li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Sunday, April 5, 2026

යකිනිට ඇන්දා- පළමුවෙනි කොටස

"නිමල් මල්ලී, නාට්ටියක් කරන්න කීයක් විතර යනවද?” කළු අක්කා ඇහුවා.

ඒ අපි දෙන්නත් එක්ක හවුලේ දෙමටගොඩ රේල්ලුවේ කැන්ටින් එක කරන දවස්. මතකයේ හැටියට 1979.

දැන් කාලේ නං හුඟාක් උන්නාන්සේලා බණය කියලා දේශනා කරන්නේ කන්ට සූත්තරම නෙව.

තව ටිකාාාාාක් නිශ්චිතව; ටක්කෙටම කියනවා නං ‘ප්‍රතිභා’ සංගීත ප්‍රසංගය ලුම්බිණි රඟහලේදී වේදිකා ගත වෙලා දවස් දෙක තුනකට පස්සෙ දවසක. ‘එකෙන්ම ඇති වුණා’ post එකෙන් ඒ ප්‍රසංගය ගැනයි, මොට්ට; තකතිරු; මැටි මෝල් නිමල් දිසානායක සංගීත ප්‍රසංගයක නිෂ්පාදකයා විදිහට ජයටම ඇඳ ගත්ත හැටියි දැනටමත් ඔයාලට කියලනෙ තියෙන්නේ.

“මොකද කළු අක්කේ, ඔයාට නාට්‍යයක් කරවන්න හිතුණාවත්ද- අරහෙම ඇහුවේ?”
“අනේ නිමල් මල්ලී මං කරවන නාට්ටි. එහෙම කරවන්න තිබ්බා මාත් ඔයාලා වගේ පිරිමියෙක් වගේ ඉපදිලා උන්නා නං...” කළු අක්කා හීල්ලුවා. එයා ගැහැනියෙකු වෙලා ඉපදීම ගැන හරිම කනගාටුවෙන් උන්නේ. පිරිමින්ට තියෙන නිදහසෙන් බාගයක්වත් ගෑනු කෙනෙකුට නැති එක ගැන එයාට තිබ්බේ ලොකු නෝක්කාඩුවක්. “...ඊළඟ ආත්මේ නං මම උපදින්නේ පිරිමියෙක් විදිහටමයි. දන්නවද නිමල් මල්ලී- අපේ එක්කෙනා මට ඒකට අවසර දීලයි තියෙන්නේ.”

කළු අක්කා නිතරම වගේ එහෙම කිව්වේ ‘සෝමේ අයිය’ ගැන ප්‍රසංසාවකුත් කරලා පිං දෙන ගමන්... (සෝමේ අයිය කිව්වේ කළු අක්කගෙ ස්වාමි පුරුෂයාට.) එයා සෝමේ අයියාට ගොඩක්ම ස්තුතිවන්ත වුණේ එයාට ලබන ආත්මයේ පිරිමියෙක් වෙලා උපදින්න විවරණ දීම නිසා.

“මම නං අහල තියෙන එකම බණකවත් ඔහොම කතන්දරයක් අහල නැහැ. ඒ විතරක් නෙවෙයි කළු අක්කේ- කිසිම බණ කතාවකවත් ඔහොම දෙයක් මට නං හම්බ වෙලා නෑ!’
“මම නං අහපු බණක තමයි ඔහොම කිව්වේ. එදා ඒ හාමුදුරුවන් වහන්සේ කියාපු විදිහට ගෑනියෙකුට කවදාවත් බුදු වෙන්න බෑ- පිරිමියෙක්ට මිසක්. ගෑනු කෙනෙකුට බුදු වෙන්න ඕනි නං ඉස්සෙල්ල පිරිමියෙක් වෙලා ඉන්න ඕනි. ඒ ගෑනු කෙනා කසාද බැඳල නං ඉන්නේ, එයාගේ මහත්තයා එයාට අවසර දෙන්න ඕනේ ඊළඟ ආත්මේ පිරිමියෙක් වෙලා උපදින්න.”

හාමුදුරුවරු ගැන නං නිදිට එච්චර සර්ධාවක් නැති විත්තිය කවුරුත් දන්නවනේ. ඒ ගතිය එදාටත් වැඩිය අද වැඩියි.

දැන් කාලේ නං හුඟාක් උන්නාන්සේලා බණය කියලා දේශනා කරන්නේ කන්ට සූත්තරම නෙව. වැඩියෙන් කෙරෙන්නෙත් සූත්තරේ පාරන job එක.
අමාමෑණි සම්මා බුදුහාමුදුරුවන් වහන්සේ අද ජීවමානව ඉන්නවා නං උන්නාන්සේට වුණත් වැඩ හිටින්න වෙන්නේ අගු පිලක තමයි. අපේ උන්නාන්සේලා බුදුහාමුදුරුවන්වත් පන්සලෙන් පිටමන් කරනවා ඒකාන්ත නිසයි, මට එහෙම හිතෙන්නේ...

සරත් තමයි අපේ ‘නව සිංහබාහු’ නාට්‍යයේ සිංහබාහුට act කළේ. (සරත් හා නිදි)

ඉතිං, කළු අක්කාත් එක්ක තව දුරටත් ඒ මාතෘකාව යටතේ කතා නොකර ඉඳීමය මා එදා කෙරුවේ. කොයි තරම් හිතවත් කෙනෙකු සමඟින් වුණත් දිගින් දිගට මත ගැටුම් ඇතිවෙන පන්නයේ කතාබහට නොයා හිටීමය, ඇඟට  ගුණ...

මං ආපහු අපේ කතාව ඇදල ගත්තා. “ඉතිං, ඉතිං... කළු අක්ක කිව්වෙ නැහැනෙ නාට්‍යයක් කරන්න යන වියදම ගැන ඇහුවේ මොකටද කියල...”

“ඔයාල දෙන්නම මට සමා වෙන්න ඕනි මැද්දට පනිනවට... මමත් මේ නොකර සද්ද අහගෙන ඉන්නේ ඉවසිල්ලක් නැතිව... නාට්‍යයක් කිව්වම.” අපේ ළඟින්ම වාඩි වෙලා ‘හ්ම්’ නොකියා හිටි සරත් රංචාගොඩත් නිහඬතාව බින්දා. (සරත් තමයි අපේ ‘නව සිංහබාහු’ නාට්‍යයේ සිංහබාහුට act කළේ. (ඒ ගැන විස්තර මතක් කර ගන්න කැමති පිංවත්තු ‘සුප්පා දේවිගෙ බඩේ මයිල්’ posts පෙළ කියවත්වා!)

ඉතිං, මේ කියන දවස්වල දෙමටගොඩ CGR කැන්ටිම අපට නං ‘මරදානේ සංගීත මංජරිය’ නැත්තං ‘ගුණේ අයියගේ බජව් දාන කාමරේ’ වගේ තැනක්.

හවසට කැන්ටිම වැහුවට පස්සෙ හය හත වෙද්දී පහුවදාට ඕනි කරන හාල්- පොල්- සිල්ලර බඩුයි, එළවලුයි ගෙනෙන රාජකාරිය ඉක්මනටම කරල ඉවර ක‍රන්නේ පොඩි මාමා. පියාඹන පීරිසි යවන්න හදපු- නාහෙට නාහන ටී මේකර් රංජි පීරිසි කෝප්ප සේරම මැදල හෝදලා දානවා. වේටර් රාජකාරී කරන දෙන්නා පුටු මේස පිහදාලා; බිම අතුගාලා; හෝදලා දමන්නේ ඒ අතරතුරේ. හතහමාර වෙනකොට අපි හැමෝම රාජකාරිවලින් නිදහස්.

ඊළඟට නානවා නං නාලා- නැත්තං ඇඟපත හෝදලා අපි කැන්ටිමේ මේසයක් වටේ වාඩි වෙන්නේ ‘දම් සභා මණ්ඩපය’ට ගියා වගෙයි. එතැන ඉඳලා ඉතිං- එක මාතෘකාවක් නෙවෙයි; මතු වෙන ඕනිම මාතෘකාවක් ගැන අපි කතා වුණා. එතකොට මොබයිල් ෆෝන්, ඉන්ටර්නෙට් තිබ්බ එකක්යැ... ඒ තියා රුපවාහිනියවත්...

සරත් රංචාගොඩ, ටියුඩර් ලේල්වල, සෝමවීර මල්ලිකාරච්චි වගේ හිත-මිතුරු අයත් නිවාඩු තියේ නං සමහර දවසක ඔය අපේ දම් සභා මණ්ඩපයට ආවා. එහෙම ඇවිත් උන්නු සරත් තමයි අරහෙම කියමින් අපේ කතාවට එකතු වුණේ.

“ඉන්නකො නිමල් මල්ලී කියනකං. ඔයාලා ඉස්සෙල්ලම අජාසත්ත නාට්‍ටිය කළේ රුපියල් සීයකටත් අඩු වියදමකින්ය කියල ඔයා දවසක් කිව්ව මතකද...”
“හරි, හරි. ඒ 1966නෙ කළු අක්කේ. රුපියල් හැටතුනකින් වගෙයි මතක.”
   

බන්දුල හරි ආඩම්බරෙන් හිටියෙ- මහරගම ටවුමේ පෙන්නපු පළමුවෙනි නාට්‍යයේ ප්‍රධාන නළුවා මිනිහයි කියලා...
“මං අජාසත්ත නාට්ටිය නං බලල නෑ. ඒත් විධුර ජාතක නාට්ටියයි, සාම ජාතක කතාවයි නං බැලුවා... එතකොට අපි ඔයාව අඳුරන්නේවත් නැති කාලේනේ...” කළු අක්කා මතකය පීරලා වගෙයි කිව්වේ.

“පොඩ්ඩක් හෝව්! නිමල්- විධුර එකේදිද stage එක ඉස්සරහ වාඩි වෙලා හිටිය කොල්ලො කුරුට්ටෝ ‘නා රජ්ජුරුවන්ගෙ නාග මාණික්කේ එළියේ’ කියලා හූ තිය-තිය හිනා වුණයි කියන්නේ... මට ඒ කතාව කිව්වේ බන්දුල ජයකොඩි- රෙදි මෝලේ වැඩ කරන කාලේ.”
“ඔව්නෙ සරත්... බන්දුනේ ඒකෙ පූර්ණක යක්ෂ සේනාධිපතියට හිටියෙ...”

“බන්දුල හරි ආඩම්බරෙන් හිටියෙ- මහරගම ටවුමේ පෙන්නපු පළමුවෙනි නාට්‍යයේ ප්‍රධාන නළුවා මිනිහයි කියලා...” සරත් ඔලොක්කුවට වගේ කිව්වේ හිනා වෙවී. එවෙලේ නං මාත් හිනා වුණා තමයි, ඒ කාරණයේ වැඩි බරක්-පතළක් නිනව් නොවුණු හිංදා.
ඒත් මහරගම ඉතිහාසය නිවරැදිව ලියන කෙනෙකුට අපිවත් මඟ හරින්න බැහැ කියලා දැනුයි තේරෙන්නේ.

මහරගම නගරයේ පළමුවෙනි වෙසක් තොරණ ගැහුවේ 1966. මට්ටකුණ්ඩලී කතාව කියැවුණු ඒ තොරණෙ චිත්‍ර ඇන්දෙත් පමුණුවේ හාදයෙක්- ගෝමස්!
පළමුවෙනියෙන් මහරගම නාට්‍යයක් පෙන්නුවෙත් 1966 පොසොන් එකට... ගුණපාල අයියා හෙවත් අපේ තාත්තා- මං වහන්සේ ඇතුළු කට්ටිය එකතු වෙලා. ඒකෙන් තමයි මේ ලියන්නාගේ ජීවිතේ වෙනමම පැත්තකට යොමු වුණෙත්.    

අපේ නාට්‍ය මහරගම ඉතිහාසයට වැදගත් වෙන්නේ මේකයි. එදා මෙදාතුරේ (මං දන්නා තරමට) වෙසක්- පොසොන්- ඇසල උත්සව වෙනුවෙන් මහරගමදී නාට්‍ය පෙන්නලා තියෙන්නේ කණ්ඩායම් තුනයි; අපිත් එක්කම. අට වතාවයි!
එයින් කණ්ඩායම් දෙකක්ම පළමු වතාවෙන් එහාට ගිහිං නෑ. නමුත් අපි... අවුරුදු හයක්ම නාට්‍ය පෙන්නලා තියෙනවා අවුරුදු 13ක් (1966- 1979) ඇතුළත. එයිනුත් එකම එක නාට්‍යයයි දිසානායක හේවගේ ගුණපාල හෙවත් ගුණපාල අයියා නැතිව කෙරිල තියෙන්නේ.

තවත් කාරණයක්. ඒ නාට්‍යවලින් හතරක්ම ලියල තියෙන්නේ මේ නිමල් දිසානායකයා. එයා කියනවා ඒ කාරණේ ගැන එයා බොහොම නිහතමානීව ආඩම්බර වෙනවයි කියලත් අමතක නොකර ලියන්නලු. (අජාසත්ත පිටපත ලිව්වේ අපේ තාත්තා. ටීටර්කාරයෙකු වුණු අබරන් මාස්ටර් අරගෙන ආව ‘විධුර’ පිටපත ටවර්හෝල් යුගයේ එකක්.)  

“සරත් මල්ලිට කියන්න, අපි මෙයාලගේ විධුර ජාතක නාට්ටිය බැලුවේ නගර සභා පිට්ටනියේ එහා කෙලවර හරියේ ඉඳන්... බෝ ගහ කිට්ටුව හරියේ. නාට්ටිය පෙන්නුව පැවිලියන් එක තිබ්බේ අනිත් කෙලවරේනේ... පුදුම සෙනඟක් එදා තෙරපි-තෙරපී හිටියෙ. ඉතිං අපිට කොහේ පේන්නද ඔය හූ කියපුවා...” කළු අක්කා කිව්වා. “හැබැයි සාම ජාතකේ නටද්දී නං අපිටත් ආරාධනා හම්බ වෙලා තිබ්බ හිංදා අපි හිටියෙ ඉස්සරහ පුටුවල වාඩි වෙලා. ඒ නිසා අපිත් දැක්කා අර අඹ ගහට ගැට ගහල හිටිය වඳුරා නයාවයි- කොටියවයි දැකලා බයෙන් කුලප්පු වෙච්චි හැටි!”

එතකොට නං මගේ කටත් අප්පල්ලයක් වගේ වුණා- පුදුමෙටම!

“හරි, හරි... ඔව්වා ඔක්කොම පරණ කතන්දරනේ... කළු අක්ක තවම කිව්වේ නැහැනේ...” මං ආයෙමත් ඇහුවේ ඒ කාරණය යට යන්න නොදී මතු කර ගන්නයි.

“මං කියන්න හැදුවේ නිමල් මල්ලී, අපි ආයෙමත් ඒ වගේ නාට්ටියක් මහරගම පෙන්නමුකෝ කියල.”
“අම්මට සිරි!” සරත්ට කියැවුණේ නිකංමයි.

“ඔයාලා දන්නවද, තව කීප දෙනෙකුත් මට ඔය යෝජනාව කළා...”
“ඒත් ඉතිං ඔයා තවම නාට්ටියක් කරන්න පටන් ගත්තේ නැහැනේ, නිමල් මල්ලී...”

“මේකයිනෙ කළු අක්කේ... එහෙම නාට්‍යයක් කරන්න නං මාස ගාණක් පුරුදු වෙන්න වෙනවා...
එච්චරයැ? ආධාර එකතු කරන්න යන්න වෙනවා... ඒ දවස්වල නං මේ පැතිවල හිටියෙ ගමේම මිනිස්සු. දැන් වැඩි හරියක් ඉන්නෙ පිටගම්කාරයෝ. ඒ මිනිස්සු ගෙවල්වල ඉන්නේ රෑට. ඒ වෙලාවට ආධාර එකතු කරන්න යන්න පුළුවන් කාටද? අනෙක තමයි ඉස්සර නං අපිටත් වෙලාව තිබ්බා ආධාර එකතු කරන්න යන්න. දැන් අපේ කට්ටියත් රස්සාවල් කරනවනේ...” මං එව්වා කිව්වේ සතුටෙන් නං නෙවෙයි. ඒත් මටම තේරුම් ගිහිං තිබුණු ඒ කාලේ තත්ත්වය එයාලටත් පැහැදිලි කරන්නයි.

“නිමල් මල්ලී, මම ඔය ඔක්කොම දන්නවා...”
එතකොට නං මගේ කටත් අප්පල්ලයක් වගේ වුණා- පුදුමෙටම. “හෑ...අද වෙනකල් මං දන්නෑනෙ කළු අක්කා එච්චර කල්පනාකාරියෙක් කියලා.” මං කිව්වා නෙවෙයි; නිකංම කියවුණා.

ඒකට උත්තර දෙන්න කලින් කළු අක්කා ලොකු හිනාවක් දැම්මා. දාලා මේ ටිකත් කිව්වා. “අනේ නිමල් මල්ලී... මම ඔයාල තරම් දේවල් දන්නැති මෝඩ ගෑනියෙක් නේන්නං... ඔයාම ඔය කාරණාවල් සේරම මේ ළඟදී තව කෙනෙකුට කියල තිබුණා... එයා තමයි මටත් ඔය සේරම කිව්වේ...”
“කවුද, අසෝකද?”

“ඔය මතක් වුණේ! අසෝක තමයි මට කිව්වේ.” කළු අක්කා තහවුරු කෙරුවා.
“කවුද වදේ මේ අසෝක... මාත් දන්න කෙනෙක්ද?” සරත් රංචාගොඩ ඇහුවේ අපි දෙන්නා දිහාම බලමින්.

“සැමී අයියගේ බෑණාව සරත් දන්නවද, නිමල් මල්ලී.”
“නෑ සරත්. ඔයා අසෝක පියසිරිව අඳුනන්නෙ නෑ... කස්ටම් එකේද කොහෙද වැඩ කරන්නෙ. එයා බැඳල ඉන්නෙ මල්ලිකාව. මාර විහිළුකාරයා!”

අනේ!
එයාලා අද ඉන්නවා නං...
දැන් ඒ හතර දෙනාම ඉකුත්ව ගිහිංය. කළු අක්කේ, බන්දුල, සරත්, අසෝක... ඔයාලා හතර දෙනාටම නිවන් සැප ලැබේවා!

අපි දෙන්නට දෙන්නම තකට-තක රැවටිලිකාරයොයි කියල එළි වුණාට පස්සේ තවත් love කරන්නයැ...        

ඒ හතර දෙනාගෙන් කළු අක්කා විතරකි කාල මරණයකට පත් වුණේ. අනිත් තිදෙනාම ගොදුරු වුණේ අකල් මරණවලටය. එයිනුත් සරත් රංචාගොඩ හිතවතාය ඉතාම ඛේදනීය ඉරණමට මුහුණ පෑවේ.

සරත් විවාහ වුණේ මගේ ලොකු නෑනණ්ඩි මල්ලිකාවන්ගේ හොඳම යෙහෙළියක වී හිටි පිළියන්දල සීතා සමඟිනි. ‘කොළඹ ඉඳලම හරි යන්නෑ රංජි මල්ලී. කොච්චර වුණත් උපන් ගම විතර වටිනවයැ වෙන කොහෙවත්...’ එහෙම කියමින් හිටි සරත් පසු කාලයක දෙහිඕවිට- අටුලුගම ගෙයක් හැදුවේය. ඒ ගෙයි සියලු වැඩ ඉවරකොට එයට විදුලිය සපයන්නැයි ඉල්ලා සිටියේය. ‘අසවල් දවසේ අසවල් වෙලාවට සප්ලයි එක දෙන්නට එනවා.’ අදාළ ආයතනයෙන් සරත්ට දන්වා තිබිණි. සරත් ඒ දිනයේ නව නිවසට ගොස්- බලා සිටියදීලු හෘදයාබාධයකට ගොදුරු වී තිබෙන්නේ.

ජීවතේ හැටි එහෙමය... මාරයාගේ හැටි එහෙමය... ඕනෑම ජගතෙකු වුණත් කැන්දාගෙන යන්නට ආවම යා යුතුය!

‘අනිත්‍යය මෙනෙහි කරන්නෙයි නිමලෝ ඔහේ ‘යකිනිට ඇන්දා’ post එක ලියන්න ගත්තේ. අනෙක අද ඔහේ හතර වටේ තියෙන පඳුරු තලනවත් වැඩියිද මංදා.’
සොරි- සොරි... අතීතෙට ගියාම මතක් වෙන දේවල් ගොඩයිනෙ. එව්වයෙනුත් චුට්ටක් හරි නොලිව්වොත් හිතට මොකද්ද මොකද්ද වගේ. මෙන්න, මෙන්න මං ආපහු දෙමටගොඩ කැන්ටින් එකට යනවා.

“අසෝක මල්ලිටත් හරි ආසයිලු නාට්ටියක රඟපාන්න. ඒකලු ඔයාට කතා කළේ... එහෙම කිව්වම තමයි නිමල් මල්ලී මම අසෝක මල්ලිට කිව්වේ ටික දවසක් ඉවසන්න කියලා... ප්‍රතිභා ෂෝ එක ඉවර වෙනකල්. අනෙක සරත් මල්ලී මෙයාගේ ටෙලිෆෝන් ආදරවන්තයාව හම්බ වෙන වැඩෙත් තිබ්බනේ...” එහෙම කිව්වමයි කළු අක්කට සුනන්ද ගැන අහන්න මතක් වුණේ.
“ඒ මහත්තයා ආයෙ ඔයාට කතා කළේ නැද්ද මල්ලී?”

“ම්හු! එයා ආයෙ කතා කරන එකක් නෑ... කතා නොකරන එකමයි හොඳ කළු අක්කේ. අපි දෙන්නට දෙන්නම තකට-තක රැවටිලිකාරයොයි කියල එළි වුණාට පස්සේ තවත් love කරන්නයැ...”

ඒ දවස්වල අපි වැඩියෙන් කතාබහ කළේ ඔහොම සිල්ලර දේවල් ගැන. ඊට එහා යන දේවල් කතා කෙරුණේ කුලතුංග සර් වගේ උදවිය එක්කයි.

දැනටත් මයෙත්තෙක්ක එහෙම කතාබහ කරන තවත් හිතවතුන් ඉන්නවා.
ඒ අතරේ බ්ලොග්වලත් හොඳ හොඳ කාරණා කතා වෙනවනෙ. හොඳ හොඳ කිව්වේ ‘මොළේට සමනල් ගැටේ’ වැටෙන පන්නේ එව්වට. ගැටේ ඇලවෙන පන්නෙ කතා වගේ නෙවෙයි- එව්ව හරිම අර්ථවත්, මේ නිදියට නං.
කොළඹ ගමයා, ඉයන්ගේ අඩවිය, බිත්තිය, නිහඬපාල... මේ මොහොතේ මට මතක් වුණු එහෙම blog අඩවි කිහිපයක්.

ඉහළ පරිකල්පනයක් තියන මිනිස්සු අවුරුදු දහස් ගානකට පෙරත් මේවා විග්‍රහ කරා. කිසිම උපකරණයක් නැතුව.

ඉතාම ළඟදී, අපේ බකුසුතුමා උන්නැහේගේ ‘බකමූණු කතා’ අඩවියට ලියල තිබ්බා post එකක් ‘පදාර්ථය යනු මායාවකි’ කියලා. පෝස්ටුවට එහා comments... මේං ඒවායින් ඇබින්දක්:

‘නිහඬපාල Nihandapala April 4, 2026 at 7:50 AM

වීඩියෝවේ නම් තියෙන්නේ අටෝරාසියක් විද්‍යාත්මක ප්‍රවාද. අපේ දැනුම පංචේන්ද්‍රියන්ට සාපේක්ෂයි. ඒවායින් ඔබ්බට හිතලා වෙනස් කියවීමක් දෙන්න පුළුවන් අය හරිම අතලොස්සයි. විද්‍යාව දේශපාලනය හැමදේම දෘෂ්ටිවාද වලට එළඹිලා තේරුම් ගන්න උත්සහ කරොත් මුලාවක. Matter ගැන හෙව්වේ අද ඊයේ නෙමෙයි. ඉහළ පරිකල්පනයක් තියන මිනිස්සු අවුරුදු දහස් ගානකට පෙරත් මේවා විග්‍රහ කරා. කිසිම උපකරණයක් නැතුව. පදාර්ථය රූප කලාප වලට බෙදලා ඇතිවීම නැතිවීම ගැන කිව්වා. සමහරු කිව්වා පදාර්ථය මනසේ ප්‍රක්ෂේපනයක් කියලත්. සමහරු කිව්වා අවසානයේ ශුන්යතාවයක් ගැන. සමහරු කිව්වා අවසානයේ වෙනස් නොවෙන අකාලික බ්‍රහ්මන් අවස්ථාවක් (පදාර්ථයක් නොවෙයි) කියලා. දැන් අනු පරමාණු ක්වොන්ටම් අංශු දක්වා ගිහින් මට තවම ඉන් එහා තේරුම් ගන්න බැහැ. හෙමින් උත්සහ කරනවා. Matter සහ Mind කියන දෙක දෙකක් ලෙස ගැනීම තමයි පළමුව අපි බැලිය යුත්තේ. එතනින් එහාට පදාර්ථය විග්‍රහ කරන එක තමයි වැදගත්.

Reply
D.G.M බස්සා April 4, 2026 at 3:08 PM

ඔබගේ අදහස් දැක්වීම ගැන ස්තූතියි. විද්‍යාව ගැන මගේ ඇති කැමැත්ත දෙයාකාරයි. එකක් විද්‍යාව නිසා අපේ ජීවිත පහසු වෙලා තියනවා. දෙක, විද්‍යාවේදී "ගලේ කෙටූ අකුරු" වගේ නිශ්චිත නිගමන නැති වීම. හැම දෙයක්ම සාපේක්ෂයි, හෙට ඒක වෙනස් වෙන්න පුළුවන් කියන එක. ආගමික දෘෂ්ඨිවාද ගැන එහෙම පැහැදීමක් නෑ.

දෘෂ්ටිවාද, තර්ක කිරීම් වලට කැමති එක හේතුවක්, මොලේට ව්‍යායාම දුන්නොත් ඩිමෙන්ෂියා වැලැක්විය හැකි බවට ඇති තර්කයයි. ඒකත් කොච්චර ඇත්තද නොදන්නවා වුනත්, දැන්න අය කියන නිසා දැනට විස්වාස කරනවා. විශ්වය ගැන සෙවීම, මොලේට සමනල ගැටේ වැටෙන වැඩක් බව දන්න නිසා, ඒකටත් කැමතියි.

මට පදාර්ථය විග්‍රහ කරන්න තරම් දැනුමක් නෑ. එහෙම කරන අය කියන දේ අහගෙන ඉන්නවා.’

ආදරණීය පාඨක ඔයාලත් වෙලාවක් තියේ නං ඒ වගේ අඩවිවලටත් ගොඩ වැදෙන්නකෝ. මං වහන්සේ නං එහෙමයි. සරලම දේවල් වගේම, ගොඩාරියක් බරසාර දේවල් වුණත් මොළ ගෙඩියට දාගන්න තමයි වෑයම් කරන්නේ.
එක අතකට සරල- බරසාර කියල වෙනසකුත් නැතිවයි අපේ මොළ ගෙඩියේ ගබඩා වෙලා තියෙන දේවල් අපට හිතා ගන්න බැරි මොහොතකදී ප්‍රයෝජනවත් වෙන්නෙත්.

මොන වගේ නාට්‍යයක්ද කරන්න යන්නේ?

“ඉතිං ඉතිං කළු අක්කේ- ඔයාටත් හිතුණද රඟපාන්න... ඒකද ඔයා නාට්‍යයක් කරන්න යන වියදම ඇහුවේ?” සරත් තමයි ප්‍රශ්නය ඇහුවේ. හැබැයි ඒ වෙද්දී මගේ හිතටත් ඒ ප්‍රශ්නය ඇවිල්ලයි තිබ්බේ.

“මොන වගේ නාට්‍යයක්ද කරන්න යන්නේ- කොහෙද ඒක පෙන්නන්න යන්නේ වගෙ කාරණා උඩනේ සරත් වියදම් කරන්න ඕන ගණන තීරණය වෙන්නේ... කළු අක්කාට ඕනි කරන්නේ...”
“ආයෙ මොකටද හංගන්නේ? මට දැනගන්න ඕනි ඔයාලගේ සාම ජාතකේ වගේ ලස්සන නාට්ටියක් මහරගම ටවුමේදී පෙන්නන්න කීයක් විතර යයිද කියලා...”

ඒ ප්‍රශ්නෙට උත්තරේ ‘යකිනිට ඇන්දා’ දෙවෙනි කොටසෙන් කියවතෑකි හොඳේ...

No comments:

Post a Comment

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්