අකුරු මැකී නෑ

Tuesday, January 13, 2026

හතලිහේදී... විසිනවවෙනි කොටස

“මල්ලා, ඔයා දන්නවද... මම මේ මැගසින්ස් ගත්තේ හෝමෝසෙක්ෂුවල් යාළුවෙකුට... I am having an affair with him!” මම එක එල්ලේම කියාගෙන ගියා.

ස්ටියරින් වීල් එක හසුරවමින්, පාර දිහාවට අවධානය යොමු කරගෙන හිටි මල්ලියා මගේ කීමට ප්‍රතිචාර දැක්වුවෙත් එක වචනෙකින්. මගේ පැත්තටවත් නොහැරී...

ගැරහුම් ගලිවරයෙකු ඉදිරිපිට තනි වුණු ලිලිපුට්ටෙකු වගේ ඇඹරෙන්න...

“ආහා...!”

ඒක තනි වචනයක් වුණාට ඒ තනි වචනයෙන් දාහක් දේවල් කියැවුණා. ඒකේ tone එක හරියට ‘ඉතිං ඉතිං’ කියන්නා වගෙයි. ඒත් මං ඒ වෙලාවේ මොකුත්ම නොකියා නිහඬතාවටම දොඩමළු වෙන්න ඉඩ දුන්නා.
දන්නවනේ... නිහඬතාව සමහර වෙලාවට ගොඩාරියක් කතා කරන විත්තිය.

නොකඩවා ‘නිදිගෙ පංච තන්තරේ’ කියවන ආදරණීය රසික රසිකාවියන්ගෙන් පසුගිය කොටසට comments කිහිපයක්ම ලැබිලත් තිබුණා ‘දීපාල්’ගෙන් කියැවුණු තනි වචනෙ ප්‍රකාශය ගැන කුහුලෙන්!
දන්නවද? බඩා මල්ලා ඒ දවස්වල කාගෙ හරි කතන්දරයකට හූමිටි තියනකොට ‘ආහා’ කියන්නයි පුරුදු වෙලා හිටියෙ.

(ඒකටත් එක්ක දැන්! එතන ඉඳලම ඒ යක්ෂ පැටියා කතාව එයාගේ සන්තකේට අරගන්නවා, හුස්මක් ගන්නවත් නවත්තන්නේ නෑ. මිනිහට තිත්, කොමා, විරාම අමතක වෙලා ගිහිං කියලයි සමහරුන් කියන්නේ. අද ඉන්න වැඩි දෙනෙකුත් එහෙම වගේ නිසා මට නං ඒ ගතිය ඉවසලා පුරුදුයි.)

ඉතිං, මල්ලියා අරහෙම තනි වචනයකින් උත්තරයක් දුන්න වුණත් එයා එහෙම කළේ අහිතකින් නොවෙන විත්තිය තේරුම් ගියාම මට උපන්නේ ලොකු සතුටක්. ‘සමලිංගිකයෙකු වීම ලෝකයට හෙළි වුණු දවසට මට වෙන්නේ ගැරහුම් ගලිවරයෙකු ඉදිරිපිට තනි වුණු ලිලිපුට්ටෙකු වගේ ඇඹරෙන්න තමයි!’ කියලයි මං උපකල්පනය කරලා තිබ්බේ. ඒ හිතුවිල්ල වැරදියිනෙ බොලේ!

‘ලෝකෙම තමුසෙට එරෙහිව ආවත් මොකෝ නිමලෝ? අඩුම තරමින් දැන් තමුසෙගෙ නංගියෙකුයි මල්ලියෙකුයිවත් තමුසෙගෙ පැත්තට ඉන්නවා නේද... ඒක කොච්චර එකක්ද?’ මගේ සැනසිලිදායක හිතුවිල්ලට බාධා කෙරුණේ දීපාල්ගේ ප්‍රශ්නයකින්.

“ලොකූ... මේක ඔයාගේ ප්‍රයිවට් life එක... Why me? මම අහන්නේ ඇයි ඔයා මාව මෙච්චරකට trust කරලා මට මේක කිව්වේ..” මල්ලියා ඒ ප්‍රශ්නය ඇහුවේ පැටලි පැටලී.
“ඔයාට විතරක් නෙවෙයි D. මම
Samටත් මේක කිව්වා. මොකද දන්නවද... ඔයාල හැමෝම මට ගොඩක් respect කරනවා. ඕනෑවටත් වඩා... I don’t deserve that much respect. ඔයාල එහෙම කරනකොට මට දැනෙන්නේ ගිල්ටි ෆීලින් එකක්...”

ඔන්න එතකොට නං දීපාල් වචන ගොඩාරියකින්- දිගම දිග කතන්දරයක් කිව්වා.

මගෙන් එයාලටත්, අපේ පවුලටත් කෙරුණු මෙහෙවර; තියෙන කැපවීම වගේ දේවල් ගැන එයා කිව්වා. “ඔයා මොන  විදිහේ කෙනෙක් වුණත් අපි ඔයාට ගරු කරන්නේ ඒකයි ලොකූ. Blessed to have a brother like you!”

පිලිපීන ජාතික යුවතියක හා විවාහ වුණු දීපාල් පුතුන් දෙදෙනෙකුගේ තාත්තෙක් වුණා. එයින් එක පුතෙකුගේ නම නිමල් බෙන් ටොමැල්ඩන් දිසානායකය.

ඒ වගේ දේවල් ගොඩක් මල්ලා ඒ වෙලාවේ කිව්වා. එයිනුත් විශේෂ වුණේ එයා ලංකාවයි එංගලන්තයයි දෙක සසඳමින් කියූ කාරණා.

“ලොකූ, මෙහෙ වුණත් හෝමෝසෙක්ෂුවල් අය දිහා ඇදේට බලන අය තවම ඉන්නවා. ඔයා දන්නවනේ- ලංකාවේ තත්ත්වේ ගොඩක් නරක බව. ඒ හින්දා ඔයාගේ සෙක්ෂුවල් අයිඩෙන්ටිටි එක තව කෙනෙකුට කියන්න කලින් පොඩ්ඩක් හිතල බලන්න වෙයි නේද?”
“ඒක නං එහෙම තමයි මල්ලා... අනෙක, ඔයාටයි සමන්තිටයි මේ ගැන කිව්වට අපේ ගෙදර වෙන කාටවත් මේක කියන්න අදහසක් දැනට නං මට නෑ.”

(ඒත් ඔය කාරණය මං අපේ ලොකු මල්ලී සුනිල්ටත් කිව්වා. හැබැයි, එහෙම කළේ ඒ ඊට අවුරුදු දහයකට විතර පස්සේ.)

“That’s good... ලොකා දන්නවද? මගේ හිතේ තිබුණු ලොකු බරක් අද නැති වුණා- ඔයාගේ කතාව ඇහුවට පස්සෙ. අපේ ගෙදර ගොඩක් අය හිතාගෙන ඉන්නේ ඔයා මැරි කරන්නේ නැතිව හිටියෙ අපි වෙනුවෙන් ඩිවෝට් වෙච්චි නිසා කියලයි. දැන් තේරෙනවා... You are not interested in getting married... ඒක ඔයාගේ චොයිස් එකනේ... හැබැයි ලොකූ, මේකත් මතක තියා ගන්න... මේ conversation එක නිසා මගේ හිතේ ඔයා ගැන තිබිච්ච respect එක නං බිංදුවකින්වත් අඩු වුණේ නෑ!”
(ඒකත් හැබෑය. ඊට අවුරුදු කිහිපයකට පස්සේ පිලිපීන ජාතික යුවතියක හා විවාහ වුණු දීපාල් පුතුන් දෙදෙනෙකුගේ තාත්තෙක් වුණා. එයින් එක පුතෙකුගේ නම නිමල් බෙන් ටොමැල්ඩන් දිසානායකය.)

“කවුද නිමල්, ඊයේ දවල් උඹව pick කරන්න මෙහාට ආව හැන්ඩ්සම් හාදයා?”
පහුවදා උදේ ‘ගුඩ් මෝනින්!’ කියපු ගමන්ම බන්ටි මගෙන් ඇහුවා. එයා ඒ ප්‍රශ්නේ අහන්න ඉවසිල්ලක් නැතුව උන්න වගෙයි. “ඇයි බන්ටි, ඔයා එයාව අඳුරනවද? ඒ අපේ බාලම මල්ලී දීපාල්.”
“සොරි නිමල්. මම හිතුවේ ඒ උඹේ යාළුවෙක් කියලා...”

ලංකාවේදී වගේ නං එහෙම කීමකට මං වහන්සේ දෙන්නේ කැත්තට පොල්ල වගේ උත්තරයක්. ‘කවුරු වුණාම මොකෝ?’ / ‘පොතක් අරං ආවොත්- විස්තර ඔක්කොම ලියල දෙන්නං.’ වගේ. ඒත් ඉතිං ඉංග්‍රීසියෙන් එහෙම උත්තරයක් ඉක්මනට ගැට ගහගන්නයැ? ‘Mind your own business’ කියන එක නං මතකෙට ආවා. ඒත් ඒක දරුණු වැඩියි වගෙනෙ.

ඒ මොහොතේ මගේ ඇස්දෙක හොරෙන්ම ගියේ...

“නිමල්, මම කැමතියි ළඟදිම දවසක උඹලගෙ ගෙදරට ඇවිත් යන්න...” මං හිත හිතා ඉන්න අතරේ බන්ටිගෙන් තවත් ප්‍රකාශයක්...

“අර මොකටද?”
“ඇයි- මං උඹලගෙ ගෙදරට එනවට කැමැති නැද්ද? යාළුකමටනෙ හලෝ එන්න ඇහුවේ... හරි! මම ඔයාලගෙ ගෙදරට එනවටනේ අකැමැති... ඊට කලින් උඹ වරෙංකො එහෙනං අපේ ගෙදර...”
“බලමුකො...” කියාගෙන මං ස්ත්‍රික්කය අතට ගත්තා.
“මොනවද බලන්නේ? ඕකට නැකතක් ඕනිද? අද හවසම වුණත් කමක් නෑ... එච්චර දුරකුත් නැහැනේ... යමු! ඇත්තටම අද හවස එහෙ යමුද නිමල්...” කියමිනුයි බන්ටි එයාගේ අයන් එක අතට ගත්තේ.

ඒ මොහොතේ මගේ ඇස්දෙක හොරෙන්ම ගියේ ප්‍රසාද් ඉන්න ඉසව්වට... ඒ විත්තිය දැක්ක ගමන් මිනිහා අපේ දිහාවට දික් කරවල තිබුණු එයාගේ රබර් ඇස්දෙක ආපහු අකුලා ගත්තා.

එතකොටත් මං දැනගෙන හිටියා- බන්ටිලගේ ගෙවල් තියෙන්නෙ අපේ ගාමන්ට් එක කිට්ටුවම බව. දවල් කෑම පැය බාගයේදී එයා ගෙදර ගිහින් කාලත් එන්නනෙ පුරුදු වෙලා උන්නේ.

ඇයි දන්නෑ මාව එයාලගෙ ගෙදරට එක්කගෙන යන්න බන්ටිට හිතුණෙ? එදා තේ විවේකය වෙනකල්ම මගේ හිතේ වැඩ කළේ ඒ ප්‍රශ්නයයි.
‘හතලිහේදී
27 වෙනි කොටස’ ලියනකොට මං කිව්වා බන්ටි මං කැමැති type එකේ කෙනෙකු නොවන බව.
ඒකට Lotus රසිකාව මෙහෙම comment එකක් එවා තිබුණා.
"අනෙක තමා
body shape එක අනුව බැලුව වුණත් බන්ටි මගේ හිත කාමුකව ඇදගන්න type එකේ හාදයෙකු නොවෙච්ච එක".
අනිත් කෙනාගෙ
confidence, intelligence වගේ දේටත් අපි attract වෙන නිසා body shape එක අදාළ නොවෙන අවස්තා ඕනෙ තරම් ඇති. ඒ වගේම සාමාන්‍ය සම්මත ලස්සනක් හෝ physique එකක් නැති වුණත්, බලන විදිහ, හිනා වෙන විදිහ ආකර්ශණීය අය කොච්චර ඉන්නවද.”

මං ඇයට පිළිතුරු ලිව්වේ වචන තුනකින්. “තව ඉස්සරහට කියවන්නකෝ...”

එහෙම ලිව්වේ බන්ටි සම්බන්ධයෙන් Lotusගෙ කීම හැබෑ වුණු විත්තිය ඉක්මනින්ම මගේ අතින් ලියැවෙන බව දැනගෙන උන්නු හින්දයි. පසුගිය කොටසේ මං මෙහෙම ලියලා තිබ්බ ඔයාලට මතක ඇති.

‘... මං වගේ චපලකම ඉහවහා ගිය උදවිය කැමතියි වෙන්නැති මේ ක්‍රමයට. තමන්ගේ සහකරුවා හරි සහකාරිය ඉරිසියාවෙන් පෙළෙනවා දකින්නට... විශේෂයෙන්ම තවත් තරගකාරී ලෙස දැනෙන කෙනෙකු ගැන ඊර්ෂ්‍යා පරවශ වෙනවට...
ඇත්තමයි, ඒ දවස්වල මගේ හිත වැඩ කළේ එහෙම. බන්ටි මට සමීප වෙලාය කියලා ප්‍රසාද් කේන්ති ගන්න විත්තිය පෙනුණාම, මං එයාට තව ටිකක් ගැඹුර දුන්නා; ඕනෑකමින්ම ප්‍රසාද්ව ඇවිස්සෙන විදිහේ දේවල් වැඩියෙන් කළා.

හද්ද වනන්තරේ පලවැල විතරක් කමින් ජීවිතේ ගැට ගහගෙන තපස් රැකපු සීලවන්ත උත්තමයනුත් ලියතඹරා මල් දැකල සිල් බිඳ ගත්තයි කියලා ඔය කතන්දරවල තියෙන්නේ!

ඔයාට ඉරිසියයිද දවස තිස්සෙම බන්ටි මගේ ළඟින්ම ඉන්නකොට... එයා හරි ෂෝක් හාදයෙක්නෙ ප්‍රසාද්...”

පව් ප්‍රසාද්. එහෙම වෙලාවට එයා කළේ පුප්පන එක. ඒක දකිනකොට මගේ සන්තෝසය තවත් ලියලව්වා. ඒත්... (හාව-භාව ලීලා තියෙන) මං එහෙම කරන- කරන තරමට බන්ටිත් අවුල් වෙන්න ඉඩ තියෙනවය කියන කාරණය මට නොහිතුණු හැටි.’

හද්ද වනන්තරේ පලවැල විතරක් කමින් ජීවිතේ ගැට ගහගෙන තපස් රැකපු සීලවන්ත උත්තමයනුත් ලියතඹරා මල් දැකල සිල් බිඳ ගත්තයි කියලා ඔය කතන්දරවල තියෙන්නේ...
එහෙව් එකේ ප්‍රසාද්ව අවුස්සන්න මං කරපු තායම් මායම් හිංදා බන්ටිත් අවුල් වෙලාවත්ද?
අනෙක එංගලන්තෙ සැප කෑම දිගටම කනකොට තෙල මෝරනව නෙව. ඊටත් ගොඩක් ඉන්දියන් අය ගිතෙල් එහෙමත් යහමින් දාලනෙ උයන්නේ. මං හිතන්නෙ ගිතෙලුත් වාජීකරණ බෙහෙතක් වගෙයි.

‘වැල් පෙනෙල ශාඛා - ගිතෙලින් මලවලා කා
අඹු නොතකන එකා - සියක් අඹුවන් තකයි ඒකා’ කියලත් කියන්නේ නිකංම වෙන්න බැහැනෙ. ඔව් ඔව්! ආයෙ දෙකක් නෑ. ‘බන්ටිගෙත් ටැංකිය පිරිලා වෙන්නැති!’ හුඟක් දේවල් ලිංගිකත්වය එක්ක ඈඳාගන්න හුරු වෙලා උන්නු මං හිතා ගත්තා.

බන්ටිගෙ ටැංකිය කොහොම වෙතත් ඒ දවස්වල නිමල් දිසානායකයාගෙ නං ටැංකිය පිරිලා තිබුණ වගෙයි. ඒකම තවත් විදිහකට; වල් වලත්ත විදිහට කියනවා නං නිදි උන්නේ ‘පොරසෝකෙන්’.
ඒත් එදා හවස මං බන්ටිලගේ ගෙදර ගියේ නෑ. එහෙම නොයැවුණේ මගේ මහන්තත්තකම පෙන්නන්න ඕනි නිසා විතරක් නොවෙයි. ප්‍රසාදුත් නිසා. ඒ වෙනකොට ප්‍රසාද් පුරුදු වෙලා හිටියෙ හැන්දෑවට මගෙත් එක්ක bus stop එකට යනකල් එන්න.

“ඔයා දන්නවද ප්‍රසාද්? බන්ටි මට invite කළානෙ එයාලගෙ ගෙදරට ඇවිත් යන්න කියලා...” එදා හවස බස් නැවතුමට යන අතරේ මං කිව්වා.
“ඒ මොකටද?”
“ඒක නං කිව්වේ නෑ... ඒත් මම කැමති ඕනිම දවසක එන්නයි කියල කීවේ...” ඒ ටික ඇහෙනකොටත් ප්‍රසාද් යක්ෂාරූඪ වෙමින් හිටිය හැටි පෙනුණා. ඒ නිසා මාත් ඊට එහා ඒ විස්තර කියන්න හැදුවෙ නෑ.

“බාස්ටඩ් මදර් xකර්... ඌ ඌ ඌට...”
“චී චී ප්‍රසාද්... ඒකට මොකටද ඔයා ඔච්චර කේන්ති ගන්නේ? ඒ මදිවට කුණුහරුපත් කියාගෙන...”
“කියාගෙන? කියාගෙන නෙවෙයි... ඉන්දියාවේ වගේ නං මං ඒ බ්‍රාහ්මින් xකයට කරලම පෙන්නනවා... මොන? මෙහෙදී අපේ අතපය බැඳලනෙ තියෙන්නේ. රණ්ඩු කරල පොලිසියට අහුවෙන්නයැ... ආපහු ඉන්දියාවටම යවයි...”

අනෙක් මිනිසුන්ගේ ඕපාදූප විස්තර හොයන Nosey Parkerලා මෙහෙ විතරක් නොඉඳීවියැ? 

“ආන්න හොඳ කොල්ලා... එහෙම තමයි හිතන්න ඕනි. දුරදිග හිතන්න ඕනි. කුලප්පු වෙන්න හොඳ නෑ.”

ප්‍රසාද් ඒකට උත්තර දුන්නෑ. තොල් පට විකාගෙන හිටියා විතරයි.

“නිමල් බ්‍රදර්, උඹවත් දන්නවද ප්‍රසාදුයි බන්ටියි දෙන්නා තරහ වෙලා ඉන්නේ ඇයි කියලා.” දවස් දෙක තුනකට පස්සේ දවසක මාව තනියෙන් අල්ලා ගත්ත බල්නූර් අහපි!
“ඒ දෙන්නා ඉන්නේ තරහ වෙලාද?” මං බබා part එකෙන් ඇහුවා.
“තරහ වෙලාද කියල නං මාත් හරියටම දන්නෑ නිමල් බ්‍රදර්. ඒත් උන් දෙන්න මූණට මූණ බලන්නෑ; එක වචනයක්වත් කතා කරන්නෙත් නෑ... අපේ ෆැක්ටරියේ ගොඩ දෙනෙක් දන්නවා ඒ ගැන. පුදුමයි උඹට ඒ ගැන notice නොවුණු එක. ඒ දෙන්නම උඹත් එක්ක ගොඩක් යාළුයිනෙ.”     

කොයි ලෝකේ උන්නත් මිනිස්සු කියන්නේ මිනිස්සුමනෙ. අනෙක් මිනිසුන්ගේ ඕපාදූප විස්තර හොයන; අනුන්ගෙ හැම මඟුලකටම හොස්ස පොවන Nosey Parkerලා මෙහෙ විතරක් නොඉඳීවියැ?
ඒත් මං දැන් බල්නූර්ට මොකක්ද කියන්නේ...
“බල්නූර්, අපි හැමෝටම හැම කෙනාවම දිරවන්නේ නැහැනෙ... මට පෙනෙන විදිහට මෙතනත් එහෙම දෙයක් තමයි වෙලා තියෙන්නේ... අනෙක ඉතිං බන්ටි ඉන්නෙත් එක විදිහකටනේ... චුට්ටං ආඩම්බරයකින්...”

එහෙම කිව්වම බල්නූර් නං සෑහීමට පත් වුණා වගෙයි. ඒත් මගේම යටි හිත...
‘මොට්ට මී හරකා. පේනවා නේද උඹේ තකතිරු වැඩ හින්දා වෙලා තියෙන දේ. උඹේ පාඩුවේ කරන මඟුලක් කර ගනිං යක්ෂයෝ- අනෙක් මිනිස්සු ගැනත් හිතලා. අර මැටි මෝල් වහන්සේ මොකක් හරි රණ්ඩුවක් ඇද ගත්තොත් උඹේ පැටිකිරියත් නිකංම එළියට ඇදෙයි. එතකොට නං පුතෝ, තමුසෙගෙ සායමත් හේදිලා තමයි නවතින්නේ...’
හරි, හරි. මීට පස්සේ මං පරෙස්සම් වෙන්නංකො!

ග්‍රහ මාරුවක් සිද්ද වෙච්චි කාලයක්ද මංදා ඒ. වෙච්ච අලකලංචි ඒ තරං!

ඒ දවස්වලම අපිට ලොකු ඇඳුම් order එකක් ඇවිත්ය කියල ආරංචි වුණා. මිස්ටර් අහීර්ම අපට කිව්වා නිවාඩු නං ගන්න හිතන්නවත් එපා කියල. පුළුවන් උපරිම ස්පීඩ් එකෙන් වැඩ කරන්න ඕනියි කියලත් කිව්වා.

“මේ අවුරුද්දේ නත්තලට වුණත් ෆැක්ටරිය දවස් ගණනක් වහන්න වෙන්නෑ... දවස් දෙකක් විතරයි... අපේ ක්‍රිස්මස් පාටිය 25 වෙනිදා උදේ වරුවේ...” ඒ ටික නිවේදනය කරලා, එයා office එකට ගියේ බල්නූර්වයි, සමීරාවයි දෙන්නාවත් කැන්දාගෙන...  

ඉතිරි හරිය ඉතා ඉක්මනින්...

18 comments:

  1. Dictionary
    Definitions from Oxford Languages · Learn more
    uh-huh
    /ˈʌˌhʌ/
    exclamation
    used to express assent or as a non-committal response to a question or remark.
    "‘Do you understand?’ ‘Uh-huh.’"

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. uh-huh කියන එක "ආ හා" ට වඩා පොඩ්ඩක් කෙටියි නේද? "අඅ හා" වගේ.

      "ආ හා" කිව්වාම ටිකක් වෙනස් තේරුමකුත් එනව ලංකාවෙනම්. (අන්තිමට කිව්වා Finally ! ; මං දැනං හිටියා I knew it ! ;අල්ල ගත්තා got it! වගේ )

      නිමල් ලියල තියන එක හරි. "uh-huh"එකෙන් කතාව කරගෙනයන්න encouragement එකකුත් ටෝන් එකෙන් හැඟවෙනවා. සමහර අවස්ථාවල ටෝන් එක පොඩ්ඩක් වෙනස්කරල disinterest එකකුත් හඟවන්න පුලුවන් (මම එහෙමත් කරනව කතාව ගැන interested නැත්නම් :-D )

      Tone ලියන්න බෑනෙ. එක වචනෙක ටෝන් එකෙන් කියන දේ වචන 100කින් වත් හරියට ලියන්න බෑ.

      ඒ වගේම තමයි ඉංග්‍රීසි කතාවෙදි "huh" "හඅ" විතරක් කිව්ව්වොත් එන්නෙ තවත් තේරුමක්. නොතේරුනාම ප්‍රශ්නාර්ථයක් හෝ පුදුමවුනාම හෝ විරුද්ධත්වය හෝ එකඟ නොවී පුදුම වුනා වගේ.
      ඔය දේවල්විස්තරකරන්න අමාරුයි හැබැයි කතාකරනකොට පැහැදිලියි.
      //used to express scorn, anger, or surprise.
      "‘Huh,’ she snorted, ‘Over my dead body!’"
      used in questions to invite agreement or further comment.
      "pretty devastating, huh?"??

      ෆන් වැඩිම එක "Duh" :D DDDD
      https://www.merriam-webster.com/dictionary/duh

      Delete
    3. 'අහා!'
      Pra Jay මහත්තයෝ, 'අහා' කිව්වේ ඔයා එවලා තියෙන comment එක ගැන සතුටෙන්. ඒකෙ අලගිය මුලගිය තැන් සේරම තියෙනවා!
      ගොඩක් ස්තුතියි!

      Delete
  2. තනිකරම බොරුව මත පවත්වාගෙන යන ලංකාවේ වර්තමාන දූෂිත අමනෝඥ ජාතික ජන බලවේග අමන චෞර රෙජීමයේ මුසාවාදී තනිකරම බොරු ව්‍යාජත්වය මර්දනය කිරීමට අපට වේල්ස් වලින් පාඩමක් ඉගෙන ගන්න පුළුවන්

    ඒ දේශපාලනඥයාගේ "බොරුවට" වැට බැඳීමට වේල්සයෙන් ලංකාවට පාඩමක් ලෙසයි

    ලංකාවේ වර්තමාන ආණ්ඩුව පොදුවේ ගත්කල ප්‍රතිපත්තිමය මතය දේශපාලනය යනු "බොරුව රජයන කලාවක්" ලෙස සැලකෙන යුගයක, වේල්සය ගෙන එන නව නීතිය ලොවටම ආදර්ශයකි. හිතාමතාම මහජනතාව නොමඟ යවන එන්පීපී වැනි දූෂිත පක්ෂවල දූෂිත දේශපාලනඥයන්ට සිය ධුරය අහිමි වන මට්ටමට නීති දැඩි කිරීම, දේශපාලන සදාචාරයේ නව හැරවුම් ලක්ෂයකි.

    ​නමුත් අවාසනාවකට, ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය මෙයට හාත්පසින්ම වෙනස්ය.

    ​ජාතික ජන බලවේගයේ "වෙනස" සහ යථාර්ථය

    ​විදෙස් රටවල් මෙවැනි ප්‍රගතිශීලී පියවර ගනිද්දී, ලංකාවේ බලයට පත් දූෂිත ජාතික ජන බලවේග (NPP) ආණ්ඩුව දිනෙන් දින ප්‍රදර්ශනය කරමින් සිටින්නේ බලය ලබා ගැනීමට පෙර කී කතා සහ බලය ලැබුණු පසු කරන ක්‍රියා අතර ඇති දැවැන්ත පරස්පරතාවයි.

    ​වගවීමක් නැති පොරොන්දු: මැතිවරණ වේදිකාවලදී දූෂණයට සහ වංචාවට එරෙහිව හඬ නැගූ ඔවුන්, අද පත්ව ඇත්තේ තමන් විවේචනය කළ ක්‍රමවේදයේම කොටස්කරුවන් බවටයි.

    නොමඟ යැවීමේ කලාව: ජනතාවට සහන දෙන බව පවසා බලයට පැමිණ, පසුව බොරු හේතු මවමින් ජනතාව රවටන බව පැහැදිලිවම පෙනෙයි

    මේ නීතිය ගෙනාවොත් වර්තමාන එන්පීපී ආණ්ඩුවේ මැති ඇමතිවරුන් බොහොමයකට සිය අසුන් අහිමි වනු නොඅනුමානය.

    අර්චුනා මන්ත්‍රීතුමා සහ තනි පුද්ගල සටන

    මෙවැනි විප්ලවීය පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තරම් කොන්දක් ඇති මන්ත්‍රීවරයෙකු ලෙස යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී අර්චුනා මහතා කැපී පෙනෙයි. සම්ප්‍රදායික දේශපාලන රාමුවෙන් බැහැරව කටයුතු කරන ඔහු වැනි මන්ත්‍රීවරයෙකුට, පක්ෂ විනයට හෝ දූෂිත දේශපාලන ගනුදෙනුවලට යට නොවී මෙවැනි පනතක් ගෙන ඒමට හැකියාව ඇත.

    ​"දේශපාලනඥයෙකුට බොරු කියා බේරී යාමට ඇති නිදහස අහෝසි කළ දිනට, මේ රට සැබෑ ලෙසම පිරිසිදු වනු ඇත."

    ​ජාතික ජන බලවේගය වැනි "වෙනසක්" ගැන කතා කරන ආණ්ඩුවක් සැබවින්ම අවංක නම්, ඔවුන් කළ යුත්තේ වේල්සය මෙන් දේශපාලනඥයන්ගේ බොරුවට එරෙහිව නීති සම්පාදනය කිරීමයි. එසේ නොමැතිව කරන සෑම ප්‍රකාශයක්ම තවත් එක් දේශපාලන රැවටීමක් පමණි.
    ​මෙවැනි පනතක් මගින් දූෂිත දේශපාලන සංස්කෘතිය මුලිනුපුටා දැමීමටත්, ජනතාවට වගකියන පාර්ලිමේන්තුවක් නිර්මාණය කිරීමටත් මග පෑදෙනු ඇත, නමුත් මේ වගේ නීතියක් ගෙනාවොත් ජනාධිපතිවරයා සමග ආණ්ඩුවේ 159 දෙනාටම සහ ජාජබ පාලනය යටතේ පවතින පලාත් පාලන ආයතන වල නගරාධිපතිවරු සභාපතිවරු සහ මන්ත්‍රීලාට වහාම ගෙදර යාමට සිදුවීම නිසා ආණ්ඩුව මේක කරන එකක් නෑ නේද?

    ReplyDelete
  3. සබඳතා සමීප වන තරමට ඊර්ෂ්‍යාව ඒ අසලම සැරිසරනවා!

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නේ ආදරය කියන්නේ 'තමන් සතු කර ගැනීම'මය කියන හැඟීම වැඩියෙන් ඉස්මතු වෙන හින්දා නේද Litseeker?

      Delete
  4. මගේ අම්මෝ , හෙන අවුලක් වෙන්න යන්නේ . නිදී පාඨකයා කුතුහලයෙන් බැඳ තබනවා .

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අජිත් මහත්තයෝ.
      පාඨකයා කුතුහලයෙන් තියන්න මගේ දෛවය තමයි වැඩියෙන් මහන්සි වෙලා තියෙන්නේ. ඒ කාලේ මෙහෙම හුටපට ගොඩක් මට පටලවලා!

      Delete
  5. //ඉතිරි හරිය ඉතා ඉක්මනින්...// ++++++

    ReplyDelete
    Replies
    1. ඔව් නිහඬපාල මහත්තයෝ, තව ලියන්න දේවල් තියෙනවනේ...

      Delete
  6. කියෙව්වා.
    //ඉතිරි හරිය ඉතා ඉක්මනින්...//

    අහා!

    ReplyDelete
    Replies
    1. බස්සා මහත්තයෝ, තව post කිහිපයක්ම ලියන්න තියෙන කරුණු මට බල කරනවා මේ සීරීස් එක ඉක්මනට ඉවර කරන්න කියමින්.
      වැඩේ කියන්නේ ඇතෙක් කොතෙක් වැහැරුණා වුණත් කොරහක නාවන්න බැරි එකයි.

      Delete
  7. දීපාල් ඇත්තටම පෙනුම තියෙන හාදයා. අහා! බන්ටියට බල්ටියක් ගහන්න හිතුනා වත්ද?
    ආයෙ මොකටද ලිහන්න තියෙන මල්ල ඔබලා බලන්නෙ, නැහ්ද?😁

    ReplyDelete
    Replies
    1. බන්ටිගේ හිතේ තිබිලා තියෙන්නේ අපි හීනෙකින්වත් නොහිතන දෙයක්. ඉක්මනින් මල්ල ලිහනවා.

      Delete
  8. උඩම කමෙන්ට් එකේ Pra Jay දාලා තියෙන විස්තරේට මම කැමතියි. අපි uh-huh කියලා ටිකක් soft විදිහට කිව්වොත්, ඒක එකඟවීමක්; mhm වගේ. sarcastic එකඟවීමක් වෙන්නත් පුලුවන්. (uh-huh ගැන urban dictionary එකෙත් හොඳ ලස්සන විස්තරයක් තියෙනවා 😉). Ah-ha කියන්නෙ ඊට වඩා වෙනස් විදිහට ලයිට් බල්බ් මෝමන්ට් එකකදි. නිමල් ලියපු ඒ අකුරු දෙක නිසා අපි කොච්චර දේවල් ඉගෙන ගන්නවද 😊.

    “ග්‍රහ මාරුවක් සිද්ද වෙච්චි කාලයක්ද මංදා ඒ. වෙච්ච අලකලංචි ඒ තරං!“ මම Eckhart Tolleගෙ කතාවක ඇහුවා "Something is always built into life to challenge you; why? because the world is not here to make you happy, but to awaken you" කියලා.

    ReplyDelete
    Replies
    1. Lotus දන්නවද, Pra Jay මහත්තයා බ්ලොග්ස් නොලිව්වට හුඟක් කාරණා බොහොම ගැඹුරටම සොයා බලන ගවේෂණශීලී එක්කෙනෙක්. ඒ වගේමයි ගොඩක් බ්ලොග්කරුවන් ඇසුරු කරන හිතවතෙක්.
      අපි ලියන දේවල් හින්දා ඔයාලා යම් යම් දේවල් දැනගන්නවා වගේමයි- ඔයාලා අහන- කියන- ලියන දෙයිනුත් අපි ගොඩක් දැනුවත් වෙනවා.
      ඒ ගැන ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි!

      Delete