‘මා සම්බන්ධයෙන් ගත් කල ‘ප්‍රේමය රාගයෙන් සපිරි එකකි. අනුරාගයෙන් පිරුණු එකකි.’ ඉදින් කෙසේ නම් මගේ ඒ ප්‍රේමය පාරිශුද්ධ වූවකි; සුරම්‍ය වූවකි යැයි කියන්නද? මා සම්බන්ධයෙන් නම් සුපසන් ආදරය යනු විහිළුවක් නොවෙද?’ කියා විමසමිනි මා මේ පෝස්ටුවල දෙවෙනි කොටස අවසන් කළේ.
‘අනිල්
මට තෑගි කරපු සමරු පොත පරෙස්සමින් අරං තියාගෙන හිටියා මිසක්- මං කවුරුන්වත් ලවා
සමරු සටහන් ලියවාගන්න ගියේ නෑ. හිස්ම හිස් පිටු එක්ක පොත ඔහෙ පැත්තකට වෙලා හිටියා.
ඔහොම අවුරුදු ගණනාවක්ම ගත වුණයි කියමුකො...
එහෙම වෙද්දී හදිසියේම දවසක්...’ එහෙමයි තෙවෙනි කොටස නැවැත්තුවේ.
කතාවේ විදිහට අංගුලිමාල ගුරු පඬුරු
පුදන්න මිනිසුන් දාහක් මරන්න පටන් ගන්නවනෙ. ටික දවසක් යනකොට මරාපු අයගේ ගණන එයාට අමතක
වෙනවා. |
අලස සුවයෙන් හිටිය වෙලාවක කිව්වම, මේ කාරණෙත් කියන්න එපැයි. මොකුත්ම නොකර, නිකංම
නිකං පුටුවක පත බෑවිලා හරි- යහනක වැතිරිලා හරි නිකංක නිකං ඉන්න පුළුවන් කාටද
දෙයියනේ...
කාට පුළුවන් වුණත්, අනේ මට නං ඒ වැඩේ කරන්න බෑ!
මගේ ඔය
කසිලි- බිසිලි ගතිය නිසා තමයි, බෙන්තොටදි කළුවර කැටයම් කපන බාස් උන්නැහේ
කියන්න ඇත්තෙත් අපේ අම්මා මාව වදලා තියෙන්නෙ කහඹිලියා ගාලක් උඩටය කියලා;
ඊට අවුරුදු තිහකට විතර පස්සේ වුණත් ‘පියසිරි ප්‍රින්ටින් සිස්ටම්ස්’ එකේදි ‘මිස්ටර් කලබල’ කියලා
මට අන්වර්ථ නමක් පට බැඳෙන්න ඇත්තෙත්.
ඉතිං අරහෙම නිවාඩු
වෙලාවක කරන්න දෙයක් ඇත්තෙම නැත්තං නිදි කරන්නේ නිඳා ගැනිල්ලයි. නමේ බලපෑමක් හින්දද
මංදා, මට හරිම ලේසියෙන් නින්දට වැටෙතෑකිත්නෙ!
එදාත් එහෙම
නින්දක් දාන්න හදනකොටමයි ‘අංගුලිමාල උන්නැහේ’ මගේ කල්පනා විජිතයට සම්ප්‍රාප්ත
වුණේ. ඒ කතාවේ විදිහට අංගුලිමාල ගුරු පඬුරු පුදන්න මිනිසුන් දාහක් මරන්න පටන්
ගන්නවනෙ. ටික දවසක් යනකොට මරාපු අයගේ ගණන එයාට අමතක වෙනවා. ඒ සැරේ මිනිහා මරණ හැම
කෙනෙකුගෙන්ම ඇඟිල්ලක් ගණනේ කපාගෙන මාලයකට අමුණා ගන්නවනෙ.
එතකොටම මට කල්පනා
වුණා- අඟුල්මල්ට වෙච්ච වැඩේ මටත් සිද්ද වෙන්න පුළුවනිය කියලා.
මාව ඇඳෙන්
නැඟිට්ටුණේ ඒ තත්පරයෙමයි. අනිල් මට තෑගි කරලා තිබුණු සමරු පොතයි එවෙලේ මට මතක්
වුණේ. ඒක අතට අරගෙන, මතකය පීරන්න පටන් ගත්තා.
1960 ෂර්ලි
1966 සුදු මල්ලී, xxxx, xx xxx... නම් ලැයිස්තුව ලියාගෙන ගියේ නිකං ඉන්න බැරි
කමටමයි. කවුරු හරි අහම්බෙකින්වත් ඒ ලැයිස්තුව කියවාවි කියලා මට බයක් තිබ්බෙත් නෑ.
මං ඒ නාම ලේඛනය ලිව්වේ ‘මරදානේ වසන්ත’ බණ්ඩාරවෙලදී
මට කියා දුන්නු ඉලක්කම් භාෂාවෙන්නෙ.
නමුත් ඒ Autograph
එකේ පිටු කීපයක් ලියාගෙන ගියාට පස්සේ නං මට දුක හිතුණා.
‘අනිල් මල්ලී ඉස්සෙල්ලම ගත්ත පඩියෙන් මට අරං දුන්නු තෑග්ගෙ නේද, මෙහෙම කුප්ප
ලැයිස්තුවක් ලිව්වේ?’ කියල මට හිතුණෙ list එකෙන් බාගයක් විතර complete කළාම.
ඒක ගැළපෙන උපමාවකින් කියනවා නම් ‘රත්තරං භාජනයකට හරක් තෙල් දැමිල්ල’ක් වගෙයි.
ඒත් ඉතිං එතකොට අස්සය පැනල ගිහිං ඉවරයිනෙ... මක් කරන්නද? මං වහන්සේ ඉස්තාලේ දොර දිගටම
ඇරල තියෙන්න ඇරියා.
කලා නිර්මාණ හරහා ද ඊට පන්නරයක් දිය
නොහැකිද? ඒ පැනය අමුතු දොස්තර හරහා ද නැවත
අපෙන් නොවිමසයිද? |
එහෙම කෙරිලත්, අද ඒ රහසිගත විශ්වයේ සගයන් ගොඩ දෙනෙකු මට නිකම්ම නිකම් නම් ටිකක්
විතරයි! හීනෙන් ගෑව සුවඳක් වගේ හරි මතකයෙ රැඳී ඉන්නේ බොහොම ටික දෙනෙක් විතරයි. ඒත්
තව කීප දෙනෙක් නං මතකයෙන් යන පාටක් නෑ- මම මැරෙනතුරුම...
සංසාරේ හැටි එහෙම නේන්නං...
ජීවිතවල
මතකයන් ගොඩාක් වැදගත්ද?
‘...
සැබැවින්ම, අපේක්ෂා
කරන සමාජය තවම මෙරට බිහිවී නැතත් ඒ කෙරෙහි කැසකැවීම් කරන පිටස්තරයන් ‘අමුතු දොස්තර’
කෙරෙන් හමු වෙතැයි අපේක්ෂාව ඇරඹුමේදීම ඒ අයුරින් කුළුගැන්වෙයි. එපමණක් නොව, අමුතු
දොස්තර ටෙලියෙන් එපිටට, අදින්
දස වසරක් අතීතයටත් සිත දිවුණේ නිතැතිනි. මෙය රූ ගැන්වූ වයඹ පළාතේම පුත්තලම රජයේ රෝහලේ
සීමාවාසික වෛද්‍යවරියක වූ 26 හැවිරිදි ක්‍රිෂාණි එරංගා ජයවර්ධන සහ ගිලන් රථ සහායකවරයකුට
රිය අනතුරකින් දිවි අහිමි විය. ජනමාධ්‍ය ඔස්සේ ද එකල වාර්තා කෙරුණු ඒ පසුපස කැපකිරීමක
වෙනස් කතාවක් තිබිණ. අසාධ්‍ය දරුවකු පුත්තලම රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට ඇරලවා නැවත
එද්දී අලුයම, බත්තුළුඔයදී
ඒ ඛේදවාචකය විය. ඒ වෛද්‍යවරිය සතු මව්වත් ගුණයක් හේතුවෙන් ඇය ද ගිලන් රියට ගොඩවැදුණ
ද එය රාජකාරිය ඉක්මවා වෛද්‍යවරිය කළ කැපකිරීමකි.
නෑසිය
හිතවත්කමක් හෝ වෙනත් සබඳකමක් තකා ඇය එසේ නොකළාය.
වෛද්‍යවරියකගේ වගකීම පමණක් සැලකිල්ලට ගත්තාය.
මේ සමාජය
එවැනි සංවේදී, ජනතාහිතවාදී
රාජ්‍ය සේවකයන් වැඩිපුර ප්‍රාර්ථනා කරන කාලයකි. එහෙත් සමස්ත රාජ්‍ය මෙන්ම සෞඛ්‍ය සේවයේ
පංගු බේරුව, වැටුප්, විෂමතා
ආදී ආරෝව එවැන්නකට කැස කවන්නේ නැති වග අමුතුවෙන් නොකිව මනාය. කලා නිර්මාණ හරහා ද ඊට
පන්නරයක් දිය නොහැකිද? ඒ පැනය
අමුතු දොස්තර හරහා ද නැවත අපෙන් නොවිමසයිද?’
තමන්ගේ ලියැවිල්ලකදී
එහෙම අහල තිබ්බේ නුවන් මහේෂ් ජයවික්‍රම සහෘදයායි.
සතියේ දවස් පහේම
විකාශය කෙරෙන ටෙලි නාට්‍ය නොබලන ප්‍රතිපත්තියකයි, මං වහන්සේ ඉන්නේ. ඒ, මගේ නිදහස
හා විනෝදාස්වාද කටයුතුවලට වෙන් කළ යුතු කාල වෙලාව පිළිබඳව ගණන් හදල බැලුවට පස්සේ.
ඒත් කොච්චර අනම්‍ය ප්‍රතිපත්තියක් වුණත් බිඳින්න වෙන තැනුත් එනවනෙ... ‘අමුතු
දොස්තර’ නිසා මටත් එහෙම වුණා.
කලා
නිර්මාණයක් හරහා සහෘදයන්ට වින්දනයක් ලබා දෙන අතරේම- ඔවුන් තුළ (සහ)කම්පනයක් ඇති
කරවමින් ඥානනය කිරීමකුත්, පන්නරයක් ලබා දීමකුත් මේ ටෙලියෙන් කෙරෙන බවයි මට
හිතෙන්නේ.
දෙබිඩි; චපල; කාමාතුර සමරිසියෙකු වුණත්
‘මගේ වසං කිරීමේ දක්ෂතාව’ නිසාත්, උපතින්ම මට දායාද වෙලා තිබුණු... |
දෙබිඩි; චපල;
කාමාතුර සමරිසියෙකු වුණත් ‘මගේ වසං කිරීමේ දක්ෂතාව’ නිසාත්, උපතින්ම මට දායාද වෙලා
තිබුණු (ටිකාක් හරි) අහිංසක; ප්‍රියමනාප පෙනුම හා වාසනාව නිසාත් මට පමණට වැඩියෙන්
බුහුමන් ලැබුණා කියලයි මං හිතන්නේ. හැබැයි, ඒ බුහුමන් ලබද්දි මගේ හිතේ ඇති වුණේ
පොඩි සතුටක්; ඒත් එක්කම ලොකුම ලොකු වරදකාරී හැඟීමක්.
එයින් මිදෙන්න මං දරපු උත්සාහයේ, කරපු සීමාසහිත වෑයමේ විත්ති තමයි මේ පෝස්ටු
මාලාවෙන් ලියන්නේ. එහෙම හිත නිදහස් කර ගන්න හිතාගෙන ‘වෙන දෙයක් වෙච්චදෙන්’ කියලා
මං කරපු ‘දෙවෙනි හා තෙවෙනි හෙළිදරව්ව’ කෙරුණු විදිහයි මේ විස්තර ඇතිව කියාගෙන යන්නේ.
(පළමු හෙළිදරව්ව සිද්ද වුණේ ලියුමකින්. ඩැඩාට ලියපු ලියුමකින්.
හැබැයි එතැනදී ‘මගේ ආත්මාර්ථකාමී චේතනාව’කුයි ඒකට හේතුව වුණේ.” දෙවෙනි තුන්වෙනි
වතාවල්වල එහෙම නෙවෙයි, නිමල් දිසානායකගේ හැබෑම ස්වරූපය; හැබෑම අනන්‍යතාව හෙළිදරව්
කිරීම විතරමයි මගේ අරමුණ වුණේ.
ඊට පස්සේ, 2018 ඉඳලා මගේ ජීවිත කතාව හිතාදර පාඨක ඔයාලට ‘නිදිගෙ පංච තන්තරෙන්’ කියන්නේ කතන්දරයක් කියන්නම විතරක් නෙවෙයි. පම්පෝරියක් ගහගන්න කියලත් නෙවෙයි.
ගන්න කැමති කෙනෙකුට ගැනීමට යම් යම් දේවල් මගේ කතන්දරේ ගැබ් වෙලා තියෙනවයි කියලා මට
හිතෙනවා. ඒකයි.
එහෙම ගත යුතු කිසිම දෙයක් නැහැයි කියලා කවුරු හරි හිතනවා නං... ඒත්
කාරි නෑ; එහෙම අයට ඉගෙන ගත්තැකිනෙ යම් යම් දේවල් නොකර හිටිය යුතු මන්ද - කොහොමද
කියලා...
ඒත් අමතක කරන්න එපා. මම ලියන්නේ නම් ප්‍රධාන වශයෙන්ම මගේ හිත නිදහස් කරගන්නයි!
තවත් විදිහකින් කියතොත් මගේම සතුට- මගේම තෘප්තිය උදෙසා වගෙයිනෙ...
ඒ නිසාමද කොහෙද,
මම ඉතාම කැමැතියි මං ලියන දේවල් වැඩි දෙනෙකු කියවනවට. ඒ අතරෙම මගේ මේ ‘කලා
නිර්මාණය’ හැකිතාක් පරිපූර්ණ කලා කෘතියකුත් වෙනවාට. එතකොට තව තවත් අලුත් blog කියවන්නන්
පිරිසක් මේ අඩවියට ආකර්ෂණය වෙයි කියන විශ්වාසයත් මට තියෙනවා. එහෙම වෙනවා නං ඒකත්
කොච්චර එකක්ද?
ඔන්න, ඉතිරි
හරිය ලියන්න කලින් 145 වෙනියාටත් නමක් දීලා ඉන්නයි හදන්නෙ. නවකතා සක්විති ඩබ්ලියු
ඒ. සිල්වා මහත්තයාගේ විජයබා කොල්ලයෙන් තමයි මේ නම මගේ මතකයට ආවේ. නයනානන්ද!
ඉතිං අර
ඔටෝග්‍රාෆ් එක කියන විදිහට 1994 වෙනකොට නිදිගේ score එක 175යි.
ආදරය හටගන්නට මෙන්ම වැඩි දියුණුවන්නටද
බලපාන දේ පිළිබඳ... |
පිපාසයට ලුණු
වතුර බිව්වොත් මොකද වෙන්නේ? මට වුණෙත් එහෙම දෙයක්...
ඒ වගේමයි, වැරැද්දක් නොකරම ඉන්න ඇහැකි නං වඩා හොඳයි. පළමුවෙනි වතාවට වැරැද්දක්
කරන්නයි අමාරු. ඒක කළාට පස්සේ දෙවෙනි වතාවට වැරැද්දක් කරන්න ලේසියි!
මගෙන් කෙරුණු
තදබල වැරදි විදිහට මට හැඟෙන්නේ ලිංගිකත්වය සම්බන්ධ දේවල්. එහෙම වැරදි සිද්ද වෙන්නට
ඇත්තේ ‘රසායනික දේවල්’වල බලපෑම හින්දාද?
‘...
ආදරය හටගන්නට මෙන්ම වැඩි දියුණුවන්නටද බලපාන දේ පිළිබඳ විද්‍යාඥයන් පරීක්ෂණ පවත්වා
ඇත. ආදරය හා එහි ප්‍රතිඵල ජෛව රසායනික ක්‍රියාවන් නිසා සිදුවන බව එමගින් පෙනී ගොස්
තිබේ.
නෙතින්
නෙත හමුවන ප්‍රේමණීය බැල්මක, මුදු ස්පර්ශයක, ළගන්නාසුලු සිනහවක රැඳී ඇත්තේ ආදරය බව
ඔබ දනී. එහෙත් ඒ ක්‍රියා සියල්ල ජෛව රසායනික සංයෝගයන්හි ප්‍රතිඵල බව ඇතැම් විට ඔබ
නොදනී.
පෙනිල්
එතිල් ඇමින් (PEA, ඩොපැමින්, නොරෙපිරෙප්රයින් එවැනි රසායන ද්‍රව්‍යයන්ට උදාහරණ සේ
දැක්විය හැක. අප හිත් ගත් කෙනෙකු දුටු අවස්ථාවක් ගැන සිතන්න. එවැනි අවස්ථාවකදී
කිසියම් සංවේදනයක් (පණිවුඩයක්) පෙනිල් එතිල් ඇමින් මගින් ලබා ගනී. අප තුළ විශේෂිත
හැඟීමක් ඇති වැන්නට හේතු වන්නේ එම (පණිවුඩයයි) සංවේදනයයි.
රාගාධික
ආදරයේ කෙටිකාලීන බවද මෙම පෙනිල් එතිල් ඇමින් ක්‍රියාව මගින් පැහැදිලි කළ හැක.
කාලයත් සමඟ සිරුර මෙම පෙනිල් එතිල් ඇමින්වලට සංවේදී නොවන තත්ත්වයකට පත්වේ. මේ
ඔරොත්තු දීම හෙවත් සංවේදී බව නැතිව යාම සඳහා
ගතවන කාලය අවුරුදු දෙකේ සිට තුන දක්වා පමණ විය හැක...’
තිස්සෙම මට
සිද්ද වෙන දෙයක් මේ. යමක් ගැන, යම් කාරණයක් ගැන මං තදින් හිතන්න ගත්තම; හොයන්න
ගත්තම අහම්බෙනුත් ඒ ගැන තොරතුරු මට ලැබෙනවා. ඔය උඩින් තිබුණු ඡේද හතරත් ඒ වගෙයි.
අද උදේ fb එකට ගියාමයි ඔය විස්තරේ හම්බ වුණේ. ඩිල්හාන් ප්‍රගීත් ‘ඉසිඹුව’ සමූහයට දාල
තිබ්බ පැරණි රසාංගයකින්. Time සඟරාවේ ලිපියක් ඇසුරෙන් මනෝජ් රත්නායක ‘සමුදුර’
පත්තරයට ලියල තිබුණු එහි මෙහෙමත් තියෙනවා.
රාගාන්විත නොවන නිකෙලෙස් ප්‍රේමය
කෙරෙහි බල පවත්නේ මොළය තුළ ක්‍රියාකාරී වන එන්ඩොෆින් නම් රසායනිකයයි. එන්ඩොෆින් ආරක්ෂාව
සංහිඳියාව හා සුහද බව ප්‍රේමවන්තයන් වෙත... |
රාගාන්විත නොවන නිකෙලෙස් ප්‍රේමය කෙරෙහි බල පවත්නේ මොළය තුළ ක්‍රියාකාරී වන එන්ඩොෆින්
නම් රසායනිකයයි. එන්ඩොෆින් ආරක්ෂාව සංහිඳියාව හා සුහද බව ප්‍රේමවන්තයන් වෙත තිළිණ
කරයි.
මොළයේ
තිබෙන්නා වූ පිටියුටරි ග්‍රන්ථියෙන් ශ්‍රාවය වන ඔක්සිටොසින්ද ආදරයට සම්බන්ධ තවත් රසායනයකි...’
94 වෙනකොට මට
හතලිහක්. එතකොටත් මගේ සිරුරේ රුධිරයට ඒ ඒ රසායනියකයන් වැඩියෙන් එකතු වෙමින්
තියෙන්නට ඇති!
එහෙමත් තියෙද්දී තමයි, අර ප්‍රශ්නය මතු වුණේ. නයනානන්දගෙන් ඈත් වෙලා මට මාස හයක්
එංගලන්තෙට වෙලා හිටියැකිද?
“එතකොට නිමල්
මල්ලිගේ අදහස මේ පාර මාස හයෙන්ම ආපහු එන්නද?” ලාල් අයියා ඇහුවා. ඒ දෙවෙනි වතාවෙත්
එංගලන්තෙට යන වීසා ගැනීමේ වැඩවලට එයාගෙන් උදව් ඉල්ලුවාම. “ගිය සැරෙත් තව මාසයක්
ඉඳල එන්න පුළුවන්කම තියෙද්දිනෙ නිමල් ඉක්මනට ආවේ...”
“කොහොමත් මට ලංකාව විතර එහෙ ඇල්ලුවෙ නෑ ලාල් අයියේ. අපේම අම්මයි, නංගිලා මල්ලිලයි,
ඩැඩායි එක්ක ඉඳිද්දිත් තමයි මට ඉක්මනට ලංකාවට එන්න හිතුණෙ. අනෙක ඒ දවස්වල මානෙල්
නංගිට දරුවා ලැබෙන්නත් හිටියනෙ... මට නං පුදුමයි ලාල් අයියේ ගොඩක් දෙනා පිටරටවලට ගිහිං
තට්ට තනියම කොහොම ඉන්නවද කියලා...” මං වහන්සේ ඇත්තෙන් බාගයක් වසං කරගෙන කිව්වා.
“එක
එක්කෙනාගේ හිත වැඩ කරන හැටි වෙන්ඩ ඇති.” එහෙම කියලා ලාල් අයියා කන්නාඩි දෙක ගලවලා
නළල පිරිමදිමින් මේ ටික කිව්වා. “හැබැයි මල්ලී, මේ සැරේ මට ඔයාට උදව් කරන්න වෙන්නේ,
පිටින් ඉඳගෙන... මේ වගේ paper worksවලදී විතරයි. දැන් බ්‍රිතාන්‍ය තානාපති
කාර්යාලේ ඉන්ටර්විව් එකේදි පිටස්තර උදවිය පරිවර්තන වැඩවලට සම්බන්ධ කර ගන්නෙ නෑ.
ඔයාට සිංහල පරිවර්තකයෙක්ව ඕනි නං, ඒ ගොල්ලන්ගෙන්ම කෙනෙක් දෙනවා.”
මගේ මුහුණේ
වෙනස ලාල් අයියට පෙනිලා.
“කව්රුවත් මොකටද... නිමල්ට පුළුවනිනේ තනියම interview එකට face කරන්න. පොඩ්ඩක්වත්
බය වෙන්න ඕනි නෑ. අපේ සිංහල මිනිස්සු තමයි ඉංග්‍රීසි චුට්ටක් වැරදුණත් හිනා වෙන්ඩ
බලාගෙන ඉන්නේ. සුද්දෝ දන්නවා English කියන්නේ අපේ mother tongue එක නෙවෙයි කියලා...”
ලාල් අයිය
කිව්වේ සත්තක ඇත්තක්. මොකද මංදා, අපි ජාතියක් හැටියටම ‘තමන්ගේ වැරදි හදා ගන්නේ
නැතිව- අනුන්ගේ වැරදි හදන්න‘ යන්නේ. පළමුවෙනි වතාවේ එංගලන්තයේදී හම්බවුණු කිසිම සුදු
ජාතිකයෙක් මගේ ‘වැරදි ඉංගිරිස්වලට’ හිනා වුණේ නෑනෙ.
සංචාරක වීසා ලබාගෙන හරි එහාට යන්නටත්, ගිහිං ගල් වෙන්නටත් සූදානං පිරිස එදා වගේම අදත්; තවමත් අඩු නැත. |
අපට යමක්
ඉගැන්වීමට අවස්ථාවක් පෑදෙන හැම විටෙකම ලාල් අයියා එයින් ප්‍රයෝජන ගනියි. (එතුමා
තවමත් එහෙමමය! ඉතා මෑත දිනයෙක අපි; තජකයේ හිතවතුන් කිහිප දෙනෙක් එකතුව ලාල් අයියාගේ
සුවදුක් බැලීමට ගියෙමු. ඉන්පසුව මානෙල් නංගිලා එක්කලාත් මම එහි ගියෙමි. ඒ දෙවතාවේම
අපේ කතාබහ රසවත්කමින්; ප්‍රාණවත් භාවයෙන් හා දැනුවත්කමෙන් සපිරුණු ඒවා විණි.
නිර්ලෝභීව දැනුම බෙදා දීම වෙනුවෙන් ඔයාට ගොඩක් ස්තුතියි ලාල් අයියේ!)
“ඉස්සෙල්ලම
අපි මේ application එක fill කරලා හිටිමුකෝ. ඉන්ටවිව් දවසට මම නිමල්ව එම්බසි එකට
එක්කගෙනත් යන්නං. මේ වතාවේ ඔයාට ලේසියෙන්ම වීසා හම්බ වෙයි... එක සැරයක් එංගලන්තෙට ගිහිං
කල් ඇතිවම ආපහු ආව එක ලොකු advantage එකක් වෙයි. ඉන්දියාවට, හොංකොංවලට ගිහිල්ල
තියෙන එක එහෙමත් plus points!”
ලාල් අය්යා
කියූ ‘ධන ලකුණු’ අතරට, අපේ සෑම්ගේ Wedding Invitation Card එකත් එකතු වෙන්නට ඇති!
ඒ විත්තිය
හොඳින් මීටර්වී තිබ්බේ Ano කෙනෙකුටය; දෙවෙනි
කොටසට comment එකක් එවූ Anonymous
කෙනෙකුටය. ‘Maybe Sam
put your name down so that you can get the visa easily- the printed card
can be then submitted to the British High Commission in Sri Lanka.’
කොයි තරං ධන
ලකුණු තිබ්බත් තානාපති කාර්යාලයේ සම්මුඛ පරීක්ෂණයෙදී එහෙන්-මෙහෙන් පටලවමිනුත් ප්‍රශ්න
ඇහුණේය. ඒකටත් වැරැද්දක් කියන්නට බැරිය. මොන උප්පරවැට්ටියක් හරි දාලා යුරෝපා රටකට පැන
ගන්නට බලන ශ්‍රී ලාංකිකයෝ එදාත් බොහෝ වූහ. සංචාරක වීසා ලබාගෙන හරි එහාට යන්නටත්,
ගිහිං ගල් වෙන්නටත් සූදානං පිරිස එදා වගේම අදත්; තවමත් අඩු නැත. ඒ වගේ කට්ටියව මුණ
ගැහිලාම දෝ තානාපති කාර්යාලයේ නිලධාරීනුත් එතකොට හොඳටම කම්මර වෙලාය.
“තමුන්ගෙ
පවුලේ කීප දෙනෙක්ම එංගලන්තයේ ඉන්න නිසා
එහෙ නවතින්නම අවසර ලැබෙනවා නම් නේද වැඩිය කැමති? තමන් විවාහකයෙකුත් නෙවෙයි නේද?”
ප්‍රශ්න අහමින් හිටි නිලධාරියා ආචාරශීලී ඉංග්‍රීසියෙන් මගෙන් එහෙම ඇහුවේ කට කොනකින්
හිනා වෙවී වගෙයි මං දැක්කේ. මට ඒ හිනාවයි දිරෙව්වෙ නැත්තෙත්. දන්නවනෙ, මට පොඩි මහන්තත්ත
ගතියකුත් තියෙනවනේ. මොන බම්බුවකටද මුන්ට බාල්දු වෙන්නේ?
“එහෙ
නවතින්න? මට එහෙම ඕනිකමක් නෑ. මට ඕන්නෑ මේ රට දාල ගිහිං උඹලගෙ රටේ දිගටම ඉන්න...”
එක විඩේම මොට්ට මගේ කටෙන් එළියට පැන්නේ ‘සිංහල ඊතල’. ඒ සුද්දන්ට සිංහල තේරෙන්නෙ
නැති විත්තිය ඒ එක්කමයි, මට කල්පනා වුණේ.
ඊළඟට වෙච්ච දේ ඊළඟ කොටසෙන්...à
"මිස්ටර් කලබල" කට්ටිය මීයගෙ බෝලෙ කරකෝගෙන, ලිපියේ 2/3ක් විතර පහලට එන්න.කතාව පටන් ගන්නෙ" 94 වෙනකොට මට හතලිහක්" කියන තැනින්.
ReplyDeleteආමි, කියෙව්වෙමි.
ReplyDeleteනේවි, කියෙව්වෙමි.😋
Deleteඔය වටේ කරකෝලා, පටලෝලා ප්‍රශ්ණ අහන එක එයාලගෙ එක සාර්ථක ක්‍රමෙවේදයක්. පරස්පරතාවයන් තමයි හොයන්නෙ.
ReplyDelete