අකුරු මැකී නෑ

Tuesday, January 18, 2022

ඒනං ඔයාට අපිව විස්වාස නෑ!

ඒ ඉරණමේම කොතැනක හෝ නිශ්චිතවම....
දෛවය කියන්නේ මොකක්ද?
ඉරණම කියන්නෙත් ඒකටමද.... අප ඉපදෙන විටම අපේ ජීවිත ගමන් මඟ තීරණයවී අවසානද? අපගේ ගමනාන්තයන්; අප හා ගැටෙන්නවුන්; අප වෙනස්කොට නොපිට පෙරළන්නවුන් මෙන්ම, අප හා එකටම සිටින්නන් එහෙමත් ඒ ඉරණමේම කොතැනක හෝ නිශ්චිතවම සනිටුහන් වී තිබෙනවාවත්ද?

‘Same Soul - Many Bodies’ කියලා පොතක් ලියනවා Dr. Brian Weiss මහත්තයා. ඒ පොත කියවන නිලීකා කොට්ටච්චි මහත්මිය ඩී.බී. කුරුප්පු මහත්තයාට පොත ගැන කියනවා. ඒ එක්කම, ඒ පොත සිංහලයට නඟන්න කියලාත් ඉල්ලා හිටිනවා.
කුරුප්පු මහත්තයාගේ කෘතීන්හි title පිටුවල ‘කතුවරයාගේ වෙනත් කෘති’ තීරුවේ ලියවෙන 60කට වැඩි නම් වැලට ‘නැතක් රූ ගත් එකත් මූලය’ පොතේ නමත් එකතු වෙන්නේ ඊට පස්සේ. ඒ 2011දී.

2015දී ඒ ලැයිස්තුවට තවත් එකක් එකතු වෙනවා. ‘පෙම පමණයි සැබෑ වන්නේ’.
ඒ පොතත් බ්‍රයන් වයිස් මහතාගේ පොතක පරිවර්තනයක්. Only Love is Real තමයි මුල් කෘතිය.

බ්‍රයන් වයිස් තමන්ගේ රෝගීන්ට මෝහනය කිරීම මඟින් ප්‍රතිකාර කරද්දී සොයා ගත්තේ පුනරුත්පත්තිය හැබෑවක් බවයි. ඒ වගේම ආත්මයෙන් ආත්මයට ගෙනයන ගනුදෙනු තිබෙන බවයි.
(පන්සිය පනස් ජාතක පොතේ, තුන්වෙනි කතාව; සේරිවාණිජ ජාතකය කියවලා තියෙන කෙනෙකුට මේ ආත්මයෙන් ආත්මයට ගෙනියන ‘ගනුදෙනු සංකල්පය’ අමුතු දෙයක් නෙවෙයි. රන් තලිය අහිමි වුණාම කච්ඡපුට වෙළෙන්දා බෝසතුන් කෙරෙහි බැඳගත් වෛරය දෙව්දතුන් ලෙස ඉපදෙන තෙක්ම ගෙනිච්චානේ.)

අපට හමුවෙන පරණ ගනුදෙනුකාරයන් එක්ක තියෙන බැඳීම් සාධාරණව විසඳා ගැනීම මඟින් විතරයි.....

‘නැතක් රූ ගත් එකත් මූලය’, ‘පෙම පමණයි සැබෑ වන්නේ’ පොත් දෙකෙන්ම කියවෙන විදිහට අපට හමුවෙන පරණ ගනුදෙනුකාරයන් එක්ක තියෙන බැඳීම් සාධාරණව විසඳා ගැනීම මඟින් විතරයි, ඒවා නිමා කර ගන්න හැකි වෙන්නේ. නැතිනම් ඒවා තව ආත්ම භාවයන් ගණනාවකට වුණත් අරගෙන යන්නයි අපට සිද්ද වෙන්නේ. ගනුදෙනු පියවනකල්ම එයාලාත් අප එක්කම ඉපදි-ඉපදී, අප එක්කම ගැටි-ගැටී හිටිනවා!

‘නිදිගෙ පංච තන්තරේ’ නොකඩවා කියවපු පාඨකයෙකුට හෝ පාඨිකාවකට හෝ පුදුමත් හිතෙන්න ඇහැකි මේ ලියන්නාගේ ජීවිතයට සමහර දෙනා කරලා තියෙන බලපෑම කොච්චරද කියලා. කොටින්ම ‘මම’ කියන්නේ සිය-දහස් ගණනාවක් දෙනාගෙන් ලැබුණු දැනීම් සමුදායක්; අත්දැකීම් ගොන්නක් විතරයි!
ඒ සේරම දෙනා ගැන පූර්වාපර සන්ධි ගලපන්න ගියෝතින්...
බුදු අම්මේ, මැරෙනකල්ම මට පංච තන්තරේ ලියලා ඉවර කර ගන්න හම්බ වෙන්නේ නෑ නෑ නෑම තමයි.

ඊවා හාමු!
ඊවා සේනානායක මහත්මිය. උපාලි සේනානායක මහත්තයාගේ ප්‍රිය බිරිඳ. (ඔව්, ඔව්. උපාලි හාමු ඩඩ්ලි සේනානායක මහත්තයාගේ ළඟම ඥාති සොහොයුරෙක්.)
දකින්නත් කලින්ම ඊවා හාමු අපේ ගෙදරට අමුත්තියක් නොවුණේ
අපේ ගෙදරම ගඳ ගස්සලා.

ඒ වගේමයි, කිසිම ඉරිසියාවක්- කහටක් නැතිව එයාගේ කොළඹ හතේ; කුරුඳුවත්තේ හිතවතියන්ටත් අපේ අම්මාගේ ‘සන්නාලි වැඩ’ ගැන රෙකමන්ඩ් කළා. එහෙමයි, 1976දී අපේ අම්මාව එංගලන්තයට ගෙන්නා ගත් ‘තිරීස් මිසී’වත් අපේ කතන්දරවලට සම්බන්ධ වෙන්නේ.
ඊවා හාමු තමයි අද කියන්න යන කතාවටත් මුල පුරන්නේ. එයින් පටන් ගෙන එක-එක පැත්තට අතු-ඉති විහිදිලා; අරටු මුල් ඇදිලා ගිය කතාව පටන් ගත්තේ 1970 ජුලි මාසේ ‘බ්‍රොයිලර් මනමේ’ නාට්‍යය පෙන්නුවාට පස්සේ.

ඒ ඉස්සර තමයි වලව්වල ඇත්තො.... (වලව්වක උදහසට ලක්වූවෙකු දඬුකදේ ගසා...)

“ඉතිං, ඉතිං නිමාල්....” ඊවා හාමු කෑම මේසයට වාඩි වෙන ගමන්ම කිව්වා.
“ඇයි නිමල් හිටගෙන ඉන්නේ? මම හැමදාමත් කියනවනේ... වාඩි වෙනවා ළමයෝ. අන්න එහෙම. ඔයා වාඩි වුණාට පුටුව කැඩෙන්නෙ නෑ.... ඒ ඉස්සර තමයි වලව්වල ඇත්තොත් එක්ක පොඩි මිනිස්සුන්ට හරි-හරියට වාඩි වෙන්න තහනං කරලා තිබුණේ.... දැන් ඒවා නෑ. අපිත් දැන් දුප්පත් වේගෙන යන්නෙ නිමල්...”

කතා කරන ගමන්ම ඊවා හාමු මගේ ළඟිනුත් පිඟානක් තිබ්බා. “නිමල් කමු මාත් එක්කම. කොච්චර කිව්වත් ලීලා නං මේ මේසෙට එන්නෙ නැහැනෙ... නේද ලීලා....”

“ඔයා කන්න... මං පස්සේ කන්නං!” අම්මා මට එහෙම කිව්වේ මටයි, ඊවා හාමුටයි දෙන්නටම එක උත්තරයක් දෙන ගමන්.
කවදා ඒ බංගලාවට ගියත් මට මොනවාම හරි සංග්‍රහයක් කරවන්න ඊවා හාමු අමතක කළේ නෑ. ඒ තරමටම ඒ අංගනාව මව්වත්!

එදාත් සංග්‍රහයෙන් පස්සෙයි ඊවා හාමු මට එන්නට කියූ කාරණය කිව්වේ.

“මට ලීලා කිව්වා මේ දවස්වල ඔයා string hoppers බිස්නස් එකක් කරනවයි කියලා. කොච්චර කරදරයක්ද නිමල්. මට හිතා ගන්නවත් බෑ.... කොහොමද ළමයෝ ඉස්කෝලේ යන ගමන් ඔයා එහෙම දේවලුත් කරන්නේ? මම ඔයාට එන්න කිව්වේ ඊට වැඩිය හොඳ රස්සාවක් ඔයාට හොයලා දෙන්නං කියන්න.”

එහෙනං ඒකයි මේ!
අපේ අම්මා ‘ඊවා හාමු රංජිට එන්න කිව්වා’යි කියුවා මිස හේතුවක් කිව්වේ නැත. ඊට කලිනුත් ‘දැන් රංජි රස්සාවක් කළොත් හොඳ නේදැ’යි කිහිප වතාවක්ම අහලා, තාත්තාගෙනුත් බැණුම් අසාගත් හින්දා වෙන්නැති, ඒ. “බින්තැන්නේ එවුන් දන්නවද ඉගෙන ගැනිල්ලේ වටිනාකම? ඌ SSC විභාගේවත් කරලා හිටපුදෙන්...”

උන් කැමති නෑ යකෝ කෙනෙක් ඉගෙන ගෙන උඩට එනවට. (දැන් එහෙම නැත!)

“නිමල් මොකද කියන්නේ?
“කොහෙද හාමු?”

“වැල්ලවත්ත රෙදි මෝලේ. එතන ලොකු මහත්තයා මගේ යාළුවෙක්... මම කිව්වොත් වැඩේ කරලා දෙනවාමයි... කැමතියිද?”

“ගොඩක් ස්තුතියි හාමු. තාත්තා මොනවා කියයිද දන්නෙ....”
“ඔව්! ඔව්!! ඕගොල්ලන්ගේ තාත්තා හරි නීතිකාරයා කියලා ලීලා මට කියලා තියෙන්නේ. සැරයක් ලීලා එයාගෙන් අහන්නේ නැතිව ලීලගේ තාත්තාට වී ගෝනියක් දුන්නයි කියලා,
ලීලගේ බෙල්ල කපන්නත් ගියාලුනේ... ලෙඩ වෙලා වුණත් එයාගේ සැර නං පොඩ්ඩක්වත් අඩු වෙලා නෑ නේද.” ඊවා හාමු කිව්වේ මගෙන් උත්තරයක් ඕනෑ නැතිවා වගෙය.

“ගෙදර ගිහින් තාත්තාගෙනුත් අහලා මට කෝල් එකක් දෙන්න. මම හිතන්නේ මේ දවස්වල රෙදි මෝලට කට්ටිය ගන්නවා. එහාට වැඩට යන්න මිනිස්සු පොර කනවා... පහු වුණොත් බලා ඉන්න වෙන්නත් පුළුවන්!”

ගෙදර ඇවිත් තාත්තාට ඒ විස්තර කිව්වාම තාත්තා ගොඩ වුණේ මගේ ඇඟටය.

“මං තොට කියල තියෙන්නේ... ඔය හාමුලා හරිම කපටියි. උන් කැමති නෑ යකෝ කෙනෙක් ඉගෙන ගෙන උඩට එනවට. වලව්වල එවුන් ඔහොමම තමයි... උඹ විබාගේ කරලා ඉඳපන් කොයිකටත්... ඊට පස්සේ රස්සාවක් බැරි නං ඕනි මඟුලක්.”

අපේ තාත්තා ගෝරනාඩු කළේ බන්දුල ජයකොඩිත් ඉදිරිපිටදීමය. ඒ වෙලාවේ ඒ හාදයාත් අපේ ගෙදරට ගොඩ වැදිලා හිටියේ නිකමටය. තාත්තා නිවෙනතුරු එකෙල-මෙකෙල වෙමින් හිටි බන්දු ගෙනාවේ අලුත් යෝජනාවකි.

මං ආදර පූජාසනේවිකුම් පෑවේත් ඒකෙ උදව්වෙනි.

“ගුණපාල අයියා මොකුත් හිතන්න එපා ඕං.
සිටි කැරියර්ස් රස්සාව නං තිත්ත වෙලා මාත් දැන් ඉන්නේ. තඩි වානේ කබඩ්මයි වැඩි හරියක් උස්සන්න වෙන්නේ. එව්වා පටවල- බාලා හවස් වෙනකොට පාන් කියාගන්නවත් පණ නෑ.

බැරි වෙයිද ඔය හාමුට කියලා රෙදි මෝලේ chance එක මට ඉල්ලගන්න...”

තාත්තා ටිකාක් වෙලා කල්පනාවේ ගිලුණේය.
“අන්න වැඩේ. රංජි, උඹ දැන්මම ළමා නිවාසෙට ගිහින් ඊවා හාමුට call එකක් දීලා අහපං. එතකොට බලා ගන්න බැරුවයි එයාගෙ සත්ත මහා කරුණාවේ දිග-පළල....”

බන්දුලට ලොකු හිනාවක් ගියේය.
“යමු රංජි, මාත් එන්නම්.”
“තමුසේ මොකටද යන්නෙ... මෙයා වෙනදාටත් නොයන තැනකටය යන්නෙ.” තාත්තා උදැල්ල දැම්මේය.

“අයියෝ ගුණපාල අයියා. මම හැදුවේ ඒ ගමන්ම සිගරට් දෙක තුනකුත් අරගෙන එන්න...” බන්දුල එහෙම කියාගෙන මඟට බැස්සේය. මගෙත් එක්කලා ළමා නිවාසයටත් ආවේය. ඒ දවස්වල මේ ඉසව්වෙන් ටෙලිෆෝන් පහසුකම තිබුණේ එහාට විතරය. (මං ‘ආදර පූජාසනේ’ විකුම් පෑවේත් ඒකෙ උදව්වෙනි.)

“අනේ රංජි, ඔය හාමුට වැඳලා හරි කියන්න, මට ඒ රස්සාව හරි ගස්සලා දෙන්න කියලා. මම ඔයාට උගන්නන්න ඕනි නැහැනේ, වැඩේ කෙරෙන විදිහකටම කතා කරන්න.” බන්දු මඟින්-මඟටම පින්සෙණ්ඩු වුණේය.

“අනේ නිමල්, ඔයා හොඳ chance එකක්නෙ මිස් කර ගන්න යන්නෙ....” මගේ කතාව අසාගෙන හිටි ඊවා හාමු කීවාය.
“ඒත්, තාත්තා කියනවා වගේ ඔයා විභාගේ කරනකල් ඉස්කෝලේ යනවා නං, අපි මේ චාන්ස් එක ඔයාගේ යාළුවාට දෙමු... රස්සාවක් නැති කෙනෙකුට රස්සාවක් හොයල දෙන එක පිනක්නෙ නිමාල්...”

ඔයාගේ කීම විශ්වාස කරලයි මං මේ ඇහෙන්වත් දැකලා නැති ළමයෙකුව රෙකමන්ඩ් කරන්නේ... 

රිසීවරේ කනේ තියාගත්ත ගමන්ම මං හස්ත මුද්‍රාවෙන් බන්දුලට කිව්වා වැඩේ කෙරෙන බව. ඔන්න එවෙලේ තමයි මිනිහට හිනාවක් ගියේ.

“එතකොට කොහොමද හාමු එයාව වැල්ලවත්තේ රෙදි මෝලට....” මං ප්‍රශ්නය එහෙම පිටින්ම ඇහුවේ නැත්තෙත් ඊවා හාමුට ගෞරවයෙන්.
“නිමල් දැන් ඉන්නේ ළමා නිවාසේ ටෙලිෆෝන් එක ළඟ නේද. මං දැන්මම ඒ මහත්තයට කතා කරලා ආපහු ඔතනටම call කරන්නං. ඔයාට පුළුවන් නේද ඔතනම තව ටිකක් වෙලා බලාගෙන ඉන්න....” ඊවා හාමු කීවාය.

කියූ ලෙසම ඇයගෙන් ආපසු දුරකථන ඇමතුමක් ලැබිණි. ලැබුණු ප්‍රතිචාරය සුබවාදී එකකි. බන්දුලට පසුවදාම උදේ වැල්ලවත්ත රෙදි මෝලට ගිහින් xxxxx මහත්තයා හමු වෙන්නැයි උපදෙස් ලැබිණි.
“නිමල්, ඔයාගේ කීම විශ්වාස කරලයි මං මේ ඇහෙන්වත් දැකලා නැති ළමයෙකුව රෙකමන්ඩ් කරන්නේ... ඔයා ඒක ඒ ළමයාටත් කියන්න.”
“හොඳමයි හාමු. එයා හොඳ කෙනෙක්... අපේ නාට්‍යවලත් රඟපානවා. ගෙවල් කිට්ටුවමයි... හාමුගේ නම නරක් වෙන්න දෙන කෙනෙක් නෙවෙයි!” මම ඇප වීමි.

“කෝ යකෝ මූ? උදේ රෙදි මෝලට ගිය එකාට යුතුකමක් තියෙනවානේ ආපහු එන ගමන්ම අපිටත් කියන්න මොකක්ද වුණේ කියලා... බලපං ගුණේ නැතිකමක හැටි.... ආවදෙන්කො බන්දුවා. අද තමයි මිනිහා මගෙන් අහගන්නේ....”
එදා හවස් වෙන තුරුමත් කිසිම ආරංචියක් නැතිව හිටි බන්දුල හයට විතර අපේ ගෙදරට කඩා වැදුණේ හොඳටම හෙම්බත් වුණු ගමන්ය.

අපේ තාත්තා කට අරින්නට මත්තෙන් බන්දුල ඉස්සර වුණේය.
“පණ යන්න එන්නේ ගුණපාල අයියේ. බඩගින්නේ.... මාර වැඩක්නේ වුණේ.”

“ඉන්නවා බලන්න....” බන්දුගේ හෙම්බත් විලාසයෙන් අපේ තාත්තා කම්පා වුණා වෙන්නැති. “නෝනා.... මේ බන්දුලට මොනව හරි කන්න තියෙනවා නං බෙදලා ගනිං බං... එතකල් කියනවකො බන්දු මොකද වුණේ කියලා...”

අලුත් කට්ටියක් පුරුදු කරවන්න දාන නිසා....

“මම උදේ නවය වෙනකොට රෙදි මෝලට ගිහින් xxxxx මහත්තයාව හම්බ වුණා. ඒ මහත්තයා මගේ විස්තර අහලා ඇප්ලිකේෂන් එකක් දුන්නා පුරවන්න. ඊළඟට අහපි අලුත් කට්ටියක් පුරුදු කරවන්න දාන නිසා අද ඉඳලම එයාලත් එක්ක වැඩ කරන්න පුළුවන්ද කියලත්. බෑ කියන්නය... ඉතිං මාත් හිටියා....” බන්දු කිව්වේය.

“ගුණපාල අයියලට කිව්වට වෙන කෙනෙකුට නං කියන්නත් ලජ්ජයි. උදේ ගෙදරින් තේ බීලා ගියාට පස්සේ මේ වෙනකල් වතුර විතරයි. සත්තයි, බස් ගාස්තුව විතරයි ගුණපාලයියේ සාක්කුවේ තිබ්බේ....”

“මාර වැඩක්නේ වෙලා තියෙන්නේ. කමක් නෑ, කමක් නෑ. තමුසෙගෙ වැඩේ හරි ගියානේ.... බලාගෙන ගියාම ඊවා හාමුටත් යමක්-කමක් කර ගන්න පුළුවන් වගේ.”
ඇති යන්තං! තාත්තා ඉස්සෙල්ලාම ඇයගේ හොඳක් දැක්කේ එදාය.

“ඒත් ඒ මහත්තයා කිව්වා හෙට එනකොට ඊවා හාමුගෙන් ලියුමක් අරං එන්න කියලත්!” බන්දු කිව්වේ එතකොටය.
“හෙටම?”
“ඒක නේන්නං ගුණපාලයියේ...” බන්දු හිස කසයි. “බැරිද නිමල්ට ඊවා හාමුව හම්බ වෙලා එයාගෙන් ලියුමක් ලියවාගෙන රෙදි මෝල ළඟට ගෙනත් දෙන්න කියන්න....”

“දැන්මම තමුසෙලා දෙන්නා ළමා නිවාසෙට ගිහින්, call එකක් දීලා ඊවා හාමුට කතන්දරේ කියනවා. එතකොට එයා කියයි කරන්න ඕනි විදිහ.... නෝනා, මොකද බං ඔච්චරද තියෙන්නේ.... කමක් නෑ. බන්දු, තමුසේ ඕක කාලා ඉන්නවකෝ... නෝනා, උඹ පට ගාලා අපිට තේ වතුර ටිකක් වක්කරලා දියං!”

කටයුතු කරන්නට තීන්දු වුණේ ඒ විදිහටය.
බන්දුල පසුවදා උදේ වැඩට යා යුතුය. මා ඊවා හාමු හමුවී ලියුම ලියවාගෙන උදේ දහය වෙද්දී; තේ විවේකය වෙද්දී රෙදි මෝලේ ගේට්ටුව ළඟට යා යුතුය; ගිහින් බන්දුගේ අතට ඒ ලිපිය පත් කළ යුතුය.

සැලසුමක් හදද්දී වැරැද්දක් වෙන්නට ඉඩක් නැතැයි....
සැලසුමක් හදද්දී වැරැද්දක් වෙන්නට ඉඩක් නැතැයි අපි සිතන්නෙමු. ඒත් වරදින තැනුත් තියෙන්නට පුළුවන. ඊවා හාමු කොහෙදෝ ගිහින් බංගලාවට ආවේ දහයට කිට්ටුවය. ලියුමත් ලියවාගෙන මං රෙදි මෝල ළඟට එනවිට තේ විවේකය හමාරය!

බන්දුගේ ලකුණක්වත් නැත. ලියුමත් අරගෙන ගෙදර ගිහිල්ලා වැඩක් නැත. මං එතැනම තාවර වෙවී ඉඳිද්දී රෙදි මෝල ඇතුළට යන්නට ආ දෙන්නෙක් මගේ පැත්තට විමසිලිමත් බැල්මක් දැම්මෝය. ඊළඟට මා අසලට ආවෝය.
“මොකද මල්ලී... කාව හම්බ වෙන්නද?”
මොන දෙයියන්නාන්සේට වුණත් සේරම නොකියන මගේ ගතිය, එතැනදීත් ඉස්සර වුණේය. මම බාග ඇත්තක් කීවෙමි. “වැඩ කරන කෙනෙක්ව හම්බ වෙන්න ආවා අයියේ. තේ වෙලාවටයි එන්න කිව්වේ... මං පරක්කු වුණා.”

ඒ දෙන්නාගෙන් එකෙක් මටත් වඩා අණ්ඩපාලයෙකි.

“මල්ලියාගේ අතේ තියෙන්නේ ලියුමක් නේද.... ඒනං ඔයාත් මෙහාට වැඩට එන්නද.... එන්නකො මල්ලීඊඊඊඊඊ.
ඔයාගේ යාළුවට ආපහු එළියට එන්න වෙන්නේ lunch එක වෙලාවට. එයාගේ සෙක්ෂන් එකයි නමයි කිව්වොත් මං එයාව හොයාගෙන ඔයා මෙතන ඉන්නවයි කියලා කියන්නං.”

“කමක් නෑ අයියේ. මං දවල් කෑම වෙලාව වෙනකල් ඉන්නං!”
“අයියෝ මල්ලියාාාාා... ඒනං ඔයාට අපිව විස්වාස නෑ නේද? මේ රෙදි මෝලේ අපිට පිටින් යන කවුරුවත් නෑ මල්ලී.... අපෙන් මොනවත් හංගන්නත් බෑ. හරීඊඊඊඊ? ඔයා එන්නකෝ වැඩට... මෝලට වැඩිය වැඩ තියෙයි ඔයාට....” අනෙකා; දෙවැන්නා කතාවට මැදිහත් වුණේ එතකොටය.
“පිස්සුද මචං... පොඩි එකා හොඳටම බය වෙලා වගේ. පුළුවනි නං ආයෙමත් දාගනින් තව ලෙඩක්. යං යං, යන්න ආව වැඩේට යං.”

“මල්ලියාාාා... ඒනං අපි යනවා. ඒත් කෑම පැයට ඉස්සර මං එනවා මල්ලී ඔයාගේ යාළුවාව බලා ගන්න. මං එයාව අල්ල ගන්නංකො ඉස්සෙල්ලම.” මට එහෙම කියාගෙනය, පළමුවෙනියා සගයාත් එක්කම පිටත්ව ගියේ.

ශ්‍රී ලංකාවේ පිරිමින්ට සහ පිරිමි ළමයින්ට එරෙහි ලිංගික ප්‍රචණ්ඩත්වය යනු...

කල්පනා කරද්දී පෙනෙන්නේ ‘කෞමාර කාමයෙන් පෙළෙන්නන්’ සමාජයේ කොතරම් සිටිනවාද යන්නයි. එහෙමත් නැතිනම් එවැනි අයට මා හඳුනා ගැනීමේ විශේෂ හැකියාවක් තිබිණිද යන්නයි.

මට කළ හැක්කේ කල්පනා කිරීම පමණකි.
මේ තත්ත්වයන් ගැන වැදගත් සංඛ්‍යා ලේඛනයක් හා සෑහෙන විස්තර තොගයක් 
‘ප්‍රජා’ අඩවියේ පෝස්ටුවක පළවී තිබිණි.

ශ්‍රී ලංකාවේ පිරිමින්ට සහ පිරිමි ළමයින්ට එරෙහි ලිංගික ප්‍රචණ්ඩත්වය යනු පොදුවේ සිතනවාට වඩා සුලබ ප්‍රශ්නයකි. 2013 වසරේදී, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක හතරක කරන ලද අධ්‍යයනයකදී ප්‍රතිචාර දැක්වූ පිරිමින් 1,658 දෙනාගෙන් හතරෙන් එකකට වඩා (28%) ළමා ලිංගික අපචාරවලට මුහුණ දී තිබිණි. ඊට අමතරව, සහභාගි වූ පිරිමින්ගෙන් 12.1%ක් වාර්තා කළේ තමන් සාමාජික වන කල්ලිවලදී පිරිමින් ලිංගික ප්‍රචණ්ඩත්වයට ලක්වන බවයි.’

එතකොට නං මෙහෙම දේවල් ප්‍රසිද්ධියේ කතා කෙරුණේ නැතිවා විය යුතුය.
ඒත් දැන් එහෙම නොවේ. මේ ඇබ්බැහිය මානසික රෝගී තත්ත්වයක් ලෙසිනුත් හඳුනා ගෙන තිබෙයි.  

Phedopile- 
බාල වයසේ දරුවන් හා ලිංගිකව එක්වීම ලෝකයේ සභ්‍යත්ව පිළිගැනීම් අනුව සැලකෙන්නේ අපචාරයක් ලෙස. එමෙන්ම එය මානසික රෝගී තත්වයක් ලෙසත් සැලකෙනවා....’ 
ඒ  අද කාලේය.

කොහොම වුණත් එදා දිවා ආහාර විවේකයට වැල්ලවත්ත රෙදි මෝලේ ගේට්ටුව ඇරෙනකොට ‘පළමුවෙනියා’ විතරක් නෙවෙයි, එයාගේ මිතුරන් දහ දෙනෙක් විතරත් මාව වට කරගෙන හිටියේ. එයාලා කියන- අහන කිසිම දෙයක් නෑහෙන බීරෙක් ගණනට ඉන්නයි මට සිද්ධ වෙලා තිබ්බේ.

අනේ අම්මේ, එහෙම වදයක්...
මගේ ඇස් දෙක තිබ්බේ ගේට්ටුව දිහාවේ. ‘අනේ දෙයියනේ, ඉක්මනට බන්දු මතු වෙයන්... මතු වෙයන්...’ ගේට්ටුවෙන් එළියට ඇදෙන සෙනඟ කන්දරාව දිහා බලාගෙන මං දිගටම හිතුවා.

ඒ අතරේ හදිසියේම බන්දුලත් ගේට්ටුවෙන් එළියට ආවා. මාවත්, මගේ වටේ ඉන්න කීප දෙනාත් දැකපු ගමන්ම බන්දුගේ ඇස් ගෙඩි ලොකු වුණා.
මිනිහා අඩියට දෙකට මගේ ළඟට ආවා. ‘ලියුම ගෙනාවද?’ කියලා මගෙන් ඇහුවා.

මං ලියුම බන්දුට දුන්නා. ලියුම ඩැහැගත්තු බන්දු, වටපිටේ හිටි අය අහන-කියන කිසිම දෙයක් ඇහෙන්නෙ නැති විදිහට මට කිව්වේ වචන තුනයි. “දැන් රංජි යන්න.” ඒකත් කිව්වේ බන්දුගේ අර තෙතමනයක් නැති ගොරෝසු tone එකෙන්.

අරූට පිහියෙන් අනින්නයි වෙන්නෙ. අද දවසම සැරෙන් සැරේ ඇවිත්...

දුවගෙන ගිහින් මහරගම බස් එකකට නැඟලා වාඩි වුණාටත් පස්සෙයි මට සැනසුම් හුස්මක් වැටුණේ....
බන්දුල මට ‘ස්තුතියි’ කියලාවත් නොකියපු බව කල්පනා වුණේ.

එදා හැන්දෑවේ තමයි බන්දුල අපේ තාත්තාට හොරෙන් මාව කතාවට අල්ලා ගත්තේ.
“බලනවා. තේ වෙලාවේ ආවෙ නැතිව තමුසේ කර ගත්ත වැඩේ.... මටයි දැන් එහෙ ඉන්න බැරි වෙලා තියෙන්නේ.... අරූට පිහියෙන් අනින්නයි වෙන්නෙ. අද දවසම සැරෙන් සැරේ ඇවිත් ඇවිත් ඌ තමුසෙ ගැන ඇහුවා....” මිනිහා කිව්වේ නොරොක් හඬකිනි. මටත් යකා නැංගේය.

“ඉන්න බැරි නං රස්සාවට නොයා ඉන්නවා. මේක හරි වැඩක්නේ යකෝ.... උදව්වක් කරන්න ගිහින් තව බැණුමුත් අහන්න....”

මගේ ඒ අව-වාදය බන්දු කනකට අරගෙන තිබුණේ නැත.
බැරි වෙලාවත් මගේ කීම ගණන් ගෙන ඒ හාදයා, ඒ රස්සාවට නොගිහින් හිටියා නං හෙම කවදාවත් ‘සරත් රංචාගොඩ’ අපේ ගෙදරට එවෙන්නේ නැත෴ 

44 comments:

  1. ඔක්කොම කියෙව්වා. හොඳයි. අර පොත් දෙක සහ කතාව අතර සම්බන්ධය පැහැදිලි නෑ.

    ReplyDelete
    Replies
    1. ඔක්කොම කියෙව්වා නම් ඇයි 'පොත් දෙක සහ කතාව අතර සම්බන්ධය පැහැදිලි නෑ'කියන්නෙ. නින්දෙන්ද කියෙව්වෙ.

      Delete
    2. නින්දෙන් නෙවෙයි Lotus, බස්තුමා දවල් වෙලාවක තමයි කියවන්න ඇත්තේ.

      මට කියන්න ඕනි වුණේ මේකයි.
      මගේ ජීවිත ගමනේදී බොහෝ දෙනා නැවත-නැවත විටින්-විට හමු වෙවී ඉතා වැදගත් වෙනස්වීම් කර තිබෙන්නේ ආත්ම සගයන් වගෙයි කියන කරුණ.

      ඊවා හාමුම ගත්තොත් එයා තමයි අපේ අම්මා හරහා 1971 මට රේන්ද විකුණලා දුන්නේ, ඊළඟට මාව වස්කවි කීම සිදු වුණු ආයතනයට යැව්වේ. බන්දුලට රස්සාව ලබා දුන්නේ... මේ ඉන්න ගෙට ගෙවැදුණේත් ඇයව ගෙන්වාගෙන.
      'අනේ නිමල් දැන් මම බංකොලොත් ගෑනියෙක්නේ' කියලා එන්න බැහැම කිව්වා. බලෙන්මයි කැමති කරවා ගත්තේ කියල-කියලා. ඒ එද්දී පුංචි රිදී පාට පර්ස් එකකට රුපියල් පහේ කාසි ටිකක් පුරවල ගෙනත් දුන්නා, ඇස්වල කඳුළු පුරවාගෙන.

      වැදගත්ම දේ තමයි බකුසුතුමෝ, මේ පෝස්ටු කීපය ලියන්නෙ ඉදිරියේදී ලියන්න තියෙන 'සුප්පා දේවි....' postsවලට අදාළ වෙන විස්තරවලට මුල් තැන දෙමින්.

      Delete
    3. නින්දෙන් ඇහැරිච්ච ගමන් කියෙව්වෙ. ඒ කොහොම වෙතත්, නිදිගෙ පැහැදිලි කිරීම, අපි වගේ එක පොතක්වත් කියවල නැති, ඇවරේජ් බස්සොන්ට වටිනවා.🙏👌

      Delete
  2. සරත් රංචාගොඩ?? රංචාගොඩ ළමයගෙ නෑයෙක්ද?🤔

    ReplyDelete
    Replies
    1. රංචාගොඩ ළමයාගේ නෑයෙක්ද කියලා නං දන්නෙ නෑ. හිටියේ දෙහිඕවිට- අටුලුගම.

      Delete
  3. අපිත් ගෙවලා ඉවරකරගන්න බැරිවුනු ගනුදෙනුවක් එහෙම තිබිලා වෙන්නැති මේ ආත්මයේත් හමුවී මිතුරුකම් කරන්නේ..

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම අසංග....
      එහෙමම වෙන්නෝනි. නිකමට හිතන්නකෝ ඔයා මට පරණ ලියපු postsවලට links දාන්න කියලා දීලා කරපු බලපෑමම සුළුපටු එකක්ද කියලා.

      Delete
  4. // පුනරුත්පත්තිය හැබෑවක් බවයි. ඒ වගේම ආත්මයෙන් ආත්මයට ගෙනයන ගනුදෙනු තිබෙන බවයි//

    https://www.youtube.com/watch?v=_e0KvtNVrUI

    ReplyDelete
    Replies
    1. හපෝයි පරක්කුයි. ඒ ගැන කතාකලේ පරණ පෝස්ට් එකේ.

      http://nidigepanchathanthare.blogspot.com/2022/01/blog-post_14.html?showComment=1642387308710#c6689543549499132524

      Delete
    2. ඒකටත් මං කොන්ට්‍රිබියුට්කලා බස්තුමනි.
      නිදිතුමා ඒකෙ බාසාමය කොණක් හෝ කොනක් අල්ලගෙන.
      ඔබතුමාගෙ ජාතියෙ ඇණිතාවන් එතුමාට හිටියෙ නැද්ද කොහෙද (තාම ලියලනං නෑ එහෙම ඒවා ගැන )

      Delete
    3. Is this hell?
      You are in haven. What makes you think haven is for the good?
      වචන ටික නං කියන්නේ අලුත්ම අදහසක්, මට! අපේ මනසට කාවද්දලා තියෙන්නෙම දිව්‍ය ලෝකය සුන්දරම තැනක්ය කියලනේ. ස්තුතියි බකුසු මහත්තයෝ ලින්කුවට!

      Delete
    4. ප්‍රාජේ උතුමාණන්ගෙ කොන්ට්‍රිබියුෂන් එක නැති, බ්ලොග් ලෝකය, පරිප්පු නැති හෝටලයක් වගේ වෙයි නේද?🙏👌😂

      Delete
    5. ඒක නේන්නං බකුසු මහත්තයෝ, ඒ කොන්ට්‍රිබියුෂන් store එකක්නේ!

      Delete
    6. වයිස් ලියන්නේ ඇත්තය කියල මට හිතන්න බැහැ. මෙහෙත් සෑහෙන්න ජනප්‍රියයි. මෝහනය කරලා ඕනෑම අදහසක් ඔළුවට දෙන්න පුළුවනි.

      Delete
    7. අජිත්, වයිස් මහත්තයා ලියන්නෙ ඇත්ත වුණත් නැතත් සෑහෙන්නට ගත යුතු දේවල් නම් කියවෙනවා, මට නම්. කරුණාව- සංහිඳියාව- ආදරය තුලින් මිස ගැටුම්වලින් ප්‍රශ්න විසඳෙන්නේ නැතිය කියන අදහස වුණත් වටිනා එකක්නේ.

      Delete
    8. මම අවුරදු ගානක් ඕව හෙව්වා. අර මගේ ලිපි පෙලේ තියෙන්නේ ඒ විස්තර තමයි. මළවුන් ගෙනත් කතා කරන එකේ මළවුන් කෙසේ වෙතත් කිසියම් දෙයක් තියනවා. ඉදිරියේදී ලියන්න කියල හිතන් ඉන්නේ. වයිස් කරන්නෙත් ඒකම වෙන්න පුළුවනි.

      Delete
    9. මේ ආත්මේ ඇදුම තියෙනේ කෙනෙක්, හුස්ම ගන්න අපහසු කෙනෙක් ගිය ආත්මේ ගිලිලා මැරිලා, එල්ලිලා මැරිලාවගේ කතා හරියට තියනව ඉතින්. එයාගේ පුතා ගැන කීව එකත් අපි ඉතින් විශ්වාස කරන්න ඕනේ. ඔය කියන විධිහට ජිවිතයට අවවාද දෙන හරිය නම් හොඳයි. බුදු හාමුදුරුවෝ කලෙත් ඒකනේ . පුනරුත්පත්ති කතා වලින් ධර්මය පැහැදිලි කරන එක.

      Delete
  5. https://en.wikipedia.org/wiki/Domestic_violence_against_men

    https://www.theatlantic.com/science/archive/2016/11/the-understudied-female-sexual-predator/503492/

    https://www.bbc.com/news/stories-49057533

    ReplyDelete
    Replies
    1. Pra Jay මහත්තයෝ, තමුන්නාන්සේ එවා තිබෙන links බලද්දී හිතුනේ 'දැනටමත් සමහර කාන්තාවන්ට ආධිපත්‍යය ලැබිලා තියෙන විත්තියයි'.
      ස්තුතියි!

      Delete
  6. ඔය වගේ වෙනස් වන සැලසුම්, සිදුවීම් නිසා අපේ ජීවිත කතාවත් අපට නොතේරීම වෙනස් වෙනවා ඇති නෙ.
    එක hollywood ෆිලුම්ක තිබුන පිරිමියා කෙල්ලෙක් යන බස් එකේ යන්නේ නැත්තං එයා අනාගයෙ හොඳ දෙසපාලුවෙක් වෙන්ව. හම්බුනොත් ඒ කෙල්ලව බඳිනවා. වෘතිතියෙන් දෙන්නම වැඩි සාර්ථක වෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඒ තේමාව තියෙන ලස්සන films ගණනාවක්ම තියෙනවා නේද, නමී.
      බලලා තියෙද මේක?
      Tomorrow I Will Date With Yesterdays You 2016, මතක හැටියට කොරියන් ෆිලුමක්.....

      Delete
    2. film එක නං බාගත්තා නමී. බලලා තිබුණු එකක් නෙවෙයි. ස්තුතියි ඔත්තුවට.

      Delete
  7. “බුදු අම්මේ, මැරෙනකල්ම මට පංච තන්තරේ ලියලා ඉවර කර ගන්න හම්බ වෙන්නේ නෑ නෑ නෑම තමයි.” - එහෙම වෙන්නේ නෑ. නිමල් කිරිත් එක්ක සමහන් බොනවානේ.

    ReplyDelete
    Replies
    1. චමී, සමහන් මං කැමති රසයක් තියෙන බීමක්.... හැබැයි දැන් බොන්නෑ. සීනි වැඩි නිසා. ගිය මාසේ මගේ බ්ලඩ් කවුන්ට් එක වැටිලා, ඩීහයිඩ්රෙඩ් වෙලා ඉන්දදී අපේ හිතවත් නෙවිල්ට කිව්වා ජීවනී පැකට් තුනක් ගෙනත් දෙන්න. ඒ මනුස්සයා උස්ස්සාගෙන ආවේ නැතැයි සමහන් පැකට්ස් වගයක්...ඒවා නං පස්සේ බිව්ව!

      Delete
    2. ඇති ඔයින් ගියා. කොයිදේ වෙන්නෙත් හොඳට කියනවානෙ.

      Delete
  8. මම ඉස්සෙල්ලාම කියෙව්වෙ Dr Bryan Weissගෙ Many Lives Many Masters පොත, යාලුවෙක්ගෙ ගෙදර තිබිලා. ඊට පස්සෙ නිමල් කියලා තියෙන Same Soul Many Bodies, Only Love is Real සහ Miracles Happen පොත් අරගෙනම කියෙව්ව. මේ පෝස්ට් එක කියවනකම් දැනගෙන හිටියෙ නෑ සිංහල පරිවර්තන තියෙනවා කියලා. ලොකු සේවයක් ඩී බී කුරුප්පු මහත්තයා ඒ විදිහට කරලා තියෙන්නෙ. විවේචනයක් නෙමෙයි නමුත් නිකමට හිතුනා 'නැතක් රූ ගත් එකත් මූලය' නැතුව වෙන නමක් දැම්මා නම් හොඳ නැද්ද කියලා.

    ReplyDelete
    Replies
    1. ඔව් Lotus, කුරුප්පු මහතා 'අන්තර් භවය' කියලාත් පොතක් පරිවර්තනය කළා, ඉතා හොඳ!
      එතුමාගේ සිංහල යෙදුම් ටිකක් වෙනස්. මාත් කැමතියි වෙනත් නමක් යෙදුවා නම්!

      Delete
    2. අවුරුදු පහක් තිස්සේ ඕවා ගැන හෙව්වා. මගේ ලිපි සීරිස් ටික බලන්න එකේ ඉඳන්.

      Delete
  9. මම බ්‍රයන් වයිස් ගැනත් මගේ සීරීස් එකේ ලිව්වා.ඒකෙ දැන් ඉතුරු ටික ලියන්න පටන් ගන්න ඕනේ. පොත් ටික ඔක්කොම තියනවා මගේ ළඟ.
    භෞතිකවාදියෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal) මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ හැටි - හත්වන කොටස

    ReplyDelete
    Replies
    1. නිවිහැනහිල්ලේ බලන්නම් අජිත් මහත්තයෝ. ස්තුතියි link එකට.

      Delete
    2. පට්ට පෝස්ට් සැට් එක අජිත් සෑර්. ඔක්කොම කියෝගෙන යනවා. කමෙන්ට් ටිකත්, මසුරන් හතයි.

      Delete
    3. ඕකෙ තියනව මම මගේ මියගිය පියා සම්බන්ධ කරගන්න ගිය හැටි. මමඑතන විතරයි ටිකක් අවුලෙන් ඉන්නේ. ඒ සම්බන්ධය කලේ කැනේඩියානු කාන්තාවක් ලවුලන් කියල. ඒ විස්තරෙත් තියනවා. හැබැයි තව කතාවක් තියනවා. ජුලි 2008 සිවිල් යුද්ධය ඉවර වෙන්න කලින් ඔය කියපු මළවුන් කාන්තාව සම්බන්ධ කරගත්ත මැරුණු දෙමළ යුධ භටයෙක් (එයා කියන විධිහට) හැබැයි කලේ මම ඇහුව නිසා. ඒ මනුස්සය කියන විධිහට කිව එයා එයාගේ නායකයට/නායකයන්ට කැමැති නැහැ (ප්‍රභාකරන් වෙන්න ඕනේ ) . ඔවුන් වැරදියි වගේ එකක්.. ලවුලන් කීව උඹලගේ කැපිටල් එක වැටෙනවා . මම ඇහුව මොන කැපිටල් එකද කියල. "ක" යන්නෙන් එන නමක් කීව. මිනිස්සු මරනවා. ලේ පෙන්නනවා සුදු රෙදි වල ඔතපු මරපු මිනිසු හැම තැනම පිට්ටනියක වගේ තතැනක. යුද්ධය ඉවර වෙනවා කියල. මම ලවුලින් ට කීව නගරය කොළඹ නමුත් ඒක වැටෙන්න විධිහක් නැහැ කියල. 2008 අපිට තවම ෂුවර් නැහැ වගේ හැබැයි යුද්දේ ගැන. මගේ පුරුද්දක් තියනවා ඔය වගේ අනාවැකියක් කීවම ඊමේල් යවනව ළඟම යාලුවෝ දෙතුන් දෙනෙකුට. පස්සේ කාලෙක චෙක් කරන්න වුනත් පුළුවන්නේ. මගේ යාලුවෝ ඔක්කොම හිනා වුනා. මොකද හැමෝම හිතුවේ "ක "යන්න කියන්නේ කොළඹ කියල. පිට්ටිනියේ මැරුණ මිනිස්සු ගෝල් ෆේස් එකේ අපේ මිනිස්සු මැරිලා, කොළඹ ට ගහනවා වගේ තම ඉන්ටප්‍රිට් කලේ. අපි ඉතින් පණ යනකන් හිනා වුනා. යාළුවෝ කීවේ ඒ පිස්සු ගෑනි ඉන්නේ ටොරොන්ටෝ නිසා දෙමල එවුන් දන්නවා ඇති. උන් ගහන බයිලා අහල ඔය කියන්නේ කියල. උන් හිතන් ඉන්නේ ලොකුවටනේ කියල. ලවුලන් මාත් එක්ක තරහ වුනේ නැහැ. නමුත් කාලෙකට පස්සේ ඕව කියන එක නැවැත්වුවා පවුලේ ප්‍රශ්නයක් නිසා හෝ වෙනයම් හේතුවක් නිසා. ඒත් මාත් එක්ක දිගටම සම්බන්ධ කම් තියල එක පාරට අවුරුදු දෙකකට කලින් ඊමේල් , මෙසේන්ජර් කතා ඔක්කොම නැවැත්තුව.
      මම අවුරුදු තුනකට කලින් ආපු වෙලේ කවුදෝ අර තමලිනි ගේ පොත දුන්න. ඒකෙ තියනවා උන්ගේ අගනුවර හැටියට (administrative capita හැටියට ) සැලකුවේ කිලිනොච්චිය කියල. එහෙම නැත්නම් වෙන තැනක ඕක මම කියව්ව. කොහොමහරි මට පෙනි එක ඩ්‍රොප් වුනේ ඒ වෙලේ. අර මනුස්සය ලවුලන් ( දෙමල ත්‍රස්තවාදි භටයා සම්බන්ධ කරගෙන ) කියන්න ඇත්තේ කොළඹ ගැන නෙමේ කියල. කිලිනොච්චි වෙන්න පුළුවන් බව.දෙමළ මනුස්සය නේ කියන්නේ. එදා තව කතාවකුත් කීව . ඒ දෙමල මිනිහ ඔය මැරුණ කොහේ හරි තැනක ඉන්නේ බෝම්බයකින් මියගිය තව පොඩි ගැහැණු ළමයෙක් එක්ක කියල. ඒ ළමයත් අරය එක්කම කතාවට ආවාය , මෙයා එයාව බලා ගන්නවා වගේ ගාඩියන් වගේ කතාවක්. ඔප්පු කරන්න බැහැ ඒ කතාව. හොයන්න බැහැනේ. මග දැන් තියරියක් devolop කරන් තියනවා. ලවුලන් ට මැරුණු මිනිස්සු කතා කරන්නේ නැහැ. වෙනත් ක්‍රමයකින් ඒ දැනුම එන්නේ කියන්න. time කියල දෙයක් ඇත්තටම නැති නිසා සමහර මිනිසුන්ට සමහර information පේනවා. පස්සේ දවසක ලියන්න හිතන් ඉන්නේ. බ්‍රයන් වයිස් කරන්නෙත් ඒකම කියලයි මම හිතන්නේ.

      Delete
    4. මේ ඉන්නේ ඒ ලවුලන් කියන කාන්තාව
      https://www.youtube.com/watch?v=uPj3NsPYXHw&list=PLBbGHJfXrNVmfDqHOQHqkU7eTqRcKC2N2&index=18

      Delete
    5. විද්‍යාව ගැන කියනකොට "දැනට අප දන්නා පරිදි" කියල කියනව නේද? "time කියල දෙයක් ඇත්තටම නැති නිසා සමහර මිනිසුන්ට සමහර information පේනවා".

      හැමදේම අවිනිශ්චිතයි. සාත්තර කාරයො වගේම ප්‍රේත ආත්මෙන් දේව සභාවට ප්‍රමෝෂන් දෙන හාමදුරුවරු කරන්නෙත් එකම දේ නේද? මම බොහෝවිට, ප්‍රාජේගේ මධ්‍යම ප්‍රතිපදා තියරිය සමඟ එකඟ වෙනවා. සමහරවිට මේ අය හිතාමතා බොරුවක් නොකරනවත් ඇති. ස්වයං මෝහනයක් වගේ එකක් වෙන්නත් ඇහැකි.

      ප්‍රාජේ දුන්නා FB link එකක්"නිරාගමික දේවාලයේ ප්‍රධාන කපුතැන- රිටිගල ජයසේන" කියල එකක්. අජිත්ට නං අල්ලලා යාවි එතන. උන් කියනවා, ඔය ඔක්කොම මොලේ වෙන රසායනික ක්‍රියාවලි නිසා, "මැජික් මෂ්රූම්" වලින් ඇහැකිලු, බුද්ධාලම්භන ප්‍රීතිය/ සෝවාන් ඵලය වගේ එව්වා අත්විඳින්න.

      ලව්ලින් වගේම රිටිගල ජයසේනත් මගේ අසල්වාසියො, ඒත් අඳුනගන්න නං අදහසක් නෑ.

      Delete
    6. මගේ ආසන්නම අදහස, ටයිම් තියරිය ඇරුනහම අද රටේ කොච්චර වුනත් ඩේටා සහ ඉන්ෆොමේෂන් වලින් ඈත් වෙලා ඉන්න බහ. ඩෙරෙන් බ්‍රවුන් ද කොහෙද ඒක ඔප්පු කරලා පෙන්වල තියනවා, අපි නොදැනුවත්වම කියවපු දේවල් ඔලුවේ හිටිනවා. ලවුලන්ට වුනේ ඒක වෙන්න පුළුවන්. ටොරොන්ටෝ වලදී ඔය අදහස් එයාට මුණ ගැහිලා තිබෙනවා. නමුත් එයා දන්නේ නැහැ. එයාගේ මෙමරි එක හොඳයි. එයා මොනවහරි නිව්ස් ටිකක් follow කරන්න ඇති. මට මුලින් නගරය වැරදුනා තමයි. නමුත් ඒ කාලේ හරියට වෙන දේවල් බැලුවනම් ඔහොම අනාවැකියක් කියන්න මරුවකුත් නැහැ. මළවුන් සමග කතා කිරීම කොහොම වෙතත්. මැරුණු දෙමල මිනිහෙක් එයට කතා කළා කියන එක එයාගෙම මනහ්කල්පිත නිර්මාණයක් වෙන්න පුළුවන්. - (ඕක තමා මම එයාට කිව්වේ) හුඟක් වෙලාවට අපට ඩේට දිහා බලල forecast , prediction කරන්න පුළුවන්. එයා ඒකට දක්ෂයි .

      Delete
    7. මහන්සි නොබලා විස්තර දුන්නාට ගොඩාක් - ගොඩාක් ස්තුතියි අජිත් මහත්තයෝ!

      Delete
  10. ඩෙරෙන් බ්‍රව්න් එයාගේ ශෝව් වලට එන අයට එයාලට නොදැනුවත්වම පත්තර කෑලි වල නිව්ස්, යතුරු , පොත් ආදිය පෙන්වනවා. ඒ මිනිස්සු ඊට පස්සේ හරියටම ඒ දේවල් කියනවා.
    https://derrenbrown.co.uk/stage-screen/

    ReplyDelete
    Replies
    1. Julian Barbour - Is Information Fundamental?

      https://www.youtube.com/watch?v=qMzAuybCb0Q

      Delete
    2. බස්සා, මම යන එන තැන් හරියටම දන්නවනේ . මම ජූලියන් බාබර් ගේ පොතක් කියෙව්වා මේවා ලියන දවස් වල "end of time " කියල. තව ටාඕ ඔෆ් ෆිසික්ස් කියල පොතක් තියෙනවා කෆ්රා ගේ. (එකනම් පොඩ්ඩක් pseudoscience. ඔය අනාවැකි කීම් කියන්න පුළුවන් ඉන්ෆොමේෂන් ගැන හෙන අවබෝධයක් තියෙනවනම්. mindful එක හෙනට ප්‍රක්ටිස් කරලා තියනවනම් කියල මට හිතෙන්නේ.

      Delete
    3. බොරුකාරයාට වැඩ බැරි වුණාට වැඩකාරයාට බොරුත් පුළුවන්ය කියනවානේ අජිත්!

      Delete