ඒ දමිළ අම්මලාට තිබුණු
ඉවසිල්ල... නිස්කාන්සුව.
ඔවුන්ට කිසිම හදිසියක් තිබුණේ නැත. Targets තිබුණේ නැත. නාඳුනන, දමිළ බස නොවැටහෙන සිංහල මට වැටහෙන විදියට ඒ සේරම දෙමළ බසිනුත්- ඉඟිබිඟි හා හස්ත මුද්‍රාවෙනුත් කියා දෙන්නට ලැබීම ගැන සතුට පමණය ඔවුනට තිබුණේ!
ඔවුන්ට කිසිම හදිසියක් තිබුණේ නැත. Targets තිබුණේ නැත. නාඳුනන, දමිළ බස නොවැටහෙන සිංහල මට වැටහෙන විදියට ඒ සේරම දෙමළ බසිනුත්- ඉඟිබිඟි හා හස්ත මුද්‍රාවෙනුත් කියා දෙන්නට ලැබීම ගැන සතුට පමණය ඔවුනට තිබුණේ!
ඒ අම්මලා එච්චර
කරුණාවන්ත වුණත්, ඒ කරුණාව දිගටම දරා ගන්නට මට බැරිවිණි. ‘කෝ අපේ පස් දෙනා? ඉස්සර
වෙලා යන එකේ මේ යක්කුන්ට ලකුණක්වත් තියලා යන්න බැරිද?’
ඒ නිසාය අර අම්මලා ඉසුඹු
ලද්දී වුණත් මට වාඩි වෙන්නට බැරි වුණේ.
අනෙක් කාරණාව පිටේ එල්ලාගෙන හිටි බෑගයයි. ඒ මඟුල් බෑගයේ කෑම ජාති එකක්වත් තිබුණේ නැත. අර මොට්ටයන් පස් දෙනා මඟ හැරුණෝතින්......
තවත් දවස් තුනක් යන්නට වෙන්නේ හාමතින් තමාය.
අනෙක් කාරණාව පිටේ එල්ලාගෙන හිටි බෑගයයි. ඒ මඟුල් බෑගයේ කෑම ජාති එකක්වත් තිබුණේ නැත. අර මොට්ටයන් පස් දෙනා මඟ හැරුණෝතින්......
තවත් දවස් තුනක් යන්නට වෙන්නේ හාමතින් තමාය.
ඇත්තටම අනෙක් වන්දනාකරුවන්ට නැති කඩි කුලප්පුවකි අපට තිබුණේ! (foto-කසුන් ප්‍රියලාල්) |
පුරුදු නැති ගමනක.
පළමුවෙනි වතාවට. දැන් පාරේදී වෙනින් බැතිමතුන් හමුවන්නෙත් අඩුවෙනි. අව්ව සැරවෙන්නට
කලින් හැකිතාක් දුර ගිහින් නැවතෙන එකය එයාලගෙ සිරිත.
ඒ වෙද්දී මං, මගේ සපත්තු
දෙකත් ගලවාගෙනය. කකුලක කටුවකුත් ඇනිලාය.
‘අම්මට සිරි.... අර තියෙන්නේ වැටිච්ච ගහක්. බෑග් එක ඒකෙ උඩට හිටින විදිහට බිමින් වාඩි වෙනවා. එතකොට බෑග් එක ගලවන, ආයේ දාගන්න ප්‍රශ්නේ එනවයැ?’
Idea එකට පින් දිදී ගිහින් එතැන වාඩි වුණා විතරය! කතා සද්දයක් ඇහෙයි!!

මං වාඩිවී හිටියේ
වංගුවකය. හඬ එන්නේ ඉදිරියෙනි. ‘අපේ වාහෙලත් මේ හරියෙදීම නැවතිලාද?’
මගේ කකුලෙත් යක් කටුවක් ඇනිලාද කොහෙදය! (foto-කසුන් ප්‍රියලාල්) |
එතැන හිටියේ අපේ නඩය
නොවේ. හමුදා භටයන් කිහිප දෙනෙකි. ඔවුහු කඩිසරව පස් කන්දක් ගසමින් සිටිති. ඒ
plastic වතුර ටැංකියක් තබන්නටය. එක්කෙනෙක් දත්බෙහෙත් ටියුබයක් මිරිකමින් ඒවායින්
‘බොන වතුර’ කියා පොල්ගෙඩි අකුරෙන් ලියමින් උන්නේය.
මම අපේ පස් දෙනා ගැන කියා, එහෙම පිරිසක් දැක්කාදැයි ඇසුවෙමි.
මම අපේ පස් දෙනා ගැන කියා, එහෙම පිරිසක් දැක්කාදැයි ඇසුවෙමි.
“සිංහල අය නං දැක්කෙම
නැති තරම්.... ඔය කියන විදිහේ පස්දෙනෙක් ගියා නම් යන්න ඇත්තේ පාන්දරින්ම තමා.”
මම බෑගය උරහිසින් පන්නා
දමා එතැනම, ටිකක් ඈතින් තිබුණු ගහක් හෙවණේ බිම දිගා වුණෙමි.
“එහෙනං මේ යක්කු තවම එනවා. ඒත් මෙච්චර පරක්කු? කොහොමද මට වැඩිය එයාලා පහු වුණේ? හොඳ ගමනක් ඇවිත් කේන්ති ගත්තට දෙයියොත් අමනාප වෙලාවත්ද? තරහෙන්ම පිටත් වුණා මිසක් අතු කෑල්ලක් කඩලා එල්ලුවෙත් නැහැ. තින්නෝරු ටිකක් ගාගත්තෙවත් නැහැ....”

ඒරෝප්පෙදී වුණත් වැඩක් වැරදුණාම Oh God කියන්නේ දෙවියන් මතක් වෙන නිසා නේද? |
යාල block 2 ඉසව්වේ ගහක් යට
වැතිරී සිටියදී, දාහක් දේවල් හිතට එද්දී කොහොම ඒවා නවත්තන්නද?
පහුගිය කොටසේදී තින්නෝරු
ගැන කිව්වා මතකද?
බ්ලොගය නිසා මාත් එක්ක
ඉස්සෙල්ලාම මිතුරු වුණු ‘කොළොම්පුරේ’ අසංග රණසිංහ ආරච්චි හිතවතා ඒ පෝස්ටුවට
කමෙන්ටුවක් දමමින් අගනා link එකකුත් එවා තිබිණි. ලින්ක් එක The Sunday Times පත්තරයේ
තිබුණු වාර්තාවක එකකි.
‘කතරගම ඇසළ පෙරහරට මාස
කිහිපයක් තිබියදී හුණුකැටවල හෙවත් තින්නෝරුමලේ හෙවත් විභූතිකන්දේ තින්නෝරු කැණීම්
ඇරඹෙයි.
ඒ මැයි, ජුනි මාසවලදීය.
ඒ මැයි, ජුනි මාසවලදීය.
වසරේ මැයි, ජුනි මාසවලදී තින්නොරු කැණීම් ඇරඹෙයි! |
ඇසළ පෙරහර අවසන්වී තුන් මසකින් මේ තින්නෝරු නිධි නොපෙනී යාම විශේෂ කරුණකි!’ යනුවෙන් ඒ වාර්තාව කියයි. අදාළ ඡායාරූපත් තිබුණේ ඒ වාර්තාවෙමය.
අපේ රසිකයන් වෙනුවෙන් ‘ද සන්ඩේ ටයිම්ස්’ පත්තරයටත්, අසංග රණසිංහ ආරච්චිටත් ලොකු ස්තුතියක් පිරිනමන්නටත් මෙය සුදුසුම අවස්ථාවයි! ස්තුතියි!!
මේ වෙද්දී අපෙන් හතර
දෙනෙකු තුන් වතාවක් එකටම පාද යාත්‍රාවේ යෙදිලාය.
පීරිස්, නෙවිල්, මර්වින් හා නිදි. නිශාන්ත දෙවතාවකි. සුනිල්, ජයශංඛ දෙන්නා එක වතාව බැගිනි. ඒකෙන් ලොකුම වාසිය විඳින්නේ මේ බ්ලොගය කියවන රසික ඔයාලාය.
පීරිස්, නෙවිල්, මර්වින් හා නිදි. නිශාන්ත දෙවතාවකි. සුනිල්, ජයශංඛ දෙන්නා එක වතාව බැගිනි. ඒකෙන් ලොකුම වාසිය විඳින්නේ මේ බ්ලොගය කියවන රසික ඔයාලාය.
හරෝහරා පෝස්ටුව
ගොඩාරියක් පරිපූර්ණව, සවිස්තරාත්මකව කියවන්නේ ඔයාලාය. මා ලියන්නේ ගමන් තුනක
අත්දැකීම්ය.
පාද යාත්‍රා ගමනට පෙර කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයේදී පුංචි ශ්‍රමදානයකටත් ............. |
මගේ පාන්දර පිටත්වීම ගැන
මේ ටික ලියා තිබුණේ අපේ සුනිල්ය.
“වෙලාව
6.30යි. නඩේ ගුරාට තරහ ගිහින් එයා තනිවම ගමනේ යෙදෙන්න තීරණය කරලා. අනිත් අය හරිම
නිශ්ශබ්දයි. බෑග් මලුත් පිටේ එල්ලාගෙන එයා පිටත් වෙලා ගියා. පීරිස් මහත්තයා ඡායාරූප
ශිල්පී රාජකාරිය පටන් ගන්න හදන්නෙ දැන්.
-“හරි....
පොර වටෙන් ගිහින් එනකොට අපි ගඟෙන් එතෙර වෙමු. ඒකට ඕනෙ තරම් වෙලාව තියෙනවා. එයාට
හිනාවෙන්න අපිට හොඳ චාන්ස් එකක් මේ එන්නේ. ටක් ගාලා ලෑස්තිවෙලා ගඟෙන් එතෙර වෙමු.”
අයස්මන්ත පීරිස් මහත්තයා කිව්වා.
-මෙතැනදී
මේ කාරණාවත් නොකියා ඉඳීම බරපතළ වරදක්. මේ මහ කැලය තුළ අයියා තනිව ගමන් කිරීම
කිසිසේත් අනුමත කළ නොහැකි වැඩක්. වන සතුන්
හිටියොත්?
අපටත් හෙරළිගස්ආරටම ගිහින් එගොඩ වෙන්නට සිදුවිය. (foto-අනුර පල්ලිමුල්ල) |
-කුඹුක්කන්
ඔයෙන් එගොඩ වුණු තැන සිට මඟ සුදු වැල්ලෙන් ගහණය. වැලි තල මත විශාල කොටියෙකුගේ හා පැටියෙකුගේ
අඩි සලකුණු නිශාන්ත අපට පෙන්නුවේය.
-අමාරුවෙන්
නමුත් අපි ගමනේ වේගය වැඩි කළෙමු. නඩේ ගුරාගේ ලකුණක්වත් තවම නැත. මිනිහාව ඉක්මනින්ම
හොයාගත යුතුය. අපට ඔහු හමු වුණේ උදේ දහයයි තිහටය. හොඳට අතපය දිග ඇරගෙන අයියා විවේක
ගනිමින් හිටියේය. අව්වේ කර වෙවී ආවේ අපය. මේ මිනිහා පැය හතරක් තනියමය. නරකත් නැත.
ඒත් අප දමා තනියම ඒමෙන් අයියා කළේ වරදකි.”
මේ අයස්මන්ත මහත්තයාගෙ
ලියවිල්ල.
දෙමළ අය පා ගමනට එන්නෙ භක්තියෙන්...(foto-ගිහාන් වික්‍රමසිංහ) |
අපට ටිකක් එහායින් ටෙන්ට් එක ගහගෙන හිටි තඩියගෙ නඩේ ගඟ ළඟ ඩියුටි හිටි අයට පොර ටෝක් දීල.
'ඇයි අපිට මෙතැනින්ම එගොඩට යන්න බැරි. එහෙනම් මොකටද මේ ලණුවක් ඇදල තියෙන්නේ?’ මිනිහා අහලා.
-ගඟ ළඟ
ඩියුටි කරපු සෝල්ජර්ස්ලට අම්බානකට තද වෙල. ලණුව ගලවල. ‘කාටවත්ම මෙතනින් යන්න දෙන්නෙ
නැහැ. යනවා, හෙරළිගස්ආරට ගිහින් එගොඩ වෙනවා’ කිව්වලු.
-නිමලයා
ගිහින් ගොඩක් වෙලා. හරි වැඩේ. වටයක් ගහල යද්දී අපි සෑහෙන්න පරක්කු වෙයි.....
අපිටත් නිදි ළමයා ගිය පාරෙමයි අදින්න වෙන්නෙ.... මාර අප්සෙට් එක......”
එයාලා මා නැවතී හිටි
තැනට ආවේ දහයයි තිහත් පහුවෙලාය. ඒ ඇවිත් ටිකකින්ම දිල්හාන්ලාත් එතැනට ආවෝය. තරුණ
පිරිසක්වූ ඔවුනුත් පෙරදා රාත්‍රියේ කූඩාරම අටවාගෙන හිටියේ අපට ආසන්නයෙනි.
“අපි තේ හදනවා.... ටිකක් ඉඳලා බීලා යන්න.” මම කීමි.
“අපි තේ හදනවා.... ටිකක් ඉඳලා බීලා යන්න.” මම කීමි.
දවසෙන්ම කිලෝ මීටර් 10 ඉක්මවීමේ දිල්හාන්ලගේ ඉලක්කය............ |
පළමු දවසේ මඩමේතොටෙන් එගොඩ වෙන්නට කිසිවෙකුට අවසර තිබුණේ නැති නිසාය, ඒ ඉලක්කය හරි නොගියේ. “අද කොහොම හරි ඉතිරි හරිය අදිනවා!” තේ බීලා පිටත් වෙන්නට හදද්දී ඔවුහු කීහ.
“කෝ ඔයාලගේ යාළුවා....
අරා?” මං එහෙම ඇහුවේ ඒ නඩයේ උන් ලොකුම කතාකාරයා දකින්නට නොහිටි හින්දාය.
“පොර අපේ යාළුවෙක්
නෙවෙයි. යාළුවෙක්ගේ යාළුවෙක්.
කට තමයි. ඌට ඕනේ හෙමින් එන්නලු.... අපි දාලා අවා.
අහම්බෙන් අපිට ප්ලග් වුණා වගේ තව කට්ටියකට plug වෙයි.”
කට තමයි. ඌට ඕනේ හෙමින් එන්නලු.... අපි දාලා අවා.
අහම්බෙන් අපිට ප්ලග් වුණා වගේ තව කට්ටියකට plug වෙයි.”
අපි එතැනම නැවතී දවල්ට
උයා-පිහාගන්නට තීරණය කළෙමු. ‘අරා’ ආවේ එතකොටය. “අන්න යාළුවො නම් ගියා, දැන් ටිකකට
ඉස්සෙල්ලා.”
කොල්ලු කාපු අස්සයෝ වගේ ඔහෙ දුවනවා........... |
එහෙම චරිතත් කලාතුරකින්
හරි පාද යාත්‍රාවේ යෙදෙනවිට හමු වෙයි!
දැන් පණ්ඩිතකම්
කියෙව්වත්, ඇත්තම කියන්නට ඕනෙය.
මිනිහා මාව නම් නියමෙටම ඇන්දුවේය!
පීරිස්ලා ඒකට කියන්නේ ‘නිමල් අයියා සමහරුන්ව දැක්ක ගමන් ප්‍රේමෙන් වෙළීගෙන- වෙළීගෙන යනව. ගිහින් ඇඳගන්නවා’ කියලාය. හැබෑය, අරාත් ඉතා ප්‍රියමනාප තෙපුල් ඇති, ප්‍රසන්න තරුණයෙකි. එහෙම මිනිහෙකුට කපටියෙකු- බොරුකාරයෙකු වෙන්නටත් පුළුවනිද?

අරා ඇවිත් තිබුණේ
කෑම-බීම ගැන සූදානමක් නැතිවම වගෙය.
එහෙම යමක් තිබුණත්, ඒවා එළියට ගන්නට නැත්තේ අපේ නඩයේ හය දෙනෙකු හිටි නිසා වෙන්න ඇති! කොහොම නමුත් මනුස්සයාගේ ‘වදනින් කෙරුණු සතර සංග්‍රහ වස්තු පරිභෝජනය’ නම් හරිම ඉහළය. එයාත් කැමරාකාරයෙකි.
එහෙම යමක් තිබුණත්, ඒවා එළියට ගන්නට නැත්තේ අපේ නඩයේ හය දෙනෙකු හිටි නිසා වෙන්න ඇති! කොහොම නමුත් මනුස්සයාගේ ‘වදනින් කෙරුණු සතර සංග්‍රහ වස්තු පරිභෝජනය’ නම් හරිම ඉහළය. එයාත් කැමරාකාරයෙකි.
අයියා බලන්නකො මගේ ෂොට්ස් කොහොමද කියලා........... |
අරා එහෙම පොරොන්දුවකුත් දුන්නේය.
කොළඹ ආවාට පස්සේ
මනුස්සයා එකම-එක වතාවක් මට පිළිතුරු දුන්නේය. ඒත් තවමත් අර cd එක නම් ලැබුණේ නැත.
ඒත් මොකෝ? අරාගේ මඟින්
මට තවත් නුවණක් දෙන්නට ගණේෂ උත්තමයා හිතුවා වෙන්නට ඇතිය. ‘පෙනෙන පෙනුමෙන්ම
මිනිස්සු මනින්න එපා දරුවා! බුදුහාමුදුරුවෝ ‘වචීපරම’ කියලා මිත්‍රයන් කොටසක් ගැන
දේශනා කරලා තියෙනවා නේද?’
ගණ දෙවියන් මට කියන්නට ඇත; නුවණ දෙන්නට try කරන්නටත් ඇත.
ගණ දෙවියන් මට කියන්නට ඇත; නුවණ දෙන්නට try කරන්නටත් ඇත.
නුවණ අනෙක් හැම දෙයටම
වැඩියෙන් වටිනා නිසාදෝ .........
'ප්‍රථමංච යනුවෙන් ගණ දෙවියන් හඳුන්වයි. “ප්‍රථමයෙන් වැඳිය යුතු” යන්න සිංහල අරුතවේ. පූජා වට්ටියක පොල් ගෙඩිය සැම විටම අයිති වන්නේද ගණ දෙවියන්ටය. ශිව දෙවියන්ට, එහෙමත් නැත්නම් ඊශ්වර දෙවියන්ට මුලින්ම වන්දනා කරද්දී ශිව දේවියන් කීවේ ගණ දෙවියන්ට වන්දනා කර එන ලෙසය.’

ඒ
විස්තරය තිබුණේ ‘තරිඳුගේ ලෝකය’ බ්ලොගයේ
'ගණ දෙවියන්ගේ උපත’ පෝස්ටුවට 2018 නොවැම්බර් 11 වෙනිදා ‘
කලන’ නම් රසිකයෙකු ලියූ කමෙන්ටුවකය.
'ගණ දෙවියන්ගේ උපත’ පෝස්ටුවට 2018 නොවැම්බර් 11 වෙනිදා ‘
කලන’ නම් රසිකයෙකු ලියූ කමෙන්ටුවකය.
මට නුවණ ටිකක් දෙන්නටත් ගණ දෙවියන් වහන්සේ try කරන්නට ඇතිය......... |
අරාගේ කෙරුවාව හින්දා මට
කට-උත්තර නැතිවුණු එක ඇත්තය.
ඒත් ඒ හින්දාවත්, ඊට
පස්සෙවත් ගමනේදී කෑම-බීමට අවශ්‍ය බඩු ලැයිස්තුව හදද්දී රෙට්ටෙට ගණන් බැලිල්ල මගේ
අතින් කෙරුණේ නැත. මේ ගමනේ යෙදෙද්දී, දමිළ බැතිමතුන් වුණත් එහෙම බවය පෙනුණේ!
ළඟ තියෙන දෙයක් වටේ ඉන්නා අයත් එක්ක බෙදාගන්නට ඔවුන් පැකිළෙන්නේ නැත.
ළඟ තියෙන දෙයක් වටේ ඉන්නා අයත් එක්ක බෙදාගන්නට ඔවුන් පැකිළෙන්නේ නැත.
දේව භක්තිකයන්ට පුදනවාය කියන්නෙත්
දෙවියන් පිදීමක්ම නේද?
අපි දැන් ළිං තුනට එන බැතිමතුන් හැමෝටම පාන් විස්කෝතුයි, ඔසු පැන් කොප්පෙකුයි, හකුරුයි දෙනවා......... |
ළිං තුනට එනකොට හැමෝටම හොඳටම මහන්සියි. මෙතැන නවතින්න බලාගෙන එන්නේ..... මෙතැනට එනකොටම තේ එකක් තිබුණොත් කියලා අපට හිතුණා.
ඉතින් තවත් කට්ටියක් එක්ක අපි මෙතැන හර්බල් ප්ලේන් ටී දන්සලක් දෙන්න පටන් ගත්තා!” කෙරෙන යහපත් ක්‍රියාවට මිස තම-තමන්ට ප්‍රසිද්ධියක් නොපතන ‘ඖෂධීය තේ පැන්’ දන්සලේ සංවිධායක මහත්තයෙක් අනුර පල්ලිමුල්ල හිතවතාට කියා තිබිණි.
එයාලා ළිං තුන නැවතුමේදී
දෙන ඔසු පැන් දන්සල අපූරුය.
තේ- ඔසු පැන් විතරක් නොවේ, ඔවුහු පාන් විස්කෝතුත් (ඉස්සර කිව්වේ හුළං විස්කෝතු කියලාය. අපට උණක් හැදුණාම බඩගින්න නිවාගන්නට දුන්නේ ලුණු කැඳත්- හුළං විස්කෝතුත්ය!) හකුරුත් බැතිමතුන්ට පුදති!
තේ- ඔසු පැන් විතරක් නොවේ, ඔවුහු පාන් විස්කෝතුත් (ඉස්සර කිව්වේ හුළං විස්කෝතු කියලාය. අපට උණක් හැදුණාම බඩගින්න නිවාගන්නට දුන්නේ ලුණු කැඳත්- හුළං විස්කෝතුත්ය!) හකුරුත් බැතිමතුන්ට පුදති!
ඔවුන් එහෙම කරන්නේ- ක්‍රිතිකා
පුත්‍ර, පාර්වතී නන්දන, විශාඛ, ශිඛි වාහන, ශක්තිධර හෙවත් ක්‍රෞඤ්චාධාරණ නම්වලටත්
හිමිකම් දරන කඳ කුමරුන්ට කරන පූජාවක් ලෙසිනි.
(හරෝහරා 1 පෝස්ටුවෙදී කඳ සුරිඳුන්ට කියන නම් 84ක් හිතවත් ඔබට හෙළි කළෙමි. දැන්, මේ නම් හයත් සමඟ ඒ ලැයිස්තුව 90ක් දක්වා ප්‍රසාරණය වෙයි!)
(හරෝහරා 1 පෝස්ටුවෙදී කඳ සුරිඳුන්ට කියන නම් 84ක් හිතවත් ඔබට හෙළි කළෙමි. දැන්, මේ නම් හයත් සමඟ ඒ ලැයිස්තුව 90ක් දක්වා ප්‍රසාරණය වෙයි!)
කඳ කුමරුවන් හඳුන්වන නම් 90ක් දැන් ඔබට කියා ඇත! |
මගේ මිත්‍රයෙකු- ගමන් සගයෙකු වන සාන්ත (කිංස්ලි හේවාගමගේ) මගෙන් ඇහුවේ 2013 දවසකය; පාද යාත්‍රාවේ යන්නට සැරසෙන අතරේය.
“මම අදහන්නෙත් නැහැ.
නැත්තෙත් නැහැ. හැබැයි, අදහන අයට ගරහන්නෙත් නැහැ. මම තවම ඒ ගැන හොයනවා!” අදටත් මට
කියන්නට ඇත්තේ ඒකමය.
එය මහා ලාචෝරු උත්තරයකි.
මටම වුණත් එහෙම හිතෙන නිසා, ‘හරෝහරා අත් පිටපතෙන්’ තව ඩිංගක් උපුටා දක්වන්නට
හිතෙයි!
‘නිමල්
දිසානායක නමින් කෙනෙක් සිටියි. ඒ නම අසන කෙනෙක් එය එතැනින්ම අමතක කර දමයි. තවකෙක්
ඒ නම ගැන, ඒ නම දරන්නා ගැන සොයා බලයි; ඔහු කරන-කියන දේ ගැන විමසා බලයි. එසේ සොයන
තරමටය නිමල් ගැන විස්තර දැනගන්ට ලැබෙන්නේ.
නිමල් ගැන නොසෙව්වොත්, උනන්දු නොවුණොත් කිසිවක් දැනගන්නට ලැබෙන්නේ නැත.’ මේ න්‍යාය දෙවියන් ගැන වුණත් එහෙමම නේද?
නිමල් ගැන නොසෙව්වොත්, උනන්දු නොවුණොත් කිසිවක් දැනගන්නට ලැබෙන්නේ නැත.’ මේ න්‍යාය දෙවියන් ගැන වුණත් එහෙමම නේද?
අවුරුදු 2500ක් -3000ක් විතර අතීතයේදී, පේරු රටේ කතරක අඳින ලද මේ දැවැන්ත 'නාස්කා' චිත්‍ර.............. |
තමන්ව අගයන; අදහන; විශ්වාස කරන දහස් ගණනක් සිටියදී අන්‍යතර පුඟුලන් හමුවේ දර්ශනය වීමට දෙවියන්ට අවශ්‍යද?
මට හිතෙන්නේ ‘එහෙම ඕනේ’ යයි, දෙවියන්ට නොහිතෙන බවයි!’
පේරු රටේ ආදිතමයෝ ක්‍රිස්තු
පූර්ව 500-1000 අතර කාලයේදී, වර්ග මීටර් 450කටත් වඩා විශාල කාන්තාර බිම් පෙදෙසක්
පුරා, වැලි මත සුවිසල් චිත්‍ර වගයක් ඇන්දෝය.
ඒ නාස්කා චිත්‍රයක් ගුවනට පෙනෙන හැටිය; ඉහළ foto එකෙන් පෙනෙන්නේ.
මේ හපන්කම ඔවුන් කළේ කොහොමද?මොකටද? තවමත් ඒ ගැන ප්‍රමාණවත් පැහැදිලි කෙරීමක් සිදු කොට තිබෙනවාද?
ඒ නාස්කා චිත්‍රයක් ගුවනට පෙනෙන හැටිය; ඉහළ foto එකෙන් පෙනෙන්නේ.
මේ හපන්කම ඔවුන් කළේ කොහොමද?මොකටද? තවමත් ඒ ගැන ප්‍රමාණවත් පැහැදිලි කෙරීමක් සිදු කොට තිබෙනවාද?
දෙවිවරුන් ඉන්නවාද?
දෙවියන් කියන්නේ උත්තරීතර ජීවින් කොට්ඨාශයක්ද?
මට වැටහෙන විද්‍යාත්මක
කතන්දර එක්කත් ‘දේව සංකල්පය ගැන’ යම් පැහැදිලි කිරීමක් කරන්නැයි මගේ ‘පණ්ඩිතමානී’
ඔළුගෙඩිය මට අණ කරයි!
හැබැයි මේ මතය ඛණ්ඩනය කිරීමේ; සුනුවිසුණු කර දැමීමේ අයිතියත් හිතාදර රසික ඔබට තිබේ. එය සහේතුක නම් මගේ මතවාද අතහැර දමන්නටත් මා පැකිළෙන්නේ නැත.
හැබැයි මේ මතය ඛණ්ඩනය කිරීමේ; සුනුවිසුණු කර දැමීමේ අයිතියත් හිතාදර රසික ඔබට තිබේ. එය සහේතුක නම් මගේ මතවාද අතහැර දමන්නටත් මා පැකිළෙන්නේ නැත.
මේ යෙදුම මා ඉගෙන ගත්තේ සාපෙළ පන්තියේදීය.
පනාවකින් හිස පීරා පනාව ඉවතට ගනිද්දී කෙස් ගස් කිහිපයක් උඩට ඉස්සෙනවා දැක තිබෙනවාද? එහෙම වෙන්නේ විද්‍යුත් ආරෝපණය නිසාය. එහෙමය ඒ පාඩමේදී පැහැදිලි කෙරුණේ.
පනාවකින් හිස පීරා පනාව ඉවතට ගනිද්දී කෙස් ගස් කිහිපයක් උඩට ඉස්සෙනවා දැක තිබෙනවාද? එහෙම වෙන්නේ විද්‍යුත් ආරෝපණය නිසාය. එහෙමය ඒ පාඩමේදී පැහැදිලි කෙරුණේ.
-සියවස්
හතරකට-පහකට එහා පැත්තේ සිටි මිනිසුන් රේඩියෝ තරංග, රූපවාහිනී තරංග වගේ දේවල් ගැන
දැනගෙන හිටියේ නැත. ඒවා ගමන් කරවන්නට, යළි එක්කාසු කරගන්නට, ඒවා මෙහෙයවන්නට හැකි
බව දැනගෙන හිටියෙත් නැත. (රයිකී පෝස්ටුවෙදී මෙවැනි
දේවල් හා චිත්ත ශක්තිය ගැන මගේ අදහස් ලියුවෙමි.)
-කළු
ගලක් දෙවියන් යැයි හිතන මිනිස්සු එයට පුදන්නට ගනිති; අදහති; යදිති.
-එවිට
සිදුවන්නේ එක්තරා ආකාරයක චිත්ත තරංග රැසක් යටකී කළු ගලට යොමුවීමය. එවිට විද්‍යුත්
ආරෝපණයක් සිදුවන්නේ නැතිද? එසේ ආරෝපණය වනවා නම් අර කළු ගල (ආරෝපිත වස්තුවක්වී)
යම්කිසි බලයක් ලබාගන්නවා වන්නට බැරිද?
ඒ ආරෝපිත වස්තුව හා ඒකාත්මික වෙන යමෙකුට............ |
-ඒ තරංගවලට මොනයම් හෝ බලයක් තිබිය නොහැකිද?”
සැමන් මත්ස්‍යයන්ගේ මහා
දිග ගමන විද්‍යාවෙන් විස්තර කරන්නට පුළුවන්ද?
ඔවුහු අත්ලාන්තිකාවේ
සයුරේ සිට ගංගා ඔස්සේ මිරාමිචි ගඟේ ඉහළම කොටස තෙක් දිගටම පිහිනා යති. එහි සීතල ජල
තටාක පතුළේ පුලින තලා මත්තේ බිත්තර දමා ආපසු ගමන් අරඹති.
ඒ මාරක ආපසු ගමනේදීය
ඔවුන් දහස් ගණනින් ධීවරයන්ට අසුවෙන්නේ.
කල් යත්ම බිත්තර පුපුරා
බිහිවෙන සැමන් පැටවුන්, මඳක් වැඩුණු පසු ගංගා දිගේ පහළට; මුහුදට පිහිනා යති.
බිත්තර පුපුරා බිහිවෙන සැමන් පැටවුන් යන්තම් ලොකුවෙන විට........... |
මුහුදේ හැදී-වැඩුණත් උන්
බිත්තර දමන්නට යන්නේ ජන්ම භූමියටමය. උපන් අඩවියටමය!
පහළ ගලන ජල දහරාවන්ට විරුද්ධ අතට; උඩුගං බලා යා යුතු ඒ මාර්ගය ඔවුනට කියා දෙන්නේ කවුද? කරදියෙන් මිරිදියට කෙරෙන මේ සංක්‍රමණය සඳහා කාලයෙන් කාලයට ඔවුන් මෙහෙයවන්නේ කුමන බලවේගයක් විසින්ද?
පහළ ගලන ජල දහරාවන්ට විරුද්ධ අතට; උඩුගං බලා යා යුතු ඒ මාර්ගය ඔවුනට කියා දෙන්නේ කවුද? කරදියෙන් මිරිදියට කෙරෙන මේ සංක්‍රමණය සඳහා කාලයෙන් කාලයට ඔවුන් මෙහෙයවන්නේ කුමන බලවේගයක් විසින්ද?
//ඒ දමිළ අම්මලාට තිබුණු ඉවසිල්ල... නිස්කාන්සුව.//
ReplyDeleteඒකවත් ආදර්ශයට අරගෙන කට්ටිය එක්ක කේන්ති ගන්නේ නැතිව යන්නයි තිබුනේ.
එක නේන්නං සෑම්. එහෙම තමා කෙරෙන්න ඕනේ, ඒත් මං අයිති වෙන්නෙත් දැන-දැනත් සමහර වැරදි කරන මෝඩයන්ගේ ගණයටනේ.
Deleteකාලයකට ඉස්සර කියවු සිව්දෙස සගරාවේ තිබුනා තින්නොරු ඇතිවුනේ රාම රාවණා යුද්දයේදි මිය ගිය රාමගේ සේනවාට පන දෙන්නට හනුමා විසින් හිමාලයෙන් ගෙන ආපු ඖෂධ වනය රාවණා විසින් ගිනි තැබිමක් නිසායි කියලා. රාම සැරය වැනි ආයුධ වලින් සතුරන් සුන්නද්ධුලී කලේ එවා නෂ්ටික බලැති ආයුධ බවයි. මේ තින්නෝරු වල තියෙන්නෙත් දැවුනු ශාකමය කොටස් බවත් එවා දැවි තිබෙන්නේ ශක්තියකින් බවත්ය. මේ කතාව ඇත්තද බොරුද කියන්න දන්නේ නැත.
ReplyDeleteහැබැයි සැමන් මාලුවන් බිත්තර දාලා ආපහු මුහුදට යන්නේ නෑ. උන් එතැනම මියැදෙනවා. උන්ගේ සරිර කොටස් කාලා තමයි පොඩි පැටවුන් ලොකු මහත්වෙනනේ.
මහා භාරතයේ කුරු-පාණ්ඩව යුද්ධයේදීත් කියවෙන අවි-ආයුධ නූතන අවිවලටත් වඩා විනාශකාරී- සංකීර්ණ ඒවා වගෙයි නේද අසංග? ඒවා පරිකල්පනයමද කියලාත් හිතන්න අමාරු තරම්.
Deleteඉතිහාසයේ තොරතුරුවලින් විතරක් නෙවෙයි අද ප්‍රවෘත්තිවලිනුත් ඇත්ත-නැත්ත තෝරාගන්න කොච්චර අමාරුද?
හැක්.. එහෙනං කට්ටියටත් නිමල් අයිය ගිය පාරෙම එන්න වෙලා. ඒකෙන් උනේ අයියට රෙස්ට් එකක් ගන්න හොඳ අවස්ථාවක් ලැබිච්ච එකයි.
ReplyDeleteඔය වගේ ගමනකදි දමිළ මිනිස්සුන්ගෙ හැසිරීම සිංහල අයට හාත්පසින්ම වෙනස් එකක් කියලයි මට හිතෙන්නෙ.
ඇත්තමයි ප්‍රසන්න, ඔයා හරි!
Deleteදෙමළ ජාතිකයන් මේ යන්නේ පිරිපුන් වන්දනාවක. හරියටම කිව්වොත් අපි වුණත් එහෙම නෙවෙයි, විශේෂයෙන් මං!
//“මම අදහන්නෙත් නැහැ. නැත්තෙත් නැහැ. හැබැයි, අදහන අයට ගරහන්නෙත් නැහැ. මම තවම ඒ ගැන හොයනවා!” අදටත් මට කියන්නට ඇත්තේ ඒකමය.//
ReplyDeleteදෙයියෝ ඉන්නවාද නැද්ද ප්‍රස්නවක් නැත. ඉන්නවා නම් ඇයි මේ තරම් තක්කඩියන්ට තමන්ගේ නම විකුනලා අහිංකයන් හූරා කන්න දෙන්නෙ?
මට තියන එකම පුස්නව මේකය.
මධු, මට නම් ඔයා අහන ප්‍රශ්නයට කියන්න තියෙන්නේ කරුණු දෙකයි. තමන්ගේ නම විකුණාගෙන කන අයට, හොරුන්ට, තක්කඩියන්ට වුණත් දඬුවම් කරන්නේ දෙයියන්ටත් හිතුණු වෙලාවක වෙන්නැති. දෙවියෝ කියන්නෙත් ප්‍රාණීන් කොටසක් නම්!!
Deleteවැඩිම දෙනා පිළිගන්නා විදියට හින්දු, ක්‍රිස්තියානි, බෞද්ධ, මිසදිටු, සම්දිටු කොයි ආගමික කතාන්දරවල වුණත් නිරූපිත දෙවිවරුන් මනුස්ස ගති සොබා ඇති- අබල දුබලකම් ඇති අයම නේද? හොඳට විමසිල්ලෙන් බලද්දී මට නම් පෙනෙන්නේ එහෙමයි.
කඳ සුරිඳුන්ම බලන්නකෝ. පළමු බිරිය තනිකර සංසාරගත ප්‍රේමයක් සොයා එනවා. තමන්ට උදව් කළ පිරිසක් නිසා සිංහල ජාතික කපු මහත්තුරුන්ට විතරක් තේවාව පවරනවා. උදව් නොකළ දෙමළ මිනිසුන් කිහිප දෙනෙක් නිසා ඒ ජාතියටම ස්වයං දණ්ඩන පනවනවා. මේවා විශ්ව සාධාරණ ක්‍රියාද?
(මගේ පිළිගැනීම) දෙවියන් කියන්නේ 'ආරෝපණයෙන් එක්තැන්වූ බලයක් වැනි' දෙයක් නම් එයින් දඬුවම් දෙන්නට බැහැ නේද? කවුරුන්වත් තමන්ටම දඬුවම් දෙන්නැයි ඉල්ලන්නෙත් නැහැනේ.
එහෙම අය මත්තෙ අපේ අය මැරෙන්න යන එකන අයි්ය අවුල
Deleteඒක මධූ, එක-එක්කෙනාගේ බුද්ධිය අනුව වෙනස් වෙනවනේ!
Deleteබුදු සමිඳු පවා බණ කියන්න ගියේ නැහැනේ හැමෝටම.
https://www.wanderlust.co.uk/content/giant-chalk-hill-figures-england/
ReplyDeletehttp://marinesciencetoday.com/2013/02/13/how-do-salmon-find-their-way-home/
https://www.adn.com/alaska-news/2016/05/22/how-do-salmon-find-their-home-stream-maybe-by-hanging-out-with-the-right-crowd/
//එසේ ආරෝපණය වනවා නම් අර කළු ගල (ආරෝපිත වස්තුවක්වී) යම්කිසි බලයක් ලබාගන්නවා වන්නට බැරිද? //
සමහරවිට වෙන්න පුලුවන්. "වෙන්න පුලුවන්" කියන්නේ අනිවාර්‍යයෙන්ම වෙනවා කියන එක නෙමෙයි. එයට අමතරව වෙන්න පුලුවන් සම්භාවිතාව ලොකුද පොඩිද බලන්න ඕනෑ. වෙන තියරීස් තියනවද තියනවද බලන්නත් ඕනෑ. වෙන්න නොපුලුවන්ද බලන්නත් ඕනෑ. වෙනවානම් එක යමෙකුට හෝ යමකට බලපෑමක් කල හැකි පමණට වෙනවාද කියා බලන්නත් ඕනෑ. වෙන්නේ මොන ක්‍රමයකටද හා නොවෙනවානම් වෙනවා වගේ පේනවාද කියා බලන්නත් ඕනෑ.
ප්‍රශ්නෙ තියෙන්නේ "වෙන්න පුලුවන්" තියරීස් ඔප්පුකල නිගමනයන් ලෙස ගෙන එයමත තවත් තියරීස් පටවා අන්තිමේදී අදහන ගාණට විශ්වාසයන් ගොඩනැගීම.
http://www.dangreller.com/weak-evidence-folklore-pseudoscience-and-superstition/
ගොඩාක් ස්තුතියි Pra Jay.
ReplyDeleteඔයාගේ කමෙන්ට් එක වගේම ලින්ක්ස්වලිනුත් හුඟාක් දේවල් හිතන්නට, විමර්ශනය කරන්නට පොළඹවනවා.
මට හැඟෙන විදියට නම් තවමත් මා ස්ථිර නිගමනවලට එළඹ සිටින කෙනෙක් නෙවෙයි! ඒ නිසාමයි මට මේවා වඩාත් වැදගත් වෙන්නේ.
සම්භාවිතාව තමයි වැදගත් . උදා: කවුරු හරි කිව්වොත් මට මං මේ පිං කැටේට රු 5ක් දැම්මොත් අනිවාර්‍යයෙන්ම මට හෙට රු 10,000/- ක ලොතරැයියක් ඇදෙනවා කියලා මාත් ඉතින් තියනවනම් රු 5ක් දායි.
Deleteරු 500ක් දාන්න හෝ බෝධිපූජාවක් , සුරයක් වගේ කරදරවෙන්න වෙනදෙයක් කරන්න කිව්වොත් මං කරන්නේ නෑ. ඒ මං විස්වාස නොකරන නිසා. වෙන්න පුලුවන් සම්භාවිතාවක් තිබීම විස්වාස කිරීමට හේතුවක් නෙමෙයි
කොච්චර විදුහුරුව හිතනවා කිව්වත් මගේ මොට්ටකම පේන්නෙ මේ වගේ වෙලාවට. ඇත්තටම සම්භාවිතාව කියන එකට මගේ චින්තනයේ තියෙන්නේ හරිම අඩු ඉඩක්, Pra Jay මහත්තයෝ.
Deleteඉස්සරහට හරි එහෙම හිතන්න අදිටන් කරගත්තා! මාව එතනට තල්ලු කළාට ගොඩක් ස්තුතියි!!
විමලරත්න කුමාරගමගේ කවියක් මතක් උනා
ReplyDelete"සන්හිද ලඟ බාරයට කිරි ඉතිරීම
කෙම්මුර දවස්වල පහනින් සැරසීම
වන අතු කඩා ගස් දෙබලක දැවටීම
මා නොකෙරුවත් නොකලෙමි එය ගැරහීම"
චමි, කුමාරගම මහත්තයාගේ මම කැමතිම කවියක් ඔයා මතක් කළේ!
Deleteහැබැයි, මාව හොඳටම සසල කළ කවිය 'හේරත් හාමි' එකේ මේ කවියයි.
නැගණිය මළ විටදී දොස්තර සමඟ ගොසින්
ඇගෙ කය කපන ලදී හේරත් හාමි විසින්
බැන්නත් ඔහුට මේ ගැන ගම නරක බසින්
ඔහුහට වැඩක් නැත ලොව ඇති මිහිරි බසින්
ඒ තමයි කවියෝ!