අකුරු මැකී නෑ

Thursday, October 23, 2025

උපන් දිනේ පට්ටන්දරේ - පළමුවෙනි කොටස

“ලොකා, චූටියත් මේ සැරේ ලංකාවට එනවලු.” මානෙල් කිව්වා. මානි දැන් නිතරෝම එයාගේ පුතා සුරංග, සමන්ති, දීපානි වගෙම බඩා මල්ලියා දීපාල් එක්කත් WhatsApp එකෙන් කතා කරනවා. එහෙම කතා කරලා එකතු කර ගන්න එංගලන්තේ තොරතුරු මටත් කියනවා.

”දීපානි විතරක්? තනියම... ළමයි පස් දෙනාවයි, සුදිත්වයි දාල එයා කොහොමද තනියම එන්නේ?”

එයාලා එන්නේ දවස් තුනකට... ස්ටෙෆ්නි, මැතිව් හා දීපානි (ෆොටෝ- නෙවිල්)

“තනියම නෙවෙයි ලොකා- ස්ටෙෆ්නියි, මැතිව්යි දෙන්නත් එනවා. ඔයාට නොකියම ඉන්නයි හැදුවේ. ඔයාව සර්ප්‍රයිස් කරන්න- ඔයාගේ උපන් දිනේට.”

“ඒකත් එහෙමද?”
“හැබැයි එයාලා එන්නේ දවස් තුනකට. හරියටම කිව්වොත් රෑ තුනයිලු ලංකාවේ ඉන්නේ. ඔක්තෝබර් පළවෙනිදා එහෙන් එනවා. දෙක පාන්දර මෙහෙ... හතර වෙනිදා රෑ ආපහු යනවලු.”
“එහෙම මොකටද යකඩෝ එයාලා එන්නේ? ඔච්චර සල්ලිත් වියදම් කරගෙන... දවස්  තුනකට... කොහාටවත් යන්නවත් වෙලාවක් නෑ වගෙයිනෙ.”
“චූටි නංගිගේ ආසාවනේ ලොකා. ඔයාගේ birth day එකට මේ සැරේවත් එන්නම ඕනි කියලයි එන්නේ. හැබැයි පොඩ්ඩලගේ ගෙදරත් යන්නම ඕනිලු...”
“ඇයි මනුස්සයෝ, බලංගොඩ ගිහිං එන්නත් දවසක් යනවනෙ. මඟටම කාලෙ ගත කරලා අර ළමයි දෙන්නටත් එපා වෙයි. ඊට නරකද සුනිල්ලටත් මෙහෙට එන්න කියනවා.”

“එහෙම බැහැල්ලු... ඒ හිංදා තමයි ඔයාටත් කල් ඇතිවම කියන්නේ- සර්ප්‍රයිස් කෙරිල්ල පැත්තකට දාලා.
දෙවෙනිදා උදේ ඉඳලා හවස් වෙනකල් චූටිට ඔයාවයි, සුදිත්ලගේ නෑදෑයෝයි, එයාගේ යාළුවොයි,
ලාල් අයියවයි බලන්න යන්න ඕනිලු. තුන් වෙනිදායි, හතර වෙනිදා උදේ වරුවයි free... චූටියා කියනවා ඔයාට plan කරන්නලු ඒ දවස් එකහමාර.” මානෙල් ඒ රාජකාරිය මට පැවරුවේ සැප්තැම්බර් මාසයේ මුල හරියේ දවසක.

“සමන්තිත් එනවද?”
“Sam චූටිට කිව්වත්ලු දවස් හතරක් නෙවෙයි, සුමානෙකටවත් යමු. එහෙම කරනවා නං එයත් එන්නං කියලා... දීපානි බැහැයි කියලනේ, ලොකා... ඉතිං සමන්ති එන්නැහැල්ලු.”
“ඕකෙ ආයේ අමුතුවෙන් plan කරන්න දෙයක් තියෙනවයැ මානි. තුන්වෙනිදා උදේ බලංගොඩ යනවා. එදා රෑ එහෙ ඉඳලා හතර වෙනිදා උදේ කෑමෙන් පස්සේ ආපහු එනවා. වෙන දෙයකට වෙලාවක් නෑ... හැබැයි, උදේ කෑමෙන් පස්සේ නෙවෙයි, දවල් කෑමෙන් පස්සෙවත් සුනිල් අපට එන්න දෙයිද කියලයි මට සැක!'

ඔය කතාබහ කෙරෙද්දී හෙට්ටිආරච්චිගේ නෙවිල් අනුරසිරි පෙරේරා හිතවතාත් හිමන්‍යා එක්ක සෙල්ලම් කරමින් එතැනම උන්නේය.

(නෙවිල්ගේ ස්වභාවය නං ඔහොම කතාවලට ඉඩදී, ඒවා කනකටවත් නොගෙන ඉඳීමයි.
එදා නං ඒ යක්ෂ පැටියා එහෙම නොකර අකුරටම ‘ඔත්තුකරුවෙක්’ වෙලාය! Spy කෙනෙක් වෙලාය!!
ඒ විත්තිය හෙළි වුණේ සති කිහිපයකට පස්සේය!!!

මෙතැන් සිට දින වකවනු අනුපිළිවෙලට ලියැවෙන්නේ ඒ කතන්දරයයි.)

xකාරිස් කොහෙද මගෙත් එක්ක. මමම කියන්නංකො නමියට වැදගත් වැඩකටයි- දාපිය නිවාඩුවක් කියලා.

2025.09.18-
මානෙල්ලගේ ගෙදර ගිහිං ආවා. ගාමිණී අපිට බලංගොඩ යන්න වාහනයක් බලලා. 35,000/-ක් ඉල්ලලා. “AC තියෙන එකක් නේද ගාමිණී. එහෙම නං ඒ ගණනට වටිනවා.” කියලයි නෙවිලුත් කිව්වේ.

‘දැන්මම ඇඩ්වාන්ස් එකක් දෙමු’ කියල මං ගාමිණීට කිව්වා. ඕනි නැහැල්ලු. ගාමිණී අඳුනන පොලිසියේ කෙනෙකුගේ වාහනයක්ලු.

2025.09.24-
“නිමල් අයියේ, ලබන අඟහරුවාදා මොකුත් වැඩක් දාගන්න එපා. එදාට මං ඔයාව Internet Cafe එකකට එක්ක යනවා බත්තරමුල්ලේ.”
අයස්මන්ත මහතා ටෙලිෆෝනයෙන් කිව්වා. “... එදාටත් යුෂ්මතා කසිකබල් ෂෝටක් ගහගෙන නෑවිත් දිග කලිසමක් ඇඳගෙන එනවා මතක ඇතිව. එතැනට එන්නේ පොෂ් කට්ටිය.”

“මොකටද එහාට යන්නේ?”
“ඇයි පයන්නො, තමුසෙම නේද කිව්වේ Zoom Meeting එකක් කෙරෙන විදිහ ගැන විස්තර හොයාගන්න ඕනි කියල. එතෙන්ට අපේ දේශාන්ටත් එන්න කිව්වා. මිනිහා ඕවා ඔර්ගනයිස් කරල තියෙන කෙනෙක්... නමියටත් එන්න කියමු.”
“නමී කොහේ එන්නද? මිනිහ off වෙන්නෙත් හතට. අපරාදෙනේ නිවාඩු දාන්න කියන්නේ...”
“ඒ xකාරිස් කොහෙද මගෙත් එක්ක. මමම කියන්නංකො නමියට වැදගත් වැඩකටයි- දාපිය නිවාඩුවක් කියලා. එදාටත් එය නෑවිත් හිටියොත් මං උගේ ඇට දෙකෙන් එල්ලනවා!” පීරිස් 'මහ බයානක😱 කතාවක්' කිව්වම මං පීල්ල මාරු කළා.

“ඒ කියන්නේ 30 වෙනිදා- ලබන අඟහරුවාදා. කීයටද මහත්තයෝ?”
“හයහමාරත් හතත් අතරේ ඔයාව ගන්න මම එනවා.”

2025.09.27
“හෙට මානෙල්ල ගෙදර යංද”
“ඒ මොකෝ?” මං ඇහුවේ නෙවිල්ගේ ප්‍රශ්නයෙන් පුදුම වෙලා. වෙනදාට එහෙ යමු නේදැයි අහන්නේ මමයි. මෙන්න බොලේ මේ හාදයා පළමුවෙනි වතාවට ඒ ප්‍රශ්නේ මගෙන් අහනවා.
“පහුගිය ටිකේම ගාමිණී රෝසිලගෙ ගෙදර රෙපෙයාර් කරන වැඩේට හිර වෙලානෙ හිටියේ. පව්! එයත් එක්ක පොඩි අඩියකුත් ගහන්න එක්කයි හලෝ...”

පුදුම සත්ත කරුණාවක්නෙ අප්පා නෙවිල්ට ඇති වෙලා තියෙන්නෙ... අර උන්නාන්සේට බෙදන්න කියාපු කතන්දරේ මතකෙට ආවත් මං එවෙලේ ඒක කියන්න ගියේ නෑ.
“මම මානෙල්ටත් කියන්නං එහෙනං...”

ඒ විස්තරේ කිව්වම මානිටත් පුදුමයි. “මං ඔයාලාට කන්න මොනවත් හදන්නං.” මානෙල් කිව්වේ වෙනදා වාගෙමයි.
“මම හදපු මස් වගයක් ෆ්‍රීසරේ තියෙනවා. ඒකත් ගේන්නං...’ මාත් කිව්වා.

2025.09.28-
වෙනදට නෙවිල්ගේ වාහනය දකිද්දීම ඉස්සරහට පැනගෙන එන කටකාර;
දඟ මල්ල හිමන්‍යා එදා නං එහෙම කළේ නෑ. අලුතින් හම්බ වෙච්ච සෙල්ලම් අශ්වයෙක් එක්ක එයාගේ පාඩුවේ නිස්සද්දව උන්නා. නිස්සද්දව උන්නා නෙවෙයි- තූෂ්නිම්භූතව උන්නා කිව්වමයි වඩාත් හරි.

කටකාර; දඟ මල්ල හිමන්‍යා එදා නං එහෙම කළේ නෑ. අලුතින් හම්බ වෙච්ච සෙල්ලම් අශ්වයෙක් එක්ක එයාගේ පාඩුවේ... (ෆොටෝ- නෙවිල්)

“මොකෝ, අද හිමාට තද වෙලා වගෙ? මුඛ බන්ධනයක් කරලද...” කියාගෙනයි මම පුටුවකට බර දුන්නෙ. නෙවිලුත් වෙනද විදිහට හිමන්‍යාව අවුස්සන්න නොයා වාඩි වුණා...

එතකොටම මානිගේ කාමරේ ඇතුළෙන් මොකක්දෝ සද්දයක්...
“හායි ලොකූ, How are you?” කියාගෙන සමන්ති කාමරයෙන් මතු වෙච්චි!
සභාවේ සිනා😃😃😃😃😃 ඒ හිනාවල් නැවතුණේ ගොඩ වෙලාවක් ගියාට පස්සේ.

“කොහොමද සෑම්. ඔන්න මේ සැරේ නං අපි සාර්ථක විදිහට නිමල් දිසානායකව සර්ප්‍රයිස් කෙරුවා නේද  එහෙනං.” ඒ නෙවිල්. “ඒක නේන්නං නෙවිල් අයියේ. Thank you very much! හිමා, ඔයාටත් තෑන්ක්ස් මෙච්චෙල්ලා කට වහගෙන හිටියට.”
“විනාඩියයි දෙකයිනේ Sam... ඊට වැඩිය වෙලාවක් නං හිම්මි කට වහගෙන ඉන්න එකක් නෑ.’ මානෙලුත් කිව්වෙ හිනා වගුරමින්.

“මානිත් එහෙනං මට කොළේ වැහුවා.”
“නෑ ලොකා... සමා උදේ ගෙදරට එනකල්ම මම දන්නෙත් නෑ...”
“ඔව් ලොකූ. මේ සැරේ මම එන එක කිව්වේ නෙවිල් අයියට විතරයි. වෙන එකක් තියා දීපානිලවත් දන්නෑ... එයාලා එනකල්ම කියන්නෙත් නෑ. එහෙන් දන්නේ දීපාල් විතරයි.”

“හරිම අමාරුවෙන් මේ පොඩි බඩ්ඩගේ කට වස්සල තිබ්බේ. අස්සයා හිංදා වැඩේ ටිකක් ලේසි වුණා. Sam අපි පොඩි අයියටත් නොකියා ඉඳිමු එහාට යනකල්...”
“අන්න වැඩේ! එයාටත් සර්ප්‍රයිස් එකක්නෙ....”

2025.09.29-
Sam ඉන්න හිංදා මේ ටිකේම හවසට හවසට මානෙල්ල ගෙදර යන්න වෙනවා.

“මමත් මේ සුමානෙම වෙන වැඩ දාගත්තේ නෑ.” නෙවිලුත් කිව්වා. “Sam, ඔයාලත් ඉන්න එකේ හොඳයි නේද ලොකාවත් මෙහෙ නවත්ත ගත්ත නං. එතකො මෙයාව ආපහු ගිහිං දාන වැඩෙනුත් මං නිදහස්...”
“කොහෙද... කොච්චර කිව්වත් ලොකූ ඉන්න එකක්යැ?”
“අනේ... ඉන්නකො ලොකු සීයේ... ඔයාට මගේ ඇඳේ දොයියන්නත් දෙන්නං...” හිමාත් කතාවට මැදිහත් වුණා.

“අද නෙවෙයි හිමා. දෙවෙනිදා රෑට ඔන්න මං මෙහෙ නවතිනවා, එතකොට බලංගොඩ යන්න ලේසියිනෙ...”
“ඇති යාන්තං... ලොකු අයියට එහෙමවත් හිතුණා!”

“ඒක නෙවෙයි ලොකූ, මානෙල් අක්කලවයි, ඔයාලවයි dinner එකකට එක්ක යන්න ඕනි. කවදටද ඔයාලට free?”
“අනිද්දා නං වැඩියත් හොඳයි!” නෙවිල් කිව්වා.
“බෑ බෑ. තිස් වෙනිදා බෑ. පීරිසුයි මායි ගමනක් දාගෙන තියෙන්නේ. බදාදා? ඒත් පීරිස් මහතාට අඟහරුවාදා එන්න විදිහක් නැති නං උදෙන්ම කියනවයි කිව්වා. එහෙම වුණොත් අඟහරුවාදාටම යමු.”
“Sure!”

වාහනය තලවතුගොඩ Grand Monarch ළඟ නවත්තද්දී වුණත් මට අමුත්තක් හිතුණේ නෑ!

2025.09.30-
“ඩොක්ටර් පීරිස් අද හවසට අර ගමන යන්න බැරි කතාවක් මේ දැන් කිව්වා සෑම්! අද රෑ කෑමට අපි එළියට යං...” මං උදෙන්ම සමන්තිට පණිවුඩය දුන්නා.

“හරි ලොකූ... මං රෝසි එක්කත් කතා කරලා තැනක් බුක් කරගෙන නෙවිල් අයියට location එක දාන්නං. එයා ඔයාට විස්තරේ කියයි.”

ඒ විදිහටම වුණේය; කියූ විදිහටම හත වෙද්දී නෙවිල් අපේ ගෙදරය.
“දිසානායක ෂෝටක්ද ඇඳගෙන යන්නෙ... හොඳ නැද්ද දිග කලිසමක්...”
“බෑ නෙවිල්... කකුල් දෙකම හිරි වැටිලා. ආයෙමත් කලිසමක් අඳින්න ගියොත් වරුවක් යයි. මේක ඇඳගත්තෙත් අමාරුවෙන්... ඇයි- කොහෙද සමන්තිලා book කරලා තියෙන්නේ...”
“මේ ළඟ...”යි ලුහුඬින් කිව්වා මිස නෙවිල් නමක් කීවේ නැත.

ඒත් කෑම වගෙම බීමත් කෙරෙන්නට යන විත්තිය නං පෙනිණි. ඒ Pick Me වාහනයක් ගෙන්වා ගත්තාමය. දැන් දැන් එයාලා ‘මජ්ජපමා දට්ඨනය’ කරන දවසට ගමනේ යෙදෙන්නේ තමන්ගේ වාහනයෙන් නොවේ, කුලී රථයකිනි!

“සෑම්ලා ඇවිත්ද?”
“ඇවිල්ලලු... ටිකකට කලින් මට call එකක් දුන්නා! වමට හරවලා තව ඉස්සරහට කෙලින්ම යං මල්ලී...” නෙවිල් මට උත්තර දෙනවට වැඩිය උනන්දුවෙන් රියැදුරු මල්ලිට උපදෙස් දුන්නා.
“මල්ලී ඔතන නවත්තන්න.” නෙවිල් කියනකොටවත්, වාහනය තලවතුගොඩ Grand Monarch ළඟ නවත්තද්දී වුණත් මට අමුත්තක් හිතුණේ නෑ.

අපි හෝටලයේ ඉස්සරහට ඇවිදගෙන යද්දී සමන්තිත් බලාගෙන ඉන්නවා පෙනුණා. එයා පෙරගමන් ආවා. “මානෙල් අක්කලා අරහේ... එහාට යමු ලොකූ. එන්න නෙවිල් අයියේ...”

එහෙම ගිහිල්ලා අපි ඇතුළු වුණේ තරමක් අඳුරු ශාලාවකටයි.


....
පාටියට පැමිණි ආරාධිතයන්ගෙන් කොටසක්... (ෆොටෝ- හක්ස්ලි)
ශාලාවේ දොර අරිනවාත් එක්කම මේස වටේට වාඩි වෙලා උන්නු හැමෝම අත්පොඩි ගහලා- සද්දයක් දාලයි අපිව පිළිගත්තේ. ශාලාවේ එළිය වැඩි කළාමයි පෙනුණේ අවුරුදු 50ක මගේ මිතුරු-මිතුරියන්ගෙන් සෑහෙන පිරිසක්  එතැන... 1975 ඉඳලා 2025 වෙනකල් ඇසුරු කරන උදවිය...

තජක යාළුවො, තලපත්පිටියේ හිතවතුන් වගෙම නමී, අරුණ වගෙ මෑතකාලීන හිතවතුනුත් ඇවිදිල්ලා.

“ලොකූ, අද නං ඔයා surprise වුණා නේද?” සමන්ති ඇහුවේ කට පුරා හිනා වෙවී.
“අද නිමල්ට මොකුත් ගෙස් කර ගන්න බැරි වුණා නේද
ගිය සැරේ වගෙ?” ප්‍රියන්තත් හීන් සීරුවේ ඇහුවා.
“කවුද යකඩො මෙහෙම දෙයක් අනුමාන කරන්නේ... උපන් දිනේට තව දවස් කීයක් තියෙනවද? ඇත්තමයි. මෙහෙම දෙයක් නං මට හිතුණෙම නෑ.”

“හරි හරි... එන්න ලොකා අපි කැන්ඩ්ල්ස් blow කරලා චොක්ලට්ස් බෙදමු. B’day එකට කලින් cake කපන්න හොඳ නැහැල්ලුනේ.”
කේක් කැපිල්ලක් නොකර නැවතුණේ එහෙමය.

රන්වන් පැහැති දවටනවල අසුරා තිබෙන Ferrero Rocher චොක්ලට්ස් තොගයක් මැද්දේ ඉටිපන්දමක් දල්වා... (ෆොටෝ- හක්ස්ලි)

ඒ වෙනුවට රන්වන් පැහැති දවටනවල අසුරා තිබෙන Ferrero Rocher චොක්ලට්ස් තොගයක් මැද්දේ ඉටිපන්දමක් දල්වා ගැනිණි. (මෙච්චර විස්තර ලියන්නේ පම්පෝරියක් විදිහට හෝ නයා ඇරීමක් විදිහට හෝ නොවේ. මගේ නෑ හිත මිතුරන්ගෙන් මට ලැබෙන ආදරයට ස්තුතිවන්ත වෙන්නට උවමනා බැවිනි.)

ඔයාල හැමෝටම අනෙක වාරයක් ස්තුතියි, ඒත් එක්කම ගොඩක් පිං මට අනුප්‍රාණය දීම වෙනුවෙන්!

ඉතිං... පිරිස වෙනුවෙන් මට ආසිරි පතමින් ලාල් අයියා කෙටි කතාවක් කළා. ඊට පස්සේ ‘ඛජ්ජ බොජ්ජ’.
ග්‍රෑන්ඩ් මොනාර්ච් කෑම මට නම් ඉස්තරම්.
මිලත් එහෙම වෙන්න ඇති. මට යාන්තමට ඇහුණා service charge එක විතරක් 46,000/-ක් කියලා.

ඒක කන වැකුණු ගමන්ම මට මතක් වුණේ අතීතේ... මම මටම දීගත්තු පොරොන්දුවක්! මේ ගැන මං කලින් වතාවකත් ඔයාලට කියලා තියෙනවා. චූටි නංගි දීපානි ඉපදුණාට පස්සෙයි මං ඒ අධිෂ්ඨානය ඇති කර ගත්තේ.
‘නංගිලා මල්ලිලා හැමෝටම එක්කෙනාට රුපියල් ලක්ෂය ගණනේ ඉතිරි කරන තුරු මගේ මෙහෙවර ඉෂ්ට කරනවා.’

එහෙව් මගේ උපන් දිනය වෙනුවෙන් සමන්ති නංගී ලක්ෂ කීපයක්ම මේ වතාවෙත් වියදම් කරලා!
චූටි නංගි දීපානිත් ලක්ෂ ගණනාවක් වියදම් කරගෙන මගේ උපන් දිනය වෙනුවෙන් ලංකාවට එන්න සූදානම් වෙනවා!!
ජීවිත ගමනක අරුමය!!!

පාටියට පැමිණි තවත් ආරාධිතයෝ... (ෆොටෝ- හක්ස්ලි)

ජීවිතේ අරුමයි නේන්නං!

දැන් අපේ ගෙදර TV එකක් නෑ. එහෙම වුණේ කොම්පියුටරේ තියෙන නිසයි.
ඩී.බී. කුරුප්පු මහත්තයා තග දාලා, බලෙන්ම කොම්පියුටරයක් එතුමාගේ වියදමෙන්ම අපේ ගෙදරට වැඩම්මෙව්වට පස්සේ වුණත් මං වහන්සේ ඒකෙන් එච්චර වැඩක් ගත්තේ නෑ. ඒ අතරේ (2015 විතර) අපි trip එකක් යන ගමන් ඇඹිලිපිටියේ නන්ද කුමාර හිතවතාගේ ගෙදර රැයක් නැවතුණා.

එදා රූපවාහිනියේ Prison Break කොටසක් පෙන්වනකල් සාන්තයි, එයාගේ බාල පුතණ්ඩියා සෙරානුයි ඉවසිල්ලක් නැතිව හිටියේ. එයාල ප්‍රිස්න් බ්‍රේක් වරුණේ කියලා මාවත් ඒක බලන්න වාඩි කරවා ගත්තා. මාත් ඒකට වහ වැටුණා. “නිමල් අංකල්, ඔය සීරිස් එක ‘බයිස්කෝප් සිංහලෙන්’ සයිට් එකේ තියෙනවා. සිංහල සබ්ස් එක්කම. ඔයාට මුල ඉඳලම ඕක බලන්න පුළුවනි එතනින්.” සාන්තගේ ලොකු පුතා චිරන්ත මට කිව්වා. (එතකොට චිරන්ත A/L කරලවත් නෑ මගෙ හිතේ.)

‘අනේ චිරන්ත, හොඳ ළමය වගෙ ඇවිත් මට ඒක ඩවුන්ලෝඩ් කරගන්න හැටියි, subs හරි ගස්සගන්න හැටියි කියල දෙනවද?”
“හරි නිමල් අයියේ. මං චිරන්තව එක්කගෙන එන්නං.” සාන්ත එවෙලෙම පොරොන්දු වුණා. එහෙමයි චිරන්ත එච්
. ගමගේ පුතණ්ඩියා මගේ මුල්ම කොම්පියුටර් ගුරුවරුන්ගෙන් කෙනෙක් වුණේ. එයා මෙඩිසින් කරන්න ගත්තම සෙරාන් තමයි මගේ සමහර කොම්පියුටර් ප්‍රශ්න විසඳලා දෙන්නෙ. ඒ දෙන්න ප්‍රියන්තලගේ නංගි බබිතගේ පුත්තු; චිත්තම්මාගේ මුණුබුරාලා.

සෙරාන්, බබිතා, චිරන්ත හා සාන්ත 

Grand Monarch එකේ පාටිය වෙලාවේ සාන්ත මට රහසක් කිව්වා.

“අයියේ, මාව මෙහාට ගෙනත් බැස්සුවේ අපේ සෙරාන්. මාව බස්සලා සෙරාන් නොගිහිං ඉන්නකොට මං ඇහුවා ‘ඇයි තව ඉන්නේ’ කියලා. ‘නිමල් අංකල්ට wish කරලා, ඇයි අපිට ඉන්වයිට් නොකළේ කියලත් අහලම යනවා’ කියල කොල්ල කියපි. මම එතකොටයි සෙරාන්ට කිව්වේ ‘මේක නිමල් අයියාවත් නොදන්න සර්ප්‍රයිස් පාටියක් කියලා. එතකොටයි කොල්ල ආපහු ගියේ...”

මට මල්ටිපල් මයෙලොමාව වැළඳුනාම උදව් කරන දොස්තර මහත්වරුන්ගේ ගොන්නට ඊයේ පෙරේදා ප්‍රියන්තලගේ පවුලෙන් තවත් එක doctor කෙනෙක් එකතු වුණා.
චිරන්තත් දැන් වෛද්‍යවරයෙක්!
මේ වෛද්‍ය චිරන්ත මහතාට නිදිගෙ සුබ පැතුමයි:
දිගු කාලයක් සිරිලක වෙනුවෙන් උදාර සේවයක් කරන්නට අවශ්‍ය ශක්තිය, ධෛර්යය හා වාසනාව ඔයාට ලැබේවා!

2015.10.01-
දීපානිලා එංගලන්තයෙන් පිටත් වෙන්නේ අද.

අදයි සර්ප්‍රයිස් පාටියේ හැංගිලා තිබුණු විස්තර එළිදරව් වුණේ... Samගෙනුයි, නෙවිල්ගෙනුයි. ‘ ග්‍රෑන්ඩ් මොනාර්ච් ඉම්පීරියල් එක හොඳයි කියලා recommend කළේ දීපාල්. ඒකේ ජැපනීස් රෙස්ටෝරන්ට් එක තෝරගත්තේ අපි.’
“දන්නවද? ඔයාට නොදැනෙන්න ඔයාව එහාට ගෙන්න ගන්න plans තුනක් අපිට තිබ්බා.”

“ප්ලෑන්ස් තුනක්?
‘ඔව් හලෝ. Plan A, B, C... එකක් හරි නොගියොත් ඊළඟ එකට...’ නෙවිල් කිව්වා.
දෙවෙනි කොටස තව දින කිහිපයකින්...

37 comments:

  1. හැක්.. මේ ගමනනං නිමල් අයියය නියම බර්ත් ඩේ සැලිබ්‍රේෂන් එකක් ලැබිල වගෙයි. බලමුකො ඉස්සරහට විස්තරේ.

    ReplyDelete
    Replies
    1. අනිවා මල්ලි.. සැප කනේ... අන්න දානවනම් පාටි......!!!!!

      Delete
    2. ඇයි duplicate නිමල් දිසානායක මහත්තයෝ මගේ නමින් comment කරන්නේ? ඔබතුමාගේ නම කැතයි කියලා හිතුනද?

      Delete
  2. නමියගෙ ඇට දෙක නේද.. හැක්.. පීරිස් මහත්තයට ඕක හොයාගන්න අන්වීක්ෂෙකුත් අරං එන්න වෙයි.

    ReplyDelete
    Replies
    1. චැහ්: මේ නයාව තව නයෙක්ම කාපි!

      Delete
    2. Praසන්ன මහත්තයෝ ඔයාටයි, Duplicate නිමල් දිසානායක මහත්තටයි, නමී- ඔයාටයි තිදෙනාටම ස්තුතියි!

      Delete
  3. සුභ උපන් දිනයක් වේවා!💐🎉👯🍹

    ReplyDelete
  4. Replies
    1. බස්සා මහත්තයෝ, හොයාගෙන ගියා 'සිලිලාර'ට. link එක එව්වට ඔයාවත් comment කරලා නොතිබ්බේ ඇයි කියල වැටහුනේ කවියක් යවන්න try කළාමයි.

      මෙන්න ලියැවුණු කවිය:

      ටිකකට නැවතුණා ලබ් ඩබ් හඬ පපුවේ
      ඇයි නොදනිමි කඳුළු මගෙ දෙනෙතම තෙමුවේ
      අපි අප සොයන ගමනක මේ දුර ආවේ
      අල්පයකට පමණි පිළිතුර හමු වූවේ

      Delete
    2. ඔව් නිදි වර්ඩ්ප්‍රෙස් එක ඒ අතින් ඇණයක්.

      මට දුක හිතුනෙ හදා ගත්ත තාත්තා ගැන, "අපට බය හිතුනා ඔයාව අපට අහිමි වෙයි කියලා" කියනකොට. එයා තමයි ඇත්තටම නියම තාත්තා, නැතුව අර ඩෙඩ් බීට් ස්පර්ම් ඩෝනර් නෙමෙයි.

      Delete
  5. බලන් හිටියෙ කෝල් එකේ පට්ටන්දරෙ කියෝ ගන්ට
    නිකං ඉන්න අපට අහල ගියත් මඳැයි , හිතා ගන්ට
    නමිනං ගෙඩි සැරසිල්ලක් සීලිමෙ තිබ්බාද හොඳට
    නිදුක්, නිරෝගී, සැපවත් දිවියක් පතනවා ඔබට

    ReplyDelete
    Replies
    1. ලියමි ලියමි ඉක්මනටම ලියමි එය
      අලුත් කතා පැන පැන පෙරටම ඒය
      'එව්වා ලියල හිටපං' මගෙ හිත කීය
      ඒකයි සිදු වුණේ - 'එය' ඉක්මනටම ඒය!

      Delete
    2. අලුත් කතා පැන පැන එනකොට පෙරට
      ගහපිය පයින් විසි වෙන්නට මුල්ලකට
      ලන්ඩන් බුවා හෝල්ඩ් එකේ ඉන්න කොට
      පහු වෙන කොට කොහු වේවිද හිතෙයි මට

      Delete
    3. ජනපති තුමා සහ පිරිවර එක පෙළට
      ආතල් කතා ගෙන එන කල කරළියට
      ඒවට ව්සිල් ගහමුකෝ වී ගැලරියට
      වැදගත් කතා මින්පසු කියමුද කුමට??

      Delete
    4. Duplicate නිමල් මහත්තයෝ,

      වැදගත් කතා කියවනු ඇති අනාගතෙත්
      ලියා තියමු එව්වා විදිහට වැදගත්!

      Delete
    5. බකුසු උන්නැහේ,

      සිදු වුණු සියලු දේවල් සිදු වී අවසන්
      ඒවා ලියන්නට ඕනෑ හරි කෙටියෙන්
      මේ දිනවලදි නං කරදර මහ වැස්සෙන්
      තව කී දොහක් තියේද මේ වැසි අල්ලන්

      Delete
    6. නැති වුනොතින් ඉල්ලල අඞනා වැස්ස
      වැඩි වුනොතින් ගං වතුරත් දෙන වැස්ස
      වැස්සට තෙමිලා හැදුනෝතින් උණ කැස්ස
      විදුලිය එහෙම ඇණ හිටියෝතින් කොස්ස

      Delete
    7. පොල් මිල සහල් මිල එකසීයට බැස්ස
      දිය ලුණු පැකට් ගෙයි ඇත පහළොව විස්ස
      රජු දැහැමිය් ලු ඒක ලු නිසි කළ වැස්ස
      වැල යන අත බලන් අපි ගහමුද මැස්ස?

      Delete
    8. ගොටුකොළ සම්බෝල, අල කරවල හොද්ද
      කැකුළු බතට බැදුං ටිකක් හොඳ නැත්ද
      රජු නං හොඳයි, මඩකරි දානවා සද්ද
      ගෑස් එහෙම තියනව දැන්, හා නැද්ද?

      Delete
    9. ඇත්ත-නැත්ත නිදියා කව්ද, උතුර-දකුණ මාරු වෙනවා
      නැත්තා වුනත්, පද පේලී හොඳට ගලපලා තියනවා
      වහර වුනත් වරදක් නෑ සංයමයක් එහි තියනවා
      ඕවා ඔහොම තමයි මචං, ඩාම් වෙනවා ඩූම් වෙනවා

      Delete
    10. Duplicate නිදි,

      වැල යන අතට නොව හරි පැත්තට යවමු
      ඒක ලේසි නැත එනමුදු එය කරමු
      එක හීනෙකින් රැය එළි නොවෙතැයි දනිමු
      වැටි වැටි වුණත් පෙරටම යන හැටි දකිමු

      Delete
    11. බකුසාණෙනි වෙනස ඔබ දුටුවේ නැතිද
      හඳුනා ගන්න එක බොරු නිදි කජ්ජක්ද
      සංයමයෙන් හොඳට ගෙතුවත් යොදා පද
      නමට කලින් නැහැ පාටක් තැඹිලි තද

      Delete
  6. යකඩෝ! පැලෑන් 3ක්.
    මට ඒත් නිකමට හිතුන ඔය සපාසිස් වැඩේ මානෙල් නංගිගෙන් හරි, නෙවිල් මහතාගෙන් යාන්තම හරි කාන්දුවෙයිවත් කියල! හුම්. ඒත් කස්ටිය ගානට වැඩේ කරා💪

    ReplyDelete
    Replies
    1. අනේ නමී, සුදුළූණු පොඩි නොකර ඉන්නවා. සතියක් විතරම ඔයත් රහස රැකගෙන හිටියලු නෙවේද?

      Delete
  7. "‘ඔව් හලෝ. Plan A, B, C... එකක් හරි නොගියොත් ඊළඟ එකට...’ නෙවිල් කිව්වා". එච්ච්ර ප්ලෑන් හැදුවෙ බර්ත් ඩේ පාර්ටි කියලා දැනගත්තොත්, නිමල් එන්නෙ නැති වෙයි කියලා හිතලද.

    "අවුරුදු 50ක මගේ මිතුරු-මිතුරියන්ගෙන් සෑහෙන පිරිසක් එතැන.." ඒ ගොල්ලන්ව හොයලා, ආරාධනා කරන්න සෑහෙන්න මහන්සියක් වෙන්න ඇති. නිමල්ගෙ 'අනිත් විශ්වයේ' කට්ටියත් එතන හිටියද 😉

    ReplyDelete
    Replies
    1. දැනගත්තොත් නොඒවිද කියලා නෙවෙයි Lotus, එයාලට ඕනි මාව සර්ප්‍රයිස් කරන්න. 2024ත් ඒක බැරි වුණානෙ.
      මේ වතාවේ නං එයාල දිනුව. කවුද හිතන්නේ පාටිය කලින් තියයි කියලා.

      ඔව්, ඔව්! මගේ ළඟයි හුඟ දෙනෙකුගේ ෆෝන් නොම්මර තියෙන්නේ. සමහර ඒවා හොයාගන්න බැරිව 'සංවිධායකයන්' එයාලගේ ගෙවල්වලටත් දෙතුන් පාර ගියාලු!

      එදා මගේ දෙවෙනි විශ්වයේ කට්ටියට ආරාධනා ලැබිල තිබ්බේ නෑ Lotus. එයාලව දන්නේ මං විතරයිනේ!

      Delete
  8. සුබ උපන්දිනයක්. මෙතරම් මිතුරු කැලක්. යහපත් ඥාති රැසක්. සාක්කියකි, අරුත් දිවියක්.

    ReplyDelete
    Replies
    1. නිහඬපාල මහත්මාණෙනි,

      මගේ....
      සැබෑ ලැබීමක්
      හැම තැන නැත්තක්
      පූරුවේ පිනක්
      වැනි පල දීමක්

      දිරි ගන්වනවා
      ප්‍රාණය දෙනවා
      ඒ පිරිසට දැන්
      ඔබලත් එනවා

      හද පිරි තුතියයි
      හැමට ණයගැතියි
      ඒ බැව් කීමට
      මේක කාලයයි!

      සැමටම තුති!!!!!

      Delete
  9. පැය 12 විතර ෆ්ලයි එකේ ඇවිත් දවස් තුනක් ඉඳල යන එකනම් හිතා ගන්න බැහැ නිදි . කැපවීම . සුභ උපන් දිනක් , සුබ උපන් දිනක් , සුබ උපන් දිනක් වේවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අජිත් මහත්තයෝ.
      විවේක අරගෙන ලියන්න.
      ඔන්න ඇනෝ ගමයා අඩවියත් බ්ලොග් රෝලේ එල්ල ගත්තා.

      Delete
  10. +++++++++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. ගොඩාරියක් ස්තුතියි Pra Jay මහත්තයෝ.

      Delete
  11. Replies
    1. බස්සෝ, ඔයාත් දාන ලෙඩ!
      මේ කවිය ලිව්වේ නිකංම නෙවෙයි.

      ෆොටෝ එක අගෙයි දුටු විට මන බැඳුනා
      විස්තරවලින් එය තව තව ඔප වැටුණා
      කොලොන්නාව පැත්තේ යන්නට හිතුණා
      හිතුනට මදිනෙ ළඟදිම යන්නට ඕනා

      Delete