අකුරු මැකී නෑ

Friday, September 22, 2023

අහන්නෙ මොනවද - කියන්නෙ මොනවද?

මේ කතන්දරේ තිබුණෙත් මගේ හමස් පෙට්ටියේ! බාගෙට වැඩ කෙරිලා නවත්තලා. එළියට ඇදලා අරගෙන, දූවිලි ගසා-බසා දාලා අරගත්තා.

ඔන්න වෙනදා වගේ අතරමඟින් නැවත්තීම්- වංගු ගැහීම්- පීලි පැනීම් මොකක්වත් නැතිව දිගටම කතන්දරේ කියාගෙන යන්නයි හදන්නේ.

එහෙනං මෙන්න story එක:


ගල් ගැහිලා ඉඳිද්දී කොහොමද තීරණ ගන්නේ...
හිටි ගමන් කාගෙ හරි ඉහ පිට හෙණයක් කඩා පාත් වුණොත්; විශේෂයෙන්ම උහුලගන්න අමාරු දුක්බර සිද්දියක් වුණොත්?

සූට්කේස්වලට දාන්න ඕනි මොන-මොනවද කියල හිතාගන්න බැරිව පඹගාලක පැටලිලයි මං ඉන්නෙ; අන්ද-මන්ද වෙච්චි ගාණට.
අද හැන්දෑවේ තමයි ඒ call එක ආවේ, මිසූරිවලින්. ‘ඔයාගෙ අයියයි, එයාගේ නෝනයි, නෝනගේ අක්කයි- එයාගේ දරුවෝ දෙන්නයි කට්ටියම නැති වෙලා... Car ඇක්සිඩන්ට් එකකින්.’ අපේ අම්මා කිව්වා.
“අනේ දරුවෝ... ඇහැක් තරං ඉක්මනට දුවල එන්නකො... හොඳද!”

මටත් ඕනි වුණේ එහෙම කරන්න නේන්නං- පුළුවන් තරම් ඉක්මනින් අම්මල ඉන්න දිහාට ඉගිල්ලෙන්න.
ඒත් මොකද කරන්නේ? මගේ මහත්තයා ලැරියි, මායි හිටියේ ලොකු ජංජාලෙක.
අපි ඔහියෝවල ඉඳලා
New Mexicoවලට පදිංචිය මාරු කරන්න ලෑස්ති වෙවී උන්නේ; අපේ බඩුමුට්ටුවලින් අලුත් නිවහනට ගෙනියන දේවල් pack කර-කර. ගෙදර එකම පිස්සන් කොටුවක් වෙලා තිබ්බේ.
එවෙලේ එරික්, මේගන්; අපේ පුතණ්ඩියයි- දෝණියන්දයි- මහත්තයයි- මායි හතර දෙනාම හරියට කාටූන් එකක චරිත වගේ; රූකඩ වගේ වෙලයි හිටියේ!

මොනවද ගෙනියන්න ගන්නේ- මොනවද නොගන්නේ?
දුකෙන් ගල් ගැහිලා ඉඳිද්දී කොහොමද තීරණ ගන්නේ... ඇඳුම්වලින් කොටහක් මගේ ඉස්සරහ. හෝදන්න තියෙන තව ඇඳුම් කන්දක් රෙදි හෝදන මැෂිම ළඟ.
ඉඳුල් පිඟන් කන්දරාවක් කුස්සියේ මේසය උඩ දිග නින්දක- එයාලව හෝදනකල්.
පොඩ්ඩන්ගෙ සෙල්ලම් බඩු තැන-තැන විසිරවපු ගමන්.

ලැරී ඊළඟ දවසේ උදේ ප්ලේන් එකේ ටිකට්ස් බුක් කළාය කිව්වම, මට පිස්සු  හැදුණා. ගෙදර තිබ්බ බඩු-මුට්ටු ගන්නවා- දානවා, ආයෙ ගන්නවා- ආයෙ දානවා! කෝ මගෙ සිහිය? මොකද මට වෙලා තියෙන්නේ...
මගෙ ඔළුව ඇතුළේ දෝංකාර දිදී තිබ්බේ අම්මා කියපුවා.
“බිල් ඉවරයි දුවේ... මැරිලිනුත්... ජූනුයි දරුවො දෙන්නයිත්...”

වරුසාවක් කඩා හැලිලා...

කඳුළු වරුසාවක් කඩා හැලිලා, මගෙ හිස ඇතුළෙ තිබ්බ සෝක මීදුම එහෙම පිටින්ම සෝදල දානවා නං...

මගේ මොළ ගෙඩිය තිබුණේ ‘ඒ දුක්බර පණිවිඩයෙන් ඔතලා; වෙළලා; සීල් තියලා’ වගෙයි.
ලැරී කියන දේවල් මට ඇහුණෙත් අඟහරු ලෝකෙ ඉඳගෙන කියන දේවල් වගෙයි.
සත්තයි! මං ගේ ඇතුළෙ එහෙ-මෙහෙ ඇවිද්දෙත් අතැන-මෙතැන හැප්පි-හැප්පි හීනෙන් ඇවිදිනව වගෙයි.

පහුවදා පාන්දර හතටයි, ලැරී අපිට පිටත් වෙන්න plan කරලා තියෙන්නේ. ඒත් ලැරී ඒ අස්සෙම එයාගෙ යාළුවන් ටික දෙනෙකුට කිව්වා, අපිට වෙලා තිබ්බ නස්පැත්තිය ගැන.
සමහරු මටත් කතා කළා. “මට කරන්න ඇහැකි මොනවා හරි තියෙනවා නං, නොකිය ඉන්න එපා!” කියලත් කිව්වා; උදව්වක් වෙන්න වුණත් සූදානමින්. ඒත්...

“අනේ, ගොඩාක් ස්තුතියි!” මාත් ඔහෙ උත්තර දුන්නා තමයි.
ඒත් එයාලගෙන් ඉල්ලන්න ඕනි උදව්වක් ගැන, ඒ වෙලාවේ මට කිසිම අදහසක් තිබ්බේ නෑ; කොහොමද එහෙම දෙයක් හිතෙන්නේ- හිත එක තැනක නැතිකොට...

ඩොන්නා කිංග්!
ඉරිදාට පල්ලියේ තියෙන ළදරු පන්තියක ළමුන්ට ඉගැන්නුවේ අපි දෙන්නා- ඩොන්නායි, මායි. ඒත් අපි දෙන්නා අතරේ තිබුණේ නිකං ඇයි-හොඳයි කියන වර්ගයෙ යාළුකමක් විතරයි. අපට නිතර හම්බ වෙන්න ලැබුණෙත් නෑ.
ඩොන්නටයි, එයාගෙ මහත්තයා එමර්සන්ටයි සතියේ දවස් හයේමත් කිසිම නිවාඩුවක් තිබ්බෙ නෑ- එයාලගෙම ‘ළදරු පාසල’ හින්දා. ඒ ළමා නිවාසේ උන්නේ අවුරුදු දෙකේ ඉඳලා දාහතර වෙනකල් එයාලගෙම දූලා-පුතාල හය දෙනෙක්! හැබැයි, එමර්සන් හරිම නිස්සද්ද; නිවිච්ච මනුස්සයෙක්; එයාගෙ අසාමාන්‍ය කෙට්ටුකම නිසාද මන්දා එහෙම වෙලා තිබ්බේ...

‘ඔන්න එන ඉරිදට ඔයාට පල්ලියේ පන්තියේදී උගන්නන්න වෙන්නෙ තනියම!’ අපේ මහත්තයා ලැරී- ඩොන්නාට කල් තියාම අනතුරු අඟවලත් තිබ්බා.

මං හිතිවිලි වංකගිරියක අතරමං වෙලා ඔහෙ වාඩිවෙලා ඉන්න අතරේ, මේගන් දෝණි ගේ ඇතුළෙම බෝල සෙල්ලමක් පටන් අරං. එරික් පුතත් එයාගේ පස්සෙන් දුවන්න අරගෙන... ‘හරි නං මේ වෙලාවට එයාල දෙන්නම ඉන්න ඕනෑ ඇඳන්වල නේද’ මට හිතුණා.

මාත් කකුල් අද්ද-අද්දා ඔහෙ ඒ දෙන්නා පස්සෙන් වැටුණා. මගේ අත් දෙකෙත් ඊයම් බරු දෙකක් එල්ලලා වගේ... එහෙම ගිහිං, මං සෝපාවේ කිඳා බැස්සේ හරි-හමං සිහියක් නැතිව.

... පුතා ඊට කලින් ඉරිදා පල්ලියට ගියාම කරපු දේ. දඟයා එයාගේ හොඳම සපත්තු දාගෙන හිටි එකත් නොතකා...

කව්ද වදේ අර දොරේ සීනුව ගහන්නේ?

හෙමින් නැඟිටලා මං කාමරය මැදින් දොර ළඟට යන්න පාර හොයා ගත්තා. දොර ළඟ එමර්සන් කිංග් හිටගෙන ඉන්නවා!

“මම ආවේ ඔයාලගේ සපත්තු සුද්ද කරලා දෙන්න!” එයා කියපි!
ඒ කීමෙන් මං හොඳටම අවුල් වුණු විත්තිය දැක්ක එමර්සන්, ආපහු ඒකම කිව්වා.

“...ඩොන්නට අපේ චූටි බබාව ගෙදර දාලා එන්න විදිහක් නැහැනේ.” එමර්සන් කිව්වා.
“ඒත් අපිට ඕනි මේ වෙලාවේ ඔයාට උදව්වක් වෙන්න.
අපේ තාත්තා නැතිවුණු වෙලාවේ, අපේ ළමයින්ව ඒ අවමංගල්ලෙට එක්ක යන්න ගිහිං අපිට කරන්න වෙච්ච යුද්ධයක්... අද වගේ මට තාම මතකයි. වැඩියත්ම ළමයින්ගේ සපත්තු සුද්ද කරල- පොලිෂ් කරලා ගන්න ගියාම... මම මේ ආවේ ඔයාටත්- ඒ උදව්වවත් කරල දෙන්නයි.
කෝ, කෝ. මට දෙන්න ඔයාලගේ සපත්තු. ඔයාගේ විතරක් නෙවෙයි- ළමයින්ගෙ එව්වත්!”

එමර්සන් කියනකල් එහෙම දෙයක් ගැන මට යන්තංවත් මතක් නොවිච්ච හැටි...

එතකොටයි මට මතක් වුණේ, එරික් පුතා ඊට කලින් ඉරිදා පල්ලියට ගියාම කරපු දේත්. දඟයා එයාගේ හොඳම සපත්තු දාගෙන හිටි එකත් නොතකා- එරි-එරී මඩ ගොඩකට බැස්සා.
මේගන් එයිට හපන්. ඒ ළමයා පාර අයිනේ තිබිච්ච තරමක් ගල් කැටවලට පයින් ගගහ, ඒවා උගුල්ලන්න හැදුවේ සපත්තුවල තුඩුවලින්.
එදා ආපහු ගෙදර ආව ගමන් මං ඒ සපත්තු ඔක්කොම අයිනකට විසි කළේ- පස්සේ සුද්ද කරන්න හිතාගෙන!

ඔන්න... එමර්සන් ඉස්සෙල්ලම අපේ කුස්සියේ ඉඩ තිබ්බ තැනක පොළොවට උඩින් පරණ පත්තර ටිකක් එළුවා.

මං ඒ අතරේ ගෙදර තිබ්බ තරං සපත්තු ඔක්කොම එකතු කෙරුවා. ලැරීගේ සපත්තු, මගේ වයිවාරන්න සපත්තු, ළමයි දෙන්නගේ සපත්තු... ඔක්කොම...
එමර්සන් පොඩි බේසමක් අර ගත්තා. ඒක සබන් වතුරෙන් පිරෙව්වා. ඒ හාදයාම කුස්සියේ ලාච්චුවක් අවුස්සලා පරණ පිහියකුත් හොයාගෙන... එයා sponge කෑල්ල නං හොයා ගන්න ඇත්තේ sink එක යට තිබිලා වෙන්නැති.

අපේ ලැරී! එයා විකාරෙන් වගේ ලට්ට-ලොට්ට පෙට්ටි ඇවිස්සුවෙ, සපත්තු පොලිෂ් හොයල දෙන්නයි.

මට මතක් වුණේ ජේසුස් වහන්සේ අනුගාමිකයන්ගේ දෙපා සෝදන හැටි...

එමර්සන් එයාගේ පාඩුවේ දිගටම වැඩ කරගෙන ගියා.

ඒ මනුස්සයා හොඳටම නිස්කාන්සුවේ- තැන්පත්ව- නිවී සැනසිල්ලේ ඒ වැඩ කළ විදිහ; මටත් පාඩමක් උගන්නනවා වගෙයි!
‘හිත එකඟ කර ගෙන වැඩ කරන්න’ කියලා මට කියනවා වගෙයි!!
මටම දැනුණා ‘ඉස්සෙල්ලම කෙරෙන්න ඕනි වැඩ මොනවද’ කියල මගේ ඔළුව ඇතුළේ පිළිවෙලින් පෙළ ගැහෙන හැටි.

‘ඉස්සෙල්ලම රෙදි සෝදන රාජකාරිය.’ මං මටම කියා ගත්තා. වොෂින් මැෂිම කැරකෙන අතරේ ලැරියි, මායි දරුවෝ දෙන්නව හෝදලා ඇඳන්වලට දැම්මා.

ඊළඟට අපි දෙන්නා පිඟන්- කෝප්ප කන්ද හෝදන්න පටන් ගත්තා.

ඒත් එමර්සන් නෙවෙයි, හූම් කියලවත් කිව්වේ.
මට මතක් වුණේ ජේසුස් වහන්සේ අනුගාමිකයන්ගේ දෙපා සෝදන හැටි... උන්වහන්සේ ශ්‍රාවක මිතුරන්ගේ ඉස්සරහ දණ නවාගෙන හිටි හැටියටම වෙන්න ඇති නේද- එමර්සනුත් අප ඉදිරියේ දණ ගහගෙන ඉන්නෙ?
ඒ ‘ආදරණීය සෙනෙහසේ දසුන’ මගේ කඳුළුවලට ඔහෙ ගලා යන්න සැලැස්සුවා... ඒ කඳුළු වරුසාවෙන් මගේ ඔළුවේ තෙරපෙමින් තිබ්බ සෝක දුමාරය එහෙම පිටින්ම හේදිලා යනවා වගෙයි...

මං ආයෙමත් පියවි සිහියට- පුරුදු තත්ත්වෙට ඇවිත්!

එතන ඉඳලා, මගේ වැඩ එකින් එක පිළිවෙලට කෙරෙන්න ගත්තා.
හේදෙන්න දාලා තිබුණු රෙදි කන්ද, වේළෙන්නට dryer එකට දාලා- මං ආපහු කුස්සියට එනකොට එමර්සන් ගිහිල්ලත් ඉවරයි!

ඒත්, කුස්සියේ බිත්තියකට හේත්තු වෙලා අපේ සපත්තු සේරම දූවිලි පොදක්වත් නැතිව; දිලිසි-දිලිසී බබළමින් ඉන්නවා!
පස්සේ එව්වා සූට්කේස් එකට අහුරන්න ගියාමයි මං දැක්කේ- ඒ සපත්තු ඔක්කොමගෙම යටි පැතිත් fully ක්ලීන්! බය නැතිව මට ඒවා කෙලින්ම සූට්කේස් එකට ඔබා ගන්න පුළුවනි.

රෑ වෙලා නිඳා ගන්න ගියත්, අපිට උදෙන්ම ඇහැරෙන්න ඇහැකි වුණා. කෙරෙන්න තිබ්බ ඔක්කොම වැඩත් කරගෙන, පරක්කුත් නොවී අපි airport එකටත් යාගත්තා.
මං හොඳටම තේරුම් අරං හිටියේ- ඉස්සරහට එන්න තියෙන්නේ දුක්බර වගේම අඳුරු දවස් කීපයක් විත්තිය.
ඒත් එක්කම මං හොඳටම; ස්ථිරවම තේරුම් අරගෙන හිටියේ... ‘ජේසුතුමන්ගේ පෙනී සිටීම සංකේතවත් කරමින්- අපේ කුස්සියේ, මං ඉදිරියේ නිහඬව; තැන්පත්ව දණ ගසාගෙන සපත්තු ඔප දමන වැඩෙහි යෙදුණු අර කෙසඟ මිනිසාගේ දසුන’ දිවි තෙක්ම මා හැර නොයන බව!

අහගෙන ඉන්නට සූදානම් හිතවත් කෙනෙකුට විස්තරකොට කීම වගේම, මෙහෙම...

එදා ඉඳලා, මං හඳුනන ඕනෑම කෙනෙකු ආදරණීයයෙකුගේ වියෝගයකට මුහුණ දීල ඇතැයි කියා දැනගත්තොත්...

මම එයාට call එකක් දෙන්න චුට්ටක්වත් පරක්කු වෙන්නෑ. ‘මේ වෙලාවේ මගෙන් මොනවත් කෙරෙන්න තියෙනවද?’ වෙනුවට මං එයාගෙන් අහන්නේ එයාලටම ගැලපෙන ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නය ඒ ඒ කෙනා අනුව වෙනස් වෙනවා;
‘ඔයාලගෙ car එක හෝදලා දෙන්නද? / බල්ලො බලාගන්න තැනකට ඔයාලගේ බල්ලව ගෙනිහින් දෙන්න තියෙනවද? / අවමංගල්ලෙ වෙලාවේ ගෙදර බලා ගන්න එන්නද?’ වගේ.

“ඔයා කොහොමද හරියටම දැනගත්තේ- මට ඒ උදව්වම තමයි ඕනි වෙලා තිබ්බෙ කියලා.” එතකොට එයා මගෙන් ඇහුවොත් දෙන්න උත්තරයකුත් මගේ දිව අගම සූදානමින් තිබ්බා. ඒ මේකයි:
‘එක්කෙනෙක් ඔය වගේ වෙලාවක මට අපේ සපත්තු පොලිෂ් කරල දුන්නනේ!’

Stop Saying “Let Me Know if You need Anything” විශේෂාංග ලිපියේ වචනෙන් වචනයට කෙරුණු පරිවර්තනයක් නෙවෙයි, මෙතෙක් ඔයාල කියෙව්වේ. සම්පූර්ණ අනුවර්තනයකුත් නෙවෙයි. නමුත් මුල් ලිපියේ 99%ක්ම මේකේ අඩංගුයි, මම තේරුම් ගත්තු විදිහට- මගේ style එකට ලියල තිබ්බ එකක්...

ඔන්න අඩුපාඩු හොයා දෙන කෙනෙකුට සංසන්දනය කරන්නට මුල් ලිපියේ ලින්ක් එකත් මෙතනට ඔබනවා!

අදට අවුරුදු හතළිහකට කලින් Reader’s Digest කලාපයකින් article එකක් කියවද්දී ඇති වුණු හිතිවිල්ලක ප්‍රතිඵලයක් තමයි මේ... ‘මේක සිංහලෙන් ලියනව නං...’ එදා මට හිතුණා. ඒ තරමටම මට මේ ලිපිය වැදුණා; මට ගොඩක් දේවල් කියා දුන්නා.
(‘Happy Birth Day’ එකත් මේ වගේ. ඒ නිසාමයි ඒක අනුවර්තනය කරලා පිවිතුරු පත්තරේට පළ කරන්න දුන්නෙත්.)

යමක් නැවත පිටපත්කොට ලිවීම- අහගෙන ඉන්නට සූදානම් හිතවත් කෙනෙකුට විස්තරකොට කීම වගේම, මෙහෙම නිර්මාණයකට ගැනීමත් හොඳ අභ්‍යාසයක්; එය ධාරණය කරගෙන මතකයේ ගබඩා කර ගන්නට. එච්චරක්යැ? පාඨක රුචිය වඩවන විදිහට ලියන හැටි ප්‍රගුණ කර ගන්නටත් මෙහෙම අභ්‍යාස මට නං තවමත් උදව් වෙනවා.

මිනී වළේ මැරෙන්න දපාගෙන හිටිය බමුණා වගේ තමයි මාත්. මැරෙනකල්ම මොන-මොනවා හරි ඉගෙන ගන්න; දැනගන්න; ඒවායින් ප්‍රයෝජන ගන්න ආසයි. එහෙම දැනුමෙන් සපිරි හරවත් දේවල්; හරවත් අත්දැකීම් ‘නිදිගෙ පංච තන්තරේ’ කියවන හිතාදර ඔයාලත් එක්ක මම බෙදා ගන්නෙත් හරි කැමත්තෙන්. බදාගෙන කනවට වැඩිය බෙදාගෙන කන එක කොහොමත් හොඳයිනෙ!

අනේ, කාවවත් විවේචනය කරනවා නෙවෙයි, නමුත්...

මේ දවස්වල හිතෛෂිවන්තයන් ගොඩක් මට කතා කරනවා. මගේ දුක- සැප අහනවටත් වැඩියෙන් අම්මගෙ වර්තමාන තත්ත්වය දැන ගැනීමේ අභිලාෂයෙන්. (මං මල්ටිපල් මයෙලෝමා පිළිකාවෙන් පෙළෙන්නට ගත්තු කාලෙත් මෙහෙමයි.)

අනේ, කාවවත් විවේචනය කරනවා නෙවෙයි, නමුත් හුඟක් උදවිය තැනට ගැලපෙන විදිහට ප්‍රශ්න නෙවෙයිනෙ අහන්නේ. එයාලා අහන සමහර ප්‍රශ්න ඇත්තෙන්ම ඇසිය යුතු දේවල්ද කියලත් මටම හිතෙනවා.

මගේ තකතිරුකමට එහෙම හිතෙනවත් ඇති.

“ඔයාලගෙ අම්මට තවම මොනවත් කන්න බැරිද?” එහෙම දේවල් නං ඇහුවත් මොකෝ. උත්තර දෙන්න අමාරු නැහැයි කියමුකො.
‘අම්මා ඇඳේම ජරා කර ගන්නවද?’
බීභත්ස රසයට කැමති ඇත්තෝ එහෙම ඇහුවම නං, මං වහන්සේ කෝන්තර නොකියා කට වහගෙන ඉන්නෙ හරි අමාරුවෙන්.
මොකද, හිතවත්කමට කතා කරපු කෙනෙකුගෙන් ‘ඇයි අහන්නේ. ඇවිත් අම්මව හෝදලා දෙන්නද?’ කියල ආපිට හරස් පුරස්නයක් අහන්නයැ.

මේ දවස්වල අම්මා මොනවද කියන්නේ / මොනවා ගැනද ඔයාල අම්මට වැඩියෙන්ම මතක තියෙන්නේ / අම්මගේ පොඩි කාලේ වෙච්ච දේවල් එහෙම එයාට මතකයිද?
අල්ලාප-සල්ලාපයකින් හොඳ හිත පෙන්නනවා නං ඔය තියෙන්නෙ වදේ, අහන්න ප්‍රශ්න. පොඩ්ඩක් නිර්මාණශීලීව හිතන්න විතරයි තියෙන්නේ!

අරහෙම දේවල් අහන එකේ පුදුමෙකුත් නෑ- එක අතකට... සමහරු මගෙනුත් තවම අහනවනේ ‘නෙගටිව් ප්‍රශ්න’ / නිශේධාර්ථ ප්‍රශ්න. ‘ඔයාට තවම එච්චර සනීපයක් නෑ නේද?’ වගේ.
ඇයි දෙයි හාමුදුරුවනේ, එයාලට අහන්න බැරි ‘ඔයාට දැන් කොහොමද?’ කියල!

මං හිතන්නේ මේක අපේ ජාතික දුර්වලතාවක් කියලයි.
මගේ දැනීමේ හැටියට නං ශ්‍රී ලංකේය අපි ගොඩක් සංවේදීයි; අනුන්ගේ විපතකදී- කරදරයකදී උදව් වෙන්න කැමතියි. සහනයක් වෙන්න කැමතියි. නොදන්නේ එහෙම විය යුතු හරිම ක්‍රමයයි!

ඔයාල වගේ ආදරණීය හිතවතුන් හැමෝටම ස්තුතියි. ගොඩක් ස්තුතියි!

(මෙතැනදී මේ දවස්වල හැමදාම උදේටයි- හවසටයි මානෙල් නංගිලාගේ ගෙදරට ස්වේච්ඡාවෙන්ම ඇවිත්, අම්මලා දෙන්නව සෝදා පිරිසිදු කරන්නට; පැම්පර්ස් හා ඇඳුම් අන්දවන්නට; කවා-පොවන්නට වෙහෙසෙන හේමමාලි- නිල්මිණි සොයුරියන් දෙන්නාවයි මට මතක් වෙන්නේ. එයාලා දෙන්නම ඒ උදව් කරන්න පටන් ගත්තෙ එයාලම හිතලා.

ඇයි අනිත් අසල්වැසියෝ? හුඟක් වෙලාවට එයාලත් එකේක කෑම ජාති හදාගෙන එනවා- අම්මලට.
නෙවිල් ඊට එහා. හැමදාම වගේ මාව මානිලගේ ගෙදරට එක්ක ගිහිං- ආපහු ගෙදරට ගෙනත් ඇරලවනවත් එක්ක.
Pra Jay හිතවතා. ඒත් එහෙමයි. “ඔයාට ඕනිම වෙලාවක නංගිලාගේ ගෙදරට යන්න ඕනෙ නම් call එකක් දෙන්න. මං එන්නං එක්ක යන්න.” Praත් දිගටම කියමින් ඉන්නෙ.

ඉතිං, ඔයාල වගේ ආදරණීය හිතවතුන් හැමෝටම ස්තුතියි. ගොඩක් ස්තුතියි!)

මේ තමයි ශ්‍රී ලංකේය අනන්‍යතාව! මේ තමයි අපට සුපුරුදු සහකම්පනය දැනීමේ සද් ගුණය!!
ඒ සද් ගුණය තවත් ඔප වැටෙනවා නේද- අපේ ප්‍රශ්න නැඟීමේ කලාව; සන්නිවේදන රටාව තවත් දියුණු කරගත හැකි නං...

ඔන්න අතීත කතාවකුයි, වර්තමාන කතාවකුයි දෙකම කිව්වා. පූර්වාපර සන්ධි... ඔයාලටම කැමති විදිහට ගලපගන්න දෙන එකනේ වැඩිය හොඳ. මම හිතුවේ තව කාට හරිත්, මගේ අත්දැකීමක් ප්‍රයෝජනවත් වෙන විදිහට සටහන් කරල තියන්නයි෴0෴

23 comments:

  1. නිදී,

    //එරික් පුතා ඊට කලින් ඉරිදා පල්ලියට ගියාම කරපු දේ//

    පල්ලිවල ආගමික ව්‍යාපාර වලින් ලැබෙන ප්‍රකෝටි ගණනක අතිවිශාල ආදායම සහ මේ දිනවල විදේශගත දමිල ඩයස්‌පෝරාව හරහා ලැබෙන ඩොලර් මිලියන ගණනක ආදායම ලංකාව තුල නීත්‍යානුකූල ව්‍යාපාරයකින් ලැබෙන ආදායමක් ලෙස පරිවර්තනය කර ගැනීමට ලැබෙන පරිදි නිවැරදිව ආයෝජනය කිරීමට අවශ්‍ය පසුබිම අපි හදා දෙන්නම්, මේක සියලුම කිතු පූජකවරු සහ පාස්ටර්වරු වගේම අලුත් ප්‍රෝෆට්ලා ඇතුලු සියලුම අංශවල සේවය කරන ආගමික ව්‍යාපාරිකයන්ටත් ආගමික ව්‍යාපාර කරන සියලුම බෞද්ධ චීවරධාරින්ටත් වෙනත් හින්දු හෝ මහමදික ආදී පූජකවරුන්ටත් එකසේ විවෘතයි, ඔවුන්ව දැනුවත් කරන්න නිදී.

    "ඔබේ ආගමික සහ දේශපාලන ව්‍යාපාර වලින් ලැබෙන විශාල ආදායම තවතවත් ආදායම් ලැබෙන පරිදි ඉතිරි කරනවා ද ? ආයෝජනය කරනවා ද ?

    ඉතාමත් විශ්වසනීය තැනක..??

    මෙන්න ඔබට කදිම අවස්ථාවක්,

    ඔබේ මිලියන ගණනක වටිනා ආයෝජන මුදලට මාසිකව හා දිගු කාලීන විශාල ප්‍රතිලාභයක් ලබා දීමටද අපි සූදානම්

    ආයෝජනය කරන්නේ කෙසේ ද? ආයෝජනය කරන්නේ කොහේ ද?

    අද කොපමණ සල්ලි ඔබට ලැබුණත් ඒවා ඉහළ ගණයේ ආයතනවල ආයෝජනය කිරීමට උත්සාහ කරත් ඉහලම ප්‍රතිලාභයක් ලබාදෙන ආයතනය අඩුය. අපට ඔබගේ ආයෝජනයට 36%-40 දක්වා ඉහලම ප්‍රතිලාභයක් දීමට හැකියාව ලැබී ඇත්තේ කෙසේද? මේ ගැන සිතන විට ඔබට මෙම ගැටලුව නිසැකවම ඇතිවෙන්නට ඇති

    අපි අක්කර 560ක අපේම ඉඩම් වල වගා කරනෙමු, ලොව saffron වලින් පසු ලොව දෙවැනි වටිනාක්මක් ඇති වැනිලා වගව හා අමතරව අමු මිරිස් මාලු මිරිස්, කොච්චි, බෙල්පෙපර් වැනි කෙටිකාලීන බෝග වගාවන් මගින් අපි ප්‍රතිලාභ ගෙවීම් සිදු කරනු ලබයි.

    ඊට අමතරව අපි සතුව power hand energy ලෙස සෝලා පැනල් ව්‍යාපෘතියක් , power hand shipping ලෙස නැව් ව්‍යාපෘතියක් හා වාකරයේ මහුදු කූඩැල්ලන් වගා කිරීමේ කටයුතුද ආරම්භ වෙමින් පවතී. මේවාද ඔබට දැක බලාගන දැවැන්තම ව්‍යාපෘතීන් සහිත ආයතනය සමග එක් වී ඉහලම ප්‍රතිලාභයක් ලබා ගන්න අප හා එක් වන්න.

    Power hand plantation අපි ඔබගේ මුදලට ඉහල සුරක්ෂිත භාවයක් ලබා දෙමින් ඔබ ආයෝජනය කරන මුදලට ඉහළම ප්‍රතිලාභය ලබාදීමට සූදානම්.

    ඔබත් අදම වැනිලා වගා බිමක සාඩම්බර හිමිකරුවෙකු වන්න...

    දීගු කාලීන ආයෝජනය සැලැස්ම

    රුපියල් 5,400,000/- ක ආරම්භක ආයෝජනයක් සඳහා අවුරුදු 8 දී රුපියල් මිලියන 50 (50,000,000/-) ප්‍රතිලාභයක්, මෙහි ගුණාකාර වශයෙන් රුපියල් බිලියන ගණනක උනත් ආයෝජනයක් කරන්නට පුළුවනි

    අපත් සමග ආයෝජනය කරන ඔබට අපෙන් :

    ♦️නීත්‍යානුකූල ලිබිත ගිවිසුම් සහතිකය

    ♦️වගාවේ බිම් සකස් කිරීම , නඩත්තු කටයුතු , පලදාව නෙලිම , අපනයනය මේ සියල්ල ආයතනය මගින් සිදු කිරීම.

    ♦️ඉඩමේ සින්නක්කර අයිතිය
    ඔබට .

    ♦️වාරික වශයෙන් ගෙවීමේ හැකියාව

    කෙටිකාලීන ආයෝජන සැලැස්ම

    🤲අපනයන කෘෂි බෝගයක් වන වැනිලා වගාවේ ප්‍රමුඛයා වන Power Hands Plantation අප ආයතනය මගින් හදුන්වා දී ඇති Privilege කෙටි කාලීන ආයෝජන සැලැස්ම සමග සම්බන්ධ වී ඔබගේ ආයෝජන මුදලට කිසිවෙකුට නොදෙවෙනි ඉහළම ප්‍රතිලාභය ලබා ගන්න.

    👉 රැ. 5,000,000 ක ආරම්භක ආයෝජනයක සිට ආරම්භ වන මෙම ආයෝජන සැලැස්ම සමග සම්බන්ධ වන ඔබට 36% සිට 40% දක්වා ඉහළ ප්‍රතිලාභයක් ලබාගත හැකිය.

    📄 සියලුම කොන්දේසි නීත්‍යානුකූල ලිඛිත ගිවිසුමක් මගින් ලබා දෙනු ලබයි.

    📄ඇපකරයක් ලෙස අක්කර ගණනාවක වගා බිමක අයිතිය ලබා දේ.

    ඔබගේ මුදලට වටිනාකමක්ද එකතු කර ගන්න.

    🌐🌐 ඔබ ලොව කොතනක හිටියත් අප සමග සම්බන්ද වීමේ හැකියාව 🌐🌐

    සැ.යු.
    මෙම දීමනාව සීමිත කාලසීමාවක් සදහා පමණි.

    👉 වගා කිරීම් සිදු කරන්නේ වෙනත් අයිතීන් සහිත ඉඩම් හෝ රජයේ බදු ඉඩම්වල නොවන අතර ආයතනය සතු සින්නක්කර ඉඩම් වල පමණක් වගා කටයුතු සිදු කරනු ලැබේ..( ඔබට ඒවා පරීක්ෂා කර බැලීමටද හැකියාව පවතී)"

    ☎ අපට අමතන්න:

    TP: 94-11-2695471-2-3; +94 11-2696054
    Fax :+94-11-2692009

    ReplyDelete
    Replies
    1. ඔය කතෝලික සභාවේ ලොකු පූජකවරු ඇතුලු පාදිලි උන්ට හම්බ කරගන්න සල්ලි දාන්න ඔය ආයතනය මදිවෙයි මොකද පහුගිය දවස්වල පාස්කු ප්‍රහාරයෙන් මැරිච්ච අහිංසක ජනතාවගේ මළ මිනී විකුණාගෙනම කොච්චර විශාල මුදලක් හම්බ කර ගත්තද? මිනී විකුණාගෙන කන මිනී කාක්කෝ ටිකක්, මැදමුලන කාක්කා තව හොඳයි මුං වගේ අමු සක්කිලි එක්ක බලනකොට, මම හිතන්නේ ලංකාවම මදි වෙයි ඔය සල්ලි දාන්න, ඒ නිසා පිටරටම ආයෝජනය කරාවි, ගුණදාස අමරසේකරගේ "ගල් පිලිමය හා බොල් පිලිමය" කෙටිකතා පොතේ එන "හොරා පොලිස් " නම් කෙටිකතාව බලන්න .මේ සිදුවීම ගැන අදහසක් ගන්න පුලුවන් වෙයි.

      Delete
  2. 'සපත්තු පොලිශ් කිරීම', 'එමර්සන් නිහඬව එක දිගට ඒ වැඩේ යෙදීම', 'ජේසුස් වහන්සේ අනුගාමිකයින්ගෙ දෙපා සේදීම' වගේ සංකේත හරහා මේ කතාවෙන් කියන පණිවිඩය හැමෝම හරියට තේරුම් ගත්තොත් හොඳයි.

    "ශ්‍රී ලංකේය අපි ගොඩක් සංවේදීයි; අනුන්ගේ විපතකදී- කරදරයකදී උදව් වෙන්න කැමතියි. සහනයක් වෙන්න කැමතියි. නොදන්නේ එහෙම විය යුතු හරිම ක්‍රමයයි!" අපේ අධ්‍යාපන ක්‍රමයෙන් හෝ වෙනත් විදි වලින් අපිට දැනුමක් දීලා නෑ තව කෙනෙකුගේ පුදගලික අවකාශයට ගරු කරමින් ඒ කෙනාට උදව් කරන විදිහ ගැන. Our people always invade the privacy of others in the process of 'helping'.

    තව දෙයක් තමයි අනිත් කෙනාට යම් නිශ්චිත කාර්යකට උදව් කරන්න හෝ දුකට පත්වෙලා ඉන්න කෙනා emotionally වෙහෙස කරවන ප්‍රශ්න නොඅසා ඉන්න බැරි නම්, පණ කඩා ගෙන ඒ වගේ තැන් වලට යන්න, calls දෙන්න අවශ්‍යතාවයකුත් නෑ. හුඟක් දෙනා යන්නෙ 'නොගියා හිටියොත් හොඳ නෑ' කියන ආකල්පයෙන්; එහෙම නැත්නම් උදව් කරලා 'පිනක්' කරගැනිමේ බලාපොරොත්තුවෙන්.

    ReplyDelete
    Replies
    1. පිළිතුරු පමාවීම ගැන සමා වෙන්න, ගෙදර හිටියේ නැහැ දවස් තුනක්ම. ඒකයි.
      Lotus, ඒ අතින් බලද්දී මේ පොස්ට් එකේ 6 වෙනි foto එක නිර්මාණය කළ කෙනා කවුරුන් හෝ වේවා හරිම සාර්ථකව අපට උපදෙසක් දීලා තියෙන්නේ. එයාගේ නම නම් දන්නේ නැහැ. fb එකෙනුයි හම්බ වුනේ!

      Delete
  3. ජයවේවා සුභ වේවා, ධිර්ඝායු ලැබේවා //

    ReplyDelete
    Replies
    1. ලලිත්- ඔයාටත්, අප හැම දෙනාටමත්.... නිදුක් නිරෝගී සුව හා ශක්තිය- සතුට හා ප්‍රමෝදය අත්වේවා!

      Delete
  4. පරිවර්තනය අගෙයි ✌
    ඇත්ත. සමහර ඉමෝෂනල් තැන්වල වචන හැසිරවීම ගැන සැලකිලිමත් නෑ... මම පවා!

    ReplyDelete
  5. ලොකු දෙයක් ඉගෙනගත්තා. බොහොම ස්තූතියි නදී.

    ReplyDelete
  6. කියෙව්වා. ස්තූතියි.😁

    ReplyDelete
    Replies
    1. බස්සා මහත්තයෝ, කියවූ බව කිව්වාටත් ස්තුතියි!

      Delete
  7. කියෙව්වා. ස්තූතියි.😁 x2

    ReplyDelete
    Replies
    1. Praසන්ன මහත්තයෝ, කියවූ බව කිව්වාට ඔයාටත් ස්තුතියි!!

      Delete
  8. ප්‍රා ජේ මහත්තයයි යි ඉයන් මහත්තය යි මටත් ලොකු උදව්වක් කලා මේ පාර ලංකාවට ආපු වෙලේ. ඒක මතක් වුනා මේ ලිපිය දැකල. නියම ලිපියක්. එංගලන්තයේ මරණ වලදී අපි කරන පළමුවෙනි දෙය මොනවාද අපෙන් කෙරෙන්න ඕනේ කියල අහන එක. ඊට පස්සේ ලැබෙන පිළිතුර අනුව වැඩ කරනවා.

    ReplyDelete
  9. පවුලේ බර, කුඩා කාලෙදීම කරට ගන්න වෙච්ච නිසා, නිදිගෙ අධ්‍යාපනය අඩාල වුනා කියලයි මට තේරුනේ. ඒත් නොතේරෙන්නෙ, නිදිගෙ සිංහල දැණුම දියුණු කරගත්තෙ කොහොමද කියලයි?

    සූප සාත්තර දැණුම නං ආච්චී හරහා එන්න ඇති. බතික් සහ මුද්‍රණ තාක්ෂණය ඉගෙන ගැනීම ගැනත් වෙනමම කතන්දර ඇතු නේද?

    ReplyDelete
    Replies
    1. සිංහල දැනීම ගැනනම් බස්සා මහත්තයෝ ඉස්සෙල්ලාම කියන්න වෙන්නේ 'ලංකාදීප' පත්තරේ ගැන. හෝඩියේ පන්තියටත් යන්න කලින් මං අපේ ආච්චිලට ඇහෙන්න කුමන්ත්‍රණ නඩු විභාගයේ වාර්තා හඬ නඟා කියෙව්වේ. ඒ කාලේ පත්තරයක් කියන්නේ සිංහල නිවැරදිවම ලියවී තිබුණු තැනක්.
      http://nidigepanchathanthare.blogspot.com/2018/06/blog-post_26.html
      ඊළඟට කියන්න වෙන්නේ මගේ 'පොත්, පත්තර' කියවීමේ නොසංසිඳෙන පිපාසය ගැනයි. අපේ මහරගම ආච්චී ඉඩ තියෙන හැම වෙලාවකම කියා දුන් බණ කතා- ජාතක කතා- දෙමල චිත්‍රපට කතා- කවි කතා ඒ කියවීමේ පිපාසය තවත් වැඩි කෙරෙව්වා.
      තුන්වැනි කරුණ මට හමු වුණු සිංහල ගුරුතුමියෝ. හතරේ පන්තියේදී එන්.එම්. පෙරේරා ටීචර්. (පස්සේ කාලෙකයි දැනගත්තේ එතුමිය පුවත්පත් කලාවේදී විමලසිරි පෙරේරා මහතාගේ බිරිය බව.) හතේ පන්තියේදී වීරසිංහ ටීචර්. හරිම රසවත්ව ඉගැන්නු කටකාර ටීචර් කෙනෙක්. වෙනත් විශයයක් උගන්වන වෙලාවේ ඇසු ප්‍රශ්නයකට ළමයෙකු උත්තර දුන්න 'කපු වගාව' කියලා. එතුමිය ගත් කටටම මහා හයියෙන් කිව්වේ නැතෙයි 'කපු නෙවෙයි පුක' කියලා. එතකොට හිතා ගත්තැකිනෙ ඈ ගැන.
      තෙවැන්නිය හා වඩාත් දැනුමින් සපිරුණු ටීචර් විදිහට මට මතක එම්.පී. පෙරේරා ටීචර්වයි. එතුමියගේ කාලේ මා ලියු රචනාවන් හැමදාම පැසසුමට ලක් වුණා. අදටත් මං ඒ හැම දෙනාටම පින් දෙන්නට ලෝබ වෙන්නේ නෑ!

      තව තියෙනවා....

      Delete
    2. අපේ ආච්චී හාල් පොලු කාලේ මයියොක්කා ලෙලිත් තම්බල- බැදලා කෑමට හදල දුන්නු ජාතියේ නිර්මාණශීලී කෙනෙක්. එයා වවිධ කෑම; අපේ ගම්වල කෑම අපට අඳුන්නලා දුන්නා- ඒවා හදලත් දෙමින්.
      සීයා- තාත්ත දෙන්නමත් හොඳ කෝකියෝ. හැබැයි ඒ එක්කෙනේක්ගෙන්වත් පරිප්පු හොද්දක් හදන තරම්වත් දෙයක් මම ඉගෙන ගත්තේ නෑ.

      සූප සාස්තර දැනීම ලබා ගන්නම වුණේ දෙමටගොඩ රේල්වේ කැන්ටිම කරනකොටයි. ගුරුතුමී කළු අක්කයි.
      https://nidigepanchathanthare.blogspot.com/2020/08/blog-post.html
      ඊට පස්සෙයි කළු අක්කයි මායි මැණික් ගරන්න දියවින්නට ගියේ.
      http://nidigepanchathanthare.blogspot.com/2018/06/blog-post_75.html

      Delete
    3. බතික් හා මුද්‍රණ අංශ දෙකටම වැටුණේ අහම්බයන් විදිහටයි... ඒවා ගැන විස්තරත් මං දැනටම ලියා තියෙනවා, මුල් කාලයේදීම. මෙන්න links:
      https://nidigepanchathanthare.blogspot.com/https://2019/04/blog-post_6.html

      http://nidigepanchathanthare.blogspot.com/2018/06/blog-post_29.html

      බකුසුතුමෝ, දිග උත්තරයක් දෙන්න වෙන ප්‍රශ්නයක් ඇහුවට ඔයාටත් පින්!
      මොකද දන්නවද - මට උදව් වෙච්චි ගොඩක් දෙනෙකුටත් කෘතවේදීව ආපහු ස්තුති කරන්න මට ඇහැකි වුණා ඔයාට උත්තර දෙද්දී.
      මට මෙතෙක් උපකාරී වුණු ඒ හැමටමත්, මං ලියන දේ කියවන දයාබර පාඨක ඔබ හැමටත් පින්!

      උත්තරේ ලියලා සෑහෙන වෙලාවක් තිස්සේ මේ බලාගෙන ඉන්නවා, ඉන්ටනෙට් ලයින් එක ආයෙම වැඩ කරනකල්! ටෙලිකොම් ලයින්ස් හරිම ලෙඩ- වැස්ස නිසාද කොහෙද. සැරෙන් සැරේ කැඩෙනවා. එයාලා කියනවා සකල මහා දෝෂ නැති වෙනවලු 'ෆයිබර් ලයින්' ගත්තොත්. අන්ලිමිටඩ් තියෙද්දී කිව්වා Adsl ගන්න කියලා. ගත්තා... දැන් කියනවා ඊට වඩා 'ෆයිබර්' හොඳලු... ඔන්න ලකේ වැඩ... හැම තැනම හිලක්!

      Delete