අකුරු මැකී නෑ

Thursday, September 26, 2024

අනුරට කෝටියක්- මමත් ඉන් එක්කෙනෙක්! -පළමුවෙනි කොටස

‘නිමල්

ඔයාට පුළුවන්ද දාර මාලිමා වහල්ලුන්ට පොඩි පණිවිඩයක් හරියට තේරුම් කරලා දෙන්න? ඇත්තටම දාර මීහරක් මාලිමා ජෙප්පන්ට මේ ආණ්ඩුව වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම දේ පොඩ්ඩක් කටයි පුකයි වහගෙන බුකියේ පණ්ඩිතකම් දොඩවන්නේ නැතුව අඩුම ගානේ තව මාසයක් දෙකක් ඉවසන් ඉන්න එක... අනුරට ජනාධිපති වෙලා හුස්ම ගන්න නෑ මේ වේස හැත්ත puca දෙන්න දඟලනවා. යකෝ අපේ අනුර ලොක්කා යංතන්, සංතන් ජනාධිපති කියල තේරුම් ගනින්. තොපි වගෙ අමු මී හරක් දාර ජෙපි පඩංගු නිසා වෙන්නෙ ආසන හැටක්වත් දිනාගන්න ඡන්ද නැති වෙන එක. යකෝ අනුරට ස්ථාවර ආණ්ඩුවක් හදාගන්න ඡන්ද ටිකක් ගන්න තොපේ ගූ ගඳ ගහන කටවල් ටික දවසකටවත් වහගෙන හිටපියව් කාලකණ්නි හැත්ත. තොපි ඒ මනුස්සයටත් කෙළවන්නනේ ඔය හදන්නේ?

වෙනසක් විය යුතුය යනුවෙන් ඇදහුවෙමි!

අද 2024 සැප්තැම්බර් 26.

යාළුවො ගියාට පස්සේ නිඳා ගනිද්දීත් දොළහමාරයි.
උදෙන්ම කුස්සිය අස්පස් කරලා- බාගෙට හෝදලා තිබුණු වළන්- පිඟන් භාජන සේරම හොඳට හෝදලා ඉවර කරලා කොම්පියුටරේ ඉස්සරහින් වාඩි වුණා.

බාගෙට ලියලා තියෙන post එක අදවත් ඉවර කරනවා- කරනවාමයි! කියන දෘඩතර අදිටනින් යුතුව. ඊයේ දවසේත් බ්ලොගයේ වැඩක් කරගන්න බැරිම වෙච්ච ගණනයිනෙ. මිතුරු හමුවට සූදානං වෙන්න සිද්ද වුණු හිංදා.

Post එකේ වැඩවලට කලින් බලන්න එපැයි- කව්රු හරි අලුතින් comment කරලද කියල. එහෙම නං ඒවට reply කරන එකයි ඉස්සෙල්ලම කෙරෙන්නේ. ඊළඟට මම නිතරම ගොඩ වැදෙන blog අඩවිවලට යන එක. ඊටත් පස්සේ ඊමේල් කියවන එක.

ඔන්න බොලේ මේ post එකේ උඩින්ම ඔබපු ඡේදය තියෙන මේලයකුත් තියෙනවා. ඒක එවල තියෙන්නෙ නං Anonymous කෙනෙක්- මාතලන් අඩවියේ පළ වුණු "අන්‍රයියා වෙත ලියමි...." post එකට මම යවපු ප්‍රතිචාරයකට පිළිතුරු විදිහට.
මම යවාපු ප්‍රතිචාරය මේකයි:

වෙනසක් විය යුතුය යනුවෙන් ඇදහුවෙමි
එය ඉක්මනින් සිදු වෙන විත්තිය      දුටිමි
හැකි පමණකින් ඒකට දායක      වුණෙමි
ඔබත් වෙනස් වී ඇති බව අද            දුටිමි

අර reply එක එවපු Ano හිතන්න ඇති මටත් මාලිමාවේ අය එක්ක සම්බන්ධකම් තියෙනවයි කියල. අනේ මං මාලිමාවට කැමති බව ඇත්ත. ටික වෙන්න කඩේ ගිය විත්තියත් ඇත්ත. ඒත් අරහෙම විශේෂ යාළුකම්- සම්බන්ධකම් මොකුත් මේ පුංචි සිංඤෝට නෑ!
හැබැයි එයාලා රට හදයි කියල විශ්වාසයක් මට තියෙනවා.
ඒත් මම මාලිමාව අදහන්නෙක් නං නෙවෙයි.

ඒ හින්දම සිද්ද වෙනදේ ඉවසිල්ලෙන් බලාගෙන ඉන්නත්, තේරුම් ගන්නට උත්සාහ කිරීමත් කරතෑකි. ආශ්චර්යයන් බලාපොරොත්තු වෙන්නේ නැතිව. කලබල වුණොත් කොරොස් කටේ වුණත් අත දමා ගන්න බැරි වෙනවනේ. අපි හැමෝටම තියෙන්නෙ ඉවසිල්ලෙන් බලාගෙන ඉන්නයි.

ඉවසිල්ල තිබ්බත් මට වැඩි සැනසීමක් නං හම්බ වුණේ නං නෑ. පිටරට ඉඳලා ඡන්දේ දාන්නම ලංකාවට ආපු නෑ-හිත මිතුරන්ගෙන් වගේම එන්න ඉඩ නැති වුණු අයගෙනුත් calls....

ඊයේ රෑ set වීමට හේතුව ඇමෙරිකාවේ ඉඳලා ආව හිතවතෙක්. එයා ඇමෙරිකාවට ගිහිං අවුරුදු දාහතරක්. ගිය සතියේ එයා මාසෙකට ලංකාවට ඇවිත් දවස් තුන හතරකින්ම හදිසියේ ප්‍රාදුර්භූත වුණා. අපි දෙන්නා පැය තුනක් විතර කතා සරිත් සාගරයක කිමිදුණා.

ඔන්න ජෝඩුවම නියමිත දවසේ ප්‍රංශයට ගියා. ලෝකෙ හැම රටකින්ම වගේ ආපු කපල්ස්වලින් එතැන පිරිලා...

ඒකෙදි කියැවුණු විශේෂ කරුණු දෙකක් ගැන වැඩි දුරටත් එයාව කතා කරවන්නයි මං ඒ හමුව සංවිධානය කළේ- තව හිතවතුන් හතර දෙනෙකුත් ගෙන්නලා. (අර කාරණා දෙක ගැන ඔයාලටත් කියනවා කියලත් හිතේ හංගගෙන...)

මොන? ඒ යක්ෂ පැටියා පටන් ගත්තෙම අද්‍යතන ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වය ගැන විග්‍රහයකින්. “බල සුබ නිමිති පෙරමඟ නැකතටත් වැඩී කිව්වලු නිමල් අය්යේ... කොහොමද ලංකාව... ෆුල් හොල්මන් නේද? දිවුරුම් දීමේ උත්සවයක් නොගත්ත එකෙන්ම කෝටි විස්සක් විතර ඉතිරියිලු.
කොහොමද හදිස්සියේම ගෙනැත් දාල යන වාහන තොගේ...”

මනුස්සයට ගොඩක් සම්බන්ධකම් තියෙනවා. මිනිහා artist කෙනෙක්- ලේඛකයෙක්. Advertising ක්ෂේත්‍රයේ, පුවත්පත් කලාවේ නිරත වෙච්චි කෙනෙක්.
ඊයේ රෑ මනුස්සයා අපි පස්දෙනා ඉස්සරහ දිගෑරපු දේශපාලන කතා- රසකතා- රහස් කතා- කුණුහරුප කතා- යාන්ස් කොච්චර රහයිද කියනවා නං- මගේ ‘මුඛ්‍ය අරමුණ’ සුනේ සුං’ වෙලා යද්දිත් මං නිස්සද්දව උන්නා.
ඒ අතරේම කල්පනා වුණේ ‘ඇයි දෙයියනේ මේ යක්ෂය නළුවෙක් නොවුණේ’ කියලයි. ඒ තරමටම අර කතන්දර කියද්දී එයා සතර අභිනයම පාවිච්චි කෙරුවත් එක්ක!

මෙන්න එහෙම කියැවුණු කතන්දරවලින් එකම එක කතාවක්. ඒකටත් මුල පෑදුණේ මම එක්තරා නළුවෙකුගේ අභාවය ගැන මතක් කළාමයි.

‘පව්! තව කාලයක් ඉන්න තිබ්බ මනුස්සයා. මරු මනුස්සයා. මගෙත් හොඳ හිතවතා... මේක නං ඒ දවස්වල xxxx ගැන ප්‍රසිද්ද වුණු යාන් එකක්. ඒ දවස්වල එයා හිටියෙ xxx අක්කත් එක්කලු. දන්නවනෙ xxx? අර xxx xxx film එකේ සිංදු කිව්වට සම්මානෙකුත් දිනා ගත්තේ. හෙණම රැඩිකල් එක්කෙනෙක්නෙ එයත්. අපරාදේ කියන්න බෑ, එයාලා හරිම සුන්දර කැරැක්ටර්ස්.

XXX අක්කා world ෆේමස් කැරැක්ටර් එකක්නෙ. නිතරම ෆොරීන් සෙමිනාස්වලට එහෙමත් එයාට ආරාධනා හම්බ වෙනවා.

ඔහොම ඉන්දදී xxxක්කට ආරාධනයක් හම්බ වෙනවා පැරිසියේ තියෙන ස්පෙෂල් සෙමිනාර් එකකට. තනියමත් නෙවෙයි, ජෝඩුවටම. අපේ යාළුව xxxxටත් හෙණ happy. ලේසියෙන් හම්බ වෙන chance එකක්යැ. ඔන්න ජෝඩුවම නියමිත දවසේ ප්‍රංශයට ගියා.
ලෝකෙ හැම රටකින්ම වගේ ආපු කපල්ස්වලින් එතැන පිරිලා. රටවල්වලින් විතරක් නෙවෙයි- වෙන ග්‍රහලෝකවලිනුත් couples ඇවිත්...

ඔර්ගනයිසින් කොමිටියේ කට්ටිය අපේ ජෝඩුවත් හෝටලේට යවලා. ඒ එක්කම ඊළඟ කාමරේට දාලා හිටිය ජෝඩුවත්. දන්නවද උන් දෙන්නා ඇවිල්ල හිටියෙ කොහෙන්ද කියලා. හඳෙන්... කාමර ළඟට යනකොටත් හතර දෙනා fit වෙලා ඉවරයිලු.

කප්පරක් sex ෆැන්ටසීස් තියාගෙන වැඩේට සෙට් වුණත්, හඳ හාදයාගේ ජුන්ඩව දැක්ක ගමන්...

Wash එකක් කාරිය දාලා ඉවර වුණාට පස්සේ අපේ යාළුවා xxxක්කට කතා කළාලු. “මට නියම අයිඩියාවක් ආවා xxx. ඔයා මොකද හිතන්නේ... මම අර හඳේ හාදයගෙන් අහන්නද අද රෑට වයිෆ්ලව මාරු කර ගනිමුද කියලා?”

කට පුරා හිනා වෙලා xxxක්කත් ඔළුව වැනුවලු. ඔන්න අපේ man ගිහිං හඳ හාදයාට යෝජනාව දාලා.
අම්මට සිරි!
මිනිහත් එක පයින්ම මනාපෙ දීලා බිරියන් හුවමාරුවට!!
වැඩි කලබලයක් නැතිවම හඳ ගෑනු කෙනා අපේ යාළුවලගේ කාමරේට එද්දී- xxxක්කා අල්ලපු කාමරේට ගිහිං.

කප්පරක් sex ෆැන්ටසීස් තියාගෙන වැඩේට සෙට් වුණත්, හඳ හාදයාගේ ජුන්ඩව දැක්ක ගමන් xxxක්කාගේ මූඩ් එකත් බැහැලා. “මේ මොකද්ද මේ? අමුමිරිස් කරලක්නේ...” ගෑනිට නිකම්ම කියවිලා.
“Don’t worry darling... ඔයා මගේ දකුණු කන පොඩ්ඩක් මිරිකලා බලන්නකො.”
Xxxක්කා තරහටත් එක්ක හඳ හාදයාගේ දකුණු කන මිරිකුවලු තදින්ම... එතකොටම මෙන්න බොලේ අමුමිරිස් කරල පතෝල කරලක් වෙලා! හඳ හාදයාගේ වම් කන මිරිකලා බලනකොට පතෝල කරල මාළු මිරිස් කරලක් වෙලා ආයෙමත් අමුමිරිස් size එකට...

Size එක ඇජස් කර-කර රෑ පුරාම නියම සැපක් ගත්තු xxxක්කා උදේ ආපහු කාමරේට එනකොට xxxxx බොහොම අප්සෙට් මූඩ් එකෙන් බුකවගෙන ඉඳලා.
“මොකෝ නිකං තරහෙන් වගේ?”
“තරහ යන්නැද්ද ඕයි, අර හඳ xසි එළි වෙනකල්ම මට නිඳා ගන්න නොදී දිගටම මගේ දකුණු කනෙන් ඇද ඇද හිටියනේ.” අපේ යාළුවට කියැවුණාලු.

අපේ රටේ සමහරුනුත් අර ‘හඳෙන් ආපු කාන්තාව’ වගේ නේද කියලයි මට කල්පනා වෙන්නේ. එයාලත් දැන්මම අලුත් ආණ්ඩුවේ කනෙන් අදින්න පටන් අරං. උපදෙස් ගංගාවක ගිල්ලන්න පටන් අරං. එහෙම දේවල් දකිද්දී ඒවා ගැන හිතන්න වෙනවා. එතකොට ‘නිදිගෙ පංච තන්තරේ’ට post එක ලියන වැඩෙත් පස්සට යනවා.

සැප්තැම්බර් 22 ඉකොනොමැට්ටා පළ කරලා තිබ්බ post එකක් ‘නවවන ජනපතිට සුබ පැතුම්!’ කියලා. ඒක කියවද්දී මට හිතුණු දේ කවි දෙකකින් ලිව්වා. මෙහෙම:

අනුරට හිමි වුණේ ජය නොව මාවතය

ඒ මග දිගේ ගොස් ඔහු ජයගත යුතුය
ගමන අසීරුය, බාධක          අපමණය
ඒ අභියෝග අනුරල ජයගනු     ඇතිය

ඇලඩින්ගේ පහන නැත           පිරිමදින්නට
හොරු හතලිහට වැඩියෙන් ඇත මඩින්නට
පොදු ජන පැතුම් තියෙනව ඉටු   කරන්නට
ඒ කාරියට ඉඩ දෙමු                    මාලිමාවට

එයාලට ඡන්දය දුන්නු අය අතරේ විවිධත්වය වැඩියි!

මට හිතෙන්නේ මාලිමාවේ උදවිය ඉන්නවා ඇත්තේ ලොකු අමාරුවක. එයාලට ඡන්දය දුන්නු අය අතරේ විවිධත්වය වැඩියි. උගත්-නූගත්, දුප්පත්-පොහොසත්, ගම්බද-නගරබද, සේව්‍ය-සේවක, තරුණ-වැඩිහිටි වගේ විවිධ කුලකවල උදවියගේ සහයෙන් තමයි අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණයෙන් දිනුවේ.

තව දුරටත් ඒ අයගේ සහාය මාලිමාවට ඕනේ. මෙතෙක් ඔවුන්ට සහය නොදීපු කොටසෙ සහයත් ඔවුන් දිනාගත යුතුමයි. ඒක ටිකක් වෙහෙසකර වෙන පාටයි.

මේ ඓතිහාසික ජයග්‍රහණයේ අරුමය නිසාද කොහේද මාලිමාවට පක්ෂව වගේම විපක්ෂවත් ගොඩක් අදහස් පළ වෙන්න පටන් ගෙන තියෙනවා. ඒවායිනුත් උගත යුතු ගොඩක් දේ තියෙන විත්තියයි මගේ අදහස. ඉකොනොගේ ‘නවවන ජනපතිට සුබ පැතුම්!’ post එකට Ano කෙනෙකු එවල තිබ්බ මේ දීර්ඝ comment එක කියවලා බලන්නකෝ.

'@ නීල පීත

මෙව්ව නිකම්ම නිකම් මනස්ගාත, ගණිතමය 😅🤣😂 බම්බුව තමයි, අපේ ගෙවල් ගාව කඩේ වැඩ කරන කොල්ලෙක් ඉන්නවා. ඌ ඕලෙවෙල්වත් ලියලා නෑ. යන්තම් ඉස්කෝලෙන් කට්ටි පැනපු නූගතෙක්. හරියට ලියන්නවත් පත්තරයක් කියවන්නවත් බෑ, ඒත් ඒ යකා ඔය සේරටම කලින් ලස්සනට කිව්වා, මේ සැරේ ජනාධිපතිවරණයක් තිව්වොත් කාටවත්ම 50% ගන්නත් බෑ, මාලිමාවට බහුතරය එයි- උතුරු නැගෙනහිර පළාත්වල සහ රට මැද නුවරඑළිය පැත්තේ සජිත් ප්‍රේමදාස දිනයි- දකුණේ සිංහල බෞද්ධ කට්ටිය වැඩි පැතිවල මාලිමාවට ජය නියතයි කියලා. මොන ගණිතයක්වත් නෑ, ඔය වගේ ලංකාවේ දේශපාලනය කරන මහ ලොකුවට අධ්‍යාපන සුදුසුකම් නැති උන්ට දේශපාලනය ගැන හොඳ ඉවක් තියෙනවා, මේ ගණිතමය බයිලා ගහන උන් හරියට අර මංජුල පීරිස්, චන්ද්‍රසිරි බණ්ඩාර, කෙප්ප සුමනේ වගේම බොරු බයිලා තමයි.

වැඩිය ඕන නෑ, මේ ඉකොනොමැට්ටා කියන හාදයා කියන ආර්ථික විද්‍යා බයිලා කොච්චර වැරදිද? හැරෙන හැරෙන පැත්තට බයිලා කියන්නේ, හරි විනෝදයි... මේවා මිනිස්සුන්ට ඒකයි අපි කියවන්නේ.

අප ඉතිහාසයෙන් පාඩම් උගත යුතුව ඇත. ඉතිහාසයේ සිදුවූ ඛේදවාචක නැවත නොවීමට ඉඩ සැලසිය යුතුව ඇත.

අනුර කුමාර දිසානායක සහෝදරයාම පවසන පරිදි අනුර සහෝදරයා සියල්ල දත්තෙකු නොවේ. එසේනම් ඔහු නොදන්නා කරුණු ගැන අදහස් ප්‍රකාශ කිරීමට පෙර ඒ සම්බන්ධ ප්‍රාමාණික දැනුමැත්තන්ගේ අදහස් විමසිය යුතුය. නොඑසේනම් ඒවා පාරාවලල්ලක් සේ ඔහුටද බලපෑම් එල්ල වන මට්ටමකට පැමිණිය හැකිය.

ජනාධිපතිවරයා රාජ්‍ය නායකයාය. ඔහුගේ ධූරයේ ඇති වැදගත්කම සහ එම ධූරය දරනු ලබන පුද්ගලයා ආරක්ෂා කරගැනීමේ වැදගත්කම මම ඔබට අමුතුවෙන් පැහැදිලි කල යුතුයයි නොසිතමි. ඔහු “His excellency” උවද “අතිගරු” උවද “සහෝදරයා” උවද එම ධුරය දරන්නා රටක ඉහලම ප්‍රභූවරයාය.

ඒ නිසාම මැතිවරණ වේදිකාව මත සහ විවිධ ස්ථානවල ඔහු විසින් කල ප්‍රකාශ...

වර්තමාන ශ්‍රී ලංකාව, දශක තුනකට අධික ත්‍රස්තවාදී යුද්ධයක් පැවති, තවමත් ආයුධ තැනින් තැනින් මතුවන, අන්තවාදී සංවිධාන වරින් වර මතුවන, ප්‍රහාර දියත් කරනු ලබන (පාස්කු ප්‍රහාර) තම බලය වෙනුවෙන් රුධිරය වැගිරීමට දෙවරක් නොසිතන ත්‍රස්ත කණ්ඩායම්- ආගමික අන්තවාදය සහ ඒවාට උඩගෙඩි දෙන දේශපාලකයන් සිටින, විශාල මුදලකට ඕනෑම අපරාධයක් කරන පාතාල සාමාජිකයන් ක්‍රියාකාරීව සිටින රටක් විනා දෙවනි ලෝක යුද්ධයේදීත් අවම හානියක් වූ සහ එම යුද්ධයෙන් පසු එකදු වෙඩි හඬක් නෑසූ ජාත්‍යන්තර බල දේශපාලනයේ ගිරයන්‍ට හසු නොවූ සුවිශේෂී සීමිත කුලකයක් වූ ස්කැන්ඩිනේවියානු රටක් නොවේ.

ඒ නිසා මේ දක්වන ලද විවිධ අනතුරුවලින් මෙන්ම සිය අපරාධ වංචා දූෂණ හෙලිවීමෙන් ආරක්ෂා වීමට සහ බලය රැකගැනීමට උත්සාහ දරණ විවිධ සතුරු බලවේගවල මෙන්ම තම ගිලිහී ගිය බලයන් නැවත ලබාගැනීමට උත්සාහ දරණු ලබන සතුරන්ගේ ප්‍රමුඛ ඉලක්කයක් බවට ජනාධිපති ධූරය හොබවන තැනත්තා පත්වීම වැලැක්විය නොහැක. (විශේෂයෙන් වංචා දූෂණ සහ අපරාධවලට සම්බන්ධ වූවන්ට නිසි දඬුවම් ලබාදෙන බවට පොරොන්දු වී ඇති සහ එය එසේම ඉටු කරාවි යයි මා පවා විශ්වාස කරන අනුර කුමාර සහෝදරයාට මෙම තර්ජන මෙලෙසම ඇතුවාට සැක නැති බව අපගේ විශ්වාසයයි).

ඒ නිසාම මැතිවරණ වේදිකාව මත සහ විවිධ ස්ථානවල ඔහු විසින් කල ප්‍රකාශ විරුද්ධවාදින් විකෘති කිරීම සහ ඔහු දැනට තම ආරක්ෂාව සම්බන්ධව දක්වන ආකල්ප ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධ දැනුම හැකියාව ඇත්තවුන්ගේ උපදෙස් මත වෙනස් කල යුතු බව අපගේ දැඩි විශ්වාසයයි.

පසුගිය දිනවල මැතිවරණ ප්‍රචාරණ රැලිවලදී මෙන්ම ඊට පෙරත් ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධව අනුර කුමාර දිසානායක සහෝදරයා කර ඇති සමහර ප්‍රකාශ තුලින් වැරදි අර්ථ ඉස්මතු කරවූ බව (ඔහු සැබැවින්ම අදහස් කල මට්ටමට වඩා එහා ගිය වෙනත් අර්ථයක් විපක්ෂ කණ්ඩායම් ජනගත කල බව) අපගේ වැටහීමයි.

මින් වඩාත් ජනප්‍රිය කතාව ප්‍රභූ ආරක්ෂාව සඳහා හෙලිකොප්ටර් දෙකක් යොදාගැනීම හාස්‍යට ලක් කරමින් පාර්ලිමේන්තුව තුල කල කතාවයි.

ප්‍රභූ ආරක්ෂාව සඳහා හෙලිකොප්ටර් යානා දෙකක්වත් අවම වශයෙන් යෙදවීම අපේ දැනුම අනුව බොහෝ රටවල ප්‍රභූ ආරක්ශක protocolවල පවතින මූලධර්මයකි.

“හෙලිකොප්ටර් දෙකක් යන්නෙ එකක් කැඩුනොත් අනිකට පනින්නද“ වැනි අදහසක් ඔහු විසින් ප්‍රකාශ කිරීම දුටු විපක්ෂ කණ්ඩායම් ඔහු අදහස් කළ දෙය ගැන නිසි අවබෝධයක් නොමැතිව දුර දිග නොබලා නොසොයා දැන් වයිරල් කරනු පෙනේ.

ඔහු අදහස් කරන්නට ඇත්තේ පසුගිය රාජ්‍ය නායකයන් (සියල්ලන්ම) මැති ඇමතිවරුන් සහ ඔවුන්ගේ නෑදෑ පිරිවර පමණක් නොව නිවසේ සුරතල් සතුන් පවා හෙලිකොප්ටර් මගින් සවාරි යැවීම නිසා සිදු කල විනාශය බව සැබෑවක් නිසා එම නාස්තිය නැවතිය යුතු බවයි.

යුද සමයේ තුවාල ලැබූ සෙබලුන් රෝහල් ගත කිරීමට හෙලිකොප්ටර් දෙකක්වත් මිලදී ගැනීමට...

පසුගිය චන්ද්‍රිකා කුමාරතුංග ආණ්‌ඩුව යුධ සමයේ තුවාල ලැබූ සෙබලුන් රෝහල් ගත කිරීමට හෙලිකොප්ටර් දෙකක්වත් මිලදී ගැනීමට නොලැබුණු අනුමැතිය රාජපක්ෂ සිවුවන ඊලාම යුධ සමයේ සහ යුද්ධයෙන් පසු හෙලිකොප්ටර් 7-8 මිලට ගැනීමට ලබා ගෙන බේබිලාගේ බල්ලන් ප්‍රවාහනයට යොදාගත් බව අපි අසා අත්තෙමු. බලයේ සිටි සෑම රාජ්‍ය නායකයෙක්ම ගුවන් ගමන් සඳහා මහජන ධනය කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කර ඇති බවද එය විනාශයක් බවද සැබෑය.

එහෙත්, හෙලිකොප්ටර් යානා දෙකක් යොදාගැනීම ගැන අනුර කල තොරතුරු දැක්වීම විරුද්ධවාදීන් විසින් විකෘති කර ඇත.

හෙලිකොප්ටර් යානා ගමන් කරන්නේ මහාමාර්ග ඉලක්ක කොටගෙන නොවේ. එලෙස ගමන් ගන්නා හදිසි අවස්ථාවක යම් කිසි කාර්මික දෝෂයක් හටගතහොත් හැකි ඉක්මනින් ගොඩබෑම කල යුතු බව තේරුම් ගැනීමට ඔබට මට රොකට් විද්‍යා දැනුම අවශ්‍ය නැත. එවන් හදිසි ගොඩබෑම් සඳහා තෝරාගත් ස්ථානයක් වාහනයකට ලඟාවිය හැකි හෝ නොහැකි තැනක පිහිටිය හැක. එවන් අවස්ථාවකදී, ලංකාව පුරා සීමිත ස්ථාන ප්‍රමාණයක ගාල්කර ඇති හෙලිකොප්ටරයක් සූදානම් කර ගෙන්වා ගෙන ප්‍රභූවරයා ඉවත් කරගැනීම තෙක් කල් ගැනීම හෝ වාහනයක් ගෙන්වා ගන්නා තෙක් කල් මැරීම ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධ ඉතාමත් අනතුරුදායක බව මාගේ වැටහීමයි.

මීට උදාහරණ ලෙස හිටපු යුද්ධ හමුදාපතිවරයෙක් සහ පොලිස්පතිවරයෙක් (රාජගුරු මහතා) ගමන්ගත් හෙලිකොප්ටරය එවකට කොටි පාලන ප්‍රදේශයට ගොඩබැස්වීමට සිදු වූ අවස්ථාව, හිටපු ආරක්ෂක ඇමති රත්වත්තේ මහතා සතුරු භුමියේ දී අනතුරකට භාජනය වීම සහ හිටපු ජනාධිපතිවරයෙක් වන විජේතුංග මහතාගේ ධුර කාලයේ නුවරඑළියේ දී හෙලිකොප්ටර් යානයක් අනතුරකට භාජනය වූ අවස්තාව වැනි අවස්තා දැක්විය හැකියි.

(D.B. විජේතුංග මහතා මුහුණදුන් අනතුර සම්බන්ධව එතුමාගෙ ආරක්ෂාක කණ්ඩායමේ සේවය කල කමාන්ඩෝ නිලධාරියකුගේ සටහන👇
https://www.facebook.com/share/p/r64JsKD6E8c9VGad/?mibextid=oFDknk )

හෙලිකොප්ටර් යානා දෙකක් ගමන් කිරීමෙන් ප්‍රභූවරයා ඉලක්ක කරමින් කඩාකප්පල්කාරී හෝ ත්‍රස්තවාදී පිරිසකට අනතුරක් කිරීමට හැකි සම්භාවිතාව අවම කිරීම සිදු කරයි. ඒමෙන්ම ජනාධිපතිවරයාට අදාල ගමනට අත්‍යාවශ්‍යයෙන් රැගෙන යායුතු ඔහුගේ සමීප අත්‍යවශ්‍ය කාර්‍ය මණ්ඩලය ගෙනයාමට ඔහු ගමන් ගන්නා හෙලිකොප්ටරය ප්‍රමාණවත් නොවිය හැකි අතර ඒ සඳහා බොහෝවිට අමතර හෙලිකොප්ටරය යොදාගනී.

මෙනිසා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අවශ්‍ය ආරක්ෂාව සපයා  ගැනීමට ප්‍රමාණවත් වන පරිදි අවස්ථානුකූලව ඒවා භාවිතා කිරීමට වත්මන් ජනපති වරයා හිත හදාගත යුතු බව මාගේ වැටහීමයි.

(පසුගිය සියලුම රාජ්‍ය නායකයන් සහ බොහෝ මැති ඇමතීන් මෙන් අත්තනෝමතිකව සම්පත් විනාශ කරමින් යොදා ගතයුතු බව මින් අදහස් නොකෙරේ).

අප රටේ අනාගතය රඳා පවතින්නේ... 

ජනාධිපති ආරක්ෂක රථ පෙළපාලියද මෙසේමය. ප්‍රභූවරයකුගේ රථයකට ඉහතින් මා සඳහන් කර ඇති තර්ජන පහසුවෙන්ම එල්ලවිය හැකි ස්ථානය මහාමාර්ගයයි. එමෙන්ම මාර්ගයේ ගමන් කරන ඕනෑම අවස්ථාවක දෝෂවලට ලක්වීම සහ අනතුරට ලක්වීම වැනි අවදානම් සහගත අවස්ථාවලට මුහුණදීමට සහ ප්‍රභූවරයාගේ කටයුතු බාධාවකින් තොරව සිදු කරගැනීමටත් හදිසි අනතුරකදී ජීවිත ආරක්ෂාව සඳහාත් අවශ්‍ය අමතර රථ (අවමය 1වත්), ප්‍රභූ රථ ආවරණ කරන ආරක්ෂක අංශ රථ සහ යතුරු පැදි (ආවරණ සැපයීමට ප්‍රමාණවත් පරිදි) ,ගිනි නිවීම් රථ සහ ප්‍රභූවරයාට අවශ්‍ය විය හැකි රුධිරය සහ අනෙකුත් වෛද්‍ය ආධාර සහිත ගිලන්‍ රථය සහ සෞඛ්‍ය කාර්‍ය මණ්ඩලය සහ ජනාධිපතිවරයාගෙ අදාල ගමනට අත්‍යවශ්‍ය කාර්‍ය මණ්ඩලය සඳහා රථ අවමය පවත්වා ගැනීම, කටයුතු බාධාවකින් තොරව සහ ආරක්ශිතව කරගෙන යාමටත් ජනාධිපතිවරයාට අතිශයින්ම හිඟ වන කාලය (එතුමාට ජනතාවට පොරොන්දු වූ පරිදි අදාල ඉලක්කවලට ලඟාවීම සඳහා ඉතිරිව ඇති කුඩා කාලයක් තුල ඔහු ඇතුලු කණ්ඩායමට කිරීමට සිදුවන වැඩ ප්‍රමාණය ගැන සැලකූවිට) නිසිලෙස කළමණාකරණයටත් අවශ්‍ය වන බව මාගේ විශ්වාසයයි. ඒනිසා ජනපතිවරයා තමන්ගේ ආරක්ෂාව ගැන මෙයට වඩා අවධානයක් යොමු කිරීම අත්‍යාවශ්‍ය බව අපගේ විශ්වාසයයි.

මෙය කිසිසේත්ම පසුගිය රාජ්‍ය නායකයන් (2009ට පසු රාජපක්ෂ සහ වික්‍රමසිංහ දූෂිත ආණ්‌ඩු) මහජනතාවට දැඩි පීඩා ගෙන දෙමින් සාමාන්‍ය ජනතාවගේ කටයුතුවලට බාධා පමුණුවමින් රාජ්‍ය සම්පත් විනාශ කරමින් සිදුකල ප්‍රභූ සංචාර අනුමත කිරීම හෝ සාධාරණීකරණය කිරීමක් නොවේ.

එමෙන්ම සියලුම මැති ඇමතිවරුන්ට සහ ඉහල රාජ්‍ය නිලධාරීන්ටද මෙලෙසම ප්‍රභූ ආරක්ෂක රථ පෙලපාලී හිමිවිය යුතු බවද මින් අදහස් නොවේ. එය විධිමත් තක්සේරුවකින් පසුව අවශ්‍යතාව මත පමණක් කල යුත්තකි.

අප රටේ අනාගතය රඳා පවතින්නේ ජනාධිපතිවරයා වටාය. තවමත් අප රට ඉදිරියට ගෙන යාමේ ප්‍රධාන නායකත්වය සපයන්නා ජනාධිපතිවරයාය. ඔහු ආරක්ෂා කරගැනීම පුරවැසි සියල්ලන්ගේම යුතුකමකි.

ජනාධිපතිවරයා කලින් ප්‍රකාශ කරන ලද සහ දැන් දරන මතය කුමක් වුවත් අප කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් ඔහුගේ ආරක්ෂාවේ වගකීම ඒ සඳහා දැනුම හැකියාව සහ කුසලතාව සහිත විශේෂ කණ්ඩායම් වෙත පැවරිය යුතු අතර ඒ සඳහා අවශ්‍ය පහසුකම් නිසි පරිදි සැපයීම සිදුකිරීම අත්‍යාවශ්‍යව ඇත.

අපගේ දැනුම හා අවබෝධය අනුව ඒ සඳහාම පුහුණුව ලැබූ කමාන්ඩෝ ප්‍රභූ ආරක්ෂක කණ්ඩායම් යෙදවීමෙන් සාපේක්ෂව අඩුවෙන් මානව සම්පත් හා අනෙකුත් සම්පත් යොදාගනිමින් අඩු පිරිවැයකින් වැඩි ආරක්ෂාවක් සපයාගත හැකිය.

රාජ්‍ය නායකත්වය ආරක්ෂා කිරීමට අවශ්‍ය ප්‍රමාණයට... 
පසුගිය පාලන සමයන්හි ප්‍රභූ ආරක්ෂාව සඳහා සම්පත් අවභාවිතා කිරීම සාධාරණීකරණය කරමින් වත්මන් ජනාධිපතිවරයාටද එළෙසම කරන ලෙස පවසමින් හීන් නූලෙන් තමාගේ රෙදි අපුල්ලාගැනීමට උත්සාහ කරන පෝස්ටු කීපයක් සමාජ මාධ්‍ය තුල සංසරණය වනු මේ දිනවල දැකිය හැකිය.

අපගේ දැනුම අවබෝධය හා විශ්වාසයන් මත සටහන් කරන ලද මේ අදහස්, කිසිසේත්ම සම්පත් අවභාවිතා කිරීම දිරිමත් කිරීමේ අදහසින් නොවන අතර රටකට ජාතියකට නායකත්වය සපයන රාජ්‍ය නායකත්වය ආරක්ෂා කිරීමට අවශ්‍ය ප්‍රමාණයට සම්පත් යෙදවීම අත්‍යවශ්‍යම කරුනක් බව හුවාදැක්වීම පිණිස පමණක් බව කරුණාවෙන් සලකන්න.

(සැ.යු. මෙහි ආරක්ෂක කටයුතු පිළිබඳව විශේෂඥ තොරතුරු නවීන් ශ්‍රීමාල්ගේ ලිපියකින් උපුටා ගත් බව පැවසිය යුතුය.)'

මෙච්චර දිග comment එකක් මෙතනට ගත්තේ බොහෝ දෙනෙකුට මේ සමහර කමෙන්ටු මඟ හැරෙන හින්දයි. ඉකොනොගේ පෝස්ටුව වුණත් පළ වෙලා තිබ්බේ 22 වෙනිදා. මේ comment එක එවල තියෙන්නෙ 24 වෙනිදනේ...
තව විස්තර ටිකක් ඊළඟ කොටසෙ...

Saturday, September 14, 2024

ණයත් නැති, බයත් නැති, කොන්දක් ඇති...

“ආණ්ඩුවෙන් මම කිසිම දෙයක් අරගෙන නෑ. ඒ නිසා මම ණයත් නෑ, බයත් නෑ. මම ස්වාධීන තීරණ ගන්නේ. මම ගීතා කුමාරසිංහ. අපේ ජනාධිපතිතුමා... එතුමාව ජනාධිපති කරවන්න මමත් ඡන්දේ දුන්නා. පාර්ලිමේන්තුවේ මගේ ඡන්දෙන් එතුමාට අද ඔය ඉන්න පුටුවට එන්න හම්බ වුණා.

එක එක්කෙනා රටේ ජනතාවට කියන වයිවාරන්න කතන්දර කොච්චර තිබුණත් මොළේ තියෙන උදවිය දන්නවා...

එතුමා ඊයේ වෙනකොට මාව ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශයෙන් අයින් කළා. දවස් කීයකටද? තව දවස් අටයි තියෙන්නේ ජනාධිපතිවරණයට.

ඔය වගේ සිඟිති ආතල් දෙන්න හොඳ නෑ, ජනාධිපති කෙනෙක් විදියට.
මහ ලොකුවට කාන්තාවන් ගැන කතා කරනවා.

ඔයා සජිත් ගාවට ගියේ දිනන නිසා නේද කියා අහනවා.
මම කිව්වා ඔව්, දිනන නිසාමයි ගියේ. පැරදෙන එකකට ගිහිල්ලා- ගිලෙන බෝට්ටුවකට ගිහිල්ලා සියදිවි නසා ගන්න මට ඕනේ නෑනේ...” (ඔය කතාවේ කොටස් තුනක් තද කළු පාටින් සටහන් කරන වැඩේ මමයි කළේ...)

ඔය එඩිතර; කෙළින් කතාව කියලා තිබ්බේ ‘පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය’යි. කොළඹදි. සමගි ජන බලවේගයේ මාධ්‍ය හමුවකදී.

මේ දවස්වල නං එක එක්කෙනා රටේ ජනතාවට කියන වයිවාරන්න කතන්දර එමටයි. වැහි වැහැලා වගෙයි... එව්වා ඔක්කොම අහන්න- බලන්න- කියවන්න මෙලෝ පුතයෙකුට බෑ බෑ බෑම තමයි.

මොකෝ, ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය තියෙනවයි කියලා ලෝකෙ හෙමින් කැරකෙනවයැ- දවසට තියෙන පැය ගණන වැඩි වෙනවයැ? නැහැනෙ...

ඉතිං අවිවේකය නිසා මං වහන්සේ අර වගේ කතන්දර අහන්නේ බොහොම අඩුවෙන්. හැබැයි අහන එක- කියවන එක - බලන එක ‘හොඳ සිහියෙන්’ කරනවා. එතකොට තමයි නොකියා කියන දේවල් තේරෙන්න ගන්නේ; හංගලා කියන දේවල් තේරෙන්න ගන්නේ; හැංගිලා තියෙන දේවල් තේරෙන්න ගන්නේ!
ඔය ප්‍රවෘත්තිය කියවද්දීත් මට වුණේ ඒකමයි... මගේ මොළ ගෙඩියේ තරමට, ඒකට තේරුණු තරමට, මට හිතුණා ප්‍රශ්න තුනක් අහන්න. ඒවා අහන්නේ ඒවාට සාධාරණ උත්තර මේ දවස්වල හම්බ වෙයි කියලත් නෙවෙයි.

මං වගේ සොච්චං පුඟුලෙකු අහන පුරස්නවලට වැඩිය ‘විසඳාගන්න තියෙන වැදගත් පුරස්න’ ඒ කාට-කාටත් ඇති නෙව, මේ ජනාධිපතිවරණ කාලෙ...

මේ වතාවේ නං රටේ වැඩි දෙනෙකුගේ කැමැත්ත, ප්‍රාර්ථනාව, පැතුම...’ ඉෂ්ට වෙන පාටයි! 

ඔන්න බලන්නකෝ ඒකෙත් හැටි.

‘මේ ජනාධිපතිවරණ කාලෙ’ කියන වදන් තුන කොටනකොටම මතක් වෙච්චි දෙයක්. මොන සිංහල විශාරද අප්පච්චිද දන්නෑ ඔය ‘වරණය’ වචනේ ඔතෙන්ට ඈඳුවේ... (මං නං එස්.එස්.සී. වෙනකල් විතරක් ඉගෙන ගත්තු කෙනානේ- සිංහලවලටත් D එකක් තිබ්බට.)

චුට්ටක් ඉන්න හොඳේ... ආයෙමත් ඒ ‘වරණ ප්‍රශ්නය’ මතු වුණු වෙලාවේම ඒකත් බේරුම් කරගෙන හිටින්න.

මගේ සිංහල වචන ප්‍රශ්න විසඳලා දෙන ‘නිරුක්ති සහිත සිංහල ශබ්ද කෝෂය’ පොතේ 965 පිටුවේ ‘වරණය’ වචනෙට දීල තියෙන නිරුක්ති ටිකයි මේ:

වරණය: (සං. වරණ) අ. කැමැත්ත, කිහිපයක් අතරින් එකක් තෝරා ගැනීම. ආ. ඉවත් කිරීම, වැලැක්වීම, දුරු කිරීම. ඇ. ප්‍රාර්ථනාව, පැතුම.

‘ගොනෝ, හොයලා බලන්නෙ නැතිව දන්න ටිකෙන් විතරක් තේරුම් ගන්න ගියාම වෙන දේ දැන් ඔහෙට පේනවා නේද?’
පේනවා, පේනවා... වරණය කිව්ව ගමන්ම මෙච්චර කල් මගේ ඔළුවට ආවේ ‘ඉවත් කිරීම, වැලැක්වීම, දුරු කිරීම’ කියන තේරුම් ටික විතරයි. ඒ හින්දනෙ
මැති + වරණය = මැතිවරණය කියල තේරුම් ගත්තේ. අපේ රටේ නං වැඩියෙන්ම වෙන්නෙත් ඕකනේ. අපේ පාර්ලිමේන්තු ඡන්දයකදී වුණත් මහත්වරුන්; මැතිවරුන් දුරු කරලා දාන එකනේ මෙච්චර කල් කෙරුණේ. එතකොට ඉතිං වැඩියෙන් ඉතුරු වුණේ පාදඩයො, හොරු, නූගත්තුනෙ...

‘හැබෑෑෑෑෑෑෑද?
එතකොට ජනාධිපතිවරණය කිව්වම තමුසෙ මොකක්ද හිතුවේ?’

ජනාධිපති, ඒ කියන්නෙ ඉන්න ජනාධිපති + ඉවත් කිරීම කියලා.
‘දෙකක් නෑ. ඒකත් වෙයි තමා හලෝ... මේ වතාවේ නං රටේ වැඩි දෙනෙකුගේ කැමැත්ත, ප්‍රාර්ථනාව, පැතුම...’
...ඉෂ්ට වෙන පාටයි නේද? (ඉවසිල්ලක් නැතිකම ඉස්සර වුණා. අනෙකා කියන දේ කියල ඉවර කරන්න දුන්නෙත් නෑ.) දුරු කරන්න ඕන රොත්තටම යන-එන මං නැතිවෙන විදිහයි නේද?

‘ටිකක් ඉවසගෙන ඉන්නවා හලෝ. සේරටම කලින් අද තමුසෙ ලියන්න ආව දේ ලියල ඉන්නවා. ඔහේ blog එකට ලියන posts දිගටම කියවන හිතවත් පාඨකයන්ට සාධාරණ වෙලා ඉන්නවා. තව සතියක් වෙනකොට තමුසෙට වගේම ලෝකෙටමත් පෙනෙයිනේ ඡන්දෙ ප්‍රතිඵල.’

අම්මගෙ අප්පගෙ බූදලෙන් දෙනවා වගේ තානාන්තර දෙන්නේ සුදුසු අයටද- හිතවත් අයටද- හෙංචයියලටද- ගෙම්බන්ටද එහෙමත් නැතිනං ගෙම්බෝ වෙයි කියල සැකයක් තියෙන අයටද?

සමාවෙන්න ඕනි, යටිහිතත් එක්ක කතාව නවත්තලා... මේං ලියන වැඩේට බැස්සා...

බෙන්තර ගඟෙන් එහා පැත්තේ උපන්- කුමාර විදුගලගේ දෝන ගීතා සමන්මලී කුමාරසිංහ ‘ලස්සන කෙල්ල’ film එකෙන් සිනමාවට ආවා. සම්මානලාභී වුණා; ජයග්‍රාහී නිෂ්පාදිකාවකුත් වුණා. (මං හිතන්නේ ගීතා තමයි, තමන්ගේ නමෙන්ම සිනමා පත්තරයක් පවත්වාගෙන ගිය එකම සිනමා නිළිය.) දේශපාලනේට ආවේ ඊළඟට, 2015දී. එහෙව් අත්දැකීම් සහගත ගීතා කියන දේවල් නිකංම කියනවා වෙන්නත් බෑනෙ... එහෙම නේද?

1. ‘’ආණ්ඩුවෙන් මම කිසිම දෙයක් අරගෙන නෑ. ඒ නිසා මම ණයත් නෑ, බයත් නෑ.’’

1.1. ඒ කියන්නේ ආණ්ඩුවේ ඉන්න අයට මොන මොනවා හරි දේවල් ලබා ගන්නත් පුළුවනි කියන එකනේ... ලැබෙනවා කියන එකනේ. ලබා ගන්න ඉඩ තියෙනවා කියන එකනෙ.
ණයකාරයෙක් වෙන්න තරං ලොකු-ලොකු දේවල්ම ආණ්ඩුවෙ ඉන්න උදවියට දෙන විත්තිය නේද මේ කියවෙන්නේ... ඒ මදිවට ‘එහෙම දේවල් ගත්ත බව කියන්නත් බය වෙන්න තරං දේවල්’ තමයි දීල ඇත්තේ.

1.2. ආණ්ඩුවය කියන්නෙ පුද්ගලික සමාගමක් නෙවෙයිනෙ (හිතෙන හිතෙන විදිහට අරයට මෙයාට බෙදල දෙන්න.) කාගෙවත් තනි අයිතියට තියෙන දේකුත් නෙවෙයිනෙ. ඒක එහෙම නං ආණ්ඩුවකින් එහෙම දේවල් දෙන එකයි, ගන්න එකයි දෙකම වැරදි වෙන්න ඕනිනේ.

2. මාව ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශයෙන් අයින් කළා.

2.1.1. ඕන්න වැඩේ... ඇමතිකම්, රාජ්‍ය ඇමතිකම් වගේ තානාන්තර දෙන්නේ සුදුසු අයටද- හිතවත් අයටද- හෙංචයියලටද- ගෙම්බන්ටද එහෙමත් නැතිනං ගෙම්බෝ වෙයි කියල සැකයක් තියෙන අයටද?

2.1.2. කිසිම පදනමක් නැතිව- එහෙම හිතුමතේ දුන්නු තනතුරු නං ඉතිං ලොකු-ලොක්කන්ට හිතෙන වෙලාවක, හිතුණු විදිහට වෙනස් කළත්... අයින් කළත් දොසක් කියන්නේ කොහොමෙයි? නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගෙ වගෙයිනෙ.

2.1.3. හැබැයි, මෙතැන වැරැද්දක් තියෙනවා... ක්‍රමේ! ඔහොම අයුතු දේවල් කරන්න ඉඩ තියෙන ක්‍රමේ!! බොරුද මං අහන්නේ.

3. දිනන නිසාමයි ගියේ.

3.1.1. දිනන නිසා? ගීතාට පෙනෙන්න ඇත්තේ එහෙමයි. (හැබැයි, අපරාදේ කියන්න බෑ. ගීතා ඇත්තම කියනවා වගෙයි.) එයාට එහෙම කියන්න පුළුවන් වුණාට හැමෝටම ඇත්ත කියන්න ශක්තියක් නැහැනෙ.

මාලිමාවේ අනුර කුමාර දිසානායක මහත්තයට...

3.1.2. මොකෝ? ඇත්තම කියලා, වැරදිකාරයො වෙන්න තියෙන නඩුවලින් නිදහස් වෙන්නද?

කෝටි ගණන් වටින ඉඩම් අක්කර ගණන් නිකංම හම්බ වුණයි කියන්නද?
බාර් පර්මිට් හම්බ වුණයි කියලා එළි කරන්නද?
පෙට්‍රල් ෂෙඩ් හම්බ වුණයි කියන්නද... ඊටත්, (අත යටින්) ඔව්වා ලැබෙන්නේ දිනන්න කලින්. දිනුවොත් Double Bonusලු.
මේ වතාවේ උන්දැලා පරදින විත්තිය ඒකාන්ත නිසයිලු ‘එහා මෙහා වෙන කුට්ටි’ ගොඩක් බර!

3.2. ප්රතිපත්ති නිසා පිල් මාරු කරනවය කියන්නත් දැන් ඉඩක් නැහැ නෙව... ඒ බයිලා වලංගු වුණේ ගොඩක් ඉස්සර කාලෙටනේ.

අද උදේ එක ප්‍රවුර්ත්තියක් කියවද්දී, මං වහන්සේට හිතුණු දේවල්වලින් කොටහක් තමයි ඔය ලිව්වේ. හැබැයි, ලියන්න හිතාගෙන උන්නේ වෙනින් කතාවක් ගැනයි.

ඒ කතන්දරෙදී හරිම වැදගත්ය කියලා මට හිතෙන කරුණු කීපයක් කියවෙනවා.

අ. හිටපු ජනාධිපති පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ මහත්තයට ආණ්ඩුවෙන් ලබාදීලා තියෙන නිල නිවාසය අලුත්වැඩියා කරන්න විතරක්... අලුත්වැඩියා කරන්න විතරක් රුපියල් කෝටි 40ක් වියදම් කරලලු. කාගෙවත් සාක්කුවෙන් නෙවෙයි- ආණ්ඩුවේ සල්ලිවලින්.

(මට හිතෙන්නෙ, මෙතැනදී නං මාලිමාවේ අනුර කුමාර දිසානායක මහත්තයට වැරද්දක් වෙලා කියලයි. කෝටි 40ක්... එක බින්දුවක් වැඩි වෙලාවත්ද අපෙ හාමුදුරුවනේ?)

ලොකුම පුදුමේ ඔහොම කතා එකකටවත් උත්තර දීමක් නොකෙරෙන එකයි. එහෙම වෙන්නේ මාලිමා වේදිකාවල කියැවෙන දේවල් ඇත්තම ඇත්ත නිසාද?

ආ. වාහන බලපත්‍ර වගේ ආණ්ඩුවේ විශේෂ වරදාන ලබා ගැනිල්ලෙදීත් පක්ෂ- විපක්ෂ භේදයක් නැතුවම අපේ මන්ත්‍රීලා- ඇමතිලා හරි සමඟියිලු. (මරික්කාර් මහත්තයා රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් පුද්ගලිකව කරපු ඉල්ලීම ඔයාලත් දකින්න ඇතිනෙ.

ඇ. තව එකක්! අපේ ජනාධිපතිතුමාට රට පුරහම ජනාධිපති මන්දිර තියෙනවය කියන්නේ. හැබෑද බොලේ? යාපනේ, අනුරාධපුරේ, නුවර, නුවරඑළියේ, කතරගම, උඩවලවේ විතරක් නෙවෙයි මහියංගනෙත්... කොළඹත්...

අකුදි මහත්තයෝ, හොඳට හොයලා බලන්න වෙයි, ඔන්න ඔය කාරණයත්.
ගිහි ගෙයි හිටියා නං සක්විති රජෙක් වෙන්න වාසනාව තිබිච්ච සිදුහත් කුමාරයාටත් තිබ්බේ මාලිගා තුනයිනේ.
මේ හුණ්ඩුවක් විතර රටේ පළමුවෙනි පුරවැසියාට ඔච්චර මාලිගා හැදෙව්වේ මොන මොන වහන්සේලාගේ ඕනිකමටද දෙය්යනේ...

‘අනාගතය නුඹයි රටේ’ කියල අනුරට කියන්නේ රටෙන් බාගයකටත් ටිකක් වැඩි අපි කට්ටියනේ...
ඈ. ඉතිං, ඒ කතාවේදීම මාලිමාවේ අනුර කියනවා එයාල බලයට පත් වුණාම...මන්ත්‍රී මැති ඇමතිවරුන්ට වාහන බලපත් දීම, විශ්‍රාම වැටුප් ගෙවීම නවතා දමන බව සහ
ජනාධිපති මන්දිරවලින් එකක් පමණක් තබාගන්නා බව.

මාලිමාවේ අනුර මුල හිටම කියනවා නෙව හොරකම හා දූෂණය නවත්තන විත්තියත්...

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකට එහෙම කියන්න පුළුවන් වෙන්නෙ උන්නැහේ ‘ණයත් නැති- බයත් නැති- කොන්දක් ඇති’ කෙනෙක් හින්දනේ...

ඉතිං, ඔය කාරණා ටික විතරක් වුණත් කරන්න ඇහැකි නං- කෙරෙනව නං...
මොනවටද ආයේ ‘නං’? ඔය කාරණා ටික විතරක් නෙවෙයි තව ගොඩාරියක් දේවල් කෙරෙනව ඒකාන්තයි.

ඒකට හොඳම සාක්කියක් තමා දැන්-දැන් හොඳම උගතුන් විදිහට පෙනී හිටිය ඔස්තාද්ලා පවා මහජනතාව ඉදිරිපිටදීම නන්නත්තාර වෙන්න පටන්ගෙන තිබීම.

ඉතිං, ‘අනාගතය නුඹයි රටේ’ කියල අනුරට කියන්නේ රටෙන් බාගයකටත් ටිකක් වැඩි අපි කට්ටියනේ.
2025 උදාවෙන්න කලින් ‘අනාගතය සුබයි රටේ!’ කියල රටේ හැමෝම කියන තැනට වැඩ සිද්ද වේවි කියලයි මම නං හිතන්නේ෴o෴