භාෂා නෛපුණ්‍යය තිබුණු පළියටම හැමෝටම කරන්නට බැරි
වැඩ කිහිපයක් තිබෙයි. එකකි 'ව්‍යාපෘති ලිවීම'. ලාල් අයියා ඒකට සූරයෙකි. අමද්‍යපයටත්
මුද්‍රණාලයක් ලැබුණේ, පුස්තකාල ගොඩනැඟිල්ලක් ලැබුණේ ඒ හපන්කම නිසාවෙන්මය. ටැක්ට්ෆුල් වීම නිසාවෙන්ය.
ඒ ඔහුගේ 'tactful' ගතියට පින් සිදු වන්නටය, අපේ සමන්ති නංගි එංගලන්තයට යැවුණේත්!
ඒ ඔහුගේ 'tactful' ගතියට පින් සිදු වන්නටය, අපේ සමන්ති නංගි එංගලන්තයට යැවුණේත්!
ලොකු නංගිගේ අකල් මරණයෙන් පසු අපේ පවුලේ බාලම
දෙන්නා එංගලන්තයට
ගෙන්නා ගන්නට ඩැඩා කටයුතු යෙදුවේය. වීසා ඉල්ලුම්පත් පුරවා දෙන්නටත්, සම්මුඛ පරීක්ෂණයට අප කැටුව යන්නටත් ලාල් අයියා කැමැති වුණේය.
එවිට සමන්ති නංගිට අවුරුදු දහසය ලබන්නට ඔන්න-මෙන්නය.
"නිමල්, අපි සමන්තී නංගිටත් වීසා ඉල්ලමු. හැබැයි එයාට මෙව්වා දැන්ම කියන්න ඕනේ නෑ. හරි ගියොත් යනවා, නැත්තං සද්ද නැතිව ඉන්නවා. තවම දාසය පිරිලා නැති නිසා පුංචි ඉඩක් තියෙනවා වීසා හම්බ වෙන්න." ලාල් අයියා මට තේරුම් කර දුන්නේය.

'ලොකු දෙයක් ලාල් අයියේ. ඉන්ටර්විව් එකට යන්නෙත්
ඔයාමනේ. අපේ අම්මට නම් ඔය වගේ එව්වයෙදි පොයින්ට් එකට කතා කරන්න දන්නේ නැහැනේ." මම කීවෙමි.
අම්මාගෙ ඒ ගතිය නම් අදටත් එහෙමය. අපේ ඩැඩා ඒවාට කියන්නට පුරුදුව හිටියේ 'මම්බෝ-ජම්බෝ' කියලාය. සුද්දන්ට තියා, සිංහලෙන් හිතා ඉංග්‍රීසියෙන් කතා කරන මටත් අපේ අම්මා ඉංගිරිස්වලින් කියන සමහර දේවල් අප්‍රබංශය. ඒ කාලයේ ඉන්ටර්විව්වලදී අපට කැමැති
භාෂා පරිවර්තකයෙක් කැටුව යන්නට අවසර තිබීම අපේ වාසියට හිටියේය. ලාල් අයියා කළේ 'පරිවර්තක ජොබ්' එක නොවේ, 'ලෝයර් ජොබ්' එකත්ය. ඒක වැඩ කළේය.
තුන්දෙනාටම වීසා ලැබිණි. එව්වාට කොහොම ස්තුති කරන්නද?

වීසා ලැබී අපේ බාලම තිදෙනා එංගලන්තයට ගිය අලුතම.... |
"සලඅතසයෙ තියෙනවා මූලික අරමුණු හතරක්. බුදු
දහමේ 'සම්මා වායාම'වලදී කියනවා වගේ. කිසි දවසක මත් වතුර පාවිච්චි නොකළ අයෙක් ඒ
තත්වයේම තියා ගන්නට කටයුතු කිරීම. නූපන් අකුසල් නූපදවීම. දෙක, මත් වතුරට පුරුදු වුණු
කෙනෙක් එයින් මුදවා ගැනීම, ඒ කියන්නේ උපන් අකුසල් නැති කරගැනීම. අපි කිසි දවසක මත්
වතුර පාවිච්චි කරන්නේ නැහැ..........."
බොහෝ අවස්ථාවලදී අසා සිටින්නන්ට එපා නොවන්නට
ලාල් අයියා 'තෙල බෙදුවෙත්' 'බෙදන්නට පුරුදු කෙරුවෙත්' එහෙමය.
ඒවාට සිංගප්පූරුව, ඉන්දුනීසියාව හා යුගොස්ලෝවියාවේදී ඔහු ලද සන්නිවේදන පුහුණුව උපකාරී වූවා විය යුතුය.
ඒවාට සිංගප්පූරුව, ඉන්දුනීසියාව හා යුගොස්ලෝවියාවේදී ඔහු ලද සන්නිවේදන පුහුණුව උපකාරී වූවා විය යුතුය.
මිනිස් මොළය |
එහා-මෙහා යැවීමෙනි. සම්ප්‍රේෂණය කිරීමෙනි. දවසකදී කොච්චර ප්‍රමාණයක්ද කියලා හිතමුද.....
මෙන්න උදව්වක්! ලෝකයේම තිබෙන ටෙලිෆෝන් සේරගෙන්ම එක දවසකදී හුවමාරු වෙනවාට වඩා පණිවිඩ කන්දක් අපේ මොළය හරහා එහා-මෙහා වෙයි.
මට හිතෙන්නේ මගේ මොළය ටිකාක් O.T ත් කරනවා ඇති. ලාල් අයියා වැනි අයගේ මොළවලට නම් ඉස්පාසුවක් ඇත්තෙම නැතිව ඇති.
ඒ නිසාම වෙන්නට ඕනෑය; FPA එකේ දක්ෂයන් අමද්‍යපයටත්,
අමද්‍යපේ දක්ෂයන් FPA එකටත් කැන්දාන ගියේ. දක්ෂයන් එක්ක වැඩ කරන්නට නම් තමාගේ
දක්ෂකමුත් යාවත්කාලීන කරගත යුතු බව ඔහු හොඳින්ම දැන සිටියේය.
කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ අමද්‍යප ශාලාව අබියසදී....(බෙල් බොටම් යුගයේදී....) ඉදිරි පෙළේ වමේ සිට පස්වෙනියාට ඉන්නේ මං වහන්සේය. දකුණු කෙලවරේ ලාල් අයියා සිටී. |
මට පණ තිබෙන තාක් අමතක නොවන අත්දැකීමක්
ලබාදීම සම්බන්ධයෙන් මා ලාල් අයියාට හොඳටම ණය ගැතිය. ඒ අත්දැකීම ලද්දේ FPA එකේ ප්‍රොජෙක්ට්
එකකදීය. එම ව්‍යාපෘතිය දියත් වුණේ එළිමහන් සිර කඳවුරුවල සිටින රැඳවියන් වෙනුවෙනි.
සාමාන්‍යයෙන් යහපත් කල්කිරියාවෙන් යුතුව බන්ධනාගාරයේ සිටින සිරකරුවන්, නිදහස් වීමට ආසන්න කාලයේ එළිමහන් කඳවුරුවලට යැවෙයි. වීරවිල හා පල්ලෙකැලේ කඳවුරුවල රැඳවියන් උදෙසා තිබුණු වැඩ සටහන් දෙකකටයි මා සහභාගි වුණේ.

වීරවිල කඳවුරේ බලධාරීහු සාදරයෙන් අප පිළිගෙන,
සංග්‍රහ කළහ. ඒ අතරම අපට කරුණු කිහිපයක්ම අවධාරණය කළහ. "මුන් සිගරැට් ඉල්ලයි.
සල්ලිත් ඉල්ලයි. දෙන්න හෙම එපා!"
තේ පානයෙන් පසු කවුදෝ කෙනෙක් යටත්
නිලදරුවෙකුට සිරකරුවන් කැඳවන්නැයි
අණ දුන්නේය. මම බලා උන්නෙමි.
බොර පැහැගත් සුදු ජම්පර ඇඳගෙන, ඔවුහු නිරුවත් දෙපයින් යුතුව ඇවිදගෙන ආහ. ඒ වනවිටත් රැස්වීම් ශාලාවේ අපට අසුන් පනවා තිබිණි. හැබැයි අපේ වැඩ සටහනට සහභාගි වෙන පිරිසට මොකුත්ම නැත. අඩුම ගණනේ පැදුරක්වත්....
ඔවුහු සියලු දෙන කිසිදු ඇණවුමක් නැතිවම බිමින් වාඩි වූහ.
දෙයියනේ! එතන හිටි වැඩි දෙනා මැදි වියේ වූවන්ය. ඔවුන් බිම වාඩිවී සිටියදී
මා පුටුවකට පත බෑවෙන්නේ කෙලෙසකද?

වැඩිහිටි අය වාඩිවෙලා ඉන්නවට වැඩිය උඩින්
වාඩිවෙන්න එපා! ගෙදරදී අපට පුහුණු කරවා තිබුණේ එහෙමය. ඒත් දැන්? ඒ මදිවාට ඔවුන්
වැඩි දෙනාගේ මුහුණු විඩාබරය. අප්‍රාණිකය. උද්යෝගයකින් තොරය! සිරගතවී හිටියත්
ඔවුන්ටත් ආත්මයක් තිබෙනවා නොවේද? අභිමානයක් තිබෙනවා නොවේද? ඒ ආත්ම අභිමානය පලුදු
වුණොත්......
අන් අය ගැන මම නොදනිමි. මා සම්බන්ධයෙන් නම් එය
මෙවැනිය.
මා ආඩම්බරකාරයෙක් නොවේ. එහෙත් අභිමානවත් කෙනෙක්මි.
අද වනතුරුත් මා සේවය කළ එකම ස්ථානයකදීවත් මා හාම්පුතුන්ට 'සර්' කියා නැත. මා එසේ ආමන්ත්‍රණය කරනවා නම් එහෙම කරන්නේ 'බොක්කෙන්ම'ය; හැබෑ ගව්රවයෙනි. ඒ උගත් අයටය. එසේ වුවත් සිඟා කෑමේ යෙදී සිටින්නෙකුට වුවත් අගෞරව නොවන ලෙස හැසිරෙන්නට තරම් මා නිහතමානීය. ඒ ඔවුන් සතුවත් අභිමානයක් ඇතැයි අදහන නිසාය.
මගේ අභිමානය මට අනුප්‍රාණය සපයනවා සේම අන් අයටත් ශක්තිය දෙනවා ඇති නේද?

වීරවිල එළිමහන් සිර කඳවුරේ පින්තූරයක්
සොයද්දී බන්ධනාගාර ලාංඡනයත් ඒ පිළිබඳ විස්තරත් මට හමු විණි. මා ඒවා මෙතන උපුටා
දක්වන්නේ අපේ රටේ දෙපාර්තමේන්තු අපේම බස ගැන දක්වන නොසැලකිල්ල ගැන කනගාටුවෙනි!
මේවා කරන අයට ඒ සඳහා ගෙවන වැටුපට අපටත් දායක වන්නට සිදුවී තිබීම නිසා ඒ දුක තවත් වැඩිවෙයි. රට- ජාතිය- ආගම වෙනුවෙන් මැරෙන්නට හදන උදවියවත් උත්තම ජාතියකට අනන්‍යවූ භාෂාවක් තිබිය යුතු බව තකන්නේ නැති හැටි.
මේවා කරන අයට ඒ සඳහා ගෙවන වැටුපට අපටත් දායක වන්නට සිදුවී තිබීම නිසා ඒ දුක තවත් වැඩිවෙයි. රට- ජාතිය- ආගම වෙනුවෙන් මැරෙන්නට හදන උදවියවත් උත්තම ජාතියකට අනන්‍යවූ භාෂාවක් තිබිය යුතු බව තකන්නේ නැති හැටි.
ලාංඡනය
|
|
සිංහයා මගින් සංකේතවත් වන්නේ ජාතියේ අභිමානයයි.
|
|
වී කරල් දෙක මගින් රටේ සෞභාග්‍ය පෙන්නුම් කරයි.
|
|
දෙපර්තමේන්තුවේ අනන්‍යතාවය භාෂා තුන මගින් (සිංහල,දෙමළ
හා ඉංග්‍රීසි) පෙන්නුම් කරයි.
|
|
රැකවරණ්‍ය,ආරක්ෂාව හා පුනරුත්ථාපනය යන්න ප්‍රධාන තේමාව වේ. ඒ
සංකේත වන්නේ වාක්‍ය මගින්ය.
|
|
රැදවියන්ගේ ආරක්ෂාව යතුරු දෙක මගින් පෙන්නුම් කෙරේ.
|
|
ආදර්ශ
පාඨය
|
|
රැකවරණය,ආරක්ෂාව,පුනරුත්ථාපනය
|
මම දිවුරා කියමි! මා එදින ඒ අහිංසකයන්
ඉදිරියේ වාඩි වුණේ කඳුළින් දෑස පුරවාගෙනය. දේශනය පැවැත්වූයේ කිසිදාක නොදැනුනු
අපහසුවක් දැනෙද්දීය. ඒ සිදුවීමේ කූඨප්‍රාප්තිය එළඹුණේ වැඩ සටහනෙන් පසුවය.
මට මතක හැටියට නම් එවිට සවස හතරහමාරට-පහට
විතර ඇතිය. රාත්‍රී ආහාර වෙලාව.
එක් සිරකරුවෙක් ලොකු බත් සාස්පානකින් පෝලිමේ එන සිරකරුවන්ගේ බෙලෙක් පිඟන්වලට බත් හුණ්ඩුවකින් එකක් බෙදයි. තවකෙක් 'චෝරෝස්' ගා හොදි හැන්දක් නාවයි. නොඉවසිල්ලෙන් පෝලිමේ පැමිණ බත් සලාකය ගන්නවා මිස කිසිවෙකු බත් කනවා නම්
මා දුටුවේ නැත. ඒකට හේතුව හෙළිවුණේ ටිකකට පසුවය.

බන්ධනාගාර නියාමකයෝ සිර කඳවුර බලන්නටත් අපට
අවස්ථාව දුන්හ. වීරවිල එළිමහන් සිර කඳවුරේදී නම් චිත්‍රපටවල ඉන්නා අය වැනි 'ඉතාම
දරදඬු නියාමකයන්' අපේ ඇස නොගැටිනි.
එහි විස්සක-තිහක වැනි පිරිසක් 'ගාල්' කරන කුඩා ගෙවල් ටිකක් ඈතින්-ඈතින් තිබිණි. ගෙවල්ය කිව්වාට බිත්ති හතරක් හා වහලයක් පමණි ඒවාට තිබුණේ.
ඒවාට ජනෙල් නැත. විදුලිය නැත. ඇතුල් වෙන්නටත්-පිට වෙන්නටත් එකම-එක දොරක් විතරක් ඇත. එච්චර විතරක් නොවේ, එක මුල්ලක බිත්තියේ පහළින්ම ඌරු මීයෙකුට ලේසියෙන්ම රිංගන්නට හැකි තරමේ කුඩා කවුළුවකි.

ලාල් අයියේ, ඔයා මෙව්වා දැක්කාද කියා අද
වෙනතුරුත් මම නෑසුවෙමි. එහෙත් දැන් ලියමි. ඔබ සිටියේ නියාමක මහත්වරුන් සමඟ සාකච්ඡාවකය.
මා සිටියේ වැඩිහිටි සිරකරුවෙකු සමඟ සාකච්ඡාවකය. කඩිමුඩියේ සිර කුටියට ඇතුළු වුණු ඔහු අතෙහි තිබුණු රාත්‍රී කෑම වේල, පොලිතින් කෑල්ලකින් ඔතා ඊට පසු එය තවත් රෙදි දෙක තුනකිනුත් සීරුවට එතුවේය.
"ඇයි ඕක ඔච්චර ඔතන්නේ?" කුතුහලය නිසාම මම ඇසුවෙමි.

"දැන්ම කෑවොත් පාන්දර වෙද්දී උහුලාගන්න
බැරි තරම් බඩගින්නක් එනවා. රෑ වෙනකල් මේක පරෙස්සම් කරගන්න ඕනනේ....." බත් පත
පෙනෙන්නටම තිබුණොත් බලවන්ත හාදයෙක් ඒක ඩැහැගනී. වියපත් ඔහු වෙන මොනවා කරන්නද?
"ඉතින් කරුවලේ බත් කන්නේ කොහොමද?" මම තවත් ගොන් ප්‍රශ්නයක් ඇසුවෙමි.
"වෙන මොනවා කරන්නද මහත්තයෝ? හයට
ඉස්සෙල්ලා අපිව මේක අස්සට දාලා, ලොක් කරලා ජේලර් මහත්තුරු යනවා. පාන්දර වෙනකල්
අපෙන් එකෙකුට ලෙඩක්-දුකක් වුණත් එයාලට කතා කරන්න විදියක් නෑ. එකෙක් මළා වුණත්
එච්චරයි.....".
එහි මුල්ලකවූ 'ඌරු හිල' රාත්තිරියේ 'පොඩි
කතාවක් කරන්න' ඕනෑවෙන අයටය. ලොකු කතාවක් කරගන්න නම් තැනක් නැත.
ඒ සේරමත් මට කියන ගමන් ඔහු ඇසුවේ 'නැද්ද මහත්තයෝ සිගරැට් කොටයක්වත් ගන්න විදියක්?' කියාය. මා මෙසේ කියන්නේ අදට වසර තිස්පහකටත් වඩා ඈත අතීතයක තොරතුරුය. මානව හිමිකම් සුරැකෙන, ඇති ඇත්තන්ට මුදල් විසිකොට 'අසනීප සැප' ගත හැකි බන්ධනාගාර රෝහල් ඇති යුගයක තතු හෙම නොවේ!

'අපි සපත්තුවක් නොවී සපත්තු හදන අච්චුවක් වෙන
එකයි වටින්නේ. එකම අච්චුව පාවිච්චි කරලා එක-එක වර්ගයෙන්, එක-එක මෝස්තරවලින්, එක-එක
වටිනාකමින් යුතු සපත්තු හදන්න පුළුවන්!" ඒ ලාල් අයියා නිතර පාවිච්චියට ගත්
උපහැරණයකි.
ඒ අච්චුවෙන් නිපැයුණු කෙනෙකි, ජගත් කුමාර. ඒ
දවස්වල ඔහු සලඅතසයේ කාරක සභිකයෙකි. පසුව සමෘද්ධි නියාමකයෙක්වී, එම සංගමයේ සභාපතිවී
දැන් දේශපාලනයටත් බැහැලාය.
අද ඉන්නා දේශය පාලනය කරනවා යැයි තෙපර බාන උදවිය
හැට පිරුණත් අත අරින්නට නොකැමැති අයයි.
ලාල් අයියලා එක්ව ශ්‍රී ලංකා පවුල් සංවිධාන
සංගමයේ තරුණ ජනගහණ කමිටුව පිහිටුවීමේදී ඇති කරගත් සම්මතයක් මට මතක් වෙයි. කෙනෙකුට එහි
සභාපතිත්වය දැරිය හැක්කේ එක වසරක් පමණි. ලේකම් ධුරය වෙනුවෙනුත් ඒක එහෙමමය. මට
හිතෙන්නේ අපේ රටේ දේශපාලන පක්ෂවල තනතුරු ගැනත් එවන් සම්මතයක් ඇති වෙනවා නම්.......
ඉතින් ලාල් අයියේ, ඔබට ඉතාමත් ස්තුතියි!
ඒ මන්දැයි මේ උපුටනයත් කියෙව්වාට පසු කියන එක
වඩා හොඳය.
මේ උපුටනය Antler Group of Companies fb එකේ 2014.10.3 වැනිදා පළ වූවකිනි.
ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණයෙහි ලා කැපී පෙනෙන මෙහෙයක් ඉටු කළ මෙම සංවිධානය 1981 වර්ෂයේ දී නෝර්වේ හි “
බර්ගන්” නුවර පැවති ජාත්‍යන්තර යහපත් අමද්‍යපයන්ගේ මහා සම්මේලනයට ඉදිරිපත් කළ
යෝජනාවක් අනුව ජාත්‍යන්තර වශයෙන් අමද්‍යප දිනයක් සැමරීමට “ජාත්‍යන්තර අමද්‍යපයන්ගේ
සංවිධානය” විසින් ඒකමතිකව තීරණය කරන ලදී.
මෙහිදී මෙම දිනය ජාත්‍යන්තර වශයෙන් සැමරිය යුතු බවට යෝජනා කරන ලද්දේ, එවක සමස්ත ලංකා අමද්‍යප තරුණ සංවිධානයේ ලේකම් ධූරය දැරූ ලාල් හේවාපතිරණ මහතා විසිනි. අනතුරුව හේවාපතිරණ මහතාගේ යෝජනාව අනුව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය නිවාරණයෙහි ලා අනගිභවනීය සේවයක් ඉටුකළ “ජෝන් බී. ෆින්ච්” මහතා හට ගෞරව පිණිස ඒ මහතා මිය ගිය දිනය වූ ඔක්තෝබර් මස 03 වැනි දිනය ජාත්‍යන්තර අමද්‍යප දිනය ලෙස සැලකීමට එදින රැස්වූ සමුළුව තීරණය කරන ලදී.
එතකොට ලාල් අයියට කියන්නනේ තිබුණේ ''නිමල්
දිසානායක කියලා කබ්බෙක් ඉන්නවා. උගෙ උපන් දිනෙත් එදාමනේ." කියලා. එහෙම
නොකිව්වත් එහෙම වුණාට ස්තුතියි, හැබැයි මගේ යාළු බොනපාට්ලා නම් හිටු කියලා බනිනවා,
මට. "මූ ඉපදිලා තියෙන්නෙත් අපිට හතුරුකම් කරන දවසකමයි. බාර් වහලා හින්දා
පලයල්ලකෝ හොර pot හොයාගෙන!" කියමින්.
ඉතින්, ලාල් අයියා නිසා මා ඇති කරගත්
පුරුද්දක් ගැන ඔහුට තුති පුදමින් 'නැණ ලැබ ගත්තෙමි....' පෝස්ටු මාලාව හමාර කරන්නෙමි.
මා අත් ඔරලෝසුව පළඳින්නේ ඔහුව අනුගමනය
කරමිනි. ඔරලෝසුවේ මුහුණත ඇඟ පැත්තට හැරී තියෙන විදියටය. මුලින් නම් මා කළේත් එහෙම
නොවේ.
"ඇයි ලාල් අයියා ඔය විදියට ඔරලෝසුව බඳින්නේ?" මම ඇසුවෙමි.
"නිමල්, මෙහෙම බැන්දම වෙලාව බලන්න ලේසියි. අනෙක් එක ඔරලෝසුවේ මූණත කොහෙවත් වැදෙයි කියලා බයකුත් නෑ!"
ලාල් අයියාගේ ඒ කීම ඇත්තදැයි හොයා බැලීම අන්තිමේදී ඔයගොල්ලන්ටම බාරය!

ඔක්තෝබර් මස 03 වගේම තමයි ඔක්තෝබර් මස 02 වෙනිදත් මහා භයංකර එපා කරපු දවසක් .... :(
ReplyDeleteඇයි කියල හම්බ උනහම කියන්නම් !
මම මතක තියාගෙන ඉන්නම්, හමු වුනාම කියන්න!
Delete