li Item

Monday, August 29, 2022

සුප්පා දේවිගේ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස

අදහනු මැනවි!
අපේ විධුර නාටකයෙදී තරහ පිරිමහන්නට පූර්ණකයා විධුර පඬිතුමන්ව ඇත්තටම කරකවලා, පොළොවේ ගැහුවා වැනි දෙයක් මම එදා නොකළෙමි.

නමුදු සුප්පා දේවියට ආවේශවී සිටි මගෙන් සරත්ට වැදුණේ පොඩි-පටු කම්මුල් පහරක් හෙම නොවේ! කණ පිරෙන්නම ගැසූවකි!!

Act කරන්න ගියාම ඔයා කොහොමද කියල...

එහෙමයි, පහුගිය කොටස නැවැත්තුවේ. ‘කණ පිරෙන්න ගහන පාරක සැර’ හොඳටෝම තේරුම් අරං තිබුණු Praසන්’ රසික හිතවතා comment එකෙන් මෙහෙම ප්‍රශ්නයකි, අසා තිබ්බේ. ‘නාට්ටෙ පෙන්නන්න සරත ඉතුරු වෙලා උන්නද?

උත්තරය ‘ඔව්’ වුණත් ඒ එක්කම හිතට ආවේ මහ දුකක්. එදා සුප්පා දේවියගේ කම්මුල් පහරෙන් තක්බීර් වුණු සිංහබාහු අද මේවා කියවන්නට ‘ඉතුරු වෙලා නැති එක’ ගැනය, මට දුක හිතුණේ.

“අනේ සරත්... හිතලා නං නෙවෙයි ගැහුවේ!” ඒ ජවනිකාවෙන් පස්සේ, ඉඩක් ලැබුණු පළමු අවස්ථාවේම මම සරත් රංචාගොඩට කිව්වෙමි.
“අමුතුවෙන් නොකිව්වට කමක් නෑ රංජි මල්ලී. Act කරන්න ගියාම ඔයා කොහොමද කියල මං දන්නවනෙ...” ජාලරය මුවාවෙදී සරත් කිව්වේ කම්මුල අතගාන ගමන්. “...හොඳ වෙලාවට ඊළඟ show එකේ රූපා සුප්පාදේවිට ඉන්නේ. මං රූපට කියන්නං කම්මුලට ගහනකොට හෙමින් ගහන්න කියලා.”

“ඇයි, අත ගාන්න කියනවකො.” කියලා ඇනුම් පදයකින් සංග්‍රහ කළාමත් සරත් හිනා වුණා විතරය. ඒ තරමටම සරත්ගේ හිත හොඳය.

දෙවියන් වහන්සේ හිත හොඳ මිනිසුන් ඉක්මනින්ම තමන් ළඟට කැඳවා ගන්නවාලු! හැබැයි, සරත් සම්බන්ධයෙන් නම් උන් වහන්සේ ඉක්මන් වුණා වැඩිය.
දෙහිඕවිට අටුලුගම හිටි සරත්, අපේ නාට්‍යවලට සම්බන්ධ වුණාට පස්සේ මහරගමටම සින්න වුණේය; අපේ ලොකු මල්ලීගේ බිරිය මල්ලිකාගේ හොඳම මිතුරියක වුණු සීතා හා විවාහ වුණේය. කාලයකට පස්සේ ‘ගමේ ගෙයක් හදාගෙන එහාට ගිහින් නිස්කලංකෙ ඉන්නවා’ කියලා ගමේ ගෙයකුත් හැදුවේය. ගෙයි සියලු වැඩ අවසන් කරලා, විදුලිය සැපයුමට ඉල්ලුම් කළේය.
‘අහවල් දවසේ අහවල් වෙලාවට ඔබේ නිවස පරීක්ෂා කරන්නට එනවා’ යැයි පණිවිඩය ලැබුණාම සරත් ගමේ ගිහින් බලාගෙන හිටියේ ‘විදුලි බල මණ්ඩලයෙන්’ එනතුරුය.

ඒ වියෝවේ විත්තිය අපට ආරංචි වුණෙත්...

එයාලට කලින් එතැනට ආවේ වසවර්ති මාරයාය. පපුවේ අමාරුවක් විදිහටය! විදුලි ඉංජිනේරුවන් එනකොට සරත් යළිත් නොඑන්නටම ගිහිංය.

ඒ වියෝවේ විත්තිය අපට ආරංචි වුණෙත් සේරම කටයුතු අවසාන වූවාට පස්සේය. එය අප කාටත් මහා shock එකක් වුණු බව නම් නොකියාම බැරිය!

එදා ජාලරයක් මුවාවෙදීම සිරී අයියා මාව අල්ලා ගත්තේය. “අරයාත් මේ කිට්ටුවටම ඇවිත් ඉන්නේ...”
“කව්ද?”
“වෙන කවුද ඉතිං? සංජේ...”
“අනේ සිරි අයියෙ. එයාට කියන්න මේ පැත්ත පළාතේ එන්න එපා කියල. එයාව දැක්කොත් තාත්තට යකා නඟියි” මම පින්සෙන්ඩු වුණෙමි.
“ඔච්චර බය වෙලා බෑ රංජි. සංජේ නං යකා පට ගහගෙනලු ඉන්නෙ මේ දවස්වල.”

මට චී කියා හිතුණේය. සංජේ අපේ කතන්දර සිරි අයියාටත් කියලද? ලජ්ජාවේ බැරිය.

මගෙත් එක්ක කතාවට සිරි අයියාට ඉඩක් නොලැබෙන විදිහටය, එදා- එයින් පස්සේ මං පරෙස්සම් වුණේ. අනෙක් අතට සංජේ ගැන හිතන්නට ඉඩක් එදා මට තිබුණේත් නැත.
රූප් නන්දා ඊළඟ දර්ශනයේදී සුප්පා දේවියට රඟනු ඇත. අප දෙදෙනා අතර තරගයක් නැති වුණත්, රූපාට වඩා දශමයක් හෝ හොඳින් act කරන්නට, මගේ චිත්තයා මට අණ කරමින් සිටියි. මා ඊට කීකරුවී රංගනයටම සිත යොමු කළ යුතුය.

“නිමල්, මේ සාදු මම අඳුරන නාට්‍ය රසිකයෙක්... ඔයාගේ acting දැකල පුදුම වුණා ඔයා කොල්ලෙක් කිව්වම. මං මේ සාදුව එක්කරගෙන ආවේ ඔයාට අඳුන්නල දෙන්න.” පළමුවෙනි ලයිට් රිහර්සල් එක අන්තිමේදී එස් අයියා කීවේ වේදිකාව පිටුපසදීය. ඔහු සමඟ පැමිණ සිටියේ, තරුණ හාමුදුරුවන් වහන්සේ කෙනෙකි. හාමුදුරුවෝ මගේ හිස මුඳුනේ සිට දෙපතුල දක්වාම විනිවිද යන බැල්මක් හෙළුවෝහ. ඉන්පසු යළිත් වරක් මගෙ බඩවත දිහා බලා සිනහවකුත් පෑවෝහ.

මෙයා කොල්ලෙක් කියලා කිව්වමයි මට තේරුණේ... එතකල්ම මම හිත-හිතා හිටියේ මෙච්චර ලස්සන කෙල්ලෙකුගේ බඩේ මයිල් ඇවිත් නේද කියලයි....

“ඔයාගේ ඇක්ටින් නං මරු. එක වැරද්දයි තියෙන්නෙ, හදා ගන්න. මිස්ටර් එස්... show එක දවසෙදි මතක ඇතිව මේ සුප්පා දේවිට රේසරයක් අරං දෙන්න. නැත්තං ප්‍රේක්ෂකයෝ කියයි සුප්පා දේවිගේ බඩේ මයිල් කියලා....”

“ඔබ වහන්සේත් කියන කතා...” එස් අයියා එතකොට විහිළුවකින්ම උත්තර බැන්දේය.
“විහිළුවට නෙවෙයි. මං කිව්වේ ඇත්තටමයි, එස්! මෙයා කොල්ලෙක් කියලා කිව්වමයි මට තේරුණේ... එතකල්ම මම හිත-හිතා හිටියේ මෙච්චර ලස්සන කෙල්ලෙකුගේ බඩේ මයිල් ඇවිත් නේද කියලයි....”

“රංජි මල්ලී. උවමනාම දවසට විතරක් බඩේ මයිල් ගාන්න. එහෙම කළාම මයිල් වැවෙනවා කලින් තිබ්බටත් වැඩිය සැරේට...” ඔය වගේ කරුණු-කාරණාවලදී මට උපදෙස් දෙන විශ්වාසවන්තයා සමරසිරි කියා දීලා තිබිණි. එතකොටත් සමරසිරිට වඩා රහසිගත දැනමිත්තෙකු මට නොසිටියේය.

ඒ හින්දාමය එදා මං රෝම කපා දැමීමට උනන්දු නොවුණේ. ‘අද ඉතිං දන්න කියන කීප දෙනයිනෙ රිහර්සල්ස් බලන්න එන්නෙ.’ මට හිතුණේ එහෙමය.

දෙවෙනි දර්ශනයත් නරඹන්නට අර හාමුදුරුවන් වහන්සේ නැවතී උන්හ. ඒ දර්ශනයේදී කිසිම අකරතැබ්බයක් වුණේ නැත. හාමුදුරුවෝ නැවතත් වතාවක් මා හමු වෙන්නට වැඩියාහ, එස් අයියාත් සමඟින්ම.
“මේ ඇත්ත, මිස්ටර් එසුයි නිමලුයි දෙන්නම ඉස්සරහ කියන එක වඩා හොඳයි කියල හිතුණා. අද සුප්පා දේවිගේ චරිතේ හොඳටම රඟපෑවේ නිමල්. හැබැයි, රූප් නන්දාගේ ලස්සනයි ලාලිත්‍යයි දෙකට කිට්ටු කරන්න නිමල්ට බෑ. එස් මහත්තයා නාට්‍යයේ ප්‍රොඩියුසර් හැටියට සුදුසු තීරණයක් ගන්නයි තියෙන්නේ.”

එස් අයියාට උවමනාවී තිබෙන්නේ රූප් නන්දාටම සුප්පා දේවී චරිතය සින්න කර දෙන්නටද?
අරයා- මෙයා ලව්වා මේ ‘වහෙන් ඔරෝ’ බාසාවෙන් කියවන්නේ එසේ කළ යුතුය කියලාද?
රංගනයට හුරුවී තිබීමේ වාසිය තවත් වතාවක් මට උදව් වුණේය. හිතේ තෙරපී තිබෙන දුක- සන්තාපය හා කේන්තිය මුහුණේ ලියවෙන්නට නොදී, සුන්දර සිනාවකින් මුව සරසා ගන්නට මම සමත් වීමි.

මීට පස්සේ උදේ හවස දෙකේම තමුන්නාන්සේට වඳිනවා, වඳිනවා, වඳිනවාමයි!

එදා ගෙදර ආවාට පස්සේ නම් මගෙ දුක කාට හරි කියන්නටය, මට උවමනා වුණේ. ඒ වෙලාවේ ඒවා අහන්නට මගෙ කාමර පොඩ්ඩේ සිටියේ සායි බාබාතුමා විතරය. සායි රොටිය තිබුණු පීරිසියේ තේ කහට හෙම අලුත් කරලා මම මගේ දුක එතුමන්ට කියන්නට ගත්තෙමි!

හොඳටම නිඳිමත ආවාමය, මගෙ වන්දනාව ඉවර වුණේ!

මගෙ දුක ඉන්දියාවේ පුට්ටපර්තියේ සත්‍ය ශ්‍රී සායි බාබාතුමාට එදා රාත්තිරියේම ඇහිලාද කොහෙදය.

කුකුළාවත් අතින් අරගෙන, සේ ටීචර් අපේ ගෙදරට ආවාය.

“මම උඹට කිව්වෙ ගුණපාලයෝ! අර සමයම තියන්න පුළුවන්ද රංජියගෙ අහලින්වත්. පොත්ත සුදට තිබ්බට, පුක නැටෙව්වටම මදිනෙ ගුණේ. උඹ තකහනියක්ම කිව්ව නිසයි මං දෙවෙනි show එකත් ඉවර වෙනකල් බැලුවේ. මට නං අපේ රංජියා තමයි වැඩිය හොඳ...”

සේ ටීචර්ගේ තක්සේරුව, මගෙ හිතේ තිබ්බ සේරෝම දුක් කන්දරාවල් නැති භංග කර දැම්මේ තත්ත්පරයෙනි. ගිලෙන්නට යන එකා පිදුරු ගහේත් එල්ලෙනවාය කියන්නේ ඇත්තකි.

‘අනේ සායි බාබාතුමෝ. මට දහස් වාරයක් සමාව දෙන්ඩෝනි. මෙච්චර දවසක් තමුන්නාන්සේව එච්චර ගණන් ගත්තේ නැතිවාට. මීට පස්සේ උදේ හවස දෙකේම තමුන්නාන්සේට වඳිනවා, වඳිනවා, වඳිනවාමයි. වරද්දන්නෑ. සත්තයි... සහතිකයි...’ දෙයියන්ට වුණත් යමක් ඇහෙන්නේ සද්දෙට; ගරු ගාම්භීර තාලෙට යාතිකාවක් විදිහට කියන දේ කිව්වාමය. සායි තුමත් පණ පිටින් ඉන්නා දෙයියෙක් නේද?
‘ඒත්, දෙයියනේ එහෙම සද්දෙට යාතිකාවල් කියන්න ගියෝතින් මේ කරන ටිකවත් කර ගන්නට බැරිව යනව සිකුරුයි. වෙන මොකුත් නෙවෙයි සායි තුමෝ, වෙලාවකට අපේ ආච්චී කාලි අම්මාටත් වැඩිය නපුරුයිනෙ...
අනේ.... මං නොකිව්වත්, ඔබ වහන්සේගේ දිව්‍ය නේත්තරාවලට පේනවා ඇතිනෙ...’

හිත යටින් එහෙම යාතිකාවක් කරමිනි මං තේ කහට වීදුරුවක් හැදුවේ... ‘කමක් නෑ. ඊයේ රෑ තේ කහට දැම්මට කමක් නෑ... වැඩිය හොඳයිනෙ දැනුත් දැම්මම!’

‘KOMBUCHA’ නමෙන් හඳුන්වන සායි රොටිය හතු වර්ගයක්!
ඈ! දෙයි හාමුදුරුවනේ, තේ කහට ටික පීරිසියට වක්කරන්නට ගියාමය පෙනුණේ, රොටිය ඩබල් වෙලාය.මට හොඳටම විශ්වාසය. ඊයේ රෑ දෙවෙනි රොටිය මෙච්චර ලොකු වෙලා තිබ්බෙ නැහැනේ. මං බැලුවේ නැතිවාවත්ද- නැත්තං කුප්පි ලාම්පු එළියෙන් නොපෙණුනාවත්ද....

එහෙම හිතන්නත් පව්! ආශ්චර්යයක් සිද්ද වෙන්න මහා වෙලාවක් යන්නෑ නිමලෝ!

අහිතක් හිතන්නට මගේ බැතිබර හිත නැමෙන්නේම නැත. ඒ දවස්වල මගෙ බුද්ධියේ හතර මායිමේ තරමය ඒ. දැන් කියලාත් මහ වෙනසක් නැතුවාත් වගේය.

එව්වා පැත්තක තියෙද්දාවේ. මගෙ යුතුකම අලුතින් ලැබුණු අදාළ තොරතුරු ඔක්කොමත් හිතාදර ඔබ සැමට කියන එකය.
සායි රොටිය ගැන මේ චුට්ට මම දැනගත්තේ ‘සුප්පා දේවිගේ බඩේ මයිල් 9’ post එකට Pra Jay මහත්තය
එවලා තිබුණු link එකෙන්.

‘සායි රොටියටත් දිග ඉතිහාසයක් තියෙනවා. මැන්චූරියන් හත්ත- Manchurian Mushroom’ වගේම හතු වර්ගයට අයිති සායි රොටිය ‘KOMBUCHA’ නමෙනුයි හඳුන්වන්නේ.

අපි කවුරුනුත් දන්නවා හත්තක් කියන්නේ බැක්ටීරියා- දිලීර ලක්ෂ ගණනාවක් එකතු වෙලා හැදෙන සොබාවික නිර්මාණයක් බව. සායි රොටියත් ඒ වගේමයි.
ඒක අවශ්‍ය පෝෂණය ලබාගෙන වැඩෙන්නේ තේ කහට හා සීනි ද්‍රාවණයක් මාධ්‍යය කර ගෙන. අතීතයේ ඉඳලාම
කොම්බුචාහත්ත වවාගත් තේ අත් බෙහෙතක්විදිහටත් යොදාගෙන තියෙනවලු!’

ඉතිං, ඒ දවස් දෙක තුනේ ‘මුළු හදින් මම* සායි වන්දන කරන අතරේ බැතින් පේවී...’ තවත් පුදුමාකාර දෙයකුත් සිදු වුණේය. සිරි අයියා ඒක සිද්ද කළේ කොහොමදැයි මං අදටත් දන්නේ නැත.

(*‘මුළු හදින් මම කොටන අතරේ’ මට මතක් වුණේ blog විශ්වයට අලුතින්ම එකතු වුණු ‘කොමිටල් ඩ්‍රැකී’ අඩවියයි. පෙනෙන විදිහට ඒකෙ දාන්නට යන්නේ ‘කොමිටල් සිංදු’ වගේය!)

කෑ ගහන්න ලජ්ජ නැද්ද? (මේ කාලේ නං කෑ ගහන අය වැඩිය!)

“නිමල් මල්ලී, අද හවසට යමු වැල්ලවත්තට.....”
“වැල්ලවත්තේ නෙවෙයි දිවිය ලෝකෙට යන්න ගියත් සිරී... අපේ තාත්ත බහ් ගාල එපා කියයි. දන්නවනෙ, අපේ ගෙදර නීති.”

“මේ සිරීට මොනවද කරන්ඩ බැරි රංජි මල්ලී... ගුණපාලයියා දැනටමත් ගමනට පර්මිෂන් දීලා තියෙන්නේ...” සිරී කියන්නේ ආඩම්බරයෙනි.
“ඈ? මොකටද වැල්ලවත්තේ යන්නෙ...”
“මල්ලි යමුකෝ. අද එහෙ ගෙදරක සායි බාබාතුමාට විශේෂ පූජාවක් කෙරෙනවා... භජන් කියලා හෙම... මං ඔයාලගේ තාත්තට සේරම කිව්වා. එයා හා කිව්වා. ඔන්න මම හතරහමාරට එනවා. ඔයා ලැහැස්ති වෙලා ඉන්න... පරක්කු වෙන්න බෑ ඕං!”

සංජේ කිව්වා හරි වගේය.
දෙකක් නැත. මගේ මුළු හදවතින්ම සායි තුමාට පුද-පූජා පැවැත්වීමේ ආනිශංසයයි මේ පළ දෙන්නේ.

අපේ තාත්තා අපට අමතර ගමන්-බිමන්වලට අවසර දෙන්නෙම නැති තරම්ය. එහෙම අවසර දෙතත් දෙන්නේ, ප්‍රශ්න කෝටියක් විතර අහලා ඊට පස්සෙය. ඒත් අද... සිරී අයියා මොන ඉනාවක් තාත්තාට කවන්නට ඇත්ද? මං ඒ ගැන ඇහුවේ බස් එකට නැංගාටත් පස්සෙය.

“ඉනා මොකටද රංජි මල්ලී... මේ...” සිරි අයියා අතක් උස්සා පෙන්නයි. “පේනවද?”
“හෙමින්... හෙමින්. බස් එකේ තව මිනිස්සු ඉන්නවා. කෑ ගහන්න ලජ්ජ නැද්ද?” මම කෙඳිරුවෙමි. ඒ යෝදයාත් සද්ද අඩු කළේ එතකොටය.

“මේ..” ආයෙමත් සිරීගේ අත මගෙ මුහුණ ඉස්සරහපිට වැනෙයි.
“මොකක්ද?”
“අයියෝ මල්ලී, පේන්නැද්ද... ඉස්සර මගේ අතේ මුද්දක් තිබ්බද? මේක පවුම් බාගෙක මුද්දක්... මට ලොකු රස්සාවකුත් හම්බ වුණා. පඩිත් හොඳයි. ඒ සේරම මට දුන්නේ සායි තුමා. එච්චරයි මම ඔයාලගේ තාත්තට කිව්වේ. ඔයා තව ටික දවසක් වන්දනා කරගෙන ගියාම, ගුණේ අයියා ඔයාට කියයි අස්සයෝ දෙතුන් දෙනෙක් තෝරලා දෙන්නත්...”

එහෙනං ඒක තමයි මේ!

ඒකත් කිව්ව නං මෙයාව කොහෙ ගෙදරින් එළියට ගන්නද? තාත්ත මෙයාව පරිස්සං කරන්නේ දහ අටේ ගැටේකට වැඩිය පරෙස්සමින්...

සායි බලයෙනුත් වැඩක් අරං, රේස්වලින් දිනන අස්සයන් තෝරන්නටය-  හැමදාමත් රේස් දාන අපේ තාත්තා මානන්නේ...

මං සිරීගේ කතාවට හරස් කපන්නට නොගියේ බස් එකේ සෙනඟ වැඩි වෙලා තිබුණු නිසාය. බසයක් වැනි තැනකදී අරයාට-මෙයාට ඇහෙන්නට හයියෙන් කතා කිරීම මට නුහුරුය.

සිරීට සායි වන්දනාවෙන් හරි ගියාට මටත් එහෙම වෙයිද?
ලුම්බිණි රඟහල අසල බස් නැවතුමේදී සිරි අයියා මාවත් බසයෙන් බස්සවා ගත්තේය. “වැල්ලවත්තට නේද යනවයි කිව්වේ?”

“මේ පාරෙන් ගියාම හරි. චුට්ටක් ඉමු රංජි මල්ලී. තව එක්කෙනෙක් එනවයි කිව්වා මෙතෙන්ට...” මට හිතා ගන්නටවත් ඕනෑ වුණේ නැත. එතකොටත් සංජේ හිනා වේගෙන එනවා පෙනිණි. එහෙනං මේ එයාගේ plan එකක්!

“හරිම නරකයි සංජේ! ඔයාල දෙන්න එකතු වෙලා- බොරුත් කියල අපේ තාත්තව රවට්ටල...” මං සංජේගේ ඇඟට  කඩන් පැන්නේ තරහක් මවාගෙනයි.
“කවුද බොරු කිව්වේ... මූත් එන එක විතරයි මම ඔයාලගේ තාත්තට නොකිව්වේ...” සිරි අයියාත් ප්‍රතිඋත්තර දෙයි. “නැද්ද මචං.. ඒකත් කිව්ව නං මෙයාව කොහෙ ගෙදරින් එළියට ගන්නද? තාත්ත මෙයාව පරිස්සං කරන්නේ දහ අටේ ගැටේකට වැඩිය පරෙස්සමින්.”

“වැඩි පරෙස්සම තමයි මචං ඈලියාවට ගිහිල්ල තියෙන්නේ... මෙයා ගැටයක් වුණා නං කොහොම පරිස්සං කළත්  මෙලහටත්, පෙට්ටියේ...” දිගටම කියාගෙන යනකොටය සංජේට......

54 comments:

  1. කොමිටල් ඩ්‍රැකියාගේ කොමිටල් අඩවිය ගැනත් සදහන් කළාට නිදි පෙරියදෝරේට ටැංකිව්

    ReplyDelete
    Replies
    1. තියේනම් මටත් ටැංකියක් දියාන්.........

      Delete
    2. ඌ ලියලා තියෙන්නේ කසියා ගැන බොටත් කසියා ටැංකියක් ඕනේ උනාද?

      Delete
    3. නැතිවෙයිද ඌ ගාව බොරතෙල්..... කොලොම්පූර්😂😂

      Delete
    4. තෙල්... ටැංකි... ගැන නං කතා කරන්ඩ එපා, මහත්තුරුනේ!

      Delete
  2. https://en.wikipedia.org/wiki/Debate_on_the_causes_of_clerical_child_abuse

    https://www.colombotelegraph.com/index.php/sri-lankas-hidden-scourge-of-religious-child-abuse/

    https://www.quora.com/Why-do-some-Catholic-priests-find-little-boys-so-sexually-appealing

    ReplyDelete
    Replies
    1. Why do you post this??හාමුදුරුවෝ හින්දද?

      Delete
    2. අජිත් මහත්තයට උත්තර දෙන්න ඕනි Pra Jay මහතාම තමයි!

      Delete
    3. මවිල් බලන හාමුදුරුවො නිසා මතක්වෙන්නෙ celibacy තියන ආගම්වල ප්‍රශ්න.

      Delete
    4. හා හා , දැනුයි තේරුනේ බන්දිනන් දුන්න නම් ඉවරයි

      Delete
  3. ලබන කොටහෙන් භජන් සාජ්ජයක් බලාගතෑකි... මයෙ හිතේ. සිරා කොම්ලත් ශිරා කේෂ් එකක් නෙ😂 තාත්තව ගොනාට අන්ඳුව ඒනම්
    ජාලරයක්??? ඒ මොකක්ද නිදිතුමෝ

    ReplyDelete
    Replies
    1. ජාලරය කියන්නේ නාට්‍ය වේදිකාවේ ඉදිරි පස ප්‍රධාන තීරයට පිටු පසින් තියෙනා පැති තිර දෙක .

      Delete
    2. නමී, පළමු ප්‍රශ්නයට උත්තරේ ඊළඟ පොස්ට් එකෙන්ම බලා ගන්න ඇහැකිනෙ.
      තුන්වෙනි ප්‍රශ්නයට උත්තරේ අසංග කියලා ඉවරයි. ස්තුතියි අසංග.
      සිරි සිරා ඩයල් එකක්... මාරක හී පහර නාට්‍යයට පුළුන් පිරවූ ඇත්ත කොටියෙක්, චිත්‍රපට අධ්‍යක්ෂ කිංස්ලි රාජපක්ෂ මහත්තයලගේ ගෙදරින් ගෙනාවේ සිරි අයියා.
      https://nidigepanchathanthare.blogspot.com/2020/08/blog-post_19.html

      Delete
    3. නමීටත් ස්තුතියි හොඳේ!

      Delete
  4. රොටිය දීලීර හින්ද හැදුනා කියමුකෝ එතකොට අලු හැදුනේ කොහොමද ?

    ReplyDelete
    Replies
    1. https://mm-old.azureedge.net/Articles/yuktibaadi.html

      Delete
    2. අසංග, ඒ අළු නම් වල්ලිමලෙන් හාරා ගත්තු තින්නොරු වගේම වෙන්නැති... ඔයාම නේද 'හරෝහරා' post එකට ඒ ඔත්තුව ලියලා එව්වේ, comment එකකින්.
      https://nidigepanchathanthare.blogspot.com/2019/08/blog-post_26.html

      Delete
    3. Pra Jay මහත්තයෝ, දෙතුන් වතාවක් try කළත්, අර ලින්කුවට ගියහම මෙහෙම කියනවා නෙව: This site can’t be reached !

      Delete
    4. ඒ හාරලා ගන්න ඒවා නොවෙයි. සායි බාබාගේ පින්තූරේ හැදෙන ඒවා.. මම අහලා තියෙනවා මිසක් හැබැයින් දැකලා නෑ.

      Delete
    5. http://www.exbaba.com/articles/p_holbach/eng/vessel_e.htm

      Delete
    6. අසංගෝ, තව ප්‍රශ්නවලටත් උත්තර තියෙනවා Pra Jay දීලා තියෙන link එකේ.

      Delete
  5. https://sithuviliralabinduma.blogspot.com/2022/08/blog-post.html

    ReplyDelete
    Replies
    1. ඉතා හොඳ ලිපියක් තිබුනා! සින්ඩිවලිනුත් දැක්කා....

      Delete
  6. සායිට බජන් කියවිල්ල කෙසේ වෙතත් තුන්දෙනා එක්ක වෙන නාට්ටියක් නටයි වගේ.

    ReplyDelete
    Replies
    1. සංජේ වැඩ බැරි ටාර්සන් කෙනෙක් රංගනයේදී... ඉතිං කොහොමෙයි ප්‍රසෝ, වෙන නාට්ටියක් නටන්නේ?

      මෙහෙම මාව අමාරුවේ දාන ප්‍රශ්න අහන හන්දා තමුන්නැහෙට අමතක නොවෙන දඬුවමක් දෙන්නයි හදන්නේ. ඒ විස්තර කියන්නේ මේ සෙනසුරාදාට publish කරන්න ලියාගෙන යන post එකෙන්...

      Delete
  7. ජාලරය මුවාවෙදී - අලුත් වචනයක් ඉගෙන ගත්ත. //. එතකල්ම මම හිත-හිතා හිටියේ මෙච්චර ලස්සන කෙල්ලෙකුගේ බඩේ මයිල් ඇවිත් නේද කියලයි....”// හාමුදුරුවෝ කොහොමද කෙල්ලෙක් හැටියට දැක්කේ - ඒ කියන්නේ ගැහැණු ඇඳුම් ඇඳන් හිටියද බන්?

    ReplyDelete
    Replies
    1. ඇයි යකඩෝ, සිංහබාහු ලයිට් රිහර්සල් එකේදී සුප්පා දේවී දෝතියයි- හැට්ටෙයි නෑඳ කලිසම් කමිස ඇඳගෙන හිටියයි කියලද හිතුණේ අජිත්?
      මගෙ ලියවිල්ල එච්චරටම අවුල්ද?

      Delete
    2. නැහැ රිහර්සල් වලටත් අඳිනවා ද? මම ඔය කතාව විශ්වාස කරන්නේ නැහැ නිදි පින්තුරයක් දානකන්

      Delete
    3. ආ පින්තූර නැහැ කිවනේ. හාමුදුරුවෝ ඉතින් අර ප්‍රා ජේ කීව වගේ තමයි. ☺️

      Delete
  8. අඩේ කෝ බම් මේ බශ්ෂ......

    ReplyDelete
    Replies
    1. කොහෙවත් ගිහින්ද ඉගිල්ලී... පියඹ පියඹා
      රන් කූඩුවෙ ඉඳලා ඇවිල්ලා... (කපටිකම ෆිල්ම් එකේ සිංදුවක් මතක් වුණා....)

      Delete
  9. ඇහ්! මට ලියන්න මොකවත් නෑ. නිදිමතයි.

    ReplyDelete
    Replies
    1. මොකටද බොරු කියන්නේ... ඔය යස කෙටිකතාවකුත් දාලා තිබ්බේ.... ප්‍රාතිහාර්යයක් වගේ ලියවෙයි, වෙලාව ආව ගමන්.....

      Delete
    2. යස කෙටිකතාව දැම්මෙ ලියන්ඩ දෙයක් නැති උන හින්දනෙ 😁🦇

      Delete
  10. බඩේ මයිල් කේස් එක දැනුයි තේරුනේ😂😂😂

    මං මෙච්චර කාලයක් කල්පනා කරා මොකක්ද මේ බඩේ මයිල් සීන් එක කියලා😂😂😂😂😂

    ReplyDelete
    Replies
    1. නවීන්.... පාද යාත්‍රා ගිහින් එහෙ නිදාගත් දවසක සමහරුන්ගෙ ඇඟේ කිනිතුල්ලො. වැඩියත්ම මුන්දගෙ ඇඟේ. කස්ටිය කතා උනේ ආහම වීට් ගාවල හරි නිදියගෙ සරුවාන්ගෙම කෙස් අහක් කරන්නයි... පෙන්නේ නැති කිනිතිල්ලෝ හොයා ගන්න

      Delete
    2. ලේසි පහසු මයිලක් නෙමෙ එහෙනම් තියෙන්නෙ😂😂😂

      Delete
    3. නවීන්, ඔයාගේ comment එක දැක්කාම මට මතක් වුණේ දවසක් ආධුනික ගායකයෙක් කළ ගැයුමක්. මිනිහා කොළේ බලාගෙන කියනවලු..'මේ දෑස මගෙ පිංවන්තයි - තේරුණේ දැන් තමයි - ඉරි දෙකයි....'

      හිටහන් නමී, ගමන ගැන ලියන්නෙයි කියලා ඔහෙට මුලින්ම කිව්වම 'බෑ' කියලා දැන් ඔහොම රහසුත් එළියට දාන්නේ.... පළි ගහනවා!

      Delete
    4. අර ආධුනික ගායකයගෙ කතාව තේරුනේ නෑ ඒ පාර😪

      Delete
    5. නවීන්@
      // - මේන්න මෙහෙම ඉරි දෙක තියෙන්න... දෙපාරක් කියන්නය කියල. මිනිහ ඒකත් කියෝලා.
      නිදි @
      අඩේ ඒම කරන්ට එපා නිදිතුමෝ... 😄

      Delete
    6. නමී, // තෝරා දීම ගැන ස්තුතියි.

      නවීන්, මම ගායකයාගේ කතාව කිව්වේ 'වටහා ගැනීම සීරුවෙන් කළ යුතු බව' කියන්නත් එක්කමයි.

      මොකද, ඉතා සංකීර්ණ දේවල් ගැන විමසන- හොයන- දිගු පිළිතුරු සපයන්නට වෙන ප්‍රශ්න නඟන- ඒ විතරක්ද, blog රචකයෙකුත් වෙන ඔයා සමහර වෙලාවට ඉතා සරල- සිල්ලර - පුංචි දේවල් පවා එක්කෝ තේරුම් ගන්නේ වැරදියට. නැත්තං මහා බරපතල විදිහට කියලා මට හිතුනු නිසයි. මගෙ හැඟීම හරියටම කියවිලා නැත්තං සමා වෙන්න ඕනි මහත්තයෝ.

      Delete
    7. නමී බොහොම ස්තුති අර ඉරි කෑලි 2 දැක්කාම තමයි තේරුනේ😂

      Delete
    8. හරියටම හරි නිදි මාමෙ. එහෙම ප්‍රශ්නයක් නම් තියෙනවා තමයි.😞😪

      ඒකට මොකද කරන්නෙ🥺👀

      Delete
    9. නවීන්@
      නස්රුදීන්ගෙන් යාලුවෙක් ඇහුව ‘සාර්ථකව ජීවත් වීමේ රහස මොකක්ද කියල’. නස්රුදීන් මෙහෙම කිව්ව. ‘හිස සිසිල්ව තියා ගන්න. ගැඹුරින් හිතන්න එපා. ඒවගේම සැහැල්ලුවෙන් ජීවත් වෙන්න’.
      දර්ශනයේ එන එක කතාවක් තමයි... දෙයක් දිහා, කලින් දා ගත්තු ෆ්රේම් වලින් තොරව බලන්න කියන එක. එතකොට ඒ දේහි යතා ස්වභාවයට වඩාත් සමීපව බලන්න පුළුවන් ය කියන එක. හැබැයි මෙතන කියන්නෙ මතකයන් ගෙන් වියුක්තව කියන එක නෙමේ.
      (නිදි මං පැනලා දෙයක් කීවට සොරි හොඳේ)

      Delete
    10. නමී, මොකටද තරහ වෙන්නේ?
      ස්තුති කරනවා මට ලේසි කළාට. නවීන්ම දන්නවා නං එයාට එහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා, ඒකෙන් මිදෙන්න ඕනයි කියලා එයා ඔයාගේ උපදෙස් අනුව උත්සාහ කරයිනෙ.
      ඒත් හරි යන්නෙ නැතිනං නවීන් 'ප්‍රොෆෙෂනල් කෙනෙකුගෙන්ම උපදෙස් ගන්න වෙයි'.

      Delete
    11. ප්‍රශ්නයක් තියෙනවා කියලා දැන ගන්න එකෙන්ම ප්‍රශ්නයෙන් සෑහෙන කොටසක් විසදෙනවලු නේද නිදි මාමෙ🤔

      Delete
    12. නවීන්, ඔයාට ඕනේ කරන්නේ උත්තර නෙවෙයි. ඔයාගෙම සිතුවිලි බලා ගන්න ඇහැකි කන්නාඩියක්!

      Delete
    13. Mindfulness කියල කියන්නෙ ඒ කන්නාඩියට නේද🤔

      Delete
    14. මං ඒක නම් හරියටම දන්නේ නෑ.

      Delete
  11. @නමී බොහොම ස්තුති🥰💕

    දවසක් ගිලිල මැරෙන්නත් ගියා ගැඹුරින් හිත හිත ඉන්නකොට, ගැඹුර වැඩි වෙලා 😂

    මම උත්සාහ කරන්නම් සරලව හිතන්න.

    අපි හැමෝම ලෝකෙ දිහා බලන්නෙම තමන්ට ආවේණික, තමන්ම හදාගත්තු ( සමහර විට සමාජයෙන් හදන්නත් පුලුවන්) frame එකකින් නෙහ්. ඒක ගලවන එක නම් ලේසි නෑ

    ReplyDelete
    Replies
    1. අමාරු වැඩ කියලා අපි නොකර අත් අරිනවද නවීන්?

      Delete
    2. ඒක ඇත්ත නිදි මාමෙ, අමාරු දේවල් තමයි කොහොම හරි කරන්නම ඕනි දේවල්😁

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්