“අර තියෙන්නෙත් ඉන්දියන් එක්කෙනෙක්ගේ කෑම හදන තැනක්. සමෝසා... සමෝසා හදන්නේ. මං හිතන්නේ මුළු එංගලන්තෙටම සමෝසා හදන්නේ මෙතැන වෙන්නැති.” කියමිනි යසිරු ඉදිරියට ගියේ.
අවුරුදු 1,100කට විතර ඉස්සර කාලයකදී
පර්සියාවේ උපන් ‘සමෝසා’ අද වෙද්දී හීන් සීරුවේ ලෝකයම ආක්‍රමණයකොට... |
‘Bloody Indians- කළු මිනිස්සු Englandවලට එනවා මදිවට දැන් උන්ගේ කෑමත් අපිට කවන්න
පටන් අරං.’ කියලා පටන් ගෙන පැයක හමාරක ‘සුමධුර ධර්ම දේශනාවක්’ පවත්වනවාට කිසිම
සැකයක් නැත.
මගේ මතකය නිවැරදි නම් 1994 විතර කාලයේ සිරි ලංකාවෙත් හැම තැනම සමෝසා තිබ්බේ නැත. (අද
වෙනකල්ම මං හිතාගෙන උන්නේ සමෝසා ඉන්දියානු කෑමක් බවයි. ඒත් මං වහන්සේ වැරදිය!)
අවුරුදු 1,100කට විතර ඉස්සර කාලයකදී පර්සියාවේ
උපන් ‘සමෝසා’ අද වෙද්දී හීන් සීරුවේ ලෝකයම ආක්‍රමණයකොට හමාරයි වගෙය.
2008 කාලයේ කොළඹ සිට එන 138 මහරගම බස් නවත්තන
තැනම තිබුණු පුංචි කෑම කඩයකි. ‘ඕනිම එකක් රුපියල් පහළොවයි’ කියන පුවරුවකුත් ඒ
වෙළෙඳසලේ එල්ලා තිබිණි. මසල වඩේ, උළුදු වඩේ, පැටිස් හා සමෝසා ඒ වෙලාවේම බදිමිනි-
උණු-උණුවේම ගැනුම්කරුවන්ට වික්කේ. වැඩ ඇරී ගෙදර එද්දී එතැනින් සමෝසා හෝ මසල වඩේ හෝ
දෙක-තුනක් අරගෙන එන්නට මමත් ඇබ්බැහි වී උන්නෙමි.
‘තෙල් කට්ටෙ’, ‘මේ මිනිස්සුන්ට ලාබයක් තියෙනවද
මංදා- මේ ගණනට මේවා විකුණලා?’ කියලත් මට කල්පනා වුණත්- ඒ කල්පනාව දිගින් දිගට හිතේ
රැඳුණේ නැත.
ඒත්, අපේ මිතුරු සංසදය රැස් වුණු වෙලාවක ඒ විත්තිය මගේ කටින් පැන්නේය.
“මෝඩ xකෝරිස්! උඹත් කනවද ඒවා? දැන්ම
ඇපොයින්මන්ට් එකක් දාලා තියාගනිං හාර්ට් ස්පෙෂලිස්ට් කෙනෙකුට. බලපංකො මචං, මූ වගේ
හැමදේම දන්නවයි කියල අපි හිතාගෙන ඉන්න බූරුවෙකුගේ තරම. යකෝ, ඔහොම කෑම කඩවල ඔය ජාති
බදින්නේ ලොකු ලොකු හොටෙල්ස්වල එක සැරයක් පාවිච්චි කරලා අයින් කරන තෙල්වලින්. ලෙඩ
ගොඩකට මුල...” දොස්තර මහත්තයෙක් පළමු වෙඩි මුරය පත්තු කළේය.
“ඔව්වොව් මචං, දැන් හාර්ට් ඇටැක් ලෙඩ්ඩු
වැඩිවෙලා තියෙන්නෙ ඔය වගේ snacks හිංදා වෙන්නත් පුළුවන්.” අවශේෂ සගයෙකුත්
මුක්කුවක් ගැහුවේ මදි නොකියන්නට ඔළුවත් වනමිනි.
“වගේ මොකද? ඔය ලෙඩ කෑම තමයි හේතුව!”
පසු කාලයක සිද්ද වුණු මේ වැදගත් සිදුවීම් ඉස්සරහට
පනින්නේ දැන්ය.
1994 නම් සීතලේ ගැහෙමින් යසිරුගේ පිටුපසින් පිය නඟද්දී මගේ ඔළුවේ වැඩ කළේ සමෝසාවල
ගුණාගුණ නොවේ. වෙනින් සිතිවිල්ලකි. ‘අනේ දෙයියනේ, job එක හරි ගියොත්...’
පළමු පේළි තුනකම ජුකී මැෂින්ය. හතරවෙනි
පේළියේ වෙනත් වැඩ කරන අයයි. පස්වෙනියේ ඇඳුම් මදින්නන්ය. |
මට පෙනුණේ ශාලාවේ පේළි පහක් ඇති බවයි... පළමු
පේළි තුනකම ජුකී මැෂින්ය. හතරවෙනි පේළියේ වෙනත් වැඩ කරන අයයි. පස්වෙනියේ ඇඳුම්
මදින්නන්ය.
“ගුඩ් මෝර්නින්, මිස්ටර් යසිරු! Come, come... let’s go to my office.” අපි දෙන්නව
දැක්ක ගමන්ම ඉස්සරහට ආවේ අහීර් මහත්තය වෙන්නැති. එතකොටත් මගේ ඇස් ලොඩි දෙකට හපන් නේත්‍රා
යුග්මයන් පනහක් විතරවත් මේ ලියන්නාව විමසිලිමත්ව පරිලෝකනය කරන්න පටන් අරං.
පරිලෝකනය කිව්වේ පිරිසිදු සිංහලෙන්. තේරෙන සිංහලෙන්
ඒකට කියන්නේ scan-ස්කෑන් කරනවා කියලයි.
Mr. Aheer මැදි වයසේ. අවුරුදු හතලිහක්- පනහක්
විතර ඇති. එච්චර උස නෑ- මහතකුත් නෑ. පැහැපත් පාටයි. මට මතක හැටියට උන්නැහේ R අකුර
හරිම සැලකිල්ලකින් උච්චාරණය කරනවා.
යසිරු උන්නැහේට විස්තරේ කිව්වා. මගේ ගැන හොඳ
රෙකමදාරුවකුත් කළා.
“Very young fellow...” යසිරුගේ කතාව අහගෙන හිටිය අහීර් මහත්තයා මගේ දිහා බලලා
කිව්වේ මගේ සතුට දෙගුණ-තෙගුණ කරවමින්.
“You must be joking... නිමල්ට දැන් කීයද?” යසිරු ඇහුවා.
“Forty!”
“Oh my god! Is he married...”
“තවම නෑ, තවම නෑ මිස්ටර් අහීර්.”
“එහෙනං මෙයා මගේ ළඟ හොඳට වැඩ කරගෙන හිටියොත්, මමම මෙයාට හොඳ ගර්ල් කෙනෙක් හොයල
දෙන්නං- කසාද බැඳ ගන්න. එතකොට නිමල්ට පුළුවන් ආපහු නොගිහිං Englandවලම සෙට්ල්
ඩවුන් වෙන්න.”
“ඔන්න නිමල් වැඩේ! මිස්ටර් අහීර් එහෙම උදව්
කරලා එංගලන්තෙම නැවතුණු දෙතුන් දෙනෙක්ම ඉන්නවත් එක්ක. ආන්ටි ලීලාත් හරි කැමති
වෙයි- නිමල් දිගටම මෙහෙ නවතිනවා නං.”
මොනවත් කියනවාට වැඩිය හොඳ නිස්සද්දව ඉන්න එකය. අහීර් මහත්තයාගේ කතාවෙන් පෙනෙන්නේ
මට රස්සාවක් දීමට එයා කැමති විත්තියයි.
“මිස්ටර් යසිරු, මේ දවස්වල අපට හදිසි ඕර්ඩර්
එකක් ඇවිත් තියෙන්නෙ. නිමල්ගේ නංගිගෙ වෙඩින් එක තියෙන දවස්වලට අපි මෙයාට නිවාඩු
දෙන්නං. හෙට ඉඳලම වැඩට එන්න කියමු.”
“ඒත් Mr. Aheer, නිමල් ගාමන්ට් එකක වැඩ කරල එක්ස්පීරියන්ස් එකක් නැති...”
“Don’t worry, I’ll get him trained. මෙයාව දාන්නං අයනින් සෙක්ෂන් එකට. ඒක තමයි ලේසිම...
දවසෙන් ඉගෙන ගන්න පුළුවන්...”
අන්තිමේදීය, යසිරු වැටුප් ගැන කතා කළේ.
“නිමල්ගේ step daddy බ්‍රිටිෂ් එක්කෙනෙක්, රිටයර්ඩ් Stock Broker කෙනෙක්. මිස්ටර්
අහීරුත් දන්නවනෙ British උදවියගේ හැටි. නිමල්ට pay කරන්නේ කොහොමද කියල සැසිල් මගෙන්
අහයි.”
සෙවන්ටි ටූ පවුන්ඩ්ස්? සතියකට... දවස් හයකට...
වහල් සේවේ-slavery! පැයකට පවුමක්වත් නැහැ වගෙයිනෙ... This is ස්ලේවරි! |
Lunch break එක පැය භාගයයි, විනාඩි 15 tea බ්‍රේක්ස් දෙකයි. තේ දෙක ෆැක්ටරියෙන්
දෙනවා.
ඔයාත් උනන්දුවෙන් හොඳට වැඩ කරනවා නං, මම එහෙම අයව හොඳට බලා ගන්නවා... ඒත් දන්නවනෙ,
work permit නැති අයට රස්සාව දෙන එකත් රිස්කි වැඩක්. ඒත් මම ඒ risk එක ගන්නවා,
මොකද මටත් ඒක ලාභ නිසා.
මෙහෙ රස්සාවට ගන්න අලුත් අයට මං ගෙවන්නේ සතියකට පවුම් හැත්තෑ දෙකයි.”
“සෙවන්ටි ටූ පවුන්ඩ්ස්? සතියකට... දවස් හයකට...
වහල් සේවේ-slavery! පැයකට පවුමක්වත් නැහැ වගෙයිනෙ... This is ස්ලේවරි!” අහීර්
මහතාගේ ගෙවීම් ගැන විස්තර ඇසූ ගමන්ම ඩැඩා පරල වුණේය.
“මේ පල්හොරු ගැන Home Office එකට කියන්නයි තියෙන්නෙ...”
යසිරු ඩැඩාගේ කතාව දිගටම කරගෙන යන්නට ඉඩ දී බලා
උන්නේය. ඇති පදම් ගෝරනාඩු කළ ඩැඩා ඉක්මනින්ම හති හලන්නට වුණේය. “ඇයි යසිරු මොකුත්ම
කියන්නැත්තේ?”
“මං ඉතිං කන් දීගෙන හිටියා. සැසිල් මටත් එක්කම කතා කළානෙ...”
“Sorry Yasiru, I lost my temper... උඹම කියපං. මම කේන්ති ගත්ත එක වැරදියිද?”
“සැසිල්, Mr. Aheer වැරදියි- අසාධාරණයි තමා.
ඒත් අපිත් වැරැද්දක් නේද කරන්න හදන්නේ. ඉතිං එක පැත්තකට විතරක් blame කරන එක හරිද?”
ඩැඩා කල්පනාවට වැටුණේය. ඔළුව හෙලෙව්වේය. “ඒත්
යසිරු මේ මිනිස්සු මෙයාලා වගේ අයට මීට වැඩිය ටිකක් කරුණාවන්ත වෙන්න ඕනි නේද?”
“සැසිල් දන්නවද, දැන් රටවල් එක දෙකකින් නෙවෙයි මිනිස්සු හොරෙන් යුරෝපා රටවලට
එන්නේ. එක සැරේ සිය ගණනින් මෙහාට පනින්නෙ. දැන් Human Trafficking කියන්නේ හෙණ
ජාවාරමක්. හොඳට organize කරලා මිනිස්සු සිය ගණනින් මෙහෙට්ට ගේන්නේ. ඉතිං එයාලට
රස්සා අඩුයි; අඩු ගණනකට වුණත් වැඩ කරන්න කට්ටිය වැඩියි. එහෙම තියෙද්දී කොහොමද demand
කරන්නේ?”
“අනේ යසිරු පුතා. අපේ එක්කෙනාට කුද ගහගන්න
කියලා මෙයාට එතෙන්ට යන්න කියන්න...” අම්මා කියන්නේ එකම tone එකකිනි. ඒ අපේ ඩැඩාට ඈ
කියන දේ අනුමාන කරගන්නට ඉඩ නොතබමිනි. ඔහොම තැන්වලදී අපේ අම්මාට ගණ දෙවියන්ගේ බැල්ම
වැටෙයි.
මෙහෙදි යාදෙන්නේ බුදු හාමුදුරුවොන්ට
කියන ගාථා නෙවෙයි- ජීසස්ට කරන ප්‍රේයර්ස්. මම කියනවට දවස් දෙක-තුනක් ප්‍රේ කරලා බලන්න. |
කෝපි හදන අතරවාරයේ අම්මා ගණනකුත් හදලාය.
අම්මා එදා රෑ ඒ ගණන මටත් කිව්වේ ඩැඩා නැති වෙලාවකය. “මතකයිනේ රංජි. ගිය සැරේ වෙච්ච
දේ. තැනින් තැන වැඩ හොයන්න ගිහිං කොච්චර දවස් ගාණක් අහක ගියාද? සුමානෙකට පවුම් 72යි
කියන්නේ මාසෙට 248ක්. ඒකෙන් 48 පැත්තකට දැම්මත් දෙසීයක් ඉතිරියිනෙ. දෙය්යනේ කියල
මාස පහක් වැඩ කරගත්තොත් රංජිට පවුම් දාහක් ඉතිරි කර ගන්න පුළුවනිනේ.
ඕකවත් හරි ගියේ මම ප්‍රේ කරපු හිංදා. කොහෙද- ඔයාලට ඉතිං එව්ව අරහංනෙ.
ගිය සැරෙත් මම ඔයාට කිව්වා. මෙහෙදි යාදෙන්නේ බුදු හාමුදුරුවොන්ට කියන ගාථා නෙවෙයි-
ජීසස්ට කරන ප්‍රේයර්ස්. මම කියනවට දවස් දෙක-තුනක් ජීසස්ට ප්‍රේ කරලා බලන්න.”
“මං නං ලොකූට ඇඩ්වයිස් කරන්න යන්නෑ.
හැබැයි මාත් ආසයි, ලොකා දැන්වත් proper රෙස්ට් එකක් ගන්නවා දකින්න. You dont have
to worry about the future. We never forget you loku. You looked after us for
decades- Please, give us a chance now to treat you back. Isn’t it Deepani.” බඩා
මල්ලියා කිව්වේ එයාගේ අදහසයි.
“Yeeeh, මාත් කියන්නේ ඒකමයි. Sam කියන්නෙත් ඒක.
කිව්වට තරහ වෙන්න එපා ලොකූ, ඔයා හරි ආඩම්බරයි... ඔයාගෙම නංගිල මල්ලිලගෙන් වුණත්
උදව් ගන්න. ඒකයි හොරේ!”
“අනේ අනේ චූටියෝ. තමුසෙ පැහිල තියෙන තරම.
ඇත්තමයි කියන්නේ, කවදා හරි මට උදව් ඕනි වුණොත් අන්න එදාට මං ඔයාලට කියනවා දීපානි.
ප්‍රොමිස්. එතකං මම මගේ කකුල් දෙකෙන් හිටගෙන ඉන්නයි ගොඩක් කැමති. හැබැයි, තමුසෙගෙ වෙඩින්
එකටත් මම ඉංග්ලන්ඩ් එනවා මට ටිකට් එකක් එව්වොත්. හරිද?”
මම ට්‍රිප් එකක් ඇවිත් ඉන්නේ. එන්නේ
අඟහරුවාදා රෑ. |
“නිමල් අයියේ, මම ට්‍රිප් එකක් ඇවිත් ඉන්නේ.
එන්නේ අඟහරුවාදා රෑ. මම නොවරදවාම බදාදා හවසට එන්නං...’ මංජු කිව්වේය.
දන්නා කියන ‘අටවන මාටින්’ මහත්තයෙකුට කියා ගොඩ වෙදකමක් කරවා ගන්නට හැදුවත් සාර්ථක නොවිණි.
ඊයේ හවස පැමිණි මංජු කොම්පියුටරය හැදුවේය. (ඒ වෙද මහත්තයාටයි, මංජුටයි දෙන්නාටම
ගොඩක් ස්තුතියි.)
“නිමල් අයියේ, ලෙඩේ හරියටම හරි ගියාද කියල බලන්න වෙන්නේ පැය කීපයක් මේක on කරලා
තියලයි. එහෙම හරි නොගියෝතින් මම මේක ගෙනිහින් හදල දෙන්නං. ඔයා මට call එකක් දීලා,
හෙට දවල්ට විස්තරේ කියන්න.”
තවමත් ලෙඩේ නිට්ටාවට සනීප වෙලා නැති හැඩය! මේ
දක්වා හතර වාරයක් පරණ ලෙඩේම ආවේය!!
අද හවසට මංජු කොම්පියුටරය ගෙනියන්නට කලින්; ලෙඩේ
හොඳටම වැඩි වෙන්නට කලින්... දැනට ලියා ඇති ටික publish කරන්නටය- මං වහන්සේ දැන්
හදන්නේ... අද පෝස්ටුව වෙනදාට වඩා කෙටි එකක් වෙන්නේ එබැවිනි.
ඉතිරි
හරිය ලියන්නේ ඊළඟ කොටසෙනි...à
කොම්පියුටරේට වැලදී ඇති අට අනූවක් වස්දොස් ග්‍රහ අපල ලෙඩ රෝග දුරුවේවා.. නීරෝගී සම්පත්තිය ලැබේවා....
ReplyDelete