අකුරු මැකී නෑ

Saturday, September 10, 2022

සුප්පා දේවිගේ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස

“තාත්ත මෙයාව පරිස්සං කරන්නේ දහ අටේ ගැටේකට වැඩිය පරෙස්සමින්.

වැඩි පරෙස්සම තමයි මචං ඈලියාවට ගිහිල්ල තියෙන්නේ... මෙයා ගැටයක් වුණා නං කොහොම පරිස්සං කළත් මෙලහටත්, පෙට්ටියේ...දිගටම කියාගෙන යනකොටය සංජේට මීටර් වෙන්නට ඇත්තේ, කියාගෙන යන හරුපයේ බරපතලකම. මිනිහා ඒ කතාව නැවැත්තුවේ කැස්සක් හදා ගනිමිනි.
ඒත් සංජේ තරම්ම කල්පනාකාරයෙකු නොවුණු සිරි අයියා ඌණ පූරණයක් කරන්නටදෝ වෑයමක් දැරුවේය.

ඉමිහිරි භජන් ගායනා හඬ නින්නාද නංවමින් ගලාගෙන ආ හැටි....

“එහෙනං මෙයාගේ පෙට්ටිය කැඩෙන්...”                                       

සංජේ සිරි අයියාගේ කතාව මැද්දට පැන්නේය. “අඩෝ සිරා! මගෙ.... මම කියන්නෙ රංජි මල්ලිට ඔහොම කට කැඩිච්ච කතා කියන්න එපා මචං... මේ  සේරටම කලින්, අපි කතාව නවත්තලා අඩිය ඉක්මන් කරමු. රංජි! මං හිතන්නේ මෙලහකටත් භජන් කියන්න පටන් අරං ඇති!”

බස් නැවතුම ළඟින්ම දකුණට තිබුණු පාර දිගේය අපි ගියේ. ගාලු පාර පැත්තට. (දැන් ඒ හරියත් මදි නොකියන්නම වෙනස් වෙලාය.) කදිරේෂන් කෝවිලත් පහු කරගෙන ගිහිං, (ගාලු පාරට වැටී) දකුණට හැරෙනවාත් එක්කම... ඉමිහිරි භජන් ගායනා හඬ නින්නාද නංවමින් ගලාගෙන ආ හැටි මට තවමත් මතකය. ඒ සුමධුර ගායනය අපේ සවන් සනහා ලන්නකි. අසන ඕනෑම කෙනෙකු මෝහනයට පත් කරන්නකි.

ගාලු පාර අයිනේ වූ මල් කඩ කීපයේ කෙළවරේම තිබුණු ගෙදරය ‘සායි පූජෝපහාර’ පැවැත්වුණේ. එතකොටත් ඒ ගෙදර උතුරන්නට තරං සෙනඟය; පේව්මන්ට් එක පුරාමත් සෙනඟය. පෙනුණු විදිහට නම් ඒ ඔක්කොමලා දමිළයන්ය.

භජන් ගායනා සුමිහිරි හඬින් ගැයෙන්නේ ක්‍රමානුකූලවය.
එක පෙළක් තනි ගායකයෙක් හෝ ගායිකාවක් හෝ ගයයි. එවිට රැස්ව සිටින හැමෝම අර පදයම යළි ගායනා කරති. තාලම් පොටවල් කීපයක්, කුඩා රබන් කිහිපයක් ඒ ගීත ගායනාවලට තනි රකියි...
ඒ ඉමිහිරි ගයනා අප තුන් දෙනා මෙන්ම අනෙක් බැතිමතුනුත් වසඟයට අරගෙනය!

‘භජෝරේ බාල සායි රාම්’, ‘ජෙය ජෙය ජෙය ශංඛරා’ වගේ පුංචි පේළි දෙකක් විතරය, එදා ගැයූ ඒවායින් අද මට මතක තියෙන්නේ. තවත් මතක් වුණොත්....
අනේ ගොනා! 1973 නෙවෙයිනෙ මේ. ඔච්චර තටම-තටමා මතක් කරන්න හදන්නේ,
ගිහිං බලහංකො අන්තර්ජාලේ ඕනි තරං ඇති... යාවත්කාලීනවී; මොඩ්වී තියෙන මගේ දැනුම මට අණ දෙයි.

මාධ්‍ය ඒකකවලින් කෙරෙන්නේ කවුරුන් හෝ පුම්බන එකය; පුරවැසි අපිව මෝහනය කරවන එකය; නැති විභූතියක්- නැති උජාරුවක්- නැති කෙරුවාවල් ටිකක්...
You Tube එකෙන් සායි භජන් හොයද්දී....
උඩටම ඇවිදින් තිබුණු වීඩියෝවකි. ජාතික විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා පාර්ලිමේන්තු රැස්වීමේදී පවත්තපු කතාවක්... ඒ කතාවෙදී ‘ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිඳුන්ගේ ප්‍රචාරක බල ඇණිය’ ගැන වටිනා තොරතුරක් හෙළි කෙරෙයි; ජනපති මාධ්‍ය ඒකකයේ තනතුරු- නම්- ගම්- වැටුප්- සපයා තිබෙන වාහන ආදිය ගැන විස්තරත් මදි නැතුවම කියැවෙයි.

ඒ කියන විදිහට ජනාධිපති මාධ්‍ය ඒකකයේ එක-එක අධ්‍යක්‍ෂලා විතරක්ම පහළොවකට වැඩියි. ඇයි, නියෝජ්‍ය අධ්‍යක්‍ෂලා... ඒ ගොඩේ නිර්මාණශීලී ඡායාරූපකරණ අධ්‍යක්ෂ කියලා තනතුරකුත්...

(පහුගිය කාලේ එළිදරව් වුණානෙ අපේ ගෙවල්වලට ඇවිත් ලයිට් බිල් ලියන අයට ‘නිවැරදිව මනු කියවීම’ වෙනුවෙන් වෙනම දීමනාවකුත් ගෙවන වග... අපි කොච්චර බූරුවෝ ටිකක්ද කියන්නෙ, කවුරුවත් ඇහුවේ නෑ -එතකොට වැරදියට මනු කියවන අයත් ඉන්නව නේද- කියලා. ඒ පූර්වාදර්ශය අරගෙන වෙන්නැති මේ නිර්මාණශීලී ඡායාරූපකරණ අධ්‍යක්ෂ වගේ තනතුරුත් හදන්න ඇත්තේ.)

මේ ඒකකයේ; මාධ්‍ය ඒකකයේ ෆොටෝග්‍රැෆර්ලාම අට දෙනෙක්ලු! රටම ආර්ථික අහේනියකට වැටී තිබියදී, අපේ බදු මුදල්වලින් පඩි ලබන්නට මෙතරම් රොත්තක් පත් කරගන්නේ මොකේ foto ගහන්නද?

මාධ්‍ය ඒකකවලින් කෙරෙන්නේ කවුරුන් හෝ පුම්බන එකය; විරුද්ධ මතවාදවලට පහර දෙන එකය. එහෙම කරමින් පුරවැසි අපිව මෝහනය කරවන එකය; නැති විභූතියක්- නැති උජාරුවක්- නැති කෙරුවාවල් ටිකක් මවා පෙන්වන එකය.

ඔය වැඩේ ඉතිං අද ඊයෙක කෙරෙන දෙයක් නෙවෙයි නෙව.
මතකයි නේද, අන්දරේගේ කාලේ රජ්ජුරුවෝ නාන්න ගිහිං රෙද්ද අස්සෙන් කිකිළි බිත්තරය ගත්තු කතාව... එතකොට ඇමැතිතුමාල ඔක්කොමත් කිසි පැකිළීමක් නැතිව වස්තර අස්සෙන් බිජ්ජ ගණනේ එළියට දාපු හැටි, එහෙම...
හැබෑටම ඔය ඇමතිවරු කියන තනතුරුවලට දා ගන්නෙත් එහෙයියොන්ම විතරද මන්දා. ඒකනෙ රජා මාරු වෙනකොට ඇමැත්තන්ගේ කතාත් මාරු වෙන්නෙ.

අපි වගේ පුහුදුන් අයව මෝහනය කෙරෙන වැඩ...

ඒ මදිවට කටකමසිරියාවක් නැතිව පරස්පර කතා කියන්නේ. වගකිව යුතු අය ‘වගේ වගක් නැතිව වගේ’ කියනවා පට්ටම් දුන්නට පඩිය වැඩි කෙරෙන්නේ නැතිය; මන්ත්‍රී පඩියම විතරයි හම්බ වෙන්නේ කියලා. ඒ එක්කම තව කෙනෙක් කියනවා ‘හම්බ වෙන වැඩි පඩිය අර ගන්නවා’ කියලා.

මාධ්‍ය ඒකකත් ඊට දෙවෙනි වෙයිද? හිටපු අය දිරාමාරු වෙනවා. එයාලා ගහපු තැටිත් මාරු වෙනවා!

මට හිතෙන්නේ ‘සායිතුමාගේ ප්‍රතිරූපය නංවන ඒකක’ එහෙම නං මාරුවෙලා නැතුව, තවමත් හොඳින් ක්‍රියාත්මක වෙනවා කියලයි. ඒ තරමට ‘නව සායි බැති ගීත’ නිර්මාණය කෙරිලා.
ඒ නිසාද කොහෙද- බම්බා ෆ්ලැට්ස් ඉස්සරහම වගේ; ගාලු පාරෙන් අනිත් පැත්තේ අයිනෙ ගෙදරදී- එදා ගැයුණු සායි භජන් ගී නම් මට අන්තර්ජාලයෙන් හම්බ වුණේ නෑ.
නමුත් ඊට වඩා සංගීතවත්, ළගන්නා සායි බැති ගීත නම් You Tube එකෙන් ඇති පදම් හම්බ වුණා.

දැන් නම් ඒ කාලේ මට තිබ්බ පිස්සු ගති ටිකාාාාාාක් විතර අඩුයි තමයි. එහෙම වෙලත්, මං සෑහෙන වෙලාවක් ඒ සින්දුවලට කන් දුන්නා... නිකම් මෝහනය වෙලා වගේ.
ඔය මාධ්‍ය ඒකකවලින් කෙරෙන්නේත් අපි වගේ පුහුදුන් අයව මෝහනය කෙරෙන වැඩ නේන්නං...
හැඟුම් දඩමීමාට වහංවී...

සංජේ කළෙත් ඒ වගේ දෙයක්ද?

සංගීතයට, චිත්තරපටිවලට තිබුණු මගෙ කැමැත්ත උද්දීපනය කරවලා; මාව මෝහනය කරවලා, එයාගේ සිතැඟි ඉටු කර ගන්නද එදා ඒ හාදයා හැදුවේ? (ඊට කලිනුත් එක්කෙනෙකු එහෙම කරලා තිබුණු නිසාය මට එහෙම හිතුණේ.) සමහරවිට එයාගෙ හිතේ ‘අපේ තාත්තට රිදවීමේ චේතනාව’ක්; හීනි පළිගැනීමේ ආසාවක් තිබුණා වෙන්නත් පුළුවන්! මට ඔහොම දේවල් කල්පනා වෙන්නේ ‘මගෙත් එහෙම පඩත්තලකම්’ අඩු නැතිව තියෙන හින්දා වෙන්නැති!

ඉතිං එදා සායි පූජාව ඉවර වෙනකල්ම අපි හිටි පියේම එතැන හිටියා. හැමෝටම බෙදා දුන්නු පොංගල් බතුත් කාලයි ආපහු එන්න හැරුණේ.

එදා අඩ අන්දකාරේ- පේන තෙක් මානෙක කවුරුන්වත් නැති වෙලාවෙ...

Romantic ෆිලුමක ප්‍රේමවන්ත යුවලක් වගෙයි, සංජේත් මාත් ඊට පස්සේ අත් පටලවාගෙන පාලු වීදි දිගේ ආවේ. පාර දිගේ පහන් කණු විතරයි අපේ දිහාවට එබිකම් කරන්න හිටියෙත්.

Film එකේ helpකාරයගෙ කොටස බාරගෙන තිබ්බේ සිරි අයියා. එයා අපට වැඩිය යාර ගණනාවක් ඉස්සරහින් ඇවිදගෙන ගියේ හැරිල බලන්නෙවත් නැතිව.

එතකොට නම් ඒ පාර දිගේ වැඩි හරියක අයින දිගේ රූස්ස මාර ගස් පෙළක්ම තිබුණා. ඒවා තවමත් තියෙනව වෙන්නැති. ගිහිං බලන්නත් හිතෙනවා...
මොනවා බලන්නද? තියෙනවයි කියල මාර ගහකට කතා කළෑකියැ...

කතා කරන්න ඇහැකි නං ‘ඒ ගහ’ත් කියාවි එදා සංජේ කරපු දේ.
(මම මේවා මතක තියාගෙන හිටියට සංජේට නං, දැන් වගක්වත් නැතිව ඇති. එක අතකට මතක තියාගන්න තරං දෙයකුත්ද ඒ.) එදා අඩ අන්දකාරේ- පේන තෙක් මානෙක කවුරුන්වත් නැති වෙලාවෙයි; සංජේ මාව ඒ මාර ගහ මුවාවට ඇද ගත්තේ.

‘සක්මන් කරන මළුවේදී බැඳි හාද
සිත් සන්තොසින් දුන් මුව මී බීවාද?’ කවියේ කියවෙන්නේ පට්ටපල් බොරුවක් වෙන්නැති.

නරේන්ද්‍රසිංහ රජ්ජුරුවන්ට අහුවෙයි කියල කිසිම බයක්-හැකක් නැතිව කොහොමද ප්‍රමිලා බිසව දස්කොන් අදිකාරමට සිත් සන්තොසින් ‘මුව මී’ පිදුවේ? ඊටත් සක්මන් මළුව වගේ තැනකදී...
ප්‍රමිලාව නොවුණත්, ඒ වෙලාවේ නං මාත් නොසෑහෙන්න බය වුණා. කවුරු හරි ආවොත්... ලජ්ජාවෙ මැරෙන්නයි වෙන්නේ. ඒ මදිවට සිරි අයිය හැරිල බැලුවොත්, එයාටත් පෙනෙයි...

ගිනි ගනිමින් තිබ්බ සංජේගෙ දෙතොලින් මගේ තොල් දෙක හොඳටම පිච්චෙන්න ඉඩ නොදී, මම එයාව ඈතට තල්ලු කළේ, ඒ හිතිවිලි මගෙ ඔළුවට එද්දී. “අපි යං සංජේ...”

“මට පිස්සු හැදිලා ඉන්නෙ රංජි...” කොඳුරා කියන ගමන් සංජේ මාව ආයෙමත් තදින් තුරුල් කර ගත්තෙ මට හුස්ම ගන්නවත් බැරි වෙද්දී. එවෙලෙයි මට දැනුණේ, දෙතොල් විතරක් නෙවෙයි- එයාගේ සියොලඟම ගිනි ගනිමින් තියෙන විත්තිය. මං ඉක්මනින් අඳුරු හරියෙන් එළියට ඇදුණා. තවත් එතෙනම හිටියොත්....
“මේ වෙලාවට මොක්කු එනවද රංජි....”
“කව්රුවත් නාවත් සිරි අයියා ඉස්සරහින් යන්නෙ...”

ගරු බුහුමන් පෙරදැරිව; උතුරා යන භක්තියෙන් යුතුව ඒ සායි රොටි පැටව් වඩම්මාගෙන ගියේ...

“සිරා දන්නවා!” සංජේ කීවේය. “ඌ දිගටම අපි දෙන්නට සපෝර්ට් කරයි!”

දෙයියනේ! මේ යක්ෂයා ඒ මනුස්සයට මොන-මොනවා කියන්න ඇතිද මන්දා...

“අනේ සංජේ... මීට පස්සේ මම කොහොමද ඒ මනුස්සයගේ මූණ බලන්නේ...”
“තමුසෙ සිරාගෙ මූණ බලන්නේ මොන xත්තකටද? සිරාගෙ විතරක් නෙවෙයි, වෙන කාගෙවත් මූණක්වත් බලන්න ඕනි නෑ මීට පස්සේ... එහෙම කරලා...” සංජේ මගේ අත මිරිකුවේ මට රිදෙන බවවත් කල්පනා නොකර. “තේරුණාද? තමුසෙ මගේ...”

එයින් පස්සේ, දිගටම මගේ කට වැහිලා තිබුණු බව මතකය. ඉඳහිට හරි වචනයක් දෙකක් කිව්වෙත් සංජේ විතරකි.

“මචං, පූජාව තියෙන අනිත් දවසටත් මෙයාව එක්ක එනව නේද?” ඈතින් 138ක් එද්දී සංජේ සිරි අයියාගෙන් ඇහුවේය. ‘වරද්දන්න එපා!’ කියලත් බස් එක අද්දන අතරේ සිරීට කිව්වේය.
සිරි අයියා ‘රායිට් මචං’ කියන ටිකට, මං සෙනඟ පීරාගෙන ඉස්සරහටත් ගිහිල්ලා ඉවරය. නැත්තං බස් එකේ සෙනඟ අස්සෙම ඒ යක්ෂයා මගෙන් විස්තර අහන්නට ගන්නවා ෂුවර්ය.

ඊට පස්සෙත් කිහිප වතාවක්ම ‘සායි පූජෝපහාර’ තියෙන දවස්වල අප එහාට යැවුණා මතකය. ඒ හැම ගමනක්ම යැවුණේ සිරි අයියාත් එක්කය. සංජේත් ඒ හැම දවසකම අපට එකතු වුණේ, ලුම්බිණි රඟහල අසල බස් නැවතුමේදීය.

ඒ අතරේදී සායි රොටියත් කිහිප වතාවක්ම ඩබල් වුණේය!
මුලින් මුලින් නම් සිරි අයියා ගරු බුහුමන් පෙරදැරිව; උතුරා යන භක්තියෙන් යුතුව ඒ රොටි පැටව් වඩම්මාගෙන ගියේ තව-තවත් බැතිමතුන්ට පිරිනමන විත්තියක් කියමිනි. දෙතුන් වතාවකට පස්සේ ඒ වැඩේ ඇද්දි-ඇද්දී කෙරෙන විදිහකි පෙනුණේ. එතකොට රොටී පැටව් ගැහිල්ලත් අඩපණ වෙලාය. එහෙම වුණේ නිතිපතා තේ කහට එකතු කරන ‘දේවකාරිය’ කිරීම, මගෙනුත් අතපසු වුණායිනි.

ඒකටත් හේතු දෙකක්ම තිබිණි.

චූටි නංගී; දීපානි ලැබෙන්නට... (දීපානි නංගී ඇයගේ දූ-පුතුන් සමඟ අද..)

මුල්ම එක මගේ බූරු තේරීම් එකකින්වත් අපේ තාත්තාට සුගතියක් නොවීමය. තේරීම් කිව්වේ ‘දිනන අස්පයන් තෝරා දෙන එකට’ය. සීයා රේස් කොළේ ගෙනාවාට පස්සේ තාත්තා මාවත් ළඟට කැඳවා ගනියි.

“උඹ අර බාබාට පහන පත්තු කරලා, තේ කහට වක්කරලා ඉවරද?”
“ඔව් තාත්තේ.”
“එහෙනං එයාව සිහි කරගෙන, එයාගේ පිහිටෙන් අපිට යහපතක්ම වෙන්නයි කියලා හිතාගනිං. එහෙම හිතාගෙන, මෙන්න මේ මේ රේස්වලින් දිනන අස්සයා ගාණෙ මට තෝරලා දියන්කෝ බලන්න.”

කාට කාට පිහිට වුණාය කිව්වත්, සායි බාබාතුමා මං වහන්සේ තෝරලා දුන්නු අශ්වයන්ට පිහිට වෙලා තිබ්බේ නැත. පුට්ටපර්තියේ සිට එංගලන්තයට ගොඩාක් දුර හින්දා, එතුමාගේ අනුහස හා ආශීර්වාදය එහාට නොලැබුණා වෙන්නටත් ඇති. මා තේරූ අශ්වයෝ දෙවෙනි-තෙවෙනි තැන්වලටවත් එන්නට අසමත් වූවෝහ.
“අනෙඃ! සිරා නං කිව්වේ ෂුවර් tip එකක් හම්බ වෙයි කියලා... අම්මගෙ රෙද්ද තමයි!” තාත්තා වසංගන්නේ නැතුවම සායි බාබා වන්දනාවට ගැරහීම පටන් ගත්තේය!

දෙවැනි හේතුව ඊට වඩා වෙනස් එකකි.

ඒ වෙද්දී අපේ අම්මා යළිත් වතාවක් ගැබ්බරව සිටියාය. ඒ අපේ පවුලේ නවවෙනි දරුවා බිහි කිරීමේ බලාපොරොත්තුවෙනි; චූටි නංගී; දීපානි ලැබෙන්නට ආසන්නවය. ඒ නිසා ගෙදර වාතාවරණය ආතතියකින් පිරී තිබුණා වගෙය. 

“ආයිමත් මගෙ කකුල් දෙක රිදෙනවා වැඩියි!” ඒ අස්සේ තාත්තාත් කියන්නට ගත්තේය. “ඉස්පිරිතාලේ නවතින්න යන්න කලින් ‘සිංහබාහු’ පෙන්නලා ඉන්න ඕනෑ!”

අප සිතූ ලෙසින් කලා ලෝකය තුළ කිසිම කැළඹිල්ලක් සිද්ද වුණේ නැත!

ඉතිං, ලුම්බිණි රඟහලේදී සිංහබාහු වේදිකාගත වුණේය!

සිසිර කුමාර මාණික්කාරච්චි මහත්තයාගේ අනුහසින්ද කොහෙද, ලේක්හවුස් පත්තර දෙක තුනක ඒ විත්තිය කුඩාවට පළ වුණාත් එක්කය. ඒත් අපි හිතාගෙන හිටියා වගේ ‘කලා ලෝකය තුළ කිසිම කැළඹිල්ලක් සිද්ද වුණේ’ නැත. හුජ්ජ පාර ගංගාවක් වෙන්නේ කූඹින්ට විතරකි!

මේ පෝස්ටු මාලාවේ පස්වැන්නේදී මම ඔබට කීවෙමි. මම ගුණපාල උන්නැහේට කියන්නං අපූරු උපදේශයක්. නාට්‍යය පෙන්නන්න දින නියම කර ගත්තට පස්සේ  ගිහිල්ලා සරච්චන්ද්‍ර මහත්තයටත් ආරාධනා කරනවා. එතකොට ඒ මහත්තයාට ගුණපාල උන්නැහේලගේ නාට්‍යයට හොඳයි කියලා හරි- නරකයි කියලා හරි දෙකින් එකක් කියන්න වෙනවා. මොකක් කිව්වත් කමක් නෑ, ඒකත් හොඳ ප්‍රචාරයක් වෙයි! යනුවෙන් මාණික්කාරච්චි මහතා කියූ බව.
එහෙම කීවත් අපේ අතින් මහාචාර්ය සරච්චන්ද්‍රයන් වෙත ඒ ආරාධනාව කෙරුණේ නැත.

‘නව සිංහබාහු’ වේදිකාගත වුණු බවක් එතුමා දැනගෙන හිටින්නටත් නැත.

නමුදු ඒ කාලයේ අදට වඩා නාට්‍යලෝලීන් හිටි නිසාදෝ, ලුම්බිණි රඟහලෙන් තුන්කාලක් විතර නරඹන්නන්ගෙන් පිරී තිබිණි. “අම්මෝ ඇති! එස් මහත්තයාට අතින් පාඩුවක් නොවී ජාම බේරිලා තියෙන එකත් මදැයි!” පහුවදා උදේ ගණන් හිලව් බැලුවාට පස්සේ තාත්තා සැනසිලි හුස්මක් ගත්තේය.
“දැන් ඉතිං මට සැනසිල්ලේ ඉස්පිරිතාලෙට ගියෑකි!”

තාත්තා සූදානම් වෙන්නේ සැනසිල්ලේ ආපහු රෝහල්ගත වෙන්නටය.
ඒ වෙන විටත්
ත්රෝම්බෝසිස් ලෙඩේ නිසා අපේ තාත්තාගේ දෙකකුලේ ඇඟිලි කිහිපයක්ම කපා දමා තිබිණි.

ඌටත් ලජ්ජා හිතෙන්නැද්ද යකෝලීලාවතීව බබා හම්බ වෙන්න ඇඩ්මිට් කරද්දී බාරකාරයට නම දෙන්න!
“අනේ යකෝ! මේක මහ පුදුම අසනීපයක්නෙ. ලීලට බබා හම්බ වෙන්න කිට්ටු වෙනකොටමනෙ තොගෙ වසංගතේ තද වෙන්නෙ... තාත්තා ජාතක කරනවා. පුතා බඩින් ඉන්න අම්මව ඉස්පිරිතාලෙට එක්ක යනවා... තව සුමාන කීයද? ඔය දවස් ටිකත් ඉවසගෙන ඉඳල උඹේ ගෑනිව ඉස්පිරිතාලෙට එක්ක ගිහිං- බබා හම්බ වුණාට පස්සේම සැනසිල්ලේ පලයංකො යන දේවාලෙකට.”

අපේ ආච්චී කඩා පැන්නාය.

 “...රංජියත් දැන් ඉලන්දාරි වයසේ... ඌටත් ලජ්ජා හිතෙන්නැද්ද යකෝ, ලීලාවතීව බබා හම්බ වෙන්න ඇඩ්මිට් කරද්දී බාරකාරයට නම දෙන්න...”

“අම්ම නං කියයි. මමනෙ දන්නේ මට තියෙන කැක්කුම...”
“අපොයි ඔව්! උඹට තියෙන්නේ එසේ-මෙසේ කැක්කුමක් නෙවෙයි කියලා නං මට විතරක් නෙවෙයි, උඹේ දරු පරම්පරාව දකින ඕනි කෙනෙකුට වුණත් පේනවා. අපරාදෙ කියන්න බෑ. ඒකිත් උඹටම හරි යන ගෑනි. බදුල්ලේ අම්මණ්ඩිල දන්නෙත් වදන්න විතරයිනේ- දරුවෝ හරියට හදන්න නෙවෙයිනෙ. මේ වදන්න යන්නෙත් නවවෙනියනේ!”

ඒ නැන්දා- ලේලි විරසකය එළියට පනින්නේ ඔහොම වෙලාවක ඔය විදිහේ ඇනුම් පදයක් විදිහට විතරය.
“... නවයෙනුත් නවත්තන්න එපා පුතේ. දුසිමක්ම හදපං! දුසිමක්ම හදපං!!”

28 comments:

  1. සායි ම බලාගන්න ඕන මෙව්ව.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න එච්චරම ෆිල්ම් පිස්සෙක් වගේ නම් පෙනුණේ නෑ... නමී. මට වුනත් දැන් ඉන්න ගොඩක් නළු-නිළියන්ගේ නම් මතක නෑ.

      Delete
  2. //“දැන් ඉතිං මට සැනසිල්ලේ ඉස්පිරිතාලෙට ගියෑකි!” // 😂 තාත්ත නස්රුදීන්ගෙ නෑයෙක්වත්ද.....

    වෙනද post එකකට වඩා මේක කෙටිද මන්ද...

    අනේ මන්ද.... නිදිතුමෝ. මොනා කියන්නද කියල...
    සමහර විට ඔයාගෙ ලියවිල්ල ඔයාටම භාව විරේකයක් වෙන්න පුළුවන්.
    මට මතක් වෙනව භව දුක කරපු ධර්මසිරි බණ්ඩාරනායකව. ඔහු ජැක්සන්ට තමන්ගෙ සීයගෙ ජීවන කතාව ඇතුල් උන ඒ තිරපිටපත දීල හැඟීම්බරව එය විස්තර කර බවක් සඳහන් වෙනව. (මේ කතාව එකපාරටම මතක් උනා post එක කියවද්දී. ඇයි ද කියල හිතා ගන්න බෑ)

    ReplyDelete
    Replies
    1. භාව විරේක කියන්නෙ මොනවැයි නමී🤔

      Delete
    2. බාව විරේක වෙන එකනං එච්චර හොඳ වැඩක් නෙමෙයි. :D

      Delete
    3. නමී, පුළුවන් නං හොයලා දෙන්න, අපේ තාත්තා නස්රුදීන්ගේ නෑයෙක්ද කියලා. ඔයා ළඟදිත් නස්රුදින් උන්නැහේ එක්ක වැඩක් කලානේ..
      ඔව්. වෙනදාට වඩා පෝස්ටුව ටිකක් කොටයි.
      නවීන්ගේ ප්‍රශ්නෙට උත්තරේ දෙනවද- ඒ හාදයාටම හොයා ගන්න අරිනවද?

      ප්‍රසෝ! මනුසතාගේ බාව විරේක වෙලා ගිහිං කියලනෙ කියවෙන්නේ, කාලෙකට ඉස්සෙල්ලා. සාක්කියක් විදිහට පුංචි අස්ථියක් විතරක් ශේෂ වෙලයි කියලත් කියනවා. මට හිතෙන්නේ අපේ නං බාව ආපහු ලියලනවා වගෙයි........

      Delete
  3. "ර්" - මේ අකුර ගහන්නත් බෑ නෙව දැන් ටික දාසක ඉඳල
    විදේස කුමන්ත්‍රණයක්වත්දෑ.....

    ReplyDelete
    Replies
    1. අනෙක් blog අඩවි ගොඩකටත් ඔය ප්‍රශ්නය ඇවිත් තියෙනවා, නමී. මට හිතෙන්නේ තාක්ෂණික දෝෂයක්....

      Delete
  4. http://www.saibabaofindia.com/sai_baba_bhajan_text.htm

    ReplyDelete
  5. Replies
    1. ගොඩක් ස්තුතියි Pra Jay! Links තුනටම ගිහිං බැලුවා. මේ භජන් සේරම වගේ අලුතින් තනු යොදල සකස් කරපු ඒවා වෙන්නැති. ඒ දවස්වල වැල්ලවත්තේ ගෙදරදී කිව්වේ මීට වඩා සරල- කෙටි පේළි තියෙන; එක පෙළකට මාත්‍රා 16ක් විතර තියෙන භජන්. එතකොට තවත් අයට ඒවා මතක තියාගෙන ආයෙම ගයන්න ලේසි නිසා වෙන්නත් ඇති, එහෙම ඒවාම ගැයුවේ.

      Delete
  6. ආච්චි අම්මා තාත්තට බනින එක නම් පව් නේද ඉතින්. නමියට වගේ මටත් මතක් වුනේ ෆිල්ම් එකක්-Theory of Everything. ෆිල්ම් එකට අනුව Stephen Hawking හා Janeට දෙවෙනි බබා ලැබෙන්න ඉන්නකොට Stephen ඉන්නෙ රෝද පුටුවෙ. එක තැනකදි යාලුවෙක් අහනවා මුලු ඇඟම අක්‍රිය වෙලා ඉන්නකොට බබාලා හදන්නෙ කොහොමද වගේ දෙයක්. එතකොට Stephen කියනවා ඒ වැඩේට ප්‍රශ්නයක් නෑ කියලා. (මතකෙන් අදහස ලිව්වෙ වචන හරියටම එහෙම නොවෙන්න ඇති). සංසන්දනය කරන්නවත්, විනිශ්චය කරන්නවත් නෙවෙයි ලිව්වෙ.

    මම YouTube එකේ දැකලා තියෙනවා Thich Nhat Hanh හාමුදුරුවන්ගෙ Plum Village එකෙත් සංගීතය සහිත chanting.

    ReplyDelete
    Replies
    1. Lotus, මං මුල් කාලේ ලිව්ව posts වලදී ලිව්වත් එක්ක, අපේ ආච්චි කසාද බැඳලා කාලයක් යනකල්ම දරුවෙක් ලැබිලා නෑ. නොයෙකුත් පූජා- භාරහාර වෙලාලු තාත්තව හම්බ වුණේ. එච්චරයි. ඒකට කියන්නේ කෙහෙල් වඳේ!
      ඊට පස්සේ තාත්තව ලොකු ඉස්කෝලවලට දාලා හොස්ටල්වල නවත්තලා තමයි උගන්නන්න හදල තියෙන්නෙත්. හැබැයි අපේ තාත්ත එකා යකා වෙලා! ඒත් ආච්චී තාත්තට ආදරෙන් හිටියේ. තාත්තට එළිපිටම බැන්නේ ආච්චී විතරයි!
      මේ ගැන තව විස්තර ටිකක් ඊළඟ පොස්ටුවේ ලියවෙයි.

      Delete
    2. ඒ ෆිල්ම් එකනම් මාත් බැලුව ලෝටස්. නියමයි ඒක

      Delete
  7. ඉතිං දුසිමක් හැදුවෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. දහවෙනියා 1975 දෙසැම්බර් 25 උපන්නේ අංග විකල දැරියක් විදිහට. (අම්ම ගබ්සා බෙහෙත් බීපු නිසා- ඒ බලපෑමෙන්.) එයා නැති වුණා 1976 ජනවාරි 15. තාත්තා ඒ අවුරුද්දෙම අප්‍රේල් 17 මැරුණු නිසා දුසිමේ ඉලක්කය වැරදෙන්න ඇති. ඒ විස්තර ගස්සලා යවමුද පෝස්ට්ස්වල ලිව්වා.
      හැබැයි, ඔය ගණන් හිලව් වලංගු වෙන්නේ උප්පැන්නෙට තාත්තගේ නම දීපුවා විතරයි. එහෙම නැති ඒවත් තිබුනලුනේ. එක අයියා කෙනෙක්ව නං අපේ ආච්චිම පෙන්නලත් දුන්නා.

      Delete
  8. ඔය දීපානි නැඟී ෂුවර් එකටම දැකල තියෙනවා. කොහෙද කියලා නිච්චියක් නැහැ. මචං උඹේ ප්‍රේම වෘත්තාන්ත ටික පොතකට ගහපන්. තවම ශ්‍යාම් සෙල්වදුරෙයි ගේ පොතට පොතක් ලංකාවේ ගහල නැහැ නේද?

    ReplyDelete
    Replies
    1. ශ්‍යාම් සෙල්වදොරෙයිගේ Funny Boy පොත නං අජිත් මහත්තයෝ සිංහලෙන් ආවා, අමුතු ඉලන්දාරියා කියලා.

      Delete
  9. DGM බස්සා කෝ. අතුරුදහන් වෙලා

    ReplyDelete
  10. නිදි DGM බස්සා ට මොකද වුනේ , අර ඇමෙරිකාවේ ඇවිදින්න ගිහින් තියෙන්නේ එයාද

    ReplyDelete
    Replies
    1. බස්සා මහතා ගැන හොයලා බලන්නයි වෙන්නේ. මාත් දවස් තුනක් ගෙදර හිටියේ නෑ....

      Delete