“ඔන්න අයියේ, මං හිතාගෙන ඉන්නවා මීට පස්සෙ
හැම මාස දෙකකටම සැරයක්වත් weekend එකක කොහේ හරි යනවාමයි කියලා. යමු නේද?” අයස්මන්ත පීරිස්
දොස්තර මහත්තයා කිව්වේය. “මං වැඩ කරන හැටියට ස්ට්‍රෙස් එක හරි වැඩියි. ටිකක් හරි රිලැක්ස්
වෙන්නම ඕනේ.” බොක්කෙන්ම වැඩ කරද්දී එහෙමය. අවුරුදු දෙක තුනකට ඉස්සර අයස්මන්ත එහෙම
කිව්වත් ඒක නොකෙරුණා හා සමානය.
අයස්මන්ත මහත්තයාලට පොඩි විවේකයකදී ලොකු ට්‍රීට් එකක්.... |
මේ වතාවේ
ගමනට ගවීනුත් එකතු වුණේය. එතකොට නෙවිලුයි, ගවීනුයි, මායි ..... සේරම තුන් දෙනෙකි.
උදේ හතරයි විස්සට මහරගමින් අධිවේගයේ යන මාතර
බස් එකට නැංගාම හයට මාතරය. එතනින් හයයි පහට තිස්ස බස් එක අල්ලා ගත්තාම අටයි කාල
වෙද්දී අප හම්බන්තොටය.
එතකොටත් අපේ අක්ෂි වෛද්‍ය විශේෂඥතුමා වැඩ පටන් අරන්ය.
“පව්නේ නිමල් අයියේ, සමහරු එන්නේ රෑ ඉඳලා. උදෙන්ම පටන් ගත්තාම ඒ මිනිස්සුන්ට දවල්
වෙද්දී ගෙදර ගිහින් ඉන්න පුළුවන්!” අයස්මන්ත ඒ ගැන කියන්නේ එහෙමය.
අසංගලාගේ කුටුම්බය..... |
එහෙමට වැඩ තිබ්බත්, ඔහු අප ගැනත් අමතක කරන්නේ
නැත. අපි බස් එකෙන් බහිනකොටත් අසංග එතනය. නිකම්ම නොවේ! දොස්තර මහත්තයාගේ වාහනයත්
අරගෙන ඇවිත් බලාගෙන ඉන්නේ අපිව ඉස්පිරිතාලයට එක්කං යන්නටය.
අසංග එක විදියක allrounder කෙනෙකි. ඔහු
ගොඩනැඟිලි ඉදි කිරීමේ ව්‍යාපාරයක් කරයි. ගොඩාක් දොස්තර මහත්වරුන්ගේ රියදුරු
රාජකාරියත් (නසාර් වගේම තාවකාලිකව) කරයි. ඒ ගොල්ලොන්ගේ සාදවලදී කෑම-බීම,
අඩුම-කුඩුම සේරම ගෙනත් දෙයි. හුඟ වෙලාවට එව්වා උයා-පිහා දෙන්නෙත් අසංගමය. අසංග
අයස්මන්ත මහත්තයාට පණ ඇරලාය. ඒකේ වාසියත් අපටමය. ඇයි, අපිත් දොස්තර මහත්තයාගේ
යාළුවොනේ? (නසාර් ගැන පස්සේ කියන්නෙමි.)
ලොකුම දේ අසංග හම්බන්තොට නාඳුනන කෙනෙක් නැති
එකය. ලොක්කෝ- සොක්කෝ කවුරුනුත් එක්ක ගැවසෙන අසංග ‘නියම දුක්ගන්නා රාළ’ කෙනෙකි. ඔහු
අපව රෝහලට රැගෙන යයි. ඒ වෙලාවට අයස්මන්තව අල්ලා ගන්නවා තියා කතා කරන්නවත්
පුළුවන්කමක් නැත. ඒත් සේරම වැඩ අසංගට පවරලාය.
අසංගත් නූලට-රූලට ඒ ඔක්කොම කරන්නේ
“... නැත්තං දොස්තර මහත්තයට යකා නඟිනවනෙ” කියමිනි.
.... දොස්තර මහත්තයට යකා............ |
අයස්මන්ත පීරිස් දොස්තර මහත්තයාගේ යකා ගැන
හම්බන්තොට දිස්තිරික්කයම දන්නවා වගෙය. ඉස්පිරිතාලයේ නම් කියන්නට දෙයක් ඇත්තෙම නැත.
එහෙම නැතිවත් බැරිය.
නැතිව දවසකට ලෙඩුන් සිය ගණන් බලන්නට පුළුවනිද? අක්ෂි වෛද්‍ය
සායනයේත්, වාට්ටුවෙත් සේරෝමලා දොස්තර මහත්තයා යකා බැඳගෙන වාගේ කරන වැඩ කන්දරාවටම හරියන්නට,
ගැළපෙන්නට සැරසී හිඳිති. ඒ නිසාම දෙයියන්ගේ අඩවියේදී වාගේ කටවත් වරද්දා නොගන්නට
පරෙස්සම් වෙති.
ඉස්පිරිතාලයට යන අතරේම අසංග වැරැදි වැඩක්
කරයි. වාහන එලවන අතරේ ෆෝන් calls ගැනීම වැරැද්දය, ඒ.
එහෙම ගන්නේ ‘අමරා මිසීටය’.
ඉතින් අපි ඉස්පිරිතාලයට ඇතුළු වෙනකොටත් අමරා මිසී එතනය. දාහක් රාජකාරි මැද්දේ ඇය
මා කැටුව ගිහින් රුධිර පරීක්ෂණවලට අවශ්‍ය ලේ ගැනීම්, එව්වා පරීක්ෂණාගාරයට බාර දීම්
සේරමත් කරයි; කරවයි.
අමරා මිසී මේ සේරම කරන්නේ.... |
අමරා මිසී මේ සේරම කරන්නේ දොස්තර මහත්තයා
කියා ඇති නිසාම නෙවෙයිලු. මට ඇති විශේෂ කරුණාව හින්දාලු. මාව අවුස්සන්නට එහෙම
කියන්නේ අපේම දෙතුන් දෙනෙකි. (පේනවා නේද, අමරා මිසී?)
එයාලාගේ වැරැද්දක් නැත. වැරැද්ද සිද්ධවී තියෙන්නේ එයාලට රන් කිරි කට ගාන වෙලාවේය. හදිස්සියට රත්තරන් උරච්චි කරලා ඇත්තේ පඩික්කමේ අතුල්ලලාය. නැතිනම් අච්චර උදව් කරන අර අහිංසක මිසීටත් පදයක් හදාවිද?
එයාලාගේ වැරැද්දක් නැත. වැරැද්ද සිද්ධවී තියෙන්නේ එයාලට රන් කිරි කට ගාන වෙලාවේය. හදිස්සියට රත්තරන් උරච්චි කරලා ඇත්තේ පඩික්කමේ අතුල්ලලාය. නැතිනම් අච්චර උදව් කරන අර අහිංසක මිසීටත් පදයක් හදාවිද?
“දැන් නිමල් අයියලට උදේට කාලා-බීලා එන්න
වෙලාව තියෙනවා. blood reports රෙඩි වුණාම මං නෙවිල්ට කෝල් එකක් දෙන්නම්!” එතනින්
අමරා මිසී කරන මගේ රාජකාරිවල පළමු වටය
හමාරය. (මට මොබයිලයක් නැත. ඉතින් මේ ගමන්වලදී නෙවිල් මගේ කෝඩිනේටර් job එකත් කරයි!).
ඕනෑම කෙනෙක් තවකෙකුගේ මුවෙන් පිටවෙනවා අහන්නට
කැමැතිම වචනය තමන්ගේ නමලු. හොඳට හිතලා බැලුවොත් නම් ඒක ඇත්තය.
ෆේස්බුක් නිර්මාතෘ
මාර්ක් සකර්බර්ග් ඔය කාරණාව හොඳටම දැනගෙන ඉන්න ඇති කියා මට විශ්වාසය.
මමම මගේ දිහා බලා...... |
fb එකට යන
අපි නිතරම බලන්නේ අප ගැන අනෙක් අය කොතරම් තකනවාද කියා කියලාය. වැඩිම දෙනෙක් ඒකට
දාන්නේ එක-එක ඉරියව්වලින්, එක-එක ඇඳුම්වලින්, එක-එක තැන්වලදී අරගත් තම-තමන්ගේ
ෆොටෝස්ය. මමම මගේ දිහා බලන එව්වාය, සෙල්ෆිය. වැඩිම දෙනෙක් අපේ එව්වාට likes දානකම්
අපි බලා ඉන්නේ කොච්චර ආසාවෙන්ද?
ඉතින් ‘මා’ ළඟට වැඩියෙන්ම මිනිසුන් ප්‍රිය
කරන වදන ‘අම්මා’ලු. (භාෂා විශේෂඥයෝ කියන්නේ එහෙමය. හැබැයි ‘අම්මා’ මිස ‘අම්මට’
නෙවේ! තමුන්ගේ වාග් කෝෂයේ අම්මාට වචනය නිතරම යොදන්නේ නම් ‘බාසා වෙල්ලෝය!’). හුඟක්ම භාෂාවල
මව හඳුන්වන වචනය අම්මා- මා- මදර්- මමී- මමා- උම්මා- වගේ එක කිට්ටුවෙන්ම හඬ නැංවෙන
එව්වාය.
ඒ නිසාමද කොහෙද වෙළෙඳ ප්‍රචාරණයෙදීත්
‘අම්මාගේ කැමැත්ත’, ‘අම්මාගේ තේරීම’ හිටු කියා යොදා ගැනේ. සංචාරකයන් අද්දවා
ගැනීමටත් මෙහෙම කළ තැනක් ගැන මා දැනගත්තේ, අප මෙවර හම්බන්තොට ගිය ගමනේදීය.
‘මමාස්’. කොහොමද, නම වගේම තැනත් ලස්සනද?
නම වගේම තැනත්............ |
ඉතින් අපි ඉස්පිරිතාලෙට යන ගමනේදී රෝහල ඉස්සරහ කොහේ
හරි තැනකින්; අයිල කඩයකින් කඩයප්පම් කෑමක් කන්නට මං හරි කැමතිය. මොන? නෙවිල් ඒ
ආසාව ගැන අයස්මන්තට, සුජානි නංගීට, අසංගට විතරක් නොවේ නසාර්ටත් කියයි. “මූට මැස්සෝ
වහපු නැති කෑම ඇලර්ජික්ලු.”
ඉතින් කොහොම මගේ දොළ සංසිඳුවා ගන්නද? ඒක
පැත්තක තිබ්බත් සුජානි නංගීගෙ හිත රිද්දන්න ඇහැකිද?
“නිමල් අයියලා හෙට එනවා නේද?”
කියා කලින් දවසෙම කෝල් කරලා අහන්නේ ඇයමය. ඒ අක්ෂි වෛද්‍ය විශේෂඥ අයස්මන්ත පීරිස්
දොස්තර මහත්තයා මට නිර්දේශ කර ඇති විදියට, ‘අනුමත ආහාර වේලක්’ හදා දෙන්නටය. වැඩිම
දවසක අප උදේ කෑම ගන්නේ එහෙන්ය.
ඒ විතරක් නොවේ. රුධිර පරීක්ෂණ වාර්තා ලැබෙන තුරු,
පොඩි විවේකයක් ගෙන ‘රිප්‍රෙෂ්වී’ යළි පණ ලබාගන්නෙත් එහෙදීය.
“ඔන්න තමුසේ ලෙඩේ හොඳ කරගන්නෙ එහෙම නැහැ ඕං.
අපිටත් මෙහෙම පිනා චාන්ස් එකක් නැති වෙයි, තමුසෙට සනීප වුණොත්!” නෙවිල් කියන්නේ
හිතන දෙයම නොවේ. කට තියාගෙන ඉන්න බැරිකමටය.
එයා සුජානි නංගිලාව පසසන්නේ එහෙමය.
අනෙක, මේ ගමන්- සත්කාර විඳිලි හින්දාම දැන් සුජානි නංගිගේ සැමියා සාන්ත විතරක්
නොවේ, උයන්නට එන ඥානකුමාරිත් අපේ යහළුවෝය.
සුජානි නංගි, සාන්තයි පුතණ්ඩියායි එක්ක..... |
“මං අද එන්න නෙවෙයි මහත්තයෝ හිටියේ. ඒත් නෝනා
කිව්වාම මහත්තයල එනවයි කියලා, අද ආවා!” සමහර දවසට ඥානකුමාරි කියයි.
ඇය නැති දවසක
වුණත් අපට උදේ- දවල් දෙකටම සුජානිලගේ ගෙදරින් දානය වරදින්නේ නැත! එහෙම දවසට උදෙන්ම
නැඟිට සුජානි නංගී අපට උයා තබයි. එයාත් දැන් අපේම මිතුරියක් වුණාට අයස්මන්ත මහතාගේම
කාර්ය මණ්ඩලයේය. ඉන්නේ රෝහල පෙනෙන මානයේය.
ඉතින් ඔහොම සුහද හිත මිතුරු-මිතුරියන් සමඟ
හම්බන්තොටදී කෙරෙන ප්‍රතිකාර හොඳටම වැඩ කරයි. වෙදකම වගේම හෙදකමත් අපූරු හින්දාය ඒ.
ඔන්න මං එහෙම කිව්වාම හම්බන්තොට උදවිය සන්තෝසෙන් උඩ පනින්න එහෙම එපාය.
අලි-ඇතුන්
වගේ ඉන්න ඕනෙය. එහෙම කිව්වේ හිතා-මතාමවත් අලි-ඇත්තුන්ට අඟලක්වත් උඩ පනින්නට බැරි
නිසාය. (හම්බන්තොට ඉන්න අලින්ට වුණත් ඒ
තියරිය වලංගුද මන්දා!) ඒකටත් එක්ක බලුමැක්කෝ! උන්ට තමුන් වාගේ 200 ගුණයක් උඩ
පනින්නට පුළුවන්ලු.
ඔන්න, අපි කාට-කාටත් ආදුරුසේට ගන්න හොඳ උපදේශ
කවියකුත් තියෙන්නේ උඩ පැනිල්ල ගැන.... දන්නවා වුණත් ආයෙම මතක් කරගනිමුද ආයුබොවන්ලා.
බො
රැ ල් ලේ තරම දැනගෙන උඩ පනිනූ
ගො ඩැ ල් ලේ
තරම දැනගෙන ළිඳ කපනූ
ක
ඩු ල් ලේ
තරම දැනගෙන කද බඳිනූ
ත
ම න් ගේ
තරම දැනගෙන දවසරිනූ
උඩ පැන්නොත් බිම.......... |
ඔය කවිය නම් අපි දන්නෙමු. ඒත් නොදන්නේ අපේ
තරමය! අයස්මන්ත මහත්තයාත් ඒ වාගෙමය.
මං කියන්නේ, එයා තමන්ට තියෙන වැඩ කන්දරාව දන්නේ
නැත කියන කාරණාවය. ඒ නිසාම මං වගේ හැච්චො-බැච්චො සේරමලගේ උවන්දිරම්වලටත් කර ගහයි. ඒ
මිත්‍ර සම්පත්තිය උතුම් කොට සලකන හින්දාය. ඉතින් කොහොමද ට්‍රිප් යන්නේ?
ඒත් ගිය මාසේදිමයි මේක යෝජනා වුණේ; “මේක හරි
යන්නේ නෑ අයියේ. මේ වතාවේ බෙහෙත් ගන්න ආවාම, අඩුම තරමේ එදා රෑට විතරක් හරි ගල්
වෙන්න ඕනේ!” ඒ යෝජනාව ආවේ පීරිස් දොස්තර මහතාගෙන්.
නෙවිලුත් ‘හා’ කිව්වේ එක පයින්.
එයාලටත් එක දිගටම වැඩ, වැඩ, වැඩලු. “රස්සාවත් එපා වෙලා යන තරමට වැඩ!” කියලයි ඒ
හාදයා කියන්නේ.
වැඩ තිබ්බත්, කන්කෙඳිරි නොගා ඉඳ-හිටවත්
නිවාඩු හොයා ගන්නා ගවීනුත් stress එක නිවා ගන්නේ ‘කොහේ හරි’ යන එකෙනි. පිස්සු හොඳ
එක! කාට හරි, රස්තියාදුවට බර අපව එහෙම පෙනෙන්නත් පුළුවනිය.
ඒ අස්සේ දොස්තර මහත්තයා මට රහසකුත් කියාපි!
“අයියේ, එදාට මගේ ලෙඩ්ඩු ටිකකට පොඩි උපදේශන
වැඩ සටහනක් තියෙනවා. දැන් ඉන්න හුඟාක් ඇස් ලෙඩ්ඩුන්ට දියවැඩියාවත් තියෙනවාමයි.
බෙහෙත්වලින් විතරක්ම ඒක අඩු කරනවාට වැඩිය හොඳයි, කෑමෙනුත් ඒක control කර ගන්න එක.
දැන් අයියටත් ඒ මෙතඩ් එක හරි ගියේ. ඉතින් එදාට අයියාත් පොඩි ලෙක්චර් එකක් කරන්න
ඕනේ, ඩයබිටික් ලෙඩ්ඩුන්ට ගැළපෙන කෑම ජාති ටිකක් හදා ගන්න හැටි ගැන.... ඔයා හදන
ඩයට් එකෙන් නෙවිලගෙයි, ගවීන්ගෙයි බරත් අඩු වුණේ, මාස හයට කිලෝ තිහක්-තිස්පහක් විතර. එතකොට කැමති අය try කරලා බලයිනේ!”
කාට හරි හොඳක් වෙනවා නම් මොකට පස්ස ගහන්නද?
මම ‘හා’ කිව්වෙමි.
උපදේශන වැඩ සටහනේදී...... |
“ලොකුම වැඩේ, එදාට නෙවිලයි, ගවියයි දෙන්නවත් ස්ටේජ්
එකට නග්ගවමු. හැබැයි ඒ වෙලාව එනකල් අයියා මේක කාටවත් කියන්න බැහැ. ඔන්න දැන්මම
කිව්වා එහෙනං. මං දන්නවනේ නිමා කොලුවට රහසක් තියාගෙන ඉන්න අමාරු බව!”
අයස්මන්ත කීවේ ඇත්තය. මා හිටියේ කට
කොකිය-කොකියාය. ඒත් රහස නම් කිව්වේ නැත. අනතුරු ඇඟෙව්වා විතරය. මෙහෙමය. දවසක්
ගවීනුත් ඉන්නා විටකදීම නෙවිල් මොකක්දෝ එකකට මට පාරම් බෑවේය. මට යකා නැංගේය.
“තමුසේ
ඕනෙවට වැඩිය කට ගහගෙන ආවට බලනවා තමුසෙට වෙන දේ, තව සුමානයක් යන්න කලින්.”
“ඇයි, මට මොනවා වෙන්නද?”
“මං කිව්වට බලනවකො. තමුසෙගෙ ඔළුවේ ඉන්න
උකුණෝවත් දන්නේ නෑ නෙවිල් අනුරසිරිට වෙන්න යනදේ.” මා කීවේ එච්චරය. ඉතිරි ටිකත්
කියන්නටම හිතුණා වුණත් දත් මිටි කාගෙන නිස්සද්දව හිටියෙමි. (නෙවිල් වැඩියෙන් කැපී
පේන්නට ඉස්සරහට පනින වරිගයේ නොවේ! ලජ්ජාකාරයෙකි!!) සමහරුන් නම් පේවී ඉන්නේ අනුන්ගේ
ඔටුන්නක් අරන්, තමන්ම හරි දාගෙන නම- තැන ගන්නටය.
අනුන්ගේ ඔටුන්නක් හරි තමන්ම දාගෙන.......... |
දොස්තර මහත්තයාත් මා වාගේමය. කුණුහරුපෙන් බැන්නත් ගණනක් නැත.
“මොකක්ද පx ඔය හුxx වැඩේ?” කියලා නෙවිල්ට කියවුණාම අපි බඩ
අල්ලාගෙන හිනා වුණෙමු!
නෙවිල් එහෙම කිව්වේ, ‘මං හෙට උදේ දහය වෙද්දී කොළඹ ඉන්න ඕනේ
මචං.’ කියලා අයස්මන්ත කී වෙලාවේය. මට බෙහෙතුත් අරගෙන, සුජානි නංගිලාගේ ගෙදරින්
අවේලාවේ සප්පායම්වී ආපසු එන්නට සැරසෙන විටය අයස්මන්ත ‘කඩි ගුලට උණු අළු දැම්මේ’.
මගේ පෝස්ටු 75ක් කියවා ඇති නිසාම දැන් මා
කියන්නට යන්නේ මොකක්දැයි හිතාදර ඔබ දනී! ඔබ හරිය. සෙස්ස පස්සටය!
රෙද්දෙ මමාස් නේන්නං ... කතාව යන්නේ කොහේටද කියල මේ බලන්නෙ :)
ReplyDeleteදෙවෙනි කොටසත් කියෙව්වනේ. දැන් තේරෙනවා නේද කණ්ඩා?
Delete