li Item

Wednesday, April 19, 2023

තිස් එකේදී... -දොළොස්වෙනි කොටස

“හැබැයි ලීලා, ඔයා කොච්චර character certificates දුන්නත් මට නං මෙයාව විශ්වාස නෑ. මෙච්චර ලස්සන කොල්ලෙක් මෙච්චර කල් සිල් රැකලා...? මොකක්ද නිමල් අර ලංකාවේ කතාවක් තියෙන්නේ... උප්පාසක්ක බළල්ලු මීයෝ...”

ඩැඩා වත්කොට දුන් බීම වීදුරුවක් තොල ගාමින් හිටි අනිල් මහ හයියෙන් හිනා වෙලා මැදට පැන්නේ එතකොටය.

“උප්පාසක්ක නෙවෙයි නීලියා. උපාසක. උපාසක. උපාසක බළල්ලු තමයිලු එක සැරේ මීයෝ දෙන්න දෙන්නා අල්ලන්නේ!”

එහෙව් ප්‍රශස්ති ගායනා මට නං මහ වධයකි; හිතට බරකි. බැලූ බැල්මටම කෙනෙකුට පෙනෙන අහිංසක...

“Thanks Anil, අම්මා නොදන්නවට ඔයාලා දන්නවා ඇති නේද ලොකු අයියගේ හපන්කම්?
“හපන්කම්...” අන්නා වචන හොයන පාටය... පොඩ්ඩ වෙලාවක් තාවර වෙවී හිටි අනිල් ඊළඟට කිව්වේ අප කිසිවෙකුත් නොහිතූ විදිහේ දෙයකි.

“නීලියා, මෙච්චර කල් අපි හැමෝටම තාත්තෙක් වුණේ ලොකා! මෙයා අපිට දෙයියෙක්... ඕක තමයි ලොකූගේ අපි දන්න ලොකුම හපන්කම.”

එහෙව් ප්‍රශස්ති ගායනා මට නං මහ වධයකි; හිතට බරකි. බැලූ බැල්මටම කෙනෙකුට පෙනෙන අහිංසක; උපාසක නිමල් දිසානායකට යටින් වසන්වී සිටින ‘නසරානි අපතයා’ව කෙනෙකුට ලේසියෙන් පෙනෙන්නේ නැත!
ඒත්, පමණට වැඩි අරහෙම ප්‍රශංසාවක් ඇහුණු විගස ඒ අපතයා මගේ ඉදිරිපිට නම් ප්‍රාදුර්භූත වෙයි; විරිත්තයි; නියවයි; කොකම් පායි.
‘මේ ගොල්ලෝ උඹ ගැන ඇත්තම දන්නව නං...’

මට දැනුණේ ඒ අපතයා මගෙන් එහෙම විමසන බවයි.
ඉතිං, අන්නා කළා වැනි පැසසුම් මා උහුලාගෙන හිටියේ හිතකින් නොවේ. කරන්නට දෙයක් නැතිකමටමය.

ලොවටම ඇසෙන පරිද්දෙන් කෑ ගසා; හඬ නඟා මා පිළිබඳ සැඟවුණු සත්‍යය හෙළි කරන්නට මට අවැසි විණි! එහෙත්... එහෙත්... 
ඇත්ත වුණත් කිව යුත්තේ; හෙළිදරව් කළ යුත්තේ නිසි කල- නිසි තැන එළඹුණු විට පමණි; කොයි දේටත් තැනක් නොතැනක් ඇත. කලක් නොකලක් ඇත.

අප මහ බෝසතාණෝ පවා එසේ කළ සේක. බුදු වෙන ආත්ම භවයේ, සිදුහතුන් ලෙස මෙලොව ජනිත වීමට පෙරාතුව උන් වහන්සේ පළමුවෙන් පස් මහ බැලුම් බැලූ සේක!

“ඔයාටම ඇහුණ නේද නීලියා. මට දැන් ඕනි කරන ලොකුම දේ; ඔයත් කිව්වා වගේ- මෙයාට ගැලපෙන කෙල්ලෙක්ව හොයලා, මෙයාට බන්දලා දෙන්න... දැනටම මෙයාගේ ලොකු මල්ලිට පුතෙකුත් ඉන්නව, අනේ. තව නංගි කෙනෙකුත් බැඳලා ඉන්නේ, මෙයා තාම තනිකඩය වුණාට.” අම්මා හැකි උපරිමයෙන් බෝලයට පහර දෙන්නීය.
“හොයමුකො නීලියා කවුරු හරි...”

“මෙහෙන්? එංගලන්තෙන්...” නීලියා ඇස් ලොකු කරගෙන අහයි.

“ඔව්! එතකොට මෙයාටත් මෙහෙම නතර වෙන්න පුළුවන් වෙයි, අනේ... නැද්ද නීලියා ඔයා දන්න කවුරුවත්...” අම්මා විහිළුවෙන් වගේ අන්තිම තුරුම්පුවත් අදියි. “ඔයාත් තාම තනියෙන් ඉන්න එකේ...”

ඒකාට ඒකට තරං ආත්ම ශක්තියක් තිබුණේය
නීලියාත් අපේ අම්මාට දෙවෙනි නොවෙයි. කටේ තොලේ නොගෑවී කෙලින්ම කතා කරයි.

“ඒ..ක හරි යන්නෙ නෑ ලී..ලෝ! මෙලහකටත් මම මෙයාට ඇප්ලිකේෂන් එකක් දාල ඉවරයි, නිමල් ටිකක් හරි නරක කෙනෙක් නං...” එහෙම කියලාය, ඈ මගෙ දිහාවට නැඹුරු වෙන්නේ.
“Please don’t get upset, Nimal. මට උඹ හොඳ වැඩියි...” නීලියා කියන්නේ මා සනසවන හඬකිනි.

ඊළඟට ඇය අපේ ඩැඩාගේ පැත්තට හැරෙයි.

“... දියං සැසිල්, මට තව ෂොට් එකක්... බොන්න හිතෙන කතන්දරනේ මේ ලීලා කියන්නේ. ඔන්න නිමල් උඹ නොබිව්වට මම බොනවා!”
“Yes නීලියා. අපි බොමු!” අනිලුත් කිසිම පැකිළීමකින් තොරව, එයාගේ හිස් වීදුරුවත් ඩැඩාට දික් කරයි.

මජ්ජපමා දට්ඨනයෙදී නං, කල දුටු කල වළ ඉහ ගන්නට අමතක නොකරන්නෙකි, අපේ අනිල්!

එංගලන්තයේ ගෙදරට පය තැබූ ගමන්ම වගේ අන්නාගේ ඇහැ ගියේ ඩැඩාගේ මිනි bar එකටය. අපේ අම්මාටත් ඒ විත්තිය පෙනිලාය.

“ඕවා දිහා බැලුවට කමක් නෑ අනිල්. වැරදිලාවත් එ..ක..ක..ටවත් අත ති..ය..න..වා හෙම නෙවෙයි, ඕං. අරයා ඔව්වයේ තියෙන දේවල් සේරම ගණන් මිනුං තියාගෙන ඉන්නේ. කොයිම වෙලාවකවත් ඉල්ලනව හෙම නෙවෙයි, ඔන්න. මෙයාට වුණත් බාල්දු වෙන්නෙ මොකටද. කවුරු හරි ආව වෙලාවක වුණත්, මෙයාම අඬ ගැහුවොත් විතරයි, ඔන්න ඔයා හවුල් වෙන්නේ! තේරුණාද?” අම්මා ඩැඩාට නෑඟෙන්නට- තර්ජනාංගුලිය ඔසවමින් අනිල්ට කීවාය.

අනිල් ඒ අවවාදය සීයට සීයක්ම පිළිපැද්දේය. ඒකාට ඒකට තරං ආත්ම ශක්තියක් තිබුණේය.

නමුත් එහෙම තියෙන්නේ, පස්වෙනි සිල් පදය කඩන්නට පටන් ගන්නා තෙක් විතරකි. පළමු වඩිය උගුරෙන් පහළට ගිය ගමන්ම- එයාගේ ආත්ම ශක්තිය පුදුමාකාර වේගයකින් වාෂ්ප වී යන්නට පටන් ගනී; කොල්ලා බල්ලා mark එක අරගන්නේ එතකොටය.

අපේ මිනිහාගේ ඒ දුර්වලකම දවසෙන් දෙකෙන්ම ඩැඩාටත් තේරුම් ගිහිංය. ඩැඩා ඒ බව මට කීවේ ‘සංවර්ධනාත්මක විවේචනයක්’ කරමින්ය.
“උඹේ සහෝදරයාට හොඳට guts තියෙනවනේ නිමොල්. බලපං... මිනිහට ඉංග්‍රීසි හරියට බැරුව වුණත් දවස් දෙකෙන් තුනෙන් කර ගෙන තියෙන දේවල්. තනියම ගිහිං සිගරැට් අරං; spiritsතුත් අරං ඇවිත්...” අන්නා කුස්සියේ dust bin එකට ඔබා තිබුණු සිගරැට් පැකට්ස් හා හිස් බෝතලයක් මට පෙන්නා හිනැහෙමිනි, ඩැඩා කීවේ!

Trip එකක් යන්නේ නවමු වෙන්නටය; තිරිහන් වෙන්නටය...

කොහොම වෙතත්, ඒ ඉරිදා දහවල් භෝජන සංග්‍රහය රස විඳින වෙලාව එද්දී අනිල් හිටියේ නිඳි සුව විඳිමිනි.
“Let him sleep!” ඩැඩා කිව්වේ, අම්මා අනිල්ව කූද්දන්නට හදද්දීය.

මාව එංගලන්තයේ බින්න බස්සවා ගන්නට, අපේ අම්මා දියත් කළ පළමුවෙනි ප්‍රයත්නය එදා ඒ විදිහට වතුරේ ගියේය!

සඳුදා උදේ, ඩැඩා මාව van එක තිබෙන තැනට ඇරලුවේය. “නිමොල්, උඹට අද මේ painting වැඩේ ඉවර කරගන්න පුළුවන් නේද?”
“ඇයි ඩැඩී...”
“උඹට තව job එකක් අල්ලලා දෙන්න මටත් පුළුවන් වගේ... උඹත් කැමතියිනෙ...” ඩැඩා මටත් ගැඹුර දීලා බලනවා වගේය!

“නිමොල්, මං ලීලට කිව්වේ, උඹව මෙහාට ගෙන්නගෙන proper holiday එකක් උඹට දෙමු කියලයි. You deserve it...” කියලා ඩැඩා මට කියූ බව ‘දහවෙනි කොටසේදී’ මම ලිව්වෙමි.
ඒ කොටස කියවූ Lotus රසිකාවිය එයට මෙවන් comment එකක් එවා තිබිණි.
නිමල්ගෙ ඩැඩා කියලා තියෙන 'holiday' වචනයේ හරිම අදහස අපේ රටවල අය තේරුම් ගන්නවා අඩුයි නේද. ඩැඩාලගෙ රටවල අය කරන්නෙ තමන් කැමති තැනකට හෝ කලින් නොගිය තැනකට ගිහින් ඇවිදලා, හොඳට රිලැක්ස් කරලා, මාසයක් විතර ඉඳලා අවුරුද්දෙ ඉතුරු කාලය මහන්සිවෙලා වැඩ කරන්න refresh and rejuvenate වෙලා එන එක.’

සහතික ඇත්තය! යුරෝපා රටවල උදවිය trip එකක් යන්නේ නවමු වෙන්නටය; නව පණක් ලබා තිරිහන් වෙන්නටය. (අපේ රටවල අයගෙන් නම් සමහරෙකු එහෙම යන්නේ පුරසාරම් කියන්නටය. ඔවුහු දින දෙක තුනක් තුළ- එක සංචාරයකින් පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වාම cover කරති.)

ඩැඩා වැනි විදේශිකයන්ගේ චින්තන රටා ගැන මුලින්ම මට දැනීමක්; අවබෝධයක් ලැබුණේ 1975-76 විතර කාලයේදීය. බෙන්තොට, පිටාරඹ ‘සුසන්ත බතික්’ වැඩපළේ වැඩ කරන කාලයේදීය.
එතකොට අපි කවුරුත් හිතාගෙන හිටියේ touristsලා කියන්නේ ‘නාස්තිකාර සුද්දන්ය’ කියලාය.

‘මුංගෙන් ගණනක් කඩා ගත්තට පව් නෑ නිමල් අයියේ. මුං හම්බ කරන්නේ ඩොලර් පවුම්වලින්නේ. රුපියල්වලින්යැ? / මුං ඒ රටවල හෙණ සල්ලිකාරයෝ වෙන්නැති. නැත්තං කොහොමද ටුවර් එකකට ඇවිත් මෙච්චර වියදම් කරන්නේ?’ වගේ කතන්දරය, ඒ දවස්වල බෙන්තොට පැත්තේ guidesලා නිතරෝම කිව්වේ.
එයාලා බලපත්‍රලාභී සංචාරක මඟ පෙන්වන්නන් නොවේ. වැල්ල දිගේ සැරිසරමින් ‘ෆොරිනර් කෙනෙකුට කොක්ක ගහන්නට බලාගෙන හිටි ගැටවරයන්’ය.

විදෙස් රටවල වත්මන් ජන ජීවිත ගැන කරුණු දැන ගැනීම...
සුසන්ත බතික් එකේම කොටසක, කළුවර ලී කැටයම් කැපිල්ලත් ඉක්මනින්ම පටන් ගැනිණි. එතකොට ඒ වැඩ නරඹන්නට සුද්දන් ආවේ බුරුතු පිටින්ය. ඔවුන් හා කුළුපග වීමට ඉඩ ලැබුණාමය- මං වහන්සේ එයාලා ගැන වැඩිමනත් විස්තර දැන ගත්තේ.

‘මේ ටුවර් එක එන්න අපි සල්ලි එකතු කර ගත්තෙ කාලයක් තිස්සේ. / අපි ලොකු සල්ලිකාරයෝ නෙවෙයි, සාමාන්‍ය රස්සාවල් කරන සාමාන්‍ය මිනිස්සු.’ ඒ වැඩි දෙනෙක් කියූහ.
‘ලොකුම දේ තමයි, Summer එකට අපේ රටක ඇවිදිනවා වගෙම වියදමකින්, මෙහාට ඇවිල්ල යන්නත් පුළුවන් එක!’ (ඒ කතාව නං, 1980 වෙන්නටත් කලින්ම වලංගු නැතිව ගියා වෙන්නැති!)

අපේ ඩැඩා හිතන විදිහත්, එංගලන්තයේ හුඟ දෙනෙකු හිතන විදිහෙන් වෙනස්ය කියලා මට නං පෙනුණේ නැත.

ඒ වැඩි දෙනෙක් ගෙවල්- දොරවල් ගැන පමණට වඩා නොතැකූහ; දරු මුණුබුරු පරම්පරා හත-අටකටම සෑහෙන තරමට වස්තුව වලඳුව ගොඩ ගැහීමේ දොළදුකෙන් ආතුර නොවූවෝ වූහ; එදා දවස ගැන- වැඩිම වෙතොත් ඉදිරි සතිය ගැන විතරක් සිතන්නෝ වූහ!
තණ්හාව ක්ෂය කිරීමේ වටිනාකම; සියල්ල අත් හැරීමේ අගය උගන්වන ධර්මයක් අදහන අපට වඩා, ඒ මිනිසුන් (ඒ අතින්) අල්පේච්ඡය; සරලය.
චතුරාර්‍ය සත්‍යය ගැන නිතරෝම බණ ඇහෙන රටේ- ‘තණ්හාය ජායතී ශෝකෝ’ ගැන අතැඹුලක් සේ දත්තවුන් එමට සිටින රටේ පුරවැසි අපි... අනුන් අතහරින හැම දේම බදා ගන්නෙමු; හැකි උපරිමයෙන්ම ජීවිතය සංකීර්ණ කර ගන්නෙමු! මෝඩකමට බෙහෙත් තිබේද?

අද විදෙස් සංචාරවල යෙදෙන්නන් සිය දහස් ගුණයකින් වැඩිය; සන්නිවේදනය අතිශයන්ම පුළුල් හා කාර්යක්ෂම වෙලාය; විදෙස් රටවල වත්මන් ජන ජීවිත ගැන කරුණු දැන ගැනීම ගොඩාක් පහසුය. ඒත් අතීත කරුණු ලියැවී තිබෙන්නේ අඩුවෙන් වෙන්නැතිය!
එබැවින්දෝ... මේ posts කියවන ආදරණීය රසික- රසිකාවියෝ බොහෝ දෙන ‘ඒ පැරණි විස්තර’ සටහන් කිරීම අගයති; තව තවත් තොරතුරු හා මූලාශ්‍ර සපයති.
එහෙම සහෘදයෙකු මේ link එකත් එවා තිබිණි.
https://edisciplinas.usp.br/pluginfile.php/4434518/mod_resource/content/1/Watching%20the%20English.pdf

ඒ හැම දෙනාටම- හැම දෙනාටම, ඔවුනගේ සහෘද ප්‍රතිචාර වෙනුවෙන් බෙහෙවින් ස්තුතිවන්ත වෙමි!   

ඉතිං... අපේ ඩැඩා හැදුවේ, වැල යන අතට මැස්ස අටවන්නටය.
මට ඕනෑ කරන්නේ, එයා හිතූ විදිහේ
proper holiday එකක් ගත කරන්නට නොවෙයි නං... ඒකට වුණත් මං වහන්සේට උදව් වෙන්නටය.

“මෙච්චර ඉක්මනට තව job එකක්... ඩැඩා කාටද කිව්වේ?”

මම බාධා නොකළෙමි; සාවධානව අසා සිටියෙමි.

“රිටයර්ඩ් වුණත් තාම මට සලකන යාළුවෝ ඉන්නවා නිමොල්. එහෙම කෙනෙකුගේ job එකක්... මේ වැඩේ ඉවර වුණාම ගිහින් බලමුකෝ... ම්... උඹ කොහොමද හවසට ගෙදර එන්නෙ...”

“Don’t වොරි ඩැඩී. අද හවසට අශාන් එනවයි කිව්වා... මම එයත් එක්ක එන්නං.”

Van හිමියාත් එදා සවස අශාන් එනතුරු බලා හිටියේය. ඒ අශාන් ඉදිරිපිටදීම මගේ කුලිය ගෙවන්නටය.
“මෙතන පවුම් හැටක් තියෙනවා නිමල්...”

ඒ මනුස්සයා එතරම් මුදලක් ගෙවතැයි මා සිතුවේ නැත.
“ඔයා විතරක් නෙවෙයි නිමල්, මං හිතුවෙත් නෑ! First job එක හරි ගියා කියන්නේ සෙකන්ඩ්, third එව්වත් හරි කියන එක තමයි.” අශාන් කිව්වේ උද්දාමයෙනි. “මට කමිෂන් එකක් ගන්න තරම් මේක ලොකු amount එකක් නොවෙන එකයි වැඩේ...”

“එහෙනං ඔයාට කරන්න තියෙන්නේ ලොකුවට pay කරන job එකක් මට අල්ලල දෙන එකයි!” කෝන්තර නොකියා සිටිල්ල නුපුරුදු මට කියැවුණේ, නිකංමය.

“එහෙම කරන්න බැරි වෙන එකයි හිතට දුක, නිමල්...” ඔහුගේ සුසුමක්- වා තලයට එකතු වුණේ සැණෙකිනි.
“ඇයි අශාන්... මොකක් හරි අවුලක්ද?”
“නැත්තෙමත් නෑ, නිමල්!” අශාන් කලින් දවසේ කාරය නැවැත්වූ තැනින්ම වාහනය නැවැත්තුවේය. “... ඒත්... ඒත්... නිමල්, එහෙම වෙන්නේ හොඳකටත් එක්ක වගෙයි මට දැනෙන්නෙ.”

“මට තේරෙන්නෙ නෑ!”
“මටත් මුලින් තේරුණේ නෑ. දැන් තේරෙනවා...” අශාන් කියන්නට හදන්නේ මොනවාදැයි මට වැටහුණේ නැත. ඒත් ඒ විත්තිය නොකියා ඉන්න එක වඩා හොඳ බවයි, මට හිතුණේ.
“නිමල්... රෝයි අයියලගෙ ගෙදරදී ඔයාව දැක්ක වෙලාවේ මට ඔයාව දැනුණා... You know what I mean! ඒත් මට තේරෙනවා, මගෙ future එක තියෙන්නේ ඔයා එක්ක නෙවෙයි. Homosexual life එකක් වුණත් responsible විදිහට ගත කරන්න ඕනි නිමල්. එහෙම නොවුණොත්, කාගෙත් ජීවිත අනතුරේ!”

මම බාධා නොකළෙමි; සාවධානව අසා සිටියෙමි.

දිගටම කතා කළේ අශාන්ය. ඒත් එයා එහෙම කළෙත්; කිරා බලමින්- තෝරා ගනිමින් විත්තිය මට පෙනුණේය.
“මං පෙරේදා ඔයාට කිව්වේ. You have something
seductive! ළඟ ඉන්න අයව වැරැද්දකට ඇදල ගන්න ගතියක් ඔයා ළඟ තියෙනව නිමල්. එදා ඔයා මට කිව්ව මතකයිද, ඔයාට ලංකාවේ තුන්හතර දෙනෙක්වම මතක් වුණයි කියලා. Then I realized ඔයා කොච්චර ඩේන්ජරස් guy කෙනෙක්ද කියලා... ඇයි ඔයා කතා නැත්තේ.” අශාන් ඇහුවේ විරාමයක් තියමිනි.

මගේ මතකයේ තදින්ම නිධන්වී තිබෙන; තවමත් පණ ගැහෙන සජීවී රූපාවලියකි...

“අශාන්, ඔයා කැමතිද මං ඇත්තම කියනවට?”

“කියන්න!”
“ඔන්න එහෙනං. මට ලෝබයි... මට ලෝබයි ඔයා කතා කරන මැද්දට පනින්න. මං වැඩියෙන් ආසයි ඔයා කතා කරනකොට අහගෙන ඉන්න. ඒකයි මම කතා නැත්තේ...”

මගෙන් එහෙම කියවුණා විතරය. අශාන්ට කඩි කුලප්පුවක් හැදුණේය. අත් දෙක තදින් මිරිකා ගනිමිනි, එයා කතා කළේ. “නිමල්, නිමල්, නිමල්. අපි car එකෙන් එළියට බැහැල කතා කරමු. ඒක ගොඩක් පරෙස්සං.” ඇසිපිය හෙළන පමාවෙන්, අශාන් කාර් එකෙන් එළියටත් බැහැලා ඉවරය.

මගේ මතකයේ තදින්ම නිධන්වී තිබෙන; තවමත් පණ ගැහෙන සජීවී රූපාවලියකි- මා මෙලෙස වදන්වලට නඟන්නේ. පහසුවෙන්ම එය කළ හැකි වුණත්... එසේ කරන්නට පුංචි ලෝබකමකුත් මට දැනෙයි.

පහුගිය පස් වසර තුළදීත් විටින්-විට මෙවන් අතිශය සංවේදී අත්දැකීම් ඔබ හා බෙදා-හදා ගන්නට මට සිදු විණි. ඊට පස්සේ ඒවායේ ගැබ්වී තිබුණු බොළඳ සුන්දරත්වය යාන්තමින් දියාරු වෙලා ගිහිං වගේවත්ද?

‘තුඩින් තුඩට ගොස් අප ගැන තොරතුරු -
     බොඳ වී යයි ආදරයක ලස්සන
දෙනෙතෙහි හිර වී ඇති තුරු පමණයි -
     අප දෙදෙනාගේ කතාව ලස්සන’ යනුවෙන් නිරංජලා සරෝජිනිය ගැයුවෙත්
මෙවන් අත්දැකීමක් ගැනද?

ඒත් දැන් ආපස්සට හැරෙන්නට බැරි තරම් දුරකට අප ඇවිදින් අහවරය. අපය කිව්වේ ලියන මාත්, කියවන ඔබත්ය. දයාබර පාඨක ඔබ වෙනුවෙන් මගේ ජීවන අන්දරයේ ඉතිරියත් මා අකුරු කළ යුතුමය.
ලියපං නිමල් ලියපං. ලෝබ නැතිව දිගටම ලියපං!
පටන් ගත්තා නං, දිගටම කරගෙන පලයං...

“Please, don’t misunderstand me. ඔයා නොහිතා කියන කරන දේවලින් මිනිස්සු ඇවිස්සෙනවා. මාවත්... මම සැරයකුත් කිව්වේ... මටත් ඔයාගෙන් පරෙස්සම් වෙන්නයි වෙලා තියෙන්නේ. අපේ destiny එකේ ලියවිලා තියෙන්නෙත් ඒකම වගෙයි මට පෙනෙන්නේ. Nimal, listen carefully...

-... ඔයා very innocent වගේ තමයි, but... You are රියලි dangerous! Yes... ඔයා කොච්චර අහිංසකයි වගෙ පෙනුණත් හරිම ඩේන්ජරස් සතෙක් නිමල්. ඔයා ඒන්ජල් කෙනෙක් වගේ ඉපදිච්ච devil කෙනෙක්.”

ඒ හාදයා කිව්වේ මගේ සිතිවිලි සාගරයේත් වරින්-වර රැලි නඟමින්; පෙරළි කරමින් තිබුණු සිතිවිල්ලකි...

අශාන් එහෙම කියද්දී මට තරහක් හිතුණේ නැත. ඒ හාදයා කිව්වේ මගේ සිතිවිලි සාගරයේත් වරින්-වර මතු වෙමින්; යට යමින්; රැලි නඟමින්; පෙරළි කරමින් තිබුණු සිතිවිල්ලකි.

පිටස්තරයෙකු කෙලින්ම ඒ විත්තිය මගේ මුහුණටම පවසන ලද පළමු මොහොත මෙයයි.
ඒ තරමටම මට අවංක වුණු අශාන්ගේ උණුසුමට තුරුලු වීමේ මහා දොළදුකකින් මගේ හිත පිටාර ගලයි. ‘මට අහගෙන ඉන්න ඔයාගේ හිතේ තියෙන සේරම කියන්න’යි ඔහුට ආයාචනය කරන්නට හිතෙයි. ඒ කාමාශක්ත ආශාවක් නොවේ.
ලොකූ hug එකක්; ස්නේහවන්ත තුරුලු කර ගැනීමක්...

ඒත්... එහෙම දෙයක් අප දෙන්නාගෙම ඔක්සිටොක්සින් ශ්‍රාවය වීම උත්තේජනය කරනු ඇති. ඒ මඟින් අප නොහිතන තැනකට අප දෙදෙනාව රැගෙන යන්නටත් ඉඩ තිබේ. අශාන්ටත් මේ විදිහටම හිතෙන්න ඇති; දැනෙන්න ඇති. ‘Car එකෙන් එළියට බසිමු’යි එයා යෝජනා කරන්න ඇත්තෙත් ඒ හින්දාම වෙන්න ඇති!

“නිමල්... මගේ experience එකෙන් මම දන්න විදිහට මේ කියන්නේ. තව කොච්චර දවසක් ඔයා තනියෙන් ඉඳියිද කියල මට සැකයි. මේ වයසේදී... ඔයා මාස හයක්ම එංගලන්තේ ඉන්නනෙ ඇවිත් තියෙන්නේ. ඔයාට මෙහෙදී ගොඩක් පරෙස්සම් වෙන්න වෙයි.”

හිටි අඩියේම අශාන් කතා කරන්නේ සීරියස් විදිහටය. තලත්තෑනි වැඩිමල් සහෝදරයෙකු විදිහටය.
“තේරුණා නේද? ගොඩක් පරෙස්සම් වෙන්න වෙයි. ඔයාට ගොඩක් හිතවත් කෙනෙක් විදිහට මීට පස්සේ මෙහෙම කිට්ටුවෙන් ඉන්නවත් බැරි වෙන නිසයි, යන්න කලින් මේක කියල යන්න හිතුණේ... ආයෙමත් අපි මීට් වෙන එකක් නෑ! ඔයා...”

“ඈ? ඇයි ඒ?” අශාන්ට බාධා කරමින් මට කියැවුණේ නිරායාසයෙනි.
“ඇයි ඒ කියන්න ඉස්සෙල්ලා මේක කියල ඉන්න ඕනි, නිමල්. මේකයි වැදගත්... දැන් මෙහෙ අපි වගේ හෝමෝලා අතරේ...”
à ඊළඟ කොටසට...

39 comments:

  1. මට පේන්නෙ අශාන් උපාසකයගෙ තරම ගැන හොඳටම දැනගෙන වගේ. හැක්..

    ReplyDelete
    Replies
    1. 'බිඳෙන් බිඳෙන් ජලේ- සෙමෙන් පිරෙයි කළේ' කියලනෙ ප්‍රසෝ කියන්නේ!

      Delete
  2. Replies
    1. +++++++ ස්තුතියි ඉයන් මහත්තයෝ +++++++

      Delete
  3. Replies
    1. ***** ගොඩාරියක් ස්තුතියි කසුන්! *****

      Delete
  4. //බැලූ බැල්මටම කෙනෙකුට පෙනෙන අහිංසක; උපාසක නිමල් දිසානායකට යටින් වසන්වී සිටින ‘නසරානි අපතයා’ව කෙනෙකුට ලේසියෙන් පෙනෙන්නේ නැත!//

    මේක තර්කානුකූල නෑ නේද?

    1. ප්‍රසංශාව ලැබුනේ තමන්ගෙ පවුල බලාගෙන ඔවුන් හොඳ තැනකට ගේන්න කරපු උත්සාහය ගැන. ඉතිං අනිල් කියපු දේ ඇත්තනෙ. ප්‍රසිද්ධියේ ප්‍රසංශා ඇහෙනකොට ටිකක් ලැජ්ජා වගේ හිතෙන එක මටත් තියනව. ඒත් මෙතන නිමල්ට හිතෙන්නෙ තමගේ පුද්ගලික ජීවිතය ගැනනෙ. ඒකයි පවුලට කරපු සේවයයි අතර සම්බන්ධයක් නෑනෙ.

    2. මොකක් නිසාද අපතයෙක් වෙන්නෙ?
    (i) සමලිංගිකත්වය නිසාද? එහෙම මතයක් නෑනෙ. ඒකට අකමැති හුඟක් පරණතාලේ අය වුනත් ඒ අය "අපතයන්" කියනවයි කියල මම හිතන්නෙ නෑ.
    (ii) පාර්ට්නර්ස්ල හුඟක් නිසාද? ඒක ඉතින් හැම ලිංගිකත්වෙම අය කරනවනෙ. එහෙම නැත්නම් ඒකට ආසාවෙන්නෙ ඉන්නෙ. වෙන කෙනෙකුට හානියක් නැත්නම් මොකද?

    PS. තව එකක් තියනව. මට නිමල්ගෙ හැම පෝස්ට් එකකටම දිගට කමෙන්ට් කරන්න බැරි නිසා ඒකත් දැන් කියන්නම්:
    නිමල් මොකද මේ පෝස්ට් පාපෝච්චාරණයක් කියන්නෙ? මොකටද ඔයතරම් ගිල්ටි වෙන්නෙ? තමන් ජීවිත කාලෙම හංගගෙන හිටපු දේවල් කියන්න ආසාවක් එක එක ස්වාභාවිකයි. ඒත් ඔය නිමල් කියන දේවලින් බහුතරය ගිල්ටි වෙන්න ඕනෙ දේවල් නෙමෙයි

    ReplyDelete
    Replies
    1. මේ පෝස්ට්ස් කියවන අය විවිධ අත්දැකීම් ඇති, විවෘතව ජීවිතේ දිහා බලන්න පුලුවන් අය නිසා නිමල් මේ තරම් ගිල්ටි වෙන්න ඕනෙ නෑ කියලා මමත් හිතන්නෙ. 'හැඟීම් විරේචනය'කට ලියන්නෙ කියලා නිමල් කලින් ලියලා තිබුනා මතකයි. තමන් ගැන උනත් neutral විදිහට ලිව්වම ඇතිනෙ.

      Delete
    2. ප්‍රා ජේ ට ජිවිතේ ගැන ගිල්ටි හිතෙන්නේ නැතිව කොමෙන්ට් වලින් ලියන්න හිතෙන්නේ නැත්ද?

      Delete
    3. Pra jay මහත්තයෝ, වෙලාව අරං දිග උත්තරයකින්ම ලියන්නං. පරමාදය ගැන අමනාප වෙන්නේ නැහැ නේද.

      Delete
    4. බකුසුතුමෝ, මක්කයි වුණේ?

      Delete
    5. ඔව් Lotus, මේ ලිවීමෙන් භාව විරේචනයකුත් තදින්ම සිදු වෙන බව දැනෙනවා.
      මේ බ්ලොගයේ posts කියවන අය අත්දැකීම් බහුල, පුළුල්ව බලන අය වීම ගැන නං මට තියෙන්නේ පුදුමාකාර සතුටක්!
      මම තව ටිකක් නියුට්‍රල් වෙන්න ඕනි තමයි!!!

      Delete
    6. අජිත් මහතා Pra Jayගෙන් අහල තියෙන ප්‍රශ්නෙට මොකක් කියයිද කියලා මමත් බලාගෙන ඉන්නේ.

      Delete
    7. කමෙන්ට්කරලනං ගිල්ටි හිතිල නෑ ජීවිතේ ගැනවත් වෙන මොනව ගැනවත්.

      ඒත් සමහර කමෙන්ට් ලිව්වට පස්සෙ බයනං හිතිල තියනව බැනුම් අහන්න වෙයි කියල. බැස්ටියංතුමාටත් එහෙම හිතෙන්න ඇතියි කියල මට හිතිල තියනව.

      Delete
    8. නැතුව, නැතුව. "වැට" සහ "සුරුස්" ඒ වගේ වෙලාවට සෑහෙන ප්‍රයෝජනවත්.😉

      Delete
    9. මෙච්චර කාලයක් හිතේ හිර කරගෙන ඉන්නෙම guilt එකක් නිසා තමයි. අපිට පිටින් ඉදලා කියන්න පුලුවන් ඕක එච්චර දෙයක් නෙමේ කියලා..

      ඇත්තටම ඒක හිතේ තියාගෙන ඉන්න කෙනා තමයි ඒක දන්නෙ මට නම් හිතෙන විදියට
      🤔👀

      Delete
    10. නවීන්, නානාත්ත කායා- නානාත්ත සංඥා කියන එඅ මෙතනට ගැළපෙනවද?

      Delete
    11. අනේ මන්දා ඒක නම්.. ඒ අහපු වාක්කිය හරියටම තේරුනෙත් නෑ වගෙ😂

      - නවීන්

      Delete
  5. Pra Jay ලොක්ක... දිග කොමෙන්ට් එකක් දාල තියෙන හන්ද මං වත් වැටක් ගහන්නම්.
    __==++++++++++==__

    ReplyDelete
    Replies
    1. එව්වා යුතුකම් නමී. හැබැයි කොපිරයිට්...?

      Delete
  6. Replies
    1. +++++++++++++ ස්තුතියි බකුසුතුමනි! +++++++++++++

      Delete
  7. "මෙලහකටත් මම මෙයාට ඇප්ලිකේෂන් එකක් දාල ඉවරයි, නිමල් ටිකක් හරි නරක කෙනෙක් නං" නීලියා එහෙම කියනවා. එතකොට අශාන් කියනවා "ඔයා කොච්චර අහිංසකයි වගෙ පෙනුණත් හරිම ඩේන්ජරස් සතෙක් නිමල්". කෙටි කාලීන වාසියක් හෝ සතුටක් වෙනුවෙන් නිමල්ව use කරන්නෙ නැතුව ඒ දෙන්නා එහෙම අවංක වුනු එක හොඳයි කියලා මට හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒ දෙන්න ගැන ඉතා පැහැදිලි චිත්‍රයක් තවමත් මගේ හිතේ තියෙන්නේ එයාලගේ ඍජු බවත්- කෙළින් කතාවත් නිසා කියලයි Lotus මට හිතෙන්නේ. අනෙක උපායශීලී වීම හා තන්වැසි නුවණ.

      Delete
  8. අශාන් ගොඩාක් ඥානවන්තව පරිස්සම් සහගතව කටයුතු කරනා බවක් පෙනේ. එයා නිදිගේ ටයිප් එක (එක සහකරුවෙක්ට සිමා නොවන) මුලින්ම වටහාගෙන ඉන්න බවත් මේ පොස්ට් එකෙන් පෙනෙනවා. එයා කියන්න හදන්නේ මොකක්ද කියා වටහා ගත්තත් ඊළග පොස්ට් එකේ ලියනකම් වැට නොපැන ඉන්නම්
    කොළොම්පුරේ අසංග

    ReplyDelete
    Replies
    1. හොඳමයි අසංග!
      අංජනං දේවින්නාන්සේ අඳුනට වැඩම කරලා වගේ, නියමෙටම.

      Delete
  9. නීලියා කියලා මම යාන්තමට දන්නා කෙනෙක් හිටිය නීස්ඩන් පැත්තේ. - නිදිට යන යන තැන ලව් ස්ටෝරි නේ. මේක ලව් කෝච්චියක් 😀

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ මට සිකුරා ලබල හිටියා වෙන්නැති, අජිත් මහත්තයෝ.
      විල්මන් ජයසිංහ- නීලියා- අශාන්- රෝයි- සුමිත්‍රා- කයිසර් ඔක්කොම නියම නම් නෙවෙයි. ආදේශක නම්.

      Delete
    2. ඒ නීලියා තවම ඉන්නවනම් මේක යවන්න ඕනේ බලන්න. 😀

      Delete
    3. අජිත් මහත්තයෝ, උත්සාහවන්තයන් තමයි ජය ගන්නේ!

      Delete
  10. නිමලෝ නිමලෝ ලෝකෝ

    ReplyDelete
  11. Oh ! If Nelia still needs a naughty boy or a bad boy, I am available lol

    ReplyDelete
  12. Nidi, how come you haven’t written anything about Erin De Selfa and Neri Fernandes in this series? Did you not meet them when you were in UK?

    ReplyDelete
    Replies
    1. මට එයාලව මුණ ගැහුණා නේන්නං. එයාල ගැන ලිව්වා මේ post එකේ. https://nidigepanchathanthare.blogspot.com/2019/10/not-vs-england.html
      මට අනුව නම් ආන්ටි එරීන් යකඩ අම්මණ්ඩි කෙනෙක්! ඇය ඉතා මිත්‍රශීලී විනෝදකාමී කාන්තාවක්. එංගලන්තයේදී ඇති වුණු හැඳිනුම්කම නිසාම, ඔවුන් නිවාඩුවකට ලංකාවට ආව වෙලාවේ Park Road එකේ නිවසට ගොස් ඔවුන්ව හමු වුණාත් එක්ක.

      Delete
  13. අනුර ජිනදාසApril 24, 2023 at 3:07 AM

    ආත්ම විරේචනයේදී ආත්ම විශ්වාසය තියාගෙන ආත්මානුකම්පාව ඉවත්කර ගෙන කටයුතු කළ හැකිනම් ඒක වැදගත් බවයි පේන්නෙ

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම අනුර මහත්තයෝ!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්