දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම
හිරිකිතයි!!!
අපේ රටේම; අපි වගේම; පුරවැසියන් සිය ගණනක්
මෙහෙම මරුමුවට පත්වීම ගැන හොඳටම දුකයි! මේ සුන්දර රට බලන්නට නොරට ඉඳන් ඇවිත් විපතට පත් විදේශිකයන් ගැනත් දුකයි!
මෙහෙම විනාශකාරී දේවල්වලින් ශ්‍රී ලංකාව
සමාජ, ආර්ථික, දේශපාලන..... හැම පැත්තකින්ම අගාධයකට අද වැටෙන බව හිතෙන නිසා තවත්
දුකයි. තිරිසනුන් වගේ වැඩ කරන.... (එහෙම කියන එක තිරිසන් සතුන්ටත් නින්දාවක්. උන්
තව සතෙකු ඝාතනය කරන්නේ ආහාරයට ගන්නට විතරයි. මේ?) ම්ලේච්ඡයන් ටිකක් හින්දා, හැම
මිනිහෙක් දිහාම සැකයෙන් බලන්නට සිදුවී ඇති නිසා අන්තිම දුකයි!!
මෙහෙම දේවල් වෙන්න කලින් මේවා දැනගෙන හිටියයි
කියලා ගරු අමාත්‍යවරුන් පම්පෝරි කියනවා. තව අයගේ තාත්තලාත් එයාලගෙ සහජාත පුතුන්ට
කියලා දේව මෙහෙයට යන්න එපැයි කියලා.
අනෙක් අයට ලැබුණු අනතුරු ඇඟවීම් ගැන තවම හරියට
කියවෙලා නැහැ. හැබැයි, වෙනදාට දේවමෙහෙයවලට යන ප්‍රභූන් ගොඩ දෙනෙක් මේ අවාසනාවන්ත
ඉරිදා දවසේ වාසනාවට පල්ලි ගිහින් නැහැ. තම-තමුන්; හතර වරිගේ ඇත්තන් විතරක් ආරස්සා
වුණාම ඇතිනෙ.
ඒ වගේම ප්‍රභූ ආරක්ෂාව නං තර කරපු කතන්දරත්
දැන්-දැන් ප්‍රසිද්ධියේම කියනවා.
එතකොට මේ සේරටම පළි අහිංසක රටවැසි අපිද? තමුන්නාන්සේලාට
ලක්ෂ ගණනින් පඩි ගෙවන්න, පෙන්ෂන් ගෙවන්න, තීරු බදු රහිත මිලකට හොඳම වාහන දෙන්න
නොසෑහෙන විදිහට බදු ගෙවන අපිද මේවටත් පළි? පොඩි මිනිස්සු මේවාට බිලි වුණාට කමක්
නැතිද?
රාජකාරි පැහැර හැරපු පොලිස්පතිතුමා ඉල්ලා
අස්වෙන්නේ නැතිනම් තව එක්කෙනෙක් පත් කරමුය කියලත් ඇමතිතුමෙක් යෝජනා කරලා. හොඳ වැඩේ.
ඒකම තමා වෙන්න ඕනේ. එතකොට අපටම තව දඬුවමක්. දැනටත් අපි වියදම් කරන හැම රුපියලකින්ම
සත අසූවක් විතර ගෙවන බද්ද තව ටිකක් වැඩි වෙච්චාවේ!
එදිනෙදා කරන රස්සාවල්- වෙළහෙළඳාම්- කුලීමලී
වැඩ කරගන්න විදිහක් නැතිව ඉන්න පොදු මහජනතාවටම කෙළවුණාවේ.
කන එකයි, xන එකයි දෙකම එකම කටෙන් කරන මුඛ පූට්ටුවී ඉන්නා................ |
හැබැයි, එකම එක උත්තම පුතෙක්වත් සිරි මුඛයෙන්
වදාරන්නේ නැහැ ‘වගකීම් හරියට ඉටු නොකරපු මැති-ඇමැතින් ඉල්ලා අස්වෙනු!’ කියලා.
කොච්චර
කෙළගත්තත් උන් සේරම එතැනදී එක අත්තේ. මුඛ පූට්ටු වෙලා. මට හිතෙන්නෙම ඒ මූට්ටුවීම නිසා
මුන්දැලාත් වවුලෝ වගේ සිරි මුඛවලින්ම පහරනවාත් වෙන්නැති.
ඒක ගැන හිතද්දීත් උන්දැලා ගැන මට නම් සත්තෙන්ම
හිරිකිතයි!!!
පසුවදන
2019 අප්‍රේල් 24 - පෙරවරු 8.40
අලුත් ප්රවෘත්ති බලද්දී මේ දැන් අපූරු පුවතක් දකින්නට තිබිණි. එයින් තහවුරු කෙරෙන්නේ 'සියලුම මැති-ඇමතිවරුන්ගේ ප්‍රභූ ආරක්ෂක නිලධාරීන්ට මෙම ප්‍රහාර ගැන කලින් අනතුරු අඟවා තිබුණු බවයි. ඒ අනුව කිසිදු ප්රභූවරයෙකු දේව මෙහෙයයන්ට සහභාගී නොවුණු බවයි.'
පුවත බලන්නට අවැසි නම් මෙතැනින් යන්න!
2019 අප්‍රේල් 24 - පෙරවරු 8.40
අලුත් ප්රවෘත්ති බලද්දී මේ දැන් අපූරු පුවතක් දකින්නට තිබිණි. එයින් තහවුරු කෙරෙන්නේ 'සියලුම මැති-ඇමතිවරුන්ගේ ප්‍රභූ ආරක්ෂක නිලධාරීන්ට මෙම ප්‍රහාර ගැන කලින් අනතුරු අඟවා තිබුණු බවයි. ඒ අනුව කිසිදු ප්රභූවරයෙකු දේව මෙහෙයයන්ට සහභාගී නොවුණු බවයි.'
පුවත බලන්නට අවැසි නම් මෙතැනින් යන්න!
ඇයි දෙයියනේ මුන්ට බැරිවුනේ අර දියවන්නාව මැද තියෙන හොරගුහාවට බොම්බයක් තියලා කාලකන්නි නිර්ලජ්ජිත මුසළ වසලයෝ 225 අපාගස්ත කරලා දාන්න. එහෙම උනානම් ලංකාවම කිරිබත් උයලා කනවා ආයේ දෙකක් නෑ.
ReplyDeleteතවම සිරි ලංකාවට විෂ්ණුන්නාන්සේගේ බැල්ම වැටිලා නැහැ අසංග!
ReplyDeleteආණ්ඩුවත් නිලධාරීනුත් ඉතාම නින්දිත විදියට වගකීම් පැහැර හැරලා තියෙන්නේ.
ReplyDeleteදැන් ඒ වගකීම් ගැන ඔවුනොවුන් බෝල පාස් කරන්න පටන් අරගෙන.
ආරක්ෂක ලේකම් කම දරන බත් බැලයා තමන්ට මහජන මුදලින් පඩි ගෙවන්නේ මොන ඉලව්වකටද කියලා වැටහීමක් නැති මන්ද බුද්ධිකයෙක්. රටේ ආරක්ෂාව බොන්දුවයි කියලා කියන්න වෙන මොකුත්ම ඕනේ නැහැ.
අපි හරිම පව්කාර ජාතියක්.
ඔව් නයනේ, ලේකම්තුමා කියලා තිබුනනේ 'හෝටලවල අය කරන්නේ බිස්නස් එකක් - ඒ නිසා ඒවායේ ආරක්ෂාව ගැන එයාලම බලාගන්න ඕනේ' කියලා. මං හිතන්නේ හෝටල් එහෙම තියෙන්නේ මේ රටේ නොවෙන්න ඇති.
ReplyDeleteඒ කාලකන්නි ලේකමා එක්ක නෙවෙයි මට තරහා.
Deleteඅපි දුක් මහන්සියෙන් උපයන රුපියලෙන් බදු ගහලා මුන් වගේ මීහරකුන්ට පඩි ගෙවන උන් එක්කයි මට තරහා.
තරහ බෝ වේවා!
Deleteපුදුම හිරිකිතයක් දැනෙන්නේ මේ දේශපාලකයෝ ගැන. දුකට වඩා දැන් තියෙන්නේ මහ එපා කරපු හැඟීමක්
ReplyDeleteඒත් අපිත් සද්ද වහං හිටියොත්?
Delete+++++
ReplyDeleteඉයන්, ගොඩ දවසකින්!
Deleteවැඩක්නෑ අයියන්ඩි කියල
ReplyDeleteඑහෙම නං අපි සේරම එකතු වෙලා වැඩක් වෙනකං කියමු! බිඳෙන් බිඳෙන් ජලේ - සෙමෙන් පිරෙයි කළේ!!
Deleteවැටත් නියරත් අනෙක් සියල්ලත් එක්වී ගොයම කාගෙන යන වගයි.
ReplyDeleteඑතකොට ඉතින් විනීතකම පැත්තකට දමා ගහලා, වැටයි නියරයි දෙකම විනාශ කරන්න ඕනි, කවදාම හරි. ඊළඟට තියෙන්නේ අලුතෙන්ම නියර බැඳලා, වැටත් හදන්න. ලෝකේ ගොඩනැඟිලා; දියුණු වෙලා තියෙන්නේ එහෙම අලුතෙන් යමක් හිතපු- කරපු මිනිස්සු නිසා නෙවෙයිද විනීත?
Deleteඑදා දේසපාලුවෝ, පොලිස්සිය, රහස් ඔත්තු සේවා ඇතුළු රජයේ නිලධාරීන් විතරක් නෙමෙයි මුන්ගේ ආච්චිලට වැලි තියෙන හාල් ගරන්න ... අල්ල, යෙහෝව, සක්කරයා, කතරගමය, සමන් ඉඳන් අනිකුත් තිස් තුන් කෝටියක් දෙවි බැටෑලියන් එකත් නිදා ගෙන නොවැ ඉඳල තියෙන්නෙ :(
ReplyDeleteඑහෙව් එකේ පලයල්ලකො තවත් එක එක දෙයියො කියාගෙන පඬුරු පාක්කුඩම් අරගෙන පශ්චාත් භාගය පූජ කරලා එන්න පල්ලි, පන්සල්, කෝවිල් ගානෙ :(
ආගම් සේරමගේම ඉන්න දෙවියන්ට වඩා ලොකු ගේම්කාරයන් පස්සෙන් ඉන්න නිසාද මන්දා තවමත් ඇත්ත හැංගිලා තියෙන්නේ! දෙයියොත් පළි ගගහා ඉන්නවා ඇත්තේ.
Delete