අකුරු මැකී නෑ

Wednesday, December 24, 2025

හතලිහේදී... විසිහයවෙනි කොටස

“නිමල්, අද මං ගියා මිස්ටර් අහීර්ව හම්බ වෙන්න. මාව දැක්ක ගමන්ම මනුස්සයා ඇහුවේ ඔයාලගේ වෙඩින් එක ඉවරයිද කියලා. ඊළඟට ඇහුවේ නිමල් ආයිත් වැඩට එයි නේද කියලා... මනුස්සයට ඔයාව හොඳට හිතට අල්ලලා පාටයිනෙ. Garment එකේ දෙතුන් දෙනෙක්මත් ඔයාව මතක් කර කර ඉන්නවලු... ඒක නෙවෙයි නිමල්ලගේ මහතැන; ඩැඩා මොකද කියන්නේ? වැඩට යන්න එපැයි කිව්වද...” යසිරු ප්‍රශ්න වැලක්ම ඇහුවා.

වැලිගල්වලින් සාදා ඇති "හාපි" ප්‍රතිමාව පැපිරස් ලියවිල්ලක් අල්ලාගෙන සිටින ආකාරයක් නිරූපණය කරයි.

මං ඒවා අහගෙන උන්නේ අඩ නින්දෙන් වගේ. ඒත්, වැදගත්ම ප්‍රශ්නෙට උත්තර දෙන්න මං අමතක කළේ නෑ. “මම ආයෙත් වැඩට යන්නයි ඉන්නේ, යසිරු!”

“අන්න හරි! එයාලට ලොකු order එකක් හම්බ වෙලා. මං එහෙනං මිස්ටර් Aheerට කියන්නද ඔයා වැඩට එයි කියලා...”

“කමක් නෑ... කියන්න. අනිද්දා ඉඳලා එනවයි කියනවද තරහ නැතිව...”

සිද්ද වෙච්ච දේවල් තත්ත්වාකාරයෙන්ම ලියල තියන එක හරිම වැදගත් කියලයි මං හිතන්නේ. ඒ ‘හිත’ මට එන්න ඇත්තෙ මානව ජානවලින්ම වෙන්න ඇති. නොයෙක් දේවල් සටහන් කරලා තබන පුරුද්දක් ඒ කාලේ ඉඳලම මානවයාට තිබිල තියෙනවනෙ.

සෙටි 1 හා දෙවැනි රැම්සෙස් රජවරුන්ගේ කාලයේදි ඊජිප්තුවේ අමුන් දෙවොලේ පරිපාලන අධ්‍යක්ෂක තනතුර දැරුව ‘හාපි’ පැපිරස් පත්‍රවල එහෙම සටහන් තියපු කෙනෙක්. සියවස් ගණනාවකට කලින් ජීවත් වෙච්ච හාපි ලේඛකයා ඔහුගෙ සටහන් තැබීම නිසා අනුස්මරණීය කෙනෙකු වුණා වගේ...
නිමල් දිසානායකයාත් එයාගේ ලේඛනයන් නිසා පොඩි අනාගත කාලයක් හරි ජීවත් වේවිද?
     

මං විතරක් නෙවෙයි. මගේ ජීවිතේට සම්බන්ධ වුණු ගොඩක් පාත්‍ර වර්ගයනුත් මගේ ලියැවිලි නිසා නිකංම අනුස්මරණීය වෙනවා. එකම ප්‍රශ්නේ හුඟක් වෙලාවට එයාල ගැන ලියැවෙන්නෙ ඇත්තම නම්වලින් නොවෙන එකයි. ඒත් බන්ටි ගැන එහෙම නෙවෙයි- එයාගේ ඇත්තම නම මොකක් වුණත්- හැමෝම එයාට කතා කළේ බන්ටි කියලයි.

යසිරුට කීව විදිහටම ඊට දවසකට පස්සේ මං ආපහු වැඩට ගියා. එතකොටයි මං බන්ටිව දැක්කේ.

හරිම පැහැපත් පාට හමක් තියෙන, උස, උසේ තරමට මහතත් තියෙන බන්ටිට තිබ්බේ මුදු- මුදු ගැහුණු කෙස්සක්. ඉන්දියන්කාර බ්‍රාහ්මණ වංශිකයෙක් වුණත් බන්ටිගෙන් පළ වුණේ ළගන්නා ග්‍රීක පිළිමයක ස්වරූපයක්...
මං එයාව දකින වෙලේ බන්ටි හිටගෙන උන්නේ මගේ අයනින් ටේබල් එකට ඉස්සරහ එකේ; මගේ partner විදිහට.
“Good Morning Mr. Nimal. Glad to meet you...” බල්නූර් මාව අඳුන්නලා දෙන්නත් කලින්ම බන්ටි හිනා වෙලා කියමින් එයාගේ දකුණත දික්කළා.

“ගුඩ් මෝනින්. මං හිතන්නේ ඔයා බන්ටි වෙන්න ඇති.” මාත් එයාගේ දකුණත මිරිකමින් කිව්වා. “මේ දවස් ටිකට බල්නූර්ලා මාව star කෙනෙක් කරවලා පාටයිනෙ Mr. Bunty.”

“Nimal, අපි දෙන්නම දැන් ඉඳලම මිස්ටර් කෑල්ල අත ඇරලා දාමු නේද? එහෙම කළාම ලේසියි, හොඳයි නේද බල්නූර්.”
කියපු පළමුවෙනි දේවල්වලින්ම බන්ටිව මගේ හිතට ඇල්ලුවා.

කිර්ලියාන් ෆොටෝ එකක් ගත්ත නං දැනගන්න ඇහැක් වෙයි...

“ස්ටාර් කෙනෙක් කොහොම වෙතත් ඔයා හරි කඩිසර කෙනෙක් කියලා නං බල්නූර් මට කිව්වා. අපිට නිමල් එක්ක හැරෙන්නවත් බැරි වෙයි කියලත් කිව්වම- මං හිතාගෙන හිටියෙ නිමල් හරි ලොකු matured කෙනෙක් විදිහට. දැන් බැලුවම... ඔයා එහෙම නෙවෙයිනේ... ඔයා young guy කෙනෙක්නෙ.”

“හා හා ඔය මදැයි! බොස් මෙතෙන්ට එන්න කලින් උඹලා වැඩ පටන් ගත්තොත් හොඳයි... නිමල් බ්‍රදර්, ඕන්න මං පුළුවන් තරං මහන්සි වෙලා බන්ටිව ට්‍රේන් කරවලයි තියෙන්නේ... හැබැයි ඉතිං speed එක නං වැඩි කර ගන්න වෙන්නේ එයාටමනෙ... එහෙනං... Good Luck!” එහෙමත් කියාගෙනයි බල්නූර් ඈතට ගියේ.
මදින්නට තියෙන ඇඳුම් ගොඩක් බදාගෙන ආව සමීරා ඒවා බක්කියට දාන ගමන් මගේ එක්කත් හිනා වුණා. “ආයෙමත් මට ගොඩ සැරයක් මෙතෙන්ට එන්න වෙනව...”

ඔය කතා-බතා සේරම අස්සෙ මගේ ඇස් දෙක එහෙ-මෙහෙ දිව්වේ ප්‍රසාද්ව දකින්නයි. බොස් එයාව ඇඳුම් මැදිල්ලෙන් ඈත් කරලා වෙනින් තැනකට දාලා වගෙයි. ප්‍රසාදුත් ඒ වැඩ කරන ගමන් අපේ පැත්තට එයාගේ ඇස් දෙක එවන හැටි මං දැක්කා.

වැඩ කරන ගමන්ම මට කල්පනා වුණේ ප්‍රසාද්ගේ කියුම්. එයා මට කිව්වේ බොරුද? එයා කියපු විදිහේ මහන්තත්ත ආඩම්බරකමක්වත්, හොම්බට අනින්න හිතෙන තරමේ මහා උඩඟුකමක්වත් බන්ටිට තියෙන විත්තියක් නං මට පෙනුන්නෑ. හැබැයි- එයා ළඟ පැහැදිලිවම පෙනෙන මොකක්දෝ අභිමානවත් ගතියක් නං තිබ්බා.
‘ආයෙ දෙකක් නෑ. බන්ටිගේ
කිර්ලියාන් ෆොටෝ එකක් ගත්ත නං දැනගන්න ඇහැක් වෙයි... එයාගේ රැස් වළල්ල වැඩි ඈතකට විහිදෙන විත්තිය!’.

හැබැයි, එහෙම ලොකු පෞරුෂවත් පෙනුමක් තිබුණ වුණාට බන්ටිගෙ ළඟත් මහ ලොකු කඩිසර ගතියක් නං තිබ්බේ නෑ!

අහීර් මහත්තයා අපේ ළඟට එනකොටත් බන්ටිගෙ කොටස මදින්න තියෙන ඇඳුම් ගොඩ ගැහිලයි තිබ්බේ. ඒ විත්තිය දැකලත් එයා ගෝලු ගත්තෙ නෑ, ප්‍රසාද් එක්ක වගේ. කන්නාඩි දෙකට යටින් ඒ දිහාට බැල්මක් දාලා... Mr. Aheer මගේ පැත්තට හැරුණා.
“නිමල්, ටික දවසක් යනකල් උඹට පුළුවන් නේද බන්ටිටත් උදව් වෙන්න- ප්‍රසාද්ට උදව් වුණා වගේ.”  

බැහැයි කියන්නයැ?
ඒ කුණ්ඩාවාඩයත් නිදිගෙ ඉහ මත කඩා පාත් වුණේ ආන්න එහෙමයි.

එහෙම සිද්ද වෙච්ච එක ගැන බන්ටි නං චුට්ටක්වත් ගණන් ගත්ත විත්තියක් පෙනුන්නෑ. ‘මිනිහත් මාර කපටියෙක් වගේ. අපිට නං ලජ්ජයිනෙ ඔහොම වැඩක් වුණා නං. ඒකටත් එක්ක මෙන්න මිනිහ. නිකමට සොරි කියලවත් කියපං... එහෙමවත් නෑ... ඒ අතින් ප්‍රසාද් තව හොඳයි!’

කොයි කොදෙව්වක කොයි ජාතියක උපන්නත් පිරිමින්ගේ ඒ ගතිය වෙනස් වෙන්නෑ. (විශේෂයෙන්ම) ලිංගික කටයුතුවලදී...

ප්‍රසාද් උන්නේ මැදල ඉවර කරපු ඇඳුම්, හැන්ගර්ස්වල එල්ලලා, ඒවා ආවරණය වෙන විදිහට විනිවිද පෙනෙන; දිලිසෙන පොලිතින් කවර දමමින්. එතැනටම හිර වෙලා හිටිය මිසක් මිනිහට අපේ පැත්තට එන්න ඉඩක් ලැබුණේ නෑ. අපි හම්බ වුණේ තේ බොන්න යද්දියි.

“ඉතිං කොහොමද නිමල්? පහුගිය ටිකේ ඔයා මහත් වෙලා- පාටත් වැටිලා. ඔයාව දැක්කත් සන්තෝසයි!” ප්‍රසාද් මගේ අත් දෙක මිරිකමින් කිව්වේ හරි උනන්දුවකින්. ඒත් එක්කම මිනිහා හීනි හඬකින් ඇහැව්වේ බන්ටි ගැන. “ඒකා ඔයාටත් උගෙ ලොකුකම් පෙන්නුවද?”
“ඔයාගේ මනස්ගාත ප්‍රසාද්. එයා එච්චරම අහංකාර නෑ...”
“එච්චරම අහංකාර නෑ? ඒ කියන්නේ ටිකක් හරි අහංකාරයි කියන එකනෙ.”

දුටු මනතින් හරි, පැයකින් දෙක-තුනකින් හරි පුළුවනිද මිනිහෙකු ගැන හරි තක්සේරුවක් කරන්න? සමහර වෙලාවට මාත් ඒ ගොන්කම කරනවා තමයි. ඒත් එදා නං එහෙම කළේ නෑ. “වචනවලම එල්ලෙන්න හදන්න එපා මහත්තයෝ... අපි තව ටිකක් බලමුකෝ. යමු, යමු... නැත්තං තේ ඉවර වෙයි.”

එදා හවස් වෙද්දී මං හිටියෙ බාගෙට මැරිලා. දිගටම වැඩ කරනකොට නං හිටගෙන ඉන්න එක පුරුද්දට ගිහිං තිබ්බේ. “පහුගිය දවස් ටිකට ඒ පුරුද්ද නැති වෙලා. කකුල් දෙක රිදෙනවා ප්‍රසාද්!” වැඩපොළේ ඉඳලා bus stop එකට යන අතරේ මට කියැවුණා. මං එපා කියද්දීත් ප්‍රසාද් මගෙත් එක්ක බස් නැවතුමට ආවේ.
“මොනව කරන්නද ෆ්‍රෙන්ඩ්... තැනකුයි නිදහසකුයි තියෙනවා නං මම උඹව එක්කගෙන ගිහිං කකුල් දෙකට හොඳ මසාජ් එකක් දෙනවා...”

එහෙම වෙලාවට මගේ තියෙන ‘කුප්පිදු කුප්පන ගතිය’ එළියට පනින්නේ නිකංමමයි.
“එච්චරයිද?”
“ඔයා ඉඩ දෙනවා නං ඉතිං... ඊට පස්සේ...” ප්‍රසාද් මගේ අතකින් අල්ලගෙන පිරිමදිමින් කිව්වා. “උඹ දන්නවද? මම බලාගෙන ඉන්නේ ඉක්මනටම මගේ room mateල දෙන්නා නවාතැනේ නැති දවසක් එනකල්. එදාට උඹ එහෙ එන්න ඕනි... එතකොට පෙන්නංනංකො තව මොනවද කියලා.” ඒ වචන කීපය පිට කරද්දී එයාගෙ කටහඬේ තිබ්බේ එසේ-මෙසේ කාමුක ගතියක් නෙවෙයි.

“බලමුකො බලමුකො, ඉඩක් හම්බ වෙච්ච දවසක... ඔයා ඔය කියන තරං වැඩ්ඩෙක්ද කියලා.”

ඒ වචනවලින් ප්‍රසාද් තවත් ඇවිස්සෙන විත්තිය දැනගෙන හිතා-මතාමයි මං එහෙම කිව්වේ.
ඒක පිරිමින්ගේ හැටි. කොයි කොදෙව්වක- කොයි ජාතියක උපන්නත් පිරිමින්ගේ ඒ ගතිය වෙනස් වෙන්නෑ වගෙයි. (විශේෂයෙන්ම) ලිංගික කටයුතුවලදී හැම පිරිමියෙකුම පාහේ හිතන්නේ ‘මං තමයි කෙරුමා’ කියන විදිහට. සමහරු හිතන්නේ ‘හනුමා දර පලන විදිහට කළා’ම සේරම හරි කියලයි. ප්‍රසාදුත් එහෙම කෙනෙක්ද?

මිනිහෙක්ව පිස්සු වට්ටන්න නං අන්තිමටම නොයා නවත්තන්න ඕනි බව...

‘අනේ වලත්තයා! දැන් ඉඳලම ඔව්වද හිතන්නේ... යකෝ, ගොඩ ඉඳන් පීනන්න බැරි විත්තිය දන්නැද්ද. එයා ගැන හරියටම දැනගන්න වෙන්නේ එයත් එක්ක subject එකට බැස්සට පස්සේ නේද...

-අනෙක එදා; අදට අවුරුදු තිහකට විතර කලින් උඹට ඔය දේවල් හිතෙන්න ඇති තමයි. ඒත් මී හරකෝ-  ඒවා මොකටද දැන් එළියට දාන්නේ... ඒකෙන් වෙන්නේ තමුසෙගෙ හිතේ  තිබිල තියෙන කැත අලුගුත්තේරුකම් ඔක්කොම පිටස්තර ලෝකයා දැනගන්න එක නේද... උඹ දැන් ඉන්න වයස ගැනත් කල්පනා කරන්න ඕනි නේද?’

‘ඔය එක පැත්තක් විතරයිනේ. දන්නවනේ- අපේ තාත්තා අපිව හැඩ ගස්සපු හැටි. ‘ඇත්ත කියන්නයි බිම ඉඳ ගන්නයි බය වෙන්න එපා!’. මොන හේතුවකට හරි මේ නිමලයා හැදිලා තියෙන්නේ ඒ විදිහට. මම මේ බ්ලොග් අඩවිය ලියන්න ගත්තෙත් හිතේ හංගල තියාගෙන උන්නු දේවල් එළියට දාන්නනෙ. එහෙම එළියට දාලා හිත නිදහස් කර ගන්නනෙ.

‘හැබෑට, එහෙනං දැන් හිත නිදහස්ද?’

සත්තකින්ම! මගේ ජීවනාන්දරය (හැකි පමණ) හෙළිදරවු කරමින්, ආදරණීය පාඨක ඔබ සමඟින් බෙදාගැනීම මෙතරම් සහනයක් වෙතියි පටන් ගැන්මේදී මම නොසිතුවෙමි. ඇත්තෙන්ම මේ අතීතාවලෝකනයේ යෙදෙමින් කරන ලේඛන ව්‍යායාමය භාව විශෝධනයකි.
එසේම මේ ලේඛන කියවූ රසික-රසිකාවියන්ගෙන් මට ලැබුණෙත් හොඳ දිරි ගැන්වීම්මය. ඒවායෙන් කියැවුණේ ‘නොපැකිළ ඇත්ත කීම ගැන පැසසුම් වදන්’ය.

ඉදින්, මම ඉදිරියේදීත් එසේ කරන්නෙමි. කුමන විවේචන ලදුවත් ඇත්තම ලියන්නෙමි. සිදු වුණු සියලු දේ නොබා ලියන්නෙමි...  

“My skills?” එහෙම අහද්දී ප්‍රසාද්ගේ ඇස්දෙක දිලිසෙමින් තිබ්බේ. ඒකෙන් මට පෙනුණේ ඒ යක්ෂ පැටියාගෙ ආසාවන් අවදි වෙලා තිබුණ වගයි; Heart බීට් එක වැඩි වෙලා තිබුණ වගයි; රුධිර සංසරණ වේගය වැඩි වෙලා තිබුණ වගයි කියන කාරණා.
‘එච්චර විතරක් නෙවෙයි නිමලෝ- කොල්ලගේ චූටි පැටියාත් පණ ගහලා; පිම්බිලා; ලොකු වෙලා ඇති!’ වනචර චිත්තයා මට කිව්වා. හොඳට වටපිට බලලා- කවුරුවත් ළඟපාතක නැති විත්තිය තහවුරු කරගෙන මං ප්‍රසාද්ගේ රහසඟ මිරිකලා බැලුවා- ඒ කීම හැබෑවක්ද කියලා.

ඔව්නේ!
එයාගේ යගදාව ප්‍රාණවත්...

“Again... ප්ලීස් මයි ඩියර්...” ප්‍රසාද් කෙඳිරි ගෑවා.
මිනිහෙක්ව පිස්සු වට්ටන්න නං අන්තිමටම නොයා නවත්තන්න ඕනි බව මං එතකොට ඉගෙන ගෙනයි උන්නේ. පටන් ගත්තම ඇති. හැම  තිස්සෙම ඉවර කරන්න දෙන්න හොඳ නෑ. ඉඳහිට මිසක් climax එකට යන්න හොඳ නෑ. (‘අඩහ කෑම දහස් වටී’ කියන පුරාණ කියමන වුණත් මෙතෙනට අදාළයිද මංදා.) එතකොටයි මනුස්සයා දිගටම ඊළඟ අවස්ථාව ගැන හීන මවන්නේ...

එහෙම නැත්නම් ෆෝන් එකට නොටිෆිකේෂන් එකක් එද්දි හිතට දැනෙන...

“Not now...” මං ප්‍රසාද්ට කීවේ අධිකාරිමය ස්වරයකින්. ඒ හාදයත් ඒකෙන් control වෙච්ච විදිහයි. කලින් දවසක වගේ එදා හැන්දෑවෙ නං එයා මාත් එක්ක බස් එකට නොනඟින බවත් මං දැනගෙනයි උන්නේ. වැඩිය රෑ වෙලා නොතිබ්බ ඒ වෙලාවේ බස් එකේ සෙනඟ නිසා.

මට තනියෙන්ම හවුන්ස්ලෝ බස් එකට නඟින්න දීල ප්‍රසාද් අත වැනුවා. මං හිතන්නෙ ඒ මොහොතේ මගේ ලේවල අඩංගු ඩොපෙමින් මට්ටම තියෙන්න ඇත්තෙ ඉහළ අගයක! ඩොපෙමින් හෝර්මෝනය ගැන නං අපි කලිනුත් කතා කරල තියෙනවා. ඒත් ඒ වගේම වැදගත් තව හෝර්මෝන ජාති තියෙනවනෙ...

‘... අපේ ජීවිතේ සතුට සහ ගැම්ම තීරණය කරන ප්රධානම චරිතයක් තමයි ඩෝපමීන් (Dopamine) කියන්නේ. අපි මොකක් හරි වැඩක් සාර්ථකව ඉවර කළාම, ආස කෑමක් කද්දි, එහෙම නැත්නම් ෆෝන් එකට නොටිෆිකේෂන් එකක් එද්දි හිතට දැනෙන ඒ ක්ෂණික සතුට අරගෙන එන්නේ මෙයා.
හැබැයි මේකේ භයානක පැත්තකුත් තියෙනවා. අපේ ඇඟේ ඩෝපමීන් මට්ටම අඩු වුණාම තමයි අපිට ලෝකෙ කිසිම දේකට ආසාවක් නැති
, පුදුම කම්මැලිකමක් සහ එපා වීමක් දැනෙන්න පටන් ගන්නේ.

මේකට සමානවම වැදගත් අනිත් කෙනා තමයි සෙරොටොනින් (Serotonin). ඩෝපමීන් වලින් ක්ෂණික සතුටක් ගෙනාවට, අපේ මනස සන්සුන්ව සහ සමබරව තියාගන්න උදව් වෙන්නේ මේ සෙරොටොනින්. අපි නිතරම හේතුවක් නැතුව දුකෙන් ඉන්නවා නම්, තනිකමක් දැනෙනවා නම් ගොඩක් වෙලාවට අපේ සෙරොටොනින් මට්ටම පහළ බැහැලා වෙන්න පුළුවන්. විශාදය (Depression) වැනි තත්ත්වයන්ට පවා මේ හෝමෝනය අඩු වීම සෘජුවම බලපානවා.

අපේ සමාජ සම්බන්ධතා සහ ආදරය පාලනය කරන්නෙත් මේ වගේම රසායනික ද්රව්ය එකතුවක්.

උදාහරණයකට ඔක්සිටොසින් (Oxytocin) හඳුන්වන්නේ "ආදර හෝමෝනය" කියලා. අපි ආදරය කරන කෙනෙක්ව වැළඳ ගත්තම, පොඩි දරුවෙක්ව තුරුල් කර ගත්තම හරි යාළුවෝ එක්ක හයියෙන් හිනාවෙද්දි හරි ක්රියාත්මක වෙන්නේ මෙයා. මිනිස්සු අතර විශ්වාසය සහ බැඳීම් ඇති කරන්න ප්රධාන වෙන්නේ මේ ඔක්සිටොසින්.

ඒ වගේම තමයි එන්ඩෝෆින් (Endorphins) කියන්නේ ස්වභාවික වේදනා නාශකයක් වගේ දෙයක්. අපි හොඳටම සෙල්ලම් කරලා හරි ව්යායාම කරලා හරි මහන්සි වුණාම ඇඟට දැනෙන සැහැල්ලුව දෙන්නේ මෙයා. කායික වේදනාව විතරක් නෙවෙයි මානසික වේදනාව යටපත් කරන්නත් මේකට පුදුම හැකියාවක් තියෙනවා.

දවසම මූඩ් අප්සෙට් වෙලා ඉන්න ප්රධාන හේතුවක් තමයි...

අනිත් අතට අපේ නින්ද සහ ආතතිය පාලනය කරන ප්රධාන චරිත දෙකක් ගැනත් අපි දැනගන්නම ඕන. රෑ වෙද්දි අපිට ඉබේම නිදිමත හැදෙන්නේ මෙලටොනින් (Melatonin) කියන හෝමෝනය නිසයි. හැබැයි අපි රෑ තිස්සේ ලයිට් දාගෙන ෆෝන් එක ඔබ ඔබ හිටියොත් මොළය රැවටෙනවා තාම දවල් කියලා. එතකොට මෙලටොනින් ශ්රාවය වීම නවතිනවා. පහුවදා උදේට ඔලුව බර වෙලා, දවසම මූඩ් අප්සෙට් වෙලා ඉන්න ප්රධාන හේතුවක් තමයි මේක. මේ ඔක්කොම අතරේ ටිකක් භයානක කෙනෙක් තමයි...’

‘විශ්ව කර්ම’ fb සමූහයේ පළ කරල තිබුණු ‘පිස්සු වට්ටන හෝර්මෝන්’ post එකෙන් උපුටාගෙන දැම්ම ටිකේ අන්තිම ඡේදය විතරක් වුණත් කොයි තරං වැදගත්ද?

එහෙම බලනකොට නං අපි හැමෝම රූකඩ. හෝර්මෝන අතේ නැටවෙන රූකඩ!

පව්! ප්‍රසාද් එදා බෝඩිමට යන්න ඇත්තෙත් රූකඩයක් වගේ. එයා නවාතැනට ගිය ගමන්ම, හවස සිද්ද වුණු දේවල් මෙනෙහි කරමින් ප්‍රසාද් ඇඳුම් සේරම ගලවල දාලා bath room එකට රිංග ගන්න ඇති... එතකොටත් එයාගේ ඉඳුරන් අවදි වෙච්ච ගමන්ම තියෙන්න ඇති... ‘දැන් නවත්තපං‘ කියල හරි ‘එපා’ කියල හරි කියන්න කෙනෙක් නැති- ඒත් තමන්ට කැමති ඕනි දෙයක් කරන්න නිදහස ඇති- නාන කාමරයේ ඉඳගෙන ප්‍රසාද් මගේ රූපකාය මවා ගන්න ඇති... මවාගෙන?

මම එහෙම හිතුවට, ප්‍රසාද් එහෙම කළාද කියලා නං මං හරියටම දන්නෑ.

හැබැයි මම නං එයාගෙ මනෝකාය මගේ ළඟට ගෙන්න ගත්තා...අපරාදේ කියන්න බෑ, ඒ මනෝකාය මට ඕනි විදියට- මගේ හිතේ හැටියට මාව සනසවලා සංසිඳුවලයි ආපහු ගියේ!   

ඉතිරි හරිය ඉතා ඉක්මනින්...



සැමටම ප්‍රීතිමත් නත්තලක් වේවා!

32 comments:

  1. Merry Christmas ලොක්කා...!

    - නිදි කො. 01

    ReplyDelete
  2. සුබ නත්තලක් සහ නව වසරක්

    ReplyDelete
    Replies
    1. අජිත් ධර්ම මහතා ඇතුළු පවුලේ සැමටත් සුබ නත්තලක් හා සුබ නව වසරක් වේවා!

      Delete
  3. //අපි රෑ තිස්සේ ලයිට් දාගෙන ෆෝන් එක ඔබ ඔබ හිටියොත් මොළය රැවටෙනවා තාම දවල් කියලා.// - මේක කියවන්නෙත් දැන් එහෙනං මොලේ රවට්ටගෙන 😁. නිදාගන්න වෙලාවනෙ මේ...

    ඔබටත්, අනෙක් සැමටත් ප්‍රීතිමත් සුබ නත්තලක් වේවා 🎉🙏🙏

    ReplyDelete
    Replies
    1. තමුන්නාන්සේ රෑ ජාමයක් තිස්සෙම ෆෝන් එක බලන විත්තිය අපි දැකල තියෙනවා, නමිනං උන්නැහේ.
      ඔයාටත් ප්‍රීතිමත් (දමිල) නත්තලක් වේවා!

      Delete
  4. මට නින්ද යන්නේ නැති නිසා මෙලටනින් ගමීස් ගත්ත . රැයකට එකක් වගේ . නින්ද යනවා වුනාට ඔලුවේ කැක්කුම හැදෙනව . ඒ නිසා නැවැත්තුව

    ReplyDelete
    Replies
    1. අජිත් මහත්තයෝ, ඔයා මේස් කුට්ටම් තුනේ ක්‍රමය try කලේ නැද්ද?

      Delete
    2. අජිත් මහත්තයෝ-
      ඒක ඉතාම සරල වැඩක්. මේස් කුට්ටම් තුනක් (කොට්න් නම් වඩා හොඳයි.) අරගන්න. නිඳියන්න කලින් එක් මේස් කුට්ටමක් සීතල වතුරෙන් පොඟවා මිරිකලා ගත යුතුයි. ඊළඟට වියළි මේස් කුට්ටමක් දාගෙන- ඊට පස්සේ තෙත මේස් කුට්ටමත්, ඊටත් උඩින් ඉතිරි වියළි මේස් කුට්ටමත් දාගෙන නින්දට යන්න.
      එවිට අර තෙත මේස් කුට්ටම වියළෙන්නට අවශ්‍ය උණුසුම දෙපාවලින් ලබාගන්නා නිසා දෙකකුල්වලට වැඩියෙන් රුධිරය සැපයෙනවා; මොළයට කෙරෙන රුධිර සැපයුම අඩු වෙනවා; ඉන් හොඳ නින්දක් ලැබෙනවා.
      මට නං කවදත් හොඳට නින්ද යන නිසා මේ ක්‍රමය අත්හදා බලන්න ඕනිකමක් ඇතිවෙලා නෑ. ඒත් මගෙන් ඔය ක්‍රමය අසාගත් දෙතුන් දෙනෙකුම කිව්වා මේක සාර්ථක විත්තිය.

      Delete
    3. දවසක කතාවක් අපේ යාළුවො අතරෙ ඇති වුනා. ඔය රසායන නිසා අපේ සිතුම් පැතුම් වෙනස් වෙනවද, නැතිනං අපේ සිතුවිලි හන්ද ඔය රසායන වෙනවස් වෙනවද කියල.

      මොලේට ලේ යන එක අඩුවීම හොඳ මදි කියලයි අහල තියෙන්නෙ. මේ කාරණා දෙක ගැනම අහසක් දොස්තර මහතාගෙන් නිදී ලොක්ක ඇහුවනං...

      Delete
    4. නමී මහත්තයෝ, දොස්තර මහතාට කිව්වා තමුන්නාන්සේගේ ප්රශ්න දෙක.
      'යුෂ්මතා මොකටද තොල්කකං කරන්නේ. ප්‍රශ්නේ පුංචියි වගේ පෙනුණට දිග උත්තරයක් තමයි දෙන්න වෙන්නේ. මාව හම්බ වෙච්ච වෙලාවක නමීටම අහගන්නයි කියන්න.' කියලා එයා කිව්වා.

      Delete
    5. එහෙම සාකච්ඡාවක් කරල ඒ ගැන නමීට post එකකුත් ලියතහැකි මගෙ හිතේ.

      Delete
    6. දොස්තර මහතා හම්බුවෙච්ච වෙලාවක එහෙනම් දෙන්නත් එක්කලාම ඒ ගැන දැනගමුකො!
      post එකක් ලියන එක තමයි දැන් කරන්න අමාරුම වැඩේ... හිටං 😁

      Delete
    7. This comment has been removed by the author.

      Delete
    8. ස්තූතියි නිදි මේ ගැන කිව්වාට. මමත් ටිකක් හොයා බැලුවා මේ ගැන.
      https://www.reddit.com/r/AskReddit/comments/5ttdhc/comment/ddoud0q/

      කිසිම විද්‍යාත්මක පදනමක් නැහැලු, ඒත් මෝල් ගහෙන් ඇන්නැහේ ලෙසටම වැඩ කරනවලු. මේකෙ කියවෙන්නෙ නින්ද නොයන එකට වඩා හෙම්බිරිසාවට අත්බේතක් ලෙසයි. කොහොමත් ඔය පස්වගේ සහ චීනුන්ගෙ ඉඟුරු, දෙහි, මීපැණි තේ වුනත් විද්‍යාත්මක නැතත් සහනයක් තියනවා නෙව?
      අපට වාර්ෂිකව හැම වින්ටරේම එන හෙම්බා සාල ඇණයක්. මම ෆ්ලූ ෂොට් එකට කැමතිත් නෑ, ඒ හැටි ගුණේකුත් නැති නිසා.

      Delete
    9. ඔයාගෙ තියෙන හොයා බලන ගුණේ හරි අගෙයි- ඒ ගැන ස්තුතියි!
      බළලා මැටියෙන් වුණත් කමක් නැහැ නෙව බකුසුතුමෝ මීයෝ අල්ලනවා නං! නැද්ද මං අහන්නේ...

      Delete
  5. සුබ නත්තලක් වේවා!

    "එයා කියපු විදිහේ මහන්තත්ත ආඩම්බරකමක්වත්, හොම්බට අනින්න හිතෙන තරමේ මහා උඩඟුකමක්වත් බන්ටිට තියෙන විත්තියක් නං මට පෙනුන්නෑ" නිමල් කියලා තියෙනවා වගේ සමහර අයගෙ ස්වබාවික ශරීර භාශාවෙම ලොකු ආත්ම ශක්තියක්, අභිමානවත් පෞරුශයක් පෙන්නුම් කරනවා. ප්‍රසාද් කොහොමත් low self-esteem තියෙන කෙනෙක් නිසා, the very presence of Banti may have been threatening to him.

    ReplyDelete
    Replies
    1. සුබ නත්තලක් Lotus!
      ඔයා හරි. ප්‍රසාද් වගේ තමන් ගැන හරි තක්සේරුවක් නැති උදවිය නිතරම අනුන් පිට තමයි වැරදි පටවන්නේ.

      Delete
  6. සුබ නත්තලක් සහ නව වසරක්!

    ReplyDelete
  7. ඔයාටත් සුබ නත්තලක් හා සුබ නව වසරක් බකුසාණෙනි!

    ReplyDelete
  8. Replies
    1. link එකට ගියා. දිගු ලිපියක් නිසා අද දවල්ටයි කියවන්නේ. ස්තුතියි බස්සෝ!
      කියවල මගේ අදහස් කියන්නන්.

      Delete
    2. බස්සා මහත්තයෝ, තමුන්නාන්සේ එවා තිබෙන පාර (link එක) දිගේ ගිහින් ඒ post එක කියෙව්වා. ඒක මල්!!!
      මේ comment එකත් ලියල ආවා. ස්තුතියි!

      // රජවරු කොහොමත් ඉන්නේ තමන්ගේ රාජ්‍ය පාලනය කොයි මොහොතේ බිඳ වැටේවිද කියලා බයෙන්.//
      // මරණය අබිමුව පවා තමන්ගේ බුද්ධි ප්‍රභාව පහළට වැටෙන්නට නොදී නිරවුල්ව තබා ගන්නත් ඔහුට උවමනා වුණා.//
      // ඒ කාලයේ මේ පොත් නිර්මාණය වුණේ පදම් කළ සත්ත්ව හම්, පැපිරස් පත් මත. දිවා රෑ නොනවත්වා සති මාස ගණන් ගත කරමින් අතින් අත යමින් තමයි මේ පොතේ පිටපත් සිය දහස් ගණන් නිර්මාණය වුණේ.//
      //´“Even in chains, the soul can remain free.”– යදමින් බැඳ විලංගු දා තිබුණත් ඔබට ඔබම විය හැකියි!//

      කියවන විටදි මේ මනරම් පෝස්ටුව
      සිතුවිලි අපමණය මසිතෙහි ඉපද්දුව
      අමිල දැනුම - ‘අමර’ය; පවතීවි ලොව
      නුවණැතියෝ සිටිති සදහට දිවමන්ව!

      Delete
  9. ඔබටත් පවුලේ සැම දෙනාටත් ප්‍රීතිමත් සුබ නත්තලක් වේවා.

    ReplyDelete
    Replies
    1. ලියෝනි, ඔබ ඇතුළු පවුලේ සැමටමත් ඉසුරුබර ප්‍රීතිමත් නත්තලක් වේවා!

      Delete
  10. පුරාණ ග්‍රීසියේ කීර්තිමත් පුද්ගලයින්ට තරුණ සහකරුවන් සිටිබවත් එය ආඩම්බරයට කරුණක් ලෙස ඔවුන් සැලකූබවත් කියවා තිබෙනවා. මෑතකදි සුජිත් අක්කරවත්ත යූටියුබ් හරහා අදහසක් පළකරලා තිබුනා දුටුගැමුණු හා සුරනිමල අතර එවන් සබඳතාවක් තිබුන බවට.

    ReplyDelete
    Replies
    1. පැරණි ග්‍රීසියේ විස්තර නම් අසා තිබුණත් දුටුගැමුණු රජතුමා ගැන මේ කතාව ඇහුවමයි, Litseeker.
      ස්තුතියි තොරතුර කිව්වට.

      Delete
  11. Replies
    1. ස්තුතියි නිහඬපාල මහතාණෙනි!

      Delete
  12. Replies
    1. ගොඩාාාාාාාාාාාාාාරියක් ස්තුතියි Pra Jay මහත්තයෝ.

      Delete