අකුරු මැකී නෑ

Thursday, August 8, 2024

හරෝහරා හයවෙනි වරටත් සහ කීටෝ - හයවෙනි කොටස

“මෙන්න... පිඟානේ සමපෝෂ ගුළි 15 ක් තියෙනවා. ඉස්සෙල්ලම අර වයසක තුන් දෙනාට මේවා දීලා- ඊට පස්සේ පිඟාන පිටින්ම කොලු නඩේට දෙන්න.” මම සුනිමල්ට කීවෙමි. ඒ යක්ෂ පැටියා කෙළින්ම ගියේ තරුණ නඩය වෙතටය. කොලු රෑන හිනාවෙමින් සමපෝෂ ගුළි පිඟානම පිළිගත් හැටි මට පෙනිණි.

“දැන් කෝ මිනිහො අර වයසක තුන් දෙනාට?”
“අරගොල්ලෝ දෙයිනෙ...” කියලාය සුනිමල් උත්තර දුන්නේ.
“එහෙම දෙන්න කියලා ඔයා එයාලට කිව්වද?”
උත්තරය
සුනිමල්ගේ මුහුණින්ම පෙනෙයි. මම නිහඬවම...

ඔවුහු ඉතා අවාසනාවන්ත ලෙස ජංගම දුරකථන මුරුගසං වරුසාවකට මැදිව සිටිති. ඒ නිසාමදෝ

... නිහඬවම කල්පනාවට වැටුණෙමි. සුනිමල් කියන්නෙත් වත්මන් තරුණ පරම්පරාවේ සාමාජිකයෙකි. මේ පරපුරේ සාමාජිකයන්ගෙන් බහුතරය ඉතා දක්ෂය- එහෙත් ඔවුහු ඉතා අවාසනාවන්ත ලෙස ජංගම දුරකථන මුරුගසං වරුසාවකට මැදිව සිටිති. ඒ නිසාමදෝ ඒ වැඩි දෙනාට එදිනෙදා ජීවිතයේ ප්‍රායෝගික කරුණු සම්බන්ධයෙන් ඇත්තේ අවම දැනීමකි; අර්බුදවලට මැදිහත් වීමේදී- ප්‍රශ්න විසඳා ගැනීමේදී- ආපත්ති-විපත්තිවලට මුහුණ දීමේදී මේ තරුණ උදවියගෙන් වැඩි දෙනෙක් බුහුටිකමක් නැත්තෝ වෙති.

එහෙම සිද්ද වී තිබෙන්නේ අත්දැකීම් මදිකම නිසා; අවස්ථාවන් හිඟකම නිසා නොවෙද?

ඒ පිළිබඳව Lotus රසිකාවිය පසුගිය කොටසේ comment තීරුවේ මෙවන් සඳහනක් කරයි.
‘... කොහොමත් ලංකාවෙ අධ්‍යාපන ක්‍රමයෙ ප්‍රායෝගික ඉගැන්වීම්, projects එහෙම නෑනෙ. ඔය වගේ පාද යාත්‍රා එහෙම යනකොට තරුණ අය ඒ වගේ පාඩම් ඉගෙන ගනියි.’

ඇත්තෙන්ම පාද යාත්‍රාව හොඳ අත්දැකීම් ගොඩාරියක් ලබා ගන්න පුළුවන්; පාඩම් ගොඩාරියක් ඉගෙන ගන්න පුළුවන් විශ්වවිද්‍යාලයයක්. හැබැයි හොඳින්; කල්පනාවෙන් නිරීක්ෂණය කරලා- දැනුමට යමක් එකතු කර ගැනීමේ උවමනාව තියෙන කෙනෙකුට.

ඉතිං, මාත් එදා කල්පනා කරන අතරේම... රබර් ඇහැ දාලා බලාගෙන උන්නේ අර තරුණ නඩය දිහා! එයාල සමපෝෂ ගුළිවලින් සප්පායම් වුණා මිස ‘දාන පාරමිතාව’ සපුරන්න හිතුවේ නෑ. මං තවත් සමපෝෂ ගුළි හතර- පහක් හදලා සුනිමල් අතේම අර වැඩිහිටියන් තුන් දෙනාට යැව්වා.
“එනකොට අර කට්ටියගෙන් අපේ පිඟානත් අරගෙන එන්න, සුනිමල්.”

ඒත් සුනිමල් ආවේ හිස් අතින්. “එයාල තවම කාලා ඉවර නෑ. තව ටිකකින් පිඟාන එවන්නං කිව්වා.”

අපරාදේ කියන්නට බැරිය! එයාල කියා තිබුණු විදිහටම පිඟාන එව්වෝහ.
බිමට එලාගත් රෙදි උඩ වැතිර ගත්තු ගමන්ම සිටිමින් ඒ නඩයේ එක්කෙනෙක්- ටික වෙලාවකට පස්සේ ‘මචං’ කියා සුනිමල්ට ඇමතුවේය. “උඹලගෙ පිඟාන!” යැයි කිව්වේය. ඊළඟ මොහොතේ අපේ ප්ලාස්ටික් පිඟාන පියාඹන පීරිසියක් වෙලා සුනිමල්ගේ අතටම වැඩියේය!
චිඃ!

ඇත්තම කියනවා නං, මට එහෙම වැඩ පෙනෙන්නේ ආචාරශීලීකමේ අඩුවක් විදිහටය. සිරිත් විරිත් නොදන්නාකමක් විදිහටය. එහෙම දකින්නේ නිමල් දිසානායකයා පරණ හණමිටිකාරයෙකු නිසාත් විය හැකිය. නැත්තං නාකි මැන්ටලයක් හෝ චමින්ද කෙනෙකු නිසාත් විය හැකිය.
එහෙම වුණත් මේ ලියන්නා අද්‍යතන තරුණ පරම්පරාව දෙස බලන්නේ ඉතා සුබවාදී ඇසකිනි. ඔවුනගේ දස්කම් බොහෝය. නිසි මඟ පෙන්වීමක් කෙරෙනවා නම්, නිසි නායකත්වයක් යටතේ නිසි පුරුදු-පුහුණු කිරීමක් කෙරෙනවා නම්... මේ තරුණ පරම්පරාව ශ්‍රී ලංකා මාතාවගේ නම ජාත්‍යන්තර නම් අතර බබළවනවාට සැක නැත.

Sri Lanka’s Got Talent රූපවාහිනී වැඩ සටහනේදී Diamond Kick Teakwondo කණ්ඩායම පෙන්නූ දක්ෂතාවන් දැක්කාම

නිසි මඟ පෙන්වීමක්... නිසි පුහුණුවක්... මට එහෙම හිතුණේ Sri Lanka’s Got Talent රූපවාහිනී වැඩ සටහනේදී Diamond Kick Teakwondo කණ්ඩායම පෙන්නූ දක්ෂතාවන් දැක්කාමය.

එයාලා ‘හරි වෙලාවට හරි පාරට’ වැටුණු අයයි.
එහෙම වාසනාවක් නොලැබුණාම කොහෙන් කොහොම කෙළවර වෙනවාදැයි හිතන්නටවත් බැරිය!
පාර්ලිමේන්තු පාරේ අගෝස්තු 3 වෙනිදා උදේ සිද්ද වෙච්ච
මාරක රිය අනතුර එහෙම දෙයකට හොඳ උදාහරණයක්.

හරි වෙලාවට හරි පාරට... වැටුණොත් ගොඩ යන්නේ තරුණ පරම්පරාව විතරක් නෙවෙයි. රටමය!

මේ දවස්වල සිරි ලංකාව නං කොයි පාරට වැටෙන්නද කියලා පොඩි අවුලක ඉන්නේ. අවුරුදු හැත්තෑ හයක් තිස්සේ කොරන්න බැරි වෙච්චි උදවිය ඉස්සරහදි කොරන්නං කියලා පෙන්නන පාරවල් දිගේම යනවද- නැත්තං අලුත්ම පාරක් පෙන්වන කට්ටිය එක්ක යනවද කියන අවුලේ...
‘මොකා ආවත් එකයි. අපි හම්බ කර ගත්තොත් අපිට කාල ඉන්න පුළුවන්!’ කියලා පැත්තකට වෙලා ඉන්න ඇහැකි යුගයක් නෙවෙයිනෙ මේ. එහෙම කියලා නිවැරදි වෙලාවේ- නිවැරදි තීරණ නොගත්ත වැඩිහිටි පරම්පරාවල පව්ද අපි අද ගෙවන්නේ? අපි වියදම් කරන හැම රුපියලකින්ම සත අසූවක් විතරම වැය වෙන්නේ tax වශයෙන් නං? එහෙම වෙලා තියෙන්නෙ කාගේ වරදින්ද... කියලා හිතන්නෙ නැතිව ඉන්න පුළුවනිද?

මට කල්පනා වෙන්නේ ‘සුනිමල් වගේ කට්ටිය මොන තීරණයක් ගනීවිද?’ කියලයි.

සමහර උදවිය නං කලින්ම තීරණ අරගෙනයි ඉන්නේ. මං කිව්වේ පාද යාත්‍රාවේ එන උදවිය! කවුරු කොහොම මොනවා දුන්නත් එයාලා සූදානං වෙලා උන්නු විදිහටමයි කරන්නේ...

සුනිමල් පියාඹන පීරිසිය හරියටම අල්ල ගත්ත බිමට වැටෙන්න නොදී. “අනේ සුනිමල්, හොඳ ළමයා වගේ අර තුන් දෙනාට දුන්නු පිඟානත් ඉල්ලගෙන එන්නකෝ!” මං කිව්වා. ප්ලාස්ටික් පිඟානක බර වුණත් ගණන් නොගෙන බැරි හින්දා අපි ගමනට ගෙනිහිල්ල තිබ්බේ පිඟන් අටයි! ඉතිං ඒවායින් එකක්වත් නැති වෙන්න ඉඩ දීල බැහැනේ, පළමුවෙනි දවසෙම.

“මාමේ. අර දන්සල් වෑන් එකේ තව කෑම ගොඩක් තියෙනවලු. එයාලා රෑ වෙන්න කලින් ආපහු යන්න ඕනි නිසා ඒ කෑම අරගන්න කියනවා... භාජනවලට.” හිච්චි ආවේ පණිවිඩයක් අරං. “මං අපේ භාජනවලට කෑම ගන්නං ඔහෙලටත් එක්කම. මට දෙන්නකො මාමෙ තව පොඩි සාස්පාන් දෙකක්- වෑංජන දාගන්න ඇහැකි.”

“හිච්චි, අපේ කට්ටිය නං රෑට කන එකක් නෑ වගේ. දැන් ටිකකට කලින්නෙ දවල්ට කෑවෙත්.”

දඩයමක් කරගෙන ලොකු සතෙක් මරා ගත්ත දවසට තමයි

අපේ නඩේ හත් දෙනාගෙන් තුන් දෙනෙක්ම ‘කීටෝකාරයන් වෙලා’ ඉන්නා විත්තිය හිච්චිලාට කියන්නයැ. අපේ නමියාත් මොකුත්ම නොකන තරම්ය. “හිච්චි- අපිට නං චුට්ටම චුට්ටක් තිබ්බම ඇති... මටත් බඩගින්නක් නැතිවයි ඉන්නේ...”

“එහෙම කොහොමද මාමේ? නොකා උන්නම කොහොමද ඇඟට පණ එන්නේ? අම්මප, ඔහෙට හෙට ඇවිද ගන්න පණ නැති වෙයි හොඳේ- අද රෑට බඩ පිරෙන්න යමක් නොකා උන්නොත්...” හිච්චි වගේ ඇත්තන් හිතන්නේ එහෙමය!

‘මානවයා ගැන හරිහැටි දන්නෙ නැති අය තමයි ඔහොම හිතන්නේ!’ අයස්මන්ත හිතවතා හා කලින් දවසක කෙරුණු කතාබහකදී කියැවුණු බව මට මතක් විණි. “මිනිහා නොදියුණු කාලෙ, දඩයම් යුගේ ඉන්නකොට අද වගේ තුන් වේලක්ම කෑවෙ නෑ... කෑවෙ නෑ කියනවට වැඩිය නිවැරදියි එයාලට උවමනා තරමට කන්න දේවල් තිබ්බේ නෑ කිව්වොත්.
දඩයමක් කරගෙන ලොකු සතෙක් මරා ගත්ත දවසට තමයි එයාල බඩ පුරවා ගත්තේ. සමහර වෙලාවට තව දවස් ගණනාවක් යනකල් එයාලා හිටියේ හාමතේ... ඒ දඩයමක් කර ගන්න බැරි වුණාම.
දිගින් දිගටම එහෙම වෙද්දී ඇඟ තේරුම් ගන්න ඇති ‘කෑම නැති කාලෙට ජීවිතේ රැක ගන්න නං ශක්තිය ගබඩා කරල තියා ගන්න ඕනෑ’ බව. එතකොටයි උවමනා වෙලාවට පාවිච්චියට ගන්න අපේ body එකේ මේදය තැන්පත් වීම පටන් ගන්න ඇත්තේ.

-ජීවිතේ පහසු වෙන්න වෙන්න; ශරීරයට අවශ්‍ය තරමට නැතිව- කෑදරකමේ තරමට ගිලගෙන ගිලගෙන යන්න පටන් ගත්තම මොකද වුණේ... දිගින්-දිගටම මේදය තැන්පත් කෙරුණා මිස පාවිච්චියට ගන්න අවස්ථා උදා වුණේ නෑ, ඉතිං මිනිස්සු මහත් වෙන්න ගත්තා... ලෙඩ වැඩි වෙන්න ගත්තා!”

හිච්චි ඈතට ගියාමය අයස්මන්ත මහත්තයා කතා කළේ. ඒකත් අපට විතරක් ඇහෙන තරමට volume එක අඩුවෙන්ය.
“දැක්කනෙ! අපි තුන් දෙනා ඊයේ රැයෙන් පස්සේ පිටි- සීනි තියෙන මොනවත්ම නොකා-නොබී මෙච්චර දුරක් ආවයි කිව්වොත් එයාල පුදුම වෙයි. පැය අසූවක්ම කන්න හදන්නේ සීනි- පිටි නැති කෑමමයි කිව්වොත්... එයාල අපිව පිස්සො ගණනට දායි.”

“ඇත්ත නේන්නං! මේක මහ පිස්සු වැඩක්නෙ!!
දොස්තර මහත්තයගෙ හිත නරක් වෙයි කියලා මං ඒ වෙලාවේ මොකුත් කිව්වේ නෑ. මෙහෙම උපරිමෙන්ම මහන්සි වෙවී ගමනක් යන වෙලාවේම ඔය නොකා ඉන්න වැඩේ කරන්න ඕනිද? මේ දවස් හතර නැතිවට තව දවස් 361ක්ම තියෙන්නෙ...” අපේ කතාබහට කන්දීගෙන හිටි දැවැන්ත කුඹුක් ගහක් කෙඳිරුවේ මගේ කනට විතරක් ඇහෙන විදිහටය.

අපේ bags උස්සගෙන- සෙන්ටිග්‍රේඩ් අංශක 40 පැනල රත් වෙච්ච වැල්ලේ ඇවිදින්න...

මතක් වෙන්නේ දැන්ය. මේ postsවල මුල්ම එකට අජිත් ධර්ම මහත්තයා ලියා එවල තිබ්බා නේද ‘එංගලන්තේ නම් ඔය කීටෝ ඩයටින් ක්‍රමේ කවුරුවත් රෙකමන්ඩ් කරන්නේ නැහැ’යි කියලත්... එච්චරක්යැ... ඒක රිස්කි වැඩිය කියලත්...

ඒ comments පිළිබඳව අයස්මන්ත හිතවතාට කිව්වෙමි. එතකොට කියැවුණේ අපූරු කතන්දරයකි.
“අයියේ, දොස්තරලා කියන්නෙත් මිනිස්සු. සමහරු ඇත්ත දන්නවා වුණත් කියන්න කැමති නෑ- තරහකාරයන් හදා ගන්නේ මොකටද කියලා. තව සමහරු ඉගෙන ගන්න කාලෙ එයාලට උගන්නපු දේවල් විතරයි දන්නෙ. Update වෙන්නෑ... ඉතිං එයාලා ඇත්ත දන්නෙ නෑ. නිකමට වගේ ලෝකෙ තියෙන ලොකුම බිස්නස් මොනවද කියලා හොයල බලන්නකො... මොන කොම්පැනිද වැඩියෙන්ම බලවත් කියලා හොයන්නකො...
බෙහෙත් ජාති රෙකමන්ඩ් කරනවට නං doctorsලට තෑගි-බෝග හම්බ වෙනවනෙ. රෝග වළක්වා ගන්න හැටි promote කරනවටත් තෑගි දෙනවද?”

ඇත්තනේ! හොඳම විසඳුම හැකිතාක් දැනුවත් වීමය. තමන්ම කරුණු-කාරණ විමංශනාත්මකව සොයා බැලීමය. අයස්මන්ත එහෙම කරලාය.

“අපි නිකම්ම කීටෝ ඩයටින් පටන් ගත්තේ නෑ නිමල් අයියේ.
ගමන පටන් ගන්නකොටම අපි තුන් දෙනා
 β- hydroxy butyrate බිව්වා දැක්කද? අර නෙවිලාවතී වැඩිය ආසා නැහැයි කිය-කියා බිව්වෙ. එතකොට මස්ල් බ්රේක් ඩවුන් එකක් වෙන්නෙ නෑ- මහන්සි වුණත්. අපේ ඇඟවල් වෙහෙසවද්දී ඕනි කරන ශක්තිය ලබා ගන්න ඉක්මනින්ම අපේ ඇඟවල්වල මේදය දහනය කෙරුණේ ඒකෙන්.

-ඔයා දන්නවද? කලපු හරහා මඩේ එරි-එරී වතුරේ ගිලි-ගිලී එන්න අපි තුන් දෙනාට කිසිම අමාරුවක් වුණේ නැහැනෙ- බත් නොකෑවයි කියල. වෙනදට අපි ඔච්චර මහන්සි වෙන්නෙ නැහැනෙ..”

“පීරිස් මහත්තයෝ, එතකොටයි මතක් වුණේ... ඔයාලා vaccum pack කරගෙන ආව සුදුළූණු, පොළොස්, අඹ වගේ කරි ජාතිවලට පොල්කිරි ටිකක් දාල රත් කර ගන්න නේද ගෙනිච්චේ? කෝ, ඒ විත්තියක් ඔයාලා මතක් කෙරුවේ නැහැනෙ...”
තමිරටත් නෙවිල්ටත් ඒ බව මතක් වුණේ ආපහු ආවාමය!

“ඒ වෙලාවල අපිට ඔව්වා මතක් වුණේ නෑ, නිමල් අයියේ. යකෙක් කන්න තරං බඩගින්නේ හිටිද්දී... නැද්ද නෙවිල් අයියේ.”
“අනේ මචං, මේ දිසානායකලට අපි වින්ද දුක තේරෙන්නෙ නෑ. ඇයි මචං- ශක්තිය හම්බ වෙනවයි කියලා ඔය මඟුල්ම කන්න පුළුවන් කාටද? වෙනදට වගේ මස් කෑල්ලක්- බිත්තරයක්- මාළු පෙත්තක්වත් තිබ්බ එකක්යැ... පේ වෙන කතන්දරේ නිසා. මං නං හිටියෙ ‘නොකාපු හූණා’ වගෙයි මචං!”

 

තවත් කිසිම බෑගයක්, මල්ලක් එල්ලන්නට ඉඩක් නැති තරමේ bags හා මලු තොගයක් ඔහු ගෙන යමින් උන්නේය. ඒ සේරෝටමත් වැඩියෙන් කැපී පෙනුණේ ඒ භක්තිවන්තයා උසුලාගෙන ගිය ‘ජංගම දේවාලය’යි!

“උඹලට එහෙම දැනුණා වුණත් මචං, බලපංකො අර දේවාල සාමි! ඒ මනුස්සයා...”

“කව්ද මචං ඒ? මොකද වුණේ... මට ඒ පොරව miss වෙන්න ඇත්තේ මම ඉස්සරහින්ම ගිය නිසා...”
“ඒකට කමක් නෑ... පීරිස් කියන්න යන දේ අහගන්නවකො බාධා නොකර...”

අප දේවාල සාමි කියා කිව්වේ කිසිදු අනුගාමියෙකු නොමැතිව- හුදෙකලාවම පාද යාත්‍රාවේ යෙදුණු දමිළ බැතිමතෙකුටය. පඩත්තල මට සුපුරුදු නාමයකින් ඔහුව හඳුන්වනවා නං, මං කියන්නේ ‘කිළුටු බායි’ කෙනෙකු කියලාය. ඒ තරමටම ඒ මනුස්සයා කිළුටු පාටය; කට්ට කළුය; දූවිල්ලෙන් වැසිලාය.
ඉහ නිකට පැහුණු මිනිසෙකු වුණු ඔහුගේ දෙපයම කිළුටු රෙදිවලින් ඔතා- පටිවලින් ගැට ගහලාය. ඒ සෙරෙප්පු වෙනුවට ආදේශකයක් වශයෙනි!

එක වතාවක අප ඉසුඹු ලමින් විඩා හරින තැනට ඉතා සමීපයෙන් වූ නූස් තුරු සෙවණක ඔහුත් වාඩි ගෙන උන්නේය. එබැවින්ම කිට්ටුවෙන් හිඳ ඒ දේවාල සාමිව නිරීක්ෂණය කරන්නට අපට හැකි විණි.

තවත් කිසිම බෑගයක්, මල්ලක් එල්ලන්නට ඉඩක් නැති තරමේ bags හා මලු තොගයක් ඔහු ගෙන යමින් උන්නේය. ඒ සේරෝටමත් වැඩියෙන් කැපී පෙනුණේ ඒ භක්තිවන්තයා උසුලාගෙන ගිය ‘ජංගම දේවාලය’යි. (ඒ ගැන කියන්නට ගැළපෙන වෙනත් වචනයක් මට සිහි නොවෙයි.) කුඩා දේව ප්‍රතිමා කිහිපයක්, වේලායුධ කිහිපයක්, (මට හරි හැටි හඳුනා ගන්නට බැරි වුණු) ගැජට්-බැජට් වගයක් හා මොනර පිල් කිහිපයකුත් ඒ දේවාලයේ තිබිණි. ඒ සියල්ලම එකකුදු නොහැලෙනසේ සවි කරගෙන හෝ ගැට ගසාගෙන හෝ තිබ්බෙත් ඕනෑවට එපාවට නොවේ. පිළිවෙලකටය!

“ඩොක්ටර්, ඔබතුමා දෙමළත් දන්න එකේ ඒ මනුස්සයගෙනුත් අහන්නකො බිස්කට් ටිකක් දෙන්නද කියලා.” අපේ ප්‍රියන්ත කිව්වේ වැඩි හොඳටය.
“ඕක අහන්නත් ඕනි දෙයක්ද මනුස්සයෝ. ඔන්න ඔය බිස්කට් පැකට් එකම මෙහාට දෙනවා...” අයස්මන්ත බිස්කට් packet එකම අරගෙන ගිහිං එයාට දුන්නේ දමිළ බසිනුත් කතා කරමිනි. අපි බලාගෙන සිටියෙමු...

දේවාල සාමි විස්කෝතු ප්‍රතික්ෂේප කළේය! පීරිස්ට මොන මොනවාදෝ විස්තර කරමින් කිව්වේය.
“අයියේ, මෙයා කන්නේ පොලුයි කැරටුයි විතරලු. ඒකත් අමුවෙන්මලු... අපි ළඟ ඒවා තියෙනවද?”
“තරුණ නායකත්වය ඒ වගේ දේවල් කප්පාදු කෙරුවනේ උස්සගෙන යන්න බර වැඩියි කියලා.... සොරි තමා.”

“ඉතිං මචං මම කියාගෙන ආවේ...” පීරිස් නෙවිල් අනුරසිරිගේ ‘නොකාපු හූණා’ කතාවට ටීකාවක් සපයන්නට පටන් ගනියි.

වෙනම study එකක් කරන්න වටින වැඩක් මචං!

“එක පාරටම මටත් මීටර් වුණේ නෑ. ඒ මනුස්සය මුළු ගමන පුරාවටම අමු පොල් කෑල්ලකුයි, තියෙනවා නං අමු කැරට් අලේකුයි විතරක් කනවා කියන්නේ... පොරත් කීටෝ ඩයට් එකක් තමයි ගන්නේ!”

“හෑෑෑෑෑෑෑෑ?” / “මාර වැඩක්නෙ!” / “පුදුමයක්නේ යකඩෝ....”

“වෙනම study එකක් කරන්න වටින වැඩක් මචං! ඉස්සර කාලෙ හිටිය මිනිස්සු තියරිය දන්නෙ නැතුවට- ප්‍රැක්ටිකලි දැනගෙන හිටි සමහර දේවල් තියෙනවා හොයල බලන්න වටින... මේකත් එහෙම දෙයක් වෙන්ඩ පුළුවන්...
පොල්වල සීනි නෑ, කැරට්වලත් කීටෝ ඩයටින් එකට බලපාන සීනි නෑ. හැබැයි ඒ දෙජාතියේම ෆයිබර් තියෙනවා. Filling... බඩගිනි නිවනවා...”

ඒ කතාවෙන් යටපත් වෙන්නට ගිය තවත් කතන්දරයක් දැන් කිව යුතුය. හැබැයි, මේ කතාවටත් ආහාර සම්බන්ධය.

අවුරුදු ගණනාවක ඉඳලා ‘නිදිගෙ පංච තන්තරේ’ කියවන හිතාදර Praසන් මහත්තයෝ, දැන් තියාම හිනාවෙවී නේද කියවන්නේ? ඇත්තනේ, ඔයා කියනවා වගේ මගේ අතින් කෑම ගැන ටිකක් වැඩිපුර ලියැවෙනවා තමයි. ඒත් දෙයියනේ, වෙනදටත් වැඩියෙන් ඒ ගැන ලියවෙනවනේ අද!

ඒක වැරැද්දක් නං චුට්ටක් ඉවසා වදාරන්න ඕනි කවුරු කවුරුත්. හොඳේ...

Post එකේ උඩ හරියේ මං ලිව්වා ‘කවුරු කොහොම මොනවා දුන්නත් එයාලා සූදානං වෙලා උන්නු විදිහටමයි කරන්නේ...’ කියලා. මතකයි නේද? මේ වැඩේ ඒ නිරීක්ෂණයටයි පටලැවෙන්නේ.
එදා හැන්දෑවේ, කුඩා කැබිලිත්ත දේවාලය ඉස්සරහ රූස්ස කුඹුක් ගස් ගොන්න අතරින් බිම් කළුවර පහත් වේගෙන එද්දී දෙන්නෙක් අපේ ළඟට ආවා. සෑහෙන බර බද්දලුත් එල්ලගෙන. අතින්- කටින්- කැඩිච්ච සිංහල වචනවලින් එක්කෙනෙක් ඇහුවා, අපේ ඉටි රෙද්දට එහා පැත්තෙන් ඉතිරි වෙලා තිබිච්ච පොඩි බිම් කඩේ එයාල නැවතුණාට කමක් නැද්ද කියලා. ‘කමක් නෑ, කමක් නෑ!’ මට කියැවුණේ නිකම්මයි.

එතන සුද්ද-බුද්ද කරලා, පැදුරක් එලලා, එයාලා කුඹුක්කන් ඔයෙන් නාගෙන ආවා. ඒ අතරේ හිච්චියි- ඉන්දිකයි අපිට පණිවිඩ පිට පණිවිඩ එව්වා ඇවිත් කෑම බෙදා ගන්න කියලා. වෑන් දන්සලේ කට්ටිය කෑම තොගයක්ම හිච්චිලට දීල ගිහිං.

දන්නවනේ, දිසානායක පරම්පරාවේ අයිඩියානන්ද ජාන ගැන; මටත් ඒ ජාන යහමින් උරුම බව. මටත් පිං සිතුවිල්ලක් ජනිත වුණා. “ඉන්දික, අපේ තැනට එහා පැත්තෙන් ඉන්නවා මඩකලපුවේ දෙන්නෙක්. අයියයි මල්ලියි වගේ. ඒ දෙන්නා හෙම්බත් වෙලා ආවේ- දැන් ටිකකට කලින්. එයාලටත් මෙව්වයෙන්ම කන්න කියමුද, රෑට උයන්නෙ නැතුව.”

හොඳට සිංහල කතා කරන්න බැරි වුණාට- සිංහල තේරුම් ගන්න පුළුවනියි කියලයි...

“ඕක මගෙන් අහන්නත් දෙයක්ද රත්තරං මාමේ? දෙන්නෙකුට නෙවෙයි, තව හතරපස් දෙනෙකුට කතහැකි. එන්න කියන්න. එන්න කියන්න.”

මමමයි හරිම සර්දාවෙන් අර දෙන්නට පණිවිඩේ ගෙනිච්චේ. හොඳට සිංහල කතා කරන්න බැරි වුණාට- සිංහල තේරුම් ගන්න පුළුවනියි කියලයි වැඩුමලා මට කියල තිබ්බේ. එහෙව් මනුස්සයා- මං පණිවිඩේ කියද්දී... උන්හිටි ගමන් අන්ද-මන්ද ගතියක් පෙන්නන්න ගත්තා. ‘මොකද යකෝ මේ මනුස්සයට වුණේ?’ මට හිතුණා. ‘සිංහල තේරෙනවයි කිව්වට මම කිව්ව දේ නං තේරිලා නැතිව වගෙයි.’ එහෙම හිතපු මං පතල මහා කරුණාවෙන් යුතුව තව ටිකක් පැහැදිලි කර කර මගේ පණිවිඩේ ප්‍රතිවාදනය කළා.

මං වහන්සේ වැඩි-වැඩියෙන් තේරුම් කරන්න හදන-හදන තරමට, අර හාදයාත් නොතේරෙන විත්තිය පෙන්නුවා. මටම ලජ්ජයි- තරහයි. ‘මෙයාල හිතනවද දන්නෑ ‘කෑම දෙන එකෙන්’ අපිට වාසියක් වෙනවයි කියලා.’ අන්තිමේදී මට හිතුණා. ඇත්තම කියතොත් මං පසුබැස්සේ තරමක ලජ්ජාවෙන්. ඒ ලජ්ජාව තවත් වැඩි වුණේ ‘මඩකලපු අයියයි මල්ලියි’ දෙන්නා ඊට පස්සේ හොරෙන් හොරෙන් මං ඉන්න පැත්තට බැලුම් හෙළනකොටයි!

ආයේ හංගන්න ඕනි නැහැනෙ. මමත් ඊට හපන් නෙව!!
මට ගොඩක්ම තිබ්බේ කුතුහලේ... ඒ නිසාමයි - මගේ ඔත්තුකාර ඇසුත් සැරෙන්-සැරේ ඒ ඉසව්වට රිංගෙව්වේ.
ඔන්න- ඉස්සෙල්ලම ඒ දෙන්නා පොඩි ළිපක් පත්තු කර ගත්තා. වතුර උණු කෙරුවා... හීන් සීරුවේ තේ හදා ගත්තා... බිව්වා.

ඊළඟට මොනවදෝ උයන්න පටන් ගත්තා... කලින් දවසේ නිඳි මරලා හිටිය නිසා නිඳිමත පෙරෙද්දීත් මං ඉවසගෙන සෝදිසියෙන් උන්නා... තේරෙනවනෙ- ඇස්දෙක පියවෙන්න නොදී ඒ පැත්තට හැරිලයි මම ඉටි රෙද්දේ ඇල වෙලා හොරට නිඳාගෙන වගේ උන්නේ...
à ඉතිරිය හත්වෙනි කොටසට...



54 comments:

  1. අරෙහෙ ගමරාළගෙ කොරටුව ගිණි ගන්නවා. මෙහෙන් බංගලි ගිණි-කෙලි සැණකෙලි. පස්සෙ එඤ්ඤං

    ReplyDelete
    Replies
    1. පස්සෙ එන්න ගිය ඔහේගෙත් මොකුත් ගිනි ගත්තද?

      Delete
    2. මේ දවස්වල කියවන්න- බලන්න- අහන්න දේවල් ගොඩක් තියෙනවනේ... blog නං පස්සේ වුණත් කියවන්න පුළුවන් වගෙයි කියලද හිතෙන්නේ... වෙලාව සීමිත නිසා මට නං එහෙම හිතෙන වෙලාවලුත් තියෙනවා.

      Delete
    3. මේ දවස්වල කියවන්න- බලන්න- අහන්න දේවල් ගොඩක් තියෙන එකට වඩා, ඒක මේ යන "ශෝර්ට් & ස්වීට්" ට්‍රෙන්ඩ් එකෙන් අපට පුරුදු කරවපු දෙයක්. නිදිගෙ පෝස්ට් වැටෙන්නෙ ඒ කැටගරියට නෙමෙයි. ඉතිං ඒවා කියවන්න වෙලාවක-කලාවක් හොයා ගන්න වෙනවා. ඒත් ලියන එකට කුරුතග්න වෙන්නත් එපෑ? ඒකයි ඉස්සෙල්ල රෙජිස්ටරේ මාක් කරක හිටියෙ.

      Delete
    4. බෙංගාල බෞක්කෙ සුළු කැලබීම් තත්වයක් 🤭... see more

      Delete
    5. බසූ මේ අපේ කොලොම්පුරෙත් ලියල හිටං
      https://kolompure.blogspot.com/2024/08/blog-post.html?m=1

      Delete
    6. //අරෙහෙ ගමරාළගෙ කොරටුව ගිණි ගන්නවා. මෙහෙන් බංගලි ගිණි-කෙලි සැණකෙලි. //

      බැස්ටියන්තුමා ඊමේල් බලන්නෙ නැත්තෙ ප්‍රංස ආක්‍රමණයක්වත් වෙලාද කියල හිතපු මං !

      Delete
    7. සමාවෙන්න ඕනෙ. ඊමේල් බලපු කාලයක් මතක නෑ. දැන් ගිහින් බලල හොයා ගත්තා.🙏

      Delete
  2. මොන පිං කෙරුවත් කෝච්චිට පැනලා මරුණ අහිංසක පොස්ට් මාස්ටර් රවටාපු පව ගෙවන්න බෑ

    ReplyDelete
    Replies
    1. ඔයාට මොකක් හරි පටලැවිල්ලක් වෙලා වගෙයි, මහත්තයෝ.
      ආදර පූජාසනේ- posts ටිකෙන් කියැවුණු post මාස්ටර් මහත්තයයි මාව රැවට්ටුවේ- හරි නං.
      https://nidigepanchathanthare.blogspot.com/2020/08/blog-post.html
      මං 'නිමාලි' වෙලා සුනන්ද එක්ක ටෙලිෆෝන් එකෙන් වරු ගණන් හුරතල් වෙවී; තොඳොල් වෙවී කතා කළා තමයි. කවි ලියුම් හුවමාරු කර ගත්තා තමයි. හැබැයි ඒ සේරම කෙරෙද්දීත් මං එකම බොරුවක්වත් කිව්වේ නෑ. ඇත්ත නොකියා හිටියා- නැතිනං ඇත්ත කිව්වා බොරුවක් වගේ හැඟෙන විදිහට.
      ඒත් එතකොටත් සුනන්ද ලොකු දරුවෝ ඉන්න තාත්තෙක් කියලා මම දැනගෙනයි හිටියෙ. මහීලා ගැන නොදැන හිටියට.

      නමුත් සුනන්දව ලුම්බිණියේදී හම්බ වුණාම එයා shock වුනු බව ඇත්ත. ඒත් එයා කෝච්චියට පැන්නා කියල කවුද කිව්වේ? එහෙම දෙයක් වුණේ නැහැනෙ!

      Delete
  3. හිනා නොවී පුලුවනැයි ඉතිං මෙච්චර කෑම ජාති ගැන කතා වෙනකොට.

    පොලුයි කැරටුයි කාල මිනිහෙකුට ජීවත් වෙන්න පුලුවං කියල හොයාගත්ත එකත් ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. සුමාන ගණනාවක් ඒ ජාති දෙක විතරක් කකා හිටිය හැකිද කියලයි Praසන්ன මට කල්පනා වෙන්නේ.

      Delete
  4. අර මඩකලපු අයියයි මල්ලියි කතාව හොඳයි වගේ. දිසානායකත් දැන් කතාව කුට්ටි කිරීමේ අලුත් සෙල්ලමක් පටන් අරං වගේ.😋

    ReplyDelete
    Replies
    1. බකුසුතුමෝ, පෙරේදා; අගෝස්තු 8 වෙනිදා හවස ඇ සිරිබිරිස් උන්නැහෙයි- නමියි- මමයි ගියා කරුණාරත්න අමරසිංහ මහත්තයාව හමු වෙලා කතාබහක යෙදෙන්න. (සිරිබිරිස්ට ගොඩක් පිං- අපොයින්මන්ට් එක යොදාගෙන අපි දෙන්නවත් කැන්දාගෙන ගියාට. සිරිබිරිස් ඇහුවේ ප්‍රශ්න දෙක තුනයි. මම තමා අනිත් 96%ම ඇහුවේ. එතකොට කරුණාරත්න මහත්තය අවධාරණයෙන් කියපු දෙයක් තමයි නිර්මාණයක් කරද්දී 'කුහුල'; කුතුහලය ඒ නිර්මාණයේ තිබිය යුතුම විත්තිය. ඉතිං මාත් ඒ පාඩම හොඳටම ඉගෙනගෙන ක්රියාවෙත් යොදවනවනේ. එතකොට ඉතිං කුට්ටි නෙවෙයි- පතුරු, කීරි කරන්නත් වෙනවනේ මහත්තයෝ!

      Delete
  5. Sri Lanka's Got Talent විඩියෝස් එකක් දෙකක් විතරයි බලලා තිබුනෙ. දැන් නිමල්ගෙ පෝස්ට් එක කියවලා Diamond Kick Teakwondo කණ්ඩායමේ performance එක බැලුවා. ඒක WOW නේද. ඒගොල්ලො දිනයි කියලා මට හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. Lotus, තවම යන්නේ මූලික වටයේ තරග නේද? තවත් හැබෑම දක්ෂයන් ඉන්න නිසා දැන්ම තීරණ ගන්න නං අමාරුයි.... බලමුකෝ...

      Delete
  6. "ඒක වැරැද්දක් නං චුට්ටක් ඉවසා වදාරන්න ඕනි කවුරු කවුරුත්. හොඳේ..." අය්යෝ නෑ, කෑම ගැන ලියන දේවල් කියවන්න හැමෝම කැමතියි. (අද කොටස මටනම් හුඟක් රසවත්).

    ReplyDelete
    Replies
    1. ඔයාට නිමල් ට ලවු නිසා එයා මොනවා ලිව්වත් wow , ඔය වගේ අය තමයි නිමල්ව ෆෝර්ම් කරලා කිසිම රසක් නැති කතා ලියන්නේ . අර ලන්ඩන් පාර්ට් ටූ පරක්කු වෙන්නේ ඔයා වගේ අය නිසා .මීට පස්සේ කමෙන්ට් දැමීම තහනම් ඔයාට හරිද ලෝටස් අක්කි

      Delete
    2. Ano මහත්තයෝ ඔබතුමාව මානව හිම්කම් උල්ලංඝන වැරැද්දකට අහු වෙයි- ඔහොම ගියොත්.
      තව සති තුන හතරකින් ලන්ඩන් පාර්ට් ටූ ලියනවා... එච්චර පරක්කු වෙන්නේ හේතු ඇතිවයි. ඒවා දැන්ම කියන්න නං බෑ- හොඳේ.

      Delete
    3. ලෝටස් ට අක්කි කියපු එකද මම කරපු මානව හිමිකම් කඩකිරීම ? එහෙනම් මම එයා ට මීට පස්සේ නෙළුම් නගා කියල කතාකරන්නම්

      Delete
    4. අපොයි නෑ Ano.
      කෙනෙක් තව කෙනෙකුට අමතන විදිහ ගැන නෙවෙයි මං කිව්වේ.
      Lotusට comment දැමීම තහනම් කිරීම ගැනයි. ඒක තද වැඩි තීරණයක් නෙවෙයිද?

      Delete
    5. Who really is Lotus? Man, woman, young,old, married, single, available, unavailable? Lol

      Delete
    6. Ano, blog posts ලියන කෙනෙකු හැටියට මට නම් comment කරන- කතා කරන අයගේ අදහසුයි වටින්නෙ.
      මගේ හිතමිතුරන්ගේ වුණත්, වයස- වැටුප- රැකියාව- පුද්ගලික තොරතුරු වගේ දේවල් මං අහන්නේ නෑ. හැබැයි, එයාල මට කියන දේවල්වලට හොඳින් ඇහුම්කන් දෙනවා, මතකයේ ගබඩා කර ගන්නවා.

      Delete
  7. වියදම් කරන හැම රුපියලකින්ම සත අසූවක් විතරම වැය වෙන්නේ tax වශයෙන් නං? එහෙම වෙලා තියෙන්නෙ කාගේ වරදින්ද... මේක ඉකොනෝ ගෙන්ම අහල බලන්න , මගේ දැකීමේ හැටියට මේකේ වැරැද්ද වෙන කාගේවත් නොවේ ලෙනින් (මොරායස් නොවේ)ගේ . අපිට සමාජවාදී අදහස් සහ බලාපොරොත්තු දීපු ලෙනින් සහ සංගමයට. මොකද අපේම ටැක්ස් වියදන්වෙන්නේ රජයේ සේවක පඩි සහ නොමිලේ සපයන සියලු සේවා වලට මිසක් අර නාස්තිය දූෂණය කියන ඒවලටම නෙවෙයි . නාස්තිය දූෂණය පැහැදිලිව තිබුනත් රටේ සුබසාධන සහ running costs තමයි අපේ අගාධයට පාර කැපුවේ . ඉකොනෝ ගෙන් අහල බලන්න මම කියන දේ වැරදිද කියල

    ReplyDelete
    Replies
    1. ඔයාගේ ප්‍රශ්නය ඉකොනො මහතාට යොමු කලා මෙහෙම සඳහනකුත් එක්ක.
      //ඉකොනෝ මහත්තයෝ, ඊයේ මගේ blog අඩවියේ post එකක් දැම්මා- 'හරෝහරා හයවෙනි වරටත් සහ කීටෝ - හයවෙනි කොටස' කියලා. ඒකට එවල තිබුණු comment එකක් මේ. කරුණාකර මේ ගැනත් ඔබතුමාගේ අවධානය යොමු කළ හැකිද?//

      Delete
    2. No response from Econo then?

      Delete
    3. Ano මහත්තයෝ, ඉකොනෝ උත්තර දීලා තිබුණා මෙහෙම.
      //නිදි, වියදම් කරන හැම රුපියලකින්ම සත අසූවක් විතරම වැය වෙන්නේ tax වශයෙන් කියන එකනම් බොරුවක්නේ. වැට් එක ඊට වඩා ගොඩක් අඩුයි. ආනයනය කරන සමහර දේවල් වලට ඔය කතාව හරි. නමුත් බොහෝ දේවල් හා අදාළ බදු අනුපාතය ඊට වඩා අඩුයිනේ.//

      Delete
    4. ඒ විතරක් නෙවෙයි, තවත් Ano කෙනෙක් මගේ ප්‍රකාශය ගැනත් කියමින් ඉතා දිගු comment එකක් ඉකොනොමැට්ටා අඩවියට එවලා තිබ්බා.
      ඒකටත් ඉකොනෝ සවිස්තරාත්මකව උත්තර දීලා තියෙනවා. කියවන්නට වටිනා තොරතුරු තියෙන නිසා ලින්ක් එකත් දාන්නේ ඔබේ පහසුවටයි.
      https://economatta.blogspot.com/2024/08/blog-post_9.html

      Delete
  8. Update- Keeto battles- Dr Ayasmantha 1- London Ajith 0

    ReplyDelete
    Replies
    1. අම්මම්මෝ Ano... ඔහොම දෙයක් හිතන්නවත් එපෝ!

      ඔය දෙපාර්ශ්වය කොහෙත්ම ගැලපෙන්නේ නෑ සටනකට. එහෙමයි මට හිතෙන්නේ.
      අජිත් ධර්ම මහත්තයා බලාගෙනමයි ඉන්නේ කඩුව කොපුවෙන් එලියට ගන්න ඉඩක් හම්බ වෙන්නේ කොයි මොහොතේද කියලා. (මම ලියපු ඒ වාක්‍යයත් ඇති එතුමාව ඇවිස්සෙන්න.) එතුමා ඒ තරමටම ජන්ම සටන්කාමියෙක්! (මං අජිත්ව වැරදියට තේරුම් අරගෙනද මන්දා ඉන්නේ.)

      අයස්මන්ත මහතා වාද-විවාදවලට පටලවෙන්නෙම නැති තරමයි. එහෙම වෙලාවට හීන් සීරුවේ ලුහුටලා යන්න දෙයියා! අපේ ගෙදරදී මිත්‍ර සමාගම රැස් වුනාමත් එහෙමයි. ඉතාම කලාතුරකින් තමයි එයාව අවුස්සලා යමක් අහගන්න වෙන්නේ. ඔය වැදගත් දේවල් අහගන්න වුනත් ඉතාම උපක්‍රමශීලී වෙන්නයි මට වෙලා තියෙන්නෙ.

      Delete
    2. තවම අජිත් මහත්තයා මෙහාට ගොඩවෙලා නෑනෙ. බලමුකෝ මොනවද කියන්නේ කියලා....

      Delete
    3. 😀 //ගමන පටන් ගන්නකොටම අපි තුන් දෙනා β- hydroxy butyrate බිව්වා දැක්කද?//Beta-hydroxybutyrate (BHB) is a chemical that is made by the body. It provides energy when not enough carbohydrates or sugars have been eaten. BHB can also be made in the lab and taken as a supplement. It seems to help the brain and nerves work better.
      SIDE EFFECTS OF BETA HYDROXYBUTYRATE

      Some general side effects of your body producing beta hydroxybutyrate is essentially the lull in time it takes to switch from carbohydrate metabolism to fat metabolism, which can take 3-4 days. This can lead to mood swings, fatigue, and general low energy.

      Delete
    4. අයස්මන්ත මහත්තයට mood swings එනකොට වහාම නිදි ගේ පන්චතන්ත්‍රයට දැනුම් දෙන්න

      Delete
    5. ගොඩාරියක් ස්තුතියි අජිත් මහත්තයෝ!

      Delete
    6. එතකොට සමපෝෂ ගුලි දෙකක් දෙන්න says Dr Ajith

      Delete
    7. සමපෝෂ කියන්නෙයි ත්‍රිපෝෂ කියන්නෙයි එකම දෙයක්ද ? . නිදි ලියන නිසාම අරන් එනවා . ඒ ගුලි වගයක් දෙමල කඩේ විකුණනවා දැක්ක .

      Delete
    8. ත්‍රිපෝෂ විකිණීමට තියෙන දෙයක් නෙවෙයි. ඒවා කුඩා දරුවන්ට දෙන්නේ- රජයෙන්. සමහර දුප්පත් අය ඒ පැකට්ස්තුත් විකුනනවා.
      සමපෝෂ විකිණීමට තියෙනවා.
      දෙවර්ගයම කාලා තියෙන අය කියනවා අජිත් මහත්තයෝ, සමපෝෂ වඩා රසයි කියලා.

      Delete
  9. කියන්න අමතක වුණානෙ, පහුගිය පෝස්ට් එකේ සුනිමල් ගැන කියවලා මම හිතුවා නිමල් ඊගාව පෝස්ට් එකෙන් එයාට හොඳටම බනින්නයි යන්නෙ කියලා. ඒ නිසා මම ජම්ප් ද ගන්ස් වෙලා කලින් පෝස්ට් එකට කමෙන්ට් එක දැම්මෙ. හැබැයි පස්සෙ මතක් වුණා නිමල් එකපාරට කාවවත් විනිශ්චය කරන, කාටවත් බනින්න යන කෙනෙක් නෙවෙයිනෙ කියලා.

    ReplyDelete
    Replies
    1. මෙහෙමයිනේ Lotus, හොඳටම හිතවත් වෙලා - ඇතිවෙන්න දැන-අඳුරගෙන ඉන්න කෙනෙකුට නං දොස් කියත හැකි. සුනිමල්ට එහෙම කළ හැකිය. වයසෙ තරමට මොළේ මෝරලා නැති කෙනෙක් වගේ වෙන්නැති!

      Delete
  10. "සමහර වෙලාවට තව දවස් ගණනාවක් යනකල් එයාලා හිටියේ හාමතේ... ඒ දඩයමක් කර ගන්න බැරි වුණාම". එහෙම අය නම් දැන් කාලෙත් ඉන්නවනේ. Some people seem to forget that the hunter becomes the hunted at some point.

    ReplyDelete
    Replies
    1. "Some people seem to forget that the hunter becomes the hunted at some point". Being philosophical eh very endearing lol

      Delete
    2. දඩයක්කරුවා දඩයම බවට පත් වී... දැන් පෙන්වනවා!!!!!!!

      Delete
  11. //ඉස්සර කාලෙ හිටිය මිනිස්සු තියරිය දන්නෙ නැතුවට- ප්‍රැක්ටිකලි දැනගෙන හිටි සමහර දේවල් තියෙනවා// හුම්. මටත් සමහර එව්වයෙදි එහෙම හිතිල තියෙනව!

    ReplyDelete
    Replies
    1. එහෙම අත්දැකීමෙන් එයාලා දැනගත්තු හුඟ දේවල් විග්‍රහ කරලා- කපල කොටලා විශ්ලේෂණය කරලා නේද හුඟක් විෂයයන්; පාඨමාලා එහෙම හදල තියෙන්නෙ...

      Delete
  12. නිදි මේ ලිපියනම් පට්ට . මට එහෙම කීටෝ ඩයට් එකක් එක්ක වුලක් නැහැ . තමන්ගේ මට්ටම් තම්මට්ටම් කියනවනේ . දොස්තරලා බෙහෙත් දෙන්නේ (ලංකාවේ වැඩියෙන්ම) ඩ්‍රග්ස් විකුණා ගන්න ගමන් බවත් එයාලට ඒවාට පිටරට සවාරි පවා හම්බ වෙන් බවත් අපි දන්න දෙයක්නේ . සේනක බිබිලේ නවත්වන්න හැදුවෙත් ඒකනේ. නමුත් මේ කතාව වෙනස් එකක් . ලංකාවේ මිනිස්සු බත් කන්නේ කොත ගහගෙන . එළවලු ආදිය කනවා වඩා කොතක් වගේ බත් එකක් කන්නේ . අපි එහෙම කන්නේ නැහැ . බත් හැන්දයි කන්නේ එළවළු සහ මලු , මස් වැඩිපුර . ඉතින් එහෙම කන ලංකාවේ ගොබිලන්ට ඕක හොඳයි තමා . එංගලන්තෙට ඒක අවශ්‍ය මෙහෙත් ඉන්නව මැක්ඩොනල්ඩ්ස් ම කන නැත්නම් KFC කන සෙට් එකක් . ඒ අයට ඕනේ ඕක. මොකද පිටි කෑම අඩු කරන්න ඕනේ . ඒක හරි . නමුත් side effects දැනගෙන .

    ReplyDelete
    Replies
    1. ප්‍රශංසාවට ස්තුතියි අජිත් මහත්තයෝ ඉස්සෙල්ලම.

      ඇත්තෙන්ම ලංකාවේ විතරක් නෙවෙයි, ලෝකෙ පුරාම මානවයන් වැඩි දෙනෙකුගේම ආහාර ගැනීමේ රටාව වෙනස් වෙන්න ඕනෑ වගෙයි. ස්ථුලතාව කොච්චර වැඩිද?
      දැන් දැන් මෙහෙ ගම්මානවල පවා තරබාරු අය වැඩියි.
      මම විශ්වාස කරනවා මල්ටිපල් මයෙලොමාව ඇවිල්ලත් අවුරුදු දොළහක්ම- මට ඔරොත්තු දීගෙන ඉන්න හැකි වෙලා තියෙන්නෙ- ප්‍රතිකාර වගේම මම කන-බොන දේවල් නිසයි කියලා. (චීටිං කිරිල්ලත් එක්කම.)

      Delete
    2. මාත් හිතනවා ඒක හරි කියල . මම කාබෝ කනවට වැඩිය රෑට සැලඩ් එකක් කාරිය තමා කන්නේ . ලංකාවේදී නම් ඒක කරන්න බැරි වුනා . තුන්වේලටම මොනවා හරි හදන නිසා. ඒ අතින් බලනකොට අපි (පෞද්ගලිකව ) එංගලන්තේ කන විධිහ හුඟක් සරලයි. නමුත් බොහෝ අඩු අදායම් සුද්දෝ කන්නේ කාබ් වැඩි ආහාර හා තෙල් කෑම

      Delete
    3. අජිත්,
      අපි කවුරු කිව්වත්- නිවැරදි ආහාර රටා ගැන දැනගෙන හිටියත් මේ රටේ ඉන්න මිනිස්සුන්ට ආර්ථික ශක්තියකුත් තියෙන්න ඕනිනෙ ඒවා අනුගමනය කරන්න.
      සාමාන්‍යයෙන් හාල් කිලෝවක් රුපියල් දෙසීයක් විතර. උයා ගත්තම වැඩිහිටි පිරිමි හත් දෙනෙකුට හොඳටම ඇති.
      බීෆ් කිලෝවක් රුපියල් දෙදාහට වැඩියි. පෝක් කිලෝවක් 1450/- සිට ඉහලට.
      හිතන්නකෝ දරුවන් ඉන්න පවුලක ආහාර වියදම ගැන...

      ඒ වගේමයි, හුඟක් අය වියදම් අඩු- පෝෂණ ගුණය වැඩි- ලංකාවේ සුලභ කොළ පලා වර්ග යහමින් කෑමට එකතු කාර ගන්නේ නෑ, හදන්න ගියාම වරුවක් යනවයි කියලා.

      Delete
  13. අර පිඟානෙ සහ සමපෝස කතාව ගැන කියනව නං,
    එතික්ස් කියන වචනෙ ගැන තමා කතා කරන්න වෙන්නෙ.

    ඩයට් ගැන කියනවනං ඉතිං

    කාල මරණං නොකාල මරණං කියල දෙකක් තියේ නේ.

    ඔහේල නොකාල මැරෙන්ටය යන්නෙ.

    (ජස්ට් ජෝක්ස් ආ 🙈🙈)

    ReplyDelete
    Replies
    1. //කාල මරණං නොකාල මරණං කියල දෙකක් තියේ නේ.//
      සහතික ඇත්ත මහේෂ් මහත්තයෝ. මම හිතන්නෙත් ඕක. හැබැයි ඕකෙත් අන්ත දෙකටම යන්නේ නැතිව මැදින් ඉන්නේ...
      කොහොම හිටියත් මැරෙන්න වෙනවා කියලා දැනගෙන!

      Delete
    2. නිමල් අංකල් ඇත්තටම අර පරණ අර කියමනක් තියෙන්නේ හිත ඇත්නම් පත කුඩා ද කියලා.......😎😎 ඔයාගේ හිතවත්කම නිසයි මෙහෙම කියන්නේ ඇත්තටම ඔයා ටිකක් හිතුවොත් කෑම හරි විදියට තෝරාගැනීමට කිසිම බැරි කමක් නැහැ 😊

      ඔයා මුලින්ම පිටි සීනි කෑම සම්පූර්ණයෙන්ම පාහේ නතර කරන්න. සීනි කියන්නේ ඕනම නැති අනවශ්‍ය දෙයක්, ඒක ඇබ්බැහිවීම නිසයි ඕන වෙන්නේ, අපේ දිවේ තමයි ඒ ප්‍රශ්නය තියෙන්නේ

      ඒ අතරතුර ආහාර සහ පෝෂණය පිළිබඳව ලෝකයේ විශ්ව විද්‍යාල වල කරලා තියෙන නවීනතම පර්යේෂණ පත්‍රිකා ඇසුරින් සරල කරලා හදලා තියෙන ඩයට් ප්ලෑන් පිළිබඳව guides හොඳටම බලාගන්න සහ හැමදාම සිරිසේන ගමරාළ වගේ රෑ 10 ට කලින් නිදාගන්න. බොහෝවිට දවසට පැය අටක පමණ නින්ද ඉතාම හොඳයි සිරුරට.

      ආහාර පාන පිළිබඳව වැඩිදුර guides ටික කියවල ඉවර වුණහම රයිස් කුකර් එකක් එහෙම අරන් වැඩේට සෙට් වෙන්න.ඒකෙන් ඔයාට බිත්තර වගේ ඕන දෙයක් තම්බ ගන්න, තව ඕන කරියක් හදාගන්නත් පුළුවන්, සමහරු කඩෙන් කන අපිට ඕවා බෑ කියල කම්මැලිකමට ගොන් පාට් දාන නමුත් ඇත්තටම තුන්වේලම කඩෙන්ම කන අයට උනත් කීටෝ ඩයට් ක්‍රම තරම් පහසු දෙයක් තවත් නෑ. මීකිරි, රටකජු, චීස්, බටර්, අලිපේර නිකන්ම අරන් කත හැකියි. සීනි නැතුව කන බොහෝ දේ සිරුරට හිතකරයි, අනෙක මං නම් කැම්පස් එකේදී තේ හදන හීටරෙන් විනාඩි 3න් බිත්තර තැම්බුවෙ.

      මගේ මතය මනුස්සයෙකුට තම ජීවිතේ වෙනුවෙන් දවසකට විනාඩි 3ක් 4ක් නැත්නම් ඒකත් ප්‍රශ්නයක්. මස් මාලු වුනත් අරන් පොඩි හොට් ප්ලේට් එකක් හෝ රයිස් කුකර් එකක විනාඩි 15ක් වත් යන්නෙ නෑ ඩෙවල් එකක් වුනත් හදාගන්න. කැම්පස් හොස්ටල් ඉඳගෙනත් මම කලා.

      අනෙක නිදී අංකල් අද මාලිමා නායක අනුර කුමාර කියලා කියන්නෙ මොන හාල් කෑල්ලක්ද?. ඌ අලුත් මිනිහෙක්ද? උන් තමා මේ රටේ දේශපාලනය කරන සුපිරිම තක්කඩියො ටික..හැබැයි මම කැමතියි උන් මේ රටේ ආණ්ඩුවක් හදන එකට..අන්න එදාට ලංකාවෙ උන්ට කඩේයන මීහරක් හැත්තටම තේරෙයි උන්ගෙ කයියයි පඩ ගඳයි විතරයි කියලා..උන්ට අපි හාල් කෑලි කියල කිව්වෙ ඇයි කියලා.. උන් ඔය අවුරුදු 76 පාලනය කරපු උන් තරමට වත් වැඩකට නැති අමුම මැටි හරක් ටිකක් කියලා.

      ඒ නිසාම මගෙ බල්ලෙක් තියා බල්ලගෙ ඇඟේ ඉන්න මැක්කෙක්වත් මාලිමාවටවත් අනුරටවත් දෙන්නෙ නෑ..මට ලැජ්ජාවක් නෑ..මගෙ ඒ නහරෙ කපලා තියෙන්නෙ..මම හැමදාම මගෙ දේශපාලන මතය කෙලින් කතා කරන කෙලින් වැඩ කරන මිනිහෙක්..වහෙන් ඔරෝ නෑ... ඒකයි ඇත්ත අංකල්. තරහ වෙන්න එපා මෙහෙම කිව්වාම හරිද?

      Delete
    3. ඔයාගේ අදහස්වලටයි, දිග කමෙන්ටුවටයි දෙකටම ස්තුතියි.

      Delete