“මොකද කරන්නේ? ඔයා අපේ ගෙදර එනවද- නැත්තං මං එහෙ එන්නද?” වැඩි වෙලාවක් යන්න කලින් බන්ටි ඇහුවා.
“ඔයා ඉන්නෙත් නෑදෑ ගෙ..ද..ර..ක නේද? අමුත්තෝ එනවට එයාලා
කැමතිද කියල දන්නෙත් නැ..ති..ව...” මගේ තෙපර බෑවිල්ල ඉවර වෙන්නත් කලින් බන්ටි මගේ
අතකින් අල්ල ගත්තා.
![]() |
හො..ඳ...ට අහගනින්. ඔයා
මගේ යාළුවෙක් තමයි. ඒත් එහෙම වුණයි කියලා මට තව යාළුවො අඳුරගන්න- යාළුවො ආස්සරේ කරන්න... |
“ඇත්තටම?”
“මං මොකටද ඔයාට බොරු කියන්නේ?”
“එ.හෙ.ම නං... ඉතිං...” මගෙන්
එහෙම කියවුණා විතරයි, බන්ටි ඉතිරි හරිය කියපි!
“Let’s go!”
“No Bunty, not now. Tommorow...”
“ඕ කේ... ඕ කේ... ඔයාගේ කැමැත්තක්. එහෙනං හෙට...” ඊට ටිකකට පස්සේ බන්ටි එයාලගෙ
ගෙවල් පාරට හැරුණා. ඒත් එක්කම ප්‍රසාද් අඩියෙන් දෙකෙන් මගේ ළඟ.
“මොනවද
අර බමුණා ඔයා එක්ක අච්චර කියව- කියවා හිටියෙ?”
“කියෙව්වෙද... වෙදර් ෆොර්කාස්ට් එක...” මං කිව්වේ බොහෝම සීරියස් විදිහට. ප්‍රසාද්ගේ
රතු වෙච්ච ඇස්ගෙඩි එළියට පැන්නා.
“මට තේරෙනවා... මට තේරෙනවා. උඹටත් දැන් ඒ බමුණව ලොකු වෙලා තියෙන්නේ, මටත් වැඩිය.”
“ප්‍රසාද්,
මං කාවද ලොකු කර ගන්නේ කියන එක මගේ වැඩක්. Listen – listen very carefully. ඔව්...
හො..ඳ...ට අහගනින්. ඔයා මගේ යාළුවෙක් තමයි. ඒත් එහෙම වුණයි කියලා මට තව යාළුවො
අඳුරගන්න- යාළුවො ආස්සරේ කරන්න ඒක කිසිම බාධාවක් වෙනවට මම කැමති නෑ. කොටින්ම කිසිම
කෙනෙක් මාව ඕනෙවට වඩා controll කරන්න හදනවට මං කැමති නෑ. ප්‍රසාද් දන්නවද? අපේ
අම්මටයි තාත්තටයි වුණත් මාව එහෙම කන්ට්‍රෝල් කරන්න බැරි වුණා!
ඉතිං මහත්තයෝ... ඔයා වුණත් ඕනෑ නැති තරමට මගේ වැඩවලට ඇඟිලි ගහන්න පටන් ගත්තොත්
වෙන්නේ අපේ යාළුකම නැති වෙන එකයි! එහෙම වෙනවට මං කැමතිත් නෑ. හැබැයි...”
ප්‍රසාද්
මොකුත්ම නොකියා උන්නේ අන්ද-මන්ද වෙලා වගෙයි. බස් නැවතුමටම ඇවිල්ලත් එයා හිටියෙ
ගොළු වෙලා.
මට
දුකත් හිතුණා. හැබැයි මං ඒ විත්තිය එයාට පෙන්නුවෙ නෑ. එහෙම පෙන්නන්න යනකොට වෙන්නේ මම
කියපු දේවල්වලට කිසිම බරක් නැතිව යන එක නේද? එහෙමයි මට හිතෙන්නේ...
‘කොහොම
වෙතත් නිමලෝ, මිනිහා තද ඉරිසියාකාරයෙක්. පරෙස්සමෙන්
ප්‍රසාද්ව ආස්සරේ කරන්නේ!’
අවවාදෙට ගොඩක් ස්තුතියි. වැඩිය හිතන්නේ නැතිව වැඩ කරන ප්‍රසාද්ව ආස්සරේ කරන්න ඕනි
හරිම පරිස්සමින්ය කියන එක නං මටත් හිතිලයි තියෙන්නේ.
![]() |
ආදර වදන්වලින් බල්ලන්ගේ හද
ගැස්ම වේගවත් වී ඔවුන් උද්යෝගිමත් වන අතරම, තම අයිතිකරුවා
ඔවුන්ව ආදරයෙන් වැළඳ ගැනීම හෝ තුරුල් කර ගැනීම (Cuddling) සිදු කරන විට... |
ඊළඟ
දවසේ එයාගේ අයනින් ටේබල් එක ළඟට යන්න කලින් අමන් මගේ ළඟට ආවා. කලින් දවසේ කළාටත් වැඩිය
උණුසුම් විදිහට මට hug එකක් දුන්නා. අමන් කොයි තරං කෙයාරින්; අනුන් ගැන තකන
කෙනෙක්ද කියලා මට හිතුණෙ එතකොටයි.
ඒත්
එක්කම මට කල්පනා වුණේ මගේ රහසිගත විශ්වයේ
සිය ගණනාවක් වූ සහකරුවන් ගැන. ඒ සමහරුන්ට තිබුණේ පුදුමාකාර හදිසියක්- (කොලු බාසාවෙන් කියනවා නං) ‘වතුර ටික
යවාගන්න හදිසියක්!’ එහෙව් අයගෙන් මොන හග්ස්ද... මොන පූර්ව රමණ ප්‍රවේශයන්ද?
ඒ
ගොඩට නොවැටෙන; තදින්ම මාව වැළඳ ගත්ත අය වුණත් එහෙම කළේ අප තනි වුණු වෙලාවක; පේන
තෙක් මානයේ කිසිම ප්‍රාණියෙක් නැති බව සහතික වෙලාවක විතරයි.
සමහරුන් එහෙම කළේ සෙනෙහස නිසා නෙවෙයි- රමණයේ කූටප්‍රාප්තිය වෙලාවේ දැනෙන ආවේගය පිට
කරන්නයි කියලත් මං තේරුම් අරගෙන හිටියෙ.
ඒ නිසාමයි මට අමන්ගේ හග් එක මහමෙරක් තරමට දැනුණේ.
යම්
තරමකට හරි එහෙම සෙනෙහසක් උරුම වෙන්නේ වාසනාවටයි!
ඔයාලා දන්නවද ‘සුනඛ සුරතලුන්’ පවා ආදරණීය ප්‍රකාශ නිසා අමන්දානන්දයට පත් වෙන බව.
‘... මෑතකදී සිදු කරන ලද විද්‍යාත්මක අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ
අප සිතනවාටත් වඩා ප්‍රබල ලෙස බල්ලන් අපගේ ආදරයට ප්‍රතිචාර දක්වන බවයි. මෙම පර්යේෂණයට
අනුව, සුනඛයෙකුගේ අයිතිකරුවා ඔවුන් දෙස බලා "I love you" එසේත් නොමැතිනම් "මම ඔයාට ආදරෙයි" යනුවෙන් පැවසූ විට,
එම සත්වයාගේ හද ගැස්ම 46% කින් පමණ ක්ෂණිකව ඉහළ යන බව සොයාගෙන තිබේ.
මෙය හුදෙක් ශබ්දයක් ඇසීම නිසා සිදුවන දෙයක් නොව, ඔවුන් හා
තම ස්වාමියා අතර ඇති දැඩි ආත්මීය බැඳීම නිසා ඇතිවන ප්‍රීතිමත් උද්දීපනයක් බව විද්‍යාඥයින් පෙන්වා දෙයි...
... මෙම පර්යේෂණය මගින් තවත් අපූරු
කරුණක් අනාවරණය වී ඇත. ආදර වදන්වලින් බල්ලන්ගේ හද ගැස්ම වේගවත් වී ඔවුන් උද්යෝගිමත්
වන අතරම, තම අයිතිකරුවා ඔවුන්ව ආදරයෙන් වැළඳ ගැනීම හෝ තුරුල් කර ගැනීම (Cuddling)
සිදු කරන විට ඔවුන්ගේ හද ගැස්ම 23% කින් පමණ පහත වැටෙන බව සොයාගෙන
තිබේ. මෙයින් අදහස් වන්නේ ස්වාමියාගේ ස්පර්ශය මගින් ඔවුන්ට විශාල ආරක්ෂාවක් සහ සැනසීමක්
දැනෙන බවයි. වචනවලින් ඔවුන්ව සතුටු කරවන අතරම, ස්පර්ශය මගින්
ඔවුන්ව සන්සුන් කිරීමට මිනිසුන්ට හැකියාව ඇත...
![]() |
හැමෝටම පේන්න බොහොම
ආදරෙන් උඹව බදා ගත්තේ! |
නිමල් දිසානායක කියන දෙපා සතාත් ඒ විශ්වීය භාෂාව හොඳටම තේරුම් ගන්න ඇහැකි සතෙක්ය කියන විත්තියත් මෙතැනදී කියන්නම වෙනවා; හොඳේ.
එදා
හවස තේ වෙලාවේ මං ප්‍රසාද්ට කිව්වා ‘වැඩ ඉවර වී යාළුවෙකුගෙ ගෙදර යන විත්තිය’.
එක විඩේම එයාගේ කටෙන් පැන්නේ ප්‍රශ්නයක්. “කවුද යාළුවා...” ඒත් ඒ එක්කම ප්‍රසාද්ට
මතක් වෙන්නැති කලින් දවසේ මං කියපු දේ. “සොරි ෆ්‍රෙන්ඩ්! මම ඇහුවේ අයිති නැති ප්‍රශ්නයක්
නේද...”
“හොඳ
ළමයා. එහෙම තමයි හැදෙන්න පුළුවන්. වැරද්දක් වෙච්ච ගමන් තමන්ටම ඒක තේරුම් යනවා
කියන්නේ නුවණක්කාරකමක් ප්‍රසාද්. අනෙක් වැදගත්ම දේ සොරි කීම. වැරද්දක් වුණාම ඒක
පිළිඅරන් ‘කනගාටුයි කියල හරි- සමා වෙන්න කියල හරි’ කියන්න කෙනෙකුට ගොඩක් guts
තියෙන්න ඕනෑ. ඒත් අනේ- හුඟක් අයට ඒ ගට්ස් නැහැනේ! ඔයාට ඒ ගට්ස් තියෙන එක නං ලොකු
දෙයක්.”
“අද
උදෙත් එහෙම ගොඩක් ගට්ස් තියෙන එක්කෙනෙක් වැඩට ආපු ගමන් හැමෝටම පේන්න බොහොම ආදරෙන්
උඹව බදා ගත්තේ. ඒකවත් අහන්න හොඳ නෑ කියල හිතාගෙන හිටියත්... මගේ කටෙන් මේ ඕන නැති
ප්‍රශ්නයක් පැන්නනේ...” ප්‍රසාද් කිව්වේ පසුතැවිලි හඬින්- බිමට රවාගෙන.
‘ඒක නං නිදැල්ලේ යන්න අරින්න ඕනි පන්දුවක් නිමලෝ.’ චිත්තයා ඒ සැණෙන් මට එහෙම කිව්ව
නිසා මං කළේ මුනි වත රකින එක.
යමක්
තේරුම් ගන්න ටිකාක් හරි ලේසි වෙතත්, ඒකට අනුව වැඩ කරන එක නං එච්චර ලේසි නෑ. ඒ
විත්තිය තවත් තහවුරු වුණා එදා හැන්දෑවෙ ප්‍රසාද් කළ දෙයින්... අපි; බන්ටියි මායි එයාලගෙ
ගෙදරට යන්න පිටත් වෙනකොට ප්‍රසාද් පෙනෙන්න හිටියෙ නෑ.
ඒත් ටික දුරක් ගියාම මට දැනෙන්න ගත්තා කවුරු හරි අපේ පස්සෙන් එනවයි කියලා. වතාවක්
හැරිලා බලද්දී මං දැක්කේ ඈතින් එන ප්‍රසාද්.
ඒත් මං ඒ විත්තියක් බන්ටිට ඇඟෙව්වේ නෑ.
![]() |
දවසක් (බල්නූර් කිව්ව නිසා)
මගේ ළඟ තිබුණු පරණ ෆොටෝ කිහිපයක් මං ෆැක්ටරියට ගෙනිච්චා. (වමේ සිට- නිදි, ඒකනායක,
අතුල මල්ලී, කුමුදුලාල්, ජගත්, සුරංගව වඩාගත් මානෙල්, සමන්ති හා සුසන්ත) |
තඩි සෝපාවක මාව ඉන්දවලා ගෙට ගිය බන්ටි ආපහු ආවේ වියපත් මහිලාවක් එක්ක...
‘මාලිගාවටම
ගැලපෙන සයිස් එකේ!’
ඇවිද ගන්නත් බැරි තරමට මහත ඒ කුලාංගනාව දැක්ක ගමන් මට පහළ වුණේ එහෙම සිතුවිල්ලක්. ඒ
මනුස්සය නියමෙට හිනා වෙන්න නං දැනගෙන උන්නා. ඒත් ඉංග්‍රීසි කතා කළේ නෑ. එයාව
අඳුන්නලා දීලා බන්ටි මාව එයාගේ room එකට කැන්දාගෙන ගියා. ඒකත් නිකංම නිකං රූම්
එකක් නෙවෙයි, භවනක්!
“ඉන්දියාවේදී
ගත්ත අපේ foto ටිකක් ඔයාට පෙන්නන්නද?”
“බලමු... බලමු...”
පුංචි foto ඇල්බම් එකේ තිබුණු ෆොටෝස් සේරම ගැන බන්ටි මට කියා දුන්නා. ඒවයෙනුත් වෑස්සුණේ
එයාලගෙ උදාරම්කම. මට එහෙම හිතුණෙ ‘බන්ටිලා බ්‍රාහ්මණයන්ය’ කියලා දැනගෙන හිටි නිසාවත්ද?
දෙයියෝ
සාක්කි!
මෙයා මේ හදන්නේ එයාලගෙ මහේශාක්‍යකම මටත් ඒත්තු ගන්වන්නවත්ද? ප්‍රසාද් කිව්වෙත් බන්ටිලගේ
අහංකාරකම ඒ වගෙයි කියලනේ. මට අහම්බෙන් වගේ එහෙම හිතුණෙ නිකංමමත් නෙවෙයි.
දවසක් (බල්නූර් කිව්ව නිසා) මගේ ළඟ තිබුණු පරණ ෆොටෝ කිහිපයක් මං ෆැක්ටරියට
ගෙනිච්චා. බන්ටිත් ඒවා බැලුවා. ඒ හැම එකක්ම අපේ සරලකම- අහිංසකකම පෙන්නුවා මිසක් විභූතිමත්කමක්
කියාපෑවේ නෑ. එතකොට මේ යක්ෂයාට හිතුණාවත්ද මාව ගෙදරටම එක්කගෙන ඇවිත් මෙහෙම show එකක්
දාන්න.
‘සිතේ
ඇතිදේ කවුද දන්නේ
කියන්නට
විමසා-
සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා’ බෙග් මාස්ටර් චිත්‍රපට ගීතයකිනුත් කියල
තියෙන්නේ...
තරමක
පැකිළීමකින් වුණත් කියන්න ඕනිනේ මං අනුමාන කරගෙන ආවෙත් ප්‍රසාද් හිතුව දේමයි.
කාමුක අභිප්‍රාවකින් බන්ටි මාව එහාට එක්කං ගියා කියලයි මං හිතුවේ. එහෙම වෙලාවලදී
ඉස්සර නොවී ඉන්න එකයි හුඟක් අවස්ථාවලදී මගේ විදිහ. අනෙක ඉඟියකින් හරි එයාට දිරි දෙන්න
ඕනයි කියලත් මට හිතුණෙ නෑ... බන්ටි මං කැමති ටයිප් එකේ කෙනෙකුත් නෙවෙයිනේ.
‘කමක් නෑ! කලබල නොවී ඉඳලා බලමුකො මොකද වෙන්නේ කියලා.’
“දැන්
ඉතිං ඔයාට මාව විශ්වාස ඇතිනේ- නේද?”
“ඒ මොකද බන්ටි එහෙම කිව්වේ?”
“උඹට මාව විශ්වාස නැති හින්දනේ, මම උඹලගෙ ගෙදර එන්නං කිව්වම අකමැති වුණේ. ඒකයි මට
හිතුණෙ ඔයාව මෙහාට එක්ක ඇවිල්ලම පෙන්නන්න, මම ප්‍රසාද්ල වගේ හොරෙන් එංගලන්තෙට
ඇවිත් ඉන්න; යන්න එන්න තැනක් නැති අපතයෙක් නෙවෙයි කියලා...”
“ඒ උඹ හිතපු හැටිනෙ බන්ටි. මම නං එහෙම හිතුවේ නෑ...”
![]() |
ආයෙමත් නං ඔහොම දේවල් කළොත්... |
“දැන්වත් උඹට මාව විශ්වාස නං, හෙට අනිද්දාම දවසක මාව උඹලගෙ ගෙදරට එක්කගෙන පලයංකො...”
මොන
මඟුලක්ද මංදා මේ යක්ෂයා කියන්නේ? මොකටද එයාට මේ තරමටම අපේ ගෙදරට එන්න ඕනි වෙලා
තියෙන්නේ? Bus Stop එකට එනකල්මත් මං කල්පනා කළේ ඒ ගැන. ඒ කල්පනාව බිඳුණේ ප්‍රසාද්
එතැනට කඩාපාත් වුණාමයි.
“මේ
මොකද මේ?” මං ඇහුවේ පුදුමයෙන්.
“අපි එහෙම තමයි...” ප්‍රසාද් කිව්වේ උරහිස් දෙක හොඳට දිග ඇරලා අත් දෙක දෙපැත්තට
විහිදවන ගමන්. “මගේ හිතට වැදුනු කෙනෙක් ගැන මං හොයා බලනවා.”
“චී චී ප්‍රසාද්, මේක නං හොයා බැලිල්ලක් නෙවෙයි. ඔත්තු බැලිල්ලක්... ඇත්තටම මට
තරහයි- ඔයා මෙහෙම කරනවට.”
“Very
සොරි ඩියර්... ආදරේටනේ... තරහයි නං මට දෙකක් ගහපං... හාද?” අඩි හයක් විතර උස දීඝජන්තු
ප්‍රසාද් ටිකක් නැමිලා එයාගේ උරහිස පෑවා. ගහපං කිව්වට ගහන්නයැ ඉතිං.
(ඒ වගේමයි-ආදරේ කරද්දියි, යුද්ධ කරද්දියි කරන ඕනිම දෙයක් සාධාරණයි කියලත් කියනවනේ.
‘ඔතන තියෙන්නේ ආදරේද නැත්තං sexද?’
ඒකට උත්තර නොසොයා මං ප්‍රසාද්ට උත්තර දුන්නා.)
“ඔන්න
ප්‍රසාද් අන්තිම වතාවටයි මම ඔයාට සමාව දෙන්නේ... ආයෙමත් නං ඔහොම දේවල් කළොත්...”
“ආයෙමත් මම එහෙම කළොත් මගේ ඇඳුම් ඔක්කොම ගලවලා මාව fully naked කරලා...”
“Is that the way you like...” මං ඇහුවේ ලතාවකට; ඒ හාදයව ඇවිස්සෙන විදිහේ ටෝන් එකකින්... (‘හස්කි
වොයිස්- husky voice’ එකකින් කතා කරනවයි කියන්නේ එහෙම
කාමුක tone එකකින් කතා කරනකොටද?) මීට කාලෙකට ඉස්සරින්ම මං ඔයාලට කියල තියෙනවනේ මං
වහන්සේ ඒ සාස්තරේ
ප්‍රායෝගිකවම
අත්හදා බලලා කෙළ
පැමිණිච්ච නසරානියෙක් විත්තිය.
ඒත්
අපි දෙන්නට ඒ ශෘංගාරාත්මක සංවාදය එතනින් නවත්තන්න වුණේ බස් එකක් එනවා පෙනුණාම.
සංවාදය
අතරමඟින් නැවැත්තුවා වුණාට ප්‍රසාද් නෙවෙයි පසුබැස්සේ. එයාත් බස් එකට නැංගා. මට
නිච්චි නැතිවයි හිටියෙ වෙනදට වැඩිය රෑ වෙලා විත්තියත්, ඒ නිසා බස් එකේ ඉන්න කට්ටිය
අඩු විත්තියත්. කලින් දවසේ වගේ එදාත් ඩබල් ඩෙකර් බස් එකේ උඩ තට්ටුව ගොඩාරියක් හිස්වයි
තිබ්බේ. එකම සීට් එකක මගේ ඇඟටම තෙරපීගෙන වාඩි වුණු ප්‍රසාද් වැඩිය පරක්කු නොවී මගේ අත එයාගේ කර
ගත්තා.
ඒ විතරක් නෙවෙයි, එයාගේ අතත් මගේ කලිසමේ ගොල්ෆිය උඩින් තියලා ඒ ඉසව්වත් බද්දට ගත්තා.
ඒ
වෙලාවේ මං ඇස්දෙක පියා ගත්තා. පියාගෙන හිතා ගත්තා...
ඉතිරි හරිය ඉතා ඉක්මනින්...





No comments:
Post a Comment