අකුරු මැකී නෑ

Wednesday, October 6, 2021

හිනා තවත් හිනා - තෙවෙනි කොටස

මැණිකේ මගේ හිතේ’ hit වුණෙත් පුදුම විදිහට. මේ දවස්වල...

OIC මහත්තයාට කලන්තේ දාන්න සිද්ද වෙච්චි ආච්චිගේ කතන්දරේ මතකයිනෙ! අර ආච්චී කිව්වේ:
ඇයි මහත්තයෝ... මම මුලින්ම අතින් ලෙල්ල ගහනවා... ඊට පස්සෙ කටේ දාගෙන ඉස්ම එනකන් සූප්පු කරනවා.." කියලා. ඒ කතන්දරෙන් ඉවර කළේ ‘හිනා තවත් හිනා’ දෙවෙනි කොටස.

1970  ගුණදාස කපුගේ- අනුලා බුලත්සිංහල දෙන්නා ගයපු ගීතයක් ඊට සෑහෙන කාලෙකට පස්සේ hit වුණා, කපුගේ-මාලනී සුසංයෝගයෙන් යළි උපන්නාම. 

ඒ වගේම තවත් පරණ සිද්දියක් මේ.

ආත්මා ලියනගේ 1977 හදාපු ගීතයක් රූපවාහිනියේ ‘නන්දන වින්දන’ වැඩ සටහනට ගැයුවා 89 අග. 1990 මුල වෙද්දී හැම කැසට් කඩේකින්ම ඇහෙමින් තිබ්බේ උපරිම ජනප්‍රියත්වයේ රැඳුණු ‘ලිය තඹරා’ සිංදුව.

අපේ පරිවර්තකයන්ගේ කුසලතාව මොනවට පෙන්වමින්, සංස්කෘතික තානාපතිවරියක බවට පත් කෙරුණු ‘යොහානි ද සිල්වා’ ගායිකාවගේ ‘මැණිකේ මගේ හිතේ’ hit වුණෙත් පුදුම විදිහට.

මේ දවස්වල මට උදේ- හවා- දවල්- රෑ නැතිව ඇහෙන්නේ ඔය සිංදුව. යාබද ගෙවල් හතරක ළමයින් හය දෙනාම එකතුවෙලා ඒ ගීතය ජප කරනවා, අපේ ගේට්ටුව ඉස්සරහට වෙලා. (අපේ පාරේ කුලඟන සමිතිය රැස් වෙන්නේ එතැන බව මගේ චීත්තවාහිනියෙන් ඔයාලට කලින්ම කියලා තියෙනවානේ.) 

ඔහොම hit වෙච්චි කතාවක් තමයි ‘අටවන මාටින්’.
බ්ලොගයට ඒ කතාව උපුටා ගත්තට මොකද, අදටවත් මං දන්නෙ නෑ ඒක කාගෙද කියලා. අලුතෙන්ම... පෙරේදා හිමිදිරියෙන්ම දැක්ක දේ තමයි අපේ බකුස්තුමාගේ අලුත්ම පෝස්ටුව. හැබෑම වටිනා post එකට දාලා තියෙන නම
‘අටවන මාටිංගේ බ්ලොග් එක’. මටත් හෙණ තැන... මගේ අනුග්‍රහය විත්තියකුත් ලියලා! ඒ වගේම අටවන මාටින්ගේ අපූරු foto එහෙකුත් එතනට ඔබලා!!

ඒ වගේම අටවන මාටින්ගේ අපූරු foto එහෙකුත් එතනට ඔබලා!!

ඒ විස්තර ලියව්වේ ටික දොහක හිටං blog අඩවිවල පිබිදීමක් දකින නිසා. අනේ, ඇහැක් නං එව්වාත් කියවන්න... විශේෂයෙන් අලුතෙන් ‘බොග දාන්නට එන අයට’ sup එකක් දෙමු කියන්න... බ්ලොග් අඩවිවල අනාගතය තියෙන්නේ එයාලගේ අතෙයි; මං වගේ අද හෙට මැරෙන්න ඉන්න අය අතේ නෙවෙයිනේ.

හිතේ කැකෑරුණු දේවල් ටිකක් කියලා නිදහස් වෙන්න ඕනිනේ. මට ඉතිං නිදහසේම ඔව්වා කියන්න ඉන්නෙත්, නිදිගෙ පංච තන්තරේ කියවන ඔයාලා තමයි.
අනවසරයෙන්ම එහෙම කියලා, මෙන්න යනවා මගේ පොතට....

15. උණුවෙන් බොද්දී.....

හෙට්ටිආරච්චි මහත්තයට වස බඩේ අමාරුවක් හැදුණා.... බඩේ අජීර්ණයක්! මොනවා කෑවත් බිව්වත් වැඩක් නෑ. විනාඩි දහයක් යන්න කලින් බඩ අඹරවලා, රිදෙන්න පටන් ගන්නවා.
මුලින් අත්බේත් කළා, හරි ගියේ නෑ.
දොස්තරලා ළඟට ගිහින් බෙහෙත් ගත්තා.... ඒත් හරි ගියේ නෑ. අන්තිමට විශේෂඥ දොස්තර මහත්තයෙක් ගාවටම යන්න වුණා.

ලෙඩාගේ මළ- මුත්‍ර සේරම පරීක්සා කරලා බලවලයි විශේෂඥ තීන්දුව දුන්නේ.
“මේ අමාරුව සනීප වෙන්න නං සුමාන දෙකක් විතර මව් කිරි බොන්න වෙයි!”

කෙළියා නේද තාප්පෙටම? මොන යකාද දැන් හෙට්ටිආරච්චි මහත්තයට මව් කිරි හොයල දෙන්නේ... මොකෝ, විකුණන්න තියෙන දෙයක්යැ. එහෙම තිබ්බා නං කීය දීලා හරි ගන්න තිබුණා.
ඒත් ඉතිං බැහැයි කියලත් බැහැනෙ.
ගම පුරාම පුංචි සමීක්ෂණයක් කළා, බිලිඳු ළමයින් ඉන්න අම්මලා ගැන.

තරුණ අම්මා පියයුරු නිරාවරණය කළේ ඇස් වහගෙන....

එයාලගේ තොරතුරු බොහොම රහසේ හොයා බැලුවා. ඔහොම හොයද්දී හම්බ වුණා ගැළපෙයි කියලා හිතෙන කෙනෙක්ව. ‘ඒ තරුණ අම්මගෙ මනුස්සයා බිරිඳව දාලා ගිහින්. ළමයාවත් හදාගෙන ඉන්නට ඒ  තරුණ අම්මා දාන්නේ පුදුම දහිරියක්!’

හෙට්ටිආරච්චි මහත්තයා බොහොම ප්‍රවේසමෙන් ඒ අම්මව හම්බ වෙලා තමන්ගේ ප්‍රශ්නේ කිව්වා.
“අනේ, වරදවල හිතන්න එපා. මේ ලෙඩේ හින්දා මං දැන් බාගෙට මැරිලයි ඉන්නේ.....ඉල්ලන ගානක් දෙන්න මම ලෑස්තියි. මට මේ උදව්ව කරන්න....”

ඔන්න ගණන් හිලවු කතා කර ගත්තා.
පහුවදා ඉඳලම ප්‍රතිකාරේ කෙරෙන්න පටන් ගත්තා. අම්මටත් වැඩිය, හෙට්ටිආරච්චි මහත්තයාටයි ලජ්ජ.
තරුණ අම්මා පියයුරු නිරාවරණය කළේ ඇස් වහගෙන....
හෙට්ටිආරච්චි මහත්තයත් ආපහු බිලිඳු වයසට ගියෙ ඇස් දෙකම වහගෙන.

හැබැයි, දෙන්නගෙම කෝඩු ගතිය තිබුණේ මුල් දවස් කීපෙදී විතරයි. දැන්-දැන් හෙට්ටිආරච්චි මහත්තයාගේ මව් කිරි බීම ටිකාාාාාක් එක විදිහක්.....
අර අම්මණ්ඩිත් හිතුවා තමන්ටත් යන-එන විදිහක් නැති එකේ.....

ඊළඟ දවසේ හෙට්ටිආරච්චි මහත්තයා ප්‍රතිකාර ගනිද්දී තරුණ අම්මා හීන් හඬින් කතා කළා.

“ඔයාට ඔච්ච්රමද ඕනේ... වෙන මුකුත්...”

හෙට්ටිආරච්චි මහත්තයා පුදුමයෙන් ඇස් විතරක් නෙවෙයි, කටත් ඇරගෙන තරුණ අම්මා දිහාව බැලුවා.... බලලා මෙහෙම ඇහුවා.

“කොච්චර එකක්ද... ඔයාාාාා තරහ වෙයි කියල බයෙනුයි මම මෙ..ච්..ච..ර දවසක් ඇහුවේ නැත්තේ... උණුවෙන් මොනවා හරි බොනකොට මං විස්කෝතුවකුත් හපන පු..රු..ද්..ද..ක් තියෙනවා. එහෙනං, හෙට ඒකක් ගෙනාවට කමක් නැහැනෙ?”

16. බලු හුරතලා

“ප්‍රිය මහතාණෙනි,
අධ්‍යයන කටයුත්තක් සඳහා ඔබේ හෝටලය තිබෙන පලාතට පැමිණිය යුතුව තිබේ. එවිට ඔබේ හෝටලයේ නවාතැන් ගැනීමට අදහස් කරමි. එහෙත් එසේ කළ හැකි වන්නේ මගේ කීකරු, මැනවින් පුහුණුකොට ඇති සුනඛ හුරතලාටත් මගේ කාමරයේම නවාතැන් ගැනීමට ඉඩ දෙන්නේ නම් පමණි.

එසේ අවසර දෙන්නේ දැයි දන්වනු මැනවි!”

එතෙක් මෙතෙක් කල් කිසිම බල්ලෙක් හෝටලයේ තුවා සොරකම් කොට නැත.....

හෝටලයේ කළමනාකරුට ප්‍රසිද්ධ මහාචාර්යවරයෙකුගෙන් ලැබුණු ලිපියයි ඒ. කළමනාකරු වහාම පිළිතුර ලියන්නට පටන් ගත්තේය.

“හිතවත් මහාචාර්යතුමනි,
ඔබගේ විමසීම ලදිමි.
මෙම හෝටලයේ කළමනාකරු ලෙස වසර දහයක් සේවය කරන්නෙමි. එතෙක් මෙතෙක් කල් කිසිම බල්ලෙක් හෝටලයේ තුවා සොරකම් කොට නැත. ඇඳ ඇතිරිලි, රිදී හැඳි, ගෑරුප්පු හෝ හෝටලයේ විසිතුරු බඩු සොරෙන් ගෙනගොස් නැත. එපමණක්ද නොවේ:
අනෙකුත් නවාතැන්කරුවන්ට හිරිහැර වනසේ බීමත්ව අශෝභන ලෙස හැසිරුණු අවස්ථාවන්ද නැත.

හෝටලයේ නවාතැන් ගෙන, ආහාර-පානවලින් සප්පායම්වී බිල් පත නොගෙවා හොරෙන්ම පළා ගිය බල්ලෙකු ගැනත් මම නොදන්නෙමි.

එබැවින් ඔබතුමාගේ මැනවින් පුහුණුකොට ඇති, කීකරු සුනඛ සුරතලාවත්- ඌ කැටුව එන ඔබතුමාවත් සාදරයෙන් පිළිගනිමි. ස්තුතියි!”

17. කළ කම් පළ දෙන හැටි

අර යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම හාමුදුරුවෝ මොකක්ද පොතක ලියල තිබුණලු කවියක්. හරියටම නම් වචන මතක නෑ. ඒත් මෙන්න මේ වගේ:

‘අපායට යන්න ඕනෑ නම්      නුඹට
 කරපං මහ ඇමතිකම එක දවසකට’
හැබැයි ඒ කවිය ලියන කාලේ මහ ඇමතිකම් තිබුණේ නෑ, අගමැතිකම්- ඇමතිකම් මිසක්.

කොහොමෙන් හරි ඔය චූර්ණිකාව මතක් වුණේ මොකද දන්නවද? අගමැතිකම් කරපු දෙන්නෙකු ගැන කතාවක් මතක් වෙච්චි නිසා.

ගල්ඔය ව්‍යාපාරෙ ඇති කළා... තව ගොවි ජනපද හැදුවා...

ඩී.එස්. සේනානායක මහත්තය ලංකාවේ පළමුවෙනි අගමැතිතුමා. අස්සයා පිටින් වැටිලා මැරුණයි කියමුකෝ.

ඔන්න උන්නැහේ යම ලෝකෙට ගිහින් යම රජ්ජුරුවෝ ඉස්සරහ ඉන්නවා.... යම රජ්ජුරුවෝ ඉස්සරහ තඩි පොතක්. (මනුස්ස ලෝකේ උදවිය කරන- කියන හොඳ, නරක ඔක්කොම ඒ පොතේ ලියැවිලා තියෙනවලු!)

“හා කැලෑ ජෝන්! කොහොමද ඉතිං....” යම රජ්ජුරුවෝ ඇහුවා. ඩී.එස්. සේනානායක මහත්තයට පටබැඳිල තිබණු නමක් තමයි ඔය ‘කැලෑ ජෝන්’ කියන්නේ.

ඩී.එස්. සේනානායක මහත්තයා හොඳ උස- මහත මහ කළු සිංහලයෙක්නේ. ආඩම්බර තාලෙට ඔළුව යන්තමට හොලවල හිනා වුණා.

“හොඳයි, මොනවද තමුන් කරපු හොඳ දේවල් මනුස්ස ලෝකේ ඉන්දැද්දී.” යම රජ්ජුරුවෝ ඇහුවා.

“මම ලංකාවට නිදහස ගන්න සටන් කළා.... සේනානායක සමුද්‍රය හැදෙව්වා... ගල්ඔය ව්‍යාපාරෙ ඇති කළා... තව ගොවි ජනපද හැදුවා...” ඔය විදිහට සේනානායක මහත්තයා එයා කරපු දේවල්වල ලැයිස්තුවක් කියාගෙන කියාගෙන ගියා.
ඒ ඔක්කොටම සාවධානව කන් දීපු යම රජ්ජුරුවෝ ඊළඟට ඇහුවේ යකාගෙ ප්‍රශ්නයක්...

“තමුසෙ බඩු කීයක් ගහල තියෙනවද?”

සේනානායක මහත්තයට තේරුණා මේක මේ නොදන්නාකමට අහන ප්‍රශ්නයක් නෙවෙයි කියලා. බොරු කියනවට වැඩිය හොඳයිනේ ඇත්තම කියන එක.

“හතරයි ස්වාමිනි.” කියලා උත්තර දුන්නා.

යම රජ්ජුරුවො අඩි පොළොවේ හැප්පුවා. “හතරද? යම පල්ලනි, වහාම මේ නරයා රැගෙන ගොස් ඔහුට හිමි වාස භවනය පෙන්වනු!”

ඩී.එස්. සේනානායක මහත්තයත් යම පල්ලෝ එක්ක ගියේ ගැහි-ගැහී. මොනවා වෙන්න යනවද දන්නෙ නැහැනෙ.
ඒත් හොඳ ගෙයකට එක්ක ගිහිං, ඒකෙ යතුර දුන්නම ඒ බය නැති වුණා. ගෙදරත් හොඳයි! ඇඳ පුටු මේසත් තියෙනවා.... ඒ මදිවට ගරාජ් එකකුත්. ඒක ඇතුළේ ‘දඬු ෆෝඩ්’ කාර් එකකුත් තියෙනවා.

බණ්ඩාරනායක මහත්තයා මොළකාරයානෙ. හීන් සීරුවේ අහගත්තා යම රජ්ජුරුවො අහන්නෙ, කරන්නෙ....

ඔන්න ඩී.එස්. සේනානායක මහත්තයා බොහොම සන්තෝසෙන් ඔය ගෙදර ඉන්නවා. දවසක්දා උන්නැහේ දවල්ට කාලා එහෙම ඉවර වෙලා, සුරුට්ටුවකුත් පත්තු කරගෙන, අර දඬු ෆෝඩ් කාර් එකෙන් කොහෙද යනවා.

මෙන්න බොලේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහත්තයා ඉස්සරහට එනවා. ඩී.එස්. කාර් එක නැවැත්තුවා; බැස්සා.

“මොකද බණ්ඩො මෙච්චර ඉක්මනට උඹ මෙහෙ?”

“ඒක නේන්නං... මගේ පංච මහා බලවේගේ අංක එකේ එක්කෙනෙක් මට වෙඩි තිබ්බනේ...” එතැනින් පටන් ගත්තු ආගිය කතාව ටිකක් දිගට ඇදිල ගියා.

බණ්ඩාරනායක මහත්තයා මොළකාරයානෙ. හීන් සීරුවේ අහගත්තා යම රජ්ජුරුවො අහන්නෙ, කරන්නෙ මොනවද- කොහොමද කියල. අහගෙන ඉවර වෙලා, සේනානායක මහත්තයට ‘බායි’ කියලා ගියා යම රජ්ජුරුවෝ ළඟට.

යම රජතුමා එයාගෙනුත් ඇහුවා කරපු හොඳ- නරක.

“මම වරාය, බස් සමාගම් ජනසතු කළා... සිංහල රාජ්‍ය භාෂාව කළා....” ඔය වගේ දේවල් ගොඩාක් බණ්ඩාරනායක මහත්තයත් කීවා.

යම රජතුමා පුරුදු විදිහටම ඊළඟ ප්‍රශ්නෙත් ඇහුවා. බණ්ඩාරනායක මහත්තයත් බල-බලා හිටියේ ඒක අහනකල්.... උන්නැහේට ෂුවර් ‘ගණන’ ඉහළ යනකොට හම්බ වෙන දේවලුත් ඉහළ යන බව....

“දහයයි ස්වාමිනි.”
“හ්ම්! දහයයි... යම පල්ලනි, මොහුට හිමි තැන පෙන්වනු!”

අනේ! යම පල්ලෝ බණ්ඩාරනායක උන්නැහෙව එක්කරං ගියපි පොල් අතු පැලකට. ඒ මදිවට ඒකෙ ඇඳ පුටු මේසත් බොහොම කබල්.... ඔක්කොමත් හරි, ගේ අයිනක බිත්තියට හේත්තු කරලා තියෙන මළකඩ කාපු බයිසිකලේ දැක්කම බණ්ඩාරනායක මහත්තයගෙ බඩ පපුව දාලා-පිච්චිලා ගියා.

මං වන්නා බයිසිකලේක හරි එනවා. ආං අර කටු පඳුරු පිරිච්චි පාර දිගේ...

වෙච්චි දේට එන්න සෙයියදු කිව්වලු. බණ්ඩාරනායක මහත්තයා ඔන්න දැන් එයාට හම්බ වෙච්චි ගෙදර ඉන්නවා.
දවසක්දා පයිප්පෙත් කටේ ගහගෙන, හති දදා, දාඩිය පෙරාගෙන- අර බයිසිකලේ පැදගෙන යන බණ්ඩාරනායක මහත්තයට හම්බ වෙච්චයි කියමුකෝ, සේනානායක මහත්තයාව.

“මොකද බණ්ඩො මේ ෆුට් සයිකලේක?” සේනානායක මහත්තයා අහපි. බණ්ඩාරනායක මහත්තයත් මෙහෙම කියපි.

“මං වන්නා බයිසිකලේක හරි එනවා. ආං අර කටු පඳුරු පිරිච්චි පාර දිගේ මල්වත්තා සෙරෙප්පුත් නැතිව පයින්ම වඩිනවා.”

මොකක් හරි කියවද්දී මගේ මොළේ වැඩ කරන්නේ ‘සිනමා ප්‍රක්ෂේපන’ යන්තරයක් වගේ වෙන්නැති කියලයි මට හිතෙන්නේ. වචන ටික එක පැත්තකින් ඔළුවට යන අතරේ- ඇස්දෙකේ එක දිගටම අර වචනවලින් කියවෙන සිත්තම් එක පෙළට දිග හැරෙන්න ගන්නවා. හැබෑට, ඔය අසනීපෙ තියෙන්නේ මේ පිස්සු මට විතරයිද?
එහෙම හිතුණේ අර අන්තිම ඡේදය අකුරු කරන අතරේ දිස්වෙන්නට ගත්තු රූපාවලිය නිසා....
වියපත් උන්නාන්සේ කෙනෙක් නිරුවත් දෙපාවලින් යුතුව දුෂ්කර පාරක වඩිමින් ඉන්නවා. ඒ අතරේ කබල් ෆුට් සයිකලේක නැඟුණු බණ්ඩාරනායක මහත්තයා හිටු කියලා, සයිකලේ පාගමින් අරුන්නාන්සේව overtake කරනවා!

අනේ සංතෝ, ඒ ටික කෙරෙද්දී ඔළුවට ආවේ ‘මාතලන්’ බ්ලොග් අඩවියේ අලුතෙන්ම පළ වුණු පෝස්ට් එකකට Anonymous කෙනෙකු එවා තිබුණු comment එකක්. 

[හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්,දේශප්‍රේමියෙක්.... මෙන්ම විශ්වයේ ජීවියෙක්ද වෙතැයි කියා ගන්නා මාතලන් පළකොට තිබුණු ඒ post එක ‘ට්‍රින්කෝ තෙල් ටැංකි හා දෙවනි ගමන’ නමිනුයි හඳුන්වා තිබුණේ. මාතලන්, එයාගේ ඒ විශේෂණ අතරට ‘අනුනට උදව් කරන්නෙක්’ කියලත් දාගන්නයි තියෙන්නේ.
මාතලන්ගේ සින්ඩියෙන් බ්ලොග් ලියන අපිට ලැබෙන සුපිරි තල්ලුව පොඩි නෑනෙ. ඒකයි එහෙම කිව්වේ.]  

කතාවේ හැටියට ඔන්න ටීටර් එකක් පෙන්නනවලු. දන්නවනේ ඉතින් ගමේ....

මං කියනවාට.... පුළුවනි නං try කරන්නකෝ මේ යටින් කියවෙන; අර කමෙන්ට් එකේ වචන ටික කියවද්දී ගැළපෙන ‘රූපාවලියක්’ මනස් රිදී තිරයේ ඇඳ ගන්න.

..... කතාවේ හැටියට ඔන්න ටීටර් එකක් පෙන්නනවලු. දන්නවනේ ඉතින් ගමේ ප්‍රභූන් අරුන් මුන් ඔක්කෝම එනවනේ. ලයිට් නැති නිසා පැට්‍රෝමැක්ස් ලාම්පු, එතකොට කෑලි පහේ ටෝච් අරවා මේවා තමයි විදුලි ආලෝකය. ඔය අස්සේ එකෙක් ස්පොට් ලයිට් එක දෙන්නේ බයිසිකලේකට හයි කරපු ඩී.සී. ඩයිනමෝ එකකින් පවර් සප්ලයි දෙන ලයිට් එකකින්ලු. බයිසිකලේ ඉස්ටෑන්ඩ් එක ගහලා පස්සෙ රෝදෙ උස්සලා ඩයිනමෝ එකේ ලෝඩ් එක දීල එකෙක් එකසිය ගානට පදිනවලු.
මොකෝ ඩයිනමෝව කැරකෙන ඉස්පීඩ් එකටනේ ආලෝකේ වැඩි වෙන්නේ. ඉතින් ඔන්න ඔහොම දැන් නාට්ටිය යනවාලු
, දැන් හිතහන්කො මේ නාට්ටිය බැලසන්ත නාඩගම කියලා, ඔන්න සින්දුව යනවා;

අලිසන්දරා පට්ට ඩාන්ස් එකක් දාගෙන පුල් ගම්භීර් තාලෙට එනවා ඉස්ටේජ් එකට;

ග‍ම්‍භී‍ර‍ තෙ‍දැ‍ති‍ කොංස්‍ත‍න්‍ තී‍නු‍පු‍රේ‍
කොංස්‍ත‍න්‍ තී‍නු‍පු‍රේ‍
පුරවර්ධන කරන අග නරනා මෙ මම්//

නාමය මං අලිසන්දිරී//
මම ධර්මෙන් මෙපුර පාලන කරමින්නේ
ධර්මෙන් මෙපුර පාලන කරමින්නේ
ඉන්නේ මැදුරෙ ප්‍රීතිය විඳිමින්නේ//
එහෙම උනාත් මෙ මට ඇත
ලොකුම දුකාක්
මෙ මට ඇත - ලොකුම දුකාක්
කරකාරියක් නැතුව සිත
නොමැත සැපාක්//
එය විසඳාගන්නා ලෙසා...//
මගෙ මන්ත්‍රී කැඳවා මම
පහදා කියමි එය//
නොමැත ළඳක් මෙහෙසිය ලෙස ගන්නට//

ග‍ම්‍භී‍ර‍ තෙ‍දැ‍ති‍ කොංස්‍ත‍න්‍ තී‍නු‍පු‍රේ‍
කොංස්‍ත‍න්‍ තී‍නු‍පු‍රේ‍
පුරවර්ධන කරන අග නරනා මෙ මම්//

මං මේ මුළු තුන් ලෝකෙන්ම, ලස්සනම ගෑනු කෙනාට අඳින්න මල් හතේ සාරියක් ගෙනාවා.

ඔන්න ඔය වගේ නැගල යනකොට නාට්ටියේ හොඳම වෙලාවක, ඩෝප්කාරයෙක් ඇවිත් අර ස්ටෑන්ඩ් එක ගහල- උස්සල තිබ්බ සයිකලේ පිටිපස්සෙන් තල්ලු කරලා. මෙන්න ඉස්පොට් ලයිට් එක වේදිකාව මැදින් ගිහින් උඩින්ම ගිහින් වැටුණලු ප්‍රභූවරුන් එහෙම ඉන්න තැනට. කස්ටිය නාට්ටිය නවත්තලා, තල්ලු කරපු එකාට නෙලලා. නාට්ටිය එතනින් ඉවරයි... කොහොමද හිතා ගනින්කෝ සීන් එක...

ඊළඟ හිනා කතාව කියවන්න කලින් හිනාව නවතිනකල් හිටිමු නේද?

18. දෙකේ වෙනස

“හොඳයි විමලා, දැන් කියන්න බලන්න ‘මම ලස්සන වෙමි’ කියන වාක්‍යය අයිති මොන කාලයටද?”

“ටීචර්ගේ අතීත කාලයට!”

19. තුන් ලෝකෙම ලස්සන ගෑනි

වෙනදා වගේම කණ පාත් වෙන්න බීපු ගලපිටමඩ මහත්තයා හොඳටම රෑ වෙලා ගෙදර ආවා. හරි වැඩේ! ගෙදර දොර-ජනෙල් ඔක්කොම වහලා.

ගලපිටමඩ මහත්තයා දොරට ගැහුවා... නෑ සද්දයක්. ජනේලෙට ගැහුවා... ඒත් සද්ද නෑ. කුස්සියේ දොරට ගැහුවා.. ඒත් සද්ද නෑ.
‘අද නං ගෑනිට හොඳටම ඔරොප්පු වෙලා’ තමන්ටම කියා ගත්තු ගලපිටමඩ මහත්තයා අයිඩියා එකක් හෙව්වා ගේ දොර ඇරවගන්න.

“නෝනේ... දොර අරින්න නෝනේ.... චුට්ටක් පරක්කු වුණා තමයි! ඒත් ඔයා දන්නවද? මං මේ මුළු තුන් ලෝකෙන්ම ලස්සන ගෑනු කෙනාට අඳින්න මල් හතේ සාරියක් ගෙනාවා.” ගලපිටමඩ මහත්තයා සද්දෙට කිව්වා.

මෙන්න බොලේ එතකොටම දොර ඇරුණා. හිනා වීගෙන එළියට ආපු ගලපිටමඩ නෝනා, මහත්තයාගේ අතේ තිබුණු බෑග් එක උදුරා ගත්තා; ඇදලා බැලුවා.

“බොරුකාරයා, කපටියා. කෝ ඉතිං ගෙනාවයි කියපු සාරිය...”

“සාරිය තිබුණට වැඩක් නෑනෙ නෝනේ! අර ලස්සනම ගෑනු කෙනාත් නැතිකොට.”

දැන් හත් මාසයක්. හරිම අමාරුයි, මේ බඩත් උස්ස ගෙන එහෙ මෙහෙ ඇවිදින එක.

20. කල් ගතවීම

විවාහයෙන් පසු පළමු වසරේදී සැමියා කතා කරයි; බිරිඳ අසා සිටියි.

විවාහයෙන් පසු දෙවන වසරේදී බිරිඳ කතා කරයි; සැමියා අසා සිටියි.

විවාහයෙන් පසු තෙවන වසරේ සිට  දෙදෙනාම කතා කරති; අසල්වැසියෝ අසා සිටිති.

21. මමයි ඒක කළෙත්

පුංචි සිරිපාලගේ මගෝඩි වැඩ නිසා පළමු වසර පංතියේ ගුරුතුමිය සිටියේ හිතේ අමාරුවෙනි. කොතෙක් කීවත් සිරිපාල ඒවා කණකටවත් නොගනී; දඟ කරයි. අනෙක් සිසු-සිසුවියන්ටද වද දෙයි. ඒ සියල්ලටමත් වඩා ඉවසිය නොහැකි වූයේ සිරිපාලගේ වයසට වඩා වැඩි පණ්ඩිත කතා කීමය. ඒවා බොහොමයක් අසභ්‍ය ඒවා විණි. බැරිම තැන ගුරුතුමිය සිරිපාලගේ අම්මාට  පණිවිඩයක් යැව්වේ, පැමිණ තමා හමු වෙන්නැයි කියමිනි.

ඊළඟ දින උදෙන්ම සිරිපාලගේ මව පාසලට පැමිණ ගුරුතුමිය හමු වූවාය.
“ටීචර්ගේ පණිවිඩේ අහක දාන්න බැරි නිසයි ආවේ... දැන් හත් මාසයක්. හරිම අමාරුයි, මේ බඩත් උස්ස ගෙන එහෙ මෙහෙ ඇවිදින එක.” අම්මා ටීචර්ට කීවාය.

ඒ අතරේ එතැනට වී සිටි සිරිපාල උජාරුවෙන් වටපිට බලා, මහ හඬින් මෙලෙස කීවේ මවගේ ගැබ දෙසට දබරැඟිල්ල දිගු කරමිනි.

“කොහොමද මගෙ වැඩ? මේකත් මගෙ වැඩක්”

සිරිපාලගේ අම්මාත්, ගුරුතුමියත් මුහුණින් මුහුණ බලා ගත්හ.

“හා, හා. ඔයා ගිහින් අනිත් ළමයි එක සෙල්ලම් කරන්නකෝ. මං අම්මත් එක්ක කතා කරනකල්.” ගුරුතුමිය සිරිපාලව ඈතට යැව්වාය.

“පේනවනෙ, වෙනදටත් ඔහොමම තමා. තරමට වැඩිය දේවල්ම තමා කියන්නේ...” ගුරුතුමිය සිරිපාලගේ අම්මාට සියලුම විස්තර කිව්වාය.

කවදාවත්ම ගුද මාර්ගික සංසර්ගයක ප්‍රතිඵලය විදිහට දරුවෙක් පිළිසිඳ ගන්නෙ නෑ!

“අනේ ටීචර් වඳින්නං.. මට පුතාව හදල දෙන්න. ගැහුවට බැන්නට නං ඌට ගණනක් නෑ. තාත්තගෙනුත් හැමදාම ගුටි කනවා...” අම්මා බැගෑපත්ව ඉල්ලා සිටියාය.

ඇය නික්ම ගිය පසු ගුරුතුමිය සිරිපාලව ළඟට ගෙන්වා ගත්තාය. හිස අත ගෑවාය. “බලන්න පුතේ, ඔයාලගේ අම්මා ආපහු ගියේ අඬ-අඬා. ඔයා කියාපු කතාවට අම්මට ගොඩාරියක් ලජ්ජා හිතුණා. පොඩි ළමයි ඔහොම බහුබූත කතා කියන්නෙ නැහැනෙ පුතේ...”

“බහුබූත? බහුබූත නෙවෙයි ටීචර්. මං කිව්වේ ඇත්තම ඇත්ත... අම්මපා ඇත්ත!” සිරිපාල හතී-අත දිවුරුවේය.

“චී චී, ඔහොම කතාවක්.... මහා පව් වැඩක්!”

“ටීචර්ට වැරදිලා. ඔය ටීචර් හිතපු විදිහේ දෙයක් නෙවෙයි මං කිව්වේ. මම දන්නවා අපේ තාත්තගේ කොන්ඩම් හංගලා තියෙන තැන. ඉතිං, මං ඒවා ඔක්කොමගේ මුඳුන හිල් කරනවා.... ඒකනෙ....”

ගුරුතුමියට ඉතිරි කොටස නෑසුණේ ඇය ක්ලාන්තය දමා වැටී සිටි බැවිනි.

22. දේශපාලකයෝ ඉපදෙන්නේ...

පවුල් සැලසුම් ක්‍රම පිළිබඳව උපදෙස් දෙමින් සිටි වෛද්‍යවරයා අසන්නෙකු මතු කළ ප්‍රශ්නයට පිළිතුරු දුන්නේය.
“කවදාවත්ම ගුද මාර්ගික සංසර්ගයක ප්‍රතිඵලය විදිහට දරුවෙක් පිළිසිඳ ගන්නෙ නෑ!”

ඒ සමඟම නැඟී සිටි වියපත් තැනැත්තෙක් ඊට එරෙහි වූවේය.

“එහෙම නං කියනවා, කොහොමද මේ ජාතියේ පොලිටීෂියන්ස්ලා මෙච්චර ඉපදෙන්නේ?”

වැදගත් ප්‍රශ්නයක් අහපුවාම ඒකට හරි යන විදිහේ උත්තරයක් ගළපා ගන්නත් සෑහෙන කාලයක් යනවනේ... ඒකට ඉඩ සලස්වලා අදට නවතින්නං, හොඳේ....

ඊට ඉස්සෙල්ලා පුංචි ඉල්ලීමකුත් කරන්න තියෙනවා. අලුතෙන් blog අඩවි කීපයක්ම කරලියට ඇවිත්, ඒ වගෙමයි ‘බොග දැමිල්ල’ අමතක කරලා හිටි දැවැන්තයන් කීප දෙනෙකුත් යළි පිබිදිලා. ඒ හැමෝම අතින් කාගෙන හරක් බලමින්, අතේ වැරෙන් ඔව්වා කොරන්නේ- පාඨක ඔයාලා අපි වෙනුවෙන්..

අපිත් මේ වෙලාවේ ඒ සද් කාර්යයට අත දෙන එකනෙ යුතුකම!

65 comments:

  1. පිබිදෙනවද කියලත් අහනවා? එක යායට පූදිනවා. කොළඹ ගමරාළත් පට්ට පෝස්ට් එකක් දාලා.😊👌🙏
    https://kolambagamaya.blogspot.com/2021/10/blog-post_6.html

    හිනා කතා ටික තියාගත්තා බත්කාලා කියවන්න. හොඳම දේ අන්තිමට ඉතුරු කරගැනීම, මම කුඩාකාලෙ හිටං ගෙනාපු චාලිත්තරයක්. බස්සා පැටියා කාලෙ බත් කනකොටත්, කරවල කෑල්ල, බිත්තරේ, මාළු කෑල්ල පිඟාන අයිනේ ඉන්නව, අන්තිම වෙනකල්. ඕක දන්න අසම්ජ්ජාති බකුසු අයියා, පැන්න ගමන් ඕක අරං කනවා. පස්සෙ බස්සා තැනට සුදුසු නුවණ යොදලා, හොඳට කෙළ ගාලා තමයි එව්වා පිඟානෙ තියාගත්තෙ, ආයෙ එන්නම්.😊

    ReplyDelete
    Replies
    1. පෝස්ට් වහිනවා

      Delete
    2. ඇම්ඩගෙ කතාව විතරයි මම අහල තිබ්බෙ. හෙට්ටිආරච්චි මහත්තයාගෙ කතාව නියමයි.🤣

      Delete
    3. බකුසුතුමෝ, අපේ ගෙදරදීත් ඔය පුරුද්ද තිබ්බා. අපි ඒකට කිව්වේ හොඳම බත් කට කියලා. අනෙක තමයි පිම්බුණු පපඩමක පොඩ්ඩක් කඩලා ඒක ඇතුලට අර හොඳම බත් කටට අනාපු දේවල් පුරවා ගන්න එක. මම ඒ ගැන නං කලිනුත් ලියලා තියෙන්නේ...

      මම ලොකු අයියා වෙලත් කොයිම වෙලාවකවත් නංගිල මල්ලිලාගේ දේවල් උදුරාගෙන නෑ...
      එයාලා තමයි හොරෙන් හරි මගේ දේවල් අරගෙන තියෙන්නෙත්.

      ඔයා මහරගම හිටි මගේ හිතවතෙක්ද මන්දා. පොඩියන් බාප්පා කියාඅ කවුරුත් හඳුන්වපු කෙනෙකුගේ පුතෙක් හිටියා, අනුර කියලා. පොරත් ඕනිම වෙලාවක අපි කල්ලියට කෑමක් ලැබුණු ගමන්ම, එයාගේ පංගුවට තූ තූ කියලා කෙළ ගහලා තියා ගන්නේ, වෙන අය උදුරා ගන්න එක නවත්තන්න!

      Delete
    4. ඔන්න මහත්තයා කෑල්ල අතාරින්න පුරුදු වෙනවා අජිත්!
      posts වැස්සට තෙමෙමු නේද?

      පොතේ කතා ටිකක් හරි වැඩිය ප්‍රචලිත වෙලා නැති එක ගැනයි හිතන්නේ.... tv එහෙම ආවාට පස්සේ කාලය නිසා වෙන්නැති.

      Delete
  2. අඩේ බලු කතාව අහල තියනවා. අනිත් ඒවා මරේ මරු. ඈ මචෝ අර ධර්මේ සින්දුව කොහෙන්ද හොයා ගත්තේ . හේ හේ

    ReplyDelete
    Replies
    1. ලොකා ඉස්සර ටීටර් නටල තියෙනවා....අහල පහල අය නං කියන්නෙ දෙපෝය කාලෙට තාම කඩුවෙ මිට වන වනා සිරි සඟබෝධි මාළිගාවෙදී කියනව කියල...

      Delete
    2. කඩුමිට වන,වන.......හ්ම්🤔

      Delete
    3. ටීටර්වල රසකතා තමයි, අජාසත්ත, දිව්‍ය අංගනි සේ මම සැරසී, මාරක හී පහර postsවලින් කිව්වේ. තව තියෙනවා ලියන්න.

      අජිත්, බස්සා දෙන්නගෙ කමෙන්ට්ස් දැක්කම මතක් වුණා එහෙම එකක් ඉක්මනටම ලියන්න ඕනි කියලා.

      Delete
  3. Heard different versions of most except the politicians one. Any links to new blogs?

    ReplyDelete
    Replies
    1. https://icemola.blogspot.com
      https://ahasyaathrikaya.blogspot.com
      https://namiyageweediya.blogspot.com

      තව අලුත් අය ඇති සිංඩිවල

      Delete
    2. ගොඩක් ස්තුතියි විජේබාහු මහතාණෙනි, උනන්දුව ගැන. බකුසුතුමා දීලා තියෙන linksවලට තමයි මාත් අලුතෙන් ගියේ, එයාලගෙම මඟ පෙන්වීමෙන්..

      Delete
    3. බස්සා තවත් එකතුවෙනවා ඔතනට https://bududahamemaga.blogspot.com

      Delete
    4. නමී, එතැනත් හොඳයි තමා බණ- දහමක් ගැන හිතන අයට.

      Delete
  4. අතීතයෙන් පාඩම් ඉගෙන ගන්නවා නම්, ජනප්‍රියතාවයත් එක්කම එන මී-උවදුර ගැනත් හිතන්න වෙනවා. මීයන්ට වාසෙක්ත-මී කරනවද, මී-පාසානම් දෙනවද?

    කමෙන්ට් මොඩරේෂන්(අන්තිම තුරුම්පුව), ජෙනුයින් මීයන්ට කමෙන්ට් එපා කිරීමක් බව විජේබාහු කිව්වා. ඇනෝ පහසුකම ඉවත්කිරීමත්, ආක්‍රමණශීලී ඇනෝලට උත්තර නොදීමත් කරන්න ඇහැකියි. මේ හැම ක්‍රමයක්ම විවාදාත්මකයි. ඒත් ඒ හැමදේටම වඩා මේ පිබිදීමේ පැවැත්ම වඩා වැදගත් කියල මට හිතෙනවා. මම වැරදි වෙන්නත් පුළුවන්, ඒත් මේ මගේ සත-දෙක, විවාදයට විවෘතයි.

    ReplyDelete
    Replies
    1. වැරදුනා,විවාදය නෙමෙයි සංවාදය. අලුතින් එන අයට, අපිව කල්ලියක් ලෙස පේනවා කියලත් කියැවුනා. ටිකක් දැණගන්න තෙක් හැමෝ එක්කම විහිලු-තහලු කරගන්න එකත් අමාරුයි නේද? කැමති අයට, තමන්ගේ පෞද්ගලිකත්වය රැකගන්න දෙන්න ඕනෙ කියන එක මගේ විස්වාසයයි. මේ කිසිවක් ගලේ කොටපු අකුරු නෙමෙයි. අනිත් අය වගේම, මමත් සිංහල බ්ලොග්වලට හරිම ලැදියි. ඒකයි මෙහෙම ලිව්වෙ.

      Delete
    2. මීයො කිව්වම මතක් උනේ.

      දවසක් ප්‍රසන්න මී පාසානං කාල. මී පාසානං වැඩ කරන්ඩ වතුරත් බොන්ඩෙපැයි, වතුරත් ගොඩක් බීලා. ඇඳට වෙලා බලං ඉන්නවලු මැරෙනකං. ඒ උනාට මැරිලා නෑ. හොඳට නින්ද ගිහිං. සෑහෙන වෙලාවකට පස්සෙ ඇහැරිලා, චූ කරන්න ගියාලු. ඒ උනාට චූ කරන්ඩ බෑලු. මොකද බැලින්නං ප්‍රසා ගෙ මීය මැරිලා.

      Delete
    3. අතීතයේ රජ දවස, මහරගම පැත්තෙ කුලී ගෙයක බස්සෙක් ඉඳලා තියනවා. දවසම මහන්සි වෙලා දෙගොඩහරි ජාමෙ නිදියන්න එන බස්සට, තඩි මීයෙක් කරදර කරල තියනවා, වහලෙ පරාල දිගේ එන මීයා, ලයිට් සුවිච්, බිත්තියට පිටින් දාපු කන්ඩියුට් බටේ දිගේ තමයි ඇවිල්ලා තියෙන්නෙ. අර කියපු බස්සා, බටේ ග්‍රීස් ගාලා, කුස්සියෙ කොස්සත් ගෙනත් තියාගෙන ඉඳලා. ඕං එදත් ආවලු මී-නයිදෙ. ලයිට් එක දැම්මාම වෙනද පුරුද්දට දුවල ගිහින් පැනලා බටේට. දැන් මීය ලිස්සන ගහේ ඉවෙන්ට් එක කරන්න ගත්තලු. බස්සා කොස්සෙන් ගැහුවාම බිමට වැටිලා. ඒත් ආයෙත් ගිහින් පැන්නලු බටේටම. ඔහොම බටේ ග්‍රීස් නැති වෙනකං, ලිස්සපු මීය අන්තිමට කොඩිය ගත්තලු. ඒත් එදායින් පස්සෙ ආයෙ ආවෙ නෑ කියල තමා ඒ බස්සා කිව්වෙ. ට්රූ ඉස්ටෝරි, ක්‍රොස් මයි හාට්!

      Delete
    4. ප්‍රසන්න මුදුංකොටුව නේද? මට හිතුන ඌට එහෙම වෙයි කියල.

      Delete
    5. දැන් වගේද ඒ කාලෙ ඇනෝ වලි !! ඒ ඇනෝලගෙ ඔරිජින් හොයන එක ගැන වෙනම රහස් පරීක්ෂණ වලි තිබුනා.

      Delete
    6. කතන්දරකාරය තමයි ඒවට දස්ස.

      Delete
    7. මං කැමතිම ඇනෝ හිටියෙ හැලපතුමාට...අර බෝතලේ ගැන කියන්ඩ පටං ගන්නෙ....

      Delete
    8. අහා ගෝලීප් ඇනෝ? ඔන්න ඔය වගේ ආතල් ඇනෝල නිසා තමයි, ඇනෝ වහන එක අවුලක් වෙන්නෙ?

      Delete
    9. දවසකට පස්සේ උත්තර ලියවෙන නිසා එක පෙළට තමා ලියන්න වෙන්නේ.
      //වැරදුනා,විවාදය නෙමෙයි සංවාදය.// ඔව් බස්සා මහත්තයො, අදහස් ගැටෙනකොට හරි ලස්සනයි, අදහස් දරන්නා එක්කලා නොගැටී!
      මට මතක් වුණේ 'අපෙ හිත්වල නෑ ක්‍රෝධේ - විහිලුවටයි විවාදේ' ගීතය කියල ජෝතිපාල- මිල්ටන් දෙන්නා අනංග වාදය ඉවර කළ හැටි!

      Delete
    10. ඩ්රැකී, බකුසු, නයා, Pra Jay තරම් මම blog ලෝකෙට පරණ නැති නිසා අතීත විත්ති දන්නෙ අඩුවෙන්.
      තමුන්ගේ අනන්‍යතාව හෙළි නොකර සිටීම කෙනෙකුගේ කැමැත්ත නං අපට ඒකට ඉඩ දෙන්න වෙනවා. බලෙන් ඒක එළි කරගන්නේ මොකටෙයි?

      විශ්වාසය ගොඩ නැඟෙන්න ඕනි ටිකෙන් ටික නේද?

      අපි කල්ලි ගැහිලා කියලත් කියවෙනවද හැබෑට... ඇත්තයි... බ්ලොග් ලියන හැමෝම එක අත්තක එකට වහපු කුරුල්ලො කියලයි මම නං හිතන්නේ.... ඒ ගොඩට නිකම්ම වැටිලා ඉන්න blogs නොලියන අයත් ඉන්නවා වෙන්නැති, Pra Jay වගේ- බ්ලොග් කරුවන් හැමෝම එක්ක සුහද.

      Delete
    11. පෙරේදා හවස මට කැනඩාවෙන් කෝල් එකක් ආවා. blogs හරහා තමා ඒ රසවතාට හිතිලා තියෙන්නේ මට කතා කරන්න. එයාව කවුරුත් දන්නවා වගේ පෙනුනාට මම එයාගේ නම කියන්නේ නෑ, එයාම කියපුවාවේ කැමතියි නං.

      මගේ දුරකථන අංකය එයාට දීලා තිබ්බෙත් බ්ලොග්කරුවෙක්.
      ඉතාම රසවත්, හරවත් කතාබහක් කෙරුණේ. මං සෑහෙන සතුටු වුණා වගේම දේවල් ඉගෙන ගත්තත් එක්ක. ස්තුතියි xxx! මට එයාගේ නියම නමත් කිව්වා!

      ඒ විස්තරේ කිව්වේ 'කල්ලි' කතාව නිසා. හැමෝම එක්ක සුහදවීමට හැකියි නං- එයාලගේ විශ්වාසය දිනාගන්නට හැකියි නං නිකම්ම කල්ලි ගැහෙනවා වෙන්නැති නේද?

      Delete
    12. නිදි ඩ්‍රැකී කිව්වා නියම කතාවක්. මේක ගමේ කෝපි කඩයක් වගේ, හැමෝම ඇවිත් සතුටු සාමීචියෙන් ඉන්න තැනක් කියලා.එක ජාතියෙ කුරුල්ලො එකට සෙට් වෙනවා. ඒක නං ඔය බුකියෙත් වෙනව නේද ගෲප්ස් වලදි? ඒකට නියම නමින් එන්නම ඕනෙද කියන එක අදාල නෑ කියලයි, මට හිතෙන්නෙ.🤔

      Delete
    13. ඒ වාසනාව නං මට උපදිනකොටම ලැබිලා වගේ. ටොමී, කොරෝනාවලට රටම lock down කරලා තියෙද්දී වුණත් සතියකට පිටස්තරයින් හතරපස් දෙනෙක්වත් හැම සතියෙම අපේ ගෙදරට ගොඩ වැදිලා ගියා.

      අපේ ගදරදී set වෙන කට්ටිය මට තගත් දානවා දැන්- දැන්... (එයාලව පාන්දර දෙකට විතර එලවනකොට) 'එහෙම කොහොමද අපිව එලවන්නේ.... අවුරුදු විස්සක්-තිහක් තිස්සේ මෙහෙදිනේ අපි set වෙලා තියෙන්නේ. දැන් අපිටත් උරුමයක් තියෙනවනේ' කියලා. මට දැන්ම මැරෙන්න දෙන්නෙත් නැත්තේ එයාලට නිදහසේ set වෙන්න තැන නැති වෙන නිසාලු!

      ඕනිම කෙනකුට ගොඩ වැදිලා සුහදව fight කරන්න වුණත් ඇහැකි තැන් අඩුයිනේ. මෙතනත් කොපි කඩයක් වෙනවා නං මං හරි සතුටුයි!

      Delete
    14. අප්පේ කොපියක් බොන්නටත් ආසයි නිදි...

      Delete
    15. වෙලාවක බොමුකො කෝපි එකක්, කස්ටිය එකතු වෙලා. දැන් රට හොඳ අතට හැරීගෙනනේ එන්නෙ.

      Delete
  5. අර වගේ ටීටර් කතා දෙකක් විතර මෙතනත් තිබුණා.

    ReplyDelete
    Replies
    1. කලිනුත් කියෙව්වා, ඒත් ආයෙත් ගිහින් කියෙව්වා. වැඩි නෑනෙ? සැක්කරයා ගස් එක තමා පට්ට.🤣

      Delete
    2. ඒක කියෙව්වනං දකින්න ඇති නෙ මං කලිං වංගියෙ බස්සට කියාපු සංස්කෘත පාඨය "...ඌරු තදස්‍ය යද් වෛශ්‍යාම්..."

      Delete
    3. ඩ්රැකී, 'මෙතනත්' වගේ තැන්වල උඩින් ක්ලික් කරන්න මාත් ඉගෙන ගත්තේ ගොඩක් පහු වෙලා. හොඳ පළපුරුදු ඔස්තාද්ලා ඔව්වා දන්නවා වුණාට අපි එහෙමය?
      'මෙතනට' ගියා.... මටත් ප්‍රයෝජනවත් වෙන; උපුටා දක්වන්න තරම් රසවත් දේවල් ටිකක් එතැන තිබ්බනේ. අවසරයි නේද?

      Delete
    4. අවසරයි අවසරයි

      Delete
  6. යොහනි පෙන්නා මාකටින් කිරීම😅😅

    මම නම් ආවේ යොහානි ගැන මොනවයි ලියල තියෙන්නෙ බලන්න.

    වැඩි මොකුත් නෑ නෙ.

    අනිත් ටික පස්සෙ කියවන්නම්

    ReplyDelete
    Replies
    1. නවීන්, එව්වත් ඕනි වෙනවා. සමයක් ප්‍රයෝග -එහෙමත් නැත්තං උපාය කෞශල්‍යය.

      දවසක් මගේ බ්ලොගයට අවශ්‍ය foto අන්තර්ජාලයෙන් හොයමින් හිටිද්දී දැක්කා පුරුදු foto එකක්. හොඳට බලනකොට තියෙනවා නිදිගෙ පංච තන්තරේ කියලත්.. ඒ ඔස්සේ හොයද්දී දැනගත්තා සමහර වචන හොයන අයටත් බ්ලොගයේ නම දෙන්නට ඇහැකි බව.

      ඊට පස්සේ මගේ foto යටින් දාන captions පවා මම යොදන්නේ උපායශීලීව. foto වුණත් එහෙමයි... හැබැයි මං ඒවා කරන්නේ, තැනට ඔබින විදිහට විතරයි!

      Delete
    2. ඒක නම් මරු වැඩක් තමයි😁

      Delete
  7. අද එව්ව නං එකක් ඇර ඔක්කම අලුත් 😃😃😃😃
    අර ටීටරේ කතාව මරු 😃

    හෙට්ටිආරච්චි මහත්තය අරේම කිව්වම අර නෝනට මොනව හිතෙන්න ඇද්ද.

    ඔය සිරිපාලගෙ කතාව අහල තියේ ඇම්ඩ ස්ටෝරියක් විදිහට

    ReplyDelete
    Replies
    1. ගොඩාරියක් ස්තුතියි මහේෂ්!
      මේ කතා අලුත් වගේ පෙනුනාට මොකද පොත ගැහැව්වේ 2012.

      Delete
  8. උදේම බඩ අල්ලගෙන හිනාවුනා...
    බ්ලොගෙර්ලා බහිනවනම්....කෙමෙන්ට්ර්ලාත් ඔනවෙලාවක රෙඩි...
    උබලා ලියනවනම්....අපි කෙමෙන්ට් කරනවා පැලෙන්න

    ReplyDelete
    Replies
    1. අනේ මෙන්ඩා, මම නං ඔයා මට කමෙන්ට් කරනවාට කැමති නෑ!
      තරහෙන් නෙවෙයි... එයිනුත් 'කල්‍යාන මිත්‍ර' අඩවියට ඔයා ලියන 'හෙරොයින්' කතාව පරක්කු වෙනවයි කියන බයට....

      ඔන්න ඇත්තම කිව්වා!

      Delete
  9. මමනං ඔය මැණිකේ මල ඉලව්ව තාම අහල නෑ ඔය එක එක ඒවයි යන කෑලි ඇරෙන්න. මට පෙන්නන්න බැරි මල ඉලව්වක් තමයි ඒක.

    සිරිපාල කියන්නෙ අර ඩ්‍රැකිය පොඩි කාලෙ කියපු තවත් නමක් වෙන්න ඇති. හැක්..

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න... එක එක රැලි එනවනේ... උන්මාදයන් ඇති වෙනවනේ... එතකොට වැල යන අතට මැස්ස ගහන්නත් කට්ටිය ඉන්නවා....

      ඔයාට මතකද කාලෙකට ඉස්සර 'වයි this කොලවරී' ආවා, පිස්සුවක් හැදුණා- කෝ අද? අපි හැමෝම අලුත් දේට ඉක්මනින් වහ වැටෙනවා වැඩියිනේ...

      අන්තිම ප්‍රශ්නෙට නං ඩ්රැකීම උත්තර බැඳපුවාවේ!

      Delete
  10. ලොකාට කියන්ඩ මටත් දවස් ගානක ඉදන් බඩේ අමාරුව!!! නැද්ද මොකුත් ප්‍රතිකාරයක් දෙන තැනක් එහෙම.....

    ReplyDelete
    Replies
    1. ලොකූ, බඩේ අමාරුවට බෙහෙත් නං මම කියන්න යන්නේ නෑ. ඒත් අපේ ගෙවල් ළඟ බඩේ අමාරුකාරියක් ගැන කියන්න මතක් වුණා. මතකයි නේද 'ලාවතී' අක්කා,
      සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
      https://nidigepanchathanthare.blogspot.com/2021/05/blog-post_24.html කියවද්දී ඔයාලට හම්බ වුනු අංගනාව.

      ලාවතී අක්කා හෙණ ඕපෙ. එයාගේ ගෙදර පහු කරගෙනයි අපේ ගෙවල්වලට කවුරු හරි එන්න ඕනි. එහෙම අමුත්තෙක් අවොත් මේ මනුස්සයා මොකාක් හරි බොරු හේතුවක් හදාගෙන එනවා news එකතු කර ගන්න.
      ගිය සතියේ දවසකත් ඕක වුණා!
      එයා ඇවිත් දේවිකා නංගිගෙන් ප්‍රශ්නයක් අහලා. ප්‍රශ්නය නං මට ඇහුණේ නෑ. උත්තරේ නං ඇහුණා. (ලාවතී අක්කාට කන ඇහෙනවා අඩුයිලු.)

      මෙන්න සංවාදය ගෙඩිය පිටින්ම:

      දේවිකා: කලන්තෙයි නං මොනවා හරි බීලා හරි යන්නේ නෑ. දොස්තර නෝනා ගාවට ගිහින් බෙහෙතක් ගන්න... ඇහුණේ නෑ?....
      .... නිසංසලෝ...// (එයාට විතරය හොඳ සද්දෙන් ලාවතී අක්කාට කතා කරන්නට ඇහැකි.) අනේ බං මෙහාට ඇවිත් මේ මනුස්සයට කියපන්කො අද දොස්තර නෝනා ඉන්නවද කියලා.

      නිසංසලා: ... ඔව්, ඔව්. අද ඉන්නවා...පමුණුවේ එක්කෙනාත් ඉන්නවා. දේවාල පාරේ එක්කෙ‌නාත් මේ වෙලාවේ ඉන්නවා.... මොකක්? ඉස්සෙල්ලා කිව්වේ කලන්තෙයි කියලා නේද... ආ... බඩේ අමාරුවකුත් තියෙනවද.. එහෙනං කිතුල් පිටි කැඳ ටිකක් හදාගෙන බොන්න!

      (බය නැතිවම මේ විස්තරය ලිව්වේ නෙවිල්, අයස්මන්ත, ගවීන්, මර්වින් එහෙම බ්ලොගයවත්, commentsවත් නොකියවන නිසාය. නැතිනං චීත්තවාහිනියට බනින්නට තවත් පොයින්ට් එකක් එයාලාට එකතු වෙනු ඇති.)

      Delete
  11. "මොකක් හරි කියවද්දී මගේ මොළේ වැඩ කරන්නේ ‘සිනමා ප්‍රක්ෂේපන’ යන්තරයක් වගේ වෙන්නැති කියලයි මට හිතෙන්නේ. වචන ටික එක පැත්තකින් ඔළුවට යන අතරේ- ඇස්දෙකේ එක දිගටම අර වචනවලින් කියවෙන සිත්තම් එක පෙළට දිග හැරෙන්න ගන්නවා. හැබෑට, ඔය අසනීපෙ තියෙන්නේ මේ පිස්සු මට විතරයිද?" - අපෝ නැහැ . ලියන්නා රහට ලියනවානම් කියවන්නාගෙ මනසේ රූප පෙලක් ඇදෙනවාමයි. ගිය සෙනසුරාදා ලියනගේ අමරකීර්ති මහතාගේ අහම්බකාරක නවකතාව කියවන්න ගත්තා. කොච්චර අල්ලලා ගියාද කියනවනම් කෑමටවත් නැගිට්ටෙ නෑ. හිතේ ඇදිච්ච රූපපෙල රෑ හීනෙනුත් පෙනුනද මන්දා.

    ReplyDelete
    Replies
    1. චමී, මාත් කියවපු පොතක්... අහම්බකාරක ඉතා රසවත්.. අටවක පුත්තු කියවලා තියෙනවද?

      Delete
    2. නෑ. නමුත් අහම්බකාරක කියෙවුවට පස්සෙ එතුමාගේ අනෙක් පොත් ඔක්කොමත් කියවන්න හිතා ගත්තා.

      Delete
  12. Replies
    1. පොත අස්සන් කළාට මදි රත්තරනේ.... වැඩත් කරන්නෝනි!

      Delete
    2. වැඩ නිදි. යන post හැම එකක්ම වගේ කියවල comment පාරක් දාන්න බලනවා. ඉතින් දැන් කියන්නෙ මදි කියලද ඔහෙ (සිනා)

      Delete
    3. අපොයි නෑ, මම ලද දෙයින් සතුටු වෙන පුඟුලෙක්... ඒ වගේම ලොකු බෝනස් එකකුත් ලැබිලා ඉන්න හාදයෙක්නේ, නමී.

      Delete
  13. සැමදා වාගේම ඉල ඇට කෙඳිරි ගායි!

    ReplyDelete
    Replies
    1. හෑ, ඒ මොකද? ඔහේටත් කවුරු හරි ගැහැව්වද, දුවන කොට උම්බලකඩේකින්?😂

      Delete
    2. ටොමී, එයා දුවන්නේ නෑනෙ... මං හිතන්නේ wash room යන්නෙත් වාහනෙන් වෙන්නැති, නැත්තං ෆුට් සයිකලෙන්...

      Delete
    3. මේ අපේ තට්ටයා සෑර් සයිකලෙන් යන්න? මොන? ෆෝ වීල් නැත්නම් වාහනයක් නොවේ. අපිත් එහෙම ෆෝ වීල් තමා, ගුටි කෑවොත් විතරයි, ත්‍රී වීල් යන්නෙ.😂

      තට්ටයා මහත්තයට තරහා යාවිද? ගහනව නං උම්බලකඩේකින්ම ගහන්න, සෑර්? 🤔

      Delete
    4. පිස්සුද ටොමියෝ! මොකට මල පනිනවාද?

      Delete
  14. සමහර කතා තේරුනේ නැහැ.. ඒ උනාට ඒ වගේ ඉන්නවා

    ReplyDelete
    Replies
    1. මට වනත් සමහර වෙලාවට එහෙමයි, ලිඛිතා. හැබැයි පස්සේ වෙලාවක හරි මීටර් වෙනවා.

      Delete
  15. නිදි මාළු බාන්න ගියා කියල ආරංචියි? කොහොමද, සරුද?

    ReplyDelete
    Replies
    1. මීන සංහාරයෙන් අස්සෙම මාළු බාලා නෑ. කනවා විතරයි.... එදාත් මාළු බාලා, මරලා, බෙලි කපලා, බැදලා... කියෝලා තියෙනවද? පළමුවෙන් දාපු posts 5න් එකක් -මීන සංහාරය!

      http://nidigepanchathanthare.blogspot.com/2018/04/blog-post_18.html
      කවුද ඔහොම ආරංචියක් තමුන්නාන්සේට දුන්නේ?

      Delete
    2. හෑ, එතකොට යොහානි කිව්වෙ, මාව තමයි ඇමට දැම්මෙ කියලා? 🤣

      අර බුහ්-මහ උත්සවේට දුන්න ලන්න තමා ඔය ආයෙ ගෙනත් දුන්නෙ. තරහා නෑනෙ? මේ දවස්වල හිනා තාම අඩුයි නිදි.🤗

      Delete
    3. අනේ බකුසු උන්නැහේ, ලිඛිතා නෝනාට කියලා කට ගත්තා විතරයි..... මම ටියුබ් ලයිට් කියලා ඔප්පු වුණා!

      Delete