li Item

Friday, December 24, 2021

පහළොවේදී...- දහවෙනි කොටස

ඔහු දේව දූතයෙකු වැනි යැයි නිගමනය කළේ මාය. මා ඒ නිගමනවලට එළැඹීම ගැන....
“අරයාටත් එන්න ඕනියි කිව්වා!”

“ඩග්ලස්ටත්?” සර් ඇසුවේ පුදුමයෙන් ඇස් ලොකු කර ගනිමිනි. මං හිස සෙලෙව්වා විතරකි. සර් ඩග්ලස් සිටි දිහාවට හැරුණේය. ඩගීට කතා කළේය.

“මං හිටියට කමක් නෑ.... තමුසෙගෙ වැඩෙත් කර ගන්නවා ඩගී...” ඒ කටහඬ ටිකක් විතර අණ කිරීමකුත් වුණේය. ඩග්ලස්ට විරුද්ධ වෙන්නට විදිහක් තිබුණේ නැත. ඩග්ලස් ඇඳුම් ගලවද්දී පෙනුණේ ඔහුගේ ආශාවන් පිබිදී නැති බවයි.
සර් ටිකක් ඈතට යනතුරු බලා සිටි ඩගී මගේ සිරුර මතින් වැතිර ගත්තේය.
බොරුවට දැඟලුවේය. ඒ අසාර්ථක රංගනය මට ගෙනාවේ ලොකු සතුටකි.
‘ඇද්ද උඹට! දේව දූතයා... දැන් උඹත් අපේ ගොඩේ....’ මට දැනුණේ කිව නොහැකි තරමේ සතුටකි.

ඩග්ලස්ගේ නිරුවත් සිරුර මගේ සිරුර මතින් චලනය වෙන හැටි ‘අර ලොකු මහත්තයා’ත් මඳක් ඈතට වී නැරඹුවේ කිසිදු ලජ්ජාවක් නැතිවය.

(එහෙම මනෝ ව්‍යාධියක් ඇති අයත්; අනුන් ලිංගික කටයුතු කරන අයුරු බලා තෘප්තියට පත් වෙන අයත් සිටින බව එවිට මම දැන නොසිටියෙමි.) 

ඉදින් ඒ සතුට මට දැනුණේ ‘පළි ගතිමි’ යන සිතුවිල්ලත් එක්කය. ඒ සිතිවිල්ල කොතෙක් දුරට සාධාරණද?

ඩග්ලස්ගේ කඩවසම් පිටස්තර පෙනීමට වසඟ වුණේ මාය; ඔහු දේව දූතයෙකු වැනි යැයි නිගමනය කළේ මාය. මා ඒ නිගමනවලට එළැඹීම ගැන ඩග්ලස් දැන සිටියේ නැත. ඔහුගේ දුර්ගුණයක් හෙළිදරව් වූ විට, එය දරා ගැනීමට බැරි වුණේත් මටය. ඒ පදනමේ සිට බලද්දී නම් ‘මගේ පළි ගැනීම අසාධාරණය’.
මා කෙතරම් මෝඩද?

මට ඊශ්වරයාගේ තුන්වෙනි ඇස තිබුණා නම්! නිසැකවම ඩගී දැවී අළුවී යන ලෙස ඒ ඇසින්....

ඩග්ලස් ඉක්මනින්ම ඇඳුම් ඇඳගෙන සර්ගේ කාමරයට ගියේය. ඒ ඌරු තඩියා දිහා බලන්නට පවා අකමැති වුණු මං උවමනාවෙන්ම පරක්කු වෙමිනි හිටියේ...

“ඔ...ඔ..ඔයාට කිසි හදිසියක් නැහැ වගේනෙ.” ඩග්ලස් සර්ගේ කාමරයේ සිට මගේ ළඟට එමින් කිව්වේය. “... මගෙත් එක්ක තරහෙන්ද නිමල්.... මේ...”
මගේ සිතිවිලි අනුමාන කරන්නටවත් අසමත් වුණු ඩගී, මට පෙන්නුවේ මුදල් නෝට්ටු කිහිපයකි. “ඔයාට...”

මට ඊශ්වරයාගේ තුන්වෙනි ඇස තිබුණා නම්!
නිසැකවම ඩගී දැවී අළුවී යන ලෙස ඒ ඇසින් බලන්නට තිබිණි. තෙවෙනි ඇසක් නොතිබුණත් තිබුණු ඇස් දෙකින් මා රැවූ රැවුමේ තරම දුටු නිසාදෝ ඩගී සල්ලි කොළ කිහිපය ආපසු සාක්කුවේ ඔබා ගත්තේය. තමන්ටම කියා ගන්නවාසේ හෙමිහිට වැකියකුත් කිව්වේය. “මට දැන් මහරගමත් යන්න වෙයි වගේ නිමල්ල තාත්තට සල්ලි දෙන්න.”

මං උත්තර දුන්නේ නැත; ගෙදරට යන තුරුමවත් ඩගී හා එක වචනයක්වත් කතා කළෙත් නැත. ඒ තරම් වෙලාවක් නිහඬවම පැමිණි ඩග්ලස් සුභ සාධක මාවතට හැරෙන හරියේදී කෙඳිරිලි හඬින් නිහඬතාව බින්දේය.  “තරහක් තියේ නං ඇති වෙනකල් බනින්න... ගැහුවත් ඉවසන්නං... ඔයා තාත්තට කියන්නෙ නෑ නේද?”
මගේ අතක් ග්‍රහණයට ගත් ඩගීගෙ අත ගසා දැම්මත්, මම හිස දෙපසට වැනුවෙමි.

“හැබැයි.... ආයේ හෙම මාව ඌ ළඟට එක්ක යන්න කතා කළොත්....”
ඩග්ලස් බිම බලා ගත්තා මිස කිසිවක් කීවේ නැත.

ඒ ජීවිත කාලයේදීම නොදැනුවත්ව හෝ මා ලිංගික ශ්‍රමිකයෙකු වුණු එකම දවසයි.

මෑත කාලීනම උදාහරණය නම් මට වැළඳී තිබුණු මල්ටිපල් මයෙලෝමා පිළිකා රෝගයයි.

‘කෞමාර කාමයේදී ඇතැම් විට බාල වයස්කරුවෙකුගේ කැමැත්ත තිබෙන්න හෝ විරෝධයක් නැති වෙන්න පුළුවන්. නමුත් මෙවැනි අත්දැකීමක් ලබන දරුවෙකුට බොහෝ විට එහි හානිකර බලපෑම් ජීවිත කාලය පුරාම අත් විඳින්න වෙන්න පුළුවන්....’ දෙවසරකට පෙර ‘ඉකොනොමැට්ටාගේ බොජුන්හල’ අඩවියේ පළ වුණු ‘සමරිසිතාවය විකෘතියක්ද?’ post එකෙනි ඒ ප්‍රශ්නය සහිත උද්ධෘතය ගත්තේ.

එහෙම ගත්තෙත් නිකම්ම නොවේ.

මගේ ස්වභාවයක් පැහැදිලි කරන්නටය. කොතෙක් නරක අත්දැකීම්වලට- අවස්ථාවනට මුහුණ දුන්නත් ඒවායින් සැලෙමින්; තැවෙමින් හිඳින්නට ඉඩක් මට තිබ්බේ නැත. අපේ පවුලේ බඩගින්න නිවන ප්‍රශ්නයට මුල් තැන දීමට සිදුවී තිබුණු නිසාය ඒ. එවන් අත්දැකීම් සියල්ලමත් මට තවත් ජීවිත අත්දැකීම් කිහිපයක් පමණක්ම වුණේය.

දෙවෙනි කරුණ ‘ඕනෑම නරක දෙයක වුණත් ඇති හොඳකුත් තිබේ’ කියන මගේ සුබවාදී ආකල්පයයි.

මෑත කාලීනම උදාහරණය නම් මට වැළඳී තිබුණු මල්ටිපල් මයෙලෝමා පිළිකා රෝගයයි. එය වැළඳුණේ නැති නම් මට යහමින් විවේකය ලැබී මගේ දැනීම මෙතරම් පුළුල් කර ගැනෙන්නේ නැත; මා blog රචකයෙකු වන්නේ නැත; ඔබෙන් කිසිවෙකු අලුතෙන් හඳුනා ගැනෙන්නෙත් නැත.

තෙවෙනි කාරණයකුත් තිබෙයි. අප සිටියත්, නොසිටියත් ලෝකය ගමනේ යෙදෙයි; කැරකෙයි; රැය උදය දහවල උදා කරයි. අප ලෝකයට අයත් වෙනවා මිස ලෝකය අපට අයිති නැත. එබැවින්, හැකි හැම විටම එක තැන පල් නොවී සිටින්නටත්; ලෝකය සමඟ ගමනේ යෙදෙන්නටත්ය මා පුරුදු වී හිටියෙත්; තවම පුරුදු වී ඉන්නෙත්.

එදා 112 මහරගම බසයේ නැඟී එන අතරේ ඩගීත් මාත් අතර පැවැති දීර්ඝ නිහැඬියාව පවා මගේ සිතිවිලි අවදි කරවා තිබිණි.
‘මා සතුව සුවිශේෂී ලිංගික ආකර්ෂණයක් තිබේද? මටම මෙහෙම වෙන්නේ ඇයි? අවුරුදු හයටත් කලින් සිට... කී දෙනෙකුට මගේ පහස අවශ්‍ය විණිද?’

අතිධාවන කාම යෝගය කියන්නේ මොකක්දැයි....

මතකයි නේද, උත්පත්ති වේලාවන් පහක් අනුර ජිනදාස ජ්‍යොතිෂඥ මිතුරාට යවා මං කළ පරීක්ෂණය. එතකොට අනුර මගේ උපන් වෙලාව දැනගෙන හිටියේ නැහැ. මෙහෙමයි මගේ උපන් වෙලාව අනුව කියලා තිබුණේ:

“මෙයා ඉපදිලා තියෙන වෙලාවේ ලග්නය කුම්භ. ඒ නිසා එයාගේ මිනිස්කමත් මිනිස් සබඳතාත් ඉතාම වැඩියි. හැබැයි නවාංශකය ස්ත්‍රී එකක්. ඒ වගේම කෙනෙකුගේ සමාජයීය ඇගයීම පෙන්වන ආරූඪ ලග්නය මිථුන. ඒ නිසා පිටතට ගෑනු හැසිරීම පෙන්වන කෙනෙක් කියා හිතෙනවා. මාරකාධිපති රවි මාරක ස්ථානයේ සිටීම නිසා කර්මජ රෝගවලට ගොදුරු වෙන්න නම් හොඳටම ඉඩ තියෙන නිසා පිං දහම් කරමින් ජීවත් වීම හොඳයි. කෙසේ වෙතත් රවි කන්‍යාවේ යෙදීමත්, විවාහය ගැන කියන උපපදයෙන් දෙවැන්න හතරවැන්න වී හිස්ව තිබීමත් නිසා විවාහ ඵල නම් ඉතාම අඩුයි. ඒත් ශනි සිකුරු දෙදෙනා එක්ව යෙදී ඇති අතිධාවන කාම යෝගය ශනිගේ උච්චයත් සිකුරුගේ ස්වක්ෂේත්‍රයත් නිසා මැඩ පැවැත්වීමට එතැනම සිටින ඥානකාරක බුධ උදව් කරන බව කිව හැකියි....”

අනුරගේ විස්තරවලින්, මේ ලියන මං ගැන පිටස්තර කෙනෙකුට එක එල්ලේ නොපෙනෙන දේ කියවෙන්නේ අන්තිම වාක්‍යයෙන්....එයින් කියවෙන විදිහට මං තේරුම් ගත්තේ මෙහෙමය: ‘මට අතිධාවන කාම යෝගයක් තියෙනවා. ඒක control කරන්නට බුධ උදව් කරනවා!’

අතිධාවන කාම යෝගය කියන්නේ මොකක්දැයි මම අනුරගෙන් නොඇසීමි. ඒ අමුතුවෙන් අහගන්නට දෙයක් නැති හෙයිනි. මා ගැන හොඳටම දන්නේ මා බැවිනි. මෙය දුර්ගුණයක් නම් මට ඒ වෙනුවෙන් කළ හැක්කක් නැත.
මට ජානවලින් දායාද වී තිබෙන ආකාරයට ‘මම බෙහෙවින් කාමාශක්ත කෙනෙක්මි’.
ආදරය ලබන්නට බෙහෙවින් කැමැත්තෙක්මි.
පිට-පිටම දෙවතාවක් යෙදූ ඒ ‘බෙහෙවින්’ වචනය කොතරම් භයානකදැයි මට පසක් වුණේ ඒ දිනවල නොවේ.... ඊට පසුවය.

ඔහොමද අමුත්තෙක් ආවම. චාරිත්තර දන්නැද්ද...

වයසින් වැඩෙද්දී, කුඩා බීජයක් ලෙසින් හිතේ රෝපණය වෙන්නට පටන් ගත් ඒ බුද්ධිය විසල් රුකක් මෙන් වැඩුණේ කාලය ලබා ගනිමිනි; අත්දැකීම් සම්භාරයක් ලබා දෙමිනි; මටම මා කවුරුන්දැයි උගන්වමිනි.

මා එක්කලා ගෙදරටම පැමිණි ඩගී, අපේ තාත්තාගෙ අතටම සල්ලි කොළ කිහිපයක් දුන්නේය.

“මේ මොකද ළමයෝ මේ? රංජිගෙ අතේ එවන්න තිබ්බනේ, ඔය දරුවා රස්තියාදු වුණේ!” තාත්තාගේ සතුට උතුරා යයි. එතරම් මුදලක් ලැබේවි යැයි තාත්තා බලාපොරොත්තු වෙන්නට නැත. ඒ ජවනිකාවේ රැඳී හිටින්නට අප්පිරියාවෙන් මම තුවායත්, සබන් පෙට්ටියත් අතට ගත්තෙමි.

“ඇයි යකෝ මේ ළමයා ඉන්න වෙලාවේම උඹ නාන්න යන්නෙ... ඔහොමද අමුත්තෙක් ආවම. චාරිත්තර දන්නැද්ද... මේ ළමයා ගියාම නාගනිං!”
“දැන් එයා මට අමුත්තෙක් නෙවෙයිනේ..... තාත්තා ඩගීත් එක්ක කතාවට වැටුණම තව කාටවත් කතා කරන්න දෙන්නෙත් නැහැනේ....” කියාගෙනම මම ළිඳට ගියෙමි. ඩගී පිටත්ව යන තුරුම ස්නානය කළෙමි.

දීඝායු කෙරෙහි මගේ හදවතේ වෙන්වී තිබුණු අවකාශයට මේ කිසිම දෙයකින් පලුද්දක් නොවුණේය. මටම හිතා ගන්නට බැරිය. අවුරුදු දෙකක්- දෙකහමාරක් තිස්සේ මම නොකඩවාම දීඝායු හමුවීමට අමතක නොකළෙමි.
ඒ හමුවීම් තව-තවත් රහසින්ම කරන්නට සිදු වුණේ, යළිත් වතාවක් පුවක් පිත්තෙන් පහර කෑමේ කැමැත්තක් මට නොතිබුණු බැවිනි.

එලෙස ගුටි කන වෙලාවේ අනෙක් ඕනෑම දරුවෙකු කරන දේ, මං නොකළේ මන්දැයි අජිත් ධර්ම මහතා පසුගිය කොටසට comment එකක් එවමින් අසා තිබුණේ මෙහෙමය:

‘තාත්ත ගහන්න එනකොට දිව්වේ නැතිව හිටියේ ඇයි කියල මම කල්පනා කලේ. අපේ තාත්තා වරක් බෙල්ට් එක අරගෙන ගහන්න ආව, මම ගෙදරින් පැන්න. ආවේ නැහැ රෑ වෙනකන්. ඊට පස්සේ ගහන්න ආවේ නැහැ. අම්ම කියල තිබ්බ ‘දැන් වයස හොඳ නැහැ. ගහන්න යන්න එපා’ කියල. මම අටේ පන්තියේ. අවුරුදු 14 ද කොහෙද.’

ගහන්න එළවනකොට අනෙක් ළමයි වගේ දිව්වේ නැතිව හිටියේ ඇයි කියල මම කල්පනා කළේ.

පහළොවේදී 8 post එක කියවලාත් අජිත් මෙවැනිම පොටක් අල්ලාගෙන තිබ්බේය:

‘ආදර විග්‍රහය මරු. බලාගෙන ගියහම නිදි කියන්නේ දාමරිකයෙක් වෙන්න ඔන්න මෙන්න තියල බේරුණු කෙනෙක් වගේ. අර කොල්ල මැරුණා නම් හෙම... හේ හේ’. 

අජිත් මතුකොට දුන්නේ මට කියන්නට අමතක වුණු කරුණු කිහිපයකි.

මගේ හැඟීමේ හැටියට නම් අපේ ගෙදරින්ම අහිංසක පාටට හිටියේ මං වහන්සේය. මැරෑටියා විදිහට පෙනුණේ ලොකු මල්ලී සුනිල්ය. ගස් නැංගේ, හොරෙන් ගිහින් බොරලැස්ගමුවේ වැවේ පීනුවේ, බටු ඇට කාලයේදීම පොල්ලට යටින් කකුල දාගෙන සයිකල් පැද්දේ ඒකාය. යන-යන හැම තැනම කැටපෝලය අරගෙන ගියේ; සරුංගල් ඇරීම එකම රස්සාව කරගෙන හිටියේ අපේ සුන්නාය.
මට එව්වා කරන්නට උවමනාවක්වත්, වෙලාවක්වත් නැති වුණා වෙන්නැති.

හැබැයි එහෙම හිතක් පහළ වුණාම මේ ලියන හාදයා පසු බැස්සෙත් නැත!
‘මීන සංහාරය’,
‘වස් කවි කීම’,
‘මංජුලගෙ
මරියාට මම පැටලුණෙමි’,
‘දුන්හිඳ අද්දර මාරකේ’ හා ‘සැවුළු සංහාරය’ පෝස්ටු ටික විතරක් වුණත් ඊට හොඳම සාක්ෂිය.

අපේ තාත්තා ත්‍රොම්බෝසිස් රෝගයට ගොදුරුවී හිටි නිසා අපේ පස්සෙන් දුවන්නට ඔහුට හැකියාවක් නොතිබුණේය. අපෙන් කාට හෝ දඬුවමක් කරන්නට ඕනෑ වුණු විට තාත්තා අඬගසන tone එකෙන්ම යමක් වැරදී ඇති බව දකින නංගිලා- මල්ලිලා ඈතකට දුවන්නටය; පුරුදු වී උන්නේ.

මටම පුදුමය! මං එහෙම පැත්තකට දිවගිය එකම වතාවක්වත් නැති බවය මගේ මතකයේ ඇත්තේ. එතරම් ඇට්ටරකමකුත් මේ පුතයාට තිබේ.
කොච්චර ගුටි කකා හිටියත්, කොච්චර තර්ජනය කළත් අපේ තාත්තාටවත් බැරි වුණේ මගේ කට වස්සන්නටය. “ ඔහොම කොඳ කියවල මාව යකා අවුස්සලා තව ගුටි කන්නේ නැතිව කට වහගෙන හිටපං යකෝ!” කියලා තාත්තාම කියද්දීවත් මගේ කට වැහුණේ නැත.

මල්ලියාට නම දැම්මේ මාය. නම දීපාල් රෝහණ දිසානායකය! (දීපාල්, බිරිය හා දෙපුතුන් සමඟ) 

ඒත් ‘කතා කරපං යකෝ!’ කියමින් අපේ තාත්තා එදා පුවක් පිත්තෙන් පහර දෙද්දී නම්, මම මෞන වෘතය රකිමින් කට පියාගෙනම උන්නෙමි.

තාත්තේ, මේකත් කියන්නම වෙයි. මා හිතෙන විදිහට ඒ කාලයේම මගේ ගති සොබාවන් නිවැරදිව හඳුනා ගත්තේත් ඔයා වගෙය.
“රංජී, උඹ කවදාවත් සල්ලිවලට සූදු කෙළින්න යන්න එපා! පරාජය බාර අරං පැත්තකට වෙන්න බැරි
සූදු අන්තුවෙක්ගේ විදිහයි උඹට පිහිටලා තියෙන්නේ.” ඔබ පැවසුවේය.
“ගෙදරින්ම අහිංසකයා වගේ උන්නට පුතෝ, උඹ තමයි ලෝකේ කාලා වතුර බොන්න පුළුවන් අණ්ඩපාලයා. ඔව් බං... තොට ඕනි නං මිනියක් වුණත් මරයි... ඒ හින්දා රංජියො, කොයි වෙලාවෙත් යමක් කරන්න කලින් දෙපාරක් හිතපං!”
අජිත් ධර්ම මහතාණෙනි, අපේ තාත්තා මට විවරණ දුන්නේ එහෙමය.

ඒ අවවාදවලට පිටින් යන්නට මට තවමත් අවස්ථාවක් උදා වී නැත.

ඉතිං දීඝායුගේ කතාව පැත්තට යනකොට කියන්නට තියෙන්නේ... ඔහු කෙරෙහි බැඳුණු සෙනෙහස උතුරා යමින් තිබියදීම...
මගේ පහස පැතූ කිහිප දෙනෙක්ම වරන්-වර මගේ රහසිගත- කාමී දිවියට ඇතුළු වූහ; එසේම රහසිගතව පිටත්ව ගියහ. ඒ සබඳකම් එකක්වත් එතරම් බරපතළ ලෙස ගණන් ගැනුණේ නැති බවය, ඇත්ත.
එවැනි සමහර සබඳකමක නිරත වෙද්දී මා සමඟ ඉන්නේ දීඝායු යැයි මට හැඟිණි. සමහර දිනෙක සිහිනයෙන් පවා දීඝායු මගේ පසෙකින් පැදුරේ නිඳා සිටිනවාසේ මට දැනිණි.

ඒ අතරේය අපේ පවුලේ බාලම පිරිමි දරුවා; බඩා මල්ලා 1970 මාර්තු 20 වෙනිදා උපන්නේ. 1969 හෝ හැත්තෑවේ මුල් හරියේදී හෝ අපේ තාත්තා මට ‘පුවක් පිති සබ්බුව’ දුන්නාට මගේ පංකාදු පහේ return එක දුන්නේ එතැනදීය; දීඝායු කෙරෙහි තිබණු බැඳීම අමතක නොවෙනසේ මං සිහිවටනයක් තිබ්බේ එතැනදීය. එක ගලෙන් කුරුල්ලන් දෙන්නෙකු හෙළා ගැනීමක් කළේ එතැනදීය....

‘මහරගම’ නමින් 1968 වසරේදී ප්‍රාදේශීය පුවත්පතකින් කලාප 8ක් පළ විණි. මේ එහි පොසොන් කලාපයේ අඩංගුව තිබුණු දැන්වීම් කිහිපයකි!
මල්ලියාට නම දැම්මේ මාය. නම ‘දීපාල් රෝහණ දිසානායක’ය!

ඒත් 1970 මහ මැතිවරණයේදී දේශපාලන රැස්වීම් වේදිකාවේ පුංචි ළමා කථිකයෙකු ලෙස රණසිංහ මුදලාලි හා ගුරුලා මුදලාලි සමඟින් රටෙන් කාලක විතර සැරි-සරන්නට ගිය කාලයේ නම්, මට දීඝායු මඟ හැරුණේය. ඒ විස්තර යළිත් නොලියන්නේ (ජීවන මේ ගමන සංසාරේ ලේබලය යටතේ) මඩ ගොහොරුවක පච වී’ postවලින් ඒ වකවානුවේ කුදු-මහත් විස්තර සියල්ලම පාහේ කියා ඇති බැවිනි.

එක් දේශපාලන පක්ෂයකට කඩේ ගිහිං, අනෙක් පක්ෂවල මිනිසුන්ගෙනුත් ජීවත් වීම සඳහා ආධාර ඉල්ලීමට මගේ සාඩම්බරය ඉඩ දුන්නේ නැත. මා පේව්මන්ට් රස්සාවට ආයුබෝවන් කිව්වේ ඒ නිසාය.

ආඩම්බරයෙන් ගෙදරක ළිප පත්තු කරන්නට බැරිය. බතක් හොද්දක් මාළුවක් තියා තේ එකක්වත් හදා ගන්නට බැරිය. මගේ ඊළඟ රස්සාව වුණේ ඉඳියාප්ප තැම්බීමයි. ඒ විස්තරත් මේ වනවිට ලියා අවසන්ය. කියවා නැතිනම්, කියවන්නට කැමතියි නම් ‘ඉඳියාප්ප ගන්නවද?’ posts 4කුත් ‘ජීවන මේ...’ කැටගරිය යටතේම 2018දී පළකොට තිබේ.

1970දී අපි අපොස සා/පෙළ විභාගයට වාඩි වුණෙමු. 1971අප්‍රේල් 5 වෙනිදා කැරැල්ල ආවේය.

මහරගමින්,පමුණුවෙන් විතරක් නොවේ විද්‍යාකරයෙන්, බුවෙනකබාවෙන් පවා තරුණ කොලු ගැටවුන් අතුරුදන් විණි; අත්අඩංගුවට පත් වුණු බවට ආරංචි ලැබිණි.
මහරගම සිංහයා සිසිල් බීම ඒජන්සිය පවත්වා ගෙන ගියා යැයි කියැවුණු සේනාරත්න සහෝදරයන්ගෙන් කෙනෙකු වූ දේව බණ්ඩාර සේනාරත්නටත්, විද්‍යාකර විද්‍යාලයයේ තිxx xxx ශිෂ්‍ය ක්‍රියාකාරිකයාටත් දස වදදී නිරුවතින් මහරගම හන්දිය පුරා ඇවිද්දවූ බවට පවා ආරංචියක් ආවේය.

(පසු කලෙක වික්ටර් බණ්ඩාර සේනාරත්න නමින්- ප්‍රසිද්ධ වුණේත්, ‘වෙල්ලස්සේ වෙඩි හඬ’ නාට්‍යය නිර්මාණය කළෙත්, මේ දේව බණ්ඩාරගේ සොහොයුරාය.)

“ගුණේ.... දැන්-දැන් එන ආරංචි අන්තිම නරකයි. අන්න මxxxxxxx දෙවෙනි පුතණ්ඩියාවත් අල්ලාගෙන ගිහින්ලු, චේ ගුරා කාරයෙක්ය කියලා.... රංජියාවයි, සුනිලවයි කඩේකටවත් යවන්න එපා.... ඕනි දෙයක් තියේ නං උඹලගෙ තාත්තව යවලා ගෙන්නා ගනින්....”
ආච්චී කීවාය. (මxxxxx මහත්තයා අපේ ගෙවල් ඉසව්වේම හිටි සම්භාවනීය වැදගතෙක් විය.)

අවුරුදු දොළහේ සිටම ගෙදර උදවියගේ බඩ-කට පිරවීම නොනිල වශයෙන් මගේ කර මත පැටවී තිබිණි. දැන්... කැරැල්ල අස්සේ...

ඒත් අපේ සීයා; චාලි නානා; චෙම්බආස්සලපීඑයා.... ජලා හුකා හුකා පරියා..’ උන්නෙත් ඇවිද ගන්නට තරම්වත් ඇඟට පණ නැතිවය. ඒ දවස්වල මහරගම හන්දියේ අබිං වෙළෙන්දන් අවතැන් වී ගිහින්ය. තදබල අබිං ලෝලියෙකු වුණු සීයාට ‘නොකා ඉන්නට හැකි වුණත් බෙහෙත් ටිකක් නං නොකා බැරිය!’. බෙහෙත් නැත්තං සීයාට පාචනය වෙන්නටත් ගනියි!

“සුනිල් තවම පොඩි එකානේ අම්මේ... තාත්තව කඩේ යවන්නේ කොහොමද කෙලින් ඉන්න පණ නැතිව හිටින අස්සේ...”

“පොඩි එකා? මේ ගුණේ... මගේ යකා නාවුස්සා යවන තැනක අනිල්ව යවපන්... ඒත් බැරි නං මට කියපං.. මම හරි යන්න....” අපේ ආච්චී ඇගේ එකම පුතුට අවසන් තීන්දුව දුන්නේ එහෙමය.
“බොලාටත් කියන්නේ.... තොපි දෙන්නගෙන් එකෙක්වත් මේ වත්තෙන් එළියට අඩියක් තියලා අහු වුණොත් අම්මපා කඩනව උඹලගෙ අඬු!” ආච්චී අපටත් තග දැම්මාය.

ගෙදරම වෙලා හිටියොත් අපි කන්නෙ- බොන්නේ කොහොමද?
සීයලාගේ ‘අන්ජිසාම් පැකට්’ වෙළෙඳාම කර ගන්නට විදිහක් නැතිකමෙන් ආච්චිලාත් කර මුලටම හිර වෙලාය හිටියේ. අපේ ගෙවල් දෙකටම තිබුණු එකම ආදායම අම්මා කොළඹ කුරුඳුවත්තේ බංගලා කිහිපයක ඇඳුම් මසා දීමෙන් ලැබුණු මුදලක් පමණි.

අපේ අම්මාගේ පුරුද්ද සල්ලි වියදම් කිරීම නොවේ. එකතු කිරීමය. එහෙම කරලා, ඒ සල්ලිවලින් ඇඳ- පුටු-මේස- අල්මාරි වැනි දෙයකට වියදම් කිරීමය. ගෙවල්-දොරවල් හදන්නට වියදම් කිරීමය.
මට අවුරුදු දොළහේ සිටම ගෙදර උදවියගේ බඩ-කට පිරවීම නොනිල වශයෙන් මගේ කර මත පැටවී තිබිණි. දැන්... කැරැල්ල අස්සේ... ගෙදරටම කොටු වී හිටිද්දී...
මට මතු වුණු ප්‍රශ්නය ඒකය....

32 comments:

  1. https://en.m.wikipedia.org/wiki/Ali_Kaya_(serial_killer)

    ReplyDelete
    Replies
    1. අම්මෝ Pra Jay මහත්තයෝ. අලි කායා මහා පාප කඳක්නෙ!

      Delete
    2. නිදි අනිත් මාර්ගය ගත්ත එක කොච්චර හොඳද 😉

      Delete
  2. මට 14දි ගහන්න ආපු අප්පච්චිව රෑ 12ට කනත්තේ හිටවලා තිබ්බ පුතෙක් මම . ඊට පස්සෙ ගුටි කෑ බවක් මතක නෑ. හැබැයි ඊට කලින් ජීවිත කාලෙටම ඇතිවෙන්න බඩකට පුරා කාල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. තාත්තට තියෙන බය නිසා කනත්තේ ඉන්න බය හිතුනේ නෑ නේද චමී?

      මම නං වැඩිය ගුටි කාපු ළමයෙක් නෙවෙයි. ගුටිවලට වැඩිය මට රිදුනේ බැනුම්වලටයි!

      Delete
    2. මම කනත්තේ හිටියේ නෑ. අප්පචිව හිටවලා තිබ්බා.

      Delete
    3. තවත් දිසානායක පුතෙකුගෙන් තාත්තාට දඬුවමක්....

      Delete
  3. //කොතෙක් නරක අත්දැකීම්වලට- අවස්ථාවනට මුහුණ දුන්නත් ඒවායින් සැලෙමින්; තැවෙමින් හිඳින්නට ඉඩක් මට තිබ්බේ නැත. අපේ පවුලේ බඩගින්න නිවන ප්‍රශ්නයට මුල් තැන දීමට සිදුවී තිබුණු නිසාය ඒ// ඔය වගේ අවස්ථා වලට ගොඩක් වෙලාවට මූන දෙන්න වෙන්නෙත් ඔය මට්ටමේ ඉන්න අයටයි කියලයි මටනං හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔයා හරි ප්‍රසන්න. සෙනසුරා අපල කරන්න ගත්තම පිට පිටම කරනවලුනේ...

      Delete
  4. අපි අනික් අය ගැන කරන වැරදි නිගමන අපේ පරහටම තමා හිටින්නෙ.
    සුව අතට හැරිච්ච එකනම් ලොකු දෙයක් නිදි.. ඒ නිසා ඊළඟ කොටහ ඉංගිරිසි අවුරුද්දට පෙර පළකොරන්න

    ReplyDelete
    Replies
    1. ඊළඟ post එක ලියන්න ගත්තා නමී.

      අපිම තීරණය කරලා, වැරදි පටවලා, නඩු පවරලා, එල්ලුම් ගහටත් කට්ටිය යවන විදිහ හරි අපූරුයි නේද?

      Delete
  5. //දෙවෙනි කරුණ ‘ඕනෑම නරක දෙයක වුණත් ඇති හොඳකුත් තිබේ’ කියන මගේ සුබවාදී ආකල්පයයි.//

    මේක මම කියන්නේ, "කොයි දේ වෙන්නෙත් හොඳටයි" කියලයි. මතක තියන උදාහරණ දෙකක් කියන්නම්.

    මට දෙහිවලදී නගින්න නවත්තපු නැති 119 බස් එක බෙල්ලන්විල වෙලට පෙරලිලා තිබුනා.

    CBS එකේ බෝම්බෙ පිපිරුවේ මම වෙනදාට පිටකොටුවට එන වෙලාවටමයි. නමුත් මගේ බොසා, අපිට රැස්වීමක් තියලා හොඳටම පරක්කු කරපු නිසා ඒ වෙලාවට එතැන ඉන්න එක වැලකුනා.

    මේ වගේ වීදුරුව half empty කියන්නේ නැතුව half full කියා හිතන එකත් හොඳ දෙයක්.

    සුභ නත්තලක් වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Sam.
      ඔයාගේ ජීවන අත්දැකීම් දෙකක්ම අපට කිව්වාට.

      සමහරුන් උපදින්නේම දුක් විඳින්න මිසක් සැප විඳින්න නෙවෙයි වගේ. එයාලට කෝච්චර තිබ්බත්, කොච්චර ලැබුනත් හිතට ඇති වීමක් නෑ. පව්!
      මේ විස්තර කියන්නේ සසරේ හැටි පෙන්වන්නයි. මතකයි නේද ලාවතී අක්කා. සුමානෙක හුටප්පර post එහෙකදී මම කිව්වේ.
      https://nidigepanchathanthare.blogspot.com/2021/05/blog-post_24.html

      දැන් ඒ මනුස්සයා තවත් දුර්වලයි. හැරමිටි දෙකකින් ඇවිද ඇවිද හිඟා කනවා. ඥාතීන් එක්ක යන්න ආවාට යන්නෙ නෑ.
      මේ සතයේ මුල ලොකු බැනුම් වැස්සක්....
      'මොකෙක් හරි මම ගේ අස්සේ හංගලා තිබ්බ සල්ලිවලින් රුපියල් තිස්පන්දාහක් හොරෙන් අරං... සේරම අරගෙන නැත්තේ මට අහු වෙයි කියලයි. තව 22,000/-ක් තියෙද්දී තමා අර සල්ලි හොරකම් කරගෙන තියෙන්නේ... අනේ දෙයියනේ හෙණ හතම වැදියන්.....' කොහොමද කරුමේ?

      Delete
    2. වයසක ගෑනුකෙනෙක් ඊයේ ඔයාගේ පාර අද්දරදී දැක්කා කිලුටු ඇදුමක් ඇදන් අත්වාරු දෙකකින් බොහෝම අමාරුවෙන් ඇවිදගෙන පමුනුව පාරට ගියා.. දැක්ක හැටියෙන්ම හිතාගත්තා මේ ලාවති උන්දෑ කියලා.

      Delete
    3. මේ ඉසව්වේ එයා විතරයි එහෙම කෙනෙකුට ඉන්නේ. ඔයා දැකල තියෙන්නේ එයාවම තමයි අසංග.

      Delete
  6. නිදි හුඟක් වෙලාවට අනිත් අය ඔයාව ටාගට් කළා කියලයි මට හිතෙන්නේ. ඒක ඔය වගේ මව් පියන්ගෙන ඈත්ව තනියම වැඩ කරන්න යන ගොඩක් ලමයින්ට වෙන දෙයක්. ඔයාව හම්බවෙව්හ්ච් දවසේ එහෙම අමුතු විශේෂ හැසිරීමක් මට නම් පෙනුනේ නැහැ.

    ReplyDelete
  7. Replies
    1. ස්තුතියි. ඊළඟ කොටසුත් කියවනවා නේද?

      Delete
    2. නැතුව, නැතුව.😊😂🤣

      Delete
  8. අඩේ මහරගම ගැන පත්තරයකුත් තිබිලා නොවැ.
    //හැබැයි එහෙම හිතක් පහළ වුණාම
    හෙහ් පුත්තරයාගේ හැටි හිතාගන්න පුළුවන් ආස්සරය කරහම.අරින්නේ නැහැ පැත්තක් ගියත්.

    ReplyDelete
    Replies
    1. ඉතිං සිරිබිරිස් උන්නැහේ, මෙහෙම ඉඳහිට හරි ඉස්පාසු හම්බ වුනාම අපේ අහටත් ගොඩ වැදෙනවා දකින්ට හරිම මනාපයි!
      මහරගම පත්තරේ හොයාගන්න ඇහැක් වුණු එකේ සම්පූර්ණ ගෞරවේ Pra Jay මහත්තයාටයි දෙන්නෙ. මටත් වැඩිය ඔව්වා හොයවන්න උනන්දු ඒ මහත්තයානේ. මාව ආකයිව්ස් එක්ක ගිහින්, තනි රැකලා උදව් කළේ එතුමා.
      තමුන්නාන්සේටත් යන්න වටිනා තැනක්.

      Delete
  9. පොඩිකාලේ මම තාත්තාගෙන් ගුටි කෑවාම කිවිවේ. මේ ගහපු එකට තාත්තාට මිහිර පත්තරේ යෝදයාට තියෙන ජාතියේ ලොකු කලිසමක් අන්දලා අපේ ගෙදර වහලේ කොන්ක්‍රීට් එක උඩ හිටවලා තියන්න. දඩුවම තමයි ලොකු කලිසම අත්දෙකෙන් අල්ලාගෙන ඉන්න ඕනේ එක අතහැරියොත් කලිසම බිම..

    ReplyDelete
    Replies
    1. හෙණ ක්‍රියේටිව් දඬුවමක්නේ අසංග!

      Delete
  10. https://www.blogger.com/blog/reading/2146827211980520805

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි. කියලා තියෙන එව්වයින් අරික්කාලක්වත් තේරුම් ගියේ නෑ කයලා ලජ්ජාවෙන් වුණත් කියන්න එපැයි ප්‍රසන්න. විෂය දන්න අය උදව් කරයි නෙව යතා කාලයේදී.

      Delete
  11. මම කියෙව්වෙ පෙරේද. ගොඩක් වැඩ. ලියන්නත් කියවන්නත් ඉස්පාසුවක් ලැබුණෙ නෑ.

    ReplyDelete
    Replies
    1. කාරී නෑ, කාරී නෑ... ඔහොම යන්කො...

      Delete
  12. ඔය 'සර්' කියන මනුස්සයා ගැන කලින් කොටසක නිමල් කියලා තිබුනු හැදින්වීම කියවද්දි මට හිතුනා ඇඳුම් අඳිනවා කොහොම වෙතත් නිමල් ඇඳුම් ගලවනවා බලන්න කැමති කෙනෙක් වෙන්න ඇති කියලා. පුදුමයි නිමල්ගෙ තාත්තට red flag එකක් දැනුනෙ නැති එක ඒවගේ කෙනෙක් ගැන.

    නිමල් ලියන සමහර දේ කියවද්දි පොඩි uneasy ගතියක් දැනෙනවා ඇත්තටම (බස්සාත් කලින් කියලා තිබුනා ඒ ගැන). ලිවීමෙන් නිමල්ට යම් සහනයක් වගේම මේ වගේ දේට මුහුන දෙන පලවෙනි හෝ අන්තිම කෙනා නිමල් නොවෙන නිසා යම් දැනුවත් වීමක් අනිත් අයටත් ලැබෙනවා ඇති. මේ දේවල් ගැන අපේ සමාජයේ openly කතා කරන්නෙ නෑනේ.

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නේ Lotus අපේ තාත්තා වුණත් ඩග්ලස්ගෙ පෙනුමටයි, කතාවටයි දෙකටම රැවටුනා වෙන්නැති. අනෙක, තාත්තා ඉගෙන ගන්න ඇත්තෙත් එයාට ලැබුණු අත්දැකීමවලින් වෙන්න ඇතිනේ. ඒ දවස්වල බැලුවාම දැන් සමාජය, මිනිස්සු කොයිතරම් සංකීර්ණ වෙලාද?

      මට ඔයාලගේ හැඟීම් - uneasy ගතිය ගැන කියද්දී මතක් වෙන්නේ ජී.බී.සේනානායක මහත්තයාගේ නවකතා. පියදෝර් ඩොස්ටයෙව්ස්කිගෙ පොත්.... ඒවා කියවද්දී සමහර තැනෙක හිතට හරිම අසීරුවක්, තැවිල්ලක්, අපහසුවක් දැනෙනවා තවමත්.

      සමහර වෙලාවට නිරුවත් සත්‍යය ගැන කියවීම අපහසුවක් දනවනවා තමයි. ලිවීමත්... ඇත්තම කියනවා නං මේ පෝස්ටුව ලියාගන්න - නැවත නැවත හරි ගස්සාගන්නට දැරූ වෙහෙසත්, ගතවුණු කාලයත් හොඳටෝම වැඩියි.... ඒකෙන් හිතා ගන්නකො තත්ත්වේ.

      නමුත් මගේ ආස්ථානය -ඇත්තම ලිවීම- තමයි මේවා ලියන්නට ශක්තිය දෙන්නේ.
      අනෙක කාට හෝ පලක් වෙතියි කියන හැඟීම.

      බස්සා මහතා මගේ ලියවිල්ල විටෙක 'කටුක' බව කියපු බවත් මට හොඳටම මතකයි.
      ඔයාලාගේ අවංක ආදහස් කියා එවීම තමා ගොඩක්ම දුරට මාව තව-තවත් ශක්තිමත් කරවන්නේ. ඒ ගැන ගොඩාක් ස්තුතියි!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්