මාස්ටර් බබ්ලාව දන්නවාද? මා නම් උන්නැහෙව
දැකලාවත් නැත. හැබැයි එයා ඉන්නේ අද්‍යතන ශ්‍රී ලංකාවේය.
මැජික් පෙන්වන..... |
මෙහෙම වෙලාවක මට නම් එහෙම වෙයි. ඒ විතරක්
නෙවෙයි, ප්‍රශ්නයකුත් ඇහෙයි! “තමුසේ එයාව දන්නෙත් නැත්නම්, දැකලත් නැත්නම්, එයාගේ
ප්‍රෝග්‍රෑම් එකක්වත් බලලත් නැත්නම් මොන ලබ්බක්ද මේ ලියන්නේ?”. සාධාරණය. එහෙම ඇහීම
100% ක්ම සාධාරණය.
අපට කරන්නට කියා අපේම චන්දයෙන්..... |
බලයට ආවාට පස්සේ..... |
මැජික් තුවාන් එයාගේ වටේට රැස්වෙන සෙනඟින්
කෙනෙක් ඉදිරියට අරගනියි. මෙන්න බොලේ, ඒ මනුස්සයාට චෝදනාවකුත් කරයි. “මගේ මැජික්
තොප්පියෙන් සල්ලි ගත්තා නේද?”. අර මනුස්සයා කරකවලා අත ඇරියා වාගෙය. ඒ අස්සේ මැජික්
තුවාන් ඒ කෙනාගේ අතින්, කටින්, ඇඳුමෙන්, ඔළුවෙන්, අතින්.... කොටින්ම කිව්වොත් හැම
තැනින්ම කාසි ඇදගෙන පෙන්නයි! සමහර වෙලාවට අර අපූරු මැජික් තොප්පියට කාසි වක්කරවයි! මැජික් තොප්පියට ඔබන
ලොකුම-ලොකු ලේන්සුවකින් පරෙවියෙක් අරගනියි.....
මුලින්ම තුවාන් මාමාගේ සල්ලි උල්පත් මැවීම දුටු විට නම් මං හිටියේ විස්මලන්තයේය. ඇයි දෙයියනේ මේ මනුස්සයා පේව්මන්ට් එකේ රස්සාවට එන්නේ? ඇති පදං සල්ලි මවාගෙන, ගෙදරටම වෙලා ‘ෂපාන් එකේ’ ඉන්න පුළුවනිනේ? මට හිතුණේ එහෙමය. අනේ, මගේ මැටි මොළේ.
මුලින්ම තුවාන් මාමාගේ සල්ලි උල්පත් මැවීම දුටු විට නම් මං හිටියේ විස්මලන්තයේය. ඇයි දෙයියනේ මේ මනුස්සයා පේව්මන්ට් එකේ රස්සාවට එන්නේ? ඇති පදං සල්ලි මවාගෙන, ගෙදරටම වෙලා ‘ෂපාන් එකේ’ ඉන්න පුළුවනිනේ? මට හිතුණේ එහෙමය. අනේ, මගේ මැටි මොළේ.
පරෙවියෙක්.... |
එහෙම කාලයකදී වුණත් ඉෂ්ඨ දේවතාවෝ අහක නොබලති.
මටත් එහෙම වුණේය.
එතකොට තාත්තා හිටියේ කොළඹ ඉස්පිරිතාලයේය.
වාට්ටුවකය. ත්‍රොම්බෝසිස් හින්දා තාත්තාගේ ඇඟිලි එකින්-එක, ටිකෙන්-ටික,
කෑල්ලෙන්-කෑල්ල කපා ඉවත් කරමින් උන් අවදියයි. ඒ අසනීපයෙදී වෙනවාය කීවේ ‘ලේ කැටියක්
යම් නහරයක හිරවී, එතනින් එහාට රුධිර ගමනය නැවතීම’යි. හිතන්නකෝ කකුලේ ඇඟිල්ලකය
කියා. ඔන්න, ඇඟිල්ල ක්‍රමයෙන් කළු පාට වෙන්න පටන් ගනියි. ඇදුම් දෙන්නට ගනියි.
වේදනා දෙන්නට පටන් ගනියි.
ඉතින් කරන්නේ ඒ ඇඟිල්ල කපා ඉවත් කරන එකය.
ඔහොම-ඔහොම ඔපරේෂන් හැට ගණනකට තාත්තා මැරෙන්නට පෙර මුහුණදී උන්නේය. තාත්තා ගෙදරට
වඩා හිටියේ ඉස්පිරිතාලයේය. හැබැයි, කලිනුත් පෝස්ටු ගණනාවකදී මා කියා ඇති විදියටම ගෙදර
ඉන්නා ටික කාලයේදී උපරිමයෙන්ම කාර්යබහුලව උන්නේය. දවාලටත් වඩා රාත්තිරියෙදී සක්‍රීයව
උන්නා වගෙය.කොතෙක් රෝගීව උන්නත් තාත්තා ලිංගිකව නම් රෝගීවී නොහිටියේය. ඒක පෙනුණේ ඒ
ටික දවසේදීම අපේ අම්මා ගැබ්බර වීමෙනි!
ඔහොම වකවානුවකදීය විපස්සී හාමුදුරුවෝ තාත්තාව
අඳුනාගෙන තිබුණේ. උන්නාන්සේ මොකක්ද සංවිධානයකින් ඉස්පිරිතාලයේ නේවාසික රෝගීන්ට
එක-එක ආධාර ලබා දුන්නේලු.
රේඩියෝ සිලෝන් එක ඒ දවස්වල ... |
කුප්පි ලාම්පු එළියෙන්.... |
ඒ සංදියේ කිසිම කඩයක, හෝටලයක තියා සාමාන්‍ය
ගෙදරකවත් උදවිය වෙළෙඳ සේවය මිස ස්වදේශීය සේවය ඇහුවේ නැත. ඒක ඇහුවේ ‘බණ’ යන වෙලාව වගේ
විශේෂ අවස්ථාවල පමණි.
ඕනෑම කෙනෙකුට තමන්ගේ ප්‍රථම ප්‍රේමය අමතක
වෙන්නේ නැතිලු. මං හිතන්නේ ප්‍රථම අත්දැකීම ගැනත් ඒ තියරිය වලංගු වෙනවා කියලාය. ඊට
පස්සේ ගුවන් විදුලි වැඩ සටහන් කිහිපයකට සහභාගි වුණත්, පස්සේ එව්වා ඇහුවත් මොකටද,
පළමුවෙනි එක ‘මිස්’ වුණකොට! එතනදී නම් ඉටු දෙවිවරු මා දිහා බැලුවේ නැත.
වයස අවුරුදු පනහක විතර කෙනෙක් හිතින්
මවාගන්න. වැඩිය උස නැත. තරමක් පුෂ්ටිමත් සිරුරක් ඇති ඔහුට තියෙන්නේ ලොකු තට්ටයකි;
වටේට විතරක් සුදු කෙස් වළල්ලක් එක්කය. කරුණාබර, ප්‍රසන්න මුහුණ දකින ඕනෑම කෙනෙකුගේ
හිතට සැනසිල්ලක් දෙවයි. මේ කිව්වේ ඒ දවස්වල 118 රූට් එකේ දිව්ව බස් එකක රියදුරා
ගැනය.
නුගේගොඩ සිට දෙහිවලට; කළුබෝවිල හරහා දිව්වේ ඒ
බස් එකය. මේ ඩ්‍රයිවර් මහත්තයා බස් එකට නඟින හැම කෙනෙකුටම ‘තෙරුවන් සරණයි’ කියා
ආසිරි පතයි. ඒ නිකම් ‘ලාචෝරු’ ආටෝපයට කරන සුබ පැතිල්ලක් නොවේ. බොක්කෙන්ම
කෙරෙන්නකි.
ඒ මදිවාට ඔහු බස් එකට නඟින දරුවන්ටත් එහෙම
සුබ පතන්නැයි කියා උගන්වයි. අද ඉන්නා මඟමරු මාතලීලාටත් ඒ ‘මහාත්මයා’ දකින්නට
සැලැස්විය හැකි නම්! දැන් ඉන්න අපට කොහෙන්ද එහෙම මහා ආත්ම, චූල ආත්ම මිසක්?
චූල කිව්වාමය මතක් වුණේ, දැන් රුපියලේ
කාසියත් අප ගණන් ගන්නේ නැති වග.
ටිකට් කඩන මැෂිමයි, කලින් මුද්‍රිත සත පහේ ටිකට් එකකුයි |
දන්නවද, ඒ දවස්වල නුගේගොඩ සිට කළුබෝවිලට full
ticket එක සත පහකි. අතින් කරකවා ටිකට් කඩන මැෂිමේ කැඩිය හැක්කේ සත පහේ සිට ඉහළට
විතරය. නමුත් කලින්ම අච්චු ගහලා තියෙන ටිකට්වල සත තුනේ ටිකටුත් තිබුණේය. ඉතින්
ළමයිනුත් එක්ක කළුබෝවිලට යන ගොඩ දෙනා කොන්දොස්තර ළඟ තියෙන්නේ ටිකට් කඩන මැෂිමක්
නම් ඒ බස් එකට නඟින්නේ නැත. වෙන එකක් එනතුරු සිටියි. මාත් එහෙමමය. එක ගමනකදී සත
දෙකක් වුණත් වැඩියෙන් වියදම් කරගත්තෑකිද?
කෙනෙකුට මෙය කුම්මැහිකමක් හෝ ලෝබකමක් ලෙසින්
පෙනෙන්නටත් ඉඩ ඇත.
මෙන්න මෙතැනදී නම් කියන්නටම වෙන්නේ අදටත් ඒ
පුරුද්ද මගෙන් ඈත්වී නැති බවයි. සම්පත්වලින්
උපරිම ප්‍රයෝජන ගැනීමට හුරු වීම වරදක්ද?
මම කලිනුත් කිව්වෙමි. එකම ෂොපින් බෑගයක්වත්,
අවම වශයෙන් දෙවරක්වත් පාවිච්චි නොකොට විසි කිරීම මගේ සිරිත නොවේ. හැමදාම නාන
විටදී, සබන් මිශ්‍ර නොවනසේ වතුර එකතුකොට ඒවා මිදුලේ ගස්වලට දාන්නෙමි. කුස්සියේ
පාවිච්චි කරන වතුරත් එහෙමය. පේපර් සර්වියට්ස් වෙනුවට සෝදා නැවත පාවිච්චියට ගත හැකි
රෙදි අත පිස්නාය අපේ ගෙදර ඇත්තේ. මා තේ හදන්නට වතුර උණු කරන්නේ අවශ්‍ය කෝප්ප ගණනට
පමණක් වතුර රත් කරලාය. අප මේ ඉවක්-බවක් නැතිව කරන්නේ අපේ සම්පත් විනාශ කිරීමක් නොවේද?
මා අරපිරිමහන්නේ ‘අප දැනටමත් අනාගත පරම්පරාවේ
සම්පතුත් අපේම පාවිච්චියට ගන්නා බව’ සිතමිනි. අප පරිසරය රැක ගත යුතු බව මෙනෙහි
කරමිනි. මීතොටමුල්ලේ වැනි කුණු කඳු ඛේදවාචක නිර්මාණය කරන්නේ අප බව අමතක නොකරමිනි.
අපිම හදන අපව නසන කුණු කඳු.... |
ලෝකයේ කුණුවලින් 10% ක්ම පොලිතින්,
ප්ලාස්ටික් බවත්, එව්වායෙන් 50% ක්ම එකම එක වාරයක් විතරක් පාවිච්චියට අරන් වීසි කර
ඇති බවත් යළිත් මතක් කර ගනිමිනි. අපේ මහ ලොකු සංවර්ධනය මේකද? අල්පේච්ඡතාව දුරලා
අධිපරිභෝජනයට හුරුවූ සමාජයකය අප ඉන්නේ!
අධිපරිභෝජනය! අදත් එක්ක සසඳද්දී නම් වැඩිම
දෙනෙක් ඒ කාලේ කළේ කෑම නෙවේ, ලෙව කෑමය. අපිත් එහෙමය.
ඒක අවුරුද්දට වුණත් එහෙමය. ඒ දවස්වල, අප්‍රේල්
මාසය පටන් ගන්නටත් පෙර මට අතිකාල කරන්නට වෙයි. මගෙම කොම්පැනියනේ, වැඩියෙන් වැඩ
කළත් පඩියක් නැත. එහෙම වැඩ කරන්නට වෙන්නේ අවුරුදු කන්නට කීයක් හරි හොයාගත යුතු
නිසාය. අලුත් ඇඳුමක් මසාගත යුතු නිසාය. හිතුවේ මට විතරක් කියලාද? අපි සේරටමය.
ඇඳුමක් කිව්වාම ගැලපෙන චීත්ත රෙදිවලින් මහන කමිසයක්ය. මැහුම් කුලියක් නැත්තේ
අම්මාම මහන නිසාය. (මගේ පෝස්ටු හැමෙකක්ම කියවන; එව්වාට කමෙන්ට්ස්වලින් යමක් එකතු
කරන සිරිබිරිස් උන්නැහේ, මේ කාරණය හරිද බලන්න. හොඳේ? ඒ දවස්වල චීත්ත යාරයක් රුපියල්
2.65කි. බ්ලූ ලයින් චයිනීස් පොප්ලින් යාරය 2.12කි.)
මගේ චීත්ත කමිසයක්.... |
මේ තියෙන්නෙත් එහෙම චීත්ත රෙදිවලින් අපේ
අම්මා මසා දුන් කමිසයකි. හැබැයි අම්මා අපේ තාත්තාව කසාද බඳිද්දී නම් මැහුම් ගෙතුම්
වැඩ මොකවත්ම බැරිලු. “අනේ බින්තැන්නේ එවුන් දන්නා මැහුම්! මෙයාලා ඒ දවස්වල රෙදි
කැපුවේ මන්නෙන්.” ඒක නම් තාත්තාගේ අතින් දමා කීමක් වෙන්නට ඇති.
මා දන්නා විදියට නම් අම්මා ගෙතුම් වර්ගවලින්
දැනගෙන හිටියේ ‘වූල් ගෙතීම’ විතරය. ඒක නිච්චියටම මතක මේ කතාව හින්දාය.
අපේ අහේනි කාලයේ එක සුමානයක කූපන් හාල්
ගන්නටවත් අපට සල්ලි තිබුණේ නැත. “රංජි, උඹ ගිහිල්ලා නුගේගොඩ ඇන්ටිගෙන් මං කිව්වා
කියලා රුපියල් පහක් ණයට ඉල්ලාගෙන වරෙන්. කියපන් ලබන සුමානේ දෙනවා කියලා.” අම්මා
එදා එහාට යැව්වේ මාවය. (අපේ කුළුඳුල් නාට්‍යය පෙන්වන දවසේ සේරමල්ලාට තම්බලා
දුන්නෙත් නුගේගොඩ ඇන්ටිලාගේ කොස් බව ‘අජාසත්ත’ පෝස්ටුවලදී ලිව්වෙමි.)
මාත් එහාට ගිහින් යාප්පුවෙන් අම්මාගේ පණිවිඩය
කිව්වා විතරය. නුගේගොඩ ඇන්ටි ගස්සාගෙන ගෙට ගියාය. “එහෙනම් ඔහොම ඉන්නවකෝ රංජි, මං
දන්නවා, ඔය ලීලා ඉල්ලලා එවන්නේ මට වූල් ගොතන්න කියලා දීපු එකේ කුලිය තමයි!” එහෙම
ආඩපාලි කිව්වත් ඇය ආපහු ආවේ රුපියල් පහක් දික්කරගෙනය. “අම්මට කියනවා මේක වූල්
ගොතන්න ඉගැන්නුවට කුලියයි කියලා. ණයක් නෙවෙයි කියලා!”.
නුගේගොඩ ඇන්ටිලාගේ ගහේ...... |
වූල් ගෙතිල්ල නිසා නොවෙතත් මැහුම් නිසා අපේ
ජීවිත සහමුලින්ම වෙනස් මඟකට යොමු විණි. අනෙක් පැත්තෙන් රේන්ද ගෙතිල්ල හින්දාය.
මැහුවේ අම්මාය. රේන්ද ගෙතුවේ මාය. ඒ කතන්දරවලට එන්නට නම් මේ කතාන්දරය; පේව්මන්ට්
එකේ රජවුණු කතාන්දරය අහවර කළ යුතුය. වෙනස්ම මිනිසුන් හමුවෙන්නට ඉඩ ලැබුණු තවම නොකී කතාවකුත් කියලා ඉන්න ඕනෑය.
1966 වසරේ වෙසක් මාසයේ අවසන් සතියේ මුල සිට
1970 මාර්තු විතර වෙනතුරු මම එසේ රජ වුණෙමි. (70 වේ මහ මැතිවරණය තිබුණේ මැයි මාසයේය. මා ගණන් හැදුවේ ඒ මතය.)
වෙනස්ම මිනිසුන් හමුවෙන්නට ඉඩ ලැබුණු......... |
මා පේව්මන්ට් රස්සාවට ආයුබෝවන් කිව්වේ ඉතාමත්
හදිස්සියෙනි. රණසිංහ ලී මුදලාලිත්, ගුරුලා මුදලාලිත් ඒ සමුගැනීමට මඟ පෑදූහ. ජිනදාස
නියතපාල මහතාත් එහි සෑහෙන කොටස්කාරයෙකි. සේරටමත් වඩා mpm. (තවමත් මහරගම දිවි ගෙවන
mpm ගැන අන්වර්ථව; නම හංගා ලිවීමෙන් මට නිදහසේ ලියන්නට හැකිය.)
‘දියෙන් හැදෙන ලුණු නැසෙන්නෙත් දියෙනි’ කියා
කතාවක් තිබේ. කට නිසාම පේව්මන්ට් එකේ රජ වුණු මා කට නිසාම ඊට සමුදුන් හැටි ‘මඩ
ගොහොරුවක පචවී’ පෝස්ටුවලින් කියන්නම්! ඔයාලා ඒකත් කියවනවා නේද?
පසුවදන:
තාත්තේ, ඔයා මට කිව්වාටත් වඩා දෙයක් මම කළෙමි. ඉස්පිරිතාලය ළඟට ගිහින් මගේ අතීතය කියා, නොමිලයේ කවි පොත් ටිකක් බෙදනවාට වඩා මේ ක්‍රියාව පුළුල්ය. එය සුළඟේ යන එකකි. ඔයාගේ කාලයේදී මෙවන් දේවල් ගැන හිතන්නටවත් හැකියාවක් තිබුණේ නැත. ඒත් 'රංජි' මුල අමතක කරන්නේ නැත.
තිස්සෙම ඔබ කියූ අයුරින් 'ඇත්ත කියන්නත් බිම ඉඳගන්නත්' මා බිය නැත. ඒ හින්දාම මගේ ජීවිත කතාවම මෙලෙස ලියන්නෙමි. අද හෙට මා මිය ගියත් අනිද්දාත් කෙනෙකුට මෙව්වා කියවන්නට පුළුවන්ය. ඒක වැඩිය හොඳයි නේද?
අද ඔබ කොහේදැයි මට හිතාගන්නටවත් බැරිය. ඒත් මගේ හිතේ නම් ඔයා තවමත් රජවී හිඳියි. පුළුවනි නම් මේවා කියවලා බලලා සැරෙන් හරි හොඳ නරක කියන්න!
ඒ වාගේමය. පුරා අවුරුදු හතරක් තිස්සේ පේව්මන්ට් එකේදී, පොළේදී, පින්කම් පොළේදී හෝ ඉස්කෝලයකදී මට උදව් කළ; සත පහකින් හෝ ආධාර කළ ඒ හැමෝටමත් මේ පුදන්නේ මගේ හද පිරි භක්ත්‍යාදර ස්තුතියයි! ෴
පසුවදන:
තාත්තේ, ඔයා මට කිව්වාටත් වඩා දෙයක් මම කළෙමි. ඉස්පිරිතාලය ළඟට ගිහින් මගේ අතීතය කියා, නොමිලයේ කවි පොත් ටිකක් බෙදනවාට වඩා මේ ක්‍රියාව පුළුල්ය. එය සුළඟේ යන එකකි. ඔයාගේ කාලයේදී මෙවන් දේවල් ගැන හිතන්නටවත් හැකියාවක් තිබුණේ නැත. ඒත් 'රංජි' මුල අමතක කරන්නේ නැත.
තිස්සෙම ඔබ කියූ අයුරින් 'ඇත්ත කියන්නත් බිම ඉඳගන්නත්' මා බිය නැත. ඒ හින්දාම මගේ ජීවිත කතාවම මෙලෙස ලියන්නෙමි. අද හෙට මා මිය ගියත් අනිද්දාත් කෙනෙකුට මෙව්වා කියවන්නට පුළුවන්ය. ඒක වැඩිය හොඳයි නේද?
අද ඔබ කොහේදැයි මට හිතාගන්නටවත් බැරිය. ඒත් මගේ හිතේ නම් ඔයා තවමත් රජවී හිඳියි. පුළුවනි නම් මේවා කියවලා බලලා සැරෙන් හරි හොඳ නරක කියන්න!
ඒ වාගේමය. පුරා අවුරුදු හතරක් තිස්සේ පේව්මන්ට් එකේදී, පොළේදී, පින්කම් පොළේදී හෝ ඉස්කෝලයකදී මට උදව් කළ; සත පහකින් හෝ ආධාර කළ ඒ හැමෝටමත් මේ පුදන්නේ මගේ හද පිරි භක්ත්‍යාදර ස්තුතියයි! ෴
පේව්මන්ට් එකේ රජවී කතා දහයම එක දිගටම කියෝගෙන ආව. බලාගෙන ගියාම නිමල් අයිය මාර පොරක් නෙ. මේ කතාවනං පොතක් ගහන්න වටිනව.
ReplyDeleteස්තුතියි ප්‍රසන්න.
ReplyDeleteපොතකට නම් කරන්න වෙන්නේ මං ගියාට පස්සේ, මොකද මුළු ජීවිත කතාවමනේ බ්ලොගයේ ලියන්නේ, තැනින් තැන.
හම්මේ ... මේ පංච තන්තරේ කොහෙන් පටන් අරගෙන කොහෙන් ඉවර වෙයිද කියල තේරෙන්නෙ නෑ :O
ReplyDeleteගලන ගඟකි ජීවිතේ - දයාලූ ලෝකයේ!
Delete