අකුරු මැකී නෑ

Monday, March 9, 2026

හතලිහේදී... තිස්අටවෙනි කොටස

ඔයාලට පුදුම හිතෙයි ‘1994 දෙසැම්බර් 25 වෙනිදා සවුත්හෝල් බස් නැවතුමේ පට්ට හීතලෙන් ගල් ගැහි-ගැහී උන්නු විත්තිය’ පළමුවෙනි වතාවට ඉතාම ලුහුඬින් මං කිව්වේ 2018 සැප්තැම්බර් 20 වෙනිදා publish කළ ‘රැජන Colombo එයි- 3 කොටසෙදි’ බව සඳහන් කෙරුවාම... පේනව නේද ඒක විස්තර ඇතුව කියන්න බලාගෙන ඉන්න වුණු කාලයක තරම!

මොකද- කොයි දේටත් සුදුසු කාලයක් හා සුදුසු තැනක් තියෙන බව නොසලකා හරින්න බැහැනෙ. යුද්දෙකටත් සුදුසු කාලයක් තියෙනවද? සුදුසු තැනක්... කලාපයක්...

හැකිතාක් ඉක්මනින් යුද ගිනි නිවිලා...

මැද පෙරදිගින් ලෝකෙටම යුද ගිනි ඇවිලෙයිද- මොන නස්පැත්තියක් සිද්ද වෙයිද කියන විචිකිච්ඡාවෙන් දැවෙන අතරෙයි මං වහන්සේ මේ post එක ලිව්වේ... ඊළඟ කොටස ලියන්න වෙන්නෙත් ඒ හැඟීම්වලින් ආතුර වෙලා ඉන්දැද්දී වගෙයි. හැකිතාක් ඉක්මනින් යුද ගිනි නිවිලා- සාමය පැතිරේවා කියලයි මං ප්‍රාර්ථනා කරන්නේ. ඔයාලගේ පැතුමත් ඒකම නේද?

හැම දෙයක් දිහාම සුබවාදීව බලන්න පුරුදු වෙලා ඉන්න මං වහන්සේගේ හිතත් මේ දවස්වල නං චාන් චඃ වෙලයි තියෙන්නේ. මොකද සුබවාදී නොවන අනාගත විග්‍රහ- විශ්ලේෂණ තමයි බලන බලන පැත්තේ තියෙන්නේ. එහෙමත් එකක් තමයි සමබර විදිහට ඉදිරිපත් කෙරිලා තියෙනවයි කියලා මට හිතෙන්නේ...
සාගර දියගම මහතා පළකොට තිබූ
එවන් විග්‍රහයකින් අංශු මාත්‍රයක් මේ:
‘... "ඉරානය වැනි රටක ජනතාව මෙවැනි ප්රහාර හමුවේ පලා නොයන්නේ ඇයි?"

ඓතිහාසිකව පර්සියානු ශිෂ්ටාචාරය විවිධ ආක්රමණ හමුවේ නොසැලී සිටි ආකාරය සහ ඔවුන්ගේ සංස්කෘතික බැඳීම, බාහිර බලපෑම් හමුවේ ජනතාව තවදුරටත් එක්සත් වීමට හේතු වී ඇත. ඇමරිකානු විදේශ ප්රතිපත්තියේ ඇති විශාලතම ගැටළුව වන්නේ, ඔවුන්ගේ අත්දැකීම් අනෙකුත් සංස්කෘතීන් මත බලහත්කාරයෙන් පැටවීමට උත්සාහ කිරීමයි. ඉරානය වැනි රටක ජනතාව ඔවුන්ගේ නායකයාගේ මරණය දෙස බලන්නේ ඇමරිකාව ඒ දෙස බලන ආකාරයට නොවේ. ඔවුන්ට ඔහු 'පූජනීය දිවි පිදූවෙක්' වේ.

මැක්ග්රෙගර් සඳහන් කරන පරිදි, බෝම්බ දමා ශිෂ්ටාචාරයන් යටපත් කළ නොහැක. ඊශ්රායලය 'පෙරමුණු හතක' සටන් කිරීමේ උත්සාහය, යුක්රේන යුද්ධයේදී රුසියාවට මුහුණ දීමට සිදු වූ අභියෝග වලට සමානය. සම්පත් ක්ෂය වීම සහ ජාත්යන්තර හුදකලාව තුළ, ඕනෑම රාජ්යයකට දිගු කාලීනව පැවතීම අපහසුය. ඉදිරි කාලසීමාව තුළ මෙම යුද්ධය අවසන් කිරීමට ඇමරිකාව හෝ ඊශ්රායලය උත්සාහ කරනු ඇත. නමුත් එය ඉතා දුෂ්කර කාර්යයක් වනු ඇත. මැක්ග්රෙගර්ගේ පුරෝකථනය අනුව, අවසානයේදී සිදුවිය හැකි වන්නේ ඇමරිකානු හමුදා වලට මැදපෙරදිගින් ඉවත් වීමට සිදුවීමයි.

අවසාන වශයෙන් අප සිතිය යුත්තේ කුමක්ද? අප මේ දකින්නේ පැරණි ලෝක රටාව අවසන් වී නව ලෝක රටාවක් බිහිවීමේ වේදනාකාරී ප්රසූතියයි. වොෂින්ටනය කේන්ද්ර කරගත් ලෝක පාලනය වෙනුවට ආසියාව සහ යුරේසියාව කේන්ද්ර කරගත් බල තුලනයක් බිහි වෙමින් පවතී. ඉතිහාසය අපට කියා දෙන්නේ, කිසිම අධිරාජ්යයක් සදාකාලික නොවන බව. අද මැදපෙරදිග සිදුවන දේ දෙස බැලීමේදී එය අපට දෙන පණිවිඩය වන්නේ, "ලෝකය වෙනස් වෙමින් පවතී." එය වෙනස් වන්නේ අප බලාපොරොත්තු වූ ආකාරයට නොව, භූ-දේශපාලනික බලපෑම් සහ ශිෂ්ටාචාරවල නැගී සිටීම මතයි.’

මැක්ග්රෙගර් සඳහන් කරන පරිදි, බෝම්බ දමා ශිෂ්ටාචාරයන් යටපත් කළ නොහැක.

‘පැරණි ලෝක රටාව අවසන් වී නව ලෝක රටාවක් බිහි වීමේ වේදනාකාරී ප්‍රසූතිය’ මොන තරං බිහිසුණු වෙයිද- මොන තරං වේදනාකාරී වෙයිද- ලෝකවාසී කාට කාටත් මොන තරං රිදවනසුලු වෙයිද කියන එකයි ප්‍රශ්නේ...

ඔයාලා දන්නවද, මොන කරදර- හිරිහැර- හිත රිදවන සිදුවීම් සිද්ද වුණත් මං වහන්සේට නං ඇහැකියි ඒවා විඳ දරා ගන්නත්. එහෙම වෙලාවට නිදි පුරුදු වෙලා ඉන්නේ මෙන්න මේවායින් එකක් කරන්නයි:
1. නිඳා ගන්න. (ඇයි හිනා වෙන්නේ? මේ කියන්නේ මං ගැනනෙ. හුඟක් අයට කරදරයක් ආවාම නිඳා ගන්න බැරිලු. මට නං එහෙම වෙලාවකත් හොඳට නින්ද යනවා.)
2. හොඳට කඳුළු වක්කරලා ඒ දුක්බර- කරදර හැඟීම් හෝදලා අරින්න.
3. හොඳ පොතක් කියවන්න. එහෙමත් නැත්තං හොඳ film එකක් බලන්න.

ඉතිං 1994 නත්තල් දවසේ හවස සවුත්හෝල් බස් නැවතුමට එනකොටත් මගේ හිත සවුත්තු වෙලයි තිබුණේ.

බයයි සැකයයි හිංදා මං ප්‍රසාද්ගේ බෝඩිම් කාමරයෙන් පැනලා ආව බව ඇත්ත. ඒත් මගෙ හිතේ එක කොටසක් මං එහෙම පිට වෙලා ආව එක ගැන මැසිවිලි නඟමින් තිබ්බේ. ඇත්තම කියතොත්, ප්‍රසාද්ට මාව ඕනි වුණා වගේම මටත් තදින්ම එයාව ඕනි වෙලයි තිබුණේ. අවුරුදු දොළහේ ඉඳලා විඳින්නට පුරුදු වෙලා හිටි ‘පහස’ක් අත් නොවිඳ මාස පහක් ‘සිල් රකිමින්’ ඉන්න එක වුණත් දුෂ්කර ක්‍රියාවක් නෙවෙයිද?

ඒ ගැන කල්පනා වෙන එකෙන් බේරෙන්නයි මට එවෙලේ උවමනා වුණේ. ටිකකට කලින් මං කියපු කාරණා තුනෙන් තෙවෙනි එක තමයි මට ඒ වෙලාවේ කළ හැකිව තිබ්බ එකම දේ. පොතක් කියවන එක!

හැමදාම වැඩට යනකොට වුණත් bag එකට පොතක් දමාගෙන යන්නයි මං පුරුදු වෙලා උන්නේ. එතැනදී මට වාසියට හිටියෙ අපේ ඩැඩාගෙ Reader’s Digest සඟරා. ඩැඩා රීඩර්ස් ඩයිජස්ට් දායකයෙක්. එයාගේ ළඟ ඉතිරි වෙලා තිබුණු සඟරාවල් මට තමයි ගොඩාරියක් ප්‍රයෝජනවත් වුණේ.
ඉතිං, එදා බෑග් එකේ තිබුණු සඟරාවේ ලිපියක් තමයි බස් එක එනතුරු මං කියෙව්වේ.

එදා ගැන මං නිදිගෙ පංච තන්තරේට 2018 අවුරුද්දෙදී ලිව්වත් එක්ක... මෙහෙම:

‘...1994 දෙසැම්බර් 25 වෙනිදා; නත්තල් දවස මට සදානුස්මරණීය දවසකි. එදා මා උන්නේ එංගලන්තයේ, සවුත්හෝල් පෙදෙසේ බස් නැවතුමක, ‘black ice’ මිදෙන සීතලෙන් ගල් වෙමිනි.

හැම අත්දැකීමක්ම පසුව මතක් කරද්දී මිහිරක් දනවයි. (Foto- මහේෂ් ජයරත්න)

එංගලන්තය වැනි රටවල නත්තල් දවසේ පාර හොඳටම පාලුය, බස් ගමනත් අඩුය. අර පට්ට සීතලේ ගැහෙමින් හිටි මා උණුසුම් කළේ ‘රීඩර්ස් ඩයිජස්ට්’ සඟරාවේ තිබුණු ලිපියකි. ‘සතුට කියන්නේ කුමකටද?’ වැනි මාතෘකාවකිනි, ඒ ලිපිය තිබ්බේ.

ඒ ලිපියේ අරටුව; හරය මට ජීවිත කාලයටම අමතක නොවන්නකි. එය එතරම්ම අරුත්බරය.

රසම කෑමක් ගන්න. නැරඹූ චිත්‍රපටයක්, තැනක් ගන්න. කියවූ පොතක්, බැලූ නාට්‍යයක්... ඒ හැම විටකම අපි යම් තෘප්තියක් ලබමු. එහෙත් පසුව ඒ ගැන මෙනෙහි කිරීමේදී පළමු සතුටට වැඩි යමක් නොවිඳිමුද? හැම අත්දැකීමක්ම පසුව මතක් කරද්දී මිහිරක් දනවයි.

කොතරම් කටුක අත්දැකීමකදී වුණත් මේ ධර්මතාව පොදු බව ඒ ලිපියෙන් කියැවිණි. ඒ අත්දැකීම කටුක නම්, දුෂ්කර නම්, අමිහිරි නම් එය සිහි කිරීම වඩාත් ආනන්දජනකය. මා ගැන නම් එය ඇත්තකි. අතීතය මෙනෙහි කිරීම කොතරම් චමත්කාරජනකද; විස්මිතද; සදානුස්මරණීයද? සතුට යනු එය නොවේද?...’

මගේ ‘ලේඛන රටාව’ ගැන රහසක් හෙළිදරව් කරන්නටත් ඒ උපුටනය උදව් කර ගන්නයි මේ හදන්නේ. පහුගිය ටිකේ ‘හතලිහේදී’ posts ගණනාවකින් කියපු දේවල් එදා; (බ්ලොගය ලියන්න පටන් ගෙන මාස පහකින්) මං කිව්වේ ‘සදානුස්මරණීය’ කියන තනි වචනයෙන්. (ඒ දවස්වල මේ දිසානායකයා හීන් සීරුවේ එහෙන්- මෙහෙන් මුට්ටිය දදා බලමින් නෙව උන්නේ.) කොහොමද දිසානායකගෙ ටිකිරි මොළේ?

අනිවාර්යයෙන්ම එහෙම උපායශීලී වෙන්නයි මට සිද්ද වෙලා තිබුණේ. ඒ, මේ සිදුවීම්වලට සම්බන්ධ අනෙක් අයගේ අනන්‍යතාව හෙළි නොවෙන විදිහට පරෙස්සම් වෙමින් ‘මගේ කතන්දරය’ ආදරණීය ඔබලාට කියන්නට සිදු වී තිබුණු නිසයි.

ඒ ඇයිදැයි කියතොත්...
මේ සිද්දි ගොඩකට සම්බන්ධ උදවිය හොරෙන් එංගලන්තයට සංක්‍රමණය වෙලා උන්නු උදවියනෙ; එහෙම නැත්තං සංචාරක වීසා යටතේ එහාට ආව උදවියනෙ- එයාලට work permit නැති නිසා ‘වැටුප් ලබන රස්සාවල් විතරක් නෙවෙයි- වැටුප් නොලබන රස්සාවක් වුණත් කරන්න තහනම්’ වෙලයි තිබ්බේ.
මාව වැටිලා තිබ්බෙත් ඒ ගොඩටමයි!

“ක්‍රිස්මස් දවසේ උඹ හොඳටම බය වුණා නේද? අපේ බූරු රූමාට මම කියල තිබ්බේ හවස් වෙනකල් කාමරේට එන්න එපැයි කියලා. ඌ ඇවිත් තියෙන්නේ මම කාවද room එකට එක්කරගෙන එන්නේ කියල බලා ගන්න... රියලි සොරි friend...” නත්තලෙන් පස්සේ ප්‍රසාද් කිව්වා. “... අපරාදේ! ඒකෙන් වුණේ අපි දෙන්නට හොඳ fun එකක් ගන්න තිබිච්ච chance එකක් මිස් වෙන එකයි...”

ඔයා ආපහු ආවාම වරුවක්ම කුරුලු තොරණ් ඉන්නයි මම බලාගෙන ඉන්නේ.

ප්‍රසාද් මොකාටද එන්න හදන්නෙ කියලා තේරුම් අරගෙන හිටිය මට ඒ වෙලාවේ නං ඇති වුණේ කේන්තියක්. ඒත් ඒ එක්කම මට කල්පනා වුණා ඒ කේන්තිය එළියට දැමිල්ලෙන් කිසිම සුගතියක් සිද්ද නොවෙන විත්තියත්.

‘ඔව් හලෝ. මේ වෙලාවේ තරහ පෙන්නනවට වැඩිය නුවණක්කාරයි නිකං ඉන්න එක... තමුසෙ මෙහෙ ඉන්නෙත් තව මාසයයිනේ... ඒ දවස් ටිකට නයා මරන්නෙත් නැතිව- පොල්ල කඩා ගන්නෙත් නැතිව ඉන්න තමුසෙට ඇහැකියිනෙ...’

“හ්ම්!”
“මොකද හ්ම් කියන්නේ? උඹ තවම මාත් එක්ක upset එකෙන් නේද ඉන්නේ?”
”අප්සට් නොවී කොහොමද... මදැයි සති ගණනාවක් බලාගෙන ඉඳල ඉඳලා එහාට ගියා...” මං කිව්වේ චාටු කතාවක්. මෙහෙම බොරුකාරයන්ට එහෙම තමයි සලකන්න ඕනේ.

“සොරි friend! දන්නවද- උඹ වගේම මමත් ගොඩාක් ඩිසපොයින්ටඩ් වුණා වෙච්ච දෙයින්... ඉක්මනටම මං ආයෙමත් දවසක් set කර ගන්නංකො, නිමල්.”
මං ඔළුව වැනුවා. එහෙම මූණිච්ඡාවට රඟන එක මට හරිම නුහුරු දෙයක්. ඒත් මං මාසයක විතර කාලයක් ඒ කාරිය කළා- ප්‍රසාද්ගෙන් පළිගැනීමක් විදිහට!

ඒ දවස්වල මං හිතාමතාම අමන් එක්ක වැඩිපුර කතාවට වැටුණා- බල්නූර් එක්කත්. (එහෙම කළේ බන්ටිටත්, ප්‍රසාද්ටත් දැනෙන්නමයි.) හැබැයි අමන්, බල්නූර් දෙන්නටවත් කිව්වේ නෑ- මං ආපහු ලංකාවට යන්න ලැහැස්ති වෙන බවක්.  

“ඔයා කවද්ද ආපහු එන්නේ?” නයනානන්ද ඒ අතරේ අහල එවලා තිබුණා. “... හරියටම ලංකාවට එන දවස කවදද කියල මටවත් කියන්නැද්ද හලෝ. අනිත් අයට නොකිව්වට කමක් නෑ. මට විතරක්වත් ලියල එවනවා. මම ඒක පත්තරේට දාන්නෑ. කාටවත් කියන්නෙත් නැතිව ඉන්නං.
එහෙම කියලත් මාව විශ්වාස නැත්තං කියන්න එපා. මම ඉතිං දන්නවනෙ කොල්ලගෙ හැටි.
හැම තිස්සෙම තමුසෙ ළඟත් කොටහක් හංගගෙන ඉන්නනෙ පුරුදු වෙලා තියෙන්නේ.
ඔයා එන දවස ඇහුවේ තොරණක් ගහන්න නෙවෙයි. හැබැයි ඔයා ආපහු ආවාම වරුවක්ම කුරුලු තොරණ් ඉන්නයි මම බලාගෙන ඉන්නේ.
මං හිතන්නේ මේකෙන් පස්සේ ඔයා එවන ලියුමට උත්තර නොලියා ඉන්න. ඔයා ඔහෙන් ආවට පස්සේ මම එවන ලියුමක් ගෙදර අයට හම්බ වුණොත් ඒක කඩල බලයිනෙ... එහෙම වුණොත් හෙණ ලෙඩක්නෙ...”

මටත් ඒ විත්තිය කල්පනා වුණේ එතකොටයි!

1995 ජනවාරි 21 වෙනිදා ආපහු ලංකාවට එන විත්තිය මං නයනෙට ලියල ඇරියා. “... ඔයා වාහනයක් අරගෙන එයාර්පෝට් එකට එනව නේද? 20 වෙනිදට කලින් මං ෆ්ලයිට් විස්තර කියන්නං...” කියලත් ඒ ලියුමෙම ලිව්වා.

ජීවිත කාලය තුළදී අපට කොච්චර දෙනෙකු නම් මුණ ගැහෙනවාද?

ජනවාරි මුල් සතියෙම දවසක Mr. Aheer මාව එයාගේ office කාමරයට කැඳෙව්වා.

“මට මිස්ටර් යසිරු කිව්වා නිමල් මේ මාසේ ආපහු ශ්‍රී ලංකාවට යන්න ලෑස්ති වෙන බව. ඇත්තටම නිමල්- මට උඹ ගැන හරි පුදුමයි. මෙච්චර කාලෙකට මට මුණ ගැහිල නෑ උඹ වගේ හිතන ඒසියන් මනුස්සයෙක්ව. Asian රටවල්වලින් මෙහෙට එන හැමෝම හදන්නේ මොන විදිහකින් හරි මේ රටේම නැවතිලා ඉන්න. ඒකටත් එක්ක උඹ. කමක් නෑ... කමක් නෑ...” අහීර් මහත්තයා දිගටම කියාගෙන ගියා. මං කළේ අහගෙන ඉන්න එක.

“... උඹ හොඳ අවංක වැඩකාරයෙක්... අපේ රටවල්වලින් එන ගොඩක් අය වුණත් බලන්නේ නිකං ඉඳල පඩි ගන්න. උඹ එහෙම කෙනෙක් නෙවෙයි. ඒකයි මම ගොඩක් කැමති උඹ මගේ ෆැක්ටරියේ දිගටම වැඩ කරනවා නං. උඹ ලංකාවට ගියාට පස්සේ කවදා හරි ආපහු මෙහාට එන්න හිතුණොත් මිස්ටර් යසිරුට කියපං. එතකොට එයා මට කියයි.
මම ජීවත් වෙලා ඉන්නකල් - මේ ෆැක්ටරිය තියෙනකල් නිමල්ට මෙහෙ රස්සාව තියෙනවා.
උඹ එහෙම ආපහු ආවොත් මං උඹට match වෙන ගර්ල් කෙනෙකුවත් හොයල දෙන්නං මැරි කරන්න. එතකොට උඹට වීසා, work permit ප්‍රශ්න එන්නෙත් නැති වෙයි... මීට වැඩිය පඩියකුත් ලැබෙයි...”

එහෙම කියූ අහීර් මහත්තයා ලියුම් කවරයකුත් මගේ අතේ තිබ්බා. “... පොඩි gift එකක්. මේක මම සතුටෙන් දෙන්නේ නිමල්ව ඇප්‍රිෂියෙට් කරලා... මේක මෙහෙ වෙන අය දැනගන්න ඕනි නෑ!
ඒ වගේමයි- උඹ මෙහෙ බල්නූර්ට එහෙම දිගටම කතා කරනව නං, ලියනවා නං පරෙස්සමෙන්... නිමල්ට තේරෙනවනෙ මම කියන දේ- නේද?”

ජීවිත කාලය තුළදී අපට කොච්චර දෙනෙකු නම් මුණ ගැහෙනවාද? එයාලාගෙන් සමු ගන්නට සිද්ද වෙනවාද? නිමල් දිසානායකට නම් එහෙම හමු වූවන්- සමු ගත්තවුන් අපමණය. එයින් සමහරෙකු සමඟ ඉන්පසු කිසිම ඇයි-හොඳයියක් පවත්වන්නට මේ අකෘතඥ ගොබිලාට අමතක වුණේය! (මේකා හොංකොං ගමනේදී හඳුනාගත් ජෝට සැලකුවෙත් ඒ විදිහටමය.)
ඒ මතක නැති කළ ගොඩටමය මේ ගාමන්ට් එකේ පිරිසත් අයත් වෙන්නේ!!

ඒත්... ඒත්... අනෙක් කාගෙන් නැතත්- අමන්ගෙන් නිසියාකාරව සමු ගන්නට නොලැබීම ගැන නං අදටත් මට ඇත්තේ ලොකු දුකකි. එහෙම වුණේ, හදිසි ඇඳුම් ඇණවුම ඉවර වෙනවාත් එක්කම අමන් පුරුදු විදිහටම අතුරුදහන් වුණු නිසාය.

ලංකාවට පැමිණියායින් පස්සේ; අලුත් අලුත් හිත මිතුරන් හඳුනා ගත්තාට...

කල් ගතවී හෝ මා ගැන අමන්ට තිබුණු හැඟීම වෙනස් විණිදැයි දැන ගන්නට ක්‍රමයක් තිබුණා නං...

ඒවා සේරම කල්පනා වූයේ / කල්පනා වෙන්නේ කල් ඉකුත් වුණු පසුවය / දැන්ය.
ලංකාවට පැමිණියායින් පස්සේ; අලුත් අලුත් හිත මිතුරන් හඳුනා ගත්තාට පස්සේ මේ ලියන්නාට විවේකයක් ඇත්තෙම නැති තරං වුණේය. එතකොට නිදිට 41කි; තෙල හොඳටම මෝරන කාලෙය... ඉතිං කොහෙද විවේකයක්?

හතලිහහේදී සීරීස් එකට ‘කුණ්ඩලි’ ලකුණු යොදන්නටය, දැන් මංතුමා සැරසෙන්නේ.

ඒත් හතලිහේදී postsවලට සබැඳි කරුණු කිහිපයක් ලියන්නට යැයි සිත බල කරයි.
‘ඔව්, ඔව්... ‘අම්මව දෙනවයි කිව්වා නං තාත්තව
ගස් බැඳල හරි ඒක කරපං!’ කියලනෙ අපේ තාත්තා අපට උගන්නල තියෙන්නේ... ඉතිං අඩුම ගණනේ බකුසාණන්ට වෙච්ච පොරොන්දුව විතරක් හරි ඉෂ්ට කරන්න එපැයි. හැබැයි ඒක කරන්නෙ වෙනින් posts කීපයක් ලියල ඉවර වුණාමයි. කමක් නැහැනේ...

ඕන්න එහෙනං මේ සීරීස් පෙළේ සමාප්තිය සලකුණු කරමින් කුණ්ඩලි සලකුණු දානවා- හොඳේ ෴0෴

Monday, March 2, 2026

හතලිහේදී... තිස්හත්වෙනි කොටස

 ප්‍රසාද් මගේ පිටුපසින්ම මා ලුහුබැඳගෙන එතැයි යනුවෙනි මං හිතුවේ. ඒත් ඒ හාදයා එහෙම ආවේ නැත. ඒ ඉහවහා ගිය කේන්තිය නිසාද- නැත්තං බලාපොරොත්තු සුන්වීම නිසාද?

නත්තල් දවස නිසා බස් රථ තිබ්බෙත් අඩුවෙනි. සෑහෙන වෙලාවක් බස් නැවතුමට වී සීතලේ ගැහෙමින් බස් එකක් එනතුරු බලා සිටින්නටය, මට සිදු වුණේ.

ඒ මිනිස්සුන්ට අමතක වෙනවා අනිත් කෙනාගේ "ශරීරය" සම්බන්ධ තීරණ අපිට ගන්න බැහැ කියන එක... (Foto- ‘මාතලන්’ අඩවියෙනි.)

එදා; 1994 දෙසැම්බර් 25 වෙනිදා හිම පියල්ලක්වත් පතිත නොවුණු නත්තල් දිනයක එලෙස සවුත්හෝල් බස් නැවතුමක තනිවී සිටියදී... මට කල්පනා වුණේ ‘මාරකයකින් ගැලවුණා’ කියලයි!

‘මේ දෙවෙනි සැරේ නිමලෝ. මතකයිනෙ, ගෙදරින් පැනල ගිය වෙලාවේ බදුල්ලෙදී වෙච්ච දේ, විලියම් මාමාට අහු වෙලා... උඹේම වාසනාවට වගෙයි ඒ මනුස්සයා එච්චරම නරුමයෙක් නොවුණේ. හැබැයි පුතෝ- හැමදාම වාසනාව උඹේ පැත්තෙ හිටින්නෙ නෑ... අන්න එදාට...’ හිත දිගින් දිගටම අවවාද කළා... ඒ එදා!

ප්‍රසාද්ගේ කාමරයෙදී වෙන්න ගිය දේ ගැන ඊට පස්සේ ඒ තරං දුරට කල්පනා කරපු බවක් මට මතක නෑ. ඒ ගැන කොච්චරක් නං දේවල් හිතන්න තියෙනවද කියල පෙනුණේ ඒ post එකට ආදරණීය පාඨක ඔයාල එවා තිබුණු විවිධාකාරයේ comments ගොන්න කියෙව්වාමයි.
කමෙන්ට්ස්!
Blog ලිපි කියවන ගොඩ දෙනෙක් පස්සෙන් පන්න පන්නා comments කියවන්නෙ නැති විත්තියයි මගේ දැනීම. ඊටත් වඩා කමෙන්ට්ස් වැටෙන්නෙත් post එකක් පළ වෙලා දවස් කිහිපයක් තිස්සේ; විඩෙන් විඩේ නෙව.

ඉතිං මේ වංගියේ මට හිතුණා අද (2026 මාර්තු 2 වෙනිදා) උදේ වෙනකල් ‘හතලිහේදී 36’ පෝස්ටුවට ඇවිත් තියෙන comments ටිකයි- ඒවාට ලියැවී තියෙන උත්තර ටිකයි ඔක්කොම post එකකට අරගන්න. හැබැයි කිසිම තේරීමක් කළේ නැහැ. (කාවවත් තරහ කර ගන්න බැහැ නෙව!) මෙන්න තියෙනවා ඒ comments:

Anonymous February 25, 2026 at 6:12 PM
ප්‍රසාද් තනියම කෑම නොකන්නයි ඉඳලා ඇත්තේ.

කොළොම්පුරේ අසංග

නිදිගෙ පංච තන්තරේ February 26, 2026 at 5:05 PM
මටත් මුලින්ම හිතුණෙ එහෙමයි අසංග මහත්තයෝ.
----------

(ඩුප්ලිකට්) නිදිගෙ පංච තන්තරේ February 25, 2026 at 6:14 PM
අඩේයප්පා...! අද පෝස්ට් එකේ මමත් ඉන්නවා.. පට්ටම හැපි!!!

ඩුප්ලිකේට් නිදි අයිඩෙන්ටිය හැදුන විදිහ ගැන වෙනම කතාවක් තියෙනවා. වෙලාවක කියන්නම්කෝ ස්ටෝරිය.. :)

(ඩුප්ලිකට්)
නිදිගෙ පංච තන්තරේ February 25, 2026 at 6:42 PM
//“කෝ... උඹට කිසිම හදිස්සියක් නැහැ වගේනේ... උඹ තවම ඇඳුම් පිටින්නෙ... මං උදව් වෙන්නං ඕවා ගලවන්න...”

එහෙම විත්තියක වගක්වත් නැති ප්‍රසාද් දුන්නු උත්තරෙන් මං උඩ ගියා. “... ඉවර වෙලානෙ ෆ්‍රෙන්ඩ් වොෂ් එකක් දාන්න ඕනේ...”//

මේ ප්‍රසාද් ටයිප් එකේ මිනිස්සුන්ගේ මානසිකත්වය ඇතුලේ එක්තරා විදිහක සමාජ ප්‍රශ්නයක් ගැබ්වෙලා තියෙනවා. මේ මිනිස්සුන්ට අනුව තමන්ගේ පාට්නර් කියන්නේ නිකම්ම Object එකක් විතරයි. Porn addiction වගේ පුරුදු තියෙන අයටත් මේ ලක්ෂන ඇතිවෙන බව අහලා තියෙනවා. එක ලිමිට් එකකට පස්සේ මේ අය පුරුදු වෙනවා තමන්ගේ සහකරුවා/සහකාරිය ව objectify කරන්න. එතනදි ඒ මිනිස්සුන්ට අමතක වෙනවා අනිත් කෙනාගේ "ශරීරය" සම්බන්ධ තීරණ අපිට ගන්න බැහැ කියන එක... (මට අනුව නම් මනුස්සයෙක්ට තමන්ගෙම හස්බන්ඩ් / වයිෆ් ගෙ ඇඟ වුණත් අපහරණය කරන්න අයිතියක් නැහැ.) එහෙම ඉමෝෂනල් බැඳීමක් නැති මිනිස්සු යන්න ඕනෙ sex workers ලා ගාවට. ඒක නම්බුයි මෙහෙම බොරු කෙයාරිං එකක් පෙන්නලා වැඩේ කර ගන්න දඟලනවට වඩා...

ඒ කපල් එකේ පිරිමියාත් ඉන්දියන්. දවසක් රෑ..

//ඊළඟට එයාගේ යට බැනියමයි, යට ඇඳුමයි දෙකමත් ගලවලා මගේ ඉස්සරහින් එහාට-මෙහාට සක්මන් කෙරුවා... නිරුවත් සංදර්ශන වේදිකාවක ඇවිදින නිරූපණ ශිල්පියෙක් වගේ. බාගෙට ප්‍රාණවත් වෙලා තිබුණු එයාගේ ‘පුරුෂ නිමිත්ත’ත් එහාට- මෙහාට වන- වනා හරිම ආඩම්බරෙන්... “පේනවද ඔරිජිනල් ඉන්දියන් බඩු...”//

මිනිහා හිතන් ඉන්නෙ තමන්ගෙ "මාර" බොඩි එක දැක්කම නිදි තුමා ශෘංගාරයෙන් මත්වෙලා, බුවාව ඇඳේ පෙරලගෙන... පට්ට පෝර්න් ෆිල්ම් එකක් වගේ ඉතුරු හරිය සිද්ධ වෙයි කියලා.. :D
(
අර කිව්වට මුන් වගේ මිනිස්සුන්ට Sex workers ලා පැත්ත පලාතේ යන්න බැහැ ලොවෙත්. කොච්චර දියුණු රටක හිටියත් සමහර ගොබ්බ ගති වෙනස් කරගෙන නැහැ නේ..)

Lotus February 26, 2026 at 2:11 PM
WoW. ඩුප්ලිකට් නිදි in full swing. කවිත් ලියනවානම්, නිමල්ගෙ ඩුප්ලිකට් නෙවෙයි twinnie වෙන්න ඕනෙ 👍😄.

Lotus February 26, 2026 at 2:39 PM
ඩුප්ලිකට් නිදි තුමා කියලා තියෙන විදිහෙ සීන් එකක් මෙහෙ ඇත්තටම වෙලා තියෙනවා. (එහෙම
scenes ගොඩක් ඇති; මේක මම පත්තරෙන් කියවපු දෙයක්). ඉන්දියන් මනුස්සයෙක් ලිංගික සේවා සපයන ස්ථානයකට ගිහින්, මුදල් ගෙවා ඒ සේවා ලබාගෙන. නියමිත කාලය ඉවර වීගෙන එනකොට ගෙවපු මුදලට ඔහුට ලැබුණු සේවය මදි කියලා අදාළ sex worker කාන්තාවගෙන් බලහත්කාරයෙන් තව සේවාවන් ලබාගෙන. ඒ සේවා ස්ථානය තමන්ගෙ සේවිකාවට තර්ජනය කිරීම සහ ඇයට හිරිහැර කිරීම නිසා නඩු දාලා. ඉන්දියන් මනුස්සයා වරදකරු වෙලා, වන්දි ගෙවන්න වුනා.

දෙවෙනි සිදුවීම නම් ඛේදාන්තයක්. මෙහෙ townhouse එකක පහළ තට්ටුවෙ ඉන්දියන් මනුස්සයෙකුයි, උඩ තට්ටුවෙ කපල් එකක් ඔවුන්ගෙ මාස ගානක පොඩි බබා එක්ක ජීවත් වෙලා තියෙනවා. (මන් හිතන්නෙ ඒ කපල් එකේ පිරිමියාත් ඉන්දියන්). දවසක් රෑ අර පහල තට්ටුවෙ ඉන්න ඉන්දියන් පිරිමියා sex worker කෙනෙක් ගෙන්න ගෙන, අදාළ කාර්‍යය ඉවර වෙලා ඔහු අර කාන්තාව සමඟ රණ්ඩුවක් දාගෙන ඇයගෙ ගාස්තුව වැඩියි කියලා. ඊට පස්සෙ ඔහු ඇයට පොරොන්දු වුනු ඒ මුදල නොගෙවා ගෙයින් පිටතට ගිහිල්ලා. අර කාන්තාව ගෙදරින් යන්න කලින් තරහට (හා අසරණකමට) ඒ කාමරේ තිබුණු මෙට්ටය අරගෙන ගිනි ඇවිලෙන සුලු දෙයක් වක්කරලා මෙට්ටයට ගිනි තිබ්බා. ඇය දන්නෙ නෑනෙ ගෙදර උඩ තට්ටුවෙ මිනිස්සු ජීවත් වෙනවා කියල. ගින්න බුර බුරා උඩට පැතිරිලා, අර අසරන කපල් එක හා දරුවාගෙ ජීවිත නැති වුණා. ඔවුන්ගෙ neighbours ලා කියලා තිබුනා ඔවුන් කොච්චර උත්සාහ කරාද ඒ වෙලාවෙ මේ පවුල බේරගන්න, නමුත් හිතා ගන්න බැරි විදිහට ගින්න පැතිරුනේ කියා. ඒ කාන්තාව පොලිසියෙන් අත් අඩංගුවට ගත්තා. ඇත්තටම ඊට පස්සෙ මොනවා වුනාද කියලා මම හරියටම දන්නෙ නෑ (follow up කරේ නම් නෑ). නමුත් ඉතින් අහිංසකයො තුන්දෙනෙක් නැති වුණා.

...ඒ වාගේ එදා මාත් බය වුණේ අස්ථානයේද?

නිදිගෙ පංච තන්තරේ February 26, 2026 at 5:11 PM

ඩුප්ලිකට් නිදිගෙ පංච තන්තරේටයි, Lotusටයි දෙන්නටම ගොඩාරියක් ස්තුතියි...
ඔයාල දෙන්නම ගොඩක් වෙහෙසිලා දිග comments ලියලා!

නිදිගෙ පංච තන්තරේ February 26, 2026 at 5:29 PM
තව ටිකෙන් අමතක වෙනවා
, ඩුප්ලිකට් නිදිගෙ පංච තන්තරේ.
ඔයා කියලා තිබ්බනේ
//
ඩුප්ලිකේට් නිදි අයිඩෙන්ටිය හැදුන විදිහ ගැන වෙනම කතාවක් තියෙනවා. වෙලාවක කියන්නම්කෝ ස්ටෝරිය...// කියලා.
මං වගේම අනිත් රසික- රසිකාවනුත් බොහොම කැමැත්තෙන් ඇත්තෙ ඒ කතාව දැන ගන්න. අමතක නොකර ඒ කතන්දරේ අපට කියනවා නේද?
----------

(ඩුප්ලිකට්) නිදිගෙ පංච තන්තරේ February 25, 2026 at 6:59 PM
//...ඒ වාගේ එදා මාත් බය වුණේ අස්ථානයේද / හිතෙන් මවා ගත් බිල්ලෙකුටද / ප්‍රසාද් ‘හවුලේ කෑමක් කන්න’ට හිතුවේ නැතිවාවත්ද?....//
(
ප්‍රසාද් දුන්න උත්තරේ නම් දන්නෙ නෑ) හැබැයි මට අනුව නිදි තුමාගෙ පලවෙනි අනුමානය හරි..

නිකමට හිතලා බලමුකෝ..
1).
ප්‍රසාද් හිතාගෙන හිටපු විදිහට නිදි තුමා රූම් එකට එන්ටර් වෙච්ච ගමන් ම කිසි පිලිවෙලක් නැතුව, ඇඳුම් ගලවලා වීසි කරලා, ඉවක් බවක් නැතුව ගේමට බැස්සා නම් එහෙම... ඔය අප්‍රිකන් කල්ලා ඔතනට එන්නේ කොයි වෙලාවෙ ද?? (එතන ඉන්නත් බැහැ. එලියට පැනලා දුවන්නත් බැහැ. පට්ටම උගුලක් මේක.)

2). “Where is our friend?”
කලින් දැකලාවත් නැති කෙනෙක් එක්ක "our friend" කෙනෙක් ගැන අහපු හැටියෙන් පේන්නෙ නම් මිනිහා සීන් එක දන්න පාටයි... (මිනිහා නොකියා කියන්නෙ ප්‍රසාද්+නිදිතුමා+කල්ලා 3දෙනා එක ටීම් එකක් කියන එක නෙවෙයි ද??)

නිදිගෙ පංච තන්තරේ February 26, 2026 at 5:14 PM
කදිම විශ්ලේෂණයක් මහත්තයෝ!
----------

Lotus February 26, 2026 at 2:07 PM
හොඳ වෙලාවට නිමල්ට ප්‍රසාද්ගෙ බාත් රූම් එකට යන්න වුණේ නැත්තෙ. ගියානම් ඔය ප්‍රතිශත අඩුවෙලා
, අඩුවෙලා minus අගයකින් තමයි නවතින්නෙ 😄.
ප්‍රසාද්ට කොහොමත් නිමල් එක්ක පොඩි තරහකුත් තියෙන්න ඇති බන්ටි හා අමන් එක්ක නිමල් සුහදව ආශ්‍රය කරන නිසා. උඩ තියෙන කමෙන්ට්ස් වලින් කියනවා වගේ, may be he wanted fun and revenge together 😉
පුදුමයි ප්‍රසාද් නිමල්ගෙ පිටිපස්සෙන් ආපු නැති එක.

නිදිගෙ පංච තන්තරේ February 26, 2026 at 5:20 PM
මං හිතන්නේ
Lotus, ප්‍රසාද් පිටිපස්සෙන් එන්න නැතුව ඇත්තෙ ඒ වෙලාවේ මගේ තිබිච්ච කඩිසරකම තේරුම් ගත්ත නිසා වෙන්න ඇති. එයා ඇඟ පිහිදාගෙන; ඇඳුම් ඇඳගෙන එනකොට කොහොමත් වෙලාව යනවනේ. එතකොට මං ගිහිල්ලා තියෙයි කියලා හිතන්න ඇති.
----------

අපි හැමෝටම අමිහිරි අත්දැකීම්, ජීවිත රහස් තියෙනවා. එකම වෙනස, අපි ඒ හැමදේම...

D.G.M බස්සා February 26, 2026 at 8:26 PM

මට මේ නිකමට හිතුනේ, නිදිට වඩා හොඳට මතක තියෙන්නෙත්, නැවත ආවර්ජනය කරමින් රස විඳින්නෙත්, අමිහිරි ලිංගික අත්දැකීම් කියලයි. මම වැරදි වෙන්නෙත් ඇහැකි, ඒත් "Trauma bonding" කියන්නෙ මේකටද?🤔

ඩ්‍රැකී February 26, 2026 at 10:04 PM
මං නං නැවත ආවර්ජනය කරමින් රස විඳින්නේ අර අඹතලේ නානළිඳ ගාව දර්ශනය. :
D

D.G.M බස්සා February 26, 2026 at 11:27 PM
ආන්න ජංසොං. උන්දැට ඒ පිනම ඇති නිවන් දකින්න. ගලේ කෙටූ අකුරු වගේ මොලේ පදිංචි වුනා රෙන්ට් නොගෙවම.
😁

නිදිගෙ පංච තන්තරේ
February 27, 2026 at 4:36 PM
බස්සා මහත්තයෝ
, 'කම්පන බන්ධනය' ගැන නම් ඇහුවේ අදයි.
ඔයා කියන කතාවේ ඇත්තක් තියෙනවා. අපට වැඩියෙන් මතක තියෙන්නේ කටුක අත්දැකීම් නෙව. කඩවුණු බලාපොරොත්තුත් අමතක නොවී හිතේ තියෙනවා. මට හුඟක් දේවල් මතක තියෙන්නේ ෆොටෝස් වගෙයි!
තව එකක්- මිහිරි අත්දැකීම්; මිහිරි ලිංගික අත්දැකීම් සමහරක් වුණත් මට නං මතකයි. ඒත් ඒවා ලියන්න විදිහක් නැහැ- එතකොට බ්ලොග් පෝස්ට්ස් ප්‍රංශ රස වගේ වෙන හින්දා.

නිදිගෙ පංච තන්තරේ February 27, 2026 at 4:41 PM
ගොඩක් ස්තුතියි ඩ්‍රැකී. ඔය අඹතලේ කතන්දරේ ගැන විඩෙන් විඩේ කියවුණාට කවුරුන්වත් හරියටම කියන්නෑනේ...

D.G.M බස්සාFebruary 27, 2026 at 5:28 PM
අඹතලේ කතන්දරේ ඒ හැටි දෙයක් නෑ නිදි. ඔය රට්ටු/ලෝකයා
, මගේ චරිතෙ ඝාතනය කරන්න, විඩින් විඩේ ඕක මතක් කරනවා. ඒකට නීති උපදෙස් දෙන ගොබිලෙකුත් ඉන්නවා කියහංකො.🤣

නිදිගෙ පංච තන්තරේ February 28, 2026 at 3:54 PM
අප්පට සිරි- ඒකත් එහෙමද
?

නිදිගෙ පංච තන්තරේ February 28, 2026 at 4:21 PM
පස්සෙයි කල්පනා වුණේ. බකුසුතුමෝ- අර නීති උපදෙස් දෙන ගොබිලා නඩුත් බලවන කෙනෙක්ද
?

D.G.M බස්සා February 28, 2026 at 8:14 PM
අපොයි නෑ. එයා වැදගත්
, උගත් ද්විභාෂා පරමේෂ්වර. මුලදී 1.5 භාෂා පරමේෂ්වර. අපිම තමයි උන්දව මඩේ දාලා, උනන්දු කරවලා, ද්විභාෂා කරවලා ගත්තෙ. මේ ලඟකදිත් ඒක මතක් කරලා අපට පිං දුන්නා. දැන් අපේම අරක්කු අපිටම ගහනවා වගේ ඇරියස් අල්ලනවා.😋
----------

D.G.M බස්සා February 26, 2026 at 8:36 PM
ඔයින් ගියා මදැයි
? එකාතකට ඕව ඔහොම තමයි. අපි හැමෝටම අමිහිරි අත්දැකීම්, ජීවිත රහස් තියෙනවා. එකම වෙනස, අපි ඒ හැමදේම නොකියන එක විතරයි.

Mahesh Rathnayake February 26, 2026 at 10:56 PM
සිරාම
😁😁😁

නිදිගෙ පංච තන්තරේ February 27, 2026 at 4:44 PM
මම නං එහෙම දේවල් කියන්නේ මැරෙන්න කලින් හිත නිදහස් කර ගන්නත් එක්කයි.
----------

ඕනිම ජරාවක් වළඳන්න අපි කබරගොයි නෙවෙයිනේ!

ඩ්‍රැකී February 26, 2026 at 10:03 PM

හිතාගන්න පුළුවන් නේ නිමල් අයියා.
අර අමිල (සිරිබිරිස්) කියනවා වගේ, එක ම ෆ්‍රික්වන්සිය නැත්නම් එතනින් අයින් වෙන එක ඇඟට වගේ ම හිතටත් හොඳයි.

නිදිගෙ පංච තන්තරේ February 27, 2026 at 4:46 PM
සත්තකින්ම ඩ්‍රැකී
, අමිල කියන දේවල් ගොඩක් ජීවිතේට ප්‍රායෝගිකයි!!
----------

Mahesh Rathnayake February 26, 2026 at 10:55 PM
ඉන්දියන් බංග්ලාදේශ කියන්නේ නම් ගං හඩ්ඩො නේ. මට නම් පෙන්නන්න බැරිම උං. අනිත් කට්ටිය තමයි ඔය අක්කරෙයිපත්තුව දිහා ඉඳලා එන සෙට් එක. සිටීබී වල වෙලාවකට සෙට් වෙනවා මට සංසාරේ ඕන්නෑ.

කෑමක් කන්ඩ උනත් හිත පිරියක් තියෙන්ඩ එපැයි නැද්ද නිදි අයියා.

නිදිගෙ පංච තන්තරේ February 27, 2026 at 4:49 PM
නැත්තං නැත්තං මහේෂ්. ඕනිම ජරාවක් වළඳන්න අපි කබරගොයි නෙවෙයිනේ!
----------

Pra Jay February 27, 2026 at 12:04 AM
https://en.wikipedia.org/wiki/Body_odour_and_sexual_attraction

නිදිගෙ පංච තන්තරේ February 27, 2026 at 4:53 PM
හරබර වගේම වැදගත් කරුණු පිරිච්ච හරිම දිග ආටිකල් එකක link එක එව්වට ගොඩක් ස්තුතියි Pra Jay මහත්තයෝ.
----------

Pra Jay February 27, 2026 at 12:56 AM
https://kattakaduwa.blogspot.com/2026/02/blog-post.html

නිදිගෙ පංච තන්තරේ February 27, 2026 at 4:57 PM
Pra Jay
මහත්තයෝ, කට්ටකාඩුවට ගිහිං බැලුව. මරු post එකක්. ඔයා මේ ලිපියේ link එකත් comment එකක් විදිහට ඒකෙ දාලා. ගොඩක් ස්තුතියි!
-----------

D.G.M බස්සා February 27, 2026 at 10:49 AM
//
මේ බලාපං... ෆ්ලේවර්ස් දෙකක ඒවා තියෙනවා. කොයිකටද උඹ කැමති?//
නියම ඔරිජිනල් ඉන්දියන් භාණ්ඩෙට "කරි" ෆ්ලේවර් රේන් කෝට් එකක් අන්දලා ගත්ත නං? නිදි හුරේ රන් එකක් දෙන හැටි මැවිල පේනවා.😋

නිදිගෙ පංච තන්තරේ February 27, 2026 at 4:58 PM
කාටූන් ෆිලුමක වගේද?
----------

Ajith Dharma. February 27, 2026 at 3:42 PM
නිදි යන්තම් බේරිලා තියෙන්නේ. මේක මම කලින් ලීවද කියල මතක නැහැ. 1993 මම රෝයල් ඊගල් කියන පැඩින්ටන් වල හොටෙල් එකේ මැනේජර් වෙලා හිටියේ. ඒකෙ නැවතුනා ඒ දවස් වල DHS හෙවත් ආණ්ඩුවෙන් සල්ලි ගෙවන කොල්ලෙක්. ගෙදරින් එලවපු සමලිංගික නිසා. මිනිහ එක මිනිහෙක් එක්ක ගිහින් තව මිනිහෙක් එකතු වෙලා රේප් කරලා හොටෙල් එකට වැට අල්ලාගෙන බොහොම අමාරුවෙන් ආවේ. මම ඇම්බියුලන්ස් එකටයි පොලිසියටයි කතා කලා. මම හිතන්නේ ඔය වගේ දේවල් වෙනවා මොකද පිරිමියා ලැජ්ජාවට පොලිසියට යන්නේ නැති නිසා.

තවත් විශේෂ පැත්තකටයි...

නිදිගෙ පංච තන්තරේ February 27, 2026 at 5:00 PM

ඒ අත්දැකීම අපට කිව්වට ගොඩක් ස්තුතියි අජිත් ධර්ම මහත්තයෝ!
----------

Ajith Dharma. February 27, 2026 at 3:43 PM
2018 දී ඇරබික් මිනිහෙක් සල්ලි අඩුවෙන් නොදී ගිහින් මුස්ලිම් කෙල්ලෙක් හොටෙල් එකේ මෙට්‍රස් එකට ගිනි තියල අවුරුදු හයකට හිරේ ගිහින්. https://www.mirror.co.uk/news/uk-news/teenage-prostitute-set-fire-hotel-13652336

නිදිගෙ පංච තන්තරේ March 1, 2026 at 8:58 PM
ගොඩක් ස්තුතියි අජිත් මහත්තයෝ. ඔබතුමාගේ
comment එක spam එකට ගිහින් තිබ්බේ.
-----------

නිහඬපාල Nihandapala February 27, 2026 at 5:20 PM
සමහරවිට ඔය ප්‍රසාද් Mysophilia තත්වයේ කෙනෙක්ද දන්නේ නැහැ. (Paraphilia in which dirt or dirty things produce sexual excitement.*)
(* ගූග්ල් පරිවර්තනයයි- මයිසොෆිලියා යනු අපිරිසිදුකම, අපිරිසිදුකම හෝ අපිරිසිදු වස්තූන්, බොහෝ විට විශේෂයෙන් භාවිත කරන ලද හෝ අපිරිසිදු යට ඇඳුම් කෙරෙහි ඇති වන ව්‍යාධිජනක ලිංගික ආකර්ෂණයකින් සංලක්ෂිත පැරෆිලියාවකි. අපිරිසිදු පරිසරයන්, නොසෝදා ඇති ශරීර හෝ ශරීර මළපහ වලින් ලිංගික තෘප්තිය ලබා ගැනීම එයට ඇතුළත් වේ. එය පැරෆිලික් ආබාධයක ආකාරයක් ලෙස සැලකේ.)

නිදිගෙ පංච තන්තරේ February 28, 2026 at 3:58 PM
තවත් විශේෂ පැත්තකටයි නිහඬපාල මහත්තයෝ ඔයාගේ
link එක අපිව අරං යන්නේ. ගොඩක් ස්තුතියි.
-----------

ඉතිං, හිතුවට වැඩිය ලොකු ඉඩක් ගියානෙ අප්පා ඔයාලගෙ අපූරු comments ටිකට. ඒත් වටිනවා නෙව, එව්වාට උපරිම අවධානය දෙන්න වටින හන්දා.

ඔයාලට පුදුම හිතෙයි ‘1994 දෙසැම්බර් 25 වෙනිදා සවුත්හෝල් බස් නැවතුමේ පට්ට හීතලෙන් ගල් ගැහි-ගැහී උන්නු විත්තිය’ පළමුවෙනි වතාවට ඉතාම ලුහුඬින් මං කිව්වේ 2018 සැප්තැම්බර් 20 වෙනිදා publish කළ ‘රැජන Colombo එයි- 3 කොටසෙදි’ බව සඳහන් කෙරුවාම... පේනව නේද ඒක විස්තර ඇතුව කියන්න බලාගෙන ඉන්න වුණු කාලයක තරම!
මොකද- කොයි දේටත් සුදුසු කාලයක් හා සුදුසු තැනක් තියෙන බව නොසලකා හරින්න බැහැනෙ. යුද්දෙකටත් සුදුසු කාලයක් තියෙනවද? සුදුසු තැනක්... කලාපයක්...

මැද පෙරදිගින් ලෝකෙටම යුද ගිනි ඇවිලෙයිද- මොන නස්පැත්තියක් සිද්ද වෙයිද කියන විචිකිච්ඡාවෙන් දැවෙන අතරෙයි මං වහන්සේ මේ post එක ලිව්වේ... ඊළඟ කොටස ලියන්න වෙන්නෙත් ඒ හැඟීම්වලින් ආතුර වෙලා ඉන්දැද්දී වගෙයි. හැකිතාක් ඉක්මනින් යුද ගිනි නිවිලා- සාමය පැතිරේවා කියලයි මං ප්‍රාර්ථනා කරන්නේ. ඔයාලගේ පැතුමත් ඒකම නේද?

ඉතිරි හරිය ඉතා ඉක්මනින්...