අකුරු මැකී නෑ

Friday, December 12, 2025

අලුක්කාල් අස්සේ කෝටි

ඉස්සර නං ඕක කිව්වේ ඔහොම නෙවෙයි. රුපියල් අස්සේ අලුක්කාල් (ගහන්න හදන්න එපා-) කියලයි.

චන්ද්‍රිකා මැතිනිය Rebuilding Sri Lanka ගිණුමට රුපියල් මිලියන 250,00,000/-ක මුදලක් පරිත්‍යාග කරන වෙලාවේ තමයි ඒ ෆොටෝ එක අරගෙන තියෙන්නේ.

ඔය කතන්දරේ නිමල් දිසානායකයාගේ හිතට ආවේ ෆොටෝ එකක් දැක්කම. ෆොටෝ එකේ ඉන්නේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියයි, වත්මන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මැතිනියයි තවත් පිරිසකුයි.

බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනම වෙනුවෙන් චන්ද්‍රිකා මැතිනිය Rebuilding Sri Lanka ගිණුමට රුපියල් මිලියන 250,00,000/-ක මුදලක් පරිත්‍යාග කරන වෙලාවේ තමයි ඒ ෆොටෝ එක අරගෙන තියෙන්නේ. ඒ පරිත්‍යාගය  ගැන එක එක්කෙනා එයාලගේ දෘෂ්ටි කෝණවලින් අදහස් පළ කරලා තිබ්බා.

ඒ වගේමයි- විදෙස් රටවලිනුත්; සංවිධානවලිනුත්; විදේශවල සේවය කරන ශ්‍රී ලාංකිකයනුත්; කී-නොකී තව තව උදවියත් ලොකු-පොඩි ආධාර ගොඩක් කරලා. දැනටමත් එකතුව රුපියල් මිලියන 1,893 ඉක්මවලාලු.  

රට ගොඩනැඟීමේ යාන්ත්‍රණය මෙහෙයවන්නට පත්කොට තිබෙන වගකිවයුත්තන් ගැනත්...

අර චන්ද්‍රිකා මැතිනියගේ පරිත්යාගේ ගැන කියැවුණු අදහස්වලින් මගෙ හිතට ආවයි කියමුකො කරුණු කීපයක්.

1. වත්මන් රජයේ ‘හදිසි ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව නඟාසිටුවීම සඳහා වන රජයේ අරමුදල’ පිළිබඳව චන්ද්‍රිකා මැතිනියත් විශ්වාස කරනවා වගෙයි. රට ගොඩනැඟීමේ යාන්ත්‍රණය මෙහෙයවන්නට පත්කොට තිබෙන වගකිවයුත්තන් ගැනත් එතුමිය සෑහීමට පත් වෙන පාටයි.
2. ඒ පරිත්‍යාගය; මිලියන 250,00,000/-ක් කියන්නේ පුංචි පහේ සල්ලියකුත් නෙවෙයිනේ.
(ජන්මෙට වැඩිය පුරුද්ද ලොකු මට තවමත් ඔය මිලියන- බිලියන- ට්‍රිලියන පැටලෙනවා. අපට පුරුදු විදිහට කියනවා නම් මිලියනයක් කියන්නේ කෝටි කීයද? ලක්ෂයට බිංදු පහයි... කෝටියට බිංදු හතයි නේද?)

ඊයේ දවල් ඔතෙනට එනකල් ලිව්වට පස්සේ ලිවීම තාවකාලිකව නැවැත්තුවා.
අපේ මානෙල් නංගිලාගේ ගෙදර යන්න තියෙන නිසා.

වැස්සයි, මානෙල්ගේ වැඩ වැඩිකමයි හින්දා සුමාන දෙකකින්ම එහෙ ගියේ නෑනෙ. මානිට වැඩ වැඩිවෙලා තිබ්බෙත් ගංවතුර සහන වැඩවලට උපරිමෙන්ම උදව් වෙවී උන්නු නිසා. එයාලගෙ පැත්තෙ කට්ටිය ගමෙන් ආධාර එකතු කරලා, දවස් ගණනාවක්ම කෑම උයලා- බත් පාර්සල් කරලා ඔතලත් යැව්වලු.

ඒ විදිහට එහෙ විස්තරයි මෙහෙ විස්තරයි හුවමාරු වුණා සෑහෙන වෙලාවක් තිස්සේ.

“මානෙල්. දැක්කද මන්දාරම් නුවර පොලිසියට චොපර් තුනකින් ගෙනිච්ච ආධාර බෙදුවේ නෑ කියල ගම්මු වගයක් කුලප්පු වෙලා හිටිය හැටි. කවුරු හරි උසි ගන්නල වගෙයි.”
“හිතුවටත් වැඩියෙන් අනුරලට උදව් හම්බ වෙනකොටයි, වැඩ ටික හරියට කෙරෙනකොටයි විරුද්ධකාරයන්ට තරහයි. බොරු ප්‍රචාර යවල හරි වැඩ කඩාකප්පල් කරන්නයි උන්ට ඕනි.” නෙවිල් තරහෙන් කිව්වා. ඒ හාදයා මාලිමාවේ hardcore කෙනෙකුටත් එහා.
    

“හැබැයි නෙවිල් අයියේ, මේ වෙලාවේ චන්ද්‍රිකා මැඩම් කෝටි 25ක් දීපු එක නං හරිම ලොකු දෙයක් නේද? මේ ආණ්ඩුව හොරා කන්නේ නෑ කියලා එයත් විශ්වාස කරනවා කියන එකනේ ඒකෙන් පේන්නේ...”

‘රාවය’ පත්තරයත්, ‘චෞර රැජන’ පොතත් කියවා තිබෙන මට නං එතුමියගෙ පරිත්‍යාගය ගැන එච්චර සර්දාවක් පහළ වුණේ නෑ.
‘ඒත්... ඒත්... එහෙමමත් හිතන්න එපා මිනිහෝ. මිනිසුන් 999ක් මරපු අංගුලිමාලටත් මහණ වෙලා රහත් වෙන්නත් ඇහැක් වුණු එකේ...’ හිතට තරවටු කරලා හිත හදා ගත්තාට මොකද... ‘හිත හීලෑ නෑ!’ නෙව...

මොකක් හරි කොස්සක් ඔය පරවුර්ත්තිය අස්සෙ තියෙනවා කියල ‘නිදිගෙ චිත්තයා’ දිගටම කෙඳිරි ගාමින් උන්නේ. හැබැයි ඒ මොකක්ද කියල ටක්කෙටම තේරුම් ගියේ අද උදේ! FB පෝස්ටුවක් දැක්කට පස්සේ.

බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ ශාලාවේ (BMICH) ආදායම් මෙම අරමුදලට බැර වෙයි. සමහර වර්ෂවල BMICH ආයතනයේ වාර්ෂික ආදායම් රුපියල් මිලියන 4000 ඉක්මවා තිබේ.

ආතල් කෝටියයි - අන්න ඒ FB Group එකේ තිබුණු post එකකුයි මං දැක්කේ...

‘බණ්ඩාරනායක අරමුදල කාගේද? ඔබ පුදුම කරන ඇත්ත.....

බණ්ඩාරනායක අරමුදල මගින් ආපදාවෙන් විපතට පත්වූ ජනතාවට සහන සැලසීම සඳහා රු. මිලියන 250 ක් ආධාර ලෙස ලබාදී ඇත.

බණ්ඩාරනායක අරමුදල යනු කුමක්ද?
එය පුද්ගලයකු හෝ පවුලක් සතු අරමුදලක් නොවේ.
එස් ඩබ් ආර් ඩී බණ්ඩාරනායක ජාතික අනුස්මරණ අරමුදල යනු 1975 අංක දෙක පනත මගින් ස්ථාපිත රාජ්‍ය අරමුදලක් වෙයි.

මෙම අරමුදලේ කොපමණ වත්කම් තිබේද?
මෙම අරමුදලේ රුපියල් මිලියන 40,000 ක් (රුපියල් මිලියන හතලිස් දහසක මුල්‍ය වත්කම් ඇත).

ඒ සා විශාල ධනස්කන්ධයක් මේ අරමුදල සතුවන්නේ කෙසේද?
බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ ශාලාවේ (BMICH) ආදායම් මෙම අරමුදලට බැර වෙයි.
සමහර වර්ෂවල
BMICH ආයතනයේ වාර්ෂික ආදායම් රුපියල් මිලියන 4000 ඉක්මවා තිබේ.

BMICH පාලනාධිකාරිය
  සභාපති ලෙස ශ්‍රී ලංකාවේ ජනාධිපති නිල වශයෙන් පත්වෙයි.
  විපක්ෂ නායක
  අගවිනිසුරු
  විගණකාධිපති
  බණ්ඩාරනායක පවුලේ එක් අයෙකු හෝ දෙදෙනකු

මෙලෙස බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ආදායම් බැර වෙන බණ්ඩාරනායක අරමුදලේ පාලනාධිකාරිය පහත දැක්වේ.
  ජනාධිපති
  විපක්ෂනායක
  විගණකාධිපති
  බණ්ඩාරනායක පවුලේ කිහිප දෙනකු

එසේ නම් බණ්ඩාරනායක අරමුදල යනු සම්පුර්ණ රජයේ අරමුදලක් වෙයි.
එම අරමුදලේ මුදල් වියදමක් ලෙස කරන්නේ නම් ඊට එහි අධ්‍යක්ෂක මණ්ඩල අනුමැතිය අවශ්‍ය වෙයි.
එසේ නම් මෙම ආපදා ප්‍රදානය ජනාධිපති, විපක්ෂනායක, ඇතුළු එහි අධ්‍යක්ෂක මණ්ඩලයේ තීරණයක් වෙයි.

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ඉදිකිරීම් 1973 වසරේ නිමවෙන අතර 1974 වසරේ සිට එහි ආදායම් ඉපයීම ආරම්භ වෙනවා.
එහි ආදායම බැරකිරීම සඳහා 1975 වසරේ මෙම අරමුදල පිහිටුවනු ලබනවා.

වත්මන් රජය වසර 75 ක දේශපාලනයට ශාප කරන නමුත්, රජය සතු බණ්ඩාරනායක අරමුදලේ මුදල් චන්ද්‍රිකා බණ්ඩාරනායක අතින් අගමැතිනිය වෙත ප්‍රදානය කර, එය බණ්ඩාරනායක පවුලේ ආධාරයක් ලෙස හුවා දැක්වෙන්නට ඉඩ හැර ඇති බව පෙනී යනවා.

බණ්ඩාරනායකලා වික්‍රමසිංහලා වගේම වත්මන් රජයත් එකම දේශපාලන කඳවුරක් වන බවටත් පවතින විශ්වාසය ඇත්තක්ද?

මෑතකදී පාර්ලිමේන්තුව මගින් පනතක් සම්මත කර හිටපු ජනාධිපතිවරුන්ට නිල නිවාස අහිමි කළ මුත් ඉන් ඉවත් කර ඇත්තේ මහින්ද රාජපක්ෂ පමණි.
චන්ද්‍රිකා, සිරිසේන ඇතුලු ඉතිරි අය තවම එම වරප්‍රසාද අත්විඳින බව පැවසෙනවා. ඒ අනුවද මෙම කණ්ඩායම් තනි කඳවුරක් බවට විශ්වාස කළ හැකියි.'

මනෝජ් විජේසේකරගේ සටහනක් තමයි ‘ආතල් කෝටියයි’ ගෘප් එකේ පළ කරලා තිබ්බේ. එයාගේ අදහස් සේරටම මං වහන්සේ එකඟ නැතත්, (මට හැඟෙන විදිහට මනෝජ් ඉන්නේ එක අන්තයක. ඒකයි!) එව්ව සේරම බැහැර කරන්නෙත් නෑ. තව හොයල බලන්න ඕනි... පෙනෙන විදිහට අරමුදල්- මේ මුදල්- භාරයන්- අරවා මෙව්වා කියන්නේම 'අංජබජල්', ‘අන්විශ්වාසබල් දේවල්’ වගෙයි නෙව...

සහනාධාර එකතු කරන වාහනයක සද්දේ ඇහිලා බැරි-බැරි ගාතේ දුවගෙන ආව...

ඒත් මේ සේරම හුටපට අස්සේ මට මතක් වෙන්නේ ‘අලුක්කාල්’!
සහනාධාර එකතු කරන වාහනයක සද්දේ ඇහිලා බැරි-බැරි ගාතේ දුවගෙන ආව ‘වයසක අම්මා’...

අම්පාරේදී පැනඩෝල් කාඩ් එකක් පරිත්‍යාග කරපු දර විකුණන මාමා...

‘සහනාධාර එකතු කරන පිරිස’ට අම්පාරේදී පැනඩෝල් කාඩ් එකක් පරිත්‍යාග කරපු දර විකුණන මාමා...

ලේත් දන් දීලා එන ගමන් ‘අතේ තියෙන ගණනට පරිප්පු අරගෙන ඇවිත්...

ලේත් දන් දීලා එන ගමන් ‘අතේ තියෙන ගණනට පරිප්පු අරගෙන ඇවිත් පරිත්‍යාග කෙරුව සොහොයුරිය...

වෙලාව අවේලාව නොතකා- අව්ව වැස්ස ගැන නොහිතා- තැන නොතැන නොබලා පිළිසකර වැඩවලට ශ්‍රම දායකත්වය දුන්...

වෙලාව අවේලාව නොතකා- අව්ව වැස්ස ගැන නොහිතා- තැන නොතැන නොබලා පිළිසකර වැඩවලට ශ්‍රම දායකත්වය දුන් උදවිය... එයාලවයි මං ‘අලුක්කාල්’ ගොඩට දැම්මේ.

එහෙම කළේ අලුක්කාලේ වටිනාකම දන්න අලුක්කාල් හිමියෙකු හැටියටයි. ඒ විස්තර මං ලිව්වත් එක්ක ‘ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස’ පෝස්ටුව ලියද්දී.

... ඩැඩා දෙවන ලෝක යුද්ධ කාලයේ පළමු වරට ලංකාවට පැමිණ තිබිණි. “As a solder...” කියලා එයා කීවත් වැඩි විස්තරයක් අහගන්නට ඒ දවස්වල මට හිතුණේ නැත. 

Dadaaගේ ඒ ගමනේදී මට නම් අමතක නොවන සිහිවටන කිහිපයක් තෑගි ලැබිණි. 

1941-1942 කාලයේ අච්චු ගැහුණු සතයේ, සත දහයේ, විසිපහේ, පනහේ නෝට්ටුව බැගින්... දසනායක රත්නවතීගෙන්; අපේ ආච්චිගෙන් උරුම වුණු 1929 තඹ සතයත්, 1937 සත භාගයේ; සල්ලියේ කාසියත් ඒවාට තනි රකියි. ඒ ගැන කලින් වතාවකත් කිව්වෙමි. 
නිදිගෙ
පංච තන්තරේ දිගටම කියවන, කමෙන්ට්ස් දමන සිරිබිරිස් උන්නැහේකොහේ ඉන්නවාද කියලා මා දැනගෙන හිටියේ නැත. 

සති කිහිපයකට කලින් දවසක උන්නැහේ නිදිව හොයාගෙන ආවේය. හැබැහින්ම මාව දැකගන්නටය. කාටද ආඩම්බර

ඕස්ට්‍රේලියාවේ හිට එනකොටම උන්නැහේ මට තෑගිත් අරගෙනය ඇවිත් තිබුණේ. ඒවා අතර තිබුණු 1901 සත ¼ හෙවත් අලුක්කාලත් දැන් මගේ එකතුවේය...’

නිමල් දිසානායකයා ඒ විස්තර මේ බ්ලොගයට ලිව්වේ 2020 අවුරුද්දෙය.
ඊටත් අවුරුදු හතරකට කලින් 2016දීය, ඉකොනොමැට්ටා එයාගේ ‘ඉකොනොමැට්ටාගේ සතපහ’ අඩවියට
‘රුපියල් අස්සට අලුක්කාල්’ කියන post එක ලියා තියෙන්නේ. අලුක්කාල් ගැන වැඩි විස්තර ලබනු රිසි භවත්හු ඒ පෝස්ට්ස් කියවත්වා!

මේ post එක ලියන්න මගේ හිතට ආවේ- FB එකට සින්න වෙලා ඉන්න රවී වීරසිංහ සහෘදයා ලියා තිබුණු ‘විහිළු නොවන විහිළු’ යෝජනාවක් හින්දා. ඒකත් දිත්වා කුණාටුවයි, වැස්සයි, ගංවතුරයි නිසා සිද්ද වුණු කරදරයක්. රවී ඒ පෙස්සම ඔප්පු කරල තිබ්බෙ FB එකෙන්...

‘අනුර ලොක්කා, ඔහේ ඊයෙ නුවර ආවයි කියල මම දන්නෙ රෑ සිරස ප්‍රවෘත්ති බලනකොට...

දිට්වා සුළි කුණාටුව පල්ලා කලිං දන්නවාං මම නුවර එනව ඔහේ මුණගැහෙන්ට... වෙන දේකට නෙවෙයි පෙස්සමක් බාර දෙන්ට..

සීන් එක මෙහෙමයි ලොක්කා... ඔහේ අර එදා පාර්ලිමේන්තුවෙදි ප්‍රකාසයට පත් කරපු ආපදා සහන පැකේජ් එකට රොම්බ තෑන්ක්ස්... ඒක වෙන්ඩම ඕන දෙයක්... ගංවතුරෙං නායයෑම් වලිං උංහිටිතැං අහිමි වෙලා අනාත වෙලා ඉන්න මිනිස්සුංට ඒක ලොකු හයියක් ජීවිතේ ආයම ගොඩ නඟාගන්ට...

ඒ කියන්නෙ කඩිනමින් පාරවල් හදලා... වතුරයි විදුලියයි දීලා...

හරි, මගේ දුක්ගැනවිල්ල මේකයි... ගංවතුරෙංවත් නායයෑම්වලිංවත් අපිට හානියක් උනේ නෑ... එතකොට ධීවර බෝට්ටුවත් එලවලු වගාවල්වත් අපිට නෑ... ඒ කියන්නෙ අපිට ඔහෙ ඔය දෙඤ්ඤංය කියාපු සල්ලි සත පහක්වත් ලැබෙන්නෙ නෑ... කිසිම අවුලක් නෑ... අපිට හානියක් උනේ නැත්තං ඉතිං සහනාදාර ලැබෙන්ට ඕනෙත් නෑනෙ... සාදාරනයි..යුක්ති සහගතයි... එකඟයි...

ඒත් බොස්, පහුගිය 27 වෙනිද ඉඳං අපිට වතුර නෑ... ඒ කියන්නෙ දැං දවස් නමයක්... ඉතිං පල්ලෙහා තියන ළිඳකිං තමයි මේ ටිකේම වතුර ඇදල නාන්නෙ සහ ලොකු බාජන දෙකකට වතුර පුරෝලා කන්ද උඩහට වතුර අදින්නෙ...

මට දැං හැට දෙකක් ගරු ජනාපෙතිතුමනි... ඒ කියන්නෙ ඉතිං මයෙ කොන්දටත් හැට දෙකයි..ඒ එක්කම ඉතිං උරිස් දෙකටත් හැට දෙකක්ම තමයි... මගෙ වයසම වෙන්ට එපැයි මගෙ අංගෝපාංගවලටත්... නැතුව මොකෝ එව්වා මට පස්සෙ ඉපදුනායැ නේද?

ඉතිං පස්නෙ මේකයි බොස්... දවස් නමයක් තිස්සෙ අර කියපු ළිඳෙං වතුර ඇදලා නාලා සහ ගෙදරට වතුර ඇදලා මයෙ හැටදෙහැවිරිදි කොන්ද සහ උරිස් දෙක වනේ දාලා කෙටුවැහෙ ඇදුං කනවා... රිදෙනවා... වාත විදුරංගෙ හෝ සරුව විසාදිය තෙල් බෝතල් හතර පහක්වත් ගාලා තවන්ඩ වෙන සයිස් එකක් තියෙන්නෙ...

එක්කො වතුර දුන්නට පස්සෙං පහු දිගන ආයුර්වේද ඉස්පිරිතාලෙ ඇඩ්මිට් වෙලා සතියක් විතර බෙහෙත් පොට්ටනිවලිං තවා ගන්නවා... ඉතිං ඔය කොයිකටත් සෑහෙන ගානක් වියදං වෙනව...

මගෙ ආයාචනාව මෙහෙමයි... ඔබතුමාගෙ ආපදා සහන පැකේජ් එකට මෙහෙම එකකුත් ඇතුල් කරන්ට...

🚫 ජලය නොලැබෙන නිවෙස්වලට නෑමට ළිංවලිං ජලය ඇදීමෙන් සහ නිවෙසට ජලය ගෙන ඒමෙන් ආබාධිත තත්වයට පත්වූ උරහිස් සහ කොඳු සඳහා රුපියල් විසිදාහක දීමනාවක්....

පලි - මම බොරුවක් නෙවෙයි කියන්නෙ කියල ඔබතුමාට ඔප්පු කරන්නයි ඔය පින්තූරෙ දැම්මෙ... ඔය මම පල්ලෙහා ඉඳල වතුර ඇදල පුරවන බාජන... කොහොමද නරක නෑ නේද ලොක්කා සෙල්ලම? ඉතිං වයසක කොඳු සහ උරිස් ඉතුරු වෙයිද මං අහන්නෙ...’

රවීලගේ ගෙදර තියෙන්නේ නඟින්න අසීරු පුංචි පහේ කඳු ගැටයක. එහාට ගිහින් තියෙන හින්දා තමයි මට ලේසියෙන්ම ඒ තත්ත්වේ තේරුම් ගන්න පුළුවන්.
රවී
එයාගේ බ්ලොගයට ලිපියක් ලියන්නේ කලාතුරකින්.
කට්ටකාඩුවේ ලොකූ ඊටත් හපන්. මේ විපත්තිය හිංදා උන්නැහෙත් ආපහු ලියල- අවුරුදු එකහමාරකට විතර පස්සේ. ‘සූරියකාන්ත
මල් සහ ගංජා මිටිය’ තමයි post එකේ මාතෘකාව. මීට යටින් තියෙන කොටස ගත්තේ ඒ පෝස්ටුවෙන්.

මහා විනාශයකට පස්සේ මානසිකව වැටිලා, හතේ හත වැදිලා හිටපු ජනතාවකට මේ සූරියකාන්ත මල් හරි අපූරු ආත්ම ශක්තියක් ගෙනාවා.

‘...1995 දී ජපානයට මහා විනාශයක් ගෙනාපු කෝබේ භූමි කම්පාවෙන් අවුරුදු දහයක් ගතවෙන තැන, තමන් ඒ භූමිකම්පාවෙ අලු මතින් ආපහු නැගිට්ටා කියන එක ලෝකෙට පෙන්නන්ඩ, ආපදා කලමණාකරණයේ වැදගත්කම ලෝකෙට ආයෙත් මතක් කරලා දෙන්ඩ, ඉස්සරහ අවුරුදු දහයට ඒ කියන්නෙ 2005-2015 කාලෙට ලෝකෙ ආපදා කලමණාකරණය ගැන මාර්ගෝපදේශ සපයන්ඩ පුලුවන් විදිහේ සමුළුවක් ජපානෙ විනාශ වෙච්ච නගරෙදිම පවත්වන්ඩ තමයි ඒ ඉල්ලීම උනේ.
ඒක හරියට ගමේ චන්ඩියෙක් තමන්ට අභියෝග කරපු බලවතෙක්ගෙ ගෙදර මිදුලටම ගිහිං චැලෙන්ජ් කරනවා වගේ වැඩක්. පුලුවන් නං වරෙන් ෆේස් ටු ෆේස්!! හැංගිලා ගහන්ඩ ඔට්ටු නෑ!!

ඉතිං ඔය ජපානෙ තිබ්බ ආපදා සමුළුවට ඇවිල්ලා හිටියා කෝබෙ භූමිකම්පාව වෙලාවෙ වැඩකරපු සහන කණ්ඩායම්වල ස්වේච්ඡා සේවකයෝ. ඒ අය අතරෙ හිටපු එක වයසක මහත්තයෙක් මම ලංකාවෙන් කියල කියපුවම බොහොම උවමනාවෙන් මාත් එක්ක කතාවට වැටුනා. ඒ මහත්තයාට ඉංග්‍රීසි බෑ. මට ජපන් බෑ. ඉතින් අපි කොහොම අදහස් හුවමාරු කරගත්තාද කියල මට හිතා ගන්ඩ බෑ. කොහොම උනත් කතාව මෙහෙමයි.

ඔය කෝබෙ භූමිකම්පාවෙදි ජීවිත නැතිවෙච්ච දහස් ගණනක් මිනිස්සු අතරෙ එක පොඩි ගෑණු ළමයෙකුත් හිටියා. ඒ දරුවාගෙ මළසිරුරත් සුන්බුන් අතරෙ වැළලිලා ගිහිං තිබුනෙ.

ටික දවසකින් අර දරුවා හිටපු ගෙදර ළඟ හරි අපූරුවට සූරියකාන්ත මල් පඳුරක් පැලවෙලා. ඒකෙන් මල් පීදුනා. මහා විනාශයකට පස්සේ මානසිකව වැටිලා, හතේ හත වැදිලා හිටපු ජනතාවකට මේ සූරියකාන්ත මල් හරි අපූරු ආත්ම ශක්තියක් ගෙනාවා. සූරියකාන්ත මල් සුන්බුන් අතරින් හරි අපූරුවට එලියට ඇවිත් හුළගේ ලෙළ දුන්නා. ඒ අසල්වැසියන්ට මේ මල් අලුත් බලාපොරොත්තුවක් ගෙනාවා.

මෙච්චර විනාසෙකට පස්සෙත් හරි ඉක්මනට සූරියකාන්ත මල් පිපිලා ලෝකෙ ලස්සන කරන්ඩ පුලුවන් නම් ඇයි මිනිස්සු වෙච්ච අපිට බැරි එකට එකතු වෙලා වැඩ කරලා ආපහු වඩා හොඳ ලෝකයක් ගොඩ නගන්ඩ? හැමෝම සූරියකාන්ත මල් වලින් අමුතු පණක් ලබපු මිනිස්සු වගේ ශක්තිමත්ව වැඩ කරන්ඩ පටන් ගත්තා.

මේ සොබාවික විපත්තිය හින්දා රටේ වැඩි දෙනෙක් අලුතින් හිතන්න පටන් ගෙන තියෙන විදිහයි!

ඒ එක්කම හරි අමුතු දෙයක් උනා. කොහොමද මේ එක තැනක විතරක් සූරියකාන්ත මල් පඳුරක් පැළ උනේ? ඒ ගැන හොයාගෙන යනකොට තමයි තේරුනේ අර භූමිකම්පාව වෙලාවෙ අතුරුදහන් වෙච්ච ගෑණු ළමයාගෙ සාක්කුවේ තිබුණු සූරියකාන්ත ඇට වගේකින් තමයි මේ මල් පඳුර හැදිලා තියෙන්නේ කියල!
ඒ දරුවාගෙ ජීවිතේ භූමිකම්පාවෙන් උදුරා ගත්තත් ඒ දරුවාගාව තිබුණු ජීව ගුණය උදුරා ගන්ඩ තරම් සොබා දහම අකාරුණික උනේ නෑ.

ඉතිං මේ වැඩේ දැක්ක අර මට කතා කරපු ජපන් මහත්තයා ඇතුලු පිරිසක් එක්කහු වෙලා ඒ වෙනකොටත් ඉවත් කරල නොතිබ්බ භූමිකම්පාවෙන් විනාශ වෙච්ච ගොඩනැගිලි වගේ දේවල්වල සුන්බුන් අතරට...’

නිදිගෙ යටි හිතෙන්- ඊට වැඩිය උපුටල පෙන්නන්න එපැයි කියලා අණක්...
‘හොඳමයි හාන්දුන්නේ. අපේ රටටත් පුළුවනි මේ විපත්තියෙන් ගොඩ එන්න- ඒකට හොඳ මඟ පෙන්වීම් ටිකක් කට්ටකාඩුවේ ලොකු මල්ලිගේ පෝස්ටුවෙත් තියෙනවා. ඒ නිසා හැමෝම එහාටත් ගියාවේ, පාර පෙන්නල තියෙනවනේ උඩින්...

මේ සොබාවික විපත්තිය හින්දා රටේ වැඩි දෙනෙක් අලුතින් හිතන්න පටන් ගෙන තියෙන විදිහයි- නිදිට පෙනෙන්නේ.

සහෝදර blog රචකයන් ගණනාවක් මේ ව්‍යසනය දිහා විවිධ කෝණවලින් බලල ලියපුවා...
ඒ posts කියවලා ඒවා ගැන comments එවපු හිතාදර පාඨකයන්ගෙත් සෑහෙන වැඩිවීමක් තියෙනවා. (එහෙම අවදිවීමක් දැක්ක හින්දමයි- මගේ පුද්ගලික ජීවිත අන්දරය කියැවෙන
‘හතලිහේදී 25 කොටස’ ලියන එක තාවකාලිකව පැත්තකින් තිබ්බෙත්.)

හැම දෙනාගේම දැඩි අවධානය ‘ආපදා කළමනාකරණය’ කෙරෙහි යොමු වේවා!
අනාගත කාලයක හරි මේ වගේ සොබාවික තර්ජනයකදී ඇති විය හැකි ‘අහිතකර බලපෑම අවම කර ගැනීමට අවැසි පියවර’ ගන්නට නුවණ; දිරිය; එඩිය; ශක්තිය; බලය; සවිය හා කැපවීම පාලක පක්ෂ-විපක්ෂ හැම දෙනාටත්, පුරවැසි අප හැම දෙනාටමත් අද අදම ලැබේවා!!
ආවඩා- ආයු බෝ වේවා!!!෴0෴

40 comments:

  1. ස්වභාවික විපත් නැවැත්විය නොහැකි උනත් ආපදා දෙගුන තෙගුන වීමට හේතුව පරිසරයට කරන ලද අරියාදු කියන එකට කවුරුත් එකඟ වගයි පේන්න තියෙන්නේ. ඒත් ඒකට නකල්ස් මැදින් පාරවල් කැපීම වාගේ විසඳුම් ලැබෙන බවයි පේන්නේ.

    ReplyDelete
    Replies
    1. බොර දියේ මාළු බාන්න හදන සිඟා ලයන් ඉන්නවා වගෙයි නේද Litseeker?
      නකල්ස් මැදින් පාර හැදෙන්නේ නැතිලු!

      Delete
  2. ඇය පරිත්‍යාග කලේ රුපියල් මිලියන 250ක්නෙ නිමල්. ඒ කියන්නෙ කෝටි (crores) 25ක්. එතකොට නිමල් ලියලා තියෙනවා වගේ "රුපියල් මිලියන 250,000,000/-ක්" කියලා ලියන්න ඕනෙ නෑ. රුපියල් 250,000,000 කියලා ලියන්න; එහෙම නැත්නම් සම්ප්‍රදායික ශ්‍රි ලන්කන් (?) විදිහට 25,00,00,000.

    "‘රාවය’ පත්තරයත්, ‘චෞර රැජන’ පොතත් කියවා තිබෙන මට නං එතුමියගෙ පරිත්‍යාගය ගැන එච්චර සර්දාවක් පහළ වුණේ නෑ" පොත කියවලා නැති වුනත්, මමත් ඒක දිහා බැලුවෙ with apprehension. නමුත් ඉතින් අසරණ වුණු මිනිස්සුන්ට සහනයක් ලැබෙනවා නම් එච්චරයි. ඒ වගේම මේ රජයෙම මුදල් නම් ඒ ගැන වඩා transparent විදිහට ජනතාවට කියනවා නම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Lotus.
      විපතට පත් රට වෙනුවෙන් ආධාර - පරිත්‍යාග ලැබීම හොඳ තමා. නමුත් මේ පරිත්‍යාග සිදුවීමේදී නම් එය වාර්තා කෙරුණු සහ ඉදිරිපත් කෙරුණු විදිහෙන් පෙනෙන්නේ නරක චිත්‍රයක්; මට නම්...

      Delete
  3. රවී කියලා තියෙනවා වගේ ආපදා තත්වය නිසා indirect බලපෑමට ලක් වුණු අයටත් මොනවා හරි දුන්නොත් හොඳයි නේද. හැබැයි ඕවා කොතනින් කෙලවර වෙයිද දන්නෙ නෑ 😍😒

    "ඒ දරුවාගෙ ජීවිතේ භූමිකම්පාවෙන් උදුරා ගත්තත් ඒ දරුවාගාව තිබුණු ජීව ගුණය උදුරා ගන්ඩ තරම් සොබා දහම අකාරුණික උනේ නෑ". ඔව් සොබා දහම ප්ලේ කරන්නෙ fair game එකක්.

    "හැම දෙනාගේම දැඩි අවධානය ‘ආපදා කළමනාකරණය’ කෙරෙහි යොමු වේවා!" එසේම වේවා! නිමල්ගෙ අවධානය එන්ගලන්තෙදි කෝල් කරලා තාම හොල්ඩ් එකේ ඉන්න අසරණයා කෙරෙහි යොමු වේවා! 😁😉

    ReplyDelete
    Replies
    1. මගේ සම්පූර්ණ අවධානය යොමු වෙලා තියෙන්නේ!😉😁😉

      Delete
  4. නිදි, ආපදාව රටම එකතුකරනවා. කුණාටුවේ දේශපාලනය ටිකක් තුනී වේගන යනවා . හැමෝටම තේරෙනවා වෙච්ච විපැත්තිය. අනුර ජනාධිපතිතුමා දිවා රෑ නොබලා විපතට පත් අයට සහන සලස්වනවා. නාමල් මහත්තයා ඉස්කෝලේ යන දරුවන්ට උදව් කරන ව්‍යාපෘතියක් කරනවා.විදෙස් රටවල ඉන්න අයගෙන් රජයට ආධාර ඉල්ලනවා. සජිත් මහත්මයා රෝහල් වලට උපකරණ බෙදනවා , තානාපති නිලධාරින් හමුවෙලා අපිට ආධාර දෙන්න කියනවා. දිලිත් මහත්තයා ගෙවල් හදලා ජනතාවට දීලා. චන්ද්‍රිකා නෝනා තමන්ගේ නොවන වුනත් තමන්ගේම වගේ පෙනෙන සල්ලියක් පරිත්‍යාග කරනවා. අපිත් කීය කීය හරි දෙනවා පුලුපුලුවන් විදිහට. පූර්ව ආපදා කළමනාකරණය ටිකක් දියුණුවුණා නම් හොඳයි කියලා ආණ්ඩුවේ "'HARDCORE"" අයට වුනත් ටිකක් තේරුණා. දැන් ලැබෙන ආධාර අවලාද වලට යටකරන්නේ නැතුව හොදින් කළමනාකරණය කරමු නේද?

    ReplyDelete
    Replies
    1. @ නිහඬපාල

      ඔයාගේ අදහස් ධනාත්මක සහ බලාපොරොත්තු සහගත බව ඇත්ත ඒත් ඇත්තටම චන්ද්‍රිකා මේ මුදල් දීමේ බොරු රංගනය කළේ ඇයි?

      ලංකාවට චීනෙන් ලැබුණු ආධාරයක් තමයි බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව. එහි පරිපාලන කටයුතු මේ මොහොතේ නාමිකව සිද්ධ වෙන්නේ මේ වෙලාවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ සභාපතිත්වය යටතේ. එහි වෙනම අධ්‍යක්ෂකවරයෙක් සිටිනවා. එහි අධ්‍යක්ෂකවරයා පත්කරන්නේ චන්ද්‍රිකාගේ හිතවත්කමට වුණත් ඇත්තටම මේ ආයතනයට ලැබෙන ආදායම රටේ රාජ්‍ය ආදායමක් හැටියට හඳුන්වන්න පුළුවන්.

      කෙසේ නමුත් මේ රාජ්‍ය ආදායම අනවශ්‍ය දේවල් වලට යොදවන්න බැහැ එහි සභාපතිත්වය දරන චන්ද්‍රිකාගෙ පුද්ගලික
      අවශ්‍යතාවන් නිසා. ඒක රජයට අයත් මහජන දේපොලක්

      මේ වෙලාවේ චන්ද්‍රිකා කරන දේශපාලනය මොකක්ද කියලා මේ සිදුවීම් දිහා සවිඥානකව බලනකොට තේරෙන්න ඕන. චන්ද්‍රිකාට උවමනා වෙලා තිබුණා මේ වෙලාවේ වීර චරිතයක් වෙන්න. වික්ටර් අයිවන්ගේ චෞර රැජිණ පොතේ, චන්ද්‍රිකා 1999 සැලසුම් කරපු බෝම්බ ප්‍රහාරයකින් තමන්ගේ ඇහැ අන්ධ කරගත්තා කියලා වික්ටර් අයිවන් සැක කරන බව ලියලා තියෙනවා.

      ඒ හින්දා චන්ද්‍රිකා ඕන වෙලාවක කරන්න ඕන දේශපාලනය මොකක්ද කියලා දන්නවා. ඉතින් ඒ දේශපාලන ව්‍යාපෘතියේම කොටසක් විදිහට තමයි චන්ද්‍රිකා මේ ආණ්ඩුවට සල්ලි දෙන්නේ. චන්ද්‍රිකාට මේ වෙලාවේ නායකත්වය ගන්න විපක්ෂයේ කිසිම දේශපාලන කඳවුරක් නැහැ. අනික චන්ද්‍රිකා ජනාධිපති වෙලාවේ අනුර දිසානායක තමයි එයාගේ කෘෂිකර්ම අමාත්‍යවරයා. ඒ ආණ්ඩුව බේරගත්තේ අනුර ඇතුළු ජවිපෙ. ඉතින් චන්ද්‍රිකාට කොහොමත් මේ ආණ්ඩුවේ අය තමන්ගේ යටතේ ඉඳපු අය කියන හැඟීම තියෙනවා. අනික තමයි දේශපාලනේ චන්ද්‍රිකා රනිල් වගේ අය තමයි යම් වලව් ප්‍රභූ පංතියක් නියෝජනය කරන්නේ. ඒ හින්දා චන්ද්‍රිකා ඇතුළු ගොඩක් අය හිතෙන දෙයක් තමයි රට පාලනය කරන්න ඕන යම් ප්‍රභූ තත්ත්වයක් තියෙන අය කියලා. මෛත්‍රිපාලට මහින්දට චන්ද්‍රිකා ඔච්චර අකමැති ඒ නිසා. වර්තමාන ජනාධිපතිවරයාට කොල්ලා කියලා කතා කරපු චන්ද්‍රිකා එතනදි පෙන්නුවේ තමන් ඉන්න තැනයි ජනාධිපතිවරයාගේ තැනයි.

      ඒ වගේම තව හොඳට පේන දෙයක් තමයි අපේ රටේ ජන සමාජයත් හුඟක් වෙලාවට මහින්දට මෛත්‍රිපාලට රැල්ලට බනින්න පටන් ගත්තට චන්ද්‍රිකාට රනිල්ට බණ්ඩාරනායකට ඩී.එස් වගේ අයට බනින්න ටිකක් පස්ස ගහනවා. අපෝ ඒ අය වලව්කාරයෝ ' කියලා තමයි හුඟක් මීඩියා කට්ටිය ඒ වගේම සාමාන්‍ය මිනිස්සුත් විශ්වාස කරන්නේ.

      චන්ද්‍රිකාට කපටි මොලයක් තියෙනවා මේක නඩත්තු කරගෙන යන්න. රනිල් වික්‍රමසිංහත් සමහරවිට යම් ආධාර මුදලක් මේකට දෙන්න ඉඩ තියෙනවා. හැබැයි මහින්ද මෛත්‍රිපාල වගේ අය මේ චන්ද්‍රිකාල නියෝජනය කරන වලව් පන්තියේ අය නෙමෙයි. ඒගොල්ලෝ සාමාන්‍ය පවුල් වලින් ආපු අය. මහින්ද පවුල උනත් ප්‍රාදේශීය රදල පවුලක් වුණත් බණ්ඩාරනායක වගේ රදල හෝ ජයවර්ධන වික්‍රමසිංහ වගේ ඉතා ධනවත් පවුලක් නෙමෙයි ඉස්සර. මහින්දට අගමැතිකම දෙන්න වුනත් චන්ද්‍රිකා කීප වතාවක්ම විරුද්ධ වෙලා තිබ්බේ ඒකයි. මේ ප්‍රභූ දේශපාලනය ගැලවුණේ අවස්ථා දෙකක විතරයි. එකක් ජේආර් ගෙන් පස්සේ ප්‍රේමදාස ජනාධිපති වුන එක. අනික චන්ද්‍රිකාගෙන් පස්සේ මහින්ද ජනාධිපති වුන එක. එතනින් පස්සේ ආපහු ප්‍රභූ පන්තිය අතට මේ ජනාධිපති කියන එක හුවමාරු උනේම නෑ. මෛත්‍රිපාල අනුර බිහිවෙන්නේ ඒ අනුව.

      ඉතිං ආපහු චන්ද්‍රිකාට උවමනාවක් තියෙනවා. නැතිවුණු තමන්ගේ පන්තියේ නායකත්වය තමන්ගේ පංතියට ආපහු ගන්න. මේ ආණ්ඩුවේ ඉන්න සමහර මෝඩ උදවියට මෝඩ ජෙප්පන්ට ඕක තේරෙන්නෙ නෑ. කවුරු හරි සල්ලි දුන්න පලියට ඒක ගන්න එක හොඳ උනත් ඒක ඇතුළෙ තියෙන දේශපාලනයත් ටිකක් කියවගන්න දැනුමත් තියෙන්න ඕනේ.දැන් චන්ද්‍රිකාට ඕන කම්පේන් එක කරන්නේ වෙන කවුරුත් නෙමෙයි ජෙප්පෝ. විමුක්ති සමහර විට දේශපාලනයට ආවත් නැතත් මේ බැටන් එක චන්ද්‍රිකාගේ අතට ඉදිරියේදී යාමට නියමිතයි.

      Delete
    2. නිහඬපාල මහත්තයෝ, මම තවමත් ඉන්නේ මාලිමා පිරිස හා රජය ගැන ප්‍රසාදයෙන්. නමුත් මේ වගේ අවර ගණයේ සිදුවීම් වෙද්දී ඒවා නොතකා හරින්නත් බෑ. මගේ අදහස ඒකයි.

      Delete
    3. ස්තුතියි Ano මහත්තයෝ.
      දැන් කාලේ කෙරෙන හැම දෙයක්ම පිටිපස්සේ දේශපාලනය තියෙනවා වගෙයි නේද?

      Delete
  5. දැනටමත් ආධාර ගසා කන්න කිසිම හානියක් නොවිච්ච මිනිස්සු ලෑස්ති වෙලා ඉන්න එකේ මේ ලැබෙන ආධාර නිසි පුද්ගලයට ලැබෙනවද කියලත්, ඉතිරිය වංගුවල යන්නැතුව ආපහු රජයට යනවද කියලත් හරියාකාරව හොයල බලන්න වෙයි.

    බ්ලොගර්ස්ල ටික හරි එකතුවෙලා අර මාගල් රවියට වතුර මෝටරයක් අරන් දෙන්න අරමුදලක් හැදුවොත් නරකද? හැක්..

    ReplyDelete
    Replies
    1. Praසන්ன මහත්තයෝ- දැනට නම් පිළිසකර වැඩ හා ඒවායේ කළමනාකරණ වැඩ හොඳින් කෙරීගෙන යන විදිහයි. පුදුමයි- මෝඩ කතා කියන අය මුඛවාඩම් බැඳගෙන ඉන්න එකත්... පම්පෝරි නොකිය.
      රවීට වතුර මෝටරයක් අරගෙන දීල විතරක් මදි- වත්තේම ළිඳකුත් කප්පල දෙන්න එපැයි.

      Delete
  6. ටිපිකල් පොලිටිකල් මූව් එකක්. මගේම කලසම අගේට ඇඳගෙන උගේ වගේ යනවා......

    ReplyDelete
    Replies
    1. ආආආ උගේ වගේ යනවා
      වගේ වගක් නැතුවා...

      Delete
  7. චන්දිරිකා ගැන නම් මගේ පැහැදීමක් නෑ , වදුරා නාකි උනත් බිමින් යන්නේ නෑ කියන්නහේ ඔය මිනිස්සුන්ගේ රදළ ගති තම තියෙනවා..(සාක්කි ඌනේ නම් කියන්නම්),
    මේ ලැබිලා තියෙන අවස්ථාවෙන් ප්‍රොයෝජන අරං අනුර ජනාදිපතිතුමා රට දියුණු කරයි කියන බලාපොරොත්තුව නම් තියෙනවා..

    ReplyDelete
    Replies
    1. අනුර ජනපති ඒ රාජකාරිය හරියට කරයි වගේ ලලිත් මහත්තයෝ. එහෙම කරන්නට ලැබේවා!

      Delete
  8. Replies
    1. කිලි න් ගහන ඒවාට වඩා + දෙකක් අඩුයි මේකේ

      Delete
    2. ඉවාන්, ඔයා + කීයද කියලත් ගැනලනෙ!
      ස්තුතියි ඉවාන්- ඔයාට වගේම Pra Jay මහතාටත්.

      Delete
  9. කොක්කෙන් හරි කෙක්කෙන් හරි වැඩේ වෙනවනම් තමා හොඳ , හැබැයි , මේ නත්තල් සීයා වගේ කියපු බෙදීම හරියට නොකලොත් ඕකෙන්ම තමා ආණ්ඩුවට ගෙදර යන්න වෙන්නෙත්

    ReplyDelete
    Replies
    1. දැනට නම් පෙනෙන්නේ වැඩේ කෙරෙන විදිහක් නෙවෙද ඉවාන් මහත්තයෝ?

      Delete
    2. දැනටම පොඩි පොඩි කසු කුසු එනවා , මේවා හරියට දෙන්නේ JVP පවුල් වලට විතරයි . අපිට නෑ , වගේ කතා . සමහර විට මේවා ප්ලාන්ට් කරන කතා වෙන්නත් පුළුවන් , බෙදාහැරීමේ යාන්ත්‍රනය හිතනවට වඩා සෑහෙන එෆිෂන්ට් සහ ශක්තිමත් එකක් වෙන්න වෙන්වා .

      Delete
    3. වෛර සහගතව බොරු නිව්ස් ප්ලාන්ට් කෙරෙන බවකුත් පෙනෙනවා ඉවාන්.
      ඒත් එක්කම කෙරෙන වැඩ පිළිවෙල ගැන රජයේම සාමහර අයටත් නිලධාරීන්ටත් හොඳ අවබෝධයක් නැති විත්තියකුත් පෙනෙනවා.

      Delete
    4. අමු පචනේ බං . ජේ වීපී පවුල් හිටියත් ඉන්නේ 3% නේ ඉතින් .

      Delete
    5. ඉවාන්

      මේ වෙලාවේ ජෙප්පෝ උන්ගේ කාඩර් එකට බෙදාගෙන යනවා හොඳම එකෙන්, 2005 මරා ජනාධිපති වුණු වෙලාවෙත් මරාව අන්දලා උන්ගේ රැකියා විරහිත අන්තරේ හිටපු සෙට් එක රජයේ සේවයට දාගත්තා උන් තමයි දැන් ජෙපි වෘත්තීය සමිති සෙට් එක රන් කරන්නේ රජයේ ආයතන වල ජෙප්පො කියපු ඒවා නම් උන්ට කවදාවත් මතක නෑ. උන් දන්නෙ බොරු කියන්නයි මඩ ගහන්නයි විවේචනය කරන්නයි විතරයි. ජෙප්පො රට වැටුන වෙලේ වැඩ කරපු හැටි අපි හැමෝම දන්නවානේ. විපක්ෂ නායක සජිත් හිත හොඳ කෙනක් වුණත් ජෙප්පෝ වගේ සක්කිලි ගැන විස්වාසයක් තියාගෙන ජනතාව වෙනුවෙන් මේ වෙලාවේ ක්‍රියා කරන විදිහ ඔහුටම පාරා වළල්ලක් වෙයි. ජෙප්පො කියන්නේ අමු සක්කිලි කිසි කෙලෙහි ගුණයක් දන්න ජාතියක් නෙමෙයි.

      ඉස්සර රාජපක්ෂ කල්ලියේ කුමන්ත්‍රණකාරී වැඩ වලටත් වඩා පාහර හොර වැඩ වලට නම් දරාපූ ජෙපි පල් හොරු
      ඔය ලැබුණු මුදලට ඔය කට්ටිය වැඩේ දෙනවා දැක්ක නේ උපයාගෙන තිබෙන කෝටි ප්‍රකෝටි ගනන් මුදල් වත්කම්, ඒ නිල වත්කම් විතරයි

      ජනතාව බිලියන පහකටවඩා පරිත්‍යාග කරා ඒත් ඕකුන් ඔය කියන විදිහට දෙන්නෙ නැහැ මිනිසුන් ට

      ලක්ෂ පණහක් ඉඩමට ගෙට තව පණහයි
      කෝටියක් ගෙවල් නැති අයට දෙනව ලු

      මිනිසුන් පවුල් පිටින් ගෙවල් එක්ක යට වුණේ ඒ කෝටි ගනන් කාටද යන්නේ ?

      මෙයාලා දාර jeppan දාලා බොරු ලිපි හදල ඒවා අපේ ඉඩම් කියලා
      ඉඩමත් ගනියි මුදලුත් ගනියි
      හුඟක් අයථා විදිහට ඔය ආධාර ගනියි ඒක හරිම පැහැදිලියි

      මේ ඉන්නේ හිතක් පපුවක් නැති මිනිස්සු

      ආණ්ඩුවේ ගූ හෝදන අසූචි බුදින සක්කිලි ඩෝබිලා low IQ ගණිතය අසමත් අමු මීහරක් හැත්තක් නිසා ගොන් කතා කියනවා

      ජවිපෙ කාඩර් එක සහ හිතවතුන් ලක්ෂ පහක් විතර වෙනවා හිතන්න ජවිපෙ කාඩර් එකේ පවුල් 10,000 කට එකකට අවම වශයෙන් රු. 25,000 බැගින් හොරට බෙදුවත් ඒකේ ගාන ඔය චන්ද්‍රිකාබණ්ඩාරනායක කුමාරතුංග දීපු මුළු ගානට සමානයි මිලියන 250 ක් එතනම, ඉතින් හිතන්නකෝ මුන් කෝටි ප්‍රකෝටි ගනන් හොරා කාල ඉවරයි දැනටම කීයක් හොරකම් කරලා ඇත්ද?

      Delete
    6. අනේ මේ නිමල් අංකල්, ඔය හැම එකාම බලයට එන්න දගලන්නෙ අපිට ආදරේටනෙ.ගමෙන් පත් කරල මන්ත්‍රී පට්ටම් අරන් දීල ගමටවත් වැඩක් කරන්නෙ නැති උන් ගැන මේ කියන්නෙ.. මාලිමාවේ උන් නම් 100%න් 99% ක්ම එහෙමම තමයි...නැත්නම් මේ රටේ මිනිස්සුන්ට මේ වගේ තත්වයක් උදාවෙලා තියෙයිද..දැන් අරූ හොරා කෑවා මූ කෑව කියන්න එපා. අපි මාලිමාවට ඡන්දය දීලා උන්ව අයි කරානෙ.දැන් ඉන්න උන්ගෙන් අපිට මේ හිටපු කාලෙට මොනවද හම්බෙලා තියෙන දේවල්. මොනම ජනතා සේවයක් වත් නෑ උන් හැදෙනවා විතරයි, ඔය එක පකෙග්ගෙවත් වහල්ලු වෙන්න එපල්ල..

      Delete
    7. ඇනෝ AnonymousDecember 18, 2025 at 3:27 AM සහ ඉවාන් , ඔයාල දන්නා එහෙම හොරකම් කරන ජෙප්පෝ ගැන සහ පවුල් ගැන විස්තර දෙන්න . එක්කෝ මෙතන දාන්න . නැත්නම් මගේ ඉමේඉල් එකට එවන්න . ඒ ගැන ක්‍රියා මාර්ගයක් ගන්න බල කරන්න පුළුවනි . මොකද මම දන්නා තරමින් අපි යවන මුදල් සහ භාණ්ඩ ඔක්කොම සටහන් ගත කරලා තියෙන්නේ . ආධාර දෙන ඒවත් සටහන් කරල දෙන්නේ කියල අපට කිව්වේ . එහෙම නෙමෙයි නම් ඒ ගැන හොයමු . හොයල අල්ලලා දෙමු . වහාම ඒ හොරකම් කරන ජෙප්පෝ ගැන විස්තර දෙන්න

      Delete
    8. අර කොලොන්නාවේ ගොඩක් යට 25000 හෙම දෙන්නේ නැහැ කියල මරික්කාර් කියන කතාව ගැන හොයල බැලුව . ගංවතුරෙන් කරදර නොවිච්ඡා අයත් ඉල්ලලා කරදර කරනවලු . සමහර අයගේ ගෙවල් වලට මුකුත් වෙලා නැහැලු . අර නිදි මේ රවී ගැන කිව්වා වගේ ඒ ය කියනවලු ගංවතුර නිසා වක්‍රව පාඩුයි වගේ දේ . නමුත් ඒවා ගැන සලකන්නැ ක්‍රම වේදයක් නැහැ . මොකද කොහොමද ගණන් බලන්නේ . ඒ වගේම සමහර (නුවර පැත්තේ මහවැලිය දෙපස , සහ ගම්පොල ) අනවසර ඉදි කිරීම් වල ඔප්පු හෙම නැහැ , දේශපාලකයෝ දීලා හෝ බලෙන් අල්ල ගත ඒවා . ඒවාට වන්දි දෙන්නේ කොහොමද කියල ප්‍ප්‍රශ්නයක් තියනවලු . දිසාපති ලාගෙන් අහන්න පුළුවන් . ඒ අය චෝදනා කරනවා ඇති .

      Delete
  10. මිලියන් 250,000,000 ක් නෙවෙයි නේද, මිලියන 250ක්, එහෙම නැත්නම් රු. 250,000,000 විධියට නිවැරදි වෙන්න ඕනෙ. නැත්නම් රෝසි ගනන් කියෙව්වා වගේ තියෙයි

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි රොබට් මහත්මානෙනි. මගේ අතින් පෝස්ටුවේ එක තැනක ඒ මුදල වැරදියට යෙදී තිබෙනවා. මේ දැන්ම ඒක නිවැරදි කරන්නං.

      Delete
  11. රවියා ට වත්ය්ර් එන්න ගැටඹේ පොම්පාගාරයෙන් නේ . ඒකෙ උදාහ ඉඳන් එන වතුර පාරවල් ඔක්කොම වැහිලා පොම්පාගාරය උඩත් පස් වලින් වැහිලා . ඒවා අයින් කරන්න දවස් හ්ගනක් යනව . ප්‍රධාන සිවිල් ඉන්ජිනේරුව මගේ යාළුවෙක් තරංග ජයතිලක . දිවා රෑ වැඩ වතුර ටික හදන්න . https://fb.watch/E2_fDKQ7I8/

    ReplyDelete
    Replies
    1. තොරතුරට ස්තුතියි අජිත් මහත්තයෝ.

      Delete
  12. චන්ද්‍රිකා අත්සන් කරන්නේ නැතිව ඒ සල්ලි ගන්න බැහැ , ආණ්ඩුවෙන් ඉල්ලුවා කියල තමා කියන්නේ .

    ReplyDelete
  13. "ඉර සඳ හා තාරකාවන් කෙරේ ලකුණු හා මුහුදෙත් රැළ ගැසීමෙත් ඝෝෂාව නිසා වන වියවුලින් පොළොවේ ජාතීන්ට දුක්වේදනාද වන්නේය." - (ලූක් 21:25 )

    "මක්නිසාද ආකාශයේ පරාක්‍රමධාරීන් සොලවනු ලබන බැවින් භයෙනුත් ලෝකයට පැමිණෙන්නාවූ දේ බලාපොරොත්තුව සිටීමෙනුත් මනුෂ්‍යයන්ගේ සිත් ක්ලාන්තවන්නේය." - (ලූක් 21:26 )

    " YaHUah 𐤉𐤄𐤅𐤄 අලුහායිම් මෙසේ කියනසේක: ජාතීන්ගේ මාර්ගය ඉගෙන නොගන්න, අහසේ ලකුණුවලට ජාතීන් කැලඹෙන නුමුත් නුඹලා ඒවාට නොකැලඹෙන්න;" - (යෙරමියා 10:2 )

    "එකල මනුෂ්‍ය පුත්‍රයා බලයෙන් සහ මහත් තේජසින් යුක්තව වලාකුළකින් එනවා ඔව්හු දකින්නෝය." - (ලූක් 21:27 )

    "මේ දේ සිදුවෙන්ට පටන්ගන්න කල, නුඹලාගේ මිදීම ළංවූ බැවින්, ඉහළ බලා, හිස් ඔසවන්නැයි කීසේක." - (ලූක් 21:28)

    ReplyDelete
  14. ජෙප්පොන්ගෙ ලොක්කන්ට පොඩි හෑල්ලක්
    අපි AKD ට ඡන්දේ දුන්නා මොකද එයා රටේ නායකයා වගේම අපේත් නායකයා,

    බලයට ආවාට පස්සේ දැන් ජෙප්පොන්ගෙ ලොක්කො හිතනවනම් , සමාජ මාද්‍ය , ජනමාධ්‍ය වලට උඹලාට කිසිම දෙයක් කරන්න බෑ කියලා, උඹල හයියෙන් උඹලටම ගහගන්න ඕනෙ කනේ පාරක් කණ කීන් ගාන්න👌

    මොකද 2015 ඇමරිකන් යුරෝපා ඉන්දීය සහයෝගය එක්ක My3 ජනපති කරෙත් ඔය කියන බුකී කාරයො සහ අනික් මාද්‍ය හදපු narritive වලින් තමයි , ඒ වගේම විදේශ සහාය ඇතිව 2020දී ගෝට ජනපති කරෙත් උන් හදපු narritive වලින් තමයි , ආයේ ඇමරිකන් යුරෝපා ඉන්දීය සහයෝගය සහිතව මාලිමාව ජයග්‍රහණය කිරීමට වැඩ කරලා
    අනුර ඇතුලු උබලා දිනුවෙත් ඒ narritive වලිම්ම තමයි
    🔊🔊

    Facebook
    Roughly 10–10.9 million Facebook users in Sri Lanka in 2025 — about 45–48% of the total population.
    NapoleonCat Stats
    +1

    📸 Instagram
    Around 2.3 million users.
    NapoleonCat Stats

    💬 Messenger (Facebook’s messaging app)
    Around 9.4–9.6 million users.
    NapoleonCat Stats
    +1

    👔 LinkedIn
    Approx. 2.9 million users.
    NapoleonCat Stats

    📈 Other Platforms (Growing Fast)
    ▶️ YouTube
    Around 14.5 million users reported in 2024, showing very high reach (likely close to total internet users).
    Xinhua News

    🎵 TikTok
    Over 10.5 million users by end of 2024, with rapid growth among younger users.
    Xinhua News

    මේ උඩින් දැම්මෙ ලන්කාවෙ සමාජ් මාධ්‍ය භාවිතා වෙන විදිය
    මේවත් එක්කම අනික් ප්‍රබල ජනමාධ්‍ය 2 කුත් 🌞 දෙරණ එක්ක උබල ආපු දවසෙ ඉදලම , උබලට මොලෙන් ගූ විසිවෙන ගේමක් තමයි උන් දෙන්නෙ , එන්පීපී ලොක්කෝ කෝටි ගණන් වලින් උපයාගත් විදියක් ගැන කිසිම විස්තරයක් නැති සැකසහිත දැවැන්ත වත්කම් පෙන්නල උබල තනිකරම බොරුකාරයො බව ඔප්පු කරා ගමේ ඉන්න අහිංසක පක්ෂයේ හිතවතුන්ට පාක්ෂිකයන්ට කෙලින තුට්ටු දෙකේ කෙහෙල් කැන් හොරු බව ඔප්පු කළා 😢

    හදුන්නෙත්ති දෙරණේ ඇයි තොපිට පාන්ද කියලා පොරටෝක් දෙන්න ගිහිල්ල චූංපාන් කාරයෙක් 🤥🤥
    කරලා ජෝකර් කෙනෙක් කරලා පැත්තකට කරා .👺

    පොර ටෝක් දීපු ලක්මාළි ලැට් මාළි කලා 🚽
    උබලා කරන දහස් ගානක වැරදි වලින් ටිකක් අල්ලගෙන උබලව තනි ජෝකර්ල කරල තියෙනව 👺👺

    දැන් සාමාන්‍ය ජනතාවම social media බලකායක් වෙලා දකින දකින තැන උබලව පතුරුම ගහනව , 🔊

    ⚠️️⚠️️තව එකක් තමයි මාලිමා පක්ෂයට ආදරෙන් අවංකවම නිදහස් විවෙචන කරන උන්ට බොලා එන්පීපී මඩ බලකායවල් වලින් Attack කරළ උබලගෙ පැලවතෙ ඩෝබි බලකාය වෙනම narritive එකක් හැදුව, උබලා ඩෝබි army එකක් හැඩල් කරනව syber අවකාශයෙ .
    🤥
    දැන් AKD මිනීමරුවෙක් වෙලා තියෙනවා මේ කුණාටුව අස්සෙ

    සමන්ත මෝල්ගස්කාරයෙක් කලා ,

    උඹලා කරණ හැම වැඩක්ම උන් චොර කරලා දානව
    දැන් උබලා මොනව කිව්වත් උඹල ජොකර්ල බොරුකාරයො ගානට ගානට වැටිලා තියෙන්නේ ආයේ වෙන මොනව කරන්නද.
    🤥🤥
    උබලා උසාවි අලුතින් හදලා හරි නඩු තියෙන හොරු ටික ඉක්මනට ඇතුලට දාපු නැති එකේ පෝරියල් එක තමයි ඒ කන්නෙ, උඹලා පයිල් තියෙනවා කිව්වාට ඇති පයියක් නෑ 🤌🤌
    උබල වෙනුවෙන් අවංකව කොමෙන්ට් එකක් කොටන එව්නුත් දැන් ඩෝබිලා වෙලා 😰😥😢
    උබලට ආදරේ කරපු උන් දැන් උඹලව අතාරිනව දවසට සිය දහස් ගණන්
    සමාජ මාද්‍ය වලින් මොකුත් කරන්න බෑ කියලා හිත්නවනම් උබලත් ජෙපි බයියො දාර බයියෝ තමයි 🤌🤌
    දැන්වත් මොලේ කල්පනාකරලා වැඩ කරපල්ලා
    👺👺 රන්වලට ඉල්ලල අස්වෙන්න වෙනව අනිවාර්යයෙන් මොකද narritive එක හැදිලා ඉවරයි . රැව්ලයි කැදයි දෙකම බේරගන්න බෑ දැන් පරක්කු වැඩියි .
    උබලා ගාවත් ඔය අලුතින් බල්ටි ගහළ ආපු බයියො ඉන්නව නේද උන්ව හොදට monitor කරළ ගැටගහලා තියාගන්න වෙනව
    🚨නැත්නම් වෙන්නෙ පොහොට්ටු බයියො බේරෙ නෑවෙ ලන්කට් පිටින් ජෙපි බයියෝ වෙච්ච උබලට ඊළඟට නාන්න වෙන්නෙ අමු හෙලුවෙන් 🤥
    මොකද උබලා ගැන මිනිසුන්ගෙ හිතෙ සෑහෙන වෛරයක් ඇති වෙලා තියෙන්නෙ උඹලගෙම ගොන් තකතීරු වැඩ නිසා කොනක ඉදන් පිලිවෙලට 🤔

    අනිත් පැත්තෙන් උඹල ආපු දවසෙ ඉදන් විපක්ෂේ උන් උඹලව එලවන්න ගහන්නෙ සුපිරිම ගේමක්, ඒ නිසාම ඉක්මනින්ම යන්න වෙන බව මතක තියාගෙන කරන දෙයක් පරිස්සමට කරන්න ඇමරිකන් කාරයො ඉන්දියන් කාරයො ඉක්මනින්ම පැත්ත මාරු කරන බව තේරුම් අරගෙන පරිස්සමට වැඩ කරන්න තාමත් අපී මාලිමාවට ජවිපෙට ආදරේ සාපේක්ෂව හොඳම දේශපාලන පක්‍ෂය කියලා හිතන නිසා අපිවත් උඹලට නැතිවෙයි ඔහොම යනකොට 💔😓

    ReplyDelete
  15. හුම්. මේ ආපදා අස්සෙත් කස්ටියක් බොරදියෙත් මාලු බානො!
    අනේ කාලෙ වනේ වාසේ කියන්නෙ මේවට තමා...

    ReplyDelete