li Item

Saturday, January 27, 2024

තිස් එකේදී... තිස්අටවෙනි කොටස

“If it is so, listen carefully. අනිල් මෙහාට ආව දවසේ ඉඳලා දිගටම වැඩට ගියා නේද? But, නිමොල් එච්චර ලකී වුණේ නැහැනෙ... මම කියන්නේ ලීලා... කෝ උඹ අහගෙන නෙවෙයි වගේනෙ ඉන්නේ...”

“මම අහගෙන තමයි ඉන්නේ සැසිල්... කියපංකො ඉතිං...’

“Anil was not the bread-winner of your family. නිමොල් තමයි උඹලගේ පවුලට කන්න දුන්නේ. අපි ඒ ගැනත් අමතක කරන්න හොඳ නෑ!”

උඹේ නංගිලා මල්ලිලා හැමෝම දැන් adultsලා. උඹ ඒ කාගෙවත් බර ඔළුවට ගන්න ඕනි නෑ! 

“හරි සැසිල්. ඉතිං උඹ මට මොකක්ද කරන්න කියන්නේ ඒක පත්තරේකට දාන්නද?”

“කියන්නෙද... කියන්නේ මෙන්න මේකයි... අනිල් ලංකාවට ගෙනියන්න දැනට ඉතිරි කරගෙන තියෙන ගණන අහලා...”  ඩැඩා දිගටම කියාගෙන ගියා.
“අනිල් ලංකාවට ගෙනියන ගණන වගෙම ගණනක් නිමොලුත් ගෙනියන්න ඕනි. නිමොල්ට අඩු ගණන අපේ අතින් දාමු, ලීලා!”

“No daddy. Both of you have done enough. මට තව මොකුත් නැතුවට කමක් නෑ. අනිල් වැඩි ගණනක් ගෙනිච්චාවේ. ලංකාවට ගියාට පස්සේ මට මොනවා හරි කරන්න පුළුවන්.” එහෙම කියන අතරෙත් මට කල්පනා වුණේ අපේ අම්මා නිස්සද්දව ඉන්නා ඉඳිල්ල ගැනය. ඒක ටිකක් විතර නුහුරුය. අම්මා අසනීපයෙන්වත්ද?
යෝජනාව ඩැඩාගේ බව හැබෑය. ඒත් එයා යෝජනා කරන්නේ අම්මගෙ අතේ තියෙන සල්ලිවලින් කොටහක් වියදම් වෙන වැඩකි.
“ඔව් රංජි. ඔයා අවුරුදු දොළහේ ඉඳලම අපේ පවුලටම කළා මිසක් ඔයා ගැන හිතුවෙ නැහැනෙ. මීට පස්සේ ඒ මෝඩකම කරන්න ඕනි නෑ....” අම්මා කට පාඩමෙන් වගේ කියාගෙන යනකොටය මට මීටර් වුණේ.

ඒ යෝජනාව ඉදිරිපත් කරන්නට කලින් ඩැඩා ඒ පිළිබඳව අම්මාත් එක්ක කතාබහ කරලා වගෙය!

“Leela is correct Nimal. දැන් උඹේ ඩියුටිය ඉවරයි.
ලංකාවේ ඉන්න උඹේ නංගිලා මල්ලිලා හැමෝම දැන් adultsලා. දැන් උඹ ඒ කාගෙවත් බර ඔළුවට ගන්න ඕනි නෑ. ඒ ඔක්කොටම පුළුවන් එයාලගේ ජීවිත ගෙනියන්න.
උඹ විතරයි කිසිම වත්කමක් නැතිව- කිසිම bank deposit එකක් නැතුව empty handed වෙලා ඉන්නේ. My advice is- එහාට ගිය ගමන් උඹත් මහ ගෙදරින් යන්න ඕනි. උඹටම කියලා ගෙයක් හරි කාමරයක් හරි කුලියට අරගන්න ඕනි. You should open a bank account. උඹ එහෙම ස්ටේබල් නොවුණොත් එහෙම, උඹ නාකි වෙනකොට ඒ කවුරුවත් උඹ ගැන බලන එකක් නෑ.
මතක තියාගනින්... Do keep this in your mind! උඹ හොඳ ස්ටේබල් කන්ඩිෂන් එකක හිටියොත්, අනිත් මිනිස්සුත් බය නැතුව උඹ වටේ ඉඳියි!”

එංගලන්තයට එද්දී තුන් හිතකවත් නොතිබුණු අදහසකි, ඩැඩා එදා මගේ හිතේ රෝපණය කළේ. අපේ ගෙදර සල්ලි ලාච්චුව රුපියල් විස්සට බැස්ස දවසත්- ඒ මොහොතේ මට දැනුණු අසරණකමත් ආපහු දැනුණා මෙන් වුණේය.
එනිසාම ඩැඩාගෙ ඒ අදහස හොඳින්ම; ඉතා හොඳින්ම මගේ හිතේ මුල් බැස ගත්තේය- අතු-ඉති ලමින් වැඩුණේය.

දරුවන් අතර අන්තර් සබඳතා යහපත් කිරීමටද හේතුවේ...

‘අනේ, මම අරහෙම හම්බ කළා. මෙහෙම හම්බ කළා. අද මං අසරණ වෙලා. මට සලකන්න කෙනෙක් නෑ. ජීවත් වෙන්නවත් විදිහක් නෑ....’යි කෙඳිරි ගාන කලාකරුවන්ම කී දෙනෙක් ලංකාවේ උන්නාද?

‘... මරණය පිළිබඳව යථාර්ථවාදී දැක්මක් නැති පුද්ගලයකුට ජීවිතය සඳහා අවශ්‍ය හරි දැක්මක් ඇති කරගත නොහැකිය. විශ‍්‍රාම යන වයසට එළැඹෙන විට ලංකාවේ බොහෝ මිනිසුන් විශේෂයෙන්ම කාන්තාවන් ජීවිත කාලයෙන් හතරෙන් එකක් තරම් වන ඉතිරි ජීවිත කාලය ගත කරන්නේ මරණය කෙරෙහි ඇති කරගත් භීතියකින් යුතුවය. එය නැති කරගන්න උත්සාහ කරන්නේ පින් කිරීමෙනි. ඒ සියල්ල ඔවුන් කරන්නේ මරණයෙන් පසු ජීවිතය සැපවත් කරගැනීම සඳහාය.

මරණය ජීවිතයේ නොවැළැක්විය හැකි අනිවාර්යතාවකි. සියලූම ආගමික ශාස්තෲවරුන්ද මරණයට පත්වූහ. සමහර මරණ ලස්සන හා අසිරිමත් මරණ ලෙස සැලකිය හැකි අතර, සමහර මරණ සැලකිය හැක්කේ ඛේදජනක මරණ ලෙසය. සොක‍්‍රටීස්ගේ මරණය අසිරිමත් මරණයක් ලෙස සැලකිය හැකිය. සොක‍්‍රටීස්ට අවශ්‍ය නම් උසාවියට පිළිගත හැකි දඩයක් ගෙවීමෙන් හෝ බන්ධනාගාරයෙන් පලායෑමෙන්ද මරණ දඬුවමට ලක්වීමෙන් වැළකීමේ හැකියාව තිබුණි. එහෙත් ඔහු එසේ නොකළේය. ඔහු මරණ දඬුවම වශයෙන් ඔහුට ලැබුණු වස කෝප්පය බොන්නට පෙර තමන්ගේ උගත් මිතුරන් සමග දාර්ශනික සංවාදයක යෙදුණි. වස පානය කිරීමෙන් පසුද එක්තරා කාලවේලාවක් ඒ සංවාදය කරගෙන ගියේය. ඔහු තමන් වෙත ළඟා වන මරණයට මුහුණ දුන්නේ ඉතාමත් සන්සුන්වය.

මරණය ඉතාමත් සාමාන්‍ය හා නොවැළැක්විය හැකි සදාකාලික සුව නින්දක් ලෙස සැලකිය හැකි නම් විශ‍්‍රාම වයස එළැඹීමෙන් පසු මරණය තෙක් අර්ථවත්, තෘප්තිමත් ක‍්‍රියාකාරී හා ප‍්‍රීතිමත් ජීවිතයක් ගත කළ හැකිය. එවැනි සරල දැක්මක් ඇතිවිට වයසට ගිය දෙමාපියන් හා දරුවන් අතරද අන්තර් සබඳතා යහපත් කිරීමට හේතුවේ.....

... ලෝකය මෙතෙක් බිහිකළ ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයා ලෙස සැලකිය හැකි ඇල්බට් අයින්ස්ටයින්ට 76 වන වියේදී අභ්‍යන්තරයේ ලේ කාන්දු වන තත්ත්වයකට මුහුණ දෙන්නට සිදුවිය. ඇමරිකාවේ ප‍්‍රින්ස්ටන් රෝහලට රැගෙන යෑමෙන් පසු ඔහු රෝහල් බලධාරීන්ගෙන් අවධාරණයෙන් ඉල්ලා සිටියේ තමන් ශල්‍ය කර්මයකට භාජනය නොකරන ලෙසය. සමාජයට යුතුකම් හොඳින් ඉටු කළ පුද්ගලයකු වශයෙන් කෘත‍්‍රිම ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය නැති බවත් තමන්ට සතුටුදායක මරණයකට ඉඩ දෙන ලෙසත් ඉල්ලා සිටියේය. රෝහල් බලධාරීන් ඔහුට සතුටුදායක මරණයක් ලබාදීම සඳහා ඔහුට මොෆින් ලබාදෙන ලද අතර ඔහු පසුදින උදේ මිය ගියේය.

මරණය පිළිබඳ එවැනි දැක්මක් ඇතිකර ගැනීමට හැකිවූ විට ජීවිතය පමණක් නොව මරණය ද සුන්දර දෙයක් බවට...

සිග්මන් ප්‍රොයිඩ්ද නිසි අවස්ථාවේදී මරණය තමන් විසින් ළඟා කරගත් කෙනකු ලෙස සැලකිය හැකිය. ඔහු මරණයට පත්වූයේ වයස අවුරුදු 83දීය. ඔහුට මුඛ පිළිකාවක් තිබුණ අතර එය විටින් විට කපා ඉවත් කළද නැවත නැවත වර්ධනය වීම නිසා සිය ජීවිතයේ අවසාන කාලය ගත කළේ මහත් වේදනාවකිනි. ඔහු තමාගේ මිත‍්‍ර වෛද්‍යවරයකු සමග මරණය අරබයා එකඟත්වයක් ඇති කරගෙන තිබුණු අතර, ෆ්‍රොයිඩ් කිසියම් දිනක එම වෛද්‍ය මිතුරා තමන් වෙත ගෙන්වාගෙන මරණය පිළිබඳව ඇති කරගත් එකඟතාව මතක් කරදෙමින් තමන්ට තවදුරටත් මුඛ පිළිකාව දරාගත නොහැකි දරුණු වධයක් බවට පත්වී තිබෙන නිසා දිවි තොර කරගැනීමට කාලය පැමිණ ඇති බැවින් ඒ කාර්යය සඳහා තම දියණිය සමග සාකච්ඡා කොට ඇය කැමති කරවා ගන්නා ලෙස සිය මිතුරාගෙන් ඉල්ලා සිටියේය. වෛද්‍යවරයා විසින් දියණියට කරුණු පැහැදිලි කරදී ඇයගේද එකඟත්වය ලබාගැනීමෙන් පසු වෛද්‍යවරයා විසින් ෆ්‍රොයිඩ්ට මෝෆීන් එන්නත් කරන ලදුව එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ඔහු මරණයට පත්විය.

මරණය පිළිබඳ එවැනි දැක්මක් ඇතිකර ගැනීමට හැකිවූ විට ජීවිතය පමණක් නොව මරණය ද සුන්දර දෙයක් බවට පත් කරගත හැකිය...’ ඉහතින් ඇල අකුරින් දක්වල තියෙන ඡේද කිහිපය මං උපුටා ගත්තේ පොතකින්.
‘වික්ටර් අයිවන්’ ලියූ ‘
ජීවිතයේ ප්‍රබෝධය - මරණයේ අසිරිය’ (2013) පොතෙන්.

පුළුවන් හැම කෙනෙක්ම ඒ පොත හොයාගෙන කියවිය යුතුය කියලයි මං වහන්සේ රෙකමදාරු කරන්නේ!

අපේ ඩැඩා ඒ පොත කියවපු කෙනෙකු නෙවෙයි. ඒත් ‘වයසට ගියාම සැනසිල්ලේ ඉන්න නං ආර්ථිකව ස්ථාවර වෙයන් - ස්වාධීන වෙයන්’ය කියලා එයා මට අවවාද දුන්නේ 1985 තරං ඈත කාලෙකදී. හොඳ වෙලාවට ඒ අදහස් මාත් හිස් මුඳුනෙන්ම පිළිගත්තේ. එහෙම නොවුණා නං...

ඒත් එදා ඒ කතාවේදී නං මගෙන් අම්මලාට බාධා කෙරුණේය. “අම්මලා හොඳ හිතින් මෙහෙම කරන්න යනවා තමයි. ඒ වුණත් අනිත් අය  කියන්න පුළුවනි මම අම්මලාගේ හොඳ හිතින් අයුතු ප්‍රයෝජන ගත්තය කියලත්. අම්මලාමනේ අපි දෙන්නට ටිකට්ස්වලටත් වියදං කෙරුවේ.”
“ඒක ගණන් ගන්න එපා, රංජි. අපි ඉස්සෙල්ලම එංගලන්තෙට ගෙන්න
ගන්න හැදුවේ නෝනවනේ... ඔයාලවයැ? වහ බීලා නොමළා නං එයා අද මෙහෙ සිටිසන් කෙනෙක්... එක හීනෙන්ම එළි වෙන්නෙ නැහැනෙ, රංජි. මගෙ හිතේ නං තියෙනවා සුනිල්වත් ඉක්මනින්ම මෙහාට ගෙන්න ගන්න, හය මාසෙකට හරි...”

ඇත්තම කියන්න වෙනවා. එතැනින්ම...

ඩැඩාගෙ යෝජනාවට පින් සිදු වේවා!
ඒ නිසාය, මා එංගලන්තයෙන් ලංකාවට එද්දී රුපියල් 90,000/-ක වටිනාකමැති මුදලක් රැගෙන ආවේ!!

ගණන් බලද්දී අන්නා රුපියල් 87,500/-කට කිට්ටු මුදලක් රස්සාව කිරීමෙන් උපයාගෙන තිබුණේය. “ලීලා, අපි ඒ ගණන round figer එකක් කරමු 90,000/-ක් වෙන්න. නිමොල් ළඟ තියෙන ගණනටත් අඩු හරිය අපෙන් දාමු... දෙන්නගෙම ගණන් ඊක්වල් වෙන්න.” ඩැඩා කිව්වේය.

“හැබැයි අනිල්, ඔයිට වැඩිය ගණනක් ඔයාට එකතු කර ගන්න තිබ්බා- සිගරැට්වලටයි, විස්කිවලටයි වියදං නොකර හිටිය නං...” ඒ අස්සේ අපේ අම්මා මැසිවිල්ලකුත් කිව්වාය.

“ඒක නං ඇත්ත. කොහෙද? මෙහෙ කොහෙවත් ගමේ බඩු නැහැනෙ අම්මේ. දංකොටුවේ ස්පෙෂලුත් නැහැනෙ. නැත්තං මෙච්චර වියදමක් නොකර ශේප් කර ගන්න තිබ්බ තමයි. හඃ හඃ හඃ! ඒත්... නොකා නොබී, විනෝද නොවී පොදි ගහගත්තයි කියලා යනකොට ගෙනියන්න කියලයැ අම්මේ?” අනිලුත් ඒ සැණෙන්ම උත්තර බැන්දේය.

“ඔය කිව්වේ! එහෙම නෙවෙයි අනිල්. ලොකු අයියට බොරලැස්ගමුවේ කඩෙත් විකුණලා දාන්න වුණේ ඔයාගේ බීම නිසා... එහෙම නොවී දැන්වත් හැදෙන්න බලන්න. ඔයාත් පොඩි එකෙක් නෙවෙයිනෙ. දැන් විසි හතරක්...”
“Don’t worry mum! දැන් මං ඉස්සර තරං මෝඩ නෑ. අම්ම බලන්නකො, ලංකාවට ගියාම මං වැඩ කරන විදිහ.” අනිල් කිව්වේ තිරසර ස්වරයකිනි.

කියන්නට ලෙහෙසිය. අමාරු කරන එකය!
ලංකාවට පැමිණි විගසින්ම අනිල් යුවතියකට වශී වුණේය. හමුවී දවස් පහකින් ඇයව විවාහ කර ගන්නට ඉටා ගත්තේය. මත්වෙන බීමක් නැවතත් කටේ තියන්නේ නැතැයි ඔහු ඇයට පොරොන්දුවකුත් දුන්නේල...
අන්නා මටත් ඇරයුම් කළේය!
“ගංගලගෙ ගෙදරට යන ගමනට ඔයාත් එන්න ඕනි ලොකූ.”

“මං ආවොත් අනිල්, මට තමුසෙ ගැන ඇත්තම කියන්න වෙනවා. එතැනින්ම ඔයාගේ මඟුල ඉවර වෙයි. ඒ නිසා, වැඩිය හොඳයි මං ඔය ගමනට නෑවිත් ඉන්න එක.”
“එහෙම වුණොත් වෙච්චාවේ. මෙච්චරකල් අපිට තාත්තෙක් වෙච්චි ඔයා මේ ගමනට එන්නම ඕනි. ලොකා කියන්න කැමති දෙයක් එයාලාට කියන්න.” ඉතිං. මමත් ඒ ගමනට ගියෙමි. මට හැඟෙන අයුරු අනාගත ඥාතීන්ට පහදා කිව්වෙමි; මඳ කලක් හෝ ඉවසා සිටින්නට කිව්වෙමි. මොන?
මගේ අවවාද ගඟට ඉනි කැපීමක් වුණේය.

ඉක්මනින්ම විවාහය කෙරිණි.
ඒ සමඟම අනිල් ව්‍යාපාරයකුත් පටන් ගත්තේය. නවත්තනවා යැයි පොරොන්දු වුණු බීමත් යළි පටන් ගත්තේය.
බිස්නස් එක මාස කිහිපයක් යන තුරුත් අසීරුවෙන් ගැට ගැහෙමින් තිබ්බේය; නමුදු අන්තිමේදී ඒ වියාපාරය බංකොළොත් වුණේය. ඔහුගේ විවාහය දරුවන් තිදෙනෙකු ලැබෙන තුරු රැකුණේය
; ඊට පස්සේ දෙදෙනා දෙපැත්තට වුණෝහ.

‘115  1818  1615්1ෙ8්11  21ි19ු186්  15ැ18්18ා’ කියලා තව ශෘංගාරාත්මක දේවල් වගයක් එක්ක...
එහෙත් 2019 මැයි 29 වෙනිදා හොඳටම දිරාපත්ව මියයන තුරුමත් අනිල් මල්ලී ‘බෝතලය’ අත් නොහැරියේය!

(ඒ විස්තරත් අදම ලිව්වේ, ඔබේ කුතුහලය නිවා ලන්නටය.)

බකුසුතුමා පසුගිය කොටසට comment එකක් එවමින් අනුමානකොට තිබුණා හරිය. එතුමා කියා තිබුණේ මෙහෙමය:
‘මේ කථා මාලාවේ මම කැමතිම කොටස වන "ලන්ඩන් ගිය ජෝන්" කොටස ඉවර වෙන්න එන බව දැනෙන කොට කණගාටුවකුත් හිතෙනවා.

ලන්ඩන් ගැන ඕනෑ තරම්, විස්තරාත්මක ට්‍රැවල් වීඩියෝ තිබුණත් නිදිගෙ මතක සටහන් මට විශේෂයි. ලංකාවේ මුල් කාලය ගතකල පවුලක්, විදෙස් ලන්ඩන් ජීවිතයට මුහුණ දෙන ආකාරය, ඔවුන්ගේ එදිනෙදා ජීවිතය, හැල හැප්පීම්, පවුල් සබඳතා වල අමුතුම රසයක් තියනවා.’

බස්සා මහතාගේ අනුමානය හරියටම හරිය! මේ පෝස්ටු මාලාව අද නිමා කරන්නටය නිදි හදන්නේ. සති කීපෙකට කලින් මං ඔයාලට කියාපු විදිහට ‘ප්‍රෝඩාරාමය’ පෝස්ටුව ලියන්නත් එපැයි...
ඒත්, මේ කතන්දරේදී කියාගෙන ආ හැටියට අප තවම ඉන්නේ 1986 ජනවාරියේ එංගලන්තයේය. අපි එහෙන් පිටත් වෙන්න තියෙන්නේ ජනවාරි 22 වෙනිදා!

‘අම්මා ආඩම්බර වෙන්න බලන් හිටියනෙ, මානිට නිවුන්නු හම්බ වෙනකල්. අන්න, අම්මලට කපුකම කරපු ආන්ටි එරීන්ගේ දුවට නං නිවුන්නු හම්බ වෙලාලු. අම්මා අද එයාලව බලන්නත් ගියා. මොනව කිව්වද දන්නෑ ගියාට පස්සේ.’ මං NOTES පිටුවල එහෙම ලියා තියෙන්නේ ජනවාරි 9 වෙනිදාය.
අපට සුබ ගමන් යැයි කියන්නට අම්මලාගේ හිතවත්තු හැමෝම වගේ ආව බවත් ඒ දවස්වල සටහන්වී තියෙයි. පුදුමේ කියන්නේ ඒ ගොඩ දෙනෙකු ගැන ඡායා මාත්‍රයක්වත් අද මගේ මතකයේ නැති වීමයි! හැබැයි, මට මතක නැත්තේ හැම දේම නම් නොවේ...

‘115  1818  1615්1ෙ8්11  21ි19ු186්  15ැ18්18ා’ කියලා තව ශෘංගාරාත්මක දේවල් වගයකුත් එක්ක, මං ජනවාරි 10 වෙනිදා සටහනක් කරලා; අර ඉලක්කම් භාෂාවෙන්. ඒකේ විදිහට මං වහන්සේ ලියුමක් ලියලා. ඒ පද්මෙට.
මගේ ඒ මතකය නම් තවමත් අලුත්ය!
‘අද මම පද්මේට ලියුමක් දැම්මා..’ කියලයි ඒ සටහන පටන්ගෙන තියෙන්නේ. අපි ලංකාවට එන දවසත්, එදාම රාත්‍රියේ අපි හමු විය යුතු විත්තියත් මම පද්මෙට ලියන්න ඇති. නැත්තන් එදා එයා මගේ පුංචි කාමරයේ රාත්‍රිය ගත කරාවිද? (ජනවාරි 23 වෙනිදා ඒ දීර්ඝ රාත්තිරිය ගැන Notes පිටුවල ලියැවීලා තියෙන දේවල් ‘වැඩිහිටියන්ට පනමය!’ ඒවා මෙතැන ලියන්නට නො..හො..බි..න කොලිටියේය.)

අම්මාගේත්, අනිල්ගේත්, මගෙත් බෑග්ස් ඇසුරුවේ 21 වෙනිදාය. ඒවා කිරා බැලුවාම ප්‍රශ්නයකි. “කොහොමද මෙච්චර බරක් ගෙනියන්නේ. එක්කෙනෙකුට ගෙනියන්න දෙන්නේ කිලෝ...”
“Don’t worry, I am coming with you. බර වැඩි ප්‍රශ්නය මට තියපල්ලකො.” ඩැඩා අප අස්වසමින් කිව්වේය. ඒත් මගේ හිතට හරි නැත. එහෙම අවදානම් ගැනිල්ලට මා අකැමතිය.
“ලොකාට මතකද අපි
ස්විමින් පූල් එකට ගිය දවසේ ඩැඩී දැම්ම පානිය. එකක් නං ෂුවර්... එයා මො..කා..ක් හරි මරිසියක් දායි!”

ඒ පුතු; සුරංග දැන් 37 වියැති, දෙදරු පියෙකි. අඹුදරුවන් එක්කම ඉන්නේ එංගලන්තයේය.

“අනිල් කියනවා වගේ තමයි සැසිල් වෙනදාටත් කරන්නේ. ඒකට නම් මි..නි...හ සූරයා. මම ලංකාවට යනකොට... හැමදාම මං ගෙනියන බඩුවල බර වැඩියෙන් තිබ්බා...” අන්නාගෙ කතාවට මුක්කු ගහමින් අම්මාත් කිව්වාය.

අම්මාගේත් අනිල්ගේත් සිතුවිලි නිවැරදි විය.
හීත්රෝ ගුවන් තොටුපළේදී අපේ ගමන් මලුවල බර කිරා බලන තැනට ගියා විතරය. ඩැඩා ඒ නිලධාරීන් එක්ක විහිලු කතාවකට බැස්සේය. කොච්චර කිව්වත් අප වැනි ආසියාතිකයන් නොහැදෙන විත්තියකුත් කිව්වේය; උවමනා දේයි- එපා දේයි ඔක්කොම ලංකාවට ගෙනියන්නට හදනවා කියලාත් කිව්වේය.
“It’s a small country, but poor... උඹලා එහාට ගිහිං තියෙනවද? Bags ටිකක් බර වැඩියි නේද... I told these fellows it... What can we do now...” වගේ වල්පල් දොඩවමින් ඒ නිලධාරීන්ව අවනත කර ගත්තේය. එක අමතර කිලෝවකටවත් මුදල් ගෙවීමකින් තොරවම අපේ ගමන් මලු බාර ගැනෙන තැනට පාර කැපුවේය.

“Never forget these offisers kindness...” ඒ නිලදරුවන් ඉදිරියේදීම අපට කියන්නටත් ඩැඩා අමතක නොකළේය.

ගුවන් ගමන පුරාමත් මං උන්නේ ඉවසිල්ලක් නැතිවය. එතකොටත් මානෙල්ව රෝහල්ගත කරලා ඉවරය.
කටුනායකින් මහරගමට පැමිණි විගසින්ම මට පෙනෙන්නට ගත්තේ, අපේ රටේ ඇත්තන්ගේ තිබෙන අපිරිසිදුකමයි. අපේ ගෙදර ඇත්තන්ගේ තිබෙන අපිරිසිදුකමයි.
පහුවදා ඉස්පිරිතාලෙට ගිය ගමනේදීත් එහෙමය.

“ඔහොම බලාගෙන හිටියොත් නං නිමල් අයියට හෙට තමයි පාර පනින්න වෙන්නේ...” උපාලි ජයරත්න මගේ අතින් ඇදගෙන පාර පැන්නෙව්වේය. මම විමසිල්ලෙන් බැලීමි. උපාලිගේ අතෙත් කුණුය.
බස් රියේදී මට වමනය නොගියා විතරකි. ඒ තරම් අප්‍රසන්න දාඩිය ගන්ධයන්ය- මා අවට හතර වටේම දැවටෙමින් තිබ්බේ!

ඇයි මේ?
අවුරුද්දකටත් අඩු කාලයකදී සිරි ලංකාවේ මිනිස්සු සේරම පුදුම විදිහට ‘කිලිටි කුමාර්ලා’ වෙලා තියෙන්නේ කොහොමද?

මා මේවා හෙළි කරන්නේ අදය.
එදා මට පෙනුණේ රෝහලේ ඇඳ මත වැතිරී උන් මානෙල්ගේ බෙල්ලේ කුණු පැල්ලම්ය; දෑත්වල වැලමිටි නැමුම්වලත් කුණු පැල්ලම්ය. ‘ඇයි යක්ෂණියේ, ඉස්පිරිතාලේ වතුර නැද්ද නාගන්නවත්...’ යැයි එක එල්ලයේම අහන්නට හිතුණත්...

දවස් තුන-හතරක් යද්දී, මගේ ඒ ‘නුහුගුණ ගතිය’ දියවෙන්නට පටන් ගත්තේය.

මානෙල් නංගිවත්, 1986 පෙබරවාරි 5 වෙනිදා උපත ලැබූ ඇයගේ කුළුඳුල් පුතුවත් බලන්නට යනකොට මම නැවතත් අපිරිසිදු; ගඳ ගහන ශ්‍රී ලංකේය පුරවැසියෙකු බවට පත් වී උන්නෙමි!
ඒ පුතු; සුරංග දැන් 37 වියැති, දෙදරු පියෙකි. බිරිඳත් දෙදරුවනුත් සමඟ ඉන්නේ එංගලන්තයේය.

එදා සුරංග උපන් දවසෙමය, නිමල් දිසානායක මහ ගෙදරින් අභිනිෂ්ක්‍රමණය කර කුලියට ගත් කාමරයකට ගෙවැදුණේ. ඒ විස්තර නම් මට සිහිපත් කරවන්නේ දිනපොතයි.

තවත් විදිහකින් කියනවා නම් අසීමිත නිදහසක් භුක්ති විඳීමේ වාසනාව...

‘ගෙනාව සල්ලිවලින් පවුම් 185ක් මාරු කළා රුපියල් 36.90 ගණනේ. කාමරයට ගෑස් ළිපක්- සාස්පාන්- පිඟන් කොප්ප ටිකක් ගත්තා. ගාමිණීලගේ කඩේ පිටිපස්සේ කාමරයයි ගත්තේ. ලයිට්වලටත් එක්කම 150/-යි...

අම්මව එංගලන්තෙට ගෙන්නා ගත්තු මරුමුසු තිරීස් මිසීලගේ ගෙදරින් ගෙනාව මේසයයි, පුටු හතරයි, ලී අල්මාරියයිත් මට ගන්නයි කියලා සුනිල්ලා කට්ටියම බල කෙරුවා. මීට පස්සේ අපේ ගෙදර මහ ගෙදරක් නෙවෙයි... නිකංම නිකං ගෙදරක්.’

ඒ දවස්වලම අපේ සුනිලුත් කුලී ගෙදරකට ගියේ, ලියුමකින් එංගලන්තයට දන්වා එවා තිබුණු හැටියටය.

මීට පස්සේ ලංකාවට ආවම හරි වැඩේ තමයි මට වෙන්නේ. සුනිල්ලත් කුලී ගෙදරක... ඔයාත් කුලී කාමරේක... අනිලුයි, මානිලයි විතරයි ගෙදර! මාසෙකට හරි මම කොහෙද ඉන්නේ, රංජි?” අපේ අම්මා ඇහුවේ තැවෙමිනි.
“ආ ඒක නෙවෙයි... ඔයා කවද ඉඳලද
අමද්‍යපේ වැඩට යන්නෙ?”

“මේ මාසේ 17 වෙනිදා ඉඳන්...”
ඒක නෙවෙයි රංජි. මං හිතන් ඉන්නේ සුනිල්ලට පොඩි ඉඩම් කෑල්ලක් අරං දෙන්න. එතකොට එයාටම ගෙයක් හදා ගන්න බැරිය. ඒ එක්කම ඔයාටත් ගෙයක් හදමු.”
“මට ගෙවල් ඕනි නෑ අම්මේ. ගාමිණීලගේ කාමරේ හොඳටම ඇති.”
“මම කියන්නේ ලංකාවට ආව වෙලාවක මටත් ඉන්න තැනක් ඕනි නිසයි රංජි. ඔයා ළඟ තියෙන සල්ලිවලින් පොඩි ඉඩම් කෑල්ලක් ගන්න බලන්න, මම ආපහු යන්න කලින්. මම වියදං කරන්නං ගේ හදන්න...”

ඉතිං මා ඉඩම් හෙවූ හැටිත්- හම්බ වුණු හැටිත් ‘රේස්වලින් රේස් එකට පිම්මක් -3’ කොටසෙදී මෙලෙස කීවෙමි.

‘... ඒ තිදෙනාම දවසක් හිමිදිරියේ මා හොයාගෙන ආවේ සුබ පණිවිඩයක් අරන්ය.

නිමල්, ඔයා ඉඩමක් හොයනවා කියලා ආරංචි වුණා. අනේ, කොහොම හරි අපේ ඉඩමට අල්ලපු කෑල්ල ගන්නකෝ. වනිගෙලගේ පුංචි අම්මගේ. (අනේ පාලි තව චුට්ටක් - පෝස්ටුවේදී පිහි ඇනුම් කා මියගිය තරුණයන් දෙදෙනාගේ පුංචි අම්මාය, මේ.) ඉඩම වටිනවා. අපි කතා වුණේ  ඔයා වගේ එක්කෙනෙක් අපේ අසල්වැසියෙක් වෙනවා නං, ඒක කොච්චර එකක්ද කියලා!"

මා වෙනුවෙන් වැඩියෙන්ම වෙහෙසුණේ ඔවුන්ය. මම ඉඩම ගත්තෙමි. හැබැයි ඒ ඉඩමේ මගේ නිවස හදන්නට කලින්ම RPR වස බීලා- බෙල්ලේ වැල ලාගෙන දිවි නසාගත් විත්තියත් ඒ post එකේම ලිව්වෙමි.

නමුදු RPRගෙ උදව්ව නිසා, අවුරුදු 32 ලබන්නට ඉස්සරම මං වහන්සේ පර්චස් නවයහමාරක් වන ඉඩම් කැබැල්ලක හිමිකරුවෙක් වුණේය!
එකම එක දොරක් විතරක් ඇති, එක ජනේලයක්වත් නැති
කාමරයක තනිව සිටින්නෙකු බවට පත් වුණේය!!
තවත් විදිහකින් කියනවා නම් අසීමිත නිදහසක් භුක්ති විඳීමේ වාසනාව ලද්දෙක් වුණේය!!!෴0෴

38 comments:

  1. ලිපිය කියෙව්වා!
    හැමදාම වාගේ එය රසවත්!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි තට්ටයා මහත්තයෝ.

      Delete
  2. අද කථාවෙ සතුටු හිතෙන දේවල් වැඩියි.

    ReplyDelete
    Replies
    1. ජීවිතෙත් එහෙමනේ ඉයන්!
      සතුට සෝකේ ජය පරාදේ අපටමයි මේ ලෝකයේ
      https://www.youtube.com/watch?v=EHDQMlKW8f0

      Delete
  3. හරිම ලස්සනට කතාව ගලපලා තියෙනවා. මට අදයි වැටහුනේ මේ ටිකටික ඔබගේ ජීවිත කතාව ලියනවා කියලා. ඇත්තටම දින පොතක් තිබීම හරිම ශෝක්. මොකද ජීවිතේ හැම දෙයක්ම මතකයේ තබාගන්න බෑ නේ. මම මෑතකදී කියවන්න ගත්ත කෙනෙක් නිසා අතීත රස කතා මිස් වෙන්න ඇති. කමක් නෑ ඉදිරි ඒව කියවමුකෝ නේ.

    ReplyDelete
    Replies
    1. මා ළඟ ඉතිරි වී තිබුණු එකම දිනපොත යළිත් කියවීම 1985 මතකයන් ලේසියෙන් ලියන්නට හැකි වුණා, ලියෝනි.
      හැකියාවක් තියෙ නං මුල හිට කියවලා බලන්නකො- මගේ ජීවිත කතන්දරේ.

      Delete
    2. ආසයි කියවන්න. වෙලාව තමා හිඟ. කොහෙන්ද පටන් ගන්න ඕනේ... 🤔

      Delete
    3. ඔයාට කැමති තැනකින් පටන් ගන්න, ලියෝනි. කැමතියි නම් කැටගරි 6 ක්ලික් කරලා මාතෘකා ටික කියවලා බලන්න ඉස්සෙල්ලම.

      Delete
    4. ඊයෙම ඔයා වැඩේ පටන් අරං! ගොඩක් ස්තුතියි ලියෝනි.
      අජාසත්ත පෝස්ට්ස්වලට එවපු commentවලට තව ටිකකින් උත්තර දෙන්නං.

      Delete
  4. මේක කියෙව්වාම, නිදිගෙ ඩඩා ගැන තියෙන ගෞරවය තවත් වැඩි වුනා. එයා මාර මීටර් එකක් නෙව?
    //උඹ හොඳ ස්ටේබල් කන්ඩිෂන් එකක හිටියොත්, අනිත් මිනිස්සුත් බය නැතුව උඹ වටේ ඉඳියි!”// ඒක මසුරං වටින කියමනක්. අනුන්ට බරක් නොවී ජීවත් වෙන්න යමක් ඉතුරු කරගනින්. තමන්ගෙ තරමට ජීවත් වෙයන් කියන එක නේද, එයා කියල තියෙන්නෙ.

    රටක් වශයෙන් ලංකාව බංකොලොත් වුනෙත්, ඔය "ණය වෙලා හරි ගිතෙල් තමයි වළඳන්න ඕනෙ" සංකල්පය කරන්න ගිහින් නේද?

    ReplyDelete
    Replies
    1. සත්තයි බකුසුතුමෝ. ඩැඩා මට කියපු උපදේශේ මසුරන්.
      රටේ හැමෝම තම-තමන්ගෙ උත්සාහවන්තකමින් නැඟිටින ස්වොත්සාහවන්තයෝ වෙනවා නං රට මීට වඩා ඉස්සරහට ගිහිං.

      Delete
    2. ඒ වගේම නිදි කියපු විදිහට ඩැඩාගෙ අඩුපාඩු තියෙන්නෙ ඇති. ඒකෙ අවුලක් නෑ, ඒක සාමාන්‍ය මිනිස් ස්වභාවය. ඒත් ඔහු සමස්තයක් වශයෙන් හිත හොඳ, ස්මාර්ට් මනුස්සයෙක් බවයි මට හැඟුනේ. ඩැඩා නිදිට වඩා කැමැත්තක් දැක්කුවේ, ඔබේ ගතිගුණ ගැන් පැහැදුනු නිසා වෙන්න ඇති.

      ඒත් අනිල්ගේ හැසිරීම "නැග්ග ඉනිමඟට පයින් ගැසීමක්" වගෙයි මට හැඟුනේ.

      Delete
    3. ඔයා හරි. ඇත්තෙන්ම ඩැඩා හෙණ ස්මාර්ට් මනුස්සයෙක්!
      අනිල් එච්චර දුර හිතපු කෙනෙක් නෙවෙන විදිහටයි මම දකින්නෙ, බස්සා මහත්තයෝ.

      Delete
  5. කතාව සංවේදියි මටනම් මෙතන. පවුම් 185ක් මාරු කළා රුපියල් 36.90 - දැන් ගාන බැලුවහම පිස්සු හැදෙනවා නේද? ලංකාව 1985 ට වඩා හුඟක් දියුණුයි කියල නිදිට හිතෙන්නේ නැත්ද? කොච්චර විවේචන කලත්.

    ReplyDelete
    Replies
    1. ඔව් අජිත් මහත්තයෝ. දිනපොතේ ලියා තිබුණු ඒ ගණන් ටික සසඳනකොට ලොකු චිත්‍රයක් මවා ගන්න පුළුවනි නේද?
      දියුණුව.... මට හිතෙන්නේ සමහර පැතිවලින් ඉහළටම යද්දී සමහර දේවලින් ඉ පාතාලයටම වැටිලා වගෙයි.

      Delete
  6. නිදි ඔයා නම් මාර පොරක්, පොතක් ගහන එක ගැනත් හිතන්න. අපිට පැන්සෝන් ගියාට පස්සේ කකුල් උඩ තියාගෙන කිවන්න.
    විජේබාහු

    ReplyDelete
    Replies
    1. හොඳයි විජේබාහු මහත්තයෝ. හිතා බලන්නම්.

      Delete
  7. පිටිං ඉඳන් දකින කෙනෙක්ට හරි දේ තේරැම් යනව වාගෙ... ඩැඩාට විතරක් ඔය දේ තේරැනේ ඒක වෙන්ට ඇති. (ඩැඩා පිට කෙනෙක් කියන්ට හැදුව නෙමේ. උන්ද පහුවනෙ පවුලට එකතු උනේ)

    ReplyDelete
    Replies
    1. ඊයේ ඔයාගේ comment එක මට මඟ හැරිලා වගෙයි. සමාවෙන්න නමී.
      දෙයක් වඩා හොඳින් පෙනෙන්නේ පිටින් ඉඳන් බලනකොට තමයි! ඔතනට කියන පණ්ඩිත කතන්දරත් මතක් වුණා- පර්යාලෝකය වැටුණාම!
      https://www.facebook.com/100807595215646/posts/135640168399055/?locale=hi_IN

      Delete
  8. //මරණය පිළිබඳව යථාර්ථවාදී දැක්මක් නැති පුද්ගලයකුට ජීවිතය සඳහා අවශ්‍ය හරි දැක්මක් ඇති කරගත නොහැකිය// මසුරං කියමන. 100% එකඟයි කතාවට.

    ReplyDelete
    Replies
    1. ඒත් අයිස්ටයින්, ෆ්‍රොයිඩ් ගොයියල තමන්ම මරැ හොයන් ගිය වැඩේට මයෙ වැඩි මනාපයක් නැ. ඒත් ඉතිං ඒ වයෙ අවස්ථාවක් මට ආවත් ඔය දේ නොකරාවි කියල ඉන්තේරැවටම කියන්න නං බෑ

      Delete
    2. අපේ සගිස්කුරුත අයිටම් එකක් විදිහට "ආයු බෝ වේවා!" කියනව නෙව? ආයු බෝහෝ උනාට කමක් නෑ, හැබැයි පුතෝ ඩිමෙන්සියා නැතුව අතපය අවලංගු ඇතුව හොඳේ? 🤭

      MAID (Medical assistance in dying)

      Delete
    3. නමී, වික්ටර් අයිවන් මහත්තයාගේ 'ජීවිතයේ ප්‍රබෝධය මරණයේ අසිරිය' පොත කියවලා තියෙනවද?
      කියවන්න වටිනා පොතක්...
      අපි හුඟ දෙනෙක් එකේක විදිහට කරනවා කියලා හිතාගෙන ඉන්නවා තමයි මහත්තයෝ. ඒත් ඒ ඒ අවස්ථා උදාවෙන්නේ අහම්බෙන්- අනපේක්ෂිතව. එතකොට තමයි අපි එව්වාට මුහුණ දෙන විදිත් - තේරුම් ගන්න විදිත් තීරණය වෙන්නේ.
      සිංහරාජේ ගිහිං සිංහගල මුඳුනට නැගලා සුවිශාල වනන්තරේ දිහා බැලුව දවසේ තමයි මම කොච්චර ක්ෂුද්‍ර ජීවියෙක්ද කියලා මට හොඳටම හිතුණේ.
      පරෙයියන් ඇල්ලට වැටෙන්න ගිහිං- අතක් dislocate වෙච්චි සිද්ධියේදී තමයි මං මැරෙනවට බයක් නැති විත්තිය තේරුනේ.
      මල්ටිපල් මයෙලොමාව හැදුනාම තමයි 'ආරෝග්‍යා පරමා ලාභා' කියන එක හරියටම වටහ ගත්තේ.

      Delete
    4. // ආයු බෝහෝ උනාට කමක් නෑ, හැබැයි පුතෝ ඩිමෙන්සියා නැතුව අතපය අවලංගු ඇතුව හොඳේ?//
      මාත් හිතන්නේ එහෙම තමයි බස්සා මහත්තයෝ. ඒත් සුහද මිත්තරයන් කැලක් ඉන්නවා නං අතපය යන්තං වලංගුව තිබුනත් ඇති වගේ! ගිය සෙනසුරාදා සූරියකන්දේ Sky Deck කැම්පින් සයිට් එකට ගියා. කැලේ අස්සෙන් පැය බාගයක් විතර අසීරු කඳුකර පාරක 'ගල්දොල'ට යද්දී මගේ මිත්‍රයන් මාව උස්සගෙන නොගියා විතරයි!
      එයාල තමයි මට ජීවත් වෙන්න ටාගට්ස් දීල තියෙන්නෙත්!!

      Delete
    5. බකුසුතුමෝ, ඔයාගේ link එකට ගියා, කියෙව්වා, ස්තුතියි.
      මම තවම හිතනවා Death Dealer එකට ගැලපෙන සිංහල වචන ගැන. යම දූතයා- මාර දූතයා... මේ හැර තවත් වදන් තිබේද බස්සාණෙනි?

      Delete
    6. මරණයේ වෙළෙන්ඳා
      මරණ දඩුවම් මුදලාලි ......🤭🤣

      Delete
  9. ඩැඩී නම් නියම වැඩ්ඩෙක් තමයි...පානිය දාලා ලස්සනට වැඩේ කරන්න දන්න කෙනෙක්.

    එක රටක ඉදන් තවත් රටකට ආවම එන කල්චරල් ශොක් එකක් තියෙනවා. දිර්ඝ කාලයක් එංගලන්තේ ඉදලා ආවම ලංකාව පිස්සන් කොටුවක් වගේ පේන්නේ ...ඒත් ටික දවසක් යන කොට ඕක මග ඇරිලා යනවා කියලා තියෙනවා වගේ...ඕකේ හොදම එක පිටරට ඩ්‍රයිව් කරලා ඇවිල්ලා ලංකාවේ එලවන්න ගන්න එක...

    ReplyDelete
    Replies
    1. එහෙනං ඔයාටත් ඒ අත්දැකීම තියෙනවා!
      ඒ විත්තිය කිව්වට ස්තුතියි මයියා!!

      Delete
  10. නිදීගේ කතා තැනින් තැනින් නේ කියවන්නේ .. මේකේ අර මරණය ගැන තිබ්බ ටික නම් සහතික ඇත්ත .

    [අපි හුඟ දෙනෙක් එකේක විදිහට කරනවා කියලා හිතාගෙන ඉන්නවා තමයි මහත්තයෝ. ඒත් ඒ ඒ අවස්ථා උදාවෙන්නේ අහම්බෙන්- අනපේක්ෂිතව. එතකොට තමයි අපි එව්වාට මුහුණ දෙන විදිත් - තේරුම් ගන්න විදිත් තීරණය වෙන්නේ.]

    ඔක්කොටොම වැඩිය මේක ඇත්ත

    මගේ අත්දැකීමත් ලියන්නම්කො

    ReplyDelete
  11. "තවත් විදිහකින් කියනවා නම් අසීමිත නිදහසක් භුක්ති විඳීමේ වාසනාව ලද්දකු වුණේය!!!" ඊට කලින් ඉඳන්ම නිමල්ට තිබ්බ නිදහස ගැන හිතද්දි මේ අසීමිත නිදහස කොහෙන් කෙලවර වෙයිද කියලා හිතාගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. Lotus, භූරිදත්ත ජාතකය කියවල තියෙනවද? චිත්රශූල කැස්බෑවා ගංගා නම් ගඟේ සලාවැටුමට දැම්මම වගේ තමා........

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්