li Item

Tuesday, September 28, 2021

හිනා තවත් හිනා - දෙවෙනි කොටස

පළමු රාත්‍රියේදී ජැක් වෙන්ඩිට තියෙන ආදරේ තරම පෙන්වන්න සූදානම් වුණා.

“... තමුන්නාන්සේට පුළුවනි නොමිලේම මෙයාල ඔක්කොමලගෙත් කොණ්ඩ කපන්න!ඒ මනුස්සයා කිව්වා විතරයි, “ජය වේවා! ජය වේවා!! අපේ ........තුමාට ජය වේවා!!!කියලා අර පිරිවරම ඔල්වරසන් දුන්නා!

එහෙමයි, පහුගිය post එක නතර කළේ. ඉතිං ඊළඟට.... පොතේ තියෙන්නෙ මේ පච්චයේ කතන්දරෙයි!

9. ටැටූ එකේ කතාව

ජැක්, වෙන්ඩි දෙන්නා ටික කාලයක් ආදරේ කළා, හොඳටම. අන්තිමේදී කසාදත් බැඳලා දිගම-දිග මධු සමයකට පිටත් වුණා.

පළමු රාත්‍රියේදී ජැක් වෙන්ඩිට තියෙන ආදරේ තරම පෙන්වන්න සූදානම් වුණා. මිනිහා නිදන කාමරේ ලයිට් සේරම දාලා තියෙද්දී ඇඳුම් සේරම ගැලෙව්වා. ගලවලා නිරුවතින් වෙන්ඩි ඉදිරියේ හිට ගත්තා.
“ඔයාට මේක පේනවද?” ජැක් තමන්ගේ ‘පිරිමි ඇඟ’ වෙන්ඩිට පෙන්නුවා.
වෙන්ඩිගෙ මුහුණෙ තිබුණෙ ප්‍රශ්නයක්.
“හොඳට බලන්න!” ජැක් කිව්වා!

හැබෑමයි, ජැක්ගේ පුරුෂ ලිංගයේ අකුරු දෙකක් පේනවා. ‘W Y’ වෙන්ඩිට හිනාවක් ගියා.

“දැක්කද?” ජැක් ඇහුවා.  “එයාට kiss එකක් දීලා බලන්න.” ජැක් කිව්වා.
වෙන්ඩි එහෙම කළා විතරයි. මෙන්න බොලේ ජැක්ගේ පුරුෂ ලිංගය ප්‍රාණවත් වුණා. දැනුයි වෙන්ඩිට පෙනුණේ, වෙන්ඩිගෙ නම ජැක්ගෙ පුරුෂ ලිංගය මත කොටලා. ‘WendY!’

එයාලට ආරංචි වුණා වෙරළක තියෙන නිරුවත් කඳවුරක් ගැන. ඒවාට යන අයත්, ඒවායේ ඉන්න අයත් සේරම ඉන්න ඕනි අමු හෙළුවෙන්.

වෙන්ඩිට හරිම සතුටුයි.

ඊට දවස් කිහිපෙකට පස්සේ මේ නව යුවළ හිටියේ ජැමෙයිකාවේ. එහෙදී එයාලට ආරංචි වුණා වෙරළක තියෙන ‘නිරුවත් කඳවුර’ක් ගැන. ඒවාට යන අයත්, ඒවායේ ඉන්න අයත් සේරම ඉන්න ඕනි අමු හෙළුවෙන්.
මේ ජෝඩුවත් ඒකට ගියා, උපන් ඇඳුමෙන්.

හොඳ හැටියට විනෝද වෙන අතරේ, ජැක් ගියා බොන්න මොකුත් අර ගන්න බාර් එකට. එතැන ඉන්න වේටර් කෙනෙකුගෙ පුරුෂ ලිංගයෙත් WY අකුරු දෙකේ පච්චයක් තියෙන හැටි ජැක් දැක්කා. දැකලා ජොලියක් හිතුණු පාර, ජැක් අර හාදයා ළඟට කිට්ටු කරලා මෙහෙම ඇහුවා.
“හායි! ඔයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ගේ නමත් වෙන්ඩිද?”

ඒ හාදයා පුදුමෙන් වගේ ජැක් දිහා බැලුවා.

“මේ!” ජැක් තමන්ගේ අප්‍රාණික පුරුෂ ලිංගය පෙන්නුවා. ඒකෙ උඩ WY අකුරු දෙක පේනවා. “මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ගේ නම වෙන්ඩි. මම එයාගේ නම මෙතැන පච්ච කොටවා ගත්තා.... මෙයා නැඟිට්ටම මුළු නමම පේනවා. ඔයාගෙත් WY අකුරු දෙක දැක්කම මට හිතුණේ ඔයාගෙ කෙල්ලගේ නමත් වෙන්ඩි කියලයි.”

“ඕ අයි සී. මට තවම ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් නෑ.” වේටර් හාදයා කිව්වා. “මේ බාර් එක අපේ.... නියුඩ් කෑම්ප් එකට එන අයව පිළිගන්නයි මේ පච්චය කොටවා ගත්තේ.” එයා තේරුම් කළා.

“වචනෙකින්?”

“වචනෙකින් නෙවෙයි, මෙයා නැඟිට්ටම මුළු සෙන්ටෙන්ස් එකම පේනවා. දැන් මුල අග අකුරු දෙක විතරක් පෙනුණට.”

මට නං හිතෙන්නේ මේ මිනිස්සු කියන ජාතිය මහා තකතිරුවෝ ටිකක්!

ජැක්ගෙ කට ඇරුණා. “සෙන්ටෙන්ස් එකම?”

“යා! Welcome to Jamaica – Have a nice day” හාදයා කිව්වා.

‘හිනා තවත් හිනා - 1’ post එකේදී  තමුන්නාන්සේලාට කියන්න බැරි වුණානේ, මේ පොත පළ කෙරුණේ 2012 අවුරුද්දෙදියි. ඒ නිසා මේ කතන්දරත් ටිකාක් විතර පරණයි වගේ දැනෙන්නත් පුළුවනි!

10. මෝඩකමක රඟේ

මැස්සෝ දෙදෙනෙක් බංගලාවක සංචාරයේ නිරත වෙමින් සිටියහ. හොඳින් වටපිටාව නිරීක්ෂණය කළ එක මැස්සෙකු නිහඬතාව බිඳ දැමුවේ මෙසේ කියමිනි.

“මට නං හිතෙන්නේ මේ මිනිස්සු කියන ජාතිය මහා තකතිරුවෝ ටිකක්!”

“ඇයි මචං එහෙම කිව්වේ?”අනෙක් මැස්සා විමසුවේය.

“ඇයි බං, මේ මිනිස්සු ලක්ෂ ගණන් වියදම් කරලා ගෙවල් හදනවා. ඊට පස්සේ තවත් ලක්ෂ ගණන් වියදම් කරලා මේ වගේ සිවිලිම් ගහනවා....” උත්තර දෙමින් පළමු මැස්සා ඔවුන් ලැගුම් ගෙන සිටි අලංකාර සිවිලිම මිතුරාට පෙන්නුවේය.

“ඉතිං, මොකක්ද ඒකෙ තියෙන මොට්ටකම?”

“ඇයි මචං, කොච්චර වියදම් කරලා සිවිලිම් ගැහුවත් මිනිස්සු ඇවිදින්නේ පොළොවෙනෙ. අපියි හූනොයි විතරනේ මේකෙ ඇවිදින්නේ!”

ඒ කතාවේ විදිහට නං මැස්සොත් හරිම නුවණක්කාර සත්තු ජාතියක් නේද? එතකොට මතක් වුණා මට අහන්න ලැබුණු, මැස්සෝත් සම්බන්ධ වෙන වෙනම විදිහේ කතාවක්!

සමුරායි වීරයා

මිනිස්සු ඔක්කොම ගල්බීත වෙලා හිටියේ.
‘අසිපත් ශූර සමුරායි’ තෝරාගන්න තරගෙ ඒ තරමටම තියුණුයි! පැය ගණනාවක් තිස්සේ සමුරායිවරුන් ගොඩාරියක් එයාලගේ හපන්කම් පෙන්නුවා. විනිශ්චය මණ්ඩලය බොහොම අමාරුවෙන් තමයි අවසන් වටයට තුන් දෙනෙකුව තේරුවේ.

අසිපත ලෙළවුණා; විදුලියක් කෙටුවා! ශ් ශ් ශ් ශ් ශ් ශ් ශින්! මැස්සා හරි ගාණට දෙකට කැපිලා, මැරිලා කෑලි දෙක....

එයාලා වෙනුවෙනුත් ඉසව් ගණනාවක් පැවැත්තුවා. ඒ වුණත් තුන් දෙනාම එකෙකුට එකෙක් දෙවෙනි නොවෙන විදිහට තරග වැදුණු නිසා ‘විශේෂ ඉසව්ව’ක් තියන්නයි මේ ලැහැස්ති වෙන්නේ.

ඔන්න පළමුවෙනි තරගකරුවා වේදිකාවට ආවා.
කඩුව ලෙළවා පෙන්නුවා. වේදිකාවට විදුලි අකුණු දාහක්-හමාරක් කොටාගෙන කොටාගෙන ගියා වගෙයි, අසිපත නොපෙනෙන වේගයකින් එහා-මෙහා වුණේ.
‘ශ් ශ් ශ් ශ් ශ් ශ් ශින්! ශ් ශ් ශ් ශ් ශ් ශ් ශින්!!’

ඒ අතරේ, සංවිධායක මණ්ඩලයේ කෙනෙක් වේදිකාවට ආවා. එයා අතේ පුංචි පෙට්ටියක්. විනිසුරු මඩුල්ලට සහාය දෙන කෙනෙක් ගණින්න පටන් ගත්තා. ‘එකයි.... දෙකා...යි.... තුනායි!’

තුනයි කියලා කියවෙන තත්ත්පරේදී පෙට්ටිය අතේ තිබුණු කෙනා ඒ පෙට්ටිය විවෘත කළා. මැස්සෙක් පෙට්ටිය ඇතුළෙන් එළියට පියෑඹුවා. අනේ! ඌට මොන පියෑඹිල්ලක්ද? අසිපත ලෙළවුණා; විදුලියක් කෙටුවා!
‘ශ් ශ් ශ් ශ් ශ් ශ් ශින්!’

මැස්සා හරි ගාණට දෙකට කැපිලා, මැරිලා කෑලි දෙක වේදිකාව උඩට වැටිලා!
ප්‍රේක්ෂකයෝ දුන්නු ඔල්වරසන් හඬින් ශාලාව දෙදරුවා.

දෙවෙනි තරගකරුවා වේදිකාවට ආවා. කඩුව ලෙළෙව්වා. කලින් වතාවටත් වැඩිය වේගයෙන්, එක පිට එක විදුලිය කෙටුවා. පුංචි පෙට්ටිය අරගත් කෙනාත් වේදිකාවේ... අනෙකාත්.... සමුරායිවරයා කඩුව මානාගෙන සීරුවෙන්.......

දකුණතේ එක ඇඟිල්ලක් විතරක් ඉතිරි වෙද්දී අනිත් ඇඟිලි හතරම නවලා, තරමක් අසභ්‍ය අභිනයක් පෑවා!

දෙවන වතාවටත් කාල ගණනය ඇරඹුණා....
‘එකයි.... දෙකා...යි.... තුනායි!’

පෙට්ටිය ඇරුණත් එක්කම මැස්සා එළියට... අසුරක් ගහන පමාවෙන් විදුලි කෙටිලි දෙකක්.... ‘ශ් ශ් ශ් ශ් ශ් ශ් ශින්! ශ් ශ් ශ් ශ් ශ් ශ් ශින්!!’

මැස්සාව මැනලා කැපුවා වගේ, කෑලි හතරට කැපිලයි පරලෝකප්‍රාප්ත වෙලා හිටියේ.... සභාව හොඳටම නොසන්සුන්...
ඊළඟට මොකක්ද වෙන්නේ?

ඔන්න තුන්වෙනියාත් වේදිකාවට ආවා.
හැබැයි කලින් දෙවතාවෙ වගේ, විදුලි කෙටිලි නෑ.... සංදර්ශන නෑ... මිනිහා අසිපත අමෝරාගෙන බොහොම සැහැල්ලුවෙන්... ‘මට නෙවෙයි කියනවා වගේ’ බලාගෙන හිටියා.
තුනයි කියන කොටම පෙට්ටිය ඇරෙනවාත් එක්කම මැස්සෙක් වේදිකාවේ....
කඩුවෙන් එකම එක පාරයි!
ඒත් මැස්සා මැරී වැටුණේ නෑ. මොකුත් නොවිච්චි ගාණට, මරණයෙන් බේරිලා ඉගිලුණා!!

හිනාවෙන් ශාලාව දෙදරලා ගියා.
‘බූෟෟෟෟෟෟ, ‘ගෙදර යනවා!’, මහ ලොකු කඩුකාරයා’ ඝෝෂාව අස්සෙම එක මිනිහෙක් නැඟිට්ටා.
“මැස්සා මරා ගන්න බැරි මහ ලොකු කඩුකාරයා.... තුඃ විතරක්!”

ඒ කුප්පිදු කතාවෙන්වත් තුන්වෙනි තරගකරුවා නෙවෙයි බිංදුවක්වත් සැලුණේ.

විමල්, වාසු, උදය ඇමතිතුමන්ලා සාමූහික වගකීම රැකගන්නා අතරේ- ඇමති තනතුරුත් රැක ගනිමින් ප්‍රබල විරෝධයක යෙදෙමින් ඉන්නවා....

මිනිහා අඩියක් ඉස්සරහට තියලා, දකුණතේ දබරැඟිල්ල විතරක් ඉතිරි වෙද්දී අනිත් ඇඟිලි හතරම නවලා, තරමක් අසභ්‍ය අභිනයක් පෑවා! ඊට පස්සේ මෙහෙම ඇහුවා.

“මොකටද අහිංසක සතාව මරන්නේ? ඌට පරම්පරාව බෝ කරන්න බැරි වෙන්න වැඩේ දුන්නම මදිද?”

එහෙම ‘වාගීශ්වර සූරයෝ’ පහළ වෙන්නෙ කලාතුරකින් තමයි! 

හැබැයි ශ්‍රී ලංකාවේ නම් එහෙම අය හිඟ නෑ. වාසු, විමල්, උදය ඇමතිතුමන්ලා සාමූහික වගකීම රැකගන්නා අතරේ- ඇමති තනතුරුත් රැක ගනිමින් ප්‍රබල විරෝධයක යෙදෙමින් ඉන්නවා මේ දවස්වල. මේ ලියන්නාගේත් එක්ක අමද්‍යප සටන්වල ඉඳපු ‘ජගත් කුමාර’ මන්ත්‍රීතුමාත් ඒ වගේම සටනක. ලොකුගේ මහත්තයා කිව්වලු, උන්නැහේගේ බෙල්ලේ රත්තරං බැඳපු කතාවකුත්.

සමාවෙන්න ඕනි, හිනාවෙන කතන්දර අස්සේ මේවා කියවනවාට.
සමහරෙකු මේවාට කේන්ති ගන්නවා. මං නම් ‘නන්දන වින්දන’ හරි ‘විනෝද සමය’ හරි බලනවා වගේ ප්‍රමෝදයක් තමයි ලබන්නේ ශ්‍රී ලකාවේ මේ සිදුවීම් දැකලා!

හරි වැඩේ තමයි. දැනුයි දැක්කේ. ‘හිනා තවත් හිනා’ පොතේ තියෙන ඊළඟ කතාවත් ශ්‍රී ලංකාව ගැනයි!

11. මැවිල්ලේ සාධාරණකම

මහා බ්‍රහ්මයායි විෂ්ණු දෙයියොයි දෙන්න පුංචි කතාවක් දාගෙන ඉන්න වෙලාවේ, විෂ්ණු දෙවියො ප්‍රශ්නයක් ඇහුවා.
“ඔබතුමා මවපු දේවල්වලින් අංග සම්පූර්ණ විදිහට මැව්වේ මොකක්ද?”

ලෝකේ ඕනෑම තැනක තියෙන දේශගුණේ මේ පුංචි ශ්‍රී ලංකාවෙත් කොතැනක හරි තියෙනවා.... ඇයි ලස්සන?

තත්ත්පරයක්වත් කල්පනා නොකර මහා බ්‍රහ්මයා උත්තර දුන්නා. “ශ්‍රී ලංකාව!”

“ශ්‍රී ලංකාව?”

“ඔව්! ඒකනෙ මිනිස්සුම කියන්නේ ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියලා. සුද්දෝ කියනවා ලංකාව ආදම්ගේ උයනලු.... පාරාදීසයලු! ශ්‍රී ලංකාවේ පොළව කොච්චර සරුසාරද? වේළිච්ච දඬු කෑල්ලක් පොළොවේ ඇන්නත් දලු දානවලු. රට වටේම මූද... පැත්තක මිනිරන්. පැත්තක මැණික්.
තවම හොයා ගත්තේ නැතිවට තෙලුත් තියෙනවා.
ලෝකේ ඕනෑම තැනක තියෙන දේශගුණේ මේ පුංචි ශ්‍රී ලංකාවෙත් කොතැනක හරි තියෙනවා.... ඇයි ලස්සන? කඳු ගැට, දිය ඇලි, ගංගා... එච්චරද.
ගිනි කඳු නෑ. භූමිකම්පා නෑ....”  මහ බ්‍රහ්මයා දිගටම ලැයිස්තුව කියවාගෙන ගියා.

“ඒ වුණාට ඔබතුමා ඔහොම ඔක්කොම හොඳ දේවල් එකම රටකට දීපු එක නම් සාධාරණ නෑ නේද?” විෂ්ණු දෙවියො ඇහුවා.

“සාධාරණ නෑ? සාධාරණ නෑ?” මහා බ්‍රහ්මයා ආපසු ඒකම කිව්වා.
“.... එහෙම රටකට කොහොමද මම මවලා තියෙන මිනිස්සු? උං එකාට එකා නෑ... අම්මට අප්පට නෑ... ප්‍රතිපත්තියක් නෑ... කොන්දක් නෑ... ඒ විතරද? උං උං කා-කොටා ගන්නවා මදිවට උන්ගේ ලොකු-ලොක්කො අර අපූරු රටත් කනවා! දැන් තේරෙනවද මගේ මැවිල්ලේ සාධාරණකම?”

12. ඉල්ලා ගත් සහනය

වනගත පෙදෙසක සංචාරයේ යෙදෙන අතර සිල්වා මහතා ඇතුළු පිරිස නපුරු ගෝත්‍රිකයන් පිරිසකගේ අත්අඩංගුවට පත් වූහ.

“දැන් මොකද කරන්නේ?” සිල්වා මහතාගේ බිරිඳත්, නැන්දම්මාත් ඔහුගෙන් විමසූහ. “... මුං අපට මොනවා කරයිද දන්නෑ. මුං මහ නපුරු පාටයිනේ....”

අපේ ගෝත්‍රයේ සිරිත තමයි අනවසරයෙන් අපේ සීමාවට ඇතුළු වෙන ඕනෑම කෙනෙකුට....

“හරි! හරි!! අපි බලමුකො....”යි බිරිඳත්, නැන්දම්මාත් අස්වැසූ සිල්වා මහතා ගෝත්‍රික නායකයා ඉදිරියේ දණින් වැටුණේය.

“අපි ඔබතුමන්ලාගේ ඉසව්වට ආවේ නොදැනුවත්වයි... කරුණාකරලා අපිට සමාව දෙන්න.”

“නොදන්නාකම සමාවට කාරණයක් නෙවෙයි. ඒත් යුෂ්මතාගේත්, මේ කාන්තාවන් දෙදෙනාගේත් අසරණකම සලකලා අපි පුංචි සහනයක් දෙන්න කැමතියි... තේරුණාද?” ගෝත්‍රික නායකයා ගම්භීර ලීලාවෙන් කීවේය.

“අපේ ගෝත්‍රයේ සිරිත තමයි අනවසරයෙන් අපේ සීමාවට ඇතුළු වෙන ඕනෑම කෙනෙකුට කස පහර සීයක් ගහන එක... ඒක වෙනස් කරන්න විදිහක් නෑ. ඒත් මං පොරොන්දු වුණු සහනය මතකයිනෙ...
කස පහර දෙන්න කලින් තමුන්ලාට කැමති දෙයක් පිටේ බැඳ ගන්න පුළුවන්!” නායකයා පහදා දුන්නේය.

මුලින්ම දඬුවම් ලැබීමට ඉදිරිපත් වූයේ සිල්වා මහතාගේ බිරිඳයි.

“කරුණාකරලා මගේ පිටේ බැඳ ගන්න කොට්ටයක් දෙනවද?” ඇය ඉල්ලා සිටියාය.
ඇයට කොට්ටය ලැබිණි.
එහෙත් කස පහර 100 ගසා නිම වීමට පෙර කොට්ටය පැළී ගියේය. එබැවින් ඇයටත් කස පහර කිහිපයක්ම වැදිණි.

“අනේ, මට කොට්ට තුනක්ම දෙන්න.” නැන්දම්මා දෙවෙනි අවස්ථාව ලබා ගත්තාය.

“හරි, දැන් තමුන්ගේ වාරේ.... තමුන්ට කොට්ට කීයක් ඕනැද?” ගෝත්‍රික නායකයා සිල්වා මහතාගෙන් ඇසුවේය.

“අනේ පිං කරන හාමුදුරුවනේ කොට්ට එපා... අපේ නැන්දම්මව මගේ පිටේ ගැට ගහන්න.” සිල්වා මහතා ඉල්ලා සිටියේය!

13. කලා විචාරකයා

කලාගාරයේ චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වෙමින් තිබිණි. එය නරඹමින් සිටි අයෙක් තමා අසලින්ම සිටි තැනැත්තාට මෙසේ කිව්වේය.

තමුසෙ මාර කලා විචාරකයෙක්නෙ!

“මට නං මේ පුංචි චිත්‍ර පේන්න බෑ! චිත්‍රයක් වුණාම ටිකක් ඇහැට-කණට පේන්න ලොකුවට තියෙන්න එපායැ.”

“තමුසෙ මාර කලා විචාරකයෙක්නෙ!”

“කවුද කිව්වේ මං කලා විචාරකයෙක් කියලා. මම චිත්‍රවලට ෆ්‍රේම් ගහන මනුස්සයෙක්!”

14. තීන්ත ගණන්ද?

“තාත්තේ...”

“ඇයි පුතා?”

“තාත්තගේ පෑනට දාන තීන්ත හුඟක් ගණන් ජාතියක්ද තාත්තේ?”

“අපොයි නෑ පුතා. ඒවා එච්චර ගණන් නෑ.”

“ඒ වුණාට අම්මා ඒක දන්නෙ නෑ වගෙයිනෙ...”

“ඇයි? අම්මා කිව්වද ඒවා ගණන්ය කියල...”

“නෑ තාත්තේ, මගේ අතින් තාත්තගෙ තීන්ත බෝතලෙන් චුට්ටක් සාලේ කාපට් එක උඩ හැලුණාම අම්මට හොඳටම තද වෙලා!”

මිනිසුන්ට සාපේක්ෂව ඉතාම කලාතුරකින් වගෙයි සත්තු ගැන යාන්ස් හැදෙන්නේ. එහෙම හැදිලා තියෙන ඒවාත් කියෙව්වාම දැනෙනවා, සතුන්ට ආරෝපණය කෙරිලා තියෙන්නෙත් මිනිස් ගති-සොබාවන්ම බව.

මේත් එහෙම කතාවක්.

රන් ගෙම්බිය සොයාගත් හාවා සහ වලහා

දවසක් වලහෙකුයි, හාවෙකුයි කැලයක් මැදින් ඇවිදගෙන ගියා. අම්මට සිරි!
මෙන්න බොලේ චූටි පොකුණක් අද්දර ගලක් උඩ වාඩි වෙලා අව්ව තපිනවා, රත්තරං ගෙම්බි.

“අඩේ.... බොක්කේ පින මචං.... අපිට ඕනි දෙයක් ඉල්ලා ගන්න පුළුවන්!” වලහා හාවාට කිව්වා. “හැබැයි මමයි ඒකිව දැක්කේ.... මටයි වර තුනම අයිති!”

මං ඔයාලා දෙන්නාටම වර තුනක් බැගින් ඉල්ලීමේ අවසරය දෙන්නම්!

අනේ, හාවා එච්චර තණ්හාවක් නැති අහිංසක සතානේ, ‘එහෙම නං ඉතිං තමුසෙම වර තුනම ඉල්ලා ගන්නවකො’ කියලා කරබාගත්තා.

මේ සංවාදය රත්තරං ගෙම්බියටත් ඇහුණා. “බය වෙන්න එපා! මං ඔයාලා දෙන්නාටම වර තුනක් බැගින් ඉල්ලීමේ අවසරය දෙන්නම්!” ගෙම්බිය අනුකම්පාවෙන් කිව්වා.

“මටයි ඉස්සෙල්ලාම chances ඕනේ!” වලහා ඉස්සරහට පැන්නා. “... මේ වනාන්තරේ ඉන්න සේරම පිරිමි වලස්සු නාඹර වලස් නෑම්බියන් වේවා!”

ගෙම්බිය අතක් ඉස්සුවා. “දැනටම ඔබේ පැතුම ඉටු වෙලා.”

“ඇත්තටම?” වලහා කල්පනාවට වැටුණා. “අපරාදේ, මට මුලින්ම මතක නැති වුණානේ.... අල්ලපු වනාන්තරේ ඉන්න වලස්සුන්ටත් ඒකම කරලා දෙනවද?” වලහා දෙගිඩියාවෙන් ඇහුවා.

රත්තරං ගෙම්බි දෙවෙනි වතාවටත් අත ඉස්සුවා. “දැන් කැලෑවල් දෙකේම ඉන්නේ වලස් නෑම්බියෝ!”

එතකොටත් වලහා ඔළුව කහනවා... කල්පනාවට වැටිලා. “තරහ වෙන්න එපා. මාව shock වෙච්චි හින්දා ඔළුව අවුල් වුණා. වැඩිය හොඳයි වගේ මුළු රටේම ඉන්න වලස්සුන්ව....” වලහා කියන පමාවෙන් ගෙම්බිය අත උස්සලා ඉවරයි.

“ගිහින් බලන්න! ඔබේ ප්‍රාර්ථනා තුනම ඉටු වෙලා තියෙන හැටි පෙනේවි! ඉතිං හාවෝ... දැන් ඔන්න ඔබේ වර තුන ඉල්ලන්න අවස්ථාව.” රත්තරං ගෙම්බි හාවා දිහාවට හැරිලා කිව්වා.

ගෙම්බිය අත උස්සනකොටම කිරි-කිරි හාලි ඩේව්ඩ්සන් මෝටර් බයිසිකලයක් එතැන!

“පුළුවනිද මට හාලි ඩේව්ඩ්සන් මෝටර් බයික් එකක් දෙන්න?” හාවා ටිකක් සැකෙන්-බයෙන් වගේ ඇහුවා.

ගෙම්බිය අත උස්සනකොටම කිරි-කිරි හාලි ඩේව්ඩ්සන් මෝටර් බයිසිකලයක් එතැන! “වෙන?”

හාවා සන්තෝසෙන් ඉල්පෙන ගමන්, දෙවැනි වරයත් ඉල්ලුවා. “එහෙනං මේකටම match වෙන හෙල්මට් එකකුත් දෙනවද?”

ඔන්න දැන් හෙල්මට් එකකුත් හාවාගේ අතේ. ඌ හෙල්මට් එක දාගන්න ගමන් මෝටර් සයිකලයට නැග්ගා.... ස්ටාර්ට් කර ගත්තා.... ඊට පස්සෙයි කට ඇරියේ....

“බොහොම ස්තුතියි රත්තරං ගෙම්බියනි! මගේ තුන්වෙනි ඉල්ලීම මේකයි....” එහෙම කියලා හාවා වලහා දිහාට අත දික් කළා. “මෙයාව gay වලහෙක් කරන්න!”

කියපු ගමන්ම හාවා බයිසිකලය ලෑල්ලටම පෑගුවා!

අජන්ත ගමගේ හිතවතාත් fb එකේ තිබුණු යසස් ශ්‍රී ජයරුවන් මල්ලවාරච්චි සහෘදයාගේ අපූරු කතාවක ලින්ක් එකක් එවා තිබ්බා. අජන්තටත්, යසස්ටත් දෙන්නාටම තුති පුදමින් මේ කතාව කියවන්නකෝ.

ටවුමේ ගණිකා නිවාසය රේඩ් කරලා!

‘ඔන්න ටවුමෙ තිබුන ගණිකා නිවාසයක් පොලීසියෙන් වැටලුවලු.
කෙල්ලො ටික පොලීසියට අරගෙන ගිහින් මිදුලේ පෝලිමට තිබ්බලු OIC මහත්තයා එනකන්.

ඔතන හිටපු එක කෙල්ලෙක් ගමේ ඉඳන් ටවුමෙ Job එකකට එනවා කියලලු එන්නෙ.
කරුමෙ කියන්නේ එදාම මේ කෙල්ලගෙ ආච්චිත් ටවුමට ආවලු බඩු වගයක් ගන්න. මෙන්න බොලේ මිනිබිරී ඉන්නවා, පොලීසිය මිදුලෙ පෝලිමකට වෙලා.

"මොනවද උඹ මෙතන කරන්නෙ?"
කෙල්ලට හීන් දාඩිය දැම්මා.

"ආ... ආ... නෑ ආච්චියෙ ...අද පොලීසියෙ OIC මහත්තයගෙ උපන්දිනේ...
ඒ වෙනුවෙන් එයා අද දොඩම් දන්සැලක් දෙනවා. ආච්චි ඉක්මනට ගෙදර යන්න. මම ආච්චිටත් එක්කම දොඩම් අරගෙන එන්නම්..."

කෙල්ල ආච්චිව එතනින් යවා ගන්න පත නයෙක් ඇරියා.

මම මුලින්ම අතින් ලෙල්ල ගහනවා... ඊට පස්සෙ කටේ දාගෙන ඉස්ම එනකන් සූප්පු කරනවා...

"ආ..එහෙනම් මටත් ගෙඩි දෙකක් අරගෙන වරෙන්...” කියලා ආච්චි යන්න හැරුනා. කෙල්ලටත් full happy.

හැබැයි ආච්චීට ආපහු හිතුනා මමත් පෝලිමේ හිටියොත් තව වැඩිපුර දොඩම් ගන්න පුලුවන් නේද කියලා....

ආච්චිත් ෂේප් එකේ පෝලිමේ අගට සෙට් උනා..ඔන්න එතකොටම OIC ආවා...

ආපු ගමන් කට්ටියටම හොඳ දේශනයක් දීගෙනම පෝලිම දිගේ ආවා... මෙන්න බොලේ ආචිචි කෙනෙකුත් ඉන්නවා....
" මොනවා..!! මේ ආච්චිත් මෙතන ඉන්නවද..."

"ඔව් මහත්තයෝ වයසට ගියාට අපිත් කනවා... බොනවා..."

"ආච්චි කොහොමද මේව කරන්නෙ."

“ඇයි මහත්තයෝ... මම මුලින්ම අතින් ලෙල්ල ගහනවා... ඊට පස්සෙ කටේ දාගෙන ඉස්ම එනකන් සූප්පු කරනවා.."

OIC කලන්තේ දාලා වැටුනලු....😏 '

ඒ මහත්තයට වතුර ටිකක් ඉහලා, ඔන්නං වතුර ටිකක් බොන්න විතරක් නෙවෙයි නා- කියාගෙන එන්නත් එක්ක වෙලාව තියෙනවා ඔන්න, ඊළඟ කොටස පළ කරනකල්....

61 comments:

  1. ඒ සැරේ මොකක්ද එබුවෙ?😂
    කමෙන්ට් මොඩරේශන් ඔන් වෙලා වගෙයි.

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ටුව දැක්ක ගමන් ඩිම් වුණා. ඇටි දන්නවද? මේ දවස් කීපයේ ඉන්නේ බාග දෘෂ්ටියක් එක්ක. කන්නාඩි දෙක අලුත් කරන්න දුන්නා. බස්සා මහත්තයාගේ දෙවෙනි කමෙන්ටුවෙන් හිත හැදුණා.

      Delete
  2. පලවෙනි කමෙන්ට් එක වාෂ්ප වුනා. මම හිතුවෙ කමෙන්ට් මොඩරේශන් ඔන් වෙලා කියලයි.කමෙන්ට් එක පබිලිස් වුනා කිව්වා, පස්සෙ මිසින් ඉන් ඇක්ෂන්.😊

    ආයෙ කමෙන්ට් බලන්න එන්නම්.

    ReplyDelete
  3. https://www.quora.com/Is-it-true-that-many-African-men-are-more-well-endowed-than-others-I-saw-this-ancient-Roman-drawing-of-an-African-and-personal-experiences

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි Pra jay මහත්තයෝ. අලුත් කරුණු. උණුසුමත් සිරුරු ස්වභාවයට බල පානවා... කවුද හිතන්නේ...

      Delete
  4. Heard different versions of some of these,

    9) Is Ma-Si-n and Maideniye Simeon
    11) Sri Lanak was created next to India (to be fair to others)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විජේබාහු මහත්තයෝ. අද කලින්ම ඇවිදින් වගේ නේද?

      Delete
  5. තවත් සුපිරි ටැටූ කථාවක් තියෙනවා. සර බර ගාලා ඒකත් මේකෙම කොටා බාන්නම්! සුපිරි චිත්‍රපටි පිස්සෙක් හිටියලු. මූ ඇඟ පුරාම චිත්‍රපටි වල නම් ගහගෙනලු. දවසක් මූ පොඩි පහේ සම්බාහන පාරක් දාගන්න හිතිලා ජොයින්ට් එකකට ගියාලු. ගියාම එතන හිටිය නෑම්බි මුගේ ඇඟ පුඅරාම ගහලා තියෙන චිත්‍රපටි නාමා වලිය කියව කියවා දානවලු පොඩි පහේ මතක ආවර්ජනයක්!. "ආනේ මොකක්ද මේ කලවෙ ගහල තියෙන්නේ 'ආදරේ හිතෙනව දැක්කම' . . . . හරීම ලස්සනයි ගාමිණී මාලණී නේද . . .?" යනාදී වශයෙන්. ඔහොම ගිහින් අන්තිමට නැවතුනේ මේ යකාගේ "අහවල් එක" ලඟින්ලු!
    "සාජමහි . . !" අනේ මේ මොකක්ද හිංදි එකක්ද? කෙල්ල කොර වෙලා ඇහුවලු!
    "නැඇ නැඈ එකත් හොඳ හිංහල ෆිල්ම් එකක් තමයි . . . හොඳට එහා මෙහා කරලා බලන්නකෝ!"
    ටික වේලාවකින් "පිටපත " දිග ඇරී අකුරු මතු උනාලු !
    "සාගර ජලය මදි ඇඬුවා නුඹ හින්දා!"

    ReplyDelete
    Replies
    1. ඕක ම තියෙනව, මේ විදිහට
      “මසිං“ = මල් දෙණියේ සිමියොං
      “රසියා“ = රන්දෙණිගල සිංහයා
      “දිදුලේ“ = දිල්වාලේ දුල්හානියා ලේජායෙංගේ

      Delete
    2. තට්ටයා මහත්තයෝ, මට මැවිලා පෙනුණා දෙයක් ඔබේ වැකියකින්. (දන්නවනේ, මගේ වලත්තකම නිසා කියන්නේ.)
      //ටික වේලාවකින් "පිටපත " දිග ඇරී අකුරු මතු උනාලු !//

      Delete
    3. මම්මලේ උන්නැහේ, එහෙනං මෙව්වාත් කියවනවා. ආං හොඳා!

      Delete
    4. ඒ යෙදුම හොඳයි නේද?

      Delete
    5. හොඳදත් අහනවා... සුපිරි නිර්මාණශීලී යෙදුමක්... තට්ටයා මහත්තයෝ.

      Delete
  6. බ්‍රෙන්ඩාට ආසාවක් ආවලු එයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් බ්‍රයන්ව සර්ප්‍රයිස් කරන්න, අර වගේම ටැටූ එකක් ගහගෙන. ඉතින් බ්‍රෙන්ඩා ටැටූ පාලර් එකකට ගිහින් කිවුවලු එයාගෙ බට් චීක් දෙකේ එක පැත්තක බ්‍රයන් කියලයි අනිත් පැත්තෙ බ්‍රෙන්ඩා කියලයි කොටන්න කියලා. ටැටූ පාලර් එකේ හිටපු එකා කිවුවලු කොටන්න නං පුළුවන්, හැබැයි නම් දෙකම ටිකක් දිග හන්දා බ්‍රෙන්ඩාට ගොඩක් රිදෙයි කියලා. මේක අහපු බ්‍රෙන්ඩා ටිකක් බය වෙලා, කල්පනා කරලා කිවුවලු එහෙනං මුලු නමම ගහන්න එපා බට් චීක් දෙකේම ලොකු කැපිටල් B අකුරු දෙකක් කොටන්න කියලා, BB වගේ පේන්න.

    ඔන්න ඉතිං ටැටූ එක කොටාගෙන ගෙදර ගිහින්. බ්‍රයන්ව සර්ප්‍රයිස් කරන්න හිතන්, කලිසම ගලවලා අනිත් පැත්ත හැරිලා දෙකට නැවිලා, බ්‍රයන්ට කිවුවලු බලන්න කියලා.

    බ්‍රයන් ඇස් දෙක ඔලුවෙ තියන් ඇහුවලු "Who the f*ck is BoB?" කියලා.

    ReplyDelete
    Replies
    1. බුරටිනෝ මහත්තයෝ, මම හිතන්නේ මං films බලනවා වැඩියිද කොහෙද? යමක් ක්යවනකොට හිතේ ඒ පින්තූරේ ඇඳෙනවා. තට්ටයා මහතාගේ 'පිටපත දිග හැරෙනවාට' දෙවෙනි නෑනෙ "Who the f*ck is BoB?".

      වචනවලින් කතන්දර කීමේ වාසිය තමයි මේ. එක එක්කෙනාට කැමති විදිහට මනෝ රූප මවා ගත්තහැකි.

      Delete
    2. මේක කලින් අහල නොතිබ්බ එකක්.

      Delete
    3. ඒකට මොකෝ බකුසු මහත්තයෝ. තමුන්නැහේ අපි අහල නැති ඒවත් අපට කියා දෙන්නේ.

      Delete
  7. Replies
    1. මං නං ගිහින් ආවා. සරද්යල් උන්නැහේට කේන්ති ගිහින්ද මන්දා...

      Delete
  8. හම්මෝ.. ආතල් ඈ.. 😂😂😂
    ඔය ටැටූ සීන් එකයි ආච්චිගෙ දොඩමෙයි විතරයි අහල තියෙන්නෙ 😃
    පට්ට.. ලේ පිරිසිදු වෙන්ඩ කියාපු බේත

    ReplyDelete
    Replies
    1. මා ළඟ තියෙනව ඔය පොත් දෙකම, කතුවරයගෙ අස්සනත් එක්කම. සෑහෙන ගාණකට ආවොත් විකුණනව. බොට ඕනෙද?

      (සුරුස්...)

      Delete
    2. සෑහෙන ගාණකට කිව්වෙ සත පණහකට ඉතරද.. 😌😌😌😌

      Delete
    3. මහේෂ්, සත විසිපහකට විතර මළකඩ කාච්ච පිහි කොටයක් අරන් දෙනවද තරහ නැතිව. මට බඩ කපා ගන්ඩ. නැත්තං ඩ්රැකීට අනින්ඩ.

      Delete
    4. මහේෂ්,
      තියන්ඩ බලන්ඩ ලංසුවක්!

      නිදි,
      සුරුස් සුරුස්

      Delete
  9. පහුගිය දවස් කිහිපය හොඳටම බිසී වෙලා තවත් ටිකක් බිසී වෙච්ච නිසා කොමෙන්ටුවක් වත් ලියන්න නිදහසක් ලැබුනේ නැහැ.

    මහා බ්‍රහ්මයා ගැන කතාවක් මතක් උනා. කට්ටිය මේක දන්නවාත් ඇති

    මෑන්ස් ලෝකේ ඔක්කොම සත්තුන්ව මවලා, ඊට පස්සේ උන්ට එන්න කියලා උන්ගේ ජීවිතය පවත්වාගෙන යන්න උපකාර වෙන "ටූල්ස්" ලබා දුන්නා. හැබැයි ඒවා අර අපේ මහ බැංකුවේ අය රෑ ජාමේ ලයිට් දාගෙන පාවිච්චි කරපු ටූල්ස් නොවෙයි. ඒවා දත්, නිය, දළ වගේ ගැජට්.

    මදුරුවා කම්මැලි කමට එහෙ යනකොට හොඳටම පරක්කු වෙලා. මහ බ්‍රහ්ම ටූල් ස්ටෝර් එකේ බඩු ඔක්කොම ඉවර වෙලා. මදුරුවාව හිස් අතිං ආපහු යවන්න බැරි හින්දා පොඩ්ඩක් වට පිට බලන කොට පුංචි උල් කටු කෑල්ලක් හම්බවෙලා ඒක මදුරුවාට දුන්නලු.

    මේකෙන් මොන ඉලව්වක් කරන්න දැයි කියලා හිතාපු මදුරුවා, මහා බ්‍රහ්මයා ගෙන් ඇහුවලු, අනේ දෙවියන්වහන්ස, මට මේ කටුවට ගහන්න මිටියකුත් දෙන්න බැරිද? කියලා.

    "උඹ ඕක අරගෙන ගිහිං කාගේ හරි ඇඟට තියපං. මිටිය එහෙන් හම්බවෙයි" කියලා මහා බ්‍රහ්මයා කිව්වලු.

    ReplyDelete
    Replies
    1. ඔයිටත් පරක්කු වෙලා ගියපු තව බොහොම චූටි කෘමි සතෙකුට මහා බ්‍රහ්මයට මළ පැනලා: නමයි, කෑමයි දෙක ම තෝරල දුන්නු කතාව මතක් වුණා...

      Delete
    2. ඒකත් කිව්ව නං ඩ්‍රැක් 😃😃

      Delete
    3. ම්හු! අනුමාන කරන්නවත් බෑනෙ. ඩ්රැකීම කියනකල් මාත් බලං ඉන්නවා මහේෂ් වගේ. Sam වුණත් අහල තියෙනවද නමයි- කෑමයි තෝරලා දුන්නු කතාව?

      Delete
    4. ඔය මදුරුවා දවල් වෙනකං බුදියං ඉඳලයි බ්‍රහ්මයාගෙ ඇපොයින්ට් එක මිස් වෙලා තියෙන්නෙ. ගියාම බ්‍රහ්මයා " කිව්වලු, කරන්න දෙයක් නෑ, බඩු ඉවරයි" කියලා. දන්නවනෙ මදුරුවාගෙ හැටි. කණ ගාව කැරකි, කැරකි කූං,කූං කිය කිය වාත වෙන්න ගත්තලු. "අනේ බොස් ඒම කරන්න එපා, මොකක් හරි අටවලා දෙන්න" කියලා. වදෙන් බේරෙන්න බැරිම තැන, බ්‍රහ්මයා හොටවල් හදන්න ගත්ත නියන තමා අරූගෙ කටේ එබුවෙ.

      ඉතුරු ටික සෑම් මහත්තයා ලිව්ව වගේ.

      Delete
    5. ඔන් එහෙනං කතාව... අවර ගණයේ කතා කැමති නැති උදවිය අහක බලාගන්ඩ.

      බ්‍රහ්මයා හැම සතෙක්ම කැඳවලා, උගෙ නමයි, කන්ඩ තියෙන කෑමයි තෝරලා දුන්නලු. එතනදිත්, ඉතා ම කුඩා කෘමියෙක් හොඳටම පරක්කු වෙලා ගිහිං. ඌ යද්දි, බ්‍රහ්ම තෙමේ වැඩ අවසන් කරලා, යාන්තමින් සැතපෙන්න ලෑස්තිය. අරුත් ගිහිං, "මගෙ නම මොකද්ද?" කියල ඇහුවම, බ්‍රහ්මයාට මළ පැනලා, "GO ප*යා" කිව්වලු. ඉතිං අරුත් හිතාගත්තලු ඒක තමයි මගෙ නම කියලා. ඊටපස්සෙ ඌ ඇහුවලු "එතකොට මං කන්නෙ මොනවද?" කියලා. බ්‍රහ්මය කිව්වලු, "පළ! තෝ ගිහිං ඔ්නෙ හු*තක් කාපිය" කියලා.

      (ඔය තරු ලකුණු තේරුම් ගන්න අමාරු උදවිය සඳහා සුරංග ලියනගේ ක්‍රමයේ පරිවර්තන...
      පළවෙනි එක - GO පුරුෂ ලිංගයා
      දෙවෙනි එක - ඔ්නෙ ස්ත්‍රී ප්‍රජනන අවයවයක් කාපිය)

      Delete
    6. ජනමාධ්‍යවලින්ම ඉගෙන ගත්තු එහෙකින් උත්තර දෙන එක සුදුසුයි කියා හිතුණා. ටහිකෙන කතාවක්නේ ඩ්රැකී!

      Delete
    7. https://www.youtube.com/watch?v=ff4Bdvf5DW0

      Delete
    8. ඔව්, ඔව්. ඔව්වා තමයි අපිව නාක් කරන්නේ.

      Delete
  10. http://kattakaduwa.blogspot.com/2021/09/blog-post.html

    ලොකුමල්ලිතුමා කමෙන්ට් බලාපොරොත්තුවෙන් සිටී.

    ReplyDelete
    Replies
    1. ගිආ Pra Jay මහත්තයෝ එහාට. හය මාසෙකට පස්සෙනේ. මහාසි නොබලා මෙහෙම ලියා තියලා ආවා.

      කට්ටකාඩුවේ ලොකු ඔබ වැනි අයට
      ඇහැකිද මොකුත් නොලියා දිගු කල් ඉන්ට
      ලියන සැණෙන් ඒවා නොකියෙව්වාට
      කවුරු හරි බලයි නේදෝ මතුවකට

      හැමටම ගයනු බැහැ- නටනුත් බැරිය ලොවේ
      ලියනුත් එහෙමමයි - එවැනියො අඩුය ලොවේ
      හය මාසයක් හිටියා ඇති නිවාඩුවේ
      ඇරියස් කවර් කරමුද කට්ටකාඩුවේ?

      Delete
  11. මේ තව හිනා කතා ලියන හාදයෙක්. පට්ට කතාවක් ලියල. 😂
    https://namiyageweediya.blogspot.com

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මගේ බ්ලොග් එක නූනත් සාදරයෙන් පිලිගන්නවා. මිත්‍රත්වය කියන්නෙ උපයාගත යුතු දෙයක්. ඔබ විමසිල්ලෙන් හිටියොත් පෙනේවි මොනවද ඒ unspoken rules කියලා. එහෙම කිව්වට මහ ලොකු දේකුත් නෑ.

      Delete
    3. ස්තුතියි බස්සා මහත්තයෝ. නමියගේ වීදියේ විදිය අපූරුයි. හිනා කතාව පන්කාදුවට ලියා තියෙනවා, සකස් කරලත් තියෙනවා.... මං කියන්නේ lay out එක.... නීති ටික රතු පාටින් එහෙම දාල.

      මට පෙනෙන විදිහට නං නමියටත් ලියන්න දේවල් එමට තියෙනවා වගේ. එයාට ජයෙන් ජයම වෙන්න පතමු!

      Delete
    4. වැදගත්ම කාරනාවක් අමතක වුණා. සමා වෙන්න ඕනි. බකුසුතුමෝ, 'මගේ බ්ලොග් එක නූනත්' කියලා නමියගේ වීදිය අඩවිය ගැන කියපු එකටත්, මටත් ඇලන් එයාව සාදරයෙන් පිළිගනිම ගැනත් විශේෂයෙන් ස්තුති කල යුතුයි.

      මිත්‍රත්වය උපයාගත යුතු දෙයක් බව සටහන් කිරීමත් ඉතා වැදගත්!

      Delete
  12. ආච්චිගේ කතාව පංකාදුයි!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නමි.
      අදනේ ඔයාගේ අඩවිය ගැන දැන ගත්තේ. බලන්න posts කීපයක තියෙනවා වගේ එහෙ. එන්නං කන්නාඩිය හම්බ වුණාම... හදන්න දීලා නිසා වැඩ හෙමිං...

      Delete
  13. ආච්චිගෙ කතාව හොඳයි. කලන්තෙ දාපු එකනම් අස්වාභාවිකයි.

    මගේ colleague කෙනෙක් දවසක් කිව්වා මෙහෙ ප්‍රධාන පෙලේ පත්තරේක තිබුන ආටිකල් එකක් -ගණිකාවක් එක්ක කරපු සාකච්ඡාවක්. ඇය කියලා තිබුනු එක දෙයක් තමයි ඇයගෙ ඉන්දියානු ගැනුම්කරුවන්ට සාපේක්ෂව ලාංකික ගැනුම්කරුවන් වඩාත් gentle කියලා.

    ReplyDelete
    Replies
    1. මම කාලයක් බටහිර ලිංගික ශ්‍රමික තරුණියන්ගෙ ලිපි කියව්වා. ගණිකාව කියන යෙදුමට මගේ එච්චරම මනාපයක් නෑ. සමහර අය හරිම බුද්ධිමත්. කොහොමත් එයාලට බටහිර සහ ආසියාතික සැලකිල්ල අහසට පොලොව වගේ.

      Delete
    2. Lotus, බස්සා මහත්තයා දෙන්නටම ස්තුතියි.... මොකද දන්නවද... මතු වැඩ තකා මේ කමෙන්ට්ස් දෙකම copy කරලා අරන් තියා ගන්නවා.

      Delete
    3. බස්සා කියන දේ හරි. මේ ලඟදී මෙහෙ කෝවිඩ් පොසිටිව් වුනු අය අතර ලිංගික සේවා සපයන කාන්තාවක් හිටියා> ඒ ප්‍රදේශයේ එවැනි කාන්තාවකගෙ සේවය ලබාගත්ත අය කරුනාකර කෝවිඩ් වලට ටෙස්ට් කරගන්න කියන ඉල්ලීම හැර වෙන කිසිම තොරතුරක් රජයෙන් හෝ මාධ්‍යවල වාර්තා කලේ නැහැ වෙනත් රටක වුනානම් ඒ කාන්තාව කවුද කියලා ඔක්කොම විස්තර වගේම සේවා ලබාගත් අයගෙ විස්තර පවා මාධ්‍යවල යන්නත් තිබුනා

      Delete
  14. මම තට්ටයා මහතාගෙ පෝස්ට් එකට දාපු කමෙන්ට් එකට නිමල් දාලා තිබුනු කමෙන්ට් එක දැක්කා- අසංවර හා හිත් රිදෙන කමෙන්ට්ස් ගැන. ඒවිදිහෙ කමෙන්ට්ස් ඉතාම සීමිතයි නේද. බහුතරය ඉතා හොඳයි. මමනම් හිතන්නෙ අසංවර කමෙන්ට්ස් වලට දෙන්න පුලුවන් එක පිලිතුරක් තමයි අනිත් අය සංවරව දිගටම සංවාදය පවත්වාගෙන යැම. එතකොට අනිත් කෙනා යම් වෙලාවක තේරුම් ගනියිනෙ තමන් කරපු දේ නුසුදුසුයි කියලා. අර ජාතක කතාවකත් තියෙනවා නේද රජ මාලිගාවකට යක්ෂයෙක් හෝ යම් අමනුස්ස ප්‍රානියෙක් ඇවිල්ල එයාට යන්න කියලා අනිත් අය බනින කොට යක්ෂයා තවත් ශරීර ප්‍රමාණයෙන් වැඩි වුනා කියලා.

    ඒ පෝස්ට් එකේම අජිත් කියලා තිබුනු අර ලංකාවෙ අය හැමවිටම පක්ෂය අංක එකට සලකනවා කියන කතාවත් ඉතා වැදගත්.

    ReplyDelete
    Replies
    1. අවාසනාවට නෝනෙ, ප්‍රායෝගිකව ඒ දේ හැම තිස්සෙම හරි යන්නෙ නෑ. ඒ ඇයි කියලා මම විස්තර කරන්න යන්නෙ නෑ, ඒත් ඒ කමෙන්ට් හොඳට බැලුවොත් , බාගදා තේරේවි.

      Delete
    2. මගෙන් පොඩි වැරැද්දක් වෙලා තියෙනවද මන්දා....
      තට්ටයා මහත්තයාගේ අඩවියේදී මම කිව්වේ එත්මාට වැටී තිබුණු අසංවර comments ගැන නෙවෙයි. වෙනත් අඩවි දෙක තුනක් ගැනයි... නම නොකියන්නේ ඒ අඩවිවලට මදිකමක් වේවි කියලයි. හොඳේ.

      Delete
    3. නිමල් කියලා තිබුනේ පොදුවේ කල නිරීක්ෂණයක් කියලා මට තේරුනා. වරදවා වටහාගත්තෙ නැහැ.

      Delete
  15. මම කැමති කලා විචාරකයා සහ හාවා/වලහා කතා වලට.
    හැමදාම වගේම ස්තූතියි , නිදි.

    ReplyDelete
    Replies
    1. හැමවිට හැම දෙනට දහිරිය දෙන්න සැදී
      ඉන්නා ගොඩේ හිත හොඳ බස්සෙකුත් හිඳී
      ඇගයිය යුතුය මේ පිළිවෙත එකට බැඳී
      කියමි ස්තුතියි! ඒකත් හිතට මදී

      Delete
  16. පුරුද්දට ගොඩ වැදුණා 'බකමූණු කතා' අඩවියට: https://frozenlazyowl.blogspot.com/2021/09/1.html

    බකුසු මහත්තයා අලුත් පොස්ට් එකක් දාලා. Post එකම කලඑළි වෙලා foto එහෙකින්. මං වහන්සේ ඔව්වාට හරි කෑදරයිනේ. එතෙන කොටපු කවි දෙක මෙතනත් දාන්නේ බකුසු මහත්තයාගේ හිත පහන් කරවාගෙන ඉක්මනින් ඒ foto එකක් ගෙන්නා ගන්නයි! (සම්‍යක් ප්‍රයෝග දැනගෙන උන්නා නං කියලා හිතෙන්නේ දැන් තමා.)

    උඩම foto එක නං මල් මසුරන්ය
    ඔහොමට වැඩ දානකොට නං ඊරිසියාය
    ඒකෙන් මටත් වැඩ ගන්නට හිතුණාය
    බා ගත්තාට කොලිටිය මදි වාගේය

    එවනවද එයින් කොපියක් අකුරු හොඳ
    එතෙක් බලා හිඳිනෙමි මම; මිතුරු සඳ
    තව තව විකුම් දක්වන්නට ලෙසින් අද
    බස්සට ලැබේවා විස්කම් දෙවිඳු තෙද!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිදි. මට තාම මේ අකුරු බොඳ එකට විසඳුමක් ලැබුනෙ නෑ. හදාගත්ත හැටියෙම එවන්නම්.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. මෙන්න ලින්ක් එක. ෆොටෝෂොප්යි ෆයිල් එකයි. අකුරු නැති, ඇති තව ෆයිල් තුනයි.

      https://drive.google.com/file/d/1RBdKCxzp1F0ViJd-DI7wIj7yJgU09pq8/view?usp=sharing

      Delete
    4. ස්තුතියි බස්සා මහත්තයෝ, ඩවුන්ලෝඩ් වුණාට open වෙන්නේ නෑ. හෙට උපදෙස් අරන් කියන්නන්කෝ.

      Delete
    5. මලා! නිදි ගාව RAR නැතුව ඇති. මෙන්න zip version එක, ඒක ඕපන් වේවි.

      https://drive.google.com/file/d/19EPVGL6nYC36idDkVQzHg-R_j2cR6Gtd/view?usp=sharing

      Delete
    6. දැන් හරි බස්සා මහත්තයෝ, ගොඩක් ස්තුතියි!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්