li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Friday, August 25, 2023

Happy Birth Day!

අන්ත දිළිඳු බවේ ගැලී සිටි ඔවුහු යන්තම් ජීවිතය පවත්වාගෙන ගියහ...

ජෝන් ඉවන්ස් මගේ ජීවිතයට පිවිසුණේ අහම්බෙනි; නොසිතූ විලසිනි.

ඉරුණු සපත්තු... වැරහැලි වී ගිය අණ්ඩ දැමූ ඇඳුම්... ඒවායින් සැරසුණු ජෝන්ගෙන් පළ වුණේ සිත් ඇදගන්නා පෙනුමක් නොවේ. ඊටත්, ඒ ඇඳුම වුණත් ජෝන්ට වඩා විශාල අයෙකුට ඔබින්නකි.

ඒ ඇපල් නෙළන සමය විය. තරගයට මෙන් ඉදෙන ඇපල් නෙළන්නට විශාල පිරිසක් අවශ්‍ය වූයෙන්, උතුරු කැරොලිනාවට කළු ජාතික සංක්‍රමණිකයෝ පැමිණෙමින් සිටියහ. අන්ත දිළිඳු බවේ ගැලී සිටි ඔවුහු යන්තම් ජීවිතය පවත්වාගෙන ගියහ. එහෙ-මෙහෙ යමින් කම්කරුවන් ලෙස සේවය කළහ.
ජෝන් ඉවන්ස් අයත් වුයේද එවැනි පවුලකටය.

මම එකල දෙවෙනි ශ්‍රේණියේ උගැනුම ලබන සිසුවියක් වීමි.

*****

පැහැබර උදෑසනක අපේ පන්තියට ගලා එමින් තිබුණු ළා හිරු කිරණ මැදින් ජෝන් අපේ පන්තියට පැමිණියේය. ලජ්ජාශීලීව පැකිලෙමින් ගුරුතුමිය වෙත පා නඟන ජෝන් දුටු අපි මුහුණෙන් මුහුණ බලා ගත්තෙමු. අපේ මුහුණුවල තිබුණේ එකම හැඟීමකි. ඒ අප්‍රසාදයයි!

ඔන්න ඔන්න ඔයාලගෙත් අප්‍රසාදය ලියලන වෙලාව ආවා!
ඒත් ඉතිං මක් කරන්නෙයි. පටන් ගත්තු කතන්දරේ කියල ඉවර වෙලා අටුවා-ටීකා ටික කියන්න හිටියෝතින්... එහෙම ‘අන්තිමට පූර්වාපර සන්ධි ගලපන ක්‍රමය’ හොඳයි ‘පන්සිය පනස් ජාතකය’ ලියපු කාලෙට.
මට මතකයි ඉස්සර පිචැර් එකක් බලද්දී වැඩි දෙනෙකුට අන්තිම චුට්ට මිස් වෙන හැටි. එහෙම වුණේ අන්තිම සීන් එකත් බලන්න තරං ඉවසිල්ලක් නැති මිනිස්සු නැඟිට-නැඟිට යන්න පටන් ගන්න නිසා.
හැබෑටම අපි කිසිම ඉවසිල්ලක් නැති ජාතියක්ද?

ඒක නෙවෙයි. අද කියන්න යන කතාව ඇත්ත කතන්දරයක්. Reader’s Digest සඟරාවක පළ වෙලා තිබුණු මේ කතාව අනුවර්තනය කරලා සිංහලෙන් ලිව්වේ ‘නිමල් දිසානායක වන මම්ම වම්හ’.
ඒ, 1998 ඔක්තෝබර් 5 වෙනි සඳුදා පළ වුණු ‘පිවිතුරු’ යොවුන් පත්තරේට.
ඒ පත්තරයේදි මං ‘ලොකු අම්මා’ විදිහට රූපාන්තරණය වෙච්ච හැටි ‘
ලොකු අම්මත් එක්ක’ postsවලදී ලිව්වා, ඔයාලටත් මතක ඇතිනෙ.
‘දඟකාරි...’ ලිපි පෙළයි, ‘සිකුරු විජිතය’ නවකතාවයි දෙක සතිපතාම පත්තරේට ලියන අතරේ ඉඳහිට මෙහෙම දේවලුත් මගෙන් කෙරුණා. (‘පිවිතුරු’ සංස්කාරක අංජන ඉන්ද්‍රජිත් හිතවතාත් මගේ මෙහෙම වැඩවලට බොක්කෙන්ම සහාය දුන්නා. ස්තුතියි අංජන.)

ඔන්න මං අනුවර්තනයෙන් තව කොටහක් දීලා ඉන්නයි හදන්නෙ. (දුඹුරට හුරු රතු පාටින් තියෙන්නෙ ඒ කතන්දරේ කොටස්ය.)

අපේ ගුරුතුමිය පාමෙල් මහත්මිය ඔහුගේ නමත් පැමිණීමේ ලේඛනයට ඇතුළත් කළාය.
අපේ විරෝධය ක්‍රමයෙන් වැඩි වෙන මුණු-මුණුවක්ව නැඟී එද්දී පාමෙල් මහත්මිය  හිස ඔසොවා බැලුවාය. පංතියම නිහඬතාවේ ගිලුණි.

“ළමයි... මේ ජෝන් ඉවන්ස්!”

ජෝන්ගේ මුහුණෙත් මඳ සිනහවක් පිපී තිබුණද අපි සිනා නොවූයෙමු!  

පාමෙල් මහත්මිය හැකිතාක් උද්‍යෝගිමත් වීමට වෙර දරන බව පැහැදිලිවම පෙනුණි. ජෝන්ගේ මුහුණෙත් මඳ සිනහවක් පිපී තිබුණද අපි සිනා නොවූයෙමු. ජෝන්ගෙ සිනහව කෙමෙන් විරිත්තීමකට පෙරළුණද අපි එය ගණන් නොගත්තෙමු.
පාමෙල් මහත්මිය පන්තිය සිසාරා බලද්දී මට දෙවියන් සිහි වුණි.

“අනේ දෙවියනේ...   ටීචර්ට මේ හිස් පුටුව පේන්න එපා.”

දෙවියන් මගේ යැදුම් ගණනකට නොගත්තා විය යුතුය. පාමෙල් මහත්මිය මා අසලම තිබුණු හිස් පුටුව දැක්කා පමණක් නොව, ඉවාන්ව එතැනට එව්වාය. මා අසලින් වාඩි වෙන අතරෙත්, ජෝන් සිනහවක් පාමින් මා දෙස බැලුවද මම බුරුලක් නොපෙන්වූයෙමි.  හිස ගස්සා ඉවත බලා ගත්තෙමි.
‘එයා කොහෙද මාව යාළු කර ගන්නේ...  ඒව හඳේ!’ මම මටම කියා ගත්තෙමි.

පළමු සතිය ගෙවී ගියේය. තවමත් ජෝන්ට මිතුරු මිතුරියන් කිසිවෙකු නැත.

*****

“ජෝන්ගෙම වැරැද්ද අම්මේ! එයා තවම හරියට ගණන් කරන්නවත් දන්නෙ නෑ... අඳින්නෙත් පරණ ඒවා. මහ විසාල බාච්චු ඇඳුම්.” එක්  සවසක මම අම්මාට කීවෙමි. හැම සවසකම ජෝන් ගැන මොන-මොනවා හෝ කීම ඒ වනවිට මගේ දින චරියාවේම අංගයක්ව තිබුණු බව මට නොවැටහිණි.

එහෙත් ඒ සෑම විස්තරයකටම හොඳින් කන්දීමට අම්මා පුරුදුව සිටියාය. එහි ප්‍රතිඵලය වූයේ ඇසින් නොදැකම අම්මා ජෝන් ගැන සියල්ල දැනගෙන සිටීමයි. ඇයට මගෙන් වැඩි විස්තර අවශ්‍ය වූ විටෙක ඇය කළේ ‘ඇත්තද?’, ‘ඉතිං ඉතිං’ වැනි වදනක් පිට කිරීම පමණි. එයින් දිරිමත් වෙන මම ගිරවියක සේ සියලුම විස්තර අකුරක් නොහැර ඇයට කිව්වෙමි.

*****

එක් දිවාහාර විවේකයකදී, මම මගේ අහර බඳුනට එබීගෙන එහි ඇති දෑ තෝරමින් සිටියෙමි.

“මං මෙතැනින් වාඩි වෙන්නද?”

මේ, මාත් පොඩ්ඩක් පීල්ල මාරු කරන්නද...
දන්න විදිහට දත කාලා- නැහීගෙන හරි මට නං මෙහෙම සිංහලයට නඟන්න හිතෙන්නේ ‘මගේ බොක්කටම වැදුණු ලියවිල්ලක්’ විතරයි... එහෙම හිතට වැදුණු මේ කතන්දරේ ‘පිවිතුරු’වල පළ වුණේ කොටස් දෙකකට.

1998; අදින් වසර 25කට කලින් ලියැවුණත්, මේ ලිපිය outdated වෙලා නෑ කියලයි මට හිතෙන්නේ.

1998; අදින් වසර 25කට කලින් ලියැවුණත්, මේ ලිපිය outdated වෙලා නෑ කියලයි මට හිතෙන්නේ.

තව කාරණයක් නිසයි මේ ලිපිය මට මතක් වුණේ.

මේ සතියේ මගේ නෑදෑ - හිතවතුන් ගණනාවකගේ උපන් දින යෙදී තියෙනවා. එක්කෙනෙක් තමයි අපේ මානෙල් නංගිගේ දූ; උපේඛා කෞෂිනී. පෙරේදා; 21 වෙනිදා උදේ මම එයාට සුබ පැතුවා. හවස එහෙ ගියා, අම්මව බලන්නත් එක්ක.

දවස් කීපයක ඉඳලා අම්මව ඇඳෙන් නැඟිට්ටවන්න අමාරුයි. එකම ඉරියව්වකින් වැතිරිලා ඉන්නයි කැමති. ඒත් කවුරු හරි ඇවිත් ඉන්නවා නං, ටිකක් නම්‍යශීලීයි.
ඔන්න උදේට මං අම්මට වීඩියෝ call එකක් ගන්නවා. බාග ඇත්තක් කියනවා. “මම අම්මව බලන්න එනවා... මානි අම්මට wash එකක් දාල, මොනව හරි කවල ලැහැස්ති කරලා තියයි. මම එන්න කලින්, එයාට එව්වා කරන්න අම්මත් උදව් වෙන්න ඕනි, හොඳේ.” මම කියන්නෙමි. මං අම්මාට නොකියන්නේ එහි යන වෙලාවයි. නෙවිලුත් මාත් කොට්ටාවට යන්නේ හවස්කරේය.

එදාත් කළේ එහෙමය. ඒත් එහෙම යනකොටත් අම්මා ඇඳේය.

“අම්මේ, මෙන්න ලොකාල ඇවිත්. අපි ඉක්මනට වොෂ් එකක් දාගෙන එමු නේද?” අම්මාත් කැමැත්ත දෙයි. අසල්වැසි හේමමාලිගෙත් උදව් ඇතිවය; මානි අම්මාව සෝදා පිරිසිදුකොට රෝද පුටුවේ වාඩි කරවන්නේ. “ලොකා ආවම අම්මා නැඟිටින්න කැමතියි. කීයට හරි ඔයා යනකල්ම පුටුවේ ඉන්නත් ලැහැස්තියි.” අම්මලා දෙන්නාට කවන රාජකාරිය කරන්නට සැරසෙන අතරේ මානෙල් කියයි.

දැන් අපේ අම්මා වචන දෙක-තුනකට වඩා කතා නොකරයි. ඒ අඩුව පුරවන්නේ මානෙල්ය. එයාටත් හිතේ හැටියට ඒ ටික කර ගන්නට ඉඩ නොදෙන්නේ හුරතල් හිමන්‍යාය. සිය වතාවක් විතර බොහෝම පොලයිට් විදිහට ‘Excuse me ලොකු සීයා...’ කියමින් එයාට අවධානය ඇද ගනියි; එයාගෙ කතන්දර කියයි.

ඉතිං, අන්තිමට අපි කට්ටිය කෑමට සැරසුණාමය, ‘රෝසි’ දුක හිතෙන කතාව කිව්වේ.
“මම අද දවල්ටත් නොකා රෑටම කන්න හිටියෙ අම්මා කහබත්වත් හදල තියෙයි කියල. නැත්තං ලොකු මාමා මොනවා හරි හදාගෙන එයි කියලා මගේ birth day එකටත් එක්ක. ෂෙඃ, වැඩේ වැරදුණානෙ.”

සමහරෙකුට උපන් දිනය  සුවිශේෂී එකකි. විශේෂයෙන්ම ළමයින්ටත්, තරුණ වියේ පසු වන්නන්ටත්...
එතකොට ජෝන්ට? එයාට කොහොමද දැනුණේ කියලා ඉතිරි ටික කියවලම බලමුකෝ.

පේන තරමටම එයා නරක නැහැ වගේ...
හිස ඔසොවන්නේ නැතිවම වුවද ඒ ජෝන් බව හඳුනා ගැනීම මට අසීරු නොවීය. එහෙත් මම හිස ඔසොවා බැලීමි. ජෝන් බෙහෙවීන් ආචාරශීලීව අහර බඳුනත් රැගෙන මගේ ඉදිරිපිට සිටගෙන සිටියි. මගෙන් අවසර නොලබාම වුවද ඔහුට මා අසල වූ හිස් පුටුවේ වාඩි වෙන්නට ඉඩ තිබිණි.

කෑම ශාලාවේ හැමෝම අප දෙස බලාගෙන සිටිතැයි මට හැඟුණත් මම වටපිට නොබැලුවෙමි. පුංචි සිනහවක් පාමින්, හිස සලා ජෝන්ට අනුමැතිය දුන්නෙමි. පසෙකින් වාඩි වූ ඔහු සංවරව අහර ගන්නට වූයේය.

‘පේන තරමටම එයා නරක නැහැ වගේ.’

අලුත්ම සිතිවිල්ලක් මගේ හිතේ ඇඳී ගියේ මටත් හොරෙනි. ආහාරයෙන් පසු මම ජෝන්ගේ අතින් අල්ලා ගෙන පිට්ටනියට දිව්වෙමි. එවෙලේ මගේ හිත පුදුමාකාර ප්‍රමෝදයකින් පිරී තිබුණු බව මට තවමත් මතකය.

*****

“ඇයි අම්මේ අනිත් ළමයි ජෝන් එක්ක යාළු වෙන්නෙ නැත්තේ” එදාම සවස මම අම්මාගෙන් ඇසුවෙමි. ඇය දෙවුර හැකිළුවාය.

“අනේ මන්දා... සමහර විට එයාලා දන්නෙ නැතුව ඇති අලුතින් එන යාළුවෙක්ව පිළිගන්න හැටි.”

එතැනින් එහාට කිව යුතුදේ සිතාගත නොහැකිව මම ගොළු වුණෙමි. මා වෙනදාට වඩා හුරතල් වෙමින් අම්මාගේ ළඟම දැවටෙන විට ඇයට යමක් වැටහුණා විය යුතුය.
“මොකද ළමයෝ?”
“හෙ..ට ජෝ..න්ගේ උ.ප.න් දිනේ අම්මේ...”
“ඇත්තද?”

“ජෝන් පව් අම්මේ! අම්ම දන්නවද, එයාට උපන් දි..නේ..ට..වත් මොනවත් හම්බ වෙන්නෙ නැහැල්ලු අම්මෙ... එයාගෙ තාත්තට සල්ලි නැති හින්ද කේක් එකක්වත් හදන්නෙ නැ..හැ..ලු...”
“කවුද ඔයාට ඕවා කිව්වේ?”

“ජෝන්මයි කිව්වේ... ම.ම.නෙ දැන් එයාගෙ යාළුවා...”

අම්මා හිස සලා නිහඬ වූවාය.
නිහඬව සිටි නමුත් මට මැවි-මැවී පෙනුණේ අපේ උපන් දින දවස්ය. අක්කාගේත්, මගේත් උපන් දිනවලදී නොවරදවාම අපට තෑගි ලැබෙයි. අපේ පංතියටම සෑහෙන ලොකු කේක් එකක් සාදන අම්මාම එය පාසලට ගෙනෙයි.
අපේ පන්තියේ අනිත් ළමුන්ගේ උපන් දිනවල ඔවුන්ගේ අම්මලාත් එසේ කරන්නට පුරුදුව සිටියහ. ඒත්, දැන් ඒ සිරිත කැඩෙන්නට යයි. ජෝන්ගේ උපන් දිනය කිසිම විශේෂත්වයකින් තොරව ගෙවී යනු නිසැකය.

‘පව්! ජෝන්ට හොඳටම දුක ඇති.’

මුව ගහණය වඳවී යන්නට කිට්ටු විත්තිය මම ලිව්වෙමි. එයින් කම්පිතව Praසන්හිතවතා මෙසේ...

නිඳි යහනේ වැතිරෙන වීටත් මට සිහි වුණේ පසුදා එළඹෙන ජෝන්ගේ උපන් දිනය පිළිබඳවය. මාද නොදැනුවත්වම මට හීල්ලුණි. අම්මා මගේ පොරෝනාව මැනැවින් සකස්කොට, මෘදු ලෙස මගේ හිස අත ගාන්නට වූවාය.

“ජෝන් පව් නේද අම්මේ...”
“ඔයා බලන්නකෝ, සේරම හරි යයි.”

ඒ දක්වාම අම්මා කියන ඕනෑම දෙයක් දේව භාෂිතයක් ලෙස අදහන්නට පුරුදුව සිටි මගේ සිත එවෙලේ නම් කීරි ගැසී යනු මට හැඟිණ.

‘සේරම හරි යන්නෙ කොහොමද? අම්මට වැරදිලා... ජෝන්ලට එක පාරටම අද රෑට සල්ලි ගොඩක් ලැබෙනවයැ...’

*****

“අනේ අම්මේ, අද මං ඉස්කෝලේ නොයා ඉන්නං.”

එදින උදේ තේ බොද්දී මම මගේ අහිංසක ඉල්ලීම අම්මාට ඉදිරිපත් කළෙමි.
“මොකෝ, අද ජෝන්ගේ උපන් දිනේ හින්දද?”
අම්මාට මගේ හිතේ තිබුණු හැඟීම පෙනුණාවත්ද? ලජ්ජාවෙන් මගේ දෙකම්මුල්වලට ලේ පුරන්නට විය. මම බිම බලා ගත්තෙමි.

“ඔයා ආසයිද ඔයාගෙ උපන් දිනේ දවසෙ ඔයාගෙ හොඳම යාළුවා ඉස්කෝලේ නෑවිත් ඉන්නවට...” අම්මා ඉතාමත් මෘදුව විමසුවාය. ඇගේ කතාව නිවැරදිය.
ජෝන්ට කේක් නැති විය හැකිය; තෑගි නොලැබීමටත් හැකිය; එහෙත් ජෝන්ගේ හොඳම යෙහෙළියගේ උපන් දින සුබ පැතුමත් ඔහුට අහිමි වී යා යුතු නැත!

ඇහැට ඇඟිල්ලෙන් ඇනලා මෙහෙම දේවල් උලුප්පා පෙන්වා දිය යුතු නැතත්, පෙන්වන්නෙමි.
දැනුම්-තේරුම් ඇති යුරෝපීය මාතාවක් තම දූ සිඟිත්තියගේ සිතේ මෙලෙස ‘යහ ගුණදම් බීජ’ රෝපණය කරන්නේ කෙතරම් සූක්ෂ්ම අයුරින්ද? සිතක් සංවේදී කළ යුත්තේ; සිතක් සුසර කළ යුත්තේ ඉසියුම් ආකාරයෙන් මිස පොල්ලෙන් ගහන්නා සේ දඩබ්බර අයුරින් නොවේ. ඇත්තෙන්ම එය කලාවකි!

ඒ කලාව අපේ ගුරු- දෙගුරු- දෙමාපිය ඇත්තන්ට නුහුරු නිසාදෝ, අපේ රටේ අද්‍යතන පුරවැසියන් බොහොමයකගේ හිතේ තෙතමනය අඩුවී ගොසිනි.

මට එහෙම හිතුණේ මන්දැයි, ඊයේ උදේත් මගෙන් ලියැවිණි. ඒ නිදිගෙ පංච තන්තරේ නොකඩවා කියවන; නොකඩවාම commentsතුත් එවන Praසන් හා බස්සා රසිකයන්ට උත්තර දීමේදීය.

වස්ගමුවේ මුව ගහණය වඳවී යන්නට කිට්ටු විත්තිය මම ලිව්වෙමි. එයින් කම්පිතව Praසන් හිතවතා මෙසේ කියා තිබිණි. 

‘මේ දවස්වලත් සත්තුන්ට උදාවෙලා තියෙන්නෙ එච්චර හොඳ කාලයක් නෙමෙයි. මේ පෑවිල්ල තව ටික කාලයක් අල්ලල හිටියොත් ඔය කැලෑවල ඉන්න ගොඩක් සත්තුංගෙ ඉරණම විසඳෙයි. එහෙම නොවේවා කියල ප්‍රාර්ථනා කරමු.’

 ‘උපන් දිනේ කියන්නෙත් අනිත් දවස් වගේම එකක් තමයි.’

මේ ඊට මගේ උත්තරයයි:

‘මාත් එහෙම ප්‍රාර්ථනා කරනවා ප්‍රසෝ!
සති දෙකකට කලින් අඟුණකොළපැලැස්සේ හිතවතෙක් කිව්වා දැන් එයාලා ඒ පැත්තේ කිසිම මසක් කෑමට නොගන්නා බව. එහෙම කරන්නෙ මිනිස් තිරිසන්නු කුඩා වතුර වළවල්වලට වස දාලා වනසතුන් බුරුතු පිටින් මරලා- මස් කරන හින්දලු.
පෙරේදා ඒ ගැන නිව්ස් එකකුත් දැක්කා...’

බස්සා මහතාත් අපේ අදහස් හුවමාරුවට එකතු වුණේ මෙසේ අසමිනි:
“අපෝයි! දෙයියනේ.
ඇයි අපට මෙහෙම වුණේ?”
ඒ විතරක් නොවේ, උන්නැහේගේ ‘බකමූණු අඩවියේ’ අලුත්ම පෝස්ටුව;සොහොන්පල්ලාගේ මතක වස්තුව’ එකේ  comment එකකදීත් මේ ගැන සඳහන්කොට තිබිණි.

මේ ‘අපේ මනුස්සකම විතැන් වී - හිතේ තෙතමනය තුරන් වී තියෙන තරම පෙන්නන එක දර්ශකයක්’ බව මගේ නිගමනයයි! ජාතියක් වශයෙන් පමණක් නොව, රටක් වශයෙන්මත් වඩා සංවේදී වන්නට අපි පුරුදු විය යුත්තෙමු.
ඒ බව ධාරණය කර ගන්නා අතරේම, කාරුණික ගුණයෙන් සපිරි අපේ කථිකාවිය ඊළඟට කළ- කී දේවල් මොනවාදැයි දැන් සොයමු.

පාසලට ගිය විගස මම ජෝන්ට සුබ උපන් දිනයකට ආසිරි පැතුවෙමි.

ජෝන්ගේ විසල් දෙනෙත් කාන්තියෙන් බබළන්නට ගත් විට ඔහුගේ ප්‍රීතිය නිම්හිම් නැති එකක් බව මට වැටහුණි.
අම්මා කියා තිබුණේ ඇත්තම ඇත්තකි! මොනවා නැතත් ජෝන්ට මගේ උණුසුම් සුහදත්වයවත් ලබා දිය යුතුය.

එදා දහවල් වන විට මගේ පුංචි සිතේ ලොකු සිතුවිල්ලක් පැලපදියම්ව තිබිණි.
‘උපන් දිනේ කියන්නෙත් අනිත් දවස් වගේම එකක් තමයි.’

පාමෙල් මහත්මිය කළු ලෑල්ලේ ගණනක් සාදමින් සිටියදී සුපුරුදු රිද්මයැති හඬක් අතින් නැඟී ආවේය.
ඒ හඬ මට හොඳටෝම පුරුදු එකකි; මා හඳුනන එකකි... ඒත්, අද? අද ඇය සුබ උපන් දිනයක් පතන්නේ කාටද?

ටිකකින්ම, පන්ති කාමරයට පිවිසෙන දොරටුව අසල අපේ අම්මා දිදුලමින් පෙනී සිටියාය. නිකන්ම නොවේ; දැල්වෙන ඉටිපන්දම් සහිත සුවිසල් කේක් ගෙඩියක්ද සුරතේ දරා ගෙනය.
අම්මාගේ අනිත් අතේ ලස්සනට ඔතනු ලැබූ හුරුබුහුටි පාර්සලයකි. පාර්සලය මනාව ඔතා, ලස්සන කඩදාසි රිබන් පටියකින් ගැට ගසා තිබිණි.

‘හැපි බර්ත් ඩේ ටු යූ!’ අම්මගෙ කන්කලු හඬට පාමෙල් මහත්මියගේ උච්ච ස්වරයත් එක් වුණි.

පන්තියේ සියලුම ළමෝ මා දෙසට හැරුණාහ. ඔවුහු අපේ අම්මාව හඳුනති. මගේ උපන් දිනය ඊට මාස දෙකකට පෙර යෙදුණු බවද ඔවුහු දනිති.

එදා මා සමඟ එකට පන්තියේ සිටි කිසිම යහළුවෙකුගේවත්, යෙහෙළියකුගේවත් නම් පවා අද මගේ මතකයේ නැත.

එහෙත් අපේ අම්මාගෙත්, පාමෙල් මහත්මියගේත් නෙත් යොමු වී තිබුණේ මා දෙසට නොවේ. ජෝන් දෙසටය.

බියෙනුත්, කුතුහලයෙනුත්, ලජ්ජාවෙනුත් වෙළී මිරිකුණු ජෝන් කළ යුතු කිසිවක්ම තෝරාගනු නොහැකිව ගල් ගැසී බලා සිටියේය.
අම්මා ඔහු වෙතට අවුත්, කේක් ගෙඩිය ඔහුගේ ඩෙස්කුව මතින් තැබුවාය.

“සුබ උපන් දිනයක් ජෝන්!”
පන්තියේ ළමයි සැවොම එකාවන්ව අත්පොළසන් දෙමින් ප්‍රීති ඝෝෂා නඟමින් ‘සුබ උපන් දිනයක් ගීතය’
ගයන්නට එක් වූහ. මමත් දෙනෙතේ කඳුළු තෙරපෙද්දී ඔවුන් හා එක් වූයෙමි.

*****

ඇපල් නෙළන සමය අවසානයේ ජෝන්ලා වෙනත් පළාතකට ගියහ.

එදා මා සමඟ එකට පන්තියේ සිටි කිසිම යහළුවෙකුගේවත්, යෙහෙළියකුගේවත් නම් පවා අද මගේ මතකයේ නැත. එහෙත්...
‘සුබ උපන් දිනයක්’ ගීය ගැයෙන ඕනෑම මොහොතක මගේ මතකයට නැඟෙන්නේ ඒ පංති කාමරයයි. එම ගීතය සැබවින්ම අර්ථාන්විතව, වඩාත් හැඟුම්බරව ගායනා කෙරුණේ එදා බව මට සිතෙයි.

එපමණක්ම නොවේ!
එතෙක් මෙතෙක්- එදා තරම් රසවත් කේක් කැබැල්ලක් රස බලන්නට අවස්ථාවක්ද මට නොලැබුණු බව මම ඕනෑම තැනක දිවුරා කියන්නෙමි෴0෴

35 comments:

  1. කාලයක් අපෙත් ප්‍රියතම සඟරාව වෙලා තිබ්බේ ඕක තමයි. හිතට දැනෙන කතාවක්.

    ReplyDelete
    Replies
    1. ගොඩාරියක් ස්තුතියි Litseeker, ඒ සඟරාව ඉතාම අපූරුවට සංස්කරණය කෙරුණු එකක්.

      Delete
  2. පරිවර්තන ගැන මගේ අදහස, මුල් කතාවේ ඇති නම් (ජෝන්,පමෙල් වගේ) යෙදුවම මට පොත නැගල යන්නේ නෑ. සමහර පරිවර්තන ලංකාවට හුරු නම් දාල කරලා තියෙනවා, ඒවා කියවන්න ලේසියි කියල හිතෙනවා (මේක මගේ දුර්වලකමක් වෙන්න පුළුවන්)

    ආ උපන්දින ගැන, අපේ පුතා පොඩිකාලේ තෑගි හම්බ උනාම පොර එකේ මදේ (කාර් වගේ ඒව වල) එලියට ගන්නවා දුන්න කෙනා යන්න කලින්, මාර උප්සැට් වැඩේ. අපි ටක් ගලා තෑග්ග හංගනවා දුන්න කෙනා යනකම්. උන් බලනවා කෝ මේ පොඩි එකාට දුන්න තෑග්ග කියල.

    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. රුසියානු පොත්වල පරිවර්තනවලට මුල් කෘතියේ නම් යොදල තියද්දී නම් පාඨකයා සෑහෙන අමාරුවක වැටෙනවා. මොකද ඒ නම්වලම කෙටි නමත් පාවිච්චි වෙනකොට.
      ඒ බව පරිවර්තකයන්ටමත් වැටහිලා තියෙන බවට හොඳම උදාහරණය 'යුද්ධය හා සාමය'. පරිවර්තනයේ මුලින්ම චරිත ගැන සම්පූර්ණ විස්තරයක් දාලා තියෙනවා විජේබාහු මහත්තයෝ.
      දැන් පොඩ්ඩෝ ගැන බැලුවොත් ඔයාට පුදුම හිතෙයි විජේබාහු මහත්තයෝ.

      Delete
    2. .... එයාලා හෙණ ඇඩ්වාන්ස්!

      Delete
  3. පරිවර්තනයක් වුණත් ඉතාම සංවේදීව හිතට දැනෙන විදියට ලියන්න පුළුවන් සැබෑ දක්ෂ ලේඛකයෙක් විදියට අපට නිමල් දිසානායකයන් හඳුනාගත හැකි විදියේ පෝෂ්ට් එකක්, ඇත්තටම නිමල් මේ කියන විදියට මානූෂීය ගුණාංග වර්ධනය කර ගැනීම වගේම සරලකම සහ ලැබෙන ආදායමට අනුව සතුටින් ජීවත් වෙන ගමන්ම ඉදිරි දියුණුව සහ සුබසිද්ධිය ගැන කැපවීම වගේ දේවල් වලට ලංකාවේ ජනතාවට හුරු කිරීම අත්‍යවශ්‍ය කාරණයක් ලෙස මට හිතෙනවා

    මම මාතලන්ගේ බ්ලොගය තුල සරලකම විශේෂයෙන්ම භාරතීය සමාජය තුල විද්වතුන්ගේ ඇති සරලකම ගැන ලියුවා මෙහෙම

    //ලංකාවේ මීගවයෝ අල්ලපු රටෙන් ගන්නේ එපාම කරපු නරකම දේවල් විතරයි හොඳ දේවල් මොනවත් ම නෑ නේද? මාතේ ඔය ඉන්දියාව හදට ගිය රහස ගැන කියද්දී ඉන්දියාවේ නායක නරේන්ද්‍ර මෝදි ළඟින්ම ගමන් කරපු අර ඡායාරූප වල ඉන්න සුප්‍රසිද්ධ කෙසඟ පුද්ගලයා කවුද දන්නවද..? ඔහුගේ නම මහාචාර්ය සම්බාජි බීඬේ. ලොවම පිළිගත් පරමාණුක භෞතික විද්‍යාවට රන් පදක්කම් දිනූ අසහාය විද්‍යාඥයෙක්. මහාරාශ්ට්‍ර ප්‍රාන්තයේ පූනා හී ෆගියුසන් ආයතනයේ මෙන්ම භාරතයේ කීර්තිමත් සරසවි රැසක දශක ගණනාවක් ඉගැන්වීම් කළ විද්වතෙක්. ඔහු සිදුකළ පශ්චාත් අධ්‍යයන ප්‍රමාණය අසමසමයි. 67කට වැඩි මේ අධ්‍යයන නිබන්ධන වලට මේ මහාචාර්යවරයා භාරතීය හා ජගත් තලයේ සම්මාන සියයකට වැඩි සංඛ්‍යාවක් හිමි කරගෙන තිබෙනවා. ඇමෙරිකාවේ නාසා ආයතනයේ හා පෙන්ටගනයේ උපදේශකත්වයට පත්වූ එකම ඉන්දියානුවා ඔහු පමණයි. මේ සියලු කටයුතු අවසානයේ ඔහු මහාරාෂ්ඨ ප්‍රාන්තයේ තරුණයන් මිලියනයක් සමග භාරතය වෙනුවෙන් සමාජ ක්‍රියාකාරකම් වල නිරත වෙනවා. ලෝකයේ ඉහළම සැප සම්පත් විඳින්නට තරම් උගත්කමක්, ධනයක් තිබුණත් ඔහුගේ ජීවිතය ගෙවෙන විදිහ විශ්මයජනක ලෙස අති සරළයි. ඔහු අඳින්නේ දළ රෙදි පමණයි. සපත්තු තබා සෙරෙප්පුවක් වත් දාන්නෙ නෑ. අනුභව කරන්නේ සරළ ආහාර.

    ඒ අනුව ඔබත් මදක් සිතා බලන්න ජාතියේ අසහාය දියුණුව වෙනුවෙන් රටේ නායකයන් සමග කටයුතු කරන්නට ලැබෙන අවස්ථාවක් අපි ප්‍රයෝජනයට ගන්නේ කොහොමද? අපට තිබෙන හොඳම ඇඳුම, හොඳම සපත්තු යුගලය, හොඳම ඔරලෝසුව... එහෙම නේද?

    ඒත් මහාචාර්ය සම්බාජි බීඬේ........ ! සැබිවින්ම බුද්ධිමත්කමට මනුෂ්‍යයෙකු තුළ ඇති කෙතරම් පරිවර්තනයක් ඇති කළ හැකිද යන්නට මහාචාර්ය සම්බාජී බීඬේ ජීවමාන සාක්ෂියක්. බුද්ධිමත්ව තීරණ ගැනීමට පුළුවන්කම ලැබිල තියෙන භාරතයේ විද්වතුන් උගතුන්ගේ සරල බව අපේ අයත් අධ්‍යයන කල යුතුයි. ‍මෙහෙම මිනිසුන් ජීවත් වන්නෙ මේ මහ පොලවෙමයි කියල අමතක කරන්න එපා//

    නිමල් දිසානායක සූරීන්ටත් මීට යමක් එකතුකර මීට වඩා හොඳට පෝස්ටුවක් දාන්න පුළුවන් බව හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. දැනුවත් කිරීම ගැන ස්තුතියි ඇනෝ!
      කාගෙ වුණත් ඔළුව දැනුමින් පිරෙනකොට- ඒ දැනුම භාවිතයට ගැනෙනකොට- මොළේ පුස් නොකා තියෙනකොට තමයි සරල ඇවතුම්- පැවතුම් ඇති වෙන්නේ.
      ලංකාවේ එහෙම තිදෙනෙක්ව දැන හඳුනා ගැනීමේ වාසනාව මට ලැබුණා.
      පලමුවෙනියයි- දෙවෙනියයි දෙන්නා ගමන්-බිමන් පවා ගියේ නිරුවත් දෙපයින්. සපත්තු සෙරෙප්පු නොදා. පළමුවැන්නා මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ. දෙවැන්නා බලංගොඩ තාරක ප්‍රකාශන ආයතනය පවත්වාගෙන ගිය (අභාවප්‍රාප්ත) රෝලන්ඩ් මහතා.
      තෙවැන්නා ඩී.අයි.ජී. ධර්මසේකර මහතා. පුදුම දැනුමක් තිබෙන කෙනෙක්. 80 ගණන්වල ඔහුගෙ සියලු සේසත පොඩි සිලි මල්ලක දාගෙනයි 'කාලය' සඟරාවේ වැඩවලට අමද්‍යප තරුණ පුහුණු මුද්‍රණාලයට ආවේ. දැනුත්- අනගාරික ධර්මසේකර වුණාට පසුවත් ඒ අල්පේච්ඡ ගතිය රැකිලා තියෙනවද කියලා නං මේ මොහොතේ මගේ නසරානිකමට හිතුණා.

      Delete
  4. පංකාදු පරිවර්තනය!

    පොඩිකාලෙ ඔවදන් වලට වැඩිය ආදර්ශය මගින් පණිවිඩයක් දීම සාර්ථකයි, ඒ වගේම අරක මේක කරන්න එපා කියනවට වඩා දෙයක් කරහම ඒකෙ ප්‍රථිපලය පෙන්වෙ දීමත් සාර්ථක ක්‍රමයක් කියලයි මට හිෙන්නෙ.
    - නමියගෙ වීදිය

    ReplyDelete
    Replies
    1. එකඟයි නමී, ස්තුතියි!
      ර් අකුර හුටපට කරන හින්දා මම දැන් හැකි හැම විටම මැදට ර් එන වචන භාවිතය අඩු කරලයි තියෙන්නෙ.
      ඒකයි comment එකේ මුලට 'සම්පූර්ණයෙන්ම' වචනය නොදැම්මේ...

      Delete
  5. Such an inspiring story.

    නිමල් කියලා තියෙනවා වගේ මමත් කැමති "දැනුම්-තේරුම් ඇති යුරෝපීය මාතාවක් තම දූ සිඟිත්තියගේ සිතේ මෙලෙස ‘යහ ගුණදම් බීජ’ සූක්ෂ්ම අයුරින් රෝපණය කරන" විදිහ මේ කතාවෙන් පෙන්වන එකටයි. බෞද්ධ රටේ නම් බොහෝ විට "ආ ඒ ලමයා ගිය ආත්මෙ පව් කරලා ඒකයි" වගේ කතා විතරක් ඇහෙන්න පුලුවන්. ගොඩක් වෙලාවට අපිට අමතක වෙනවා පොඩ්ඩො අපිව observe කරලා ගොඩක් දේවල් ඉගෙන ගන්න බව.

    "එම ගීතය සැබවින්ම අර්ථාන්විතව, වඩාත් හැඟුම්බරව ගායනා කෙරුණේ එදා බව මට සිතෙයි".
    ඇත්තටම එහෙම අවස්තා තියෙන්නෙ කොයි තරම් අඩුවෙන්ද.

    ReplyDelete
    Replies
    1. අවුරුදු හත-අටේ දූ පුතුන් ලවා පුංචි හොරකම් කරවන අම්මලා තවමත් මං දකිනවා. ඒ වයසේ ළමුන් 'අම්මා මතක් කර බනිනවා'ත් දකිනවා. (අයස්මන්ත මහතා වරක් කිව්වා හම්බන්තොට රෝහලේ ඔපරේෂන් තියටරයෙදී පොඩි දරුවෙක් xත්තො කියමින් බෙරිහන් දුන් හැටි.)
      ඇත්තටම Lotus කුඩා දරුවන්ව නිසි විදිහට හදන්න ඕනි කරන දැනුම අපෙ ගොඩක් තරුණ මව්පියන්ට නෑ. ඒවායේ ප්‍රතිඵල ගොඩක් ඛේදනීය පුවත් හැටියට එළියට එනවනේ දිනපතාම.
      මට තියෙන මොට්ට හිතිවිල්ලක් මේ. ඉංග්‍රීසි පන්නෙට ගුඩ් මෝනින්- තැන්ක්ස්- සොරි- විශ් යු කියලා කොච්චරවත් කිව්වට අපෙ උදවිය ඒවා ඇත්තෙන්ම; හදවතින්ම අදහස් කරලාද කියන්නෙ?

      Delete
  6. ලංකාවේ වී,විද්‍යාලවල රැග් ගැන කියද්දී හැමෝම මතක් කරන්නේ පිටරට එහෙම නෑ කියල, එත් බුලි කරන එක පිටරට ඉස්කෝල වලත් ඇති කියල මට හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. පිටරටවලත් බුලි කරන පුරුද්ද තියෙනවා කියලයි මගෙත් අදහස.
      කල්ලි ගැහීමේ - කල්ලි හදා ගැනීමේ එක නරක ප්‍රතිඵලයක් විදිහටයි මම එක දකින්නෙ. කල්ලියක හිටිද්දී හුඟක් අයට බූරු එඩිතරකමක් එනවා.
      ලලිත්, අපෙ ගෙදරදී සෙට් වෙන කණ්ඩායම් කිහිපයක් තියෙනවා. ඒ අතරේ ඉන්නවා තමන්ගේ දූ පුතුන් ඉදිරියේ මත්පැන්- දුම්වැටි පාවිච්චි කිරීම නොකරන අයත්. තව සමහරුන් තමන්ගේ දරුවන් ඉදිරියේ උඹ- බං- පුx කියලාවත් කියවෙනවාට අකමැති සුචරිතවාදියෝ. හැබැයි- එයාලා අපේ
      ගෙදරදී මිතුරන් කුණුහරුප කියනකොට එයාලාව දිරි ගන්වනවා. අවුස්සනවා. ඒ කණ්ඩායම හුඟක් දවසට විසිර යන්නෙ මගෙන් බැනුම් අහලයි. මහ රෑ වුණත්- අහලපහල ගෙවල්වල ළමයින් සිටින නිසා කුණුහරුප නොකිව යුතු බව පුන-පුනා මතක් කරවන්නයි මට වෙන්නේ.

      Delete
  7. පරිවර්තනය පංකාදුයි. මේ කතාව දේශීයකරණය නොකර එහෙම්ම ලියපු එකට මම නං කැමතියි. අතිශය සංවේදී කතාවක්👌🙏

    කතාව මැදදි නැතුව, වංගු දෙක කතාව අගදි ගැහැව්ව නං තවත් අපූරුයි කියල හිතුනා. මට එහෙම හිතුනට, අනෙක් අයට එහෙම නොවෙන්නත් ඉඩ තියනවා. මේ ලොකා උන්නැහේ, ඔහේ "ගිනියා පිග්" කිය, කිය අපිව කඩේ නේද අරින්නෙ? නැත්නම් කොහොමද මේ වගේ ගැලපෙනම වචන හොයලා මේ පරිවර්තන මෙච්චර යසට කලේ? 😡😮🤔

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බස්සා මහත්තයෝ.
      ඇත්තමයි- ඔයාලා කාවවත් කඩේ යවන්න හීනෙන්වත් හිතන්නේ නෑ. හැබැයි පුරුදු වෙච්ච වැරදි වචන තියෙනවානේ- වැඩිය භාවිත නොවෙන. ගිනීයා පිග් ඒ වගේ වචනයක්.
      ම්..ම්..ම්.. සමා වෙන්න ඕනි මෙහෙම කියනවට. මං කරලා තියෙන්නෙ පරිවර්තනයක් නෙවෙයි. අනුවර්තනයක්. හැබැයි මුල් කෘතියේ රටාව- ශෛලිය- යෙදුම් එහෙම හැකිතාක් රැකෙන විදිහට.
      මේක කියන්නම හිතුනේ ඊයේ රෑ 'හිරු ස්ටෙප් අප්' වැඩ සටහන බලනකොට අනුවර්තනය. පරිවර්තනය ගැන පුදුම හිතෙන නිර්වචනයක් ඇහුනු නිසයි.
      ඉඩක් තියෙනවා නං, මේ වැඩ සටහනේ ඉතා විශිෂ්ට විවරණයක් අතරේදී 'අනුවර්තන' පටලැවිල්ල සිද්ද වෙන හැටි 14 වෙනි විනාඩියේදී දකිත හැකියි.
      https://www.youtube.com/watch?v=ouye9krX_ak

      Delete
    2. මම හිතෙන්නෙ මට තේරෙනවා වෙනස. පින පෑදුන දා - පරිවර්තනය, රොමාගෙ වාසනාව අනුවර්තනය.

      දැන් මේ කතාවෙ ඔරිජිනල් එකට ලින්ක් එකක් නැද්ද? නිදි අතින් දාපු කෑලි මොනවද?🤔

      Delete
    3. ඒ Reader's Digest සඟරා ගොන්නත් තිබ්බේ වේයෝ කාපු ගොඩේ නෙව බස්සා මහත්තයෝ. නැතිනං මටත් ඔරිජිනල් එකත් එක්ක සසඳල බලන්න තිබ්බා.
      අනුවර්තනය කරද්දී අතින් කෑලි දැමීම නං මගෙන් කෙරෙන්නෙම නැති තරම්, අදහස නිරවුල්ව තියෙද්දී.
      මේ කතාව මම අනුවර්තනය කලේ 1998 දී!

      Delete
  8. ඔහෙට කියන්න ලොකා උන්නැහේ, ඕං මමත් පෝස්ටුව බලන්න ආව කියහංකො. උදේ පාන්දර ඇටිකුකුල "බුහ්" ගහන ජාමෙ මවුසගෙ බෝලෙ කරකවන්න ගත්තෙ. යාංතං දවල් බතට පොස්ටුවෙ හෙඩිමට සේන්දු වුනා.

    මයෙ ඉස්සහ ගාතෙ පොට හියත් කාරියක් නෑ, ඇස්වහක් කටවහක් නෑ අගේ ඇති පෝස්ටු පොඩ්ඩ.

    ReplyDelete
    Replies
    1. මටම පුදුමයි නරිමොටා උන්නැහේ.
      මේ පත්තර පිටු දෙකත් මගේ හමස් පෙට්ටියේ තිබ්බේ. Blog අඩවියට විවිධත්වයක් එකතු කරන්නයි- රෝසිගේ කතාවයි- හිතවතුන්ගේ උපන් දිනයි නිසා තමා මේ post එක ලියවුනේ. Post එක අල්ලලා ගිහින් කියලයි hit counter එක කියන්නෙ. ඊයේ පිවිසුම් ගණන 422ක්.

      Delete
  9. නිමල් අංකල් සෝනි CX 6400 ගන්න එක හොඳයි ද? ලාබෙට ගන්න තියෙනවා රුපියල් වලින් ලක්ෂ හතරක් විතර වෙන්නේ ලාබයි නේද? පොඩ්ඩක් ඒ ගැන උපදෙසක් දෙන්න පුලුවන්ද? මිරර්ලස් ඒවායින් A7 IV ද හොඳ නැත්නම් EOS R7 ද ඒත් නැත්නම් Z6 II එකද වැඩිය හොඳ? මම කියන්නේ ගන්න ගානට වටින value for money එක මොකක්ද කියල කියන්නකෝ...

    ReplyDelete
    Replies
    1. ඔවැනි දේවල් ගැන වචනයක්වත් දන්නේ නැති මම මේ මොනවා කියාගන්නද කියලයි හිතන්නේ.

      Delete
  10. pariwarthanaya kala kathawata bohom sthoothiyi

    ReplyDelete
    Replies
    1. කියෙව්වටත් බොහොම ස්තුතියි Ian මහත්තයෝ- comment කළාටත්!

      Delete
    2. නිදී මේ ක්ලිප් එකේ ජාතික ජන බලවේගයේ නලීන් හේවගේ සහෝදරයා කියන කතාව ඇත්ත නේද?

      https://www.facebook.com/terans15/videos/2086678475009045/?app=fbl

      Delete
  11. https://1paththaraarana.blogspot.com/2023/08/reader-digest-magazine_28.html

    ReplyDelete
    Replies
    1. පතපොත කියවීම සුරැකුම හොඳ දෙයකි
      මතු වැඩ සදා දෙන මාහැඟි මාවතකි
      වේයො මීයො කාවුන්ටත් නොකෑවකි
      තැනක මෙව්ව අසුරන එක පින්කමකි!

      ඔත්තුවට ස්තුතියි ඇනෝ. කවියකුත් ලියලයි ආවේ.

      Delete
  12. https://dumindasanchare.blogspot.com/2023/08/blog-post_26.html

    ReplyDelete
    Replies
    1. තවත් කවියක් ලියැවුණා.

      එළිසම පිහිටුවා මත් හෙම නොවරදවා
      නණලළ කෙරෙහි නොමඳව සැලකිලි යොදවා
      වදන් වර්ණයෙන් නෙක සිතුවම් අඳවා
      දෙන්නට හැකිය දුමිඳුට- ජය ජය වේවා!

      Delete
  13. අනුර ජිනදාසSeptember 1, 2023 at 2:04 AM

    කාලෙකට පස්සෙ පෝස්ටුව කියෙවුවම මගේ අතීත උපන් දිනයක වෙච්ච දෙයක් මතක් වුණා.
    මගේ පස්වැනි උපන්දිනය දවසෙ බාප්පා (සනත් ගේ තාත්තා) පුංචි අම්මාව බලන්න මට කිසිම තෑග්ගක් ගේන්නෙ නැතිවයි.එයා කීවෙ ගත්ත තෑග්ග කන්තෝරුවේ මේසෙ ලාච්චුවේ දාලා ආව බවයි. මං හිතුවෙම එයා බොරුවක් කීවා කියලයි.පසුවදා මට pilot පෑනක් හම්බවුණා. ඒකට මට සතුටුයි.ඒ කාලෙ එයා විවාහ වෙලා හිටියෙ නෑ.ඒත් දැන් තමා හිතෙන්නෙ එයාපෑනෙ මුවාවෙන් ඊලඟ දවසෙත් අපේ ගෙදර එන්න මගපාදා ගත්තා කියල.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි අනුර. ගිය සතියේ ලාල් අයියා ආවා අපේ අම්මව බලන්න. පරණ youth කතන්දරත් කතා කළා.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්