අකුරු මැකී නෑ

Sunday, May 7, 2023

තිස් එකේදී... -පහළොස්වෙනි කොටස

‘... ඔබ සතුටින් සිටින බව ඇසීමද සතුටකි. හැට පැන්න දෙනවක හාමිනේ සයිස් සුදියක් හමුවුනොත් ට්‍රයි එකක් දාල බැලුවොත් නරකද. අඩු ගානේ නානකොට පිට අතුල්ල ගන්නවත් කෙනෙක් ඉන්න එපැයි.

ඔබ අපේ කස්ටිය ගැන අසා තිබුනා මතකයි.
1. නෙවිල්:- දඩාවතේ යන බල්ලෙකු වැනිය.
2. කුමුදු:-
දාහට අරං නිකංම දුන්නාසේය...’
පසුගිය කොටස අවසන් කළේ මර්වින් බොතේජු හිතවතාගෙ ලිපියේ මුල් හරියෙන් ටිකක් උපුටන ගමන්. ඔයාලා හිතුවේ අද ඒ ලියුමෙන් තව කොටසක් කියවන්න නේද?
Very සොරි හොඳේ!

2023 මැයි පළමුවෙනිදා රැලියකදී භූමි හරේන්ද්‍රන් සංක්‍රාන්ති ලිංගික සැත්කමකට මුහුණ දුන් කාන්තාවක ලෙස...

1,2 වගේම 3,4,5,6...වගේ තව ගොඩ දෙනෙක් ගැන විස්තර වාර්තා මර්වින් ඒ ලියුමෙන් සපයල තිබුණා තමයි. ඒත් රත්තරනේ, ඒ ලියුම සම්පූර්ණයෙන්ම පළ කළොතින් බඩුම තමා; නඩු වැටෙනවාමයි අපහාස චෝදනාව යටතේ- අපි දෙන්නටම.

ඒ නිසා රජෝ, ඔන්න ඒ වැඩේ එතැනින්ම ‘කොලොස්’ කරමු; අපේ පාර්ලිමේන්තුවේ සමහර යෝජනා හෙම හමස් පෙටියට දානවා වගේ කරලා!

ඉතිං මර්වින්ලා එහෙම එංගලන්තෙට එවාපු අර ලියුම්වලට උත්තර ලියන්න තියෙන දවස්වලට, ඒ රාජකාරිය කෙරුණේ මහ පාන්දරය. නැතත්, මට උදෙන් නැඟිටින්නට ඕනිය. ලියුං ලියන්නට නැති දවසට මං කළේ ‘ඉංග්‍රීසියෙන් අතිශය පෞද්ගලික ලියුමක් ලියන්නට අභ්‍යාස කිරීම’යි. මගේ ‘අභිප්‍රාය’ට යන පාර තියෙන්නේ ඒ ඔස්සේය.
මතකයි නේද? මගෙ අභිප්‍රාය...
(මං ඉපදෙනකොටම ලැබිලා තිබුණු) ‘පරම්පරා කුට්ටමට ආයුබෝවන් කියන සැත්කම’ එංගලන්තයේ ශල්‍ය වෛද්‍යවරුන් ලවා කරවා ගැනිල්ල...

එහෙම වැඩක් හිතන පළියටම කෙරෙන්නෙ නැහැනෙ. හිතේ තියෙන දේ කොහෙන් හරි ක්‍රියාවට නැඟෙන්නත් ඕනිනේ. ඒ හින්දම තමයි මුල පටන් ගන්න හිතුවේ, අපේ ගෙදරින්... ඩැඩා එක්ක කතා කරලා.

ඒ දවස්වල; 1985 ඔය විස්තර අපේ ඩැඩා එක්ක මුහුණ බලාගෙන කතා කරන්න තරමට මට guts තිබ්බේ නෑ; හයියක් තිබ්බෙත් නෑ. ඒක තමයි මට තිබ්බ ලොකුම ප්‍රශ්නෙ. ඉස්සෙල්ලාම ලජ්ජාව. ඒකට විසඳුම නිදිගෙ උප විඥානයම යෝජනා කළා. ‘යකෝ, කතා කරනවට වැඩිය ලේසියි ලියුමකින් කියහං. එතකොට ඩැඩා හරස් ප්‍රශ්න වුණත් අහන්නේ ලියුම එහෙම පිටින්ම කියවල ඉවර වෙලානේ.’

ඒ වගේ සංකීර්ණ කාරණයක් ඩැඩා එක්ක නිවැරදිව සන්නිවේදනය කරන්න නං හොඳට ‘කඩුව වැනීමේ හැකියාව’ තියෙන්නම ඕනි! මට ඒ හපන්කමත් තිබ්බ එකක්යැ...
ඒ ඒ කාලේ. අද වගේ නං ඒවා nothing! ඒ කිව්වේ ඉංග්‍රීසි ගැන නෙවෙයි, හොඳේ. ට්‍රාන්ස්ජෙන්ඩර් කාරණාව ගැන.

2023 මැයි පළමුවෙනිදා රැලියකදී භූමි හරේන්ද්‍රන් සංක්‍රාන්ති ලිංගික සැත්කමකට මුහුණ දුන් කාන්තාවක ලෙස ප්‍රසිද්ධ වේදිකාවකට නැඟලා අපූරු කතාවකුත් ඉතා සාර්ථකව කළා.
එහෙම හිතනකොට නං මට නිකම්ම කියවෙන්නේ ‘කාලය මැවු වෙනසක අරුමේ’ කියලයි.

ඉතිං මගේ ඒ project එක ඉස්සරහට ඇදුණේ ඉබි ගමනෙනි.
ඒ අස්සේය, ඩැඩා මට කතා කළේ. “නිමොල්, let’s go tomorrow - මම අර කිව්ව යාළුවාව මුණ ගැහෙන්න.”

මේ වැඩේ එච්චර ලොකු දෙයක් නෙවෙයි කියලා...

ඩැඩාගේ ඒ යහළුවා හිටියේ තට්ටු නිවාසයකය. බස් දෙකකින් ගිහිං, ටික දුරක් පයිනුත් ගිහින්ය එහාට යන්නට තිබ්බේ. “මට උඹව කාර් එකෙන්ම එක්ක එන්න තිබ්බා. ඒත් නිමොල්, උඹට වැඩේ කරලා දෙන්න එන්න වෙන්නේ තනියෙන්මනේ. පේනවනෙ අනිල්. දැන් මිනිහ අවුලක් නැතිව දිගටම වැඩට යන්නෙ තනියම... හොඳට බලා ගනිං- බස් එක ගන්න තැනුයි බහින තැනුයි.” ගමන පටන් ගනිද්දීම ඩැඩා මට කීවේය.

“සැසිල් කිව්වා නිමොල්ට මේ වැඩේ එච්චර ලොකු දෙයක් නෙවෙයි කියලා. උඹ ලංකාවේ ඉද්දී සෝෆා covers මහලා පුරුදුයිද?” ඩැඩාගේ මිත්‍රයා සෝෆාවක් හා පුටු දෙකක්ද කොහෙද පෙන්නමින් ඇසුවේය.
මං හිටියේ බිරන්තට්ටු වෙලාය!

කතිර මැහුම්, ස්මොක් කිරීම්, මල් සැරසිලි මැසීම් වගේ දේවල් නම් මා සීරුවට කර තිබුණු බව හැබෑය. බතික් කරන කාලයේ සරොම් එහෙමත් දෙමූට්ටු කළත්... මෙහෙම- මෙච්චර දෙයක්?

කොටින්ම කිව්වොත්- මිනුමක් අරං, සැලසුමක් ඇතිව ඇඳුමක් කැඩුමක් කපලා මහන හැටි ගැන මෙලෝ හසරක් මං දැනගෙන හිටියේ නැත. ඒ නිසා උගුර-කට වේළී, මුක පූට්ටුවී කට උත්තර නැතිව හිටිද්දී- මගේ වෙනුවට ඩැඩාම උත්තර දුන්නේය. ඒකත් මහා ආඩම්බර tone එකකින්, මෝල් ගහක් ගිල්ල පිඹුරෙකු වාගේ ඔළුව එහෙමත් කෙළින් තියාගෙනය.

“Mind my words!”

මිත්තරයා ඩැඩාට හපන්ය. කියන්නත් කලින් ඒ මනුස්සයා සැසිල් ෆ්‍රෙඩ්රික් ශ්‍රෝඩර් උන්නැහෙගේ වචන හිස් මුඳුනෙන්ම පිළිගෙන ඉවර වෙලාය.
මං එහෙම කිව්වේ නිකංම නොවේ. අපි එහාට යන්නටත් කලින් ඒ 100%ක්ම British මානුස්ස පුත්‍රයා සේද රෙදි* කවිච්චියක්ම; රෙදි රෝලක්ම අරගෙන ඇවිත්ය. මහන මැෂිමක්, කතුරු, නූල් අඩුවැඩිය සේරමත් සූදානං කරලාය; මෙෂරින් ටේප් එකක්, කොළ කිහිපයක්, පෑන්, පැන්සල් එහෙමත් ready කර තියලාය.

“වැඩේට ඕනි කරන සේරම සූදානං. නිමොල් අද ඉඳලම job එක පටන් ගන්නවද?”
“Not now my dear friend. නිමොල් හෙට එයි. එහෙම හොඳයි නේද?” අපේ ඩැඩා ආයෙමත් මැදිහත් වුණේය.

“නිමොල්ට අපේ ඇක්සන්ට් එක අමුතුයි යාළු. ඒකයි මමම මැදිහත් වෙන්නේ. හෙට ඉඳලා නිමොල් ආවම උඹ එයාට කියන දෙයක් හෙමිහිට කියපං... නිමොල්, Don’t be shy! මොනම දෙයක් වුණත් මෙයාගෙන් අහගනින් ලජ්ජා නොවී...” ඩැඩා එතැනදීම යහළුවාටත්, මටත් කිව්වේය.
ඒක සුද්දන්ගේ ගතියයි. එක සැරේම; කෙලින්ම අහන්නට තියෙන දේ ඇසීමත්, කියන්නට තියෙන දේ කීමත්...

ඉවර කරන්න පටන් ගෙන ඉන්න එපැයි!

“එතකොට මගෙ friend, හෙට ඉඳල දවස් කීපය උඹ මගේ මේ අහිංසක step sonව හාමත් කරන්නේ නෑ නේද?” ඩැඩා ඊළඟට ඇහුවේ විහිළුවක් කරනවා වගේ. “... සෆර් එකට නං මිනිහ ගෙදරට එයිනේ.”

“උඹ හිතන්නේ මම අමනුස්සයෙක් කියලද? By the way Cecil, උඹත් වරෙන්කො නිමොල් එක්ක, please. එයා මේ වැඩේ කරනකල් අපි දෙන්නට chat එකක් දාගෙන...”

යහළුවාගේ ආරාධනය ඩැඩා පිළිගත්තේ නැත.

අප දෙන්නා ගෙදර එනතුරු අම්මා ඉවසිල්ලක් නැතිවය, ඉඳල තිබ්බේ.
“ඕකද මෙයා මේ තරං හංග-හංගා වරුණා කර කර හිටිය මහ ලොකු වැඩේ? කෙහෙල්මල! සැසිල්ගේ යාළුවොත් ඔක්කොම ඩැඩා වගේම බංකොලොත්කාරයෝ තමයි... කොයිකටත් ඔයා ගණනක් එහෙම කතා කර ගත්තද රංජි.”

“ගණනක්! අම්ම මේ බණ කතා කරනවා. මම තවමත් කල්පනා කරන්නේ ඒ මඟුල මට කර ගන්න පුළුවන්ද කියලා.”

“මාස ගාණකට කලින් ඔය වැඩේ වෙන්න ඕනි, මේ උන්නැහේ මටත් පංගාර්තු කරන්න හැදුවේ. මට කොහෙද වෙලාවක්... ඔය කෙහෙල්මල් මහනවට වැඩිය වාසියි තව ලෙඩෙක්ව හරි බලා ගන්න තියෙනව නං. ඔයාට වුණත්...
කොහෙද, ඉන්න තරමක් ලෙඩ්ඩු ඉන්නේ නර්ස්ලවම හොයන අයනේ...
කමක් නෑ. ඔයා ඔය වැඩේ ඉවර කරන්නකො බලන්න...”

“ඉවර කරන්න පටන් ගෙන ඉන්න එපැයි, අම්මෙ.”
මේ මට පැවරී තියෙන රාජකාරියත් ‘පර්සියස්ට කරන්නට වුණු කන්නාඩියෙන් බලලා මෙඩූසාගේ බෙල්ල කපන වැඩේ’ තරමටම අමාරුවටය මට දැනුණේ.

“මෝඩයා වෙන්න එපා, රංජි. ඕක මහ ලොකු වැඩක් නෙවෙයි. ඒ මිනිහා රෙදි පීස් එකක්ම ගෙනත් තියෙනවයි කියන්නෙ- මිනිහට මොකුත් තේරෙන්නෙ නැහැ කියන එකනෙ. බය නැතුව අත ගහන්න. මෙහෙ ගිනි ගණනක් ගෙවන්න වෙන වැඩක් තමයි, ඒ මිනිහා තුට්ටු දෙකට ඔයා ලවා කරව ගන්න හදන්නේ. එංගලන්තේ සෙටි කවර වගේ එව්ව නිතරම ගලව ගලවා හෝදනවා නෙවෙයිනෙ. Dust කරනවා විතරනෙ...
කවර මහලා ඇදකුද තිබ්බොත්, ඇදල කරලා නොපෙනෙන විදිහට අතින් නූල් ඇදලා සෙල්ලමක් දාන්න.”

අම්මා එහෙම කියද්දී නං මට මතක් වුණේ, අම්මලා කෙල්ල කාලේ ඇඳුම් මහ ගත්තාය කී විදිහයි. එයාලට රෙදි කපන්නට කතුරුවත් තිබිලා නැත. ‘අපි රෙදි කැපුවේ මන්නෙන්.’

ඒ පුරුද්ද නිසාදෝ අපේ අම්මා අපට මැසූ ඕනෑම ඇඳුමක අඩුපාඩු තිබුණේය. පුදුමය කියන්නේ බම්බලපිටියේ ‘යෝගා’ මිසීගෙන් පටන් ගෙන කුරුඳුවත්තේ ඊවා සේනානායක- එංගලන්තයේ තිරීස් මිසී වැනි සෑහෙන දෙනෙකු satisfy වෙන විදිහට අපේ අම්මා ඔවුනගේ ඇඳුම් මැසීමය!

මම තවමත් කල්පනා කරන්නේ ඒ මඟුල මට කර ගන්න පුළුවන්ද කියලා.

“ඒක ඔයාලට මහනවා වගෙ කලබලේට කරනවයැ? සාරි හැට්ටයක් වගේ දේකට කොච්චර වෙලාව ගත්තත් කමක් නෑ. නූල් ඇදලා; අතේ මහලා- ඇඟට දාලා බලල ඉවර වෙලානේ මැෂිමෙන් මහන්නේ. ඒකයි ඊවා හාමුලට හැට්ට මහගන්න මාව නැතිවම බැරි වුණේ.” අම්මාම අපට කියා තිබිණි.

“... ඒ වගේ කරන්න. ඔක්කොම කෑලි ටික එක සැරේ කපන්න එපා. කප කපා අතින් නූල් ඇදලා බලලා ඊට පස්සේ මහන්න.”

“සේරෝටම වැඩිය හපන්ය කියන්නෙ අම්මෙ, ඒ මඟුල් සෝෆා set එකේ තියෙන වැඩ කෑලි ටික. අරහෙන් මෙහෙන් බෝරිච්චි, රැලි පටි...”
මේ post එක ලියන අතරේ මං Sofa කියලාත් Old Fashioned Sofa කියලාත් අන්තර්ජාලය පුරා හෙව්වේ ඊට කිට්ටු සෝෆාවකවත් foto එකක් තියෙද කියලාය. ම්හු! මං හිතන්නේ ඒ පුටු කට්ටලය ඇන්ටික්; පෞරාණික බඩුවක් වෙන්නට ඇති බවයි.

උඩින් යොදා තියෙන සෝෆාවේ පින්තූරය, එහෙම හොයද්දී මට හමු වුණු එකකි. ඒ ෆොටෝවේ විදිහටම අර පුටුව දෙපැත්තේත් කොරවක් ඇඳි දෙක තිබුණු විත්තිය මට හොඳටම මතකය. ඒ මදිවාට ඒකට තිබුණේ හතරැස් පරිවාර- පුංචි කොට්ට නෙවේ. කවර මහන්නට අමාරු; රවුම්- දිගටි හැඩයේ කොට්ටය!
‘ඇති, ඇති, ඇති නිමලෝ... තවමත් ඔච්චර හොඳට ඒ පුටුවල චිත්තරේ තමුසෙගෙ හිතේ තිබුණම මදැයි. දැන් ඒවාට කවර මහපු හැටි ඉක්මනට කියනවකො!’

කියන්න? කියන්න තියා ඒ ගැන හිතන්නත් මට ලජ්ජය. දවස් ගණනාවක් වැය වුණු ඒ රාජකාරිය මගේ හිතට නං කොහෙත්ම හරි ගියේ නැත. (පිටතට නොපෙනුණාට) ඇතුළෙන් කොයි තරං තැන් නූල් ඇදලා ‘වාත්තු කර’ තිබුණාදැයි දැනගෙන හිටියේ මං වහන්සේ විතරකි. මොක වුණත් වැඩේ අහවරකොට බලද්දී ‘පෙනුම’ ඒ හැටි අජූව වුණේ නැත.

එහෙමට හරි මට ඒ රාජකාරිය කර ගන්නට ඇහැක් වුණේ ඩැඩාගේ යහළුවා දවස තිස්සෙම ගෙදරින් පිටත ගිහිං හිටි නිසාය.

වැඩ පටන් ගන්නට ගිය දවසේ නම් ඒ මනුස්සයා මං එනතුරු ගෙදර හිටියේය. කැමති වෙලාවක සැන්ඩ්විච් හදා ගන්නැයි කියා, පාන්- බටර්- චීස්- හැම්- තක්කාලි වගේ සේරම දේවල් තියෙන තැන් මට පෙන්නුවේය. සීනි- කෝපි- තේකොළ වගේ දේවල් තියෙන තැනුත්...

දැන් සදහම් දීපයේ කුණු ගොඩවලත් බුදුහිමිවරු වැඩ වෙසෙති!

“I am going out. උඹ වැඩේ කරගෙන පලයන් කැමති වෙලාවක. මෙන්න ගෙදර යතුරක්. හවසට උඹ යනකොට මම ඇවිත් නොහිටියත් කමක් නෑ. මම එනකල් බලන්න එපා. හෙට උදේටත් උඹ එනකොට මං ගෙදර ඉන්න එකක් නෑ, සමහර විට...”

ඊට පස්සෙත් කිහිප වාරයක්ම වෙන-වෙනස් තැන්වලදී මේ අත්දැකීමම විඳින්නට මට ඉඩ ලැබිණි. නිවාස පිරිසිදු කිරීමට හෝ කෑම උයා-පිහා දීමට හෝ එන සේවිකාවටත් ඔවුහු නිවසේ යතුරක් දෙති. ඒ ඔවුන්ගේ නිවෙස්වල රකින්නට තරං වස්තුව ගොඩ ගසාගෙන නැති නිසාද? එහෙමත් නැත්තං පිටස්තරයන් ගැන විශ්වාසය තබන නිසාද?
ලංකාවේදී අපට මෙසේ කළ හැකිද... එහෙම කළොත් මොනවා වේවිද...

එංගලන්තයට ගිය ගමන්ම මං පුදුමයට පත් වුණු තවත් කාරණයකුත් දැන් මතක් වෙයි. කිරි බෝතල්!

හැමදාම හිමිදිරියේ ඉස්සරහ දොර අරිනකොටම පෙනෙන්නේ දොරකඩ තියා ඇති කිරි බෝතල්ය. හැම ගෙදරකම... තම-තමන් order කර තිබෙන කිරි බෝතල් ගණන දොරකඩ තිබෙයි. (කිරි බෙදා හරින්නා නිවැසියන්ට දැක ගන්නට හම්බ වෙන්නේ නියමිත දවසේ සල්ලි ගෙවද්දී විතරකි.) පුදුමය, අනුන්ගේ දොරකඩක තියෙන කිරි බෝතල් වෙනින් කවුරුන්වත් හොරකම් කරන්නේ නැතිකමයි.

සම්මා සම්බුදු පියාණන්ගේ සිරිපා පහසින් ආශිර්වාද ලැබුවාවූ; උතුම් සද්ධර්මය සුරැකෙනවා යැයි කියන; උදේ හවා පන්සිල් රකින්නෙමියි ප්‍රතිඥා දෙන්නන් බහුල රටක කෙරෙන වංචා- දූෂණ- හොරකම්වල තරම නං අද ලෝකයම දනී! එපමණක් නොවේ; දැන් සදහම් දීපයේ කුණු ගොඩවලත් බුදුහිමිවරු වැඩ වෙසෙති.     

දැනටත් එංගලන්තයේ වෙසෙන අජිත් ධර්මකීර්ති මහතාණෙනි. මා ඉහතින් ලියූ කරුණු ගැන වත්මන් තත්ත්වය අපේ ආදරණීය පාඨකයන්ටත්, මටත් දැනගැනීම උදෙසා පහදා දිය හැකි නම් බෙහෙවින් කෘතඥ වන්නෙමි!        

‘ඔහොම කියන තමුසෙත් ඩැඩාගේ යාළුවගෙ වැඩේ හරියට නොකර සල්ලි අරගෙන වංචාවක් නේද කළේ?’ දැන් ඔබ  මගෙන් අසන්නට හැකිය. මම එකෙන්ම කියන්නේ ‘ඔව්’ කියලාය.
මම ඒ වැරැද්ද කළෙමි. තවමත් ඒ ගැන පසුතැවෙන්නෙමි; ලජ්ජා වෙන්නෙමි.

ඒක නෙවෙයි! ඒ ලජ්ජාව සිහිපත් වෙන හැම වෙලාවකම, නිකංම මගේ මතකයට එන අංගනාවෝ දෙන්නෙකුත් ඉන්නවා. දෙන්නාම සිරිලක් මෑණියන්ගේ දෝණියන්දැලා වෙති.
ඒ දෙදෙනා හිටියේ මට ඉස්සරහින් ගමන් කරමිනි. හොඳ සිංහලෙන් කතා කරමිනි. අපි තුන් දෙනාම යමින් හිටියෙත් එක පැත්තකටම.

අර ඉස්සරහින් එන මිනිහා ලංකාවේ සෙවලයෙක්.

ඒ සෝෆා කවර මහන්න පටන් අරං තුන්වෙනි දවසේ වගෙයි මට නිච්චි.

පිට රටකදී තමන්ගේ රටේ, තමන්ගේ භාෂාව කතා කරන අයව දැක්කම කාට වුණත් පුදුම සතුටක් දැනෙන්නේ. ඕක ඉතිං මටය කියල වෙනසක් තියෙනවයැ. ඒ සතුට භුක්ති විඳිමින් අර අංගනාවන් දෙන්නගෙ පස්සෙන්ම යද්දී හිටි ගමන්ම එක්කෙනෙක් පිටිපස්සට හැරිලා බැලුවා.
බැලුවේ මගෙ දිහාවම නෙවෙයි. පාරේ එයාලට පස්සෙන් එන හැමෝම දිහා... ක්ෂණික පොදු බැල්මක්.

අම්මට සිරි!
‘යකඩෝ, මෙයානෙ මේ!’
ඒ හැරිලා බැලුවේ ඒ කාලේ ලංකාවේ ප්‍රසිද්ධ වගේම දක්ෂ නිළියක්. හොඳම වේදිකා නාට්‍ය නිළිය සම්මාන දිනපු එයා ෆිල්ම්ස් දෙක-තුනකත් රඟපෑ බවයි මට මතක. ඊට අවුරුදු කීපෙකට කලිනුයි, එයා එංගලන්තයට සංක්‍රමණය වෙලා හිටියේ.

“ඒයි ඒයි, සිංහලෙන් කතාව නවත්තපං බං. අර ඉස්සරහින් එන මිනිහා ලංකාවේ මිනිහෙක්; සෙවලයෙක්.” කර වටේ දමාගෙන හිටි මෆ්ලරයෙන් මුහුණේ බාගයක් වහගන්න ගමනුයි, එයා කිව්වේ. “අපිත් ලංකාවෙන් කියල දැනගත්තොත් මළ කරදරේ බං.” එයාගේ කතාවෙන් වුණේ මිතුරිය එහෙම පිටින්ම නිශ්ශබ්ද වෙච්චි එක.
එහෙමයි, මට තව පැරණි රසාංග ටිකක් අහගන්න තිබ්බ chance එක එදා නැති වුණේ.

බැරි වෙලාවත්- අනේ, ලංකාවේම අය නේද කියලා, මමත් එයාලට කතා කළා නං...
තවමත් මට කල්පනා වෙන්නේ මාත් සෙවලයෙක් වෙන හැටි!

ඒ වගේමයි. එයා මාව ලංකාවේ කෙනෙක්ය කියලා අඳුනගත්තේ නැත්තේ ඇයි? ඒ තරමටම ශ්‍රී ලංකාවේ උදවිය පෙනුමෙන් එකිනෙකාට වෙනස්ද?     

සේද රෙදි* කච්චිය ගැනත් ලියන්න අමතක වුණා හෙම නෙවෙයි හොඳේ. පස්සේ ලියන්න තියෙන කාරණයකට ඒක අදාළ නිසා, ඒ විස්තර ළඟදීම දවසක කියන්නං. එතකං...
à ඊළඟ කොටසට... 

36 comments:

  1. අද කොටස එක හුස්මට කියෙව්වා. කියවල ඉවර වුනාම කියන්න හිතාගෙන හිටි ටික අමතක වුනා.🤔
    https://www.youtube.com/watch?v=k3IWmxvqS1c

    ReplyDelete
    Replies
    1. සතුටෙන් කියන්නේ බස්සා මහත්තයා මැක්ඩොනල්ඩ්ස් සම්පුරණයෙන් නවත්වල තියෙන්නේ. බ්‍රෙක්ෆස්ට් එකටවත් යන්නේ නැහැ. තනිකර මෙඩිටරේනියන් ඩයට් එක තමා දැන්. හැබැයි පැණි රහ කන එක විශේෂයෙන් දොදොල්, මස්කට්, කේක් කන එක නවත්ත ගන්න තමයි බැරි

      Delete
    2. බස්සා මහත්තයෝ,
      ගොඩක් ස්තුතියි කෙටි වීඩියෝවේ link එකට. ඒකෙ කියන දේවල් පිළිකා මර්දනය කරන්නටත් උදව් වෙනවනේ.
      අජිත් මහතා වගේ අනිත් අයත් වීඩියෝව බලයි, මම හිතන්නේ.

      Delete
  2. //ඒ තරමටම ශ්‍රී ලංකාවේ උදවිය පෙනුමෙන් එකිනෙකාට වෙනස්ද? //

    ඔව්.
    ඒක එතරම් පුදුම වෙන්න දෙයක් නෙමෙයි දූපතක්වෙන ලංකාවේ පිහිටීම සහ ඉතිහාසය සලකනවිට

    ReplyDelete
    Replies
    1. මේ කාරණය Pra Jay මහත්තයෝ, වැඩිය නොසැලකෙන නමුත් වැදගත් කාරණයක් නේද?

      Delete
  3. ඉස් ඉස්සෙල්ලාම මේ "ඩැඩා" කියන බුවාව හොයා ගන්න ඕන! ඇත්තටම මේ ඔයාගේ තාත්තාද?

    ReplyDelete
    Replies
    1. නැහැ, තට්ටය මහත්තයෝ. Step Father.
      https://nidigepanchathanthare.blogspot.com/2019/10/not-vs-england.html
      පෝස්ට් එකේ විස්තර තියෙනවා, කියවනවා නං.
      ස්තුතියි!

      Delete
    2. අම්මේ අති හොයා ගත්තා!

      Delete
    3. ඉස්සරහට ඩැඩා ගැන තව විස්තර ලියවෙන්නත් තියෙනවා, තට්ටයා මහත්තයෝ.

      Delete
  4. එක හුස්මට කියෙව්වා... බොහොම පොඩ්ඩයි නේ ලියල තියෙන්නේ.....

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල ගෙදර ඉන්නේ ඉතා සීමිත වෙලාවක් ලලිත් මහත්තයෝ, අපේ අම්ම ඉන්න මානෙල් නංගිලාගේ ගෙදර යන නිසා. අනික ගෙදර ඉන්න වෙලාවටත් වැඩක් කර ගන්න බෑ, අකුණු ගගහ වහින නිසා.

      Delete
  5. මං මේකට කමෙන්ට් කරන්නෙ නෑ හිටං

    ReplyDelete
    Replies
    1. හුටා!
      නමී ඔයා ලියලා තියෙන එක තිබෙන්නේ comment තීරුවෙනේ...

      Delete
  6. අර සෑහෙන්න සුදු එක්කෙනා. අඩි පහයි අඟල් 5-6 විතර උසයි. ග්‍රේට් වෙස්ටර්න් හොටෙල් එකෙත් වැඩ කළා. හරි නේද නිදි. දෙවෙනි එක්කෙනා කවුද කියල කල්පනා කරන්නේ. වත්තල----එයාද

    ReplyDelete
  7. සැසිල් ෆ්‍රෙඩ්රික් ශ්‍රෝඩර් - ශ්‍රෝඩර් කියන්නේ ජර්මන් සම්භවයක් තියෙන නමක් නේ මචං . ෆ්‍රෙඩ්රික් නුත් එහෙමයි. ඩඩා ට ජර්මන් සීයල හෙම හිටියද? ශ්‍රෝඩර් කියන නමේ තේරුම ටේලර් කියන එක. නැත්නම් රෙදි කපන කෙනා - ශ්‍රාදෙන්/ශ්‍රොදෙන් කියන්නේ කපනවට 😀 රෙදි කපන ශ්‍රෝඩර් පරම්පරාවේඩඩා නිදිව රෙදි කපන්න අරන් ගිහින් - ඒක පට්ට

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි!
      ඩැඩාගේ පරපුර ජර්මන්ද කියන්න නං මම දන්නේ නෑ අජිත් මහත්තයෝ. හැබැයි එයා හිතුවේ 'එංගලන්තයට වැඩිය රටක් ලෝකේ කොහෙවත් නැහැ' කියලයි.

      Delete
  8. //ඒක සුද්දන්ගේ ගතියයි. එක සැරේම; කෙලින්ම අහන්නට තියෙන දේ ඇසීමත්, කියන්නට තියෙන දේ කීමත්..// ඒ කාලේ ඉංග්‍රීසි ජාතිකයෝ වෙන්න ඇති. මට තේරෙන විධිට ජර්මන් සහ රුසියන් එවුන් කියන්න කියන දේ ඔහේ කියල දානවා. අහන එකත් එහෙමයි. ඒත් දැන් ජර්මන් එවුන් ඒක වැඩිය අක්රන්නේ නැහැ. ඉංග්‍රීසි එවුන් කොහොමත් නැහැ, අහන දේ අහන්නෙත් වහෙන් ඔරෝ බාසාවෙන්, කියන දේ කියන්නෙත් වහෙන් ඔරෝ. ආයි කෙලින් කිසි දෙයක් නැහැ. ඒකට කියන්නේ "diplomatically spekaing" කියල ඔෆිස් වල තනිකරම එහෙමයි. විශේෂයෙන් කෝස් තියනව අපට ෆලෝ කරන්න. වාක්‍යයක් හරියට තේරුම් ගන්නේ හෙම කොහොමද කියල , කියල දෙන.අපේ ලංකාවේ එකෙකුට එහෙම වුනා. අරූ කතා කරපු විධිහට අපේ එක ප්‍රමෝෂන් එකක් දෙනවා කියල. එච්චරට හොඳ කියල . ඊට පස්සේ අස් කරලා. 😀

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි අජිත් මහත්තයෝ- ගොඩක් මහන්සි වෙලා ගොඩක් විස්තර ලියමින් අපේ ආදරණීය පාඨකයන් දැනුවත් කිරීම වෙනුවෙන්.
      මම කලින් ලිව්වා මතකද, ඩැඩාගේ හියුමර්; පානි කතා කරන විදිහ ගැන. ඒක British ගතියක්ද?

      Delete
    2. ඇත්තටම මුන් කොහොමත්ත් humorous නේද. මාත් කැමති ගුණාංගයක්

      Delete
    3. ගොඩක් ස්තුතියි අජිත් මහත්තයෝ, කරුණ තහවුරු කළාට.

      Delete
    4. //අපේ ලංකාවේ එකෙකුට එහෙම වුනා. අරූ කතා කරපු විධිහට අපේ එක ප්‍රමෝෂන් එකක් දෙනවා කියල. එච්චරට හොඳ කියල . ඊට පස්සේ අස් කරලා. 😀//
      අම්මොහ් මාර වැඩ තමයි වෙන්නෙ😂😂😂

      Delete
  9. කිරි වැඩේ දැන් නැහැ මේ පැත්තේ. තරමක් ඈත ගම්වල තවම කෙරෙනවා. ෆාම් තියෙන තැන්වල. අපෙත් ඉල්ලන්න පුළුවන්. නමුත් අපේ ගෙදර කිරි බොන්නේ දුවල දෙන්න විතරයි. උන් දෙන්නත් නැති නිසා දැනට අපිනම් කිරි ගන්නෙම නැහැ. ඒ දවස් වල රුසියාවේ ඉඳන් ආවහම අපේ කොල්ලෝ ඕක මුලදී දන්නේ නැතිව ඒ කිරි බෝතල් උස්සන් ඇවිත් තියනව. කාට හරි ගෙනියන්න එළියේ තියල කියල. හැබැයි පස්සේ දැනගෙන නැවැත්තුවා. නිදිට මතකද පත්තර සීන් එක. ඒකට නම් මටත් මුලදී පුදුම හිතුන.පත්තර තැන් තැන වල ඔහේ දාල තියනවා. මිනිස්සසු උවමනා ගාන තියල පත්තර අරන් යනවා.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔයා තවත් කාරණයක් මතක් කළා මගෙ අතින් නොලියවුණු. ඒක post එකකින්ම ලියන්නං. ස්තුතියි!!!

      Delete
  10. ඒ නිළිය ගැන මම දන්නා ටිකයි ලිව්වේ අජිත් මහත්තයෝ. රැකියාව කළ විස්තර හෙම දන්නේ නෑ. එයාගේ ප්‍රසිද්ධ නමට තිබ්බේ කොටස් දෙකයි. එච්චර අකුරු නෑ.
    දෙවෙනියාගේ මුහුණවත් දැක්කේ නෑ.

    ReplyDelete
  11. අපෝ කිසි ප්‍රශ්ණයක් නෑ මෙහෙත් යතුර දීල යන්න පුලුවං. හැබැයි තමුං ආපහු එනකොට එතන ගෙදරක් තිබ්බොත් හිතාගන්න ඕන ඒ තමුං දකින්නෙ ස්වප්නයක් කියල විතරයි. හැක්..

    ReplyDelete
  12. මේ සීරීස් එක පොතක් හැටියට ආවනම් හොඳයි කියල හිතෙනව

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි ඉයන් මහත්තයෝ!

      Delete
    2. ඉයන් සමගින් මංතුමා හා වැටාධිපතිතුමාත් එකගයි.
      ----කොළොම්පුරේ අසංග ---

      Delete
    3. අදහස මතකෙ තියා ගන්නන්කො, අසංග මහත්තයෝ.

      Delete
  13. Replies
    1. අම්මෝ ලක්මාල් මහත්තයෝ, එච්චර විස්තර ලියන්න ගියොත්, අනිත් අය blog කියවීම අත්හරියි! (ටික කාලෙකින් නේද?)- ස්තුතියි ගොඩාරියක්.

      Delete
  14. //නෙවිල්:- දඩාවතේ යන
    මර්වින් මරු බඩුවක්නේ.ලියුම අහුවුනොත් ලියපු එකත් ඉවරයි කියවපු එකත් ඉවරයි

    ReplyDelete
    Replies
    1. සිරිබිරිස් උන්නැහේ දන්නවනෙ ඉතිං දේවාල මාමාගේ හැටි. ඉන්න තැන කෝලම් මඩුවක්!

      Delete