අකුරු මැකී නෑ

Saturday, January 31, 2026

හතලිහේදී... තිස්දෙවෙනි කොටස

ඒ ශෘංගාරාත්මක සංවාදය එතනින් නැවැත්තුවා වුණාට ප්‍රසාද් නෙවෙයි පසුබැස්සේ. එයාත් බස් එකට නැංගා. මට නිච්චි නැතිවයි හිටියෙ වෙනදට වැඩිය රෑ වෙලා විත්තියත්, ඒ නිසා බස් එකේ ඉන්න කට්ටිය අඩු විත්තියත්. කලින් දවසේ වගේ එදාත් ඩබල් ඩෙකර් බස් එකේ උඩ තට්ටුව ගොඩාරියක් හිස්වයි තිබ්බේ. එකම සීට් එකක මගේ ඇඟටම තෙරපීගෙන වාඩි වුණු ප්‍රසාද් වැඩිය පරක්කු නොවී මගේ අත එයාගේ කර ගත්තා.

පාදාන්තයෙන් පටන් ගත්ත අමුතු සීතලක්- හීන් සීරුවේ දෙකලවා දක්වාම නැඟගෙන එන හැටි...

ඒ විතරක් නෙවෙයි, එයාගේ අතත් මගේ කලිසමේ ගොල්ෆිය උඩින් තියලා ඒ ඉසව්වත් බද්දට ගත්තා.

ඒ වෙලාවේ මං ඇස්දෙක පියා ගත්තා. පියාගෙන හිතා ගත්තා... මගේ ඇඟට තෙරපීගෙන මගේ ළඟින්ම වාඩි වෙලා ඉන්නේ අමන්ය කියලා. මගේ රහසඟ උඩින් දඟකාරකම් කරන හස්තයේ අයිතිකාරයාත් අමන්මයි කියලා. උපරිම වලත්තකමින් එහෙම හිතන නිමේෂයේ...
මගේ පාදාන්තයෙන් පටන් ගත්ත අමුතු සීතලක්- හීන් සීරුවේ දෙකලවා දක්වාම නැඟගෙන එන හැටි මට දැනුණා. හරියට සර්පයෙක් දිව දික් කර-කර, මොකකටදෝ ඉව අල්ල-අල්ලා මගේ දෙපා අතරින් ඉහළට බඩගාගෙන එනවා වගේ.

මං කොහොමද දෙයිහාමුදුරුවනේ, එවෙලේ මට දැනුණු මිහිරි හැඟීම අකුරු කරන්නේ? ඒ සුඛදායී හැඟීමෙන් හොඳටෝම ආතුර වෙලා හිටි මං වහන්සේ බොහොම ඉක්මනින් දිනුම් කනුව පහු කළා; උත්තරෝත්තරාතිශයට පැමිණුනා.

“Is it so good?” ප්‍රසාද් මගේ කණට කෙඳිරුවා. එයා හිතන්නැති මං ඉක්මනින්ම කඳු මුඳුනට ගියේ එයාගේ හපන්කම නිසාය කියලා! මගේ රහසිගත විශ්වයේ සාමාජික හුඟක් පිරිමි එහෙමයි. අනෙක් හැම දේකටම වඩා මේ විෂයයේදී එයාලා එහෙමයි. තමන්ගේ හපන්කම්- සූරකම් ඉස්තරම් කියලා කියනවා නං එයාලා හරිම කැමතියි. ‘ඔයා තමයි best!’ කියල අඟවනවට- කියනවට හරිම කැමතියි.

ටික වෙලාවක් මගේ හස්ත හිංසනයට ලක්වෙලා උන්නු ප්‍රසාදුත් එහාට-මෙහාට ඇඹරුණා; සලිත වුණා; නලියව්වා; හිර කරගෙන හිටි ගැඹුරු හුස්මක් පිට කරලා නිසල වුණා.

හිටි ධාරණේ සිද්ද වෙන දේවල්වල හැටි...
ඒ වෙලාවේ මුළු බස් එකම වෙරළු මල් සුවඳකින් පිරිලා යනවා මට දැනුණා. එච්චර තද සුවඳක්... අපි දෙන්නගෙන්... එහෙම වෙන්නේ කොහොමද?

මගේ දෙවෙනි නැත්තං තුන්වෙනි සහකාර සමරසිරි හෙවත් සුදු මල්ලී තමයි හැම තිස්සෙම මට ඔය වෙරළු මල් සුවඳ ගැන අනතුරු ඇඟෙව්වේ. එයා තමයි මගේ පළමුවෙනි නිල නොලත් ‘ලිංගික අධ්‍යාපනික ගුරුතුමා’ වුණෙත්. නොදන්නා කාරණයක් ගැන ඇහුවාම සුදු මල්ලී ඉතාමත් දක්ෂ ලෙස; රුචිකර ලෙස ඒ පාඩම සවිස්තරව; සනිදර්ශනවමයි කියා දුන්නේ!

අවුරුදු හයකට කලින් ඒ විස්තර ‘දොළහ වෙද්දී - සිව්වෙනි කොටස’ post එකේ ලියද්දී මේ රචකයා මෙහෙමත් ලිව්වා.

‘.. ගෙවුණු දින කිහිපයකට පසුව සමරේ මට කිව්වේ ඇඟ කිළිපොළා යන තරමේ කතාවකි!

රංජි මල්ලී, දැන් ඉතින් නිකම්ම පපුව එළියේ දමාගෙන ඉන්න එපා. ඔයාලගෙ තාත්තට පෙනෙයි!සමරසිරි කිව්වේය.
මොනා පෙනෙන්නද?”

දන්නවද? අපි මෙහෙම ධාතු පිට කරන්න ගත්තම පපුවේ පොඩි වළක් හැදෙන්න පටන් ගන්නවලු. ඉතින් ගුණපාල අයියට ඒක නෝට් වුණෝතින් මළකෙළියක් වෙයි.... ඔයා කෝකටත් බැනියමක් අඳින්න පටන් ගන්න.... එතකොට ඉවරයිනෙ.

මේ කැලේ කොහෙන්ද සමරේ ඔය තරම් හොඳට පිහදගන්න රෙද්දක්. මම පුළුවන් තරමට තමයි පිහදගත්තේ- මේ ගහකින් කොළ ටිකක් කඩලා අරං.

සමරසිරි එහෙම කිව්වත් ඒක නං කරන්නට විදියක් නැත. හිටි ගමන් එහෙම කරන්නට ගියොත් තාත්තා දාහක් ප්‍රශ්න අසනු නියතය.

ඒත් සමරසිරිගේ මාහැඟි උපදේශ එකක්වත් අහක දමන්නටත් මට හිතුණේ නැතිය. මනුස්සයා ඒ තරම්ම expert කෙනෙකි කියලාය මං පිළිගෙන තිබුණේ...’

මට එහෙම ඉගැන්නූ ඒ ගුරුතුමා ‘ලන්දක හරි- අවසර කල් රහස් තැනකදී හරි පැවැත්වූ ප්‍රායෝගික සැසි’වලින් පස්සේ තවත් දෙයකින් ‘පරෙස්සම් වෙන්න’යි හැමදාමත් මට උපදෙස් දුන් බව මට මතකය.
“රංජි මල්ලී- මතක ඇතිව හොඳට පිහදාගන්න...”
“මේ කැලේ කොහෙන්ද සමරේ ඔය තරම් හොඳට පිහදගන්න රෙදි. මම පුළුවන් තරමට තමයි පිහදගත්තේ- මේ ගහකින් කොළ ටිකක් කඩලා අරං.”

“රංජි මල්ලී දන්නවද? අපේ ධාතු වෙරළු මල් සුවඳයි. ඉතිං හොඳට පිහදගත්තේ නැත්තං ඒ සුවඳින් ඔයාව ගුණපාල අයියට මාට්ටු වෙයි... ඒකයි මං ඔයාට කිව්වේ. දන්නවනේ, ඔයාලගේ තාත්ත ලෝක අණ්ඩපාලයෙක්නෙ...”

දැන් නං මේ වෙරළු මල් සුවඳ එන්නෙ හිතෙන්. ඒක දැනෙන්නේ හිතට. නහයට නෙවෙයි!
බස් එකේ වෙන කාටවත් එහෙම සුවඳක් දැනිච්ච පාටක් නැහැනෙ. වෙන එකක් තියා ප්‍රසාද්ටවත්...

ඊට පහුවදා හිමිදිරියේත් මට අමන්ගෙන් අර උණුහුම් hug එක හම්බ වුණා. “Aman, I want to say something... නමුත් දැන් නෙවෙයි. later...” මං කිව්වේ එයා මාව වැළඳගෙන උන්නු තත්පරයේදී.
“Why later. අපි දැන්මම කතා කරමුකෝ...” මාව නිදහස් කරපු අමන් කිව්වේ මගේ උරහිස්වලට එයාගේ අත් දෙක තියලා; මගේ මූණට එබීගෙන. මට නිකංම බැලුණේ ප්‍රසාද්ල දිහා.

ප්‍රසාද් විතරක් නෙවෙයි එතකොට බන්ටිත් හිටියෙ අපි දිහා බලාගෙන.
“ප්ලීස් අමන්... මං කියන දේ අහන්නකො... අපි අද දවල්ට කතා කරමු... lunch බ්‍රේක් එකේදී.”
ඔළුව වැනුව අමන් කීකරු තාලෙන් ඉස්සරහ table එකට ගිහිං ඉස්තිරික්කේ අතට ගත්තා.

ගිවිසගත්ත විදිහට අමනුයි මායි දෙන්නා ඉක්මනට lunch එක අරං ඇවිත් වේදිකාවේ උඩින් වාඩි වුණා. ඒ වැඩිය කවුරුත් ඉඳගන්නෙ නැති ඉසව්වක. “කෝ, ඉතිං... ඔයාට මොනවද කියන්න තියෙනවයි කිව්වේ...” ඉඳගන්න පමාවෙන් අමන් ඇහුවා. “දිග කතාවක්ද කියන්න තියෙන්නේ?”
“ම්හු!” මං වචන තේරුවා. “අමන් please... don’t misunderstand me... ඔයා මාව hug කරන එක නැවත්තුවොත් හොඳයි නේද?”
“ඇයි ඒ? ඔයා කැමැති නැත්තං මං එහෙම නොකර ඉන්නං...”
“අනේ නෑ අමන්... මගේ අකැමැත්තක් නෙවෙයි. හැමදාම ඔයා එහෙම කරනකොට දකින අය බලයිනෙ මේ මොකද කියලා.”

මාත් ඔයාට කොච්චර කැමතියිද කියලා ඔයා දන්නවා නං... (foto- Soban Raj)
“ඉතිං බලපුදෙන්! බලල ඕන්නං හිතයි අපි දෙන්නා හෝමෝ කපල් එකක් කියලා... ඒක නේද උඹ කියන්න හදන්නේ...” අමන් ඇහුවේ එක එල්ලේමයි; පොල්ලෙන් ගහන්නා වගේ... ”මොකද උඹ රතු වුණේ? උඹ එහෙම නේද හිතුවේ... පුළුවන් නං නැහැයි කියපං...”

මේ යක්ෂ පැටියාට ‘නැහැයි’ කියලා බොරුවක් කියන්නත් බැරිය. ‘එහෙම නේන්නං හිතුවේ’ කියලා ඇත්තම කියන්නත් බැරිය. නිමල් දිසානායකයා එහෙම ‘මුක පූට්ටු වී’ ඉඳිද්දී අමන්ම කතා කළේය.

“මේකයි ෆ්‍රෙන්ඩ්... මම ඔයාට ගොඩක් කැමතියි. ආදරෙයි... ඒත් ඒක sex රිලේටඩ් love එකක් නෙවෙයි. මං කියන්නේ අද මම ඉන්න තත්ත්වේ... අනෙක, අනිත් අය අපි ගැන මොනව හිතුවත්- මොනව කිව්වත් මට කමක් නෑ. මම ඒ එකක්වත් ගණන් ගන්න හාදයෙක් නෙවෙයි!
හැබැයි කවද හරි දවසක මම change වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මම sexually ඔයාට ඇට්රෑක්ට් වෙන්න වුණත් පුළුවන්. එහෙම වුණොත් එදාට මම ඒක ඔයාට කියයි... මගෙත් එක්ක එහෙම රිලේෂන්ෂිප් එකකට කැමතිද කියලත් ඔයාගෙන් අහයි. That’s me! ඕක තමයි නිමල් මගේ විදිහ...”

මගේම වාසනාවටය වෙලාව ගතවෙලා තිබ්බේ. එතකොට දවල් කෑම විවේකය ඉවරය. ඒ නිසාය, අපේ කතාවට විරාමයක් තියන්නට සිද්ද වුණේ.

‘අනේ අමන්! මගේ ඇත්තම ඇත්ත විදිහත් ඔයාට කියන්න තිබුණා නං... මාත් ඔයාට කොච්චර කැමතියිද කියලා ඔයා දන්නවා නං...’ ආයෙමත් වැඩ පටන් ගන්නට කලින් ඒ ටික එයාට කියා ගත්තා නං...
එහෙම නොකළ එක ගැන නං ඒ වෙලාවේ මට මගෙත් එක්කම දැනුණේ ලොකු තරහක්.

ඔයාල දන්නවද- අදටත් මට අමන් වගේම අශේන්වත් මතකයි!!!

පුදුමේ කියන්නේ ඒ දෙන්නම මට හම්බ වුණේ එංගලන්තයේදී වීමයි... අශේන් නම් මට හම්බ වෙනකොටත් එයාගේ යාළුවෙකු එක්ක සමරිසි සම්බන්ධකමක් පවත්වාගෙන ගිය හාදයෙක්. ඒ හින්දම මගෙත් එක්ක එකතු නොවුණු; මට සමීප වෙන්න පවා බය වුණු කෙනෙක්... ඈතින් ඉඳගෙන මට ආදරේ කරපු කෙනෙක්.
කෙනෙකුට එහෙම සෙනෙහෙවන්තයන් ඉන්න බැරිද? එහෙම...

බෑ බෑ ඔහොම කරලා බෑ! ඔහොම හැඟුම්බර වෙවී; අතීතකාමී වෙවී තමුසෙගෙ ජීවිත කතාව ලියන්න ගියොත් ඒ වැඩේ කවදාවත් ඉවර වෙන එකක් නෑ. අනෙක තමයි- ‘නිදිගෙ පංච තන්තරේ කියවන තමුසෙගෙ ආදරණීය රසික ජනතාව’ගේ කුතුහලයත් දන්නෙම නැතුව නැතිව ගිහින් තියෙයි; කතන්දරේ ටක් ගාලා එළිවෙලා.
රහ තියාගන්න නං රහස් එළි කරන්න ඕනේ ටිකෙන් ටිකනෙ.

මගේ මතකයේ විදිහට සිංහල චිත්‍රපට ගීත අතරේ තිබුණු දිගම දිග ගීත තුනෙන් එකක් වෙච්ච ‘සරා ගොයිය’ මේබල් බ්ලයිත් නිළි-ගායිකාවගේ ගැයුමක්!

මොකෝ වෙච්ච දේවල් දැන් වෙනස් කරන්නද? අමතක කරන්න එපා! ඔහේ ලියන්නේ තනිකරම සාරාංශගත වාර්තාවක් නෙවෙයිනේ... දිනපොතකුත් නෙවෙයිනේ... ආන්න ඒක හිංදා...

‘මෙහෙමයි. ඔය කතාවට මාත් තරමක් දුරට එකඟයි. ඒත් ඒ දවස්වල නං උන්නු නිදි නෙවෙයිනෙ අද ඉන්නේ. ඒ දවස්වල හිතපු විදිහයි දැන් හිතන විදිහයි වුණත් වෙනස් වෙලා නේද තියෙන්නේ... (ඒක නම් එහෙමද කියලත් සැකයි!)
ඒ වගේමයි- එදා හිටන්ම මේ නිමලයා පුරුදු වෙලා හිටියෙ සිද්ද වෙන දේවල් ගැන විමසිල්ලෙන් බලන්න; බලල තේරුම් ගන්නට වෑයම් කරන්න; ඊළඟට ඒවා විග්‍රහ කරගන්න... ජන්මෙට වැඩිය පුරුද්ද ලොකුයි කියනවනේ. ඉතිං, ඒ පුරුද්ද මේ හදිසියේ වෙනස් වෙයියැ?’

ඒකට කමක් නෑ. ඉක්මනටම ආපහු කතන්දරේට යනවා!
‘හරි හරි! තේරුණා!! ඕන්න අවවාදේ හිසමුඳුනෙන්ම පිළිගත්තා.’

ඊළඟ දවසේ උදේ අමන්ගේ හග් එක නොලැබුණාම නං මට පොඩි දුකකුත් හිතුණු විත්තිය නොකිය කොහොමද? ඒත් අපි දෙන්නම හිටියෙ එහෙම දෙයක් නොවිච්ච ගණනට; ගොළුවො වගෙ. හැබැයි- වෙන වෙන දේවල් නං කතා කළා. වචනෙන් දෙකෙන්- වැඩ අස්සේ.
අමන් නං සතුටු මූඩ් එකක ඉන්න විත්තියයි මට පෙනුණේ... එයා සැරෙන්-සැරේ මොකක්දෝ සිංදුවක තාලයකුත් ‘හ්ම්’ කරනවා ඇහුණා.

අහල නැති සිංදුවක්! අතරින් පතර එකම වචන දෙකක් විතර ආයෙ-ආයෙමත් කියැවෙන හැටිත් මං නිසොල්මනේ අහගෙන හිටියෙ.
‘සරා සරා...’

ඒ වෙනකොට මගේ මතකයෙ තිබුණේ ‘සරා’ කියන සිංහල වචනයයි, ‘සරා ගොයිය හරි මිනිහා’ කියන දිගම දිග සිංදුවයි විතරයි. (මගේ මතකයේ විදිහට සිංහල චිත්‍රපට ගීත අතරේ තිබුණු දිගම දිග ගීත තුනෙන් එකක් වෙච්ච ‘සරා ගොයිය’ මේබල් බ්ලයිත් නිළි-ගායිකාවගේ ගැයුමක්.)

ඒ මතක ගොන්නට මේ ‘සරා සරා’ත් එකතු වුණා. අවුරුදු තිහකටත් වැඩිය ඒ මතකය බලපෑම හිතේ රැඳිලා තිබුණු හැටි ඉස්සරහ කොටසකදීම ඔයාලට කියන්නං!

ඕන්න ඔය දවස්වලමයි අපේ මව්තුමී දීපාල්ට කියල අපේ ගෙදර තිබිච්ච පරණ නත්තල් ගහ එළියට වැඩම්මෙව්වේ. (ඒ නත්තල් ගහ වෙන්න ඕනි 1985දී අපේ ගෙදර තිබ්බෙත්!)

එතකොට බඩා මල්ලියාත් දීපානිත් දෙන්නම ළමයි. දැන් එහෙමයැ? මල්ලාට 24ක්. චූටි නංගියා දීපානිට 21ක්.
ඒ වයසෙදි එයාලට නත්තල කියන්නේ එච්චරට සුවිශේෂ දෙයක් නෙවෙයි. දෙසැම්බර් 24 වෙනිදා මහ රෑ දොළහට නත්තල් සීයා තෑගිත් අරං ගෙවල්වලට එනකල් හීන දකින වයසේ නෙවෙයිනෙ එතකොට එයාලා උන්නේ.

ඉස්සර නං නත්තල් සීයා එනකං බලාගෙන හිටිය තමයි. දැන් අපි දන්නවනෙ ඇත්ත මොකක්ද කියලා.

“අනේ අම්මේ! අපි දැන් පොඩි එවුන් නෙවෙයිනෙ. ඉස්සර නං නත්තල් සීයා එනකං බලාගෙන හිටිය තමයි. දැන් අපි දන්නවනෙ ඇත්ත මොකක්ද කියලා. ක්‍රිස්මස් දවසට තව කල් තියෙන්නේ... දැන් තියාම ඕක decorate කරන්න මහන්සි වෙන්න ඕනිද?”

“අනේ මේ දීපානි. මට උදව් කරන්න බැරි නං නිකං ඉන්න එකයි තියෙන්නේ- සිලි එක්ස්කියුසස් නොකියා... අවුරුද්දට එක පාරයිනෙ නත්තල එන්නේ. ඔයාලා දැන් දන්නවා වැඩියි. නත්තල් ගහ සරසලා තිබ්බම කොච්චර සිරියාවන්තයිද- ඒ චාරිත්තර කළාම ගෙදරට එළියක් නැද්ද? ඩැඩා වුණත් ක්‍රිස්මස්කාරයනෙ...” අම්මා තරහෙන් එහෙම වගපල කිව්වේ දීපානිට. "මෙහෙදී ජීසස්ව ගණන් නොගෙන හිටියොත් අපිට හරි යන්නෑ."

ආගම් ගැන නං අපේ අම්මාට තිබුණේ අන්ධ භක්තියක්.

එතකොටයි මතක් වුණේ, Radiance of Numbers වත්පොතේ තිබුණු ‘චෛත්‍ය වන්දනාව’ ගැන අපූරු සටහනක්. මේ එයින් චුට්ටක්.

‘... ගොඩක් දෙනෙක් කරන්නේ 'අන්ධ භක්තියෙන්' (Blind Faith) චාරිත්ර ටිකක් කරන එක විතරයි. හැබැයි අපේ මුතුන් මිත්තෝ මේ යෝධ චෛත්යය නිර්මාණය කළේ නිකන්ම වඳින්න පුදන්න විතරක් නෙවෙයි. මේක ඊට වඩා එහා ගිය Advanced Energy Technology (දියුණු ශක්ති තාක්ෂණයක්).

ඔබ නොදැනුවත්වම කරන චාරිත්ර පිටුපස ඇති 'Bio-Physics' (ජෛව භෞතික විද්යාව) මෙන්න:

ඇයි බිම බලාගෙන, පාවහන් නැතුව යන්නේ? (Earthing)  මේක ගෞරවයට කරන දෙයක් විතරක් නෙවෙයි. චෛත්යය වටා ඇති වැලි මළුව කියන්නේ අතිශය ප්රබල ධන අයන (Positive Ions) ගබඩා වූ කලාපයක්. පාවහන් ගලවා ඇවිදින විට ඔබේ සිරුරේ ලෙඩ රෝග හදන 'Static Energy' පොළොවට ඇදලා ගන්නවා. මේක විද්යාවේ 'Earthing' ක්රියාවලියයි.

ඇයි ගෝලාකාර හැඩය? (Energy Dome)  පිරමීඩ හැදුවේ මළ සිරුරු තියන්න. හැබැයි චෛත්යයේ 'බුබ්බුලාකාර' හැඩය (Geodesic Dome) ක්රියා කරන්නේ විශ්ව ශක්තිය (Cosmic Energy) එක තැනකට ෆෝකස් කරන ඇන්ටනාවක් වගේ. ඔබ මළුවට ගිය සැණින් ඔබේ සිත නිවෙන්නේ මේ 'Energy Field' එක නිසයි.

කොත සහ චූඩා මාණික්යය (Crystal Transmitter)  කොත මුදුනේ තියෙන්නේ නිකන්ම වීදුරුවක් නෙවෙයි, පිරිසිදු පළිඟු (Quartz Crystal). රේඩියෝ තාක්ෂණයේදී වගේම, මේ පළිඟුව මගින් චෛත්යය තුළ ගබඩා වන ශක්තිය විශ්වයටත්, අවට පරිසරයටත් මුදා හරිනවා.

නිගමනය: චෛත්යය කියන්නේ ආගමික ස්මාරකයක් පමණක් නොව, ජීවමාන 'ශක්ති උත්පාදකයක්' (Energy Generator)...’

චෛත්‍ය වන්දනාවේ විද්‍යාත්මක පැත්ත ගැන නියම අවබෝධයක් ඒ සටහනින් මං ලබා ගත්තා. ඒත්...

චෛත්‍ය වන්දනාවේ විද්‍යාත්මක පැත්ත ගැන නියම අවබෝධයක් ඒ සටහනින් මං ලබා ගත්තා. ඒත් වැඩි දෙනෙකු ගොඩක් වෙලාවට කැමති පරණ රාමුවේම හිර වෙලා ඉන්න නේද- අපේ අම්මා වගේ...

“... අපරාදේ මම ඔයාලව මෙහාට ගෙනාවේ. ලංකාවේම ඉන්න අරින්නයි තිබ්බේ. එහෙනං ඔයාලත් වැඩිහිටියන්ට කීකරුව ඉන්න ළමයි වෙන්න තිබුණා...”

“ඔව් ඔව්... වෙන්න තිබුණා... ඒත් අපි දැන් ඉන්නේ එංගලන්තෙනේ- ලංකාවේ නෙවෙයිනේ.” චූටියා කට ගහගෙන ගියා.
“අම්ම දන්නවද... ඔය පරණ කබල් නත්තල් ගහ විසි කරලා ලොකු, අලුත් Christmas tree එකක් ගෙනත් හයි කෙරුවනං ගෙදර සිරියාව තව වැඩි වෙයි.”
“එහෙම කරන්න තිබුණා උඹලත් හම්බ කරන සල්ලි මට දෙනවා නං... ඒවා නිකංම නාස්ති කර-කර එනවා මට උගන්නන්න. උඹලත් ඉතිං තාත්තගෙම දරුවොනේ... මොනවා නැතත් අතිපණ්ඩිතකමයි කටයි නං තියෙනවා...”

සුරූස්! අම්මා නාසය සූරා දමයි. දැනටමත් එයාගේ නහය රතු ජම්බු ගෙඩියකි.

Coming colour is not goodය! අම්මා සැරසෙන්නේ එයාගේ අතිප්‍රබල ආයුධය පාවිච්චියට ගන්නටය. අඬන්නටය. මටත් මැදිහත් වෙන්නට කාලය ඇවිත්ය.
“චූටි නංගි, ඔය ඇති... අම්මත් කට වහගත්ත නං ඉවරයිනෙ අම්මේ. මම දීපාල්වත් අල්ලාගෙන හෙට අනිද්දා දවසක නත්තල් ගහයි ගෙදරයි සරසලා දෙන්නං...”

ඉතිරි හරිය ඉතා ඉක්මනින්...

21 comments:

  1. මේ ශෘංගාරාත්මක කතාව දැක්කම මට මේ දවස් වල ලංකාවේ මාධ්‍ය වල වාර්තා වී ඇති තවත් ශෘංගාරාත්මක කතාවක් ගැන මතක් වුණා

    මේක දැක්කා ද නිදී ලංකාවේ මාධ්‍ය වල හැමතැනම තිබෙන මේ කතාව?

    "වර්තමාන ලාංකික පාර්ලිමේන්තුවේ ආසන 159 ක දැවැන්ත බලයක් සහිත ආණ්ඩුවේ කථානායකට එරෙහිව ඉතාමත්ම කුඩා විපක්ෂ කණ්ඩායමක් ගෙන ආ විශ්වාසභංගය වැඩි ඡන්දයෙන් පරාද වුවත් පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානි, නියෝජ්‍ය මහ ලේකම්, නීතිඥ චමින්ද කුලරත්න අනිවාර්ය නිවාඩු යවා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසන බව මාධ්‍යට වාර්තා වී තිබෙනවා. එම ආරංචි මාර්ග ප්‍රකාශ කරන පරිදි රටේම පිළිගත් ඉතාමත්ම කීර්තිමත් නිලධාරියෙකු වන නියෝජ්‍ය මහ ලේකම්වරයා අනිවාර්ය නිවාඩු යවා ඇත්තේ පදනම් විරහිත අභූත චෝදනා කිහිපයක් එල්ල කරමිනි.

    කෙසේ වුවද මෙයට සැබෑ හේතුව පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ ඉහළම තනතුරක සිටින ප්‍රබලම අයෙකුගේ ආන්දෝලනාත්මක අනියම් ප්‍රේම කතාවක පෞද්ගලික දර්ශනයක් අනපේක්ෂිත ලෙස නි. මහ ලේකම්වරයාගේ ඇස ගැටීම සහ ඔහු එය ප්‍රචාරය කළ බවට වරදවා වටහා ගැනීමක් බවයි මාධ්‍යට වාර්තා වී තිබුණේ

    මෙම කුප්‍රකට ප්‍රේම කතාව දැන් දේශපාලන ලෝකයේ බොහෝ දෙනාට රහසක් නොවන අතර නීතිඥ චමින්ද කුලරත්න දුටු දර්ශනවලට වඩා අතිශය පිළිකුල්සහගත ආලිංගන පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල පිරිස් දැක ඇතැයි දදැන ගන්නට තිබේ."

    මේ වගේ දෙයක් ගැන මීට ටික කලකට පෙර ලංකාවේ සිංහල බ්ලොග් ලේඛකයන්ට සම්මාන පවා ලබාදුන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ද අනාවරණය කළා.

    මේ චූටි ක්ලිප් එකේ ලස්සන ආදර කතාවක් සැඟවිලා හීනියට මෝදු වන බව දැනෙනවා මේක බලන්න

    https://www.youtube.com/watch?v=eiPxdLTqfgY&pp=0gcJCTMBo7VqN5tD

    ඇත්තටම නිදී මේක ගැන විස්තර සහිතව පෝස්ට් එකක් දාන්න මේ ආදර කතාව හරිම රෝමැන්ටික් වගේ නේද? චිත්‍ර පටයක් සඳහාත් හොඳයි නේද මේ ප්ලෝට් එක?

    අර ගම්පහ ඔස්මන් ගැන ෆාදර් කියන පිfල්ම් එක හැදුවා වගේ අසෝක රංවල සහ ඔහුගේ අනුප්‍රාප්තිකයන් යටතේ සිදුවන සිදුවීම් වලින් චිත්‍ර පට හදන්න පුළුවන් වුණොත් වැඩේ නැගලා යයි කියලා විශ්වාසයක් තියෙනවා මට, ඔයා මොකද හිතන්නේ මේක ගැන?

    ReplyDelete
    Replies
    1. බ්‍රිතාන්‍ය සමාගමක අධ්‍යක්ෂකත්වය සම්බන්ධ ප්‍රශ්න මැද පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් අත්හිටෙව්වාද ?

      කොළඹ / ලන්ඩන් — පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් වන ජී.කේ.ඒ. චමින්ද කුමාර කුලරත්න මහතා, ඔහුගේ පත්වීම සම්බන්ධයෙන් උද්ගත වූ ගැටලු හේතුවෙන් ජනවාරි 23 දින සිට ඹහුගේ සේවය අත්හිටුවා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග තහවුරු කරයි.



      සේවය අත්හිටුවීම සඳහා වූ නිල හේතු තවමත් මහජනතාවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති අතර, නව තොරතුරු රැසක් හෙළිවීමත් සමඟ පාර්ලිමේන්තුවේ පරිපාලනය සහ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විශාල අවධානයක් යොමු වී ඇත.



      මෙම පුවත්පත විසින් පරීක්ෂා කළ එක්සත් රාජ්‍ධානියේ සමාගම් ලියා පදිංචි ලේඛන අනුව, 2017 සැප්තැම්බර් 14 දින එක්සත් රාජධානියේ ලියාපදිංචි වූ “Thames Consultants Limited” නම් පුද්ගලික සමාගමක අධ්‍යක්ෂවරයෙකු ලෙස කුලරත්න මහතා නම් කර ඇත. එම අධ්‍යක්ෂකත්වය, ඔහුගේ රාජ්‍ය සේවා වාර්තාව සම්බන්ධයෙන් විමර්ශනය කරන නිලධාරීන් විසින් නිල වශයෙන් සටහන් කර ගෙන ඇත.



      මෙම හෙළිදරව්වෙන් පසුව, ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කරමින් සිටියදී කුලරත්න මහතා මෙම සමාගමේ අධ්‍යක්ෂවරයෙකු බවට පත් වුණේද කෙසේද යන්න පිළිබඳව විධිමත් විමර්ශනයක් ආරම්භ කරන ලෙසට, ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයට ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.



      එසේ නම්, එය ශ්‍රී ලංකා සිවිල් සේවා ආචාරධර්ම, විදේශ සේවා නියාමන සහ රාජ්‍ය තාන්ත්‍රික පත්වීම් මාර්ගෝපදේශ යටතේ බරපතළ ගැටලුවක් බවට පත්විය හැකි බව නීති සහ පරිපාලන විශේෂඥයන් පෙන්වා දෙයි. විදේශ රටක රාජ්‍ය සේවය කරන නිලධාරීන්ට, පූර්ව අනුමැතිය සහ සම්පූර්ණ හෙළිදරව් කිරීමකින් තොරව පුද්ගලික ව්‍යාපාරික කටයුතු සිදු කිරීම සීමා කර ඇත.



      විශේෂයෙන්ම, කුලරත්න මහතා මෙම අධ්‍යක්ෂකත්වය, ව්‍යාපාරය ගැන, ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයට සහ එක්සත් රාජධානියේ විදේශ කාර්යාලයට නිසි ලෙස ප්‍රකාශ කර තිබුණේද යන්න පිළිබඳව විමර්ශකයන් දැඩි අවධානය යොමු කර ඇත. රාජ්‍ය තාන්ත්‍රිකයින් විශේෂ වීසා නිති සහ විනය පටි පාටියක් යටතේ ක්‍රියා කරන බැවින්, මෙය හිතාධිකාරී ගැටලුවක් (conflict of interest) ලෙස සලකා බැලිය හැකි බව විශේෂඥයන් පවසයි.



      මෙම සමාගම් ලියාපදිජචිය තවදුරටත් සංකීර්ණ කරමින්, Thames Consultants Limited සමාගම පසුව විසුරුවා හැර ඇති අතර, එහි කාලය තුළ කිසිදු වාර්ෂික ගිණුම් වාර්තාවක් ගොනු කර නොමැති බව සමාගම් ලේඛන පෙන්වයි. එම සමාගම විසින් ඉන්වොයිස් නිකුත් කර තිබුණාද, බැංකු ගිණුමක් පවත්වාගෙන ගියාද, හෝ මූල්‍ය ගනුදෙනු සිදු කර තිබුණාද යන්න පිළිබඳව විමර්ශන තවමත් සිදු වෙමින් පවතී.



      “මෙය සරල තාක්ෂණික ප්‍රශ්නයක් නොවේ,” යැයි රාජ්‍ය තාන්ත්‍රික නියාමන පිළිබඳ දැනුමක් ඇති හිටපු උසස් සිවිල් සේවකයෙකු පැවසීය. “සංවේදී රාජ්‍ය තනතුරු දරමින් සිටින නිලධාරීන් හෙලි නොකල පුද්ගලික ව්‍යාපාරික කටයුතුවල නිරත වන්නේ නම්, එය ආයතනික විශ්වාසනීයත්වයට සහ රාජ්‍ය තාන්ත්‍රික විශ්වාසයට දැඩි බලපෑමක් ඇති කරයි.”



      පාර්ලිමේන්තු ආරංචි මාර්ග අවධාරණය කරන්නේ, කුලරත්න මහතා අත්හිටුවීම විමර්ශන අවසන් වන තුරු ගත් පරිපාලන පියවරක් පමණක් බවත්, එය දෝෂයක් සනාථ කිරීමක් නොවන බවත්ය. මෙම සේවය අත්හිටුවිම තුල, පරිපාලන, මූල්‍ය සහ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විවිධ විමර්ශන මාර්ග ක්‍රියාත්මක වෙමින් පවතී.



      මෙම ලිපිය ලියන අවස්ථාව වන විට, කුලරත්න මහතා හෝ සම්බන්ධ අධිකාරීන් කිසිවෙකුත් මෙම බ්‍රිතාන්‍ය සමාගම සම්බන්ධයෙන් වූ විශේෂ චෝදනා පිළිබඳ විස්තරාත්මක ප්‍රකාශයක් නිකුත් කර නොමැත.



      මෙම විමර්ශනවල ප්‍රතිඵල, ඉදිරියේදී ශ්‍රී ලංකාවේ විදේශ පත්වීම්, හිතාධිකාරී ප්‍රකාශන, සහ පත්වීම් පෙර පරීක්ෂණ ක්‍රමවේද පිළිබඳ පුළුල් ප්‍රතිසංස්කරණ සඳහා මාර්ගය විවෘත කළ හැකි බව නිරීක්ෂකයන් පවසති.



      දැනට, මෙම සිද්ධිය සක්‍රීය විමර්ශනයක් යටතේ පවතින අතර, ඉදිරියේදී තවත් හෙළිදරව් කිරීම් සිදුවිය හැකි බව නිලධාරීන් සඳහන් කරති.



      කෙටි සාරාංශය



      පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් ජී.කේ.ඒ. චමින්ද කුමාර කුලරත්න මහතා, ඔහුගේ පත්වීම සහ බ්‍රිතාන්‍යයේ ලියාපදිංචි Thames Consultants Limited සමාගමක අධ්‍යක්ෂකත්වය සම්බන්ධයෙන් උද්භව වූ ප්‍රශ්න හේතුවෙන් ජනවාරි 23 සිට අත්හිටුවා ඇත. ඔහු ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කරන අතරතුර මෙම සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වූයේද, එය නිසි ලෙස ශ්‍රී ලංකා සහ එක්සත් රාජධානියේ අධිකාරීන්ට ප්‍රකාශ කර තිබුණේද යන්න පිළිබඳව විමර්ශන සිදු වෙමින් පවතී. සමාගම පසුව විසුරුවා හැර ඇති අතර, මූල්‍ය ගනුදෙනු පැවතිද යන්නද පරීක්ෂා කරමින් පවතී.-https://www.colombosinhalawire.com/2026/01/blog-post_26.html

      Delete
    2. ඔයාගේ ප්‍රශ්නයට Ano මහත්තයෝ- අජිත් ධර්ම මහත්තයා ඒවා තිබෙන පිළිතුර සෑහෙනවා නේද?
      අදහස් දැක්වීම වෙනුවෙන් ඔබ දෙදෙනාටම ගොඩක් ස්තුතියි.

      Delete
  2. https://en.wikipedia.org/wiki/Pseudoscience

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Pra Jay මහත්තයෝ,
      අද උත්තර ලියන්න කලින් ඔයාත්, බස්සා මහත්තයාත් එවා තිබෙන links දෙකට ගිහින් බලලා හිටිය.
      ඔයාගේ link එකෙන් හම්බ වුණේ ගොඩක් බර ආටිකල් එකක්. ඉතිං ගූගල් ට්‍රාන්ස්ලේට් එකේ උදව් හොයන්න වුණා.
      අම්මට සිරි! ඒකෙන් දුන්නු සිංහල වචන සමහරක තේරුම හොයන්න වෙනම වෙලාවක් ගන්න ඕනි!
      කොහොම වෙතත් දළ අදහසක් ගත්තා.

      Delete
  3. Replies
    1. බස්සා මහත්තයෝ, ඔයාගේ link එකෙන් දෙන අදහස ව්‍යංගයෙන් කරන සහෘද විවේචනයක් විදිහට ගත්තට කමක් නැහැනේ.

      Delete
    2. බස්සා දාලා තියෙන ලින්ක් එකට ගියාම හිනා යන දෙයක් මතක්වුණා. ලංකාවෙ යන ටෙලි නාට්ටියක එක එපිසෝඩ් එකක විශේශ සිදුවීම් ඇතුලු කරලා හදපු short video එකක් සති කීපයකට කලින් මට YT වල ආවා. මම ඉස්සෙල්ලම කළේ කමෙන්ට්ස් බලන එක. එක ප්‍රේක්ශකයෙක් කමෙන්ට් කරලා තිබුණා මේ නාට්ටිය බලන්න ගත්තට පස්සෙ එයා හිතා ගත්තා කියලා Garfield ඇත්තම චරිතයක් කියලා. ඒක හරි smart කමෙන්ට් එකක්. ප්‍රේක්ශකයින් බහුතරයක් ඒ අදහසම තමයි කියලා තිබුණෙ; නමුත් ඒ කමෙන්ට් එක වඩා නිර්මාණශීලී විදිහට නාට්ටිය කොයි තරම් අතාත්විකද කියන එක පෙන්නලා තිබුනා. මම ඇත්තටම කල්පනා කලේ ලංකාවෙ ටෙලි නාට්‍යකරුවන් කොයි තරම් පහත් තත්වෙකට වැටිලද කියලා ඒ වගේ ප්‍රේක්ශක ප්‍රතිචාර ලබන්න. Money speaks තමයි; නමුත් ඉතින් සල්ලි හා තමන්ගෙ credibility එක අතර යම් හෝ බැලන්ස් එකක් තියාගන්න එපැයි.

      Delete
    3. ටෙලිනාට්‍ය හදන කලාකරුවනුත් අපේ රටේම මිනිස්සුනෙ Lotus. එයාල ගොඩ දෙනෙකුටත් ආත්ම අභිමානයක් නැහැ වගෙයි. හම්බ කරගන්න එකයි කල්පනාව. සමහරුන් රස්සාව බේරාගන්න එකට තමයි ප්‍රයෝරිටි එක දෙන්නේ.

      ආයතනවලින්- කල්ලිවලින් එන බලපෑමත් පොඩි නෑ.
      මට දැනගන්න ලැබුණු සිද්ධි දෙකක් කියන්නන්.
      මේ සිද්දි දෙකම වුණේ මා සේවය කළ මුද්‍රණ ආයතන දෙකකදී.
      1. එවකට ප්‍රසිද්ධ සිනමා නිළියක් තමන්ගේ ප්‍රතිරූපය නංවා ගැනීම අරමුණු කරගෙන පළ කළ සිනමා පත්තරයක මුද්‍රණ වැඩවලට ආ කතුවරයෙක් කිව්ව දෙයක් මේ.
      "අපෝ. මම නං අපේ මැඩම් කියන දෙකට ඉහළින් හ්ම් කියන්නෙවත් නෑ. ලොකු ගණනක් දීලා අපිව තියාගෙන ඉන්නෙ එයාට ඕනි දේවල් කරව ගන්නනේ. එයා කියන විදිහට ලියනවා- වැඩ කරනවා. වෙලාවට පඩිය ගෙවනවා නං එච්චරයිනෙ. වැඩි වැඩ කරන්න ගිය කීප දෙනෙක්ම එයා එළියට දැම්මේ කනට ගහල පුකටත් පයින් ගහලයි. ෆීල්ඩ් එකේ අය නං දන්නවා එයා යකාටවත් බය නැති එක්කෙනෙක් බව..."

      2. රූපවාහිනී කලාව ගැන පොතක් ගහන්න ආවා කතුවරයෙක්. එයා කාන්තාවකට අයිතිව තිබුණු ආයතනයක වැඩ කළේ.
      ඒ ආයතනයේ වැරදි කිහිපෙකුත් ඒ පොතේ විවේචනය කරලා තිබුණා. පොතේ මුද්‍රණ වියදම දැරුවේ ඒ ආයතනයෙන්. පොත ගහලා මුල්ම පිටපත ආයතන හිමිකාරියට පුදන්න චාම් උත්සවයක් පවත්වලා. ඒකේදී පිරිස ඉදිරියේම ඒ අම්මණ්ඩි අර කතුවරයාට බැන වැදිලා- පහර දීලාත් එක්ක. "මගේ සල්ලිවලින් පොත ගහන එකේ මාවත් විවේචනය කරන්න? බැහැපිය එළියට!" කියලත් කියලා.
      උත්සවයට එන්න කලින්ම කව්ද ගින්න පත්තු කරලා!
      සල්ලි එවල පොත් ටික නං අරගෙන ගියා- ප්‍රසිද්ධ කළේ නං නෑ. විනාශ කරන්නැති.

      Delete
  4. ළමයි පොඩි කාලේ ඉඳන් අපේ ගෙදර නත්තල ගහ වයිෆ් හදනව . දැන් එයාලට අවුරුදු 20පැනල . ඒත් බිරින්දෑ ඒක කරනවා . එතැන් තියෙන්නේ ආගම නෙමේ නිදි . පවුලේ එකමුතුව , අපි හැමෝම එකිනෙකට තෑගී දෙන එක . එකිනෙකා අගයන එක වගේ දේ . නත්තල කොහොමත් ක්‍රිස්තියානියට ඈඳ ගත්ත එකක් . වෙසක් එක වුනත් ඒ වගේ කියලයි මට හිතෙන්නේ . නත්තල් ගහට අපේ ගෙදර ඇත්ත ගස් ගේන්නේ . ප්ලාස්ටික් ගේන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. එංගලන්තෙ හිටියට ඒ දවස්වල අපේ ගෙදර ආර්ථික තත්ත්වය එච්චර හොඳ තැනක නෙවෙයි තිබ්බේ- අජිත් ධර්ම මහත්තයෝ.
      ඩැඩාට ලැබුණු දීමනාවෙන් සෑහෙන කොටසක් ගියේ එයාගේ සිගරට්වලටයි, කිරිවලටයි, කෝපිවලටයි. එයා බිල්වලටත් ගෙව්වා මට හිතෙන විදිහට.
      තිස් එකේදී... -දහවෙනි කොටස
      https://nidigepanchathanthare.blogspot.com/2023/04/blog-post_09.html

      අම්මා තමයි වැඩියෙන් උපයව්වේ. ඒත් ඒවා වියදම් කෙරුවේ බොහොම සකසුරුකමින් නෙවෙයි; ලෝබකමින්. ඒවා ඉතිරි කළේ පිගි බැංකුවල- කොට්ට උරවල- පරණ මේස්වල දාලා ඩැඩාට හොරෙන්.
      එංගලන්තෙත් ගෙවල් හදන්න පුළුවන් වුණා නං අම්ම ඒකත් කරන්න තිබුණා.

      1985 මම එංගලන්තෙ හිටිද්දී මල්ලියාට කණ්නාඩියක් ගන්න වුණාම (ඒකට පවුම් පනහක්) දෙන්නත් අම්මා පස්ස ගැහුවා. මමයි ඒක මල්ලාට දුන්නේ. එහෙමයි අම්මාගේ සමහර ලෝබකම්. (ඒ ගැනත් කලින් ලිව්වා.)

      හැබැයි අම්මා ලෝබවෙලා එහෙම ඉතිරි කරන සල්ලිවලින් තමයි මගේ, සුනිල්ගේ, අනිල්ලගෙ, මානෙල්ගේ ගෙවල් හදන්න ඉඩම් ගන්න එහෙම අම්මා වියදම් කළේ. එතැනදී නං අම්මට ලෝබකමක් හිතුණෙ සීමාසහිතව.
      අම්මාට ගෙවල් - ඉඩම් ගැන තිබ්බේ පුදුම ආසාවක්.
      පත්තෑයට පෙත්තෙන්- https://nidigepanchathanthare.blogspot.com/https://2019/03/blog-post_10.html

      අපේ ගෙවල් හැදුවට පස්සේ තමයි අම්මා ලොකු මහ ගෙදරක් හදන්න ගත්තේ. ප්‍රෝඩාරාමේ!
      https://nidigepanchathanthare.blogspot.com/2024/02/blog-post.html
      ඔහොම තත්වයක් යටතේ අපේ අම්මා අලුතෙන් නත්තල් ගහක් ගන්න සල්ලී වියදම් කලේ නෑ කියලා කියන්නත් ඕනි නැහැනේ. ඉතිං නත්තල ඔහේ ආවා ගියා.
      නමුත් නත්තල්දාට කළුකුමෙක් rost කරලා හදන සාම්ප්‍රදායක කෑම වේල නං ගෙදර හැදුවා.

      Delete
    2. අහා! now you are talking. 🙏
      මෙන්න මේවයි මම දැණ ගන්න කැමති විස්තර. ඩඩා ලිවින් ෆෝ ද ඩේ සුද්දා. අම්මා ලෝභද, සකසුරුවම්ද කියන එක සාපේක්ෂයි. ඩඩා සහ අම්ම දෙන්නම ඔබේ පවුලම ගොඩ දාන්න, එයාලට ආවේනික විදිහට දායක වෙලා තියනවා. සුලු වැරදි තියෙන්නෙත් ඇති, ඒත් දීලා තියෙන්නෙ රජ ගේමක්.

      1985 පවුම් 50 කියන්නෙ, අද මුදලින් පවුම් 198 විතර වෙනවා.

      Delete
    3. ස්තුතියි බකුසාණෙනි. ඊළඟ post එක බලන්නකෝ!

      Delete
  5. "අමනුයි මායි දෙන්නා ඉක්මනට lunch එක අරං ඇවිත් වේදිකාවේ උඩින් වාඩි වුණා" නිමල් ගෙදරින් ලන්ච් අරගෙන ගියාද? කෑම රත්කරගන්න විදිහක් (microwave වගේ) වැඩ කරන අයට තිබුණද.

    තුන්වෙනියට තියෙන නෙලුම් මල් සහ කුරුල්ලා පින්තූරය හරිම ළස්සන වර්ණ සංකලනයක්. ඒ ඇත්ත ෆොටෝ එකක් නේද 👍

    "නත්තල් ගහ සරසලා තිබ්බම කොච්චර සිරියාවන්තයිද" අම්මගෙ කතාවෙ ඇත්තක් තියනවා. නත්තල් ගහ සැරසුවම ගෙදරට හොඳ bright outlook එකක් එනවනෙ. පොඩි පොඩි ප්‍රොජෙක්ට්ස් තියෙන්නත් ඕනෙ ජීවිතේට.

    චෛත්‍ය ගැන නිමල් දාලා තියෙන විස්තර scientifically provenද. නැත්නම් pseudoscienceද? (as per Pra Jay's link).

    ReplyDelete
    Replies
    1. 1. ඔව් Lotus, මම දවල් කෑමට සැන්ඩ්විච් හදාගෙන ගියා. දුඹුරු පාන් පෙති හතරක්- චීස් පෙති, ලන්චන් මීට් හරි හැම් හරි පෙති දෙකක්- තක්කාලි, බී ළූණු, සලාද කොළත් එක්ක.
      ෆැක්ටරියේ කෑම ශාලාවේ මයික්‍රෝවේව් එකක් තිබුණා. මට පෙනුණු විදිහට ඒක ඔපරේට් කළේ සමීරා.
      2. Lotus, ඒ ෆොටෝස් 'රතු තොප්පිකාරයා: පොදු ගැල්ලිනුවා/පොදු දියකුකුළා (Common Moorhen) කියන පක්ෂියගේ. තවත් තිබුණා. මෙන්න තියෙන තැන.
      https://www.facebook.com/sobanrajphotography/posts/pfbid043ktfACYnpmctXmTye3vcB2cThy4irJVNwbjXoRt6uAQZHQSnfLUJUvk9uLmVXAxl

      Delete
    2. 3. ඔයා හරි. ජීවිතේට පොඩි පොඩි හරි වෙනස්කම්; විචිත්‍රවත්කම්; හැල හැප්පීම් ඕනි කියලයි මාත් හිතන්නේ...
      4. චෛත්‍ය විස්තරය හමු වුණෙත් fb එකෙන්. මෙන්න ආයෙමත් ඒ link එක.
      https://www.facebook.com/Radianceofnumbers/posts/pfbid02jVpGb6CCGeKL7Qw8zVw7nmYBj2gm9kjiSFqnPLRKcDj4CitUpQeGwcqYSEtqyosnl

      Delete
    3. චයිත්‍ය විතරක් නෙමෙයි බෝ කොල ගැනත් ව්‍යාජ විද්‍යාත්මක මත තියනව. බෝකොල උල් හැඩයෙන් පහලට එල්ලෙන නිසා ඒ හරහා විශ්ව ශක්තිය ඇඟට එනවයි කියල. :-D
      ලංකාවෙ විතරක් නෙමෙයි ලෝකෙ පුරාම ඕව තියනව. ලංකාවෙ මෑතක සිට වැඩියි, අන්තර්ජාලය නිසා. තාම කොයිතරම් ඉන්නවද ගෑණුන්ගෙ ඒ අයි වීඩියෝවලට රැවටිලා තමන්ගෙ වට්සැප් අංකය යවන අය !

      Delete