li Item

Monday, March 28, 2022

සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස

දවසකට පැය පහ-හය විදුලිය නැතිය. එහෙම කට්ට කළුවරේ පැය එකහමාරක් කල් මරද්දීය, අයිඩියාවක් සිරසට සැපත් වුණේ!

මේ කතන්දරේට enter වෙන්නේ කොහොමද?
ටික දවසක් තිස්සේ මගේ හිතට වද දෙමින් තිබ්බේ ඒ ප්‍රශ්නයයි. ඒ අස්සේ අපේ රට පුරාමත් ප්‍රශ්නය. ගෑස්- තෙල්- සිමෙන්ති- පෝර ආදී හැම ලබ්බකම හිඟකම්-නැතිකම් එහෙන්ය. බඩු මිල අහසට ගිහින්ය; දවසකට පැය පහ-හය විදුලිය නැතිය.

එහෙම කට්ට කළුවරේ පැය එකහමාරක් කල් මරද්දීය, අයිඩියාවක් සිරසට සැපත් වුණේ!

(කොළ පාට පසුබිම)

සුප්පා දේවී:
අහා, මේ වනය කොතරම් සුන්දරද? රුක් පුරා පිපි මල්. (මලක් කඩාගෙන එය සිප, හිසේ රඳවා ගනී.) මල්වල රොන් ගැනීමට එන බමරුන්ගේ ගුමු-ගුමු නදින් මා සිත පිනා යයි. අහෝ... (කල්පනාකාරීව) මා තවමත් දෙගුරුන් යටතේ නම්... අර එක්ටැම් ගෙයි තනිවම... අඃ... එපා, එපා.ඒ රුදුරු අතීතය සිහිවන විට මහද පැලෙන්නට යයි.
(සෝදුකින් වේදිකාවේ සක්මන් කරයි.)
රටතොට අලංකාරය නොදැක, එසේ සිර ගෙයක් බඳු තැනකට වී... හ්ම්... නිදොස්වම; ඔව්, අසත්‍ය පුහු අනාවැකියක් නිසා මට විඳින්නට වූ ගැහැට.
අහෝ! සතුරෙකුටවත් මෙබඳු විපතක් නම් නොවේවා. (හදිසියේ දුටු දෙයකින් කලබලව, එතැනට දිව ගොස් පක්ෂියෙකු අල්ලා ගෙන ඌ සුරතල් කරමින් එයි.)
අහා! මේ මනහර පක්ෂියාගේ දර්ශනයත්, ඉමිහිරි ගී නාදයත් මගේ නුවන් සවන් පිනවා ලයි!

(පක්ෂියා වීසි කිරීමට වේදිකාවෙන් ඉවතට යයි.)

එහෙම කරන්නේ ආඩම්බරෙන් නං නෙවෙයි; හොඳේ. ලජ්ජාවෙන්. මමය කියන ගොන් වහන්සේ කොච්චරට ඇඳගෙන ඉන්නට ඇතිද?’ කියලා හිතමින්!

මගේ ළඟ තියෙන, කොළ හැලුණා යැයි පෙනෙන ‘සිංහබාහු’ නාට්‍ය පිටපතේ තියෙන විදිහය උඩින් දැක්වූයේ.

එහෙම කරන්නේ ආඩම්බරෙන් නං නෙවෙයි; හොඳේ. ලජ්ජාවෙන්. මමය කියන ගොන් වහන්සේ කොච්චරට ‘ඇඳගෙන ඉන්නට ඇතිද?’ කියලා හිතමින්!

ඒ පිටපත ටයිප් කළ එකකි. මුල්ම පිටුවක් හෝ දෙකක් missingය. අග පිටු කීපයකුත් හැළිලාය. අවුරුදු පනහක් විතර කාලයක් තිස්සේ, මේ ටිකවත් පරෙස්සම් වෙලා තියෙන එකත් පුදුමයක් නෙව.

‘බ්‍රොයිලර් මනමේ- 2’ post එකේදී කිව්වා වගේ, සේ ටීචර්ගේ අයිඩියා එක නිසාය ‘සිංහබාහු’ ලියන්නට කරුණු යෙදුණේ.

‘ගස් නැති රටේ’ post එකේදී කිව්වා වගේ බන්දුල ජයකොඩි ගෙනා යෝජනාව නිසාය, අපේ නාට්‍යයක් රඟහලකදී; ලුම්බිණි රඟහලේදී වේදිකාගත කරන්නට අප ඉටා ගත්තේ. එසේම මගේ කොණ්ඩය දිගට වැවෙන්නට හැරියේ.
ඒ අතරවාරයේ, බොරැල්ලේ YMBA රඟහලේදී ‘ආලකමන්දා’ නාට්‍යයේ හින්නිකිතර චරිතයකට පෙනී සිටි අපූරුවය;
‘හොන මුත්තක්ද බලන්නේ’ post එකෙන් කිව්වේ.

‘ආලකමන්දා’ නාට්‍යය බලන්නට අපේ තාත්තාත්, බන්දුලත්, රංජිත් අයියාත් ඇතුළු කීප දෙනෙක්ම ආවෝය. මගේ දැනීමේ තරමට නම් ඒ හැමෝම වාගේ, කොළඹ රඟහලකට ගිහිල්ලා නාට්‍ය බලා නොතිබුණු අයයි. නාට්‍යය ඉවර වෙලා, මාත් ඇඳුම් මාරු කරගෙන එනතුරු අපේ තාත්තලා බොරැල්ලේ YMBA ශාලාවේම රැඳී සිටියහ.

“ඔන්න දැන් නං ගුණපාල අයියෙ තවත් පරක්කු කරන්න බෑ. රංජි මල්ලිට විතරද, ලොකු හෝල්වල ඇට් කරන්න හොඳ?” බස් එකේදී පළමුවෙනි ප්‍රශ්නය මතු වුණේ, බන්දුලගෙන්.

‘ඔව්, ඔව්ව්ව්. අපිත් කළු නෑෑෑෑනේ ගුණපාල අයියේඒඒඒඒඒ...” බන්දුලගේ කතාවට මුක්කුවකුත් ගැසිණි. ‘මෙයාලට ඉරිසියාවේ!’ මට හිතුණේ එහෙමය.

ගස් නැති රටේ තුත්තිරි ගහත් ගහක්නේ!

‘මේකලා මටත් චැලේන්ජ් කරනවද?’ අපේ තාත්තාට හිතුණා වෙන්නැතිය.

“කෝ, තමුසෙලා සිංහබාහුට කොල්ලෙක්ව හොයාගෙන එනවයි කිව්ව නේද.... ඒක එහෙම්ම අමතක කරලද මහ ලොකුවට සිංහබාහු නටන්න කතා කරන්නේ?” අපේ තාත්තාත් ‘නිල අල්ලා’ උත්තර බැන්දේය.

බන්දුල ජයකොඩිටය ඒ පහර වැඩියත්ම වැදුණේ.
සමරසිරිලා- රංජිත් අයියලා දන්න-කියන
තරුණයන් සේරම ඒ වෙද්දීත් අපේ කණ්ඩායමට හඳුන්වලා දීලා අහවරය. දැන් ඉතිරි වී තියෙන්නේ වැල්ලවත්ත රෙදි මෝලේ වැඩ කරන; රඟපාන්නට කැමති තරුණයෙකු හෙවිල්ලය. එතැන වැඩ කරන්නේ බන්දුලය!
(බන්දුලව එහාට යැවුණු හැටි ‘ඒ නං ඔයාට අපිව විශ්වාස නෑ’ post එකේ සවිස්තරවම ලියා තිබේ.)

තරමක මාන්නක්කාරයෙකු වූ; අඩු කතාකාර බන්දුල එවෙලේ වෙනින් මොකුත්ම කිව්වේ නැත. එයාගේ මුහුණ බලද්දී මට පෙනුණේ, මිනිහා යටි තොල විකාගෙන හිටින විදිහයි.
මං වහන්සේ දැකලා තියෙන හැටියට නං හුඟ දෙනෙක්ම එහෙමය; මොනවා හරි හිතට ගන්නවා නම්; අධිෂ්ඨාන කර ගන්නවා නම් එක්කෝ යටි තොල විකා ගනිති; නැත්තං ඇස්දෙක පියා ගෙන මොහොතක් සිටිති.

ඒ වතාවෙත් මගේ නිරීක්ෂණේ හරි ගියේය!
දෙදවසක් යන්නට කලින්ම බන්දුල ජයකොඩි ජයග්‍රාහී ලීලාවෙන් ‘handy’ තරුණයෙකු අපේ ගෙදරට කැන්දාගෙන ආවේය.

ඒ හාදයාගේ කෙස්ස බොකුටුය; අඟ-පසඟ පිරිපුන්ය; පෙනුම පැහැපත්ය. ‘සිංහබාහුට නං හොඳයි... තව චුට්ටක් උසත් වුණා නං..’ කියලාය මට හිතුණේ.

‘අනේ නිකං හිටපං. එහෙනං ඉතිං ගාමිණී ෆොන්සේකාත් ගොඩක් උසයිද?’ මගේම යටි හිත මට විරුද්ධව අවි අමෝරා ගත්තේය! ගස් නැති රටේ තුත්තිරි ගහත් ගහක්නේ, මටම දෙසා ගනිමින් මම බලා සිටියෙමි. අපේ තාත්තා ‘සරත් රංචාගොඩ’ එක්ක කතාවට බැස්සේය.

සරත් රංචාගොඩ දෙහිඕවිට, අටුලුගම ඉඳලා කොළඹට ඇවිත් තියෙන්නේ වැල්ලවත්ත රෙදි මෝලේරස්සාව ලැබුණාමය.

"අයිසෙට වෙලාව තියෙනවද නාට්‍ය practiseවලට එන්න එහෙම. මොකද කොච්චර ඇක්ටිං හොඳ වුණත් වැඩක් නැහැනේ, අනිත් අයත් එක්කම ප්‍රැක්ටිස් කරන්න එන්න විදිහක් නැති නං.

අනෙක සිංහබාහුත් මේන් රෝල් එකක්නේ.” (තාත්තාගේ කතා පරෙස්සම බන්දු ළඟම ඉන්නා හින්දාය. නාට්‍යයේ ප්‍රධාන චරිතය තමන් විසින් පණ ගැන්වෙන සිංහයා බවයි බන්දුල නිතර පුරසාරම් කියමින් හිටියේ.)

“මට වෙලාව තියෙනවා....” නිහඬ විරාමයකින් සරත්ගේ කතාවට බාධා වුණු බව හොඳටම පෙනෙයි. තාත්තාට සරත්ගේ ඒ ස්වයං ඇණ හිටිල්ලේ හේතුව තේරුම් ගිහිල්ලාය.
“මං ගුණපාල අයියා! සමහරවිට බන්දුල කියන්ඩත් ඇතිනේ. මට එහෙම කිව්වම ඇති... සරත් කියලා නේද අයිසෙගේ නම කිව්වේ...”
“මට වෙලාව තියෙනවා ගුණපාල අය්යේ. ෂිෆ්ට් එකටනෙ අපි වැඩ කරන්නේ. Night Shift එකක් දාගන්න පුළුවන් ඕනි කරන දවස්වලට. නේද බන්දු..” සරත් එහෙම ඇහුවත් බන්දුල ඔළුව හෙලෙව්වා විතරකි.

සරත් රංචාගොඩ දෙහිඕවිට, අටුලුගම ඉඳලා කොළඹට ඇවිත් තියෙන්නේ ‘වැල්ලවත්ත රෙදි මෝලේ’ රස්සාව ලැබුණාමය. “ගෙදර ඉඳලා වැඩට එන්න- යන්න බෑ ගුණපාල අයියේ, පැය දෙක තුනක් නැතිව. මං රෙදි මෝල ඉස්සරහම lane එකේ බෝඩිමක නැවතිලයි ඉන්නේ. ඉතිං වෙලාව තියෙනවා.”

අවුරුදු පනහක වෙනස; සංවර්ධනය ඒ ගමනට නං බලපාලා නැති තරම්ය. අදටත් දවල් වෙලාවක නම් ඒ ගමනට පැය දෙක-තුනක් නැතිව බැරිය. පාරවල් හැදිලා ඇතත්, වාහන සංඛ්‍යාව ඕසෙට වැඩි වෙලාය.

“අපේ අක්ක කෙනෙක් වැඩ කරනවා පොලිසියේ.... එයා නම් තිඹිරිගස්යායේ පොලිස් flatsවල ඉන්නෙ...” සරත් සංවාදශීලීව කියාගෙන ගියේය. අපේ තාත්තාටත් එයාව හිතට අල්ලලා ගිහින්ය. (ඩග්ලස්ව වගේ!)

“සරත් බෝඩිං වෙලානේ ඉන්නවයි කිව්වේ.... අද දවල්ට තියෙන විදිහට අපේ ගෙදරින් බත් ටිකක් කාලා යං. රංජි, නෝනගෙන් අහල බලපංකො මොනාද හදන්නෙ කියලා.... බන්දු, තමුසෙත් සරත්ව මෙහෙ දාලා යන්න හදන්න එපා... ආඩම්බරේ පැත්තකින් තියලා ඉන්නව මේ යාළුවත් එක්කම.”

ගොටුකොළ වුණාට ඒ වර්ගයේ කොළ තනිකරම සලාද කොළ වගෙය; ඒ පාටය. එයින් පැළ දෙක තුනක් ඉල්ලාගෙන ඇවිදින්....

එදා දවල් අපේ ලොකු නංගී හදමින් හිටියේ බතුයි, පරිප්පු හොද්දකුයි, කරවල බැදුමකුයිය.

‘මොනවා? නිදි ඔච්චර හොඳට ඔව්වා මතක තියාගෙන ඉන්නවද?’ මේ post එක කියවන ඔබට සිතෙනු ඇත. මං කියමින් ඉන්නෙ පනස් වසරකට එහා කතන්දරයකි. ඒ නිසා එහෙම හිතෙන එක සාධාරණය. ඒත් සමහර පුංචි දේවල් අපට මතක හිටින්නේ පුදුමාකාර විදිහටය. විශේෂයෙන් රිදුම් දෙන මතකයන්...

“සරත්ටත් බත් කටක් දෙන එකේ, ගොටුකොළ සම්බෝල ටිහකුත් හදමුද බං...” තාත්තා ‘තොත්ත බබා’ ලීලාවෙන් අහද්දී නං මට තරහය. ඒත් අමුත්තෙකු ඉදිරිපිටදී මගේ තරහව පෙන්වන්නද? ගොටුකොළ සම්බෝලයකට කොළ කඩා ගන්නට වෙන්නේ මගේ ‘සලාද ගොටුකොළ’ පාත්තියෙනි!

අනේ! ඒ දවස්වල මම ඒ පාත්තිය රැක ගත්තු විදිහ. නාට්‍යයකට ආධාර එකතු කරන්නට ගිය වෙලාවකය මට ඒ ගොටුකොළ වර්ගය ඇහැ ගැහුණේ.
ගොටුකොළ වුණාට ඒ වර්ගයේ කොළ තනිකරම සලාද කොළ වගෙය; ඒ පාටය. එයින් පැළ දෙක තුනක් ඉල්ලාගෙන ඇවිදින්ය, මං අර පාත්තියක්ම හදා ගත්තේ. (තවමත් එයින් පැළ දෙක තුනක් හොයමින් හිටින්නේ ඒවාට තිබුණු ආදරය නොමැරී තියෙන නිසාය. අවුරුදු තිහ- හතළිහකින්වත් මට ඒවා දකින්නට ලැබී නැත.)

ඉතාම කලාතුරකින් විතරය, ඒ පාත්තියෙන් ගොටුකොළ නෙළා ගැනුණේ. ඒකත් කෙරුණේ මගේ අතින් විතරය.
තවමත් මගේ දෙනුවනේ ඉතා සජීවීව නිධන්වී තියෙන දර්ශනයකි.

‘මාරක හී පහර’ නාට්‍යය දිනවල අපේ ගෙදරට කඩා පාත්වී- යකා නටා; මහරගම මරු සිරාගේ කැති පහරක් කාලා, එයාගේ මස් ඇතිලියකට වැටුණු වඳුරා මතකයි නේද? (ඌව අපට ලැබුණාම- ඌට ලගින්නට ලෑල්ලක් ගහලා උස බංකුවක් හැදුවේ, මේ ගොටුකොළ පාත්තිය කෙළවරේය.)  යට කී දර්ශනයේ, එතැන අපේ සීයා; චාලි නානා කොන්ද නවාගෙන වඳුරාට හිස දික් කරගෙන හිඳී- වඳුරා සීයාගේ හිසේ උකුණන් සොයයි!

අද ඒ හැම දේම gone ය! ගිහින්ය!!

ඉතිං, ඇත්තම කියනවා නං, එදා මං ගොටුකොළ කැඩුවේ- සරත් රංචාගොඩට හිත යටින් බැණ වදිමිනි. ඒ අස්සේ බන්දුල ජයකොඩිත් එතනට ආවේය. “බෑ කියන්න බැරි වුණා නේද, රංජි?”
හොඳටම තරහක් ආවාම මට ඇඬෙයි- කතා කර ගන්නටත් බැරිව යන තරම්ය. මං කළේ පුළුවන් තරම් තදෙන් බන්දුට රැවීමය. ඒ රැවුමේ හැංගී තිබුණු චණ්ඩ තාපය තේරුම් ගියා වාගේ, බන්දු පසු බැස්සේය.

සිංහබාහුත් ඉන්න සීන් එකක්... (ඩී.බී. සුරනිමල විසින් සරච්චන්ද්‍ර මහතාගේ සිංහබාහු නාට්‍යයේ මුල් දර්ශනයේදී ගත් ඡායාරූපයකි.)

ඒ සිදු වීම මට එච්චර හොඳට මතක තියෙන්නේ එදා දැනුණු දුක- තරහ දෙකම ඒ තරම්ම බලවත් නිසාය!

සරත්ටත් මිය යන තුරාවටම ‘එදා මහරගම අපේ ගෙදරට ආ ගමන’ ඔහුගේ මතකයේ තිබුණා විය යුතුය. ඒ තරමටම, ඒ ගමනෙන් එයාගේ ජීවිතයේ වෙනස්කම් ගොඩාරියකට මුල පිරුණ නිසාය.

“හරි! බන්දු තමුසේ සිංහයාගේ කෑල්ල චුට්ටක් කරනවා... රංජි, උඹත් වරෙං..., පොතත් අරගෙන. සිංහබාහුත් ඉන්න සීන් එකක් පුරුදු වෙලා බලමු...” කඩාගත් ගොටුකොළ ටික නෝනාට බාර දීලා ආවාට පස්සේ, අපේ තාත්තා යෝජනා කළේය.
“කියවලා පෙන්නපං රංජි, සරත්ට දෙබසක්....”

සිංහබාහුට හිමි දෙබස් ඛණ්ඩයක් තෝරා ගන්නටත්, කියවන්නටත් මට වරුවක් ගත වුණේය. “මොකද යකෝ... දවස් ගාණක් හාමතේ හිටියා වගේ... පණ ඇතිව කියපංකෝ ඕක....”
මට අමාරුවෙන් තරහව යටපත් කර ගන්නට වුණේය. නැත්තං වෙන්නේ මේ අමුත්තා ඉස්සරහම බැණුම් අහගන්නටය.

සරත්, එදා අපේ තාත්තාගේ පරීක්ෂණ කඩුල්ලෙන් පැන ගත්තේය. මගේ හිතේ නං සරත් ගැන ඇති වෙලා තිබුණේ කෝන්තරයකි. සලාද ගොටුකොළ හින්දා ඇති වුණු ඒ කෝන්තරය ගැන හොඳටම පසු තැවෙන්නටය, කල් යද්දී මට සිදු වුණේ. සරත් ඒ තරමටම ප්‍රියමනාප හාදයෙකි.

“දැන් ඉතිං සිංහබාහු කෙනෙක් හෙව්වා වගේම සුප්පා දේවියෙකුත් හොයා ගත්තා නං හරි.” අපේ තාත්තා ඊට ටික දවසකට පස්සේ කිව්වේ ‘පුංචි සාදයකදී’ය.

එදා භානු යාළු 1 තලගොයි දඩයමක් කරගෙන ඇවිත් තිබුණු දවසකි. මාසයකදී එහෙම දවස් දෙක-තුනක්ම අපේ අහට උදා වෙයි. දැන් වගේ ගෙවල්වලින් විතරක් පිරුණු මණ්ඩියක් නොවුණු එදා පමුණුවේ, කුඹුරු- ඕවිටි- වගුරු- දෙනි- ලඳු කැලෑ- බඩවැටි අඩුවක් නැතිවම තිබිණි. එව්වායේ වාසය කළ ඉබ්බන්, තලගොයන් ආයුක්ෂය වුණු වහාම මුලිච්චි වුණේ ‘පව් පඳුරක් වුණු’ භානු යාළු 1 හාදයාවය. (ලිවීමේ පහසුව තකා අපි මේ යාළුවාව ‘පත්මේ’ යයි නම් කරමු.)

වතාවක විතරය ඒකා, පණ පිටින් ඉබ්බෙකු ගෝනි පඩංගුවක ඔතාගෙන ආවේ.

පාන් ගෙඩි තුනකට සල්ලි ඇති. හැබැයි....

“පත්මේ... ඔය වැඩේ නං කරන්න එපා ආයේ කවදාවත්. තමුසෙ අලියෙක්ව හරි මරාගෙන එනවා... ඒත් පණ පිටින් නං- මෙහෙදී මරන්න නං මොකෙක්වත් ගේන්න එපා. තමුසෙ දන්නවනෙ අපේ අම්මගෙ හැටි. අන්තිමේ තමුසෙලගෙ අම්මවත් හම්බ වෙන්න ගිහින් අහයි ‘මෙහෙමද දරුවෝ හදන්නේ’ කියලා.” තාත්තා භානු යාළු 1 ට එදාම කිව්වේය.

අකල් මරණයකට පාත්‍ර වුණු ඒ සත්තුන්ට හම ගැහිලා, මස් වෙන්නට සිද්ධ වුණේත් අපේ ආච්චීට හොරෙනි. ඒක එච්චර අමාරු නොවුණේ අපේ ඉඩමේ එහා පැත්තෙන් තිබුණු, වනාත වත්තේ කැලය නිසාය. (සුදුම සුදු සමරසිරිත්, කළුම කළු විමලසිරිත් අමු හෙළුවෙන් පුර හඳ දවසක හොර පොල් කැඩුවේ ඒ වත්තෙනි.)  

ඉතිං ඔන්න ඔයාකාරයෙන් අපේ ගෙදරට දඩ මසක් ආවාම, එව්වා හදන්නේ අපේ තාත්තාය.

ඒ අතරේ අපේ ගෙදර අතන-මෙතන හැංගිලා තියෙන සිල්ලර කාසි එක තැනකට එකතු වෙයි. ඒ වෙලාවේ අපේ ගෙදරට ඇවිත් ඉන්නා කට්ටියගේ සාක්කුත් හිස් වෙයි. (එතකොටත් ඉස්කෝලේ යන හෝ රස්සාවක් නොකරන හෝ ඒ ගොඩ දෙනාත් අයිති වුණේ empty pocket කාණ්ඩයටය.)

“පාන් ගෙඩි තුනකට සල්ලි ඇති. හැබැයි බෝතලේකට නං...” සල්ලි එකතුවෙ තරම බලන කෙනෙක් ගණන් හදයි.
(එතකොට පාන් රාත්තලක් සත විසිපහක් හෝ තිස්පහක් හෝ බවය මට මතක. කසියා බෝතලයක මිල නං කවදාවත් මගේ කණට වැටිලා නැත.)
“පාන් ගෙඩි තුනක් අරගෙන, තියෙන ටික දීලා, මම ණයට බෝතලයක් ඉල්ලා ගන්නං...” කියන්නේ පත්මේමය.

එහෙම දවසකය, අපේ තාත්තා අරහෙම කිව්වේ.
“පිස්සුද ගුණපාල අයියා.... තව අවුරුදු ගාණක් යනකල් රංජි මල්ලිට කෙල්ලට අඳින්න පුළුවන්. කෙල්ලෙක් ළඟවත් මෙහෙම සිරියාවක් තියෙනවද බලන්නකො!” ඒකා කාටත් හොරෙන් මට ඇහැක් ගසමින් කියයි. (එතකොටත් ඒ හාදයා මාව බිල්ලට අරගෙනය.)
“දැන් රංජි මල්ලිගේ කොණ්ඩේත් ටිකක් දිගට වැවිලනේ...”

හෙටම හරි එක්ක වරෙන්කො! මේ අපිත් වේළි-වේළී ඉන්න එකේ...

“මේ පත්මේ, තමුසේ අපේ එකාව ඕනිවට වඩා උඩ දාන්න එපා. එතකොට තමයි මුංගෙ ඔළුව ඉදිමෙන්නේ...” අපේ හුටපටය ගැන නොදන්නා තාත්තා උත්තර දෙයි.

බන්දුල, රංජිත් ගුණසේකර දෙන්නා හිටියෙත් ‘නිළියක් හොයන’ අදහසේමය. ඒ ගැන ඍජුව මොකුත් නොකී සරත් අපේ තාත්තාට යොමු කළේ ප්‍රශ්නයකි. “රෙදි මෝලෙම වැඩ කරන යාළුවෙක් දවසක කිව්වා, දෙහිවල ඉන්න කෙල්ලෙක් ගැන. වොලීස් එකේ වෙසක් නාට්‍යවල ඇක්ට් කරන.... හොයල බලන්නද ගුණපාල අයියේ?”

“ඕකත් අහ-අහ ඉන්න දෙයක්ද මචං.... හෙටම හරි එක්ක වරෙන්කො! මේ අපිත් වේළි-වේළී ඉන්න එකේ...”
“ඔන්නං මාත් එන්නං එයාව හොයන්න යන ගමනට!”

ඇත්තම කියතොත් එදාත් මට සරත් රංචාගොඩ ගැන තරහක් උපන්නේය. මේ යක්ෂයා නැති කරන්නට යන්නේ, මට හිමිව තිබුණු අවස්ථාවකි.

කිසිම කෙනෙකුට සදාකාලිකවම එකසේ වැජඹිය නොහැකිය. කොතැනක වුව හිණි පෙත්තේ සිටිය හැක්කේ ටික කාලයක් පමණකි. අලුතෙන් කෙනෙක් එතැනට එද්දී, තමන් එතැනින් ඉවත් විය යුතුය; ඒ එතෙක් හිමිව තිබුණු ගෞරවය නොබිඳී- නොනැසී තිබියදීමය. ඒ සත්‍යය මට තේරුම් ගියේ පසුවය.... නොමේරූ වයසේදී කෙනෙකුට ඒවා තේරුම් ගැනීමට බැරි වීම පුදුමයක් නොවේ... පුදුමය; අද හැට-හැත්තෑව පිරුණු බොහෝ දෙනාට පවා ඒ කරුණ දුරවබෝධවී තිබීමය.

මගේ කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් හෝ තාත්තාට වැඩක් නැත. දෙහිවල නිළිය සෙවීමේ project එක දියත් වුණේය! ඉතිං ඊට පස්සේ....

50 comments:

  1. එක හුස්මට කියෙව්වා. අද කතාව නියමයි. එදා පමුණුව මැවිලා පෙනුනා. අමතර පරිසර විස්තර ලුනු-ඇඹුල් ගානට වැටිලා තියනවා.

    සරත් රංචාගොඩ දැන් නැත්ද? අටුලුගම කිව්වෙ බණ්ඩාරගම එක වෙන්ටෑ? ඒ හරියෙ සිංහල/මුස්ලිම් දෙගොල්ලම හිටියා.

    ReplyDelete
    Replies
    1. සරත් ඉතාම අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වුණු බව විතරක් දැනට කියන්නන් බස්සා මහත්තයෝ.
      අටුලුගම කිව්වේ දෙහිඕවිට එක. මං අටුලුගම සරත්ලගේ ගෙදර ගිහින් තියෙන්නේ දෙපාරයි. සුන්දර ගමක්.

      Delete
    2. දෙහි ඕවිට තියෙන්නේ කොහෙද කියලත් දන්නේ නැති කොට 😉

      Delete
  2. නමි-නං පේන්න නෑ. මොනවා කරන්නද, මමවත් යුතුකම ඉස්ට කොරනවා.🤔
    https://sithumkavipotha.blogspot.com/2022/03/330-11.html

    ReplyDelete
    Replies
    1. වැඩ වැඩ... බෂ්.
      ඔන්ට මාත් ගියා එහෙට්ට......

      Delete
    2. යුතුකම් ඉටු කිරීම කොච්චර හොඳද? එහාට ගහින් බලන්නන්, හැබැයි හෙට.

      Delete
    3. ඒ කතාව කියවන්න හිතන් ඉන්නවා එකේ ඉඳන්. තවම වෙලාවක් නැහැ

      Delete
    4. කිව්වා වගේම ඔන්න එහාටත් ගොඩ වැදිලා ආවා.

      Delete
  3. කතාවේ මාතෘකාව අනුව නම් දෙහිවල කෙල්ලට සුප්පා දේවීට රඟ පාන්න නොලැබුන බව තමයි හිතෙන්නේ.

    බඩේ මයිල් තියන, සුප්පා දේවියට රඟ පාන්න සුදුස්සා කව්ද කියල අපි ඔක්කොම දන්නවානේ!

    සුප්පා දේවී ගේ සළුවට මොකක් හරි අකරතැබ්බයක් වෙලා, බඩේ මයිල් පෙනුන බවක් ඉදිරියේදී අපිට කියවන්න ලැබේවිද?.

    මස් කන 99% දෙනෙක් විතරම ප්‍රාණඝාතයට අකමැතියි. මරලා මස් කරලා උයලත් දුන්නොත්, එහෙම නැතිනම් ෆ්‍රීසර් එකෙන් අරන් දුන්නොත් කන්න කැමති උනාට, මරලා කන්න හැකියාව තියෙන්නේ බොහොම ටික දෙනෙකුටයි.

    මීට වසර තිහකට විතර ඉස්සර ඕස්ට්‍රේලියාවේ එළු මස් තිබුනේම නැති තරම්. දැනුත් බොහොම අඩුයි. ඒ කාලයේ දිනක් මගේ බැචෙකුට "අලුත් එළු මස්" විකුණන ගොවි පොලක් ගැන තොරතුරක් ලැබිලා, එහි ගිහිල්ලා. මුළු එළුවෙකුම මිලදී ගත යුතු නිසා ඒ සඳහා මුදල් ගෙවලා. ඉන් පසුව ඒ මුළු පවුලම ගොවි පොළ ඇතුලට එක්කගෙන ගිහිල්ලා, එළු රංචුවක් පෙන්නලා, "කොයි එකාවද ඕනෑ කියලා පෙන්නන්න, එතකොට මරලා මස් කරලා පැය බාගෙන් දෙන්නම්" කිව්වලු. මේක අහපු ගමන් යාළුවාටත්, ඊටත් වඩා එයාගේ වයිෆ් ටත්, දරුවන්ටත් අප්සෙට් ගියාලු.

    අහක බලාගෙනම, කැමති සතෙක් මරලා දෙන්න කියලා ගොවිපොළෙන් එලියට වෙලා හිටියලු. ආපහු එන මුළු ගමනේදීම ප්‍රාණඝාතය පිලිබඳ දේශනා මාලාවකට සවන් දීගෙන ගෙදර ගිහින් මේ මස් (මාත් ඇතුළුව) යහළුවන්ට බෙදා දීලා තිබුනා මිසක් ගේ ඇතුලටවත් අරගෙන නැහැ. ටික කලකට පස්සේ ඩ්‍රින්ක් එකක් දාන වෙලාවක තමයි කතාව කිව්වේ.

    ReplyDelete
    Replies
    1. මහාචාර්ය මිණිවන් පී. තිලකරත්න මහතාගේ පොතක “මස් ඇත -පවු නැත” කියලා කෙටිකතාවක් තිබ්බා. දානෙකට කුකුල්මස් ගන්න ගිය කාන්තාවක් ගැන. හොයාගන්න පුලුවන් උනොත් බෙදාගන්නනම්.

      Delete
    2. නිළිය ගැන අද මොකුත් නොකීයා ඉන්නං රස භංගයක් වෙන නිසා.
      බඩේ මයිල් කතාව ගැන නම් කියන්නේ තව පස්සේ. කිව්වේ ප්‍රේක්ෂක රසිකයෙක්; හාමුදුරු නමක්! විස්තර පස්සේ.

      මගේ 'මීන සංහාරය. කියෙව්ව්වා නේද?

      Delete
    3. ඕක හලාවත පැත්තේ කරනවා තවමත්. එළු මස් ඕන නම් මුස්ලිම් පවුල් ඉන්න තැන්වල ඉන්නව. ගිහිල්ල ඇහුවම එළුවෙක් මරල ගේනවා. අඩුම ගානේ කිලෝ පහට වැඩිය ගන්න ඕනේ.

      Delete
    4. චමීට 'මස් ඇත පවු නැත' හමු වේවා!

      Delete
    5. අජිත් මහතාණෙනි, තවත් බොහෝ පැතිවල ඒ වැඩේ කෙරෙන බව සහසුද්දෙන් දනිමි.

      Delete
    6. චමින්ද කියපු කතාව මටත් මතකයි කියෙව්වා කීප සැරයක්.

      Delete
  4. ඒ ගොටුකොල තිත්ත අඩුයිද?

    පොඩි කාලෙ මාත් දැකල තියනව මරපු තලගොයෙක්ව අත්තක එල්ලල බ්ලේඩ් එකකින් හම ගහනව. ඒ කාලෙ හුඟක් තලගොයි මස් කෑවද මේ පැත්තෙත්?

    දැන්නම් තලගොයි සුලබ උරග විශේෂයක්. එයට අමතරව කබරගොයි. ගිය සුමානෙ ඇන්ස්ලම් ඩි සිල්වාගෙ කිඹුල් ලෙක්චර් එකක් අහන්න ගියා (කුමණ තුම්මුල්ල වැවේදි මාත් දැකල ලියපු කිඹුල් 'කොමියුනල් ෆිශින්'හැසිරීම ගැන තව විස්තර දැනගන්න හිතල )

    ඒකෙදි කියවුනා දැන් කබරයොත් වැඩියි කියල. මං හිතන්නෙ මිනිස්වාසයන් ලඟ අපද්‍රව්‍ය නිසා වෙන්න ඇති.

    කොහොමවෙතත් තලගොයි සුලබයි. දැන් මිනිස් ආර්ථික හා ආහාර තත්වෙ මත ආයිත් දුලබ වෙයිද දන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. ඔව්මයි Pra jay මහත්තයෝ, ඒ ගොටුකොළ තිත්ත ගතිය අඩුයි, ගනකමත් අඩුයි.

      ඉස්සර නං තලගොයි මස් කන අය මේ පැත්තෙ හිටියා. දැන් ගොඩක් අඩුයි. අපේ ගෙවල් ළඟමත් තලගොයි, ඉත්තාවෝ ඉන්නවා.

      Delete
  5. සත විසිපහට පානුත් කාල දැන් 120 ට පාන් කනව කියන්නෙ කොච්චර රට දියුණු වෙලාද නෙහ්.

    ඔය කියන සලාද ගොටුකොළ පඳුරක් ඉස්සර අපේ ගෙදරත් තිබුණ. මම තමයි ඒක බලාකියාගෙන හිටියෙ. මාත් කාලෙකින් ඒ ජාතිය දැකල නෑ කොහෙවත්.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න මහත්තයෝ. රට හොඳටම දියුණුයි. ඊයේ පාන්දර බෙහෙත් ගන්න හම්බන්තොට ගිහින් ආවා. එතකොටත් කරන්ට් කපලා. රෑ දොළහ පහුවෙලා 31 දවස උදා වුණේ කරුවලේ. අද 3.30ට නැඟිටලා කම්පියුටරේ ළඟින් වාඩි වුණා. 4.45ට කරන්ට් කැපුවා, ඔයාට උත්තර ලියමින් හිටිද්දී. 6.15 ට විදුලිය ආවා. අද පැය 13ක් කරන්ට් කපන්නේ පොඩි පොඩි විවේකඅන් දිදී වගෙයි.

      දැන් රට යන විදිහට නං සලාද ගොටුකොළ වගේම තණකොළත් නැත්තටම නැති වෙලා යන හැඩයි.

      Delete
    2. හෙ..හෙහ්. රතුකට්ටත් පයිනවා ඒ වගේ වෙලාවලට...

      Delete
  6. එක හුස්මට කියවන් ගියා. තවත් ලස්සන කතා මාලාවක ආරම්බය වගෙයි පෙන්න තියෙන්නේ. මම නම් ඉස්සෙල්ලම මතක තියෙන කාලේ පාන් කෑවේ රුපියල් 5ට . ඊට පස්සේ 3.50ත් කෑවා මතකයි. ( චන්ද්‍රිකා ජනාදිපති උන මුල් කාලේ)

    ReplyDelete
    Replies
    1. තව ටික දවසකින්ම මහේෂ්, පාන් අපට xකාපාන් කියයි වගේ. ඊයේ ඩොලරය 400ට කිට්ටු කරලාලු කියලයි ආරංචි වුණේ.

      අදේශපාලනිකව රට පුරාම සංවිධානය වෙමින්, අප්‍රේල් 3 ඉරිදා සවස 3ට මිනිසුන් පාරට බහින්න යන විත්තියක් ආරංචියි. ඔයාලට උත්තර ලියලා ඒ ගැන විස්තර හොයන්නයි හදන්නේ... මග මැරිලා වැටුනත් කමක් නැහැ කියලා ඒ කට්ටියකට එකතු වෙන්න!

      Delete
    2. (පක්ෂ පාට නැතිව හැමෝම මේ සදහා දායකත්වයක් ලබා දෙන්න. මේ මන්ධබුද්ධික පාළනය සහ පාළකයො පලවා හරින්න ඔබේ සහයෝගයත් ලබා දෙන්න. පුළුවන් තරම් ඔබේ හිත මිතුරන් අතර මෙය බෙදා හරින්න).


      අප්‍රේල් 3 ඉරිදා, හවස 3 ට මුලු රටම පාරට බහිනවා.

      දේශපාලනෙන් වැඩක් නෑ. මේ පාලනය ව්‍යවස්තානුකූලව වෙනස් වෙන්න තව සෑහෙන්න කල් තියනවා. ඒ වෙනකන් මේ විදිහට ගියොත් අපිට රටක් ඉතිරි වෙන්නෙ නෑ.
      වෙන කරන්න දෙයක් නෑ. අප්‍රේල් 3, හවස 3 ට, රටම පාරට බහිනවා.
      මේ වැඩේ සංවිදානය කරන්නෙ ඔබ සහ මම. අපි හැමෝටම පුද්ගලික දේශපාලන මතයක් තියෙන්න පුලුවන්. ඒක ඒ විදිහටම තියා ගමු. ඒත් මේ වෙලාවෙ අපිට තියෙන්නෙ ජීවිතය ගැන ප්‍රශ්නයක්. අපි වෙනුවෙන්, අපේ රට වෙනුවෙන් අපේ අනාගතේ වෙනු පාරට බහිමු

      අපි හදලා තියනවා whatsapp group කීපයක් ගොඩක් නගර වලට. තමන්ට අදාල නගරයට අදාල group එකට join වෙන්න මේ link එකට යන්න. ඒවාගෙන් කතා වෙන්න තමන්ගෙ නගරයේ තමන් එකතු වෙන්නෙ මොන ස්තානයටද කියන එක.
      - හැමෝම පෝස්‍ටර් එකක් අරන් එන්න. තමන් ලියාගත්ත එකක්.
      - ඒ කිසිම පෝස්ටර් එකක දේශපාලන පක්ශයක නමක් සඳහන් කරන්න එපා. මේක දේශපාලන පක්ශෙකින් කරන වැඩක් නෙමෙයි.
      - දන්න හැමෝම එක්කගන එන්න.
      - දරුවන්වත් එක්කගන එන්න. තමන්ගෙ අයිතීන් වෙනුවෙන්, වරදි දේට එරෙහි වෙන්න තමන්ගෙ දරුවන්ට කියා දෙන්න. ඒ වෙනුවෙන් කොන්දක් ඇති කර ගන්න දරුවන්ට කියා දෙන්න. අරගලයක් යනු වැරැද්දක් නොවන වග කියා දෙන්න.
      - මේ group වලට කඩාකප්පල්කාරීන් එකතු වෙයි. ඒ කිසිම දේකට සැලෙන්න එපා.
      - මොනා වුනත් අප්‍රේල් 3, හවස 3 ට මිනිස්සු පාරට බහිනවා.

      මිනිස්සු පාරට බහිනවට ආන්ඩු බයයි. අපිට මේක විහිලුවක් වෙන තාක් කල් උන් මේක ගනන් ගන්නෙ නෑ. හොඳට මතක තියා ගන්න, අප්‍රේල් 3, හවස 3 ට.

      "යුගයක ඛේදවාචකය අයහපත් මිනිසුන්ගේ අයහපත් ක්‍රියා නොව, යහපත් මිනිසුන්ගේ නිහඬතාවයයි"

      Kandy
      https://chat.whatsapp.com/KwhWnRFdWbmE1Xpo4a5qwu

      Colombo
      https://chat.whatsapp.com/BK1MqvhVAc25MQDbFIYoMY

      Kurunegala
      https://chat.whatsapp.com/Dx4Aec1x2Pm1MIGxLp3tEd

      Anuradhapura
      https://chat.whatsapp.com/EpdGETwPVqAKPMjtTPnuZe

      Galle
      https://chat.whatsapp.com/DTMjkbiLdobHVWxhRR6OzC

      Gampaha
      https://chat.whatsapp.com/I1fhSiblMfPGwrgS5dHOL7

      Dambulla
      https://chat.whatsapp.com/FWGjJ9P2weK0qWbuDF5Zrm

      Nuwara eliya
      https://chat.whatsapp.com/GF11S9rntTLIRBdsrYtucj

      Kaluthara
      https://chat.whatsapp.com/Fz3U1TGQXbGKo7uMtS7rAG

      Matara
      https://chat.whatsapp.com/JfqmACsk2Dz7vcMNPurcOg

      Rathnapura
      https://chat.whatsapp.com/CQDkmu8EqUx9rybOAC8u0t

      Awissawella
      https://chat.whatsapp.com/GDrgCMjjYDlExInkZLoaW6

      Hambanthota
      https://chat.whatsapp.com/Cqq3TreSLaXAunpdrPzGw0

      Kuliyapitiya
      https://chat.whatsapp.com/IDPwYFdu97gDCBHXQcpNi3

      Kiribathgoda
      https://chat.whatsapp.com/JA3oOEcKQziFwN0rkhXjgG

      Polonnaruwa
      https://chat.whatsapp.com/ITAg7mExPFLIVusMUW1yOG

      Mathale
      https://chat.whatsapp.com/GnNEWsPWIi4Gp0Lok0f57b

      Monaragala
      https://chat.whatsapp.com/C1AIywSExV4LlvGgggSSkz

      Jaffna
      https://chat.whatsapp.com/BM08UqOaykG0CR67BiuMty

      Ampara
      https://chat.whatsapp.com/LGNKXHUMC0J7Jt8AJL8Lr1

      Kegalle
      https://chat.whatsapp.com/IUMwWjxbzK5KAyRdKsLNC5

      (පක්ෂ පාට නැතිව හැමෝම මේ සදහා දායකත්වයක් ලබා දෙන්න. මේ මන්ධබුද්ධික පාළනය සහ පාළකයො පලවා හරින්න ඔබේ සහයෝගයත් ලබා දෙන්න. පුළුවන් තරම් ඔබේ හිත මිතුරන් අතර මෙය බෙදා හරින්න).

      Delete
    3. "මග මැරිලා වැටුනත් කමක් නැහැ කියලා ඒ කට්ටියකට එකතු වෙන්න!" FB එකට වැටෙන කමෙන්ට්ස් ඉවසන්න බැරි අය උද්ඝෝෂණ ඉවසයිද, නිමල්. යන තැනක පරිස්සමින් යන්න.

      අවාසනාව අපේ රටවල නායකයින් කියලා මිනිස්සු උඩ තියාගන්නෙ narcissistic personality උපරිමයට ගිය අය වීම.

      Delete
    4. අනතුරු ඇඟවීම ගැන ස්තුතියි Lotus. කොහෙන් හරි කවුරු හරි පටන් ගන්නත් ඕනිනේ. ඒකයි අසීරුකම් තියාගෙනත් එදාට පාරට බහින්නේ.
      //narcissistic personality උපරිමයට ගිය අය// ගැන ටික කාලයකට කලින් අප ලිව්වා මතකයිද?
      https://nidigepanchathanthare.blogspot.com/2020/07/blog-post_17.html

      Delete
    5. නිමල් ලියලා නේන්නම්. කියවලා ආවා. හරිම වැදගත් ඒ සංවාදය දොස්තර මහත්තයා එක්ක.

      "one who feels he is deficient needs external validation to live meaningfully"

      "තමන්ගෙ ව්‍යාධිමය නාසිසිස්ට් තත්ත්වය හඳුනාගන යහපත් විදියට ගොඩගිය නායකයො කීයෙන් කී දෙනාද ඉන්නෙ?": හම්මෝ.

      Delete
    6. ඒක නේන්නං Lotus, මේ නායකයන් තව ඉඳලා තියෙන බවත්, එයාලා නිසා සිදුවී ඇති වින්නැහි එසේ මෙසේ නොවෙන බවත් අපේ රටේ හැමෝම දන්නවා නං..

      Delete
  7. සල්ලි කොලවලට කෑදරකමක් ඇතිපාටක් නොපෙනෙන නිදි ගොටුකොලවලට ලෝබවුනා. අපූරුයි.

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නං චමී, හැම මිනිහෙක්ම විකිනෙන මිලක් තියෙනවයි කියන්නෙ.

      Delete
  8. හුම්.......... ඔන්ට මාත් කියෙව්වා

    ReplyDelete
    Replies
    1. කියවන්ට තමයි අප්පා ලීවේ! ඉස්ටුටියි නමී!!

      Delete
    2. https://sithiwilimanpetha.blogspot.com/2022/04/12.html

      Delete
  9. //පුදුමය; අද හැට-හැත්තෑව පිරුණු බොහෝ දෙනාට පවා ඒ කරුණ දුරවබෝධවී තිබීමය// ඒ ගැනනම් මොනවට කියනවද. නොතේරෙනම උන් ටික පාර්ලිමේන්තුවේ.

    ReplyDelete
    Replies
    1. තවම එයාලට ඒ ටික තේරුම් ගිහින් නෑ.
      ඔන්න එයාලගේ නෑදෑ හැත්තෑ බුරුත්ත පවුල් පිටින් යන්න හදනවෞ පාර්ලිමේන්තුව බලන්න. ඒ ආවම එයාලටත් මන්ත්‍රී භෝජනාගාරෙන් කන්න දෙන්නලු යන්නෙ!
      https://www.lankahotnews.net/2022/03/parliament-food.html

      Delete
  10. තලගොයි මස් කාල නැහැ. අපි 2018 විතර ලංකාවට ගිය වෙලේ මීගමුවේ යාළුවෙක් ඉබ්බෙක් ගෙනත් මරල ඉව්ව. මම කටේ තිබ්බේ නැහැ.

    ReplyDelete
    Replies
    1. @ Ajith,

      I've heard this news about Lanka in news website, is this true?

      //යුරෝපයේ ජනප්‍රිය ට්‍රැවල් සඟරාවක් සදහා ලංකාවේ සංචාරක අවස්ථා සහ සුන්දර ස්ථාන පිළිබඳව ලිපියක් ලිවිමට ලංකාවට පැමිණි යූටියුබ් ඇතුළු සමාජ ජාලවල ලෝකයේ විවිධ රටවල් පිළිබඳ ජනප්‍රිය වැඩසටහන් කරමින් ස්වේච්ඡාවෙන් ලොව පුරා විවිධ රටවල් ගැන සංචාරක ප්‍රවර්ධන සේවාකරමින් ක්‍රියා කරන යුරෝපයේ කාන්තාවක් රවටා ඇයගේ ලිංගික ස්ථාන අතපතගාමින් ඇයව අපහරණය කිරිමට උත්සහකල සිගිරිය ඇහැලගල ප්‍රදේශයේ හොටෙල් හිමිකාරයෙක් සිගිරිය පොලිසිය විසින් අත්වඩංගුවට ගෙන ඇත. බෙල්ජියම් ජාතික 33 හැවිරිදි සංචාරක කාන්තාවක් 2022-03-28 දින සිගිරිය පොලිසියට සිදුකල පැමිණිල්ලක් අනුව මෙම අත්වඩංගුවට ගැනිම 2022 මාර්තු 28 හවස සිදුකර ඇත.

      විමර්ෂනයේදී මෙම කාන්තාව විවිධ රටවල සංචාරය කරමිනි අදාල රටවල් පිලිබදව සඟරාවන් සදහා ලිපි ලියන බවද යූටියුබ් ඇතුළු සමාජ ජාලවල ලෝකයේ විවිධ රටවල් පිළිබඳ ජනප්‍රිය වැඩසටහන් කරන බවද මෙවර ලංකාව පිලිබදව යුරෝපයේ ජනප්‍රිය සඟරාවක් සදහා ලිපියක් ලිවිමට මෙරටට පැමිණ ඇති බවත් පැවසෙන අතර එසේ පැමිණි ඇය අන්තර් ජාලය ඔස්සේ වෙන්කරගත් සිගිරිය ප්‍රදේශයේ සංචාරක නවාතැන් පොලක නවාතැන් ගෙන ඇත.

      මෙසේ නැවතුන මෙම කාන්තාව සමග කතාබහ කල එම හොටෙල් හිමිකරු තමා චින කටු චිකිස්සක වරයෙකු බවත් විවිධාකාර ලෙඩ රෝගසදහා ප්‍රථිකාර කල හැකිබවද පවසා ඇති අතර ඇගේ කොන්දේ වේදනාවක් පිලිබදව පැවසිමෙන් පසු එයට ක්ෂණිකව ප්‍රථිකාර කල හැකිබව පවසා ඇගේ ශරීරයේ විවිධ ස්ථාන අතපත ගාමින් තෙරපිමි කල බවත් පසුව තම පියවුරු හා ලිංගික ස්ථානද තෙරපීමට උත්සහ කලබවත් මින් පසුව මෙම සිදුවිමට අදාල හෝටලයෙන් ඉවත්ව ගොස් ඇති එම යුවතිය සීගිරිය ප්‍රදේශයේ වෙනත් සංචාරක නවාතැන් පොලක් වෙත වෙතගොස් සිගිරිය පොලිසියට පැමිණ පවසා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත. පැමිණිලි අනුව ක්‍රියාත්මකවු සිගිරිය පොලිසිය මගින් අදාල සිද්ධියට සැකකරුවන සිගිරිය ඇහැලගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු (49) අත්වඩංගුවට ගෙන ඇත. මේ සිද්ධිය නිසා දැඩි කළකිරීමට පත් ඇය ලිපිය ලිවීමත් නවතා රටින් පිටව යාමට ක්‍රියා කර ඇති බව සඳහන් වේ.//

      Can't believe this kind of stupid things happen in such a crisis situation isn't it? God save the poor in SL, thank God we managed to escape from our poor motherland to be honest.

      Delete
    2. මම ලංකාවෙන් ගියා කියල සතුටු වෙන්නේමත් නැහැ. හදිසි සිදුවීමක් නිසා මම එංගලන්තයේ නතර වුනේ. මගේ මුල් බ්ලොග් ලිපි වල ඒ ගැන කියාතිබෙනවා ලංකාවේ ලින්ගික නිදහස නැති නිසාත්, පෝන් බලන නිසා හැම සුද්දියක්ම එක වගේ කියල හිතන නිසාත් වෙන දේවල් තමා. කණගාටුදායකයි. මම නිව්ස් වල නම් දැක්කේ නැහැ මේ ගැන.

      Delete
    3. දඹුල්ලේ ගයිඩ් https://kolambagamaya.blogspot.com/2019/06/blog-post_18.html

      Delete
    4. අජිත් අසාධාරනව හම්බකරන මුදල් වල රහ ඒවායේ පල විපාක විදිනකම් රහ වැඩී . ඔන්න ඕකයි ලංකාවෙ ලෝකල් ගයිඩ්ලාට වෙලා තියෙන්නේ . ඒ වගේම ලංකාවට කීපවරක් පැමිනෙන්නත් සචාරකයන් ආදීමදී කරන්නෙත් ඔය ලෝකල් ගයිඩ්ලාගේ සමහර ක්‍රියාකාරකම් වලින් ඔවුන් ලබපු අමිහිරි අත්දැකීම්.

      //මම නිව්ස් වල නම් දැක්කේ නැහැ මේ ගැන.//

      Follow this Link:

      https://urlty.co/Vxj

      ලංකාවෙ එන්න එන්නම තත්වය නරක් වෙනවා.ඉහල සිට පහලටම කෙරෙන්නේ බොරුව තමයි. සංචාරක ව්‍යාපාරය කඩා වැටෙන්නට හේතුවෙන්නේ මේ වාගේ හොර බොරු වංචාවල් හින්දා. ගොඩක් ජර්මන් අය හැම අවුරුද්දකම ලංකාවට එනවා. දැන් ඒ අයගේ යාළුවොත් එනවා. හැබැයි එකම තැන් වලට විතරයි යන්නේ. ලංකාවෙ කට්ටිය දැන අඳුනගෙන. ඒ ගොල්ලෝ කියන්නේ ඒ ගොල්ලෝ ලංකාවට කැමැතියි. නමුත් යන්නේ දන්නේ තැන් වලට විතරයි කියල.

      සුදු හම දැක්ක ගමං කෙලින්න තමා හැදිල තියෙන්නෙ..ඕක ලංකාවෙ උංගෙ වරදක් විතරක්ම නෙවී. යටත් විජිත කරණයට හසුවුණ කොයි රටකත් තත්වය එකයි. මොකද සුද්ද උසස් උං පෝසත් කියන මතය ලංකාවෙ උංගෙ හිත් වලට කාවද්දල තියෙන්නෙ ඉතිං ගලවන්නමයි බලන්නෙ

      ලංකාව සංචාරකයන් ගේනවා ගන්නයි ඕනේ. ආපු එකා එළවගන්න නෙමෙයි, කිසිම පහසුකමක් නැති ප‍්‍රදේශවලට ගිහිල්ලා වීශාල මුදලක් ගෙවලා ගල්කණු නටබුන් බලන්නට ලංකාවට එනවාට වඩා හොද සර්විස් එකක් දෙන රටවල් වලට ගිහිල්ලා නිකං ඇවිදලා එන එක වටිනවා කියලා හිතෙන්නේ නැද්ද?

      Delete
    5. //මාධ්‍යවේදිනියක⁣ට සීගිරියදි ලිංගික අතවර
      MARCH 29, 2022 4:57 PM

      සීගිරියේ හෝටල් හිමිකරුවෙකු පොලිස් අත්අඩංගුවට
      ශ්‍රී ලංකාවේ සංචාරක නිරතවිමට පැමිණි යුරෝපානු ජාතික කාන්තාවක් රවටා ඇයගේ ලිංගික ස්ථාන අතපතගාමින් ඇයව අපහරණය කිරීමට උත්සහකළ සීගිරිය ඇහැලගල ප්‍රදේශයේ හොටෙල් හිමිකාරයෙක් සිගිරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

      ෆ්ලෝරා එළිනා ෆියර් (33) නම් සංචාරක කාන්තාවක් විසින් 2022 03 28 දින සීගිරිය පොලිසියට සිදුකල පැමිණිල්ලක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම ඊයේ ( 28) පස්වරුවේ සිදුකර ඇත.

      මෙම කාන්තාව විවිධ රටවල සංචාරය කරමින් අදල රටවල් පිලිබදව සඟරාවන් සදහා ලිපිලියන බවද මෙවර ලංකාව පිලිබදව ලිපියක් ලිවිමට මෙරටට පැමිණ ඇති බවක් පැවසේ. එසේ පැමිණි ඇය අන්තර් ජාලය ඔස්සේ වෙන්කරගත් සිගිරිය ප්‍රදේශයේ සංචාරක නවාතැන් පොළක නවාතැන් ගෙන ඇත.

      එසේ නැවතුන මෙම කාන්තාව සමග කතාබහ කළ එම හොටෙල් හිමිකරු තමා චීන කටු චිකිස්සකවරයෙකු බවත් විවිධාකාර ලෙඩ රෝග සදහා ප්‍රථිකාර කළ හැකි බවද පවසා ඇති අතර ඇගේ කොන්දේ වේදනාවක් පිලිබදව පැවසිමෙන් පසු එයට ක්ෂණිකව ප්‍රථිකාර කළ හැකිබව පවසා ඇගේ ශරීරයේ විවිධ ස්ථාන අතපත ගාමින් තෙරපීමි කළ බවත් පසුව තම පියයුරු හා ලිංගික ස්ථානද තෙරපීමට උත්සහ කළ බව පවසා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
      මෙම සිදුවිමෙන් පසු අදාල හෝටලයෙන් පලාගිය සංචාරක කාන්තාව සීගිරිය ප්‍රදේශයේ වෙනත් සංචාරක නවාතැන් පොලක් වෙත වෙතගොස් සීගිරිය පොලීසියට පැමිණ පැමිණිලි කර ඇත.

      ඒ අනුව ක්‍රියාත්මකවු සීගිරිය පොලීසිය මගින් අදාල සිද්ධියට සැකකරුවන සිගිරිය ඇහැලගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු වන රන්පටි දේවගේ ධම්මික විජේකුමාර (49) නැමැති පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.

      සිගිරිය පොලීසිය මෙහෙයවීමෙන් වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරයි.

      අදාල පුද්ගලයා 29 (අද) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

      මහින්ද උදසිරි – දඹුල්ල ///

      Delete
    6. අනිවාර්යයෙන්ම ඔය හාදයාව නිදොස් කොට නිදහස් කෙරෙන්නයි වැඩි ඉඩක් තියෙන්නේ, පොහොට්ටුවක් වගෙයි නං! නීතිය හැමෝටම එකයිනේ

      Delete
  11. AnonymousMarch 30, 2022 at 3:42 AM - ඔබ සමග එකඟයි. මට එහෙම සංචාරකයෝ හමුවෙලා තියනවා. මීගමුවේ එක හෝටලයක් තියනවා. ඒක අරගෙන හිටියේ වයසක ජර්මන් කපල් එකක්. මුළු හෝටලේම . හැමදාම ඒකට එනව පිරිවර පිටින්. දැන් මුළු හෝටලයම ලියල දීල තියෙන්න මැනේජර් ට. (මැනේජර් ම තමා කිව්වේ ). මම දන්න කපල් එකක් ඉන්නව , බැඳල ලංකාවට ඇවිත්, ළමයි හැදුනට පස්සේ ළමයි එක්ක අවිත, ළමයි බැන්දට පස්සේ ඒ අයගේ නෑදෑයෝ එක්කත් එනව. ඒත් ඔය දකුණේ එක තැනකට විතරයි එන්නේ.

    ReplyDelete
    Replies
    1. අජිත් මහත්තයෝ, ලංකාවේ වුණත් ඔක්කොම නසරානියෝ නෙවෙයිනේ.

      Delete
  12. උපන් දින තෑගි හෙට එලිවෙද්දී බලාපොරොත්තු වන්න...

    https://drackey.blogspot.com/2022/03/blog-post_31.html

    ReplyDelete
    Replies
    1. එළි වෙන්න තව වෙලාව තියෙනවා. එතකොට කරන්ට් කපලා තියෙයි. ඊයේ පාන්දර 4.45ට කැපුවේ...

      Delete
    2. ලංකාවෙ ගෙයක් ඊයෙ රෑ වටකරලා තිබුනෙ B'day බෝයිගෙන් තෑගි ඉල්ලගන්න ඒකියන්නෙ. දැන්නෙ තේරුනේ.

      Delete
  13. ඒක නෙමෙයි, මොකද මේ පෝස්ට් එකට අර කිසි වැදගැම්මකට නැති බකමූණෙක්ගෙ පින්තූරයක් දාලා?

    ReplyDelete
    Replies
    1. ඩ්රැකී, ලයිට් නැති වෙලාවට අපි හැමෝම දැන් ඉන්න විදිහනේ ඒ.

      Delete
    2. ඒක හරි, අර වැදගත් හරකගෙ පිංතූරෙ ඊට උඩින් දාන්නයි තිබුනෙ.🤔😂

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්