අකුරු මැකී නෑ

Tuesday, May 2, 2023

තිස් එකේදී... -දාහතරවෙනි කොටස

ඔව්... Blog ලිපි ලිවීමට මුල් තැන දීම ටික දවසකට පැත්තකින් තියන්නෙමි; එහෙත් ලැබෙන සියලු විවේකයන්හිදී ඔබ වෙනුවෙන්  මෙසේ ලියන්නෙමි.

මානෙල් නංගී අම්මාවත් නිවසේම නවත්වාගෙන සියලු වතාවත් කරන්නට සූදානම්ව සිටියි. මට කරන්නට හැක්කේ එහි රැඳී අම්මත් එක්ක සතුටු සාමීචියෙන් කල් ගෙවීම විතරකි. අපට මේ තරම් දේ ලබා දුන් අම්මා මියගිය පසු නොවේ, ජීවත්ව හිඳිද්දීම එයාව සතුටින්; තෘප්තිමත්ව තියන එකනෙ වඩා වැදගත්...

අපි වටපිටාවේ සිද්ද වෙන දේවල් ගැන උනන්දු වෙන්න ගන්නේ ඒවා අපටත් රිදවන්න ගත්තට පස්සේ. ඩිමෙන්ෂියාව (Dimentia) ගැනය කියලා... 

අම්මා මානෙල් නංගිලගේ ගෙදරට සැපත්වී පැය දෙක-තුනක් යන්නටත් කලින් නෙවිල් මාව කොට්ටාවට කැටුව ගියේය. එහෙදී කෙරුණු අපේ කතාබහ පැය තුනකටත් වඩා දිග්ගැහුණේය; රෑ කෑම පහුවෙලාත් දිගෑදුණේය...

“එංගලන්තේ ඉන්දදී නං අම්මා එක දිගට පැයක්වත් නින්දට නොවැටී ඔහොම නැඟිටගෙන ඉන්නෙ නෑ, ලොකූ... පුදුමයි, දැන් මෙච්චර වෙලා හිටියා.” දීපාල් කිව්වේය.

“අම්මට හරි සතුටුයි වගේ ලංකාවට එක්ක ආවට.”

ඒත් ඊයේ ලංකාවට පැමිණි බවත්- මානෙල් නංගිගේ ගෙදර ඉන්න බවත්- අප හමු වුණු බවත්- අද උදේ වෙද්දී අම්මාට සහමුලින්ම අමතකවී ගිහිංය!
“ඩිමෙන්ෂියාවේ හැටි ඔහොමලු ලොකූ. අද ඒවා හෙට මතක නෑ. ඒ වුණාට හද්ද පරණ කතන්දරත් මතකයි. ඒවා තාම අම්මගේ ඔළුවෙ.”

මනුස්ස ගතියෙ වැරැද්දක්ද මංදා, වටපිටාවේ සිද්ද වෙන දේවල් ගැන අපි උනන්දු වෙන්න ගන්නේ ඒවා අපටත් රිදවන්න ගත්තට පස්සේ. ඩිමෙන්ෂියාව (Dimentia) ගැනය කියලා විතරක් ඒකෙ වෙනසක් වෙන්න බැහැනෙ. නෙවිල්ලගේ අම්මට මේ අසනීපය හැදුණාම තමයි අපිත් මේ ගැන උනන්දු වුණේ.

‘ඩිමෙන්ෂියාව (Dimentia) කියන්නෙ දැන් දැන් සමාජය අතර නිතර කතා බහට ලක්වෙන රෝගී තත්ත්වයක්. ඒ වගේම තමයි දැන් දැන් රෝගීන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහලට යන රෝගී තත්ත්වයක් විදියට Dementia හඳුන්වන්න පුලුවන්. මේ රෝගයේ ප්‍රධාන ලක්ෂණය තමයි අමතක වීම (Loss of memory). අපි දන්නවා අමතක වීම අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක්. නමුත් මේ අමතක වීම කෙනෙක්ගේ ජීවිතයම ගැටලුවලින් පුරවන්න පුලුවන් විදියේ අමතක වීමක් කීවොත් නිවැරදි. ඉතින් මේ නිසාම මේක අමතක වීමේ රෝගය (memory disorder) කියලත් සමහරු හඳුන්වනවා.

ඩිමෙන්ෂියාව යනු රෝග ලක්ෂණ කිහිපයක එකතුවක් එහෙමත් නැත්නම් සහලක්ෂණයක් (Syndrome) කියන්න පුලුවන්. මතකය (Memory), හේතු දැක්වීම (Reasoning) සහ සිතීමේ හැකියාව (Thinking ability) අහිමි වීම වැනි තත්ත්ව එයට අයත් වෙනවා. ඩිමෙන්ෂියාව සඳහා ඇල්සයිමර් රෝගය (Alzheimer’s disease) ප්‍රධාන වශයෙන් හේතුවක් වෙනවා.’

2022 මාර්තු මාසයේ පළ වුණු වාර්තාවකයි ඒ විස්තර තියෙන්නේ. එතැන මෙහෙම විස්තරයකුත් තියෙනවා.

‘ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ මරණවලට බලපාන ප්‍රධාන හේතු අතරින් හතරවෙනි ස්ථානය අයිති වෙන්නේ ඩිමෙන්ෂියා රෝගයට. ඒ ප්‍රමාණය සමස්ත මරණවලින් 6.22% ක් විතර වෙනවා...’

ඔය වාර්තාවේ කියවෙන විදිහටම ඩිමෙන්ෂියා රෝගීන් ගණන ඉතාම ඉක්මනින් වැඩි වෙමින් තියෙන්නේ. ඒ බව වඩාත් තහවුරු වෙන්න ගත්තේ පහුගිය දවස් ටිකේ. අපේ අම්මා ගැන අහන එක-එක්කෙනාගෙන් හම්බ වෙන ආරංචිවලින්...

ඒ ගැන හිතද්දී ඉස්සෙල්ලාම මගේ මතකයට එන්නේ ආතර් සී. ක්ලාක් ශ්‍රීමතාණන්ගේ පොත් දෙකකි.

“ඔයා දන්නවද? අපේ පුංචි අම්ම අපේ අම්මට වැඩිය අවුරුදු පහළොවක් බාලයි. ඒත් ඒ මනුස්සයට දැන්මම ඩිමෙන්ෂියාව.” අපි එදා කොට්ටාවට යන අතරේ නෙවිල්ට කියවුණු බවත් මට මීටර් වෙන්නේ දැන් මේවා අකුරු කරනකොටය.

මෑතක හිට මානුස්ස අපේ මතක ගබඩාවන්ට මෙහෙම විනේ කැටෙන්නට අරං තියෙන්නේ ඇයි?      

මෙහෙම අතීත මතකයන් ගබඩා වී තිබෙන්නේ මිනිස් සත්ත්වයන්ගේ මොළයේ විතරක්ද? එහෙම ගබඩා වී තිබුණත්, ඒවා යළිත් ආවර්ජනය කර ගන්නට හැකි වුණත්, ඒවා තවත් පාර්ශ්වයකට සන්නිවේදනය කරන්නට නම්... දියුණු භාෂාවකුත් අවශ්‍ය වෙයි. ඒ මට හිතෙන හැටිය; මා දන්නා හැටිය.
ඒ ගැන හිතද්දී ඉස්සෙල්ලාම මගේ මතකයට එන්නේ ආතර් සී. ක්ලාක් ශ්‍රීමතාණන්ගේ පොත් දෙකකි. (නූලට- රූලටම කියනවා නම් ඒ පොත් දෙකේ සිංහල පරිවර්තනයන්ය).
පළමුවැන්න ‘ගැඹුරු මුහුද’යි. දෙවැන්න ‘ඩොල්පින් දූපත’යි.

තල්මසුන්ගේ උසස් මතකයන් ගැනත්, සංකීර්ණ සන්නිවේදන හැකියාවන් ගැනත් ඒවායේ කියවෙයි.

ඒ එක්කම මට සිහි වෙන්නේ ‘මී මැස්සන්’ තම සගයන්ට ‘රොන් සහිත මල්’ කරා යන ආකාරය පෙන්වන ‘නැටුම් කලාව’යි. ඒකත් අදහන්නට වටිනා සන්නිවේදන ක්‍රියාවලියකි.

“ඒ වුණාට නිමල් අයියේ, වචනවලින් / රූපවලින් නැතිවත් සන්නිවේදනය කරන්න පුළුවන් කියල ඔයා දන්නවද?” ටික දොහකට කලින් අප අතරේ කෙරුණු කතාබහකදී දොස්තර අයස්මන්ත මහත්තයා මේ ලියන්නාගෙන් ඇහුවේය.

“... මම කියෙව්වා එක දූපතක ඉන්න ගෝත්‍රික මිනිස්සු කණ්ඩායමක් ගැන. එයාලා අතරේ වාචික සන්නිවේදනයක් කෙරෙන්නෙම නැතිලු. ඒ කියන්නේ කතා කරන භාෂාවක් නෑ. වචනවලට ලඝු වෙලා / සීමා වෙලා නැති සන්නිවේදනයක් තියෙන ඒ මිනිස්සුන්ට පුළුවන්ලු ගුවන් යානයක් ක්ෂිතිජයේ පෙනෙන්නට පටන් ගන්නත් කලින්, ඒ බව දැන ගන්න...”

“ඉතිං මහත්තයෝ, ලියමුකො- ඔය දේවල් ගැන.”
අප කතා කරමින් හිටියේ භාෂාව හා සන්නිවේදනය ගැනයි. ඊට පස්සෙත් කිහිප වාරයක්ම මං දොස්තර උන්නැහෙට මතක් කළත්; ඒ ලිවීම කෙරෙන්නට තවම Green ලයිට් එක තියා Yellow ලයිට් එකවත් පත්තු වුණේ නැත.

‘ස්වයං සන්නිවේදනය’ කරන්නට නං භාෂාවක් නැතිවත් ඇහැකිය. (ස්වයං සන්නිවේදනය- ස්වයං වින්දනය වචනයත් එක්ක පටලවා ගත යුතු නැත.) මගේ කල්පනාවේ හැටියට ‘අවම වශයෙන් දවසකට එක වතාවක්වත් ස්වයං සන්නිවේදනය කරන ගොඩේ’ය අප ඉන්නේ.
හිතා බලන්න! කැඩපතක් ඉස්සරහට ගිහිං- අපේ පිළිබිඹුව දිහා බලා අප කරන්නේ, අපටම
යම්කිසි පණිවිඩයක් සන්නිවේදනය කර ගැනීම නොවේද?

ඒකාට සෙනෙහස විමධ්‍යගත කරන්නට පුළුවන්ය. ඒ කිව්වේ එකවර දෙතුන්-දෙනෙකුට වුණත්...

ඉස්සර නං දවසකට දහ-දොළොස් වතාවක්වත් මං වහන්සේත් කන්නාඩිය ඉස්සරහට ගිහිං, ඒ ස්වයං සන්නිවේදනය කර ගත්තා මතකය. දැන් එහෙම කෙරෙන්නේ තට්ටය වැහෙන විදිහට තියෙන කෙස් ගස් ටික ආම්බාං කර ගන්නා වෙලාවට විතරකි. ඒ වෙලාවට කන්නාඩිය අස්සෙන් මට ඔරවන්නේ කවුදෝ නාකි හම්පඩයෙකි. ඒකා දැක ගන්නට මංවත් කැමති නැත.

එහෙව් මගේ වත්මන් රුව පද්මේගේ නෙත ගැටුණොත්...

‘දැන් තමයි ඔයාව දකින්න නැති අඩුව තේරෙන්නෙ. ලියුම් ලියලා පුරුද්දක් මට නැහැනේ. ඒත් මොනා හරි කුරුටු ගාන්න හිතෙන්නෙ. හරි පාලුයි. තව මාස පහක් තියෙනවා නේද?’ එයරෝග්‍රෑම් කොළයක ලියැවුණු කෙටිම - කෙටි ලිපියක පද්මෙ ලියා තිබුණේය. ‘ඔහෙ හොඳයිද. අලුතින් යාළුවො එහෙමත් හම්බ වෙන්නැතිනෙ...”

පද්මෙ එහෙම අහලා තිබුණු ලියුම ආවේ අලුත් යහළුවාගේ; අශාන්ගේ සමුගැනීමත් එක්කමය.

ජීවිතයක හැටි! වෙන කාගේවත් නොවේ... මගේ.
මීට මාස දෙක තුනකට කලින් අශාන් කෙනෙක් මගෙ ජීවිතයට ඇවිත් හිටියේ නැත. එතකොට මගේ රහස් විශ්වයේ  වැඩි ඉඩක් අරගෙන හිටියේ පද්මේය. පහුගිය මාසයේ අශාන් හදිසියේ ඒ ඉඩකඩ අත්පත් කර ගත්තේය; හදිසියේම පිටත්ව ගියේය. උදාවෙන හෙට දවසේ කවරෙකු එතැනට පැමිණේවිද?

නිමල් දිසානායකගේ එක ගතියක් ගැන මෙතනදී කියන්නට වෙයි.
ඒකාට ‘සෙනෙහස’ විමධ්‍යගත කරන්නට පුළුවන්ය. ඒ කිව්වේ එකවර දෙතුන්-දෙනෙකුට වුණත් සෙනෙහස; ආදරය පුදන්නට හැකිය. (එහෙම කොහොමදැයි ඔබ අසන්නට ඉඩ තිබේ. මට දිය හැකි තාර්කික උත්තරයක් නැති විත්තිය කනගාටුවෙන් වුණත් කිව යුතුය.)

‘තිස් එකේදී - 12comment එකක්...’ පෝස්ටුවට කමෙන්ටුවක් එවන Unknown රසිකයෙකු කියන්නේ
‘නිදි මෙහෙමයි වැඩේ, ආදරය කියන්නෙම අතාර්කික දෙයක්. ඒත් ඒක අස්සෙ තර්ක කර කර ප්‍රශ්න අහ අහා බුද්ධිමත් බවක් පෙන්නීමට යාම මෝඩකමක්.

කොටින්ම ඕනෙම දේක හැබෑ ලස්සන පේන්නෙ ඒක ඒ තියෙන ස්වභාවයෙන්ම විඳිද්දි මිසක් කෙස් පැලෙන මෝඩ තර්කවලින් නෙවෙයි.

ආදරය ලස්සනම තාර්කික නොවුණු තරමට. ප්‍රශ්න කිරීම් අඩුවුණු තරමට, මෝඩ තර්ක කිරීම් හා මෝඩ ප්‍රශ්න කිරීම්වල ඇත්තේම ආදරණීයව අනාගතයට මුහුණ දීමට ඇති බියගුළු බවයි.

ජීවිතයේ දී ඉතා ම තාර්කික පුද්ගලයන් බොහෝ වෙලාවට ආදරයේ දී අන්තිම අසාර්ථක වන බව මම ඇස් පනාපිට ම දැක තිබෙනවා.
ඒක එහෙම වෙන්න හේතුව මොකක්ද කියන එක තරමක් ගැඹුරින් විමසා බැලිය යුතුයි

මුහුදේ නානකොට අප වින්දනය කරන්නේ මේ අතාර්කික බවයි. මේ යටපත්...

සාමාන්‍යයෙන් තාර්කික පුද්ගලයන් ජීවිතයේ හැම දෙයක් ම තේරුම් ගැනීම සඳහා මෙවලමක් ලෙස තර්කනය තෝරාගන්න බව...’ ඒ රසික හිතවතාගේ සාරවත් comment එක වචන 597ක් දිගු එකක්. මං ඉහළින් දැම්මේ උපුටා ගත් මුල් වචන 109යි. මෙන්න අවසන් වචන 66ත්...

‘... මුහුදේ නානකොට අප වින්දනය කරන්නේ මේ අතාර්කික බවයි. මේ යටපත් වීමයි. මේ අවිනිශ්චිත බවත් එක්ක සෙල්ලම් කිරීමයි.
මේ අතාර්කික බව වින්දනය කරන්න ඉගෙන ගත් කෙනෙකු ආදරයේ දී තර්කානුකූල වෙන්න මහන්සි වෙන්නේ නැහැ.

ඔවුන් වුවමනාවට වඩා ප්‍රශ්න අහන්නේ නැතිව, ඕනෑවට වඩා බුද්ධිමත් වෙන්න උත්සාහ කරන්නේ නැතිව මුහුදු රළට මොහොතකට තමන් යටපත් කරගන්න ඉඩ හරින්න. Love is driven by feelings and not by the logics or algorithms.’

තවමත් මට හරිහැටි තේරුම් ගන්නට බැරිවී තියෙන්නේ ‘මෙතුවක් කාලයක් තිස්සේ මා ආදරය කර තිබේද?’ කියන එකයි. එහෙම හිතෙන්නේ මා ලිංගික සබඳතා පවත්වා ඇති අභී අයියා, සංජේ, දේමිත්ත, පද්මෙ වැන්නවුන්ටත්- එවන් සමීපවීමක් නොතිබුණු දීඝායු, අශාන් වැන්නවුන්ටත් එක ලෙසින්ම සෙනෙහසින් සිටින්නට මට හැකිවූ බැවිනි.
හැබැයි ඒ සෙනෙහසට ලක් වූවන් ඈත්වී ගියවිට එය (ඉමහත් වේදනාවක් වුවද) ඉවසා දරා ගැනීමටත්; ඉක්මනින්ම යථා තත්ත්වයට පැමිණීමටත් මං වහන්සේට අපූරු හැකියාවක් තිබිණි.

ඒ වතාවෙත් එහෙමය. අශාන්ගේ නික්ම යෑම මට ගෙනාවේ ලොකුම දුකකි. ඒ ශෝකයෙන් ආතුර වෙනවාත් එක්කම මට ලැබුණු පද්මෙගේ ලිපිය අර දුක අකා-මකා දමන්නක් වුණේය.

“... ඔයා මීට කලින් ලියුම් ලියලා නැති වුණත් කමක් නෑ. අකුරු වැරදුණත් කමක් නෑ. පුළුවන් විදිහට මට ලියන්නම ඕනි. ඔයා නොලිව්වත් මම ඔයාට ලියනවා. හැබැයි ඔයාල ගෙදරට නං ලියුම් එවන්න බෑ. කවුරු හරි යාළුවෙකුගේ ඇඩ්‍රස් එකක් හොයල එවන්න, මතක ඇතිව.” මම පද්මෙට කීවෙමි. “ඔයා එහෙම කරනව නේද?”

ලංකාවෙන් එන්නට කලින් මං එහෙම ඇහුවා විතරකුත් නෙවේ. මගේ එංගලන්ත ලිපිනය ලියූ Aerogramme කොළ කිහිපයකුත් පද්මෙට දුන්නෙමි.

(මං හිතන්නේ, වර්තමානයේ ගුවනින් ලිපියක් යවනවාට වඩා අඩු වියදමකින් පිටරටක ඉන්නා අය එක්ක පණිවිඩ හුවමාරු කර ගන්නට හැකිය. නමුත් ලියුම් කරදාසියකින් දැනුණු සමීපකම ඒ ක්‍රමවලින් දැනෙනවා යැයි මොට්ට මට නොසිතෙයි. සේරෝටමත් වඩා මට නං වටින්නේ ලියුමක තිබෙන කල් පැවතීමේ ගුණයයි..!)

මා වෙනුවෙන් බරපතළ රාජකාරියක් කරන්නට උපාලි ජයරත්න හිතවතා එකඟ වී... (ජාතසේ සභාවේ යූ.ඩී. නිශාන්ත කුමාරත්, උපාලි ජයරත්නත්, මාත්...)

මට හිතා බලන්නට වුණු අනෙක් කරුණ වුණේ, මට හිටි මිතුරු මිතුරියන් ගොන්නයි. ‘උඹ එංගලන්තෙට ගියාට කමක් නෑ. අපිටත් එහෙ විස්තර ලියල එවපං!’ ගොඩ දෙනෙක් මට කීවෝහ. එහෙම කරනවා යැයි ඔවුනට මගෙන් පොරොන්දුත් ලැබිණි.

ඒ මා වෙනුවෙන් බරපතළ රාජකාරියක් කරන්නට උපාලි ජයරත්න හිතවතා එකඟ වී සිටි බැවිනි. (ඔයාලාට මීට කලින් උපාලිව හමුවී තිබෙයි. මල්වතු ඔයේ සැඬ පහරට හසුවී ගිලෙන්නට ගිය මේ ලියන්නාව අනුරාධපුර සෞඛ්‍යදාන ඒකකයේ කිරිල්ලී’ විසින් බේරා ගන්නා මොහොතේ එතැන උන්නේ මේ උපාලිය.)

“උපාලි, තරහ නැතිව ඔයා මට ලොකු උදව්වක් කරන්න ඕනි. මං එහාට ගියාට පස්සේ අපේ ගෙදරටයි, යාළුවන්ටයි සේරටම ලියුම් ලියන්න වෙනවනේ...”
“නිමල් අයියට වෙන වැඩක් කර ගන්න වෙලාවක් ඉතුරු වෙන එකක් නෑ, එහෙම කරන්න ගියොත්.”
“එහෙමයි කියල ලියුං නොලියා ඉඳලත් බෑනෙ, උපාලි. ඒකට තමයි මට ඔයාගේ උදව් ඕනිත්. මම හිතුවේ, එක ලියුමක් ලියලා ඔයාට එවන්න. පොදුවේ විස්තර  කියලා... ඔයාට තියෙන්නේ ඒවා foto copy ගහලා එක-එක්කෙනාට තැපැල් කරන්න.”

“ඒක එච්චර හරි නෑ නේද නිමල් අයියේ? නිකං එපා වාහෙට හොදි බෙදනවා වගේ...” උපාලි කිව්වේය.

“ඉන්නවකො මනුස්සයො කියනකල්. ඒ පොදු ලියමන එක්කම එකේක්කෙනාට වෙන වෙනමත් පොඩි- පොඩි ලියුම් කෑලිත් එවන්නයි මම හිතුවේ. ඔයාට පුළුවනිනේ foto කොපි කරපු එව්වත් එක්ක ඒ ලියුං කෑලි අමුණන්න. නැතුව හැමෝටම එහෙ ඉඳලා වෙන-වෙනම ලියුං එවන්න ගියොත්...” මං ඒ සැලසුම ගැහුවේ වියදමත්, කාලයත් දෙකම ඉතිරි කර ගන්නටය.

ලියුම් කවර මිටියකුත්, මුද්දර තොගයකුත්, සල්ලි ටිකකුත් උපාලිට දුන් විට ඒ හාදයා සල්ලි ආපහු දෙන්නත් හැදුවේය. “මම foto කොපි ගහ ගන්නං...”

“හරි! හරි!! තමුසෙත් කමියුනිකේෂන් එකක් දාගත්ත දවසට එහෙම කරනවා. දැනට මේ සල්ලි තියා ගන්නවකො.”
ඒත් උපාලිට, ඒ දවස්වල වැහි වැහලා තිබුණු Communication Centre එකක් දමා ගන්නට උවමනා නොවුණේ ‘ග්‍රාමසේවා නිලධාරි’ තනතුරක් ලැබුණු බැවිනි.
ඒකත් මට වාසනාවට හිටියේය. ‘බිරිඳ’ පත්තරයට නවකතාවක් ලියන මගේ දොළදුක සපුරාලන්නට මඟ පාදා දුන්නේ ‘උපාලිගේ වසමේ වෙසෙන්නියක වුණු
නිලූකා රේඛානි නිළිය’යි!
(ස්තුතියි උපාලි- නිලූකා- ජයන්ත- කීර්ති ඔක්කොමලටම!)

කෝ අදවත් මර්වින් පුතා ලියුමක් එවල නැද්ද?

ඉතිං අරහෙම ලියුම් යැවුණු නිසා, හැම සතියකම මටත් ලංකාවෙන් ලියුම් තුන හතරක් ආවේය. එයින් සමහරක් මම හඬ නඟා කියෙව්වෙමි. (හැම ලියුමක්ම නොවේ! වැඩිහිටියන්ට පනමයි ජාතියේ ලියුමුත් ඉඳහිට ලැබුණනෙ.)

“කෝ අදවත් මර්වින් පුතා ලියුමක් එවල නැද්ද?” සමහර දවසකට අපේ අම්මා මතක් කරලාම ඇසුවාය. එහෙම ඇහුවේ මර්වින්ගේ ලියුම් කියවලා රස වැටුණාමය.
මට නම් ඒ ලියුම්වල රස තවත් වැඩි වෙලා දැනුණේ, මර්වින්ගේ අත් අකුරු නිසාය.

දවස් කීපයක සිටම සෙව්වත් 1985 එංගලන්තයේ හිටිද්දී ලැබුණු ලියුම් මිටිය හොයා ගන්නට ලැබුණේ නැත. 1994 දෙවැනි වතාවට මා එහි ගිය විට මර්වින් එවූ ලිපියක foto කෑල්ලකි උඩින් තියෙන්නේ. පහතින් දමන්නේ ලියුමේ මුල් කොටසයි.

‘කචල් පුරේ සිට.
බු.ව.2513 වු වප් මස තෙවන බුද දින.

සබඳ

“ලෝකෙන් කචල් රට ලංකාවයි, ලංකාවයි අබිලික් ලංකාවයි” ගැටයකු ඔලුවෙන් සිට ගෙන කියනවා මට ඇසේ. වැන්දඹුවෝ රජකමට පොර කෑහ. හැකියාව ඇති වැන්දඹුව රජ විය. කෙහෙවලු අල්ලා නොගෙන සටන නිමවිය. මෙය කාන්තාවන්ගේ සදාචාරාත්මක ගුනය පෙන්නුම් කොට ලොවට ආදර්ශයක් දී ඇත.

හැට පැන්න දෙනවක හාමිනේ සයිස් සුදියක් හමු වුණොත් ට්‍රයි එකක් දාල...

දැන් අපට ප්‍රොබ්ලමයක් නැත. 3.50 හට ගල් පන්* (මෙතැන පයන්නට ා එකතු කරන්නට මර්වින්ට අමතක වෙලාය!) ඇත. එය පොගවා කෑමට පරිප්පු හැලි ගනන් ඇත. මිනිසුන් කිරි නැතිව පැණි කෑමට පටන් ගෙන ඇත්තේය. ඉන් මත්වන දිනය වැඩි ඈතක නැතිවාසේය. ප්‍රභාකරන් අගමැති වුවත් පුදුම නැත.

චන්ද්‍රිකා රූපවාහිනියෙන් නිකුත් කරන ලද පුවත් මින් නිමයි...

... ඔබ සතුටින් සිටින බව ඇසීමද සතුටකි. හැට පැන්න දෙනවක හාමිනේ සයිස් සුදියක් හමුවුනොත් ට්‍රයි එකක් දාල බැලුවොත් නරකද. අඩු ගානේ නානකොට පිට අතුල්ල ගන්නවත් කෙනෙක් ඉන්න එපැයි.

ඔබ අපේ කස්ටිය ගැන අසා තිබුනා මතකයි.
1. නෙවිල්:- දඩාවතේ යන බල්ලෙකු වැනිය.
2.
කුමුදු:-  දාහට අරං නිකංම දුන්නාසේය....”
à ඊළඟ කොටසට...

34 comments:

  1. අර ලංකාවෙ ඩිමෙන්ෂියා තත්ත්වය ගැන ලියපු එක හොඳයි. ඒත් ඊට පස්සෙ ගහපු වංගුවෙදි ......😉

    ReplyDelete
    Replies

    1. ලිස්සන්ශියා තත්වයට සිලෙක්ටිව් මෙමරි ලොස්

      Delete
    2. ඇන්නෑවේ! කිව්වත් වගේ සිලෙක්ටිව් මෙමරි ලොස් මටත් තියනවා නෙව? ඩිමෙන්ෂියාවල මූලික ලක්ෂණ වත්දෑ? අවුලක් නෑ, මෙහෙ බඩු හෑව්🤔
      https://globalnews.ca/news/9669253/mississauga-sodium-nitrate-arrest/

      Delete
    3. අපරාදෙ මිසිසෝගා ගියේ,
      අඹතලේ නාන තැනට තව පාරක් ගියානම් කර ගන්න තිබුනා ඉක්මනට

      Delete
    4. ඔක්කොමලටම ස්තුතියි කියන එකත් ඔබතුමන්ලගේ සංවාදයට බාධාවක් නේද?

      Delete
    5. අහා පොටෝකොපි මැතඩ් එක. 😉😂

      Delete
    6. බස්සා මහත්තයෝ. // ඊට පස්සෙ ගහපු වංගුවෙදි ......// කිව්වේ මක්කැයි?

      Delete
    7. ඩිමෙන්ෂියා තත්ත්ව ගැන උනන්දුවෙන් කියව ගෙන යනකොට, ට්‍රැක් එක පැනල වෙන පාරක යනවා වගේ දැණුන එකට තමා වංගුව කිව්වෙ. රවි ඕකට කියන්නෙ පඳුරු තලනවා කියලයි. ඒකත් සමහරුන්ට වෙනමම ආතල එකක්. ඔය මං කට කහනවට කියන එව්වා එච්චර ගණන් ගන්න එපා. නිදි ඔය ලියන විදිහට ලියන්න.

      Delete
    8. ස්තුතියි... මම මේ හිමිදිරියේ ඔයාලට උත්තර ලියන ගමන්.

      Delete
  2. රට ගියපු තමංගෙ කවුරුහරිගෙන් ලියුමක් හම්බවෙනවයි කියන්නෙ ඒ දවස්වල ලොකු මෙව්ව එකක්.

    ReplyDelete
    Replies
    1. මෙව්වා එකක් කිව්වෙ බිත්තරයක්, ටෝච් පාරක් වගේද?

      Delete
    2. ගොඩකවෙල... ලොකු පර්සාන්ගයක් තිව්නයි කියල කියන්නෙ හිටං

      Delete
    3. @බස්සා, මට හිතුන ඔහේ ඕක අහයි කියල. ඒ වෙලාවෙම ඒගැන දාන්නත් හදල නිකා හිටිය. හැක්..

      @නමි, ආයෙ මොනවද ගොඩකවෙල දැං වෙලවල් දෙකක්ම තියෙනව.

      Delete
    4. ඔක්කොමලටම ස්තුතියි කියන එකත් ඔබතුමන්ලගේ සංවාදයට බාධාවක් නේද?

      Delete
  3. දීර්ඝායුෂ සම්පත්තියක් කියලයි ඉස්සර හිතුවෙ. පස්සෙ මේ ඩිමෙන්ෂියා ගැන කණගාටුදායක ලිපි කීපයක් කියෙව්වාම හිතුනා දීර්ඝායුෂ සඳහා නොවටිනා ඉහල මිලක් ගෙවන්න වෙනවදෝ කියලත්.😮🤔

    ReplyDelete
    Replies
    1. ඇත්තටම බස්සා මහත්තයෝ, සොබා දහමට නොවන අවනත අපට විතරද මේ නස්පැත්ති?

      Delete
  4. මර්වින් ලොක්කාගේ මරු ලියවිල්ලක්නේ බ්ලොග් එකක් හදලා දුන්නොත් නරකද?
    කොළොම්පුරේ අසංග

    ReplyDelete
    Replies
    1. අසංග මහත්තයෝ, ඔයාම ඔය ය්ජනාව අර්වින් ලොක්කට කියන්නකො- දැන් උන්නැහේ ඔයාගෙත් මිතුරෙක්නේ. මටත් blog එක හදල දුන්නු අකලංක නං දැන් ලංකාවේ නෑ. වෙන කාගෙ හරි උදව්ව තමයි ගන්න වෙන්නේ.

      මගෙනුත් අර යෝජනාවට කෑල්ලක් දාන්න, කියනකොට. Blog එක බණ- පිරිත්- දෙවි දේවතා- බ්‍රහ්ම දිව්‍ය ලෝක වගේ දේවල් ගැන ලියමුද අහන්න.

      Delete
  5. foto copy ගහලා එක-එක්කෙනාට තැපැල් කරන්න// මේක තියන්න වටින්නෙ නැහැනෙ. ඒ අස්සෙ ශේප්වෙන්නලත් එක්ක පොඩි ලියුං කෑල්ලක් අත්අකුරින් යවල හිටං 😂 (කී දෙනෙක්ට කියල ලියන්නද නෙ ඉතීම්)

    ReplyDelete
    Replies
    1. කියන්න බැරි වුණා නමී.
      එක විශ්වයක ඉන්න අයට විතරයි ඔහොම පොදු- විවෘත foto කොපි ලියම් යැවීම උපාලිට බාර දුන්නේ.

      මගේ අත් අකුරෙන් ලියපු පොඩි ලියුම් කෑල්ලේ අදහස ගත්තේ තජක අත්දැකීමකින්.
      1980 විතර ලාල් හේවාපතිරණ මහතාගේ අදහසකින් පාසල් සිසුන් 25,000කගේ සහභාගිත්වයෙන් 'අපේ ගම අධ්‍යයනය කරමු' කියලා හෙණ project එකක් කෙරුණා.
      ඒ ලමයින්ට ලියුම් යවද්දී ලියුම් කවරවල ලිපින අත් අකුරින්ම ලියෙව්වා. 'එතකොට ලියුම ලැබෙන කෙනා ලියුම අතට ගන්නකොටම එයාට දැනෙනවා පොඩි පෞද්ගලික හැඟීමක්.' ලාල් අයියා අපට කියා දුන්න.

      Delete
  6. ශ්‍රී ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේ සදානුස්මරණීය නායකත්වය දරන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය එදා සිට අද දක්වා මහ මගට බැස දිනා ගත් සිසු අයිතීන් බොහෝ ය. ඊට අමතරව දේශපාලනික සටන් වලින් සම්පූර්ණයෙන්ම ජනතාව ජයග්‍රහණය අත් කර ගැනීම සඳහා මෙහෙයවූ ආකාරය ගෝටාගෝ අරගලය හරහා රටම දැක ගත් අයුරු ඔබටද පැහැදිලි බවත් අප දනිමු. ලංකාවේ පාලනය බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින අමන තක්කඩි පල් හොර මිනීමරු පාලක පන්තියෙන් නිර්ධය ලෙස බැට කෑ ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය සැමදා තම වටිනා අධ්‍යාපන අයිතිය පාලකයන්ගේ අත්තනෝමතික තීරණවලට එරෙහිව වටිනා සිසු දිවි ගණනාවක් පුදා තහවුරු කර ගත්තේ දේශන ශාලාවෙන් පිටතට පැමිණ වැඩි කාලයක් මහ මගට බැස ජීවිත පරිත්‍යාගයෙන් සටන් කිරීමෙන්ම පමණකි.

    අන්තරයත්, මහ මගත්, නිදහස් අධ්‍යාපනයත් අතර එදා සිටම පැවතියේ නොබැඳි සබඳතාවයකි. අප සිසු විරුවන් මහ මගට එළඹ තමන්ගේත්, සුවහසක් අනාගත පරපුරෙත් අධ්‍යාපන අයිතිය වෙනුවෙන් සටන් කරද්දී, තම මග තොට ප්‍රමාදය පිලිබඳ කිසිදු තැකීමක් නොකළ දසදහස් ගණන් මව්පිය සහෝදර සහෝදරියන් විසින් ලබා දුන් සහයෝගය, අපට හුදෙක් කැටයකට දැමූ කාසියකට පමණක් සීමා වූයේ නැත.

    නමුත් අද සිදුව ඇත්තේ කුමක් ද? කලකට පෙර මෙරට පාලක පන්තියව සිට බලයෙන් පහ වූ දැන් විපක්ෂය කියා ගන්නා කාලකන්නි පාහරයන් පිරිසක් විසින් අපට හිමි මහ මග අවුරා, මහ මගට බැස අහිංසක අධ්‍යාපන අයිතිය දිනාගත් අපගේ වේදිකාව තූ තූ කොට කෙලෙසා ඇත. සුරා සොඩුන් බමන මතින් කැරකෙමින් බල කාමයෙන් ඔද්දල්වී ගොස් අහිමි වී ගිය බලය නැවත සොයා ගැනුමට මෙලෙස මහ මගට බැස ඇත්තේ 'පාද යාත්‍රා' යන නමින් ය. මහ ජනයා මහ මග තණකොළ මිටි එල්ලමින්, යුක්තිය සාධාරණත්වය ඉල්ලූ වරදට වෙඩි කෑ නිර්ධන පන්තියේ අසරණ ජනයා හූහඬින් සංග්‍රහ කරමින් එකී පාදඩයන්ගේ යාත්‍රාවට නිසි පිළිතුරු ලබා දී ඇත.

    නමුත් අවසාන වශයෙන් සිදුව ඇත්තේ, තම අධ්‍යාපන අයිතිය තහවුරු කරගැනීමට අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයට තෝතැන්නක් වූ මහ මග නම් වේදිකාව මේ අමනයන් විසින් කෙලෙසා තිබීමය.

    අම්මේ තාත්තේ අයියේ අක්කේ නංගියේ මල්ලියේ, කලින් කලට පුටු මාරු කරගත් පාලක පන්තියේ පාදඩයන් අපගේ වේදිකාව කෙලෙසුවාට සමාවන්න. ඔබේත් අපේත් ඔබේ අනාගත දරුවාගේත් අධ්‍යාපන අයිතිය වෙනුවෙන් අප නැවත මහ මගට බසින මීළඟ දිනයේදීත් ඔබගේ ගමනට සිදු වන සුළු ප්‍රමාදය නොසලකා ඔබගේ සහයෝගය අපට අනිවාර්යයෙන්ම ලබා දෙන්න. එය අප වෙනුවෙන් නොව ඔබ හා ඔබේ සහෘද පිරිස සහ අනාගත පරපුර වෙනුවෙන් අද කරන්නාවූ මහත් වූ මෙහෙවරක් බව තේරුම් ගන්න. අපගේ මූලිකත්වයෙන් බිහිවුණු ගෝල්පේස් ගෝටාගෝ අරගලය කළ කාලේ වගේ අපට ලබාදුන් අතිවිශිෂ්ට වූ සහාය නැවතත් සුපුරුදු පරිදි අත්‍යවශ්‍ය වී ඇති බව ඔබට මතක්කරදෙන්නට ඕන බවත් අවධාරණය කර සිටිමු.

    - අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය

    ReplyDelete
  7. මේක ගැම්මට ලියාල තියෙනවා. ඔය ඩිමෙන්ෂියා ලෙඩේට ජර්මනියේත් සෑහෙන්න තියෙන නිසා ඒ ගොල්ලෝ නොයෙකුත් ප්‍රහේලිකා කරනවා වෙහෙසන්න. එතකොට හැදෙන එක පමා වෙනවලු. බිරින්දෑ සුඩෝකු පොත් අරන් කරනවා. තව නොයෙකුත් ව්‍යායාම කරන මොලය වෙහෙසන්න. යෝගා ද ඇතුළුව. මම නම් ඉතින් ඒ වගේ දේවල් කොහොමත් කරනවා. නමුත් බොහෝ විට නිදි මැරීම, ව්‍යායාම අඩු කම, මොළය භාවිතා කිරීම අඩු වීම ඕක හැදෙන්න හේතු කියලත් කියනව. Dementia වැඩිම අරාබි රටවල කියල කියන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔය අසනීපෙට බෙහෙත් තියෙනවද අජිත් මහත්තයෝ?
      ලෙඩේ හැදෙන එක පමා කරන්න මිසක් ලෙඩේ සුව කරන්න බැහැයි කියලා නේද කියන්නේ?
      බ්ලොග් ලිවීමට මොළය වෙහෙසවන එකේ වාසිදායක අතුරු ප්‍රතිඵලයක් අපටත් නිකම්ම ලැබෙනවා නේද... යුරෝපාකරයේ අයට ඩිමෙන්ෂියා හැදෙන්න එක හේතුවක්ය කියලා කාලෙකට ඉස්සර කියවුණා, කහ ආහාරයට නොගැනීම. ඒ මතය නං දැන් බොරු වෙලා වගෙයි. ආසියාකරයේත් මේ ලෙඩේ තියෙන විදිහ බැලුවාම.

      Delete
    2. මට හිතෙන්නේ, අජිත් තමයි වැදගත්ම විස්තර ටික ලියලා තියෙන්නෙ. ස්තූතියි

      Delete
    3. ඇක්ටිව් වෙලා ඉන්න කියලනේ කියන්නේ. අම්මලා තාත්තල වයසට යනකොට ගෙදර වැඩ කරන එක නවත්වන්න හොඳ නැහැ. පත්තර පොත් කියවන එක, අඩුම ගානේ අර අවුරදු ක්‍රීඩා හරි කරවන්න ඕනේ. දාම් ඇදීම වගේ. මට කවුද කීව මුකුණුවැන්න, ගොටුකොල, තව මෙහෙ තියන රොකට් , කොරියන්ඩර් කොළ සලාද කෑම වැඩි කරන්න ඕනේ කියල. මම නම් කියන්නේ ක්‍රියාකාරී වෙන එක තම හොඳම කියල.

      Delete
    4. 100%ක්ම එකඟයි.
      මං කාලෙකට කලින් ලිව්වනේ අර ලාවතී අක්කා ගැන. ගෙයක් කුලියට දීලත් හිඟා කන. අර එයාගේ ගේ ගිනි ගත්තම බාගෙට පිච්චුනු පන්දාහෙ නෝට්ටුත් හම්බ වුණේ..
      https://nidigepanchathanthare.blogspot.com/2021/05/blog-post_24.html
      .
      දැන් එයා යන්නෙ හැරමිටි දෙකක උදව්වෙන්. ඒත් හිඟා කන්න ඇක්ටිව්! ඒ දවස්වල එයාගේ පිඟානෙන් බාගයක්ම තිබ්බේ කොළ ජාතිලු.

      Delete
  8. කියෙව්වා , පරණ කථා මතක් කරකර ලියන නිසා නිදීට ඩිමෙන්ශියා හැදීමේ අවදානමක් නැතිවෙයි.

    ReplyDelete
  9. මෙච්චර හැන්ඩ්සම් නිමල්ට වයසක අය සෙට් කරන්න හදන්නෙ.. යාලුවන්ට පිස්සුද. හැබැයි ඉතින් මේ රටවල වයසක අය තමයි තරුන ගෑනු ලමයින්ටත් වඩා හොදට ඇදුම් ඇදලා, styles කරලා ඉන්නෙ.

    "ඒ කිව්වේ එකවර දෙතුන්-දෙනෙකුට වුණත් සෙනෙහස; ආදරය පුදන්නට හැකිය". මම නම් හිතන්නෙ ආදරේ දෙන්න පුලුවන්, commitment එක දෙන්න තමයි බැරි. ආදරේ සම්පූර්න වෙන්න ඒ ඔක්කොම ඕනෙනෙ

    ReplyDelete
    Replies
    1. Commitment මම යන්තම්වත් නොහිතපු දෙයක්... ඔව්නේ, එක සැරේ දෙතුන් දෙනෙක් වෙනුවෙන් කැප වෙන්න ගියොත්...
      ස්තුතියි Lotus.

      Delete
  10. "ඒ මිනිස්සුන්ට පුළුවන්ලු ගුවන් යානයක් ක්ෂිතිජයේ පෙනෙන්නට පටන් ගන්නත් කලින්, ඒ බව දැන ගන්න...” Intuition/ third eye දියුනු කරගෙනද. අපි ඔක්කොටම ඒක තරමක් දුරට තියෙනවනේද.

    “ඉතිං මහත්තයෝ, ලියමුකො- ඔය දේවල් ගැන.” අපරාදෙනෙ ලියන්නෙ නැත්තෙ.

    ReplyDelete
    Replies
    1. අයස්මන්ත මහතා රත්නපුරේට ගියාට පස්සේම මොකුත් ලිව්වේ නෑ. ව්වේකය නැහැලු.
      අර ගෝත්‍රිකයන් ගැන link එක එවන්නන් කිව්වට තවම ඒක එව්වෙත් නෑ ඒ මහත්තයා. Lotus, ඉතිං කොහෙද දිගට ලියවන්නේ.

      Delete
  11. ජීවිතයේ විවිධ කාලවලදී මුනගැසී වෙන්වී යන සමහර අය ජීවිත කාලය පුරාවටම සෙවනැල්ලක් සේ මතකයේ ඉතිරි වෙනවා!

    ReplyDelete
    Replies
    1. හැබෑම සත්‍යයක් තට්ටයා මහත්තයෝ!
      ස්තුතියි!!

      Delete