අකුරු මැකී නෑ

Monday, January 19, 2026

හතලිහේදී... තිස්වෙනි කොටස

ග්‍රහ මාරුවක් සිද්ද වෙච්චි කාලයක්ද මංදා ඒ. වෙච්ච අලකලංචි ඒ තරං!

වලියක් දාගෙන පොලිසි ගියත් කෙළවෙන්නේ උඹටයි!

ඒ දවස්වලම අපිට ලොකු ඇඳුම් order එකක් ඇවිත්ය කියල ආරංචි වුණා. මිස්ටර් අහීර්ම අපට කිව්වා නිවාඩු නං ගන්න හිතන්නවත් එපා කියල. පුළුවන් උපරිම ස්පීඩ් එකෙන් වැඩ කරන්න ඕනියි කියලත් කිව්වා. “මේ අවුරුද්දේ නත්තලට වුණත් ෆැක්ටරිය දවස් ගණනක් වහන්න වෙන්නෑ... දවස් දෙකක් විතරයි... අපේ ක්‍රිස්මස් පාටිය 25 වෙනිදා උදේ වරුවේ...” ඒ ටික නිවේදනය කරලා, එයා office එකට ගියේ බල්නූර්වයි, සමීරාවයි දෙන්නාවත් කැන්දාගෙන...

“ඕන්න නිමල්, නත්තල් දවසේ පාටිය ඉවර වෙලා ගෙදර යන්න කලින් ඔයා අපේ බෝඩිමට එන්නම ඕනි...”
“ඔයාගේ room matesල දෙන්න බෝඩිමේ හිටියත් මම එන්න ඕනි... එහෙමද ඔයා කියන්නේ ප්‍රසාද්?” එදා තේ බොන අතරේ අපි කතා වුණා.
“උන් දෙන්නා යාළුවගේ දිහා යනවමයි... ගිහිං ආපිට එන්නේ Boxing Day එකටත් එහෙ ඉඳලලු.” ඊට එහා දෙයක් කතා කරන්න ඉඩක් අපි දෙන්නට හම්බ වුණේ නෑ. ඒ බල්නූර් එතෙන්ට ආව නිසයි.

“ඕන්න, ආයෙමත් පාරක් උඹේ හවුල්කාරයාව change කරන්නයි යන්නේ. එතකොට නං උඹේ හොඳ පණ යනවා ෂුවර් නිමල් බ්‍රදර්!” බල්නූර් කියාගෙන ආවේ ඇස්ගෙඩි නටවමින්.
“ඇයි, නිමල් එක්ක දැනටත් බන්ටි වැඩ කර-කර ඉන්නේ...” මං අහන්න ඕනි කාරණයක් බල්නූර්ගෙන් ඇහුවේ ප්‍රසාද්.
“බන්ටිගේ speed එකත් හරි මදිනේ. බොස් ඒකට සැටිස් නැතිව හිටියෙ. මේ ඕර්ඩරය දෙනකංවත් අමන්ව ගෙන්න ගන්නයි හදන්නේ. නිමල් භායි එක්ක හරි හරියට match වෙන්නේ අමන් තමයිලු. අපි ඉන්න තැනමයි බොසා අමනයට call කළේ. මිනිහා හෙට ඉඳලම වැඩට එන්නත් පොරොන්දු වුණා...”

ඒ වෙද්දී මගේ පපුව ගැහෙන වේගය වැඩි වෙලා තිබුණු විත්තිය නොකිය කොහොමද! අමන්... අ.ම.න්...

ප්‍රසාද්ට උවමනා බන්ටිට වෙන්න යන දේ මොකක්ද කියලා බල්නූර්ගෙන් අහගන්නයි. “උඹට තමයි දිගටම බන්ටිත් එක්ක හවුලේ නූල් කප-කපා ඉන්න වෙන්නේ.”
“නූල් නෙවෙයි, මට ඔය ආඩම්බරකාර මහන්තත්ත xකයගෙ බෙල්ල කපන්න තියෙනව නං...”

“ප්‍ර..සා..ද්! Calm down... කාම් ඩවුන්... ඉවසපන්! මතක තියා ගනිං අපි ඉන්නේ එංගලන්තෙයි කියලා. අනික ප්‍රසාද්, උඹලා මේ රටට ඇවිත් ඉන්නේ හොරෙන්ය කියලත්. බන්ටියා නං ටුවරිස්ට් වීසා ගහගෙන ඇවිත් ඉන්නේ. වලියක් දාගෙන පොලිසි ගියත් කෙළවෙන්නේ උ..ඹ..ට..යි! ඒක මතක තියා ගනිං.”

“ඒක නේන්නං ප්‍රසාද්. අපට ලොකු අයියෙක් වගේ ඉන්න මේ බල්නූර් කියන්නෙ සහතික ඇත්තනෙ.” මාත් හූමිටි තිබ්බා.

වඩාත් පුදුම සහගත කාරණය වෙන්නේ කුරුල්ලන්ට මිරිස්වල සැර ගතිය කිසිසේත්ම නොදැනීමයි.

ප්‍රසාද්ලා එක්ක ඒ මොනවා කතා කළත් මං හිටියෙ නොඉවසිල්ලකින්.

ඇත්තටම අමන් කියන්නෙ කවුද? එයාට ස්ථිර රස්සාවක් නැද්ද- මෙහෙම අහීර් මහත්තයා කියන- කියන වෙලාවට වැඩට එන්න පුළුවනි නං... ඇයි එයා දිගටම වැඩට නොඑන්නේ...
එයා ජීවත් වෙන්නේ කොහොමද? පේන විදිහට නං අමන්ට කිසි අඩු-පාඩුවක් හරි අහේනියක් හරි තියෙන පාටකුත් නෑ. කිසි බරක්-පතළක් නැතිව හරිම සෙල්ලක්කාර විදිහට ජොලියෙ ඉන්නෙ... දකින ඕනි කෙනෙකුට ආස හිතෙන විදිහට...

‘අහවල් එහෙකටද යක්ෂයො තමුසෙ ඔච්චරටම අමනෙක් ගැන හොයන්නේ? එදා සැරේ අමන්ව අල්ල ගන්න කෙමනක් අටවන්නවත්ද?’

හොයන්නේ? හෙට ඉඳලා මට වැඩ කරන්න වෙන්නේ ඒ මනුස්සයත් එක්කනේ. ඉතිං එයා ගැන චුට්ටක් හොයල බැලුවම මොකද වෙන්නේ???
‘අනේ යකෝ! තමුසෙ මටත් සුදුළූණු පොඩි කරන්න එනවනේ. එකට වැඩ කරන ඔක්කොමලා ගැන ඔච්චර උනන්දුවෙන් හොයල බලන පුරුද්දක් තමුසෙට තියෙනවයැ. එහෙම නං තමුසෙ අර කට ගඳ
හඩ්ඩා කිර්පාල් ගැනත් හෙව්වයැ...’
හරි- හරි. ඔයා දිනුම්! මම පිළිගන්නංකො- මං අමන් ගැන ටිකක් වැඩියෙන් උනන්දුයි තමා.

මං යටි හිතට දිනුම දුන්නා.

ඔයාලට කියන්න- හැම තිස්සෙම වගේ මගේ යටි හිත මට කතා කරනවා; යමක් කරන්න යනකොට විශේෂයෙන්... ඒ ගැන අදහස්- උදහස් කියනවාමයි. මං වහන්සේ ඒවා පිළිගන්න- නොගන්න එක වෙනම කාරණයක්.
හැබෑට ඔයාලගෙ යටි හිතුත් ඔයාලා එක්ක කතා කරනවද?

සමහරවිට උඩු හිතත් එක්කලා මෙහෙම සංවාදයේ යෙදෙන්නේ මගේ යටි හිත විතරක් වෙන්නැති. ඒක සුවිශේෂී පිහිටීමක් වෙන්නත් ඉඩ තියෙනවා...
මිරිස් සැර නොදැනෙන්න කුරුල්ලන්ට වෙනස් පිහිටුවීමක් සොබා දහමෙන්ම කරලා තියෙනවා වගේ! (මිරිස් ගැනයි කුරුල්ලන් ගැනයි fb එකෙන් ගත්ත සටහනක් මේ.)

‘කුරුල්ලන්ට මිරිස්වල සැර නොදැනෙන්නේ ඇයි?

ඔබ දන්නවාද, අපේ මුළුතැන්ගෙයි නැතිවම බැරි අත්යවශ්ය ද්රව්යයක් වන මිරිස්වලට සැර ගතිය ලැබිලා තියෙන්නේ ඇයි කියලා? ඇත්තටම එය ස්වභාවධර්මයේ අපූරු නිර්මාණයක ප්රතිඵලයක්. මිරිස් ශාකය තමන්ව සතුන්ගෙන් හා දිලීරවලින් ආරක්ෂා කර ගැනීම සඳහා තමයි මෙහෙම සැර ගතියක් ඇති කරගෙන තිබෙන්නේ.

නමුත් මේකෙ වඩාත් පුදුම සහගත කාරණය වෙන්නේ කුරුල්ලන්ට මේ සැර ගතිය කිසිසේත්ම නොදැනීමයි. ඒකට හේතුව තමයි, මිනිසුන්ට සහ බොහෝ ක්ෂීරපායින්ට මිරිස්වල ඇති කැප්සයිසින් (capsaicin) නම් රසායනිකය නිසා දැඩි සැරක් හා වේදනාවක් දැනුණත්, කුරුල්ලන්ගේ ස්නායු පද්ධතියේ මේ සංවේදනය හඳුනාගන්නා ප්රතිග්රාහක පිහිටලා නෑ.

අමන් ඔච්චර හිනා වෙවී ඉන්නේ අඬන්න බැරිකමට වෙන්න ඇති, භායි!

ඒ නිසයි කුරුල්ලන් කිසිම අපහසුවක් නැතිව මිරිස් අනුභව කරන්නේ. හැබැයි, මිරිස් ශාකයට මේක ඉතා වාසිදායක තත්ත්වයක්. මිරිස් කන කුරුල්ලන්, ඔවුන්ගේ ආහාර ජීර්ණ පද්ධතිය හරහා බීජවලට හානියක් නොකර මළපහ එක්ක ඒවා පිටතට දමන නිසා, ඒ මගින් මිරිස් බීජ නව ස්ථාන කරා ව්යාප්ත වෙන්න උදව් වෙනවා.

මේකත් සොබාදහමේ විශ්මිත ක්රියාවලිවලට හොඳ උදාහරණයක්.. මිරිස්වල සැර ගතිය මිනිසුන්ට යම් විදියකට විඳින්න පුලුවන් රසයක් වුනත්, ඒක ශාකයේ පැවැත්මටත්, බීජ ව්යාප්තියටත් අත්යවශ්ය සාධකයක්...’

‘නිමලෝ... උඹව නිර්මාණය කරද්දී සොබා දහමටත් වැරදිලා වගෙයි. දැන් තමුසෙ අමන් ගැන ඔච්චර හිතන්නේ වර්ගයා බෝ කරන්න නෙවෙයි නේද. මොකෝ රවන්නේ- මළ පැන්නද?
හා හා... ඒකෙන් කමක් නෑ, ඒ ප්‍රශ්නේ කතා කෙරිල්ල පැත්තකින් තියලා කියාගෙන යනවකෝ ඔහෙගෙ කතන්දරේ!’

එහෙම කියනවා නං කියන්න වෙන්නෙ මේකයි.
මං හිතා ගත්තා බල්නූර්ගෙන් අමන් ගැන සේරම  විස්තර අහන්න. ෂුවර් එකටම මිනිහා දන්නවා ඇති... බල්නූර් මං ගැන ඕන දෙයක් හිතුවාවේ. හාර- හාරා හරි විස්තර අහනවා... හැබැයි- ප්‍රසාද් නැති තැනකදී.

“අපේ බොසුත් අමන්ගේ  ළඟම නෑදෑයෙක් වෙනවා. අමන් ඔච්චර හිනා වෙවී ඉන්නේ අඬන්න බැරිකමට වෙන්න ඇති, භායි.
එයාගේ පපුවේ හිලක්. වැඩි කාලයක් අල්ලාගෙන ඉන්න බැරි වෙයිලු. ඒ හින්දා ඒ පවුල්වල හැමෝම අමන්ට කැමති දෙයක් කර ගන්න ඉඩ ඇරලා තියෙන්නේ. අපේ බොසාට තමයි අමන් ටිකක් හරි බය. හෙට මැරෙනවා වුණත් අද නිකං ඉන්න ජාතියේ කෙනෙක්  නෙවෙයිනෙ Mr. Aheer. ඉතිං... එයා කියන්නේ අමන්ටත් එහෙම කෙනෙක් වෙන්නයි කියලා...” බල්නූර් හීන් සීරුවේ සේරම විස්තර ටික කිව්වා.

“හැබැයි, නිමල් භායි- මේ විස්තර මෙහෙ කව්රුවත් දන්නෙ නෑ. මමයි සමීරයි විතරයි දන්නෙ. මේවා එකක්වත් දන්න විත්තියක් කාටවත්ම කියන්න එපා. විශේෂයෙන්ම අමන්ටවත්... සමීරායි මායි මේවා දන්නා බවක්වත් අමන් දන්නෑ.”
එවෙලේ මට කරන්න පුළුවන් වුණේ ඔළුව හොලවල එකඟතාව පෙන්නන එක විතරයි. ඉකියක් උගුරේ හිරවෙලා තිබුණු හින්දා මං කතා කරන්න බය වුණා.

එදා හවස ගෙදර යන ගමනුත් මට කල්පනා වුණේ අමන් ගැන. ඒ වගේමයි නිමල් දිසානායකගේ ‘හොයා බලන්න ඕනි list එකේ’ තිබ්බ තව නොදන්නා දෙයක් ගැනත් ඒ අතරේ මට මතක් වුණා. (ඒක ඒ ලැයිස්තුවට එකතු වුණේත් එදා උදේමයි.)

දෙසැම්බර් 26 වෙනිදාට බොක්සින් ඩේ කියන්නේ ඇයි?

“දීපානි, මොකක්ද බොක්සින් ඩේ කියලා කියන්නේ?” එදා රෑ මං චූටි නංගිගෙන් ඇහුවා.

“ඒ කියන්නේ 26’th of Decemberනෙ ලොකූ. පුදුමයි! ඔයා අහල නැද්ද මීට කලින්... එහෙමත් නැත්තං මේ ඩිසෙම්බර්වල Boxing Day දවසේ පාටියකට කව්රු හරි ඔයාට invite කළාද?”

දීපානි උත්තර දුන්නේ ඉංග්‍රීසියෙන්. ඒක ඩැඩාටත් සාකච්ඡාවට එන්නැයි කෙරුණු ආරාධනාවක් වගේ වුණා.
“Deepani, What do you know about Boxing Day?”
“I know nothing... You are the one who knows everything. කොහොම වුණත් ඩැඩී, දෙසැම්බර් 26 වෙනිදාට බොක්සින් ඩේ කියන්නේ ඇයි කියල කියන්නකෝ. ලොකා ඔය වගේ දේවල් ගැන හරි උනන්දුයි.” මුලදි නොමනාපයෙන් වගේ කියන්න පටන් ගත්ත දීපානි ඉක්මනින්ම tone එක මාරු කළා. එයා එහෙම කළේ මටත් උදව්වට වගෙයි!

“ඉස්සර පොහොසත් මිනිස්සු එයාලගේ සර්වන්ට්ස්ලට නත්තලට සල්ලි හරි, තෑගි හරි දුන්නේ නත්තල් දවසට පහුවදාලු. එහෙම වෙලාවලදී එයාල ඉතිරි වෙච්ච කෑම එහෙමත් දුප්පත් අයට දුන්නලු. එහෙම දීල තියෙන්නේ boxesවල pack කරලයි. මෙහෙ; එංගලන්තෙ තමයිලු මුලින්ම ඔය සිරිත පටන් අරගෙන තියෙන්නේ. ඒ box day එක තමයි ටිකෙන් ටික boxing day කියල වෙනස් වෙන්න ඇත්තෙ..” ඩැඩා පැහැදිලි කෙරුවා.

“ඒත් ඩැඩී, දැන් ඒක එහෙම පිටින්ම වෙනස් වෙලා- මාකටින් වැඩක් වෙලානේ...”
“මං නැහැ කිව්වයැ දීපානි. දැන් ලෝකේ හැම දෙයක්ම බිස්නස් එකක් වෙලානේ. ආගම්- සිරිත් විරිත්- කෑම බීම විතරක් නෙවෙයි  යුද්ධත් බිස්නස් එකක් කරගෙන!”

“Thank you very much Daddy! අනේ ඇත්තමයි ලොකූ. මමත් ඔය විස්තර දැනගත්තේ දැන්- ඔයා අහපු හින්දා. දැන් නං අපි දෙසැම්බර් 26 වෙනිදා වෙනකල් බලාගෙන ඉන්නේ sale පටන් ගන්න නිසා.”
“Sale?”
“ඔව් ලොකූ. නත්තල් දවස වෙනකල් විකුණුනේ නැති අයිටම්ස් සේරම 50% විතර ප්‍රයිස් අඩු කරලා සේල් දාන්න පටන් ගන්නේ එදාට. ඒ සමහර shops ඕපන් කරනවා එදා උදේ හයටත්!” දීපානි කියල දුන්නා.

ඊට පහුවදා වැඩට ගියහම මං ඔය විස්තරේ ප්‍රසාද්ටත් කිව්වා. ඒ අමන් එන්න කලින් ලැබුණු පොඩි ඉඩේදි.

ඇත්තමයි- අමන් ආවාම මුළු ෆැක්ටරියම මොකක්දෝ එළියකින් පිරුණා වගෙයි. “ඉතිං, ඉතිං... අපි දෙන්න ආයෙමත් එකට වැටුණා එහෙනං.” කියමින් අමන් මට හදිස්සි hug එකකුත් දුන්නා.
“මේ මොකද මේ? ඇයි බ්‍රෝ උඹේ ඇස්වල කඳුළු?” ඒත් එක්කම මගේ මූණට එබුණු අමන් ඇහුවා.

ප්‍රශාන් මේ දවස්වල හරිම ජනප්‍රියයි. Fengi Cooks යූ ටියුබය හින්දා.

මං අමන්ගෙන් බේරුණේ බාග ඇත්තක් කියලයි. “මට ඇඬුණේ ඔයාගේ hug එකට සන්තෝසෙටයි දුකටයි! අපේ අම්මල තාත්තල එහෙම අපිව හග් කරන පුරුද්දක් නොතිබිච්ච අයනෙ අමන්.”

“Really? මෙන්න එහෙනං තව හග් එකක්...” ඒ සැරේ අමන් මාව බදා ගත්තේ පළමු වතාවටත් වඩා තදින්; උණුසුම් විදිහට. “හැබැයි කොල්ලෝ, මේ සැරේ දුක හිතන්න බෑ... සතුට ගැන විතරක් හිතපං! කවුරුවත් දුකෙන් ඉන්නවට මම කැමති නෑ. විශේෂයෙන් ඔයා...”
එයාගේ කීමෙන් මගේ දුක තවත් වැඩි වුණා.

ඔයාලා දන්නවද... අමන් දාගෙන ඇවිත් උන්නු පර්ෆියුම් එකේ සුවඳයි, මගේ දුක්මුසු හැඟීමයි එදා සෑහෙන වෙලාවක් යනකල්ම මට තනි රකිමින් හිටියයි කියලා.

ඒ දුක්මුසු හැඟීම නං මේ දවස්වල අලුත් වෙනවා. ඒ ගැනත් කියලම ඉන්නයි හිතුවේ... එතකොටවත් හිතේ බර නිදහස් වෙයිනෙ.

මගේ දුක අලුත් වෙන්නේ ප්‍රශාන් විදානගේව (Prashan Vidanage) දකිද්දී. ප්‍රශාන් මේ දවස්වල හරිම ජනප්‍රියයි. Fengi Cooks යූ ටියුබය හින්දා.
මේ දවස්වල එයාගේ ‘ඉවුම්-පිහුම්’ වැඩ සටහන් ගොඩක් පැය හතෙන් අටෙන් නැරඹුම් වාර මිලියනය ඉක්මවනවා. මේ ළඟදී එයාගෙ තනි වියදමෙන් අහිංසක සීයා කෙනෙකුට
ගෙයකුත් හදල දුන්නා.

ඉතිං... ‘නිදිගෙ පංච තන්තරේ’ කියවන ආදරණීය ඔයාලගෙන් කාට හරි අමන් කොහොම කෙනෙකුදැයි හිතා ගන්න ඇහැකි විදිහක් කියන්නද? එයාව මවා ගත්තෑකි ‘ප්‍රශාන්’ගෙ වීඩියෝ එකක් බැලුවම.

හැබැයි දෙන්නා රූපයෙන් නම් වෙනස්. අමන් ප්‍රශාන් තරං පුෂ්ටිමත් හාදයෙකුත් නෙවෙයි.
නමුත් කතා කරන ඇස්- අකීකරු කෙස්ස- නලියන ජවයෙන් පිරුණු දාංගල් ගතිය- ප්‍රසන්න කතා-බතා ලතාව නං එක සමානයි වගේ. කොච්චරට සමානයිද කියනවා නං- මම දැන් Fengi Cooks වීඩියෝ බලන්නෙත් නෑ- දුක වැඩි කරගන්නේ මොකටද කියලා.

එතකොට ප්‍රසාද්ට, බන්ටිට මොකද වුණේ? මේ යක්ෂයා ඒ දෙන්නව අමතක කරලම දාලනේ. එහෙමද ඔයාලා හිතුවේ? නෑ- නෑ. එච්චර අසාධාරණ වෙලා පුළුවනැයි...
බන්ටිව වැටුණේ ප්‍රසාදුත් එක්ක- ඇඳුම්වල නූල් කපන රාජකාරියට. මම දැකපු විදිහට නං ඒ දෙන්නා විතරයි ඒ job එක කළේ. ඉතිං එයාලට කිසිම ඉස්පාසුවක් තිබ්බේ නැති ගණනයි!

“හොඳම වැඩේ! බමුණට වුණේ හොඳම වැඩේ...” තේ වෙලාවේදී ප්‍රසාද් පාරම් බෑවා. “අරූට කට වහගෙනම වැඩ කරන්නයි වෙලා තියෙන්නේ. මං විතරයිනෙ ළඟින් ඉන්නේ. කතා කරනවා නං මගෙත් එක්කනෙ!” 

අමුත්තෝ එනවට එයාලා කැමතිද කියල දන්නෙත් නැ..ති..ව...

ඒකෙත් හැටි!

තමන්ටත් වෙලා තියෙන්නේ ඒ සන්තෑසියමයි කියලා ප්‍රසාද්ට නොපෙනෙන හැටි. ඒත් ඒ වෙලාවේ මං ඒ විත්තිය තේරුම් කරන්න ගියේ නෑ. එයාටම තේරෙයිනේ දවසක් දෙකක් යනකොට...

ඒ වගෙමයි- මට ලොකු සැනසිල්ලක් වුණේ අමන් මාව hug කරපු එක ප්‍රසාද් දැකල නොතිබුණු එකයි. ඒක දැක්කා නං මෙයා මේ තරං සතුටෙන් ඉන්නෑ!

පව්, බන්ටි... මිනිහගෙ උදාරම්කම නං ටිකක් අඩු වෙලා වගෙයි මට පෙනුණේ. එහෙම වෙන එක සාධාරණයි නෙව. Demotion එකක්නෙ එයාට වුණේ.

එදා වැඩ ඉවර වෙලා ෆැක්ටරියෙන් එළියට බහිනකොටම බන්ටි මගේ ළඟට ආවා. ටිකක් පහු වෙලා ආව ප්‍රසාද් ඒක දැකලා අපේ ළඟට නෑවිත් ගාට-ගාට පස්සෙන් එන්න ගත්තා... බන්ටියි මායි ඉස්සරහට ඇවිද්දා.

“මොකද කරන්නේ? ඔයා අපේ ගෙදර එනවද- නැත්තං මං එහෙ එන්නද?” වැඩි වෙලාවක් යන්න කලින් බන්ටි ඇහුවා.
“ඔයා ඉන්නෙත් නෑදෑ ගෙ..ද..ර..ක නේද? අමුත්තෝ එනවට එයාලා කැමතිද කියල දන්නෙත් නැ..ති..ව...” මගේ තෙපර බෑවිල්ල ඉවර වෙන්නත් කලින් බන්ටි මගේ අතකින් අල්ල ගත්තා.
“They don’t mind. අනෙක අපේ තාත්තල මං එහෙ ඉන්නවට එයාලට කුලියක් ගෙවනවනේ. මම එයාලට කියලත් තියෙන්නේ ඔයාව එහාට එක්කරගෙන එන බව!”

“ඇත්තටම?”
“මං මොකටද ඔයාට බොරු කියන්නේ?”
“එ.හෙ.ම නං... ඉතිං...”

ඉතිරි හරිය ඉතා ඉක්මනින්..

27 comments:

  1. කුච් කුච් හොතාහේ

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ලලිත් මහත්තයෝ- යමක් සිදු වෙමින් පැවතුණා නේන්නං!

      Delete
  2. මොණරු මිරිස් කන්නේ ඒක හින්ද වෙන්න ඇති . මිරිස් වගාවක් පේන්න බැහැ . නිදි මේවා ලියන වග එයාල දන්නවද ?

    ReplyDelete
    Replies
    1. ඔව්නේ අජිත් මහත්තයෝ. බෙහෙත් ගන්න හම්බන්තොට ගිය අපට, ඊයේ දවල් දෙබරවැව හිතවතියකගේ ගෙදර දවල් කෑම ලෑස්ති කරලා තිබුණා. එතෙන්ට ආව මොනරු කිහිප දෙනෙක්ම ඇහුවත් එක්ක ඔය ගැන...

      Delete
    2. හෙහ්, හෙහ් මට හිතුනෙත් ඕකමයි. මේ අහන්නෙ මොනරු දන්නවද කියල වග. හැබැයි , තරහා ගියොත් ගමය හරි සරයි පුතෝ!😋😁😜🤣

      Delete
    3. 😁 හරිම අසාධාරණයි බසු තොමෝ , ඔක්තෝබර් මාසේ නෝටිස් දීල බලන් ඉන්දල බැරිම තැන පොඩි ටොක්කක් ඇන්න එක විතරයි කලේ . නැත්නම් හොඳ නැහැ නොව . හිතයිනේ අපට මුකුත්ම කරන්න බෑ කියල නේද ? වැඩේ කියන්නේ හැම දේම පර්සනලි ගන්නවා කියල කියන්නේ ඇයි කියල තමා ප්‍රශ්නේ . 😁

      Delete
  3. කියෙව්වා. බොක්සින් ඩේ ගැනයි, කුරුල්ලො මිරිස් කන එක ගැනයි දැණගත්තා. බල්නූර් ඔන්න ඔහේ ඇස් නටෝපුවාවෙ!

    ReplyDelete
    Replies
    1. ඔයා ඔහොම කියනකොට බස්සා මහත්තයෝ, මට කල්පනා වුණේ- දැන් බල්නූර් කොහේ කොහොම ඉන්නවා ඇද්ද කියලයි.

      Delete
    2. කොහෙ හරි ඉන්න තැනක ඇස් නටෝ,නටෝ "හායි, බායි" කිය,කියා ඇති නේද?😜

      Delete
  4. Nidi , I checked out Fengi Cooks, think you are mistaken, their total subscriber base is 250k (Thousand) and views are in thousands- not millions as you say, apologies for pointing this out

    ReplyDelete
    Replies
    1. ඔබතුමන් හරි වෙන්නත් පුළුවන් Ano මහත්තයෝ. මට හමු වුණු පුවත්පත් වාර්තාවක හා fb සටහන් කිහිපයකයි ඔය මිලියන ගණන් කතාව තිබ්බේ. මේ post එකටම යොදා තිබෙන ෆෙන්ගි කුක්ස් ෆොටෝ එකෙනුත් කියවෙන්නේ මිලියන ගණනක කතාවක් නෙව.
      ඒ කොහොම වෙතත් මහත්තයෝ ඊයේ මේ අඩවියට පිවිසුම් 20,057ක් ලැබී තිබුණා.- මට හිතෙන්නේ ෆෙන්ගි කුක්ස් හොයන අයගෙනුත් වෙන්න ඇති කියලයි.

      Delete
    2. එහෙම ආව උදවිය සෑහෙන්න 'පැරණි පෝස්ට්ස්තුත්' කියවලා තියෙන විත්තියයි පෙනෙන්නේ.

      Delete
  5. “ඇත්තමයි- අමන් ආවාම මුළු ෆැක්ටරියම මොකක්දෝ එළියකින් පිරුණා වගෙයි“ ඒ වගේ තත්වෙක ඉඳලත්, එහෙම positive vibe එකක් අමන්ට තිබුණු එක කොච්චර හොඳද. සමහරවිට ඒ හරහාම ඔහුට යම් healing එකක් ලැබෙන්න ඇති.

    "ඒ හින්දා ඒ පවුල්වල හැමෝම අමන්ට කැමති දෙයක් කර ගන්න ඉඩ ඇරලා තියෙන්නේ". ඒ වගේ community එකක් අමන්ට ලැබුණු එකත් ලොකු දෙයක්.

    නිමල්ගෙ ලින්ක් එකේ ගිහින් මමත් Fengicooks බැලුවා එයාට මිලියන් ගණන් views තියෙන්නෙ YT Shorts වලට නේද.

    ReplyDelete
    Replies
    1. Lotus, එහෙම positive vibe එක තියෙන අය මට හමුවී තියෙන්නේ හුඟක් අඩුවෙන්. අවුරුදු කීපෙකට කලින් ගෝඨා ගෝ ගමේ අරගලය වෙලාවෙ- මම පැය 68 උපවාසය කරද්දීත් ඒ වයිබ් එක උපරිමයෙන් තියෙන එහෙම කෙනෙක් මුණ ගැහුණා. සඳරුවන්! එයා ගැනත් මං ඔයාලට කිව්වා.
      https://nidigepanchathanthare.blogspot.com/2022/05/blog-post_12.html

      Delete
    2. මං ෆෙන්ගිලගෙ YT shortsවලත් උඩින්ම පෙන්වන විස්තර විතරයි බැලුවේ, Lotus.

      Delete
  6. තමන්ටත් වෙලා තියෙන්නේ ඒ සන්තෑසියමයි කියලා ප්‍රසාද්ට නොපෙනෙන හැටි. 🤣🤣

    “මිරිස් සැර නොදැනෙන්න කුරුල්ලන්ට වෙනස් පිහිටුවීමක් සොබා දහමෙන්ම කරලා තියෙනවා වගේ!“ මම හිතන්නෙ අපි හැම කෙනාටම සොබා දහමෙන් යම් තරමින් හෝ සුවිශේශි දේවල්, ආරක්ශාවන් දීලා තියෙනවා. අපේ ජීවිත ගැන reflect කරනකොට තමයි ඒක තේරෙන්නෙ.

    නිමල් ලියලා තියෙන "මිරිස් සැර" කතාවටම අදාල නැති වුණත් මම නිරීක්ශණය කරලා තියෙන දෙයක් තමයි narcissistic අයට ඉතාම හොඳ, ඉවසිලිවන්ත partners, husband/wife ලැබෙන එක. ඇත්තටම ඒ සම්බන්දතා පිටින් පේන තරම් සරළ නෑ, මොකද සමහර partnersලා narcissistic enablersවෙන්න පුලුවන්. නමුත් මට නිතරම හිතෙන දෙයක් තමයි narc අයට ස්වබාව දර්මයෙන් සෑහෙන සපෝර්ට් එකක් ලැබෙන බව.

    ReplyDelete
    Replies
    1. ඔයා හරි... සොබාදම් දිනිතිය එතෙනදි සාධාරණයි කියල තමයි මටත් හිතෙන්නේ. දෙයක් අඩුවෙන් දෙනකොට තව දෙයක් වැඩියෙන් දෙනවා...
      මට නං හරිම පුදුමයි සොබාදහමේ යාන්ත්රණය ගැන.
      කොහොමද අප්පේ මේවා මේ තරම් සූක්ෂ්මව plan කෙරුණේ.

      Delete
  7. කොහේ කොහොම නතර වෙයිද? ඉඳලා බලමු!

    ReplyDelete
    Replies
    1. අනේ හොඳයි හා හා
      බලාගෙනයි හ්ම් හ්ම්
      කව්ද බලමු සමතා
      ලොව හමන සුළඟ නවතා...

      (හිනා වෙන්නේ ඇයි මේ- සින්දුවෙන් කෑල්ලක් මතක් වුණා Litseeker.)

      Delete
  8. අපේ බ්ලොග් තානාපති නමිනං දැන් රොම්බ බිසි නිසා:

    https://sudukukula.blogspot.com/2026/01/blog-post.html

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි බකුසුතුමෝ. හොඳ ලිපියක් තියෙන තැනකට පාර පෙන්නුවට.

      Delete
  9. Replies
    1. ගොඩාරියක් ස්තුතියි Pra Jay මහතාණෙනි!

      Delete
  10. කුරුල්ලෝ සහ මිරිස් කතාව දැනගත්තේ දැන්.

    ReplyDelete
    Replies
    1. ඒ වගේ දැනුම වඩවන දේවල් දැන් හැමදාම හමු වෙනවා නිහඬපාල මහත්තයෝ. ජාලයෙන් හා fb එකෙන්...

      Delete
  11. ඔය බොක්සින් ඩේ එක ගැන අපේ බොස්ගේ නෝනා මට මෙන්න මෙහෙම පැහැදිලි කිරීමක් කලා. ඉස්සර කාලෙ ත ගෙවල්වල අල්මාරි කබඩ් තිබිලා නැතිලු. ඉතින් නත්තලට හම්බවෙන තෑගි, නත්තලට පහුවදා පෙට්ටිවල දාලා අරගෙන තියෙනවාලු තැන් තැන්වල.න් ඒ නිසා ලු Boxing Day කියලා කියන්නේ 26 වෙනිදාට.

    ReplyDelete
    Replies
    1. ඔව්නේ! ඉතා තර්කානුකූල පැහැදිලි කිරීමක් නෙව කුමාර මහත්තයෝ ඒ නෝනාගේ කතාවත්.

      Delete