‘නිමල්
ඔයාට පුළුවන්ද දාර මාලිමා වහල්ලුන්ට පොඩි පණිවිඩයක් හරියට තේරුම් කරලා දෙන්න? ඇත්තටම දාර මීහරක් මාලිමා ජෙප්පන්ට මේ ආණ්ඩුව වෙනුවෙන්
කරන්න පුළුවන් ලොකුම දේ පොඩ්ඩක් කටයි පුකයි වහගෙන බුකියේ පණ්ඩිතකම් දොඩවන්නේ නැතුව
අඩුම ගානේ තව මාසයක් දෙකක් ඉවසන් ඉන්න එක... අනුරට ජනාධිපති වෙලා හුස්ම ගන්න නෑ මේ
වේස හැත්ත puca
දෙන්න දඟලනවා. යකෝ අපේ අනුර ලොක්කා යංතන්, සංතන් ජනාධිපති කියල තේරුම් ගනින්. තොපි වගෙ අමු මී හරක්
දාර ජෙපි පඩංගු නිසා වෙන්නෙ ආසන හැටක්වත් දිනාගන්න ඡන්ද නැති වෙන එක. යකෝ අනුරට
ස්ථාවර ආණ්ඩුවක් හදාගන්න ඡන්ද ටිකක් ගන්න තොපේ ගූ ගඳ ගහන කටවල් ටික දවසකටවත් වහගෙන
හිටපියව් කාලකණ්නි හැත්ත. තොපි ඒ මනුස්සයටත් කෙළවන්නනේ ඔය හදන්නේ?’
වෙනසක්
විය යුතුය යනුවෙන් ඇදහුවෙමි! |
යාළුවො ගියාට පස්සේ නිඳා ගනිද්දීත් දොළහමාරයි.
උදෙන්ම කුස්සිය අස්පස් කරලා- බාගෙට හෝදලා තිබුණු වළන්- පිඟන් භාජන සේරම හොඳට හෝදලා
ඉවර කරලා කොම්පියුටරේ ඉස්සරහින් වාඩි වුණා.
බාගෙට ලියලා තියෙන post එක අදවත් ඉවර කරනවා- කරනවාමයි!
කියන දෘඩතර අදිටනින් යුතුව. ඊයේ දවසේත් බ්ලොගයේ වැඩක් කරගන්න බැරිම වෙච්ච ගණනයිනෙ.
මිතුරු හමුවට සූදානං වෙන්න සිද්ද වුණු හිංදා.
Post එකේ වැඩවලට කලින් බලන්න එපැයි- කව්රු හරි අලුතින්
comment කරලද කියල. එහෙම නං ඒවට reply කරන එකයි ඉස්සෙල්ලම කෙරෙන්නේ. ඊළඟට මම නිතරම
ගොඩ වැදෙන blog අඩවිවලට යන එක. ඊටත් පස්සේ ඊමේල් කියවන එක.
ඔන්න බොලේ මේ post එකේ උඩින්ම ඔබපු ඡේදය තියෙන මේලයකුත්
තියෙනවා. ඒක එවල තියෙන්නෙ නං Anonymous කෙනෙක්- මාතලන් අඩවියේ පළ වුණු "අන්‍රයියා
වෙත
ලියමි...." post එකට මම යවපු ප්‍රතිචාරයකට පිළිතුරු
විදිහට.
මම යවාපු ප්‍රතිචාරය මේකයි:
වෙනසක් විය යුතුය යනුවෙන් ඇදහුවෙමි
එය ඉක්මනින් සිදු වෙන විත්තිය දුටිමි
හැකි පමණකින් ඒකට දායක වුණෙමි
ඔබත් වෙනස් වී ඇති බව අද දුටිමි
අර reply එක එවපු Ano හිතන්න ඇති මටත් මාලිමාවේ අය එක්ක
සම්බන්ධකම් තියෙනවයි කියල. අනේ මං මාලිමාවට කැමති බව ඇත්ත. ටික වෙන්න කඩේ ගිය විත්තියත් ඇත්ත. ඒත් අරහෙම විශේෂ යාළුකම්- සම්බන්ධකම් මොකුත් මේ පුංචි සිංඤෝට නෑ!
හැබැයි එයාලා රට හදයි කියල විශ්වාසයක් මට තියෙනවා.
ඒත් මම මාලිමාව අදහන්නෙක් නං නෙවෙයි.
ඒ හින්දම සිද්ද වෙනදේ ඉවසිල්ලෙන් බලාගෙන ඉන්නත්, තේරුම්
ගන්නට උත්සාහ කිරීමත් කරතෑකි. ආශ්චර්යයන් බලාපොරොත්තු වෙන්නේ නැතිව. කලබල වුණොත් කොරොස්
කටේ වුණත් අත දමා ගන්න බැරි වෙනවනේ. අපි හැමෝටම තියෙන්නෙ ඉවසිල්ලෙන් බලාගෙන
ඉන්නයි.
ඉවසිල්ල තිබ්බත් මට වැඩි සැනසීමක් නං හම්බ වුණේ නං නෑ.
පිටරට ඉඳලා ඡන්දේ දාන්නම ලංකාවට ආපු නෑ-හිත මිතුරන්ගෙන් වගේම එන්න ඉඩ නැති වුණු
අයගෙනුත් calls....
ඊයේ රෑ set වීමට හේතුව ඇමෙරිකාවේ ඉඳලා ආව හිතවතෙක්. එයා ඇමෙරිකාවට
ගිහිං අවුරුදු දාහතරක්. ගිය සතියේ එයා මාසෙකට ලංකාවට ඇවිත් දවස් තුන හතරකින්ම
හදිසියේ ප්‍රාදුර්භූත වුණා. අපි දෙන්නා පැය තුනක් විතර කතා සරිත් සාගරයක කිමිදුණා.
ඔන්න
ජෝඩුවම නියමිත දවසේ ප්‍රංශයට ගියා. ලෝකෙ හැම රටකින්ම වගේ ආපු කපල්ස්වලින් එතැන
පිරිලා... |
මොන? ඒ යක්ෂ පැටියා පටන් ගත්තෙම අද්‍යතන ශ්‍රී ලංකාවේ
දේශපාලන තත්ත්වය ගැන විග්‍රහයකින්. “බල සුබ නිමිති පෙරමඟ නැකතටත් වැඩී කිව්වලු
නිමල් අය්යේ... කොහොමද ලංකාව... ෆුල් හොල්මන් නේද? දිවුරුම් දීමේ උත්සවයක් නොගත්ත එකෙන්ම
කෝටි විස්සක් විතර ඉතිරියිලු.
කොහොමද හදිස්සියේම ගෙනැත් දාල යන වාහන තොගේ...”
මනුස්සයට ගොඩක් සම්බන්ධකම් තියෙනවා. මිනිහා artist
කෙනෙක්- ලේඛකයෙක්. Advertising ක්ෂේත්‍රයේ, පුවත්පත් කලාවේ නිරත වෙච්චි කෙනෙක්.
ඊයේ රෑ මනුස්සයා අපි පස්දෙනා ඉස්සරහ දිගෑරපු දේශපාලන කතා- රසකතා- රහස් කතා-
කුණුහරුප කතා- යාන්ස් කොච්චර රහයිද කියනවා නං- මගේ ‘මුඛ්‍ය අරමුණ’ සුනේ සුං’ වෙලා
යද්දිත් මං නිස්සද්දව උන්නා.
ඒ අතරේම කල්පනා වුණේ ‘ඇයි දෙයියනේ මේ යක්ෂය නළුවෙක් නොවුණේ’ කියලයි. ඒ තරමටම අර
කතන්දර කියද්දී එයා සතර අභිනයම පාවිච්චි කෙරුවත් එක්ක!
මෙන්න එහෙම කියැවුණු කතන්දරවලින් එකම එක කතාවක්. ඒකටත්
මුල පෑදුණේ මම එක්තරා නළුවෙකුගේ අභාවය ගැන මතක් කළාමයි.
‘පව්! තව කාලයක් ඉන්න තිබ්බ මනුස්සයා. මරු මනුස්සයා. මගෙත්
හොඳ හිතවතා... මේක නං ඒ දවස්වල xxxx ගැන ප්‍රසිද්ද වුණු යාන් එකක්. ඒ දවස්වල එයා
හිටියෙ xxx අක්කත් එක්කලු. දන්නවනෙ xxx? අර xxx xxx film එකේ සිංදු කිව්වට
සම්මානෙකුත් දිනා ගත්තේ. හෙණම රැඩිකල් එක්කෙනෙක්නෙ එයත්. අපරාදේ කියන්න බෑ, එයාලා
හරිම සුන්දර කැරැක්ටර්ස්.
XXX අක්කා world ෆේමස් කැරැක්ටර් එකක්නෙ. නිතරම ෆොරීන්
සෙමිනාස්වලට එහෙමත් එයාට ආරාධනා හම්බ වෙනවා.
ඔහොම ඉන්දදී xxxක්කට ආරාධනයක් හම්බ වෙනවා පැරිසියේ තියෙන
ස්පෙෂල් සෙමිනාර් එකකට. තනියමත් නෙවෙයි, ජෝඩුවටම. අපේ යාළුව xxxxටත් හෙණ happy.
ලේසියෙන් හම්බ වෙන chance එකක්යැ. ඔන්න ජෝඩුවම නියමිත දවසේ ප්‍රංශයට ගියා.
ලෝකෙ හැම රටකින්ම වගේ ආපු කපල්ස්වලින් එතැන පිරිලා. රටවල්වලින් විතරක් නෙවෙයි- වෙන
ග්‍රහලෝකවලිනුත් couples ඇවිත්...
ඔර්ගනයිසින් කොමිටියේ කට්ටිය අපේ ජෝඩුවත් හෝටලේට යවලා. ඒ
එක්කම ඊළඟ කාමරේට දාලා හිටිය ජෝඩුවත්. දන්නවද උන් දෙන්නා ඇවිල්ල හිටියෙ කොහෙන්ද
කියලා. හඳෙන්... කාමර ළඟට යනකොටත් හතර දෙනා fit වෙලා ඉවරයිලු.
කප්පරක්
sex ෆැන්ටසීස් තියාගෙන වැඩේට සෙට් වුණත්, හඳ
හාදයාගේ ජුන්ඩව දැක්ක ගමන්... |
කට පුරා හිනා වෙලා xxxක්කත් ඔළුව වැනුවලු. ඔන්න අපේ man ගිහිං හඳ හාදයාට යෝජනාව
දාලා.
අම්මට සිරි!
මිනිහත් එක පයින්ම මනාපෙ දීලා බිරියන් හුවමාරුවට!!
වැඩි කලබලයක් නැතිවම හඳ ගෑනු කෙනා අපේ යාළුවලගේ කාමරේට එද්දී- xxxක්කා අල්ලපු
කාමරේට ගිහිං.
කප්පරක් sex ෆැන්ටසීස් තියාගෙන වැඩේට සෙට් වුණත්, හඳ
හාදයාගේ ජුන්ඩව දැක්ක ගමන් xxxක්කාගේ මූඩ් එකත් බැහැලා. “මේ මොකද්ද මේ? අමුමිරිස් කරලක්නේ...” ගෑනිට
නිකම්ම කියවිලා.
“Don’t worry darling... ඔයා මගේ දකුණු කන පොඩ්ඩක් මිරිකලා බලන්නකො.”
Xxxක්කා තරහටත් එක්ක හඳ හාදයාගේ දකුණු කන මිරිකුවලු තදින්ම... එතකොටම මෙන්න බොලේ
අමුමිරිස් කරල පතෝල කරලක් වෙලා! හඳ හාදයාගේ වම් කන මිරිකලා බලනකොට පතෝල කරල මාළු
මිරිස් කරලක් වෙලා ආයෙමත් අමුමිරිස් size එකට...
Size එක ඇජස් කර-කර රෑ පුරාම නියම සැපක් ගත්තු xxxක්කා
උදේ ආපහු කාමරේට එනකොට xxxxx බොහොම අප්සෙට් මූඩ් එකෙන් බුකවගෙන ඉඳලා.
“මොකෝ නිකං තරහෙන් වගේ?”
“තරහ යන්නැද්ද ඕයි, අර හඳ xසි එළි වෙනකල්ම මට නිඳා ගන්න නොදී දිගටම මගේ දකුණු
කනෙන් ඇද ඇද හිටියනේ.” අපේ යාළුවට කියැවුණාලු.
අපේ රටේ සමහරුනුත් අර ‘හඳෙන් ආපු කාන්තාව’ වගේ නේද
කියලයි මට කල්පනා වෙන්නේ. එයාලත් දැන්මම අලුත් ආණ්ඩුවේ කනෙන් අදින්න පටන් අරං. උපදෙස්
ගංගාවක ගිල්ලන්න පටන් අරං. එහෙම දේවල් දකිද්දී ඒවා ගැන හිතන්න වෙනවා. එතකොට ‘නිදිගෙ
පංච තන්තරේ’ට post එක ලියන වැඩෙත් පස්සට යනවා.
සැප්තැම්බර් 22 ඉකොනොමැට්ටා පළ කරලා තිබ්බ post එකක් ‘නවවන
ජනපතිට
සුබ පැතුම්!’ කියලා. ඒක කියවද්දී මට හිතුණු දේ කවි
දෙකකින් ලිව්වා. මෙහෙම:
අනුරට හිමි වුණේ ජය නොව මාවතය
ඒ මග දිගේ ගොස් ඔහු ජයගත යුතුය
ගමන අසීරුය, බාධක අපමණය
ඒ අභියෝග අනුරල ජයගනු ඇතිය
ඇලඩින්ගේ පහන නැත පිරිමදින්නට
හොරු හතලිහට වැඩියෙන් ඇත මඩින්නට
පොදු ජන පැතුම් තියෙනව ඉටු කරන්නට
ඒ කාරියට ඉඩ දෙමු මාලිමාවට
එයාලට
ඡන්දය දුන්නු අය අතරේ විවිධත්වය වැඩියි! |
තව දුරටත් ඒ අයගේ සහාය මාලිමාවට ඕනේ. මෙතෙක් ඔවුන්ට සහය නොදීපු කොටසෙ සහයත් ඔවුන්
දිනාගත යුතුමයි. ඒක ටිකක් වෙහෙසකර වෙන පාටයි.
මේ ඓතිහාසික ජයග්‍රහණයේ අරුමය නිසාද කොහේද මාලිමාවට පක්ෂව
වගේම විපක්ෂවත් ගොඩක් අදහස් පළ වෙන්න පටන් ගෙන තියෙනවා. ඒවායිනුත් උගත යුතු ගොඩක්
දේ තියෙන විත්තියයි මගේ අදහස. ඉකොනොගේ ‘නවවන ජනපතිට සුබ පැතුම්!’ post එකට Ano
කෙනෙකු එවල තිබ්බ මේ දීර්ඝ comment එක කියවලා බලන්නකෝ.
'@ නීල පීත
මෙව්ව නිකම්ම නිකම්
මනස්ගාත, ගණිතමය 😅🤣😂 බම්බුව තමයි, අපේ ගෙවල් ගාව කඩේ වැඩ කරන කොල්ලෙක් ඉන්නවා. ඌ ඕලෙවෙල්වත්
ලියලා නෑ. යන්තම් ඉස්කෝලෙන් කට්ටි පැනපු නූගතෙක්. හරියට ලියන්නවත් පත්තරයක්
කියවන්නවත් බෑ, ඒත් ඒ යකා ඔය සේරටම කලින් ලස්සනට කිව්වා, මේ සැරේ
ජනාධිපතිවරණයක් තිව්වොත් කාටවත්ම 50% ගන්නත් බෑ, මාලිමාවට බහුතරය එයි- උතුරු නැගෙනහිර පළාත්වල සහ රට මැද නුවරඑළිය පැත්තේ
සජිත් ප්‍රේමදාස දිනයි- දකුණේ සිංහල බෞද්ධ කට්ටිය වැඩි පැතිවල මාලිමාවට ජය නියතයි
කියලා. මොන ගණිතයක්වත් නෑ, ඔය වගේ ලංකාවේ දේශපාලනය කරන මහ ලොකුවට අධ්‍යාපන
සුදුසුකම් නැති උන්ට දේශපාලනය ගැන හොඳ ඉවක් තියෙනවා, මේ ගණිතමය බයිලා ගහන උන් හරියට අර මංජුල පීරිස්, චන්ද්‍රසිරි බණ්ඩාර, කෙප්ප
සුමනේ වගේම බොරු බයිලා තමයි.
වැඩිය ඕන නෑ, මේ
ඉකොනොමැට්ටා කියන හාදයා කියන ආර්ථික විද්‍යා බයිලා කොච්චර වැරදිද? හැරෙන හැරෙන පැත්තට බයිලා කියන්නේ, හරි විනෝදයි... මේවා මිනිස්සුන්ට ඒකයි
අපි කියවන්නේ.
අප ඉතිහාසයෙන් පාඩම්
උගත යුතුව ඇත. ඉතිහාසයේ සිදුවූ ඛේදවාචක නැවත නොවීමට ඉඩ සැලසිය යුතුව ඇත.
අනුර කුමාර දිසානායක
සහෝදරයාම පවසන පරිදි අනුර සහෝදරයා සියල්ල දත්තෙකු නොවේ. එසේනම් ඔහු නොදන්නා කරුණු
ගැන අදහස් ප්‍රකාශ කිරීමට පෙර ඒ සම්බන්ධ ප්‍රාමාණික දැනුමැත්තන්ගේ අදහස් විමසිය
යුතුය. නොඑසේනම් ඒවා පාරාවලල්ලක් සේ ඔහුටද බලපෑම් එල්ල වන මට්ටමකට පැමිණිය හැකිය.
ජනාධිපතිවරයා රාජ්‍ය
නායකයාය. ඔහුගේ ධූරයේ ඇති වැදගත්කම සහ එම ධූරය දරනු ලබන පුද්ගලයා ආරක්ෂා කරගැනීමේ
වැදගත්කම මම ඔබට අමුතුවෙන් පැහැදිලි කල යුතුයයි නොසිතමි. ඔහු “His excellency” උවද “අතිගරු” උවද “සහෝදරයා” උවද එම ධුරය දරන්නා රටක ඉහලම
ප්‍රභූවරයාය.
ඒ
නිසාම මැතිවරණ වේදිකාව මත සහ විවිධ ස්ථානවල ඔහු විසින් කල ප්‍රකාශ... |
ඒ නිසා මේ දක්වන ලද
විවිධ අනතුරුවලින් මෙන්ම සිය අපරාධ වංචා දූෂණ හෙලිවීමෙන් ආරක්ෂා වීමට සහ බලය
රැකගැනීමට උත්සාහ දරණ විවිධ සතුරු බලවේගවල මෙන්ම තම ගිලිහී ගිය බලයන් නැවත
ලබාගැනීමට උත්සාහ දරණු ලබන සතුරන්ගේ ප්‍රමුඛ ඉලක්කයක් බවට ජනාධිපති ධූරය හොබවන
තැනත්තා පත්වීම වැලැක්විය නොහැක. (විශේෂයෙන් වංචා දූෂණ සහ අපරාධවලට සම්බන්ධ වූවන්ට
නිසි දඬුවම් ලබාදෙන බවට පොරොන්දු වී ඇති සහ එය එසේම ඉටු කරාවි යයි මා පවා විශ්වාස
කරන අනුර කුමාර සහෝදරයාට මෙම තර්ජන මෙලෙසම ඇතුවාට සැක නැති බව අපගේ විශ්වාසයයි).
ඒ නිසාම මැතිවරණ
වේදිකාව මත සහ විවිධ ස්ථානවල ඔහු විසින් කල ප්‍රකාශ විරුද්ධවාදින් විකෘති කිරීම සහ
ඔහු දැනට තම ආරක්ෂාව සම්බන්ධව දක්වන ආකල්ප ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධ දැනුම හැකියාව
ඇත්තවුන්ගේ උපදෙස් මත වෙනස් කල යුතු බව අපගේ දැඩි විශ්වාසයයි.
පසුගිය දිනවල මැතිවරණ
ප්‍රචාරණ රැලිවලදී මෙන්ම ඊට පෙරත් ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධව අනුර කුමාර දිසානායක
සහෝදරයා කර ඇති සමහර ප්‍රකාශ තුලින් වැරදි අර්ථ ඉස්මතු කරවූ බව (ඔහු සැබැවින්ම
අදහස් කල මට්ටමට වඩා එහා ගිය වෙනත් අර්ථයක් විපක්ෂ කණ්ඩායම් ජනගත කල බව) අපගේ
වැටහීමයි.
මින් වඩාත් ජනප්‍රිය
කතාව ප්‍රභූ ආරක්ෂාව සඳහා හෙලිකොප්ටර් දෙකක් යොදාගැනීම හාස්‍යට ලක් කරමින්
පාර්ලිමේන්තුව තුල කල කතාවයි.
ප්‍රභූ ආරක්ෂාව සඳහා
හෙලිකොප්ටර් යානා දෙකක්වත් අවම වශයෙන් යෙදවීම අපේ දැනුම අනුව බොහෝ රටවල ප්‍රභූ
ආරක්ශක protocolවල පවතින මූලධර්මයකි.
“හෙලිකොප්ටර් දෙකක් යන්නෙ
එකක් කැඩුනොත් අනිකට පනින්නද“ වැනි අදහසක් ඔහු විසින් ප්‍රකාශ කිරීම දුටු විපක්ෂ
කණ්ඩායම් ඔහු අදහස් කළ දෙය ගැන නිසි අවබෝධයක් නොමැතිව දුර දිග නොබලා නොසොයා දැන්
වයිරල් කරනු පෙනේ.
ඔහු අදහස් කරන්නට
ඇත්තේ පසුගිය රාජ්‍ය නායකයන් (සියල්ලන්ම) මැති ඇමතිවරුන් සහ ඔවුන්ගේ නෑදෑ පිරිවර
පමණක් නොව නිවසේ සුරතල් සතුන් පවා හෙලිකොප්ටර් මගින් සවාරි යැවීම නිසා සිදු කල
විනාශය බව සැබෑවක් නිසා එම නාස්තිය නැවතිය යුතු බවයි.
යුද
සමයේ තුවාල ලැබූ සෙබලුන් රෝහල් ගත කිරීමට හෙලිකොප්ටර් දෙකක්වත් මිලදී ගැනීමට... |
එහෙත්, හෙලිකොප්ටර් යානා දෙකක් යොදාගැනීම ගැන අනුර කල තොරතුරු දැක්වීම
විරුද්ධවාදීන් විසින් විකෘති කර ඇත.
හෙලිකොප්ටර් යානා ගමන්
කරන්නේ මහාමාර්ග ඉලක්ක කොටගෙන නොවේ. එලෙස ගමන් ගන්නා හදිසි අවස්ථාවක යම් කිසි
කාර්මික දෝෂයක් හටගතහොත් හැකි ඉක්මනින් ගොඩබෑම කල යුතු බව තේරුම් ගැනීමට ඔබට මට රොකට්
විද්‍යා දැනුම අවශ්‍ය නැත. එවන් හදිසි ගොඩබෑම් සඳහා තෝරාගත් ස්ථානයක් වාහනයකට
ලඟාවිය හැකි හෝ නොහැකි තැනක පිහිටිය හැක. එවන් අවස්ථාවකදී, ලංකාව පුරා සීමිත ස්ථාන ප්‍රමාණයක ගාල්කර ඇති හෙලිකොප්ටරයක් සූදානම් කර
ගෙන්වා ගෙන ප්‍රභූවරයා ඉවත් කරගැනීම තෙක් කල් ගැනීම හෝ වාහනයක් ගෙන්වා ගන්නා තෙක්
කල් මැරීම ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධ ඉතාමත් අනතුරුදායක බව මාගේ වැටහීමයි.
මීට උදාහරණ ලෙස හිටපු
යුද්ධ හමුදාපතිවරයෙක් සහ පොලිස්පතිවරයෙක් (රාජගුරු මහතා) ගමන්ගත් හෙලිකොප්ටරය එවකට
කොටි පාලන ප්‍රදේශයට ගොඩබැස්වීමට සිදු වූ අවස්ථාව, හිටපු ආරක්ෂක ඇමති රත්වත්තේ මහතා සතුරු භුමියේ දී අනතුරකට භාජනය වීම සහ
හිටපු ජනාධිපතිවරයෙක් වන විජේතුංග මහතාගේ ධුර කාලයේ නුවරඑළියේ දී හෙලිකොප්ටර් යානයක්
අනතුරකට භාජනය වූ අවස්තාව වැනි අවස්තා දැක්විය හැකියි.
(D.B. විජේතුංග මහතා මුහුණදුන් අනතුර සම්බන්ධව එතුමාගෙ ආරක්ෂාක
කණ්ඩායමේ සේවය කල කමාන්ඩෝ නිලධාරියකුගේ සටහන👇
https://www.facebook.com/share/p/r64JsKD6E8c9VGad/?mibextid=oFDknk )
හෙලිකොප්ටර් යානා
දෙකක් ගමන් කිරීමෙන් ප්‍රභූවරයා ඉලක්ක කරමින් කඩාකප්පල්කාරී හෝ ත්‍රස්තවාදී
පිරිසකට අනතුරක් කිරීමට හැකි සම්භාවිතාව අවම කිරීම සිදු කරයි. ඒමෙන්ම
ජනාධිපතිවරයාට අදාල ගමනට අත්‍යාවශ්‍යයෙන් රැගෙන යායුතු ඔහුගේ සමීප අත්‍යවශ්‍ය කාර්‍ය
මණ්ඩලය ගෙනයාමට ඔහු ගමන් ගන්නා හෙලිකොප්ටරය ප්‍රමාණවත් නොවිය හැකි අතර ඒ සඳහා
බොහෝවිට අමතර හෙලිකොප්ටරය යොදාගනී.
මෙනිසා කැමැත්තෙන් හෝ
අකමැත්තෙන් අවශ්‍ය ආරක්ෂාව සපයා ගැනීමට ප්‍රමාණවත්
වන පරිදි අවස්ථානුකූලව ඒවා භාවිතා කිරීමට වත්මන් ජනපති වරයා හිත හදාගත යුතු බව
මාගේ වැටහීමයි.
(පසුගිය සියලුම රාජ්‍ය
නායකයන් සහ බොහෝ මැති ඇමතීන් මෙන් අත්තනෝමතිකව සම්පත් විනාශ කරමින් යොදා ගතයුතු බව
මින් අදහස් නොකෙරේ).
අප
රටේ අනාගතය රඳා පවතින්නේ... |
මෙය කිසිසේත්ම පසුගිය
රාජ්‍ය නායකයන් (2009ට පසු රාජපක්ෂ සහ වික්‍රමසිංහ දූෂිත ආණ්‌ඩු) මහජනතාවට දැඩි
පීඩා ගෙන දෙමින් සාමාන්‍ය ජනතාවගේ කටයුතුවලට බාධා පමුණුවමින් රාජ්‍ය සම්පත් විනාශ
කරමින් සිදුකල ප්‍රභූ සංචාර අනුමත කිරීම හෝ සාධාරණීකරණය කිරීමක් නොවේ.
එමෙන්ම සියලුම මැති
ඇමතිවරුන්ට සහ ඉහල රාජ්‍ය නිලධාරීන්ටද මෙලෙසම ප්‍රභූ ආරක්ෂක රථ පෙලපාලී හිමිවිය යුතු
බවද මින් අදහස් නොවේ. එය විධිමත් තක්සේරුවකින් පසුව අවශ්‍යතාව මත පමණක් කල යුත්තකි.
අප රටේ අනාගතය රඳා පවතින්නේ
ජනාධිපතිවරයා වටාය. තවමත් අප රට ඉදිරියට ගෙන යාමේ ප්‍රධාන නායකත්වය සපයන්නා
ජනාධිපතිවරයාය. ඔහු ආරක්ෂා කරගැනීම පුරවැසි සියල්ලන්ගේම යුතුකමකි.
ජනාධිපතිවරයා කලින් ප්‍රකාශ
කරන ලද සහ දැන් දරන මතය කුමක් වුවත් අප කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් ඔහුගේ ආරක්ෂාවේ
වගකීම ඒ සඳහා දැනුම හැකියාව සහ කුසලතාව සහිත විශේෂ කණ්ඩායම් වෙත පැවරිය යුතු අතර ඒ
සඳහා අවශ්‍ය පහසුකම් නිසි පරිදි සැපයීම සිදුකිරීම අත්‍යාවශ්‍යව ඇත.
අපගේ දැනුම හා අවබෝධය
අනුව ඒ සඳහාම පුහුණුව ලැබූ කමාන්ඩෝ ප්‍රභූ ආරක්ෂක කණ්ඩායම් යෙදවීමෙන් සාපේක්ෂව
අඩුවෙන් මානව සම්පත් හා අනෙකුත් සම්පත් යොදාගනිමින් අඩු පිරිවැයකින් වැඩි ආරක්ෂාවක්
සපයාගත හැකිය.
රාජ්‍ය නායකත්වය ආරක්ෂා කිරීමට අවශ්‍ය ප්‍රමාණයට... |
අපගේ දැනුම අවබෝධය හා
විශ්වාසයන් මත සටහන් කරන ලද මේ අදහස්, කිසිසේත්ම සම්පත්
අවභාවිතා කිරීම දිරිමත් කිරීමේ අදහසින් නොවන අතර රටකට ජාතියකට නායකත්වය සපයන රාජ්‍ය
නායකත්වය ආරක්ෂා කිරීමට අවශ්‍ය ප්‍රමාණයට සම්පත් යෙදවීම අත්‍යවශ්‍යම කරුනක් බව
හුවාදැක්වීම පිණිස පමණක් බව කරුණාවෙන් සලකන්න.
(සැ.යු. මෙහි ආරක්ෂක
කටයුතු පිළිබඳව විශේෂඥ තොරතුරු නවීන් ශ්‍රීමාල්ගේ ලිපියකින් උපුටා ගත් බව පැවසිය
යුතුය.)'
මෙච්චර දිග comment එකක් මෙතනට ගත්තේ බොහෝ දෙනෙකුට මේ
සමහර කමෙන්ටු මඟ හැරෙන හින්දයි. ඉකොනොගේ පෝස්ටුව වුණත් පළ වෙලා තිබ්බේ 22 වෙනිදා.
මේ comment එක එවල තියෙන්නෙ 24 වෙනිදනේ...
තව විස්තර ටිකක් ඊළඟ කොටසෙ...