මට කලින් 'විද්‍යා ශිෂ්‍ය සංගමයේ සභාපති' වෙලා හිටියේ....... |
ඔහොම යද්දී....... 1970 වසර සඳහා, පාසලේ ‘විද්‍යා
ශිෂ්‍ය සංගමයේ සභාපති තනතුර’ මට ලැබුණේය. මට කලින් ඒ තනතුර දැරුවේ හෙක්ටර් අයියාය.
පස්සේ දේශපාලනයටත් ඇවිත්, හෙක්ටර් බෙත්මගේ මැතිතුමා- ඇමැතිතුමා නමින් රටේ සුපතළ වුණේ
එයාය.
ඒ දවස්වල විද්‍යාකර විද්‍යාලයේ සාමාන්‍ය
පෙළ, උසස් පෙළ පංතිවල කැපී පෙනුණු කිහිප දෙනෙකුම වූහ. අනේ කුරුලු කූඩුවලට
පෝස්ටුවෙදී අපේ පාසලේ කැපී පෙනුණු කට්ටිය
ගැන කියා තියෙන නිසා, එදා නොකියූ අය ගැනය දැන් කියන්නේ.
තිස්ස ගාමිණී එක්කෙනෙකි.
එයා හිටියේ ආර්ට්ස් පන්තියකය. මං හිටියේ සයන්ස් පන්තියකය. තිස්ස හැන්ඩියෙකි;
කැඩෙටින් කළ සිසුවෙකි. ඒ වගේම ඇඟ-පතෙන් නම් කැපී පෙනුණු හාදයෙකි. හැබැයි 'අඩු කුලේ' වගෙය!
තිස්ස ගාමිණී විතරක් නොවේ, කලා අංශයේ හිටි
සේරමලා ‘හීන කුලයේ’ අය වගෙය!
ඒ දවස්වල විද්‍යා අංශයට තේරුණු සිසු දරුවන්
දිහා නම් කවුරුනුත් බැලුවේ පුංචි ගෞරවයකිනි. ඒ එයාලා බුද්ධිමතුන් විදියට සමාජය
හිතූ බැවිනි. ('සියලු සයන්ස්කාරයෝ නැසෙනසුළුය' කියන්නේ දැන්ය.) ආර්ට්ස්; කලා අංශයට දැම්මේ අඩු ලකුණු ගත් උදවියයි. ඉතින් එයාලා
මෝඩයන් ලෙස හිතීම අරුමයක්ද?
පොඩි කාලේ ඉඳලාම ‘නළුවෙක් වෙනවා’ කියමින් හිටි මට කලා
අංශයට යන්නට ඕනෑ වුණත් තාත්තලා ඒකට ඉඩ දුන්නේ නැත. “උඹට පිස්සුද බං? කලාව කරලා
කාටද හරි ගියේ. කලාව කරන මිනිස්සු ඔක්කොම හිඟා නොකා හිඟා කන හිඟන්නොනෙ බං!”
කලාව කරලා කාටද හරි ගියේ? උන් සේරම හිඟන්නොනෙ බං.............. |
ඒ එදා අපේ තාත්තලා දැකපු විදිහය. අවුරුදු 50
කදී ඒ තත්ත්වය කොච්චරට වෙනස් වෙලාද? රියලිටි ෂෝ එකකින් තරු මාවතට වැටී සින්දු
කියන්නට පටන්ගත් ගමන් ...... එක්කෝ මෙගා ටෙලියක රඟපෑ පමණින් 225 න් එක්කෙනෙකු
වෙන්නටත් පුළුවන්ය.
ඒකටත් මොළය තියෙන්නට ඕනෑය. සුපර් ස්ටාර් වුණු
සමහර තරු ඉක්මනින්ම කඩා වැටිලාය. අපට නමක්වත් මතක් වෙන්නේ නැත.
ඒත් අවසන් තරගයටවත්
නොතේරුණු ශිහාන් මිහිරංග අද රියලිටි තරග විනිශ්චය කරයි; සාර්ථක ව්‍යාපාරිකයෙක්ව
හිඳියි! ඒ ඔහුට ඉලක්කයක් තිබුණු නිසා වෙන්නැතිය! තමාගේ ජනප්‍රියත්වය, ඉල්ලුම
හැමදාමත් එක ලෙස නොපවතින බව දැනගෙන හිටි හින්දාය.
ලැබුණු දෙයක් පරෙස්සම් කරගත යුතු
බව ශිහාන් දැනගෙන හිටියත්, සමහරු ලැබෙන්නටත් කලින්ම අසීමිතව පල-ප්‍රයෝජන ලබන්නට
සැදී-පැහැදී හිටි මැට්ටෝය.
අපේ පන්තියේ එහෙම දෙන්නෙක් තිස්ස දෙවේලේ
තිස්සත් එක්කම භජනයට වැටී උන්හ. එයාලා ආවේ-ගියේ අනෙක් සිසු-සිසුවියන් පයිසේකටවත්
මායිම් නොකරමිනි.
ඉගෙනීමට දක්ෂකමක්වත්, ක්‍රීඩාවකට විශේෂ කෞශල්‍යයක්වත් නොතිබුණු ඒ
දෙන්නා ඉදිමුණේ බලාගෙන ඉන්දදිය.
“මොකද යකෝ කන්න වගේ බලන්නේ? තව මාස දෙක
තුනකින් බලපල්ලා. එතකොට අපි එන්නේ බෙන්ස්වල!” ඉදිමුණා මදිවාට ඒ බකමුහුණලා පුරාජේරු කතන්දරත් කීහ!
ඉදිමුණා මදිවාට ඒ බකමුහුණලා පුරාජේරු කතන්දරත්......... |
ඒ පම්පෝරි කතන්දර කිව්වේ ඇයිදැයි; මොන
පදනමකින්දැයි එදා අපි නොදත්තෙමු. හැබැයි එයාලා නිතරෝම එහෙම දේවල් කියද්දී කාට-කාටත්
කුකුසක් නම් ඇති වුණේය.
එහෙම තියෙද්දීය ‘චේ ගුවේරා’ කැරැල්ල ආවේ!
ඇඳිරි නීතිය වැටුණේ!!
ඇඳිරි නීතියක් දැම්මාට කරුවල නොවැටුණු හින්දා මාත් වික්ෂිප්ත
වුණ බව හංගන්නේ නැතිවම කියන්නට ඕනෑය. මට හිතෙන්නේ 1953 හර්තාලයට පස්සේ ලංකාවට
ඇඳිරි නීතිය පනවා තියෙන්නේ 1971 බවයි. අවුරුදු 18 කට පස්සෙය. ඒත්, ඊට පස්සේ.....
අපේ පරම්පරාවට- අපගේ ජීවිත කාලය තුළදී ගණන් නැති තරම් අඳුරු නීති දවස් ගෙවන්නට වීම
පුදුමයක් නෙවෙයිද?
දෙසතියක් යන්නට කලින් ආරංචිය ආවේය. තිස්ස
ගාමිණීත්, අපේ පන්තියේ දෙන්නාත් හිරබාරයට අරන්ලු. ඉස්කෝලේ තව කිහිප දෙනෙකුත්....
එයින් වැඩි දෙනා ආර්ට්ස් පන්තිවල හිටි අයයි. එයාලා පන්ති පහකටත් සහභාගී වුණු අයලු!
ඒ සමහර දෙනා ආයේ කවදාවත් කාටවත් කොහෙදිවත් දකින්නටවත් ලැබිලා නැත. අතුරුදහන්
වෙලාය!
එහෙම වුණේ ඒ කාලයේ තරුණ පිරිසට වැඩි නිදහසක්
තිබුණු නිසාද? එහෙමත් නැති නම් වෙනසක් අවශ්‍යව තිබුණු නිසාද? 70-71 කාලය ගැන හොඳ
තක්සේරුවක් කරන්නට තරම් වයසක නොවේ මා හිටියේ.
එයාලා චේ ගුවේරා කල්ලියේ පන්ති පහකටත් සහභාගී වුණු............... |
මේ ළඟදී ‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටයේ
අදියුරු අනුරුද්ධ ජයසිංහ මහතා ‘දේශය’ පත්තරේ- ‘හදසර’ අතිරේකයට මෙහෙම කියලා තිබුණි.
හැබැයි මේත් 71 කාලය ගැන නොවේ. 1989 අවධිය ගැනය. එතකොට හිතාගන්න පුළුවන් නේද, ඊට
අවුරුදු 18 කට ඉස්සර තත්ත්වේ.
“ඒ කාලේ සමාජය හරි විවෘතයි. දැන් වගේ
ළමයින්ව ඒ කාලේ කොටු කරලා තියලා තිබුණේ නැහැ. ඒ නිසා ගෙවල්වල ඉඳන් බස් එකේ ඉස්කෝලේ
යද්දී අපේ අම්මලා තාත්තලා ඉස්කෝලෙට ටියුෂන් පන්තියට අපේ පස්සෙන් ආවේ නැහැ. අපි
වැරදි වැඩ කරයි කියලා සමාජයේ මතයක් තිබුණේ නැහැ. වැඩිම වුණොත් පිරිමි ළමයෙක්
සිගරැට් එකක් බොයි. එහෙමත් නැත්නම් බීඩියක් බොයි. එහෙම නැතිව කුඩුවත් ගංජාවත් ඒ
කාලේ ළමයි බිව්වේ නැහැ. ගෑනුන් එක්ක කාමරවලට යන යුගයක් ඒ කාලේ තිබුණේ නැහැ. ගෑනු
ළමයි එක්ක පිරිමි ළමයි රූම්වලට යනවා අපි දැකලාවත් තිබුණේ නැහැ.”
හැබැයි එහෙව් අහිංසක තරුණ පෙළකට රස්සා
තිබුණේ නැත. එතකොට වැඩියෙන්ම, පුද්ගලික අංශයේ රස්සා තිබුණේ ‘කඩුව වනන’ අයටය. පේව්මන්ට් එකේ රජ වෙන්න යද්දී ‘කොටුව දුම්රිය ස්ථානය’ට ටිකක් මෙහායින් තිබුණු රැකීරක්ෂා
කාර්යාලය ළඟ හැමදාමත් ලොකු සෙනඟ පොදියක් තිබුණේය! ඇහැට-කනට පෙනෙන ගෑනු ළමයින්ට නම්
ඒ කාලේ දේශපාලුවන් තානායම්වලදී පත්වීම් දුන් කතන්දර එමට අහන්නට ලැබිණි. ඒ එදාය.
'ගින්නෙන් උපන් සීතල' ඇවිළවූ අනුරුද්ධ ජයසිංහ කියා තිබුණේ........... |
මේ මෙදාය. 2019 ය.
මධුසමය ගත කරන්නට ගිය යුවලක් ආපසු පැමිණෙන
අවස්ථාවේ ඔවුන් පිළිගන්නට ගිය මිතුරා දුටුවේ වියවුල් ගතියකින් යුතුව ඉන්නා මිත්‍රයායි.
මිතුරා සමඟ තනි වුණු පළමු මොහොතේම ඔහු ඒ ගැන විමසුවේය. “මොකද මචං අප්සෙට් මූඩ් එකේ?
අවුලක්ද.”
“ඒක නේන්නං මචං. Rest House එකේදි ගේම ඉවර
වෙච්ච ගමන්ම මං වයිෆ් කාරයට 5000/= ක් දුන්නනේ!” අලුත් මනාලයා කීවේය.
“ගම කාලා! ඒකද අවුල?”
“නෑ මචං. මේකයි අවුල. ඒකි නොකර සද්ද ඇඳෙන් බැහැලා ගිහින්
තුන්දාහක් ආපහු මට දුන්නනේ -මෙන්න ඉතිරි- කියලා!”
ඒ වර්තමානය කියවෙන ප්‍රබන්ධයකි. හැබැයි
ඇත්තක්ම වෙන්නටත් පුළුවන් එකකි. කුමරි බඹසර, කුමර බඹසර, පතිවත, පතිනිවත සේරම ආගිය
අතක් නැත! මතකයිනේ, ඉස්සෙල්ලත් අපි ඒවා ගැන ගොඩක් කතා කළා?
රෙස්ට් හවුස් එකේදි 'ගේම' ඉවර වෙච්ච ගමන්ම මං....................... |
ඉතින් දැන් අප, ආපහු 71 ට යා යුතුය!
“සමසමාජකාරයෝ චයිත්තිය කඩලා ගඩොල් ගන්නවා
කිව්වා. ආගම අබින්ය කිව්වා. දැන් චේගුරාකාරයෝ මොකක්ද මේ කරන්න හදන විනාසේ?” අපේ
ආච්චි දෙස්-දෙවොල් තිබ්බාය. සාප කළාය. ඔවුන් කරන්නට හදන දේ මොකක් වුණත්, අපට නම්
ලොකුම විනාශයක් කඩා වැටිලාය! මං කළ රස්සාවට තිත තියන්නට වෙලාය; ඉඳියාප්ප බිස්නස්
එක නවත්තන්නට වෙලාය.
ඇඳිරි නීතිය වැටෙන වෙලාවක්, කලබලයක් ඇතිවෙන
වෙලාවක් කල් තියා කියන්නට පුළුවන් කාටද?
“එහෙම කිව්වත් ගුණේ මේ පොඩි එකාව පාරේ බස්සලා යවන්න පුළුවනිද. මූවත් චේගුරාකාරයෙක් කියලා අල්ලන් ගියොත්..... ඔය රට පෙරලන්න ගිහින් අහුවෙන තරමක් අහුවෙන්නේ රැවුලවත් වැවිල නැති ගැටව්ලු නේද? අනේ පුතේ......... ඉඳියාප්ප කෙරුවාවට වැඩිය ලොකු නැද්ද ජීවිතේ. ඔන්න ඕක අල්ලලා දාපං.” ආච්චී තාත්තාට බාගයකුත්, මට බාගයකුත් කිව්වාය.
“එහෙම කිව්වත් ගුණේ මේ පොඩි එකාව පාරේ බස්සලා යවන්න පුළුවනිද. මූවත් චේගුරාකාරයෙක් කියලා අල්ලන් ගියොත්..... ඔය රට පෙරලන්න ගිහින් අහුවෙන තරමක් අහුවෙන්නේ රැවුලවත් වැවිල නැති ගැටව්ලු නේද? අනේ පුතේ......... ඉඳියාප්ප කෙරුවාවට වැඩිය ලොකු නැද්ද ජීවිතේ. ඔන්න ඕක අල්ලලා දාපං.” ආච්චී තාත්තාට බාගයකුත්, මට බාගයකුත් කිව්වාය.
අපේ ආච්චිගේ අර්ථකථනයට අනුව නම් එය
‘චේගුරාකාර කොල්ලන් විහින් නැහෙන්න හැදූ වෑයමකි’.
“..... ඉස්සෙල්ලා බණ්ඩාරනායක මහත්තයාව
මරාගත්තා. ඊළඟට මැතිණියටත් රට ආණ්ඩු කරන්න නොදී කරන්න හදපු විනාශේ..... මුන්ට හොඳක්
නම් වෙන්නේ නැහැ මේ කරන අපරාදෙට.”
අපේ ආච්චී කැපුවත් නිල් ජාතියේ එක්කෙනෙකි......... |
පමුණුව හරියෙනුත් කිහිප දෙනෙක්ම අත්අඩංගුවට
පත්විණි. පසු කාලයක, ස්ථිර තැන්පතුවේ සල්ලි සේරම රේස් බයි රේස්වලට දියකර වහත්
බීලා- බෙල්ලෙත් වැල දමාගෙන -ළිඳටත් පැනලා දිවි නසාගත් RPR මතකද? රේස්වලින් රේස් එකට පිම්මක් 3 පෝස්ටුවේදී කියුවේ. එයා එක්කෙනෙකි. චන්දන උද්‍යානයේ ක්ලෝඩ් තව
එක්කෙනෙකි. මහරගම පාසල්වලිනුත් ගොඩක් කට්ටිය අත්අඩංගුවට අරගෙනය.
“අන්න, දේව බණ්ඩාරත් හිරබාරේට අරන්.....
හොඳටම ගහලා, හෙළුවැල්ලෙන්ම හංදිය පුරා පාරක්-පාරක් ගානේ ඇවිද්දෙව්වලු!” අපේ තාත්තා
ආරංචියක් ගෙනාවේය.
“....... ඔව් ඔව්, මට මතකයි. එතකොට සිංහලෙන
තිබුණේ හයිලෙවල් පාරේ. ඒක අයිතිවෙලා තිබ්බේ දේව බණ්ඩාර සේනාරත්නලාට.” දිව්‍ය අංගනි සේ 3 පෝස්ටුවෙදීත් දයාබර රසික ඔබට ‘මහරගම පුරාණය’ හෙළිදරව් කරන්නට
පිවිසුණු ඩබ්ලිව්.ජේ. සෝමදාස ගෝමස් මහත්තයා මට උත්තර දෙමින් කිව්වේය. මගේ මතකයේ ඡායාමාත්‍ර ලෙසින් ඇති දේවල් නම්, හොයා බලලාම තහවුරු කරගෙන ඉවරවෙලා ලිවීමය මගේ සිරිත!
“මතකයිද මහරගම පරණ පාරේ තිබ්බ ඩියුක් කොලේජ්
එක..... අර ජෑම් ගහක් මිදුලේ තිබ්බේ?” මනසින් එතැන මැවෙද්දී ඒකට බාධා කරන්නේ, දැන්
ඒ ඉසව්වේ තිබෙන ‘සතොස’ වෙළෙඳ සලයි.
වික්ටර් බණ්ඩාර සේනාරත්න හැදූ වෙල්ලස්සේ වෙඩිහඬ වේදිකා නාට්‍යය............... |
“හරියට හරි. නිමල් ඔහොම කියද්දී සේරම මතක්
වෙනවනේ. ඒක රෙජීගේ. ඒ කාලේ මහරගම ලොකුම ෆාමසිය අයිති වෙලා තිබුණෙත් එයාලට. ඔයා
කිව්වා හරි. ඒ රෙජීගේ දුව දයානි තමයි සේනාරත්නලගේ අයියා; සිසිරත් එක්ක යාළුවෙලා
බැන්දේ!”
ඒ කාලයේ සිංහයා සිසිල් බීම කොම්පැණියේ මහරගම
අලෙවි නියෝජිතයා වුණේ ‘සිංහ ලෙන’යි. ඒක අයිති වෙලා තිබුණේ දේව බණ්ඩාර
සේනාරත්නලාටය. පසු කාලයක ‘වෙල්ලස්සේ වෙඩිහඬ’ වේදිකා නාට්‍යය හැදූ වික්ටර් බණ්ඩාර
සේනාරත්නත්, සිසිරත්, දේව බණ්ඩාරත් සොහොයුරන්ය. 71 දී මහරගමින් අහුවුණු ‘චේ ගුවේරා’
දළකාරයන් අතර දේව බණ්ඩාර ඉහළින්ම හිටියේය.
ඒකෙත් හැටි! ඒ කාලේ ජනප්‍රියම සිසිල් බීම කොම්පැනි දෙකකි. අලියා එක හා සිංහයා එක. තවමත් ඉහළින් ඉන්නේ නම් 'එලිෆන්ට් හවුස්' එකය. එතනදී Lion එක පස්සෙන් වගෙය.
ඒකෙත් හැටි! ඒ කාලේ ජනප්‍රියම සිසිල් බීම කොම්පැනි දෙකකි. අලියා එක හා සිංහයා එක. තවමත් ඉහළින් ඉන්නේ නම් 'එලිෆන්ට් හවුස්' එකය. එතනදී Lion එක පස්සෙන් වගෙය.
“මේ කාලේ තරුණ කොල්ලෝ-කෙල්ලන්ට අපලයි. රංජි,
උඹත් ඉන්න වයස හොඳ නැහැ. පොඩි එකා වගේ පේන එක විතරයි වාසියට හිටියොත්. කොයිකටත් උඹ
කොහෙවත් යනවා හෙම නෙවෙයි. ගෙදරම ඉන්නවා මිසක්.” එදා; එවේලේ ඉඳලා මාවත් නිවාස
අඩස්සියට වැටුණේය.
බැටරි කෑලිවලට වියදම් වුණත් ඒ දවස්වල අපේ
‘Devilo’ ට්‍රාන්සිස්ටරේ දාපු ගමන්මය.
මේ කාලේ තරුණ කොල්ලෝ-කෙල්ලන්ට හොඳ කාලයක්............ |
ඒ ඇරුණාම නුගේගොඩ ඇන්ටිගෙන්ය ආරංචි ගොඩක්ම
ලැබුණේ. මීන සංහාරය, අජාසත්ත 3 වගේ
පෝස්ටු ගණනාවකදීම කියූ කොටුවෙ ආච්චිගේ පුතා; මට ඩීමන් ආනන්දගේ මාරක කතා කියූ,
චන්දරේ මාමාත් හිරබාරේට අරන්ලු.
“මේ අම්මණ්ඩි තමයි දවසකටවත් ගෑනි. අච්චර වෙලා මෙහාට ගොඩ වැදිලා ඉඳලත් නිකමටවත් කිව්වද? චන්දරේ විතරක් නෙවෙයි තව මුණුබුරෙකුත් අල්ලලා. සුමනේගේ පුතා..... රාජපක්ෂ. සොපිහාමි නෙවෙයි කටේ කෙළ බිම හැලුවේ.”
ඒ ප්‍රවෘත්ති විකාශ අපේ ආච්චිගේ ඒවාය.
“මේ අම්මණ්ඩි තමයි දවසකටවත් ගෑනි. අච්චර වෙලා මෙහාට ගොඩ වැදිලා ඉඳලත් නිකමටවත් කිව්වද? චන්දරේ විතරක් නෙවෙයි තව මුණුබුරෙකුත් අල්ලලා. සුමනේගේ පුතා..... රාජපක්ෂ. සොපිහාමි නෙවෙයි කටේ කෙළ බිම හැලුවේ.”
ඒ ප්‍රවෘත්ති විකාශ අපේ ආච්චිගේ ඒවාය.
තරුණ පරම්පරාවටත් වැඩියෙන් ‘රටේ කලබල අපලය’
බලපෑවේ අපටය. අම්මා දිගටම රස්සාවට ගියත් ගෙදරට වියදම් කළේ අත දිගහැරලා නොවේ.
ඉච්චිකමෙනි. වැඩියත්ම අසහනයෙන් හිටියේ මාය. නංගිලා මල්ලිලා විතරක් නොවේ, මාත්
උන්නේ ‘අඩහ කෑම දහස් වටී’ කියමන අදහන්නා වගෙය. හැබැයි කැමැත්තෙන් නොවේ.
ඒත් හැමදාම වාගේ වෙන විදියටම ඒ වෙලාවෙත්
දෙවියෝ අපේ මුහුණ බැලූහ!
“රංජි.... See හාමුලගේ ගෙදර ස්මොක් කරන්න
ඇඳුම් ගොඩක් තියෙනවා. විකුණන්න හදන ඒවානේ. ඔයාටත් පුළුවන් වෙයි ටිකක් මහනවා නම්
ගානක් හොයාගන්න.” අපේ අම්මා යෝජනාවක් ගෙනාවාය.
ඒ වෙද්දීත් අපේ ආච්චී මට කොණ්ඩ කැවුම් බැදීම, පොල් අතු විවීම, කතිර මැස්ම, ස්මොක් කිරීම විතරක් නොවේ; රේන්ද ගෙතීමත් උගන්වලා තිබිණි. ආච්චීට හිටියේ එකම පුතෙක් හින්දාත්, ඌ එකා යකා වෙච්චි එකක් හින්දාත් තමුන් දන්නා සියලුම ශිල්ප-සාස්තර කියා දෙන්නට උන්දැ තෝරාගත්තේ මාවය!
ආදායමක් ලැබෙනවා නම්....! මම එකක් ගෙන්වා
ගත්තෙමි. ඒ කාලේ ළමා ඇඳුම්වලට ස්මොක් කිරීම ජනප්‍රිය මෝස්තරයකි. මෝස්‌තර, මල්
මහන්නට කලින් රෙද්ද රැලි හිටින විදියට නූල් ඇද ගන්නට වෙයි. ඒකට සෑහෙන වෙලාවක් ගත
වෙයි.
වෙලාව ගතවුණත් මට වැඩේ එපා වුණේ නැත. See හාමු මගේ ‘මැහිල්ල ගැන’ සැටිස් වෙලා බව පෙනුණේ කැපූ ඇඳුම් හා නූල් තොගයක්ම එවා තිබුණු එකෙනි. 71 කැරැල්ල සමයේ ස්වයං නිවාස අඩස්සියේ ඉඳිද්දී මට ගෙදර ඉඳන් කරන රස්සාවක් ලැබුණේ එහෙමය!
ඒ වෙද්දීත් අපේ ආච්චී මට කොණ්ඩ කැවුම් බැදීම, පොල් අතු විවීම, කතිර මැස්ම, ස්මොක් කිරීම විතරක් නොවේ; රේන්ද ගෙතීමත් උගන්වලා තිබිණි. ආච්චීට හිටියේ එකම පුතෙක් හින්දාත්, ඌ එකා යකා වෙච්චි එකක් හින්දාත් තමුන් දන්නා සියලුම ශිල්ප-සාස්තර කියා දෙන්නට උන්දැ තෝරාගත්තේ මාවය!
මේ තියෙන්නේ 'ස්මොක්' - smock කළ ඇඳුමකි. හැබැයි මෙය 'හෑන්ඩ් මේඩ්' නොවේ. දැන් පන්නෙට මැෂින්වලින්ම කළ එකකි. |
වෙලාව ගතවුණත් මට වැඩේ එපා වුණේ නැත. See හාමු මගේ ‘මැහිල්ල ගැන’ සැටිස් වෙලා බව පෙනුණේ කැපූ ඇඳුම් හා නූල් තොගයක්ම එවා තිබුණු එකෙනි. 71 කැරැල්ල සමයේ ස්වයං නිවාස අඩස්සියේ ඉඳිද්දී මට ගෙදර ඉඳන් කරන රස්සාවක් ලැබුණේ එහෙමය!
“See හාමුට රංජිගෙ වැඩ දැකලා එයාවත් දකින්න
ආසයිලු! දවසක එක්ක එන්න කිව්වා!” අම්මා දවසක් කියාගෙන ආවාය.
“අනේ මේ, එයාලගෙ ආසාව පස්සේ ඉෂ්ට කරන්න
තියාගනින්. මේ කාලේ හෙම කොල්ලව කොහෙවත් එක්ක යන්නේ නැහැ.” තාත්තා අම්මාගේ ඇඟට
ගොඩවුණේය. ඒ මාව ආරක්ෂා කරගන්නට වෙන්නැතිය. අනෙක් අම්මලා තාත්තලාගේ දරුවෝ දරුවන්
නොවෙයිද? එයාලා රැකෙන්නට ඕනේ නැතිද?
මතක් වෙද්දීත් ලජ්ජාවෙන් ගත කිළිපොලා යන
කතාවක් දැන් හෙළිදරව් කළ යුතුය.
අපේ චූටිම නංගි; පවුලේ දසවැන්නිය; කමලා
සංජීවනී අංගවිකලවී ඉපදීම ගැන මාත් බාගයක් වගකිව යුතුය. ඒ බව ඔබ ඉදිරියේ ගස්සලා යවමුද පෝස්ට්වලදී පාපෝච්චාරණය කළෙමි. කොටුවෙ ආච්චිගේ කොරටුවේ කානුව නිවහන
කරගෙන හිටි සිය ගණනක් මාළුන් සමූල ඝාතනය කළ හැටි මීන සංහාරයේදී කියා හිත
නිදහස් කරගත්තෙමි. හිතට බරක් නොවුණත්, ගෙදර හැදූ කුකුළන් හා කළුකුම්ලාගෙ
ශීර්ෂච්ඡේදනය කළ හැටි ‘සැවුළු සංහාරයේදී’ ඔබ සමඟ කිව්වෙමි. ‘ත්‍රිත්ව
මිනිස් ඝාතනයකටත් හවුල් වුණෙමි!’ කියලාත් පෝස්ටුවක් ලියවෙන්නට ඉඩ තිබුණු බව දැන්
සිහි වෙයි. මගෙම වාසනාවට ඒ ඛේදවාචකය නූලෙන් නැවතුණේත් මේ වකවානුවේය.
අපේ චූටිම නංගි; කමලා සංජීවනී උපන්නෙම අංගවිකල දැරියක විදියටය! |
“රංජි, ගනින් කොළේකුයි, පෑනකුයි.” දවසක්
හැන්දෑවේ තරහෙන් පුපුරමින් ගෙදර ආ තාත්තා මට කීවේය. ඒවා අතට ගත්තා විතරය. “මං කියන ඒවා ඔය කොළයේ ලියපං, හැබැයි වමතින්....”
ඊලග මරාලේ මොකක්ද
ReplyDeleteලක්මාල්, තවමත් මරාල කඩා වැටෙන නිසා කියන්න බැහැ කොයිවා ඉස්සර වෙයිද කියලා.
Deleteපන්දාහේ කෑලි ගහපු එකා දෙදාහට යන එකියක් බැඳ ගත්තම අප්සෙට් වෙන එක අහන්න දෙයක්ද? :)))))))))))
ReplyDeleteමොකද්ද මොකද්ද කල්‍යාණ සෑර් එහෙම අස්පට් යන්ඩ හේතුව. මට නං ටිකක් ටියුබ් ලයිට් වගේ.
Deleteජයවේවා!
Myself Hattor
කමි, සත්තයි ඒ ඈන්ගල් එක මට අහුවුණේ නැහැනේ!
ReplyDeleteඑව්ව අහු වෙන්නෙ සබ්ජෙක්ට් එකේ ඉන්න අයට විතරයි. අපි වගේ අහිංසකයන්ට ඔව්ව තේරෙන්නෙ නෑ...හා බොරුද?
Deleteහැක් ... හැක්... හූ.... දැන් දීපල්ලාකෝ උත්තර..........
Deleteපිස්සුද? අසංග, ඕවට උත්තර දෙන්න ගියොත් වෙන්නේ 'අහක ඉන්න ගැරඬි අල්ලලා රෙද්ද අස්සේ දාගත්ත මනුස්සයට' වෙච්චිදේ.
Deleteඒ පන්දුව නිදැල්ලේ යන්නට හැරියා!
දැන් සිංහයා බීම කියලා කොම්පැනියක් නෑ. දැන් ඉන්න අලුත් පරපුරේ උන් සිංහයා බීම ගැන දන්නේ නෑ. කඩේට ආපු කොල්ලෝ වගයකට බොන්න බීම ඇහුවාම අලියා බිමයි සිංහයා බිමයි තියෙනවා කියලා උන් අපිට හිනාඋනා.
ReplyDeleteදැන් කොහොමද මන්දා, අසංග. සැක නිසයි ලිව්වේ නැත්තේ. මට මතක හැටියට නම් සිංහයා බීම හැදුවේ 'පියෝ බෙවරෙජෙස්' කොම්පැනියෙන් වෙන්න ඕනේ. ඔන්න Pra Jay නම් දන්නවා ඇති. ඕන්නම් අහලා බලන්න.
Deleteමේ ලිපියටත් 'ස්මෝක්' කරපු ඇඳුමක පින්තුර හෙව්වා- හෙව්වා, නැහැ. බැරිම තැන Pra ගෙන් ඇහුවා. අහපු ගමන් කිව්වා smock කියලා ගහන්නය කියලා. එහෙමයි ෆොටෝ එක හොයාගත්තේ.
අතුතියි Pra Jay!
නිමල්, ඔයා අත්විදලා තියෙන දේවල් හරි පුදුමයි. අපිත් එක්ක බෙදාගත්තට ස්තුතියි.
ReplyDeleteඇවිද්ද පය දහස් වටී කියනවනේ. ඒ වගේ මටත් පුදුම වාසනා මහිමයක් තියෙන්නේ හරිම රසවත්, විවිධ අත්දැකීම් ලබන්නට. ඒවා ඔයාලටත් වටිනවා වගේ පෙනෙද්දී හරිම සතුටුයි!
Deleteබොහොම අපහසු .. බයෙන් ජීවත් උන කාලයක් .. වැඩිය එළි පහලියට බහින්නෙ නැතිව කීයක් හරි හොයා ගන්න චාන්ස් එකක් ලැබුන එකම මදැයි !
ReplyDeleteඊට පස්සේ කාලෙත් එක්ක සසඳද්දී 71 නතින් වගෙයි කණ්ඩා!
Delete