අකුරු මැකී නෑ

Monday, July 1, 2019

මාතර තානායමේ අමු හෙලුවෙන්...... දෙවෙනි කොටස

ජගත් චමිලගේත්, v ගේත් හෙලුවැලි රංගන ද්විත්වයේදී මට නම් කැපී පෙනෙන වෙනසක් තිබිණි. ජගත් පැහැපත්ය; සුකුමාරය; ප්‍රාණවත්ය! v කළුම නැතත් ඊට කිට්ටුය; නිද්‍රාශීලීය; ඒ සේරෝටමත් වඩා වෙනස, v ගේ පපුව-අත-පය පුරා තිබුණු මයිල්ය. “මේකා වලස් තෙල් ගානවද මන්දා!”

පපුවේ මයිල් යහමින් තියෙන මිනිස්සුන්ගෙ හිතේ කුහකකම අඩුයි!
“පපුවේ මයිල් යහමින් තියෙනවා නම් ඒ මිනිහගේ පපුව හොඳයි. සමහර පිරිමි ඉන්නවනේ පපුවේ එක මයිල්  ගහක්වත් නැති.... උන් අන්තිම කුහකයෝ!”, “ඇහි බැමි දෙක හාවෙලා තියෙන අය නපුරුයි!” යනුවෙන් කියුම් දෙකක්ම තිබේ; ඒ මවිල් හෙවත් රෝම ගැනය.

ගමේ උදවිය ‘කෙහුරු’ කියන්නට ඇත්තෙත් ඒවාටමද? 

මට මතක් වෙන්නේ අපේ ආච්චී දවසක් කෙනෙකුට බැන අඬගැසූ විදිහයි. “තමුසෙගෙ කෙහුරු පැහිලත් තවම හය-හතර තේරෙන්නෙ නැතිද?” (මගේ ළඟ තිබෙන ශබ්ද කෝෂවල කෙහුරු වචනය නැත.)     

අර වගෙම, ශාරීරිකව පෙනෙන දෙයක් ගැන තව කතාවක් තිබේ. දකුණතේ මහපටැඟිල්ල පිට පැත්තට නවන එක ගැනය. 

“ඇඟිල්ල හුඟක්ම නැවෙනවා නං ඒ මනුස්සයා බොහොම නම්‍යශීලීයි. එහෙම මාපටැඟිල්ල නැවෙන්නේ නැති අය හරි දරදඬුයි.” දැන් ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ නැහැනේ, නිමල් දිසානායක උන්නැහේ දන්නා-කියන අය ඇසුරෙන් ඒ කතන්දර ඇත්තද කියලත් දිගටම study කරන්නේය!

හොරෙන්-රහසෙන්!! නොදැනෙන්න වගේ!!!

(එයාගේ යහමින් මයිල් තිබේ; මහපටැඟිල්ල නැවෙන්නෙත් නැතිය.)

කළුතරදී බෝධියට පඬුරු දමන්නට වාහනේ නවත්තනවාමය....
අප මාතර ගමනට පිටත් වුණේ රහසෙන් හෝ හොරෙන් හෝ නොවේ! එදා දවල් කෑමෙන් පස්සෙය. එතකොට Highway එකක් ගැන හීනයක්වත් කාටවත් තිබුණේ නැත. ගාලු පාර එච්චර පළලත් නැත.

මොරටුවේ පාලම පැන්නාට පස්සේ පානදුරට යනකල්ම, ඕනෑම කෙනෙකුට හිතෙන් දන්නා තරම් කුණුහරුප කියවෙන මට්ටමකි තිබුණේ. 

ඉතාම කලාතුරකින් විතරක් මගේ මුවෙන් කුණුහරුපයක් පිට වෙයි. ඒකත් අමනාපයකින් නොවේ. මට හිතෙන්නේ සුසිල්වතුන් කවුරුත් මං වාගේ කියලාය. අත්තානං උපමං කත්වා!

“අනේ පුතේ, එනකොට ඇඟිලි විස්කෝතු ටිකක් ගෙනෙන් මතක ඇතිව.” 
ආච්චී කිව්වේ අප යන්නේ කොහේදැයි ඇහුවාට පස්සෙය. එතකොට අපේ අම්මාත් එංගලන්තයට ගිහින් නිසා ගෙදර වැඩිහිටි නිසි බලධරයා වුණේ ආච්චීය. සීයා හිටියත් ගෘහ මූලිකයා වුණේ ඡන්ද ලැයිස්තු පුරවන වෙලාවට විතරය. 

උඩවැඩියා වගාව හදාරද්දී එල්.එස්.වනිගතුංග මහතාගේ දෙසුමකට කන්දීගෙන.........
කලින් කිව්වා වගේ කොළඹ වටේ zig-zag රවුම් ගහලා, youth එකේ කට්ටියම වාහනයට එකතු කරගැනීමටම සෑහෙන වෙලාවක් ගත වෙයි. කළුතරදී බෝධියට පඬුරු දාන්නට වාහන නවත්තනවාමය. ඊළඟටය බේරුවල මෝනිස් බේකරිය ළඟ නවත්තන්නේ.

“තමුසෙලා සල්ලි ඉතිරි කරන්නය කියලා නොකා-නොබී වියදම් නොකර හිටියට FPA එක තමුසෙලාට පදක්කම් දෙන්නෙ නෑ. දන්නවද ඔය නැෂනල් කවුන්සිල් එකේ හාදයෝ ගෙදරට කොස්සක් ගෙන්නගන්නෙත් FPA එකේ වාහනේකින්.” 

පරණ ඇත්තෙක් අපේ වැඩ පිළිවෙල දැකලා කිව්වේය; කතාව ඇත්තය.

ප්‍රොජෙක්ට් එකක් සඳහා වෙන්වෙන මුදල් ඉතිරි වුණත් වෙනත් කටයුත්තකට වියදම් කරන්නට බැරිය. අදාළ අවුරුද්ද අවසානයේ ඒවා වියදම්වී නොතිබුණද ඊළඟ අවුරුද්දේ පාවිච්චියට ගන්නටත් බැරිය. 

“... ඉතින් තමුසෙලා වොලන්ටරි සර්විස් එකක් කරන එකේ ගමනක් ගියාම, අපි වගේ රෙස්ට් හවුස් එකක නැවතිලා, හොඳට කාලා බීලා, වැඩෙත් හොඳට කරනවා. ඒවාටත් එක්කයි සල්ලි ඇලොකේට් කරලා තියෙන්නේ!”

පැහැබර කැන්ඩියන් ඩාන්සර් මලක් වගේ තරුණ මනසත්.......
තරුණ වයස පැහැබර එකකි. දූෂිත නැත. මිනිසුන් තණ්හාබර වෙන්නේ, වැඩියෙන් වරදට පෙළඹෙන්නේ වියපත් වෙද්දීය. ඒ මට වැටහෙන විදිහය. කවුරුන් කොහොම කිව්වත් youth එකේ වැඩවලදී අපි අපටම අවංක වූයෙමු. 

මේ කියන්නේ ඒකට හොඳම සාක්කියකි.

ස්වේච්ඡාවෙන් ගියත් වැඩ සටහනකදී දේශනයක් පවත්වන්නෙකුට රුපියල් සීයක්ද කොහෙදත්; වැඩ සටහනක් වෙනුවෙන් යන කෙනෙකුට රුපියල් පනහක්ද කොහෙදත් ගෙවනු ලැබිණි.

හැම වැඩ සටහනකදීම පෙර හා පසු ඇගයීම් පත්‍රිකා දෙකක් බෙදා හරින්නට ඕනෑය; ඒවා නැවත එකතු කරන්නටත් ඕනෑය. දේශන අවසානයේ ඊට අදාළ පොත්-පත්‍රිකා බෙදා හරින්නට ඕනෑය. යන අයට කරන්නට වැඩ ගොඩකි.

ජනගහණ අධ්‍යාපනික වැඩ සටහනකදී දේශන පවත්වන අතරතුරේ...........
එහෙම වුණාය කියලාවත්, අවුරුදු දහයක් විතර තිස්සෙවත් වැඩ සටහනකට යන අයට හෝ දේශන කරන අයට හෝ ගෙවන මුදල වැඩි කරගන්නට අපේ කාටවත්ම උවමනා වුණේ නැත! ඒකට දැන් ඉන්නා දේශපාලුවෝ!   

වැඩ සටහනකට යද්දී අප ඉල්ලන තරමක් මුදල් ලැබෙයි. ඒවා වියදම් කරන්නටත්, ගණන් හිලව් පියවන්නටත් අපටම බලය ලැබෙයි. ඒ නිසා අඹ ගෙඩියක් කෑවත් ඒකට බිල්පතක් ගන්නට වෙයි. නැතිනම් අපටම බිලක් ලියා සහතික කර දෙන්නට වෙයි. 

අන්තිමේදී ඉතිරි මුදලුත්, වියදම් විස්තරයත් ටක්කෙටම- ලිඛිත සාක්ෂි එක්ක ඉදිරිපත් කරන්න ඕනෑය.

ඒවාට බයේ නොවේ, අපේ හෘදය සාක්ෂ්‍යයට බයේ අප වියදම් කළේ අවශ්‍ය දේට පමණි.

 “වෙන වැඩකට වියදම් වෙච්ච විදිහට බිලක් දාලා අපට අරක්කු බෝතලයක් අරන් දියල්ලකො මචෝ....” හිටිගමන් එහෙම ආයාචනාත් ඉදිරිපත් වුණේය; ඒ අපේම සගයන්ගෙනි. ඒත් කවදාවත් ඒවා ඉටුවුණේ නැත.

ඉච්චි xත්තිගෙ පුතාලා. උන් කන්නෙ බොන්නෙත් නැහැ, අපට....
“කොහෙද මේ xත්තිගේ පුතාලා කන්නෙ බොන්නෙත් නෑ. අපිට කන්න- බොන්න දෙන්නෙත් නෑ.” කියලාය ඒ වගේ වෙලාවල z අයියාගෙන් අහන්නට ලැබුණේ.

“ඉච්චි xත්තලා - ලෝබ කුණාලා.... යකෝ, අපි තම්බියෝ වුණාට හොඳට කනවා, බොනවා, වියදම් කරනවා. එහෙම කරලා ඉක්මනටම මැරිලත් යනවා....” එහෙම කිව්වට, z අයියා පපුවේ මයිල් යායක්ම තිබුණු කෙනෙකි!

ගාලු පාර ඔස්සේ යනවා නම් අපි නොවැරැදීම මෝනිස් බේකරිය ළඟ නැවැතුණෙමු; තේ බීලා යන්නටය.

“ඔන්න ගෙවල්වලට ගෙනියන්න ඕනේ දේවල් තියෙනවා නම් ඉක්මනට ගනිල්ලා. ආපහු එන ගමන් නම් ගන්න බලාගෙන ඉන්න එපා. අපිට සඳුදා උදේ වැඩට යන්න තියෙනවා.” හදිසිකාරයෙකු කියන්නේ කට්ටිය ලතවෙනකොටය.

සව් බොරොව් කාලා තියෙනවාද? මෝනිස් බේකරියේ ඒවා.....
අප පිටත් වෙන්නේ සිකුරාදා වරුවෙනි. වැඩ සටහන් තියෙන්නේ සෙනසුරාදාත්, ඉරිදාත්ය. ඉරිදා හවසට කවුරුනුත් බලන්නේ හැකිතාක් වේලපහින් ගෙවල්වලට යන්නටය. වේලාසන කියන්නේ නවයට-දහයටවත්ය.

“මෙහෙම ගමන් ආවම අතේ  තියෙන තුට්ටු දෙකටයි කෙළවෙන්නේ. ඇයි මචං, වෙනදාට සව් බොරොව්, ඉඟුරු විස්කෝතු ගෙදරට ගෙනියනවද? මෙහෙම ආවම කීයක් ජාතිද?” කතාව ඇත්තය. තජක සංචිතයෙන් ගෙවන්නේ තේ බොන බිල විතරය. ගෙවල්වලට ගෙන යන්නට ඕනෑ දේවල්වලට බරපැන තම-තමාගෙන්ය.

දරු පවුලක් නොහිටියත් එහෙම දවසට මටත් හොඳ ගණනක් වියදම් වෙයි. 

ආච්චී කැමැති ඇඟිලි විස්කෝතුවලටය. නංගිලා-මල්ලිලා ගෙනෙන්නට කියන්නේ සව් බොරොව්ය. මගේ ෆේවරිට් ජාති දෙකකි; වයින් බිස්කට් හා ඉඟුරු විස්කෝතු. ඒවා එකක්වත් අච්චුවල හැදූ දේවල් නොවේ; අතින්ම හැදූ බවයි පෙනුණේ. එහෙමය කියලා රහේ නම් කිසිම අඩුවක් තිබුණේ නැත.

ඒ කාලේ තිබුණේ එක මෝනිස් බේකරියකි. ඒ නිෂ්පාදන වෙන කොතැනකවත් විකුණන්නට තිබුණේ නැත.

ඉස්සර සිරි ලංකාවේ බාගෙට හෙලුවෙන් ඉන්නකොට කොහොමද?
“සුරතලියේ.... එක පුළියේ... හුන්දර රාජිනියේ...” 

z අයියාත් k අයියාත් සිංදුවකුත් පටන් ගනිති. ගායකයා k අයියාය, අත්වැල් ඇල්ලීම z අයියාගෙනි. වචන දෙක-තුනක් ගැයුවා විතරය; z අයියා නවත්තයි. 

“දැන්ම එපා මචං... සින්දු කියද්දී මුන් සරොම් ගලවන්නෙ නැතිව මාරු වෙයි. හරි..... මොකද කියන්නේ... දැන් මට තද වෙලා තියෙන්නේ.... ගලෝපන් xකෝ කිව්වම අහලා.”

නිරුවත් වෙන්නට ඉතිරිවී ඉන්නේ හතර දෙනෙකු විතරය. k අයියා, ak, aj සහ මාය.

පස්සේ කාලයක දැනගත්  විදියට යුරෝපාකරයේ නම් නිරුවත් රැලි; පෙරහරවල් පවා පැවැත්වෙයි. සමහරුන් ඒවාට සහභාගී වෙන්නේ පවුල් පිටින්ය. වික්ටෝරියානු සදාචාරය එන්නට පෙර අපේ තිබුණු සංස්කෘතියේ නිරුවතට තිබුණේ කොහොම පිළිගැනීමක්ද?

යුරෝපාකරයේ නම් දරු පවුල් පිටින්ම නිරුවතින් විනෝදවීම අරුමයක් නොවේ!
“යකෝoooooooo, උඹල මහ ලොකු ස්වෙච්ඡා සේවීන් නේද... පයනියර්ස්ලා නේද.... ඉස්සරහින් යන ලීඩර්ස්ලා නේද? ස්ටේජ්වල නැඟල සියගණන් කොල්ලො-කෙල්ලො ඉස්සරහ xකන හැටි කියන්නේ කිසි ලැජ්ජාවක් නැතිව. දැන් කාමරයක් අස්සේ ඉඳගෙන බිජ්ජ පෙන්නන්නද ලජ්ජා... ගලෝපන් k, ගලෝපන් උඹත්.... ඊට පස්සේ මං, මුන් දෙන්නාගේ සරොම් ගලෝලා #@%*%$#.”

දැන් z අයියා ඉස්සරට වඩා රෞද්‍රය; සැහැසිය. ටිකක් වැදෙද්දී එයා එහෙමය.

කාලගෝල කතාවේ දික්පිටියා චරිතය කරන්නට ඕනෑ ශරීර ස්වභාවය උත්පත්තියෙන්ම ලැබුණු කෙනෙකි k අයියා. k අයියාත් එක්කම හතර රියන් aj ත් සරම ගැලෙව්වේය. 

දැනටම අමු හෙලුවෙන් කාමරය ඇතුළේ හය දෙනෙකු සිටී. හරිම විචිත්‍රය. උසට-කොටට-මහතට-කෙට්ටුවට-මයිල් ඇතුව-මයිල් නැතිව......

මාතරට යන හැම වතාවකම වෙලාවක් තිබේ නම් පොල්හේනටත් යන එක අපේ පුරුද්දකි. ඒ දවස්වල පොල්හේනේ වෙරළ තීරය ලස්සනය. ගොඩනැඟිලි අඩුය. ඊට ටිකාක් මෑතින් රිටිපන්නකාරයන්ය. හරිම විචිත්‍රය.

මාතරට කිට්ටු වෙද්දී මුහුදු තීරයේ රිටිපන්න කරන අය දකින එක.........
දැන් නම් රිටිපන්න කරන අයත්, වෙරළේ තිබුණු ලස්සනත්, ඉඩකඩත් අඩුවේගෙන ගිහින්ය. හැම අස්සක්-මුල්ලක් පිරෙන්නටම ගෙස්ට් හවුසස්, හෝටල් ඉදිවෙලාය. මුහුදු වෙරළේ කැඩුණු කොරල් කැබැලි නම් වැඩිවෙලාය. ඒ දියුණුව හින්දාය.

දියුණුවට මුලින්ම බිලි වුණේ බෙන්තොට, හික්කඩුව, බේරුවල වගේ ඉසව්වන්ය. උණවටුන, පොල්හේන වුණත් දැන් එහෙමය. නීලාවැලිත් එහෙමය, පාසිකුඩාත් ඒ පාරේම යයි. මගේ දැනීමේ හැටියට තවම ටිකාක් බේරිලා තියෙන්නේ කායන්කර්නි හරිය විතරය.

දියුණුව, සංවර්ධනය එක්කම සොබාදහම වෙනස් කෙරෙයි. තජක උඩවැඩියා පාඨමාලාවේදී උගත් දෙයකින්ම ඒ කාරණාව හොඳින් පැහැදිලි වෙයි.

සාමාන්‍යයෙන් පිරුණු සොබාවයකින් යුතු උඩවැඩියා මල් කිනිත්තක තිබෙන්නේ අඩු මල් ගණනකි. කිනිත්තක වැඩිපුර මල් හටගන්නා වර්ගවල මල් පිරුණු ගතියකින් තොරය. ලෝකයේ, ව්‍යාපාරයක් ලෙස ඒවා වගා කරන්නට පටන්ගත් විගසම මේ කාරණය අවධානයට ලක් විණි.

දැන් තියෙන සේරම දේවල් දෙමුහුන් ඒවාය.
නොපමාවම ඒ දෙවර්ගය දෙමුහුන් කෙරිණි. ලැබුණු ප්‍රතිපලය යහපත් එකකි. අඩක් පිරුණු ස්වභාවයෙන් යුතු, වැඩිපුර කල් හටගන්නා උඩවැඩියා!

හැබැයි එහෙම දෙමුහුන් කරන්නට පුළුවන් වෙන්නේ එකම පවුලේ (කුලයේ) වර්ග අතර පමණි. ඩෙන්ඩ්රෝබියම්, වැන්ඩා, පැලනොප්සිස් එහෙම කුල කිහිපයකි. ශාඛ හා තිරිසන් සත්ත්ව වර්ග අතර මෙහෙම වුණත් මිනිසුන්ට එහෙම නොහැකියාවක් නැත. 

ඕනෑම රටක ඉන්නා, ඕනෑම වර්ගයක- තරාතිරමක ස්ත්‍රී-පුරුෂ දෙන්නෙකුට සංසර්ගයේ යෙදෙන්නට පුළුවනිය. දෙදෙනාම සරු අය නම් දරුවන් ලබන්නටද පුළුවනිය.

ඒ, මිහිතලය මත වෙසෙන්නේ එකම ප්‍රභවයකින් ජනිත වුණු මනුස්ස ප්‍රාණීන් බැවිනි. ඒ ගැන හිතද්දී දේශීය, විදේශීය, කුලවත්, කුලහීන, යුරෝපීය, ආසියාතික... සිංහල-දෙමළ-මුස්ලිම්....... 

සේරම බෙදීම් කොච්චර විහිලුවක්ද?

ඊට පස්සේ ඕලන්දක්කාරයෝ ආවා! ඇවිත් පුරුතුගීසීන්ව පන්නලා.....
පොල්හේනටත් ගිහින් මාතර තානායමට ආ අපි කවුරුත් රිසි-රිසි විදිහට පිරිසිදුවී මාතර කොටුව බලන්නටත් ගියෙමු.

“ඕකේ මොනවා බලන්නද බං. අවුරුදු සිය ගානකට ඉස්සෙල්ලා පුරුතුගීසිකාරයෝ ඕක හැදුවා. ඊට පස්සේ ඕලන්දක්කාරයෝ මෙහාට ඇවිත් උන්ව පන්නලා කොටුව ලොකු කරලා හැදුවා! ඔච්චරනෙ...”

“අනේ ළිං ගෙම්බෝ. ඉතිහාසේ.... ඉතිහාසේ. යකෝ ඉතිහාසේ කොච්චර වටිනවද? youth එකට පින් සිද්ද වෙන්න අපි රට පුරා කොහෙ-කොහෙ ගිහිල්ලා කොහෙ-කොහෙ තැන් කොච්චර බලලා තියෙනවද? උඹලගේ drink එකට පරක්කු වුණාට කමක් නැහැ, අපිට මාතර කොටුව බලන්න ඕනේ. එන්න බැරි නං උඹලා හිටපල්ලා. අපි ගිහින් එන්නං....”

ලන්දේසීන් ලංකාවට පැමිණීම, කළ කී දේ ඉතිහාසයේ ඇත. ඉතිහාසය අගයන්නේ නැති; නොදන්නා අයත් එක කාලයක් තිස්සේ ලංකාව පුරා කරක් ගැහුවෝය. ඒ VOC පිඟන් හොයන්නටය. ඒවාට ලක්ෂ ගණන් ගෙවූ කතන්දරත් අහන්නට ලැබිණි.

VOC පළඟාන් හෙවූ අයගෙන් වැඩි දෙනෙක්වත් ඒවායේ සුලමුල ...........
VOC කියලා කෙටියෙන් කිව්වේ Vereenigde Oostindische Compagnie වෙළෙඳ සමාගමේ නමය. නාවික බලය නිසාම කලක් ලොව බලවත් ජාතියක්ව හිටි ලන්දේසීන්ගේ Beurs van Hendrick de Keyser ලොව පළමු විධිමත් තොග අලෙවි මධ්‍යස්ථානය විදිහටත් සැලකෙයි.

ඉතින් තානායමේදී VOC පිඟානක් හම්බවුණා වගේ ඔල්වරසනක් ලැබුණේ ak ගෙත්, මගෙත් නිරුවතටය!

‘තවත් කල් මැරීමෙන් ඒ කරච්චලය සංහිඳෙන එකක් නැත. අන්තිමේ බලෙන්ම අපේ ඇඳුම් ගලවනවාට වඩා, ස්ව කැමැත්තෙන්ම ඇඳුම් උනා දැම්මාම ඉවරය.’ මට හිතුණේ එහෙමය.

ak ත් මාත් අතරේ හුවමාරු වුණේ ඉඟි කිහිපයක් පමණි. අපි දෙන්නාම ඇඳුම් ඉනුවෙමු. කාමරයේ වහලය දෙදරවමින් ඔල්වරසන්, අත්පොළසන් නැඟුණේ එතකොටය.

උපන් ඇඳුමෙන් විනාඩියක් ඉඳලා විළි වහගන්නට.........
විනාඩියක් උපන් ඇඳුමෙන් හිට, යළිත් විළි වසාගන්නට හැදුවා පමණි. “බෑ, බෑ. එහෙම බැහැ.... ඒයි වරෙල්ලා. හෙලුවෙන් මාර්ච් එකක් කරමු!”

“අන්න වැඩේ. හා, හා.... පේළියට පේළියට...”

නහයෙන් උඩට ගැලුවාට පස්සේ කොහොමත් එකය. z අයියාම කමාන්ඩ් කරමින් අපේ නිරුවත් පෙළපාලිය කාමරය වටේ ගෙනිච්චේය. 

march එකේ ගිය අන්තිම සවුත්තු හාදයා වෙන්නට ඇත්තේ මේ ලියන්නාය. ඒ හාදයා උපන් තේකට, ඊට කලින් ‘මාච්’ කරලා පුරුද්දක් නොතිබුණු බැවිනි. ඉතින් මොන ලෙෆ්ට්- රයිට්ද?

ජුන්ඩයියලා වන-වනා යන march එකක්.... 
වජු බිල්ල වන-වනා යන march එකක්... 
අට දෙනෙකු ඇට වන-වනා යන march එකක්... 
පිටින් ඉඳගෙන බැලූ කෙනෙකුට කොහොමට පෙනෙන්නට ඇතිද? පිටින් ඉඳලා.....? මෙච්චර කියාගෙන ඇවිදිනුත්, වැදගත්ම දෙයක් මට මඟ හැරිලානේ!

මේ මාච් එක අපූරුය. ඒත් එදා අපේ හෙලුවැලි පාලිය නම් කෙනෙකුට පෙනෙන්නට ඇත්තේ....
තජකයේ අපි කිසිම වැඩ සටහනකට පිරිමින් විතරක් හෝ ගැහැනුන් විතරක් හෝ නොගියෙමු! හැම විටම අප පැවැත්වූ වැඩ සටහන්වලට සහභාගී වුණෙත් ස්ත්‍රී-පුරුෂ දෙපිරිසමය. එබැවින් හැමදාම එවැනි ගමන්වලට තජක සාමාජිකාවන් දෙදෙනෙකුවත් යාම සිරිත විණි.

අප කොතරම් අන්‍යොන්‍ය අවබෝධයකින් යුතුව සහෝදරත්වයෙන් ඇසුරු කළත් ඒ බව දන්නේ අපය. 

තනි සාමාජිකාවක් අපේ ගමනකට ගියොත් පිටස්තර කෙනෙකු එය නුහුරට දකින්නට ඉඩ තිබෙයි. ඒ තත්ත්වය වළක්වා ගන්නට අපි සමත් වීමු. ඒත්, එදා ගමනට එක්වෙන බව කියා තිබුණේ එක සාමාජිකාවක් පමණි. අනෙක් අයට නිවාඩු ප්‍රශ්නයකි.

“මට විතරක් එන්න බැහැනේ බං. මාත් නවතින්නං. වැඩේ කියන්නේ අපරාදේ මගේ නිවාඩු එකහමාරක්....” ඇය නහයෙන් ඇඬුවේ මගෙත්  එක්කය.

ඔහොම වෙලාවට ඊශ්වර දෙවියන්ගේ ළඟ වගේ විසඳුම් තිබුණේ මගේ ...........
ඔහොම වෙලාවට දෙවි-දේවතාවුන් ළඟ වගේ, ක්ෂණික විසඳුම් වැඩියෙන්ම තිබුණේ මගේ ළඟය. 

එතකොට අපේ ඇඳුම් මැසීමේ පාඨමාලාව හදාරමින් හිටි සිසුවියකගේ ගෙදරට ගිය මම තත්ත්වය පවසා ඔවුන්ගේ උදවු පැතුවෙමි. අනේ, ඒ ගැහැනු දරුවාත් ගමනට මනාපය දුන්නාය; ඒ අම්මලාගෙනුත් අහලාය. 

එහෙමත් කරලා කෙළවුණේ අන්තිම මොහොතේය.

ඒ ළමයාව වාහනයට නංවා ගන්නට යද්දී ඇයට සහලවලා උණය! “දැන් වෙන කරන්න දෙයක් නැහැ. මොකද කියන්නේ..... උඹත් නැවතුනොත් ප්‍රෝග්‍රෑම් දෙකටම අපෙන් ගෑනු පුළුටක්වත් නැති වෙනවා. මෙහෙමම යමුද?”

අපේ මිතුරිය එකඟ වුණාය. ඒ කිව්වේ මාතර ගියේ එක ගැහැනු පරාණයකි. කලින්ම කාමර වෙන් කරන නිසා වෙන අවුලක් තිබුණේ නැත.

ඉර බැස යන්ටත් මත්තෙන් කට්ටිය සෙට් වෙන්නයි හැදුවේ..........
“සන් සෙට් වෙද්දීම, z අයියලා සෙට් වෙන්නයි හදන්නේ... චුට්ටක් එතැනට ඔළුව දාලා අපි එන්නං...”

“No ප්‍රොබ්ලම්... මාත් wash එකක දාගෙන එතැනට එන්නං.”

මෙච්චර වෙලා කියාපු සේරම සිද්ධ වුණේ ඊට පස්සෙය. 

march එක ඉවර වුණත් එක්කම මං කාමරයෙන් එළියට එද්දී අර සාමාජිකාව පුටුව උඩය. කෙල්ලගේ මුහුණේ හිර වුණු හිනාවකි.

“මොකද බං?”

"මොකෝ, මොකද බං ගාන්නේ....." ඒකිත් හිනාවීගත් ගමන්ය. හැබැයි හිනාව මහ සවුත්තු එකකි!

දැන් නම් මාතර තානායමේ ඒ කාමර කොහොමද කියලා මා දන්නේ නැත. ඉස්සර නම් කාමරවලට පිටතින් වැරන්ඩා එකේ පුටු කිහිපයක් තිබුණේය. අපේ මිතුරිය හිටියේ අප හිටි කාමරයේ දොර අද්දරම වූ පුටුවක වාඩිගෙනය.

පෙනෙන විදිහට නම් තවමත් මාතර තානායමේ කාමරවල ජනෙල්වලට තියෙන්නේ........
“උඹට ඇහුණද?”

“නෑහී තියෙයියැ... උළු උඩ යන්න බෙරිහන් දෙද්දී. උඹල ඔක්කොම දෙදරන්න කෑගහුවම මං බය වෙලා ජනේලෙන් බැලුවා.... ෂෝක් මාච් එක!”

එවෙලේම මගේ ඇස් දිව්වේ ජනෙල් දිහාටය. (වත්මන් ෆොටෝ කියන්නේ, තවමත් ඒ කාමරවල තියෙන්නේ ප්ලේන් වීදුරු බවයි.) එදාත් කර්ට්න් තිබිණි; ඒත් වහලා තිබ්බේ බාගෙටය. 

අමු හෙලුවෙන් හිටියාට වඩා ලජ්ජාවක් මට දැනුණේ ඒක දැක්කාමය!

එදා එතැන සිටි අයගෙන්, ඇයත්, තව කෙනෙකුත්, මමත් අදටත් ඉඳහිට හමුවෙමු. youth එකේ කළ-කී දේ ගැන සමරන්නෙමු. හැබැයි එදා මාතර ගමන ගැන නම් අප තිදෙනාම කසාය බිවු ගොළුවන්ය ෴

20 comments:

  1. පාද යාත්‍රා ගැනත් ලියයි නේද?

    ReplyDelete
    Replies
    1. Pra Jay
      අනිවාර්යයෙන් ලියනවා. 2013- 2016 අවුරුදු දෙකේ ගිය අත්දැකීමුත් එක්කම!

      Delete
  2. https://en.wikipedia.org/wiki/List_of_genetic_hybrids

    ReplyDelete
    Replies
    1. Pra Jay,
      ගොඩක් ස්තුතියි. ලින්ක් එකට ගියා. හරිම ඉන්ටරස්ටින්. ඉස්සරහට ලියවෙන දේවල්වලටත් එකතු කරගන්න දේවල් ගොඩයි!

      Delete
  3. අර ගෑල්ලමය සිහි නැතුව වැටුන කියලත් රට්ටු කියනව මං අහගෙන....

    ReplyDelete
    Replies
    1. අප්පද බොල, දැනුයි දන්නේ සීන් එක ලීක් වෙලා කියලා!

      Delete
  4. කැඩෙටින් කැම්ප් එකෙදි මමත් හෙලුවෙන් මර්ච් කරලා තියන්වා

    ReplyDelete
    Replies
    1. එව්වයෙදී නම් එහෙම කෙරෙනවාලුනේ!

      Delete
  5. කැඩෙට් කරන කාලෙ නාන්න උනේ හෙලුවෙන් ජූනියර්ල 10ක් විතර පෝලිමට එතන නම් අවුලක් නෑ
    ආමි ඉන්ටවීව් ගියා ජීවිතේට දැකපු නැති උන් ඉස්සරහ හෙලුවෙන් ඉද්දි කෝමද ආතල් අක

    ReplyDelete
    Replies
    1. සමහරුන් කිසිම ගණනක් නැතිව එළිපිටම හෙලුවෙන් නානවා දැක්කා දෙමටගොඩ CGR කැන්ටිම කරද්දී. අදටත් මට පුදුමයි එයාලා ගැන.

      Delete
  6. මේ නටලා තියන නාඩගං බැලුවාම FPA එක ඉතුරු වෙලා තියන එක පුදුමයි!!

    ReplyDelete
    Replies
    1. FPA එක නෙවෙයි සෑම්, මං ඉතිරි වෙලා ඉන්න එක! සත්තයි!!

      Delete
  7. Replies
    1. ස්තුතියි මියුරු!
      D.D.D. කියන එක ගැන නම් අදහසක් ආවේ නැහැ මහත්තයෝ.

      Delete
    2. හිනා ගිය නිසයි එහෙම දැම්මෙ නිදි. ඔය පහළ ඇනෝ කෙනෙකුත් පැහැදිලි කරල තියෙන්නෙ. :D

      Delete
    3. කවුද ළමයෝ ඔව්වා දන්නේ? තවම ඉගෙන ගන්නවානේ, ස්තුතියි! හොඳේ.

      Delete
  8. :D is the laughing emojy

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි පහදා දුන්නාට!

      Delete