මාතෘකාවට අකුරු හයයි කෙටුවේ, හයවෙනි අකුර ගැන විචිකිච්චාවක් හිතේ ඇතිවුණා. කැල කියනකොට නිකං ලයන්නද- මහප්‍රාණ ළයන්නද? කෙළියා තාප්පෙටම!
ඉතිං මොකේදැයි දන් වළඳන්නේ..... පුරස්න ගොඩාරියයි. කමක් නෑ.
එකින් එක බේරාගෙන යමුකෝ. අන්තිම ප්‍රශ්න මුලින්ම ලිහාගමු.නිකං ලයනු කොහෙද සිංහල භාෂාවේ? සමහරු එහෙම කියන්නේ දන්තජ ලයන්නට. මහප්‍රාණ ළයන්නකුත් නෑ, මූර්ධජ මිස. කැළ කියන්නේ වනාන්තර සමූහයකට. කැල කියන්නේ පිරිස- කට්ටිය වගේ දෙයක් ලියන්න ඕනේ වෙලාවට.
මොන තරම් දැනගෙන හිටියත් මදි. ඒක ඔහෙලත් එක්ක නිවැරැදිව සන්නිවේදනේ කරන්න නම් පරිගණකෙන් හරියට අකුරු කොටාගන්නත් දැනගෙන ඉන්න ඕනේ. මං සිංහල කොටන්නේ Google Input Tools අකුරුවලින්. තවමත් සමහර අකුරු නිවැරදිව ගන්න මං දන්නේ නෑ.
විචිකිච්චාව ලියද්දි චා එකට ගන්න ඕනේ ඡ අකුරේ දීර්ඝේ. මොන? naa කෙටුවාම නෑ එනවා වුණාට chaa කෙටුවාම පෙන්නන්නේ චා කියලයි. cha එකට ඡ අකුර එනවා, හැබැයි. තව සමහර අකුරුවලටත් ඔය ප්‍රශ්නෙම දැනට ඇවිත් තියෙනවා, හොඳේ. ඉතින් එබඳු වැරැදිවලදී සුධීහු ක්‍ෂමාව භජනය කෙරෙත්වා!
අකලංක හරි සංජීව හරි ආව ගමන්ම ඒ ප්‍රශ්නෙට විසඳුමක් දෙයි.ඕන්න එහෙනම් නීල බිඟු කැල හඹාගෙන එනවා.
ජන ප්‍රවාද, මිත්‍යා විශ්වාස, හින්දු දේව කතා වගේ දේවලුත්........... |
ඒ වුණත් මේක චිත්‍රපට ගීයක්, රජ ගෙදර පරෙවියෝ ...මතකයිනේ.
නීල බිඟු කැල තාමරස පෙළ ආදරෙන් සනසාලා
තිසර තුඩු මුදු තඹර පහසින් මෝහනය වීලා
තාමරස කියන්නේ නෙළුම්වලට. මවාගන්නකෝ පින්තුරේ... මී මැස්සො රංචුවක් ජලාශයක පිපිලා දිලෙන නෙළුම් මල් පේළියකට වහ වැටිලා දැවැටි-දැවැටී හෙමි-හෙමින් ඉගිල්ලෙන හැටි.
මේ දෙවෙනි පෙළ. හංසයෝ විලක සරද්දී, බොහෝම ආදරෙන්... හිමින් සීරුවේ, උන්ගෙ රන්වන් පාට හොටවල තුඩුවලින් නෙළුම් කැකුළු පාරනවා.... මත් වෙලා වගේ; අඩ සිහියෙන් වගේ; මෝහනයෙන්.
ආයේ ඉතින් වහංගන්නෙ නැතුවම කියමුකෝ. මේක බොහෝම ශෲංගාරය දනවන කතාවක්. සසඟයකට
පෙර කාමී ස්නේහවන්තයෙක් හුදෙකලාවේ; සුන්දර ප්‍රියාවියට
තුරුල් වෙලා ඒ මිහිරාවියගේ කැකුළු පියයුරු
හෙමිහිට පිරිමදිමින් ඇගේ කාමෝද්දීපනය කරන ආකාරය....
නිල් පාට මී මැස්සො කොහෙද ඉන්නේ? නිල් වරලසක් කාටද තියෙන්නේ?
ඒත් කවි ලියද්දි අපේ කවියන් කළු පැහැය නිලක් විදියට දැක්කා. තද නීල වර්ණයක්. ඕවා කවි සමයේ ගොඩක් තියෙනවා. පොත් කියවපු ඇත්තෝ ඒවා බොහෝම සංවරව ගීතවලට ඇතුළු කළා. අපි කිසි හිරිකිතයක් නොදැනෙන විදියට දාහක් මැද්දෙ වුණත් ඒ සිංදු කියනවා.
කළුවරේ ඇවිදින් අල්ලාගන්න කියන්නේ මොන හංසයන්වද? |
දෑත විහිදා එන්න අඳුරේ - උන්ව අල්ලා ගන්න මිහිරේ....'
කොහොමද වැඩේ.
කරුණාරත්න අබේසේකර මහත්තයා කළුවරේ ඇවිත්
අල්ලාගන්නැයි කියන්නේ මොනවාද?
'දෑතට බරවී - දෑතට හිරවී - එක්වුණු තිසරුන් රංගන පෑවේ...'
''උකුළ ළැම හස - මලවි කරළිය - මුවා කළ ඇගෙ දුහුල් සළු තිර,
විවර කෙරුවා මනඃ - සලෙලුන් උමතුවූ දෙනුවන් රැහැන් ඇද....."
කෝච්චරට පිස්සු හැදිලද කියනවා නම් කේ.ඩී.කේ. ධර්මවර්ධන උන්නැහේ කියනවා, තව්තිසා දිව්‍ය ලෝකේ දිව්‍ය කුමාරවරු ජොලියෙන් නැළවෙන වෙලාව වගෙයිලු මැවුණේ.
ඒකටත් එක්ක දැන්. ....එක පාර මා මරන්න! ඉතින් නෑ- බෑ කිව්ව ගමන් නොමරා හරි නොමැරී හරි ඉඳීවියැ?
අපේ ගීතයේ පළමු අන්තරා කොටසට එමු නේද.
මාරුතේ මතුරා යතේ - සුරඹුන් නැඟූ මුකුළු
මාවතේ අතුරා ඇතේ - සුරඹුන් නෙලූ කැකුළු...
එතැන තියෙන්නේ නිශ්ශංඛමල්ල රජ්ජුරුවන්ට අත පය හතරම නැති කොටෙක් ශ්‍රීපාදය සොයා දුන් කතාවෙන් කෑල්ලක්.
කේ. වෙන්කට් මහත්මයා අපූරු සිනමා සිත්තමක් අධ්‍යක්ෂණය කරලා දායාද කළා, ඒ කතාව පදනම් කරගෙන. 78 අවුරුද්දේ. නම 'සිරිපතුල'.
අදටත් නිතර ඇහෙන 'සිනහවෙන් හෝ කතාවෙන් හෝ..' ගීතය තිබුණේ ඒ ෆිල්ම් එකේ.ඒකෙම තවත් අමරණීය ගීයක් තමා 'මිනිසාමයි ලොව දෙවියන් වන්නේ - මිනිසාමයි ලොව තිරිසන් වන්නේ' ගීතය.
බොහෝම ඛේදජනක උත්ප්‍රාසයක් මවමින්, 83 දී ජාති ආලෙන් මත්වී හොඳටම රත්වුණු මිනිසුන් පිරිසක් මේ දමිළ සිනමාකරුවාව මහමඟදී තිරිසන් විදියට ඝාතනය කළා, සිංහලයෝ වසලයෝ කරමින්.
එක ගීයක් ගැනයි කියන්න හැදුවේ. දැනටම වචන සිය ගණනක් කෙටිලා. තව අන්තරා කොටසක් එහෙමමයි. බයවෙන්න එපා. තව ටිකයි. සංගීතය ගැන, තනුව ගැන, ගැයුම ගැන මොකෝවත්ම මං
ලියන්නේ නෑ. නොදන්නා දෙමළෙට ගිහින් වරිගේ නහගන්න ඕනෙ නැහැනේ!
ඒත් 'රජ ගෙදර පරෙවියෝ' පික්චර් එකේ රඟපාපු අපේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාට නම් වික්ටර් රත්නායකගේ මෝහනීය හඬ ගැලපුණේ නෑ කියලයි මං කියන්නේ.
අපි අමෘතය බීලා අජරාමර වෙලා දිගටම යුද්ධ කරමු! |
ඉතිං කවුරු හරි අතිපණ්ඩිත මෝල් වහන්සේ කෙනෙක් අපූරු යෝජනාවක් ගෙනැත්. "අපි අමෘතය බීලා අමරණීය වෙලා යුද්ධ කරමු. එතකොට කවුරුවත් මැරෙන්නේ නෑනේ." මල් හතයි, ගෙඩි පහයි!
යෝජනාවට දෙපැත්තෙන්ම කාගෙන්වත්ම විරුද්ධයක් ආවේ නෑ.
හරියට අපේ දියවන්නා මන්දීරේ ඇත්තෝ තම-තමුන්ටම බෙදාගන්න යෝජනාවක් ගෙනාපුවාම වෙනවා වගේ.එහෙව් යෝජනාවලට නම් ඉතින් අත උස්සන්න විතරයි මහන්සි වෙන්න ඕනේ. අර දෙගොල්ලන්ට නම් අමෘතය හොයාගන්න වුණා, මහන්සි වෙලා.
එතකොට අමෘතය තිබුණේ කිරි සාගරේ පතුලේ. ඒක උඩට එන්න නම් සයුර කලම්බවන්න ඕනේ.ඔන්න බොහෝම අසීරුවෙන් ඕනෙ කරන ආම්පන්න ටික එකතු-පහදු කරගත්තා. පත්තට ගත්තේ මහාමේරු පරුවතේ. (දොදොල්- කිරි දානවලට විතරක් හදන කිරියා එහෙම හදද්දී හැඳි ගාන්නේ සවි ඇති පත්තකින්.) ඊළඟට මේ පත්ත හොඳට කරකැවෙන්න නම් දිග ලණුවක් පටලවලා දෙපැත්තේ අය දෙපැත්තෙන් ඉඳලා එහාට-මෙහාට අදින්න ඕනේ. ඒ රැහැනට ඉන්න වාසුකී නාග රාජයා මනාපේ දුන්නා.
ඔන්න දැන් මහාමේරු පත්තේ වාසුකී නාරජ රැහැන වෙළලා කට්ටි දෙක දෙපැත්තට යනවා.
කට්ට විෂ්ණු දෙයියෝ කල් ඇතිවම සුරයන්ට කියලා තිබුණා අසුරයොන්ට නයාගේ කට පැත්ත දෙන්නැයි කියලා. මොට්ට අසුරයොත් දුරදිග නොහිතා ඒ ලණුව කෑවා.
දැන් දෙගොල්ලෝ දෙපැත්තෙන් අල්ලාගෙන රැහැන එහාට-මෙහාට අදිනවා.... කිරි සාගරෙත් කැළඹිලා සුළියක් හැදෙනවා, මෙන්න. නා රජ්ජුරුවන්ගේ හොඳ පණ ගිහිල්ලා, දන්නෙම නැතිව කට ඇරිලා
විෂ දුම් පිටවෙන්න ගත්තා. එදා ඒවා වැදුණු නිසා තමයි තාමත්
අසුරයෝ සුරයන්ට වඩා පාටෙන් අඩු.
එතකොට දැන් ලක්ෂ ගණන් වටින ඉන්ජෙක්ෂන් ගහගෙන
ඔය කළු අසුර නිළියෝ- අංගනාවෝ එහෙම
හිටි ගමන් රත්තරන් පාට වෙන්නේ. මේ කලියුගේ නිසයි, ඒ.
ඉතිං ඔය අස්සේ කිරි සාගරේ සුළියක් හැදුණා. ඒකෙන් මහාර්ඝ වස්තු 14 ක් උඩට මතුවෙලා ආවාලු. ටිකාක් මහන්සි වුණත් ඔන්න ඒ දාහතරත් මෙතනට දානවා. කමක් නෑනේ.
1.ලක්ෂ්මී දෙවඟන, 2.කෞස්තුභ පාෂාණය, 3.පාරිජාතක වෘක්ෂය, 4.සුරාව, 5.ධන්වන්තරී, 6.චන්ද්‍රයා, 7. කාමදායක ගවයෝ,
8. එෛරාවණ හස්තියා, 9.රම්භා ඇතුළු දෙවඟනන්,
10.සප්තමුඛ අශ්වයා, 11.කාලකූට විෂ, 12.විෂ්ණුගේ දුන්න, 13.ශංඛය, 14.අමෘතය.
මෙන්න මේක කියවන අයටත් home work එකක්. නිකමට හොයලා බලලා අපටත් දන්වන්නකෝ මේවා සුරයොයි අසුරයෝයි අතරේ බෙදුවේ කොහොමද කියලා. හරි interesting!
දැනටම ඔයාලා දන්නා ටික මේ. 1, 2, 12 ඒවා විෂ්ණුගේ ළඟ.
මේවා බෙදුවාය කියන්නෙත් උන්නැහේමලු, රූමත් ඉස්තිරියාවකගේ වේශය මවාගෙන.
අංක 4 නම් අසුරයන්ටම ලැබුණු බවට සාක්ෂි ලෝකෙ පුරාම ඕනේ වෙලාවක, ඕනේ දිහාවකදී බලාගන්න පුළුවනි.
වැඩ්ඩා වගේ මං අර 14 ලිව්වට ඒක නම් උපුටාගත්තේ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහත්තයා සංග්‍රහ කළ 'පුරාණෝක්ති සංග්‍රහය' පොතෙන්. ගොඩගේ ප්‍රකාශනයක් වෙන ඒ පොතත් හොයාගෙන කියෝනවා නම් අනේ මතක ඇතිව xxi පිටුවත් කියවලා බලන්න, හොඳේ.
ජීවිතේ කිරි සාගරේ කළඹා දිනූ කිඳුරී
මීවිතේ මදිරා පුරා සඟවා නොයන් සොඳුරී....
හින්දු දේව පුරාණයේ අර කතාව කියෙව්වට පස්සේ මේ දෙවෙනි අන්තරා කොටසේ ආයේ මොනවා පහදලා දෙන්නද?
harima rasawath nimal ayye.
ReplyDelete//මාරුතේ මතුරා යතේ - සුරඹුන් නැඟූ මුකුළු
ReplyDeleteමාවතේ අතුරා ඇතේ - සුරඹුන් නෙලූ කැකුළු...
එතැන තියෙන්නේ නිශ්ශංඛමල්ල රජ්ජුරුවන්ට අත පය හතරම නැති කොටෙක් ශ්‍රීපාදය සොයා දුන් කතාවෙන් කෑල්ලක්.// මුල ඉඳල මේ කියවගෙන එන ගමන්.. මේ කොටස කොහෙවත් විස්තර ඇතුව ලියවිලා නැද්ද?
ස්තුතියි කල්‍යාණ මිත්‍ර! ඔයාලා වගේ ප්‍රවීන, අත්දැකීම් සහිත අයත් නිදිගෙ පංච තන්තරේ පෙරළන්න එනකොට නම් හීනි ආඩම්බරයක් හිතට මෝදු වෙනවා!
ReplyDeleteදිගටම එන කලණ මිතුරෙක් වෙන්නටයි මේ ආරාධනාව!
සිරිපා හොයාගත් කතාව ඉතාම ප්‍රචලිත එකක් නිසා සම්පූර්ණෙන්ම මේ පෝස්ටුවල මෙතෙක් ලියල නැහැ. අප්‍රකට එකක් නම් මුළුමනින් ලියනවා.
මම අහල තියෙන්නෙ නම් සුරයන් විසින් පානය කරන්නා වූ නිසාවෙන් සුරා යන නම ලැබුණු බවයි ... නමුත් මේ ගැන හෙව්වට විස්තර හෙව්වට හම්බ උනේ නැහැ එනිසා සුරා යනු අමෘතය වෙන්නත් බැරි නෑ .. කාටද ආඩම්බර ? බෙබාලට තමා ඉතිං :-D
ReplyDeletehttps://en.wikipedia.org/wiki/Samudra_manthan
කණ්ඩා, උණුසුම් වෙන යමක් සප්පායම් වෙන ගමන් පංච තන්තරේ පෙරළනවා වගේ! ඔච්චර ආඩම්බරයක් දැනෙන්නෙ එහෙම වෙලාවට.
Deleteඑහෙම කරන්න උනන්දුවක් ඇති උනා කියවගෙන යනකොට :)
Deleteඅපූරූ ගීත
ReplyDeleteස්තුතියි ලියෝනි!
ReplyDeleteමරු මරු සින්දු කතාව නම් මරු.
ReplyDeleteඅර අකුරු කතාව නම් ඇත්ත. සිංහල ඉපදුන දා ඉදල ඉගෙන ගත්තත් වෙලාවකට ලියනන ගියහම පට්ට කුණුහබ්බ තමා ලියන්නේ ඕන්. එක අකුරෙන් තේරුම සම්පුර්ණයෙන්ම වෙනස් වෙන වාර අනන්තයි අප්‍රමානයි.
ලියෝනි, ඔයා ආයෙමත් මේ post එක කියෙව්වද?
ReplyDeleteමෙය කියවන කොට වැටහෙනවානෙ ගීතයක රසවිඳීම පරිපූර්ණ වෙන්න නම් එහි සාහිත්‍ය කොටසටත් එබෙන්න ඕන කියලා. බොහොම ස්තුතියි. අමෘතය සොයා ගත්තත් සාහිත්‍යය රසයට බය වෙලා අමෘතය දෙව්ලොවට පැන ගියාලු. ‘සුභාෂිත රස්‍යග්‍රෙ සුධා භීතා දිවංගතා’ කියලා පියදාස සිරිසේන මහතාගේ පොතක තිබුණා.
ReplyDeleteගොඩාරියක් ස්තුතියි අනිල් මහතාණෙනි. නිදිගෙ පංච තන්තරේට ඔබෙන් එවුණු පළමු comment එක නේද මේ... මම වැරදියි නං සමා වෙන්න. ඉඩ තියෙන වෙලාවක නැවත ඇවිත්, සාහිත දැනුම මුසු ප්‍රතිචාරවලින් අප පෝෂණය කරනු මැනවි!
Delete