ දැනෙන්නත්
පුළුවනි!
10. මෝඩකමක රඟේ
මැස්සෝ දෙදෙනෙක් බංගලාවක
සංචාරයේ නිරත වෙමින් සිටියහ. හොඳින් වටපිටාව නිරීක්ෂණය කළ එක මැස්සෙකු නිහඬතාව බිඳ
දැමුවේ මෙසේ කියමිනි.
“මට නං හිතෙන්නේ මේ මිනිස්සු
කියන ජාතිය මහා තකතිරුවෝ ටිකක්!”
“ඇයි මචං එහෙම කිව්වේ?”අනෙක්
මැස්සා විමසුවේය.
“ඇයි බං, මේ මිනිස්සු ලක්ෂ
ගණන් වියදම් කරලා ගෙවල් හදනවා. ඊට පස්සේ තවත් ලක්ෂ ගණන් වියදම් කරලා මේ වගේ
සිවිලිම් ගහනවා....” උත්තර දෙමින් පළමු මැස්සා ඔවුන් ලැගුම් ගෙන සිටි අලංකාර
සිවිලිම මිතුරාට පෙන්නුවේය.
“ඉතිං, මොකක්ද ඒකෙ තියෙන
මොට්ටකම?”
“ඇයි මචං, කොච්චර වියදම් කරලා
සිවිලිම් ගැහුවත් මිනිස්සු ඇවිදින්නේ පොළොවෙනෙ. අපියි හූනොයි විතරනේ මේකෙ
ඇවිදින්නේ!”
ඒ කතාවේ විදිහට නං මැස්සොත් හරිම නුවණක්කාර
සත්තු ජාතියක් නේද? එතකොට මතක් වුණා මට අහන්න ලැබුණු, මැස්සෝත් සම්බන්ධ වෙන වෙනම
විදිහේ කතාවක්!
සමුරායි වීරයා
මිනිස්සු ඔක්කොම ගල්බීත වෙලා හිටියේ.
‘අසිපත් ශූර සමුරායි’ තෝරාගන්න තරගෙ ඒ තරමටම තියුණුයි! පැය ගණනාවක් තිස්සේ
සමුරායිවරුන් ගොඩාරියක් එයාලගේ හපන්කම් පෙන්නුවා. විනිශ්චය මණ්ඩලය බොහොම අමාරුවෙන්
තමයි අවසන් වටයට තුන් දෙනෙකුව තේරුවේ.
අසිපත ලෙළවුණා; විදුලියක්
කෙටුවා! ‘ශ් ශ්
ශ් ශ් ශ් ශ් ශින්!’ මැස්සා
හරි ගාණට දෙකට කැපිලා, මැරිලා කෑලි දෙක.... |
ඔන්න පළමුවෙනි තරගකරුවා වේදිකාවට ආවා.
කඩුව ලෙළවා පෙන්නුවා. වේදිකාවට විදුලි අකුණු දාහක්-හමාරක් කොටාගෙන කොටාගෙන ගියා
වගෙයි, අසිපත නොපෙනෙන වේගයකින් එහා-මෙහා වුණේ.
‘ශ් ශ් ශ් ශ් ශ් ශ් ශින්! ශ් ශ් ශ් ශ් ශ් ශ් ශින්!!’
ඒ අතරේ, සංවිධායක මණ්ඩලයේ කෙනෙක් වේදිකාවට
ආවා. එයා අතේ පුංචි පෙට්ටියක්. විනිසුරු මඩුල්ලට සහාය දෙන කෙනෙක් ගණින්න පටන්
ගත්තා. ‘එකයි.... දෙකා...යි.... තුනායි!’
තුනයි කියලා කියවෙන තත්ත්පරේදී පෙට්ටිය අතේ
තිබුණු කෙනා ඒ පෙට්ටිය විවෘත කළා. මැස්සෙක් පෙට්ටිය ඇතුළෙන් එළියට පියෑඹුවා. අනේ!
ඌට මොන පියෑඹිල්ලක්ද? අසිපත ලෙළවුණා; විදුලියක් කෙටුවා!
‘ශ් ශ් ශ් ශ් ශ් ශ් ශින්!’
මැස්සා හරි ගාණට දෙකට කැපිලා, මැරිලා කෑලි
දෙක වේදිකාව උඩට වැටිලා!
ප්‍රේක්ෂකයෝ දුන්නු ඔල්වරසන් හඬින් ශාලාව දෙදරුවා.
දෙවෙනි තරගකරුවා වේදිකාවට ආවා. කඩුව
ලෙළෙව්වා. කලින් වතාවටත් වැඩිය වේගයෙන්, එක පිට එක විදුලිය කෙටුවා. පුංචි පෙට්ටිය
අරගත් කෙනාත් වේදිකාවේ... අනෙකාත්.... සමුරායිවරයා කඩුව මානාගෙන සීරුවෙන්.......
දකුණතේ එක ඇඟිල්ලක් විතරක්
ඉතිරි වෙද්දී අනිත් ඇඟිලි හතරම නවලා, තරමක්
අසභ්‍ය අභිනයක් පෑවා! |
‘එකයි.... දෙකා...යි.... තුනායි!’
පෙට්ටිය ඇරුණත් එක්කම මැස්සා එළියට...
අසුරක් ගහන පමාවෙන් විදුලි කෙටිලි දෙකක්.... ‘ශ් ශ් ශ් ශ් ශ් ශ් ශින්! ශ් ශ් ශ් ශ්
ශ් ශ් ශින්!!’
මැස්සාව මැනලා කැපුවා වගේ, කෑලි හතරට කැපිලයි
පරලෝකප්‍රාප්ත වෙලා හිටියේ.... සභාව හොඳටම නොසන්සුන්...
ඊළඟට මොකක්ද වෙන්නේ?
ඔන්න තුන්වෙනියාත් වේදිකාවට ආවා.
හැබැයි කලින් දෙවතාවෙ වගේ, විදුලි කෙටිලි නෑ.... සංදර්ශන නෑ... මිනිහා අසිපත
අමෝරාගෙන බොහොම සැහැල්ලුවෙන්... ‘මට නෙවෙයි කියනවා වගේ’ බලාගෙන හිටියා.
තුනයි කියන කොටම පෙට්ටිය ඇරෙනවාත් එක්කම මැස්සෙක් වේදිකාවේ....
කඩුවෙන් එකම එක පාරයි!
ඒත් මැස්සා මැරී වැටුණේ නෑ. මොකුත් නොවිච්චි ගාණට, මරණයෙන් බේරිලා ඉගිලුණා!!
හිනාවෙන් ශාලාව දෙදරලා ගියා.
‘බූෟෟෟෟෟෟ, ‘ගෙදර යනවා!’, මහ ලොකු කඩුකාරයා’ ඝෝෂාව අස්සෙම එක මිනිහෙක් නැඟිට්ටා.
“මැස්සා මරා ගන්න බැරි මහ ලොකු කඩුකාරයා.... තුඃ විතරක්!”
ඒ කුප්පිදු කතාවෙන්වත් තුන්වෙනි තරගකරුවා
නෙවෙයි බිංදුවක්වත් සැලුණේ.
විමල්, වාසු, උදය ඇමතිතුමන්ලා සාමූහික
වගකීම රැකගන්නා අතරේ- ඇමති තනතුරුත් රැක ගනිමින් ප්‍රබල විරෝධයක යෙදෙමින් ඉන්නවා.... |
“මොකටද අහිංසක සතාව මරන්නේ? ඌට පරම්පරාව බෝ කරන්න බැරි වෙන්න වැඩේ දුන්නම මදිද?”
එහෙම ‘වාගීශ්වර සූරයෝ’ පහළ වෙන්නෙ කලාතුරකින් තමයි!
හැබැයි ශ්‍රී ලංකාවේ නම් එහෙම අය හිඟ නෑ. වාසු, විමල්, උදය ඇමතිතුමන්ලා සාමූහික වගකීම රැකගන්නා අතරේ- ඇමති තනතුරුත් රැක ගනිමින් ප්‍රබල විරෝධයක යෙදෙමින් ඉන්නවා මේ දවස්වල. මේ ලියන්නාගේත් එක්ක අමද්‍යප සටන්වල ඉඳපු ‘ජගත් කුමාර’ මන්ත්‍රීතුමාත් ඒ වගේම සටනක. ලොකුගේ මහත්තයා කිව්වලු, උන්නැහේගේ බෙල්ලේ රත්තරං බැඳපු කතාවකුත්.
සමාවෙන්න ඕනි, හිනාවෙන කතන්දර අස්සේ මේවා
කියවනවාට.
සමහරෙකු මේවාට කේන්ති ගන්නවා. මං නම් ‘නන්දන වින්දන’ හරි ‘විනෝද සමය’ හරි බලනවා
වගේ ප්‍රමෝදයක් තමයි ලබන්නේ ශ්‍රී ලකාවේ මේ සිදුවීම් දැකලා!
හරි වැඩේ තමයි. දැනුයි දැක්කේ. ‘හිනා තවත්
හිනා’ පොතේ තියෙන ඊළඟ කතාවත් ශ්‍රී ලංකාව ගැනයි!
11. මැවිල්ලේ සාධාරණකම
මහා බ්‍රහ්මයායි විෂ්ණු
දෙයියොයි දෙන්න පුංචි කතාවක් දාගෙන ඉන්න වෙලාවේ, විෂ්ණු දෙවියො ප්‍රශ්නයක් ඇහුවා.
“ඔබතුමා මවපු දේවල්වලින් අංග සම්පූර්ණ විදිහට මැව්වේ මොකක්ද?”
ලෝකේ ඕනෑම තැනක තියෙන දේශගුණේ
මේ පුංචි ශ්‍රී ලංකාවෙත් කොතැනක හරි තියෙනවා.... ඇයි ලස්සන? |
“ශ්‍රී ලංකාව?”
“ඔව්! ඒකනෙ මිනිස්සුම කියන්නේ
ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියලා. සුද්දෝ කියනවා ලංකාව ආදම්ගේ උයනලු....
පාරාදීසයලු! ශ්‍රී ලංකාවේ පොළව කොච්චර සරුසාරද? වේළිච්ච දඬු කෑල්ලක් පොළොවේ ඇන්නත්
දලු දානවලු. රට වටේම මූද... පැත්තක මිනිරන්. පැත්තක මැණික්.
තවම හොයා ගත්තේ නැතිවට තෙලුත් තියෙනවා.
ලෝකේ ඕනෑම තැනක තියෙන දේශගුණේ මේ පුංචි ශ්‍රී ලංකාවෙත් කොතැනක හරි තියෙනවා.... ඇයි
ලස්සන? කඳු ගැට, දිය ඇලි, ගංගා... එච්චරද.
ගිනි කඳු නෑ. භූමිකම්පා නෑ....” මහ බ්‍රහ්මයා
දිගටම ලැයිස්තුව කියවාගෙන ගියා.
“ඒ වුණාට ඔබතුමා ඔහොම ඔක්කොම
හොඳ දේවල් එකම රටකට දීපු එක නම් සාධාරණ නෑ නේද?” විෂ්ණු දෙවියො ඇහුවා.
“සාධාරණ නෑ? සාධාරණ නෑ?” මහා
බ්‍රහ්මයා ආපසු ඒකම කිව්වා.
“.... එහෙම රටකට කොහොමද මම මවලා තියෙන මිනිස්සු? උං
එකාට එකා නෑ... අම්මට අප්පට නෑ... ප්‍රතිපත්තියක් නෑ... කොන්දක් නෑ... ඒ විතරද? උං
උං කා-කොටා ගන්නවා මදිවට උන්ගේ ලොකු-ලොක්කො අර අපූරු රටත් කනවා! දැන් තේරෙනවද මගේ
මැවිල්ලේ සාධාරණකම?”
12. ඉල්ලා ගත් සහනය
වනගත පෙදෙසක සංචාරයේ යෙදෙන අතර
සිල්වා මහතා ඇතුළු පිරිස නපුරු ගෝත්‍රිකයන් පිරිසකගේ අත්අඩංගුවට පත් වූහ.
“දැන් මොකද කරන්නේ?” සිල්වා
මහතාගේ බිරිඳත්, නැන්දම්මාත් ඔහුගෙන් විමසූහ. “... මුං අපට මොනවා කරයිද දන්නෑ. මුං
මහ නපුරු පාටයිනේ....”
අපේ ගෝත්‍රයේ සිරිත තමයි
අනවසරයෙන් අපේ සීමාවට ඇතුළු වෙන ඕනෑම කෙනෙකුට.... |
“අපි ඔබතුමන්ලාගේ ඉසව්වට ආවේ නොදැනුවත්වයි... කරුණාකරලා අපිට සමාව දෙන්න.”
“නොදන්නාකම සමාවට කාරණයක් නෙවෙයි.
ඒත් යුෂ්මතාගේත්, මේ කාන්තාවන් දෙදෙනාගේත් අසරණකම සලකලා අපි පුංචි සහනයක් දෙන්න
කැමතියි... තේරුණාද?” ගෝත්‍රික නායකයා ගම්භීර ලීලාවෙන් කීවේය.
“අපේ ගෝත්‍රයේ සිරිත තමයි
අනවසරයෙන් අපේ සීමාවට ඇතුළු වෙන ඕනෑම කෙනෙකුට කස පහර සීයක් ගහන එක... ඒක වෙනස්
කරන්න විදිහක් නෑ. ඒත් මං පොරොන්දු වුණු සහනය මතකයිනෙ...
කස පහර දෙන්න කලින් තමුන්ලාට කැමති දෙයක් පිටේ බැඳ ගන්න පුළුවන්!” නායකයා පහදා
දුන්නේය.
මුලින්ම දඬුවම් ලැබීමට
ඉදිරිපත් වූයේ සිල්වා මහතාගේ බිරිඳයි.
“කරුණාකරලා මගේ පිටේ බැඳ ගන්න
කොට්ටයක් දෙනවද?” ඇය ඉල්ලා සිටියාය.
ඇයට කොට්ටය ලැබිණි.
එහෙත් කස පහර 100 ගසා නිම වීමට පෙර කොට්ටය පැළී ගියේය. එබැවින් ඇයටත් කස පහර
කිහිපයක්ම වැදිණි.
“අනේ, මට කොට්ට තුනක්ම දෙන්න.”
නැන්දම්මා දෙවෙනි අවස්ථාව ලබා ගත්තාය.
“හරි, දැන් තමුන්ගේ වාරේ....
තමුන්ට කොට්ට කීයක් ඕනැද?” ගෝත්‍රික නායකයා සිල්වා මහතාගෙන් ඇසුවේය.
“අනේ පිං කරන හාමුදුරුවනේ
කොට්ට එපා... අපේ නැන්දම්මව මගේ පිටේ ගැට ගහන්න.” සිල්වා මහතා ඉල්ලා සිටියේය!
13. කලා විචාරකයා
කලාගාරයේ චිත්‍ර ප්‍රදර්ශනයක්
පැවැත්වෙමින් තිබිණි. එය නරඹමින් සිටි අයෙක් තමා අසලින්ම සිටි තැනැත්තාට මෙසේ
කිව්වේය.
තමුසෙ මාර කලා විචාරකයෙක්නෙ! |
“තමුසෙ මාර කලා විචාරකයෙක්නෙ!”
“කවුද කිව්වේ මං කලා
විචාරකයෙක් කියලා. මම චිත්‍රවලට ෆ්‍රේම් ගහන මනුස්සයෙක්!”
14. තීන්ත ගණන්ද?
“තාත්තේ...”
“ඇයි පුතා?”
“තාත්තගේ පෑනට දාන තීන්ත හුඟක්
ගණන් ජාතියක්ද තාත්තේ?”
“අපොයි නෑ පුතා. ඒවා එච්චර
ගණන් නෑ.”
“ඒ වුණාට අම්මා ඒක දන්නෙ නෑ
වගෙයිනෙ...”
“ඇයි? අම්මා කිව්වද ඒවා ගණන්ය
කියල...”
“නෑ තාත්තේ, මගේ අතින් තාත්තගෙ
තීන්ත බෝතලෙන් චුට්ටක් සාලේ කාපට් එක උඩ හැලුණාම අම්මට හොඳටම තද වෙලා!”
මිනිසුන්ට සාපේක්ෂව ඉතාම කලාතුරකින් වගෙයි
සත්තු ගැන යාන්ස් හැදෙන්නේ. එහෙම හැදිලා තියෙන ඒවාත් කියෙව්වාම දැනෙනවා, සතුන්ට
ආරෝපණය කෙරිලා තියෙන්නෙත් මිනිස් ගති-සොබාවන්ම බව.
මේත් එහෙම කතාවක්.
රන් ගෙම්බිය සොයාගත් හාවා සහ වලහා
දවසක් වලහෙකුයි, හාවෙකුයි කැලයක් මැදින්
ඇවිදගෙන ගියා. අම්මට සිරි!
මෙන්න බොලේ චූටි පොකුණක් අද්දර ගලක් උඩ වාඩි වෙලා අව්ව තපිනවා, රත්තරං ගෙම්බි.
“අඩේ.... බොක්කේ පින මචං.... අපිට ඕනි දෙයක්
ඉල්ලා ගන්න පුළුවන්!” වලහා හාවාට කිව්වා. “හැබැයි මමයි ඒකිව දැක්කේ.... මටයි වර
තුනම අයිති!”
මං ඔයාලා දෙන්නාටම වර තුනක්
බැගින් ඉල්ලීමේ අවසරය දෙන්නම්! |
මේ සංවාදය රත්තරං ගෙම්බියටත් ඇහුණා. “බය වෙන්න එපා! මං ඔයාලා දෙන්නාටම වර තුනක්
බැගින් ඉල්ලීමේ අවසරය දෙන්නම්!” ගෙම්බිය අනුකම්පාවෙන් කිව්වා.
“මටයි ඉස්සෙල්ලාම chances ඕනේ!” වලහා ඉස්සරහට
පැන්නා. “... මේ වනාන්තරේ ඉන්න සේරම පිරිමි වලස්සු නාඹර වලස් නෑම්බියන් වේවා!”
ගෙම්බිය අතක් ඉස්සුවා. “දැනටම ඔබේ පැතුම ඉටු
වෙලා.”
“ඇත්තටම?” වලහා කල්පනාවට වැටුණා. “අපරාදේ, මට
මුලින්ම මතක නැති වුණානේ.... අල්ලපු වනාන්තරේ ඉන්න වලස්සුන්ටත් ඒකම කරලා දෙනවද?”
වලහා දෙගිඩියාවෙන් ඇහුවා.
රත්තරං ගෙම්බි දෙවෙනි වතාවටත් අත ඉස්සුවා.
“දැන් කැලෑවල් දෙකේම ඉන්නේ වලස් නෑම්බියෝ!”
එතකොටත් වලහා ඔළුව කහනවා... කල්පනාවට වැටිලා.
“තරහ වෙන්න එපා. මාව shock වෙච්චි හින්දා ඔළුව අවුල් වුණා. වැඩිය හොඳයි වගේ මුළු
රටේම ඉන්න වලස්සුන්ව....” වලහා කියන පමාවෙන් ගෙම්බිය අත උස්සලා ඉවරයි.
“ගිහින් බලන්න! ඔබේ ප්‍රාර්ථනා තුනම ඉටු වෙලා
තියෙන හැටි පෙනේවි! ඉතිං හාවෝ... දැන් ඔන්න ඔබේ වර තුන ඉල්ලන්න අවස්ථාව.” රත්තරං
ගෙම්බි හාවා දිහාවට හැරිලා කිව්වා.
ගෙම්බිය අත උස්සනකොටම
කිරි-කිරි හාලි
ඩේව්ඩ්සන් මෝටර් බයිසිකලයක් එතැන! |
ගෙම්බිය අත උස්සනකොටම කිරි-කිරි හාලි
ඩේව්ඩ්සන් මෝටර් බයිසිකලයක් එතැන! “වෙන?”
හාවා සන්තෝසෙන් ඉල්පෙන ගමන්, දෙවැනි වරයත්
ඉල්ලුවා. “එහෙනං මේකටම match වෙන හෙල්මට් එකකුත් දෙනවද?”
ඔන්න දැන් හෙල්මට් එකකුත් හාවාගේ අතේ. ඌ
හෙල්මට් එක දාගන්න ගමන් මෝටර් සයිකලයට නැග්ගා.... ස්ටාර්ට් කර ගත්තා.... ඊට පස්සෙයි
කට ඇරියේ....
“බොහොම ස්තුතියි රත්තරං ගෙම්බියනි! මගේ
තුන්වෙනි ඉල්ලීම මේකයි....” එහෙම කියලා හාවා වලහා දිහාට අත දික් කළා. “මෙයාව gay
වලහෙක් කරන්න!”
කියපු ගමන්ම හාවා බයිසිකලය ලෑල්ලටම පෑගුවා!
අජන්ත ගමගේ හිතවතාත් fb එකේ තිබුණු
යසස් ශ්‍රී ජයරුවන් මල්ලවාරච්චි සහෘදයාගේ අපූරු කතාවක ලින්ක් එකක්
එවා තිබ්බා. අජන්තටත්, යසස්ටත් දෙන්නාටම තුති පුදමින් මේ කතාව කියවන්නකෝ.
ටවුමේ ගණිකා නිවාසය රේඩ් කරලා!
‘ඔන්න ටවුමෙ තිබුන ගණිකා නිවාසයක්
පොලීසියෙන් වැටලුවලු.
කෙල්ලො ටික පොලීසියට අරගෙන ගිහින් මිදුලේ
පෝලිමට තිබ්බලු OIC මහත්තයා එනකන්.
ඔතන හිටපු එක කෙල්ලෙක් ගමේ ඉඳන් ටවුමෙ Job එකකට එනවා කියලලු එන්නෙ.
කරුමෙ කියන්නේ එදාම මේ කෙල්ලගෙ ආච්චිත් ටවුමට ආවලු බඩු වගයක් ගන්න. මෙන්න බොලේ මිනිබිරී
ඉන්නවා, පොලීසිය මිදුලෙ පෝලිමකට වෙලා.
"මොනවද උඹ මෙතන කරන්නෙ?"
කෙල්ලට හීන් දාඩිය දැම්මා.
"ආ... ආ... නෑ ආච්චියෙ ...අද පොලීසියෙ OIC මහත්තයගෙ උපන්දිනේ...
ඒ වෙනුවෙන් එයා අද දොඩම් දන්සැලක් දෙනවා. ආච්චි ඉක්මනට ගෙදර යන්න. මම ආච්චිටත්
එක්කම දොඩම් අරගෙන එන්නම්..."
කෙල්ල ආච්චිව එතනින් යවා ගන්න පත නයෙක්
ඇරියා.
මම මුලින්ම අතින් ලෙල්ල
ගහනවා... ඊට පස්සෙ කටේ දාගෙන ඉස්ම එනකන් සූප්පු කරනවා... |
හැබැයි ආච්චීට ආපහු හිතුනා මමත් පෝලිමේ
හිටියොත් තව වැඩිපුර දොඩම් ගන්න පුලුවන් නේද කියලා....
ආච්චිත් ෂේප් එකේ පෝලිමේ අගට සෙට් උනා... ඔන්න එතකොටම OIC ආවා...
ආපු ගමන් කට්ටියටම හොඳ දේශනයක් දීගෙනම
පෝලිම දිගේ ආවා... මෙන්න බොලේ ආචිචි කෙනෙකුත් ඉන්නවා....
" මොනවා..!! මේ ආච්චිත් මෙතන
ඉන්නවද..."
"ඔව් මහත්තයෝ වයසට ගියාට අපිත් කනවා... බොනවා..."
"ආච්චි කොහොමද මේව කරන්නෙ."
“ඇයි මහත්තයෝ... මම මුලින්ම අතින් ලෙල්ල ගහනවා... ඊට පස්සෙ කටේ දාගෙන ඉස්ම එනකන් සූප්පු කරනවා.."
OIC කලන්තේ දාලා වැටුනලු....😏
ඒ මහත්තයට වතුර ටිකක් ඉහලා, ඔන්නං වතුර ටිකක් බොන්න විතරක් නෙවෙයි නා- කියාගෙන එන්නත් එක්ක වෙලාව තියෙනවා ඔන්න, ඊළඟ කොටස පළ කරනකල්....