අකුරු මැකී නෑ

Tuesday, September 9, 2025

හතලිහේදී... විසිඑක්වෙනි කොටස

“අම්මෝ... අම්මෝ... උඹත් එක්ක කතා කරන්න මම ඉගෙන ගෙන මදි ෆ්‍රෙන්ඩ්. ඒත් ඔයා එක්ක කතා කරනකොට වෙලාව යනව තේරෙන්නෙ නෑ. අහගෙන ඉන්න ආසයි.”

“ඒකට කමක් නෑ කොල්ලෝ. එක බස් එකක් ගියානේ. ඊළඟ bus එක ආවාම මම යන්නං... ආයේ වැඩට එනකල් බන්ටි එක්ක රණ්ඩු නොවී ඉවසිල්ලෙන් ඉන්න.”

මගේ රහස්‍ය විශ්වයේ සාමාජිකයන් වැඩි දෙනෙකුව නං ඈතින්ම තියා ගන්නයි- මං පුරුදු වෙලා...

“හරි! මම එන්නෙයි කියපු ගමන්ම අද මෙහාට ආවට ගොඩක් thanks නිමල්!” ප්‍රසාද් කිව්වේ මගේ අතකින් අල්ලාගෙන.
බස් එක එනකල්ම එයා මගේ අත අතහැරියෙ නෑ. මං බස් එකට ගොඩවෙනකොටම ප්‍රසාදුත් ඒකට නැංගා.

“... මාත් එනවා. ඔයාලගේ ගෙදර තියෙන තැන බලාගන්න.”

ප්‍රසාද්ගේ වැඩෙන් චුට්ටක් විතර පුදුම වුණත් මං පුරුදු විදිහටම ඩබල් ඩෙකර් බස් එකේ උඩ තට්ටුවට නැංගා. ප්‍රසාදුත් පස්සෙන් ආවා. එදා උඩ තට්ටුවේ උන්නේ පැසේන්ජර්ස්ලා තුන් හතර දෙනෙක් විතරයි.
“ඔයාට පිස්සුද ප්‍රසාද්? මේ රෑ මට ඔයාව ගෙදරට එක්ක යන්න පුළුවනිද- හිටි ගමන්?” වාඩි වෙච්ච ගමන්ම මං එච්චර වෙලාවක් හිතේ හිර කරගෙන උන්නු ප්‍රශ්නය එයාගෙන් ඇහුවා.

ප්‍රසාද් කට පුරවලා හිනාවක් දැම්මා.
“කව්ද කිව්වේ මාව උඹලගෙ ගෙදරට එක්කගෙන යන්න කියලා... මෙහෙ මිනිස්සුන්ගෙ විදිහ මමත් දැන් ටිකක් දන්නවා... අඳුනන ගෙදරකට වුණත් යනව නං කලින් කියලා ඉන්න ඕනිනේ... බය වෙන්න එපා. මම ඔයාලගේ ගෙදරට එන්නෑ. ගේ ළඟට විතරයි එන්නේ.”

එතකොටයි මගේ චකිතය නැති වුණේ; සතුටක් ඇති වුණේ.
ඇත්තම කියනවා නං මගේ හිතෙත් පොඩි ඇදයක් තියෙනවනෙ...

මම අලුතෙන් හිත-මිත්‍රකම් වගා-දිගා කර ගන්නවා තමයි. ඒත් එක සැරේම එයාලව ඕනාවට වඩා කිට්ටු කර ගන්නෑ. විශේෂයෙන්ම එයාලා මගේ රහසිගත විශ්වයේ සාමාජිකයන් වෙන්නට යම්කිසි හෝ ඉඩකඩක් තියෙනකොට. ටික දවසක් ගිහිං, එයාලා ගැන හරියටම දැනගත්තට පස්සෙයි, ගෙදරට එක්ක යන්නෙ; අපේ පවුලේ අයට හඳුන්වල දෙන්නෙ. (මගේ රහස්‍ය විශ්වයේ සාමාජිකයන් වැඩි දෙනෙකුව නං ඈතින්ම තියා ගන්නයි- මං පුරුදු වෙලා උන්නේ.)

මගේ තේරීම් හුඟ වෙලාවට නිවැරදි සිලෙක්ෂන්ස් වුණා.

එහෙම ගෙදර අයට අඳුන්නලා දුන්නු සමහර දෙනෙක් මටත් වැඩිය අපේ පවුලේ සාමාජිකයන් එක්ක එකතුයි. ළඟම උදාහරණෙ blogs නිසාම හිතවත් වුණු නමී. දැන් අපේ මිණිපිරී හිමන්‍යාගේ හොඳම යාළුවෙක් තමයි නමී මාමා. නෙවිලුයි නමීයි දෙන්නම කොච්චරවත් නළියන පොඩි කෙල්ලත් එක්ක හරි-හරියට සෙල්ලමට වැටෙන හින්ද අපි එහෙ යනකල් හිමන්‍යා ඉන්නේ මඟ බලාගෙන.

මම නං වැඩියම යන්නෙ dance කරන ගමන් ඇඳුම් ගලවන කෙල්ලන්ව බලන්න... ඒත් උන් ඒකවත් හරියටම කරන්නේ නෑනේ... අපිව අවුස්සනවා විතරයි!

ඉතිං... කියාගෙන ආව කතන්දරෙන් පීලි පැන්න තැනට ගියොත් කියන්න වෙන්නේ- එදා bus එකේ උඩ තට්ටුවේ හිටිය අයගෙන් දෙන්නෙකුත් ඊළඟ bus stop එකෙන් බැහැලා ගිය විත්තියයි.

“මං ගෙදරට එන්නේ නැත්තං ඔයා වැඩිය කැමතියි නේද?” ප්‍රසාද් ඇහුවා.
“අපේ Dadaa පරණ තාලේ සුද්දෙක් ප්‍රසාද්. ඇත්තම කියනවා නං එයා ඒෂියන් අයටයි- කළු අයටයි වැඩිය කැමති නෑ. අනෙක් අතට ඔයාට හවුන්ස්ලෝ එන්න bus pass එකක් තියෙනවත් නෙවෙයිනේ... අපරාදෙනෙ සල්ලි වියදම් කර ගන්නේ.”

‘”එච්චර ලෝබ වෙන්න එපා ෆ්‍රෙන්ඩ්! සල්ලි වැඩි නිසා නෙවෙයි... ඒත් වියදම් කරන්න හිතුණම කරන්න ඕනි.”
“අපොයි ඔව්! කොල්ලා වියදම් කරන්න ලෝබ නැති හැටි මටත් ආරංචියි!”
ප්‍රසාද්ගේ මූණ වෙනස් වුණා. “කවුද කිව්වේ? බල්නූර්ද...”
“කිව්වේ කවුරු වුණත් මොකෝ- කියල තියෙන්නේ ඇත්තක් නං...”

“ඇත්තමයි නිමල්. ඒක බොරුවක් නෙවෙයි. සුමානෙකට දෙකකට සැරයක් මම එහාට යනව තමයි. මගේ room matesල දෙන්නත් එක්ක. ඒත් මට උන්ට වගෙ සල්ලි නැති නිසා බොහොම පරිස්සමින් තමයි මම සල්ලි වියදම් කරන්නේ. එක බියර් එකයි බොන්නේ. මම නං වැඩියම යන්නෙ dance කරන ගමන් ඇඳුම් ගලවන කෙල්ලන්ව බලන්න... ඒත් උන් ඒකවත් හරියටම කරන්නේ නෑනේ... අපිව අවුස්සනවා විතරයි!”

එහෙම කියපු ප්‍රසාද් එක පාරටම මගේ අත අරගෙන එයාගේ කලිසමේ ගොල්ෆිය හරියට උඩින් තියා ගත්තා. හරියටම කියනවා නං තියා ගත්තා නෙවෙයි- තියාගෙන තෙරපුවා. එතකොට මගේ අතට අහු වුණේ යකඩ පොට්ටනියක්!
“මේ බලපං... ඒවා මතක් කරද්දීත් මාව ඇවිස්සිල තියෙන හැටි!” කියලයි ප්‍රසාද් කෙඳිරි ගෑවේ... එහෙම කොඳුරමින්ම ප්‍රසාද් එයාගේ අත මගේ අතේ ඇඟිලි අතරින් යැව්වා.
එහෙම කරලා එයාගේ අතට බලය දුන්නා- එයාට කැමති විදිහට මගේ අත මෙහෙයවන්න... ප්‍රසාද්ගේ ඇඳුම් තියෙද්දීම මගේ අතට දැනුණා ගිනියම් වෙලා ගැහෙන යකඩ දණ්ඩක පහස...

ඊට පස්සේ එයාගේ ගොරෝසු අත පැත්තකට නොගෙන; එහෙමම තියාගෙන- මගේ අත උඩින්ම  තියාගෙන ප්‍රසාද් එයාගේ අතට බලය යෙදුවා. ඒ බලයත් එක්ක මට ලේසි වුණා අර ගිනියම් යකඩ පොට්ටනිය මිරිකිල්ල.
ඒ අතරේ එළඹෙන්නට නියමිත කූටප්‍රාප්තියෙදී ඒ හාදයාගේ ප්‍රහර්ෂාත්මක කෙඳිරිල්ලෙ සද්දේ වැඩි වෙයි කියලයි මං බයේ උන්නේ. (සමහර දෙනෙකුට එහෙම වෙලාවට කෑ ගැස්සෙනවනෙ!)

‘එහෙම කියනවා නං අවුරුදු දහසයකට කලින් ඉවර කරපු යුද්දයක් ගැන තාමත් දිගින් දිගටම පම්පෝරි ගහන එකත් අසාධාරණයි නේද?’
“Please... don’t angry with me. Ahhh... Nimaaaal... don’t stop... dont. Sh... sh... shh. Oh my god...” අන්තිමට කුණාටුවක් වගෙ හුස්මක් මුදා හරිමින් ප්‍රසාද් මිමිණුවේ දත්මිටි කාගෙන.

“උඹ මගෙත් එක්ක තරහ නෑ නේද?” මොහොතකින්ම ප්‍රසාද් ඇහුවේ කෙඳිරිලි හඬින්. ඒත් එක්කම මගේ උකුල උඩින් අත තියල මිරිකමින්. එයාගේ අතටත් දැනෙන්න ඇති මං උණුසුම් වෙලා ඉන්න විත්තිය.
“May I...”
“Not now...”

‘”එහෙනං පස්සේ දවසක... more freely. නිදහසේ...” ප්‍රසාද් කිව්වමයි මට තේරුම් ගියේ පරෙස්සමින් වචන පාවිච්චි නොකිරීමේ වැරැද්ද ගැන.

ඔහොම වෙලාවට කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැහැල්ලුනෙ.
මේ ළඟදි දවසක නාමල් රාජපක්ෂ මහත්තයටත් ඔය ඇබැද්දියම වෙලා තිබ්බේ. මල්වතු පාර්ශ්වයේ අනුනායක ස්වාමීන්වහන්සේව හමුවෙන්න ගිය වෙලාවේ.
‘අවුරුදු පහළොවකට විස්සකට කලින් සිදුවීම් ගැන දැන් ක්‍රියාත්මක වෙනවා. හරි අසාධාරණයි.’ කියලා උන්නැහේ ප්‍රකාශ කළාලු.

කවුද බ්රේක් නැති හාදයෙකු ඒ ගැන අදහසකුත් ලියල තිබ්බා. –‘එහෙම කියනවා නං අවුරුදු දහසයකට කලින් ඉවර කරපු යුද්දයක් ගැන තාමත් දිගින් දිගටම පම්පෝරි ගහන එකත් අසාධාරණයි නේද’ කියලා.

ඉතිං, එදා මගේ කටිනුත් වචන එළියට පනින්න ඇත්තේ හිතේ තිබ්බ අදහස පෙන්වමින්.
‘Not now; දැන් නෙවෙයි’ කියල කියපු ගමන්ම ප්‍රසාද්ට තේරෙන්න ඇති වෙච්ච දේවල්වලට මගේ කිසි අකැමැත්තක් නැති විත්තිය!
ඒකයි ප්‍රසාද් ‘Later on... leisurely... with freedom’ කියල යෝජනා කළේ.

හවුන්ස්ලෝවලදී බස් එකෙන් බැහැලා අපේ ගෙවල් පැත්තට ඇවිදගෙන යන අතරෙත් ප්‍රසාද් මගේ අතක් පිරිමදිමින් ගියේ. එක එක දේවල් කියමින්... එයාට කොච්චර සහනයක් අත් වුණාද කියන එකයි විශේෂයෙන් කිව්වේ.
“ඔව් නිමල්. අර විදිහේ කෙල්ලෝ හෙළුවෙන් නටනවා live බලං ඉඳලා හොඳටම ෆයර් වෙලා බෝඩිමට ආවාම මගේ උදව්වට තිබ්බේ මගේ අත විතරයි... ඒකත් අනිත් බෝඩිම්කාරයන් දෙන්නට හොරෙන්. බාත් රූම් එකේදී... උඹට තේරෙනව ඇතිනේ... ඒකෙ කිසි ගතියක් නෑ ෆ්‍රෙන්ඩ්... කාලෙකට පස්සේ අද උඹ හිංදා... What a great relief...”

“හරි! දැන් ඒක ඉවරයිනෙ...” පාර අයිනේ නැවතුණු මම කිව්වා. “අර තියෙන්නේ අපේ ගෙදර... දැන් ඔයාට ආපහු යන්නයි වෙන්නේ.”

අපොයි ඔව්! මගේ වැඩේම මට ඕනි දේවල් කරන එකනෙ...

“උඹ මහ නපුරු යාළුවෙක් නිමල්.”

“මං එහෙම තමයි. නපුරු වෙන්න ඕනි වෙලාවට එහෙම වෙනවා...”
“එතකොට නංගිගේ wedding එකෙන් පස්සේ කවදද ඔයා ආපහු වැඩට එන්නේ?”
“පුළුවන් තරම් ඉක්මනට.”
“ඔයා වැඩට එනකල් මං බලං ඉන්නවා නිමල්.”
ප්‍රසාද් ආපහු ගියේ වෙන කරන්න දෙයක් නැතිකමට වගෙයි.

එදා රැයෙන් පස්සේ දවස් ටිකේ ප්‍රසාද් ගැන හිතන්න තරමේ විවේකයක් මට හම්බ වුණේ නෑ.

අපේ අම්මට ඕනි වුණා සමන්ති නංගිගේ මඟුල් ගෙදරට අලුතින්ම සාරියක් හරි ගස්සා ගන්න. ඉතිං ඒකට හරි යන හැට්ටයකුත් මහගන්න වෙනවනේ.

“රංජි, ඔයා මොකද හිතන්නේ... සාරියක්ද හොඳ- ඔසරියක්ද?” අම්මා අහපි!
“මට නං හිතෙන්නේ අම්මට ඔසරියක් වැඩියෙන් හොඳයි කියලයි.”
“කීප් ක්වායට් සන්... I know her way. මෙලහටත් උඹලගෙ අම්ම තීරණේ කරලා ඉවරයි. ඔය බොරුවට උඹෙන් අහන්නේ.” ඩැඩා හිනා වෙවී කිව්වේ මට වුණත්- අම්මා ඇවිස්සුණා.

“අපොයි ඔව්! මගේ වැඩේම මට ඕනි දේවල් කරන එකනෙ... ඔයා නං සැසිල්...”
“මම සැසිල් තමයි, ලීලා. එහෙම නං උඹ කියන්නේ උඹ තවම වෙඩින් එකට අඳින ඇඳුම ගැන ඩිසයිඩ් කරලා නැහැයි කියලද?”
“නෑ තමයි!”
“ඇයි මනුස්සයෝ... උඹ වෝඩ්රොබ් එකේ ගොඩ ගහගෙන තියෙන එව්වයින් එකක් තෝරගන්න එක එච්චර අමාරු වැඩක්ද?” ඩැඩා ඇහුවෙ පුදුම වෙමින්.

“ඔය කිව්වේ! සැසිල්, මගේ දුවෙක් එංගලන්තේදී කසාද බඳින්න යන ඉස්සෙල්ලම සැරේ මේ. ඒකට ඇඳපල්ලකෝ පරණ සාරියක්. දකින මිනිස්සු දෙකොනින්ම හිනා වෙයි. ඔයාට ඕනි නං ඕනෑ පරණ හම්පඩයක් ඇඳගන්න එකයි තියෙන්නේ. මට නං අලුත් සාරියක් ගන්න ඕනි. රංජි... නිකං ඉන්න එකේ යමුද සවුත්හෝල්වල ෂොපින්?”
“ලී..ලා... ලීලා. මේක උඹේ වෙඩින් එක නෙවෙයි. උඹේ දුවගේ වෙඩින් එක. මිනිස්සු එන්නේ උඹව බලන්න නෙවෙයි, සමන්තිවයි බිමල්වයි බලන්න.”

“කවුද සැසිල් නැහැයි කිව්වෙ... සෑම්ලව බලන්න එන අයට පේන්න මාත් රැජිනක් වගෙ ඉන්න ඕනිනේ...” අම්ම කියාගෙන ගියේ උජාරුවෙන්. එයා එහෙම කියන අතරේ මං කල්පනා කරමින් හිටියේ Sam රහසෙන්ම මට පවරල තිබ්බ කොන්තරාත්තුවක් ගැන.

එතකොට අම්මා ගන්න යන්නෙ රිදී නූලෙන් වැඩ දාපු රෙද්දක්ද නැත්තං රත්තරං නූලෙන් වැඩ දාපු...

“අනේ ලොකූ. ඔයා කොහොම හරි වෙඩින් එක දවසට අපේ අම්මා තියෙන තරං ජුවලරි ඔක්කොම දාගෙන එන එක නවත්තන්න  ඕනි...”

“ඔක්කොම ජුවලරි?”
”ඒකනේ ලොකූ. අම්මට තියෙනවා gold ජුවෙලරීසුයි silver ජුවෙලරීසුයි තොගයක්. එයා මොකක් හරි පන්ෂන් එකකට යද්දී ඒවා සේරම දාගෙන යනවා. වස කැතයි... මොනවාගෙන් හරි එක ජාතියකින්නෙ ජුවෙලරීස් දාන්න ඕනි, ඇඳුමට match වෙන විදිහට...” සමන්ති මට කියා තිබ්බේ කල් ඇතිවමය.

“ඔයා හිතන්නේ අම්මා ඔයාගේ වෙඩින් එකට එනකොටත් එහෙමම කරයි කියලද, සෑම්?”
“ඩෙෆිනීට්ලි... මමයි දීපානියි ගොඩ සැරයක් අම්මට කියලත් තියෙනවා... ඔයා දන්නවනෙ ලොකා අම්මගේ හැටි- කියනකොට අපිත් එක්ක රණ්ඩු වෙන්න ආවා, මමයි අම්මා... මං ඔව්වා දන්නවා කියලා.”

එහෙම තැන්වලදී අපේ අම්මා හරිම අහංකාරය. වයසින් වැඩි උදවියට බාලයන් ගරු කළ යුතු යැයිද, වැඩිහිටියන් බාලයන්ට වඩා දැනුමැත්තන් යැයිද ඈ සිතුවාය.

“අම්මට South Hall යන්නම ඕනි නං මමත් එන්නං. ඒත් අම්මේ ෂොපින් යන්න කලින් ගන්න ඕනි මොනවද කියලා තීරණේ කරගෙන ගියාම ලේසියි නේද?” මං ඇහුවේ ගොඩක්ම නිවිච්ච tone එකකින්.
“මොනවා තීරණේ කරන්නද? ඔයා දන්නෑ රංජි, සවුත්හෝල්වල තියෙන රෙදි කඩේකට ගියාම පිස්සු වගෙයි. මුළු ඉන්දියාවෙම තියෙන රෙදි ජාති ඒ එකක තියෙනවා. හැම ෂොප් එකේම ඒ විදිහයි...”

“අම්මට මතක නැද්ද අපි සමන්තිලට ඔසරි මහල දෙන්න රෙදි ගත්තෙත් සවුත්හෝල්වල තැනකින්නෙ- අර රෝසපාට මල් මල් තිබ්බේ...”
“මොකද මට මතක නැත්තේ? මතකයි- මතකයි.” දැන් අම්මා ඉන්නේ හොඳ මූඩ් එකකය.

“අම්මත් ඒ වගෙ කෑලි තුනේ ඔසරියක්ද මහගන්න හදන්නේ?”
“එහෙම කළොත් අඳින්න ගියාම ලේසි වෙයි, නේද රංජි.”
“එහෙනං අපි එහෙම කරමු. ඉන්නකෝ මම list එක ලියා ගන්න.” මං ඉක්මනට කොළයකුයි පෑනකුයි අතට ගත්තා.

“ඔය පොඩ්ඩේ මොනව ලියා ගන්නද, රංජි?”
“එහෙම කළාම වෙලාව ඉතුරුයි අම්මේ... එතකොට අම්මා ගන්න යන්නෙ රිදී නූලෙන් වැඩ දාපු රෙද්දක්ද නැත්තං රත්තරං නූලෙන් වැඩ දාපු...”
“රත්තරං... රත්තරං...”
“ඒ කියන්නේ අම්මා සමන්තිගේ වෙඩින් එක දවසට දාගෙන යන්න හදන්නේ රත්තරං ජුවෙලරීස්!”

ඌව වෙල්ලස්ස බින්තැන්නේ නූගත් ගොවි දෙමාපියන්ගේ...

“නැතුව! ඔයාට කියන්න රංජි මගේ ළඟ දැන් රත්තරං මාල වළලු ගොඩක් තියෙනවා... මං ලංකාවට ගිහින් එන හැම සැරේකම මොකක් හරි රත්තරං බඩුවක් ගේනවාමයි... මහන්සිවෙලා හම්බ කරලා ඉතිරි කර ගන්න සල්ලි බැංකුවේ දානවට වැඩිය පරෙස්සංනෙ එහෙම කළාම. වාසිත් එක්ක. බැංකුවක දැම්මොත් පස්සේ taxවලටත් අහු වෙනවනේ.”

ඒ වෙලාවේ අම්මාත් එක්ක තර්ක කරන්නට ගියොත් වැඩේ ‘වකූර්’ වෙනවා සහතිකය.
ඒත් එතැනදී අපේ අම්මා අන්තිම අසාධාරණය. එයා බදු ගෙවීමට කැමති නැත. ඒත් අනුන් ගෙවන බදුවලින් කෙරෙන රජයේ සුබසාධන සහනයන් වැඩි වෙනවාට කැමැතිය.
තවමත් ශ්‍රී ලංකාවේ ගොඩක් දෙනා හිතන්නේ අපේ අම්මා හිතූ විදිහටමය.

ඌව වෙල්ලස්ස බින්තැන්නේ නූගත් ගොවි දෙමාපියන්ගේ දියණියක ලෙස ඉපිද- උපායශීලී දැරියක ලෙස හැදුණු වැඩුණු- අටවත් සමත් නැති නූගත් එකියක වුණු රහුබැද්දේ විදානේලගේ ලීලාවතී එහෙව් පටු චින්තනයකින් යුක්ත වීම පුදුමයක් නොවෙතත්...
උගත්- ව්‍යාපාරික ඥානයෙන් සමන්විත- සාර්ථක ව්‍යවසායකයනුත් එහෙම මෝඩ කල්පනාවල ගැලී සිටීම...

ඉතිරි හරිය ඊළඟ කොටසින්...

Tuesday, September 2, 2025

හතලිහේදී... විසිවෙනි කොටස

“.... මිනිහා මෙහෙදී නාස්ති වෙලා යයි වගෙ... මගේ යාළුවෙක් මෙයාව දැකල නරක තැනකදී...” බල්නූර් කිව්වේ හූල්ලමිනි.
“මෙහෙ තියෙනවා හෙළුවෙන් නටන කෙල්ලෝ ඉන්න තැන්. අමාරුවෙන් හම්බ කරන සොච්චමත් එහෙම තැන්වලට පූජා කරන මිනිහෙක්ට කොහොමද කලක් යන්නෙ?”

බලාගෙන ගියාම මූ මහ වනචරයෙක්නෙ... උදව් කරන්න නෙවෙයි නිකං යාළුවෙක් විදිහට ආස්සරේ කරන්නවත් නොවටින...

“කෙල්ලෝ හෙළුවෙන් නටන තැන්?” මං ඇහුවේ හීන් හඬින්.

“ඒකනේ බ්‍රදර් කියන්නේ... ප්‍රසාද්ව එහෙම තැනකදී දැකලා තියෙනවා මගේ යාළුවෙක්... ඉතිං බලපං... මේකා ඉන්නේ නං උපාසකයා වගෙ. බලාගෙන ගියාම මූ මහ වනචරයෙක්නෙ... උදව් කරන්න නෙවෙයි නිකං යාළුවෙක් විදිහට ආස්සරේ කරන්නවත් නොවටින බැල්ලිගෙ පුතෙක්නෙ...”

බල්නූර් එහෙම කිව්වම නං දුකකුත් එක්කම මට ඇති වුණේ පසුතැවිල්ලක්. පව් ප්‍රසාද්!

ප්‍රසාද් කියන්නේ තාපසයෙක් නෙවෙයිනේ. එයා පිරිමි හෝර්මෝන හොඳට නිපදවෙන සරීරයක අයිතිකාරයෙක් වගෙයිනෙ. ඒ මගේ නිරීක්ෂණයේ results. එයාගේ අතපයේ වුණත් යහමින් පඬි වැවිල තියෙනව නෙව. නිකංම එහෙම වෙන්නෑනෙ..
(පඬි කියනකොට මතක් වුණේ. ඒවාට හුඟ දෙනෙකු කියන්නේ මයිල් හරි මවිල් හරි කියලයි.) එහෙම යහමින් පිරිමි හෝර්මෝන නිපදවෙන කෙනෙකුට අනිත් අයට වැඩියෙන් ලිංගික ආශාවන් ඇති නොවී තියේවියැ?

මට නිතරම කල්පනා වුණු වනචර ඇත්තක් කියන්නද?
තරුණ වයසේදීම කසාද බැඳලා ඉන්න උදවිය කොහොමද අවුරුදු ගණන් ඈත් වෙලා ඉන්නේ... කොයි තරං තරුණ සැමියන්- තරුණ බාරියාවන් පිටරටවල රස්සාවලට ගිහිං විප්‍රවාසීව ඉන්නවද? අවුරුදු ගණන් දෙන්න දෙපොළක... ඔයාලට තේරෙනව ඇති නේද මං කියන දේ? මට නං...

‘එයාල නිකෙලෙස්- වීතරාගී උදවිය වෙන්නැති, යක්ෂයෝ! තමුසෙ වගෙ වනචරයෙකුට ඔහොම දෙයක් හිතා ගන්නවත් අමාරු ඇති නේද? ඒකට ඉතිං වෙන කවුරුවත් පළි නැහැනෙ නිදි.’

මං මෙහෙම ලියන දේවල් කියවන කෙනෙකුගේ අප්‍රසාදයට ලක් වීමට ඉඩක් තියෙද්දි තමයි මගේ සැබෑ හැඟීම් ලියන්නේ.
2018දී නිදිගෙ පංච තන්තරේ ලියන්න පටන් ගනිද්දී මං උන්නේ ටිකක් විචිකිච්ඡාවෙන්. ඒත් පහු-පහු වෙද්දී මගේ ඒ සැක-සංකා ගොඩක් නැතුව ගියා.
අතිසුචරිතවත්; සුපේසල ශික්ෂාකාමී හැදියාවකින් යුක්ත ‘පොඩිහිටියන්’ ටික දෙනෙක් විතරයි ‘මගේ නිරුවත් සත්‍ය ප්‍රකාශ’ කියවල වික්ෂිප්ත වුණේ. Blog ලිපි කියවන වැඩි දෙනෙකු ඒවා තේරුම් ගැනීමට තරම් මේරූ; පරිණත; පුහුදුන්; වැඩිහිටි උදවිය බව මට පසක් වුණා.

ඔවුනුත් හොඳට හුස්ම ගන්නා; පසිඳුරන් වැඩ කරන; හොඳට නාඩි වැටෙන උදවිය බවට තියෙන විශ්වාසයයි- මේ විස්තර නොබා; නොපැකිළ ලියන්නට නිදිව පොලඹවන්නේ. (ඔබ සැමට ගොඩක් ස්තුතියි!)

ඉතිං... එදා රෑ බල්නූර් මට ටෙලිෆෝන් කළාට පස්සේ මගේ කෙලෙස්බර තණ්හාදිපතිකම තදින්ම මට දොස් කිව්වා. ‘පේනවනේ, ඒ මනුස්සයත් උඹ වගෙම ලොකු අසහනේකින් ඉන්නව ඇත්තේ. ඒක තේරුම් ගන්න උඹට බැරි වුණානෙ. ලොකුකම් අටවන්න ගියා. අපරාදෙ අතටම ආව චාන්ස් එකක් තමුසේ මිස් කර ගත්තේ.’

උඹලා ඔක්කොම දුවන්නේ සල්ලි පස්සේ. උඹලට කිසිම ඇතිවිල්ලක් නෑ!

ඊළඟ සැරේ නං...

‘ඊළඟ සැරයක් උදා වෙන්න ඒ හාදයව හම්බ වෙන්න එපැයි, මෝලෝ! ආයෙමත් වතාවක් ප්‍රසාද්ව දකින්නවත් ලැබෙයිද කියල කවුද දන්නේ...’
Aheer මහත්තයා තීරණේ කළොත් ප්‍රසාද්ව වැඩට ගෙන්වන්නේ නැතිව ඉන්න!
‘තමුසෙගෙ හිතේ තියෙන කැත! කෙහෙල්මල් ප්‍රසාදෙක් ගැන හිතන්නේ- හිතපංකො නයනානන්ද ගැන. මාස හයක් ඉවසගෙන ඉන්න බැරි තරමටම දැවිල්ලක්ද උඹට තියෙන්නේ...’

ටක්... ටක්... ටක්!
දැවිලි කතන්දරේ අමතක කරවමින් කවුද කාමරේ දොරට තට්ටු කරනවා. “කවුද... දොර lock කරල නෑ.” ඇඳේ ගුළි වෙලා ඉන්න ගමන්ම මං කිව්වා.
“ලොකූ,
යසිරු අයියලා ඇවිත්...”
“මම ඇඳුමක් දාගෙන ටක් ගාලා එනවයි කියනවද තරහ නැතුව...”

යසිරුලාටත් උදේ වෙච්ච සිද්ධිය ආරංචි වෙලා. අහීර් මහත්තයම කියන්න ඇති.
මං පහළට යනකොටත් Dada එයාලත් එක්ක සාකච්ඡාව පටන් අරගෙන ඉවරයි.
“එතකොට මිස්ටර් සැසිල් කියන්නේ නිමල්ට මීට පස්සේ එහෙ වැඩට නොගිහිං ගෙදර නවතින්න කියලද?”
“ඒක නේද මේ වෙලාවේ කරන්න ඕනි නුවණක්කාර වැඩේ... නිමොල් England ආවේ රස්සාවක් කරන්න නෙවෙයිනේ. එයාගේ loving sisterගේ වෙඩින් එකට... මොකද වෙන්නේ අද Home Office එකෙන් මෙයා වැඩ කරන තැනට පැන්නා නං... What a disaster? එහෙනං මෙයාවත් බනානා බෝට් එකෙන් හෙට අනිද්දාම ලංකාවට යවනවා නේද?” ඩැඩා කියාගෙන ගියේ නොනවත්තා.

“Yes my dear Cecil! ඉට් ඉස් පොසිබල්... මම පිළිගන්නවා, උඹ කියන කතාව ඇත්තයි. ඒත් සැසිල් අපි හැමෝම risks අරගන්න එක නේද ජීවිතේදී කරන්නේ...
ඔයා ආන්ටි ලීලාව මැරි කළේ එහෙම වගකීමක් අරං. Samලව එංගලන්තෙට ගෙන්න ගත්තෙත් risk එකක් අරං.”

“ඔව්නේ සැසිල්... ඒ දෙකෙන්ම ඔයාට වැරැද්දක් වුණායැ?” යසිරුගේ ප්‍රියම්බිකාවත් එක්ක කතා කරමින් හිටපු අපේ අම්මත් ඇහුවේ උජාරුවෙන්.
“ඔව්! ඔව්! මට කිසිම වැරැද්දක් වුණේ නෑ නේන්නං.” ඩැඩා කිව්වේ සෝපහාස ස්වරයෙන්. “මම තවම පණ පිටින් මේ ඉන්නේ! මට කියන්න තියෙන්නේ මෙච්චරයි. උඹලා ඔක්කොම දුවන්නේ සල්ලි පස්සේ. උඹලට කිසිම ඇතිවිල්ලක් නෑ... විශේසෙන් ලීලා- උඹ. උඹ තමයි නිමොල්වත් මෝටිවේට් කරන්නේ... I don’t want to ආර්ගිව් or ෆෝර්ස්. උඹලට කැමති දෙයක් කර ගනිල්ලා...”

කෝපි බෝතලයත් අරගෙන ඩැඩා උඩ තට්ටුවට නැංගා. වියපත් වෙමින් උන්නු නිසා වෙන්නැති- එයා ඉස්සර තරම් වාදවලට පැටලෙන්න කම්මැලි; විවේචන කරන්නට අකැමැති.

“මොකද යසිරු පුතා මේකට කරන්නේ? මෙහෙම දේකුත් තියෙනවා. ඔය මනුස්සයා යමක් කිව්වොත් වරදින්නේ කලාතුරකින්. මම හිතන්නේ රංජි ටික දවසක් හරි ගෙදර නැවතෙන එක හොඳයිත් වගෙ.” අම්මා එයාගේ අදහස කිව්වේ කාටත් කලින්. ඩැඩා නොපෙනී යනවත් එක්කම- ටිකක් හෙමින්.
“මම හිතන්නේ ලීලා ආන්ටි- මෙතැනදී ඩිශිෂන් එක ගන්න ඕනි නිමල් කියලයි. වෙන ඕනිම දෙයකට මූණ දෙන්න වෙන්නේ නිමල්ටනේ!”

සහෝදර blog රචක අජිත් ධර්ම හිතවතාගේ fb post එකක- ෆොටෝ කීපෙකුත් එක්ක. එයින් දෙකක් තමයි...

යසිරු මට කළේ ලේසියක්. මං ඒ වෙද්දීත් තීරණයක් අරගෙනයි උන්නේ.

“සමන්තිගේ වෙඩින් එකට තව දවස් දහයක්ද කොහෙදනේ තියෙන්නෙ. ඒ ටික මං ගෙදර ඉන්නං. ඊට පස්සේ මොනවා වුණත් කමක් නෑ කියලා වැඩට යන්නං. එතකොට ඩැඩා කියපු දේත් පිළිගත්තා වෙනවනෙ. යසිරුට පුළුවන් නේද Mr Aheerට කියන්න මගේ තත්ත්වේ. මාත් එයාට කෝල් කරන්නං.”

යසිරු එකඟ වුණේය. අහීර් මහතා අපේ තීරණය පිළිගෙන තිබ්බේ ‘වෙන මොනවා කරන්නද’ කියමිනි. දවස් දෙකකට පස්සේ බල්නූරුත් විස්තර කිව්වේය. “We miss you brother. මේ ප්‍රසාද්ටත් උඹට කතා කරන්න ඕනිලු.”

“Nimal, it’s me Prasad. උඹ නැතුව හොඳටම පාළු මටයි නිමල්. ඔයා ගෙදර නේද ඉන්නේ? මම බල්නූර්ගෙන් ඔයාගෙ නොම්මරේ ඉල්ල ගත්තා. ටික දවසකින් හවසක කතා කරන්නං. කමක් නැහැනේ?”
“කමක් නෑ,.. කමක් නෑ... කැමති වෙලාවක කතා කරන්න.”

දවස් දහයක්! ඒ කියන්නේ ලොකු කාලයකි. ගෙදරටම හිරවී හිටිද්දී දවස් දහය මාස දහයක් තරම් දිගට දැනෙයි... ලංකාවේ හිතවතුන්ට ලියුම් ලියන්නට වැය කෙරුණේ වරුවකටත් අඩු කාලයකි.
අහම්බෙන් හම්බ වුණු නිවාඩුවෙන් ප්‍රයෝජනයක් අරං, ලංකාවට යනකොට ගෙනියන්නට පොඩි තෑගි ටිකක් ගන්න ගියොත්!’
ඒ අදහස හිතේ  දරාගෙන Hounslow පැත්තට ගියාමය මං හොල්මන් වුණේ.

අවරුදු එකොළහකදී හවුන්ස්ලෝ සෑහෙන්නට වෙනස් වෙලාය. පොඩි පොඩි කඩ-සාප්පු අඩු වී ගිහිංය. ලොකු ලොකු වෙළෙඳ සංකීර්ණ පැටව් ගහලාය. එව්වායේ පැන්ස ගණන්වලට- පවුමට දෙකට විකුණන අයිටම්ස් නැති තරම්ය!
ඒ වෙනස්වීම් සිද්ද වෙලා තිබ්බේ අවුරුදු එකොළහක කාලයක් අතරතුරේය. එදා ඉඳලා අද වෙද්දී; අවුරුදු තිහකදී කොයි තරම් නං දේවල් වෙනස් වෙලා ඇද්ද?

පුදුම හිතෙන තරං දේ... කොච්චර ඉක්-ඉක්මනට සිදු වෙමින් යනවද?

‘අද අම්මාගේ අසූ වැනි උපන්දිනය. මාලන් රොෂාන් ෆේස්බුක් පෝස්ට් එකක් දැම්ම ගූගල් නැනෝ බනානා කියන අලුත් ඒඅයි ටූල් එකෙන් පරණ පින්තූර එඩිට් කරල දෙනවා කියල. අම්මගේ පරණ පින්තූර දෙක තුනකුයි තාත්ත ඉන්න පින්තූරයකුයි එඩිට් කරල අම්මට යැව්වා. එයාට හරිම සතුටුයි. ප්‍රින්ට් කරලා එවන්නලු. ස්තුතියි මාලන් ටිප් එකට.’
ඔය උඩින් තියෙන ඡේදය මගේ ඇහැ ගැහුණේ ඊයේ. සහෝදර blog රචක අජිත් ධර්ම හිතවතාගේ fb post එකක- ෆොටෝ කීපෙකුත් එක්ක. එයින් දෙකක් තමයි උඩින් තියෙන්නේ. (අජිත් මාතාවට සුබ උපන් දිනයක් වේවා!)

අපේ අතීත මතකයන් එළියට ගන්න ඇහැකි විදිහේ tool එකක් හැදුණොත් කොහොමට හිටියිද?

අජිත් ධර්ම හිතවතාගේ ඒ fb පෝස්ටුව දැක්ක වෙලාවේ ඉඳල මට කල්පනා වුණේ මේකයි.

අනාගතේ දවසක අපේ අතීත මතකයන් එළියට ගන්න ඇහැකි විදිහේ tool එකක් හැදුණොත් කොහොමට හිටියිද?

මං වහන්සේ පණ පිටින් ඉන්දදී නං ඒ වගෙ තාක්ෂණික ගැජට්ටුවක් හැදෙන එකක් නෑ කියලයි හිතෙන්නේ.
‘ඔව්, ඔව්.. දිසානායක- ලබන ආත්මෙකදී තමයි තමුසෙට ඒවා බලා ගන්න වෙන්නේ. ඒ හින්ද එහෙම දෙයක් හැදෙනකල්, තමුසෙට පුරුදු විදිහටම ඔහේගෙ මතකය අවුස්ස- අවුස්සා නිදිගෙ පංච තන්තරේ ලියනවා!’

හරි, හරි... මෙන්න ලියනවා. මෙන්න...
ඉතිං හවුන්ස්ලෝ ටවුමෙන් මොකුත් නොගෙනම මං එදා ආපහු ගෙදර ආවා. ඒ එනකල් අපේ ඩැඩා මඟ බලං ඉඳලා. “නිමොල්, අන්න ප්‍රසාද් කියල කෙනෙක් උඹට කතා කළා. අද හවසට එයා ආයෙමත් කෝල් එකක් දෙනවයි කිව්වා. කවුද ඒ... යාළුවෙක්ද?”

“ටිකක් විතර...” මං කිව්වෙ ටිකක් විතර නොසැලකිල්ලෙන් වගෙයි.
එහෙම නොකළා නං හෙම ආයෙ දෙකක් නෑ, ඩැඩා මට ප්‍රශ්න පත්තරයක්ම දෙනවා ෂුවර්!

දවල් කියල තිබ්බ වගෙම ප්‍රසාද් හවස කතා කළා.
“නිමල් මට උඹව හම්බ වෙන්න ඕනෑ... අද හෙටම. ඔයා ගෙදර ඉන්න හිංදා හවස වැඩ ඇරෙන වෙලාවට මෙහෙ බස් ස්ටොප් එකට එන්න බැරිද... Please! බැහැ කියන්න නං එපා- ෆ්‍රෙන්ඩ්... මට දැන් කතා කරන්නවත් කෙනෙක් නැතුවයි ඉන්නේ... ෆෝන් box එකකින් ගත්තේ... සල්ලි ඉවර වෙනකොට cut වෙයි...”

“හරි, මං හෙට එන්නං!” මාත් විජහනියට කිව්වා.

මං බස් නැවතුමේ ඉන්න විත්තිය ඈත තියාම දැක්ක ප්‍රසාද්ගෙ මුහුණේ ලොකු හිනාවක් ඇඳුනා. හරියට අවුරුදු ගණනාවක් නොදැක උන්නු දෙන්නෙක් හම්බ වුණා වගෙයි ඒ යෝදයා හැසිරුණේ. තදින් මාව බදා වැලඳගත්තු ප්‍රසාද් බස් නැවතුමේ සීට් එකක් උඩින් එයාගේ ලෑටි පස්ස තිබ්බා.
(ලංකාවෙ නං කතාවක් තියෙනවා -පිරිමියෙක් වුණාම පෙනෙන තරමට බඩකුයි, පුකකුයි තියෙන්න ඕනි- කියලා. ඒකට අනුව බැලුවොත් නං ප්‍රසාද් පිරිමියෙක් නෙවෙයි! මිනිහට ඒ දෙකම නෑ!!)

“ඉතිං...”
“ඉතිං තමයි. කියපං...”
“මම නෙවෙයි කියන්න ඕනෙ. You! ඔයානේ ප්‍රසාද් මට අද හවස මෙතෙන්ට එන්න කිව්වේ... කතා කරන්නවත් කෙනෙක් නැහැයි කියලා.”

“Thanks Nimal, thank you very much! ඇත්තමයි නිමල්- ඔයයි බල්නූරුයි දෙන්නා නොඉන්න මං මෙලහටත් මේ රස්සාව අතෑරලා ඉවරයි. මේක තිත්ත වෙන වැඩමයි මට වෙන්නේ...”

ඌ මං වගෙ හොරෙන් මෙහාට ආව එකෙක් නෙවෙයි. ටුවරිස්ට් වීසා උඩ ඇවිල්ල තියෙන්නේ...

“ඒ පාර තවත් problem එකක්ද?”

“ප්ලීස් නිමල්, මට හිනා වෙන්න එපා. මිස්ටර් Aheer ඉන්දියාවෙන් ආපු තවත් හාදයෙක්ව වැඩට අරගෙන... ඌ මං වගෙ හොරෙන් මෙහාට ආව එකෙක් නෙවෙයි. ටුවරිස්ට් වීසා උඩ ඇවිල්ල තියෙන්නේ... එහෙම ආව අයට වුණත් මෙහෙ jobs කරන්න බැහැ නේද? උඹත් එහෙමයිනෙ...”
“ඔව්, ඔව්... ඉතිං?”

“එහෙම වුණත් ඒ ඌරා අලි වංශෙන් ඉන්නයි හදන්නේ. බල්නූර් වුණත් හරිම  ගරු-සරුවෙන් ඌව වැඩට දැම්මේ ඔයා හිටිය තැනට. ඌටත් තවම වැඩ බෑ. ඒ වුණාට දෙන්නෙ අලි ටෝක්ස්. උගේ හොම්බට දමල අනින්නමයි මට හිතෙන්නේ.”
“හැබෑටම ඔයාට පිස්සුද ප්‍රසාද්? ඕනි කෙනෙක් ඕනි දෙයක් කියා ගත්තාවේ කියලා ඔයා ඔයාගේ පාඩුවේ ඉන්න. නැති කරදර පටලවා ගන්නැතුව. කව්රු වුණත් කියන දේවල් අපේ ඇඟේ ඇලෙනවද?”

ප්‍රසාද් ටික වෙලාවක් කල්පනාවට වැටුණා. ඊට පස්සේ මිනිහා ඇහුවේ අමුතුම ප්‍රශ්නයක්.

“උඹ මොන කුලේද?”
“උඹට මොකටද ඒවා? මං ඔය casts ගැන තකන කෙනෙක් නෙවෙයි, ප්‍රසාද්.”
“හරි හරි. ඒත් උඹලගෙ රටෙත් කුල තියෙනවනෙ. උඹ ඉපදිලා තියෙන්නේ මොන කුලේද කියලා කියපංකො...”

අපේ අම්මාත් තාත්තාත් දෙන්නාම ‘ගොයිගම’ කුලයේ උදවිය බව මං එතකොට කිව්වා. “ඒත් ඒ කුලයට ඉංග්‍රීසියෙන් කියන නමවත් මං දන්නේ නෑ යක්ෂයො!”

එතකොට ප්‍රසාද් ඇහුවේ ‘ගොයිගම’ කුලය උසස් එකක්ද- පහත් එකක්ද කියලයි.
“මං දන්න තරමට නං ඒක පහත් කුලයක් නෙවෙයි!”
“ඒක තමයි... ඒක තමයි... පහත් කුලයක ඉපදිච්ච කෙනෙකුට විතරයි නිමල් ඒ නිසා විඳින්න වෙන කෙනෙහිලි තේරුම් ගන්න පුළුවන්.”

“ප්‍රසාද්, ඔය කුලවල කතන්දර ඔයා මෙතෙන්ට ඇදල ගත්තේ මොන කෙහෙල්මලකටද කියල මට හිතා ගන්නවත් බෑ. අපි වෙන දෙයක් ගැන කතා කරමුද? අර අලුතෙන් වැඩට ආව හාදය ගැන නේද ඔයා කිය-කියා හිටියේ...”
මං එහෙම කිව්වා විතරයි, කර බාගෙන හිටිය ප්‍රසාද් ඔලුව උස්සලා බැලුවා.

අම්මෝ, එහෙම බැලිල්ලක්!
ඇස්දෙක රතුම රතු වෙලා... එයාට දත්මිටි කැවෙමින් හිටියේ!!

“ඒකම නේන්නං මං කිව්වේ. බන්ටි බ්‍රාහ්මණ කුලේ එකෙක්... මම අඩු කුලේක එකෙක්.”
“කවුද බන්ටි?”
“ඌ තමා... ඌ තමා බන්ටි. අලුතෙන් වැඩට ආව එකා... fuxxxxx බ්‍රාහ්මන්!”

මට සෑහෙන වෙලාවක් ගියා ප්‍රසාද්ගේ කේන්තිය තේරුම් ගන්න. ප්‍රසාද් මට කියල දුන්නා ඉන්දියාවේ කුලභේදයේ තරම ගැන.
(උඩින් ප්‍රකටව නොපෙනුණා වුණත් වර්තමානයේදී පවා ලංකාවෙත් ‘වංශ කබල් ගෑම’ යහමින් කෙරෙන විත්තිය මං ඉගෙන ගත්තේ පසු කාලෙකයි. පතපොත හා චිත්‍රපට තමයි මට ඒ දැනුම ලබා ගන්නට උදව් වුණේ. විශේෂයෙන්ම ‘රාවය’ කතුවර වික්ටර් අයිවන් මහතාගේ ලියවිලි. එතුමාට සගමොක් සුව ලැබේවා!)

ඌ හිතන්නෙ ඌ මේ ලෝකෙට ඇවිත් තියෙන්නේ අම්මගේ වැජයිනා එකෙන් නෙවෙයි- බඹාගේ කටෙන් කියලයි..

“ඒ අතින් උඹලගෙ රටේ අඩු කුල මිනිස්සු ටිකක් හරි lucky වගෙයි නිමල්. ඉන්දියාවේ තවමත් ඒ පරතරය හරිම ලොකුයි. බන්ටියත් එහෙම උද්ධච්ච පරයෙක්. ඌ හිතන්නෙ ඌ මේ ලෝකෙට ඇවිත් තියෙන්නේ අම්මගේ වැජයිනා එකෙන් නෙවෙයි- බඹාගේ කටෙන් කියලයි... මට පුළුවන් වුණොත්...”

“මොනවද පුළුවන් වුණොත්...”
“... අර බන්ටියගේ දත් දෙක තුනක් බඩට යවන්න... ඔව් නිමල්. ඌ මගේ දිහා බලන්නෙත් ජරා ගොඩක් දිහා බලන විදිහට… මහන්තත්තකමෙන් ඉතිරි ඉතිරී තමයි ඒ පර බල්ලා අපි වගෙ අය දිහා බලන්නෙත්...” ප්‍රසාද් කිව්වේ කේන්තියෙන් පුපුරණ ගමන්.

“ප්‍රසාද්... අපේ ආගමේ නං කියල දෙන්නෙ මිනිහෙක් උපදිනකොටම කුලවන්තයෙක් වෙන්නෙ නැහැ කියලයි. මිනිහෙක් කරන වැඩ අනුව- ජීවත් වෙන විදිහ අනුව තමයිලු මිනිහෙක් කුලීනයෙක් හරි වසලයෙක් හරි වෙන්නේ...”
“ඔයා කියන්නේ බුද්ධාගමේ නේද? උඹ බුද්ධාගමේ නේද... බුදුහාමුදුරුවෝ ඉපදුණේ අපේ රටේනෙ...”

“උන්නාන්සේ මොන රටේ ඉපදුණත් කියල තියෙන්නේ ලොකු ඇත්තක්නේ. ඉතිං ප්‍රසාද් ඇයි ඒ විත්තිය දැන-දැනත් එයින් වැඩක් නොගන්නේ...”

“අම්මෝ... අම්මෝ... උඹත් එක්ක කතා කරන්න මම ඉගෙන ගෙන මදි ෆ්‍රෙන්ඩ්. ඒත් ඔයා එක්ක කතා කරනකොට වෙලාව යනව කියල නං තේරෙන්නෙ නෑ. අහගෙන ඉන්න ආසයි.”
“ඒකට කමක් නෑ කොල්ලෝ. එක බස් එකක් ගියානේ. ඊළඟ bus එක ආවාම මම යන්නං, හොඳේ... මම ආයේ වැඩට එනකල් බන්ටි එකක් රණ්ඩු නොවී ඉවසිල්ලෙන් ඉන්න.”

“හරි! මම එන්නෙයි කියපු ගමන්ම අද මෙහාට ආවට ගොඩක් thanks නිමල්!” ප්‍රසාද් කිව්වේ මගේ අතකින් අල්ලාගෙන.
බස් එක එනකල්ම එයා මගේ අත අතහැරියෙ නෑ. මං බස් එකට ගොඩවෙනකොටම ප්‍රසාදුත් ඒකට නැංගා.
“... මාත් එනවා. මට ඔයාලගේ ගෙදර තියෙන තැන බලාගන්න ඕනි.”

ඉතිරි හරිය ඊළඟ කොටසින්...

Wednesday, August 27, 2025

හතලිහේදී... දහනවවෙනි කොටස

“අනේ බ්‍රදර්, බොස් උඹටත් දොස් කිව්වත් මොකුත් නොකියා අහගෙන හිටපං. ඊයේ මාත් බොස්ගෙන් හොඳටම බැනුම් අහලයි ඉන්නේ. ප්ලීස් බ්‍රදර්... මම විස්තරේ පස්සේ කියන්නං. එතකල් උඹ මොකුත් නොදන්නවා වගෙ ඉවසගෙන ඉන්නවනෙ? Please... ප්ලීස්!”

ඔයාලා Dunki චිත්‍රපටය බලල තියෙනවද? ඒ ෆිලුම හදල තියෙන්නේ 2023 අවුරුද්දේ.

බල්නූර් කියන්නේ මොනවා ගැනද? ඒ හතර බීරි කතන්දරේ අං-කොන් හරිහැටි නොතේරුණත් කලබල නොවී හිටියම හරිනේ! මං හිතා ගත්තා.

ප්‍රසාද් වැඩට එන්නෙ අන්තිම තත්ත්පරේදි. එදත් එහෙමමයි. එහෙම එද්දිත් මිනිහගේ ඔලුව කඩන් වැටිලා තිබ්බේ, මුහුණත් අඳුරු වෙලා. ‘Good morning!’ කියාගෙන ප්‍රසාද් එයාගේ අයන් එකත් අතට ගත්තා.
ඇස් කොනින් බලපු මට පෙනෙනවා අහීර් මහත්තයා අර වේදිකාව උඩ හිටගෙන බලං ඉන්න හැටි. උන්නැහේ බලං ඉන්නේ අපි දිහාවද?
ඒක තේරුම් ගන්න බැරි- එයා කණ්ණාඩි දෙකක් දාගෙන ඉන්න නිසයි!

බල්නූර් ඈත මේසෙක වැඩ.
කොයිකටත් කියල මාත් වෙනසක් නොපෙන්නා මදින රාජකාරිය කරගෙන ගියා. පැය බාගයකට විතර පස්සේ මට දැනෙන්න ගත්තා කවුරු හරි මගේ කිට්ටුවෙන්ම; පිටිපස්සෙන් ඉන්නව ඉන්නවා වගෙ. බොසා!

එයා අපිට පිටිපස්සේ අයනින් table එක ළඟ හිටගෙන ඉන්නවා. මමත් නොදන්න ගණනට වැඩේ කරගෙන ගියා. ඊටත් ටිකකට පස්සේ Mr. Aheer අපේ ළඟට ආවා.
“Nimal, come to the office.” කියාගෙන එයාගේ office එකට ගියා. මාත් ඒ පස්සෙන්ම...

‘නිමල් මට තියෙනවා උඹෙන් කාරණා දෙක තුනක් දැනගන්න.’ කියලයි බොසා කතාව පටන් ගත්තේ. “මෙහාට වැඩට එන්න කලින් උඹ ප්‍රසාද්ව අඳුනනවද? මට ඇත්තම කියපං...”
“No, I didn’t know him.”
“එහෙනං එයා උඹ දන්න කෙනෙකුගේ කව්රු හරිද?”
“ඒත් නෑ!”
“ඒත් උඹ එයාට ගොඩක් උදව් කරනවනේ... එයාගේ වැඩවලින් කොටසකුත් කරනවනේ... එහෙම කරනවට උඹට මොනවද හම්බ වෙන්නේ?”

එතකොට මං කිව්වේ මා ප්‍රසාද්ට එහෙම විශේෂ උදව්වක් කරන බවක් මට නොහැඟෙන විත්තියයි. “ඒත් ඒ මනුස්සයා ගොඩක් අසරණ වෙලා, පිටරටක තනි වෙලා ඉන්න හිංදා - මට පුළුවන් තරමින් එයාට උදව් කරන්න කැමතියි! එහෙම කරන්නේ මට වාසියක් ගන්න බලාගෙන නෙවෙයි. හැබැයි එහෙම උදව් කිරිල්ලෙන් මට සතුටක් හම්බ වෙනවා...”

“ආ... ඒකත් එහෙමද?
මං ඊයේ
මිස්ටර් යසිරුගෙනුත් උඹ ගැන ඇහුවා. එයාත් මට කිව්වා උඹ ලංකාවේ ඉන්නකොටත් එක එක චැරිටි වැඩ කරපු කෙනෙක්ය කියලා. එහෙම ඔර්ගනයිශේෂන් එකකදිලු නේද උඹට යසිරුව මීට් වුණෙත්. ඒක පැත්තකින් තියමුකෝ...
මට පෙනෙන්නෙ නෑ ප්‍රසාද් උඹ කියන තරම් අසරණ වෙලා ඉන්න පාටක්...”

ඔයාලා Dunki චිත්‍රපටය බලල තියෙනවාද? ඒ ෆිලුම හදල තියෙන්නේ 2023 අවුරුද්දේ.
(මට ප්‍රසාද්ව මුණ ගැහුණේත්, මිස්ටර් අහීර් එක්ක මේ කතාබහ කෙරුණේත් 1994 අවුරුද්දෙයි... හොඳේ.)

උඹට ඔහොම කතන්දර අහන්න වෙලාව තිබ්බට මට නම් ඕවට වෙලාව නෑ!

Dunki ෆිලුම  බලද්දී මට හිතුණේ ඒකෙ කතා රචකයාට ප්‍රසාද්ව මුණ ගැහෙන්නට ඇතිමය කියලයි. නැතත් (අපේ හිතවතා) ප්‍රසාද් වැටිච්ච වළටම වැටුණු හාඩි, බුග්ගු, බාලි, මනු රන්ධවාලා වගෙ සිය දහස් ගණන් තරුණ තරුණියන් ඉන්දියාවෙ ඇතිනේ. එයාලව හරි මුණ ගැහෙන්න ඇති! ඔවුන්ගේ දුක්බර ඛේදවාචක දැන ගන්නට ඇති!!

ප්‍රසාද් ජීවිතේ පරදුවට තියලා එංගලන්තයට සංක්‍රමණය වුණු හැටි ගැන විස්තර ඇතිවම ඔයාලටත් දැනගන්න ඕනිද? එහෙනං මෙහෙම කරමු. ෂාරුක් ඛාන් ප්‍රධාන චරිතයක් රඟන Dunki ෆිලුම බලලා ඉඳිමු.

එදා මම අහීර් මහත්තයාට නං එහෙම යෝජනා කළේ නෑ. ඒත් ප්‍රසාද් ඒ වෙනකොට හිටිය තත්ත්වය නං මට පුළුවන් ඉංග්‍රීසියෙන් පැහැදිලි කරලා කිව්වා.

“නිමල්, උඹට ඔහොම කතන්දර අහන්න වෙලාව තිබ්බට මට නම් ඕවට වෙලාව නෑ. ඔහොම අනුන්ගේ බැරිකම් අහ-අහ ඉන්න ගියා නං; ඒවාට ප්‍රයෝරිටිය දෙන්න ගියා නං කවදාවත් මට මෙහෙම සක්සස්ෆුල් බිස්නස්කාරයෙක් වෙන්න ලැබෙන්නෑ.
ඒත් ශ්‍රී ලංකන් උඹ අපේ ඉන්දියන්කාරයෙකුට මෙහෙම අනුකම්පා කළ එක ගැන නං මට සන්තෝසයි.
උඹ හින්ද... උඹ හිංදා I am going to give him a chance! මම ප්‍රසාද්ට මාස දෙකක් දෙනවා. ට්‍රේනී කෙනෙක් හැටියට එයා ඒ මාස දෙකේදී ස්පීඩ් එක වැඩි කර ගන්න ඕනි. එහෙම කෙරුවොත් විතරයි මං එයාව job එකේ තියා ගන්නේ. එතකල් විතරයි මම උඹට එයාගේ වැඩවලින් කොටහක් කරන්න දෙන්නේ. නැත්තං උඹම fed-up වෙලා, අන්තිමේදී උඹටම job එක එපා වෙයි. එකෙන් මටයි ලොකු පාඩුවක් වෙන්නේ.”

එයාගේ තීන්දුව බල්නූර්ටත්- බල්නූර්ගෙන් ප්‍රසාද්ටත් කියවෙන්න ඇති.
“ප්‍රසාද්. උඹ නිමල්ට කොච්චර තෑන්ක් කළත් මදි. අපේ බොසා කෙනෙකුට අනුකම්පාවෙන් මෙහෙම චාන්ස් එකක් දෙනවා මම මීට කලින් දැකලම නෑ. ඕ yes brother. යූ ආර් වෙරි ක්ලේවර්... උඹ දිනුවා.
අපි දෙන්නම ඊයේ බැනුම් අහපු හැටියට... අපි හොඳටම බයෙන් හිටියේ... බොස් උඹට job එකත් එපා වෙන තරමට බනියි කියලා...” දවල් කෑම විවේකයේදී විස්තර අහගත්ත බල්නූර් කිව්වේ සතුටෙන් ඉල්පෙමින්.

ඒත්, මිස්ටර් අහීර් අපේ කතාවේ අන්තිමටම කියපු ටික මං එයාලට කිව්වේ නෑ.

“නිමල්, මේවා කාටවත් කියන්න එපා.
උඹ ආපහු ලංකාවට නොගිහිං දිගටම මෙහෙ ඉන්න කැමතියි නං ඕනෙම වෙලාවක මට කියපං. උඹට කසාද බැඳගන්න හොඳ ඩව්රි එකකුත් එක්කම හොඳ කෙල්ලෙකුත් මමම හොයල දෙන්නං. ඊට පස්සේ උඹට දිගටම මෙහෙම රස්සාව කරන්නත් පුළුවනි.
මොකද කියන්නේ?”

ඒත් ලස්සන ඉන්දියන් කෙල්ලෝ දෙතුන් දෙනෙක්ම මේ දවස්වල මගෙත් එක්ක හිනා වෙවී ඉන්නේ...

“මේ සැරේ නං මම ලංකාවට යන්නම ඕනි, සර්.”

“හරි! ගිහිල්ලා ඉක්මනින් ආපහු වරෙන්. මතක තියා ගනිං.. උඹ කවද ආවත් ඉස්සෙල්ලම මෙහාට ඇවිත් මාව හම්බ වෙයං. ඕනිම වෙලාවක මගේ ළඟ උඹට වැඩ තියෙනවා! ඒ වගේමයි- උඹට හරි යන කෙල්ලො ගොඩක් ගැනත් මම දන්නවා...”

එහෙම නං ප්‍රසාද්ට කෙල්ලෙකු හොයා දෙන්නැයි අහීර් මහත්තයාගෙන් ඉල්ලන්නට හිතලාත්- මං එහෙම කළේ නැත. ‘ප්‍රසාද්ට නොකියා කියන්න ඕනි... හොඳට වැඩ කරගෙන ගිහිං, ඊට පස්සේ බොස්ගෙන් උදව් ඉල්ලන්න කියලා.’

ඒත් ප්‍රසාද් ඉක්මන් ප්‍රගතියක් පෙන්වන්නට අසමත් වුණේය. මාත් උන්නේ ඒ ගැන අසතුටෙනි. ඒත් ඒ යක්ෂයාට නම් ඒ ගැන වගේ-වගක් නොවිණි. “ප්‍රසාද්... තව වැඩි දවසක් නැහැනේ. ඔයාට ඉක්මන් කරලා වැඩ කරන ස්පීඩ් එක වැඩි කර ගන්න වෙයි.”
“Don’t worry Nimal! මං හිතන්නේ දිගටම මට මේ job එක ඕනෑ වෙන එකක් නෑ වගෙයි.” ඒ හාදයා කිව්වේ සතුටුදායක ස්වරයකින්.

“ඇයි, ඔයාට හොඳ ජොබක් හරි ගියාද?”
“නෑ... ඒත් ලස්සන ඉන්දියන් කෙල්ලෝ දෙතුන් දෙනෙක්ම මේ දවස්වල මගෙත් එක්ක හිනා වෙවී ඉන්නේ...”

ඒ බූරු වහන්සේ හිතන විදිහ නං එතකොට මට රහසක් නෙවෙයි. ‘පව්! කෙල්ලෙක් හිනා වෙනවයි කියන්නේ කසාද බඳින්න ලැහැස්තියි කියන්න එකද?’ ඒත් ප්‍රසාද් හිතුවේ එහෙමය.  
ප්‍රසාද්ගේ එකම ඉලක්කය වුණේ විවාහයක් මාර්ගෙන් එංගලන්ත පුරවැසියෙක් වෙන එක. එංගලන්තයේ පුරවැසි තරුණියක විවාහ කරගෙන එයාටත්
වීසා ලබා ගන්න එක.

මගේ මතේට අනුව නම්- එතැන තිබුණේ එකම පරහක් විතරයි.
එහෙම වීසා ලබා ගැනීමේ අරමුණක් තියෙද්දීත්, ප්‍රසාද් හෙව්වේ සකලාංග සම්පූර්ණ සුන්දර සුරූපිනියක්.

ප්‍රසාද් ලොකු හැන්ඩියෙකුත් නෙවෙයි. සල්ලිය බාගේ- උගත්කම් එහෙම යහමින් තිබිච්ච කෙනෙකුත් නෙවෙයි. භද්‍ර යව්වන ඉලන්දාරියෙකුත් නෙවෙයි. එහෙව් කෙනෙකු ඉහළම සුදුසුකම් එක්ක සහකාරියෙකුව හොයද්දී හිතන්න ඕනිනේ- තමන් ළඟ තියෙන්නේ මොනවද කියලත්. යකාගේ හැටියට නෙව විමානේ!

මගේ මතය ඒක වුණත් මං ඒ ගැන ප්‍රසාද්ට කියන්න ගියේ නෑ. මිනිහෙකු මෝඩ විදිහට තමන් ගැන අධිතක්සේරුවක් තියාගෙන ඉඳිද්දී එයාට අවවාද දෙන්න යන එක ඩේන්ජරස් කියලයි මං හිතන්නේ...  

“බලපං නිමල්. මම මහා අවාසනාවන්තයෙක්. අර කෙල්ලොන්ගෙන් එක්කෙනෙක්වත් set වුණේ නැහැනේ...” දවස් ගණනාවකට පස්සේ හවසක මගෙත් එක්ක bus stop එකට ඇවිදගෙන ආව ප්‍රසාද් නහයෙන් ඇඬුවා.

ඒත් කලින් දවසේ වගෙම වෙනසක් නැතිව ඒ අතේ උණුසුමත් නොකඩවා ගලාගෙන ආවා!

“ගල් අහුරක් අරගෙන ගැහුවට අඹ ගෙඩියක් කඩා ගන්න බෑ ප්‍රසාද්. එක අඹයක් ටාර්ගට් කරලා එක ගලක් ගහලා බලපං.”

“වැඩක් නෑ, වැඩක් නෑ... මං ඉන්දියාවේ ඉඳිද්දීත් මෙහෙමමයි.” එයා හූල්ලන ගමන් කිව්වා. “මගේ වෙලාව නරකයි. මම කැමති කෙල්ලෝ මට කැමති වුන්නෑ... මට කිට්ටු වෙන්න ආවේ මං කැමති නැති ජාතියේ එවුන්.”

එහෙම කියන ගමන් ප්‍රසාද් හදිස්සියෙන් වගෙ මගේ අතකින් අල්ල ගත්තා... “ඒක න්... න්... නෙවෙයි නිමල්. මම්ම්ම්ම  උඹෙන් අහන්නමයි හිටියේ... උඹ මට කැමතිද?”
ප්‍රසාද්ගේ ගොරෝසු අතේ හීන් වෙව්ලිල්ලක් මට දැනුණා. ඒත් කලින් දවසේ වගෙම වෙනසක් නැතිව ඒ අතේ උණුසුමත් නොකඩවා ගලාගෙන ආවා.

එයින් දැනුණු උද්වේගකර සංවේදනය යටපත් කරගෙන මට දැනුණේ නොරිස්සුමක්. ‘මෙයාට මාව ඕනි වෙන්නේ වෙනින් කෙනෙක් නැතිකමට විතරද?’ ඒ හිතුවිල්ලත් එක්කම මගේ මහන්තත්ත ආඩම්බරකමත් ඇවිස්සුණා. ‘මම මොකටද සෙකන්ඩ් වෙන්නේ?’
එහෙම හිතුණත් පොල්ලෙන් ගැහුවා වගෙ උත්තරයක් දීලා එයාව තරහ කර ගන්නත් මගේ හිත ඉඩ දුන්නේ නෑ! මං තෝරා ගත්තේ මැද මාවත.

“යාළුවෙක් විදිහට උඹට කැමති හින්ද නේන්නං මං උඹව ආස්සරේ කරන්නේ... නැත්තං මෙහෙම කතා කරනවයැ?”
ටිකක් විතර කටුක ස්වරයකින් කියැවුණු මගේ උත්තරෙන් ප්‍රසාද් එක විදිහක හේ බෑමකට ලක් වෙච්ච බව මට පෙනුණා. එයාගේ අතත් නිකංම බුරුල් වුණා.

මගේම වෙලාවට වගෙ bus එකත් ඈතින් මතු වුණා. “බස් එක එනවා. අපි හෙට කතා කරමුකෝ ප්‍රසාද්...” කියාගෙන මං නැඟිට්ටා.

ඒත්... ඒත්... තවත් දවස් ගණනාවක් යනතුරු අපිට ආයෙමත් නිදහසේ කතා කරන්න අවස්ථාවක් නොලැබෙන විත්තිය අපි දෙන්නම එදා හිතුවේ නෑ!
වුණේ මේකයි...

පහුවදා උදේ අපි සුපුරුදු විදිහට වැඩ කරන්න ගත්තා.
පැය එකහමාරකට විතර පස්සේ මිස්ටර් අහීර් හොඳටම කුලප්පු වෙලා office එකෙන් පහළට බැස්සා. බැහැලා බල්නූර් ළඟට ගිහිං මොන-මොනවදෝ කිව්වා.
ඒ සැණෙන් බල්නූර් අපේ දිහාට ආවේ කඩා-බිඳගෙන කඟවේනෙකු වගෙ. ‘Hurry up! ඉක්මනට මගෙත් එක්ක වරෙල්ලා’ අපෙන් සමහරුන්ට කිය-කියා බල්නූර් වේදිකාවට නැංගා. අපිත් වැඩ නවත්තලා බල්නූර්ගේ පස්සෙන්... ප්‍රසාදුත් අපි එක්ක...

ඒ අතරේ සමීරාත් වැඩ කර-කර උන්නු ගැහැනු ළමයි හත්-අට දෙනෙකු එක්කගෙන ආවා. මං දැකපු විදිහට අපි සේරම පහළොවක් විතර එතන හිටියා.

බාගෙට කළුවරේ, තැම්බි-තැම්බී, දහදිය පෙරමින්, බයෙන් ගැහි-ගැහී කල්පයක් විතර හිටියට පස්සේ...

බොස්ගෙ office එක ඇතුළෙන් තිබ්බ දොරක් ඇරපු බල්නූර් අපි සේරමලා ඒක ඇතුළට ගාල් කළා. “දෙයියන්නෙ නාමෙට සද්ද කරන්න නං එපල්ලා. අහු වුණොත් තමුසෙලා ඔක්කොම හිරේ... හිරේ දාලා දවස් දෙක තුනකින්ම ආපහු ගෙදරටත් යවයි!” කියලා අපිට කිව්ව බල්නූරුයි, සමීරායි කාමරේ දොර වහගෙන අතුරුදහන් වුණා.

හුඟ දෙනෙක් අඩ අඳුරෙම ඇස් පියාගෙන දෙයියන් සිහි කරන්න ගත්තා... වෙලාව ගත වුණා. දොර ඇරෙන පාටක් නැති වෙද්දී එහෙන්-මෙහෙන් කටවල් ඇරෙන්න පටන් ගත්තා. ඒත් හෙමින්... මුණු-මුණු ගෑවෙන වචන අහුල ගත්තු ප්‍රසාද් ඒවා ඉංග්‍රීසියෙන් මගේ කණටත් එබුවා.

“පොලිසියෙන් පැනලලු... / Home Office එකෙනුත් ඇවිත් වගෙයි. / සමෝසා හදන තැනටයි පැනල තියෙන්නේ... / Work පර්මිට් නැතිව වැඩ කරන අයව අල්ලගෙන යනවලු... / එතැන වැඩ කරන ඔක්කොමලම වගෙ වීසා නැතිව හොරෙන් ආපු අයලු!”

බාගෙට කළුවරේ, තැම්බි-තැම්බී, දහදිය පෙරමින්, බයෙන් ගැහි-ගැහී කල්පයක් විතර හිටියට පස්සේ ඒ රහසිගත නිවාස අඩස්සි කාමරේ දොර ඇරුණා.
දොර ළඟ හිටියේ බොස්ලා විතරයි... ඒ විත්තිය දැකපු අපේ කට්ටිය සැනසුම් සුසුම් හෙළමින්- දෙවියන්ට පිං දෙන්න ගත්තා.

“Listen... හොඳට අහගනිල්ලා. දැන් කට්ටියම එක්කෙනා දෙන්නා ගණනේ ගෙවල්වලට යන්නයි තියෙන්නේ. එක සැරේම  ඔක්කොමලා යන්න එපා. තමුන්ලගේ bags එහෙමත් අරගෙන යනවලා... දවස් දෙකක් විතර යනකල් වැඩට එන්න එපා. බල්නූරුයි සමීරායි call කරලා කියයි වැඩට එන්න ඕනි දවස... තේරුණා නේද?” අහීර් මහත්තයා හින්දි- ඉංග්‍රීසි දෙබසින්ම කියල දුන්නා.

“දවස් දෙකකට පස්සේ නෙවෙයි නිමොල්, ඊට පස්සෙවත් උඹ ආයේ එතැන වැඩට යන්න එපා. ෂුවර් එකටම උඹලගෙ ෆැක්ටරියටත් හෝම් ඔෆිස් එකෙන් පනියි.” ඩැඩා කීවේ එදා හවසය. සිද්ද වුණු අලකලංචියේ විස්තර අං-අඃ වෙනකල්ම හාරා ඇවිස්සුවාට පස්සෙය.
“ඔය කිව්වේ! තුඃ තුඃ! ඔයත් කෙළ ගහන්න රංජි.” අම්ම කිව්වේ කේන්තියෙන්... “ඔය මනුස්සය බුලත් විටක්වත් කන එකක්යැ?”

“Listen carefully my son. මම කැමති නෑ උඹව black list කරලා බනානා බෝට්ටුවක පටවලා ආපහු ලංකාවට යවනවට. උඹලගෙ මදර් සුපීරියර්ට මේවා තේරෙන්නේ නෑ නිමල්. උඹේ සහෝදර සහෝදරියෝ තුන් දෙනෙක්ම දැනටමත් මෙහෙ සිටිසන්ස්ලා. එක්කෙනෙක් මැරි කරන්නයි ලෑස්තිය. හිතපන්කෝ තව අවුරුදු විස්සක් විසිපහකට පස්සේ එන කාලෙ... බැරි වෙලාවත් උඹව බ්ලැක් ලිස්ට් කරලා යැව්වොත් නං නිමොල් ආයේ ජීවිතේටම උඹ එංගලන්තෙට එනවා බොරු. අනාගතේ ගැන හිතපං... Think about your future!” අම්මගේ ප්‍රතිචාරයෙන් කුපිත නොවුණු ඩැඩා මට කිව්වේය.

මෙහෙ තියෙනවා හෙළුවෙන් නටන කෙල්ලෝ ඉන්න තැන්. අමාරුවෙන් හම්බ කරන සොච්චමත් එහෙම තැන්වලට පූජා කරන...

ඩැඩා කියන්නේ ඇත්තකි.

ඒත්, තවත් වතාවක් එංගලන්තයට එන්නට උවමනාවක් මට නැත. නමුත් Work Permit එකක් නැතිව රස්සාවක් කරලා අහුවුණොත්... මට සමන්තිගේ විවාහ මංගල්‍යයට සහභාගි වෙන්නට බැරි වෙයි. මා මේ එංගලන්ත ගමන ආවෙත් ඒ වෙනුවෙනි. ඒ විත්තිය නොතකා සිටින්නේ කොහොමද?

එදා රාත්තිරියේම බල්නූර් මට කතා කළේය.
“අද උදේ උඹ බය වුණේ නෑ නේද බ්‍රදර්... සමෝසා ෆැක්ටරියෙන් පහළොවකටත් වැඩියෙන් අල්ලගෙන ගිහිං. උඹලව ගෙදර යැව්වට පස්සේ තමයි බොසා ගණන් හද-හදා බලල තියෙන්නේ. දැනටමත් අපි පරක්කු වෙවීලු ඉන්නේ. බොස් කියන්නේ උඹල කට්ටිය නැතිව ෆැක්ටරියේ targetsවලට යන්න බැරි වෙයි කියලා.
හැබැයි එයා එහෙම අමාරු අඩියක ඉන්න නිසා ප්‍රසාද්ටත් චාන්ස් එකක් වැදෙනවා... බොස් ලෑස්ති වෙලා හිටියේ ප්‍රසාද්ව නවත්තන්නලු!”

“පව් වැඩේ!”
“මටත් දුකයි තමා... ඒත් නිමල් බ්‍රදර්, මේ මිනිහගේ කිසිම උනන්දු පාටක් නැහැනේ... මිනිහා මෙහෙදී නාස්ති වෙලා යයි වගෙ... මගේ යාළුවෙක් මෙයාව දැකල නරක තැනකදී...” බල්නූර් කිව්වේ හූල්ලමිනි.
“මෙහෙ තියෙනවා හෙළුවෙන් නටන කෙල්ලෝ ඉන්න තැන්. අමාරුවෙන් හම්බ කරන සොච්චමත් එහෙම තැන්වලට පූජා කරන මිනිහෙක්ට කොහොමද කලක් යන්නෙ?”

ඉතිරි හරිය ඊළඟ කොටසින්...