අකුරු මැකී නෑ

Thursday, July 18, 2019

දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස

අප දෙන්නා ගල් ගැහිලා; තුෂ්ණිම්භූත වෙලාය. අර මනුස්සයා හෙමින් සීරුවේ අපේ ළඟටම ආවේය.
අප දෙන්නාම හිටියේ තුෂ්ණිම්භුතව ගල් ගැහුණු ගමන්මය!
මගේ හිත ඇතුළේ ‘දෙමෝලෙන් කොටන සද්දය’ ඒ මනුස්සයාටත් ඇහෙන්නට ඇති තරම්ය. “ඔය ළමයින්ට කෝච්චිය වැරදුණා නේද?” පාටෙන් කළු වුණාට, එයාගේ කටහඬේ නම් නපුරු පාටක් නැත.

“ඔව් මාමේ. අපි දුන්හිඳ බලල එනකොට බස් එක ආවේ හරි හෙමින්..... හෙට උදේ කෝච්චිය එනකං ඉන්නයි වෙන්නේ.”
“කොහෙද? ඉස්ටේසමේද....?”

“මොනවා හරි කාලා ඇවිත් බැංකුවක් උඩට වෙලා ඉන්නවා.”

ඔහු හිසේ අත ගසා ගත්තේය. “මේ සීතලේ කොහොමද ළමයිනේ මෙතැන ඉන්නේ? යං යං, මම ඉන්නේ රේල්වේ ක්වාර්ටස්වල.... මේ ළඟ. ඔය ළමයි දෙන්නා එහෙ හිටියාම උදේ පාන්දරම මෙහාට එන්නත් ලෙහෙසියිනෙ....” විලියම් මාමා කිව්වේය. 

එයාගේ ක්වාර්ටස් එක තිබුණේ රේල්වේ ෆ්ලැට් ෆෝම් එක පෙනෙන තෙක් මානයේය.

සීතල ගලාගෙන එමින් තිබුණේය.....
එතකොටත් සීතල ගලමින් තිබුණේය. ටැයියාත් ඇවිත් හිටියානං? එහෙනම් දැන් අපි තුන්දෙනාම ඉන්නේ දුන්හිඳ ඇල්ල අද්දර කැළේය; එහෙම වුණා නම්.... මේ පට්ට සීතල එහාට වැඩියෙන් දැනෙනවාට සැක නැත.

පොතක් කියවද්දී ඒකට සමාධිගත වෙනවා නම්, පොත රස විඳින රසිකයාත් ජීවත් වෙන්නේ ඒක ඇතුළේය. එහෙම වෙලාවට භෞතිකව උණුහුම-සීතල දැනෙන්නේ නැතිය. 

තිලක්ලා කැළේක තනි වුණු ටික මිස; වීර වික්‍රමාන්විත විදිහට කළ-කී දේවල් ටික මිස මේ හුටප්පර ඒ දවස්වල අපට කල්පනා වුණේ නැත! අපට කිව්වාට මට. ගොනා! තකතීරුවා!! අමන මරි-මෝඩයා!!!

ලාල් නම් කැළයේදී අහම්බෙන් දකින දාමරිකයන් දෙන්නෙක් පස්සෙන් යයි. ඒ දෙන්නා යන්නේ කප්පමක් ගන්නට ඇපයක් ලෙසින් රඳවාගත් අනිල්ව ගල් ගුහාවක හංගන්නටය. ගුහාවෙන් අනිල්ව මුදවාගන්නා ලාල් ආපහු ගුහාවට යන්නේ ජයග්‍රාහී විලාසයෙනි. 

ඒත් වනාන්තරයෙන් එළියට යන පාරක් හෙවිල්ලෙදී එයාලා පරාදය. “අපිට පාරක් හොයාගන්න පුළුවන් වෙයි, අර හොරු දෙන්නා ආපහු එනකං ගුහාව කිට්ටුව රැක්කොත්.

පාර හොයාගන්න යාමේදී නම්............
ඒ හපන්කම කරන්නට යන ලාල් මිනීමරු ගබෝ සිංඤෝ හා අන්තප්පුට අහු වෙයි. ලාල්ව කුදලාගෙන යන ඔවුහු, කංසා හේනක් වවන අන්දිරිස්ට ලාල් බාර දෙති.

ඒ විදිහට බලද්දී අප දෙන්නා නම් වාසනාවන්තය. ඒත් ටැයියා? ‘ටැයියාත් ලාල් වගේ කාට හරි අහුවුණාවත්ද?’ මට කල්පනා වුණේ රෑ කෑම කද්දීය.

“ඔය ළමයි කලබල වෙන්න ඕනේ නැහැ. මට රෑට කෑම හදවාගන්නේ ලැයිමේ ගෙදරකින්. ඔයාලා ඇඳුම් මාරු කරගෙන ඇඟපත හෝදා ගන්නකල් මං එහාට ගිහින් කියලා එන්නං බත් තුනක්ම ඕනෙයි කියලා.” අපේ වාසනාවටය, ඒ වගේ කෙනෙකුව අපට හමු වුණේ.

අනේ, අපේ සුන්නාත් මාත් ඇඟපත හෝදාගෙන බඩ පැළෙන්න කොටා බාන අතරේ, අපේ ආච්චිත්, අම්මාත් දෙන්නා ‘සුදහ ගින්දරේම’ බදුල්ල බලා එමින් හිටියෝය.

“අපට මොන කෑමක්ද ළමයෝ. කොච්චර වුණත් උඹලගෙ අම්මත් කෑවෙ නෑ. අපි දෙන්නම තේ එකක් විතරයි බඩට දාගත්තේ. මම නං සියලුම දෙවි-දේවතාවුන්ට පින් අනුමෝදන් කර-කර, සත්තක්රියා කර-කර ආවේ, තොපි දෙන්නට අතුරු-අන්තරාවක් වෙන්න දෙන්න එපා කියලා.” ආච්චී කිව්වාය.

ආච්චිලා ආවේ බදුල්ල නයිට් මේල් කෝච්චියේ .....
එයාලා ආවේ බදුලු දුම්රියේය; කොළඹින් එන ‘නයිට් මේල්’ බදුලු කෝච්චියේය.

“අම්මේ, සමහර වෙලාවට රංජිලා සෝම නංගිලාගේ ගෙදර ගියාද දන්නෙත් නැහැ. කෝකටත් කියලා අපි ඉස්ටේෂමෙන් බැහැපු ගමන් එහාට ගිහින් බලමු.... නේද?”

“ඒක හොඳයි තමා. එහෙට ගිහිං නැත්තං දුන්හිඳට යන්න වෙනවා.”

කොච්චර නම් ළමුන් ගෙවල්වලින් පැනලා යනවාද?  අවතැන් වෙනවාද? එහෙම ගිහින් ජීවිතය ජයගත් උදවිය ගැන කතන්දර බොහොමය. ඒවා ජීවනාන්දර බවට පත් වෙයි. වැරැදුණු අයගේ කතන්දර බොහෝවිට ප්‍රවෘත්තියක් වෙලා ඉවර වෙයි! 

සමහර අයගේ කතන්දර එළියට එන්නේ හුඟ කාලයකට පස්සෙය! හරියට මගේ කතාව වගේ!

“අම්මපා, ඔහෙ දිහා බලාපුවම කීයටවත් කියන්න බැහැ නොව ගෙදරින් පැනල යන ජාතියේ පොරක්ය කියලා. එහෙම ගියාට තෑග්ගක් දෙන්න වටිනවා.” මේ විත්තිය දැනගත්තාම මගේ හිතවතෙක් කිව්වේය.

ඔහෙට තෑග්ගක් දෙන්න වටිනවා ගෙදරින් පැනලා ගියා.......
ශ්‍රී ලංකාවේ මිනිසුන් ලෝකය පුරාම පිළිගැනුණේ ‘හිනා වෙන’ මිනිසුන් ඉන්නා රටක් විදිහටය. ඒ අතීතයේදීය. මාර්තු 20 ‘ලෝක ප්‍රීතිමත් දිනය’යි. ඒකට අදාළව, 2018 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය රටවල් 156ක් සහභාගී කරගෙන සමීක්ෂණයක් කරලා ඒකේ වාර්තාව එළි දක්වා තිබිණි.

අනේ, ඒ ලැයිස්තුවේ අප ඉන්නේ 133 වෙනි තැනය. 2017 දී නම් අප හිටියේ එකසිය දාහතේය!

එතැන හරි ඉන්න එකත් ලොකු දෙයක් කියලයි මට හිතෙන්නේ, ඒ සමීක්ෂණයට පාදක කරගත් නිර්ණායක දිහා බලද්දී. මූලික ඉපයීම්, සෞඛ්‍ය අපේක්ෂා, රටේ සමාජ නිදහස, සමාජ පරෝපකාරය, රටේ දූෂණ මර්දනය හා රාජ්‍ය ප්‍රතිපත්ති වගේ දේවල් තමා මූලිකවම විමසා-බලා තියෙන්නේ.

රටක සතුට පහළ යනවාය කියන්නේ ගෙදරක සතුට පල්ලම් බහින එකම නේද? එතකොට ඒක වැඩියෙන්ම දැනෙන්නෙත් නොදරුවන්ටයි, ළමයින්ටයි නේද? මොකෝ, එයාලා විරෝධතා කරන්නද- උපවාස කරන්නද?

ළමයින් උපවාස කරන්නද, විරෝධතා පෙළපාලි යන්නද?
ඇත්තම කියනවා නම්, අපේ ඒ කරදර සහිත ළමා කාලය අද සුන්දර විදිහට පෙනුණත්, එදා? ඒකත් හරිම පුදුමයක්. මට අනුව නම් ජීවිතයේ එදා අත්විඳි වෙහෙසකර-පීඩාකර-දුක්බර දේවල් තමයි අද වඩාත් රසවත් විදිහට දැනෙන්නේ..... එදා ක්ෂුධා ගින්නෙන් හිටි එක, අදත් බඩගින්නෙම ඉන්න වෙලාවක නං උඹැහෙට රසවත්ව දැනෙනවද, මොට්ට මෝලෝ?

කොහොම වුණත් හරිහැටි   රැකවරණයක් නොලැබෙන ළමුන්, නියාමාකර මාපිය සෙනෙහස නොලබන ළමුන් ගෙදරින් පැන යාමට නැඹුරු වෙන ප්‍රතිශතය ඉහළ එකකි.

අපේ කාරණාවෙදී නං ඒක තරමක් බොළඳය! මගේ පැත්තෙන් නම්.....? වචනයක් රකින්න විතරක්!

ගංජා හේනේ අන්දිරිස් අප්පුත්, කළුවාත් හිතන්නේ ලාල් වැදි කොලුවෙකි කියලාය. ඔවුන්ගේ මාර්ගයෙන්මය ‘වනගත ළමෝ’ තිදෙනා යළි දෙමාපියන් වෙත එන්නේ. ඒ වාගේ අප දෙන්නාට මිනීමරුවන්, නීති විරෝධී වැඩ කරන්නන් හමු වුණේ නැත, අපි අතරමං වුණෙත් නැහැනේ; විහින් වල් වැදුණා මිස.

ගංජා හේනේ අන්දිරිසුත් කළුවාත් හිතන්නේ......
කොළඹ සිට එන නයිට්මේල් එකත්, බදුල්ලෙන් උදේ කොළඹට පිටත් වෙන කෝච්චියත් බොහෝ වෙලාවට අතරමඟදී එකට හමු වෙයි. එදාත් එහෙම වුණාද නැතිද කියලා නම් නිච්චියක් නැත. 

හොඳටම දන්නේ, අම්මලා බදුල්ලට එද්දී අප කොළඹ බලා පිටත්ව ගොසින් තිබුණු බවයි; ඒ බදුල්ලේ ඥාතීන්ගෙන් කිසි කෙනෙකු මුලිච්චි නොවීය.

“ආනේ ලීලක්කා..... එන්න මයෙ අම්මාආආආ. එහෙනං ආයම ලීලක්කලා බදුල්ලට ආවාආආආ.” සෝමා පුංචි කතා කරන විලාශය අනුව නම්, හිමිදිරියේ අපේ අම්මලා ප්‍රාදුර්භූත වෙච්චි ගමන් කියවෙන්නට ඇත්තේ එහෙමය.

නෑයන් බලන්නට නොව, දෙපුතුන් හොයන්නට ආ බව කියූ සැණෙන් සෝමා පුංචිත් සාරියක් පටලවා ගත්තාලු. 

“ඔන්න ඒ පාර අපි තුන් දෙනාම දිව්වා බදුල්ලේ බස් ස්ටෑන්ඩ් එකට.... බස් එක එනකල් ඉන්න අතරේ කොයිකටත් කියලා කීප දෙනෙක්ගෙන් විපරම් කරලත් බැලුවා! ඔන්න එතකොට තමයි......”

ඒ පාර අපි තුන් දෙනාම දිව්වා බදුල්ලේ...................
ඔයාලා ‘ෂර්ලොක් හොල්ම්ස් කතා’ කියවා තියෙනවද? නැතිනම් ‘අගතා ක්‍රිස්ටි’ගෙ? 

සාර්ථක රහස් පරීක්ෂක කතන්දරවලට මං හරිම ආසාය. ඒවායේ පරිකල්පනය හරිම ඉහළය! කියවෙන ආකාරයට නම් ‘මේ පළමුවෙනි නූතන ඉංග්‍රීසි රහස් පරීක්ෂක නවකතාව’ 1868 දී, ලියා තිබෙන්නේ ‘විල්කි කොලින්ස්’ය. The Moonstone. 

එයාගෙම තවත් පොතකි Woman in White. මල් හතේ පොත් දෙකකි.

මල් හතය කියන්නේ සිංහල පරිවර්තන දෙකය. (දන්නවනේ, මගේ ඉංගිරිසි ‘යන්තම්-සන්තම්-පදම් සරණං ගච්චාමි’එකක්නේ). 

පළමුවැන්නේ පරිවර්තනය ‘චන්ද්‍රකාන්ති මාණික්‍යය’යි. පරිවර්තනය කර තියෙන්නේ ඩී.එච්.ජේ. කුරුකුලාරච්චි මහත්මයාය. ඒ පොත මට දුන් කෙනාට කොච්චර ස්තුති කෙරුවත් මදිය. 

අනේ, එයාගේ නම කියන්නට හැටියක් නැත. ඒ එයාගේ නෝනා මහත්තයා හින්දාය. නෝනා මහත්තයා වතාවක් මගේ අම්මා වුණු කෙනෙකි. 

එහෙම වුණේ ‘විධුර නාට්‍යය’ නටද්දීය. ඒකෙ විමලා දේවියට හිටියේ එයාය. 

තාත්තා; නා රජතුමාට හිටි නිහාල් අයියා නාග මාණික්‍යය එළියේ දමාගෙන සිංහාසනාරූඪවී ඉඳලා ඔර්ඩියන්ස් එකක් හිනැස්සෙව්වේ ඒකෙදිය! විමලා දේවියගේ ආදර පලහිලව් කියන්නංය කියලා කිව්වාට තවමත් කියන්නට වෙලාව ආවේ නැතිය.

එහෙම වුණේ විධුර නාට්‍යය නටද්දී................
පස්සේ කාලෙක නීලා අක්කා xxxx අයියාව කසාද බැඳගත්තාටත් පස්සේ, අපට රාත්‍රී භෝජන සංග්‍රහයකට ආරාධනා කළාය. කෑමෙන් පස්සේ ආපහු එන්න හදද්දී xxxx අයියා ‘මෙන්න, රංජි මල්ලීට මගෙන් තෑග්ගක්!’ කියලා දුන්නේ ඒ පොතයි.

ඒක ‘සමන්’ පොතකි. කවුදෝ එය ගල් කරගත්තාම, අවුරුදු ගණනක් තිස්සෙම මම එය හොයමින් හිටියෙමි. (තවත් අපූරු පොතක්වූ ‘ගලිවරගේ චාරිකාව’ත් ඒ පාරේම ගියා-ගියාම මිස ආවේ නැත.) 

ඔහොම හොයාගෙන ගිහින්, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පුස්තකාලයෙන්  ‘චන්ද්‍රකාන්ති මාණික්‍යය’ හා ‘ගලිවරගේ චාරිකාව’ පොත් දෙකම ගෙන්වා ගත්තේ යහළුවෙකු ලව්වාය. 

ඒ ඒවා ආපහු නොදෙන බවත්, ගහන දඩයක් මා ගෙවන බවත්, කලින්ම එයාට කියලාමය. විස්ස විජ්ජාල සිසුන් කොච්චර හොඳ ‘readers’ලාද කියනවා නම් ඒවා කියවලා තිබුණේ දහදෙනෙකුටත් අඩුවෙනි.

‘ඒත් නිමල්, උඹ කරන්න යන්නේ මහ පල් වැඩක්. ඔච්චරටම ආසයි නම් ඒවා කියවල ආපහු දීපං. දැන් ඒවා නොදුන්නොත් උඹ ළඟම ඔහෙ තියෙයි මැරෙනකල්. ජපුර ලයිබ්‍රරි එකේ ඒවා තිබ්බොත් තවම ඉපදිලා  නැති ළමයින් වුණත් අනාගතේ දවසකවත් ඒවා කියවාවිනෙ.’ 

මට කිව්වේ මගේම හෘදය සාක්ෂ්‍යයයි. මම ඒවා ආපසු යැව්වෙමි.

ඒ පොත් දෙක ගැන ප්‍රකාශකයන් කිහිප දෙනෙකුටම............
නමුත් පොත් ප්‍රකාශනයට සම්බන්ධ කිහිප දෙනෙකුටම ඒ පොත් දෙක ගැනම පුන-පුනා කීවෙමි. එහෙම කළේ ඒවා අච්චු ගස්වා ගන්නටය. දැන් ඒ දෙකම මුද්‍රිතව තියෙයි! Woman in White පොත ‘සුදු වත හැඳි කත’ නමින් පරිවර්තනය කර තියෙන්නේ මහානාම දිසානායක ශූරීන්ය.

අලුත් පරපුරේ ලියන-කියන අයටත් මේ පොත් කියවන්නට වටිනවාය. එහෙම කියන්නේ ඒවා ලියැවී තිබෙන ශෛලිය හින්දාය. 

කතන්දරය කියන්නේ කිහිප දෙනෙකුගේ කෝණයෙනි. සෝමවීර සේනානායක මහත්තයා ලියූ ‘ආදරයට බය මිනිස්සු’ත් ඒ විදිහම වුණත් කතාව කියන්නේ දෙන්නෙකු විතරය. 

ඒ වෙනවිට; ගෙදරින් පැනලා යනකොට ඔහොම පොත් කියවලා තිබුණත් මේ ගොන් නාම්බාට රහස් පරීක්ෂකයෙකුගේ ඉව තිබිලා නැත. මේකා හැම තැනම කරක් ගැහුවේ trace කරන්නට ලකුණු ඉතිරි කරමිනි.

“...... අපි එතනට ආව විරිදුකාරයකුගෙන් උඹලගෙ අයුරු ඇහුවා. අපේ ලේ රත් වුණේ එතකොටයි. -දැක්කා නෝන මහත්තයෝ, එක පිරිමි ළමයෙක් නං කොණ්ඩේත් වවලා.... ලස්සන කමිසයක් ඇඳගෙන හිටියේ... මට හොඳටම මතකයි... මහපට ඇඟිල්ලේ කැපිච්ච පාරවල් සිය ගානක් තිබ්බා.....- ඒ මිනිහා කිව්වා.” (මගේ බතික් කමිසේ!)

කැලෑ මණ්ඩිවලින් කොච්චරවත් කොල්ලෝ-කෙල්ලෝ අල්ලාන ආවා............
අපේ ආච්චිලා හොඳටම බයවී තියෙන්නේ ඊළඟට ඒ මනුස්සයා කී කතාව නිසාය. 

“පහුගිය දවස්වල කැලෑ මණ්ඩිවලින් කොල්ලෝ-කෙල්ලෝ අල්ලාගෙන එනවා ඉවරයක් නැහැ. නෝනලාත් පත්තර කියවන්න ඇතිනේ......... මොකට ගියාද දුන්හිඳ.... මම නම් දැක්කෙ නැහැ ඒ ළමයි ආපහු එනවා.....” 

ඒවා ඇහුණාම ආච්චිලගේ පපුවල ඇවිළුණු ගින්දර නිවිලා තියෙන්නේ දුන්හිඳට ගියාමය. “මෙහෙන් නං ඒ දෙන්නා පිටත් වුණා, බස් එකේ.... අපිමයි පරක්කු නොවී පිටත් කළේ.”

“දුන්හිඳින් කිව්වා විතරයි, අපි ආයෙම බදුල්ලට ආවා. අනේ ළමයෝ, උඹලා අපට දුන්නු ගින්දරක්...... ඒ පාපේ නං මේ සම්මජ්ජාතියේදී ගෙවලා නිම කරන්න බැහැ පුතේ. සෝමා තමයි කිව්වේ ඉස්ටේසන් එකටත් ගිහින් බලන්න..... අර මනුස්සයා විලියොං සේරම කිව්වා..... උඹලට කන්න-බොන්න නිදාගන්න දීලා, පරෙස්සමෙන් කෝච්චියටත් නැග්ගුවාය කියලා. එතකොට තමයි පුතේ.... ඉහළට ගත්තු හුස්ම පහළට වැටුණේ.”

වනගත ළමෝ පොතේ අවසානය සුඛාන්තයක් වුණත්...........
දොන් පීටර් පියතුමා ‘වනගත ළමෝ’ නිමා කරන්නේ සුඛාන්තයකිනි. අපේ කතාවත් පෙනෙන්නේ ඒ වගේමය.

ඒත් වසර 45කටත් වැඩි කාලයක් තිස්සේ හිතේම හංගාගෙන හිටි රහසකුත් දැන් කියන්නට වෙයි. (එහෙම දේවල් තවත් හංගාගෙන ඉන්නට නොවේ, ‘නිදිගෙ පංච තන්තරේ’ ලියන්න ගත්තේ.) මට හිතෙන්නේ මේ රහස දන්නේ විලියම් මාමාත් මාත් විතරය කියලාය. ඒත්, අපේ සුන්නා..... එයාත් ඒ වෙලාවේ එතැන හිටියේය......! 

අද වෙන තුරුවත් අප දෙන්නා මේ ගැන කතාකොට නැත. සුනිලුත් මේ කතාව දන්නවාද නැද්ද යන සැකය මා මියෙන තුරු හිතේ තිබෙනු ඇත. කමක් නැත.... කුතුහලයක් මිස ඒ ගැන බරක් මට නැත. 

එදා විලියම් අපේ ආච්චිලාට කියා තිබුණේ සම්පූර්ණ කතාවෙන් ටිකක්; කොටසක් විතරය. ඉතුරු ටික මෙහෙමය. මා කියන්නේ මගේ පැත්තෙනි. 

..... රෑ මැද්දස්සේ, හිටි ගමන් මට ඇහැරිණි.

1980 ගණන් වෙන තුරුම මට තිබුණු ඇබ්බැහියකි, මර නින්ද! ඒ දවස්වල නම් එය මට මහත්ම ආසිරිවාදයකුත් වූයේය. මොන කරදරයක්-ළතැවුලක්- දුකක්- වේදනාවක් තිබුණත් මට කුම්භකර්ණයාට වගේ නින්ද ගියේය. ‘උඹේ ලග්නෙත් කුම්භනෙ. ඒකයි ඔය හැටි නින්දට කෑදර.’ අපේ තාත්තාත් කිව්වේය.

උඹේ ලග්නෙත් කුම්භ නොවැ. ඒකයි ඔච්චර නිදිමත.
කොටින්ම, බස් එකක මහරගම සිට නුගේගොඩට යන ඩිංගට වුණත් මට නින්ද යයි. එහෙම නොවුණේ පොතක්-පත්තරයක් කියවමින් යනවා නම් විතරය.

එදා විලියම් මාමාගේ ලැයිම් කාමරයෙදීත් මට සැරේට නින්ද ගිහින් තිබුණේය. ඒත් ඇහැරුණේ හිටි ගමන්ය. එතකොටම මා දැඟලුවා වෙන්නට ඇතිය. ඔහුගේ හස්තය තදින් මගේ මුව වසාගත්තේය. 

මම බියෙන් බිරාන්තවී ඇස් දෙකම පියාගත්තෙමි; ඒ එක්කම යාන්තමින් ඇසිපිය විවර කර සිදු වෙනදේ වටහා ගන්නට තැත් කළෙමි. මට වැටහෙන්නට ගත්තේ .....  

විලියම් මාමා අතේ ආලෝක ප්‍රභවයකි. 

එහෙම කිව්වේ, එය ඉටිපන්දමක්ද- කුප්පි ලාම්පුවක්ද නැතිනම් කුඩා විදුලි පන්දමක්ද කියලා හරියටම ඔළු කටුව ඇතුළේ නැති හින්දාය. මොකක් වුණත් කමක් නැත..... 

ඒ මිනිහා එය අල්ලාගෙන මගේ සිරුර පුරාම නෙත් යවයි. දෙයියනේ.... මා හිටියේ හෙලුවෙන්ය. මගේ  නිරුවත් සිරුරේ හැම අඟලක්ම බැලෙමින්, පිරිමැදෙමින්...... 

ඒ මනුස්සයා අරතරම් පරිත්‍යාගශීලී වෙලා තිබෙන්නේ නිකම්ම නොවේ!

හරියට හොරර් film එකක වගේ, අල්තාරයක් උඩ............
පස්සේ කාලයක ‘Dracula’ වගේ ‘හොරර්’ චිත්‍රපට බලද්දී එවැනි දර්ශන තුබුණා මතකය. ගොදුර අල්තාරයක් මත ‘වශී පාශයකට හසුවී’ අසරණව වැතිරී සිටියි. වැම්පයරයා ආලෝකයක් හෝ ආයුධයක් හෝ අතින් ගෙන ගොදුරට නැඹුරු වෙයි. 

මේ යක්ෂයාත් එළියක් අතින් ගෙන කළේ ඒකය.

‘දෙයියනේ සුනිල්.’ මට සිහි වුණේය. මා නිරුවතින් බව, කාමාතුරයකුගේ පාශයේ පැටලී ඉන්නා බව එයාත් දකීවිද? 

හැරී බලන්නට මට ඕනෑ වුණත්, හෙලවෙන්නටවත් මට එඩිතරකමක් තිබ්බේ නැත. කරන්නට තිබුණේ එකම දෙයකි. 

මළ මිනියක් විදිහට; සීතල කෙහෙල් කඳක් විදිහට ඔහේ වැතිරී හිඳීමය. ඇත්තටම මට ඒ වෙලාවේ හැඟීම්-දැනීම් මොකුත්ම නොදැනුණා වගෙය; දැනුණේ භය පමණකි. ලජ්ජාවෙන් පිරී ආතුරවී හිටි මට හුස්ම වැටුණා විතරය!

ඒ විදිහට කොච්චර වෙලාවක් ගතවෙන්නට ඇතිද? තවමත් මට හිතාගන්නට බැරිය. 

අදටත් මට හිතෙන්නේ ඒ මුළු රාත්‍රියම එහෙම ගෙවෙන්නට ඇති බවයි. එදා හරි-හමන් නින්දක් ලබන්න ඉඩක් නොදුන්නාටය, මට වැඩියෙන්ම තරහ. අතුරුගිරියේ අජිත් අයියා එක්ක වගේ!

මේ ළඟදී සුනිලුයි මායි බදුල්ලේ දුන්හිඳ ඇල්ල බලන්නට ගිහින්....
හැබැයි, දැනුත් මම විලියම් මාමාට කෘතඥ වෙමි, බදුල්ලේ ෂර්ලි වගේම ඔහුත් මා අපයෝජනය කළා මිස මට පීඩාවක් කළේ නැත. එවැනි පරපීඩක කාමාතුරයෙකු වුණා නම් ඔහු මා පමණක් නොව සුනිල් මල්ලීවත් ග්‍රහණයට ගන්නට ඉඩ තිබිණි. 

ඊට පස්සේ අප දෙන්නා ඝාතනය කර දමන්නට වුණත්.... බලාගෙන ගියාම නියම මාරකය තිබුණේ බදුල්ලේ රේල්වේ ක්වාර්ටර්ස්වලය! දෙවතාවක්ම!!

මේ සිදුවීම ඔබට කියන්නට මා ඉතිරිවී සිටින්නේ ඒ දෙවතාවේම; ෂර්ලි හෝ විලියම් මාමා හෝ මාරයන් නොවුණු බැවිනි෴

15 comments:

  1. අර වටාරන් රවී ගොය්යා කීන විදියට පොතේ චරිතයනට ආරූඩ වෙලා හිතන්න පුළුවන්නං ඒක තමයිලු ලේඛකයාට පුදන්න පුළුවන් ඉහලම ගෞරවය.
    //පරිවර්තනය කර තියෙන්නේ මහානාම දිසානායක
    මේ මහානාම දිසානායක ටයිම්ස් ලංකාදීපේ වැඩ කරපු කෙනා නේද

    ReplyDelete
    Replies
    1. ඔව් සිරිබිරිස් උන්නැහේ. මහානාම මහත්තයා ටෛම්ස් එකේ හිටියනේ.

      Delete
  2. මට පුලුවන් භාෂා 2න් (සිංහල & ඉන්ග්‍රීසි ) ඔරිජිනල් කියවන්න තමයි කැමති. ඒ කියන්නෙ ඉන්ග්‍රීසි නිර්මාණවල සිංහල පරිවර්ථන හා සිංහල ඒවාගේ ඉන්ග්‍රීසි පරිවර්ථන යන දෙකම වැඩිය අල්ලන්නෙ නෑ. ඒත් ඉතා හොඳ අනුවර්ථන නම් තියනවා (මායා රංජන්ගේ ඉලියඩ් & අයිවන්හෝ අනුවර්තන. ගුණරත්නගේ ජන්ගල් බුක් අනුවර්ථනය) .
    කලාතුරකින් සබ්ජෙක්ට් එක අනුව පරිවර්ථන හොඳයි. උදා. ලංකාවෙ කැලයක් හෝ ගමක් ගැන ඉන්ග්‍රීසි පොතක සිංහල පරිවර්ථනයක් හොඳට රස විඳින්න පුලුවන්.කලාතුරකින් ඔරිජිනල් එකටත් වඩා ! ඒ පී ගුණරත්න , ස්පිට්ල්ව පරිවර්ථනය කලා වගේ ( මැකී ගිය දඩ මං Vanished Trails- සමන් ප්‍රකාශනයක් )
    ඒත් ඉන්ගලන්තෙ ගමක් ගැන සිංහල පරිවර්ථනයක් එහෙම නෑ.
    ඒ නිසා විදේශීය දේ ගැන තියන ඉන්ග්‍රීසි නිර්මාණවල සිංහල පරිවර්ථන කියවන්නෙ නෑ. වෙන යුරෝපීය බාසවකින් තියන එකක වුනත් ඉන්ග්‍රීසි පරිවර්ථනය සිංහල එකට වඩා හොඳයි. හැබැයි හින්දි හෝ බෙන්ගාලි එකක සිංහල පරිවර්ථනය ඉන්ග්‍රීසි එකට වඩා හොඳ වෙන්න පුලුවන්. විශයයට ලඟම බාසාව තමයි හොඳම එක මං හිතන්නෙ

    ReplyDelete
    Replies
    1. ඉලියඩ් මායාරංජන්ගේ පොත ත්‍රෝජ පුර සංග්‍රාමය, අයිවන් හෝ වන සංග්‍රාමය. මේ පොත් දෙකේම අලුත් මුද්‍රණ දැන් තියෙනවා මම දෙකම ගත්තා. හැබැයි මේ පොත් දෙකටම වඩා මා ආසාවෙන් කියෙව්වේ ඔහුගේම ටැලිස්මන් පරිවර්තනය මහෞෂධය.
      මායාරංජන් ගේ ශුද්ධ සිංහල එක්ක කියවන්න හරි අමාරුයි.

      Delete
    2. Pra Jay. මම ඔයා එක්ක එකඟයි,

      ව්ශයට අදාළ; සමීප භාෂාව හොඳම එකය කියන කරුණ මට හිතිලා තිබුණේ නැහැ.

      වංග, භින්දී භාෂා නම් සාර්ථක විදිහට ප්රිවර්තනය කෙරුණා වගේ දැනෙන පොත් බහුලයි.

      හැලපේ, මට හිතෙන්නේ මායාරංජන් මහතා හොඳටම හොඳ ස්වතන්ත්‍රවලට කියලයි. දිගාමඬුල්ලේ ආශ්චර්යය, පිටිසර මිනිස්සු වගේ ඒවා නිසයි මං එහෙම හිතන්නේ.

      එතුමාගේ ඔයා මුලින් කියා තියෙන පොත් මගේ ලඟත් තවම තියෙනවා. ඒවායේ බස ලියූ කාලයට සාපේක්ෂව නේද බලන්න ඕනේ...

      Delete
  3. "“අපට මොන කෑමක්ද ළමයෝ. කොච්චර වුණත් උඹලගෙ අම්මත් කෑවෙ නෑ. අපි දෙන්නම තේ එකක් විතරයි බඩට දාගත්තේ..."
    පියල් මැරිලා කියලා රත්නපුරා ගිය නන්දයි, පියල්ගෙ අම්මයි නම් සුදු රෙදි හොරුන්ගේ ලස්සනත් බල බල තමා ගියේ...

    "Woman in White පොත ‘සුදු වත හැඳි කත’ නමින් පරිවර්තනය කර තියෙන්නේ මහානාම දිසානායක ශූරීන්ය."
    මේක අනුවර්තනයක් විතරයි මට මතක විදිහට. නියමෙට්ම ඕක පරිවර්තනය කළේ චන්ද්‍රා අනගිරතන "සුදු හැදගත් කාන්තාව" කියලා. ඇත්ත.. ඒක මමත් කියවපු හොඳම රහස් පරික්ෂක කතාවක්..

    "ඒ මනුස්සයා අරතරම් පරිත්‍යාගශීලී වෙලා තිබෙන්නේ නිකම්ම නොවේ!"
    මේ මිනිහා ගෙදර එක්කන් යනකොට මට හිතුනේ "අනේ අද කාළේ ළමයෙකුට මෙහෙම නාදුනන කෙනෙක්ගෙන් රැකවරනයක් ලැබෙයිද? සමාජය කොච්චර පිරිහිලාද?" කියලයි.. බලාගෙන යනකොට එදත්, අදත් හෙටත් එකයි.. ලංකාවෙදි බුදුනුත් ෆේල්..

    ReplyDelete
    Replies
    1. සෙන්නා, චන්ද්‍ර අනගිරත්න මහත්තයාව හුඟක් අය දන්නේ 'රිවිරැස' පත්තරේ නරලොව හොල්මන් පිටුව නිසානේ. බ්‍රෑම් ස්ටෝකර්ගේ 'ඩ්රැකියුලා' පොතේ මුල්ම සිංහල පරිවර්තනය එයාගේ. නියමයි!

      සූරිය එකෙනුයි 'චන්ද්‍රකාන්ති මාණික්‍යය' නැවත ගැහුවේ. හැකි නම් හොයාගෙන බලන්න. සුදු වත හැඳි කතට වඩා රසවත්.

      Delete
  4. දුන් විතරක් නෙමෙයි කටේ කෙළත් හිඳ වෙන සීන්ස් එකක්නෙ වෙලා තියෙන්නෙ. මොනව උනත් වැඩේ සීරියස් මට්ටමට ගියෙ නැති එක හොඳයි.

    ReplyDelete
    Replies
    1. 'ඒකත් ජයසිරි මංගලම්' කියලාවත් කියමු නේද, ප්‍රසන්න.

      Delete
  5. නෙද්දකිං විලියොං මාමා… උන්දා ගැන අතිවෙලා තිබ්බ පහන් සංවේගය වාෂ්ප වෙලා ගියා කරපු අසික්කිත වැඩේ කියෙව්වම. ඒ උනාට කළ හොඳ දේ තමයි දෙන්නට ඊට වඩා කරදරයක් නොකර බස් එකේ පටවල ආපහු එවපු එක. මේ කාලෙක වගේ උනා නම් කීයටවත් පණ පිටින් ඉතුරු කරන්නෙ නෑ.
    'සුදු වත හැඳි කත' සහ 'චන්ද්‍රකාන්ති මාණික්‍යය' අපේ ගෙදරත් තිබුනා. 'සුදු වත හැඳි කත' නම් කියවලා ඇති ඉහේ කෙස් ගානට.
    අර පින්තූරෙ ඉන්න අහිංසක කොළුවගෙ (පින්තූරෙ ඇත්තටම නිදිගෙ එකක් නම් )මූණ බැලුවම නම් කීයටවත් හිතන්න බෑ මෙහෙම ඇට්ටර වැඩක් කරයි කියලා.

    ReplyDelete
    Replies
    1. අනේ මියුරු, ඔයාට උත්තර ලිව්වා. පළවී නැති හැටි දැනුයි දැක්කේ, තරහ වෙන්න එපා.
      ඒ පින්තූරේ මගේ තමයි. O/Lවිභාගෙට ගත්තු ID එකේ තිබුනේ. මගේ බ්ගලොයේ ලියන්නේ ඇත්තම ඇත්ත. අනුන් ගැන ලියද්දී වුනත් මා දන්නා තරමටම....

      Delete
  6. විලියොංකාරයගෙ අහවල් සෙට් එක ලච්චුවකට දාල වහල යතුර දුන්හිඳට විසි කරන්න එපැයි :0

    ReplyDelete
    Replies
    1. ඇහුවට තරහ වෙන්න එපා. ඥාතියෙක් පොලිසියේ ඉන්නවද? ඔය ලාච්චු තිබුනේ පොලිසිවල නේද?

      Delete
    2. ඔව්වා ලව් සර්වන්ට්ගේ කාලේ නුතන දෙතිස් දඬුවම් වල එවව්වනේ !!!

      Delete