අකුරු මැකී නෑ

Sunday, April 19, 2026

යකිනිට ඇන්දා- දෙවෙනි කොටස

“ආයෙ මොකටද හංගන්නේ? මට දැනගන්න ඕනි ඔයාලගේ සාම ජාතකේ වගේ ලස්සන නාට්ටියක් මහරගම ටවුමේදී පෙන්නන්න කීයක් විතර යයිද කියලා...”

නාට්ටියක් නටවන්න තමයි හදන්නේ. හැබැයි නාට්ටිය නටවන්නේ මම නෙවෙයි, මෙයා!

“නාට්‍යයක් පෙන්නන්න නෙවෙයි ගෙයක් හදනවා වගේ වැඩකට වුණත් යන වියදම ගැන අදහසක් ඇතිව තමයි වැඩේ පටන් ගන්න ඕනේ. මොකෝ දන්නවද කළු අක්කේ-එක වැඩේම වුණත් දෙන්නෙක් කරන්න පුළුවන් දෙවිදිහකට... පිරිමහලා වියදම අඩුවෙන්ම කරලා හරි... ලෝස්-බෝස් නැතිව අත දිග ඇරලා වියදම් කරලා හරි.”

“මම දන්නවා නිමල් මල්ලී, අනුන්ගෙ අතින් යනවා නං සමහරු එහෙමයිනෙ. කොහා මහත්තයත් ඊයේ පෙරේදා ඔයාට එහෙම කැත වැඩක් කෙරුවේ... ඒ ගැන නං කතා කරල වැඩක් නෑ මල්ලි. අපි මෙන්න මේ කෙරෙන වැඩක් ගැන කතා කරමු...”

“ඔව් රංජි මල්ලී, එහෙම දේවල් ගැන හිතන්න හිතන්න අපේ ඇඟේ ලේනෙ පිච්චෙන්නේ!” සරතුත් කිව්වා. “ඉතිං- කළු අක්කා නාට්‍යයකට යන වියදම හොයාගෙන නාට්‍යයක් නටවන්නද හදන්නේ?”

“ඔව්, ඔව්... සරත් මල්ලී. නාට්ටියක් නටවන්න තමයි හදන්නේ. හැබැයි නාට්ටිය නටවන්නේ මම නෙවෙයි, මෙයා!” කළු අක්කා හිනා වෙවී සරත්ට පෙන්නුවේ මාවය.

“මේ මං? කවුද කිව්වේ මම ආයෙමත් නාට්‍යයක් කරන්න ලෑස්තියි කියලා?”
“තවම කවුරුවත් එහෙම කියල නෑ තමයි. ඒත් මේ හදන්නේ ඔයාව එහෙම වැඩකට කැමති කරව ගන්නයි.
මේ අහන්නකො නිමල් මල්ලී. ඔයා අතින් සල්ලි වියදම් කරලා ‘ප්‍රතිභා’ පෙන්නුවා. ඒ වුණත් මෙච්චර සිංදු කියන්න පුළුවන් ඔයා ඒ ෂෝ එකේ එක සිංදුවක්වත් කිව්වද- නැහැනේ...”

ඒ කළු අක්කාගේ තක්සේරුවය. ඇයට අනුව නම් මාත් ගායකයෙකි.
ගැටවර කාලේ නං නිමල් දිසානායකයා හිතාගෙන උන්නෙත් තමන්ට ගීත ගායනා කරන්නට පුළුවන්ය කියලයි. ගීත අහන්නට අහන්නට; සංගීතය පිළිබඳව උනන්දු වෙන්නට වෙන්නට මේ නිමලයාගේ ඒ හැඟීම වෙනස් වුණේය.
“කළු අක්කේ, ඔයාලට තමයි පේන්නේ මට සිංදු කියන්න පුළුවන්ය කියලා. ඒක නං හරියටම හරි. මට පුළුවන් සිංදු කියන්න. හැබැයි, සිංදු තියෙන්නේ කියන්න නෙවෙයි- ගායනා කරන්නනේ... මට සිංදු ගායනා කරන්න නං බෑ!”

මං එහෙම කිව්වම කළු අක්කා හැරුණේ සරත් රංචාගොඩගෙ පැත්තටයි. “සරත් මල්ලිටවත් තේරෙනවද මෙයා කියන මේ අප්‍රබංසේ? සිංදු කියන්න පුළුවන්ලු කියන ගමන්ම නිමල් මල්ලී කියනවා එයාට සිංදු ගායනා කරන්න බැරිලු කියලා...”
“කළු අක්කේ, ඔය ප්‍රශ්නේ මගෙන් අහනවට වැඩිය හොඳයි මෙයාගෙන්ම අහන එක... මට බැහැනෙ මෙයා තරංවත් සිංදු කියන්න.”

ජෝතිපාල කියන්නෙත් ඉපදෙනකොටම එහෙම වාසනාවක් ලැබුණු පිංකාරයෙක්... සංසාර පුරුද්දකින් වෙන්නැති එයාට මෙච්චර හොඳට ගායන හැකියාවත් පිහිටලා තියෙන්නේ...

ඇත්තය! වැඩි දෙනෙකුට සිංදු කියන්නට බැරිය!!

සිංදු කියනවා නං ඒකත් ඒ ගීයේ තාලයට අනුව; තනුවට අනුව කිව යුතුය. සමහරුන්ට ඒ ටික කර ගන්නට හැකිය. ඒත් සිංදුවක් ගයන විට ‘ශ්රුතියෙහි පිහිටා’; භාවයන් දනවන ලෙසින් ගයන්නට වෙයි. එතකොටය ගීයේ මිහිර මැවෙන්නේ... (වර්තමාන කාලයේ නම්, ඒ ගැන මදි නොකියන්නට තරං කරුණු දැන ගන්නට ඇහැකි විදිහක් තිබෙයි... රූපවාහිනී නාලිකාවල විකාශ කෙරෙන රියැලිටි ගායන තරග නැරඹීම... විශේෂයෙන්ම, ඒවායේ විනිශ්චය මණ්ඩල සාමාජිකයන් දක්වන අදහස්වලට සවන් දීම...)

“අපිත් සිංදු කියනවා තමයි. හැබැයි කළු අක්කේ, සමහර වෙලාවට ශ්රුතියෙන් පිට පනිනවා. කට්ටිය බීලා ඉන්න වෙලාවක; බස් එකක ට්‍රිප් එකක් යන වෙලාවක කව්ද ඔව්වා හොයන්නෙ? අන්න එහෙම වෙලාවට තමයි අපි වගේ අය ගායකයෝ වෙන්නේ.”
“බුදු අම්මෝ, අපි ඔව්වා දන්නේ කොහොමද නිමල් මල්ලී... අපට නං ඔයා මරු ගායකයෙක්...”
“ගස් නැති රටේ තුත්තිරි ගහත් ගහක්ලුනේ කළු අක්කේ.”    

“එතකොට රංජි මල්ලී, ඔය ඔක්කොම දන්න- පට්ටං ගහපු ඔස්තාද්ල, සංගීත විශාරදලා කොච්චර ඉන්නවද සිංදු කියන... එයාලගේ සිංදු අපිට අල්ලන්නෙ නැහැනෙ... තව එකක්... ලංකාවටම අල්ලලා යන්න සිංදු කියන ජෝතිපාල මහත්තයත් සංගීතේ ඉගෙන ගත්තු කෙනෙක් නෙවෙයි කියලත් කියන්නේ...”
“මේකයිනේ සරත්... සංගීතේ ඉගෙන ගැනිල්ල වෙනයි. ගායනා කෙරිල්ල වෙනයි.
කෙනෙකුට උත්පත්තියෙන්ම පිහිටන කටහඬ වෙනයි. බොහොම ටික දෙනෙකුට විතරයි එහෙම හිතට වදින මිහිරි කටහඬක් පිහිටන්නේ. ජෝතිපාල කියන්නෙත් ඉපදෙනකොටම එහෙම වාසනාවක් ලැබුණු පිංකාරයෙක්... සංසාර පුරුද්දකින් වෙන්නැති එයාට මෙච්චර හොඳට ගායන හැකියාවත් පිහිටලා තියෙන්නේ..”

“මේ මේ... ඔයාල දෙන්නගෙ ඔය සංගීත ජාතකේ ඉතිරි හරිය වෙන වෙලාවක කතා කර ගන්නවලා...” කළු අක්කා අපේ සංවාදය මැද්දට පැන්නේ කඩාකප්පල්කාරී විදිහට. “... මට තව දවස් තුන-හතරකට කැන්ටිමට එන්න හම්බවෙන එකක් නෑ. මේ කාරණාව අදම කතා කරලා ඉවරයක් කර ගන්න ඕනි, ඒ හින්දයි.”
එහෙම කියලා කළු අක්කා හරි-බරි ගැහුණාය. මෙහෙමත් කිව්වාය.

“නිමල් මල්ලී... මට නං මේ නාට්ටියේදී ඔයා සිංදු කිව්වත් එකයි- නොකිව්වත් එකයි. හැබැයි මේ නාට්ටියේ ඔයාත් ඉන්න ඕනේ. ඉන්නව විතරක් නෙවෙයි- කෙල්ලට රඟපාන්නත් ඕනේ; ඉස්සර ඔයාලා කරපු නාට්ටිවල වගේම ලස්සනම ලස්සන ඩාන්ස් එකකුත් දාන්න ඕනේ...
සැමී අයියගේ බෑණා; අසෝකවත් නාට්ටියේ කොටසකට ගන්නත් ඕනි. එච්චරයි...”

කළු අක්කාගේ වැඩුමල් දියණිය සෝමලතා විවාහ වුණු දවසේ...

එතකොට සරතුත් මැද්දට පැනපි.
“හෝව්... හෝව් කළු අක්කේ. එතකොට අපි වගේ පරණ කට්ටියට මොකද වෙන්නේ? අපිව මේ නාට්‍යයට ගන්න එපා කියලද ඔයා කියන්නේ? අනේ, එහෙම ක‍රන්න එපා... හැත්තෑතුනේ සිංහබාහුට රඟපෑවාට පස්සේ මට chance එකක් හම්බ වුණෙම නෑ. මටත් හරිම ආසයි, මැරෙන්න කලින් තව එක පාරක් හරි stage එකකට නඟින්න.”

“යකඩෝ... මේ ඔක්කොම කතා කරන්න කලින් හොයන්න එපැයි අපට නාට්‍යයක් කරන්න සල්ලි කොහෙන්ද කියලා. ආධාර එකතු කරන වැඩේ නං කීයටවත් කරන්න බෑ... මට හිතෙන විදිහට දැන් නාට්‍යයක් කරන්න අඩුම ගණනේ රුපියල් දහදාහක්වත් යයි...”
“අයියෝ... දහදාහද? මං හිතාගෙන උන්නේ ඊට වැඩිය ලොකු ගාණක් යයි කියලා... ආධාර එකතු කරන්න ඕනි නෑ නිමල් මල්ලී. එක්කෙනා රුපියල් දාහ ගණනේ දාන්න කැමති දහ දෙනෙක්ව හොයා ගනිමු. එතකොට ඉවරයිනෙ. මගෙන් දාහක් දානවා. අසෝකත් රුපියල් දාහක් දායි... තව අටදාහයි...”

“හරි! මාත් දාහක් දාන්නං.” මං කියලා ඉවර කරන්නටත් කලින්ම සරතුත් ඉස්සර වුණා... “මගෙනුත් දාහක්!”
“පේනවනේ... දැනටම හාරදාහක් හරි. මම තව කීප දෙනෙකුටම කියන්නං... නිමල් මල්ලියි- සරත් මල්ලියි දෙන්නමත් තව කීප දෙනෙක්ට කියල බලන්න. හරිනේ?”

“ඒ වුණාට අපි තව තුන් දෙනෙකුවත් කැමති වුණාට පස්සෙම වැඩේට බහිමු නේද සරත්... මේක හරියට හම්බ වෙන්න ඉන්න ළමයෙකුට හඳහන ලියවනවා වගේනෙ...” මං කිව්වේ මගේ මතයයි.

“මේකනේ රංජි මල්ලී... මං නම් සල්ලි දාන්නේ මටත් තව සැරයක් නාට්‍යයක රඟපාන්න ආසා හින්දයි කියමුකො...” එතකොට සරත් කිව්වා. “... අසෝකත් එහෙමයි. ඒ වුණාට මේ කළු අක්කත් රුපියල් දාහක්ම දාන්නං කිව්වේ එයාට හරි- එයාගේ කාට හරිවත් රඟපාන්න ඕනි හින්දා නෙවෙයිනේ. ඔයා ආයෙමත් රඟපානවා බලන්න ආසාවෙන්නේ.
ඒ වගේ නාට්‍යවලට කැමති; සල්ලි තියෙන තව හය දෙනයිනෙ අපිට හොයා ගන්න තියෙන්නේ...”

“අනෙක තමයි නිමල් මල්ලී, දැන් පමුණුවේ හැදීගෙන එන අලුත් සල්ලිකාරයෝ... එහෙම අය පැනල ඇවිත් මේ වැඩේට උදව් කරයි. ඔයාට තියෙන්නේ නාට්ටිය පටන් ගන්න ඉස්සෙල්ලා තඩි පොල්තෙල් පහනක් පත්තු කරන්න එයාලට ආරාධනා කරන්න විතරයි...”
“අම්මට සිරි! කවුද අක්කේ ඔය පමුණුවේ අලුත් සල්ලිකාරයෝ?”

අපේ බතික් වැඩපොළේ වැඩ කළ සියලුම දෙනා (මගේ ඉල්ලීම පරිදි) මට කතා කළේ ‘නිමල් අය්යා’ යන ආමන්ත්‍රණයෙනි. (ඉදිරි පේළියේ මැදින්ම සිටින්නේ මාත් ලොකු නංගි පුෂ්පාත්ය.)
“රෙදි බිස්නස් කරන අය! ඉස්සර පමුණුවේ තිබ්බේ පාංකඩ මැහිල්ල විතරයිනේ. ඒක කළෙත් තුන් දෙනයිනෙ... දැන් එහෙම නෙවෙයි. කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ මේ අලුතෙන් ඇරෙන ලොකු ලොකු ගාමන්ට්ස්වලින් කට් පීසස් ගෙනත් විකුණන පමුණුවේ අයත් හොඳට හම්බ කරනවා, සරත් මල්ලී... තව ටික දවසකින්ම කාටත් පෙනෙයි... එයාල තවම අළු ගසා දාලා නැඟිට්ටේ නෑ... හැංගි හැංගි වෙස් බඳිනවා විතරයි.”

“අපේ ‘ඇට අට දෙන JR’ මහත්තයාගේ විවෘත ආර්ථිකේ හන්දා වෙන්නැති...”

පිරිසකට ‘නඟින කලාව’ වුණු ඒ විවෘත ආර්ථිකය අපේ දීපානි බතික් එකට නං ‘බහින කලාව’ වුණු බව මෙතැනදී කියන්නට වෙයි.

“දාස මහත්තයලගෙ ඩියුරෝ රෙදියි; භූමිතෙල් ගඳ ගහන චීත්ත රෙදියි විතරනෙ සරත් 77ට කලින් තිබ්බේ. දැන් එහෙමද... වයිවාරන්න රෙදි ජාති පිරිලා... එව්වා බතික්වලට වැඩිය ලාබත් එක්ක. සුද්දොන්ට විතරක් විකුණන්න බලාගෙන බතික් හදලා අපේ වගේ පුංචි වැඩපොළක් කරගෙන යන්න බෑනෙ...”
“එතෙන්දි නං නිමල් මල්ලී වැරැද්ද ඔයා අතේ. ඔයා කම්මැලියි... ඒ දවස්වල පමුණුවේ බතික් ගෙදර කිව්වම කවුද නොදන්නේ? අපේ ලතාත් ඔයාලගෙ බතික් වැඩපොළට ආව හින්දනේ අපි වුණත් අඳුරගත්තෙ... දැන් ඔයාට කරන්න තියෙන්නේ බතික් එක තියෙද්දීම හරි- නැත්තං වහලා දාල හරි රෙදි බිස්නස් එකට අත ගහන්න... කම්මැලිකම පැත්තකට දාලා...”

(කළු අක්කා කිව්වේ ඇත්තය! ලතා යනුවෙන් කියැවුණේ කළු අක්කාගේ වැඩිමල් දියණිය සෝමලතාටය. සෝමලතාගෙ නැඟණිය ඉන්ද්‍රානි වැඩිවිය පත්වුණු විට කළු අක්කලා ජයටම ‘කොටහළු මඟුලක්’ කෑවෝහ. මාත් ආරාධිතයෙකු වුණු ඒ උත්සවයෙන් පසුවය- මා ඒ පවුලේ හිතවතෙක් වුණේ. එච්චරකුත් නොවේ; කළු අක්කාගේ සහෝදර-සහෝදරියන් සියලු දෙනා සහ ඒ පවුල්වල දරු-දැරියන් හැමෝගෙමත් හිතවතෙකු වුණේ.

එහෙම වීම නිසා තවත් දෙයකුත් සිද්ද වුණේය. අපේ බතික් වැඩපොළේ වැඩ කළ සියලුම දෙනා (මගේ ඉල්ලීම පරිදි) මට කතා කළේ ‘නිමල් අය්යා’ යන ආමන්ත්‍රණයෙනි. සෝමලතාත් එහෙමය. ලතාව අනුගමනය කළ ඇයගේ නංගි ඉන්ද්‍රානිත්, වික්ටර් හා ජයා මල්ලිලාත් ‘නිමල් අයියා’ කියන ඇමතුමම මා වෙනුවෙන් තෝරා ගත්හ. ඒත් සෝමලතාගේ දෙමාපියන්ට; එනම් සෝමේ අයියාට හා කළු අක්කාට මම නිමල් මල්ලී වීමි.
මරු නෑකම් කීමකි ඒ! තවත් මගේ සමීපතම පිරිස් කිහිපයක් සමඟිනුත් මේ පටලැවිල්ලම සිදු වුණු හැටි තවමත් මට සිනා ගෙනෙයි.)

සරස්වතී දේවින්නාන්සේ වැඩ ඉන්න තැනක ලක්ෂ්මී දේවින්නාන්සේට ඉන්න බෑ- කියන කතාව...

“රෙදි බිස්නස් එකට අත ගහන්න? කළු අක්කේ- ඒ බිස්නස් එකේ කිසිම ගතියක් නෑනෙ. සල්ලි නං හම්බ වෙයි... ඒත් කිසිම තෘප්තියක් හම්බ නොවෙනවා නං කොච්චර සල්ලි හම්බ වුණත් වැඩක් තියෙනවද?”

“එහෙනං ඔයා කොහොමද බතික් කළේ- අවුරුදු හත-අටක්ම... ඒකත් රෙදි බිස්නස් එකක්නෙ...”
“එක බතික් රෙද්දක් කියන්නේ එක නිර්මාණයක් කළු අක්කේ. එකම මෝස්තරයක් රෙදි තුනක් උඩ ඇඳලා බතික් රෙදි තුනක් හැදුවත් ලබෙන්නේ එකකට එකක් වෙනස් නිර්මාණ තුනක්... ඒකයි බතික් කලාවේ රහස...”

“කළු අක්කේ. මෙයා බිස්නස් මයින්ඩඩ් කෙනෙක් නෙවෙයි. ඒකයි නිමල්ට බිස්නස් යා දෙන්නැත්තේ.” සරත් කතාවට මැදිහත් වුණේ සෑහෙන වෙලාවකට පස්සෙයි.
“වෙන්ඩැති, වෙන්ඩැති... අපේ තාත්ත ඉස්සර කියපු කතාවක් තමයි -සරස්වතී දේවින්නාන්සේ වැඩ ඉන්න තැනක ලක්ෂ්මී දේවින්නාන්සේට ඉන්න බෑ- කියන කතාව... දැන් තමයි මටත් හිතෙන්නේ... නිමල් මල්ලිලා වගේ අයට තියෙන්නේ සරස්වතී දේවියගේ බැල්ම තමයි කියලා.”

“එහෙම නොවුණා නං අද මේ වගේ කතාවක්වත් කෙරෙන එකක් නැහැනෙ අක්කේ. නේද...” එහෙම කියු සරත් ඊළඟට මගේ දිහාවටය හැරුණේ. “... දැන්මම මටත් නාට්‍ය උණ ආපහු බෝවෙලා වගෙයි රංජි මල්ලී... මොන කතාවද ඔය නාට්‍යයට තෝරා ගන්නේ?”

“කතාවක් ගැන නං තාම මට කල්පනා වුණේ නෑ සරත්. හැබැයි, කළු අක්ක කියපු විදිහට- මං ප්‍රධාන නිළිය වෙන්නයි, නැටුමක් නටන්නයි පුළුවන් වෙන කතාවක් එපැයි හොයා ගන්න. අනෙක stage එකක් උඩට ගේන්න ලේසි එකක් වෙන්නත් එපැයි...”

“ඔව්, ඔව්... පටාචාරා ජාතකේ වගේ එකක් නාට්ටියකට ගත්තැකිය? නේද නිමල් මල්ලී... උකුස්සෙක් අත දරුවෙක්ව උස්සගෙන අහසෙන් යනවා- තව දරුවෙක් ගඟේ ගහගෙන යනවා... ඒ මදිවට පටාචාරාට පිස්සු හැදිලා අමු හෙළුවෙන් පාරවල් දිගේ දුවනවා...”
“ඔය එකක්වත් නාට්‍යයකදී කරන්න බැරි වැඩ නෙවෙයි. හැබැයි, හරි අමාරුයි... වියදමුත් යනවනෙ... පටාචාරා ජාතකේ කියලා තොරණවල එහෙම නම ගහල තියෙන හැටි මමත් දැකල තියෙනවා. එහෙම කියන එක නං වැරදියි. මොකද පටාචාරාව ජීවත් වුණෙත් බුදු හාමුදුරුවෝ ජීවත්වෙන කාලේනෙ...
ජාතක කතාවක් කියන්නේ බුදු හාමුදුරුවන් වහන්සේ පූර්ව ජාතීන්වල ඉපදිලා හිටිය හැටි ගැන කියැවෙන කතාවලට. එව්වයෙ කියැවෙන්නේ බෝධිසත්වයන් වහන්සේ එක එක ආත්මවල ඉපදෙමින් බුදු වෙන්න පාරමිතා පුරපු හැටි ගැනයි.”

“ඉතිං නිමල් මල්ලී... පන්සිය පනස් ජාතකේ කියන්නේ නිකංයැ... කතන්දර පන්සිය පනහක්ම තියෙන හින්දනේ... නැද්ද ඔයා හිතන විදිහට...”
“මට හිතන්න ටික දවසක් දෙන්නකෝ. ලබන සුමානේ මං කියන්නං... එතකොට අපිට දැනිලා තියෙයිනෙ, මේ වැඩේට තව කට්ටිය උදව් දෙයිද කියලත්...”

එහෙනං... ඉතිරි විස්තරත් අපි තව සුමානෙකින් විතර කියවමු. හොඳේ... 

70 comments:

  1. අපේ අයියා කෙනෙකුත් ඔහොම නාට්ටියක් ගෙන්නලා පෙන්නපු සීන් එකක් මතක් වුණා . මම නම් පොඩියි ඒ කාලේ . අන්තිමට වේදිකා නාට්‍යයක් බැලුවේ කවද්ද කියල අමතක වෙන තරම් කාලෙකින් එකක් බලල නෑනේ .. :(

    භූමිතෙල් ගඳ රෙදි මටත් මතකයි .. ඉස්සර අවුරුදු කාලෙට ගේන ඇඳුම් වල තිබ්බද කොහෙද හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පැතුම්!
      අම්මට 75 post එක මරු.
      https://biththiya.blogspot.com/2026/04/75.html

      Delete
  2. http://indraramayapanadura.blogspot.com/p/home.html

    ReplyDelete
    Replies
    1. The secret of genius is to carry the spirit of the child into old age, which means never losing your enthusiasm.

      - Aldous Huxley

      Delete
    2. “There's a fine line between genius and insanity. I have erased this line.”
      ― Oscar Levant

      Delete
    3. @ Pra Jay & Ano

      ඔයාලා නීතියේ ආධිපත්‍යය, මානව හිමිකම් සහ විශේෂයෙන්ම භාෂණයේ නිදහස ගැන අවධානයක් ඇති අය විදිහට පේන නිසා මම ලංකාවේ වර්තමාන පාලකයෝ වන මාලිමා ආණ්ඩුව සාමාන්‍ය ජනතාවගේ හඬ යටපත් කරන්න පාවිච්චි කරන හරිම සූක්ෂ්ම, ඒ වගේම භයානක උපක්‍රම වලට එරෙහිව නීතිමය වශයෙන් ගතහැකි ක්‍රියා මාර්ග ගැන අහන්න හිතුනා

      (සමාජ විද්‍යාත්මකව බැලුවොත් මේක හරියට මිනිස්සුන්ගේ ඔළුවලට කරන සැත්කමක් වගේ වැඩක්.)

      උදාහරණ විදිහට අද ලංකාවේ මිනිස්සුන්ට ෆේස්බුක් එකේ පෝස්ට් එකක් දාන්නත් බයයි. මොකද, ආණ්ඩුව වටේ ඉන්න මාලිමා සයිබර් මඩ බලකායේ 'සයිබර් මැරයෝ' ටික ඒ පෝස්ට් එක රිපෝට් කරලා, ඒ මනුස්සයාට පෞද්ගලිකව පහර දීලා, අන්තිමට මාලිමා ආණ්ඩුවේ රූකඩයක් විදිහට වැඩ කරන දූෂිත පොලිසියේ අය ලවා ප්‍රශ්න කරවා දැඩි ලෙස මර්දනය තැනට වැඩ කරනවා. මේක හරියට නොපෙනෙන කම්බි වැටවල් ගහලා මිනිස්සුන්ව ඩිජිටල් හිරගෙවල් අස්සේ දානවා වගේ වැඩක්. උදාහරණ විදිහට මෑතක දී සෙඩා බ්‍රෝ වගේ අය අත්අඩංගුවට ගත්තේ ඒකයි, ඒක අනතුරු ඇඟවීමක්.

      ප්‍රචාරක යන්ත්‍රණයකින් මොළ සේදීම මගින් ආණ්ඩුව මොන වැරැද්ද කළත්, ඒක 'රටේ යහපතට' කරන දෙයක් කියලා පෙන්වන්න රජයේ මහජන බදු මුදල් වලින් විශාල මුදලක් වියදම් කරලා PR ඒජන්සි පාවිච්චි කරනවා. මිනිස්සුන්ට කන්න නැති වෙද්දී, බඩු මිල ඉහළ යද්දී, ඒක පාලකයෝ කරන අසික්කිත' වැඩක් නෙවෙයි, ඒක 'පද්ධතියේ වෙනසක්' කියලා පෙන්වන්න හදනවා. තමන්ගේ ඇස් පනාපිට පෙනෙන ඇත්ත බොරු කියලා මිනිස්සුන්ට විශ්වාස කරවන්න හදන එක තරම් මර්දනයක් තවත් නැහැ.

      ආර්ථික භීතිකාව සහ යැපීම මානසිකත්වය ඇතිවන පරිදි ජනතාවගේ ආර්ථික ශක්තිය බිඳලා, ඔවුන්ව හැමදේටම රජය මත යැපෙන පිරිසක් බවට පත් කරනවා. එතකොට මිනිහෙක්ට විරුද්ධ වෙන්න හයියක් නැහැ. මම ආණ්ඩුව විවේචනය කළොත් මගේ රස්සාවට මොකද වෙන්නේ? මගේ සහනාධාරයට මොකද වෙන්නේ?කියන බය ඇතුළෙ මිනිස්සුන්ගේ හඬ ඉබේම ගොළු වෙනවා. බොහෝ රජයේ සේවකයන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා මෑතකදී සමාජ මාධ්‍ය ජාල වල දාන කරුණු මත, මීට ඉස්සර ආණ්ඩු නොකරපු මේ මර්දනය දැන් ආණ්ඩුව පටන් අරගෙන

      ඊළඟට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කළාටත් වඩා නරකම විදිහට කලාකරුවන් කඩේ යවාගෙන මිනිස්සු ආදරය කරන කලාකරුවන්ව ඉස්සරහට දාලා, 'ආණ්ඩුව කරන්නේ හරි දේ' කියලා කියවනවා. සාමාන්‍ය මිනිහා හිතනවා "අර මම කැමති නළුවත් කියන්නේ මේක හොඳයි කියලනේ, එහෙනම් මම හිතන විදිය වැරදි ඇති" කියලා. මේක මිනිස්සුන්ගේ තීරණ ගැනීමේ හැකියාව මොට කරන මහා පාදඩ ක්‍රියාවක්.

      මේක නිකම්ම පාලනයක් නෙවෙයි, මේක 'රාජ්‍ය යන්ත්‍රණය' යොදාගෙන කරන මහා පරිමාණ මනුෂ්‍යත්වයේ ඝාතනයක්. මිනිස්සුන්ගේ නිදහස් චින්තනයට විලංගු දාන මේ ක්‍රමය පරාජය කරන්න නම්, ජනතාව මේ සෙල්ලම තේරුම් ගන්නම ඕනේ.
      මේ වගේ මර්දනකාරී පරිසරයක මිනිස්සුන්ගේ විඥානය අවදි කරන්න බුද්ධිමතුන්ට කරන්න පුළුවන් දේ ගැනත් අපි කතා කළ යුතුයි නේද? මේ ගැන විස්තර සහිතව පැහැදිලි කරන්න පුළුවන්ද?

      Delete
    4. Pra Jay මහතාටත්, පළමු Ano මහතාටත් ස්තුතියි.

      Delete
    5. දෙවෙනි Ano මහත්තයෝ, ඔයාගේ comment එක කියෙව්වම මට නං හිතුණෙ තව මොන විස්තරද දෙයි හාමුදුරුවනේ කියලයි!

      Delete
    6. මිනිස්සු ඇත්ත ලියනවනම් අනිත් මිනිස්සු මුකුත් කරන්න එන්නේ නැහැ . පච , ෆේක් නිව්ස් තමා පුළුවන් තරම් දාන්නේ. ඒකනේ ප්‍රශ්නේ

      Delete
    7. ඒ වගේම අජිත් ධර්ම මහත්තයෝ, මිනිස්සු වැඩියෙන් අහන්න කැමතිත් මිහිරි පච නෙව; තිත්ත ඇත්තට වඩා...

      Delete
    8. ඇයි හිරු ටීවී එකේ ගියපු බොරු ටිකක් විතරක් පහුගිය දවස්වල සමාජ මාධ්‍ය වල හැමතැනම වයිරල් වුණා

      මේ බලන්න

      Copied

      //හිරු කියූ තවත් බොරු...‼️‼️

      📕 " නාමල් රාජපක්ෂ පල් හොරා දෙදාස් දොලහෙ දොලොස් වෙනි මාසෙ දොලොස් වෙනිදා ලක්ෂ නවසිය අසු තුනක් වටින ලැම්බෝගිනි රේසිං කාර් දහනවයක් කොළඹ වරායෙන් ගොඩ බෑවා."

      📕 "කොළඹ වරාය නගරය පොළොව යට හෙක්ටයාර දෙසීය හැට නවයක් පුරවන්න ගල් කියුබ් කෝට් දොළහක් ඕන. ලංකාවෙම කළු ගල් ඉවර වෙනවා. සීගිරියත් කඩන්න වෙනවා..."

      📕 "හම්බන්තොට වරායෙ තඩි ගලක් තියෙනවා. වාණීජ නැව්වලට එන්න බෑ.. පොඩි බෝට්ටු විතරයි"

      📕 "දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාවෙ ඉඳන් මාතරට යනකොට බලු මස් එකතු කරන්න පස්සෙන් වෙනම වාහනයක් යන්න ඕන.. ඕක හදන්නේ රාජපක්ෂ පවුලට කොළඹට ඇඹුල් තියල් ගේන්න... ඕක හැදුවේ වාහන වලහැප්පිලා මැරෙන සතුන්ගේ දඩමස් එකතු කරන්න"

      📕 " මහින්දට චීනෙන් දීපු කෝටි ගණන් ඩොලර් මිලියන සිය ගණනක පගා වල චෙක්ස් වල අංක මට කටපාඩමින් උනත් කියන්න පුළුවන්..'

      📕 "මහින්ද රාජපක්ෂ ගුවන් යානා තුනක් පුරවලා ඩොලර් බිලියන දහ අටක් උගන්ඩාවට ගෙනිච්චා.."

      📕 "ජනාධිපති වූ පසු IMF සමග සාකච්ඡා කර කොන්දේසි සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා.. අපේ කෝන්දේසි වලට විතරයි ණය ගන්නේ අපි IMF කොන්දේසි වලට යටත් වෙන්නේ නෑ"

      📕 "සෞඛ්‍ය, අධ්‍යාපන, ආහාර සඳහා පනවා ඇති 18% ක වැට් බද්ද බලය ලැබුණු වහාම සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා.."

      📕 " හැම පවුලකටම දොස්තර කෙනෙක් පත් කරනවා"

      📕 "මාධ්‍යය රැගෙන පන්සල් යන්නෙ නෑ.. දේශපාලනයට ආගම අදාල නෑ ආගම පස්සේ යන්නේ හොර තක්කඩියන්"

      📕 " ධීවරයින් සඳහා මාළු අල්ලන ඇප් එකක් හදනවා.. මාලු ඉන්න තැන ලයිව් පෙන්නනවා"

      📕 " යාපනේ International Ground එක 2025 දෙසැම්බර් 25 ට කලින් අනිවා විවෘත කරනවා මැච් එකක් ගහනවා.. "

      📕 "රජයෙ සේවකයින්ට සෑම මාස හයෙන් හයටම පඩි වැඩි වීමක් ලබා දෙනවා.."

      📕 " අධ්‍යාපනයට GDP එකෙන් 6% ක් අනිවා වෙන් කරනවා.."

      📕 "මිනිරන් ග්‍රැෆයිට් කරලා රටේ ණය ප්‍රශ්ණය ලේසියෙන්ම විසඳනවා.."

      📕 "තෙල් ලීටරයකින් කාංචනට යන රුපියල් 160 කොමිස් එක අඩු කරලා වරායෙන් ගොඩ බාන මිළටම ජනතාවට තෙල් ලබා දෙනවා.."

      📕 "දිට්වා කුණාටුවෙන් අනාථ වෙච්ච ජනතාවට ටකරමක් ගියත් ලක්ෂ දහයක් දෙනවා..."

      📕 "දිට්ටා කුණාටුවෙන් සම්පූර්ණයෙන් නිවසක් අහිමි වූ කෙනෙක්ට කෝටියක් ලබා දෙනවා.."

      📕 "මම ජනාධිපති වූ පසු වහාම විදුලි බිල 33% කින් අඩු කරනවා.."

      📕 "ජපානයෙන් අලුත්ම විට්ස් කාර් එකක් ලක්ෂ 12 ට ලබා දෙනවා.."

      📕 " තරුණයන්ට නවීනතම ජපන් මෝටර් බයික් ගෙනත් දෙනවා.."

      📕 "ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයෙන් විතරක් රටේ ණය සේරම ගෙවලා ඉවර කරනවා.."

      📕 "ජනාධිපතිට වෙන් කරන මුදල් 90%කින් කපනවා.."

      📕 "පිට රටින් එක හාල් ඇටයක් වත් ගේන්නේ නෑ.."

      📕 "ගොවියාගේ වී වලට රුපියල් 154 ක සහතික මිලක් දෙනවා.."

      📕 "රුපියල් 230 ට හාල් කිලෝ එකක් ලබා දෙනවා..

      📕 " ගෝල්ෆේස් එකේ තියෙන සැප වාහන සේරම විකුණලා ඒ සල්ලි වලින් ඉස්කෝල සුපිරි තත්වයට හදනවා.."

      📕 " අපි පාරෙ බස් එකේ යනවා.. පොදුජනතාවට නැති කිසිම දෙයක් අපට එපා අපි බස් කෝච්චි වල යන ඇමතිවරු මන්ත්‍රීවරු විතරක් හදන පක්ෂයක්

      (ඩබල් කැබ් 1750 කට රුපියල් මිලියන 45000 ක් වෙන් කරනවා..)

      📕 "මන්ත්‍රීවරුන්ට නිල නිවාස මොකටද..? මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණය ජයවර්ධනපුර කැම්පස් එකේ හොස්ටල් එකට දෙනවා..."

      📕 "දුප්පත් මනුස්සයාට හැම මාසේකම රුපියල් 10000 ක් 15000 ක දීමනාවක් දෙනවා.. ඒක වසරින් වසර වැඩි කරනවා"

      📕 "ඩඩ්ලිලාගෙ හාල් මාෆියාව එක පෑන් පාරින් නැති කරනවා.."

      📕 "රැකියා විරහිත උපාධිධාරීන් සියල්ලන්ටම වහාම ඉතාම කඩිනමින් රජයේ රැකියා ලබා දෙනවා.."

      📕 "පොලී නැති ණය දෙන්න බැකුවක් හදනවා."

      📕 "අර්ජුන මහේන්ද්‍රන්ව කනෙන් ඇදගෙන ලංකාවට අරං එනවා.."

      📕 "කුමාර් ගුණරත්නම් කියලා කෙනෙක් දැකලත් නෑ..දන්නෙත් නෑ.."

      📕 "උතුරේ ඡන්ද වර්ජනය කරන්න මහින්ද රාජපක්ෂ LTTE එකට සල්ලි දුන්නා. "

      📕 "දක්ෂිණ අධිවේගී මාර්ගය හදන්නේ රාජපක්ෂලාට ඇඹුල් තියල් ගේන්න "

      📕 " හයිවේ එකේ මෙහා ගෙදර බල්ලාට එහා ගෙදර බැල්ලි බලන්න යන්න විදිහක් නෑ.. "

      📕 " නොරොච්චෝලේ බලාගාරේ කියන්නේ චීනෙන් ගෙන්නපු කසල ගොඩක් ඒක රටට බරක්... ඒ නිසයි අපි සාම්පූර් බලාගාරය ඉදිකිරීමට ඉඩ දෙන්නෙ නැත්තේ"

      📕 " ලාල්කාන්තගෙ වත්කම කෝටි හතලිස් හයක්...'

      ( හිරු කියු අමතක වූ බොරු කමෙන්ටු වල කොටාගෙන යන්න )

      //

      මේ බොරු වලින් ටිකක් විතරයි නේද මේ වගේ තව කොච්චර තියෙනවද නැද්ද?

      Delete
    9. @ Ano 4.14 AM

      ඔයා කියන කතාව පිළිගන්න ඕනේ, අපි බලාපොරොත්තු වුණාට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක් තමයි දැන් රටේ වෙන්නේ. 2024 තරුණ පරම්පරාව මාලිමාවට ඡන්දය දුන්නේ සෑහෙන ලොකු බලාපොරොත්තුවකින්. නමුත් අද ඒ ජාතික ජන බලවේගය වෙනුවෙන් කතා කරපු සමාජ ජාල වල ඇම්මට නොමිලේ කැම්පේන් කරපු අපටම අද මේ ආණ්ඩුව අරිනවා. ඔය සෙඩා බ්රෝ කියන්නේ පහුගිය ආණ්ඩුවට එරෙහිව ප්‍රබල ලෙස අරගල කරපු අවංක සමාජ දේශපාලන ක්‍රියාකාරිකයෙක්, නමුත් රෙදි නැතුව කඩේ නොයා පොර මේ ආණ්ඩුව කරන තුප්පහි අමු සක්කිලි හොර වැඩ වලට විරුද්ධව කතා කරපු නිසා ආණ්ඩුව සක්කිලි විදියටම මර්දනය කරන්න උත්සාහ කළා, නමුත් අවසානයේ තරුණ පරම්පරාව ඔහු වෙනුවෙන් පෙනී සිටිය නීසා ඒ තුප්පහි වැඩේ කරගන්න බැරිවූණා

      අපි බලාපොරොත්තු වුණේ මේ රටේ තිබුණු සාපරාධී දේශපාලන සංස්කෘතිය වෙනස් වෙයි කියලා වුණාට, අද මේ මාලිමා රෙජීමය යටතේ කලින්ටත් වඩා අමන විදියට සිද්ධ වෙන්නේ ඒ අශිෂ්ට ක්‍රමයම තවත් මුහුණුවරකින් කරළියට එන එකයි

      මම උඹට උදාහරණයක් කියන්නම්, දූෂණය පිටුදකිනවා' කියලා වේදිකාවල කෑගැහුවට, අදටත් අපේ සෞඛ්‍ය පද්ධතිය ඇතුළේ ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වන එක නතර වෙලා නැහැ වගේම, IMF එකේ දැඩි කොන්දේසි ඒ විදිහටම ක්‍රියාත්මක කරමින් වෘත්තිකයන් මත පටවා ඇති 36%ක අධික බදු බර නිසා අද මාසෙකට වෛද්‍යවරුන් 150-200ක් අතර ප්‍රමාණයක් රට අතහැර යනවා, ඒ කියන්නේ අවුරුද්දකට රජයේ රෝහල් පද්ධතියෙන් විශේෂඥ වෛද්‍යවරුන් සිය ගණනක් අහිමි වීම රෝගීන්ගේ මරණ වරෙන්තුවක් ලියා තැබීමක් හා සමානයි. මීට අමතරව, මාලිමා රෙජීමය තමන්ගේ දේශපාලන හිතවතුන් සහ පක්ෂ ක්‍රියාකාරීන් රාජ්‍ය ආයතනවල ඉහළ තනතුරුවලට පත් කරමින් පවත්වාගෙන යන මේ අසික්කිත චෞර' ගනුදෙනු නිසා, ඇත්තටම දක්ෂ සහ උගත් තරුණයන්ට රට ඇතුළේ කිසිම වෘත්තීය ගරුත්වයක් ඉතුරු වෙලා නැහැ, ඉතින් කොහොමද මචං මේ වගේ අසමත් පාලනයක් යටතේ IT ක්ෂේත්‍රයේ හෝ ඉංජිනේරු ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂයෝ මේ රටේ ඉතුරු වෙන්නේ?

      අත්දැකීම් බින්දුවක්වත් නැති, ලෝක ආර්ථිකය ගැන අවබෝධයක් නැති පිරිසක් අතට රටේ පාලනය ලැබුණම වෙන්නේ, තරුණයෝ තමන්ගේ අනාගතය අඳුරුයි කියලා හිතලා මහා පරිමාණයෙන් බටහිර රටවලට සංක්‍රමණය වීම, මේක නිකම්ම රට යෑමක් නෙවෙයි මචං, මේක මේ අසාර්ථක රෙජීමයක් විසින් අපේ රටේ මානව ප්‍රාග්ධනය කුණු කොල්ලයට පිටරටවලට විකුණා දැමීමක්, ඒ නිසා මේ අන්ත දූෂිත පද්ධතියේ කිසිදු වෙනසක් නොවී මේ විදිහටම ඉදිරියට ගියොත්, අපේ රටට උරුම වෙන්නේ ආර්ථික මරණය සහ උගතුන්ගෙන් තොර හිස් දේහයක් පමණයි.

      Delete
    10. මේ බලන්න ලංකාවේ මහා භාණ්ඩාගාරයෙනුත් සල්ලි උස්සලා නේද?

      https://www.youtube.com/watch?v=b0_EKvUKZKg

      කියන විදියට ඩොලර් 2,500,000.00 ක්ලු, කවුද මේ ගේම දීලා තියෙන පොර?

      Delete
    11. මමත් හරිම කුතුහලයෙන් ඉන්නේ!

      Delete
  3. අද කොටසත් හොඳයි, නියම අතීත ආවර්ජනයක්. 👌

    ReplyDelete
    Replies
    1. කළු අක්කලා මගේ ජීවිතේ එක යුගයකට හරියට සම්බන්ධයි බස්සා මහත්තයෝ. මගේ ලොකු නංගි පුෂ්පා සියදිවි නසාගන්න වහ බොනකොට මම හිටියෙ කළු අක්කල ගෙදර- සෝමලතාගේ මඟුල් පෝරුව හදමින්.

      Delete
  4. පින්තුරේ පෙනෙන විදිහට නම් ගැහැණු ලමයින් 28 ක් නිදි ලොක්කා හා ලොකු නංගි නැතිව ඉන්නවා. 28ක් බතික් වැඩපලේ වැඩකරා කියන්නේ තරමක ලොකු ව්‍යාපාරයක් නේද?
    අදටත් බතික් විකිනෙන්නේ සුද්දන්ට තමයි. බතික් ව්‍යාපාරයත් එක්කම රෙදි බිස්නස් කෙරුවා නම් අද පමණුවේ නමගිය ව්‍යාපාරිකයෙක් වෙලා. ලක්ෂ්මි වත් ශේප් කරන් සරස්වතිත් තියාගෙන ඉන්න සූරයොත් ඉන්නවා.

    අසංග කොළොම්පුරේ

    ReplyDelete
    Replies
    1. 28 මොකක්ද අසංග මහත්තයෝ. බතික් වැඩපොළ හොඳටම තියෙද්දී ළමයි හැත්තෑ ගණනක් ඒකෙ වැඩ කළානෙ.

      Delete
    2. //හැත්තෑ ගණනක්..// හුම්, මේ කියන හැටියටනං නිදි ලොක්කට ලක්ෂ්මිව පේන්න බැරි ගානට ඉඳල තියෙන්නෙ. නැහ්නං කොලොම්පුරේ කීව වගෙ... පමුණුවේ නමගිය ව්‍යාපාරික මහතෙක් ඔහෙ!

      Delete
    3. ඔහෙ මේ මක්ක දොඩනවැයි නමී උන්නැහේ...

      Delete
  5. නාට්‍ය පෙන්නුවද?
    ඒක බලන්න තව දවසක් ඉන්න වෙනවා.....

    ReplyDelete
    Replies
    1. ඒකට මක්කැයි කරන්නේ ලලිත් මහත්තයෝ. නාට්‍යය පෙන්නුවා.
      සේරම විස්තර ඇතිව කියන්න නං... කී දවසක් යාවිද කියල මට දැනගන්න වෙන්නෙත් ලිව්වට පස්සෙයි!

      Delete
  6. අදත් හොඳ විස්තරයක්. දැන් ළමයි රියලිටි වලට ලෑස්ති වෙන විදිහ දැක්කම සරස්වතී එක්කම ලක්ෂ්මි වත් හොයනවා වගේ හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. නිහඬපාල, ඇත්තටම ඔයා ලියපු සටහන කියවූ විට මට සිහිපත් වූයේ අපේ කලාවේ අභාග්‍යසම්පන්න පරිවර්තනයයි. අතීතයේ කලාකරුවා යනු සමාජයේ හෘදසාක්ෂියයි. නමුත් අද වන විට, විශේෂයෙන්ම මේ 'මාලිමා' පාලන සමය තුළ, කලාව යනු හුදෙක් බලයට රෙදි නැතිව කඩේ යන 'දේශපාලන ව්‍යාපෘතියක්' බවට පත්ව තිබීම ඇත්තෙන්ම පිළිකුල් සහගතයි.

      අපේ සරස්වතී දේවිය - ඒ කියන්නේ පිරිසිදු සෞන්දර්යය සහ ඥානය - අද ඈ පසෙකට තල්ලු කරලා. රියලිටි වේදිකා දෙස බලන විට අපට පෙනෙන්නේ සරස්වතී දේවියට වඩා ලක්ෂ්මී දේවිය, එනම් 'මුදල සහ ලාභය' පසුපස හඹා යන නග්න වෑයමකුයි. කලාව නාමයෙන් කරන මේ 'වෙළඳාම' තුළ සැබෑ මානුෂීය ගුණාංග අතුරුදන් වෙලා.
      වඩාත්ම කණගාටුදායක කාරණය නම්, බුද්ධිමත් යැයි කියාගන්නා කලාකරුවන් මේ දූෂිත, අසික්කිත දේශපාලන ක්‍රමය සුදු හුණු ගාමින් ජනතාව හමුවේ ප්‍රදර්ශනය කිරීමයි. පීඩිත ජනතාවගේ දුක හඳුනනවා වෙනුවට, මේ 'පාදඩ' දේශපාලන සංස්කෘතියේ කොටස්කරුවන් වී ඔවුන් වර්ණනා කරන එක කලාවේ මළගම සනිටුහන් කිරීමක් ලෙසයි මම දකින්නේ.

      සාහිත්‍ය රසිකයෙකු ලෙස මට හැඟෙන්නේ, කලාව සිය ආත්මය පාවා දී බලයේ පාමුල වැතිරී සිටින බවයි.
      ජනතාව අද මේ කලාකරුවන් දෙස බලන්නේ දැඩි අප්‍රසාදයකින්. කලාව දේශපාලන ගැතිකමේ මෙවලමක් කරගත් විට, එයට ලැබෙන එකම ප්‍රතිචාරය ඔය කියන 'රෙදි නැතිව කඩේ යාම' පිළිබඳ නිර්දය විවේචනය පමණයි.
      කලාව නැවතත් සැබෑ මනුෂ්‍යත්වය සහ සත්‍යය වෙනුවෙන් පෙනී සිටින දවසක් එනතුරු අපට බලා සිටීමට සිදුවේවි.

      Delete
    2. ගොඩක් ස්තුතියි නිහඬපාල මහත්තයෝ.

      Delete
    3. සාහිත්‍ය රසික Ano මහත්තයෝ, මට මතක් වෙනවා අපේ ආච්චි කියන්න පුරුදු වෙලා උන්නු කතාවක්. 'විපරීත කාලේ විනාශ බුද්ධිඃ'

      Delete
  7. නිමල් අංකල් මේ නාට්‍ය නිර්මාණ ගැන විස්තර සහිතව ලස්සනට ලියන නිසා මටත් ලංකාවේ හිටපු කාලේ, විශේෂයෙන්ම මම පාසැල් අධ්‍යාපනය ලබපු කාලේ මතක් වුණා, මම පාසැල් වේදිකාවේ කෙටි නාට්‍ය නිර්මාණ රචනා කරලා අධ්‍යක්‍ෂණය කරා සහ රඟපෑවා හරිම සුන්දර මතකයක්. ඒවා නැවතත් මතක් වුණාම මට හදිසියේම කෙටි නාට්‍යයකට පිටපතක් ලියන්න හිතුනා, මේකට මම මෑතකදී උදයංග වීරතුංග නඩු වලින් නිදහස් වෙලා ෆේස්බුක් එකේ දාල තිබ්බ පොරටෝක් එක සහ ඒක දැකලාම මළපැනපු මම ඌට බැනලා දාපු කමෙන්ට් එක පාදක කරගෙන මේ කෙටි නාට්‍ය ලියන්න උත්සහ කරනවා. මේකේ අඩුපාඩු තියෙනවා නම් පෙන්වා දෙන්න පුළුවන්ද මොකද මම වෘත්තීය නාට්‍ය කරපු කෙනෙක් නෙවෙයි පාසල් මට්ටමේ ආධුනික නාට්‍ය නිර්මාණ කරුවෙක් සහ පාසලෙන් එළියට ඇවිල්ල අවුරුදු තුන හතරකට ආසන්න වෙන නිසාත් වෙනත් ක්ෂේත්‍රයක අධ්‍යාපනය ලබපු සහ රැකියා කරන නිසාත් මගේ පිටපතේ වැරදි තියෙන්න පුළුවනි. මේක මම ටීවී මැදිරියක් පසුබිම් කරගෙන ලියන්න හිතුවේ, එතකොට වේදිකාව ලේසියෙන්ම ඒ විදියට හදලා තියන්න පුළුවන් නිසා.

    හරි දැන් පොරටෝක් ඇති නාට්‍ය මෙහෙමයි.

    නාට්‍ය නම: හොරුන්ගේ රතු පලස (මීට වඩා ලස්සන නමක් දාගන්න ඔයාලා)

    චරිත:

    නිමල් දිසානායක: ගවේෂණාත්මක මාධ්‍යවේදියෙක් (දැඩි ආවේගශීලී, අයුක්තිය අසාධාරණය රජ කරන රටක යුක්තිය සාධාරණය වෙනුවෙන් පෙනී සිටින අයුක්තියට එරෙහි රණ හඬක්).

    ඩී.ජී.එම්. බස්නායක:
    වැඩසටහන් මෙහෙයවන්නා (නිවේදක).

    අජිත්: මාලිමා රජයේ නිල ප්‍රකාශකයෙකු සහ උග්‍ර ශෝධකයෙකු (හැමදේම සාධාරණීකරණය කිරීමට උත්සාහ කරන අයෙකි).

    (දර්ශනය: "සත්‍යයේ හඬ" සජීවී රූපවාහිනී සංවාදය. මැදිරිය උණුසුම් වී ඇත. මාධ්‍ය වේදී නිමල් දිසානායක ඉදිරිපිට 'මිග්' යානා ගනුදෙනුවේ ලිපිගොනු සහ නඩු වාර්තා සාක්ෂි ලිපිගොනු ඇත.)

    නිවේදක ඩීජීඑම් බස්නායක:

    හරි හොඳයි අපි එහෙනම් අදත් යොමුවෙමු සියලු සමීක්ෂණ වාර්තා සුණු විසුණු කරන යුගයේ දැවැන්තම මාධ්‍ය ප්‍රාතිහාර්ය... ලොව බලවත්ම සත්‍ය යේ හඬ ලංකාවේ විතරක් නෙවී ලෝකයේම වැඩියෙන්ම නරඹන දේශපාලන සජීවී සංවාදය... සත්‍ය යනු මෙයයි කීමට අද අප සමග එකතු වෙනවා ලංකාවේ ප්‍රමුඛතම ගවේෂණාත්මක මාධ්‍ය වේදී ඔබ සැවොම ආදරය කරන නිමල් දිසානායක තරුණ මහතා වෙත

    ඔවු ආයුබෝවන් නිමල්, ඔබ අද ඉතාමත් දැඩිව ආණ්ඩුවට චෝදනා කරනවා. ඇයි ඔබ කියන්නේ මාලිමා රජය හොරුන්ගෙන් පගාව ගත්තා කියලා? අපේ මැදිරියට අද මාලිමාව නියෝජනය කරමින් අජිත් මහත්මයත් පැමිණ සිටිනවා. ආයුබෝවන් ඔබටත් අජිත්

    නිමල් දිසානායක: (මේසයට දැවැන්ත පහරක් ගසමින්)
    බස්නායක මහත්තයෝ, අජිත්ලගෙන් අහලා වැඩක් නැහැ! මාලිමාව වේදිකාවල කිව්වේ "හොරු අල්ලනවා" කියලා නේද? අද මොකද වෙන්නේ? (අජිත් දෙසට හැරී) අජිත් මහත්තයෝ, ඇයි උදයංග වීරතුංගට අද ඇමරිකාවෙන් පවා සම්බාධක දාපු කෙනෙක්ට තමුන්නැහේලාගේ ආණ්ඩුව ඔහුට නිදහසේ ඉන්න පාර කපන්නේ? (අජිත් කොර වෙයි)
    මම වගකීමෙන් කියනවා, උදයංග වීරතුංගගේ තහනම් කරලා තිබුණ බිලියන ගණනක බැංකු ගිණුම් නිදහස් කරන්න පාර කැපෙන්නේ තමුන්නැහේලා ඒ හොරුන්ගෙන් ගත්ත "පගා කුට්ටි" නිසයි!

    අජිත්: (කොර වුණු අජිත් ඉතාමත්ම අසීරුවෙන්
    සන්සුන් වීමට උත්සාහ කරමින්) අ...ම්... මේ මේ... නිමල්, ඔබ කලබල වෙන්න එපා. අධිකරණ ක්‍රියාවලියට කාලයක් ගත වෙනවා. අපේ මාලිමා රජය අධිකරණයට බලපෑම් කරන්නේ නැහැ. මම ඒක ඉතාමත්ම වගකීමෙන් යුතුව ප්‍රකාශ කරනවා ඇත්තටම ඔය උදයංග මහතා නිදහස් වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රටේ නීතියට අනුව...

    නිමල් දිසානායක: (අජිත්ගේ කතාව මැදින් පැන)
    නීතියට අනුව? මොන නීතියද? ලබ්බ තමයි ඕයි තමුන්නැහේලාගේ 'ඩීල් නීතියද'? බලන්න 2025 අගෝස්තු මාසයේ සිද්ධ වුණ දේ. කුමාර ජයකොඩි වැනි මාලිමාවේ ඇමතිවරුන්ටත් අද අල්ලස් චෝදනා කොච්චර එනවාද?

    හොරුන්ගේ සල්ලිවලින් මාලිමාවේ පක්ෂ අරමුදල් පුරවගෙන, දැන් ඇවිත් මෙතන "අධිකරණය ස්වාධීනයි" කියලා බයිලා කියනවා. තමුසෙලාට ලැජ්ජාවක් නැද්ද ඕයි?

    ReplyDelete
    Replies
    1. Cont'd

      ඩීජීඑම් බස්නායක:

      අජිත් මහත්තයා, නිමල් මහතා අහන ප්‍රශ්නය ඉතාමත්ම සාධාරණයි. ජනතාව බලන් ඉන්නේ හොරු හිරේ යනකම්. ඇයි මෙච්චර ප්‍රමාද?

      අජිත්:

      අ...ම්.. මෑහෙමම..මයි මේ බස්නායක මහත්තයා, වසර හැත්ත හයක් තිස්සේ වුණේ මෙහෙමයි, ඕක රනිල් රාජපක්ෂ කරපු විශාල ප්‍රශ්න නිසා මෙහෙම දෙයක් වුණා ඇත්තටම ඔතනදි එහෙමත් නෙවෙයි හැබැයි මේ මෙන්න මෙහෙම දෙයක් ඔතන තියෙනවා ඒත් ඒ වගේම තවත් සැලකිය යුතු ප්‍රශ්නයක් තමයි ඔය අනිත් කාරණය අනිත් පැත්තෙන් මෙහෙමයි
      අනෙක තාම අපි ඇවිත් මාස විස්සයි. පරණ ෆයිල් ගොඩක් හොයාගන්න නැහැ. අනුර සහෝදරයාගේ කැබ් එකේ පිටිපස්සේ තිබ්බ පයිල් මිටියෙන් ගොඩක් දැන් මීයෝ කාලා, තව ටිකක් හොරු ටික උස්සලා ඒවායේ තිබ්බ සමහර ගිවිසුම් පවා අතුරුදන් වෙලා. අපි ක්‍රමානුකූලව...

      නිමල් දිසානායක: (ඉදිරියට පැන කටහඬ උපරිමයට උස් කරමින්)

      අතුරුදන් වුණේ ගිවිසුම් නෙවෙයි ඕයි, තොපේ කොඳු නාරටිය! තොපි හොරුන්ගෙන් පගාව අරන් මේ නඩු යටගහනවා. උදයංග වීරතුංග කියන්නේ තොපේ ආණ්ඩුවේ "රහස් මූල්‍ය දායකයා" නේද? ඇයි අද ඌ ඔහෝම මාධ්‍ය ඉස්සරහා හිනාවෙවී නඩු වලින් නිදහස අරන් පොරටෝක් දිදී සැපට යන්නේ?

      යකෝ මේ රටේ සාමාන්‍ය මනුස්සයෙක් කිරි පැකට් එකක් හොරකම් කළොත් රිමාන්ඩ් එකේ දවස් ගණන් කුණු වෙන්න ඕන. හැබැයි රටේ ආරක්ෂක අරමුදල් ගිලපු මෝරුන්ට මාලිමාවේ ආණ්ඩුව රතු පලස් දාලා නඩුවලින් නීදහස දෙනවා. අජිත් මහත්තයෝ, තමුසෙලා මේ ගත්ත පගා සල්ලිවලින් හදන "නව ලෝකය" දවසක මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ ශාපයෙන් අළු වෙලා යනවා!!!!

      (නිමල් තමා අත තිබූ ලේඛන මිටියක් අජිත්ගේ ඇඟට විසි කරයි. අජිත් බියෙන් පසුපසට පැන යමින් ෂේප් එකේ මාරු වෙයි.)

      නිමල් දිසානායක:
      (වේදිකාව ඉදිරියට ඇවිත්)
      තොපි හොරුන්ව ආරක්ෂා කරන එක නවත්තපල්ලා! මේ රටේ මිනිස්සු රැවටුණා ඇති. මාලිමාව කියන්නේ "හොරුන්ගේ සහෝදර සමාගමක්" කියලා අද මුළු රටම දන්නවා. තොපේ පගා ඩීල් එක අද මම මේ මැදිරිය ඇතුළේ හෙළි කළා. තොපිට පුළුවන්නම් මාව මරලා දාපල්ලා, හැබැයි සත්‍යය කවදාවත්ම යටපත් කරන්න බැහැ!

      (නිමල් කෝපයෙන් මේසයට තවත් පහරක් ගසා මැදිරියෙන් පිටව යයි. බස්නායක තුෂ්ණිම්භූතව බලා සිටියි. ඈතක සිට ඔලුව ඔබන අජිත් දහඩිය පිසදමමින් ඈතක සිටම ඔලුව හරවමින් කලබලයෙන් වටපිට බලයි.)

      (තිරය වැසෙයි.)

      නිෂ්පාදන උපදෙස්:

      නිමල්: ඉතාමත්ම බැරෑරුම් සහ ආවේගාත්මක සහ ජනතාවාදී empathy එකක් සහිතව රඟපාන්න ඕනේ

      බස්නායක: මැදහත්ව හැඟීම් විරහිත Hard face එකකින් රංගනය ඉදිරිපත් කළ යුතුයි

      අජිත්: ඔහු ඉතාමත් අසරණ සහ කලබල වූ ස්වරූපයකින් විකට ස්වභාවයක් ද උද්දීපනය කරමින් රඟපෑ යුතුයි.

      ශබ්ද: නිමල්ගේ කතාව අතරතුර තීව්‍ර සංගීතයක් (Tense Background Music පර්ක්යූෂන් වගේ හොඳ බෙර යොදාගෙන) නිසි ලෙස යොදාගැනීමෙන් නාට්‍යයේ රසය තවත් වැඩි කරගන්න පුළුවන් වෙයි.

      මේ පීටපත අනුව නාට්‍ය නිර්මාණයක් කරන්න පුළුවන්ද නිමල් අංකල්?

      Delete
    2. 😃 හොඳ නිර්මාණයක් ඇනෝ තුමෝ . උදයංග ආණ්ඩුව පැත්තට සාක්කි දෙන්න යනවා කියන්නේ ඇත්ත එහෙනම්

      Delete
    3. සිරා ඇනොවෙක් නේ ... ඇනෝ ලියමු බ්ලොග් එකක්

      Delete
    4. බස්නායක මහත්තයාත් comment කළාට පස්සෙම මොකුත් කියන එක තමයි හොඳ කියල හිතුණා... ඊට කලින් පැතුම්ගෙ යෝජනාව මං ස්ථිර කරනවා!

      Delete
    5. සුරුස්............⛷️😁

      Delete
    6. මැදිරිය උණුසුම් වී ඇත

      Delete
    7. @ Annonymous 11.39

      මේ නාට්‍ය නිර්මාණය නම් හරිම රසවත්.

      මමත් ටිකක් එකතු කරන්න හිතුවා ඕකට

      "නිවේදක: (කටහඬ වෙව්ලමින්)

      නිමල්... ඔබ ආණ්ඩුවට එල්ල කරන 'පගා' චෝදනාව ඔප්පු කරන්න පුළුවන්ද? ඔබ කියන්නේ මාලිමාව මේ හොරුන්ව ආරක්ෂා කරනවා කියලද?

      නිමල් දිසානායක: (පුපුරා යමින්)
      ඔප්පු කරන්න? මගෙන්ද අහන්නේ ඔප්පු කරන්න කියලා? (සිනහවකින් තොරව ඔසවන ලද බැංකු වාර්තාවක් කැමරාවට පෙන්වයි)

      මෙන්න සාක්ෂි, මේවා මම මාලිමාවේ ලොක්කන්ට දීලා දැන් මාස ගණනක්. හැබැයි ඒ අය මොකද කළේ? ඒ සාක්ෂි උඩ වාඩි වෙලා, හොරු එක්ක රහස් කාමරවල 'ඩිනර්' ගත්තා ඕයි. තමුන්නැහේලා හිතන්නේ මේ උදයංගලා නිදොස් වෙන්නේ නීතියේ හිස්තැන් නිසා කියලද? නැහැ, මේවා 'මුදලේ බලය' හමුවේ නීතිය දණගැස්වීම්!
      (අසුනෙන් වේගයෙන් නැගිටිමින්, මුළු ශරීරයම වෙව්ලයි)
      මේ මාලිමා ආණ්ඩුව බලයට ආවේ මේ රටේ මියගිය මිනිස්සුන්ගේ බලාපොරොත්තු උඩින්. හැබැයි අද ඒ මිනිස්සුන්ගේ මිනී වළවල් උඩ මේ දේශපාලකයෝ උදයංගලාත් එක්ක මංගල්‍ය පවත්වනවා. තමුන්නැහේලා දන්නවාද 'මිග්' ගනුදෙනුවෙන් මේ රටට වෙච්ච පාඩුව? ඒ සල්ලි තිබුණා නම් අද මේ රටේ කී දෙනෙක්ට බෙහෙත් ගන්න තිබුණද? කී දෙනෙක්ට වේලක් කන්න තිබුණද?

      නිවේදක:
      නිමල්, සන්සුන් වන්න... අපි මෙහිදී සමබර විය යුතුයි...

      නිමල් දිසානායක: (ඉදිරියට නැඹුරු වී නිවේදකයාගේ කමිසයේ කොලරයට අත තබන්නාක් මෙන් අත දික් කරයි)

      සමබර වෙන්න? මගේ රටේ සල්ලි හොරාකාපු උන් නිදහසේ ඉන්නකොට මම කොහොමද සමබර වෙන්නේ? මාලිමාවේ වේදිකාවල ලේ රත් කරපු උන් අද ඒ හොරුන්ගේ 'පගා කුට්ටි' වලට යට වෙලා. ඒ සල්ලිවලින් මාලිමාවේ පක්ෂ අරමුදල් පිරෙනවා. ඒකයි ඇත්ත කතාව

      උදයංග වීරතුංග කියන්නේ නිකම්ම මිනිහෙක් නෙවෙයි. ඔහු තමයි රාජපක්ෂලාගේ මුදල් පෙට්ටියේ යතුර. ඒ යතුර දැන් තියෙන්නේ මාලිමාවේ අතේ. ඒ යතුර පාවිච්චි කරලා ඒගොල්ලෝ පෙට්ටිය ඇරලා සල්ලි බෙදාගන්නවා. මම අහනවා ආණ්ඩුවෙන්... උඹලාගේ ඔය 'පිරිසිදු දේශපාලනය' දැන් කොහේද? උඹලාගේ අතේ තියෙන්නේ මහජනතාවගේ රුධිරය මිශ්‍ර වුණු පගා සල්ලි!

      (නිමල් මේසය මත තිබූ ලේඛන මිටියක් අතට ගෙන එය මුළු මැදිරියටම විසිරී යන ලෙස ඉහළට විසි කරයි.)

      නිමල් දිසානායක:

      බලපල්ලා මේ විසිරෙන්නේ සාක්ෂි නෙවෙයි, මේ රටේ ජනතාවගේ අනාගතේ

      උඹලා හිරේ දාන්න ඕන මිනිස්සුන්ට නිදහස දෙනවා නම්, ඒක කරන්නේ පගාවට මිසක් වෙන මොකකටවත් නෙවෙයි. මාලිමාව කියන්නේ 'රතු ඇඳගත්තු නිල් සහ කොළ හොරුන්ගේම' තවත් පැත්තක් විතරයි.

      (කැමරාව දෙසට අතිශය තීව්‍ර බැල්මක් හෙළමින්)

      මතක තියාගනින්... මේ පගා සල්ලිවලින් උඹලා ගන්න හුස්ම පවා මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ ශාපයෙන් පිරිලා තියෙන්නේ. තොපිට කවදාවත් ගැලවීමක් නැහැ! මම නිමල් දිසානායක, තොපේ මේ කුණු වෙච්ච ගනුදෙනුව හෙළි කරන එක නතර කරන්නේ මගේ පණ ගිය දවසට විතරයි

      (ඔහු මේසයට දැවැන්ත පහරක් ගසයි. එහි ශබ්දය මුළු මැදිරිය පුරාම දෝංකාර දෙයි. ඔහු කෝපයෙන් පිරුණු දෑසින් යුතුව මැදිරියෙන් පිටව යන්නේ නිවේදකයා ගල් ගැසී බලා සිටියදීය.)"

      මට නම් ඔය තරමට ලස්සනට ලියන්න තේරෙන්නේ නෑ, මේක අවුල් වගේ ඇති 😃

      ඔයාට ගොඩක් ස්තුතියි, හැබැයි සම හරක් උදයංග වීරතුංගව රජයේ සාක්ෂිකාරයෙක් කරනවා කියන පච ප්‍රචාර නම් මාලිමාවේ කපටි නායකයෝ මොළයක් නැති අමුගොන් ඩෝබිලාව අන්දන්න ගහන ලොවෙත් නැති නැව් පචයක් බව හොඳට මතක තියාගනින්. නීතිමය පැත්තෙන් බැලුවොත්, ලංකාවේ අපරාධ නඩු විධාන සංග්‍රහයට අනුව රජයේ සාක්ෂිකරුවෙක්' (State Witness/Pardon) කරන්නේ වරදකට සම්බන්ධ වුණු අඩුම වගකීමක් තියෙන අවම අපරාධ සහායක කෙනෙක්ව මිසක්, මිග් යානා ගනුදෙනුව වගේ මහා පරිමාණ වංචාවක මූලිකත්වය ගෙන කටයුතු කරපු ප්‍රධාන අතරමැදියා සහ මහ මොළකරු විදිහට ජාත්‍යන්තරව පවා (Interpol රතු නිවේදන පවා නිකුත් වූ) ප්රධානතම චෝදනා ලබපු ප්‍රධාන විත්තිකරු නෙවෙයි; එහෙම කෙනෙක්ව සාක්ෂිකාරයෙක් කරනවා කියන්නේ යුක්තිය පසිඳලීමක් නෙවෙයි, ඒක මාලිමාවේ ලොක්කෝ හොරුන්ගෙන් ගත්ත බිලියන ගණනක පගාව වහගන්න සහ හොරාකාපු සල්ලිවලට 'ලීගල්' සහතිකයක් දීලා ඌව බේරගන්න කරන මහා දේශපාලන කුමන්ත්‍රණයක් එහෙම කරනවා නම්, ඒක නීතිමය වශයෙන් කරන්න බැරි බව ඕනෑම කෙනෙකුට තේරෙන්න ඕනේ

      ඇමරිකාව පවා ඌට සම්බාධක දාලා දූෂිතයෙක් කියලා ලෝකෙටම සහතික කරලා තියෙද්දී, මුන් මෙතන ඇවිත් ඌව සාක්ෂිකාරයෙක් කරලා සුදනෙක් කරන්න හදන්නේ මාලිමාවේ පක්ෂ අරමුදල්වලට ලැබුණු හොර සල්ලි කුට්ටිවලට තියෙන කෘතගුණ සැලකීමක් විදිහට මිසක් වෙන මොකක්වත් නෙවෙයි. සාමාන්‍ය මිනිහෙක් තමන්ගේ දරුවාට කන්න දෙන්න විදියක් නැතිව පොල් ගෙඩියක් හොරකම් කළොත් පොලීසියෙන් ගුටි කාලා රිමාන්ඩ් වෙන්න ඕන මේ රටේ, බිලියන ගණන් රටේ සල්ලි ගිලපු උදයංගලාට රජයේ සාක්ෂිකරු වෙලා නිදහසේ සැප විඳින්න පාර කපලා දෙන මේ පචවලට අහුවෙන්න නම් මිනිස්සු මොලේ කළඳක් නැති අමු හරක් වෙන්න ඕනේ, හැබැයි දැන් ඉන්නේ අර පරණ රැවටෙන මිනිස්සු නෙවෙයි කියලා මාලිමාවේ ඔය කපටි නායකයෝ තේරුම් ගන්න එක නම් උන්ගේ ඇඟට ගුණයි.😃

      Delete
    8. පළමුවෙන්ම Ano මහත්තයෝ, ඔයාගේ ගොඩාරියක් දිග; ඉතා නිර්මාණාත්මක; රසවත් comment එකට ඉතාමත් ස්තුතියි.

      හැබැයි, එහෙම නිර්මාණයකදී වුණත්- සැබෑ අයව ඔවුන්ගේ නම්වලින්ම පාත්‍ර වර්ගයා ලෙස තෝරා ගන්නේ නම් වඩාත් සැලකිලිමත් විය යුතු බවයි මගේ අදහස.

      උදාහරණයකට ගනිමුකො ඔයාගේ නිර්මාණයෙන් නිරූපිත ‘නිමල් දිසානායක’වම. එයාට ඉතා ඉක්මනින්ම මළ පනිනවා- දැඩි ලෙස කෝපයට පත් වෙනවා- ඉවක්-බවක් නැතිව කතා කරනවා- TV මැදිරියක සජීවී විකාශයකට සහභාගී වී සිටින වග නොතකා අවිචාරවත්ව හැසිරෙනවා.
      මේ එකක්වත් මගෙන් නම් කෙරෙන දේවල් නෙවෙයි. මට තදබල කෝපයක් ඇති වුණාම මං කරන්නේ හැකිතාක් නිහඬව සිටීමයි. අනෙක තමා මට හොඳට පුළුවන් වෙනත් මතවලට; මං එකඟ නොවෙන ඒවාට පවා කන් දීගෙන ඉන්න.

      ඉතිං ඒ විදිහට සැබෑ චරිතයක් ‘අතිශයින්ම ප්‍රතිවිරුද්ධ’ ඇවතුම්- පැවතුම් ඇත්තෙකු ලෙස නිර්මාණය කිරීම ඔයාගෙ නිර්මාණයේ කොලිටියට ඔයා විසින්ම හානියක් කර ගැනීමක් කියලයි මට හිතෙන්නේ...

      Delete
    9. ... අනෙක මහත්තයෝ, ඔයා කොහෙවත් සඳහනක් කරලත් නැහැනෙ මේ චරිත ‘කල්පිත චරිත’ විත්තිය!
      මේ නිමැවුමට කැඳවාගෙන තිබෙන අනෙක් මහත්වරුන් දෙදෙනාටත් ඔයා අතින් සාධාරණයක් ඉටු වෙලා තියෙනවද කියලා කල්පනා කරන්න වටිනව නේද. (ඒ දෙන්නාමත් උපහාසය-අපහාසය දෙක හොඳින් හඳුනන, නිර්මාණශීලීත්වය ඉහළින්ම අගයන ඇත්තන් බවයි මගේ විශ්වාසය.)

      මෙහෙම කිව්වේ ඔයාත් එක්ක අමනාපයකින් නෙවෙයි. නැවත මේ වගේ ඉතාම නිර්මාණාත්මක යමක් කරන විටෙක ප්‍රයෝජනවත් වේවි කියලයි...

      Delete
    10. ... අපේ පැතුම් හිතවතා යෝජනා කරල තිබුණු විදිහට ඔයාටත් බ්ලොග් එකක් ලියන්න හිතුණොත්...
      එහෙම කරන්නට හිත දේවා!

      Delete
    11. ... ඔයා දන්නවද මම බ්ලොගයට ලියනකොට වුණත් කොච්චර පරෙස්සම් වෙනවද කියලා.

      මගේ ලියමන්වලදි පිරිමි උදවියගේ දෙබස්වල ‘කරනවා- කෙරුවාම- කෙරුවෝත්’ වගේ ලියන්නේ නැතිම තරම්. මං ඒවා ලියන්නේ ‘කරනව- කෙරුවම- කෙරුවොත්’ විදිහටයි. හැබැයි, ගැහැනු උදවියගෙ දෙබස්වලදි ලියන්නේ ‘කරනවා- කෙරුවාම- කෙරුවෝත්’ කියලයි.
      ගැහැනු- පිරිමි දෙගොල්ලන්ගේ වචන උච්චාරණයේ තියෙන ඔය වෙනස ගැන ලියද්දී සැලකිලිමත් වෙන්නැයි මට උපදෙස් දුන්නේ ප්‍රවීණ ග්‍රන්ථ කතුවර පී.බී. ජයසේකර මහතායි. ඊට පස්සෙ මං ගොඩක් සැලකිල්ලෙන් ගොඩක් අයට කන් දීලා බැලුවාම තේරුණා- ඒ උපදේශය ඇත්ත බව. (ස්තුතියි ජයසේකර මහත්තයෝ.)

      වැකියක් අවසානයේ, අපි තිතක් වෙනුවට තිත් කිහිපයක් යොදනවනෙ ‘තව තියෙනවා- ඉවරම නෑ’ වගේ අදහසක් දෙන්න. එහෙම තැනදී ‘තිත් තුනකට වඩා යොදන්න එපා.’ කියල මට කියා දුන්නේ ගෙවිඳු කුමාරතුංග මහතායි. (එතුමන්ටත් තුති!)
      එහෙම තැන්වලදි මම නං හැකිතාක් සැලකිලිමත් වෙන්නේ කාටවත් බයෙන් එහෙම නෙවෙයි... මං ලියන දේ කියවන ආදරණීය රසික-රසිකාවියන් හැම දෙනාටම මගෙන් කෙරෙන උපරිම ගෞරවයක් විදිහටයි...

      Delete
    12. ... අපේ ආදරණීය පාඨක පිරිසට එහෙම ගෞරව කරනකොට අපටත් ඔවුනගේ ගෞරවාන්විත විශ්වාසය හා ආදරය ලැබෙන බවයි මගේ අත්දැකීම.

      Delete
    13. මේ නව නිර්මාණයට තව කොටසක් එකතු කළ Ano, ඔයාටත් ගොඩක් ස්තුතියි- මහත්තයෝ.

      Delete
    14. ඔය උදයංග ගේ කතාව පැල කරපු එක්ක වගේ . පරීක්ෂණ නොමග යවන්න. එහෙම දෙයක් වුනොත් ආණ්ඩුවේ සපෝට් බලකායේ ගොඩක් අයින්වෙයි කළකිරිලම

      Delete
    15. ආණ්ඩුවේ සමහර වැඩ හින්දා; සමහර වැඩ හින්දා මං වුණත් කළකිරිලයි ඉන්නේ!

      Delete
    16. නාට්‍ය නම: බලලුන් ලවා කොස් ඇට බෑවීම කියල දැම්මොත් කොහොමද?

      Delete
    17. නාට්‍යය නිර්මාණය කළ Ano තමයි තීරණය කරන්න ඕනේ.

      Delete
    18. මේ පොඩි ක්ලිප් එක බලන්න මේකෙන් උනත් තව අලුත් නාට්‍ය නිර්මාණ කරන්න පුළුවන් වෙයි ඔය උඩ නාට්‍ය ලියපු අයට

      https://www.youtube.com/watch?v=nM-ip-j3jSo

      Delete
    19. හොඳ පොඩි! විනාඩි 25කටත් වැඩියිනේ Ano.

      Delete
  8. ඇත්තට සින්දු කියනව කියන එකයි ගායනා කරනව කියනේකයි දෙකක් නේද ? නිදි කිව්වහමයි මටත් හිතුනේ . අර ෆොටෝ එකේ කසාද බඳින ගැහැණු ළමය කණගාටුවෙන් ඉන්නේ . ඒ මොකෝ

    ReplyDelete
    Replies
    1. සිංදු කියන එකෙයි ගායනය කරන එකෙයි වෙනස තේරුම් නොගත් උදවිය දැන් වැහි වැහැලා අජිත් මහත්තයෝ. ඒක ඇත්තටම වසංගතයක් වගේ පැතිරීගෙන යන්නේ. මේ post එක upload කෙරුවට පස්සේ විකාශය වුණ වැඩ සටහනක් ඒකට හොඳම උදාහරණයක්. වෙලාව තියේ නං බලන්නකො. මෙන්න ලින්කුව.
      https://www.youtube.com/watch?v=kpZyceikdF0

      Delete
    2. ... ඒ ෆොටෝ එක සූදානං කරද්දී මටත් ඔය කාරණේ හිතුණා. අජිත් මහත්තය ඇහුවට පස්සේ මම තව විපරමින් බැලුවා ඒ ෆොටෝ එක. කාරණා දෙකක් මගේ ඔලුවට ආවේ එතකොටයි.
      1. මේ ෆොටෝ එක දෙවෙනි ගමන දවසේ ගත්ත එකක්. හනිමූන් ගිහින් එනකොට හොඳටම තෙහෙට්ටු හින්දා වෙන්නත් ඇහැකි- මහන්සි පාට.
      2. මනමාලයා (හේමලාල්; ලාල් අයියා) ඉස්සරහින් කෑම මේසය උඩ තියෙන 'පොල් ගහ යට- කොටිය අපිට, අපි කොටියට' එක හින්දා ලතාට තරහ ගිහිංවත්ද තිබ්බේ කියලත් හිතුණා.

      Delete
    3. අනේ මම කරගත්ත දේ කියල හිතන්න ඇති

      Delete
    4. නිදි සින්දු ටික බැලුව . අමල් පෙරේරා හරියටම හරි ඒ කියන දේ . අර මුල් සින්දු ටික අහන්න වත් හිතෙන්නේ නැහැ . අර 'මල් හිනා ' සින්දුව කියන ගැහැණු ළමය නම් නියමයි . එයා දිනනවා නම් හොඳයි .

      Delete
    5. අමල් පෙරේරා හංගන්නේ නැතිව වෙඩි වගේ ඇත්තම කියල දාන හැටි කොහොමද- අජිත් මහත්තයෝ?
      තවම මේ දෙවෙනි වටය... තව හොඳ දක්ෂයන් තරගයේ ඉන්නවා.

      Delete
    6. නාට්ටියේ නම දාගනිව් යකෝ 'දී කිරට බලල්ලුත් සාක්කි ' වගේ එකක්, තව විශාල ප්‍රශ්නයක් තියෙනවා, ජීවිතේට ප්‍රාසභාවවත් දැකලා නැති උන් පාර්ලිමේන්තුව ඇතුලට ගෙනල්ලා පාර්ලිමේන්තුවෙ ඉඳන් පහළටම දා ගත්තා. දහම් පාසල් නංගිලා ටිකකුයි, වෘත්තීය සමිති කඩාකප්පල්කාරයො ටිකකුයි, පාලම් බෝක්කු උඩ නන් දොඩවපු මන්දමානසික බුලත් හපයො ටිකකුයි, හිටපු ත්‍රස්තයො ටිකකුයි. ඇවිදින පුස්තකාල කියලා ගෙනාවෙ.

      විපක්ෂයෙ කාර්යභාර්‍යවත් මහජන සභාවක අත්දැකීම් නැති පාපිස්සො පොල්ලෙල්ලො ටිකක් ආණ්ඩුවක් භාර අරන් මොනවා කරන්න ද? දැන් උන් හැක් කරා කියනවා, කළින් කට්ටිය මෙහෙම කළා කියනව, හැරෙන හැරෙන පැත්තට බොරු කිය කිය ඉන්නව. පිස්සුවෙන් වගේ කෝටි ප්‍රකෝටි ගණන් හොරාකාලා මහජන බදු ධනය හොරකම් කර කර කොළඹ සහ අවට වටිනා ඉඩම් ලක්ෂරි ගෙවල් කෝටි ගණනක රත්තරන් ගොඩගහන එකනම් කරනවා.

      Delete
    7. https://www.colombowire.com/2026/04/political-usd-25-million-rs-79.html

      Delete
    8. මේ මෝඩ ගොන් ආණ්ඩුවට අපි කිව්ව පරණ නිලධාරීන් ඔක්කොම අස් කරලා තමන්ගේ අය දාන්න . වැඩ අබරිනම් උගන්වන්න් කියල . අනික් හැම ආණ්ඩුවක්ම කලේ ඒක කියල . "අපි පාලි ගන්නේ නැත . අපට හැමෝම චන්දෙ දුන්නා කියල වැල් බයිලා කිව්වා ". දැන් විඳවපියව් . තව කෙළවෙනකොට තේරෙයි . - There is no dispute about the headline number.
      USD 2.5 million—approximately Rs. 79 crores—is under investigation.

      What is in dispute is the narrative being constructed around it.

      Because what is being presented to the public is not a financial analysis. It is a political script—written first, and evidenced later.

      The First Correction: The Central Bank Has Not Disappeared
      The suggestion that institutional safeguards collapsed because debt servicing shifted away from the Central Bank of Sri Lanka is fundamentally misleading.

      The Central Bank remains an independent statutory authority. Its role in settlement systems, reserve management, and transaction oversight is not erased by administrative coordination through the Treasury.

      Sovereign debt payments are not executed through a single office or a single email. They move through layered controls:

      Treasury initiation
      Central Bank settlement pathways
      International banking verification
      Creditor-side confirmation
      If USD 2.5 million was misdirected, it is precisely these systems now being used to trace and recover it.

      That is not system collapse. That is system activation.

      “Hidden from the Public” — Or Investigated Before Noise?
      The claim that “you were never supposed to know” is emotionally effective—but operationally naïve.

      Cross-border financial fraud, especially involving alleged email spoofing, is highly time-sensitive. Public disclosure at the wrong stage can:

      Alert perpetrators
      Trigger rapid fund dissipation
      Compromise recovery efforts
      What actually happened?

      Officials were suspended
      A Technical Investigation Committee was appointed
      The issue entered the public domain
      That is not concealment. That is procedural escalation.

      The NPP Government: Not Hiding—Acting
      The attempt to portray the National People's Power (NPP) government as suppressing the scandal collapses under one basic fact:

      Action has already been taken.

      Unlike past administrations where scandals lingered for years without consequence, this case has already triggered:

      Administrative suspensions
      Formal investigation
      Public scrutiny
      Those responsible—whether through negligence or deliberate misconduct—will be brought into the legal process. That is the stated position, and the machinery is already moving.

      Delete
    9. මේ මෝඩ ගොන් ආණ්ඩුවට අපි කිව්ව පරණ නිලධාරීන් ඔක්කොම අස් කරලා තමන්ගේ අය දාන්න . වැඩ බැරිනම් උගන්වන්න කියල . අනික් හැම ආණ්ඩුවක්ම කලේ ඒක කියල . "අපි පලි ගන්නේ නැත . අපට හැමෝම චන්දෙ දුන්නා කියල වැල් බයිලා කිව්වා ". දැන් විඳවපියව් .මුන් ඉස්සෙලම කලේ යාලුවෝ , උදව් කරපු උන් තරහ කර ගන්න එක . තව කෙළවෙනකොට තේරෙයි.

      Delete
    10. @ Ano 12.07 AM

      පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් හැටියට ඉඳලා මතක හැටියට නියෝජ්‍ය මුදල් ඇමති හැටියට ඉඳලා අපේ හර්ෂණ සූරියප්පෙරුම සහෝදරයා ඉල්ලා අස්උනේ භාණ්ඩාගාරයට ගිහිල්ලා එතනත් කලින් තැන වගේ අවංකව වැඩ කරන්න 🥰❤️.

      මෝඩ බයියො කියනවා අපේ සහෝදරයා ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිකරුවෙක් කියලා 🙋🏾🇳🇿.

      නමුත් අපි දන්නවා අපේ හර්ෂණ සූරියප්පෙරුම සහෝදරයා ඕස්ට්‍රේලියාව වගේ රටක් දාලා ලංකාවට ආවේ සතපහක් හොරකන් නොකර අවුරුදු පහක් එක දිගට ලංකාව වෙනුවෙන් වැඩ කරන්න කියලා 🥰❤️. ඒ කාලය තුළ හර්ෂණ සූරියප්පෙරුම සහෝදරයාගේ පවුලේ සියලු විය හියදම් ජයසාන්ත සහෝදරයා ඩොලර් වලින්ම ගෙවන්න පොරොන්දු වෙලා ඇති කියලා මට හිතෙනවා 🥰❤️.

      #කැපකිරීම්කරනරත්තරන්මිනිස්සු❤️
      #සදාඅපිමාලිමාවට
      #මැරිලත්හොල්මනක්වෙලා ඇවිදින්මාලිමාවටවැඩකරනඅපි

      Delete
    11. මට හිතෙන- දැනෙන විදිහට ඔය හැකර් කතාවේ අවුල් හෙණ ගොඩයි.
      එව්ව වහ ගන්න දෙන උත්තරවලින් හොඳ හොඳ කතා එළියට එන පාටයි.

      Delete
  9. මේ කතාව කෘත්‍රිම බුද්ධිය ඇසුරින් ලියපු එකක් කියලා මේක ලියපු බ්ලොග් කාරයා කියනවා මේක බලන්න

    http://anthoniyo-bahijata.blogspot.com/2026/04/blog-post_10.html

    කෘත්‍රිම බුද්ධිය ඇසුරින් කෙටි වීඩියෝ හදපුවා තියෙනවා නේද යූටියුබ් එකේ එහෙම? නාට්‍ය නිර්මාණ කරන්නත් පුළුවන් ඇති, නවකතා ලියන්න නම් ChatGPT එක හොඳයි ඉංග්‍රීසියෙන් සිංහල භාෂාව නම් ඉතින් චීන AI තමයි ගොඩක් වෙලාවට, සරල කතාවකට DeepSeek වගේ එකක් හොඳ ඇති. නමුත් AI වලින් දිගටම ලියන්න බෑනේ කතාවේ මූලික ආකෘතිය හදාගෙන ඡේද එකින් එක ලියන්න වෙනවා ඉතින් 😂🤣

    ReplyDelete
    Replies
    1. අන්තෝනියෝ බහිජටා එකට ගිහින් කියෙව්වා. ලින්කුව දුන්නට ස්තුතියි.

      අනේ Ano මහත්තයෝ, මං ඔය අලුත් තාක්ෂණික දේවල් ගැන නොදරුවෙක් නෙව. බලමු වෙන කවුරු හරි මොකුත් කියයිද කියලා.

      Delete
  10. රසවත් වගේම ආපසු බලන විට සංකාවක් ජනිත කරන මතක!

    ReplyDelete
    Replies
    1. ඒක නං එහෙම තමයි Litseeker. ස්තුතියි කමෙන්ටුවට.

      Delete
  11. //සරස්වතී දේවින්නාන්සේ වැඩ ඉන්න තැනක ලක්ෂ්මී... // කාන්තා රත්න දෙකකට එකට වසන්න බැරිය කියලත් පොඩි හින්ට් එහෙකට හරෝගන්ට ඇහැකි 😂😁

    ReplyDelete
    Replies
    1. නමී

      මනාව සැලසුම් කර සමාජයට අතේ පැලවෙන පට්ටපල් බොරු කියන අතිශය වංක මිනිසකුගේ අමන භාෂා ප්‍රයෝග සහ සටකපට බොඩි ලැංග්වේජ් එක හදාරන්නට මහ බැංකුවේ ඩොලර් හොරකම ගැන හර්ෂණ සූරියප්පෙරුමගේ මාධ්‍ය සාකච්ඡාව නරඹන්න.

      Delete
    2. ගොඩක් ස්තුතියි නමී. වැඩ කන්දරාවක් මැද්දේත් මෙහාට ආ එකට.

      Delete
  12. මම හොඳටම පරක්කු වෙලා ආවෙ 🫣.

    "එකම මෝස්තරයක් රෙදි තුනක් උඩ ඇඳලා බතික් රෙදි තුනක් හැදුවත් ලබෙන්නේ එකකට එකක් වෙනස් නිර්මාණ තුනක්... ඒකයි බතික් කලාවේ රහස..." නිමල්ගෙ imagination, focus, passion ඔක්කොම ගැලපෙන්නෙ එතෙන්ට නේද.

    ReplyDelete
    Replies
    1. පරක්කු වෙලා හරි ආව එකට සතුටුයි, Lotus. අඩුව දැනුණා.

      //නිමල්ගෙ imagination, focus, passion ඔක්කොම ගැලපෙන්නෙ එතෙන්ට නේද//
      ආයෙත් අහලා- ඔයා හරියටම හරි!

      Delete
  13. "ජාතක කතාවක් කියන්නේ බුදු හාමුදුරුවන් වහන්සේ පූර්ව ජාතීන්වල ඉපදිලා හිටිය හැටි ගැන කියැවෙන කතාවලට.." ජාතක කතා හොඳයි; හැබැයි ඒවා අහලා වැඩි වෙලා වෙන්න ඇති අපේ මිනිස්සු කර්මය කියන්නෙ හරිම සරළ, රේඛීය දෙයක් කියලා හිතන්නෙ. පින් කරන්න දඟලනවා හැබැයි ඉවසීම, කරුණාව දශමයක්වත් නෑ. නිමල් දැක්කද අර peace walk එක ඒ හාමුදුරුවන්ට නිදහසේ කරගෙන යන්න දෙන්නෙ නැතුව බිම වැටීගෙන, තෙරපීගෙන හාමුදුරුවන්ගෙ ගමනටත් බාධා කරමින් දඟලන හැටි.

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි Lotus, අපේ මිනිස්සු ධර්මය දන්නෙත් නෑ, කර්මය දන්නෙත් නෑ, සැනසීමේ මාර්ගය දන්නෙත් නෑ.
      මලක් පහනක් පිදුවම, තෙරපීගෙන- තව එකෙක් පෙරලගෙන හරි ඉස්සරහට පැනලා- අනුන්ට කරදරයක් වෙල හරි මහ හයියෙන් සාදු කිව්වම දිව්‍ය ලෝකෙම අයිති කර ගන්න පුළුවනි කියලයි හිතා ගෙන ඉන්නේ!

      Delete