අබරන් මාස්ටර් නැතිනම් අපට විධුර නාට්‍යයක් කොහෙන්ද? |
එහෙම අතපසුවීමක් නොවුණත්, මගේ අතින් පහුගිය ටිකේදි අබරන්
මාස්ටර් ගැන ලියවුණේම නැත. එතුමා නැති නම් ‘විධුර’ කොයින්ද? අපට ඒ නාට්‍ය පිටපත
ගෙනාවේ ඔහුය; යෝජනාව ගෙනාවේ ඔහුය; මුල පිරුවේ ඔහුය. එහෙත් ඒ ‘විධුර’
වේදිකාගතවෙද්දී එහි අරුමය දකින වාසනාව අබරන් මාස්ටර්ට ලැබුණේ නැත.
“ගුණේ, මට මේකව හදාගන්න දීපන්. මයෙ ගෙදර ඉඳලා මහා දුරක්
නෙවෙයිනෙ. විනාඩි පහෙන් ඇවිත් යන්න පුළුවනිනෙ ඕනි නම්. අපේ ගෙදර එක්කෙනත් මූට හරි
ආදරෙයි බං!” නාට්‍ය පුහුණුවීම් පටන් ගත් ආසන්නයේම දිනෙක අබරන් මාස්ටර් තාත්තාට
කිව්වේ මගේ ඉදිරිපිටදිමය.
එහෙනම් වැරැද්ද මගේමය. මාස්ටර්ගේ බිරින්දෑ; මා ඇයට කතා
කළේ ඇන්ටි කියලාය. එයාලගෙ ගෙදරටම ගිහින්, එයාට පේවී ආවේ මාය. දැක්ක ගමන්ම, එයාට මා
ගැන දරු හැවිකාරයක් ඇති වුණාට, මට නම් ඇය ගැන විශේෂ ඇල්මක් තිබුණේ නැත. සංසාරයේ
යාත්‍රා කරද්දී අප කලින් හමුවෙලා නැතිව වෙන්නැතිය.
අනෙක, ‘පේව්මන්ට් එකේ රජවී 6’
පෝස්ටුවේදීත් කියූ පරිද්දෙන්ම, බඩගින්නේ හිටියත් නංගිලා-මල්ලිලා එක්කම ගැන්නෙනවා
මිස තනියම දිව්‍ය ලෝකේ යන්නට මා කැමැති වුණේ නැත. ඒ වතාවේ නම් තීරණය ගැනීමේ අයිතිය
තාත්තා මටම දුන්නේය.
වතාවක් මට ඒ ඉඩ දීලා මං කළ හරිය මතක තිබුණු හින්දාම වෙන්නැතිය, දෙවෙනි වතාවේ අපේ තාත්තා ඒ ගොන්කම කළේ නැත.
වතාවක් මට ඒ ඉඩ දීලා මං කළ හරිය මතක තිබුණු හින්දාම වෙන්නැතිය, දෙවෙනි වතාවේ අපේ තාත්තා ඒ ගොන්කම කළේ නැත.
එළුවාගේ අණ්ඩ කෝෂ දෙක කඩා වැටෙතියි සිතමින් දවසක්ම........... |
“එක්ක යන්න මාස්ටර්! මං මොකද, මාස්ටර් මොකද. ඌ හරි ගොඩ
යනවනේ. රංජි, මාස්ටර් උඹට තාත්තෙක් වගේම වෙයි .... ඒකේ දෙකක් නැහැ. ඒත් මං වැඩක්
කියන්නද මාස්ටර්. රංජියා ගෙදර දාලා යන්න එච්චර කැමැති නැහැ.
ගෙම්බා වගේ, කොච්චර
එළියට වීසි කළත් ගෙටම එනවා. මං මුගේ හිත හදලා තියන්නම්. අදම නෙවෙයි...., මේකව ලබන
සුමානේ එක්ක යමු!”
අපේ තාත්තා කිව්වේ මටවත්, අබරන් මාස්ටර්ටවත් කතා කරන්නට ඉඩක්
නොතියාය.
“එළුවාගේ ඇට දෙක දැන් වැටෙයි, දැන් වැටෙයි කියලා
හිත-හිතා නරියෙකුත් දවසක්ම එළුවෙකුගෙ පස්සෙන් ගියේ!” පලක් නොලැබෙන දෙයක් වෙනුවෙන්
ගෙදර කවුරු හරි වෙහෙසෙද්දී අපේ තාත්තා නිතර කීවේය. එහෙව් මනුස්සයා මාව අබරන්
මාස්ටර්ගේ ගෙදරට දක්කන්නට ලැහැස්ති වෙන්නේ අහවල් දේකටද? මොන ප්‍රතිඵලයක් ගන්නද?
ඇත්තටම එළුවාගේ පොට්ටනිය ඇඟේ හැටියට නෙවෙයි නේද? ඇයි ඒ?
එළුවන්ගේ විතරක් නොවේ. බොහෝ සත්ත්ව වර්ගවල පිරිමි
සතුන්ගේ සරු බීජාණු නිපදවෙන්නේ සිරුරු උෂ්ණත්වයට වඩා අඩු උණුසුමකදිලු.
ඒ නිසා
අණ්ඩකෝෂ එළියට එල්ලෙන විදියට උන්ව මැව්වත්, මහබඹාට මොකක් හරි වැරැදුණාවත්ද? එහෙම
වෙන්නටම ඇතිය. හෝමෝසේපියන්ස් සේපියන්ස්ගේත් අණ්ඩ දෙකෙන් වම් ඇටේ චුට්ටක් ලොකුයිනේ!
හෝමෝසේපියන්ස් සේපියන්ස්ගේත් වම් අණ්ඩය අනෙකට......... |
ඒ හුට්ටප්පරය වැඩිය ප්‍රදර්ශනය නොවෙන්නේ අප ‘සිවිලයිස්’ වෙලා ඇඳුම්වලින් වහගෙන
ඉන්නා හින්දාය.
එහෙම වැහිලා නැති දේශපාලන වාමාංශය නම් මැරූ සම්මතේකට
ලොකු වෙන්නේ නැති පාටය. එන්න-එන්නම පුහු වෙවී යන පාටය! එහෙම බලද්දී හරි පව්
කියලාත් හිතෙනවාය!!
“මට තියෙන දේවල් මූටත් එක්ක මදි වෙන්නේ නැහැ ගුණේ. අනිත්
එක බං මේකට සර්පිනාව ගහන්නත් උගන්නමු!” අබරන් මාස්ටර්ගෙ ඒ කියමනට වෙන්නැති අපේ
තාත්තා ලණුව ගිලින්නට ඇත්තේ.
අබරන් මාස්ටර් හිටියේ මහරගම බුවෙනකබා විද්‍යාලය
ඉදිරිපිටමය. දැන් හේමන්ත ටෙක්ස්ටයිල්ස් බිල්ඩිමට යාබද ඉඩමේය. එදා මාස්ටර්ගේ යෝජනාව
ගෙනෙන්නට කලින් කිහිප වතාවක්ම ඒ ගෙදරටත් ගිහින් තිබුණු මට ඒ යෝජනාව ඇල්ලුවේම නැත.
වැඩියත්ම ඒ ගෙය අඳුරු ගුහාවක් වැනි හින්දාය.
“අනේ තාත්තේ, ඔන්න මට නං කියන්න එපා එහෙ යන්න. මට බැහැ.
හුළං පොදක්වත් වැදෙන්නෙ නැති මළඉලව් ගෙදරක හිරවෙලා ඉන්න....” මාස්ටර් ගෙදරින්
යනවාත් එක්කම මම නහයෙන් අඬන්නට පටන් ගත්තෙමි.
“බූරුවෝ, තෝ හිතන්නේ මාත් උඹ වගේම බූරුවෙක් කියලද? යකෝ
දුර හිතපං. දුර. දුර හිතපං. ඔය කුම්මැහියාගෙ හිතේ උඹ ගැන හැවිකාරයක් ඇති වෙලා
තියෙන වෙලාවේ ඤං-පචං ගාලා වැඩේ කුරුවල් කරන්න එපා. අර මරදානේ මුදලාලි වගේ
නෙවෙයිනේ.... මේ මනුස්සයා ඉන්නෙත් ගමේමයි. පයින් යන-එන දුර.....”
මේ මනුස්සයා ඉන්නෙත් ගමේමයි, ඊටත් පයින් යන දුර! |
“.... ඒ වුණාට තාත්තේ...” එහෙම කන්කෙඳිරි ගාද්දීත් මගේ
හිතේ කැරකුණේ, ආච්චි කියා දී තිබුණු ‘දීඝිති කෝසල ජාතක කතාව’ය. මගේ ජීවිත කාලය
මුළුල්ලේම තීරණ ගැනීමේදී එවැනි කතා, උපහැරණ හා අත්දැකීම් මට රුකුලක් විණි. එහෙම
වෙන්නේ මට විතරක් නම් වෙන්නට බැරිය. ඔයාලට
කොහොමද?
“දීඝිති කුමාරයාගේ පිය රජ්ජුරුවන් වහන්සේව පරද්දලා රජකම
ගත්ත කොසොල් රජතුමා අණාඥාවක් දුන්නා. පැරදුණු රජතුමාවයි, බිසවුන්නාන්සේවයි දෙන්නටම
රතු මල් මාලා පලන්දලා නුවර වීදි දිගේ ප්‍රදක්ෂිණා කරවලා වධක භූමියට ගෙනිහින් හිස්
ගසා දමන්න. ඔහොම ගෙනියද්දි තමා දීඝිති කුමාරයාව මඟදී මුණ ගැහෙන්නේ. එතකොට රජතුමා
මිනිස්සුන්ට නොතේරෙන්න, පුතාට විතරක් තේරෙන්න ගාථාවක් කියනවා.”
“ඒ කොහොමද ආච්චියෙ? රහස් භාෂාවකින්ද?” මාරක කතා චක්‍රවර්ති
ඩීමන් ආනන්දගේ සත අනූවේ පොත් කියවලාම, මට ‘රහස්’ ගැන ලොකු කුතුහලයක් ඒ දවස්වල
තිබිණි. (කොටුවේ ආච්චිගේ පුතා; චන්ද්‍රසේන මාමා මට ඩීමන් ආනන්දව මුණ ගැස්වූ හැටි ‘අජාසත්ත 3’ පෝස්ටුවෙදී කියා ඇත.)
“ඕකනේ බං රංජි, උඹත් එක්ක බැරි. මට වැඩ දාහක් තියෙද්දී
උඹට කතන්දරයක් කියා දෙන්න ආවම හරස්-පරස් අහනවා.... ආයේ නං මං උඹට කතන්දර කියන්නේ
නැහැ.” අපේ ආච්චී එහෙම කිව්වට පස්සෙවත් මගේ ප්‍රශ්න ඇහිල්ල නවතින්නේ නැත. එහෙම වුණත් ආච්චී කතා කීම නැවැත්තුවේ නැත.
දැන් මට හිතෙන්නේ ආච්චී කතන්දර කීමෙනුත් මහා විශාල සතුටක් අත්විඳි බවයි. බ්ලොගය
ලිවීමෙන් මා ලබන්නේත් එවැනිම සතුටක් නේද?
බ්ලොග් ලියන අප වැන්නවුනුත්................ |
මනු සතා කල්ප-කාලාන්තරයක් තිස්සේ ගල් ගුහාවල හිටිද්දීත්
දඩයමේ ගිය විත්ති අනෙක් අයට කිව්වාලු. කතන්දර කීමේ මුල්ම පියර ඒකලු. ඒ පුරුද්ද
ජානගතවම පරම්පරාවෙන් පරම්පරාවට ඇවිදින්ය. එහෙම කියන්නේ සමාජ විද්‍යාඥයන්ය.
රෑට බලන ටෙලි නාට්‍ය දවල් තිස්සේත් බලන ශ්‍රී ලාංකේය
ගෘහණියන් පසක් කරවන්නේ මේ සත්‍යය වෙන්නට ඇතිය. කතන්දර ඇසීමේ නොතිත් ආසාව! බ්ලොග්
ලියන අප වැන්නවුන් මේ රාජකාරිය කරන්නෙත් හුදු චිත්ත ප්‍රීතිය උදෙසාම නේද? එතැන
හැංගිලා තියෙන්නෙත් කතා කීමේ රුචියද?
අපේ ආච්චි මගේ හිතේ දල්වාලූ ඒ කතන්දර ගින්න නම් තවමත්;
එදා වගේම බුර-බුරා ඇවිළෙයි. “හරි, හරි ආච්චියෙ. ඉතින් රජ්ජුරුවෝ මොකක්ද රහසෙන්
කිව්වේ?” මම අසන්නෙමි.
“පුතේ, ළඟ බලන්න එපා. දුර බලන්න කියලයි පුතාට කිව්වේ.
ඉතින් කුමාරයාත් හිතට ආව කේන්තිය යට කරගෙන වධක පෙරහර පස්සෙන්ම ගියා. අම්මවයි
තාත්තාවයි හිස ගහල දාලා මැරුවට පස්සේ හොඳටෝම වැලපිලා, රහසෙන්ම ඒ මිනී දෙක වළ
දැම්මා.
වළ දමලා වෙස්වළාගෙන ගිහින් කොසොල් රජ්ජුරුවෝ ළඟ සේවයට බැඳුණා. බැඳිලා හිත දිනාගන්න විදියට සේවය කළා.”
වළ දමලා වෙස්වළාගෙන ගිහින් කොසොල් රජ්ජුරුවෝ ළඟ සේවයට බැඳුණා. බැඳිලා හිත දිනාගන්න විදියට සේවය කළා.”
කෝච්චිය එනකල් වුණත් tv බලන අපි රාත්තිරියේ බැලූ ටෙලි දවල්ටත්...... |
“ඉතින් ඊට පස්සේ?”
“ඊට පස්සේ දීඝිති කෝසල කුමාරයා රජ්ජුරුවන්ගේ හොඳම
විශ්වාසවන්තයා වුණා. දවසක් ඔන්න රජ්ජුරුවෝ දඩයමේ ගියා. ගිහින් පරිවාර සේනාවෙන් ඈත්
වුණා, අතරමං වෙලා.
දැන් රජ්ජුරුවොන්ට හොඳටම වෙහෙසයි, බඩගිනියි. ‘මට ටිකක් සැතපිලා වෙහෙස නිවාගන්න ඕනේ’ කියලා කොසොල් රජ්ජුරුවෝ ගහක් යටින් වාඩි වුණා. වාඩි වෙලා කුමාරයාගේ උකුල උඩින් හිස තියාගෙන සැතපුණා.”
දැන් රජ්ජුරුවොන්ට හොඳටම වෙහෙසයි, බඩගිනියි. ‘මට ටිකක් සැතපිලා වෙහෙස නිවාගන්න ඕනේ’ කියලා කොසොල් රජ්ජුරුවෝ ගහක් යටින් වාඩි වුණා. වාඩි වෙලා කුමාරයාගේ උකුල උඩින් හිස තියාගෙන සැතපුණා.”
“හරි, මට තේරෙනවා. එවෙලේ කුමාරයා රජ්ජුරුවන්ව මැරුවා!
මරලා එයාගේ අම්මවයි තාත්තවයි මරපු පළිය ගත්තා!”
“අනේ හරක් පැටියා...... උඹ කලබල වෙලා එහෙම හිතුවට හරි
යන්නේ නැහැ පුතේ. ඉවසිල්ලෙ අහගෙන ඉඳපං. බෝධිසත්වයෝ එහෙම පළි ගන්නේ නැහැ.
ඒ උත්තමයා කඩුව ඇදලා අරන්, රජ්ජුරුවන්ව මරන්න හිතලත් නැවතුණා. මතක් වුණා පිය රජ්ජුරුවො දුන්නු අවවාදේ!”
ඒ උත්තමයා කඩුව ඇදලා අරන්, රජ්ජුරුවන්ව මරන්න හිතලත් නැවතුණා. මතක් වුණා පිය රජ්ජුරුවො දුන්නු අවවාදේ!”
ජාතක කතාවේ කියන්නේ එවෙලෙහිම කොසොල් රජතුමා සිහිනයක් දැක,
භයෙන් ත්‍රස්තවී අවදි වුණු බවයි.
කොසොල් රජ්ජුරුවෝ හීනයක් දැකලා .......... |
“ඒක නේන්නං..... රජ්ජුරුවන් ඇහැරෙනකොට කුමාරයා කඩුව
අමෝරාගෙන ඉන්නවා.... රජ්ජුරුවෝ තවත් බය වුණා. ඒත්, හිතේ කේන්තිය සංහිඳිලා හිටි
කුමාරයා කඩුව පහතට දමලා ඇත්ත කිව්වා. ඉතිං කොසොල් රජ්ජුරුවෝ මොකද කළේ,
තණ්හාවෙන් අන්ධ වෙලා කුමාරයාගේ තාත්තාගෙන් උදුරාගත්තු රජකම දීඝිති කුමාරයාටම දීලා, දූකුමාරිකාවත් සරණ පාවලා දුන්නා.”
තණ්හාවෙන් අන්ධ වෙලා කුමාරයාගේ තාත්තාගෙන් උදුරාගත්තු රජකම දීඝිති කුමාරයාටම දීලා, දූකුමාරිකාවත් සරණ පාවලා දුන්නා.”
අද නම් ඒ වාගේ කතාවල හැංගිලා තියෙන තවත් ගොඩක් දේවල් මට
පෙනෙයි.
හැම රජාම හදන්නේ බලය තමුන්ටම තියාගන්නය. බැරිම නම් බලයට එන එකා එක්ක නෑදෑකමක් හරි හදාගන්නය. ඒත් බැරි නම් ඒකාගේ පක්කලි සර්විස් කරලා හෝ ඒකාට මුට්ටිය අල්ලලා හෝ රැස් වළල්ල සීමාවේ ඉන්නටය.
හැම රජාම හදන්නේ බලය තමුන්ටම තියාගන්නය. බැරිම නම් බලයට එන එකා එක්ක නෑදෑකමක් හරි හදාගන්නය. ඒත් බැරි නම් ඒකාගේ පක්කලි සර්විස් කරලා හෝ ඒකාට මුට්ටිය අල්ලලා හෝ රැස් වළල්ල සීමාවේ ඉන්නටය.
අපේ තාත්තාටත් උවමනා වුණේ අප හැමෝම එයාගේ අණට කීකරුව,
රැස් වළල්ල සීමාවේම කොටුවෙලා ඉන්නවා දකින්නටය. අන්තේවාසිකයන්; දරුවන් වුණත් කැරැලි ගහනවාට,
ස්වාධීන වෙනවාට කැමැති ලොක්කා කවුරුන්ද?
ස්වාධීන වෙනවාට කැමැති ලොක්කා කවුරුන්ද?
“මේ ගෙදර තාත්තා උඹද, මමද? හොඳට මතක තියාගනින්, පුතේ.
මමයි මේ ගෙදර ලොක්කා..... මමයි තාත්තා........”
එහෙම කියන තාත්තා ඊළඟට අඩු ස්වර පද්ධතියකට ‘ටෝන්’ එක මාරු කරයි.
“මෝඩයෝ, මාත් කැමැති නැහැ උඹව ගෙදරින් යවන්න. ඒ වගේද ඒ මනුස්සයට තියෙන දේවල්. බලපන්. හන්දියේම මහ පාර අද්දර ගෙවල්, ඉඩම්, ඔය ගෙදරම පුස්කකා තියෙන සල්ලි. යකෝ, ඔය ඒ ගෙදර ඉන්න ළමයි දෙන්නත් හදාගන්න ගත්තු අයලුනේ. නරක් වෙලා තියෙයි අපටත් ඒ වස්තුවෙන් කොටහක් හරි ලැබුණොතින්..........”
“මෝඩයෝ, මාත් කැමැති නැහැ උඹව ගෙදරින් යවන්න. ඒ වගේද ඒ මනුස්සයට තියෙන දේවල්. බලපන්. හන්දියේම මහ පාර අද්දර ගෙවල්, ඉඩම්, ඔය ගෙදරම පුස්කකා තියෙන සල්ලි. යකෝ, ඔය ඒ ගෙදර ඉන්න ළමයි දෙන්නත් හදාගන්න ගත්තු අයලුනේ. නරක් වෙලා තියෙයි අපටත් ඒ වස්තුවෙන් කොටහක් හරි ලැබුණොතින්..........”
ඉස්කෝලෙ ඇරිලා ඒ ගමන්ම උඹට ගෙදර ඇවිත්.... |
එහෙනම් තාත්තාගේ පැලෑන මගේ මාර්ගයෙන් පවුලට වත්කමක් එකතු
කරගන්නටය.
“උඹ මේකට බැහැයි කියන්න එපා. ඉස්කෝලේ ඇරිලා ඒ ගමන්ම උඹට
ගෙදර ඇවිත් යතෑකි. උඹ හවස රස්සාවට ගිහින් එනකොට කොහොමත් හතාමාර-අට වෙනවනේ බං.
ඒ රෑ ජාමේ ගෙදර ඇවිත් නිඳාගන්න ඩිංග එහෙ හිටියාම මොකද වෙන්නේ? හොඳට නිඳාගන්න එකනේ.... හරි නේද? තේරුණාද?”
ඒ රෑ ජාමේ ගෙදර ඇවිත් නිඳාගන්න ඩිංග එහෙ හිටියාම මොකද වෙන්නේ? හොඳට නිඳාගන්න එකනේ.... හරි නේද? තේරුණාද?”
ඇත්තම කිව්වොත් එදා නම් මගේ හිත හොඳටම කීරි ගැහුණේය.
ඒ තාත්තා ගැන නොවේ. දුප්පත්කම ගැනය. අප මේ තරම් අහේනි අඩියකට වැටුණේ මොන අවාසනාවකින්ද?
මට මුරණ්ඩු වෙන්නට පුළුවනිය. තාත්තාගෙන් ගුටි කෑවත්, මට හිතුණොත් මා මුරණ්ඩු නොවී හිටියේ නැත. ඒත් දැන් මුරණ්ඩු වීමෙන් වෙන්නේ අපේ මුළු පවුලටම ලැබෙන්නට යන වාසියක් නැති කර ගැනීමකි. මං එදා හිත හදාගත්තේ එහෙමය.
ඒ තාත්තා ගැන නොවේ. දුප්පත්කම ගැනය. අප මේ තරම් අහේනි අඩියකට වැටුණේ මොන අවාසනාවකින්ද?
මට මුරණ්ඩු වෙන්නට පුළුවනිය. තාත්තාගෙන් ගුටි කෑවත්, මට හිතුණොත් මා මුරණ්ඩු නොවී හිටියේ නැත. ඒත් දැන් මුරණ්ඩු වීමෙන් වෙන්නේ අපේ මුළු පවුලටම ලැබෙන්නට යන වාසියක් නැති කර ගැනීමකි. මං එදා හිත හදාගත්තේ එහෙමය.
ඔන්න එතැනින් විරාමයක් අරන් වේදිකාවට යනවා. ඒ කතන්දරේත් කියන්න
ඕනැනේ මේ අතරෙම!
ඉතින් නිහාල් අයියා නොහොත් විදුර නාට්ටියේ නා රජතුමාගේ
නාග මාණික්‍ය පොට්ටනිය වැහෙන්නට දෝතිය අන්දවලා ඉවර වුණු නිමේෂයේම අපේ තාත්තා main
කර්ට්න් එක ළඟට දිව්වේය. “සේරම හරි නේද. තිරේ අරින්නයි යන්නේ.”
ජාලරයක මුවාවේ කඳුළු හළමින් ඉන්නා....... |
ඔහොම තිරේ ඇරලා නාග රජතුමාත්, අනෙක් රජවරුත් එයාලගෙ සීන් ඉවර කළෝය. ඊළඟට තිබුණේ පෙහෙවස් සමාදන්වී ඉවර වී, නා රජතුමා නාග ලෝකයට ගියාට පස්සේ වෙන
දේවල්ය. රජ්ජුරුවෝ ready ය. “කෝ මේ නීලා?”
විමලා දේවිය නැත. “නීලා, නීලා.” තාත්තා කලබලයෙන් හොයද්දීය ජාලරයක මුවාවේ කඳුළු පෙරමින් ඉන්නා ‘විමලා දේවිය’ හම්බ වුණේ.
විමලා දේවිය නැත. “නීලා, නීලා.” තාත්තා කලබලයෙන් හොයද්දීය ජාලරයක මුවාවේ කඳුළු පෙරමින් ඉන්නා ‘විමලා දේවිය’ හම්බ වුණේ.
“මොකෝ, තමුසෙලා මෙතැනත් රණ්ඩුද? ඇයි ඕයි මං කියලා
තියෙනවා නේද මොන මඟුලක් කරගත්තත් නාට්‍යය හරියට කරගන්න ඕනියි කියලා. එනවා,
එනවා.... කඳුළු පිහගෙන එනවා!” යක්ෂාවේශවූ අපේ තාත්තා ගුගුරා හැලුණෙන් වුණේ විමලා
දේවිය හොඳටම බිරන්තට්ටු වීමය. ඒත්, විමලා දේවිය; නාට්‍යයේ හැටියට නම් මගේ මව්තුමිය
දඩි-බිඩියේ කඳුළු පිහගනිද්දී සිරි අයියා කොහෙන්දෝ මතුවී මාව මුල්ලකට ඇදගත්තේය.
“රංජි මල්ලී. ඔයාලගෙ තාත්තා නීලට බැන්නද?”
“අන්න අරහෙට යනවා. දැන් තාත්තා ඔයාව දැක්කොත් ආයෙම යකා
නටයි!” මම සිරි අයියාව පැත්තකට තල්ලු කළෙමි. ඒ ජෝඩුව එහෙමය. සක්වා ලිහිණි ජෝඩුවක්
වගේය.
සක්වා ලිහිණි මොන වගේදැයි ........... |
කරනවා නං ඔන්න වැඩක්. උන් මොන වගේද කියලා හොයලා බලන්න පුළුවන්ද?
සක්වාලිහිණි මොනවගේද යත් උන් සක්වා ලිහිණි වගේය. මහගම සේකර මහත්තයා මේ නමින් පොතක් ලිව්වේය. ඕන්න හරිද?
ReplyDeleteහරි ලොකු. ස්තුතියි. හැබැයි තව තියෙනවා, ඊළඟට කියන්නම්කො.
ReplyDeleteහොයන්ට කම්මැලි මොකද ඕව ඉන්ටනැට් එකේ තියනවකියලැයි.
ReplyDeleteසතියක් ඉවසල ඉන්නව ඔොන්නොේ 😂😂
ඉවසීම දේව ගතියක්ද මධූ?
ReplyDeletehttps://dreamingandsleeping.com/swallow-bird-spiritual-meaning-and-symbolism/
ReplyDeleteස්තුතියි Pra Jay, ඊළඟ කොටසට ඔබින ෆොටෝ එකකුයි, තොරතුරකුයි ලැබුණා ලින්ක් එකට ගියාම.
ReplyDeleteබෑ මේක කොරන්න නාට්ටි මැද්දේ නාට්ටි ... අතුරු නට්ටි සයිඩ් නාට්ටිත් යනව .. විදුර එක තැනමයි !
ReplyDeleteතරහ අවසර, ටිකෙන් ටික එපායැ කතන්දරේ කියන්න, ජීවිත කතාවක් නොව.
Delete