ඒ මැතිවරණයේදී....... |
එය ඇත්තකි. අනෙක් කාරණය අනුන් විවේචනය කිරීම ගැනය. එහෙම කරන තරමට හතුරන් වැඩි වෙයි. වැරැද්ද විවේචනය කිරීම එකකි. වැරැදිකරුවා විවේචනය කිරීම තවකෙකි.
එහෙම බලද්දී, රැස්වීම්වලදී මා කිව්වේ මොනවාද
කියා හිතන්නටවත් අමාරුය. හැබැයි මා තාත්තාගේ අවවාදයට පිටින් නොගිය බව නම් හොඳටම
මතකය.
එහෙම කරලාත් ස්ටැන්ලි මහත්තයාට මං වාගේ පඟර නැට්ටෙකු දැවැන්තයෙක් වාගේ
පෙනුණේ කොහොමද? “... අර මහරගම හිඟන කොල්ලා අලියාගේ වලිගෙ එල්ලිලා ගිහින් නන්නත්තාර
වෙන්නේ මේ ඉලෙක්ෂන් එකෙන් තමයි.” එතුමා
රැස්වීම් කිහිපයකදීම මට බැණ හඬගා තිබුණේ එහෙමය.
එනිසාම ‘හිඟන කොල්ලා’ ලෙසින් අමතර ප්‍රසිද්ධියකුත්
මට ලැබුණේය.
අත්තනගල්ලට unpයෙන් තරග කළ ජේ.ආර්.පී.
සූරියප්පෙරුම මහත්තයා සටන් කළේ පරාජය අතේ
තියාගෙන වගේය. අත්තනගල්ල බණ්ඩාරනායක පවුලට සින්නවූ ආසනයක් වුණි. දැදිගම unp එකට
ගිහින් තිබුණේත් එහෙමය.
ආර්.ජී.සේනානායක, පිලිප් ගුණවර්ධන, ඇන්.ඇම්.පෙරේරා, සී.පී.ද
සිල්වා, විජයානන්ද දහනායක වාගේ ගොඩ දෙනා සමඟ තරග වැදුණු අය එහෙම කළේ පරදින්නටම
බලාගෙනය. නැතිනම් එය ගල උඩ සටනක් වෙන බව දැනගෙනමය.
එදා සිරිමාවෝ බණ්ඩාරනායක
මැතිණියටත් තිබුණේ එහෙම වාසි තත්වයක් බව රහසක් නොවිණි. එහෙම තියෙද්දීත් සූරියප්පෙරුම
මහතා රැස්වීම්වලදී කතා කළ අපූරුව..... දැන් නම් මට රහස තේරෙයි. පරාජය ඒකාන්ත වුණත්
කටින් ගහන්නට ඕනෑය. ජයගන්නා අයගේ වැඩි චන්ද සංඛ්‍යාව හෝ අඩු කරගැනීමත් ලොකු ජයග්‍රහණයකි.
‘හොරගොල්ලේ වලව්ව දැන් ගරා වැටෙන එකකි. එහි
විභූතිය ඉවරෙටම ඉවරය. දැන් ඔවුනට ඇත්තේ නාටු පොල් වතු ටිකක් පමණි. ඒවා කොච්චර
නිසරුද කියනවා නම් අක්කරයක පොල් ගස්වලින් කැඩෙන පොල්වලින් තෙල් බෝතලයක්වත්
හිඳගන්නට බැරිය!’
මැතිණියට ගහන්නට 1970වේදී ජේ.ආර්.පී. එවැනි අදහස් තියෙන කතා කීවේ
හරිම උජාරුවෙනි. එතකොට ලැබුණු අත්පොලසන් නාදය හින්දා මං හිතුවේ ඔහුගේ ජය ස්ථිර
බවය. ගෙදර ආ විටෙක මං ඒ බව ආච්චීටත් කිව්වේ ඇය විස්තර අහන වෙලාවකය.
ඇන්.ඇම්,පෙරේරා, සී.පී.ද සිල්වා, ආර්.ජී.සේනානායක, විජයානන්ද දහනායක, පිලිප් ගුණවර්ධන වාගේ ...... |
“දිනයි, දිනයි. යකෝ බණ්ඩාරනායක මහත්තය වළෙන්
නැඟිටලා එයි මැතිණි පරාද වුණොත්. unpකාරයො හිතාගෙන ඇති දිනන්න. මේ කපේ නම් ඒවා
හරියන්නෙ නැහැ පුතෝ. උඹත් නිකං සවුත්තු වෙනවා.”
ආච්චී මගේ ඇඟට ගොඩ වුණේ එහෙමය. මා කළේ මට අහන්නට ලැබුණු දේ කීම විතරය. “ඩඩ්ලිට කොන්ද පණ නැහැ. ඉතින් කොහෙද දිනන්නේ?” ආච්චී පරල වෙලා වගේ මගෙන් කෝන්තරත් අහයි.
ආච්චී මගේ ඇඟට ගොඩ වුණේ එහෙමය. මා කළේ මට අහන්නට ලැබුණු දේ කීම විතරය. “ඩඩ්ලිට කොන්ද පණ නැහැ. ඉතින් කොහෙද දිනන්නේ?” ආච්චී පරල වෙලා වගේ මගෙන් කෝන්තරත් අහයි.
“අනේ අම්මේ, රංජිය දන්න දේශපාලනයක් තියෙනවද?
බණ්ඩාරනායක මහත්තයට සෙවල බණ්ඩා කිව්වේ නිකම්මද. අම්මා කෑගැහුවට වැඩක් වෙන්නෙ නැහැ...
මේ සැරේ ශ්‍රී ලංකා එක පරාදයි. මැතිණිලටයි යන-එන මං නැතිවෙන්නේ.” තාත්තාත් මැදිහත්
වුණාම කතාව දුරදිග යයි.
“රංජිය දේශපාලනේ දන්නැත්තං කොහොමද යකෝ
රැස්වීම්වල කතා පවත්තන්නේ?" ආච්චී ඇහුවේ අපේ තාත්තා නිරුත්තර කරවන්නටය.
මේ කපේ නම්.......... |
‘දන්නැත්තං’ කියලා කොටද්දී මරු කතාවක් මට
මතක් වුණි. මෙව්වා මට කියන අය ගැන තොරතුරු නම් ‘අම්මේ මුත්තේ’ කිව්වත් කියන්නේ
නැත. එතනදී මං හිමි කරගන්නේ මාධ්‍යවේදීන්ට ඇති නිදහසයි.
(එහෙම එකක් හැබෑවටම තියෙනවාද කියන එක වෙනම කතාවකි. තිබුණත් ඒක හැබෑ ලෙසම පාඨකයන් වෙනුවෙන් පාවිච්චි කරන්නට තරම් වෙන ශක්තිමත් කශේරුකාවක් බොහෝ දෙනාට තියෙනවාද කියන එකත් වෙනම කතාවකි.)
(එහෙම එකක් හැබෑවටම තියෙනවාද කියන එක වෙනම කතාවකි. තිබුණත් ඒක හැබෑ ලෙසම පාඨකයන් වෙනුවෙන් පාවිච්චි කරන්නට තරම් වෙන ශක්තිමත් කශේරුකාවක් බොහෝ දෙනාට තියෙනවාද කියන එකත් වෙනම කතාවකි.)
මට මතක් වුණේ ‘තන්’ ගැන විත්තියකි. මේ ඒකය.
තන් වර්ග පහකි. එක ‘නොතන්’ය. දෙක
‘බොත්තන්’ය. ඒ දෙවර්ගය ගැනම කතා කරන්නට තරම්වත් දෙයක් නැත. ලෑල්ලට පෑගුවා වගේය.
නමට විතරය. තුන්වැන්න නිතරම අප දකින ‘තන්’ය. අප දකින්නේ කිව්වාට එහෙම දකින්නට
ලැබෙන්නේ තිසර පටවලින් ආරස්සාවී, හැඩගැන්වී ඇති සාමාන්‍ය එව්වායි.
හතර ‘පතන්’ය. එව්වාට හතරවරං දෙයියන්ගේම පිහිටාරස්සාව ලැබේවා! ප්ලාස්ටික් සර්ජරි කරලා හරි, පෑඩඩ් බ්රෙසියර්වල උදව්වෙන් හරි ‘ලලනාවන්’ මවා පෙන්වන්නේ ඒ වර්ගයයි!
ඊළඟට ඇත්තේ
ෆයිව්ය. ආන්න ඒ වර්ගයට කියන නම ‘නොපතන්’ය. නොපතන්-නොදෝමකින් කියලා නම් කියන්නට හොඳ නැත. (මගෙන් මංගල යෝජනාවක්
පෝස්ටුවෙදී ‘රංජි’ ගැන කියද්දී එහෙම දඩ සයිස් එකක් ගැන
කිව්වෙමි. හුදී දනෝ එහෙම එව්වා ගැන කියන්නේ විශේෂ කතාවකි. ‘ගමකට කිරි දෙන්න පුළුවනි’ කියලාය.) කොච්චර වයසට ගිය පුරුෂයෝ වුණත් ‘නොපතන්’
දකින්නට වඩා 'පතන්' දකින්නට රුචි ඇත්තෝ වෙත්.
‘දන්නැත්තන්’ වගේ කතන්දරවලට ආච්චීත් අපේ
තාත්තාත් නිතරෝම පැටලුණත් අපේ සීයා නම් ඔව්වා එකකටවත් සම්මාදම් වෙන්නේ නැත.
“කවුරු ආවත් වෙන්නේ අපට කෙළවෙන එක විතරයි ළමයෝ.” ඔහු ඒ ටික කියන්නෙත් හීන් සීරුවේය. ආච්චීට හෝ තාත්තාට හෝ නෑසෙන්නටය. සීයා චන්දය දුන්නේ කාටද කියලාවත් අප කාටවත් කීවේ නැත. “රහස් චන්දෙ කියන්නේ ඒකනේ!” සීයා කිව්වේය. එහෙත් ඒකෙන් වුණේ සීයාට දෙපැත්තම නැති වීමය.
“කවුරු ආවත් වෙන්නේ අපට කෙළවෙන එක විතරයි ළමයෝ.” ඔහු ඒ ටික කියන්නෙත් හීන් සීරුවේය. ආච්චීට හෝ තාත්තාට හෝ නෑසෙන්නටය. සීයා චන්දය දුන්නේ කාටද කියලාවත් අප කාටවත් කීවේ නැත. “රහස් චන්දෙ කියන්නේ ඒකනේ!” සීයා කිව්වේය. එහෙත් ඒකෙන් වුණේ සීයාට දෙපැත්තම නැති වීමය.
“යන්න තාත්තේ යන්න. තාත්තත් ඉතින් අම්මගේ
පැත්තටනේ....” අපේ තාත්තා සීයාව හෙළා දැක්කේ එහෙමය.
රහස් ඡන්දය ලකුණු කර ඇති ඡන්ද පත්‍රිකා සහිත පෙට්ටි.... |
“ලෝකේ පලවෙනි අගමැතිනිය වෙලා රටට අරන් දීපු
නම්බුව විතරක්ම ගණන් ගත්තත් ඇති නේද මැතිනිට චන්දෙ දෙන්න. කොහෙද, ඔහෙටත් අර
unpකාරයො ලොකු වෙලා. කෙළෙහිගුණයක් නෑ.” ආච්චී සීයාට ගතු කිව්වේ එහෙමය.
ඒ විදියට
බලද්දී නම් ‘ස්වාධීන වීමත්’ හෙණ ගහන අපරාධයකි! අදත් සිද්ධ වෙන්නේ ඒකම එක-එක
විදියෙන් repeat වීමය. තමුන්ට පක්ෂ වෙයි නම් කොයි පිංගුත්තරයාත් බෝධිසත්වයෙකි;
ජාතිහිතෛෂියෙකි. විරුද්ධ වෙන එකා දේවදත්තයෙකි! ජාතිද්‍රෝහියෙකි! පන්දහසක් කල්
බුද්ධාගම රැකෙන රටේ ‘මධ්‍යස්ථ ප්‍රතිපදාවට’ නෝ ප්ලේස්ය.
හැත්තෑවේ දේශපාලන රැස්වීම්වලට ගියායින් මට
ලැබුණු ලොකුම වාසනාවක් ලෙස මා සලකන්නේ එඩී-රුක්මණී යුවල ඉතාමත් ළඟින් දැකගන්නට
ලැබීමයි. ඇත්තටම කීවොත් දැන් නම් නළුවන් ‘නලු බට්ටන්’ ගානට වැටිලාය. නිළියන් ‘බාසා
වෙඩු’ වෙලාය. ඒ විහින්මය.
“නිතරම දකින්න හම්බ වෙද්දී අගයක් නැතිව
යනවා. නළු- නිළියෝ වුණාම හැම තිස්සෙම දකින්න ඉන්න හොඳ නැහැ!” ඒ කාලයේ පිළිගත්
දර්ශනය වුණේ ඒකය.
එඩී ජයමාන්න සහ රුක්මණී දේවී....... |
එඩී-රුක්මණී දෙන්නාම එවිටත් වියපත් අය වුණත් ‘ග්ලැමර්’ එක අඩුවී
තිබුණේ නැත. ඔවුන් දකින්නට රසිකයෝ පොර කෑහ. එහෙම අවදියකදී පික්චර් පිස්සෙකුවූ මට
ලැබුණු ඒ චාන්ස් එක අමිල එකකි. රැස්වීම් දෙකකදීම, වේදිකාවේ ඔවුන් සමීපයෙන්ම වාඩිවී
හිඳීමේ භාග්‍යයත් මට ලැබිණි.
මට ඒ වාගේ පොට්ට චාන්ස් කඩා වැටුණත්, unp එක
මැතිවරණයෙන් පරාද වුණේය.
මහරගම පමුණුව පාරේ ළමා නිවාස දෙකකි. දෙකම
අදත් වැජඹෙයි. එකක් දැන් ‘පිරිමි ළමා සංවර්ධන මධ්‍යස්ථානය’ වෙලාය. ඒක නම් ටක්කෙටම
කියන්නේ අල්ලපු වැටේ තියෙන නිසාය. අනෙක ‘සුචරිතෝදය’යි. මට මතක හැටියට නම් ඒ කාලයේ
එහි පාලිකාව වී හිටියේ ‘ලුසක්කා’ය. එයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහරගම
කෙරුම්කාරියකි. මැතිවරණය දිනුදා සිට දවස් දෙකක්ම මහරගම පුරා පෙළපාලි යද්දී ලොරිවල
පටවාගෙන ගිය කිතුල් අතු තිබ්බේ සුචරිතෝදය නිවාසේලු!
ඉස්සර පමුණුව පාර කෙලවර වුණෙත් සුචරිතෝදය එක
ළඟින්ය. ශ්‍රී ජයවර්ධන පුර නව රෝහල එනවාත් එක්කම වාගෙය, වෙල්යාය මැදින් පාර
දික්වුණේ.
නියතපාල මහත්තයාට සපෝර්ට් කිරීමේ වරදට mpm
මාමාටත් දඬුවම් ලැබිණි. එයා රස්සාව කළේ මහරගම CTB ඩිපෝවේය. ඉලෙක්ෂන් එක ඉවරවී වැඩට
ගිය unpකාරයන්ව කළුතෙල්වලින් නහවා ගෙදර යවා තිබ්බේ දිනාපු උදවියගේ හෙන්චයියලාය. මට
මතක හැටියට නම් mpm මාමා රස්සාවට නොගොහින්ම ගෙදර නතරවී ‘කළුතෙල් ස්නානයෙන්’
බේරුණේය.
දේශපාලන පළිගැනීම්....... |
දැන් අපට, අපේ පවුලට කාගෙ හව්හරණයක්ද?
නියතපාල මහත්තයා පරාදය. තලගුණේ මහත්තයා පරාදය. සූරියප්පෙරුම මහත්තයා වගේ හැමෝමත්
පරාදය....... මටත් වැඩියෙන් අසරණවී උන්නේ තාත්තාය. “මොකද රංජි කරන්නේ?” හරි
උත්තරයක් මා ළඟ තිබුණේත් නැත. ඒත් අතිපණ්ඩිතකමට, මම එක තීන්දුවක් නම් අරගෙන
තිබුණෙමි.
‘ආයෙමත් පේව්මන්ට් රස්සාවට යන්නට නම්
බැරිය!’ එහෙත් ජීවිතය නම් වන පියගැට පේළියේ නඟින්නට ඇති පඩි සංඛ්‍යාව සුළු නැත!
ජීවිත පඩි පෙළේ පියනැඟීම පහසු නැතත්......... |
“ඒ මොකෝ?” මගේ තීන්දුව කිව්වාම තාත්තා
ඇසුවේය. “.... මොනවා හරි කරන්නත් එපායැ.” ඒකට අටුවාව ඊළඟ කොටසින්......!
රුක්මණී දේවි ගැන ලොකුවට වර්ණනා කරත් ඒ ඇයි කියල මට තේරෙන්නෙ නැහැ ... පිරිමි ගැහැණු අතරමැද කටහඬකින් සින්දු කියපු පුයර බෝලයක් කියලමයි මට පේන්නෙ ... ඒ වගේම එඩී එයාට අඩන්තේට්ටම් කරා කියල කට කතාවක් පරණ කෙනෙක් කිව්ව මතකයි කවුද කියල මතක නැහැ.
ReplyDeleteඅනේ කණ්ඩා, මට නම් රුක්මණී දේවියගේ වගේ ශෝකී; මන්ද්‍ර ස්වරයෙනුත් ගායනා කළ හැකි වෙනත් ගායිකාවකගේ හඬක් සිහියට එන්නෙම නැහැ.
Deleteහැබැයි ජීවිතයෙනුත් ඇය ගොඩක් බැට කෑවා.
එළිපිට නොකියවුනාට එදීගේනිත් වෙනස්කම් වුණා කියන එකයි පස්සේ නොකියා කියවුනේ. රුක්මනීගේ ජීවිත කතාව තමා 'සුනිල් ආරියරත්න''සිරස'පටන්ගත් කාලේ ටෙලියකට කළේ. කීර්ති පැස්කුවෙල්, වසන්ති චතුරානි ප්‍රධාන චරිත කළේ. මට නම නං මතක 'වෙස්' වගේ. කීර්ති - නැන්දා මාලිනී ගයන 'පූජනීයවූ ප්‍රේම ප්රාසාදේ- චන්ද්‍රයා සේ පායලා ' ගීය තිබුණෙත් එකේ.
ගුරුලා බෙකරි එක ගැන මොනවද දන්නේ
ReplyDeletesasithas@gmail.com
මම දැනගෙන හිටියේ ගුරුලා මුදලාලි ගැනයි.
Deleteඒකත් අවුරුදු පනහකටත් එහා. ඒ මහත්තය මිනුවන්ගොඩ මැඩෑමුල්ලේ හිටි බවත් මතකයි. එතුමාටදරුවන් කිහිප දෙනෙකුමත් හිටියා.
Delete