අකුරු මැකී නෑ

Sunday, July 14, 2024

හරෝහරා හයවෙනි වරටත් සහ කීටෝ - දෙවෙනි කොටස

නෙවිල් අනුරසිරිගේ තරුණ නායකත්වය යටතේ හරි ගස්සපු බඩු ලයිස්තුවේ තිබ්බේ හාල් කිලෝ දෙකයි, පරිප්පු 750යි, පාන් පිටි කිලෝ 1 ½ යි වගේ හින්නිකිතර දේවල් ටිකක්.

“මට නං ලජ්ජාවේ බෑ. හදිස්සියෙවත් වෙන නඩේක මනුස්සයෙකුට බත් කටක් දෙන්න වුණොත් කොහොමද හලෝ දෙන්නේ මෙහෙම බඩු ගෙනිහිං?” මම නහයෙන් ඇඬුවෙමි...

දමිළ පාද යාත්‍රාකරුවන් විශ්වාස කරන්නේ ඔවුන් ඔසවාගෙන යන බෑගයට වැඩියෙන් බඩු-මුට්ටු එකතු වෙන්නේ එකිනෙකාගේ පව්වල බරට සාපේක්ෂව බවයි.

“මේ හලෝ. එහෙනං අමතර හාල් පොල් ගෝනියක්ම ගෙනියන්න අරගන්නවා. හැබැයි අපිට නං එව්වා කර ගහගෙන යන්න බෑ! ඒ අමාරුව දන්නෙ බඩු උස්සගෙන යන අපිනේ... නේද මචං.  පව් කිය-කියා මෙයාගෙ ඇඳුම් bag එකවත් එයාටම උස්සගෙන යන්න නොදෙන්නේ මෙන්න මේ නමියා තමයි... උඹල තමයි මෙයාව තවත් නරක් කරන්නේ... ගොළුවා වගේ කට වහගෙන ඉන්නේ- දැන්වත් මගේ පැත්තට වචනයක් කියපංකො නමී...”

එහෙම වෙලාවට නමිනං උන්නැහේ ගොඩින්ම ෂේප් වෙයි. “ඕගොල්ලෝ පරණ  යාළුවොනේ. මම ඔය ගෝරි දන්නවයැ. ඉතිං කොහොමද කාගෙවත් පැත්තක් ගන්නේ?”
“අපොයි ඔව්! උඹ බබා... පැත්තක් ගන්න ඕන්නෑ නමී, උඹට තේරෙන දේවත් කියපංකො!” නෙවිල් නමීගේ ඇඟට ගොඩ වුණේය.

එයා හැදූ list එකේ දේවල්වල බර ගණනය කිරීම පටන් ගත්තේ ඊට පස්සෙය. ඊටත් ටිකකට පස්සේ...

“... පාද යාත්‍රාවේ යෙදෙන්නට එකතු වෙන පින්වතුන් වෙත ‘තරුණ නායකත්වය’ ඉතා සතුටින් නිවේදනය කරන්නේ- මේ වතාවේ එක සාමාජිකයෙකුට උස්සාගෙන යන්නට වෙන්නේ කිලෝ දෙකහමාරකට කිට්ටු බරක්  බවයි!”
“අසව් අසව්...”
“සව් නෙවෙයි බාර්ලි! කිලෝ දෙකහමාරක්?”
“ ඔව් හලෝ. එකතු කරලා බලනවකො වැරදිද කියලා. බඩු list එකේ බර එකතු කරලා හයට බෙදුවම එන්නේ එහෙම තමයි.”

“එතකොට වළන් පිඟන්... බිමට එළන රෙද්ද... ටූත් පේස්ට්- සබන්... චුට්ට චුට්ට තමයි යක්ෂයො බර එකතු වෙන්නේ. ඒත් ඒවාත් ඔය බරටම එකතු කරල ගණන් හදන්න වෙයි!”
“අම්ම.ට සි..රි!”
“ඇයි, තමුසෙලට කන්න ගෙනියනවයි කියාපු උයපු කෑම... වැකුම් පැක් කරුවට පස්සේ එව්වයේ බර නැති වෙලා යනවද? පොඩ්ඩක්ය... පොළොස්, අඹ, පොල් සම්බෝල, කෙහෙල් මුව... තව ලබ්බවල් ගොඩක් තියෙනව නේද?”

දමිළ පාද යාත්‍රාකරුවන් විශ්වාස කරන්නේ ඔවුන් ඔසවාගෙන යන බෑගයට වැඩියෙන් බඩු-මුට්ටු එකතු වෙන්නේ එකිනෙකාගේ පව්වල බරට සාපේක්ෂව බවයි. ඒ නිසාම ඔවුහු ඒ බෑගයට ‘පව් මල්ල’ කියාත් වහරති; කිසිම කන්-කෙඳිරියකින් තොරව කැමැත්තෙන්ම ඒ ‘පව් මුට්ට’ උස්සාගෙනත් යති!

එහෙමත් ඇදහීමක් තිබියදී, එදා ‘තව ලබ්බවල් ගොඩක්’ යැයි මං කට කැඩුණු කතාවක් කිව්වාම (දෙමළ බසත් දන්නා) අයස්මන්ත හිතවතාගේ හිත රිදෙන්නට ඇතිවා නිසැකය!

“මචං, අපි මෙච්චර මහන්සියෙන් කරන කීටෝ ඩයටින් වැඩේට මේ නිමල් දිසානායක ගොබිලාගෙන් නං කිසිම අනුග්‍රහයක් ලැබෙන්නෙ නෑ වගෙයි නේද... මං අහන්නේ එහෙම අපිව සවුත්තු කරන්න හොඳද නිමල් අයියේ... අපි පව්නේ!
මේ ඒක නෙවෙයි, දිසානායක මැතිතුමා... ඉල්ලනවට තරහ වෙන්න එපා. අසරණ අපිට තව කෝපි එකක් හදනවද?” අයස්මන්ත පීරිස්ට කෝපි නැතිවම බැරිය. “නෙවිල් අයියේ- ඔය ලැයිස්තුවේ කෝපි එහෙම තියෙනවා නේද?”

“නෑනේ පීරා! දිසානායක නම් සාර්ථකව අපේ වැඩේ දෙල් කරන්න හදනවා වගේ...”

‘හිච්චි’ මේ ගමන වෙනුවෙන් පේ වෙන්නට පටන් ගෙන තිබ්බේ වෙසක් පොහෝ දවසේ සිටයි!

“මඟුලක් කියනවා. දෙල් කරන්න... ඇයි, එහෙම කළාම මට මොනව ලැබෙනවටද? List එක හැදුවේ කඩෙන් ගන්න බඩු මොනවද කියලනෙ. ගෙදර කෝපි තියෙනවා. ගිය සැරේ කරපු විදිහට එක සැරේකට ඕනි කරන තරමට වෙන වෙනම පොඩි බෑග්ස්වල දාපුවම ලේසියි... එතකොට වෙන කෙනෙකුට වුණත් වතුර ටිකක් උණු කරලා අරං ටක් ගාලා කෝපි හදතෑකි.” 

“මෙයාට ඕනි පීරා, පුළුවා..න් තරං දේවල් අපි ලවා..ම කරවා ගන්න.”
“හරි, හරි මචං- දැන් නිමල් අයියට කෝපි එක හදන්න ඇරපංකො බං... බඩගින්නක් එනවා... කෝපි එකක් ගැහුවම හරි!”

Fasting කරද්දී කෝපිවලින් ලොකු පිරිමැහීමක් කෙරෙන විත්තිය මං වහන්සේ තේරුම් ගත්තේ අත්දැකීමෙන්මය.
“කීටෝ ඩයටින් කරද්දීත් එහෙමමයි අයියේ. මම තමිරට කිව්වා මේ ගමනට ප්ලාස්ක් එකක් අරගෙන යමුයි කියලා. අපි තුන් දෙනාට ඕනි වෙච්ච වෙලාවට වතුර උණු කර කර ඉන්නෙ නැතිව කෝපි එකක් බොන්න පුළුවන්නෙ එතකොට.”

(ඒ කීමට අවනතවී තමිර උණුවතුර බෝතලයක් ගෙනාවේය. තුන්වෙනි දවසෙ හැන්දෑවේ බලද්දී, ඒ ප්ලාස්ක් එක කැඩිලාය! “මෙහෙම හාඩි ගමනකට ඔය වගේ දේවල් හරි යන්නේ නෑ.” කියමිනි, එයාලා හිත සනසා ගත්තේ.)

අපි අරහෙම ලැයිස්තු හදද්දී අපට ආරංචි වෙලා තිබ්බේ ’කුමනින් පාද යාත්‍රාකරුවන් සඳහා ගේට්ටුව ඇරෙන්නේ ජුලි 2 වෙනිදා’ විත්තියයි.
“ඒක වැඩියත්ම හොඳයි. ප්‍රියන්ත අයියලාගේ අම්මගෙ;
චිත්තම්මගේ තුන් අවුරුද්දේ බණ තියෙන්නෙ ජුනි 28 රෑ. 29 දවල් දානේ වෙලාවටත් ගිහිං ආවට පස්සේ 30 උදේ ඔය ලයිස්තුවේ බඩු ටික ගනිමු. ජුලි 1 උදේ මහරගමින් පිටත් වෙමු.”

“ප්‍රියන්ත මගෙනුත් තුන් හතර පාරක්ම ඇහුවත් එක්ක. බණ ගෙදරටයි, දානේ වෙලාවටයි දෙකටම එනවා නේද කියලා.” මර්වින් මතක් කළේ එතකොටය. “හැබැයි, ගියාට නං කමක් නෑ. පේ වෙලා ඉන්න නිසා අපිට නොකාම වගේ තමයි ඉන්න වෙන්නේ.”

“ඔව්, ඔව්. නෙවිල් අයියේ. ඔයා තමයි විශේෂයෙන්... දිසානායක ප්‍රේතයා ඊළඟට...”

අවුරුදු තුනකට ඉස්සර පාද යාත්‍රා ගමනකදීම අප හා හිතවත් වුණු ‘හිච්චි’ මේ ගමන වෙනුවෙන් පේ වෙන්නට පටන් ගෙන තිබ්බේ වෙසක් පොහෝ දවසේ සිටයි! ඒ කියන්නේ එයාලා දවස් හැටක් විතර පේ වෙන බවයි.
“එහෙම නොකර කොහොමද මාමේ? උන්නාන්සෙ හින්දනේ අපි අවුරුද්ද තිස්සෙම කාල-ඇඳල ඉන්නේ. මෙහෙම දෙයක් කරලා හරි අපි කතරගම දෙයි හාමුදුරුවන් වහන්සෙට ඒ කෙළෙහිගුණේ ඔප්පු කරන්න එපැයි.”

කතරගම මල් කඩයක් පවත්වාගෙන යන...

කතරගම මල් කඩයක් පවත්වාගෙන යන හිච්චි කියූ දෙයක් මෙතැනදී මට මතක් වෙයි. “අපේ කඩ කෑල්ල අඩි හයයි හයේ එකක්. මාසෙකට කුලිය විතරක් ලක්ෂ තුනක්. ඒ කියන්නෙ මාමේ, දවසකට රුපියල් දහදාහ ගණනේ කඩ කුලියම අයින් කරන්න ඕනි. ඊට පස්සෙනේ මාමේ- අපේ පවුලෙම විය-හියදම් පිරිමැහෙන්නේ. ඒ සේරම අපිට දෙන උන්නාන්සේට බුදු බවම හම්බ වෙන්න ඕනි නේද?”

ගිය වතාවේ මේ ගමන යන්නට සූදානමින් පේ වෙවී හිටි ඒ නඩයේ හිරූ ‘මරණ කිල්ලකට’ හසු වුණු නිසා- අවසන් මොහොතේ ගෙදර නැවතිලාය. “මරණ කිල්ල කියන්නේ හරි ලොකු එකක් මාමේ! එකයි හිරූ ආවේ නැත්තේ...” කියලය හිරූගේ මිතුරු දෙනෙත් මට කිව්වේ.

එයාලත් එක්කලා සසඳා බලද්දී, (ඒ පැත්තෙන් නම්) මගේ හැදියාව අන්තිමය. ඒ විත්තිය අයෙමත් වතාවක් ඔප්පු වුණේ ජුනි 28 වෙනිදාය.

එදා දවල් අයස්මන්ත මහත්තයා අපේ නඩේ උදවියට විශේෂ පණිවිඩයක් එවා තිබිණි. ‘හදිසි තීරණයක් ගන්න වෙනවා. කුමනින් ගේට්ටුව අරින එක දවස් දෙකක් ඉස්සරහ දිනේකට අරං. පාද යාත්‍රාව පටන් ගන්නෙ ජුනි 30. ඒ ගැන අද හවස 5 ට කතා කරල තීරණයක් ගනිමු.’

“ප්‍රියන්තලගේ බණට වඩම්මන්නේ වතුරුවිල සුජාත හාමුදුරුවන්වනෙ. මම ඒ වැඩේට යන්න ඕනි. මං නැතිවට කමක් නෑ. වැඩි දෙනාගේ කැමැත්තට- ඔයාලා ඕනි තීරණයක් ගන්න. යන ඕනි වෙලාවක යන්න මට පුළුවන්.” මර්වින් බොතේජු කල්තියාම පීරිස්ට කියලය.

“මචං පීරා. මට නං හෙට උදේ යන්න බැරි වෙයි!” එදා සවස නෙවිල් ඉස්සෙල්ලාම නිශේධනාත්මක උත්තරයක් දුන්නේය. “හෙටයි අපේ site එකේ කට්ටියට පඩි දෙන්න තියෙන්නෙ. ඒ මදිවට චිත්තම්මගේ දානෙත් හෙට දවල්ට... ඒ අස්සෙ ප්‍රියන්තට පුළුවන්ය හෙට උදේ පඩි දෙන්න එන්නවත්. මම දවස් හයක්ම නැති නිසා අපේ සයිට් එක සතියකට වහනවයි කියලයි එයා කිය-කියා ඉන්නේ...”

“හරි- මම ප්‍රියන්ත අයියට අද බණ ගෙදරදී කතා කරන්නං. උඹේ පැත්තෙන් කෙරෙන්න තියෙන රාජකාරි ටික ඉවර කරන්න පුළුවන්ද කියපන්කො උදේ දහයට කලින්? ප්‍රියන්ත අයියා හෙට ඉඳලා උඹට නිවාඩු දෙන්න කැමැතියි නං...” අයස්මන්තගේ ප්‍රශ්නයට නෙවිල් උත්තර දුන්නේ කට පුර හිනා පාමිණි.
“No problem!”

“එතකොට නමී?”
“මටත් ෂේප් කර ගන්න පුළුවන් ඩොක්ටර්!”

අපේ කීටෝ ඩයට් එකට හදවාගෙන යන ජාති අද රෑම හදව ගන්න වෙනවා. හෙට උදේට ඒවා එකතු කරගෙන වැකුම් pack කරවා ගන්නත් වෙනවා...

“අපි හෙට දවල්ට පිටත් වෙනවා නං අපේ කීටෝ ඩයට් එකට හදවාගෙන යන ජාති අද රෑම හදව ගන්න වෙනවා. හෙට උදේට ඒවා එකතු කරගෙන වැකුම් pack කරවා ගන්නත් වෙනවා...” තමිර පෙන්නා දුන්නේ තවත් අසීරුතාවකි. “මං මේ හදිස්සි සාකච්ඡාවට එනකොටත් ආවේ අපේ දර්ශිට උදව් වෙවී හිටිය එකත් නවත්තලා.”

“ශානිලයි සිස්ටරුයි හදනවයි කිව්ව ජාතිත් අදම ඕනි කියලා මම කියන්නං. රත්නපුරේ අය හදල දෙන ජාති දැනටත් මගේ වාහනේ. අපි හෙට දවල්ටම පිටත් වෙනවද එතකොට?”
“පීරිස් මහත්තයෝ, තවම අපේ ලැයිස්තුවේ බඩු මොනවත් අරගෙන නෑ. අදම ඒවා ගන්නවා නං මට බණ ගෙදර නොගිහින් ඉන්න වෙනවා. හෙට උදේට ඒවා ගන්න තියා ගත්තොත් උදේ දහය එකොළහවත් වෙයි- මටත්.”

“නිමල් අයියා දන්නවද, ලොකුම ප්‍රශ්නෙ තවම මම ඔයාලට කිව්වේ නෑ. හම්බන්තොට ඉඳලා ඔකඳට යනකල් අපිව එක්කගෙන ගිහිං බස්සන van එක ලෑස්ති කරගෙන තිබ්බේ ජුලි පළවෙනිදට. දැන් හදිසියේ දවස වෙනස් වුණාම ඒක තියෙනවද මංදා... යන වෙලාව හරියටම තීරණේ වෙනකල් ඒ ගැන අහන එකේ තේරුමකුත් නැහැනෙ.”

ඒ සේරම තීරණ ගන්නට වෙන්නේ WAL Constructions අධිපති ප්‍රියන්තගේ තීරණය දැනගත් පසුවයි.

“අපි කොයිකටත් possitive විදිහට වැඩේ වෙයි කියල හිතමු. බණ ගෙදර කලබල ඉවර වෙච්ච ගමන්ම මම ප්‍රියන්ත අයියගෙන් තීරණේ අහලා ගමන පටත් වෙන වෙලාව තමිරටයි නමීටයි කියන්නං. හම්බන්තොටටත් call කරලා නසාර් එක්කත් කතා කරන්නං.”
“එතකොට තිස්සමහාරාමේ ප්‍රියන්තටත් කියන්න වෙයි නේද?”

“නැතුව නැතුව. මේ සැරෙත් කොඩි මිසී අපිට උදේ කෑම හදනවය කිව්වා. ප්‍රියන්ත දවල් කෑම හදන්න ready පිට ඉන්නේ... පීරිස් වාර්තා කරද්දීය, නෙවිල්ටත් මතක් වුණේ. “පීරා, ප්‍රියන්ත කිව්වා එයා අපට ගෙනියන්නත් වම්බටු- අච්චාරු- පොළොස්- බැදුම් වගේ මොන-මොනවද හදනවයි කියලා.”

“බලපං මචං, එක තීරණයක් ගන්න බැරිව වැනෙන xත්තලා නිසා අපි වගේ කී දෙනෙක් අමාරුවේ වැටෙනවද කියලා. හැබෑටම ඔය ලොකු පුටුවල ඉන්න එවුන්ට තේරෙන්නෙ නැද්ද මෙහෙම වුණාම මිනිස්සුන්ට වෙන කරදර?”

හැබෑය!
ලොකු ලොකු තනතුරු ලැබෙනවාත් එක්කම අපේ රටේ හුඟක් උදවියට ‘පොදු ජනතාවගේ දුක්ඛ දෝමනස්සයන් තේරුම් ගැනීමේ හැකියාව’ නැති වී යයි! සමහරුන්ට එහෙම වෙන්නේ පොහොසත්කම ළඟා වෙද්දීය.

කතරගම දෙයි හාමුදුරුවෝ අපි දිහා දිවැසින් බලලා අපට පිහිට වෙයි. අවුලක් වෙන එකක් නෑ මචං!

අපට මතුවී තිබුණු ප්‍රශ්නය තේරුම් ගන්නට ප්‍රියන්තට නම් හැකි වුණේය. උදේ දහය විතර වෙද්දී කෙසේ හෝ නෙවිල්ව නිදහස් කරන විත්තිය ප්‍රියන්ත පීරිස්ට පවසා තිබිණි.

“අනේ සර්! Van එක ගන්න වෙන්නෙ හවස් වෙද්දී. ඒක වෙන හයර් එකක් යනවලු. මම කොහොම හරි වෑන් එක තිස්සමහාරාමේ කොඩි මිසීලගේ ගෙදරට අරගෙන එන්නං හවස හතර වෙද්දී.” නසාරුත් කියා තිබිණි.

“කොඩි මිසීලගේ ගෙදරට යනකල් මගේ වාහනේ යමු. එකම ප්‍රශ්නෙ ගෙනියන බඩුයි, ඇඳුම් බෑග්ස්සුයි පටව ගත්තම අපි හය දෙනෙක් යන එක. හිර වෙලා තමයි යන්න වෙන්නේ.”
“ඔව් පීරා, එහෙම කරමු. උපරිම පැය දෙකහමාරක්නේ අපිට හිර වෙලා යන්න වෙන්නෙ.”
“ඔයාගේ වාහනේ තියෙන නිසාම හොඳයි. කොළඹ ඉඳලම නිඳි මරාගෙන රෑ බස් එකේ පානමට යන පාද යාත්‍රාකාරයෝ... ඒ මිනිස්සු එතැන ඉඳන් කිලෝ මීටර් 20 ක්
ඔකඳට යන්නත් කන පරිප්පුව...”

“අපේ හාමිනේ ඒත් කිව්වා මගේ වාහනේ ඉඩ මදි නං, එයාගේ වාහනෙත් අරගෙන අපි එක්කම හම්බන්තොටට එන්නං කියලා බඩු ටික පටෝගෙන.”
“පිස්සුද පීරා? කොච්චර කරදරයක්ද මච...”
“පීරිස්! ප්‍රීතිකා නංගිට කියන්න ගොඩක් ස්තුතියි කියලා. පොඩි කරදරයක්ද- ඒ වගේමයිනේ වියදමත්. අපි ඔන්නොහෙ ටිකක් හිර වෙලා යමු!”

“හැබැයි යක්ෂයිනේ, ඔන්න දැන්මම කිව්වා. අපි ඔකඳ දේවාලේ ගාවට යද්දී හෙට රෑ දොළහවත් වෙයි. කීයට එහාට යැවුණත් ඔන්න පාන්දර පූජාවට යන්න බලාගෙන අපිට උදෙන් නැඟිටින්න වෙයි.”
“අපි හොඳ ගමනක්නෙ යන්න හදන්නේ, පීරා- හොඳ චේතනාවෙන්. කතරගම දෙයි හාමුදුරුවෝ අපි දිහා දිවැසින් බලලා අපට පිහිට වෙයි. අවුලක් වෙන එකක් නෑ මචං.” අපේ දේවාල මාමා කිව්වේය.

අවුල ඇති වුණේ මර්වින් එහෙම කියලා පැය බාගයක්වත් යන්නට පෙරාතුවය!

බණ ගෙදරට සහභාගි වී සිටි වැඩි දෙනෙකු මුලින්ම ‘ධර්ම දානයෙනුත්’ දෙවනුව ආහාර-පානවලිනුත් සංතෘප්ත වෙලා නික්ම ගිහිංය. කලකින් හමුවී නොතිබුණු හිත-මිතුරන් විතරකි, අල්ලාප-සල්ලාපයෙන් පසු වුණේ.
“නිමල් අයියේ, මටත් බඩගිනියි. කෑම මේසවල rush එකකුත් නෑ... අපි කන්න යමුද?”
“ඔයාට කොහොම වෙතත් ප්‍රීතිකා නංගි- අපි හතර දෙනාට නං කන්න පුළුවන් දේවල් තියේවිද දන්නෑ.”

“තියෙනවා අයියේ තියෙනවා. බඩු have! ඉස්සෙල්ලා අපි ඔයාල ගැන කතා වුණා. ඔයාලා පේ වෙවී ඉන්න එක ගැන... යමුකෝ බලන්න. අඩුම තරමින් ඉඳියාප්පයි පරිප්පුයි විතරක් හරි තියෙනවනෙ කියල අපේ එක්කෙනත් කලින්ම කිව්වා. හෙට ඉඳලත් පරිප්පු කන එකේ අදම පටන් ගත්තම මොකද වෙන්නේ? හඃ හඃ හඃ!”

 (වමේ සිට) දහනායක, සරත්, නිදි, නෙවිල්, මර්වින්, වෙනුජ, සාන්ත හා පීරිස් 

අපරාදේ කියන්නට බැරිය. කෑම මේසය ඉතාම සරුය. Mixed Rice, කුකුළු මස්, මාළු වගේ හුඟක් ජාති පිළිහුඩු ගොඩේය. ‘ආ ඉඳියාප්ප තියෙනවා. පරිප්පුත් තියෙනවා. මසල වඩේ එකකුත් ගනිමු.’

“මේ පැටිස් එළවළුද”
“නෑ සර්!”

ඊළඟටත් අපට තහංචි ජාති කිහිපයකි. මං වහන්සේ එහෙම කෑම වර්ගවල ජාතකය සොයමින් ඉඳිද්දී, ප්‍රීතිකා නංගි නං කෑම බෙදාගෙන පුටුවකට ගිහිනුත් ඉවරය.

“නිමල්, මේ මොකද මේ... ඔයාගේ පිඟානේ මොකුත් නැහැනේ. පොල් මැල්ලුම්- සීනි සම්බෝල ටික ටික බෙදන්නං. හරිම ර..ස..යි.” ඒ හිතවතියට එපා කියන්නත් කලින්ම ඒ දෙජාතියම මගේ පිඟානේය. “බිත්තර ආප්පෙකුත්?”

“තැන්ක්ස් ... ප්ලේන් ආප්පයක් අරං දෙන්නකෝ එහෙනං....”

මං වහන්සේ දැන් කෑම කන්නේ පුළුවන් තරං හැංගීගෙනය. කලක සිටම යටි තොලේ දකුණු කොටස හිරි වැටී තිබෙන නිසාය ඒ.
මගේ ඇඟිලි ටිකත් මට ටිකාක් විතර අකීකරු නිසා, හැන්දක උදව්වත් අරගෙන කෑම ටිකක් කටට දමා ගනිද්දීත් බොහෝ විට කට වටේ ඉඳුල් සුඟක් තැවරෙයි.
මට වුණත් ඒක ලස්සන දර්ශනයක් නොවේ. වෙන කෙනෙකුට වුණත් එහෙමය!

ඒ අප්‍රසන්න දර්ශනය අනුන්ගෙන් වසං කරන්නටය, දැන් මගේ මුලු ගැන්වීම සිද්ද වෙන්නේ.

මර්විනුත් කෑම බෙදාගෙන ඇවිත් මගේ පිටුපස පුටුවකට බර දුන්නේය. එතකොටම අපේ ප්‍රියන්ත හිතවතාගේ පොඩි මස්සිනා; මැණිකේ නංගිගේ සැමියා සරතුත් එතැනට ආවේය.
“මොකද නිමල් අයියේ හැංගිලා කන්නේ... මොනවද තව බෙදන්නේ?”

එතකොටත් අර ප්ලේන් ආප්පය මගේ කුසේය. “අනේ සරත්, එහෙනං හොඳ ළමය වගේ මට ඔය ආප්පයක් අරං දෙන්නකො. ආප්ප නං හරිම රසයි...”
“ඔව්, ඔව්. ආප්ප නං රසයි තමා.” මර්විනුත් මගේ කතාවට අලගු තිබ්බේය.

සරත් ආප්පයක් අරගෙන මගේ පිඟානෙන් තියා මොනවාදෝ කියන්නටත් හැදුවේය. සරත්ට ඒක නවත්තා ගන්නට වුණේ හිතවතෙකු ඔහුගේ පිටට තට්ටුකොට කතා කළ නිසාය. ඒ දෙන්නාගේ සල්ලාපය අස්සේ දෙවෙනි ආප්පයත් මගේ ආමාශයට...
සරත්ගේ හිතවතා නික්ම ගියා විතරය. එයා නැවත්තූ කතාව ආයෙමත් පටන් ගෙන කියාගෙන ගියේය.

“නිමල් අයිය දන්නවද ආප්ප රස වෙලා තියෙන්න හේතුව? හාල් පිටි කිලෝ විසිපහට නෙස්ටමෝල්ට් පැකට්ස් දෙකක්ද කොහෙදයි, ටිකිරි මාරි පැකට් එකකුයි, බිත්තර විසිපහකුයි දාලනෙ ආප්පවලට පිටි ඇනුවේ.”

කතරගම දෙයි හාමුදුරුවනේ.....

දෙයියෝ සාක්කි!

හිතුණු කිසිවක් නොකියා මං බැලුවේ අපේ ‘දේවාල මාමා’ දිහාවය. එයාට  සරත්ගේ කතාව ඇහිලා නැතුවා වගෙය.

“නිමලෝ- සීනි සම්බෝලවලට උම්බලකඩ දාල වගේද?” මර්වින්ගෙනුත් ප්‍රශ්නයක්.
“නැති පාටයි මර්වින්. මං දැනුයි චුට්ටක් කෑවේ.”
“කේටරින් සර්විස් එකේ කොල්ලා නැහැයි කිව්වට මොකද පොල් මැල්ලුමටත් කූනිස්සෝ දාලා වගෙයි. කොයිකටත් මං ඒ දෙජාතියම අයින් කරලයි කන්නේ...”

අයස්මන්ත මහත්තයා කෑම පිඟානත් උස්සාගෙන ආවේ එතකොටය. මම නොදන්නා සෙයියාවෙන් ඒ පිඟානට එබුණෙමි. උන්නැහෙගෙ පේ වීමට බාධාවක් වෙලා නැත. එයා බෙදාගෙන තිබුණේ ඉඳියාප්පත් පරිප්පුත් විතරය.

‘අනේ කතරගම දෙයි හාමුදුරුවනේ! හිතට එකඟව මේ අසරණයා දවස් ගණනාවක් පේ වෙවී හිටිය විත්තිය තමුන්නාන්සේට පෙනෙන්න ඇතිනෙ. නොදැන ඒ සීලේ කැඩුණා තමයි. දැන් ඉතිං පිඟානට බෙදාගෙන තියෙන සීනි සම්බෝලයි, පොල් මැල්ලුමයි අහක දාන්නැයි... පිඟානට බෙදාගෙන කෑම අහක නොදාන මගේ පුරුද්ද අදත් රකිනවාට තමුන්නාන්සේ මට සමා වෙන්න ඕනෑ.’ කියලා හිතෙන් හිතාගෙනය, මං වහන්සේගේ දකුණතත්- මුඛයත් ඊළඟ විනාඩි දහය-පහළොව තිස්සේ නොකඩවා වැඩෙහි යෙදුණේ!      
à ඉතිරිය තෙවෙනි කොටසට...

58 comments:

  1. මං ගැත්තාට සමාව දුන්නා
    මිට
    ස්කන්ධ කුමාර

    ReplyDelete
  2. අද නං ලස්සනට ලියලා කම්මැලි නැතුව කියවන්න. මෙච්චර ලස්සනට ලියලත්, 100ක් හමාරක් මේකට ඇවිත් කියෝල, හොර බළල්ලු වගේ ලුහුටලා යනවා නෙව? අද නං එකෙක්ව බෙල්ලෙන්ම අල්ලලා දෙපැත්තට වනලා බාගෙන යන්නමයි ආවෙ.💢😯😁

    ඔය පරිප්පුව හරියට හැදුවොත් ගෑවුන තැන කතෑකි. මේත් ලස්සන පරිප්පු කතාවක්:

    පරාටා තුනයි... ප්ලේන්ටියයි... පරිප්පු දීසි හතයි.. ...

    ජාතික මාංසය කුකුල්මස් කිව්වෙ පැරා. එහෙම ං ජාතික හොද්ද පරිප්පු හොද්ද වෙන්න ඕනෙ. "නැවේ අපේ උන්ට මොනවා තිබ්බත් වැඩක් නෑ, පරිප්පු නැත්නම් " කියල අසංගත් කිව්වා. ඔහෙට කියන්න නිමලෝ, මගේ පරිප්පු තෙම්පරාදුවත් ඇස්වහක් කටවහක් නෑ. හැදුවාම අල්ලු කැලේ නරිත් ඉව අල්ලනවා. පිටරට ඉන්න නරින්ටත් දැණගන්න මෙන්න මගෙන්:

    ඉස්සෙල්ලම පරිප්පු හොඳට උලලා හෝදනවා. උලනකොට වතුර යාන්තමට අල්ලක් විතර දාලායි උලන්නෙ. ඊට පස්සෙ හොඳට වතුර දාලා හෝදනවා. මේ විදිහට තුන්පාරක් විතර.කලින්ම මිරිස්කුඩු බැද( කර නොවෙන්න) ගන්නවා. ඒ භාජනේටම, ඊට පස්සෙ වතුර ටිකක් දාලා, කහ හැඳි බාගයක්, යහමින් උළුහාල් දාලා පරිප්පු ටික තැම් බෙන්න තියනවා. ඒ අල්ලපනල්ලෙ, තක්කලි ගෙඩියක්., ලොකු ලූණු ගෙඩියක් කපාගන්නවා. සුදුලූණු දෙඩියක් බික් පොත්ත පිටින්ම තලා ගන්නවා.

    පරිප්පු තැම්බීගෙන එනකොට තෙම්පරාදුව හදනවා අනිත් ලිපේ. තෙල් කර නොවෙන්න රත් කරගෙන, සුදුලූණු, කෑලි මිරිස්, කරපිංචා, අබ ටිකක් බැදෙන කොට ලූණු දානවා. මේවා දාන අනු පිලිවෙලක් තියනවා. එහෙම කරන්නෙ කෑලි මිරිස් එහෙම කර නොවෙන්නයි. අන්තිමට අර තැඹිච්ච පරිප්පුවත් ඒකටම දාලා අඩිය අල්ලගෙන එනකොට වතුර( පැත්තක කේතලයේ රත් කරගත්) දානවා. වැඩිය හොඳි නොතියෙන්න හින්ඳ ගන්නවා. අන්තිමට තක්කාලි දාලා, ලුනු පදමට දාලා ඒක වැහෙන්න , ඔයිස්ටර් සෝස් ටිකක්, දෙහි හෝ ලෙමන් බෑවක් මිරික ගන්නවා. ඕන්න කැලේ පරිප්පු රෙසිපිය.

    ReplyDelete
    Replies
    1. ආ ඔය මිරිස්කුඩු බැදලා ගන්න එක ඉගෙන ගත්තෙ යාපනේ නරියෙක්ගෙන්. උන්දලා තෝසෙ කන්න පොල් සම්බෝලයක් හදනවා මිරිස්කුඩු බැදලා, පට්ට රසයි.

      Delete
    2. නරිමොටා උන්නැහේ,
      සීයක් හමාරක් නෙවෙයි, දැනට- post එක publish කරලා පැය 22ක් ඇතුළත 290 දෙනෙක් මේ අඩවියට ඇවිත් තියෙනවාලු, ඒත් comments 9 යි වැටිල තියෙන්නෙ. ඒකත් මදැයි කියලයි මම නං හිතන්නේ.
      තමුන්නැහේ කෝප ගන්ඩ එපා, හොඳේ!

      Delete
    3. මම පරිප්පු උයනකොට උළුහාල්- ඔයිස්ටර් සෝස් දාලම නෑ. ඒ වගේමයි මිරිස් කුඩු බැදලා අරගෙන පොල් සම්බෝල හදලත් නෑ. ඔව්වා දෙක තුනම අත්හදා බලනවා මේ සතියෙම.

      Delete
    4. ඒ වගේමයි- ගොඩක් උදවිය උයන විදිහටම පරිප්පු කිරට උයලා තෙම්පරාදු කරනකොට අසමෝදගම් ඇට යහමින් එකතු කරගන්න එකයි මම නිතරම කරන්නේ.
      කලිනුත් කියලා තියෙන රහසක් කියන්න හිතුණා- ආයෙමත්.
      තනි මට වුණත් උයද්දී, මම එක සැරේකට මයිසූර් පරිප්පු කිලෝ එකක් උයනවා. නිවෙන්න ඇරලා (ඇස්ට්‍රා 250 cup සයිස්) පොඩි ප්ලාස්ටික් බඳුන්වල දාලා ෆ්‍රීසරයේ තියාගෙන අවශ්‍ය වෙලාවට දවසකට එකක් බැගින් නැවත රත් කරලා පාවිච්චියට ගන්නවා.
      එතනදිත් එක එක දවසට එක එක කොළ ජාතියක් රත් කරපු පරිප්පු එකට එකතු කර ගන්නවා. මුරුංගා- කතුරුමුරුංගා- දිය තිප්පිලි (වතුර ගස්)- නිවිති- ගස් නිවිති- තැල් කොළ වගේ වත්තේ තියෙන ජාතිවලින් එකක්.

      Delete
    5. අහා! ඔය එන්නෙ ගුරු මුට්ටි පිටින් එලියට. දෙන්න දෙන්න තමයි ලැබෙන්නෙ.👌🙏💐😁

      දුප්පතුන්ගෙ ලෝකෙ මන්ද පෝෂනේට විසඳුම පරිප්පු කියලත් කියනව නේද? හෑ! පරිප්පු කිලෝ එකක්?😮 අර ෆ්‍රීසරයේ තියාගෙන අවශ්‍ය වෙලාවට, එක එක කොළ දාලා ගන්න ක්‍රමවේදය නියමයි ඈ? හෙමීට, තව ඒ වගේ සූප-සාත්තර උපදෙස් මේ පෝස්ට් අස්සටම ඔබන්න ඈ?🙏👌

      Delete
    6. මගේ බාලම මල්ලී දීපාල් බැඳලා ඉන්නේ පිලිපීන ජාතික තරුණියක්- පීයා.
      පීයා කිව්වා (පැරණි) පිලිපීන සිරිතක් ගැන.
      එහෙ කාන්තාවක් ගැබ්ගත් ගමන්ම මුරුංගා අත්තක් හිටවනවාලු. හැමදාම කෑමට මුරුංගා කොළ මිටක් කඩාගන්න හැකි වෙන්න.
      හැබෑද කියලා නං දන්නෙ නෑ, නරිමොටෝ. මුරුංගා කොළ තමයිලු පෝෂණ ගුණයෙන් වඩාත් පොහොසත්.

      Delete
    7. //සීයක් හමාරක් නෙමෙයි ..290 දෙනෙක් මේ අඩවියට ඇවිත් තියෙනවාලු, ඒත් comments 9 යි වැටිල තියෙන්නෙ//

      අවුලක් නෑ. අපි දෙඤ්ඤං කොමෙන්ට් තුන් අණ්ඩෙන්.😁

      Delete
    8. තුන් මුල්ල පාගලා හෙම නේද.... ඉස්සර චණ්ඩි වගේ....

      Delete
    9. නරිමොටා උන්නැහේ, ඔයාගේ පරිප්පු කරිය හදාගන්න ගිහිං වැඩේ නැවැත්තුවා. ප්‍රශ්නයක් මතු වුනු නිසා. ඒකට පොල් කිරි දාන්නේ නැද්ද?

      Delete
  3. ගේට්ටුව අරින දවසෙම යන්න ඕනේ ඇයි කියල මං කල්පනා කරන්නේ?

    ReplyDelete
    Replies
    1. ලලිත් මහත්තයෝ,
      මනුස්සකම ගැන- මිනිස්සුත් එක්ක මුහුවීම ගැන කොච්චර පම්පෝරි ගැහුවත්- අපිට උහුලගන්න හැකි කාරණා වගේම නොහැකි කාරණාත් තියෙනවනේ. එහෙම දෙයක් තමා ලොකුම කාරණේ- පළමු දවසෙම ගමන යන්න.
      නිකමට හිතන්නකෝ- මේ වතාවේ පළමු දවසේ ඔය ගමනට කුමන ගේට්ටුවෙන් ඇතුළු වෙලා තියෙනවා හය දාහකට වැඩි පිරිසක්. ඒ හයදාහම එදා රෑ නැවතෙන්න ඕනේ එක්කෝ බාගුරේ කලපුව ළඟ. නැත්තං කුඩා කැබලිත්තේ.

      කුමන කැලේවත් යාල කලාප දෙකේම කැලේවත් දාස් ගණනකට තියා එක්කෙනෙකුටවත් යන්න වැසිකිලි තියෙන එකක්යැ. අකුලක් අස්සට තමයි රිංගන්න වෙන්නේ. දවසින් දවස තත්ත්වය බරපතළ වෙන නිසයි අපි පළමු දවසෙම ඇතුළු වෙලා ගමන පටන් ගන්නේ. ඒ වගේම කුඩා කැබලිත්ත- ළිං තුන (නාවලඩි) හා මැණික් ගං ඉවුරේ තැනක (බොහෝවිට වරහනේ) රැයවල් ගත කරන්නේ. ඒ තැන්වලට යන පළමු පිරිස් අතරේ අපිත් ඉන්නවා!

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. අතරමං වුනොත් SOS සිග්නල් යවන්න ඇහැකි GPS ගැජමැටික් තියෙන මේ යුගයේ පවා, අපේ සාවියෙ වසරකට සීයක් හමාරක් වැලිගංපිටි යනවා පාදයාත්‍රා යන්න ගිහිල්ලා.

      හයිකින් සහ කෑම්පින්

      "මරාගෙන මැරෙනව යකෝ" කියැන්නැහෙ , එහෙම වෙලත් යන එකා නෙමෙයි සැලෙන්නෙ. ඔය ටොයිලට් අවුල ඇරුනාම වෙන මාරාන්තික දේවල් නැති කතරගම පාද යාත්‍රා ගමනෙ, මොකක් හරි "අම්බානි" ආතල් එකක් ඇති නේද, ඔහොම හැම අවුරුද්දෙම යන්න.🤔😯

      Delete
    4. https://www.reddit.com/r/nosleep/comments/3iex1h/im_a_search_and_rescue_officer_for_the_us_forest/

      Delete
    5. //වෙන මාරාන්තික දේවල් නැති කතරගම පාද යාත්‍රා ගමනෙ...// ගිය අවුරුද්දේ නයෙක් (Praසන්னයෙක් හෙම නෙවෙයි) ගහලා සහ අලියෙක් ගහල පාද යාත්‍රා ගිය දෙන්නෙක් මිය ගියා.
      මේ අවුරුද්දේ එක්කෙනෙක්ව කිඹුලෙක් කාලා.

      මට දැනුනු දේ තමයි, එකම මාර්ගයක ගියත් ඒ හැම ගමනකදීම ලැබෙන අත්දැකීම් හරිම වෙනස්නේ කියන එක. අනෙක අභියෝගයකට මුහුණ දීමෙන් ලැබෙන තෘප්තිය... හා විචිත්‍රවත් ජීවන අත්දැකීම් ලැබීම.

      Delete
    6. මතක බැරි වුණා බකුසුතුමෝ. ලින්ක් එකට ස්තුතියි හොඳේ.

      Delete
  4. කතානායක අනුර කුමාරත් ලන්ඩන් ඇවිත් ගිහිල්ල ඉවරයි හැබැ යි කතන්දර ලියන නිදි ගේ ලන්ඩන් කතාව තාම නෑ . දාපන් යකෝ ඉක්මනට

    ReplyDelete
    Replies
    1. ලියනවා ලියනවා... එකේක වැඩ ඉස්සර වෙනවනේ මහත්තයෝ..... සොරි- මහ යකෝ.

      Delete
  5. මේකත් නරකම නෑ. ලියල තියෙන්නෙ කෑම ගැනමයි කියලා නයෙක් ඇවිත් පිඹලා යයි, ඒත් බොරු කියන්නෙ මොකටෑ මම නං කැමතියි.

    අර ඇනෝ කිව්වැහෙ ලන්ඩන් දෙවෙනි ගමන ගැනත් සලකා බලන්න ඈ?🙏😁

    ReplyDelete
    Replies
    1. බකුසුතුමෝ, මගෙන් කෑම ගන වැඩිදුර ලියවෙනවා තමයි. සබ්බේ සත්තා ආහාරට්ඨිටිකා කියල බණ පදේකිනුත් කියන්නේ.
      ඉස්සර වගේ නෙවෙයි, Praසන්ன මේ අඩවි පැත්තේ එන්නේ කොම්පියුටරේ උන්නැහේට ලැබුණු වෙලාවක විතරයි වගේ. (වැඩි වෙලාවක් ඒක පාවිච්චි කරන්නේ පුතණ්ඩියා වගෙයි.)

      සලකමින් ඉන්නේ... සලකමින්... අලසකමින් නං නෙවෙයි!

      Delete
    2. මාත් කැමති හින්දනෙ ඒව රහ කර කර කියවල ඇරියස් එකට කොමෙන්ට් දාන්නෙ.

      Delete
    3. Praසන්ன, කවුද අකමැති දේවල් ගැන comment කරන්නේ... නේද?
      ටොමියත් ඒ අදහසට එකඟයි වගේ...

      Delete
  6. බලන්න හිතෝතුනි මුලු දිවයිනේම එකම මිල. කොළඹ ලිබටියෙ කඩයකුත්, කතරගම මල් කඩයකුත් එකම ගණන් 🙈

    ReplyDelete
    Replies
    1. හරෝ හරා! මේ දරුව ජපන් දන්නවද? අරිගතෝ......මස්

      Delete
    2. මං නං දන්නවා... ජපන් නෙවෙයි- ජපන් බටු!
      නමී?

      Delete
    3. ඒ උනාට තනමල්විල මල් කඩනං ඔයිට වැඩිය ගණංලු නමියො. හැක්..

      Delete
    4. තනමල්විලද තුණු මල් විලද වැඩිය ගණන්?

      Delete
  7. who are the world's LARGEST lentils producers?

    Copilot:
    Certainly! Lentils are a fascinating crop, aren’t they? 🌱 Let’s dive right into it!.Canada takes the crown as the largest lentil producer globally, churning out a whopping 1,606,441 tonnes of lentils each year1. That’s a whole lot of tiny legumes! .Hot on Canada’s heels, we have India, which secures the second spot with an impressive annual production of 1,490,000 tonnes. Lentils are clearly a staple in Indian cuisine! 🇮🇳
    And rounding out the top three is Australia, contributing significantly with approximately 853,641.68 tonnes of lentils produced annually. 🇦🇺
    But wait, there’s more! Here’s a quick snapshot of some other lentil-loving countries:
    Turkey: They grow around 263,000 tonnes of lentils.
    Nepal: A smaller player, but still manages to produce 246,092 tonnes.
    Bangladesh, Russia, and China also make their mark in the lentil world.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. "මයිසූර්" කියන්නෙ ඉංදියාවෙ නගරයක් වුනාට ලෝකයේ වැඩියෙන්ම පරිප්පු නිපදවන කිරුල ඉන්දියාවට අහිමි වුනා. මගේ අනුමානය, ඉන්දියාවෙන් පන්නලා කැනඩාවෙ පදිංචි වෙච්ච පන්ජාබියොගෙ මේකට සම්බන්ධ ඇති කියලයි. පන්ජාබියො උපන් ගෙයි ගොවියො, කැනඩාව අවශ්‍ය තාක්ෂණය සහ යටිතල පහසුකම් සපයන්න ඇති. නේපාල, බංගලාදේසය පවා සෑහෙන පරිප්පු ප්‍රමාණයක් නිපදවනවා.

      අපි: ඔය ලමයා ජපන් දන්නවද? ආන්න එහෙමයි මම සම්පත් බහුල ජපානෙන් අපට සම්පත් " ඉල්ල ගන්නෙ".

      අපිට වැරදුනේ කොතනද? නැත්නම් අපි කම්මැලි, මෝඩ ඒත් උද්දච්ච ජාතියක්ද? ආඩම්බරෙන් පාත්තරේ අරං ගිහින් ණය හිඟා කනවට වඩා සාර්ථක ආර්ථික සලැස්මක් තියෙන එකෙක්වත් මේ රටේ නැත්ද?

      Delete
    3. අපේ ඉතිහාසේ වුණත් කියන්නේ අපේ වැඩි දෙනෙකුගේ සැලසුම්වල දුබලකම් නේද බස්සා මහත්තයෝ?
      Ano, තමුන්නැහෙටත් ගොඩක් ස්තුතියි මයිසූර් පරිප්පුවල සුලමුල කිව්වට හොඳේ...

      Delete
  8. //බලපං මචං, එක තීරණයක් ගන්න බැරිව වැනෙන xත්තලා නිසා අපි වගේ කී දෙනෙක් අමාරුවේ වැටෙනවද කියලා//
    ප්‍රභූ ලට ඕන වෙලාවට වැඩ ටික කරගන්න තමයි ඔය ලොකු පුටුවලට ගොට්ටො දාගන්නෙ.

    ආප්ප වලට බිත්තර දාල කිවුවම නිදි අයියගෙ මූන තිබ්බ හැටි මැවිල පේනව වගේ. හැක්..

    ReplyDelete
    Replies
    1. සෑර් අර "xත්තලා" කියල දාලා තියෙන්නෙ තාත්තලා කියන එකටද? මාත් ආවා අපේ නිදි උන්නැහේට සප් එකක් දීලා යන්ට.😁

      Delete
    2. සමහරවිට එහෙම වෙන්න ඇති. නිදිගෙන් තමයි ඒක හරියටම අහගන්න වෙන්නෙ. :D

      Delete
    3. ටොමියෝ- Praසන්னයෝ,
      X අකුර තියෙන තැනට දාගන්න හැකි තනි අකුරු ගොඩයි... වඩා සුදුසු එක දාගනිමු.
      කි, මු, තා, පෙ, සා, හු ...

      Delete
  9. අද පෝස්ට් එකේ මුල ඉඳලා අග වෙනකම්ම drama drama නේද.

    "ඒ කියන්නේ එයාලා දවස් හැටක් විතර පේ වෙන බවයි". යම් කිසි අරමුණක් වෙනුවෙන් මේ විදිහට තමන් තමන්වම කරගන්න එක ඇත්තටම ඉතාම අගය කළ යුතු දෙයක්. අපිට දවසක් දෙකක්වත් කරන්න බැරි දෙයක්නෙ.

    ReplyDelete
    Replies
    1. යම් කිසි අරමුණක් වෙනුවෙන් මේ විදිහට තමන් තමන්වම discipline කරගන්න එක ඇත්තටම ඉතාම අගය කළ යුතු දෙයක්.

      Delete
    2. සහතිකෙන්ම Lotus!
      අපේ වැඩි දෙනෙකුට නැත්තෙත් ඒ හික්මීමේ හැකියාවයි!
      විනයක් පවත්වා ගැනීමේ නොහැකියාවයි!!

      Delete
  10. නිමල් Keto diet එකේ diagram එකක් දාපු එක හොඳයි. Banana හොඳ නැත්තෙ carbs වැඩි නිසා වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඔයා හරි Lotus! පිෂ්ටය හා සීනි රහිත ආහාර විතරක් ගන්නා විටෙකදී (මම දන්නා පරිදි) පලතුරු ජාති දෙකයි ගත හැක්කේ.
      අලිපේර හා තක්කාලි

      Delete
  11. "අඩුම තරමින් ඉඳියාප්පයි පරිප්පුයි විතරක් හරි තියෙනවනෙ කියල අපේ එක්කෙනත් කලින්ම කිව්වා". කොච්චර කිව්වත් ඔය වගේ තැන්වලදි vegetarian අයට වැඩිය choices නෑ කියලයි මට හිතෙන්නෙ.

    (ඉඳිආප්ප එක්ක කන්න ඕනෙ අල හොදි නෙවෙයිද. අපේ අම්මා එහෙම කියන නිසා මම නම් ඉඳිආප්ප එක්ක හදන්නෙ අල හොදි).


    කමෙන්ට්ස් මදි මදි කිව්ව නිසා මමත් කමෙන්ට්ස් තුනක්ම දැම්මා

    ReplyDelete
    Replies
    1. ඉඳියාප්ප වලට හරියන්නෙ අල හොදි තමයි. ඒත් අල සුද්ද කරල කපල උයනවට වැඩිය ලේසියෙන් පරිප්පු උයන්න ඇහැකි හින්ද ඔය තැංවල පරිප්පු උයනව ඇති.

      Delete
    2. Comments වැඩි වෙනවා කියන්නේ විවිධ අදහසුත් වැඩි වෙන එකටනේ. ඒක ලියන කියන නිර්මාණකරණයේ යෙදෙන අපි කාටත් ලොකු උත්තේජනයක්.
      ඒ හින්දා කමෙන්ට්ස් එවන කාට කාටත් ගොඩාරියක් ස්තුතියි!

      Delete
    3. ඉඳියාප්පවලට නියමෙටම ගැලපෙන්නේ කිරිහොදියි පොල් සම්බෝලයි කියන එකයි මගේ තේරීම.
      හැබැයි කිරි හොද්ද උළුහාල් දාලා හදපු උකු- ආටෝපය තියෙන එකක් වෙන්නෝනි. උළුහාල් නොදා කිරිහොද්දේ සුවඳ ගන්නවා බොරු!

      පොල් සම්බෝලෙත් හදන්න ඕනි හොඳටම වේලිලා කරුකුට්ටන් වෙච්ච පොල්වලින් නෙවෙයි. පැහුණු පොල්වලින්. වඩා රසයි පොල් ගාගනිද්දී ලූව හරිය විතරක් ගත්තොත්.
      එහෙම පොල්වලට- ලා රෝස පාටට හිටින්න මිරිස් අඩුවෙන් දාලා- හොඳට පුස්ඹ ගහන්න හීන් නාරං ඉස්ම දාලා... උම්බලකඩ කුඩුත් එක්ක...

      Delete
    4. Praසන්ன මහත්තයෝ, මම හිතන්නේ පරිප්පු වැඩියෙන් හැදෙන්න හේතුව ඉක්මනින්ම පහසුවෙන්ම හදා ගන්න හැකි වීමයි.

      ගොඩක් දියාරු නැති- ආටෝපෙට හිටින්න හදන අල හොද්දකට පොල් යනවා වැඩියි නෙව. පරිප්පුවලට පොල් ඕනැන්නෙ ඊට අඩුවෙන්...

      මෙන්න කුකරි රහසකුත්.
      අර්තාපල් අල තම්බා ගන්න යනවා නම්- ඒවා ලිපේ තියන්න කලින් හැම අල ගෙඩියකින්ම පොඩි පොතු කෑල්ලක් අයින් කරලා ඉන්න. ඉක්මනටම අල තැම්බෙයි.

      Delete
  12. ඔය වගෙ ගමනකට පුලුවන් තරං පරිප්පු අල සෝයා නෙවීද හරියන්නෙ.
    නිකමට අහන්නෙ

    බඩුත් අඩු වෙනව
    බරත්.අඩුාවනව
    කාලෙත් ඉතිරි වෙනව
    නැත්ද

    ReplyDelete
    Replies
    1. මහේෂ්, ඔයා හරි. අපේ ගමනේදී ප්‍රශ්නය මතු වුණේ ඕනෑවට වඩා ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න ගිය නිසයි, මෙනු එක හදලා කට්ටියට පෙන්නුවා අදහස් දැනගන්න. එක්කෙනෙකුට ''strings' එපාලු. තව කෙනෙකුට සෝයා එපාමලු. තව අදහසක් මතු වුණා පරිප්පුත් එක වේලකට වැඩිය කන්න බෑ කියලා.
      ඒ අස්සේ තුන් දෙනෙක් කීටෝ ඩයටින්....

      මගේ අදහස නං පරිප්පු තමයි පිරිමහින්නේ සහ හොඳම. හත් දෙනෙකුට එක වේලකට ග්රෑම් 250ක් ඇති නෙව.
      තව විස්තර ලියන්නං ඊළඟ කොටසකදී.

      Delete
  13. තේරුන් ගන්නවනම් තෙරුන් ගනිල්ලා නිමල් අංකල්ලා අපි හැමෝම ඉපදුනේ ජරා ජීර්න උනු තුප්පහිම නීතියක් නැති දූශිතම රටක. පාතාල කාරයෝ නඩුව තියෙන දවසට උන් වෙනුවෙන් පෙනී ඉන්න ලෝයස්ලා ජනාධිපති loyarsla. පිටරටවල් එක්ක සම්බන්ධ ලෝයලාගේ සංගම්වල සබාපතියලා..

    ලෝයලාගේ රටේම ඉන්න හොදම උන් ටික තමයි අච්චර කාලකන්නි උන් වෙනුවෙන් පෙනී ඉන්නේ ඊට පස්සේ පාතාලේ උන්ට ඇප හම්බෙනවා ඊට පස්සේ ලෝයගෙ කාර් එකේම ඌව පරිස්සමට ගෙදෙට්ට ඇරලනවා. Stf එකේ අය බොහෝදුරට හරියට තමන්ගේ රාජකාරි කරනවා.හිතන්න කොහෙ හරි කුඩු කේස් එකක්නම් එහෙම නැත්තන් පාතල කේස් එකක්නම් සැකකාරයෝ අල්ලලා ඒ අය අදාල පොලෝසීවලට භාර දෙනවා. Stf අයගේ ඩියුටි එක ඒකයි. අදාල සැකකාරයෝ අල්ලලා අදාල අන්ශ වලට භාරදෙන එක.ඒ ඩියුටි එක එයාලා ඉශ්ට කරනවා නමුත් එතනින් පොලෝසිය භාරයට යන පාතල් කුඩු ඩයල් උන්ව අදිකරනයට ඉදිපත් කරපු ගමන් උන් අල්ලනවා හොදම ලෝයස්ලා ටිකව උන්ට සල්ලි විසි කෙරුව ගමන් උන් අර පාතාල කාරයන්ව කුඩු කාරයන්ව එලියට ගන්න කතා කරනවා උන් ඊට පස්සේ එලියට ගියපු ගමන් රට පනිනවා.මේකයි ඇත්ත තත්වේ, ලංකාව වගේ රටවල් හැදෙන රටවල් නෙමෙයි උබලා මේ ෆෙස්බුක් එකේ උඩට පල්ලට ගියාට ඒ තත්පරේ චුන් එකට හිනා වෙලා අමතකක කරාට ලංකාව කියන රට දුශ්තම රටක් වෙලා ඉවරයි නීතියක් නෑ හොරු මන්කොල කාරයෝ දුශිතයො නිදැල්ලේ. මන් කියන්නේ මෙච්චරයි මේ කමෙන්ට් කියවනවනම් කෙනෙක් උබ ඉගෙන ගන්න වයසේ ඉන්නවනම් උබලා කොහොම හරි ඉගෙන ගනියවි.ඔය ඉගෙන ගෙන වැඩක් තියෙනවද කියන උන් කියන සුරන්ගනාකතාවලට අහු වෙන්න එපා.අන්ක එක ඉගෙන ගනින් ඊට පස්සේ ඉන්ග්‍රිසි ටික හදා ගනින් ඊට පස්සේ student visa එකක් හරි හදගේන ලංකාව කියන රටින් පලයන් දියුනු උන හොද නීති රාමුවක් තියෙන පිරිහුනු නැති රටකට. Eg:- australia,newzeland,japan etc.. ඒ වගේ රටකට ගිහින් සෙට්ල් වෙලා අම්මා තාත්තාවත් එහෙ රටකට ගනින්. ලංකාව වගේ රටවල් හැදෙන් නෑ හදන්නත් බෑ.පාලකයෝ වෙනස් වෙන්නෙත් නෑ මිනිස්සු ඉන්න උන් වෙනස් වෙන්නෙත් නෑ. ඔය වගේ දුශිත රටක ඉන්න එපා නිමල් අංකල් දුකින් උනත් කියන්න තියෙන්නේ ඒ දේ..

    ReplyDelete
    Replies
    1. ඔයාගේ වේදනාව අකුරු කරන එක හොඳයි- හිත නිදහස් වෙන්න... ඒකෙන් භාව විරේචනයක් වෙනවත්නේ...

      Delete
  14. ඉඟුරු දාපු තේ ගෙනියන්නේ නැත්ද ෆ්ලාස්ක් එකක. අපි ගමනක් යනකොට අනිවාර්යයෙන් ගෙනියන දෙයක්. ඇඟටත් බඩටත් දෙකටම හොඳයි කියල කියන්නේ. ඉඳිආප්පයි පරිප්පුයි විතරක් කෑවේ මස් මාළු කන්න හොඳ නැති නිසාද

    ReplyDelete
    Replies
    1. අජිත් මහත්තයෝ, පාස් එකක් ගෙනයන එක නං මේ සැරෙන්ම ඇති වුණා.
      මේ ගමන යන කවුරුන්වත් මස්, මාළු, කරවල තියා උම්බලකඩවත් නොකා තනිකර එළවළුවලින් යැපෙන්නේ. යන්න සතියකටවත් කලින් ඉඳන් පේ වෙලා.

      Delete
    2. පාස් එකක් නෙවෙයි ප්ලාස්ක් එකක් හොඳේ...

      Delete