අකුරු මැකී නෑ

Wednesday, August 14, 2024

හරෝහරා හයවෙනි වරටත් සහ කීටෝ - හත්වෙනි කොටස

... ඇත්තම කියතොත් මං පසුබැස්සේ තරමක ලජ්ජාවෙන්. ඒ ලජ්ජාව තවත් වැඩි වුණේ ‘මඩකලපු අයියයි මල්ලියි’ දෙන්නා ඊට පස්සේ හොරෙන් හොරෙන් මං ඉන්න පැත්තට බැලුම් හෙළනකොටයි!

ආයේ හංගන්න ඕනි නැහැනෙ. මමත් ඊට හපන් නෙව!!
මට ගොඩක්ම තිබ්බේ කුතුහලේ... ඒ නිසාමයි - මගේ ඔත්තුකාර ඇසුත් සැරෙන්-සැරේ ඒ ඉසව්වට රිංගෙව්වේ.
ඔන්න- ඉස්සෙල්ලම ඒ දෙන්නා පොඩි
ළිපක් පත්තු කර ගත්තා. වතුර උණු කෙරුවා... හීන් සීරුවේ තේ හදා ගත්තා... බිව්වා.

පිටස්තර අය දෙන දේවල් කන්න ඒ ගොල්ලෝ කැමති නෑ... දෙමළ අයම දෙන දන්සලකින් වුණත්... හොඳටම පේ වෙලා යන කට්ටියගේ හැටි එහෙමයි.

ඊළඟට මොනවදෝ උයන්න පටන් ගත්තා... කලින් දවසේ නිඳි මරලා හිටිය නිසා නිඳිමත පෙරෙද්දීත් මං ඉවසගෙන සෝදිසියෙන් උන්නා... තේරෙනවනෙ- ඇස්දෙක පියවෙන්න නොදී ඒ පැත්තට හැරිලයි මම ඉටි රෙද්දේ ඇල වෙලා හොරට නිඳාගෙන වගේ උන්නේ...

අනේ දෙයියනේ... දන්නෙම නැතිව මට එහෙමම නින්ද ගිහිං. කොච්චර වෙලා මං නිඳා ගත්තද කියල මමවත් දන්නෑ. ඒත් වැඩි වෙලාවක් මට නින්ද ගියා වෙන්න නං බෑ... මොකද, කුකුළු නින්දක් ගිහිං මට ඇහැරෙද්දී මඩකලපුවේ අයියයි මල්ලයි දෙන්නා කෑම කනවා. ‘අනේ මෝඩ හරක් දෙන්නා. දැන්ද තමුසෙලා දෙන්නා උයාගෙන කන්නේ? මහන්තත්තකම පැත්තකට දාලා අර ඉන්දිකලගෙන් බත් ටිකක් ගත්ත නං මොකද වෙන්නේ?’ අර දෙන්නා උන්නු පැත්තට හමාගෙන ගිය හීනි සුළං රැල්ලකට මං කෙඳිරුවා.
ඒ ගැන හිතන්නවත් ඉඩක් හම්බ වුණේ නෑ- ඇටිකිත්තෙක් මගේ මූණටම පැන්න නිසා. ඊයා! හිරිකිතේ බෑ.

කලින් සැරවල්වල නං කුඩා කැබිලිත්තේදි මේ ඇටිකිති කරදරේ තිබ්බේ නෑ. ඒ හිලව්වටත් එක්කම මෙදා සැරේ...
ඒ මදිවට කළු කොඩයිත් එහෙන් මෙහෙන් රෙද්ද අස්සට රිංගන්න අරං!
ඇටිකිති වදෙන් බේරෙන්න හිතලා පොරවන රෙද්දෙන් සරුවාංගෙම වහගත්තම නොසෑහෙන්න දාඩිය පෙරෙන්න ගත්තයි කියමුකො...

ඉතිං හරි හමං නින්දක් නැතිව ඉන්න අස්සෙත් මට කල්පනා වුණේ ‘අර අයිය මලෝ දෙන්න’ගේ අමුතු උද්දච්චකම.
‘උද්ධච්චකම වගේම තමයි ඒ දෙන්නගේ පුරුදුත්...’ මං නින්දට වැටෙන්න කලින් දැක්ක දේවල් ඔළුවට ආවා. ‘තේ බීලා ඇලුමිනියම් කෝප්ප දෙක හෝදපු හේදිල්ල... ඒවා ආයෙම ඔලොගුවට දැම්මෙත් පිහදලා කාරිය ඉවර වෙලා... හාල් ටික මුට්ටියට දාලා ඒකටත් වැන්දා... (අපේ
මහරගම ආච්චී දසනායක රත්නවතී උන්දැත් එහෙම කරපු කෙනෙක්. මෑත කාලීනව නං මට එහෙම කරන කෙනෙකුව හම්බ වෙලා නෑ කියලයි මතකය කියන්නේ...) තරුණ පහේ පිරිමිත් වෙලා මෙයාලට කොහෙන්ද ඔහොම පුරුදු?’  

ඒකට උත්තරේ මට හම්බ වුණේ දවසකට පස්සේ, ශ්‍රියාගෙන්.
ශ්‍රියා පාද යාත්‍රාවේ ඇවිත් තිබ්බේ තනියමයි. එතකොට හිතා ගත්තැකිනෙ ශ්‍රියාගේ තරම. එයා ගැන පස්සෙම කියන්නං- දැනට කියලා ඉන්නංකො ‘අර දෙන්නා ගැන’ ශ්‍රියාගේ අර්ථ කථනේ.

“නෑ නෑ සාමී. ඒ දෙන්නගේ මහන්තත්තකමක් නෙවෙයි. ඒ සාමිලා දෙන්නා අකුරටම වතාවත් කරගෙන යන අය වෙන්නැති. අනික සාමී, හැම දෙමළ මනුස්සයම එක වගේ නෙවෙයි. සමහරු බොහොම පිරිසිදුයි- සුද්දයි. ගොඩක්ම කුලෙන් ඉහළ අය. එහෙම නැතත් සමහර අය මේ ගමනෙදී තමන්ම කෑම උයා පිහා ගන්න බොහොම කැමැතියි... පිටස්තර අය දෙන දේවල් කන්න ඒ ගොල්ලෝ කැමති නෑ... දෙමළ අයම දෙන දන්සලකින් වුණත්... හොඳටම පේ වෙලා යන කට්ටියගේ හැටි එහෙමයි.”

මම ඔබේ නම- ගම- තනතුරු නොදනිමි; එහෙත් ඔබේ ඒ කාරුණිකභාවය; මනුස්සකම වෙනුවෙන්...(පාද යාත්‍රිකයන් වෙනුවෙන් ජලය සැපයීමේදී....)

“සාමි ඒ දෙන්නව දැක්කොත් මට පෙන්නන්නකො... මං ගාණෙන් විස්තර අහගෙන සාමිට කියන්නං.” ශ්‍රියා හරිම forward. ඒ වගේමයි. ඕනිම කෙනෙක් එක්ක ඉක්මනටම යාළුවෙන ගතියකුත් තියෙනවා. දැනට ඒ ගැන කතන්දරේ නවත්තලා...

... හරි හමං නින්දක් නැති තැනට ආයෙම යනවා... හොඳේ.
නිඳි වර්ජිතව පැය දෙක-තුනක් ඉන්න අස්සේ මගේ මූණට ටෝච් එළිය පාරක් එල්ල වුණා... “මාමේ! වතුර ළිපේ... මාමා තේ හදනව නේද? හදල ඉවර වෙලාම අනිත් කට්ටිය කූද්දමු.” ඉන්දික පුළුවන් තරං හෙමින් කියපි.
“අපේ xxxx නේවි එකේ යාළුවෙක්ට මාමයි- අපේ නිස්සංකයි ගැන කියල තියෙන්නෙ. ඒ යාළුවා පහට බෝට්ටුවක් අර එන්නං කිව්වා, ඔයාල දෙන්නව මෙතැනින්ම එගොඩට දාන්න... එහෙම ආවොත් මරේ මරු! ඔයාල දෙන්නා අපේ බෑගුත් අරගෙන එගොඩට ගිහිං ඉන්න.
මේ සැරේ කීයටවත් වෙන අයට නං මෙතැනින් එගොඩ වෙන්න දෙන්නේ නැහැල්ලු. අපිට කිලෝ මීටර් තුනක් විතර මේ ඉවුර දිගේ උඩහට ගිහිං- අනිත් ඉවුර දිගේ පහළට එන පරිප්පුව කන්නම වෙනවා...”

ඇතා කියන සතා කොච්චර වැහැරුණා වුණත් කොරහේ නාවන්න පුළුවනැයි? ඉන්දිකත් කතාව පටන් ගත්තේ නං හෙමින්. ඒත් අන්තිම ටිකට එනකොට දන්නෙම නැතිව volume එක වැඩි වෙලා නිසා- කට්ටියටම බෝට්ටුවේ කතාව ඇහිලා.

“අපේ බෑග්ස් ටිකත් බෝට්ටුවෙන්ම...”
“XXXXයත් කිව්වේ ඒකම තමයි. කොයිකටත් ටක් ගාලා bags ටිකත් අහුරලා තියා ගනිමුකෝ.”

ඒ ‘මෙහෙයුම’ plan කළ විදිහටම සිද්ද වුණේය.
අහසේ අළු පාට දියාරු වේගෙන ගිහිං නිල් පාටට හැරෙන්නටත් කලින් බෝට්ටුව ඉවුර ළඟට
à එතකොටම අපේ නඩ දෙකේ බඩු මලු පුදුමාකාර වේගයකින් බෝට්ටුවටà නිස්සංකවයි නිදිවයි දෙන්නවත් ඒකටමà XXXXගෙන් ඉල්ලීමක් ‘මේ දෙන්නම ලෙඩ්ඩු නිසා අපෙන් තව එක්කෙනෙක් විතරක් එන්නං- බෑග් ටික බාගන්න.’ මනාපයක් ලැබිණි.à බෝට්ටුව එහා ඉවුරට...

එහා ඉවුරෙදී නං අපට ලැබුණේ මනාපයක් නොව අමනාපයකි!
“අපට strict orders දීලා තියෙන්නේ කිසිම කෙනෙකුට මෙතැනින් ගොඩවෙන්න ඉඩ දෙන්න එපැයි කියලා.”

‘මේ දෙන්නම ලෙඩ්ඩු!’ අප වෙනුවෙන් නාවුක හමුදා භටයන් කරුණු කිව්වත් පලක් නොවිණි. “පේනවනේ... ඔයාලව ආපහු එක්ක යන්නයි වෙන්නෙ.” / “එහෙම නෙවෙයි මචං. අපි මේ තාත්තලා දෙන්නව උඩහට එක්කගෙන යමු. උඩහින් එගොඩ වෙන්න තියෙන තැනින් මෙයාලව බස්සමු. ඒක ටිකක් හරි ලේසියක් නේද තාත්තේ?”
කෙරුණේ එහෙමය. මෙයත් විශේෂයෙන් කිව යුතුය. එතැනදී ඒ නාවික හමුදා භටයෝ අපේ බෑග සියල්ලම ඉවුරට බාලා දෙන්නටත් කාරුණික වූහ. (සහෘදයිනි, මම ඔබේ නම- ගම- තනතුරු නොදනිමි; එහෙත් ඔබේ ඒ කාරුණිකභාවය; මනුස්සකම හා ළතෙත් බව වෙනුවෙන් ඔබ සැමට තුති පුදමි.)

එහෙම තැන්වලදී ඔවුනගේ පරම්පරා කුට්ටම් ඒ වතුරෙන් තෙමා ගැන්මට... 

ගමනකදී ඊළඟ ඉලක්කය කොතැනදැයි නොදන්නාකමත් හොඳය! මට හිතෙන්නේ එහෙමය. කිහිප සැරයක් එකම මාවතක් ඔස්සේ එකම ගමනක් යනකොට ඒ නොදන්නාකමේ ආතල් එක ඔබට ලැබෙන්නේ නැත...

මඩමේතොටදී කුඹුක්කන් ඔයෙන් එතෙර වෙන හැම දෙනාම ලහි-ලහියේ දුවති; උපරිම වේගයෙන් යති. එහෙම කරන්නේ හවස් වෙන්නට කලින් නාවලඩි හෙවත් ළිං තුනට යාගත යුතු බැවිනි. කාට-කාටත් එදා රාත්‍රිය පහන් කරන්නට වෙන්නේ එහිය.

ඒ සඳහා කිලෝ මීටර් 16ක් විතර යන්නට වෙයි.
ගිනි අව්වෙන් කැකෑරෙන රත් වුණු වැල්ළේ එරී-එරී යන්නට වෙයි. වතුර පොදක්වත් ඉතිරි නොවී හිඳී ගිහිං  පැලිවළන් පැලී තිබෙන කලපු හරහා යන්නට වෙයි. ඒ අතරවාරයේම තැනින් තැන නොසිඳී- නොවියැළී; පල්වතුර ඉතිරි කරගෙන පාද යාත්‍රික අපට චණ්ඩිකම් පෙන්වන ‘අභිමානවත් ආරවල් ගණනාවක්’ම තරණය කරන්නටත් සිද්ද වෙයි.
එහෙම ආරවල්වල තියෙන්නේ ගඳ ගහන වතුරකි. ඒ වතුරට යටින් තියෙන්නේ මිනිරන් පාට; කළුම කළු එරෙන මඩකි. ඒ මඩ තට්ටුවත් සමහර තැනෙකදී අඩි දෙකක් විතර ගණකම්ය!

එහෙම සමහර ආරකින් එගොඩ වෙන්නට යද්දී ඉඟටිය දක්වාම අර වතුරෙන් තෙමා ගන්නටත් සිද්ද වෙයි. අපේ නඩ දෙකේම අයට එහෙම තැන්වලදී ඔවුනගේ පරම්පරා කුට්ටම් ඒ වතුරෙන් තෙමා ගැන්මට සිදු විණි.
ඒ අබග්ගයෙන් ‘මම නං බේරුණා’ යැයි මා වාගාඩම්බර දොඩන්නේ දැන්ය!
මං බේරුණේ අපේ ප්‍රියන්තටත්, ඉන්දිකටත්, සුජීටත් පිං සිදු වෙන්නටය. ඒ තිදෙනාම හොඳ ‘උප්පු ගෙනියන්නෝ’ වෙති!!

ළිං තුන කඳවුරු බිමේ කෙළවරක මෙවරත් ඔසු පැන් හා හුළං විස්කෝතු දන්සල තිබ්බේය. සරුවත් දන්සලත් තිබ්බේය. බත් දන්සලත් තිබ්බේය. හමුදාවෙන් පවත්වාගෙන ගිය ‘වතුර බෝතල් අලෙවි කරන කුටිය’ නොතිබ්බේය. ඒ වෙනුවට ක්ෂණිකවම වතුර පිරිසුදු කර දෙන ස්ථානයක් තිබ්බේය. ඒ සේරමටත් වඩා වටින්නේ එතැන තිබෙන වතුර විලේ නාගන්නට තරම් වතුර තිබීමයි!
කුඩා කැබිලිත්ත දේවාලය ළඟ සිට දුහුවිලි නාගෙන එන කාටත් පිහිට වෙන්නට ඒ ‘විල’ සැදී- පැහැදී- පේ වීගෙන උන්නේය!

කිලිටි ඇඳුම් සෝදා ගනිමින්, වියැළී තිබුණු සිරුරට සිත්සේ දිය උරා ගන්නට ඉඩ දෙමිනි- මගේ පැයක් විතර ගෙවී ගියේ.

“ඒ නිමල් අයියේ, මම දන්සලෙන් ඔහෙට ඉල්ලගෙන ආව කෑම එක නරක් වෙනකල්ම නාන්නෙයි කල්පනාව...” විලට ආව ප්‍රියන්ත ඇහුවෙ මගේ ජල සමාධියට  බාධා කරමින්. “මමයි මර්වින් අයියයි කාලා ආවේ. අපිත් එක්ක එන්නැතුව නමියා පරක්කු වෙලා දන්සලට ආවේ... මිනිහට මරු වැඩේ වුණේ... නමියා පෝලිමේ ඉඳිද්දී බත් ඉවරයි. බතක් ළිපේ කියල දන්සලේ කට්ටිය පෝලිමේ හිටි අයට ටිකක් ඉන්න කිව්වා. නමීත් එතැනම ඉඳගෙන දෙමළ කෑලිවලට talk කරනවද කොහේද! හඃ හඃ හඃ...”

ළිං තුන පෙදෙසේදී අපේ සිතුවිලි යම්කිසි වෙනසකට බඳුන් වෙනවාවත්ද?

ප්‍රියන්තගේ කතාව ඇත්තක් විය යුතුය. නමී ආපහු ආවේ පැය එකහමාරකට විතර පසුවය. ඒ විත්තිය දයාබර පාඨක ඔබට කියමින් ඉඳිද්දී, තව කාරණා දෙකකුත් මගේ හිත් ඉස්මත්තට එයි!

1. වැඩි කතාබතා නැති නමීටත් දොඩමළු වෙන්නට හිතුණේ ‘ළිං තුන ඉසව්වේ තිබෙන විශේෂ බලපෑම’ක් නිසාවත්ද?

එකම මිහිතලයේ වෙනස් තැන්වලට තිබෙන ගුරුත්වාකර්ෂණ බලය වෙනස් වෙනවා සේ...
සමහර ස්ථාන ජයබිම් ලෙස හැසිරෙනවා සේ...
ළිං තුන පෙදෙසේදී අපේ සිතුවිලි යම්කිසි වෙනසකට බඳුන් වෙනවාවත්ද?

අපේ නඩය එතැන නැවතුණු පස් වතාවෙන්- හතර වාරයකදීම සිදු වුණු දෙයක් මට එලෙස සිතන්නට සලස්වයි. ඒ හැම වාරයකදීම, අපි ඉතා පුළුල්- හරබර සාකච්ඡාවල යෙදුණෙමු. පැයක්- දෙකක් විතර දිගු... එහෙම වුණේ සැලසුමක් ඇතිව නොවේ, සම්පූර්ණයෙන්ම අහම්බෙනි.

2. පාද යාත්‍රාවේ යන සියලුම දෙනා අතර ආත්මීය බැඳීමක් වැනි දෙයක්; සාමූහික චින්තනයක් වැනි දෙයක් ඇති වෙනවාද? (මේ හැඟීම ‘කණ්ඩායම්- කල්ලි මානසිකත්වය’ට, Mob මානසිකත්වය’ට කිට්ටුය. පරමාත්මය පිළිබඳව විශ්වාසයක් හා අවබෝධයක් ඇත්තෙකු ‘පරමාත්මය අවදි වීමක්’ ලෙසින් එය හඳුන්වා දෙනු ඇතැයි මට සිතේ.)
මට එහෙම හිතුණේ ‘රත්නායක ශ්‍රියාකාන්ති’ගේ කතාවල් ගොඩක් නිසාය!

ඇයව මට හඳුන්වා දුන්නේ අපේ නමිනං උන්නැහේය.
එතකොට අපේ හත්දෙනා කුඩා නඩ තුනකට විතර කැඩිලාය. රත් වී කැකෑරෙන වැල්ලේ එරි-එරී හෙවණක් නැති ඉසව්වක යද්දී... නැවතෙමින් අනිත් අය ගැන බැලිල්ල ලේසි නැත. එකම වේගයකින් යන කිහිප දෙනා කරන්නේ පෙනෙන තෙක් මානයට ගිහිං, කටු පඳුරක හරි හෙවණ යටට වැදී හිතවතුන් එනතුරු බලා ඉඳිල්ලය.

“නමී, මට තේරෙනවා- මේ හරියේ ගාටන්න අමාරුයි. Bags ගොඩකුත් උස්සගෙන යන එකේ ඔයා ඉස්සර වෙලා යන්න. හෙවණක් තිබ්බොත් විනාඩියක් නැවතිලා යං...”
“මම වැඩි දුරක් යන්නෑ එහෙනං.” නමී ඉස්සර වුණේ නොකර බැරිකමටය. ඒ යක්ෂයාට ‘හැම වතාවෙම සිද්ද වෙන ඇබැද්දිය’ මේ සැරෙත් සිද්ද වෙලාය.

දිය පට්ට! විශේෂයෙන්ම සෙරෙප්පු පටිවලට තදවෙන කකුලේ පිටි පතුල්වල...

‘ගමනට දාන්න හිතන සෙරෙප්පු දෙක දාගෙන ටික දවසක් ඇවිදිනවලා!’ කොච්චර බණ දෙසුවත් තමිර- නමී දෙන්නා අහන්නේ නැත. ඒ අකීකරුකමට මුන් දෙන්නාටම දඬුවමුත් ලැබෙයි. වැඩේ කියන්නේ, අවුරුද්දක් යද්දී- ඒ යස්ස පැටවුන්ට ‘ඒ දඬුවම් ලැබුණු වග’ අමතක වීමයි.

ගෑනියෙක් වුණාම වැඩියෙන් සුකුමාරකමක් තියෙන්න එපැයි!

ඉතිං, ටිකාක් පය ඉක්මන් කරලා ඉස්සර වුණු නමී- පාර අයිනෙ නැවතිලා බලාගෙන උන්නේ ශ්‍රියාලා එක්කය. පාන් කියා ගන්නටවත් පණක් නැතිව වුණත් මං එයාලට සිනාවක් පෑවා මතකය.

“හරෝහරා, සාමී හරෝහරා!” ශ්‍රියා මට කිව්වාය.
‘හරෝහරා!’ එයාගේ හරෝහරාව හතර වටේටම ඇහෙන එකකි. ‘ඩෙසිබල්’ ගණන වැඩි එකකි. මගේ හරෝහරාව කෙඳිරිල්ලකි.

“ඉඳගන්න උදව්වක් ඕනිද නිදි? අපි එකට ආවේ අක්කේ.” නමී මාව පෙන්නමින් ශ්‍රියාට කිව්වේය. “ආ යාළුවො! උක්කාරුංග සාමී... වාඩි වෙන්න... වාඩි වෙන්න...” මගේ පැත්තට හැරී කියූ ශ්‍රියා ඒ ගමන්ම නමීගේ පැත්තට හැරුණාය. “අක්කා නෙවෙයි සාමී... මට අම්මා කියන්න. අම්මා... අම්මා! පාද යාත්තරාවේ යන ගෑනු අපි ඔක්කොම අම්මලා... පිරිමි ඔක්කොම සාමිලා... මීට පස්සේ දිගටම එහෙම කියන්න. මොකද අපි ඔක්කොම එකයි- කිසිම වෙනසක් නෑ... අපි සේරමලා එකම ගමනක් යන්නේ... ලොකු අය නෑ- පොඩි අය නෑ. දුප්පත් පොහොසත්කං නෑ...”

කියන්නටත් ලජ්ජා හිතෙයි! ඉස්සෙල්ලාම ශ්‍රියාව දකිද්දී නං මට ඇති වුණේ එතරම් පහන් හැඟීමක් නොවේ. එයා වාඩිවී උන්නේ ‘බූරු ඇඳ’ දිගෑරගෙනය. 'ගෑනියෙක් වුණාම වැඩියෙන් සුකුමාරකමක් තියෙන්න එපැයි' කියල නේද කතාවටත් කියන්නේ. මේ ඇත්තිට ලජ්ජ නැද්ද මංදා කැලෑ පාරක් අද්දරක වුණත් ඔහොම වාඩි වෙලා ඉන්න.

“කන්න සාමී... ඔයාගෙ යාළු සාමි තමයි අපිට දුන්නේ. මම බාගයක්ම කෑවා, බඩගින්නේ හිටිය හිංදා...” ආයෙමත් මගේ පැත්තට- ඊළඟට නමීගේ පැත්තට. “අනේ සාමි... මට නැඟිට ගන්න අමාරුවෙන්නෙ ඉන්නේ. ඔයාගේ යාළු සාමිටත් මේ බිස්කට් දෙන්නකො.” නමියා නැඟිටලා ඉඟුරු විස්කෝතු පැකැට්ටුව ශ්‍රියාගෙන් අරං, මට දික් කළා.
“මේ අම්මා දැන් මාර කතන්දර ටිකක් කිව්වනෙ නිදි... මෙයාටත් කියන්නකො- අර වල්ලි අම්මව නාවපු ළිඳේ කතන්දරේ... අපි එතෙන්ට ගිහිං නෑ නේද නිදි?”

“මම දන්න කතන්දර බොහොමයි! මම එව්වා කියන්නංකො යන ගමන්... එතකොට මහන්සි දැනෙන්නෑනේ... අව්ව බොහොම සැර වෙන්ඩ කලින් අපි පිටත් වෙමු, නේද සාමි.”
එච්චර වෙලාවක් නිස්සද්දව වාඩිවී හිටි වැඩිහිටි පිරිමියාට, ශ්‍රියා දමිළ භාෂාවෙන්ම කිව්වේ ‘යමු- නැඟිටින්න’ කියලාය.

“එයා ඉඳ ගත්තම එහෙමම ඉන්න තමා බොහොම කැමති. වස කම්මැලියා... මිනිහගෙ හොඳ වෙලාවට මාත් එක්ක කතා කළේ. බලපුවම මිනිහත් ඇවිත් තියෙන්නෙ තනියම. මමත් තනියම යන එකේ- මං එයාට කිව්වා අපි එකටම යමු කියල...”

හරි හරී. තව ටිකක් ඉස්සරහට යමුකෝ. පේන විදිහට නං තව පැය දෙක තුනක්වත්...

අම්මට සිරි! යකඩ අම්මණ්ඩියෙක්නෙ...

තනියම? ශ්‍රියා එච්චර වියපත් ගෑනියෙකුත් නොවේ. අපායේ ගහන කැලැන්ඩරේකට foto එක ගැළපෙන තරමේ අපුල පෙනුමක් ඇති අංගනාවකත් නොවේ...
එච්චර උසකුත් නැති; මිටිත් නැති, කළුමත් නැති; කැරපොතු සුද වගේ සුදකුත් නැති; තලෙළු පැහැති, මුඛරි කතා ඇති ප්‍රසන්න ඉස්තිරියාවකි. දමිළ, සිංහල දෙබසින්ම කථනය කරන්නට සමතියකි.

‘... එකටම යමු කියල...’ වචන ටික කියනකොටත් ශ්‍රියා ආපහු මඟට බැහැලා ඉවරය. ‘මේ මනුස්සයා පෙනෙනවට වඩා කඩිසරයිනෙ කඩිය වගේ!’

ඔයා ඇයි තනියෙන්ම මේ ගමන ආවේ? / කොහෙ ඉඳලද එන්නේ? / ඔයා දෙමළද- සිංහලද? / මේ පිරිමි කෙනාත් ඔයාලගේ පැත්තෙ කෙනෙක්ද? / කලිනුත් මේ ගමන ඇවිත් තියෙනවද? නිමලෝ, මේ වතාවේ පාද යාත්‍රා ගමන ගැන ‘නිදිගෙ පංච තන්තරේ’ අඩවියට ලියනවා නං... ඔව්වට උත්තර අහගෙන පලයං මතක ඇතිව.
-අඳුනන කෙනෙකුගෙන් වුණත් එහෙම ප්‍රශ්න අහන එක මගේ පුරුද්දක් නෙවෙයිනෙ...
යකෝ, මතකයි නේද- ඉස්සෙල්ලම හම්බ වෙච්ච වෙලාවේ
චානකගෙන් විස්තර අහන්නේ නැතිව හිටියා... ඊළඟ වතාවේ; අවුරුද්දකට පස්සේ නේද තමුසෙ චානකගේ විස්තර දැන ගත්තේ?
-හරි හරී. තව ටිකක් ඉස්සරහට යමුකෝ. පේන විදිහට නං තව පැය දෙක තුනක්වත් අපි එකටම යැවෙයි! එයාටම ගැඹුර දීලා... වෙනින් කතාවක් ගැන මතු කරලා...

“මොකක්ද අර ඔයා කියනවයි කිව්ව වල්ලි අම්මා නාවපු ළිඳේ කතාව?”
“ආ ඒකද... ඔය වල්ලි මාතාව වැදි රැහේ කිව්වට එහෙම නෙවෙයි...” ශ්‍රියා කියන්නේ ඒ කාලයේ ඒවා සිද්ද වෙන සංදියේ එයාත් එතැන උන්නා වගෙය. “... දැන් ඔය ඔකඳ දේවාලේ ගාව තියෙනවා නේද ළිඳක්... වටේට සිමෙන්ති බැම්මකින් වට කරලා. ඒක බොහොම පරණයි. ඒකට කියන්නේ xxxxx* කියලා. ඒ කියන්නේ රෙදි හෝදන වත්තේ ළිඳ කියන එක. වල්ලි මාතාව හිටියෙත් එහෙ... එතුමිය බොහොම ලස්සනයි- රෙදි හෝදන කුලේ වුණත්...”

*xxxxx- දන්නා තරං දත කෑවත් ශ්‍රියා ‘ඔකඳ ළිඳ’ට කියූ දෙමළ වචනය තහවුරු කර ගැනීමට තවමත් බැරි විණි. පස්සේ වෙලාවකත් අපේ නමී උන්නැහේ ඇය ලවා ඒ නම කියවාගෙන, ඒක රෙකෝර්ඩ් කරලාත් දුන්නේය. ස්තුතියි නමී.
ඒත් ඒකෙනුත් වැඩක් ගන්නට බැරි තරමට වටපිටාවේ සද්ද-බද්දත් record වෙලාය!
ඊළඟ කොටස ලියන්නට කලින් එය සොයා ගන්නට තවත් try කරමි.

à අටවෙනි කොටසට...

45 comments:

  1. නමියටත් නියම ශ්‍රියාකාන්තාවො තමයි සෙට් වෙන්නෙ. හැක්..

    ReplyDelete
    Replies
    1. Thought there were only leopards in Yala, now you have Cougars as well lol

      Delete
    2. ඉලව්වයි. නමියටත් ඒ වගේ එකක්ද සෙට් වෙලා තියෙන්නෙ.
      ඇඩ්‍රස්, ෆෝන් නම්බර් එහෙමත් මාරු උනාද දන්නෑ.

      Delete
    3. Praසන්ன මහත්තය, අර ළිඳට කියන වචනය අහගන්න මම ආයෙමත් ශ්‍රියාට කතා කරන්නයි යන්නේ. නොම්මරේ තිබ්බේ නමි ළඟ. ඒක ඉල්ලා ගත්තේ රෑ වෙලාවක. නොම්මරේ එවලා- ඒ ගමන්ම නමියා මට මැසේජ් එකක් එව්වා, 'මේ රෑ ඒ මනුස්සයට කතා කරන්න එපා' කියලා...

      Delete
    4. Ano, ඔයාගේ ප්‍රශ්නය තව ඩිංගෙන් අමතක වෙනවා. මට වැටහෙන විදිහට ඔයා අහන්නේ යාල ඉන්නේ කොටින්ද- දිවියන්ද කියන කාරණයද?
      ඒ ගැන නං මං නිච්චියටම දන්නෙ නෑ.
      දිවියා කියන වචනය මට මතක් වෙන්නේ අඳුන් දිවියා කියනකොටයි.

      Delete
    5. මම හිතන්නෙ ඇනෝ කියන්නෙ මේ ගැන වෙන්න ඕන.

      slang : a middle-aged woman seeking a romantic relationship with a younger man.

      Delete
    6. ප්‍රසන්න අන්කල් හිමිජ්ජා වගේ හිටියට පෝර්න් හබ් බලනවා කියල දැන්නේ මාට්ටු උනේ හික් හික් අන්කල් චිකේයියා ලොල්

      Delete
  2. නිමල් අන්කල් කරුණාකරලා ලන්ඩන් දෙකට එන්න මේ හරෝ හරා කතන්දරේ ඇද ඇද යන්නේ නැතුව.නැත්තම් ලෝටස් අක්කිට කියල ඔයාගේ පස්සට ගුටියක් දෙනවා හරිද

    ReplyDelete
    Replies
    1. අනේ Ano, මේ කතන්දරේ ඇදුනා වගේ ඔයාට දැනුනා නං කනගාටුයි. සිද්ද වෙච්චි දෙයින් වැදගත් දේවල් ටික ලියන්නේ. කොහොමත් තව එක කොටසයි...
      ඒත් ලන්ඩන් ගමන ගැන ලියැවෙන්නේ නං තව සති කිහිපෙකින් පස්සෙයි, හොඳේ.

      Delete
    2. නිදි ලන්ඩන් එනකන් නිදි නොමැතිව බල සිටිමු

      Delete
  3. "ළිං තුන පෙදෙසේදී අපේ සිතුවිලි යම්කිසි වෙනසකට බඳුන් වෙනවාවත්ද" ඒකත් හිතන්න ඕනෙ දෙයක් බලාගෙන යනකොට.

    ReplyDelete
    Replies
    1. ලිඳත් බඳුනක් වගේ ඇති

      Delete
    2. ඇත්තටම Lotus, පෙරේදා රෑත් දොස්තර මහත්තය ආව වෙලාවේ අපි ඔය ගැන දිග වෙලාවක් සාකච්ඡා කළා.
      ඉස්සර පන්සල් සේරම හදල තියෙන්නෙ උස් බිම්වලමයි...
      අපේ මැති-ඇමතිවරුන් වැඩි හරියක් පල්මොට්ටයන් වගේ හැසිරෙන්නට දියවන්නා මන්දිරයත් හේතුවක්ද?
      වාස්තු විද්‍යානුකූලව යහපත් නිවසක් තනන්න ඕනි පහත් බිමක නෙවෙයිලු!

      Delete
    3. Pra Jay මහත්තයෝ, ඔයා බඳුන ගැන වගේ කියලා විහිලුවට කියද්දී මගේ ඔළුවට ආවේ- ගොඩක් දෙනා පාවිච්චි කරන වැරදි සිංහල යෙදුමක්. ඔයා එහෙම ලිව්වට හෙම නෙවෙයි. හොඳේ. (අද උදේ කියවපු තැනකත් තිබිච්ච නිසා මේ ගැන ලියන්නම හිතුණා.)

      මෙන්න නිදසුනක්.
      සාකච්ඡාවට භාජනය වෙනවා!
      සාකච්ඡාවට භාජන වෙනවා මිසක් භාජනය වෙනවා නෙවෙයි.

      Delete
    4. නමී, මට යකා නැගල ඉන්නේ ඔහේගෙ 😂 එකට!
      තමුන්නාන්සේත් ළිං තුනේදී අද්වයිත වේදාන්තය ගැන හාර-හාරා අහන්න ගත්තේ... ඒවා නොලිව්ව හින්දද හිනා වෙන්නේ?

      Delete
    5. හ්ම්...නමියා හිනහා වුන එකෙයි, පහල ලෝටස්ගෙ monologue එකෙයි තියෙන සාකැසම් එක, මම හිතුවෙ නිදිට තේරිලා නොතේරුනා වගේ ඉන්නව කියලයි.🤔

      Delete
    6. ලෝටස් akki ගේ ප්‍රශ්න මාලාවේ කොපි රයිට් මගේ හරිද ඩෝ ! විද්දේ පූසට වැදුනේ නිදිට

      Delete
    7. නිමල්, ළිං තුන කියන ප්‍රදේශය හම්බවෙන්නෙ පාද යාත්‍රා ගමනෙ පලමු බාගය ඉවර වුණාම වගේද, එහෙම නැත්නම් ඒක ගමනේ milestone එකක් නේද. සමහරවිට එහෙම milestone එකක් සම්පූර්ණ කරාට පස්සෙ හිතට දැනෙන සහනය නිසා එහෙම වෙනවද දන්නෙ නෑ. ආයිත් ඒ ගැන කට්ටිය සාකච්ඡා කරපු වෙලාවට කතාවෙච්ච අදහස් නිමල් ඉස්සරහට ලියන පෝස්ට්ස් වලට ඇතුල් කරන්න.

      (මම හිතුවා Pray Jay බඳුන් කතාව ලියලා තියෙන්නෙ සීරියස්ලි කියලා. තව පොඩ්ඩෙන් බඳුනක් වගේ එතන energy contain/hold වෙනවද දන්නෙ නෑ කියලා කමෙන්ට් කරන්න ගියෙ).

      Delete
    8. ඇත්තටම ළිං තුනට ගියාම හිතට නං ලොකු සහනයක්. මොකද ඊට පස්සේ මඩවගුරු- ආරවල් හමු නොවෙන තරං. හැබැයි ඒ සහනයට වඩා දෙයක් එතන තියෙනවා කියලයි අපිට දැනුණේ.
      වෙනත් නඩවල කිහිප දෙනෙකුමත් ළිං තුනේ දවසක්ම විවේකීව ඉඳලත් තිබුණා, Lotus.
      ඔය කාරණා ගැන ආයෙම සාකච්ඡාවක් කෙරුනොතින් ලියන්නන්. ප්‍රශ්නෙ තියෙන්නෙ විවේකය මදිකම.
      දවස් තුනකට මඩොල්සිම ට්‍රිප් එකක් ගිහිං ඊයේ රෑ දොළහට ආවේ. මේ සතියේ තව දවස් දෙකක්ම නිඳි මරණ වැඩ දැනටම දීලයි තියෙන්නෙ.

      Delete
    9. මගේ උඩ කමෙන්ටුවේ දීලයි කියන තැන යෙදිලයි වෙන්න ඕනි, හොඳේ.

      Delete
    10. @LotusAugust 16, 2024 at 6:57 PM
      As a rule, not being serious is the default mode.
      Being serious is the exception.

      Delete
  4. "ඔයා ඇයි තනියෙන්ම මේ ගමන ආවේ? / කොහෙ ඉඳලද එන්නේ? / ඔයා දෙමළද- සිංහලද? / මේ පිරිමි කෙනාත් ඔයාලගේ පැත්තෙ කෙනෙක්ද? / කලිනුත් මේ ගමන ඇවිත් තියෙනවද? -අඳුනන කෙනෙකුගෙන් වුණත් එහෙම ප්‍රශ්න අහන එක මගේ පුරුද්දක් නෙවෙයිනෙ". අපරාදෙනෙ නිමල්. ඇයි ඇහුවෙ නැත්ත 'ඔයා ගැහැනු කෙනෙක්ද, පිරිමියෙක්ද, මැරීඩ්ද, සින්ගල්ද, available?unavailable?' කියලා. ඒත් නැත්නම් අඩු ගානෙ කියන්න තිබ්බනෙ 'ඕගොල්ලො වගේ අය පාද යාත්‍රා එන එකෙන් අපිට තැනක් නැතිවෙනවා, මීට පස්සෙ ඔයාට පාද යාත්‍රා එන්න තහනම්' කියලා. අපරාදෙ.

    ReplyDelete
    Replies
    1. තහනං?
      ශ්‍රියාට එහෙම කියන්න ගියා නං බලන්න තිබුණා... ඊළඟ කොටස කියවන්නකෝ Lotus...

      Delete
    2. ලෝටස් අක්කි ගේ ෆ්ලවර් ජම්ප් උනාද ? දෙන්න නිදි අන්කල් ට පොඩි ස්පෑන්ක් එකක්. මට හිතෙන හැටියට එක වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ නෑනේ , අක්කි ඇනබල් ද අනේබල් ද කියල lol this is අක්කිගෙ secret admirer

      Delete
  5. අද කොටස වෙනදාටත් වඩා හොදයි කියල හිතෙන්නේ මට විතරද?

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම හිතුනා.

      Delete
    2. ලලිත්, බස්සා - මහත්වරුන් දෙන්නාටම ස්තුතියි!

      Delete
    3. මටත් එහෙම හිතුණා. මේ සීරීස් එකේ පෝස්ට්ස් ඔක්කොම රසවත්. සමරවිට නිමල් පාද යාත්‍රාව ගැන කීප සැරයක්ම ලියපු නිසා අපි විස්තරවලට හුරු වෙලා නිසා වෙන්න ඇති. නිමල් තව කොටස් කීපයක් ලිව්වොත් හොඳයි.

      Delete
    4. තව එක කොටසයි ලියන්නේ- Lotus!

      Delete
  6. වල්ලි අම්ම නාපු ළිඳේ කතන්දරේ
    ඇටිකිත්තන් මූණට පනින කරදරේ
    බඩු මලු ටික නමිනං සාමිගේ කරේ
    කුණාටුවක් ඒවිද ඒ වචන වෙඩි සැරේ

    ReplyDelete
    Replies
    1. ඇටිකිත්ත කියන්නේ ගෙම්බට කියන තවත් වචනයක්ද

      Delete
    2. අහල තියෙන විදිහට, ඇටිකිත්ත = ඇටිකිච්චා = ගස් ගෙම්බා. පොඩි ගෙම්බො ජාතියක්.

      Delete
    3. සිරියාවන්ත අඟනාවිය ශ්‍රියා ගැන
      තියෙන නිසා තව ඩිංගක් ලියවෙන්න
      'සතියක් විතර තව ඉවසාගෙන ඉන්න'
      බස්සාණෙනි, ඔබෙන් ඉල්ලමි පැදි බසින

      Delete
    4. අජිත් මහත්තයාගේ ප්රශ්නෙට මම උත්තර දෙන්න යන්නේ නැහැ. බස්සා මහත්තයා විස්තර ඇතිවම කියල තියෙන නිසා.

      ප්‍රශ්නය ඇහුවටයි, උත්තර දුන්නටයි දෙන්නටම ස්තුතියි- තව අයටත් මේ කාරණාව පැහැදිලි වෙන්න ඇතිනේ!

      Delete
  7. ඔවුනගේ පරම්පරා කුට්ටම් ඒ වතුරෙන් තෙමා ගැන්මට සිදු විණි. -නිරෝගිව ඉන්න එක හොඳයිනේ 😁

    ReplyDelete
    Replies
    1. 😁 😁 😁!!! දාන්න තුනක්!!!
      තල තුනා ගත්තු අයට විතරයි ඔව්ව තේරෙන්නෙ, අජිත් මහත්තයෝ.

      Delete
    2. පිරිමින්ගේ පරම්පරා කුට්ටම නම් බබලත් උදවියගේ එය කුමන නමින් හඳුන්වනවද ? මම නම් දන්නා තරමට පූසා බෙල්ලෙන් අල්ලාගෙන යනඑක තමයි එයාලා කරන්නේ

      Delete
    3. හොඳින් කල්පනා කරන්න වෙන ප්‍රශ්නයක් Ano අහල තියෙන්නෙ. පරම්පරා කුට්ටම, වජු බිල්ල, අංග ජාතය, පුරුෂ නිමිත්ත වගේ ග්‍රාම්‍ය හා විදග්ධ වචන ගොඩක් තිබ්බත් ස්ත්‍රී නිමිත්ත වගේ වචන තියෙන්නෙ අඩුවෙන් කියලයි මටත් මතක් වෙන්නේ.

      Delete
    4. කුමන නමින් එම ගම වගේම එය පිහිටා ඇති වනෝද්‍යානයත් හැඳින්වේ. එනමින් හඳුන්වන කුට්ටම් පොකුණකුත් තිබේද?

      Delete
    5. කුමන කුමන නම්වලින් හඳුන්වන්නේදැයි නොදනිමි. පොකුණු කෙසේ වෙතත් කුට්ටම් නම් බොහෝය. Pra Jay මැතිඳුනි.

      Delete
  8. දැන් අයට මුට්ටි හට්ටි වලට වැඳ වැඳ උයන වැඩ බෑ. fb යන අතරනෙ ඒවත් කෙරෙන්නෙ හිට 🤭

    ReplyDelete
    Replies
    1. ඔතන මෙහෙම දෙයකුත් තියෙනවනේ නමී, කෑමට- කරන ගරුසරුව!
      තමන්ට; අනිත් අයට; වෙනත් දේවල්වලට; අදහස්වලට කෙරෙන ගරුසරුව... ළමා අවදියේදීම අපිට පුරුදු කෙරෙව්වේ ඔහොම සිරිත්වලින්...
      අප අතින් කොයිතරම් දුරට ඒ හොඳ සිරිත ගිලිහිලා ගිහින්ද- දන්නෙම නැතිව.
      අද ජීවිතවලට වුණත් ගරු නොකරන තරමටම ඒ දුර්ගුණය වර්ධනය වෙලා නේද?

      Delete
  9. ඒක තමයි එහෙනම් නමියට උපකරණෙ සුද්ද කරන්න හිතිල තියෙන්නෙ. හැක්

    පාගමන් චාරිකා ගිැන මේ සටහන් දිගටම කියවනව. හරි හමන් කමෙන්ටු නැති එකට කමා කරන්න. වැඩ නිසා ලිවිල්ලලත්මඟ ඇරෙන සයිස්

    ශ්‍රියා වගේ අය මේ සාවියෙ ඇති තරං.
    මිනිස්සු හම්බ කරන එකෙන් බොනව. ගෑණු හමුබ කරල ළමයින්ටයි මිනිහටයි ඔක්කටම කන්න බොන්න දෙනව.

    කතා නං ගොඩයි. ලියන්න බැරි එක.දුකයි

    ReplyDelete
    Replies
    1. ලියමු ලියමු ටික ටික හරි. ළඟදීම ඔයා ලියු 'වෙහෙස නිවන දේශීය ඖෂධ, කටගැස්මට මාලු සහ අතිහිතේෂීවන්තයෝ' post එක මට නං නියමයි, මහේෂ්!
      https://awanhala.blogspot.com/2024/08/blog-post.html
      අලුත්ම එක තාම කියෙව්වේ නෑ, ගෙදර නොහිටි නිසා.

      Delete