දැනුමයි මුදලුයි දෙකම සොයාගෙන යන්න............... |
"දීප්ත දැන්
ලෑස්ති වෙන්න ......දැනුමයි මුදලුයි දෙකම හොයාගෙන යන්න......" යශෝධරා අක්කා
දීප්තට කියයි.
“මොකද
කිසි දවසක අපි දැකලා නෑ උඹ ජීවත් වෙන්න ට්‍රයි කරනවා උඹට
ගැලපෙන්නේ ... පොත්පත්වල වැඩ තමා .. !” දීප්තට එහෙම කියන්නේ
පතෝලයායි. ඒ 35 වෙනි එපිසෝඩ් එකේදීය.
අපේ වටේ ඉන්නා අය කියන-කරන
දේවල් අපට බලපාන්නේ නැතිද?
අකම්පිතව ඉන්නවා වගේ
පෙනෙන දීප්ත තමන්ගේ දිවිසැරිය හැඩ ගස්වා ගන්නේ වටාපිටාවෙන්; නෑදෑ-හිත මිතුරන්ගෙන්
ලැබෙන උත්තේජනයන්ගෙනි; තල්ලු කිරීම්වලිනි. අපට ඒවායේ සුල-මුල; හර-බැර හරියටම
කල්පනා වෙන්නේ නිවිහැනහිල්ලේ සිතද්දීය.
සිනමා ශාලාවකට ගිහින්
ෆිලුමක් බලන තරම් චිත්ත ඒකාග්රතාවකින් යුතුව සාලයේ හෝ විසිත්ත කාමරයේ ඉඳගෙන tv
බලන්නට බැරිය. හතර වටෙන්ම එක-එක විදියේ මරාල කඩාගෙන වැටෙයි.
තිබ්බා- ගැහුවා පන්නයේ
කතන්දර නම් එහෙම අලකලංචි අස්සේ වුණත් බලතහැකිය. ඒවා එවෙලේ වින්දනය සඳහා විතරක්
නිසාය. ඒත් මෙදා පොටේ...
සුසිතත් රොෂානුත් එකට එකතුවී අපට කියන බණ එක සැරෙන්ම ජීරණය කරගන්නට......... |
මෙදා පොටේ සුසිතත්, රොෂානුත්
එකට එකතුවී තත්පර ගණනාවකදී; මිනිත්තු ගණනාවකදී අපට කියන ‘බණ’ එක සැරෙන්ම ජීරණය
කරගන්නට පුළුවන් හපනුන් ඉන්නේ කොහෙද? ඉතින් දෙතුන්-වතාවක් නොබලා කොහොමද? ඒ නිසාය
‘පස්සට යව-යවා’ත් ‘තණමල්විල කොල්ලෙක්’ බලන්නට වෙන්නේ.
සමහර තැන් හරියටම මීටර්
වෙන්නේ එහෙම දෙතුන් වතාවක් බැලුවාට පස්සේය.
මං හිතාගෙන හිටියේ නිමල් දිසානායක tube light එකක් නිසා, (මට විතරක්) එහෙම වෙනවා ඇති කියලාය. බලනකොට ධනූයි මායි විතරක් නොවේ; මේ කොල්ලාට වහ වැටුණු ගොඩක් අයත්, යසිත උපමාල් ජයසිංහත් එහෙමය.
පුදුමාකාර ආසාවකින් මේ ටෙලිය බලන යසිත තවත් යතාර්ථයකුත් අවංකව පිළිගනියි.

“... මමත්
කැමති ඒ පසුතලයට සමාන තැනක ගිහින් තනියම ජීවත් වෙන්න. මොකද අපි හුදකලාවට ගොඩක්
කැමති මිනිස්සු. ඒ ගැන උඹලගෙ හිත් වලින්ම අහල බලපන්.
හැබැයි ඒක
ජෙහාන් කියනවා වගේ ට්‍රෙන්ඩ්
එකක් විතරයි බං.
උඩ පන්තියක
එකෙක් උන්ට වඩා යට පන්තියක එකෙක් දුක් විඳිනවා බලලා ගන්න ආතල් එකක් විතරයි. අපිට ඒ
ආතල් එක රොෂාන් රහට පොවනවා. අපි මත් වෙලා බං.
ඒ දේවල් එක-එක්කෙනාට දැනෙන හැඟෙන විදිහ වයස, සමාජ ආශ්‍රය වගේ කරුණු එක්ක.... |
මම හැම
වෙලාවෙම බලන්න උත්සාහ කරේ මේ කතාවෙ යටින් දුවන තේරුම මොකක්ද කියන එක. හැබැයි ඒත්
දැනට තුන් පාරක් බලලත් තේරුනේ නැති තැන් ගොඩක් තියනවා..... තේරුම් ගොඩක් තියන තැන්
තියනවා.
ඒ දේවල් එක එක්කනාට දැනෙන හැඟෙන විදිහ වයසත්, සමාජ ආශ්‍රය වගේ කරුණුත් එක්ක වෙනස්.
ඒ දේවල් එක එක්කනාට දැනෙන හැඟෙන විදිහ වයසත්, සමාජ ආශ්‍රය වගේ කරුණුත් එක්ක වෙනස්.
ඇත්තටම මේ
කතාව මීටරෙන් බලපන්. අනිවාර්යෙන් අපේ
කතාවත් කොහෙ හරි තියෙන්න පුලුවන්.
දැනට මේ කතාවත් එක්ක හැමදේම අවුල් වෙලා තියෙන්නෙ. මොකද නොතේරෙන තැන් නිසා. තව අවුරුදු ගානක් යනකන් සිය වතාවක් බැලුවත් නොතේරෙන කතාවක් වෙන්නත් පුලුවන්, සමහර විට මේ ජීවිතෙන් යනකන්....”
දැනට මේ කතාවත් එක්ක හැමදේම අවුල් වෙලා තියෙන්නෙ. මොකද නොතේරෙන තැන් නිසා. තව අවුරුදු ගානක් යනකන් සිය වතාවක් බැලුවත් නොතේරෙන කතාවක් වෙන්නත් පුලුවන්, සමහර විට මේ ජීවිතෙන් යනකන්....”
නෙල්ලි ගෙඩියක් හපන්නට-හපන්නට එක-එක රස දැනෙන්නට ගන්නවා වගේ ‘තණමල්විල
කොල්ලෙක්’ කිහිප වතාවක් බලද්දී වෙනස් රසයන් උත්පාද වෙන්නට පටන් ගනියි. ඒ හින්දා
එකම කොටස වුණත් යළි-යළි බැලීම එපා වෙන්නේ නැත.
අති ප්‍රබල දෙබස් මෙන්ම සජීවී රඟපෑම්, කැමරාව, සංගීතය ආදියත් එයට හේතුපාදක වෙයි!
අති ප්‍රබල දෙබස් මෙන්ම සජීවී රඟපෑම්, කැමරාව, සංගීතය ආදියත් එයට හේතුපාදක වෙයි!
අති ප්‍රබල දෙබස් මෙන්ම සජීවී රංගනයත් කැමරාව, සංගීතය ආදී.... |
ගස් මල් කැපීම නතර උනා. අපේ අම්මා තනියම හේන් කෙටුවා.
මට තාම මතකයි උන්දැගෙ මාලුමිරිස් ගස්
ටික වතුර නැතිව
වේලෙද්දී...
බැරිම තැන මමයි මගෙ අම්මයි,
මාතර මුදලාලි ගාවට ගියා වතුර පොම්පයක් ඉල්ල ගන්න.
මුදලාලි රෑක වතුර පොම්පය ගෙනත් දුන්නා.
අපේ අම්මගෙ කඳුළු අරගෙන උන්දෑ වතුර දීලා ගියා....
මම අපේ අම්මට ආදරෙයි බං.
හැම කන්නෙකදීම වතුර ගන්න උන්දැගෙ කඳුළු දෙන්න වුණා.
අමු අන්නාසි ගැට කන්න වුණා.
කිරි ගැහිච්ච ගස්ලබු ගැට කන්න වුණා.” කිතුලා කියයි.
එදා ආසාවෙන්; ආතල් එකට, දෙමළිය වැව අද්දර කෑම්පින් කරන්නට ගිය වතාවේ අප දැක්කේ ඉඩෝරයෙන් ඉරි තැලුණු; දූවිල්ලෙන් නැහැවුණු ගමක හිටි අය විතරය;
හොර හරක් ගාල් කරන්නට, කංසා හේන් වවා- රකින්නට, ගම්බාරේගේ අණසකට කීකරු වෙන්නට පුරුදු-පුහුණුවී හිටි ගම්මුන්ය;
ගම්බාරේ කී ගමන්ම තුවක්කුවත් රැගෙන දඩමසක් සොයා වන වැදෙන, අපට මඟ පෙන්වන්නට එන අතවැසි ගම්මුන්ය.
ඒ අතරේ කිතුලලා කී දෙනෙකු ඉන්නට ඇතිද? ඔවුන්ගේ සුසුම් අපට ඇසුණේ නැත; ඔවුන්ගේ කඳුළු අපට පෙනුණේ නැත!

ගම්බාරේ උන්නැහේට පිටින් මෙහෙ මොනම දෙයක්වත් කෙරෙනවා බොරු! |
“අපේ ගම්බාරේ
උන්නැහේට පිටින් මෙහෙ මොකවත් කරනවා බොරු. පොලිස් ජීප් එකකටවත් මෙහාට එන්න බැහැ අපට
හොරෙන්.”
හීන් මහත්තයා මට කීවේ රාත්‍රී කෑම උයන අතරේය.
වැව අයිනේ අපේ කට්ටිය මදුවිත තොලගාන අතරේ, හීන් මහත්තයා කාංචනාවත් බෙල්ලේ එල්ලාගෙන මට අත් උදව් දෙන රාජකාරිය ඉටු කළේය. “පොලිසියේ වාහනේ මේ පාරේ එනකොට ගමේ කොල්ලෙකුට වාඩියට ඇවිත් ආපහු ගෙදරටත් යන්න පුළුවන්!”.
වාඩියේ ගැහැනු පුළුටක්වත් නොවිණි. කිතුලා අර හිත පාරණ කතාව කියද්දී මගේ දෑසට කඳුළු ඉනුවේ නිකම්මය. අපට ගරුසරු ඇතිව සැලකිලි-සත්කාර කරන තරමට ගම්බාරෙලා ත්‍යාගශීලී වුණු බව ඇත්තය. ඒත් එයාලා හිටියේ ගමම හොල්ලාගෙනය.

ඔවුන්ට තිබ්බේ
ඉටිපන්දම් වෙන්නට බැරිය; හැමදාම සුරාමේර සිකපදය කඩනකොට, ත්‍රෛලෝක විජයපත්‍ර දුමෙන්
රත්වෙනකොට, මස් මාංශ බුදිනකොට, ලේ රත්වීම සොබාවිකය.
ඔවුන් බ්‍රහ්මචාරී
වුණා වෙන්නට බැරිය..... මාතර මුදලාලිලා වුණා වීමටය වැඩි ඉඩක් ඇත්තේ.......
හීන් මහත්තයාට කාලයකින් හොඳ ශ්‍රාවකයෙක් හමුවී නොහිටියේය. හූමිටි තැබීම මට හොඳට පුරුදුය.
හීන් මහත්තයාට කාලයකින් හොඳ ශ්‍රාවකයෙක් හමුවී නොහිටියේය. හූමිටි තැබීම මට හොඳට පුරුදුය.
මමත් හොඳටම හොඳින් සවන්දී හූමිටි තියන්නෙක් වීමි............ |
ඇත්තම කිව්වොත්
උයා-පිහා ඉවර වුණත් හීන් මහත්තයා කතාව නැවැත්තුවේ නැත. බැරිම තැනය මා රහසෙන්
නෙවිල්ට කතා කළේ.
“දැන් නම් මේ මනුස්සයා වාතයක් වේගෙනයි එන්නෙ හලෝ. මට නිදහසේ වැවට බහින්නවත් බැරි පාටයි. එයාව පොඩ්ඩක් කතාවට අල්ලාගන්නවකෝ. නැත්තං ඒ මනුස්සයටත් බොන්න අඬ ගහනවා.”
කෙළෙහිගුණ නොදන්නා මා එදා මගේ නිදහස පතා කටයුතු කළේ එහෙමය!
තරු එළියෙන් නැහැවෙමින්, වැව් දියෙන් දාහය නිවා ගනිද්දීවත් කැලුම්සිරිලා, කූරලා, දම්මිලා, කැලුම්සිරිගේ නංගිලා, සසිකලා, ලොක්කයියලා එහෙම දිහාවක හිටීවිය කියලා මට හිතුණේ නැති හැටි!
"ඇයි අයියේ එහෙම කරේ. ඇයි අයියා විතරක් අම්මගේ මිනිය තනියෙන් බැලුවෙ අයියේ? ඇයි අයියේ අම්මගෙ පෙට්ටිය සීල් කරලා තිබුණේ?

යුද්දෙට ගිහින් මගේ සසික ආවෙත් සීල් කරපු
පෙට්ටියක. දැන් සල්ලි හොයන්න ගිය අම්ම ආවෙත් සීල් කරපු පෙට්ටියක. ඇයි අයියේ අපි
ආදරේ කරන අයගේ මිනියවත් අපිට බලන්න නැත්තේ......”
තුන්වෙනි එපිසෝඩ් එකේදීද කොහෙද කැලුම්සිරිගේ නංගී ඇහුවේ අපෙනි.
මට තවත් වතාවක් පාපෝච්චාරණයක් කරන්නට වෙයි.
බොඳවුණු දෙනෙතින් යුතුව ඇයගේ ශෝකාලාපය අහගෙන හිටිද්දී, ශෝකී රංගනය නරඹද්දී දැනුණු
හැඟීම සුන්නද්දූලිවී ගියේ මේ ළඟදීය.
‘මේ කෙල්ලව නම් රොෂාන් රවීන්ද්‍ර ගමෙන්ම හොයාගන්න ඇති.’ එදා මං හිතුවේ එහෙමය. වැඩියෙන් ටෙලි නොබලන මට එහෙම හිතෙන එක සාධාරණය.
‘මේ කෙල්ලව නම් රොෂාන් රවීන්ද්‍ර ගමෙන්ම හොයාගන්න ඇති.’ එදා මං හිතුවේ එහෙමය. වැඩියෙන් ටෙලි නොබලන මට එහෙම හිතෙන එක සාධාරණය.
වසන්ත පූර්ණවංශගේ වෙස් ගැන්වීම් මහිමය තේරුම් ගන්නට මේ foto දෙක සැසඳීම ප්රමාණවත්ය! |
වසන්ත පූර්ණවංශගේ අංග රචනය; වෙස් ගැන්වීම ගැන
කියන්නට තව දුරටත් වෙහෙස නොවෙමි. මේ ෆොටෝ දෙක සැසඳීම විතරක් ඇතිය!!! ගීතාට විතරක්
නොවේ.... හැමෝටම. වසන්ත එයාලට තණමල්විල පුනරුත්පත්තියක් දීලාය. නියම වෙස්
ගැන්වීමකින්.....
වෙස් ගැන්වීම? හොඳින් වෙස් ගැන්නුවාට රඟපාන්න
බැරි නම්? රඟපාන්න පුළුවන් වුණත් හොඳ අධ්යක්ෂවරයෙක් නොහිටියොත්... එතරම් දක්ෂතා
නොපෙන්නූ; කැපී පෙනෙන්නට ඉඩක් නොලද අය වුණත් හොඳ අදියුරු කෙනෙකු යටතට පත්වුණු
විට......
ඒ ගැන දැනුත් ටිකාක් කියන්නට වෙයි.
රොෂාන් රවීන්ද්‍ර මගේ ප්‍රියතම නළුවෙකු වෙලාත් ඔහු රඟපෑ ටෙලි නාටක කිහිපයක් මා නරඹා නැත. එක කොටසෙන්- දෙකෙන් එහෙම නැරඹීම අතහැර දැමූ ටෙලියකි ‘රන් හිරු රැස්’.
මොකක්දෝ අහේතුවකට රොෂාන් වැන්නෙකුට වුණත් අසරණ වෙන්නට වෙලා තිබිණි. (කොටස් කීපයක් විතරක් නරඹා මෙහෙම කීමත් සාධාරණ මදිය. මා වැරදියි නම් මට දොස් පවරණු මැනවි.)

රොෂාන් කියනේ නළුවෙක් විතරක් නෙවෙයි. නළු-නිළියො නැවක් ගෙනාව අධ්යක්ෂ කෙනෙක්! |
“රොෂාන් කියන්නේ නළුවෙක් නෙමෙයි, නළුවන් ගෙනාපු නැවක්. දීප්ත,කූරා,පතෝලයා,කිතුලා ඇතුලු අනෙකුත් චරිතවලින් ඉතා විශිෂ්ට ලෙස
පෙන්නනවා,ජයවේවා.. තණමල්විල
කොල්ලන්ට....”
සමන්ත දිලුෂන් ද අල්විස් රසිකයා ඉතාමත් කෙටියෙන් කියලා
තිබ්බේ එහෙමය.
උපමාව ‘මරේ මරු’ එකකි. ආයේ එක්-එක්කෙනා ගැන වෙනම කියන්නට
උවමනා වෙන්නේ නැත. මේ නැවේ ඇවිත් ඉන්නා රංගන ශිල්පීන් හැමෝම විශිෂ්ටය.
මගෙන් නම් ඒකට full credit එක යන්නේ රොෂාන් රවීන්ද්රටය!
සුසිතගේ තිර රචනාව ඒ කාරියේදී යහමින් උදව්වක් වෙලාය. (නමුත් හොඳ තිරනාටකවලින් පවා නරක නිර්මාණ බිහිවී තිබෙන බවත් මෙතැනදීම කියන්නට වෙයි.)
කොහොමෙන් හරි ‘තණමල්විල කොල්ලෙක්’ ලොකු පෙරළිකාර වැඩකුත් කරලා තිබෙයි.
ටෙලි රසිකයෝ, යශෝධරා දීප්තට කියවන්නට දුන් පොත් තුන හොයමින් වෙහෙසෙති. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ; කොග්ගල ප්රාඥයාණන්ගේ තුන් ඈඳුතු නවකතා පොත්- ගම් පෙරළිය, කලියුගය, යුගාන්තය හොයමින් සිටිති. අනේ, ‘සාහිත්‍යය කන්නද’ කියලා කියූ අඥයන් අද ඉන්නවා නම්..........
හිතට වදින කලා කෘතියකින් කොතරම් වෙනසක් කළ හැකිද?

මේ දෙන්නාත් ඒ මරුවැල්වල පැටලුණු උදවියද? |
“කවුරුත් මරු වැල් ඇද්ද මල්ලි, අපේ සත්තු පැටලුණා. දේශපාලනේ
ඕන්නෑ අපට....” හීන්
අයියා එහෙම කියන්නේ බීමතිනි. 30 වෙනි කොටසේදීය.
එදා නම් මට යක්ෂයා ආරූඪ වුණේය. කවුරුනුත් එකතුව මරු වැල් ඇද්ද බව ඇත්ත නම්, අපේ සත්තු ඒකෙ පැටලුණු බවත් ඇත්ත නම්, දේශපාලනය එපා ඇයි?
අප ඒ මරු වැල්වල පැටලී නැතිද? ඒ මරු වැල් ඇද්දෝ කවරහුද?
මහින්ද රාජපක්ෂ මහත්තයාත්, රනිල් වික්‍රමසිංහ මහත්තයාත් දෙන්නාම සිරි ලංකාවේ හිටපු අගමැතිවරුන්ය; විපක්ෂ නායකයන්ය. ප්‍රධාන පක්ෂ දෙකක නායකයන්ය.

එක්කෙනක් දිගු කාලයක් රටේ ජනාධිපති තනතුරත් දරා ආපහු අගමැති වුණු
කෙනෙකි. මේ දෙන්නගෙම දේශපාලන ජීවිත කාලය අවුරුදු 50ට වැඩිය.
තවමත් එයාලා රට හදන්නට
තමන් වෙත බලය දෙන්නැයි ඉල්ලති. බලයට පත්වී හිටි කාලයේ එයාලට වුණත් රට හදන්නට බැරි
වුණේ මේ අදිසි ‘මරු වැල්’වල පැටලුණු නිසාවත්ද?
“ආණ්ඩු පක්ෂයේ අය වශයෙන් අපි හොඳට කනවා. ඉස්මුරුත්තාවට යන්න තරමටම අපිට කන්න ලැබෙනවා. අපි තරමටම නූනත් විරුද්ධ පක්ෂයේ අයටත් හොඳට කන්න දෙනවා. ඊට අතිරේකව විරුද්ධ පක්ෂයේ තෝරා ගත් තවත් පිරිසකට විරුද්ධ පක්ෂයට කන්න දෙන ප්‍රමාණයට වඩා කන්න දෙනවා.”යයි කියමින් ඔහු එම කතාව අවසන් කළේ “ඒ නිසා රජෝ මේ ආණ්ඩුව වෙනස් කිරීම ලේසි දෙයක් නොවේ” යැයි කියමිනි.”
හා, හා. නිදි දේශද්‍රෝහියෙකු ලෙස හංවඩු ගහන්නට ඉක්මන් නොවෙනු මැනවි! මේවා මගේ වචන නොවේ. මා කරන්නේ උපුටා දැක්වීමක් විතරය.

ක්රමයේ යථාර්ථය ඒකය; මාරුවෙන් මාරුවට කන එකය........ සාමයෙන්- සතුටින් අපට හොරා.... |
මේ කතන්දරය තිබුණේ මාර්තු පළමුවෙනිදා ‘රාවය’ පත්තරයේය.
‘ක්රමයේ යථාර්ථය’ මැයෙන් යුතුව එය ලියා තිබුණේ වික්ටර් අයිවන් මහතාය.
“... මේ කාලයේදීම මට සංස්කෘතික ඇමති වශයෙන් ක්‍රියා කළ විජමු ලොකු බණ්ඩාරගෙන් ඔවුන් ක්‍රමය පවත්වාගෙන යන ආකාරය ගැන ඔහු සමග කරන ලද සාකච්ඡාවකදී ඒ ගැන ඔහු මට අපූරු පාඩමක් කියා දුන්නේය.” කියමිනි ඔහු එය දක්වා තිබුණේ.

මට නම් වඩාත්ම වැදගත් වන්නේ ඊටත් පසුව ලිපියේ තිබුණු මේ
වැකියයි.
‘.... ඉන්පසු බලයට පත්
සියලු ආණ්ඩුද ක්‍රියාත්මක කළේ සමහර වෙනස්කම් ඇතිව විජමු ලොකු බණ්ඩාර ප්‍රකාශ කරන
ලද එම ප්‍රතිපත්තියට සමාන ප්රතිපත්තියකි...’
අද වනතුරුත් කිසිම බලවතෙක් ඒ ප්‍රකාශයට
එරෙහිවී නැත!
එක වැකියකින් මෙච්චර දේවල් අපේ මතක විජිතයේ මස්තකයට
ගෙනෙන්නට ‘තණමල්විල කොල්ලෙක්’ සමත් වෙයි..... එහෙත් මේ ලියන මමත් අරවින්ද
හබක්කල හිතවතා මෙන්ම විචාර කලාව නොදන්නා ගොබ්බ ප්රේක්ෂකයෙක්මි.
මමත් විචාර කලාව නොදන්නා ගොබ්බයෙක්මි. එහෙත් හිතට නැඟෙනදේ කියන්නෙක්මි. |
‘දුක මාකට් කිරීම කලාවක් ය. එහෙත්
තණමල්විල කොල්ලා ඉන් එහාට ගොස් අලි වැට පැන ඇත්තේය.
-හින්දි කොපියක් බලා, සුන්දර දෙබසක් අසා නිදන්නට ආසා අපිට ආයෙත් අපිව මතක් කර දෙන්නට තණමල්විල කොල්ලො සෙට් එක දී ඇති ගේම නම් පට්ටය. උන් ටික ඔහේ ජීවත් වෙද්දී කැමරාකරුවා කැමරාව අල්ලන් හිටියාදැයි සැකය.
-මෙය විචාරයක් නොවන බව නැවතත් කිව යුතුමය. මා ගොබ්බ ප්‍රේක්ෂකයෙකු ලෙස මෙතෙක් කතාව බලා සිතට ආව උජාරුව ඔබට කාන්දු කර ඔබේ කටට කෙල උනවන්නට ගත් අහිංසක උත්සාහයක් පමණම ය. රස කෑමක් ලැබුන විට බෙදාගෙන කෑම අපේ පුරුද්දක්.
-දිවට දැනුන රස කිසිදාක අකුරු කරන්නට බැරි බව දැනී කටට කෙල උනන්නේය. දිව නම් මාරය......
-ඕන යටි බඩක් බං... මේක ඉවරයක් නැති කතාවක්... ( බීප් )
අරවින්ද හබක්කල රසික හිතවතා මෙහෙම කියන්නේ පිටස්තරයෙකු විදිහට නොවේ. තණමල්විල කොල්ලෙක් වෙලාය.
මාත් එහෙමය. මටත් කියන්නට තියෙන කතාවේ ඉවරයක් නැත.
ඒත් තව කොටස් දහය-දොළහකින් මේ හිතාදර කොල්ලා අපෙන් සමුගනු ඇත. එහෙම වෙන්නේ මේ ටෙලිය ‘short & sweet’ එකක් නිසාය. බඩවැල වාගේ; ඉලාස්ටික් වාගේ නොඇදෙන tele drama එකක් නිසාය.

අවුල තියෙන්නේ කොතනද? |
මෙගාවල තියා කොටස් හැත්තෑව අසූවේ ටෙලිවල පවා රඟපා
නැති රොෂාන් රවීන්ද්‍ර මේකත් අඩු කොටස් ගණනකින්ම අවසාන කරන්නට සැරසී සිටින්නේල.
ඒත්; ලිපි තුනක්ම ලියලාත් දීප්ත ගැන වැඩිමනත් දෙයක් මගෙන් කියවිලා නැහැ, නැහැ වගෙය! මට අමතක වුණා නොවේ. ඉතිරි කරගෙන හිටියා පමණි....
ඒත්; ලිපි තුනක්ම ලියලාත් දීප්ත ගැන වැඩිමනත් දෙයක් මගෙන් කියවිලා නැහැ, නැහැ වගෙය! මට අමතක වුණා නොවේ. ඉතිරි කරගෙන හිටියා පමණි....
නිදි ලොකූ, ඔය posh foto පින්තුරේ ඉන්නේ ගීතා අලහාකෝන් නොවේ ශ්‍රීමාලි ෆොන්සේකා නැමති නිලිය/ රූ රජින.
ReplyDeleteබරපතල වැරද්දක් වෙලා තිබුණනේ, අසංග මහත්තයෝ. ගොඩක් පින් වැරැද්ද පෙන්වලා දුන්නාට. ඒක හරි ගැස්සුවා.
Deleteබැද්දේ කුලවමියද
ReplyDeleteතාරා සහෝදරයා තුලද
මා දුටු රොෂාන්
නළුවෙක් ලෙස ඉහලින් සමත්
තණමල්විල කොල්ලෙක් හි
අධ්‍යක්ෂණය නම් .........
කියන්න වදන් නැහැ නේද?
Deleteපුදුමයි ඔයාගේ අතින් වීරයා ගෙදර ඇවිත් - සහෝදරයා එහෙම අමතක වීම.
බඩවැල වගේ ඇදෙන්නෙ නැති එකනන් හොදයි. අර හැමදාම දකින කුකුළගෙ කරමල සුදුයි වගේ මේකත් අපිට එහෙම වෙන්න බැරි කමක් නෑ... ඒත් දක්ෂ රංගනය අධ්‍යක්ෂණය එක්ක එහෙම නොවෙන්නත් බැරි කමක් නෑ...
ReplyDeleteලංකාවේ විදිහට එකම ටීම් එකක් එක්ක දිග කාලයක් වැඩක් කරනවා කියන එක හරි අමාරු දෙයක්. අනෙක අපේ බජට් එක්ක.... මිතිල, තණමල්විල කොල්ලා වෙනුවෙන් නැඟුණු රැල්ලත් ඉක්මනටම; දැනටම බහිනවාද කියලත් මට සැකයි.
Deleteකම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් කතාවක්.. රඟපෑම් සහ අධ්‍යක්ෂණය එකෙන්ම හොඳයි.. තිර රචනේයේ සහ එඩිටින් (සංස්කරණයේ?) පොඩි පොඩි අවුල් ටිකක් තියෙනවා.. (කතාව උනන්දුවෙන් බලන නිසාම වොරි වෙන)
ReplyDeleteනිමල් අයියා ගිරිදේවී ත් බලන්න.. අනිවා ඒක ගැනත් සිරිස් එකක් ලියයි :))
කමි, ඔයාගේ නිර්දේශය නිසා ගිරිදේවිත් බලන්න උත්සාහයක් ගන්නම්. ල්යවෙන්නේ නම් මගේ ජීවිතයටත් අදාළ දේවල්- කියන්න දේවල් තිබුනොතින් විතරයි.
Deleteඔයාලා වගේ වැඩිය නොලියන(ලියන්න කම්මැලි) අයයි හොඳ වැඩ ගැන ලියන්න ඕනි.
යකෝ නිදිත් ලිව්වා කියන්නේ මේක බලන්නම වෙනවා. ඉස්සෙල්ලම කිව්වේ අරූ , ඊට පස්සේ තහව දෙතුන් දෙනෙක්ම කිව්වා , දැන් බ්ලොග් පොස්ට් එකකුත් ඇවිත්
ReplyDeleteබ්ලොග් පොස්ට් එක නොකියෙව්වා වුනත් ටෙලිය බලන්න. නියමයි, අජ්ත් මහත්තයෝ!
Deleteමාව උඩින්ම තිබ්බට ස්තුතියි!
බලනවා මචෝ නමයක් බැලුව දැනට
Delete1/4 ක් බලලා ඉවරයි.... තව ටිකයිනෙ, අජිත්.
Delete