හිතුවද මාත් පඹයෙක් කියලා........... |
“රංජී, උඹේ කට දැන් එන්න-එන්නම වැඩියි. උඹ දන්නවද කාටද ඔය කතා කළේ කියලා?”
“මොකෝ නොදන්නේ? තාත්තට ඉස්සෙල්ලානේ මං රංජි අයියව අඳුනගත්තෙ.... ඊට පස්සෙනේ
මෙයා මෙහෙට ආවේ... දැන් තාත්තගේ බොනපාට් කෙනෙක් වෙලා හිටියට.”
ඉස්සරෝම අපේ තාත්තා මත්පැන් ටිකක් බිව්වේ එහෙමත් දවසකය. ඒ බිව්වෙත් අසෝක
වීදුරුවකින් බාගයක් විතරය. ඇත්තම කියනවා නම් එහෙම දවසක් එනවාට හරිම කැමැත්තෙනි; මං
හිටියේ.
අර තරම් චුට්ටකින් සප්පායම් වුණාම විතරය අපේ තාත්තාට ‘මං එයාගේ පුතෙකු බව’
මතක් වෙන්නේ. “පුතේ... මෙහාට වරෙන් රංජි.”
එහෙම කියලා මාව ළඟට කැඳවාගන්නා තාත්තා මගේ ඔළුව අතගායි; ඉඹියි, තුරුළු
කරගනියි.
මීට කලිනුත් මා කියා තිබේ. අපේ අම්මාවත්, තාත්තාවත් දූ-දරුවන්ව තුරුළු
කරගන්නට- හුරතල් කරන්නට පුරුදු අය නොවේ!
අපේ අම්මාත්- තාත්තාත් දෙන්නම දරුවන් තුරුළු කරගන්නට; හුරතල් කරන්නට පුරුදු අය නොවේ ........... |
“උඹ ගොඩාක්, ගොඩාක් හොඳට ඉගෙනගන්න ඕනේ...
මං දන්නවා, මං දන්නවා, උඹ දක්ෂයා.
මොළේ තියෙන එකා. නැතිව බැහැනේ... දිසානායක පරම්පරාවේ ඊළඟ එවුන්ගේ ලොක්කා...
දන්නවනේ.
උඹටත් උඹලගේ සීයාගේ ..... අමුකැලේගෙ මොළෙයි, මගෙ මොළෙයි... උඹලගෙ මහරගම
ආච්චිගේ මොළෙයි ඔක්කොම අඩු නැතිව හම්බ වෙලා තියෙනවා....
උඹේ කරුමෙට බදුල්ලේ
එවුන්ගෙන් නම් ....
පේනවනේ උඹලගේ අම්මා. ලස්සන විතරයි. මොළේ නැහැ... එයාගේ අම්ම ඊට
හපන්. මයිලගස්තැන්නේ වින්නඹු අම්මා වුණාට, ගෙඩි වෙදකම් කළාට ඒ ගෑනිට වටිනවද උඹව
ලීලාගෙ බඩට ඇවිත් මාසේ වෙන්නත් කලින්....”
අතොරක් නැතිව දොඩමළු වෙන තාත්තා ඉවරයක් නැතිව කියවයි. එතකොටය, අපේ පවුලේ හැංගුණු
අතීත විත්තිවලින් සමහරක් මා දැනගත්තේ. තාත්තාගේ ඒ ඉවරයක් නැති කියවිල්ල
වුණත් ගොඩ වෙලාවක් පැවතුණේ නැත.
අරක්කු ටිකක් කට ගාගත් ගමන් තාත්තාට කන්නට ඕනෑය. කෑව ගමන්ම නින්දට යන්නටත්
ඕනෑය.
අසෝක වීදුරු බාගයේ තිබුණු අපේ තාත්තාගේ ලිමිට් එක ඒ වෙද්දී හතර-පස් ගුණයකින් .... |
රංජිත් පී. එක්ක බොන දවස් වෙද්දී තාත්තාගේ ‘අසෝක වීදුරු බාගයේ’ කෝටාව
හතර-පස් ගුණයකින් වැඩි වෙලාය. සුමානයකට තුන්-හතර දවසක්ම කෙරෙන වතාවතකුත් වෙලාය.
එච්චරත් නොවේ. ටිකෙන්-ටික ආක්‍රමණශීලී ස්වරූපයකුත්, බැන හඬගෑම් විදිහකුත් වෙලාය.
බැන හඬගෑම් වැඩිම වුණේ අම්මාටය. එතැන තිබුණේ වඩාත් සංකීර්ණ ප්‍රශ්නයකි.
සමහර විට මා වැරැදි වන්නට ඉඩ තිබේ. එහෙත් මට වැටහුණු; මා තේරුම් ගත් සත්‍යය
කියන්නට වෙයි. කතාව නිරවුල් වන්නේ; සත්‍යවාදී වෙන්නේ එවිටය.
“ලීලා.... එහෙනම් දැන් උඹට මාව එපා වෙලා....” තාත්තාගේ සමහර බැනීම් අතරට
එහෙම ප්‍රකාශත් ඇතුළු වෙන්නට විණි. සෙමෙන් ඒවා අවලාද ස්වරූපයකට හැරෙන්නටත්
පටන්ගත්තේය. “උඹට දැන් මාව හොඳ මදි ඈති.... කුරුඳුවත්තේ ලොකු හාමු මහත්තයලවනේ
නිතරම පේන්නේ.... මම දැන් ලෙඩානේ....”
ඒ දෙන්නගේ අඬදබරවලට මැදිහත් වෙන්නට මම නොකැමැති වීමි! (foto-චලන තෙන්නකෝන්) |
තාත්තාගේ එහෙව් කතන්දර වැඩිවුණේ බීගත් වෙලාවටය.
ඒවාට සාධාරණ හේතුත් නොතිබුණාම නොවේ. “ලීලා, දැන්වත් ඉතින් උඹේ ඔය මහන්න යෑම
නවත්තපං. රට්ටු හිනස්සන්න ඕනේ නැහැනේ.....
මෙහේ හතරවටෙන් ගෑනු ළමයි ඇවිත් පුතාගේ
ළඟ බතික් කරනවා. ඉලන්දාරි පුත්තු දෙන්නෙක්ම ගෙදර. අම්මා අනුන්ගේ ළඟ කුලියට ඇඳුම්
මහන්න යනවා... මොකක්ද බං මේකේ තේරුම?
උඹ ගෙදරට වෙලා උයල-පිහලා දීලා ගෙදර හිටපං.
උඹට ඉතින් කොහොමත් සල්ලිනෙ ලොකු. මං රංජියට කියලා උඹටත් වෙනම පඩියක් ඉල්ලල
දෙන්නං.” තාත්තා සැරෙන්-සැරේ ගෙනා යෝජනාවලියකි ඒ.
“ඕවා සේරම කෙරෙයි, මම මහන්න ගිහින් නොහිටියානං.” වගේ තර්කයකි අම්මාට
තිබුණේ. ඒකත් ඇත්තය.
මා බතික්වලට යොමු වුණේ අම්මා සුරංගනී හාමුලගේ ගෙදරටත් යැවුණු
නිසාය. ඊවා හාමුවත් දැනගෙන උන්නු නිසාය. ඒ links කාබන් චක්‍රය වගෙය; එකකට එකක් බැඳිච්චි ඒවාය.
ඒ සම්බන්ධකම් 'කාබන් චක්‍රය' වගේ එකකට එකක් බැඳුණු ............. |
1973 ජුනි 6 වෙනිදා දීපානි සුනේත්‍රා දිසානායක; අපේ චූටි නංගි උපන් දවසේ කළුබෝවිල ඉස්පිරිතාලයෙදී මාව පොලිසියට අල්ලා දෙන්නට ගියායින් පස්සේ මා දැමූ ‘තගත්’ අපේ අම්මාගෙ ‘සංහිඳියා
පිළිවෙතට’ හේතුවක් වෙන්නට ඇත. විශේෂයෙන් කමලා සංජීවනීගෙ උපතින් පසු!
අවුරුදු 20ක තරුණයෙකු හැටියටත්;
තවමත් තාත්තාගේ හෙවණේ සිටින පුතෙකු
හැටියටත්;
නංගිලා-මල්ලිලා අට දෙනෙකුගේ නඩත්තුව කරගෙන යමින් සිටින ලොකු අයියා
හැටියටත් මට කරන්නට වෙලා තිබුණේ අසීරු කර්තව්‍යයකි.
ඒකම ඉහටත් උඩින් තරම්ය!
එහෙමත්
තියෙද්දී අම්මාගේත්-තාත්තාගේත් ලිංගික ජීවිතයේ ප්‍රශ්නවලටත් මැදිහත් වෙන්නට
පුළුවනිද? මැදිහත් වෙනවා නොවේ; ඒවා තේරෙන බවවත් අපේ තාත්තා වගේ පණ්ඩිත රත්නයකට
අඟවන්නද?
එදා මං මේ තරම් දේවල් කන්දරාවක් දරාගෙන හිටියා කියලා දැනෙද්දී ............. |
සහතිකය! මා එදා මේවා දරාගෙන හිටි බව මතක් වෙද්දීත් පුදුමය!!
එහෙම මගේ හිතේ හිරවී තිබුණු කෝන්තර; නොරිස්සීම් වැඩියෙන්ම ගියේ රංජිත් පී. වැනි
මා නොරුස්සන අයගෙ පිටින්ය!
හිතෙනකොටත් ලජ්ජාය. මහ ලොකුවට සර්ව සාධාරණකම් ගැන අද
දොඩන මා කොතරම් අසාධාරණ වී තිබෙනවද?
ග්‍රාමසේවක රාලහාමි හමුවෙන්නට ගිය මා ආපහු ආවේ දත් මිටි කමිනි. “රෙදි කෝටා
එකට දහයක් ඉල්ලා ගන්න බැරිය නියතපාල මහත්තයා ළඟට ගියා නම්.”
වැල්-වටාරම් ගොඩාරියක්
කියවූ ඒ ග්‍රාමසේවකයා පෙන්නුවේ මිනිහා ග්‍රාමපාලකයා; ග්‍රාම අධිපතියා බවයි. ඒ
පෙරේතයා කියවන සේරම අහගෙන හිටියාටත් පස්සෙය, මිනිහා ‘නියතපාල මහතා’ව ඇදගත්තේ.
තමන් කැමති දේශපාලනයක් කරන්නට මේ රටේ නිදහසක් නැතිද? |
මා කියන්නට අවශ්‍ය නැත. තවමත් මේ රටේ පවතින්නේ අර පටු මානසිකත්වයයි.
මජර
දේශපාලකයෝ ‘අපේ මිනිසුන්ට සලකන්නට ඇමතිකම් ඕනෑ’ කියති.
‘විරුද්ධ පක්ෂයේ ඉඳලා අපේ
පාක්ෂිකයන්ට සලකන්නට බැහැ’යි කියති.
ඒවා පිළිගන්නා; ඉවසන ඡන්දදායක පුරවැසියන් නේද
වැඩියෙන් ඉන්නේ? එහෙව් අපටම ගැළපෙන පාලකයන්ම ලැබෙන එකේ කිසිම පුදුමයක් නැත.
ඉතින් සිංහ කොඩියේ අනුහසත්, මුතු ඇටයේ දීප්තියත් එන්න-එන්නම වියැකී යාම පුදුමයක්ද? |
එහෙම වෙද්දී සිංහ කොඩියේ අනුහසත්, මුතු ඇටයේ දීප්තියත් එන්න-එන්නම වියැකී
යාම පුදුමයක් නොවේ!
රංජිත් පී.ට දක්වන සැලකිල්ලක් විදියටද මන්දා, දවසක් තාත්තා බෙන්තොට ගිහින්
ආවේය. ඒ ආවේත් කිසිම මහන්සියක් නැතිව වාගෙය.
“වැඩේ හරි බං. අපරාදේ මෙච්චර දවස් මේ
පැත්තේම කාල් ගෑවේ! දැන් ඒ පැත්ත පුදුම විදිහට වෙනස් වෙලා. බෙන්තොට පාලම පැන්න තැන
ඉඳලම ටුවරිස්ට් කඩ. හෝටලේ හැදුණට පස්සේ ගමම බිස්නස්කාරයෝ වෙලා.... කඩ තුන හතරක්ම
සෙට් වුණා.” තාත්තා කියාගෙන ගියේ උද්දාමයෙනි.
“හැබැයි, එක පරහක් නම් හිටිනවා.”
“පරහක් කිව්වෙ තාත්තේ?”
“ඒ කඩවලින් ගන්න රෙදිවලට සල්ලි සේරම නම් ගෙවන්නේ නැහැ. බාගයක් විතර
දෙන්නම්ලු. සැරින්-සැරේ ගිහින් තමා සල්ලි එකතු කරගන්න වෙන්නේ. ඒත් මොකෝ බං, ගොඩක්
රෙදි ගන්නවනේ.”
බතික් කිරීමෙන් උපයන දෙයින් වියදම් වුණේ ටිකකි. අනෙක් සියල්ලම යට කෙරුණේ ව්‍යාපාරයටමය.
අපටම නොදැනී බතික් වැඩපොළේ වත්කම් ඉහළ ගිහින්ය තිබුණේ.
බතික් රෙද්දක් නිමවන විට වැඩිම වෙලාවක් යන්නේ රෙද්දේ ඉටි තැවරීමටය! |
බතික් කිරීමේදී වැඩිම වෙලාවක් ගත වෙන්නේ ඉටි තැවරීමට බව ඔබ දැනටමත් දනියි. රෙද්දක ඉටි තවරන්නේ ප්‍රශස්ත උණුසුමට රත් කරගත්තාට පසුවය. ඒ කාරිය කරගන්නේ පොඩි
භූමිතෙල් උදුනකිනි; ළිපකිනි.
එක ළිපක් වටේ සාමාන්‍යයෙන් පස් දෙනෙකුට වාඩිවී wax
කරන්නට පුළුවනිය.
ඉතින් විසිපස් දෙනෙකු වැඩ කරනවා නම් ළිප් පහකි. ඒවාට භූමිතෙල්?
ඉස්සර නම් හැම සිල්ලර කඩයකම වාගේ භූමිතෙලුත් විකුණන්නට තිබුණේය. ඒ විතරක්
නොවේ, වෙනම භූමිතෙල් කරත්තයකුත් ගමට ආවේය. අපේ බතික් වැඩපොළේ ව්‍යාප්තිය කොතෙක්ද
කියනවා නම්, සිල්ලප්පු වත්තේ බතික් ගෙදරටත් ඒ දවස්වල භූමිතෙල් කරත්තයක් ආවේය!
පමුණුවේ සිල්ලප්පු වත්තටත් ඒ දිනවල භූමිතෙල් කරත්තයක් ආවේය! ඒ අප නිසාය......... |
ඒ වාගේම ප්‍රශ්නත් සැරෙන්-සැරේ ආවේය.
Blue line පොප්ලින් රෙදි වෙනුවට වෙනත් ආදේශකයක් ඉක්මනින්ම හොයාගන්නට වුණේ ඒ
අතරේය. ඒ දවස්වල වේයන්ගොඩ රෙදිපිළි නිෂ්පාදන ආයතනයක් (රජයේ විය යුතුය.) තිබිණි. ඒවාත්
ගෙනැවිත් බැලුවෙමි.
ම්හු! එක-එක ජාතියේ රෙදි ගෙනැවිත් බැලුවත් හරියටම හරියන
වර්ගයක් නොතිබුණුම තරම්ය.
සමහර රෙදිවල එක තීරුවකටම ඩයි අල්ලන්නේ නැත.
එක කොටසකට තද; දීප්තිමත් ලෙසින්
වර්ණ ගැන්වී තියෙද්දී තීරුවක් විතරක් බඩ-ගිය සුදුමැලි පාටින් තියෙයි.
ඒ රෙදි
විකුණන්නට පුළුවනිද? රහස හෙළිවුණේ හොඳින් හොයාබලද්දීය.
මර්සරයිස්ඩ්!
පිටකොටුවේ, කොටුවේ රෙදිපිළි තොග වෙළෙඳ කඩ වැඩිම හරියක් තිබුණේ මුස්ලිම් වෙළෙඳුන් අතේය........ |
අත් යන්තරවලින් වුණත්, බලවේග මැෂින්වලින් වුණත් රෙදි වියන්නේ ලැබෙන
නූල්වලිනි. ඒ සමහර නූල් වර්ග මැනවින්; ප්‍රමිතියකට අනුව නිපදවූ ඒවා නොවුණු විටය,
අර සන්තෑසිය වෙන්නේ. රෙදි වියන්නේ බතික් කරන්නට නෙවෙයිනේ. ලැබෙන නූල්වලින් වියන එකනේ..
පිටකොටුවේ, කොටුවේ තොග කඩ හොයමින්- හරියටම හරි යන රෙදි හොයමින් රස්තියාදු
වෙන්නට වුණේ මටය. මුදලාලිලා එක්ක මගේ ප්‍රශ්නය ගැන කතා කරන්නටත් වුණේය.
එතැනදී
නම්, කියන්නට වන්නේ සිංහල වෙළෙඳ මහත්වරුන්ගේ චිත්ත ප්‍රීතියට හේතුවෙන දෙයක් නොවේ.
එයාලා වැඩි දෙනෙකුන්ගෙන් ලැබුණේ ‘තියෙන්නේ මේවා. ඕනේ නං ගන්නවා, බැරි නං යනවා. අපට
තව වැඩ තියෙනවා.’ කියන උත්තරය ව්‍යංග්‍යයෙන් කීමය.
වැඩිම හරියක් තොග වෙළෙඳාම තිබුණේ මුස්ලිම් ව්‍යාපාරිකයන් අතේය.
එයාලා එහෙම
නොවේ. හැම විටෙකම අපව පිළිගත්තේ කටපුරා හිනාවකිනි. “එන්න බොස්, අද මොනවද ඕනේ...”
වැනි දෙයක් කියමිනි.
රෙදිපිළි කර්මාන්තයට 'මර්සරයිස්ඩ්' ක්‍රමය කැන්දාගෙන ආවේ John Mercer මහත්තයාය........... |
ඒත් එක්කම සේවකයෙකු යවන්නේ තේ හෝ සීත කළ බීම එකක් ගෙනෙන්නටය.
මගේ ප්‍රශ්නයට
සාවධානව ඇහුම්කන් දෙන්නටත් ‘තම්බි මුදලාලිලාට’ වෙලාව තිබුණේය. එච්චර විතරක් නොවේ,
ඒ ගැන හොයා බලන්නටත්. මට මර්සර්යිස්ඩ් ඔත්තුව ලැබුණේ එහෙම හෙවූ කෙනෙකුගෙනි.
කුතුහලය නිසාම, බතික් කෙරුවාව අතහැර දාලා අවුරුදු 40කට පස්සෙත් mercericed
හෙව්වෙමි. ගියේ තත්පර ගණනකි. මේ තියෙන්නේ....
1844දී, ජෝන් මර්සර් මහත්තයා තමයි මේ
ක්‍රමය නිපදවලා තියෙන්නේ. නූල් හා රෙදිවල ගුණාත්මක භාවය නංවන්නට කෙරෙන රසායනික
සත්කාරයක්.
මර්සරයිස්ඩ් රෙදිවලට හොඳින් ඩයි අල්ලනවා. හැකිළෙන්නේ නැහැ. ඔය මදැයි, නේද?
මර්සරයිස්ඩ් කපු රෙදිවලට හොඳින් ඩයි අල්ලයි! |
ඉතින් ඔත්තුව ඔස්සේ හොයාගෙන ගියාම තමයි ‘තුල්ටෙක්ස්’ රෙද්ද හම්බ වුණේ.
තුල්හිරිය පෙහෙකම්හලේ නිෂ්පාදනයක්. ඒ Show room එක තිබුණේ බම්බලපිටියේය.
“පෙහෙකම් ගොවිකම් දස්කම් - දියුණු කෙරුම අපේ යුතුකම්
සිරි ලක් දියණිය මනරම් - වඩමු නඟමු පා දස්කම්”
ඒ පද ටික හරි දැයි කියලා දැනගන්නට ගියාම වුණේ ‘පදේට උඩ යන’ තරමේ වැඩකි.
ජාලයේ මං හෙවූ එක තැනකවත් නැත. ජාලය කොච්චර විශාල වුණත්, පුළුල් වුණත් එහෙම වෙන්නේ
ඉතිහාසය ගබඩා කර තබන්නට උනන්දුවක් දක්වන අයත් ඉන්නා විටෙකදී විතරය.
‘උතුම් ස්ත්‍රිය’ චිත්‍රපටයේ තිබුණු ඒ ගීතය ජාලයෙන් හමු වුණේ නැත.
ගීතය
ගැයුවේ ලතා වල්පොලය.
රැඟුවේ ක්ලැරිස් ද සිල්වාය. film එක පෙන්නුවේ 1969 ඔක්තෝබර්
15 වෙනිදා ඉඳලාය.
උතුම් ස්ත්‍රිය film එකේ කොල්ලා ජෝ අබේවික්‍රමය, කෙල්ල ක්ලැරිස් ද සිල්වාය. |
එහෙම වුණත් ඒ කාලේ හැම දෙනාම හිතුවේ රට
දියුණු කිරීම ගැන වගෙය. අරහෙම ගීතයක් ෆිල්ම් එකට දමන්නේ.....
“පිට රටිනුයි රෙදි ලැබෙන්නෙ - මෙතෙර ධනය එතෙර යන්නෙ” කියලාත් ඒ සින්දුවේ
තිබ්බේය. අවුරුදු 50 කට පස්සෙත් ඒක නම් වෙනස් වෙලා නැතිවා වගෙය. හැබැයි දියුණු
වෙච්ච දේවලුත් තියෙනවාය. මේ ගණන් හිලවු හරිද කියා මටම පුදුමය!
“ඉතින් තාත්තෙ.....”
“ඒ වගේම තමයි මේ මනුස්සයත්. එහෙත් අපේ රෙදිවලට මාර්කට් එකක් තියෙනවා වගේ. ඒ
නිසා මෙයාට ඕනේ ඇති වෙන තැන්වලිනුත් ඒවා පෙනෙන්න තියෙන එක නවත්තගන්න. විශේෂයෙන්ම
බසාර් එකේ!”
කෝටි 135ක් ඉන්නා චීනයේ ඇමති මණ්ඩලයේ ඉන්නේ 27කි. කෝටි 120ක ජනගහණයට
ඉන්දියාවේ ඉන්නේ ඇමතිවරු 22කි. රුසියාවේ කෝටි 14ට 17ය. ඇමෙරිකාවේ කෝටි 22ට 24ය.
ජපානයේ මිනිස්සු කෝටි 12කි; ඇමතිවරු 19කි. ශ්‍රී ලංකාවේ ජනගහණය කෝටි 2 වුණාට
ඇමතිවරුන් 151 කි!
මෙහෙම රටකට ඉර පායන එකත් වාසනාවක්ය! |
මටම පුදුම හිතෙන්නේ එහෙම රටක අවුරුදු ගණනාවක් තිස්සේ ව්‍යාපාරයක් කරගෙන
යන්නට තරම් හැකියාවක් මටත් තිබුණාටය. ඒක නම් මගේ දස්කමකටත් වඩා ‘වාසනාව’ වෙන්නට
ඇතිය.
දවසක් හැන්දෑවේ දෙකට විතර මහා කළු සිංහලයෙක් අපේ ගෙදර හොයාගෙන ආවේය.
උසේ
තරමට මහත, මැදි වයසේ උන් ඔහු කළු පැහැති කෙනෙකි. ඇඳගෙන හිටියේ සුදුම සුදු සරමක් හා
කමිසයකි. විශේෂත්වය වුණේ එයා ‘බෙයාර්ෆුට්’ කෙනෙකු සේ; සෙරෙප්පු සපත්තු කිසිවක්
නොදා ඇවිත් සිටීමයි!
අමුත්තා තාත්තාත් එක්ක කතාවට වැටී ඉන්නා අතරේ අපි අපේ වැඩවල නිරත වීමු.
එදා
කෆ්ටාන්, සරොම්, කමිස, ස්කාෆ් වැනි රෙදි වර්ග තොගයකම වැඩ අවසන් කර, තම්බමින් හිටි
දවසකි. අන්තිම පාටත් දමා අහවරවූ විට රෙදි උණු වතුරෙන් තම්බන්නේ wax ඉවත් කරගන්නටය.
ඊළඟට ඒවා පවනේ වියලාගෙන මැද්දාමය වැඩ ඉවර.
එදා බතික් ඇඳුම් තොගයකම වැඩ අවසන් කෙරෙමින් තිබිණි.......... |
වැඩ කෙරෙන අතරේ තාත්තා මට පණිවිඩයක් එව්වේය. මම ගියෙමි.
“රංජි, දන්නවද මේ කවුද කියලා. සිරිසේන මුදලාලි. බෙන්තොට.... අර බසාර් එකේ
අපෙන් රෙදි ගන්න සුදු ගෑනු කෙනෙක් ඉන්නේ... වැඩියෙන්ම අපෙන් බතික් ගන්නේ... ඒ
ඇන්ටිගේ මහත්තයා.....”
බෙන්තොට එම්.පී. සිරිසේන වෙළෙඳ ව්‍යාපාරික මහතා මට මුණ
ගැසුණේ එදාය.
“අපේ හාමිනේනෙ බිස්නස් එක කරන්නේ. මේ ළමය ආවත් මට හම්බ වෙන්නේ නැත්තේ ඒකයි....
මාත් හෝටලේ වැඩට යනවනේ.....”
සිරිසේන මුදලාලි කට පුරා හිනාවී කිව්වේය. “තාත්තා
කිව්වා ඔය ළමයාගේ හපන්කම් ගැන. මාත් හොයාගෙනම ආවේ තාත්තත් එක්ක කතා කරගන්න. ඔහෙලා
හදන රෙදි සේරම අපි ගන්නම්. වෙන කාටවත් දෙන්න එපා....”
“ඒකනේ රංජි, මුදලාලි කියනවා අද තම්බන රෙදිත් සේරම අරන් යන්නම්ලු, සල්ලි
දීලම.”
බෙන්තොට බීච් හෝටලයේ ඡායාරූපයක්- 1960 වසරේදී ගත්තකි. |
“ඒත් තාත්තේ, ඒවා වේළලා අරන් මදිනකොට හෙට වෙනවනේ..... තවම තම්බනවනේ.”
“ඔව්වත් වැඩද ළමයෝ? අත ඉක්මන් කරලා රෙදි ටිකේ වැඩ ඉවර කරනවකෝ. බාගෙට හුළං
වැදුණම ගෙනිහින් මැද ගන්නං!”
මඩවිට පටබැඳිගේ සිරිසේන මුදලාලි එහෙමය.
ඉංග්‍රීසි කතා නොකළාට, ඉංගිරිසි
පන්නෙට ඇන්දේ-පැලන්දේ නැති වුණාට, සෙරෙප්පු-සපත්තු නොදැම්මාට, බිස්නස් ඩිග්‍රී
නොතිබුණාට ඔහුට ව්‍යාපාරික ඥානය නම් හොඳටම තිබුණේය. ඉව තිබුණේය. එදා ඔහු නික්ම
ගියේ අපට සුවිශේෂ ගැටළුවක් ඉතිරි කරමිනි.
“රෙදි ටික නම් විකුණුනා තමයි. ඒ වුණාට පුතෝ ඒ විදිහ නම් මට අල්ලන්නෙ නැහැ.
එක්කෙනෙක් උඩම යැපෙන්න ගියාම බිස්නස් එකකට හරියන්නෙ නැහැ. ඔය අපිව හොයාගෙන ආව වගේම
වෙන තැනටත් ගිහින් අපිව එපා වුණොත්?”
අපේ තාත්තා කිව්වේ එහෙමය.
ඒ දවස්වල බෙන්තොට බීච් හෝටලය ඉදිරිපිටින් වමට හැරිලා ටික දුරක් යද්දීය 'බසාර් එක' තිබුණේ......... |
“බලමුකෝ මොකක් හරි උප්පරවැට්ටියක් කරන්න. මනුස්සයව තරහ කරගෙනත් බැහැ. ගනුදෙනුවලට
බෙන්තොටින්ම හොඳම මනුස්සයා. හොඳ වැඩි වුණාමත් ප්‍රශ්නයක්නේ.”
ඒ වෙනකොටත් බෙන්තොටින් තුන්-හතර දෙනෙක්ම අප හා ගනුදෙනු කරමින් උන්හ. දැන්
නම් මට නම් මතක ඇත්තේ වැඩියෙන්ම ගනුදෙනු කළ දෙන්නෙකුගේ නම් විතරය. කාන්ති අක්කා සහ
ඔබේවංශ.
“ඒකනේ තාත්තේ, කාන්ති අක්කලත් අපට කිසිම වැරද්දක් කරලා නැහැ. ඔබේවංශත්
එහෙමයි. ඒ මිනිස්සු තරහ වෙයි අපිම එයාලව අත හැරියොත්.”
එහෙත් අපේ රෙදිවලට මාර්කට් එකක් තියෙනවා වගෙයි! |
ඒ දවස්වල බෙන්තොට බීච් හෝටලය ඉදිරිපිටින් වමට හැරිලා ටික දුරක් යද්දීය
බසාර් එක තිබුණේ. එය විවෘත ගොඩනැඟිල්ලකි.
එහෙත්, එය කොටස්වලට බෙදා, කුලියට දීලා තිබිණි.
ලොකු සාප්පුවලට වගේම වෙළෙඳාමක් එතැනටත් තිබිණි. කාන්ති අක්කා නම් එතැන නොසිටියත්, ඔබේවංශගෙ සාප්පුව තිබුණේ එතැනය.
එහෙත්, එය කොටස්වලට බෙදා, කුලියට දීලා තිබිණි.
ලොකු සාප්පුවලට වගේම වෙළෙඳාමක් එතැනටත් තිබිණි. කාන්ති අක්කා නම් එතැන නොසිටියත්, ඔබේවංශගෙ සාප්පුව තිබුණේ එතැනය.
බිස්නස් එක තව ටිකක් එක්ස්පෑන්ඩ් කලානම් හරිනේ!!!
ReplyDeleteතුල්හිරියේ හැදුවේ තුල්ටෙක්ස් ! වේයන්ගොඩ හැදුවේ වේටෙක්ස් !
සෑම්, මට වැඩ කෙරෙන්නේ ජීවත් වෙන්න විතරයි. තවමත් මගෙන් ඒ මොට්ට තේමාව ඈත් වෙලා නැහැ. ඒ නිසා වෙන්නැති පොඩි කම්මැලිකමක් වගේ දේකුත්, ටිකකින් තෘප්තිමත් හිතක් පහළවීමේ ගතියකුත් තියෙන්නේ. මාත් තවම මාව ඇනලයිස් කරනවා.
Deleteතුල්ටෙක්ස් වේටෙක්ස් දෙකම හරියටම හරි!
එක්කෙනෙක් මත්තෙම ඉන්නව කියන එකනං බිස්නස් වලදි රිස්ක් එකක් තමයි.
ReplyDeleteனයා මරන්න අර ඩ්‍රැකියත් ට්‍රයි කරනව. තාම හරි ගියේ නෑ. :D
ට්‍රයි කලාට මදි ප්‍රසන්න, කාලෙත් නරක වෙන්න ඕනෙනේ. දෙවි පිහිටෙන් කාලේ නරක නොවේවා!
Deleteමෝස්තර වර්ග ගොඩක් හදලා කට්ටියට වෙන වෙන ම දුන්නා. හරිද දන්නෑ ඉතින්, ඔය මට හිතුන විදිහ
ReplyDeleteඊළඟ පොස්ටුවේ මුලින්ම ලියන්නේ ඔය ගැන තමයි!
Deleteලංකාවෙ බතික් ව්‍යාපාරය හොඳට තියනවද?
ReplyDeletehttp://www.srilankabusiness.com/blog/sri_lankas_batik_industry.html
Pra Jay, මට නම් මේ ලින්ක් එකට ගිහින් බැලුවාම තියෙන කරුණු සේරටම එකඟ වෙන්න බැහැ.
Deleteමේ මූලාශ්‍රය හැරුණු විට අවුරුදු 50කට කිට්ටු කාලයකදී මා කියවා ඇති, අසා ඇති හැම තැනකම කියවුනේ සෝමා උඩබාගේ මැතිනිය විසින් ලංකාවට බතික් හඳුන්වා දුන් බවයි. මගේ පොස්ටුවකදී මා ඒ බව කීවා. https://nidigepanchathanthare.blogspot.com/https://2019/04/blog-post_6.html
මා විශ්වාස කරන්නේ බතික් කොළඹ හතෙන් කුරුඳුවත්තෙන් ගමට ගිය බවයි. මගේ මතකය හරි නම් 70 ගණන්වල බතික්වලට ඉතාම ප්‍රසිද්ධව හිටි ඊනා ද සිල්වාත් හිටියේ කොල්ලුපිටිය-ඇස් වාට්ටුව පාර පසෙකයි.
අනෙක බතික් කියන්නේ "ඉටිවලින් ලිවීමේ කලාවකි" කියලා මුල්න්ම කියන ලිපියේ උඩින්ම තියෙන්නෙත් තනිකරම ඒ ක්‍රමය විතරක් උපයෝගී කරගත් නිර්මානයක රූපයක් නෙවෙයි. (මම දන්නා තරමටයි, එහෙම කියන්නේ.)
මං අධ්‍යයනයක් කරලා නැති වුණත්, පලාත්වල කොඩි, ධජ එකක්වත් බතික් ශිල්පය අනුව නිපදවූ ඒවා නෙවෙයි. එහෙම නිපදවුනේ 70 ගණන්වලදී. අති පැරණි එහෙම කොඩි කොහෙද තියෙන්නේ කියලා දැනගන්න තියෙනවා නම් මං හරිම ආසයි.
නුවර පැත්තේ ගම්වල නොයෙකුත් විස්මිත කර්මාන්ත කෙරුණා තමයි. වෙස් වළාගත් රජ්ජුරුවන්ට නින්ද ගිහින් තියෙද්දී නොදැනෙන විදිහට පයේ මහපටඟිල්ල විදලා මැණිකක් සවි කරන තරමේ වැඩකාරයෝ ඒ පැතිවල හිටියා කියන කතාව මම විශ්වාස කරනවා. කලාල පැදුරු, සේසත්, පිත්තල- ලාක්ෂා කැටයම්- අත් යන්ත්‍ර රෙදි වගේ නොයෙකුත් කර්මාන්ත ඒ පලාත්වල තිබුණු බව ඇත්ත. එත් ඒ පැතිවල බතික් තිබුණාය කියලා ආනන්ද කුමාරස්වාමි මහත්තයාගේ 'මධ්‍යකාලීන සිංහල කලා' (පොතේ නම හරිද මන්දා. මගේ ළඟ දැන් ඒ පොත නැහැනේ.) පොතෙවත් තිබුණේ නැහැ කියලයි මට මතක.
දැන් ව්‍යාපාරික මට්ටමින් බතික්වලට ඇති තැන ගැන නම් මට කිසිම පැහැදිලි දැනුමක් නැහැ. එකයි පෙනෙන්නේ. ඒ දවස්වලට වැඩිය කලාවක් කියන එකෙන් බැහැරවෙන පාටයි.
මෙච්චර දිගට ලිව්වේ ඔබතුමාගෙන් මේ විවේචන (විශ්වාස කරනවා නම්) අදාළ තැන්වලට යාවිය කියලා හිතුණු නිසයි.
This comment has been removed by the author.
ReplyDeleteහාල් පොලු මිරිස් පොලු මැද්දෙන් බිස්නස් නැගල යන පාටයි ... !
ReplyDeleteකණ්ඩා, අපේ කඩේ දාන කාලේ හාල් පොලු යුගේ ඉවර වෙලා තිබුනේ. හැබැයි ව්‍යාපාරේ හොඳට කෙරුනා.
Delete