නගුලෙ රඟ දැනෙන්නේ බැස්ස කල්හි මඩේයා
උගුලෙ රඟ දැනෙන්නේ ඊට පත් වූ තැනේයා
මඟුලෙ රඟ දැනෙන්නේ දූ පුතුන් ලත් තැනේයා
මඟුලෙ රඟ දැනෙන්නෙ දූ පුතුන් .............. |
පුරාණ කවියක තියෙන ‘උගුලෙ කතාව’ සහතික ඇත්තය
කියල මට වැටහෙන්න ගත්තේ බෙන්තොට ගියාට පස්සේ.
මධුශංක විතානගේ; මද්දා ගිය වතාවේ පෝස්ටුව
කියවලා විස්මයට පත් වෙලා. “බිස්නස් එකත් දාලා ජොබ් එකකට යන්න? මට නම්
හිතාගන්නවත් බෑ.” එහෙමයි එයාගේ හැඟීම ප්‍රකාශ කරලා තිබුණේ.
මහා පරිමාණ වෙළෙඳ ව්‍යාපාරිකයන් අතරේ, පුංචි
ව්‍යවසායකයින්ට මේක කරන්න වෙන හැටි අද වඩාත් හොඳින් ප්‍රකටයි.
ඒත් අද වගේ නෙවෙයි,
එදා සිරිසේන මුදලාලි යම්කිසි ප්‍රතිපත්ති මාලාවකට අනුගත වුණු හැටි මධුට වගේම
හිතවත් රසිකයන්ටත් කියන්නටම වෙයි.
මං එහේ යන්න කැමති වුණේ අපේ තාත්තගේ විසූක
දස්සන නොබලා- නොඅසා- ඒවා ගැන මොකුත්ම නොකියා නිස්කාන්සුවේ ඉන්නය. ඒත්.....
අපේ තාත්තාගේ විසූක දස්සන නොඅසා- නොදැක- ඒවා ගැන මොකුත්ම නොකියා.............. |
එයාලා මට හොඳට සැලකුවෝය. අපේ ගෙදර අය
වගේම, එහෙමත් නැතිනං ඊටත් වැඩිය හොඳට කෑම- බීම- නින්ද ගැන හොයා බැලුවා. ටෙරන්ස් තමයි
වැඩියත්ම මගේ හිතවතා වුණේ. ඊළඟට අතුල.
එයාගෙන් විස්තර අහද්දී කියවුණේ ටෙරන්ස් මියපරලොව ගිහින් බවක්.
“අතුල
මල්ලීව හම්බ වුණාම කියන්නකෝ මං මතක් කළ බව!”
භානිට රාජකාරියකුත් පවරලයි මං පස්ස
බැලුවේ!
සංග්‍රහ- සැලකිලි- සත්කාර මොනවා ලැබුණත් මගේ
‘ගෙඹි ගතිය’ නිසාද මන්දා මට හිතුණෙම හවසට ගෙදර ගිහින් පහුවදා උදේට ආපහු එන්නයි.
මුලදී
නං ඒකට අප්‍රමාණව කරුණුත් යෙදුණා. “නිමල්. ෆොරිනර් කෙනෙකුට මේ කලර් එකෙන් වොයිල්
කෆ්ටාන් එකක් ඕනෙලු. තනි පාට.... අපි ළඟ මේ පාට ඩයි තියෙනවද?”
ගෙඹි ගතිය හින්දාද මන්දා හැකි වුණු ගමන්ම එහෙන් පනින්නය ........... |
ඒ පාට වැඩිය පාවිච්චි වෙන එකක් නෙවෙයි නම්
ඉතින් මරදානට ගිහින්මයි ගෙනෙන්න වුණේ.
මං කීයටවත් එහෙම chances මඟ ඇරගත්තේ නැහැ.
“එහෙනං ඇන්ටි, මං අද හවසට ගෙදර ගිහින්, හෙට උදේ ඩයිත් අරන් එන්නං.” හැබැයි, එහෙම
කියලා රෑ වෙලා එද්දී අපේ ගෙදර දහඅටපාලිය නටනවා. ‘අනේ මං වගේ කාලකන්නි පව්කාරයෙක්.
දුවගෙන එනවනේ මේවා බලන්න.’ මටම සිය වතාවක් හිතුණත් ‘ඇටි කෙහෙල් කාපු උගුඩුවා වගේම’
මටත් ඒවා ඉක්මනටම අමතක වෙනවා. පුළුවනි නං පහුවදාමත් ආපහු එනවා.
සුනිලුයි, ලොකු නංගි නෝනයි දෙන්නා වැඩපොළේ
වැඩ පුරුදු විදිහට කරගෙන ගියා.
සති අන්තයේ ආවාම මං කමිස, ගවුම්, ස්කාෆ්,
කෆ්ටාන්, ලුන්ගි, සරොම් වගේ තොගයකට මෝස්‌තර ඇන්දා.
කොච්චරද කියනවා නං දිගම දිග
මේසයක, එක පැත්තක රෙද්දක් එළලා දෙද්දී, මං අනෙක් පැත්තේ එළලා- සූදානං කරලා තිබුණු
රෙද්දක මෝස්‌තර අඳිනවා. රෙදි එළලා සූදානම් කරන්නේ වෙනින් කෙනෙක්, මෝස්‌තර මගෙන්.
ඇස්වල සුද ඉවත් කරන්න ඔපරේෂන් දෙකක්.......... |
අපේ අයස්මන්ත මහත්තයා අවුරුදු දෙකකට විතර
කලින් මගේ ඇස්වල සුද අයින් කරන operation දෙකක් කළා. “අයියේ, සාමාන්‍යයෙන් ඇස්
දෙකම එක දවසේ ඔපරේෂන් කරන්නේ නැහැ. එහෙම කමක් නැහැ නේද?” කියලයි ඒ යක්ෂ පුත්තරයා
මගෙන් ඇහුවේ.
මාවත් ඔපරේෂන් තියටර් එකට ගත්තා. ඒක මීවදයක්
වගෙයි.
එක ඇඳක බාවලා, කට්ටියක් මාව සූදානම් කරන
අතරේ- අනෙක් ඇඳේ එක්කෙනෙකුට සැත්කම
කෙරුණා. එයාව එළියට ගෙනියන අතරේ තව කෙනෙකු ඇතුළට ..... මාව සැත්කමට.... මගේ
ඔපරේෂන් එක කෙරෙද්දී පට ගාලා එයාව සූදානම් කරනවා!
No කතා No සිනා අස්සේ හීනියට
classic සිංදුත් ඇහුණා. එතකොට අයස්මන්ත මහත්තයාගේ මූඩ් එක නොබැහැ හොඳට තියෙනවාලු!
නැතිව කොහොමද දවසකදී සැත්කම් 100ක් විතර කරන්නේ?
දොස්තර මහත්තයා අනෙක් ඇඳේ ලෙඩාව සැත්කමට
ගනිද්දී, ආයෙම වතාවක් මගේ අනෙක් ඇහැත් ඔපරේෂන් කරන්න සූදානම් කෙරුණා.
ඔන්න මචං අද කෙරුමගේ ඇස් දෙකටම එක සැරේ වැඩේ දුන්නා! |
“ඔන්න මචං.... අද කෙරුමගේ ඇස් දෙකටම එක සැරේ
වැඩේ දුන්නා.
බලපංකො පොට්ටයා අසරණ වෙලා ඉන්න ලස්සන. උඹවත් උදව්වට නැත්තං මේකාට එක
තැනමයි ඉන්න වෙන්නේ!”
මට ඇහුණේ දොස්තර මහත්තයා එළියේදී නෙවිල්ට කියන සද්දේ විතරයි.
“බැරිද මචං මූව දවස් තුනක් විතරම මෙහෙම
තියන්න...?” ඊළඟට දෙන්නාගේ තද සිනා!
තවම මට මතකයි. දවසකදී මට එහෙම දැනුණා නම් එයාලා වගේ අයට කොහොම දැනෙනවා ඇතිද?
හැම දොස්තර මහත්තයාම මෙහෙමද කියන්න නං මට
දැනීමක් නැහැ.
ඇස්වහ වදින්නේ නැහැ, කරන සේවය තවත් හොඳින් කරන්න ශක්තිය ලැබේවා!
අයස්මන්ත පීරිස් මහත්තයා ඒ ඔපරේෂන් කළ වේගය මං රෙද්දක මෝස්‌තර ඇඳපු වේගයට වඩා
වැඩියි!
එතකොට තමයි මතක් වෙන්නේ, මාත් කෙරුමෙක්ය කියලා හිතාගෙන හිටි එකේ වැරැද්ද.
අයස්මන්ත පීරිස් මහත්තයා ඔපරේෂන් කළ වේගය .......... |
බෙන්තොට බතික් වැඩපොළේ එච්චර කට්ටිය හිටියේ
නැහැ. පස්-හය දෙනෙකු විතරයි. සැරයක්-දෙකක් තව දෙතුන්-දෙනෙකු ආවා-ගියා.
ඒ දවස්වල ඒ
ඉසව්වේ පිරිමි ළමයි නං යාන්තං කරදඬු උස යද්දී බැලුවේ guide කෙනෙකු වෙන්න.
සුද්දෙක්ව, සුද්දියෙක්ව අල්ලා ගන්න! සුද්දන් සුද්දියන් එක්ක එහෙම පරිවාර වැඩවලට
ගිය හුඟ දෙනෙකුගේ ඉස්කෝල ගමනත් කඩාකප්පල් වුණා!
“ඒයි.... වරෙල්ලා ..... අන්න වැල්ලේ පතෝල
වේලනවා!” හිටි ගමන් කොල්ලෙක් කියාගෙන දුවයි. පණිවිඩය ඇහෙන කොල්ලෝ සේරම වැල්ලට
දුවති! ඒ බාගෙට හෙලුවෙන් අව්ව තපින සුද්දියන් දැකගන්නටය.
එතකොට බිකිනි ඇඳගෙන ඉන්නා එකියකු දැකීමත්
හරිම වාසනාවකි! සිකියුරිටිලා කොල්ලන්ට වැල්ලට එන්නවත් නොදුන් කලක............
උන් පස්සේ නොවැටුණාය කියලා මට කිසිම පාඩුවක්
වුණේ නැත.
ආපහු එන කොල්ලන් සේරම සුද්දියන්ගේ ඇඟේ නැමි, වක, ලප, ඉස්පිල්ලක්
ඇලපිල්ලක් නෑර, පණ පිහිටුවා සමාලෝචනය කරන්නේ ‘සුසන්ත බතික්’ වැඩපොළේදීය.
ඒවා blue
films පරදවන සජීවී විස්තර ප්‍රචාරයන්ය.
ඒ කොල්ලන් සුද්දියන්ගේ ඇඟේ නැමි- වක- ලප විතරක් නොවේ....... |
බතික් වැඩපොළ කෙරුණේ බෙන්තොට දුම්රිය පළ
අද්දරම තිබුණු ගෙදරය. මුදලාලිලාගේ ගෙවල් තිබුණේ ඊට ටිකාක් එහායිනි.
මා නවාතැන් ගත්තේ වැඩපොළේමය.
‘උඹලත් නිමල් එක්කම මෙහෙ නිඳාගනිල්ලා! මේ ළමයට විතරක් තනියම මෙහෙ ඉන්න අරින්න බැහැනේ!’ සිරිසේන මුදලාලි අණක් දුන්නේ ලොකු පිරිමි ළමුන් දෙන්නාටය.
‘උඹලත් නිමල් එක්කම මෙහෙ නිඳාගනිල්ලා! මේ ළමයට විතරක් තනියම මෙහෙ ඉන්න අරින්න බැහැනේ!’ සිරිසේන මුදලාලි අණක් දුන්නේ ලොකු පිරිමි ළමුන් දෙන්නාටය.
ඒකෙන් හොඳටම සතුටු වුණේ
ටෙරන්ස්ය!
“තාත්තට කියන්න එපා. දොර lock කරන්නේ නැතිව
තියන්න. අද බසාර් එක ළඟ සුද්දන්ට තොවිලයක් නටනවා! ටක් ගාලා බලලා එන්නං!” කියලාය
කොල්ලා ඉගිලෙන්නේ.
තොවිල්, සංස්කෘතික සංදර්ශන සේරම බලන
ටෙරන්ස්ගේ ‘ටක් ගෑම’ ඉවර වෙන්නේ පාන්දරය.
ටෙරන්ස්ගේ 'ටක් ගෑම' ඉවර වෙන්නේ පාන්දර ජාමයේය! |
ඒ ගෙදර පැරණි පන්නයේ අල්මාරියක් වැජඹුණේය.
තිබුණේ යතුරු දමලාය. යතුරු තිබුණේ සිරිසේන මුදලාලි අතේය. සමහර දවසක රාත්‍රියේ
අටට-නවයට විතර මුදලාලි එහාට එයි. අල්මාරිය අරියි. එළියට වඩම්මන්නේ අරක්කු බෝතලයකි.
“යකෝ මේ මොට්ටයා මෙච්චර වටිනා විස්කිවලටත්
කියන්නේ අරක්කු කියලනේ!”
නෙවිල්ලා, පීරිස්ලා, ගවීන්ලා විතරක් නොවේ තවත් අයත් මට
බැන වදිති.
ටිකිලා, කොඤ්ඤැක්, ෂිවාස් රීගල්, බ්ලැක් ලේබල්, රෙඩ් ලේබල්.....තවත්
නම් ගොඩක් කියවෙයි. “දන්නවද මොට්ටයෝ... මේවට ෂැන්ඩි කරන්නේ උණුවතුර- අරවට නම්
දෙහි- තමුසෙගෙ බ්ලොග් එකෙනුත් ලියනවා මේ වගේ වැදගත් දේවල් ගැන!” එයාලා කියති.
නිකම්ම ලියන්නයැ? මට අදාළ නැති- නොදන්නා
මඟුල්!
ඉතින් තවමත් මට ඒ සේරම අරක්කුය. සිරිසේන
මුදලාලි බිව්වෙත් අරක්කුය කියන්නේ ඒ පුරුද්දටය. එදාට නම් ටෙරන්ස්, අතුල දෙන්නාටත්
මටත් නිඳාගන්නට ලැබෙන්නේ රෑ ජාමයටය. මුදලාලිගෙ bite එකට ගන්නේ අප තිදෙනාය.
කවුරු, කොහොම, කොහේදී මොනවා බිව්වත් ඒ සේරම මට නම් අරක්කුය! |
“බලනවකො ළමයෝ... මුන්ට මොනවද අඩු?
මේ වැල්ලේ
කොල්ලෝ වගේ මුන්ටත් සුද්දන්ගේ පුක පස්සේ යන්න ඕනෙද? මහ ලජ්ජාවක් නේද? අරහෙන්
රත්තරන් බඩු- මැණික් විකුණන සාප්පුවක් තියෙනවා. මෙහෙන් බසාර් එකේ කඩේ...... දැන්
බතික් ෆැක්ටරිය. කාටද මේවා?
මෙයාලා දැන්ම හම්බ නොකළට..... මාත් ආසයි ළමයෝ මෙයාලා
ඉගෙනගෙන ලොකු මහත්තුරු වෙනවට..... එතකොට මං වගේ සරමයි කමිසෙයි නෙවෙයි.....”
මුදලාලි නික්ම යන්නේ අප නිඳාවැටෙන්නට
ගත්තාමය, නැතිනම් එයාගේ පදමට ආවාමය. ඒත් කවදාවත් සිරිසේන මුදලාලි වෙරිවෙන තරමට
මත්පැන් පානය නොකළ බව නම් මට හොඳටම මතකය.
මොන තරම් උත්ප්‍රාසයක්ද?
සිරිසේන මුදලාලි
පදමට බීලාත් කල්පනා කළේ බිස්නස් තවත් දියුණු කරගන්නේ කොහොමද කියලාය. දරුවන්ගේ
අභිවෘද්ධිය ගැනය.
අපේ තාත්තා........ ඒවා දෛවය විසින් එක-එක්කෙනාට ලබාදෙන දේවල්
කියලාය මට හිතෙන්නේ. ඊට complain කරලා පලක් නැත.
ඒවා දෛවය විසින්ම විපරීත කර එක-එක්කෙනාට ලබාදෙන............ |
“ලොකා, දැන් තාත්තා ගෙදර උයන කෑම කන්නෙත්
නැහැ. එපා කියනවා. ආච්චිලා ගෙදරින් දෙන ඒවා තමයි කන්නේ. දවල්ටත් බොන එකමයි වැඩේ!”
ගෙදර ගියාම මට ලැබුණේ එහෙම ආරංචිය!
“හරි. ඒක එයාගේ කැමැත්තනේ. එකක් මතක
තියාගන්නවා. කන-නොකන එක තාත්තගේ වැඩක්. හැබැයි තමුසෙලා එක වේලක්වත් එයාට කෑම නොදී
ඉන්න බැහැ. තේරුණානෙ... පස්සේ ගෙනත් අහක දානවා. ඒකට කමක් නැහැ. එයාට චාන්ස් එකක්
දෙන්න එපා ‘අපි නොසලකනවය’ කියන්න.”
තාත්තාගේම පුතා නිසාය ඔහොම තුරුම්පු සෙල්ලම්
කරන්නට මටත් පුරුදු වෙන්නට ඇත්තේ.
ඒකට මට credit එකක් දුන්නෙත් තාත්තාමය.
“උඹ එහෙනං ඒකෙනුත් දිනුවා..... මොකටද යකෝ
නොකන මනුස්සයෙකුට කෑම දීලා අහක දාන්නේ උඹලට පිස්සුද?... උඹලා දෙනකොට කන්න.... මේ
ගුණපාල? ... අම්මගේ රෙද්දේ කෑම .... දාපං බල්ලට....”
අම්මගේ රෙද්දෙ කෑම; දාපං බල්ලෙකුට! |
තාත්තා එහෙම වෙද්දී අපේ අම්මා නම් හිටියේ
රූකඩයක් ගානටය;
සහමුලින්ම පිටස්තරයෙකු වගේය; කෝන්තරකාරියක වගෙය;
තරහක්
පිරිමහන්නියක විදිහටය!
වැඩියත්ම එහෙම වුණේ තිරීස් මිසීගේ ආරාධනය
පිළිගන්නට අපේ තාත්තා අම්මාට ඉඩ නොදුන් හින්දාය.
ඒ ආරාධනය ආවේ, අපේ අම්මාට එංගලන්තයට එන්නට
කියලාය!
අපේ ජීවන කතන්දරය එහෙම පිටින්ම උඩු-යටිකුරු
කරන්නට තිරීස් මිසීත් හේතුභූත වූවාය.
තිරීස් මිසී කිව්වාට ඇයගේ නම ඒක වෙන්නට
බැරිය. අප දන්නේ අම්මා ඇයට තිරීස් මිසී කියලා කියූ බව විතරය.
අපේ ජීවනාන්දරය එහෙම පිටින්ම උඩු-යටිකුරු කරන්නට ............. |
“තිරීස් මිසී හරි හොඳයි. බොරුවක් කරලා නම්
බේරෙන්න බැහැ. දුවල දෙන්නට වුණත් එච්චරයි.” අම්මා කියලා තිබුණේ එහෙමය. ඒ කතාව
සහතික ඇත්ත බව අපටත් ඇස් පනාපිටම ඔප්පු වුණේ සිරියාගේ සිදුවීමෙනි.
නැන්සි අක්කලාගේ
වත්තේ ගෙදරක කුලියට හිටි දුප්පත් පවුලක ලොකු දියණිය සිරියායි.
තිරීස් මිසීලාගේ ගෙදර වැඩට සිරියාව පන්ගාඩම්
කළේ අපේ අම්මාමය.
දවසක් උදේ පාන්දරම තිරීස් මිසී අපේ ගෙදරට
ආවාය. හරිම විදිහට කියනවා නං ආවා නොවේ; කඩා වැදුණාය. අපේ ගෙදර අය එවෙලේ ඇහැරිලාවත්
නැතිය.
“ලීලා.... මට සිරියලගේ ගෙදරට යන්න ඕනේ.... දීපං උඹේ ළමයෙක්ව, මට උන්ගෙ ගේ
පෙන්නන්න.” එවේලේත් ඇය උන්නේ වෙවුලන කේන්තියකිනි.
“රංජි. ගිහින් සිරියලගේ ගෙදර පෙන්නලා
වරෙන්.” විමසිලිමත් බැල්මක් දැමූ තාත්තා මට කිව්වේය. මමත් ඉස්සර වීමි. කාර් එකෙන්ම
නැන්සි අක්කලාගේ වත්තට. “මිසී, අරක තමයි ගේ!”
පාර පෙන්වන්නට............ |
ඒ පාන්දර ඇහැරෙන්නේ මොකාද? මට සිදු වුණේ
සිරියලගෙ ගෙදර දොරට තඩි බාලා ඔවුන්ව කූද්දන්නටය. දොර ඇරෙනවාත් එක්කම තිරීස් මිසී
ඉස්සරහට පැන්නාය.
“කෝ සිරියා කුමාරිහාමි? සිරියා... සිරියා... එළියට වරෙන්.”
තිරීස් මිසී එහෙම කතා කළේ හෙමින් එහෙම නොවේ.
මහා සද්දෙනි. අහල-පහළ අයටත් මෙතැනට එබිකම් කරන්නැයි ආරාධනා කරනවා වගෙය. ඒ වෙද්දීත්
හතර වටේම ගෙවල්වල අය සිරියලගේ ගෙදර පෙනෙන තැන්වලය; කබ කඩමින්- කුණු කෙළ පිස දමමින්; හිටි-පියේම හිඳිමින්, පංචේන්ද්‍රියවලින්
දෙකක්ම සිරියලගේ ගෙදරට එවලාය.
දොර විවර කළ මැණිකේ නැන්දා; සිරියල අම්මා
ගෙට රිංගාගත්තේ පුදුම කඩිනමකිනි.
බිරන්තට්ටුවී සිරියා එළියට ආවේ ඇස් පිස දමමිනි.
“මිසී.... ඉන්න මං පුටුවක්....” සිරියාට ඒ ටික කියලා ඉවර කරන්නට ඉඩක් ලැබුණේ
නැතිය. රතිඤ්ඤා වැලක් පුපුරන්නට පටන් ගත්තේය.
කෝ මහ ලොකු කුමාරිහාමි? (ඊ.එන්.එම්.කේ. සොයිසාගේ සිතුවමකිනි.) |
“කොහොමද කුමාරිහාමි.... මං උඹට කිව්වා මාව
උඹලගේ බංගලාවට ගෙන්නාගන්න එපැයි කියලා. මට දැන් හොඳට පේනවා, උඹලගේ ගෙදර පුටු
විතරක් නෙවෙයි පුටු සැටිත් පුරවලා තියෙනවා කියලා. අනේ යකෝ.... මෙහෙම ගෙදරක ඉඳගෙනද
උඹ කිව්වේ වටේ ඉන්න අය ඔක්කොම අඩු කුලේ කියලා.....
උඹ මේ කාගේවත් ගෙදරකින් වතුර උගුරක්වත්
බොන්න යන්නෙ නැහැ කියල....
උඹල යන්නෙ නැහැ. හඃ! මේ මිනිස්සු උඹලට ඒ ගෙවල්වලට එන්න
දෙනවද බං.... බලපංකො ඒ ගෙවල් දිහා.”
කතාව ඇත්තය.
නැන්සි අක්කලාගේ වත්තේ ගෙවල් දහයක්-දොළහක්ම
තිබුණේය. කුලියට දෙන්නම හදාපුවාය.
(ලීලක්කාගේ ස්වර්ණ ළමා සමාජයේ හිටි වැඩි
දෙනා ඒ ගෙවල්වල අයයි.) ඒ ගෙවල්වලින් හොඳටම අබලන්- දුප්පත් පෙනුම තිබුණේ සිරියලගෙ
ගෙදරටය. සිරියල තාත්තා කළේ ‘ගස් බඳින’ රාජකාරියයි. එහෙම වුණත් ඒ මාමා අතිශයින්ම
කාරුණික අහිංසක මනුස්සයෙක් විය.
ඒ ගෙවල්වලින් හොඳටම දුප්පත්- අබලන් පෙනුම තිබුණේ........... |
“....අහිංසකකම නෙවෙයි නෝන්ජල්කම... එහෙමත්
නැත්තං මැණිකෙගෙ අනික් මිනිහවත් ඒ ගෙදරම නවත්තගෙන ඉඳීවිද? බලපල්ලකො, මැණිකෙගෙ
දෙවෙනි කොලුවාගේ මුහුණ බලපු ගමන්ම පොට්ටයෙකුට වුණත් පේනවනෙ, උගේ තාත්තා කවුද
කියලා......”
ගමේ ගැහැනුන් කියන්නට පුරුදුවී හිටියේ එහෙමය.
ඉතින් කුකුළාත් අතින්
අරං- කාර් එකකින් එහෙව් ගෙදරකට ආ සුදු නෝනා මහත්තැන් කෙනෙකු, ගමේ අම්මණ්ඩි කෙනෙකුට
වැඩිය හොඳින් පළි ගහද්දී අහගෙන නොඉන්නේ කොයි මනුස්සයාද?
ඇත්තටම තිරීස් මිසී එච්චර හොඳට සිංහල කතා
කරන්නට පුරුදු වුණේ කොහොමද?
එයා විදෙස් රටක තානාපති කෙනෙකුගේ බිරිඳය.
කාලයකට ඉස්සර ඒ තානාපති මහත්තයා ලංකාවේදීම මිය ගොසිනි. තිරීස් මිසී දුවලා දෙන්නත්
එක්ක මෙහෙම බින්න බැහැලාය.
ඊවා හාමුගේ හොඳ මිතුරියකවූ ඇයට, අපේ අම්මාගේ
මැහුම් වැඩ ගැනත් රෙකමදාරු කරලාය. පරණ කණට වඩා අලුතින් ආ අඟ කොච්චර හොඳද කිව්වොත්
ඊවා හාමුටත් හොරෙන් අපේ අම්මා වැඩි දින ගණනක් වැඩ කළේ තිරීස් මිසීටය!
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ලොව පළමු අග්‍රාමාත්‍යවරියවී............. |
“..... මම කිව්වා ලීලෝ, ඒකිගෙ රෙදි
ගැලවෙන්නම.... ඔය බැල්ලි මට කියලා තිබුණේ ලීලලාත් අඩු කුලේ කියලා..... රස්සාව එපා
වෙලා කියලා ගෙදර එන්න ඕනෙය කිව්වා නං මම ඒකිව බලෙන් තියා ගන්නද?
මට කේන්ති ගියේ
ඒකි මාව මෝඩයාට අන්දවලා රුපියල් පන්සීයකුත් ඉල්ලාගෙන ගෙදර නැවතුණාට...”
තිරීස්
මිසී අපේ ගෙදරදී කිව්වාමය අපට පැටලුම් ඇරුණේ.
70වේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ලොව ප්‍රථම
අග්‍රාමාත්‍යවරියවී බලයට පැමිණි පසු අලුත් අණ-පනත් ගණනාවක් ගෙනාවාය.
“වත්තේ ඔක්කොම අයට ගෙවල් හොයාගන්න කිව්වා
ගුණපාලල අම්මේ. කුලියට හිටපු එවුන්ට ගෙවල් අයිති වෙන්න දෙන්නය නිකම්ම. කඩලා දානවා
සේරම. මේ ගෑනි ළමයි හදාගෙන, හොරගොල්ලේ වලව්වට වෙලා ඉන්නේ නැතිව රටක් ආණ්ඩු කරන්න
ආවා මදැයි!” නැන්සි අක්කා අපේ ගෙදරදී කිව්වේ අපේ ආච්චිටය.
දැන්ය මතක් වෙන්නේ,
බණ්ඩාරනායකවාදිනියක වුණු අපේ ආච්චී එවෙලේ ඉන්නට ඇත්තේ දත්මිටි කාගෙන වෙන්නැතිය.
තිරීස් මිසීටත් ලංකාව එපා වුණේ ඒ දවස්වලමය.
තිරීස් මිසීට ලංකාව එපාම වුණේ තුන් හවුල් ආණ්ඩුවේ ............ |
තුන් හවුල් ආණ්ඩුවේ කෙළවරක් නැති තහංචි-
සීමා කිරීම් නිසාය, එයා දූලාත් එක්කම එංගලන්තයට ගියේ.
එහෙම ගිහින් ටික දවසකට පස්සේ අපේ බතික්
වැඩපොළේ ගැහැනු ළමයෙකුගේ අක්කා කෙනෙකු
එහාට ගෙන්නා ගත්තාය. ඒ අපේ අම්මාගේ මාර්ගයෙනි. අක්කාගේ විභූතිය නංගී කියාපාමින්
හිටි අල්ල-පනල්ලේ, අපේ අම්මාටත් ආරාධනයක් කෙරිලාය. අර අලංකාරවලින් අපේ අම්මාගේ ඇස්
නිලංකාර වෙලාය!
“තමුසෙට පිස්සුද? මින් මනත ඔය ගැන මේ ගෙදරදී
වචනයක්වත් කතා කරනවා නෙවෙයි ඕං...... දරු කැලතක් දාලා අම්ම රට යන්න..... උඹේ
තිරීස් මිසීට දරු හැවිකාරේ නැතිකමට ඔහොම කියලා එව්වත් ලීලා, උඹම හිතපන්.....”
හිතපු නිසාදෝ ඊට පස්සේ අපේ අම්මා හිටියේ
‘alien’ කෙනෙකු වෙමිනි. සැමියා, දරුවන් සේරමලා එක්ක නොරිස්සුමකිනි!
අද පෝස්ටුව මෙතනින් නවතනවාටත් රසිකයන්
නොරිස්සීමක් ඇති කරගන්නවා ඇතිය. ඒත් මේ කතාව තව වචන දෙතුන් සීයකින් ඉවර වෙනවායැ?
ඉතින්...........
නිමල්ගේ අම්මා එංගලන්තයේ ඉන්න බව කියල තිබුණට ගියේ කොහොමද කියලා දැන් තමයි තේරෙන්නේ.
ReplyDeleteඉස්සරහට තව පැටලිලි ලෙහන්න තියෙනවා, කුමාර!
Deleteකමෙන්ට්ස්වලදී මට ඔයාගේ නම අහුවුණේ අද වගෙයි. වැරදියි නම් සමාවෙන්න. ස්තුතියි- හොඳේ.
Kumara is correct, things are getting bit clear now. I did not read all posts, so I am filling in gaps (trying to catch-up)
ReplyDeleteඔව්නේ විජේබාහු මහත්තයෝ.
Deleteපංච තන්තරෙන් ලියන්නේ මගේ ජීවිත කතාවනේ. ඒ හින්දා මට ඕනේ හැටියට අවුල් කරන්නවත්, නිරවුල් කරන්නවත් ඉඩක් නැහැ. වෙච්චි දේවල් වුණු විදිහට ලියනවා.
ඒ වගේම මගේ දිවියේ 'වංකගිරි' ගමන ලියද්දී කියවන අයටත් සාධාරණයක් කරන්න වෙනවානේ, රසබර විදිහට ලියලා. කුතුහලය රඳවාගෙන. ඒකටත් උපරිම උත්සාහයක් ගන්නවා.
ඔබතුමා වගේ සියලුම පෝස්ට්ස් නොකියවූ සහෘද රසිකයන්ට පහසු වෙන්නයි වත්මන් පෝස්ටුවල පැරැණි සම්බන්ධතා ගැන කියවෙද්දී (අපේ අසංග රණසිංහ ආරච්චි හිතවතා කියලා දුන් විදිහට) links වෙනස් ඇල අකුරුවලින් යොදන්නේ.
https://www.thrillist.com/travel/nation/best-nude-beaches-around-the-globe
ReplyDelete//තිරීස් මිසී කිව්වාට ඇයගේ නම ඒක වෙන්නට බැරිය.// ????
Therese
සුපුරුදු විදිහටම ලින්ක් එකට ස්තුති කරන්නම් ඉස්සෙල්ලා.
DeletePra Jay, මට ඒ දවස්වල ඉඳලාම තිරීස් කියපුවාම ඔඩ් ගතියකුයි දැනුණේ. එකයි එහෙම කිව්වේ. මං වැරදි වෙන්නත් පුළුවනි, නේද?
ම්.......... ඒකයි එහෙනම් හේතුව.
ReplyDeleteඒක නේන්නම් මධු!
Deleteඅම්මා අදට වඩා හෙට හොඳින් ඉන්න උත්සහ කරන චරිතයක්ව.පියානෝ හෙට මලත් අද හොඳින්.
ReplyDeleteඒහන්දම දෙපැත්ත බැලන්ස්.
නිදි ඔය කාලේ බෙන්තොට රජයේ රෙස්ට් හවුස් එක තිබුනද?
මට (ඡායාවක් වගේ) මතක හැටියට, බෙන්තොට ස්ටේෂන් එකට (ගොඩ පැත්තට) මෙපිටින්, පොලිසියට හරි තානායමට හරි පිටුපසින් තිබුණු ඉඩමේ තමා සුසන්ත බතික් එක තිබ්බේ.
Deleteසිරිබිරිස් උන්නැහේ ඒ පැත්තේද?
නැහැ නිදි,පරණ පොත් වල ඔතැන ගැන විස්තර තියනවා.ඒ නිසා පොඩ්ඩක් බැලුවා.
Deleteබෙන්තොට බීච් එක නං හැදුවේ ලන්දේසි බලකොටුව තිබ්බ තැනලුනේ.
බතික් අඳිනව වගේම සුද්දියො බලන එකත් අඩු නැතුව කරල තියෙනව වගෙයි.
ReplyDeleteප්‍රසන්න, ඔයාගේ ප්‍රශ්නේ දැක්කාම මට මතක් වුණේ කාලෙකට ඉස්සර 'මැඩෝනා' කියලා තිබුණු දෙයක්. 'මං එළවලු විතරක් කාලා, දවසකට පැය ගණනාවක් මහන්සි වෙලා ව්‍යායාම කරලා, හදාගන්න ඇඟ රසිකයන්ට පෙනෙන විදියට ඇන්දාම මොකද වෙන්නේ?'
Deleteඉතින් හැම කෙනාගෙම පොදු චින්තනය එකනෙ. එහෙම පෙන්වන්න හොඳ නං බලන්න මොකටද පැකිළෙන්නේ?