අකුරු මැකී නෑ

Sunday, May 31, 2020

තණමල්විල කොල්ලගෙ යටිබඩ! -සිව්වෙනි කොටස

ලොකුම වැරැද්ද අප හිතාගෙන ඉන්න විදිහට සේරම වෙන්නේ නැති එකය. පසුගිය සෙනසුරාදා උදේ ‘තණමල්විල කොල්ලගේ යටිබඩ - 3’ පෝස්ටුව අන්තිමට මං කියව්වේ මෙහෙමය. 
තණමල්විල වළ බහින තැන අමිත් දළුවත්ත දුටු හැටි.........
‘ඒත්; ලිපි තුනක්ම ලියලාත් දීප්ත ගැන වැඩිමනත් දෙයක් මගෙන් කියවිලා නැහැ, නැහැ වගෙය! මට අමතක වුණා නොවේ. ඉතිරි කරගෙන හිටියා පමණි....’ 
දීප්ත ගැනත් කියලා මේ ‘යටිබඩ’ ඉවරයක් කරන්නට හිතාගෙන හිටියත් ඒ හිතලුව වෙනස් වුණේය..... වුණේ මේකය....
ඔන්න කොනක හිට සහසුද්දෙන්ම කියන්නටය හදන්නේ.

ඉරිදා හැන්දෑවේ ඉඳලාම වැහි බීරුම් ගතියකි තිබ්බේ. ඔන්න වහිනවා- මෙන්න වහිනවා වගේ කියමින් විදුලි කොටන්නත්, අහස ගොරවන්නටත් පටන් ගත්තේය. අනෙ අම්මෝ, එහෙම වෙලාවට කොම්පියුටරය off කරලා දමන එකය මගේ පුරුද්ද.
ඒ ඇබ්බැහිය ඇති වුණේ ප්‍රියන්ජන්ට කෙළවුණාට පස්සෙය. ප්‍රියන්ජන් කිව්වේ fb එකේ ‘රසෝඝය ඇඩ්මින් මහත්තයාටය.
එහෙම කිව්වාම නොදන්නා අයත්, මෙහෙම කිව්වාම නම් දැනගන්නවාට සැක නැතිය!

දෙරණින් බිහිවුණු ගායිකාවක් ලෙස කිරුළු පළන් ‘චිත්රූ පාඨලී’ගේ දයාබර තාත්තා; සුප්‍රසිද්ධ ඡායාරූප ශිල්පියා; ලේඛකයා- ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා.
රසෝඝයේ admin ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා අදරැති බිරියත්, දියණිය චිත්රූ පාඨලීත් එක්ක....
“හරි වැඩේනේ වුණේ නිමල්. ඊයේ රෑ වහිද්දී කොම්පියුටර් on කරගෙන ඉඳලා අකුණක් ගැහුවනෙ. සේරම පිච්චිලා ගියා. ලක්ෂ තුන හතරක්වත් යනවා බඩු ටික අලුතින් ගන්න.” ප්‍රියන්ජන් මට කිව්වේ පොතක කඤ්චුකයක් හදාගන්නට ගිය වෙලාවේය; අවුරුදු කිහිපයකට කලින්ය.

(ඒ මා පියසිරියේ මුද්‍රණ කළමනාකාර තනතුර දරන අවදියයි. මංජුල වෙඩිවර්ධනගේ ‘මේරි නම්වූ මරියාට’ මාත් පැටලුණේ ඒ කාලයේයි.
ගොළු හදවත ප්‍රේම ත්‍රිකෝණයේ හැබෑ තිදෙනා එළිදරව් කරන්නට උදව් කළ සමයේයි.) 

එච්චර අලාභයක් දරාගන්නට බය හින්දා මම ඊයේ රාත්තිරියේත් හිටියේ පරිඝනකය off කර, ටෙලිකොම් එකෙන් නොමිලයේම දෙන ‘මේ අකුණු ගසන වැහිබර ....’ පණිවුඩයට කීකරුවී plugs එහෙමත් ගලවා දමලාය;
කණ්ඩාගේ කොලම’ ලියන රංගන කණ්ඩම්බි හිතවතා ගිය වතාවේ ලංකාවට ආව වෙලාවේ මට තිළිණ කළ ‘ගිනි ගත් සඳ’ පොත කියවමිනි.

(කණ්ඩලා වැනි ලොකු පිරිසක් මා හා මිතුරු වුණෙත් බ්ලොගය හරහාය. එයාලා නිමල් අයියා හොයාගෙන අපේ ගෙදරට ගොඩ වැදුණෙන්,
‘යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී hit වෙයි’, 
Desert Rose, අරවින්ද හා Reiki’ වැනි පෝස්ටු කිහිපයකුත් ලියවිණි.)

ගෙරවිල්ල- විදුලි කෙටිල්ල නැවතුණත් මට පොත කියවිල්ල නවතා දමන්නට හිතුණේ නැත.පොතේ තියෙන්නේ උතුරු ඉරාකයේ, කෝචෝ ගම්මානයේ ‘යසිඩි ගෝත්‍රික’ කෙල්ලක ලෙස ඉපිද, ISIS ත්‍රස්තවාදීන්ගේ ලිංගික වහලියක වුණු නාදියා මුරාද්ගේ සත්‍ය ජීවිත කතාවයි.
රංගන කණ්ඩම්බි හිතවතා පොත දුන්නේ, මට 'Born Fighter' අභිධානයකුත් එක්කමය!

පොත රසවත් බව ඇත්තය. ඊටත් වඩා රසවත් වන්නේ පළමු පිටුවය. එහි කණ්ඩා ලියූ, අගේ ඇති සටහනකි.
‘A Worthy Gift to a Born Fighter’. 2019 නොවැම්බර් 15 වෙනිදා රංගන කණ්ඩම්බි මේ සටහන ලියන්නට ඇත්තේ එය එච්චරට මගේ හිතට වැදෙයි කියලා හිතාගෙන නොවේ.
මට නං ඒක අමරණීය සටහනකි.

මගේ හිත-මිතුරන් එතෙක්-මෙතෙක් මට කියා ඇත්තේ මීට වඩා වෙනස් දේවල්ය.

‘තමුසේ බලාගෙන ඉන්නේ වැරැද්දක් වෙනකං, කාත් එක්ක හරි එල්ලෙන්න’, ‘කවුරු මොනවා කළාම මොකෝ? කට වහගෙන ඉන්නවකෝ හලෝ... තමුසේ ඇවිස්සුණා කියලා රට හැදෙනවයැ’, ‘නිමලයා ඉන්නේ කොක්කක් ඇදගන්න බලාගෙන’ වගේ තේරෙන සිංහලෙන්ම කියා තිබෙනවා මිස එහෙම ඇවිස්සෙන්නේ ඇයිදැයි එයාලා හොයන්නේ නැත.

හැබැයි, ඒ කියන විදියටම උන්දලා එක්කත් කොකු ඇදගත්තත් ඒ කවුරුන්වත් මා එක්‌ක තරහ වෙන්නෙත් නැත. මට හිතෙන්නේ, ඒ මා අනීවාරතේ; අසාධාරණ විදිහට දබර නොකරන නිසා වෙන්නෝනි කියලාය.

ඒ වගේම මේ සටන් කිරීමේ ගතිය ‘මල්ටිපල් මයෙලොමාව’ හැදුණු වෙලාවෙත් මට උදව් වුණේය. එහෙම ශක්තියක්; මුරණ්ඩුකමක් නොතිබිණි නම් මෙලහට මා අඩි හයක් යටට ගිහින් ගොඩක් කල්ය!

එහෙමත් කටයතු සිදුව තියෙද්දී කණ්ඩාගේ ‘Born Fighter’ අභිධානය බොක්කටම වදින්නේ නැතිද? මට අනුප්‍රාණයක් ලැබෙන්නේ නැතිද? ස්තුතියි, ස්තුතියි, ගොඩක් ස්තුතියි කණ්ඩෝ!
එයින් වුණේ ‘තණමල්විල කොල්ලෙක්- 37’ අද (ඉරිදා) උදෙන් බලන්නට වීමයි.
2020 මැයි 25 උදේ 7.46 වෙද්දී තණමල්විල කොල්ලෙක් - 37 එපිය 2,03,223 දෙනෙකු You Tube එකෙන්......
2020 මැයි 25 උදේ 7.46 වෙද්දී You Tube එකෙන් මෙවර කොටස 2,03,223 දෙනෙකු නරඹලාය. නිකමට ඒ ගැන සටහන් කරගෙන මමත් මෙවර කොටස බැලුවෙමි. එය විනාඩි 18.32ක් ගන්නා වැඩකි.
ඉවර වුණාම ආයෙමත් views ගණනට ඇහැ ගියේ නිකම්මය. අම්මට සිරි!

දැන් ගණන 2,04,197කි. මේ විනාඩි 18 ½ ට තවත් 874 දෙනෙකු ‘තණමල්විල කොල්ලෙක් 37’ බලන්නට ඇවිත්ය!

මෙහෙම You Tube එකෙන් ටෙලි නාට්‍යය නරඹන ලක්ෂ ගණනාව අතරේ ඉන්නා හුඟ දෙනෙකුට ‘එක්කෙනෙකුගේ දයාබර මෑණියන් වහන්සේත්’ සිහිපත් වෙනවාලු!

මං ඒ හාදයාගේ නම, ගම, පැටිකිරිය මොකවත් දන්නේ නැත.
එයා ‘තණමල්විල කොල්ලෙක්’ ටීම් එකට ගෑවුණු කෙනෙකුත් නොවේ.
හැමදාම ඒ හාදයා දකින වෙලාවේ, දත් මිටි කමින්- හිතෙන බැණ-බැණ හිටියා මිස එයා ගැන ලියන්නටත් වේවිය කියලා මං හිතුවෙවත් නැතිය. ඒත් ඒ කොල්ලා ගැනත් ‘සලකා බලන්නට’ අපේ රසික සහෘදයන්ට miss වෙලා නැත!

ඒ හාදයා ගැන කසුන් ඉෂාර මාපලගම කියා තිබුණේ වචන හතරක් විතරය. 
‘මුගෙන් තීන මළ වදේ!’
මේ දවස්වල මේ ලියන මටත්  'මුගෙන් තියෙන්නේ එසේ-මෙසේ වදයක්' නොවේ!
දෙමළිය වැව් ඉවුරෙදී හීන් මහත්තයාගේ නොනවතින කතාව ගැන, පහුගිය පෝස්ටුවේදී කියද්දීවත් මට මේ කසුන්ගේ වචන හතර මතක් වුණේ නැති හැටි.

ඉතින්, කේන්තිය අස්සේ වුණත් මටත් චූන්ය. (ඒ සැණින්ම ‘නිදිගේ පංච තන්තරේ’ විස්තර බැලුවෙමි.
බ්ලොග් අඩවියට දවසක පිවිසුම් සංඛ්‍යාව 150ක්- 175ක් විතරය.
පෝස්ටුවක් අලුතින් දැම්මාම නම් 200ක් විතර වෙයි.)

මාරයිනේ! අද (ඉරිදා) උදේ අටයි කාල වෙනකොට 220 ගණනක් ඇවිදිල්ලාය!!

කමෙන්ට්ස් බලද්දී තවත් happyය. කොළඹ ගමයා බ්ලොගයේ අජිත් ධර්මකීර්ති මහත්තයා එංගලන්තයේ ඉඳන් මට අපූරු සහතිකයක් දීලාය!

Ajith Dharma.May 24, 2020 at 5:56 PM
යකෝ නිදිත් ලිව්වා කියන්නේ මේක බලන්නම වෙනවා. ඉස්සෙල්ලම කිව්වේ අරූ, ඊට පස්සේ තව දෙතුන් දෙනෙක්ම කිව්වා, දැන් බ්ලොග් පෝස්ට් එකකුත් ඇවිත්.
මේං අප්පේ තවත් සහතිකයක්.... කලා ලොවේ දැවැන්තයෙක්ගෙන්; ජැක්සන් ඇන්තනිගෙන්.....
එච්චරකුත් නොවේ. පහුගිය පෝස්ටුවේදී මගේ අතින් බරපතල වැරැද්දකුත් සිද්දවෙලාය. කැලුම්සිරිගේ නංගී; පියුමිගේය කියලා වෙනින් foto එකක් අරගෙනය.

කොලොම්පුරේ බ්ලොගය ලියන අසංග රණසිංහආරච්චි හිතවතා ‘පට ගාලා’ වැරැද්ද පෙන්වා දී තිබිණි. ඔහුට ස්තුතිවන්ත වෙන්නට පැය කිහිපයක් යද්දීම ඒ වැරැද්ද නිවැරදි කරන්නටත් පුළුවන් විය. නඩු යන වැඩකින් මා බේරුණේ එහෙමය.

හිතාගෙන හිටි එව්වා පැත්තක තියලා අලුතින් එකතු වුණු දේවල්ය, මෙච්චෙල්ලා ලිව්වේ.

ඉතින් ආයුබෝවන්ලා, sorry වෙන්නෝනි. දැන් කියන්නම් දීප්ත ගැන. දීප්ත කරුණාරත්න ගැනමත් නොවේ; දීප්තට පණ පොවන ධනුක ඩිල්ෂාන් ගැනය, ඉස්සෙල්ලාම කියන්නට වෙන්නේ. ඔහු පිළිබඳව අසා තිබුණු කටකතාවක් ගැන මේ posts මාලාවේ පළමුවැන්නේදී මම කිව්වෙමි.

අරූත් කුඩු ගහන්න අරන් හොඳටම නන්නත්තාර වෙලාලු නේද?” මාස කිහිපයකට කලින් දවසක, මගේ මිත්තරයෙක් ඇසුවේය.
කවුද අරූ?”

“....... අර ධර්ම යුද්ධයඑකේ බඩුකාර කොල්ලට හිටියේ.... ඇමැතිනියගේ පුතාට ඉන්නේ.....
අවංකයා තිරේට විතරක් නෙමෙයි set එකෙත් පට්ට චරිතයක්....-රසිකයෙක් දකියි!
ධනුක කුඩු ගහන බවත්, දැන් ටෙලිවල දකින්නට නැත්තේ නන්නත්තාර වෙලා හින්දා බවත්ය, ද්වි පුද්ගල- ත්‍රිපුද්ගල- කුඩා කණ්ඩායම් සන්නිවේදන අවස්ථා බොහොමයකදී මගේ කනටත් වැටිලා තිබුණේ.

දැන් පෙනෙන්නේ ඒ කට කතා අසද්ද බොරු බවය. මට හිතෙන්නේ රොෂාන් රවීන්ද්‍ර මහත්තයා ‘අහිංසක ප්‍රයෝගය’ක් යොදලා වාගෙය. එහෙමත් නැත්තං අපේ පුරාණ කවි පද දෙකක් මතක තියාගෙන ඉඳලාය’. ඉස්සර උදවිය කියා තියෙන්නේ මෙහෙමය.

‘දෙවේලේ දකින කුකුළාගේ කරමලා
එවේලේ පෙනෙයි සක සේම සුදුවෙලා’

අද්‍යතන පරම්පරාවේ යහපත තකා මේකත් කියලා ඉන්නට හිතෙයි. මෙතන ‘සක’ කියන්නේ හක් ගෙඩියටය. (පැදුරක් වෙලාවක ‘දැක්කොත් පද්මාවතී - ආලේ නොකරා බැරී’ සිංදුව කියවුණාම තරුණ මිතුරෙක් ‘මොකක්ද නිමල් අයියේ අර -ඇගෙ ග්‍රීවේ සක් සේ වේ- කියන්නේ කියලා ඇහුවේය.
ග්‍රීවය කියන්නේ බෙල්ලට බවත්, සක වචනයට තේරුම් ගණනාවක්ම තියෙන බවත් එවෙලේ මට කියන්නට විණි.) 

කොහොම හරි කාගෙන හිටපන් මල්ලි. මමත් අවුරුදු දෙකක් හිටියා.......
කෝකිල පවන්, ධනුක ඩිල්ෂාන් එක්කලා කරන ඉන්ටවිව් එකේදී, අහම්බෙන් වගේ; වැඩි බරක් නොදා ‘මුදියන්සේලාගේ ධනුක ඩිල්ෂාන්’ගෙන් වචන ටිකක් එළියට පනියි.

“ප්‍රතිපත්ති නං රොෂාන්....
වැඩ කරන්නේ නැතිනං වැඩ කරන්නෙ නෑ..... මටත් කිව්වා....
ගෙදර හිටපන්. ඇයි අම්මට තාත්තට කන්න දෙන්න බැරිද? 
මහේන්ද්‍ර අයියත් කිව්වා....
කොහොම හරි කාගෙන හිටපන් මල්ලි....
මමත් අවුරුදු දෙකක් හිටියා....
මේක එළියට එනකං හිටපං.
ඒ ගොල්ලට එච්චර විශ්වාසයක් තිබ්බා.....”

මේ කියන්නේ ධනුක ඩිල්ෂාන්ගේ නිතර දෙවේලේ පෙනෙන්නට නොහිටීමේ හේතුව නේද?

ඒ සම්මුඛ සාකච්ඡාවත්, දසුන් පතිරණ එක්ක කෙරුණු සාකච්ඡාවත් නරඹද්දී කියවෙන්නේ තම-තමන් ගැන නොවේ.
කණ්ඩායම ගැනය; කණ්ඩායමේ ප්‍රධානියා; නියමුවා රොෂාන් රවීන්ද්‍ර ගැනය.
යළිත් සිතන්න. වහල් බැඳීම්වලින් මිදෙන්නට; brain wash එකක් කරගන්නට ආදර්ශ තණමල්විල ටීම් එකෙන්...
එකම දිස්ත්‍රික්කයෙන් මනාප ඉල්ලන නිසා ‘නයාට අඳු කොළ’ වගේවී ඉන්නා දේශපාලඥයන්-අඥියන්ට ‘තණමල්විල කොල්ලෙක්’ team එකෙන් උකහාගන්නට පාඩම් ගොඩාරියකි. එහෙම කරනවා නම් ඒ ඒ උදවියටත්, රටටත් යහපතක් වෙනවා නිසැකය. (දැන් කියන්නෙත් ‘ධනුක’ කියූ දෙයින් ටිකක්මය.)

“රොෂාන් අයියා මට කිව්වා, මං වැඩක් කරන්න යනවා.
මං කිව්වා -එළකිරි, එළකිරි අයියේ කියලා.
ඒකේ තියෙනවා කැරැක්ටර් එකක්.
ඇත්තට?
මල්ලි, මං තමයි ඒක කලින්ම කරන්න හිටියේ. ගොඩ කාලයක් තිස්සේ මං ළඟ තියෙන ස්ක්‍රිප්ට් එකක්... මම දැන් පොඩ්ඩක් වයසයි. ඒක පැත්තකට දාල වෙන වැඩක් පටන් ගන්න ඉද්දී උඹව දැක්කා... අපි උඹගේ පස්සෙන් හිටියා, උඹට නොදැනී. මම කරන්න හිටිය කැරැක්ටර් එක මට හිතෙනවා උඹට කරන්න පුළුවන් වෙයි කියලා. උඹ ඔය ඉන්න විදිහටම ඉන්න තියෙන්නේ. මේන් රෝල් එක කරන්න තියෙන්නේ.
හරි අයියේ.
උඹ මොකුත් හිතන්න එපා. ඔය ඉන්න විදියටම හිටපන්!

දිවි දෙවෙනිකොට මාතෘ භූමියට ප්‍රේම කරන ජාතිහිතෛෂී; දේශප්‍රේමී නායකයන්ගෙන් ගවුරව පුරස්සරව ඉල්ලා සිටිමි!

තම-තමන් ගැන යථාවබෝධය ලබාගන්න. යළිත් හිතන්න.
‘මං නැත්තං වෙන කවුරුන්මවත් නැහැ’ කියන මුලාවෙන් අත් මිදෙන්න.
ඊළඟ පරම්පරාවටත් ඉහළ නඟින්නට ඉඩ දෙන්න.....
රටට; රටේ අනාගත සෞභාග්‍යයට සැබැවින්ම ආදරේ කරනවා නම් ඊළඟ පරම්පරාව කෙරෙහි විශ්වාසය තබන්න.
තමන්ගේ එවුන්ටම නොව සුදුසු පුද්ගලයන් තෝරාගෙන ඔවුන්ට සුදුසු වගකීම් පවරන්න.
බලෙන් ගෞරවය- කීර්තිය ලබාගන්නට ගිහින් ජෝකරයන් නොවී මේ පාඩම් අනුගමනය කළොත්...
‘තණමල්විල කොල්ලෙක්’ මෙන් ඔබත් සදා අපේ හිත්වල වැජඹෙනු නිසැකය!

එහෙම කියන්නේ කාගේවත් පිට කසන්නට නොවේ. ඕනාවට වඩා පුම්බන්නටවත් නොවේ. ‘තණමල්විල කොල්ලෙක්’ 100%ක්ම පරිපූර්ණ - සකලාංග දෝෂයන්ගෙන් විනිර්මුක්ත නිර්මාණයක් කියලා කියන්නටත් නොවේ.
ඒකෙත් වැරදි තිබෙයි.

මේ පෝස්ටුවේ මුල් හරියේදී කියවුණු අජිත් ධර්මකීර්ති හිතවතා ‘කොල්ලෙක්’ එපිසෝඩ්ස් කිහිපයක් බලලාය. වැරැදිත් දැකලාය.

‘අරූ යි, නිදි යි (නිදිගෙ පංච තන්තරේ), තව කීප දෙනෙකුයි කියන නිසාම බලන්න පටන් ගත්ත. තණමල්විල තියෙන්නේ ප්‍රංශයේ කියල අදයි දන්නේ. පැරිසියටත් ගියා දැක්කේ නැහැනේ. ඇම්ස්ටර්ඩෑම් ගියා නම් තණමල්විල සුවඳවත් ගන්න තිබ්බ. ඒ මදිවට ප්‍රංශකාරයට DHL පාර්සලේ දුන්නම පොර තෑන්ක් යූ කිව්වනේ. (ප්‍රංශයේ කියන්නේ මෙර්සි බොකු කියල. අපේ එවුන් බොරුමයි කියන්නේ.) දැනට එච්චරයි.’
තදබල විවේචනවලදී තණමල්විල රසිකයන් පතෝලයාටත් වඩා චණ්ඩින් වෙන්නටය හදන්නේ!
බලාගෙනයි අජිත් මහත්තයෝ.
ඔයා එංගලන්තයේ ඉඳගෙන ඔහොම කියන නිසා බේරෙයි....
තණමල්විල කොල්ලෙක් fan club එකට එහෙම ඔය ‘මෙර්සි බොකු’ කතාව ලිව්වා නම් අපේ රසිකයන් ඔයාගේ ‘බොකු’ අදින්න එයි, කොකු දාගෙන.

ඒ බව නොදන්නා හින්දද කොහෙද අජිත් මහත්තයාගේ පණිවිඩයටම තවත් ටිකාක් විතර නිෂේධාත්මක කමෙන්ට්ස් කිහිපයකුත් වැටිලා තිබුණේය.

Suranga Liyanage- මේ ටෙලිනාට්ය අනෙක් මෙගාවලට වඩා හොඳයි. ඕකෙ ඔය මතු කරන්නේ Chinthaka Sandaruwan මතු කරාපු වියලි කලාපෙ වැව් වටේ හැදිච්ච ගම්වල යතාර්ථය. ඒක මේ රසික සමාජවලින් උඩදාන හැටි දැක්කම මතක් වෙන්නෙ අවුරුදු ගානක් පාං කියල හිතාගෙන රොටි වගේ ජාතියක් කකා හිටි එකාලට හොඳ පාං ගෙඩියක් පුච්චල දුන්නම උං ඒක පාං හැටියට නොව කේක් එකක්ම හැටියට උඩදානව වගේ.’

Thilak Hettiarachchi- ඇයි ප්‍රංශයෙන් පිටව ගොස් නැවත ඒමට document නැති කෙනාට ප්‍රංශයේ වාහන පදවන්න ප්‍රශ්නයක් නැති එක. ලොකුවට දෙයක් නම් නෑ පිටපතේ හෝ රඟපෑමේ. නමුත් තියන අනෙකුත් අච්චාරු එක්ක ගත්තම හොඳයි.’

සිරි ලංකාවේ පන්සල් බොහොමයකම ඉන්නේ මේ වාගේ රියැදුරු මහත්වරුන් නෙවෙයිද?
තිලක් හෙට්ටිආරච්චි සහෘදයා එහෙම කිව්වත් අපේ කට්ටියම තණමල්විල කට්ටියව බඩ බැඳගෙනය. ඒක එක අතක මුලාවකි; ස්වයං මෝහනයකි.

මට හිතෙන්නේ මෙහෙමය. සුළු-සුළු අඩුපාඩු කාගේ අතිනුත් සිදුවෙයි. ඒ හින්දනේ
  ‘කා හටත් වරදී - ඉන් දොස් කීම වැරදී
   මා හට නොවරදී - කියන අය හට නිතර වරදී’ කියලා කියන්නෙත්.
වැරදි නොවෙන්නට වගබලා ගැනීමයි වැදගත්. අජිත්, සුරංග, තිලක් වගේ රසිකයන් කරන ‘විවේචන’ත් වැදගත් වෙන්නේ ‘නිර්මාණකරණයේදී කොයි තරම් සූක්ෂ්ම විය යුතුද?’ කියලා අපට වටහා දෙන නිසයි.

සිරිරතන හාමුදුරුවන්ගේ රියැදුරා, පියුමිගේ නැන්දම්මා, රත්ගම අයියා වගේ සමහර අය මුළු ටෙලිය පුරාමවත් විනාඩි පහක්වත් පෙනී ඉන්නවාද? ඒත් ඒ හැමෝගෙන්ම ‘තණමල්විල කොල්ලෙක්’ ආලෝකවත් වෙන්නේ නැත්ද?

රහස එතැනය; සුදුස්සන් තෝරා ගැනීමේය; පුංචිම වැඩකට වුණත්! 
ගමේ හැබෑ දීප්තලාට ආදරේ කරන්නට මේ රසිකාවන් සූදානම්ද?
පුංචි වැඩ විතරක් නොවේ, ලොකු වැඩ වන සුදුසු කැමරා කෝණ, ආලෝකකරණ, පසුබිම් සංගීත ඛණ්ඩ වගේ දාහක් දේවල් ගැනත් සැලකිලිමත්වී තිබීමේය.

ඒවායින් රසික අපේ නෙත්-සිත් පැහැරගෙන, සිත්-සතන් මෝහනය කොට තියෙද්දී අප සිහින ලොවක අතරමංවීම පුදුමයක්ද?

කට්ට කාගෙන, දූවිලි නාගෙන foot සයිකලයක් පදින දීප්ත වැනි ගමේ කොල්ලෙකුට full love රසිකාවන් ඇත්තටමත්; හැබෑ ජීවිතයේදීත් එහෙම කරාවිද?
එහෙම කරන්නට හිතක්වත් පහළ වෙන්නේ නිකම්ම නොවේ; මුළු ටෙලියේම තියෙන සීන්ස් 488ම දීප්ත ඉන්නා නිසාමත් නොවේ.

තණමල්විලදී රසිකයන් නොදැනුවත්වම ‘දැහැන්ගතව - එක්තරා සමාධියකට සමවැදී’ ඉන්නා නිසාය. එය අහම්බයක්සේ සිතා නිකම්ම නොසලකා හැරිය හැකිද?

Thursday, May 28, 2020

අසිරිමත්වූ දේකි- අටවෙනි කොටස

‘හමුදා භටයෙකු සමඟ ලැගුම්හලකට ආ කාන්තාවකට කෝවිඩ් රෝග ලක්ෂණ’

පහුගිය 22 වෙනිදා උදේ දැක ගන්නට ලැබුණු ප්‍රවෘත්තියක සිරස්තලයයි ඒ.
ඒ පුවතට අනුව හමුදා සෙබලෙකු යයි කියාගත් පුද්ගලයෙක් 20 වෙනිදා වාද්දුවේ කාන්තාවක් සමඟ හෝමාගම කැන්දලන්දේ නවාතැන් පොළකට ඇවිත්, නවාතැන් අරන්. ඒ කාන්තාව අසනීපයෙන් නිසා රෝහල්ගත කෙරිලා.
ඒ කලබගෑනිය අස්සේ අර පුද්ගලයා හමුදා නිල ඇඳුමකුත්, ජාතික හැඳුනුම්පතකුත් එතනම දමා පැනලා ගිහින්!

'කොලරා කාලේ ආලේ' වගේ කොරෝනා කාලේ ආලේ කොහොම එකක් වෙයිද?
‘අසිරිමත්වූ දේකි’ පොතේ 36 වෙනි පිටුවේ තියෙන දේවල් කියවන්නට කලිනුයි දයාබර පාඨක ඔබ තරමක් අලුත්; කාලීන පුවතක් කියෙව්වේ.

ඒ කතන්දරේ මෙතැනට ඇදලා ගත්තේ නිකම්ම නෙවෙයි. කොරෝනා වගේ වසංගත බියක් අස්සේ වුණත් මිනිසුන්ට ලිංගික ආශාවන් සංතෘප්ත කරගන්නට අවශ්‍ය වෙන බව පැහැදිලි කරන්නයි. ඒක ස්වාභාවිකද?

මිනිහාත් සතෙක්; ක්ෂීරපායී සතෙක්;
ඒත් අනෙක් සතුන්ට ලිංගික චර්යාවේ යෙදෙන්නට කාලයක්- season එකක් තිබුණත් ‘මේ සතාට විතරක්’ එහෙම කාලයක් නැහැනේ.
ඒ වගේමයි, මේ පිරිමි සතාට තමයි - පෘථිවි ගෝලයේ ඉන්නා සතුන්ගෙන් සිරුරේ ප්‍රමාණයට සාපේක්ෂව බලද්දී - ලොකුම ප්‍රාණවත් ලිඟුව අයිති වෙලා තියෙන්නෙත්.

සමහරුන් පාවිච්චි කරන හැටි වෙනස් වුණත් සිරුරු ප්‍රමාණයට සාපේක්ෂව ලොකුම මොළය තියෙන්නෙත් මනුසතාටමයි! ඒ මොළයේ ගබඩා කරගන්නට 36 පිටුවේ උඩ ඉඳලා තියෙන කරුණු පෙළ ගස්වනවා.

සංසර්ගයේ යෙදීමට විශේෂවූ කාලයක් ඇද්ද?

සමහර සතුන් නම් ලිංගික චර්යාවේ යෙදෙන්නේ එක සමයකදී විතරයි. ඒත් මිනිසුන්ට ඒ සඳහා වෙලාවක්- කලාවක්...
නෑ. හරකුන් බල්ලන් වැනි සතුන් නම් සංසර්ගයේ යෙදෙන්නේ ගැහැනු සතාගේ ඇතිවෙන කායික වෙනස්වීම් සහිත සමහර කාලවලදීයි. මෙම කාලයේදී ගැහැනු සතාගෙන් පිටවෙන යම්කිසි සුවඳක් නිසා පිරිමි සතාගේ කාමුක හැඟීම් ඇවිස්සෙනවා.
බොහෝ වෙලාවට පිරිමි සතුන් ගැහැනු සතුන් ඉව කරනවා දකින්න ලැබෙන්නේ ඒ සුවඳ නිසයි.

නමුත් මිනිසා මීට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. මිනිසාට සංසර්ගය සඳහා කාලයක් හෝ වෙලාවක් නෑ. ගැබ්ගත් කාලයත් ඍතුවෙන කාලයත් හැර අන් සැම කාලයක් වගේම සංසර්ගයට සුදුසුයි.’

ඒ නිසාම වෙන්නැති කොරෝනා කාලේ වුණත් ලිංගික චර්යාවන්හි යෙදෙන්නට මිනිසුන් පෙළඹෙන බව සාකච්ඡා කෙරිලා තියෙන්නේ.

‘.... පහත දැක්වෙන්නේ අප දන්නා දෙයයි. පළමුකොටම, අවබෝධ කරගත යුතු දෙය නම්, කොවිඩ්-19 ආසාදිත අයෙකු සමග ඍජු ලිංගික සම්බන්ධයක් පැවැත්වුවහොත්, ඔබට ද රෝගය ආසාදනය වීමේ අවදානමක් ඇති වේ.
තාක්ෂණික වශයෙන් ගත් කල, කොවිඩ්-19 යනු ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනයක් නොවෙයි.  එහෙත්, ශාරීරික ස්පර්ශය, සිපගැනීම වැනි ක්‍රියා අධි අවදානම් සහගතයි. එයට හේතුව, කොවිඩ්-19 වයිරසය පැතිරෙන්නේ සමීප ඇසුර හේතුවෙන් වීමයි.
ලිංගික සම්බන්ධකමකින් ඔබට කොවිඩ්-19 ආසාදනය වීමේ අවදානම රඳාපවතින්නේ ඔබ ලිංගික එක්වීමක් සඳහා තෝරාගන්නා පුද්ගලයා මතයි. එම පුද්ගලයා විසින් විවිධාකාරයෙන් සම්බන්ධතා පවත්වා තිබෙන සෙසු සියලු පුද්ගලයන් ද එහිදී අදාළ වෙනවා. ඔබට සුදුසු හොඳම තෝරාගැනීම කරන විට මේ සියලු කාරණා සිතට ගන්න.
ඒ කියන්නේ කොරෝනා තියෙනකල් ලිංගික අවශ්‍යතා............
මෙයින් අදහස් වන්නේ වසංගතය අවසන් වනතුරු අපට ලිංගිකත්වය අකැප බව ද?
ඔබට ලිංගික සතුට භුක්ති විඳිය හැකි බොහෝ ආකාර තිබෙනවා. උදාහරණයක් ලෙස, ස්වයං වින්දනය යනු ආරක්ෂිත භාවිතාවක්.
මෙවැනි වසංගත තත්වයකදී ඔබගේ සුරක්ෂිත ම ලිංගික සහකරුවා/ සහකාරිය ඔබ ම තමයි.’
ඒ කොටස මං උපුටාගත්තේ ‘ප්‍රජා’ අඩවියේ මැයි 9 වෙනිදා පළවුණු  ලිපියෙන්. රටක්, පලාතක්, නගරයක් lock down කරලා විතරක් ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග මර්දනය කරන්න බැරි හැටි  ඒ post එකෙන් පැහැදිලි වෙනවා.
හෝමාගම කැන්දලන්දේ guest house එකට ඇවිත් තිබුණු තැනැත්තා අවුරුදු 36ක කෙනෙක්. කාන්තාවට අවුරුදු 43ක්ලු. ඒ දෙන්නාම උතුරණ තාරුණ්‍යයේ පසුවෙන්නන් නොවෙන බව එයින් පෙනෙනවා.
ඔන්න ඊටත් වඩා වයසක ජෝඩුවක් එයාලගේ 65 වෙනි විවාහ සංවත්සරය හරිම ආදරණීය විදියට සැමරුවාලු. “කොච්චල ලොමැන්ටික්ද? අඅ අ අපි දෙන්න හැට අවුලුද්දකට ඉස්සෙල්ලත් honeymoon එ එ එකට මේ rest house එකටමයි ආවේ... මේ room එ එ එ එකේමයි නැවතුණේ. මේ d d dinner එකමයි ගත්තේ.... අඅඅ අන්නෙ ඩාර්ලින්... ත්ත් ත්තෑන්ක් යූ ත්තෑන්ක් you...!”
අවුරුදු 65කට කලින් මධුසමය ගත කරන්න ආපු තානායමටම ආපහු ඇවිත්.....
එදා දවස මතක් කරගනිමින් ආච්චි අම්මා කිව්වා.

“හොහ් හොහ් හොහ්...... ඔ ඔ ඔහෙට ම්ම් ම මතකයිද එදා රෑ ඔ ඔහෙට කෙඳිරි ගෑවිච්චි ව්ව්විදිහ?” සීයා බිරියගේ නයිටිය ගලවා ඉවත් කරන ගමන් කිව්වා. ආච්චිත් සැමියාට ඉඩ දෙමින් එදා වගේම ලජ්ජාවෙන් ඉන්න විදිහටයි රැඟුවේ.

ඊට විනාඩි දෙක-තුනකට පස්සේ ආච්චී තරහෙන් කෙඳිරි ගෑවේ, සීයාව පැත්තකට තල්ලු කරමින්.
“ඔ ඔහේ හදන්නේ ත්තුනම ඇතුළට දාන්නද? ම් ම් මට ර් ර් ර්රිදෙනවා.... මනුස්සයෝ.”

“ත් තුනක් නෙවෙයි ය් යෝදියේ... එඑ  එඑකම ත්තමයි දෙකට තුනට නැමිලා.....” සීයා හති හැලුවා.

ඒ වගේ සීයලා ගැනත්, ඔවුන්ගේ විශ්වාසයන් ගැනත් තමයි ඊළඟට ‘අසිරිමත්වූ දේකි’ පොතෙන් විමසන්නේ.

වයස්ගත වෙනකොට ලිංගික හැසිරීම් සුදුසු නැතිද?
‘වයස් ගතවෙන විට ලිංගික ක්‍රියාවල යෙදීම හානිකරද?

වයස සංසර්ගයට බාධාවක් නොවේ. වයස් ගතවීමත් සමඟම උනන්දුවත්, අවශ්‍යතාවත් ටික-ටික අඩු වෙනවා. කොහොම වුණත් වයස අවුරුදු 70 දී වුවත් නියම තෘප්තිය ලබා ගැනීමට වයස නම් බාධාවක් වෙන්නේ නැහැ.

අධික වශයෙන් සංසර්ගයේ යෙදීම සෞඛ්‍යයට හානිකරද?

එක ශුක්‍රාණුවක් සෑදීමට ලේ බිංදු 40ක් වැයවේ යන ආදී වශයෙන් අප නොයෙකුත් මිත්‍යා කථා අහල තියෙනවා. ඒ කතාවල කිසිම ඇත්තක් නැහැ.
සංසර්ගයේ යෙදෙන වාර ගණන ඒ ඒ යුවලගේ අවශ්‍යතාවන්ට අනුව සිදු විය යුත්තක්. පිටවෙන ශුක්‍ර නිසා හෝ සංසර්ගයේ යෙදුණු වාර ගණන වැඩි වීමෙන් හෝ සෞඛ්‍යයට නම් හානියක් වන්නේ නෑ.

සංසර්ගයේදී සිදු වෙන ශාරීරික ප්‍රතික්‍රියා මොනවාද?

ආදර සැමරුම් කැටිවූ මුතු කඳුළින් මුතු පබුළින් නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ............
විද්‍යාත්මකව සංසර්ග ක්‍රියාවලිය කොටස් 4කට බෙදෙනවා.
    1. උද්දීපන අවස්ථාව
    2. සම තෘප්තික අවස්ථාව
    3. අධි තෘප්තික අවස්ථාව
    4. අවනතික අවස්ථාව

මෙයින් පළමු හා දෙවෙනි අවස්ථාවලදී සිදු වන්නේ සංසර්ගයේ උච්ඡතම අවස්ථාව වන තුන්වෙනි අවස්ථාවට එළඹීමට සූදානම් වීමයි.
තුන්වන අවස්ථාව නම් වැඩිම තෘප්තිය ලැබෙන අවස්ථාවයි.
හතරවන අවස්ථාව නම් තෘප්තියෙන් පසු ගිමන් හරින කාලයයි.’

මේ අවස්ථාවන්හිදී ‘ආදරයේ බලපෑම’ මොකක්ද? ආදරයට ඊස්ට්‍රජන්, ප්‍රොජෙස්ටරෝන්, ටෙස්ටස්ටරෝන් හෝමෝනවල බලපෑමක් තියෙනවාද?

"ඇත්තටම මොකක්ද ආදරේ කියන්නේ? සංසර්ගයේ යෙදිලා වතුර ටික යවාගන්න එකටද ආදරේ කියන්නේ?" ඔහු මගෙන් විමසුවේය. 
ඔහුය කිව්වේ උපුල් ශාන්ත සන්නස්ගල මහතාණන්ටය.
මං ඒ විස්තර ලියුවේ අදට අවුරුදු දෙකකට කලිනි. ‘කෙලින් සනා -1’ පෝස්ටුවේදීය.

අලා අසාද් අබුල් මුසාෆිර් සහාබ් උද්-දින් මොහම්මඩ් ෂාජහාන් අධි ලිංගික ක්‍රියාකාරිකයෙක්ද? ව්‍යාඝ්‍රා ගැහුවද?
‘ආදර සැමරුම් කැටි වූ - මුතු කඳුළින් මුතු පබුළින් නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ’ ගීතය අහලා තියෙනවද?
එහෙම අහගෙන ඉඳිද්දී නම් ‘ආදරය සුන්දර වරදකී - කිසිදා සමාවක් නම් නැතී’ කියලත් හිතෙනවා.
ඒත් ඒවා ඔක්කොම ඖචිත්‍ය පූර්ණ ගේය පද රචනා.... රස උද්දීපනය කරවන්නට සමත් තනු.... භාවපූර්ණ හඬින් කෙරෙන ගැයුම් විතරක්මද?

අර කියූ ලිංගික අවස්ථා හතරම ‘සම්පූර්ණයෙන්ම සාර්ථක වුණත්’.....

අලා අසාද් අබුල් මුසාෆර් සහාබ් උද්-දින් මොහම්මඩ් ෂාජහාන් (A'la Azad Abul Muzaffar Shahab ud-Din Mohammad Shah Jahan) අධිරාජයාගේ අන්තඃපුරයේ කාන්තාවන් 5000ක් හිටියාලු.
පළමු බිසව මියගියාට පස්සේ දෙවෙනි බිසව; මුම්ටාස් මහල් විවාහ කරගෙන තියෙන්නේ 1612 අවුරුද්දේ.
මුම්ටාස් දේවිය මියගියේ 14 වෙනි දරු ප්‍රසූතිය වෙලාවේ 1631 වසරේ.

ඊට පස්සේ ෂාජහාන් අධිරාජයා මුම්ටාස් මහල් දේවියගේ නැඟණියව විවාහ කරගත් බවයි කියවෙන්නේ.

එතකොට එතැන තිබිලා තියෙන්නේ ආදරයද? දැඩි ලිංගික ආකර්ෂණයක්ද.... ආදරය කියලා කියන්නේ සුපිරිසිදු හැඟීමක් විතරමද.... මගේ හිතේ නම් තවමත් ප්‍රශ්නයක් ඉතිරියි. කමක් නැහැ, එහෙම තියෙද්දී වුණත්, පොතේ ඉතිරියට යනවා.

මේ අවස්ථාවේදී කෙරෙන සිපගැනීම්, ස්පර්ශ කිරීම්, ආදර ඇමතීම් වගේ දේවල් සේරම........
‘.... සංසර්ගයට ප්‍රථම ඒ සඳහා සූදානම් වීම නියම තෘප්තිය ලබා ගැනීමට ඉතාම වැදගත්. ඒ වගේම ඕනෑම කරන දෙයක්.

මේ අවස්ථාවේදී ආදරයෙන් කතා කිරීම, එකිනෙකා ස්පර්ශ කිරීම, සිප ගැනීම වැනි දේ සිදු වෙනවා. සාමාන්‍යයෙන් පිරිමින්ට දර්ශනය, ශබ්ද සහ සුගන්ධය වැනි දේ ලිංගික හැඟීම් ඇවිස්සීමට ප්‍රමාණවත් වෙනවා.

ගැහැනුන්ට නම් ශාරීරික ස්පර්ශය මේ සඳහා ඉතාම වැදගත්.
ගැහැනුන්ගේ ලිංගික හැඟීම් ඇවිස්සීමට තරමක කාලයක් ගත වුවත් පිරිමින්ට මේ සඳහා ගත වෙන්නේ ඉතාමත් සුළු කාලයකුයි.

මෙසේ ආදරයෙන් කතා කිරීම සහ එකිනෙකා සිප ගනිමින් කාලයක් ගත කිරීම සංසර්ගයේ නියම තෘප්තිය ලබා ගැනීමට ඉතා වැදගත්.
මේ සඳහා ගත කළ යුතු නියම කාලයක් නෑ.
සාමාන්‍යයෙන් විනාඩි 30කට වැඩි කාලයක් මේ සඳහා යොදවනවා.

මෙහිදී වඩාත් සංවේදනීය ස්ථාන ස්පර්ශ කිරීම හා සිප ගැනීම සාමාන්‍යයෙන් සිදු කරනවා.

දෙතොල්, දිව, කන්පෙති, ගෙල, තනපුඩු, පිට, කලවා ඇතුල් පැත්ත.................
දෙතොල්, දිව, කන් පෙති, ගෙල, තනපුඩු, පිට, කලවා ඇතුල් පැත්ත ආදී පෙදෙස් සාමාන්‍යයෙන් සංවේදී කොටස්. ස්ත්‍රියකගේ ක්ලිටරීසය සහ පිරිමියෙකුගේ ශිෂ්ණ හිස සෙමෙන් පිරිමැදීමද සංසර්ග කාලය උද්යෝගිමත් කිරීමට උදව් වෙනවා.

මෙලෙස ඔවුනොවුන් උද්යෝගී බවෙන් වැඩිවූ විට නියම සංසර්ගය පටන් ගන්නවා.

සංසර්ගයේදී කෙරෙන්නේ ප්‍රාණවත්වූ ශිෂ්ණය යෝනි මාර්ගය තුළට ඇතුල් කර එය ඉහළට සහ පහළට සෙලවීමයි.
ශිෂ්ණය යෝනි මාර්ගයට ඇතුල් කිරීමට ඇති පහසුම ක්‍රමය ස්ත්‍රියෙකුගේ දණහිස නමා දෙවටොර පළල් කිරීමයි. සිප ගැනීමේදී  හා ස්පර්ශ කිරීමේදී ඇතිවෙන උත්තේජනයන් නිසා යෝනි මාර්ගයෙන් හා අනෙකුත් ග්‍රන්ථින්ගෙන් පිට කරන දියර මෙම ක්‍රියාවලිය තවත් පහසු කරවනවා.

ශිෂ්ණය යෝනි මාර්ගය තුළ ඉහළට සහ පහළට කිරීමේදී ස්ත්‍රී ලිංගේන්ද්‍රිය පද්ධතියේ කුඩා දෙතොල ඒ සමඟම සෙලවීමට පටන් ගන්නවා. මේ සෙලවීම නිසා දිගින් දිගටම ක්ලිටරීසයේද උත්තේජනය වීම සිදු වෙනවා.

මෙහි ප්‍රතිඵලය වන්නේ ඔවුනොවුන් සංසර්ගයේ උච්ඡ අවස්ථාවට පත්වී පුරුෂයාගේ ශුක්‍ර මෝචනය සිදු වීමත් ඒ සමඟම වාගේ ස්ත්‍රීන්ටත් අමුතුමවූ අධික ලිංගික තෘප්තියක් ලැබීමයි....’

පොතේ වගුවක් විදිහට තියෙන දේවල් එහෙමම බ්ලොගයට දැම්මොත්..............
ඔන්න දැන් නම් හිතන්න වෙලාවක් ඇවිත්. ගොඩක් දෙනා බ්ලොග් එක කියවනවා ජංගම දුරකතනවලිනුත්. පොතේ නම් වගුවක් විදිහට තියෙන දේවල් එහෙම යෙදුවොත් අවුලක් වෙනවා වගෙයි.
ඒකට මොකද කරන්නේ?

හරි. ආවා සුප්පා අයිඩියා එකක්!
හෙඩිම එක පාටකින් දානවා. දම් පාට. යටින් ඉරකුත් එක්ක.
අවස්ථාව කළු පාටින්.... ගැහැනු කොටස රතු පාටින් දාලා පිරිමි කොටස නිල් පාටින් දාන එකයි කරන්න තියෙන්නේ.
හරි නේද? ඔන්න ඒ colours මතක තියාගෙනයි පහළින් තියෙන ටික කියවන්න ඕනේ.

‘සංසර්ගයේදී සිදු වෙන ප්‍රතික්‍රියා:
පළමු අවස්ථාව-
යෝනි මාර්ගය තෙත් වීම (තත්පර 10-30කින් පමණ සිදු වෙයි.)
කුඩා හා විශාල දෙතොල් රුධිරයෙන් පිරී මහත් වීම
ශිෂ්ණය ප්‍රාණවත් වීම (තත්පර 3-8කින් සිදු වෙයි.)
වෘෂණ කෝෂ සංකෝචනය වීම හා වෘෂණ ඉහළට ඉස්සීම

දෙවන අවස්ථාව-
යෝනි මාර්ගය තවත් තෙත් වීම
යෝනි මාර්ගයේ ඇතුළත ප්‍රමාණය තවත් විශාල වීම - බාතොලියන් ග්‍රන්ථි ශ්‍රාවයන් ගැලීම
ක්ලිටරීසය ප්‍රාණවත්වී විශාලවීම
යෝනි මාර්ගයේ හා දෙතොල්වල පැහැය දම්පාට වීම (රුධිරය නිසා)
ශිෂ්ණයේ ප්‍රමාණය විශාල වීම
වෘෂණය තවත් ඉහළට ඉස්සීම
පුරුෂ ග්‍රන්ථීන්වලින් ශ්‍රාවයන් ගැලීම
ශරීරයේ පේශීන් ක්‍රමයෙන් තද වීම
ශිෂ්ණයේ හිස විශාලවී දම් පැහැයක් ගැනීම (රුධිරය එය තුළ තද වීම නිසා)

මේ වෙලාවේදී සිදුවෙන වෙනස්කම් මෙහෙම පෙළ ගැස්සුවත් ඒවා වෙන්නේ එකවිටම වගේ..........
තෙවන අවස්ථාව-
ගර්භාෂය, පැලෝපියන් නාල හා යෝනි මාර්ගය සංකෝචනය වීම
උකුල් පෙදෙස එසවීම
ශරීරයේ පේශීන් දරදඬු වීම
වේගවත්ව හුස්ම ඉහළ පහළ ගැනීම
ශුක්‍රනාල හා කෝෂයන් සංකෝචනය වීම හා ශුක්‍ර මෝචනය
පේශීන් තදවී දරදඬු වීම

හතරවන අවස්ථාව- 
උකුල් පෙදෙසේ තදබද ගතිය අඩු වීම
මනසේ ප්‍රාණවත් බව අඩු වීම
පේශීන්වල තිබූ තදබද ගතිය අඩු වීම
ශිෂ්ණය ක්‍රමයෙන් අප්‍රාණික වීම’

38 වෙනි පිටුවේ තිබුණු චාට් එකත් එහෙනම් ඔයාල කියවලා ඉවරයි, ඔන්න.

මට නම් ඔය හරිය කියවමින් අකුරු කොටද්දී හිතට ආවේ මහා පාදඩ සිතුවිල්ලක්. දන්නවනේ ඉතින්, මං කොහොමත් නසරානියෙක් විත්තිය. ඒ හින්දම තමයි අර හිතිවිල්ලත් මෙතනට දාන්නේ.
රට- ජාතිය- ආගම වගේ යදම්වලින් වෙලී; පවිත්‍ර චේතනාවලින් යුතුවම සංසර්ගයේ යෙදෙන්න ඇහැකිද? 
“රට ජාතිය බේරාගැනීමේ පරම- පවිත්‍ර- සුපසන් චේතනා පෙරදැරිව සංසර්ගයේ යෙදෙන්න ගියාම අර කියන විදිහේ ප්‍රතික්‍රියා..... සිරුරේ වෙනස්කම් එහෙම ඇති වෙනවා ඇතිද?”