මට නම් ඒකට හේතුවක් ඕනෑ නැත; පදනමක් ඕනෑ නැත. ඔහෙ සිද්ද වෙයි. දැක්කා - එපා
වුණා! ඒකෙම අනෙක් පැත්තත් තියෙයි. ඕනෑ
කරන්නේ දකින්නට; මුණ ගැහෙන්නට විතරය. මම වහවැටෙන්නෙමි.
ඒකට ගැහැනු-පිරිමිකමක්, වයස් භේදයක්, තරාතිරමක් බලපාන්නේ නැත. මට
හිතෙන්නේ හැම කෙනෙකුටම මේ ‘හැඟීම-ඉව-සහජාශය’ තියෙන බවයි.
ඒත් නොකියනවා වෙන්නැතිය.
‘ඕනෑවට වැඩියෙන් විවෘත වෙන්නට ගියාම
කෙළවෙන්නටත් ඉඩ තියෙනවානේ!’
තවමත් අසිත හෙට්ටිආරච්චි මගේ හදවතේ ඇනුණු කටුවක්ව......... |
දැන්, හත් මාසයක් තිස්සේ මා වරින්-වර කියවමින් ඉන්නා කවි පන්තියක් තියෙයි.
කවි පන්තියටත් වැඩියෙන් මට වැදුණේ, කවියා ලියා තිබුණු සටහනයි.
ඉතින්, සටහන ලියා
තිබුණු කවියා නොදැකම; නොදැනම මං ඔහු කෙරේ බැඳුණු තරමක්.... තවමත් ‘අසිත
හෙට්ටිආරච්චි’ මගේ හිතේ ඇනුණු කටුවක්වී හිඳියි.
“අයියෙ මේ මගේ අවසාන කවි පංතිය. මේක ගෲප් එකේ පළ කරන්න. මම හෙට ආරණ්‍යවාසී
වෙනවා. හෙට ඉඳලා මම ෆේස් බුක් නෑ. ස්තුතියි දුන්නු හැම සහයෝගයකටම.
-අවුරුදු 60ක ජීවිතයක් වෙනුවෙන් අපි කොච්චරක් මැරෙනවද අයියෙ. ගිහි ගෙය
කියන්නේ ගින්නක්. අපි ඒකෙ පිච්චෙන ගමන් පිච්චෙන එක ආශ්වාදය කියල හිතාගෙන ජීවත්
වෙනවා. අපි ලෝකෙ ලොකුම සල්ලිකාරය වුණත් අපේ හිතේ කිසි සතුටක් නැහැ අයියෙ. සතුට
තියෙන්නෙ අත්හැරීම තුළ. මම ඒ නිසා ඒ නිරාමිස සතුට හොයාගෙන යන්නෙ.”
සතුට තියෙන්නේ අත්හැරීම තුළ. මම ඒ නිසා....... |
සටහන ලියා තිබුණේ අසිත හෙට්ටිආරච්චිය. පළකොට තිබුණේ කණ්ඩාගෙ කොලමේය. ඒ සටහන
කියවද්දී හිතුණේ ‘පාලි’ත් කවියෙකුවී හිටියා නම් කියලාය. (එහෙනම් එදා පාලිටත් සියදිවි හානි කරගන්නේ නැතිව කවියක් ලියා හිත
නිදහස් කරගන්නට තිබිණි!)
මෙතැන උපුටා දක්වන්නේ මට ටොක්කක් අනින; වැඩියෙන්ම මට දැනුණු කවිය විතරකි.
රිස්සෝ ‘මෙතැනට කොටා, එහාටම ගිහින්’ බලත්වා!
‘තණ්හා රති රඟා තුන්පොට
සසරෙ බැඳී
නිදහස දැනේ ගිය යම්කිසි
දිනෙක බිඳී
දැන දැන මේව ගැන තවමත්
එයට බැඳී
ඉන්නා එකා ඉනු ඇත සසරටම බැඳී’
‘දැන දැන මේව ගැන තවමත් එයට බැඳී.....’ ඉන්නවා මිස මට මොන නිදහස් වීමක්ද? කරවිල ගෙඩියේ
ඉන්නා පණුවා පැණි රස ගැන මෙලෝ-මළදානයක් දන්නේ නැත. මං එහෙමත් නොදැන නොවේ!
දැන-දැනම...
සසර පැත්තකින් තියමුකෝ. මොට්ටකමක් ගැන දැනගෙන මට ඒකෙන්වත් මිදෙන්නට
බැරි හැටි! දැකුමෙන්ම; පෙනුමෙන්ම මිනිසුන් ගැන තීරණය කිරීම වැරැදි බව මම දන්නෙමි.
නමුදු මට ඒකෙන් ගැලවෙන්නට බැරිය. රංජිත් පී. ගැන වුණෙත් ඒකමය. මෝහයක හැටි!
දැන දැන මේව ගැන තවමත් එයට බැඳී.................. |
මට එහෙම වුණාට අපේ තාත්තාට රංජිත් පී. හොඳ මිතුරෙක් වුණේය.
සතියකට
දවසක්-දෙකක්වත් ඔහු අපේ ගෙදරට ගොඩ වැදුණේය. ඒ සති දවස් හයේම උදේට මං මුණ ගැහෙද්දීය.
ඒ කැලණිවැලි කෝච්චියේ කොටාරෝඩ් දක්වා යද්දීය.
හැබැයි රංජිත්ලා දෙන්නාම
නාරාහේන්පිටින් බැස්සෝය.
කාලය ගෙවුණේ අලසකමිනි. අලුත් බතික් වැඩපොළේවත්, ඒ ගෙදර හිටි අයගේවත් කිසිම
වැරැද්දක් තිබුණේ නැත. දැන් හිතෙන විදිහට වැරැද්ද ඒකය. හරිම ඉක්මනින් මට ඒ
රස්සාවත් එපා වෙමින් තිබිණි.
පේලිස් ඇන්ටිලා වෙලාවට තේ ටික, දවල් කෑම ටික දුන්හ. කොහොමද කින්ද-මන්ද හොයා
බැලූහ. ඒත් හරියටම රොබෝලා වගෙය.
ඒ ගෙදර පණ ගහන කෙනෙකුට- නාඩි වැටෙන කෙනෙකුට හිටියේ
‘සුනීතා’ විතරය. සුනීතා තිස්සෙම වගේ කා එක්ක හෝ වාදයට පැටලෙයි. කවුරු-කොහෙන්-කොහොම
වාදය පටන් ගත්තත් හැමදාම එය ඉවර කරන්නේ නම් සුනීතාය. ඒකට පාවිච්චි කළේ එකම-එක
වැකියකි.
“Yes, you got it!” සමහර වෙලාවට විතරක් ඒ වචන හතර පහක් වෙයි. ‘ඩාලිං’
කියලාත් එකතු කළාමය.
ඒ අල්ලලා යාම කෙලවර වුණේ රුපියල් හාරපන්දාහකට කෙළවුණාට පස්සෙය! |
එහේ ගිය නිසාය ‘ලෙට්ටකොච්ච’ කොළ මැල්ලුම්වලට හදන බව මං දැනගත්තේ. සතියකට
වතාවක්වත් බත් එකේ ඒ මැල්ලුම තිබුණේය.
මටත් ඒක අල්ලලා ගියේය. ඒ ‘අල්ලලා යාම’ කෙලවර
වුණේ රුපියල් හාර-පන්දාහක් විතර වියදම් වුණාමය.
1992 අලුත් ගෙදරට පදිංචියට ආ ගමන්ම මං කළේ, මට ඕනෑ ගහකොළ හොයාගෙන ඇවිදින්
හිටවන එකය.
පර්චස් දහයක්වත් නැති ඉඩමේ, තුන්කාලකටත් වැඩියෙන් ගිය බංගසාල ගෙදරක්
හදාගත්තාටත් පස්සෙය තේරුණේ මොට්ටකමක් කළ බව.
ඒත් ඉතිරි හුණ්ඩුවේ හිටවූ දේවල් අතර ලෙට්ටකොච්ච අත්තකුත් තිබුණේය. ඒ අත්ත
හිටවලා තිබුණේ ගෙයි පිටුපස පැත්තේය. දවසට දෙකට ඒක හැදුණේය.
උදේ වැඩට ගියාම හවසට
ඇවිත් ගේ පිටිපස්ස බලන්නට යන්නේ මොකාද.
එහෙම ගියාම වුණත් ඒ රූස්ස ගහට ආදරය කළා මිස
තරහක් හිතුවේ නැත.
ඔහොම ඉන්න අතරේය තද හුළඟකුත් එක්ක වැස්සක් කඩාගෙන වැටුණේ. ජංජාලේ!
ලෙට්ටකොච්ච අතුත් මුරුංගා වගේම හයිය නැති බව තේරුණේ එදාය.
මේ ගහේ මුල් අත්තිවාරමටත් දුවලා ඇති. ගෙටත් වැඩිය උස ගිහිල්ලනෙ.......... |
“මේ ගහේ මුල් අත්තිවාරමටත් දුවලා.... ඒ මදිවට ගෙටත් වැඩිය උසත් ගිහිල්ලා. තව
හුළඟක් ආවොත් අතු කැඩිලා වහලෙටත් වැටෙයි. දැන්ම මේක කප්පලා අයින් කරගන්න එක ඔයාගෙ
ඇඟට ගුණයි අයියේ.” හානිය බලන්නට ආ අපේ සුනිල් උපදෙස් දුන්නේය.
වැඩේ කරලා දෙන්නට පුළුවන්දැයි කෙනෙකු ගෙන්වා ඇහුවේ ඊට පස්සෙය.
“මගේ අම්මෝ... හෙණ ගහක්නේ මහත්තයා.... එක පාර කපලා බිම දාන්න බැහැ. මෙතැන
අඩි තුන-හතරක තීරුවක් විතරනේ තියෙන්නේ. තාප්පෙත් තියෙනවනේ. ඒක උඩට නොවැටෙන්න එපැයි
කපන්න... කුට්ටි කරලයි බාන්න වෙන්නේ. හයදාහක් දෙන්න, වැඩේ කරලා; ගහ අයින් කරලා
දෙන්නං තිතට.”
පොඩ්ඩක් හෙට්ටු කළාමය ගණන ටිකක් අඩු වුණේ.
වැඩේ කෙරුණේය. ගසේ කැපූ කුට්ටි අයින් කරන ටික නම් කෙරුණේ නැත.
“මහත්තයා, තෙත
හින්දා මේවා බරයි..... සුමානයක් දෙකක් වේලෙන්න ඇරියාම මහත්තයට වුණත් අයින් කරගන්න
පුළුවන්. අරටුව තියෙන ජාතියක් නෙවෙයිනේ. බැරිම නං පණිවිඩයක් එවන්නකො. අපි
එන්නං........”
රාජකාරිය ඉවර කරන්නට කලින් ගනුදෙනු පියෙව්වාම එහෙම වෙනවාය. තිත
තිත් කොමාවක් වෙයි.
සයුරට වැටුණු පැටියාව බේරාගන්නට වලිගයෙන් මුහුද ඉහින්නට ගිය............. |
වේලෙන එක කොහොම වුණත් ගහේ කුට්ටිවලින් බිමට මුල් අදිමින් අතු ලියලන්නට පටන්
ගත්තේය.
අයිඩියානන්ද පරපුරේ කොල්ලෙකුට අදහස්ද හිඟ? ඒ කුට්ටිවල පොතු ඇරියාම කොහෙ
ලියලන්නද? කොහොම මුල් අදින්නද?
සයුරට වැටුණු පැටියා බේරාගන්නට වලිගයෙන් සාගරය
ඉහින්නට හැදූ ‘ලේනිය’ වගේ, මාසයක් විතර ගස් කුට්ටිවල ලෙලි අරින්නට මටත් මහන්සි
වෙන්නට වුණේය.
ලේන අම්මාට දෙවියන් බැලුවාට මගේ දිහා මොකෙක්වත් බැලුවේ නැති
හින්දාය, මට එච්චර කල් ගියේ.
මගේ දුර දක්නා ‘ඥාන බුද්ධිය’ නිසා පිටිපස්සේ හිටවලා තිබුණු මුරුංගා ගහටත්
හෙනහුරා ලැබුවේය. “තව හාරපන්දාහක් වියදම් කරන්න පුළුවන්ද?”
කුඩාවට තිබුණු මුරුංගා
ගහත් කපා දමන්නට හිතුණේ ඒ විඩේය.
පුදුමේ කියන්නේ, එදායින් පස්සේ වෙන තැනකදීවත් මට ලෙට්ටකොච්ච මැල්ලුම්
ලැබිලා නැති එකය. ඊටත් වැඩියෙන් පුදුමයකුත් ලෙට්ටකොච්ච ගැන කොටද්දී අද සිද්ධ
වුණේය.
මොකක්ද ලෙට්ටකොච්චවලට කියන අනෙක් නම? |
‘ඒ ගහේ ෆොටෝ එකකුත් මේ පෝස්ටුවට ඔබන්නට ඕනේ’ මට හිතුණේය. ලෙට්ටකොච්ච ෆොටෝ නැතිය!
අන්තර්ජාලයේ නැතිය. හරිනේ.... මොකක්ද අනෙක් නම.... ම්හු. මතකයට ආවේම නැත.
කෙටීම
නවත්තලා අල්ලපු ගෙදර දේවිකා නංගිව හමුවී ඇහුවෙමි. එයාගේ
සැමියාගෙන් විතරක් නොවේ, තව දෙතුන්-දෙනෙකුගෙන්මත් ඇහුවෙමි.
“ඒ මොනවද ඒ?” එක්කෙනෙක්
ආපිට ඇහුවේය.
උත්තරය හම්බ වුණේ ‘සෝමා නංගී’ හැන්දෑවේ වැඩ ඇරිලා ගෙදර ආවාමය. එයාට වුණත්
මතක් වුණේ බොහොම අමාරුවෙනි. “දිව අග තියෙනවා.... අර ලා කොළපාට කොළ තියෙන්නේ...
ඉස්සර වැටවල්වලටත් හිටවනවා... ආ.... වාතබංග, වාතබංග.”
නමේ හැටියට නම් එය ඖෂධීය ශාඛයක් විය යුතුය. ජාලයේ තිබුණෙත් එකම ෆොටෝ
කෑල්ලකි. ‘වාතබංග’ත් අනාගතයේදී ‘රතු දත්ත පොත’ සරසනු ඇත කියලා දැන් හිතෙයි!
මගේ දිවිසැරියට එච්චර දෙයක් එකතු කළ ‘කොටාරෝඩ් බතික් වැඩපොළ’ මට එපා වුණු
තවත් හේතුවක් වුණේ එස්. අයියාගේ නොසැලකිල්ලය.
දැන් අතිසාර්ථක බතික් ව්‍යාපාරිකයෙකු
වුණත් ඒ දවස්වල එයාගේ ඔළුවේ තිබුණේම අර ස්වෙච්ඡාසේවී ව්‍යාපාරයෙන් ලැබෙන පිටරට
සංචාරයක් ගැන විතරමය. ඉතින් තමන්ගේ බිස්නස් එක ගැන හොයන්නට මනුස්සයාට වෙලාවක්
නොතිබීම පුදුමයක් නොවේ.
වෙලාවට වැටුප ලැබුණාට විතරක් වැඩක් නැත. job satisfaction කියලා
දෙයකුත් තියෙනවානේ. ආන්න ඒක නොතිබීම නිසා.....
වෙලාවට වැටුප ලැබුණාම විතරක් ඇතිද? |
රස්සාවෙන් ගෙදර එනවිටත් මට අරමුණක් තිබුණේ නැත. අරමුණ ආවේ දවසක් දෙකක්
යනකොටය. විදුලියක් කොටන්නා වගේ මගේ සිහියට ආවේ හොරෙන්ම ගෙදරට කැන්දාගෙන ඇවිත් හිටි ‘එරන්දතීවය’.
එයාව එළියට වඩම්මා බලද්දී එතැන චිත්‍ර
හයක්ම තිබිණි. හරියටම හයකි! ඊට වඩා මං හොරෙන් පිටපත් කරගෙන ඇවිත් තිබුණේ නැත.
අතේ තිබුණු සල්ලි ටික ගෙදරට වියදම්වී ඉවර වෙන්ට කලින් ඉටිත්, ඩයි ටිකකුත්
විතරක් ගෙනාවේ ගොඩාක්ම පිරිමසාගෙනය. කොටින්ම, ඉටි උණු කරගන්නට ළිපක්වත් ගෙනාවේ
නැත. ඉටි කරන්නට ගන්නා උපකරණය; ඡන්ටින් එක පවා හදවාගත්තේ අපේ සුනිල්ට කියලාය. ඒ
වෙද්දීත් අපේ සුන්නා ඒ පැත්තේ වැඩට හපනෙක්වී හිටියේය. කරුමාන්තවලට....
සමූපකාරයට ගිහින් Blue Line - නිල් ඉර චයිනීස් පොප්ලින් යාර කිහිපයකුත්
අරගෙන ආ මා රාජකාරිය පටන් ගත්තේ නැකත් බලලා හෙම නොවේ.
“ඉල කැඩෙන වැඩක්නේ බං බතික් කෙරුවාවත්. ඔහොම කෙරුවයි කියමුකො... රංජි, උඹම
කියලා තියෙනවනේ ඕවා හරිම පරෙස්සමෙන්, පොඩි වෙන්නෙ නැතිවෙන්න ඩයි කරගන්න ඕනෙයි
කියල. මොකේද ඩයි කරන්නේ?”
ටික වෙලාවක් බලාගෙන හිටි අපේ තාත්තා ඇහුවේය. ඊට කලින්
තාත්තාට බතික් කිරීමේ කිසිම දෙයක් දැකගන්නට ලැබී තිබුණේ නැත.
බතික් කරනවා කියන්නෙත් මහ ඉල කැඩෙන වැඩක්නේ බං! |
“කොරහේ!”
“කොරහේ කොහොමද බං ඔව්වා ඔබන්නේ...”
එහෙම ප්‍රකාශ මාව කුලප්පු කරවයි. උනන්දු කරවයි. “තාත්තා ඉන්නකෝ... මමනේ
වැඩේ කරන්නේ.”
ඒ වෙද්දී තිබුණු අත්දැකීම් අනුවය මං පිරිමසා ගත්තේ.
ඩයි බාත් දෙකම හදාගත
යුත්තේ පමණටත් වඩා සැරටය. ‘පළමුවෙනි බේස් බාත් එකෙන් රෙදි පොඟවලා ඒ ඩයි ටික දානවා,
පොඩ්ඩෝ නාවන පොඩි බේසමට.’
(එතකොටත් අපේ පවුල් වෘක්ෂය පුළුල් වීම නැවතිලා තිබුණේ
නැත. බඩා මල්ලා; දීපාල් ඉපදුණේ 70වෙය. දීපානි 73ය. ඒකෙනුත් එදා වැඩේට රුකුලක්
ලැබුණේය. කිරිකැටියන් නොවැරූ අපේ ගෙදර, ළමුන් නාවන පුංචිම බේසමකුත් evereadyව
තිබුණේය.)
“ඊට පස්සේ දෙවෙනි ඩයි බාත් එක දිය කරගෙන කොරහෙම දාගත්තෑකි.” සැලසුම තිබ්බේ
මගේ ඔළුකට්ට ඇතුළේය!
එහෙම වුණත් මං දිගටම ප්‍රාර්ථනා කරන්නේ මේ වගේම ඔළුවක් ලබන ආත්මයේදීත්......... |
අදටත් මගේ ඔළුව එහෙමය. තිතට වැඩය. ඒ අතින් මට නැත්තේ ‘සතිය’ වෙන්නැතිය.
උයන්නට ගියාය කියමු. හාල් ටික හෝදද්දී කියවූ පොතක් ගැන සිහිවෙයි. ළූණු ගෙඩිය සුද්ද
කරද්දි මතක් වෙන්නේ බැලූ film එකකි. පොල් ටික ගාගනිද්දී කවුරු හෝ කියූ දෙයක්... සිංදුවක්... ඔහොම බහුබූත හිතට නොඑන වෙලාවක් නැත.
කොටින්ම වැසිකිළියට ගියාමත්, නාන-රැවුල
කපනකොටත් මගේ හිත අයාලේ දුවයි. බ්ලොගය කොටද්දී වුණත් එහෙමය. තිරිංග දමාගන්නේ හරිම
අමාරුවෙනි! එහෙම වුණත්, මං දිගටම ප්‍රාර්ථනා කරන්නේ ලබන ආත්මයේදීත් මේ වගෙම ඔළුවක්
මට ලැබෙන්නටය!
වැඩේ වැඩ කළේය. අර චිත්‍ර හයෙන් හදාගත් බිත්ති සැරසිලි; wallhangings හය
අපේ ගෙදර කාගෙත් හිතට අල්ලා තිබිණි.
අපේ ආච්චිට නං එහෙම නැති පාටක් පෙනිණි. “ඈ බං
පුතේ... මෙච්චර පුංචි එකක් අහවල් දේකටද? කොට්ට උරයක් මහගන්නවත් බැරි තරම්නේ. දවස්
ගානක් මහන්සි වෙලාත්....”.
“ආච්චියෙ, මේවා රාමු කරලා බිත්තිවල එල්ලන්නයි ගන්නේ. දැන් ලංකාවට සුද්දෝ
එනවනේ... එයාලා තමයි වැඩියෙන්ම මෙව්වා ගන්නේ ලොකු ගණන් ගෙවලා.... ඉස්සර ආච්චිලාත්
ඔය කතිර මැහුම්වලින් මහපු පින්තූර රාමු කරලා එල්ලුවයි කිව්වේ...”
ආච්චී ‘බතික්
කලාවේ’ ඉල්ලුම වැඩිවෙමින් තියෙන හැටි තේරුම් ගත්තේ එතකොටය.
ආච්චිලගේ කාලේ කතිර මැහුමෙන් මෝස්‌තර මහලා, රාමු කරලා බිත්තිවල එල්ලුවේ..... |
“දැන් කාටද තාත්තේ මේවා විකුණන්නේ කියන එකයි ප්‍රශ්නේ... වැඩ කළාට මං ඒ වගේ
තැන් දන්නෙ නැහැනේ.” බිත්ති සැරසිලි ටික අන්තිම සැරේටත් හෝදලා, පවනේ වේලෙන්නට
දමද්දී මම කෙඳිරුවෙමි.
“කොළඹ නං තියෙනවා සුද්දන්ටම බඩු විකුණන සාප්පු. ඔව්වට ගිහින් බලමු....”අපේ
තාත්තා කල්පනාවට වැටිලාය.
“මේ වැඩේට උඹලගේ සීයාව යවලා බැහැ. අන්ජිසාම් පැකට් වගේ
මේවාත් තුට්ටු දෙකට දීලා එයි. හිටපංකෝ... මමම ගිහින් බලන්නං, මේවා වේළුණාම
මදින්නත් ඕන නේද?”
එදාම; එවෙලෙම වේළෙන පරක්කුවෙන් බතික් බිත්ති සැරසිලි හයම මැද්දේ අපේ ගෙදර
තිබුණු පොල්කටු ඉස්තිරික්කයෙනි.
ඒ අතරේය තාත්තා මුහුණ-කට හෝදලා රැවුලත් කපලා සුදු
සරමටයි, කමිසයටයි බැස්සේ. වෝල්හැඟින්ස් හයත් අරගෙන කොළඹ ගිය තාත්තා ආපහු එනතුරු මං
හිටියේ පුදුමාකාර නොඉවසිල්ලකිනි. සහතිකය!
මගේ බලු ගතිය කියන්නේ............. |
http://transyl2014.blogspot.com/2017/11/blog-post_21.html
ReplyDeleteස්තුතියි Pra Jay,
Deleteලෙට්ටකොච්ච හොයනකොට නම් මේ ලින්ක් එකත් පෙන්නුවා. එත් ෆොටෝ එකක්වත් තිබ්බේ නැහැනේ.
වාතබංග හෙව්වාම තමයි ලැබුණේ!
This tree looks like the 'Ada Thoda' or 'Gal Adara' tree (I could be wrong)
ReplyDeleteවිජේබාහු මහත්තයෝ,
Deleteආඩතෝඩ, පාවට්ටා, අගල්ලාදාර තුනම එච්චර උස නොයන (එක) බෙහෙත් ගස් ජාතියක්. සෙමට ඉතාම ගුණයි. (පාවට්ටා පැණිය බොහොම ප්‍රසිද්ධ බෙහෙතක්.) කොළ දිගටියි; තද පාටයි; වැටවලට හිටෙව්වා ඉස්සරත්.
ලෙට්ටකොච්ච ගහ උස යනවා. කොළ ලා පැහැතියි. ලොකුයි. කඳන්-අතු සුදු පාටට හුරුයි.
ආඩතෝඩා හේවත් පාවට්ටා දල්ලු වල ඇති මහත් වටිනාකම නම් දල්ල තවා මිරිකා ඉස්ම යවා සකවුරුවම්ව සූස්තියක් ඔතාගත්කල වැඩි කාලයක් තුල මනා ආතල් එකක් ගත ගැකිවීම.
Deleteහැමෝම ආඩතෝඩ වවන්න ගනීවිද මන්දා!
Deleteසුපිරියි
ReplyDeleteස්තුතියි චමින්ද! ටික දවසකින්....
Deleteඔක්කොම පෝස්ට් කියෙවුවා. කොමෙන්ට් දාන්න වුනේ නෑ.
Deleteඅවුලක් නැහැ මහත්තයෝ, මට වුණත් කමෙන්ට්ස් නොදමෙන වෙලාවල් ඕනේ තරම්. එකටත් හිතෙන්න, වෙලාවක් තියෙන්න එපැයි!
Deleteඔවාට අපි කිව්වේ නෙට්ටුකොච්චි කියලා අඩතෝඩ කියන්නෙත් ඔවාට වෙන්නැති. අපේ සියා කියලා තියේනවා හාමුදුරුවරු එහෙම වේලපු ආඩතෝඩකොල වලින් සුරුට්ටු ඔතලා බිව්වා කියලා සෙමට. ඔය පැලයට පාවට්ටා කියලත් කියනවාද?
ReplyDeleteඅසංග, නෙට්ටුකොච්චි නම නං මාත් ඇහුවේ අදයි. ආඩතෝඩ- පාවට්ටා- අගල්ලාදාර තුනම එකම ජාතියකටයි කියන්නේ. ඒ කොළ තමා (බීඩි ගන්න සල්ලි නැති අය ඒ දවස්වල) වේලලා ආදේශකයක් විදියට හදා ගත්තේ.
Deleteහැබැයි වාතබංග වෙනම ජාතියක්!
හපෝ ඔය බලු ගතිය ටිකක් වත් අඩූ කර ගන්න බැරිද? අනිත් කතා වලට කලින් මේකෙ ඉතුරු ටික දාන ගානට වත්
ReplyDeleteබලු ගතිය මෙතැනදිත් ඉස්සරහට එනවද මන්දා. හිතුනා ඔයාට දිග උත්තරයක් දෙන්න; හැබැයි,ඊළඟ කොටසෙන්!
DeleteHmmmm, not the same ha?
ReplyDeleteහ්ම්!
Deleteකවි පන්තිය වහෙම ඒ ලියපු සටහනත් බේගලයක් කියල තමයි පස්සෙ ආරංචි උනේ ඒ සමග ලොකු ඇන්දිල්ලක් සහ තවත් නොවියයුතු අසමජ්ජාති කතාවක් තියනව ... හමු උන දවසක ඒ ගැන කියන්නම් !
ReplyDeleteඅනිවා අහගන්න ඕනේ!
Delete