ගහක් යට ඇත්තේ කියාගන්නට බැරි තරම්....... |
ශාක්‍ය වංශික සිද්ධාර්ථ කුමාරයා උත්පත්තිය
ලැබුවේත්, සම්මා සම්බුද්ධත්වයට පත් වුණෙත්, පිරිනිවන් පා වදාළේත් ගස් යටය.
ගහක් යට ඇත්තේ කියාගන්නට බැරි තරමේ සිහිලකි;
ලිහිලකි; නිවනකි!
එහෙත් එදා නම්, හිටියේ නුග ගහක් යට හෙවණේ
වුණත් එතුමාට දැනෙන්නට ඇත්තේ මරු කතරක පිළිස්සෙමින් ඉන්නවා වගෙය.
එහෙම නොඉවසිල්ලෙන් පුපුරු ගහමින් ‘තකුරාර්ථ දේවාදිත්‍ය ගාර්දියවසම් ළිඳමුලගේ නලින් කුමාර ද සිල්වා’ මහත්තයා කල් මරමින් හිටියේ මගේ දේශනය හමාර වෙනතුරුය.
එහෙම නොඉවසිල්ලෙන් පුපුරු ගහමින් ‘තකුරාර්ථ දේවාදිත්‍ය ගාර්දියවසම් ළිඳමුලගේ නලින් කුමාර ද සිල්වා’ මහත්තයා කල් මරමින් හිටියේ මගේ දේශනය හමාර වෙනතුරුය.
නලින් ද සිල්වා මහත්තයා කල් මරමින් හිටියේ.............. |
මට නියමිතව තිබුණේ ‘කථන කලාව හා සන්නිවේදනය’
මාතෘකාවෙන් පැයක දෙසුමක් කරන්නටය. පස්වරු 1.30 සිට 2.30 වෙනකල් විය යුතුය.
ඒ දවස්වල ‘සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය සමිති
සම්මේලනය’ සංවිධානය කළ වැඩ සටහන් ගොඩකටම මම සම්පත් දායකයෙකු වීමි. මගේ මතකය නිවැරැදි
නම් එතකොට සම්මේලනයේ සභාපතිතුමා වුණේ සමන් ජයසේකර තරුණ නායකයාය.
“නිමල් අයියේ, මේ සැරේ අපේ වැඩසටහනට සහභාගි
වෙන්නේ දහම් පාසල් ගුරුවරු-ගුරුවරියෝ පිරිසක්.... ඔයා එනවනේ ලෙක්චර් එකට....” එහෙම
කියලාය සමන් හීතල හිනාවක් දැම්මේ.
“.... දන්නවනේ... වෙනදා වෙලාවම තමයි නිමල් අයියට දෙන්නේ. ලන්ච් එකෙන් පස්සේ. ඒ වෙලාවට මේ දේශනය දාන්නෙම නිමල් අයියව ගැළපෙන හින්දා.... ගිය සැරේ ඔයාට එන්න විදිහක් නැහැ කිව්වම වෙන කෙනෙකුව දැම්මා. දේශනේ වෙලාවේ පාටිසිපන්ට්ස්ලා හිටියෙ නිඳා වැටි-වැටී.....”
“.... දන්නවනේ... වෙනදා වෙලාවම තමයි නිමල් අයියට දෙන්නේ. ලන්ච් එකෙන් පස්සේ. ඒ වෙලාවට මේ දේශනය දාන්නෙම නිමල් අයියව ගැළපෙන හින්දා.... ගිය සැරේ ඔයාට එන්න විදිහක් නැහැ කිව්වම වෙන කෙනෙකුව දැම්මා. දේශනේ වෙලාවේ පාටිසිපන්ට්ස්ලා හිටියෙ නිඳා වැටි-වැටී.....”
දේශනේ වෙලාවේ පාටිසිපන්ට්ස්ලා සේරම වගේ හිටියේ නිඳා ......... |
කෑම කෑවාට පස්සේ අපේ ආමාශයට වැඩියෙන් වැඩ
කරන්නට වෙයි. එතකොට එතැනට ලේ සැපයුමත් වැඩි වෙයි. කොස්ස තියෙන්නේ එතැනය. ආමාශයට
රුධිරය වැඩියෙන් යැවෙද්දී, මොළයට යැවෙන ලේ ප්‍රමාණය අඩුවෙයි. ප්‍රතිඵලය නිඳිමතක්
ඇතිවීමය!
දේශනයක් පවත්වද්දී ශ්‍රාවකයන්ට තියෙන්නේ
වාඩිවී අහගෙන ඉන්නටය.
හොඳටම හපන් දේශකයෙකුට වුණත්, එක තැන- එකම ඉරියව්වකින් වාඩිවී ඉන්නා අසන්නන් පැයක් තිස්සේ ඇද-බැඳ තියාගෙන හිඳීම ලෙහෙසි නැත. කථිකයා හපනෙකු වුණත් අහගෙන සිටින අයගේ අවධානය සැරින්-සැරේ එහා-මෙහා වෙන්නට ගනියි.
(මං හිතන්නේ පාසල්වල එක කාල පරිච්ඡේදයක්; පීරියඩ් එකක් විනාඩි 45කට සීමා කරන්නේ මේ හින්දාය.) කතාව නීරස නම් තත්ත්වය තවත් බරපතළ වෙයි.
හොඳටම හපන් දේශකයෙකුට වුණත්, එක තැන- එකම ඉරියව්වකින් වාඩිවී ඉන්නා අසන්නන් පැයක් තිස්සේ ඇද-බැඳ තියාගෙන හිඳීම ලෙහෙසි නැත. කථිකයා හපනෙකු වුණත් අහගෙන සිටින අයගේ අවධානය සැරින්-සැරේ එහා-මෙහා වෙන්නට ගනියි.
(මං හිතන්නේ පාසල්වල එක කාල පරිච්ඡේදයක්; පීරියඩ් එකක් විනාඩි 45කට සීමා කරන්නේ මේ හින්දාය.) කතාව නීරස නම් තත්ත්වය තවත් බරපතළ වෙයි.
කෑමෙන් පස්සේ දෙසුමක් කරන්නෙකු අනිවාර්යයෙන්ම වරින්-වර අසන්නන්ගේ මොළයේ රුධිර සැපයුම වැඩි කරවිය යුතුය.
ශ්‍රාවකයාගේ මොළයට සැපයෙන රුධිර ප්‍රමාණය......... |
ඒකට හොඳම ක්‍රමය ඔවුන් ඔළුවෙන් හිටවීමය. ඒක impossibleය!
එහෙනම් විනාඩි දහයෙන් දහයට වගේ ඔවුන් ප්‍රබෝධ කරවන්න! වෙනසක්, විවිධත්වයක් එකතු
කරන්න!!
සිනා ගැන්වීම එතැනදී ඉතා සාර්ථකය. කවියක්- ගීතයකින් කොටසක්- කුතුහලය අවුළුවන ප්‍රශ්නයක්- කටහඬේ තීව්‍රතාව වෙනස් කිරීම් ..... ඒවාත් එවෙලෙට ඔබින තුරුම්පුය.
සිනා ගැන්වීම එතැනදී ඉතා සාර්ථකය. කවියක්- ගීතයකින් කොටසක්- කුතුහලය අවුළුවන ප්‍රශ්නයක්- කටහඬේ තීව්‍රතාව වෙනස් කිරීම් ..... ඒවාත් එවෙලෙට ඔබින තුරුම්පුය.
මාත් ඕනෑ වෙලාවට තුරුම්පු අදින කෙනෙකු බව දන්නා සමන්ලා
කෑමෙන් පස්සේ ලෙක්චර් එක මට භාරදීමත් තුරුම්පුවක් කරගත්හ.
එදා දිවා ආහාරයට කලින් තිබුණු දේශනයේ
කථිකයාවී තිබුණේ මහාචාර්ය නලින් ද සිල්වා මහතාය.
“හරි වැඩේ නිමල් අයියේ... නලින්
සර්ගේ ලෙක්චර් එකේදි කිව්වනේ අවුරුදු තිහ පැනපු මිනිස්සුන්ට කොච්චර කියලා දුන්නත්
වැඩක් නැහැයි කියලා. එයාලගෙ ඉගෙනගන්න වයස පැනලලු... වැඩේ කියන්නේ නිමල් අයියේ අද
ඇවිත් ඉන්න දහම් පාසල් ටීචර්ස්ලා වැඩි දෙනෙක් තිහ පැනපු අය. ඒ ගොල්ලෝ නලින් සර්
එක්ක පැටලුණානෙ...”
“ඉතින් ඉතින්?”
නිමල් අයියේ, අද ඇවිත් ඉන්නේ දහම් පාසල් ගුරුවරු... වැඩේ ඇවිළිලා ගියා........... |
“දන්නවනේ පොරට තද වුණාම කොහොමද කියලා.... වැඩේ
ඇවිළිලා ගියා... අපි සර්ට කිව්වා අමතර විනාඩි පහළොවකට වැඩිය නම් දෙන්නම බැහැ
කියලා. ඒකට අපි එක්කත් තදවුණා. -තමුසෙලාට වෙලාව දෙන්න බැරි වුණාට කමක් නැහැ. මං
පල්ලෙහා ඉන්නවා ටී බ්රේක් එක වෙනකං... ප්‍රශ්නයක් තියෙන උන් එනවා එතනට- කියලා
හයියෙන්ම කියලයි ස්ටේජ් එකෙන් බැහැලා ගියේ. අර ඇටැක් කරපු ටීචර්ස්ල එනකල් ඔය
පල්ලෙහාට වෙලා බලන් ඉන්නේ!”
මම දේශනයක් අතරතුරදී සීමා සහිතව අදාළ ප්‍රශ්න
නඟන්නට ඉඩ දෙන්නෙක්මි. එදා සහභාගිවන්නන් මගෙන් ඇසූ ප්‍රශ්නවල පොදු ප්‍රස්තුතය හිතා
ගත්තැකි නේද?
ලොකුම අමාරුව වුණේ එදා මගෙන් ඇහුණු ප්‍රශ්නවලට බොරුත් නොකියා, තවත් දේශකයෙකුගේ ගෞරවයත් ආරක්ෂා කරන එකය. ඒ ඩියුටිය කරලා ආවා මිස තේ වෙලාවේ අරගලය කෙරුණාද නැද්ද කියලා නම් මා හෙව්වේ නැත.
ලොකුම අමාරුව වුණේ එදා මගෙන් ඇහුණු ප්‍රශ්නවලට බොරුත් නොකියා, තවත් දේශකයෙකුගේ ගෞරවයත් ආරක්ෂා කරන එකය. ඒ ඩියුටිය කරලා ආවා මිස තේ වෙලාවේ අරගලය කෙරුණාද නැද්ද කියලා නම් මා හෙව්වේ නැත.
එදා නලින් ද සිල්වා මහත්තයා එහෙම කියද්දී
එයාත් තිහ පැනපු කෙනෙකුව හිටි බව නම් පසුව මට මතක් විණි!
එතැනදී නම් සම්‍යක් දෘෂ්ටික දෙවි-දේවතාවුන් වහන්සේලාත් අහක බලලා වගෙය! |
දෙවියන් වහන්සේ ලෝකය මවද්දී අශ්වයාට දීලා
තියෙන්නේ ජව වේගය විතරය. ජව සම්පන්න අශ්වයාට නොදුන් ‘අං යුවලක්ම’ ජවය නැති; තඩි
ඇඟක් ඇති ගොනාට දුන්හ!
එහෙම කළාය කියන්නේ balance එක තියාගන්නලු! නලින් ද සිල්වා බිලිඳා පිළිසිඳ ගන්නා වෙලාවෙත් (සමහර දෙනා කියන විදියට නම් ‘ගන්ධබ්බ අවධියෙන් සංක්‍රාන්ති’ය වෙනකොට...) කවුරුම හරි මේ බැලන්ස් කරන වැඩේ කරලා වගෙය.
‘එතුමාගේ බුද්ධි මහිමය රටක් අල්ලන්නට තරම්
එකකි’යි මට හිතෙයි.
ඒ බුද්ධිය (මගේ පුරුදුම උපමාවකින් කියනවා නම්) සුනඛයෙකුගේ පශ්චාත් භාගයේ බඳින ලද මී වදයක් බවට පත් කරන්නටදෝ එතුමාට ‘අරුමැසි කේන්තියක්’ උරුම වෙලා හෝ උරුම කෙරිලා හෝ තිබේ. අන්න එතැනදී නම් සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාත් වැඩ හිඳ තිබෙන්නේ අහක බලාගෙන වගෙය!
ඒ බුද්ධිය (මගේ පුරුදුම උපමාවකින් කියනවා නම්) සුනඛයෙකුගේ පශ්චාත් භාගයේ බඳින ලද මී වදයක් බවට පත් කරන්නටදෝ එතුමාට ‘අරුමැසි කේන්තියක්’ උරුම වෙලා හෝ උරුම කෙරිලා හෝ තිබේ. අන්න එතැනදී නම් සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාත් වැඩ හිඳ තිබෙන්නේ අහක බලාගෙන වගෙය!
මං අහලා තිබුණේ මිනිසුන් වියපත් වෙද්දී
deposit වෙනවාය කියලාය. ඒකේ පදනමක් නැති බවට පළමු සාක්කිය මේ ලියන මාය. දෙවන
සාක්කිය නලින් ද සිල්වා මහත්තයාය.
එහෙම වුණත්, අදටත් නලින් මහතා කෙරෙහි ඇති මගේ
‘එක්තරා ගෞරවයක්’ නම් බිංදුවක්වත් අඩුවී නැත. නිවැරැදි සිංහල ඉගෙන ගන්නට එක
මාර්ගයකි එතුමාගේ ලියමන්. ඒවායේ සිංහල විශිෂ්ටය.
ඒ වග මං සනාථ කරගත්තේ බුකියේ මේ සටහන දැක්කාමය. මේ, ඒ ‘පෝස්ටුවේ ඡායාරූපය’ කි.
මට ඒ බව සනාථ වුණේ බුකියේ තිබෙන මේ සටහන දුටුවාමය! මේ සටහනේ 'සිංහල'ත් මගෙ දැනීම අනුව නම් නිවැරැදිය..... |
තිස්සෙම ‘ජාතිකත්වය’ උඩ දමන බොහෝ
සිංහලයන්ට හොඳ සිංහලෙන් කතා කරන්නට; ලියන්නට බැරිය. (සමහරු සුද්ද සිංහලවලට නම්
අතිදක්ෂයෝ වෙති.)
ඒ මහත්තයා වගේ කෝප ගන්න එපාය, මං තඩි පීලි
පැනිල්ලක් පනිනවාය; චුට්ටකට!
“නිමල් අයියේ, අන්න අනුර බණ්ඩාරනායක මහත්තයා
ඇවිත්.... ලොකු හාමුදුරුවෝ හම්බ වෙන්න....” ප්‍රෙස් එකේ වසන්ත අරගෙන ආ පයිණ්ඩය බර
කරලා කිව්වේ රහසක් හෙළි කරන්නා වාගෙය; උජාරුවෙන්ය.
ඔහු දුවගෙන අරන් ආ පයිණ්ඩය බරකොට කිව්වේ..... |
ප්‍රෙස් එක ‘සමස්ත ලංකා අමද්‍යප තරුණ
සංවිධානයේ’ එක විශේෂ ව්‍යාපෘතියක් වුණු ‘අමද්‍යප තරුණ පුහුණු මුද්‍රණාලය’යි.
ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ, තරුණ ජනගහණ
කමිටුවේදී මා හඳුනාගත් ලාල් හේවාපතිරණ මහතා හෙවත්
ලාල් අයියා මට විසල් කොක්කක් ගහලා, කෝට්ටේ ශ්‍රී නාග විහාරයට මා කැඳවා ගත්තේය.
තරුණ වැඩ සටහන් ව්‍යාප්ති නිලධාරිකමට එහාට ගිය මට දවස් කීපයකදී ප්‍රෙස් එක බලාගන්නට විණි.
තරුණ වැඩ සටහන් ව්‍යාප්ති නිලධාරිකමට එහාට ගිය මට දවස් කීපයකදී ප්‍රෙස් එක බලාගන්නට විණි.
“නිමල්... ටික දවසකට අච්චු කන්තෝරුව බලාගන්න
ඕනේ. අපේ xxx මහා සවුත්තු වැඩ ටිකක් කරලනේ. ප්‍රෙස් එකේ බඩු ගත්තු බිල් වෙනස්
කරලා.... රුපියල් 12/- බිල මේ මනුස්සයා 112/- කරලා. කොච්චර සීරුවට වැඩේ කරලද
කියනවා නම් ඒ ඒ බිලට හරි යන්න වෙන-වෙනම පෑන් හිට තියාගෙන ඉඳලා!” ලාල් අයියා
කිව්වේය.
ලාල් අයියා චිත්‍රපට නළුවෙකුත් වුණේය..... |
ඉතින් බැහැයි කියන්නද? එහාට ගිහින්, සති
දෙක-තුනක් යද්දී ප්‍රෙස් එකේ සෑහෙන වෙනස්කම් ටිකක් කරන්නට මට සිදු වුණේය. ඒවායින්
results පෙනෙන්නට වුණු විට ‘මුද්‍රණ කළමනාකාරකම’ මටම සින්න විණි.
ප්‍රින්ටින් ගැන මෙලෝ හසරක් නොදැන හිටි මං එහෙදී ඉගෙන ගනිමින් - කළ දේවල් වෙනම කියන්නට තරම්ය. ඒ පෝස්ටුවලට කලින් මේ වගේ එව්වා කියන්නේ වැඩේ වඩා දිග නොවෙන්නටය.
ඉස්-ඉස්සෙල්ලාම කියන්නට ඕනේ මගේ සාඩම්බරයට
හේතුවෙන කතාවකි; පම්පෝරියකි.
කල්පෙකට කලින් පරලෝකප්‍රාප්ත පියාණන්ගේ ෆොටෝ එකට ‘නැමි පනා’ පැලඳවූ ලොකු මහත්වරුන් හිටි රටකි මේ. එහෙව් රටක ‘පුංචි සිංඤෝ’ කෙනෙකු වන මං, මෙහෙම පම්පෝරියක් ගැහුවාට ඒකේ වැරැද්දක් නැහැ නේද?
කල්පෙකට කලින් පරලෝකප්‍රාප්ත පියාණන්ගේ ෆොටෝ එකට ‘නැමි පනා’ පැලඳවූ ලොකු මහත්වරුන් හිටි රටකි මේ. එහෙව් රටක ‘පුංචි සිංඤෝ’ කෙනෙකු වන මං, මෙහෙම පම්පෝරියක් ගැහුවාට ඒකේ වැරැද්දක් නැහැ නේද?
මා ගරුතර මාදුළුවාවේ සෝභිත ස්වාමීන්ද්‍රයන්
වහන්සේ හඳුනාගත්තේ ඒ රස්සාවට ගියාමය.
මට නම් ඒකත් සුළු-පටු ගෞරවයක් නොවේ! එතුමන්ට
රටේ විතරක් නොවේ පිළිගැනීමක් තිබුණේ. ඒ ගැන මං මොකුත් කියන්නේ නැත;
හැලප කඩේ බ්ලොගයේ’ පෝස්ට් එකකට සෑම් පෙරේරා දයාබර රසිකයා දමා තිබුණු කමෙන්ටුවක් එහෙම පිටින්ම මෙතැනට ඔබන නිසාය!
හැලප කඩේ බ්ලොගයේ’ පෝස්ට් එකකට සෑම් පෙරේරා දයාබර රසිකයා දමා තිබුණු කමෙන්ටුවක් එහෙම පිටින්ම මෙතැනට ඔබන නිසාය!
ඕවා නොදන්නා කෙනෙකුට බුදු වෙන්න තියා s.s.c.වත් පාස්වෙන්න පුළුවන්ද? |
සෝභිත
හාමුදුරුවන් ගැනත් ඉංගිරිස් බණ ගැනත් කියෙව්වාම මට පාසැල් කාලේ සිද්ධියක් මතක් උනා.
1976-79 වසර හතර මම උසස් පෙළ ඉගෙන
ගත් කාලයයි. සෑම පසළොස්වක දිනකට ආසන්නම පාසල් දිනයේදී අපිට ධර්ම දේශනාවක්
පැවැත්වෙනවා. ඒක පැවැත්වෙන්නේ ඉංගිරිස් භාෂාවෙනුයි. හිංගලෙන් වත් මලාට බණ අහන්නේ
නැති අපි, මේකට මේන් හෝල් එකට යන්නේ
අපේ උප විදුහල්පති 'කටයා' මහතාට බයේ මිසක්, බණ අහලා, සසර සයුරෙන් එතෙර වෙන අදහසින් නොවෙයි. (පාසැල Royal College කියලත් කිව යුතුයිනේ.) ඉහත
වකවානුවේ එක්තරා බණ දිනක අපේ විදුහල්පති පීරිස් මහතා, හාමුදුරුවන් හඳුන්වා දීම "සිංහලෙන්" සිදු කළා.
සිංහලෙන් කිවිසුමක්, ඈනුමක් වත් අරින්නේ නැති
එතුමාට 'සිංහල තෙරියා ඉල්ලේ' කියලයි අපි ඔක්කොම ඒ වනතෙක් හිතාගෙන හිටියේ.
හාමුදුරුවන්ගේ නම "නාග විහාර වාසී , මාදොළුවාවේ
සෝභිත" කියලයි කිව්වේ.
අපි
හැමෝම මේ වෙච්ච දේ (ප්‍රින්සිපල් හිංගලෙන් කතා කරපු එක) අදහාගන්න බැරුව පුදුම වෙලා
ඉන්නකොට සෝභිත හාමුදුරුවෝත් (සිංහලෙන්) බණට කියාපු දේවල් ඊටත් වඩා පුදුමයි. වයස
පනස් හතකට කිට්ටු මගේ ජීවිත කාලයේදී, බණකට
අහපු එකම වචනයක් හරි මතකයේ තියනවානම් ඒ එදා සෝභිත හිමි කියාපු දේවල් කිහිපයක්
තමයි.
එතුමා
කිව්වා බෞද්ධ සාහිත්‍යයේ කියැවෙන ආකාරයට සිද්ධාර්ථ කුමාරෝප්පත්තියෙදී ඇවිදීම, කථා කිරීම ඇත්තටම වෙන්න පුලුවන්ද?? උපන් ගමන් හයියෙන් ඇඬුවා කිව්වානම් විශ්වාස කරන්න
පුලුවන්. වයස විසි අටක් වෙලත් සිදුහත් කුමාරයා මහල්ලෙක්, ලෙඩෙක්, මිනියක් දැකලා නැද්ද? ඔච්චර එකේ යශෝධරා දේවියට හෙම්බිරිස්සාවක් වත් (ඒක ටිකක්
බරට උච්චාරණය කලාම අපි වාගේම එහි අරුත තේරුම් ගත්ත ගුරු මණ්ඩලයේ ගුරුවරියන් මුහුණ
වහගත්තාත් තාම මතකයි) හැදිලා නැද්ද??
බෞද්ධ දර්ශනයේ කියවෙන දේවල් විතරක්............. |
ඕවා
නොදන්නා කෙනෙකුට බුදු වෙන්න තියා ඇස් ඇස් සී වත් පාස් වෙන්න පුලුවන්ද? ආදී වශයෙන්. මේ උදාහරණ ගෙනාවේ බෞද්ධ සාහිත්‍යයේ කියැවෙන
අතිශයෝක්තියන් (උපන් වෙලාවේ කතා කිරීම, ඇවිදීම, සතර පෙර නිමිති වැනි දේවල්) විශ්වාස නොකර, බෞද්ධ දර්ශනයේ කියවෙන දේවල් පමණක් විශ්වාස කරන්න, පිළිපදින්න කියා කීමටයි.
මගේ
ජීවිතයේදී අහපු ප්‍රීතිමත්ම ධර්ම දේශනාව ඒකයි. ඒ දිනය දක්වා, බණ අහන්න මේන් හෝල් එකට ගියේ මරන්න ගෙනියන හරක් වගේ උනත්
එදායින් පසු නැවත එවැනි බණක් අහන්න ලැබේවි කියලා අපි කලින්ම හෝල් එකට ගිහිං
ඉස්සරහා පුටු අල්ලා ගත්තා උනත්, ඉන් පසු කිසිදිනෙක එවැනි
බණක් තියා සිංහල භාෂාවෙන් වත් බණක් අහන්න ලැබුනේ නැහැ . සෝභිත හිමිපාණන්ට නිවන්
සුව පතමි .
මං එහාට; අමද්‍යප ප්‍රෙස් එකට ගියේ 1986 අවුරුද්දේ මාර්තුවල වගෙය. මේ කියන්නේ 87-88 විතර කාලය ගැනය. ඒ දවසකය අනුර බණ්ඩාරනායක මහත්තයා ශ්‍රී නාග
විහාරයට ඇවිත් තිබ්බේ; වසන්ත දුවගෙන ඇවිත් ඒ ප්‍රවෘත්තිය විකාශ කළේ!
වසන්ත දුවගෙන ඇවිත් ඒ ප්‍රවෘත්තිය විකාශ කළේ.......... |
වසන්ත ටිකාක් විතර මොන්ගල්ය.
ප්‍රෙස් එකේ වැඩවලට එහාට-මෙහාට යන්නට, තේ හදන්නට, කෑම ගෙනෙන්නට, ඒවාට-මේවාට අත් උදව් දෙන්නටය ඔහුට හැකියාව තිබුණේ.
ඊට අමතරව අතු-පතු ගාන්නටත්, බිල් පත්වල නොම්මර ගහන්නටත් වසන්තට පැවරිණි. ඔය සේරටම අමතරව වසන්ත කළේ වටපිටාවේ පුවත් ගෙනෙන ‘මාධ්‍ය ප්‍රකාශක’ රාජකාරියයි.
අපරාදේ කියන්නට බැරිය, දැන් අය වගේම වසන්තත්
බොරු කිව්වේය. ඒවා අපට නොතේරෙතැයි හිතුවේය.
පැස්බරා ඔළුව වැල්ලේ ඔබාගත්තාම හිතන්නෙත් එහෙමලු. ‘දැන් මං හැංගිලා!’ ඒත් උගේ පුka එළියේ බව ඌ දන්නේ නැත.
පැස්බරා ඔළුව වැල්ලේ ඔබාගත්තාම හිතන්නෙත් එහෙමලු. ‘දැන් මං හැංගිලා!’ ඒත් උගේ පුka එළියේ බව ඌ දන්නේ නැත.
ඉතින්, වසන්ත ඊළඟ දවස්වල තව-තව ආරංචි
ගෙනාවේය. ‘මහාචාර්යතුමෙකුත් ආවලු.....’. ඒ මොනවා කිව්වත් පන්සලත් එක්ක; ගරුතර
මාදුළුවාවේ සෝභිත හිමියන් සමඟ වුණත් වැඩි පයුරු පාසනයක් මට තිබුණේ නැත.
අහිතකින් නොවේ. රාජකාරිය හරියට කරනවා නම් වටපිටාවේ අයගේ; ළඟපාත අයගේ දැනෑඳුනුම්කම් අඩු තරමට හොඳය.
අහිතකින් නොවේ. රාජකාරිය හරියට කරනවා නම් වටපිටාවේ අයගේ; ළඟපාත අයගේ දැනෑඳුනුම්කම් අඩු තරමට හොඳය.
අනුර බණ්ඩාරනායක මහත්තයා පෙරහරක ඉස්සෙල්ලාම එන කසකාරයා වගේ..... |
ලොක්කන් ළඟ දණින් වැටිල්ල, පූචානම්-ප්‍රශස්ති
කීම මට පුරුදු නැත. මා කියන්නේ ‘එහෙම එවුන් දැකීමවත් නොපතන්’ කියලාය. (මේ ලිව්වේ ‘තන් වර්ග 5’ ගැන හෙම
නොවේ!)
මගේ දැනීම නිවැරැදි නම්, අනුර බණ්ඩාරනායක
මහත්තයා පෙරහරකට කලින් එන කසකාරයා වගේ වුණේය. ඊට පස්සේ තව ගොඩාරියක් දෙනා
තනි-තනිවත්, පෙරහරිනුත් කෝට්ටේ ශ්‍රී නාග විහාරයට ආවෝය; ගියෝය. ‘ආවෝ-ගියෝ’ කොහෙ-කොහෙත්
ඉන්නවෝය!
“නිමල් මහත්තයෝ, මෙදා පොටේ නං අපේ ලොකු
හාමුදුරුවනුත් ලොකුම ලණුවක් ගිළියි වගේ... කොයි වෙලාවේ බැලුවත් මොකෙක් හරි
ඇවිත්නේ... දැන් දායක අපටවත් සෝභිත උන්නාන්සේ එක්ක කතා කරන්න විදිහක් නැහැනේ.” පන්සලේ
ප්‍රධාන දායක මහත්මයෙකු දවසක් මාදැක්ක කිව්වේ හොඳටම නොමනාපයෙනි.
(දැන් උන්නැහෙත් මිය-පරලොව ගිහින් නිසා නම කියන්නට හොඳ නැත!)
(දැන් උන්නැහෙත් මිය-පරලොව ගිහින් නිසා නම කියන්නට හොඳ නැත!)
ඔව්වා ළඟටම ඇවිත් කිව්වත් මං ඒවා හගිස්සන්නට
යන්නේ නැත. එළියට දෙන්නෙත් නැත. එයාලට ඕනේ කරන්නේ එයාලා කියන දේකට හොඳින් සවන්
දෙනවා දකින්නටය. අපි පණ්ඩිතකම් කියනවා අහගෙන ඉන්නට නොවේ!
දවසට දෙවරක් නොවරදවාම ශ්‍රී නාග විහාරස්ථානයේ ආවාස ගෙට....... |
ඔය කාලයේදී මට දවසකට දෙවරක් නොවරදවාම නාග
විහාරයේ ආවාස ගෙදරට යන්නට සිදුවිණි. උදේට ප්‍රෙස් එකේ යතුර ගන්නට හා හවසට ආපසු
එහෙන් තියන්නටය. ඊට අමතරවත් යන්නට වුණේ ටෙලිෆෝන් කෝල් එකක් ආවාමය. ශ්‍රී නාග
විහාරයටත්, ප්‍රෙස් එකටත් - සේරටම තිබුණේ එකම land line ෆෝන් එකක් විතරය.
ඒ ගියාම වුණත් මගේ ප්‍රතිපත්තිය ‘ඇයි
කිව්වොත් හොඳයි කියනවා’ය.
එහෙම වැඩි බජනෙට; අල්ලාප-සල්ලාපවලට නොගිය එක සමහරුන් දැකලා තිබුණේ මගේ මහන්තත්තකමක් විදිහටය. ‘ඉස්සර හිටිය මැනේජර් නං තිස්සෙම ඇවිත් කතාබහ කළාලු....’. එහෙම කියලවත් මං ‘සිල් බිඳ ගත්තේ’ නැතිය.
එහෙම වැඩි බජනෙට; අල්ලාප-සල්ලාපවලට නොගිය එක සමහරුන් දැකලා තිබුණේ මගේ මහන්තත්තකමක් විදිහටය. ‘ඉස්සර හිටිය මැනේජර් නං තිස්සෙම ඇවිත් කතාබහ කළාලු....’. එහෙම කියලවත් මං ‘සිල් බිඳ ගත්තේ’ නැතිය.
.
ඔහොම තියෙද්දී, දවසක් අපේ ලියුම් අරගෙන එන්නට
ගිය වසන්ත දඩි-බිඩියේ ආවේ ‘අන්න, නිමල් අයියට ලොකු සාදු දැන්මම එන්න කියනවා’යි
පණිවිඩයක් අරගෙනය.
සෝභිත හිමියන් එදා මාව එහෙම ගෙන්වාගත්තේ
විශේෂ රාජකාරියක් බාර දෙන්නටය. “නිමල්, මේ මහත්තුරු චින්තන පර්ෂදයේ සාමාජිකයෝ ....
එයාලා අලුතින් සඟරාවක් ගහන්නයි යන්නේ. ඒක අපේ ප්‍රෙස් එකේ අච්චු ගහන්න මෙයාලා
කැමතියි... අපිට පුළුවන්ද එච්චර දෙයක්...”
“පුළුවනි හාමුදුරුවනේ.”
“එහෙනං මේ මහත්තුරුන්ගෙන් විස්තර අහගෙන
කොටේෂන් එකක් හදලා, හේවාපතිරණ මහත්තයටත් පෙන්වලා මට ගෙනත් දෙන්නකෝ! කවදටද ඒක දෙන්න
පුළුවන්?”
චින්තන පර්ෂදයෙන් මාස්පතා සඟරාවක් ගහන්නයි යන්නේ......... |
“හාමුදුරුවනේ, මම අදම කොටේෂන් එක හදලා හවසට
යන ගමන් ලාල් අයියට දීලා ගිහින්, හෙට උදේට එනකොට ගන්න බලන්නම්.” ලාල් අයියලා එතකොට
හිටියේ නාග විහාරයට විනාඩි දෙක-තුනකින් යත හැකි දුරකය.
“ආන්න හොඳයි. මාත් රෑට ලාල් මහත්තයට කතා කරන්නංකෝ.”
මාදුළුවාවේ සෝභිත හිමියෝ කීහ.
පස්සේ දැනගත් විදිහට නම් ඒ ‘චින්තන පර්ෂදය’
තිලක් කරුණාරත්න මහත්තයත් එක්ක එකතුවී ‘ලක්මිණ’ පත්තරය අච්චු ගහලා නැවැතුණු
කාලයයි. වරින්-වර අපේ අමද්‍යප ශාලා ගොඩනැඟිල්ලේදී ‘චින්තන පර්ෂදයේ’ සාකච්ඡා,
රැස්වීම් එහෙමත් තුබුණාද කොහෙදය. මේ කාරණා දෙකම වැරැදි වෙන්නටත් ඉඩ තිබේ. ඒ ගැන මට
තියෙන්නේ හදිසියේ click වුණු ඡායාමාත්‍ර මතකයකි.
බණ කතාව තවමත් නැගලා යනවා වගේ. අසන්නන්ගේ අවධානය ලබාගන්න පුළුවන් ආකාරයට කතාවක් පැවැත්වීමේ හැකියාවට, සෝභිත හිමියන්ගේ ධර්ම දේශනයත් හොඳ උදාහරනයක්. වයස 17-19 වගේ නසරානි වයසක ඉන්න කොල්ලෝ සැට් එකකට බණ කියලා, ඒ බණ ගැන වසර හතළිහකට පසුවත් මතකයේ තියෙන්න හේතුව, එතුමාගේ කථිකත්වය සහ තැනට ගැලපෙන වචන යොදා ගැනීමේ හැකියාවයි.
ReplyDeleteඔයා මුද්‍රණ ශිල්පය ඉගෙන ගත්තේ නැතුව ප්‍රෙස් එකක් පාලනය කළා කිව්වාම මට මතක් උනේ , මමත් ලංකාවේ ' මුද්‍රණ ශිල්පය' ප්‍රාග් වෘත්තීය විෂයයක් වශයෙන් හදාරපු මුල්ම කණ්ඩායමේ (රෝයල් ජූනියර් එකේ 1972-75) ශිෂ්‍යයෙක් පමණක් නොවේ, ඒ විෂයට විශිෂ්ඨ සාමාර්ථයකුත් ගත්ත කෙනෙක්. හැබැයි ඒ දැනුම තවදුරටත් දියුණු කරගැනීමේ අවස්ථාවක් ලැබුනේ නැහැ. ඒ කාලේ අතින් අකුරු අමුණන අකුරු කේස් එකේ පහල කේස් එකේ වම් පැත්තේ උඩම පේලිය අ ග ට ර බවත් ඊළඟ පේලිය කි ගී ටි රි බවත් නම් තාම මතකයි.
දැන් ඔයාට කතා මාලා පහක් ලියන්න වෙලා නේද ?? පසුගිය එකට කොමෙන්ට් එකක් දාන එක අතපසු උනාට නොවරදවාම කියවනවා.
සැමට හොඳටම මතකය්නේ. අ ග ට ර, කි ගි ටි රි ත් හරි. එක කිව්වේ මගේ ළඟ සූදානමින් තියෙන අකුරු කේස් දෙකේ ෆොටෝ බලලා.
Deleteමගෙන් කෙරුණේ පරිපාලන වැඩනේ. කොම්පෝසින් කෙරුණේම නැහැ. හැබැයි, අච්චු ගහලා ඉවර වුණු මැටර්වල අකුරු ඉක්මනට ගන්න ඕනේ නිසා මාත් දිෂ් කරලා නම් දුන්නා.
ඊට අමතරව ෆෝල්ඩින්, ගැදරින් කළා වැඩ වැඩි වුණාම.
දුන්හිඳ අද්දර මාරකේ ඉවර නිසයි අලුත් එකක් පටන් ගත්තේ. කැටගරි තුනයි, සෑම්.
++++++
ReplyDeleteස්තුතියි ඉයන්!
DeleteI do not have a good perception about Ven Maduluwave, his Bana was good no doubt. However he was 100% political animal, once I was with a group of friends active in his 'Amadyapa' thing, after sometime he only supported politically motivated programs only. In short Amadyape was front for supporting some people to come-up in politics. We all know he wanted to be the common candidate in 2015.
ReplyDeleteඅපි අම්ද්යපයට සම්බන්ධවී හිටියේ 1987 විතර ඉඳලයි. 92 වෙද්දී මම ප්‍රෙස් එකෙන් ඉවත් වුණා. එතකොට තමයි සෝභිත හාමුදුරුවන් වහන්සේ වැඩියෙන්ම දේශපාලනයට සක්‍රියව මැදිහත් වුණේ. උන්නාන්සේ ගැන මගේ කියවීම නං ලෙහෙසියෙන්ම අවස්ථාවාදී රැලකට ගොදුරු වුණා කියන එකයි. මොකද බණ දහම් ඉගෙන ගත්තාට ගිහි සමාජයෙව් උගුල් ගැන තේරුම් ගත්තා මදි වගෙයි. මේ පෝස්ටුත් කියන්නේ එහෙම දෙයක් ගැන නිසා පස්සෙම කතා කරමුකො විජේබාහු මහත්තයෝ!
Deleteවේගෙන් වේගෙන් කියෙව්වා මොනවා තිබුණද කියලා මතක නෑ😂
ReplyDelete